තෙවිජ්ජසුත්තං
3. 5. 10.
3. 5. 10.
[තෙවිජ්ජසුත්තං]
[ත්‍රෛවිද්‍යා සූත්‍රය]
99. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
99. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. ධම්මෙනාහං භික්ඛවෙ තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි නාඤ්ඤං ලපිතලාපනමත්තෙන.
1. මහණෙනි, මම් (සම්‍යක්ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) කාරණයෙන් ත්‍රිවිද්‍යා ඇතියහු බ්‍රාහ්මණයා කොට පණවමි. (අට්ටකාදි ඍෂීන්) කී දෑ කියන පමණින් ත්රෛවිද්යායාගෙන් අන්‍ය වු එකකු බ්‍රාහ්මණ කොට නො පණවමි.
“කථඤ්ච භික්ඛවෙ ධම්මෙන තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි නාඤ්ඤං ලපිතලාපනමත්තෙන?
මහණෙනි, කෙසේ නම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවම් ද, ලපිතලාපන මාත්‍රයෙන් නො පණවම් ද?
ඉධ භික්ඛවෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාළීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
මහණෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් නන්වැදෑරුම් වූ පෙරැ විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යි. එක් ජාතියක් ද, දෙ ජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සතළිස් ජාතියක් ද, පනස් ජාතියක් ද, සියක් ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් නැසෙන කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද, අසෝ තැනැ වීමි. එහි මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු ආයු සීමාවක් ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි යි මෙසේ ආකාර සහිත ව, උදෙසීම් සහිතව, නන් වැදෑරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමු වන විද්‍යාව ලද්දේ ය. ඔහුගේ පූර්වේනිවාසය වසා ලන මෝහය නැසුනේ ය., (පූර්වේනිවාසය දැන ගන්නා) විද්‍යාව පහළ විය. මොහඳුර නැසින. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව කායජීවිතයෙහි අපේක්ෂා රහිත ව, වසන්නකුට යම්සේ ද එසේ ය.
පුන චපරං භික්ඛවෙ භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා, වචීදුච්චරිතෙන සමන්නාගතා, මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
මහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ පිරිසුදුවූ මිනිසැස ඉක්මැ පැවැත්තාවූ දිවැසින් චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, (ජාතිගෝත්‍රාදියෙන්) හීන වූ ද (ජාතිගෝත්‍රාදියෙන්) ප්‍රණීත වූ ද, මන වඩන රූසපුව ඇත්තාවූ ද, විරූපවර්ණ ඇත්තාවූ ද, යහපත් ගති ඇත්තාවූ ද, නපුරුගති ඇත්තාවූ ද, සත්ත්වයන් දකී කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියාවූ සත්ත්වයන් දනියි: පින්වත් මේ සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු, මිථ්යාදෘෂ්ටිකර්ම සමාදන් කොට ගත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශ ව පතිත වන නිරයට පැමිණියාහ. මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් සමන්විත වූවාහු, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු, මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්මසමාදානය ඇත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහු යි. මෙසේ මිනිසැස ඉක්ම පැවැත්තාවූ පිරිසිදු වූ දිවැසින්, චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, හීනවූ ද, ප්‍රණීත වූ ද යහපත් වර්ණ ඇත්තාවූ ද, දුර්‍වණවූ ද යහපත් ගති ඇත්තාවූ ද නපුරු ගති ඇත්තාවූ ද සත්ත්වයන් දකියි. කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියා වූ සත්ත්වයන් දනියි. ඔහු විසින් මේ දෙවෙනි (දිබ්බචක්ඛු) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (ච්යුතිප්රතිසන්ධිප්රතිච්ඡාදක) අවිද්‍යාව නැසිණ. විද්‍යාව උපන. මොහඳුර නසන ලදී. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත වූ, වීර්‍ය්‍යයෙන් යුත්, කාය ජීවිත දෙක්හි නිරපේක්ෂ වැ වසන්නකුට යම්සේ ද, එමෙනි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයමස්ස තතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
මහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ, ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බැව්හිදී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂ කොට, එයට පැමිණ වෙසෙයි. ඔහු විසින් මේ තෙවෙනි (අර්හත්ත්වමාර්ග) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (චතුස්සත්‍යප්‍රතිච්ඡාදක) අවිද්‍යාව නැසින. මොහඳුර නසන ලදී. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත ව වීර්‍ය්‍යයෙන් යුත් හරණ ලද ආත්ම ස්නේහය ඇති ව වසන්නහුට යම්සේ ද එමෙනි.
එවං ඛො අහං භික්ඛවෙ ධම්මෙන තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි නාඤ්ඤං ලපිතලාපනමත්තෙනා’ති.
මහණෙනි, මෙසේ වනාහි මම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවමි. පෙර සිටි ඍෂීන් කියන ලද්ද කී පමණින් ත්රෛවිද්යාකයාගෙන් අන්‍ය වූ එකකු බමුණකු කොට නො පණවමි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුබ්බෙනිවාසං යො වෙදි සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
2. “යම් ක්‍ෂීණාස්‍රවයෙක් තෙම පෙර වුසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්ගය හා අපාය (දිවැසින්) දකී ද, යලි විශිෂ්ට ඥානයෙන් දැන (සිවුමගින්) කටයුතු නිම කළේ ද, අර්හත්ත්වඵලයට පැමිණියේ ද,
3. එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො, තමහං වදාමි තෙවිජ්ජං නාඤ්ඤං ලපිතලාපනන්ති.”
3. මේ ත්‍රිවිද්‍යාව කරණ කොට ගෙණ බ්‍රාහ්මණ තෙම ත්‍රෛවිද්‍යාක වේ. මම් ඔහු ත්‍රිවිද්‍යාවෙන් යුක්ත යැ යි කියමි. පෙරැ සිටියන් විසින් කියන ලද වචන කීම් මාත්‍රයෙන් ත්රෛවිද්යාකයාගෙන් අන්‍ය වූ එකකු (බ්‍රාහ්මණ කොට) නො කියමි.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
පඤ්චමො වග්ගො.
පස්වැනි වර්ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
පසාදජීවිතසඞ්ඝාටි අග්ගි උපපරික්ඛයා උපපත්ති කාම කල්‍යාණං, දානං ධම්මෙන තෙ දසා’ති.
පසාද, ජීවිත, සංඝාටි, අග්ගි, උපපරික්ඛා, උප්පත්ති, කාම, කල්‍යාණ, දාන, ධම්ම, (ආදි තෙවිජ්ජ) සූත්‍රය යි ඔහු දස දෙනෙකි.
තිකනිපාතො නිට්ඨිතො.
තික නිපාතය නිමි.