යෙදුමෙන් කියවන්න

කල්‍යාණසීල සුත‍්තං

3. 5. 8.

3. 5. 8.

[කල්‍යාණසීල සුත‍්තං]

[කල්‍යාණශිල සූත්‍රය]

97. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

97. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. කල්‍යාණසීලො භික‍්ඛවෙ භික‍්ඛු කල්‍යාණධම‍්මො කල්‍යාණපඤ‍්ඤො ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලී වුසිතවා උත‍්තමපුරිසො’ති වුච‍්චති.

1. මහණෙනි, සොඳුරු (පිරිපුන්) සිල් ඇත්තාවූ, කල්‍යාණ (බෝධිපාක්‍ෂික) ධර්‍ම ඇත්තාවූ, කල්‍යාණ (මාර්‍ගඵලාදි) ප්‍රඥා ඇත්තාවූ මහණ තෙම මේ ශාසනයෙහි සියලු ගුණයෙන් යුත් (රහත් වූ) වැස නිමවූ බඹසර ඇති (අසේඛධර්‍මයෙන් යුත්) උත්තම පුරුෂයා යි කියනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු කල්‍යාණසීලො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු කල්‍යාණසීලො හොති. ඉති කල්‍යාණසීලො.

මහණෙනි, කෙසේ නම් මහණ තෙම කලණ සිල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්තව වෙසේ ද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව අනුප්‍රමාණ (ඉතා සුළු) වූ ද වරදෙහි භය දක්නා සුලු වූයේ, ශික්‍ෂාපදයන්හි මනා කොට සමාදන්ව හික්මෙන්නේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කලණ (පිරිපුන්) සිල් ඇත්තේ වේ. මෙ පරිද්දෙන් කලණ සිල් ඇත්තේ වෙයි.

“කල්‍යාණධම‍්මො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සත‍්තන‍්නං බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තො විහරති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු කල්‍යාණධම‍්මො හොති. ඉති කල්‍යාණසීලො කල්‍යාණධම‍්මො.

මහණෙනි, කලණ දහම් ඇති මහණ තෙමේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ කොටස් වශයෙන් සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදුනෙක්ව වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණ ධර්‍ම ඇත්තේ වේ. මෙපරිද්දෙන් කලණ සිල් ඇත්තේ කලණ දහම් ඇත්තේ ද වේ.

කල්‍යාණපඤ‍්ඤො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු කල්‍යාණපඤ‍්ඤො හොති. ඉති කල්‍යාණසීලො කල්‍යාණධම‍්මො කල්‍යාණපඤ‍්ඤො ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලී වුසිතවා උත‍්තමපුරිසො’ති වුච‍්චතීති.

මහණෙනි, කල්‍යාණප්‍රඥා ඇත්තේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණප්‍රඥා ඇත්තේ වේ. මෙපරිද්දෙන් කල්‍යාණශීලය ඇත්තේ, කල්‍යාණධර්‍ම ඇත්තේ, කල්‍යාණප්‍රඥා ඇත්තේ මේ ශාසනයෙහි වැස නිම වූ බඹසර ඇති, රහත් වූ උත්තම පුරුෂයා යැ යි කියනු ලැබේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යස‍්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක‍්කටං, තං වෙ කල්‍යාණසීලො’ති ආහු භික‍්ඛුං හිරීමනං.

2. “යම් මහණකුට කයින් හෝ වචසින් හෝ මනසින් වන දුශ්චරිතයෙක් (අකුශලයෙක්) නැත්තේ ද, හිරිසම්පන්න (පවෙහි ලජ්ජා ඇති) ඒ මහණ ඒකාන්තයෙන් කලණ සිල් ඇත්තේ ය යි කියත්.

3. යස‍්ස ධම‍්මා සුභාවිතා සත‍්ත සම‍්බොධගාමිනො, තං වෙ කල්‍යාණධම‍්මො’ති ආහු භික‍්ඛුං අනුස‍්සදං.

3. යම් මහණෙකු විසින් ආර්‍ය්‍යමාර්‍ගඥානයට පමුණුවන සත් (බෝපැකි) දහම්හු වඩන ලද්දාහු ද, රාගාදි උස්සද රහිත වූ ඒ මහණ කල්‍යාණධර්‍ම ඇත්තෙකැ යි කියත්.

4. යො දුක‍්ඛස‍්ස පජානාති ඉධෙව ඛයමත‍්තනො, තං වෙ කල්‍යාණපඤ‍්ඤො’ති, ආහු භික‍්ඛුං අනාසවං.

4. යම් මහණෙක් මේ අත්බව්හි ම තමාගේ දුඃඛක්‍ෂයය මැනැවින් දනී ද, ආස්‍රවරහිත වූ ඒ මහණ කල්‍යාණප්‍රඥා ඇත්තෙකැ යි කියත්.

5. තෙහි ධම‍්මෙහි සම‍්පන‍්නං අනීඝං ඡින‍්නසංසයං, අසිතං සබ‍්බලොකස‍්ස ආහු සබ‍්බපහායිනන‍්ති”.

5. ඒ (ශීල සමාධි ප්‍රඥා) ධර්‍මයන්ගෙන් යුක්ත වූ, දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, තෘෂ්ණාදෘෂ්ටීන් ඇසුරු නොකළාවූ (ඔහු) සියලු සත්ත්‍වලෝකයෙහි සියල්ල පහ කළාවූ පුද්ගලයා යැ යි කියත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.