දානසුත්තං
3. 5. 9.
3. 5. 9.
[දානසුත්තං]
[දාන සූත්‍රය]
98. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
98. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. ද්වෙමානි භික්ඛවෙ දානානි ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානං. ද්වෙමෙ භික්ඛවෙ සංවිභාගා ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං ධම්මසංවිභාගො. ද්වෙමෙ භික්ඛවෙ අනුග්ගහා ආමිසානුග්ගහො ච ධම්මානුග්ගහො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං අනුග්ගහානං යදිදං ධම්මානුග්ගහොති.
1. මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම් මෙය අග්‍ර ය. මහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයැ යි මේ සංවිභාගයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය. මහණෙනි, ආමිස අනුග්‍රහය ධර්‍මානුග්‍රයැ යි මේ අනුග්‍රහ දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් ධර්මානුග්රහය යන යමෙක් වේ නම් මෙය අග්‍රය.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමාහු දානං පරමං අනුත්තරං යං සංවිභාගං භගවා අවණ්ණයි, අග්ගම්හි ඛෙත්තම්හි පසන්නචිත්තො විඤ්ඤූ පජානං කො න යජෙථ කාලෙ.
2. “භගවත්හු උතුම් වූ නිරුත්තර වූ යම් දානයක් වදාළ ද, (උතුම්) යම් දානසංවිභාගයක් වැණුහු ද, අග්‍ර වූ පින්කෙතෙහි පහන් සිත් ඇති, මැනැවින් අනුසස් දන්නා, කවර නම් නුවණැත්තෙක් සුදුසු කල්හි ඒ දන් නො දෙන්නේ ද,
3. යෙ චෙව භාසන්ති සුණන්ති චූභයං පසන්නචිත්තා සුගතස්ස සාසනෙ, තෙසං සො අත්ථො පරමො විසුජ්ඣති යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ”ති.
3. බුදුරදුන්ගේ ශාසනයෙහි පහන් සිත් ඇති යම් (දේශක) කෙනෙක් කියද්ද, යම් (ප්‍රතිග්‍රාහක) කෙනෙකුත් අසද්ද, ඒ දෙ පක්ෂය පිළිබඳ ධර්‍මදානාදි පරමාර්ත්ථය (ක්ලේශමල විශෝධනයෙන්) පිරිසිදු වෙයි. යම් කෙනෙක් බුද්ධානුශාසනයෙහි අප්‍රමත්ත වෙත් නම් (ඔවුන්ගේ) පරමාර්ත්ථය (අර්හත්ත්වඵලවිශුද්ධියෙන්) අතිශයින් පිරිසිදු වේ.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.