යෙදුමෙන් කියවන්න

10. තෙවිජ‍්ජසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. තෙවිජ‍්ජසුත‍්තවණ‍්ණනා

10. ත්‍රෛවිද්‍යා සූත්‍ර වර්ණනාව

දසමෙ ධම‍්මෙනාති ඤායෙන, සම‍්මාපටිපත‍්තිසඞ‍්ඛාතෙන හෙතුනා කාරණෙන. යාය හි පටිපදාය තෙවිජ‍්ජො හොති, සා පටිපදා ඉධ ධම‍්මොති වෙදිතබ‍්බා. කා පන සා පටිපදාති? චරණසම‍්පදා ච විජ‍්ජාසම‍්පදා ච. තෙවිජ‍්ජන‍්ති පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාදීහි තීහි විජ‍්ජාහි සමන‍්නාගතං. බ්‍රාහ‍්මණන‍්ති බාහිතපාපබ්‍රාහ‍්මණං. පඤ‍්ඤාපෙමීති “බ්‍රාහ‍්මණො”ති ජානාපෙමි පතිට‍්ඨපෙමි. නාඤ‍්ඤං ලපිතලාපනමත‍්තෙනාති අඤ‍්ඤං ජාතිමත‍්තබ්‍රාහ‍්මණං අට‍්ඨකාදීහි ලපිතමත‍්තවිප‍්පලපනමත‍්තෙන බ්‍රාහ‍්මණං න පඤ‍්ඤාපෙමීති. අථ වා ලපිතලාපනමත‍්තෙනාති මන‍්තානං අජ‍්ඣෙනඅජ‍්ඣාපනමත‍්තෙන. උභයථාපි යං පන බ්‍රාහ‍්මණා සාමවෙදාදිවෙදත‍්තයඅජ‍්ඣෙනෙන තෙවිජ‍්ජං බ්‍රාහ‍්මණං වදන‍්ති, තං පටික‍්ඛිපති. භගවතා හි “පරමත්‍ථතො අතෙවිජ‍්ජං බ්‍රාහ‍්මණංයෙව චෙතෙ භොවාදිනො අවිජ‍්ජානිවුතා ‘තෙවිජ‍්ජො බ්‍රාහ‍්මණො’ති වදන‍්ති, එවං පන තෙවිජ‍්ජො බ්‍රාහ‍්මණො හොතී”ති දස‍්සනත්‍ථං තථා බුජ‍්ඣනකානං පුග‍්ගලානං අජ‍්ඣාසයෙන අයං දෙසනා ආරද‍්ධා.

දසවන සූත්‍රයෙහි ධම්මෙන යනු න්‍යායයෙන්, යහපත් ප්‍රතිපත්ති නම් වූ හේතුවෙන්, කාරණයෙන්. යම් ප්‍රතිපදාවකින් ත්‍රිවිද්‍යාලාභියෙක් වේද ඒ ප්‍රතිපදාව මෙහි ධර්මයයි දතයුතුය. ඒ ප්‍රතිපදාව කුමක්ද? චරණ සම්පදාව ද විද්‍යා සම්පදාව ද වෙයි. තෙ විජ්ජං යනු පුබේනිවාසානුස්සති ඤාණය ආදී විද්‍යා තුනෙන් යුක්ත වූ. බ්‍රාහ්මණං යනු බහා තබන ලද පව් ඇති බමුණා. පඤ්ඤාපෙමි යනු බමුණෙකැයි දන්වමි. පිහිටුවමි. නාඤ්ඤං ලපිතලාපනමත්තෙන යනු බමුණු කුලයක උපන් පමණින් බමුණෙකු කොට, අට්ඨක ආදී ඍෂිවරුන් විසින් කියන ලද දෑ කියන පමණින් (තෙ විජ්ජ බමුණකුගෙන්) අනිකකු බමුණකු කොට නො පණවමි. නැතහොත් ‘ලපිතලාපනමත්තෙන’ යනු ඉගෙනීම්-ඉගැන්වීම් පමණකින් බමුණෙකු කොට නොපණවමි. දෙයාකාරයෙන්ම බමුණෝ සාමවේදය ආදී වේද තුන ඉගෙනීමෙන් යම් ත්‍රිවිද්‍යා බමුණකු කියත් ද එය ප්‍රතික්‍ෂේප කරති. පරමාර්ථ වශයෙන් භො භො යනුවෙන් කථාකරන අවිද්‍යාවෙන් වසන ලද ඔවුහු ත්‍රිවිද්‍යා නොවූ බමුණෙකුට ත්‍රිවිද්‍යාලාභී බමුණෙක් යයි කියති. ත්‍රිවිද්‍යාලාභී බමුණා මෙසේ වෙයි යනුවෙන් දැක්වීම පිණිස අවබෝධ කරගන්නා වූ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දේශනාව ආරම්භ කරන ලදී.

තත්‍ථ යස‍්මා විජ‍්ජාසම‍්පන‍්නො චරණසම‍්පන‍්නොයෙව හොති චරණසම‍්පදාය විනා විජ‍්ජාසම‍්පත‍්තියා අභාවතො, තස‍්මා චරණසම‍්පදං අන‍්තොගධං කත්‍වා විජ‍්ජාසීසෙනෙව බ්‍රාහ‍්මණං පඤ‍්ඤාපෙතුකාමො “ධම‍්මෙනාහං, භික‍්ඛවෙ, තෙවිජ‍්ජං බ්‍රාහ‍්මණං පඤ‍්ඤාපෙමී”ති දෙසනං සමුට‍්ඨාපෙත්‍වා “කථඤ‍්චාහං, භික‍්ඛවෙ, ධම‍්මෙන තෙවිජ‍්ජං බ්‍රාහ‍්මණං පඤ‍්ඤාපෙමී”ති කථෙතුකම්‍යතාය පුච‍්ඡං කත්‍වා පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය විජ‍්ජත‍්තයං විභජන‍්තො “ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛූ”තිආදිමාහ.

එහි යම්හෙයකින් චරණ සම්පදාවෙන් තොරව විද්‍යා සම්පත්තියක් නැති හෙයින් විද්‍යා සම්පන්නයාම චරණ සම්පන්නයා වේද එහෙයින් චරණ සම්පදාව ඇතුළත් කොට විද්‍යාව මුල්කොට (විද්‍යා ශීර්ෂයෙන්) ම බමුණකු පණවනු කැමැත්තාහු ‘ධම්මෙනාහං භික්‍ඛවෙ තෙවිජ්ජං බ්‍රාහ්මණං පඤ්ඤාපෙමි’ ‘මහණෙනි, මම ධර්මයෙන්ම ත්‍රිවිද්‍යාලාභී බමුණකු පණවමියි දේශනාව මතුකොට ‘කථඤ්චාහං භික්‍ඛවෙ ධම්මෙන තෙවිජ්ජං බ්‍රාහ්මණං පඤ්ඤාපෙමි’ ‘මහණෙනි, මම ධර්මයෙන් ත්‍රිවිද්‍යාලාභී බමුණකු කෙසේ පණවමිදැයි කියනු කැමැත්තෙන් විමසීමකොට පුද්ගලයා මත පිහිටි (පුග්ගලාධිපට්ඨාන) දේශනාවෙන් විද්‍යා තුන බෙදමින් ‘ඉධ භික්‍ඛවෙ භික්‍ඛු’ ‘මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව යනාදිය වදාළහ.

තත්‍ථ අනෙකවිහිතන‍්ති අනෙකවිධං, අනෙකෙහි වා පකාරෙහි පවත‍්තිතං, සංවණ‍්ණිතන‍්ති අත්‍ථො. පුබ‍්බෙනිවාසන‍්ති සමනන‍්තරාතීතභවං ආදිං කත්‍වා තත්‍ථ තත්‍ථ නිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තානං. නිවුත්‍ථන‍්ති අජ‍්ඣාවුත්‍ථං අනුභූතං, අත‍්තනො සන‍්තානෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධං, නිවුත්‍ථධම‍්මං වා නිවුත්‍ථං, ගොචරනිවාසෙන නිවුත්‍ථං, අත‍්තනො විඤ‍්ඤාණෙන විඤ‍්ඤාතං පරවිඤ‍්ඤාණවිඤ‍්ඤාතම‍්පි වා ඡින‍්නවටුමකානුස‍්සරණාදීසු. අනුස‍්සරතීති “එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො”ති එවං ජාතිපටිපාටිවසෙන අනුගන‍්ත්‍වා සරති, අනුදෙව වා සරති, චිත‍්තෙ අභිනින‍්නාමිතෙ පරිකම‍්මසමනන‍්තරං සරති.

එහි අනෙකවිහිතං යනු අනේකවිධ, නොයෙක් ආකාරයෙන් පැවති, වර්ණනා කරන ලද යන අර්ථයි. පුබ්බෙනිවාසං යනු මේ ජීවිතයට පෙර (සමනන්තර) අතීත භවය මුල්කොට ඒ ඒ තන්හි වසන ලද ස්කන්ධ පරම්පරාව, ‘නිවුත්‍ථං’ යනු වාසය කරන ලද, විඳින ලද, තමාගේ සිතෙහි ඉපිද නිරුද්ධ වූ හෝ විසූධර්මය. වාසය කරන ලද, ගෝචර නිවාසයෙන් වාසය කරන ලද, තමාගේ විඤ්ඤාණයෙන් දැනගන්නා ලද හෝ අනුන්ගේ විඤ්ඤාණයෙන් දැනගන්නා ලද සිඳුණ මග සිහිකිරීම් ආදියේය. අනුස්සරති යනු ‘එක් ජාතියක් ද ජාති දෙකක් දැයි මෙසේ ජාති පිළිවෙළින් අනුව ගොස් සිහිකරයි. නැතහොත් එක්ව සිහිකරයි. සිත යොමුකළ කල්හි පරිකර්මයට අනතුරුවම සිහිකරයි.

සෙය්‍යථිදන‍්ති ආරද‍්ධප‍්පකාරදස‍්සනත්‍ථෙ නිපාතො. තෙනෙව ය‍්වායං පුබ‍්බෙනිවාසො ආරද‍්ධො හොති, තස‍්ස පකාරං දස‍්සෙන‍්තො “එකම‍්පි ජාති”න‍්තිආදිමාහ. තත්‍ථ එකම‍්පි ජාතින‍්ති එකම‍්පි පටිසන්‍ධිමූලකං චුතිපරියොසානං එකභවපරියාපන‍්නං ඛන්‍ධසන‍්තානං. එස නයො ද‍්වෙපි ජාතියොතිආදීසු. අනෙකෙපි සංවට‍්ටකප‍්පෙතිආදීසු පන පරිහායමානො කප‍්පො සංවට‍්ටකප‍්පො, වඩ‍්ඪමානො විවට‍්ටකප‍්පො. තත්‍ථ සංවට‍්ටෙන සංවට‍්ටට‍්ඨායී ගහිතො හොති තම‍්මූලකත‍්තා, විවට‍්ටෙන ච විවට‍්ටට‍්ඨායී. එවඤ‍්හි සති යානි තානි “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, කප‍්පස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යානි. කතමානි චත‍්තාරි? සංවට‍්ටො, සංවට‍්ටට‍්ඨායී, විවට‍්ටො, විවට‍්ටට‍්ඨායී”ති (අ· නි· 4.156) වුත‍්තානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි, තානි පරිග‍්ගහිතානි හොන‍්ති.

සෙය්‍යථිදං යනු ආරම්භ ආකාරය දක්වන නිපාතයයි. එයින්ම යම් මේ පූර්වේනිවාසයක් අරඹන ලද්දේ වේද ඒ පූර්වනිවාසයේ ආකාරය දක්වමින් ‘එකම්පි ජාතිං’ යනාදිය වදාළහ. එහි එකම්පි ජාති එක් ප්‍රතිසන්ධියක් මුල්කොට ඇති චුතිය අවසාන කොට ඇති එක් භවයකට ඇතුළත් වූ ස්කන්ධ පරම්පරාවයි. ‘ද්වෙපි ජාතියො’ යනාදියෙහි ද මේ ක්‍රමයමයි. අනෙකෙපි සංවට්ටකප්පෙ යනාදියෙහි පිරිහෙන කල්පය සංවට්ට කල්පයයි. වැඩෙන කල්පය විවට්ට කල්පයයි. එහි සංවට්ට කල්පයෙන් පිරිහී පවතින (සංවට්ටට්ඨායී) කල්පය ද එය (සංවට්ටය) මුල්කොට ඇති බැවින් ගන්නා ලද්දේ වෙයි. විවට්ට කල්පයෙන් වැඩී ඇති (විවට්ටට්ඨායි) කල්පය ද ගැනේ. මෙසේ ඇති කල්හි ‘චත්තාරිමානි භික්‍ඛවෙ කප්පස්ස අසංඛෙය්‍යා කතමානි චත්තාරි? සංවට්ටො, සංවට්ටට්ඨායී, විවට්ටො, විවට්ටට්ඨායී’ ‘මහණෙනි, කල්පයක් සම්බන්ධ අසංඛ්‍ය සතරක් ඇත. කුමන සතරක්ද? ‘සංවට්ට, සංවට්ටට්ඨායී, විවට්ට, විවට්ටට්ඨායී’ යනුවෙන් කියන ලද යම් ඒ අසංඛ්‍ය සතරක් වේද ඒවා ගන්නා ලද්දේ වෙයි.

තත්‍ථ තයො සංවට‍්ටා – තෙජොසංවට‍්ටො, ආපොසංවට‍්ටො, වායොසංවට‍්ටොති. තිස‍්සො සංවට‍්ටසීමා – ආභස‍්සරා, සුභකිණ‍්හා, වෙහප‍්ඵලාති. යදා කප‍්පො තෙජෙන සංවට‍්ටති, ආභස‍්සරතො හෙට‍්ඨා අග‍්ගිනා ඩය‍්හති. යදා උදකෙන සංවට‍්ටති, සුභකිණ‍්හතො හෙට‍්ඨා උදකෙන විලීයති. යදා වාතෙන සංවට‍්ටති, වෙහප‍්ඵලතො හෙට‍්ඨා වාතෙන විද‍්ධංසියති. විත්‍ථාරතො පන කොටිසතසහස‍්සචක‍්කවාළං එකතො විනස‍්සති. ඉති එවරූපො අයං පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තො භික‍්ඛු අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ අනුස‍්සරති. කථං? අමුත්‍රාසින‍්තිආදිනා නයෙන.

එහි තේජෝ සංවට්ට, ආපෝ සංවට්ට, වායෝ සංවට්ට යයි සංවට්ට තුනකි. ආභස්සර, සුභකිණ්ණ, වේහප්ඵල යනුවෙන් සංවට්ට සීමා තුනකි. කල්පය තේජසින් (ගින්නෙන්) විනාශවන කල්හි ආභස්සරයෙන් පහළ ගින්නෙන් දැවේ. ජලයෙන් විනාශවන කල්හි සුභකිණ්හයෙන් පහළ ජලයෙන් විනාශ වෙයි. වාතයෙන් විනාශවන කල්හි වේහප්ඵලයෙන් යට වාතයෙන් විනාශ වෙයි. විස්තර වශයෙන් වනාහි කෝටි ලක්‍ෂයක් සක්වල එක්ව විනාශ වෙයි. මෙසේ පුබ්බේනිවාසය (පෙර විසීම) සිහිකරන්නා වූ මෙබඳු වූ මේ භික්‍ෂුව නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ටවිවට්ට කල්ප සිහිකරයි. කෙසේද? ‘අමුත්‍රාසිං’ යනාදී ක්‍රමයෙනි.

තත්‍ථ අමුත්‍රාසින‍්ති අමුම‍්හි සංවට‍්ටකප‍්පෙ අමුම‍්හි භවෙ වා යොනියා වා ගතියා වා විඤ‍්ඤාණට‍්ඨිතියා වා සත‍්තාවාසෙ වා සත‍්තනිකායෙ වා අහමහොසිං. එවංනාමොති තිස‍්සො වා ඵුස‍්සො වා. එවංගොත‍්තොති ගොතමො වා කස‍්සපො වා. එවංවණ‍්ණොති ඔදාතො වා සාමො වා. එවමාහාරොති සාලිමංසොදනාහාරො වා පවත‍්තඵලභොජනො වා. එවංසුඛදුක‍්ඛප‍්පටිසංවෙදීති අනෙකප‍්පකාරානං කායිකචෙතසිකානං සාමිසනිරාමිසාදිප‍්පභෙදානං වා සුඛදුක‍්ඛානං පටිසංවෙදී. එවමායුපරියන‍්තොති එවං වස‍්සසතපරිමාණායුපරියන‍්තො වා චතුරාසීතිකප‍්පසතසහස‍්සපරිමාණායුපරියන‍්තො වා. සො තතො චුතො අමුත්‍ර උදපාදින‍්ති සොහං තතො භවතො යොනිතො ගතිතො විඤ‍්ඤාණට‍්ඨිතිතො සත‍්තාවාසතො සත‍්තනිකායතො වා චුතො පුන අමුකස‍්මිං නාම භවෙ යොනියා ගතියා විඤ‍්ඤාණට‍්ඨිතියා සත‍්තාවාසෙ සත‍්තනිකායෙ වා උදපාදිං. තත්‍රාපාසින‍්ති අථ තත්‍රපි භවෙ යොනියා ගතියා විඤ‍්ඤාණට‍්ඨිතියා සත‍්තාවාසෙ සත‍්තනිකායෙ වා පුන අහොසිං. එවංනාමොතිආදි වුත‍්තනයමෙව.

එහි අමුත්‍රාසිං යනු අසවල් සංවට්ට කල්පයෙහි අසවල් භවයෙහි හෝ යෝනියෙහි හෝ ගතියෙහි හෝ විඤ්ඤාණට්ඨිතියෙහි හෝ සත්තාවාසයෙහි හෝ සත්තනිකායෙහි හෝ මම වූයෙමි. එවන්නමො යනු තිස්ස (යන නම) හෝ පුස්ස (යන නම) හෝ. එවං ගොත්තො යනු ගෝතම හෝ කස්සප හෝ එවං වණ්ණො යනු සුදු හෝ කළු. එවමාහාරො යනු ඇල්හාලේ බත් මස් හෝ වැටුණු ඵල භෝජනය හෝ. එවං සුඛදුක්‍ඛ පටිසංවේදී යනු නොයෙක් ආකාර කායික චෛතසික හෝ සාමිස නිරාමිස ආදී ප්‍රභේද ඇති සැපදුක් විඳින්නා වූ. එවමායුපරියන්නො යනු වසර සියයක් පමණ ආයු කෙළවර හෝ කල්ප අසූහාර ලක්‍ෂයක් පමණ ආයු කෙළවර. සො තතො චුතො අමුත්‍ර උදපාදිං යනු ඒ මම ඒ භවයෙන් යෝනියෙන් ගතියෙන් විඤ්ඤාණට්ඨිතියෙන් සත්තාවාසයෙන් සත්ත නිකායෙන් හෝ චුත වූයේ නැවත අසවල් නම් ඇති භවයෙහි යෝනියෙහි ගතියෙහි විඤ්ඤාණට්ඨිතියෙහි සත්තාවාසයෙහි සත්තනිකායෙහි හෝ පහළවීමි. තත්‍රාපාසිං යනු ඉන්පසු ඒ භවයෙහිම යෝනියෙහිම ගතියෙහිම විඤ්ඤාණට්ඨිතියෙහිම සත්තාවාසයෙහිම සත්ත නිකායෙහිම හෝ නැවත වූයෙමි (උපන්නෙමි.) ‘එවන්නාමො’ යනාදිය කියන ලද අයුරින්මය.

අථ වා යස‍්මා “අමුත්‍රාසි”න‍්ති ඉදං අනුපුබ‍්බෙන ආරොහන‍්තස‍්ස අත‍්තනො අභිනීහාරානුරූපං යථාබලං සරණං, “සො තතො චුතො”ති පටිනිවත‍්තන‍්තස‍්ස පච‍්චවෙක‍්ඛණං, තස‍්මා “ඉධූපපන‍්නො”ති ඉමිස‍්සා ඉධූපපත‍්තියා අනන‍්තරං “අමුත්‍ර උදපාදි”න‍්ති වුත‍්තං. තත්‍රාපාසින‍්ති තත්‍රපි භවෙ…පෙ… සත‍්තනිකායෙ වා ආසිං. එවංනාමොති දත‍්තො වා මිත‍්තො වා, එවංගොත‍්තොති වාසෙට‍්ඨො වා කස‍්සපො වා. එවංවණ‍්ණොති කාළො වා ඔදාතො වා. එවමාහාරොති සුධාහාරො වා සාලිඔදනාදිආහාරො වා. එවංසුඛදුක‍්ඛප‍්පටිසංවෙදීති දිබ‍්බසුඛප‍්පටිසංවෙදී වා මානුසසුඛදුක‍්ඛප‍්පටිසංවෙදී වා. එවමායුපරියන‍්තොති එවං තංතංපරමායුපරියන‍්තො. සො තතො චුතොති සොහං තතො භවාදිතො චුතො. ඉධූපපන‍්නොති ඉධ ඉමස‍්මිං චරිමභවෙ මනුස‍්සො හුත්‍වා උපපන‍්නො නිබ‍්බත‍්තො.

නැතහොත් යම්හෙයකින් ‘අමුත්‍රාසිං’ යන මෙය අනුපිළිවෙළින් ඉහළට නැගෙන තමන්ගේ ප්‍රාර්ථනාවට අනුරූප වූ බලය ඇති පරිදි සිහි කිරීමයි. ‘සා තතො චුතො’ යනු ආපසු හැරෙන්නාගේ ප්‍රත්‍යවේක්‍ෂණය (නුවණින් බැලීම) යි. එහෙයින් ‘ඉධූප්පන්නො’ යනු මෙලොව මේ උපතට අනතුරුව ‘අමුත්‍ර උදපාදිං’ යනුවෙන් කියන ලදී. ‘තත්‍රාපාසිං’ යනු ඒ භවයෙහිම -පෙ- සත්තනිකායෙහිම හෝ වූයෙමි. ‘එවන්නාමො’ යනු දත්ත හෝ මිත්ත හෝ. ‘එවං ගොත්තො’ යනු වාසෙට්ඨ හෝ කස්සප. ‘එවං වණ්ණො’ යනු කළු හෝ සුදු හෝ. ‘එවමාහාරො’ යනු දිව්‍ය ආහාරය හෝ ඇල්හාලේ බත් ආදී ආහාර හෝ. ‘එවං සුඛදුක්‍ඛපටිසංවේදී’ යනු දිව්‍ය සැප විඳින්නා වූ හෝ මිනිස් සැප දුක් විඳින්නා වූ හෝ ‘එවමායුපරියන්තො’ යනු මෙසේ ඒ ඒ පරම ආයුෂය කෙළවරකොට ඇත්තා වූ. ‘සො තතො චුතො’ යනු ඒ මම ඒ භව ආදියෙන් චුත වූයේ. ‘ඉධූප්පන්නො’ යනු මෙලොව මේ අවසන් භවයෙහි මිනිසෙක්ව උපන්නේ.

ඉතීති එවං. සාකාරං සඋද‍්දෙසන‍්ති නාමගොත‍්තාදිවසෙන සඋද‍්දෙසං, වණ‍්ණාදිවසෙන සාකාරං. නාමගොත‍්තෙන හි සත‍්තා “තිස‍්සො ගොතමො”ති උද‍්දිසීයන‍්ති, වණ‍්ණාදීහි “සාමො ඔදාතො”ති නානත‍්තතො පඤ‍්ඤායන‍්ති. තස‍්මා නාමගොත‍්තං උද‍්දෙසො, ඉතරෙ ආකාරා.

ඉති යනු මෙසේ. සාකාරං සඋද්දෙසං යනු නාම-ගෝත්‍ර ආදී වශයෙන් සඋද්දේසය. වර්ණ ආදී වශයෙන් සාකාරය. නාමගෝත්‍රයෙන් වනාහි සත්ත්වයෝ තිස්ස, ගෝතම යයි කියනු ලැබෙත්. වර්ණ ආදියෙන් කළු සුදු යන විවිධත්වයෙන් ප්‍රකට වෙත්. එහෙයින් නාම ගෝත්‍රය උද්දේසයයි. අනිත්වා ආකාරය.

අයමස‍්ස පඨමා විජ‍්ජා අධිගතාති අයං ඉමිනා භික‍්ඛුනා පඨමං අධිගමවසෙන පඨමා, විදිතකරණට‍්ඨෙන විජ‍්ජා අධිගතා සච‍්ඡිකතා හොති. කිං පනායං විදිතං කරොති? පුබ‍්බෙනිවාසං. අවිජ‍්ජාති තස‍්සෙව පුබ‍්බෙනිවාසස‍්ස අවිදිතකරණට‍්ඨෙන තස‍්ස පටිච‍්ඡාදකමොහො වුච‍්චති. තමොති ස‍්වෙව මොහො පටිච‍්ඡාදකට‍්ඨෙන තමොති වුච‍්චති. ආලොකොති සා එව විජ‍්ජා ඔභාසකරණට‍්ඨෙන ආලොකො. එත්‍ථ ච විජ‍්ජා අධිගතාති අයං අත්‍ථො, සෙසං පසංසාවචනං. යොජනා පනෙත්‍ථ – අයං ඛො තෙන භික‍්ඛුනා විජ‍්ජා අධිගතා, තස‍්ස අධිගතවිජ‍්ජස‍්ස අවිජ‍්ජා විහතා, විනට‍්ඨාති අත්‍ථො. කස‍්මා? යස‍්මා විජ‍්ජා උප‍්පන‍්නාති. සෙසපදද‍්වයෙපි එසෙව නයො.

අයමස්ස පඨමා විජ්ජා අධිගතා යනු අයං මෙය (අස්ස= ) භික්‍ෂුව විසින් පළමුව අවබෝධ කිරීම් වශයෙන් පඨමාය, දැනගැනීම් අර්ථයෙන් විජ්ජාය, අධිගතා = ප්‍රත්‍යක්‍ෂ කළේ වෙයි. මොහු කුමක් දැනගැනීම කරයි ද? පුබ්බේනිවාසයයි. අවිජ්ජා යනු ඒ පූර්වේනිවාසයම නොදැන ගැනීම කරන අර්ථයෙන් ඒ පූර්වේනිවාසයේ වැසීම කරන මෝහයයි කියනු ලැබේ. තමො යනු ඒ මෝහයම සඟවන්නා යන අර්ථයෙන් තමො යයි කියනු ලැබේ. ආලොකො යනු ඒ විද්‍යාවම බබුළුවන අර්ථයෙන් අලොක නමි. මෙහි ද විද්‍යාව අවබෝධ කරන ලදී යන මේ අර්ථය ඇත. අනිත්වා ප්‍රශංසා වචනය. මෙහි යෙදීම වනාහි : ඒ භික්‍ෂුව විසින් මේ විද්‍යාව අවබෝධ කරන ලදී. ඒ අවබෝධ කළ විද්‍යාව ඇත්තාගේ අවිද්‍යාව නැසුනේ වෙයි. එහෙයින් විද්‍යාව උපන්නේ වෙයි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමයි.

යථා තන‍්ති එත්‍ථ යථාති ඔපම‍්මත්‍ථෙ, තන‍්ති නිපාතමත‍්තං. සතියා අවිප‍්පවාසෙන අප‍්පමත‍්තස‍්ස. වීරියාතාපෙන ආතාපිනො. කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛතාය පහිතත‍්තස‍්ස පෙසිතචිත‍්තස‍්සාති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – යථා අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිජ‍්ජා විහඤ‍්ඤෙය්‍ය, විජ‍්ජා උප‍්පජ‍්ජෙය්‍ය, තමො විහඤ‍්ඤෙය්‍ය, ආලොකො උප‍්පජ‍්ජෙය්‍ය; එවමෙව තස‍්ස භික‍්ඛුනො අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො, ආලොකො උප‍්පන‍්නො, තස‍්ස පධානානුයොගස‍්ස අනුරූපමෙව ඵලං ලභිත්‍වා විහරතීති.

‘යථාතං’ යන මෙහි යථා යනු උපමා අර්ථයයි. තං යනු නිපාත මාත්‍රයකි. සිහියෙන් වෙන්ව නොවිසීමෙන් අප්පමත්තස්ස අප්‍රමාද වූ. වීර්ය නම් වූ ආතාපයෙන් ආතාපිනො වීර්ය ඇති. කයෙහි ද ජීවිතයෙහි ද අපේක්‍ෂා නැති බැවින් පහිතත්තස්ස, පෙසිතත්තස්ස යන අර්ථයි. මේ අදහස කියන ලද්දේ වෙයි. යම් සේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව කයෙහි ද ජීවිතයෙහි ද අපේක්‍ෂා නැතිව වාසය කරන්නහුගේ අවිද්‍යාව නැසෙන්නේ ද විද්‍යාව උපදින්නේ ද අඳුර නැසෙන්නේ ද ආලෝකය උපදින්නේ ද එසේ ම ඒ භික්‍ෂුවගේ අවිද්‍යාව නැසුනේ වෙයි. විද්‍යාව උපන්නේ වෙයි. අඳුර නැසුනේ වෙයි. ආලෝකය උපන්නේ වෙයි. ඒ වීර්යයෙහි යෙදුනහුට අනුරූපවූම ඵලය ලැබ වාසය කරයි.

දිබ‍්බෙන චක‍්ඛුනාති එත්‍ථ යං වත‍්තබ‍්බං, තං හෙට‍්ඨා වුත‍්තමෙව. විසුද‍්ධෙනාති චුතූපපාතදස‍්සනෙන දිට‍්ඨිවිසුද‍්ධිහෙතුභාවතො විසුද‍්ධං. යො හි චුතිමත‍්තමෙව පස‍්සති න උපපාතං, සො උච‍්ඡෙදදිට‍්ඨිං ගණ‍්හාති. යො උපපාතමත‍්තමෙව පස‍්සති න චුතිං, සො නවසත‍්තපාතුභාවදිට‍්ඨිං ගණ‍්හාති. යො පන තදුභයං පස‍්සති, සො යස‍්මා දුවිධම‍්පි තං දිට‍්ඨිගතං අතිවත‍්තති, තස‍්මාස‍්ස තං දස‍්සනං දිට‍්ඨිවිසුද‍්ධිහෙතු හොති, තදුභයම‍්පායං බුද‍්ධපුත‍්තො පස‍්සති. තෙන වුත‍්තං “චුතූපපාතදස‍්සනෙන දිට‍්ඨිවිසුද‍්ධිහෙතුභාවතො විසුද‍්ධ”න‍්ති. එකාදසඋපක‍්කිලෙසවිරහතො වා විසුද‍්ධං. යථාහ “විචිකිච‍්ඡා චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති – ඉති විදිත්‍වා විචිකිච‍්ඡං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහිං, අමනසිකාරො…පෙ… ථිනමිද‍්ධං, ඡම‍්භිතත‍්තං, උප‍්පිල‍්ලං, දුට‍්ඨුල‍්ලං, අච‍්චාරද‍්ධවීරියං, අතිලීනවීරියං, අභිජප‍්පා, නානත‍්තසඤ‍්ඤා, අතිනිජ‍්ඣායිතත‍්තං රූපානං චිත‍්තස‍්ස උපක‍්කිලෙසො”ති (ම· නි· 3.242) එවං වුත‍්තෙහි එකාදසහි උපක‍්කිලෙසෙහි අනුපක‍්කිලිට‍්ඨත‍්තා විසුද‍්ධං. මනුස‍්සූපචාරං අතික‍්කමිත්‍වා රූපදස‍්සනෙන අතික‍්කන‍්තමානුසකං, මංසචක‍්ඛුං වා අතික‍්කන‍්තත‍්තා අතික‍්කන‍්තමානුසකං. තෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන. සත‍්තෙ පස‍්සතීති මනුස‍්සමංසචක‍්ඛුනා විය සත‍්තෙ පස‍්සති දක‍්ඛති ආලොකෙති.

දිබ්බෙන චක්‍ඛුනා යන මෙහි යමක් කිවයුතුනම් එය මුලින් කියන ලද්දේමය. විසුද්ධෙන යනු චුති (මරණය) හා උපත (ඉපදීම) දැකීමෙන් දිට්ඨි විසුද්ධියට හේතුවන බැවින් විසුද්ධය. යමෙක් චුතිය පමණක් දකී ද උපත නොදකී ද හෙතෙමේ උච්ඡේද දෘෂ්ටිය ගනියි. යමෙක් උපත පමණක් දකී ද චුතිය නොදකීද හෙතෙමේ අලුත් සත්ත්වයන් පහළවීමේ දෘෂ්ටිය ගනියි. යමෙක් වනාහි ඒ දෙකම දකී ද හෙතෙමේ යම්හෙයකින් ඒ දෙයාකාර දෘෂ්ටිය ඉක්මවයි ද එහෙයින් ඒ දැක්ම දිට්ඨි විසුද්ධියට හේතු වෙයි. මේ බුද්ධපුත්‍රයා ඒ දෙකම දකියි. එහෙයින් ‘චුති උපපාත දැකීමෙන් දිට්ඨි විසුද්ධියට හේතුවන බැවින් විසුද්ධ’යි කියන ලදි. එකොළොස් උපක්ලේශවලින් තොර බැවින් හෝ විසුද්ධය. ඒ බව ‘විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො’ති ඉති විදිත්‍වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො පජහිතබ්බො, අයොනිසොමනසිකාරො, ථිනමිද්ධං, ජම්භිතත්තං, උබ්බිල්ලං, දුට්ඨුල්ලං, අච්චාරද්ධවිරියං, අතිලීනවිරියං, අභිජප්පා, නානත්තසඤ්ඤා, අභිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසො පජහිතබ්බො’ යනුවෙන් මෙසේ වදාළහ. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයක් යයි මෙසේ දැන සිතේ උපක්ලේශයක් වූ විචිකිච්ඡාව දුරුකළ යුතුය. අයෝනිසෝ මනසිකාරය, ථිනමිද්ධය, තැති ගැනීම, (දැඩි උත්සාහය නිසා සිතේ ඇතිවන) ඉල්පීම, (කායදරථ, කයේ අලස බව නම් වූ) දුට්ඨුල්ලය, දැඩි වීර්යය, අඩු වීර්යය, තණ්හාව (නොයෙක් නොයෙක් රූප මෙනෙහි කිරිමෙන් ඇතිවන) නානත්තසඤ්ඤාව, (එක් ජාතියක රූප මෙනෙහි කිරිම නිසා ඇතිවන) රූපයන් පිළිබඳ අභිනිජ්ඣායනය සිතේ උපක්ලේශයකැයි දුරුකළ යුතුය.’ මෙසේ කියන ලද එකොළොස් උපක්ලේශවලින් කිලිටි නොවූ බැවින් විසුද්ධය. මිනිස් පෙදෙස ඉක්මවා රූප දැකීමෙන් අතික්කන්තමානුසකය. මිනිස් මසැස ඉක්මවූ බැවින් හෝ අතික්කන්ත මානුසකය. එහෙයින් දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති යනු මිනිසාගේ මාංස ඇසින් මෙන් සත්ත්වයන් බලයි. දකියි.

චවමානෙ උපපජ‍්ජමානෙති එත්‍ථ චුතික‍්ඛණෙ උපපත‍්තික‍්ඛණෙ වා දිබ‍්බචක‍්ඛුනාපි දට‍්ඨුං න සක‍්කා. යෙ පන ආසන‍්නචුතිකා ඉදානි චවිස‍්සන‍්ති, තෙ චවමානා. යෙ ච ගහිතපටිසන්‍ධිකා සම‍්පතිනිබ‍්බත‍්තා වා, තෙ උපපජ‍්ජමානාති අධිප‍්පෙතා. තෙ එවරූපෙ චවමානෙ උපපජ‍්ජමානෙ ච පස‍්සතීති දස‍්සෙති.

චවමානෙ උප්පජ්ජමානෙ යන මෙහි චුතිය ඇතිවන මොහොතෙහි හෝ උපත ඇතිවන මොහොතෙහි හෝ දිවැසින් වුවද දක්නට නොහැක. යමෙක් වනාහි චුතියට ආසන්න වූවාහු ද එකෙණෙහි (දැන්) චුතවන්නාහු ද ඔවුහු ‘චවමාන’ වෙති. යමෙක් පිළිසිඳ ගත්තාහු හෝ එකෙණෙහි උපන්නාහුද ඔවුහු ‘උප්පජ්ජමාන’ යනුවෙන් අදහස් කරන ලදහ. එබඳු වූ ඒ චුතවන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්වයන් බලයි. දකියි.

හීනෙති මොහනිස‍්සන්‍දයුත‍්තත‍්තා හීනානං ජාතිකුලභොගාදීනං වසෙන හීළිතෙ පරිභූතෙ.

හීනෙ යනු මෝහය හා යෙදුනු කර්මයෙන් යුක්ත බැවින් හීන වූ ජාති කුල භෝගාදීන්ගේ වශයෙන් පහත්කොට දන්නා ලද නින්දාවට බඳුන් වූ ( සත්ත්වයන්)

පණීතෙති අමොහනිස‍්සන්‍දයුත‍්තත‍්තා තබ‍්බිපරීතෙ.

පණීතෙ යනු අමෝහය හා යෙදුණු කර්මයෙන් යුක්ත බැවින් එයට වෙනස් අයුරින් වූ (සත්ත්වයන්)

සුවණ‍්ණෙති අදොසනිස‍්සන්‍දයුත‍්තත‍්තා ඉට‍්ඨකන‍්තමනාපවණ‍්ණයුත‍්තෙ.

සුවණ්ණෙ යනු අදෝසය හා යෙදුණු කර්මයෙන් යුක්ත බැවින් ඉෂ්ට වූ (යහපත් වූ) කාන්ත වූ (ප්‍රිය වූ) මනාප වූ (සිත් අලවන්නා වූ) වර්ණයෙන් (පාටින්) යුක්ත වූ (සත්ත්වයන්)

දුබ‍්බණ‍්ණෙති දොසනිස‍්සන්‍දයුත‍්තත‍්තා අනිට‍්ඨඅකන‍්තාමනාපවණ‍්ණයුත‍්තෙ. අභිරූපෙ විරූපෙතිපි අත්‍ථො.

දුබ්බණ්ණෙ යනු ද්වේෂය හා යෙදුණු කර්මයෙන් යුක්ත බැවින් අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ වර්ණයෙන් යුක්ත වූ (සත්ත්වයන්), අභිරූප හා විරූප සත්ත්වයන් යන අර්ථයි.

සුගතෙති සුගතිගතෙ, අලොභනිස‍්සන්‍දයුත‍්තත‍්තා වා අඩ‍්ඪෙ මහද‍්ධනෙ.

සුගතෙ යනු සුගතියට ගියා වූ (සත්ත්වයන්) අලෝභය හා යෙදුණු කර්මයෙන් යුක්ත බැවින් ආඪ්‍ය වූ මහත් ධන ඇත්තා වූ (සත්ත්වයන්).

දුග‍්ගතෙති දුග‍්ගතිගතෙ, ලොභනිස‍්සන්‍දයුත‍්තත‍්තා වා දලිද‍්දෙ අප‍්පන‍්නපානභොජනෙ.

දුග්ගතෙ යනු දුගතියට ගියා වූ (සත්ත්වයන්) ලෝභය හා යෙදුණු කර්මයෙන් යුක්ත බැවින් දිළිඳු වූ හෝ අල්ප වූ ආහාරපාන භෝජන ඇති (සත්ත්වයන්)

යථාකම‍්මූපගෙති යං යං කම‍්මං උපචිතං, තෙන තෙන උපගතෙ .

යථා කම්මූපගෙ යනු යම් යම් කර්මයක් රැස්කරන ලද ද ඒ ඒ කර්මයෙන් එළඹි (සත්ත්වයන්)

තත්‍ථ පුරිමෙහි “චවමානෙ”තිආදීහි දිබ‍්බචක‍්ඛුකිච‍්චං වුත‍්තං, ඉමිනා පන පදෙන යථාකම‍්මූපගඤාණකිච‍්චං.

එහි මුලින් ඇති ‘චවමානෙ’ යනාදී වචනවලින් දිබ්බචක්ඛු කෘත්‍යය (දිවැසින් කළයුත්ත) කියන ලදී. මේ පදයෙන් වනාහි යථාකම්මූපග ඤාණයෙන් කළ යුත්ත කියන ලදී.

තස‍්ස ච ඤාණස‍්ස අයං උප‍්පත‍්තික‍්කමො – ඉධ භික‍්ඛු හෙට‍්ඨා නිරයාභිමුඛං ආලොකං වඩ‍්ඪෙත්‍වා නෙරයිකෙ සත‍්තෙ පස‍්සති මහන‍්තං දුක‍්ඛං අනුභවමානෙ, ඉදං දස‍්සනං දිබ‍්බචක‍්ඛුඤාණකිච‍්චමෙව. සො ච එවං මනසි කරොති “කිං නු ඛො කම‍්මං කත්‍වා ඉමෙ සත‍්තා එතං දුක‍්ඛං අනුභවන‍්තී”ති, අථස‍්ස “ඉදං නාම කත්‍වා”ති තංකම‍්මාරම‍්මණං ඤාණං උප‍්පජ‍්ජති. තථා උපරි දෙවලොකාභිමුඛං ආලොකං වඩ‍්ඪෙත්‍වා නන්‍දනවනමිස‍්සකවනඵාරුසකවනාදීසු සත‍්තෙ පස‍්සති දිබ‍්බසම‍්පත‍්තිං අනුභවමානෙ, ඉදම‍්පි දස‍්සනං දිබ‍්බචක‍්ඛුඤාණකිච‍්චමෙව. සො එවං මනසි කරොති “කිං නු ඛො කම‍්මං කත්‍වා ඉමෙ සත‍්තා එතං සම‍්පත‍්තිං අනුභවන‍්තී”ති? අථස‍්ස “ඉදං නාම කත්‍වා”ති තංකම‍්මාරම‍්මණං ඤාණං උප‍්පජ‍්ජති, ඉදං යථාකම‍්මූපගඤාණං නාම. ඉමස‍්ස විසුං පරිකම‍්මං නාම නත්‍ථි. යථා චිමස‍්ස, එවං අනාගතංසඤාණස‍්සපි. දිබ‍්බචක‍්ඛුපාදකානෙව හි ඉමානි දිබ‍්බචක‍්ඛුනා සහෙව ඉජ‍්ඣන‍්ති. කායදුච‍්චරිතෙනාතිආදීසු යං වත‍්තබ‍්බං, තං හෙට‍්ඨා වුත‍්තනයමෙව. ඉධ විජ‍්ජාති දිබ‍්බචක‍්ඛුඤාණවිජ‍්ජා. අවිජ‍්ජාති සත‍්තානං චුතිපටිසන්‍ධිච‍්ඡාදිකා අවිජ‍්ජා. සෙසං වුත‍්තනයමෙව.

මේ එම ඤාණයේ උත්පත්ති ක්‍රමයයි. මේ ශාසනයෙහි භික්‍ෂුව පහළ නිරය දෙසට ආලෝකය වඩා නිරයට අයත් මහත් වූ දුක් අනුභව කරන සත්ත්වයන් දකියි. මේ දැකීම දිබ්බචක්ඛු ඤාණ කෘත්‍යයමය. හෙතෙම කුමන කර්මයක් කොට මේ සත්ත්වයෝ ඒ දුක අනුභව කරත්දැයි යනුවෙන් මෙසේ මෙනෙහි කරයි. ඉන්පසු ඔහුට මෙනම් කර්මය සිදුකොට යයි ඒ කර්මය අරමුණු කොට ඤාණය උපදී. එසේම මතු දෙව්ලොව දෙසට ආලෝකය වඩා නන්දන වනය, මිශ්‍රක වනය ඵාරුසක වනය යනාදියෙහි සම්පත් අනුභව කරන සත්ත්වයන් දකියි. මේ දර්ශනය ද දිබ්බචක්ඛු ඤාණ කෘත්‍යයමය. හෙතෙම කුමන කර්මයක් කොට මේ සත්වයෝ ඒ සම්පත් අනුභව කරන්නැයි යනුවෙන් මෙසේ මෙනෙහි කරයි. හෙතෙම කුමන කර්මයක් කොට මේ සත්ත්වයෝ ඒ සම්පත් අනුභව කරත්දැයි යනුවෙන් මෙසේ මෙනෙහි කරයි. ඉන්පසු ඔහුට මෙනම් කර්මය සිදුකොටයයි ඒ කර්මය අරමුණුකොට ඤාණය උපදී. මෙය යථාකම්මූපග ඤාණය නමි. මේ ඤාණයට වෙනම පරිකර්මයක් මූලික සූදානමක් නම් නැත. මේ ඤාණයට මෙන්ම අනාගතං සඤ්ඤාණයට ද වෙනම පරිකර්මයක් නැත. දිබ්බචක්ඛුව පාදක (මූලික) කොට ඇති මේවා (යථා කම්මූපග ඤාණ, අනාගතංස ඤාණ) දිබ්බචක්ඛුව සමගම ඇතිවෙයි. ‘කාය දුච්චරිතෙන’ යනාදියෙහි යමක් කිවයුතුද එය මුලින් කියන ලද්දේමය. මෙහි විජ්ජා යනු දිබ්බචක්ඛු ඤාණ විජ්ජාවය. අවිජ්ජා යනු සත්ත්වයන්ගේ චුති පටිසන්ධිය වසන අවිද්‍යාවය. සෙස්ස කියන ලද ක්‍රමයමයි.

තතියවාරෙ විජ‍්ජාති අරහත‍්තමග‍්ගඤාණවිජ‍්ජා. අවිජ‍්ජාති චතුසච‍්චප‍්පටිච‍්ඡාදිකා අවිජ‍්ජා. සෙසං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා සුවිඤ‍්ඤෙය්‍යමෙව. එවං ඛොතිආදි නිගමනං.

තෙවන වාරයෙහි විජ්ජා යනු අර්හත් මාර්ගඥාන විද්‍යාවය. අවිජ්ජා යනු චතුස්සත්‍ය වසන අවිද්‍යාවය. ඉතිරිය මුලින් කියන ලද ක්‍රමයට අයත් බැවින් දැනගැනීම පහසුමය. ‘එවං ඛො’ යනාදිය නිගමනයයි.

ගාථාසු අයං සඞ‍්ඛෙපත්‍ථො – යො යථාවුත‍්තං පුබ‍්බෙනිවාසං අවෙති අවගච‍්ඡති, වුත‍්තනයෙන පාකටං කත්‍වා ජානාති. “යොවෙදී”තිපි පාඨො, යො අවෙදි විදිතං කත්‍වා ඨිතොති අත්‍ථො. ඡබ‍්බීසතිදෙවලොකසඞ‍්ඛාතං සග‍්ගං චතුබ‍්බිධං අපායඤ‍්ච වුත‍්තනයෙනෙව දිබ‍්බචක‍්ඛුනා පස‍්සති. අථොති තතො පරං ජාතික‍්ඛයසඞ‍්ඛාතං අරහත‍්තං නිබ‍්බානමෙව වා පත‍්තො අධිගතො. තතො එව අභිඤ‍්ඤා අභිවිසිට‍්ඨාය මග‍්ගපඤ‍්ඤාය ජානිතබ‍්බං චතුසච‍්චධම‍්මං ජානිත්‍වා කිච‍්චවොසානෙන වොසිතො නිට‍්ඨානප‍්පත‍්තො. මොනෙය්‍යධම‍්මසමන‍්නාගමෙන මුනි, ඛීණාසවො යස‍්මා එතාහි යථාවුත‍්තාහි තීහි විජ‍්ජාහි සමන‍්නාගතත‍්තා තතො තතියවිජ‍්ජාය සබ‍්බථා බාහිතපාපත‍්තා ච තෙවිජ‍්ජො බ්‍රාහ‍්මණො නාම හොති. තස‍්මා තමෙව අහං තෙවිජ‍්ජං බ්‍රාහ‍්මණං වදාමි, අඤ‍්ඤං පන ලපිතලාපනං යජුආදිමන‍්තපදානං අජ‍්ඣාපනපරං තෙවිජ‍්ජං බ්‍රාහ‍්මණං න වදාමි, තෙවිජ‍්ජොති තං න කථෙමීති.

ගාථාවන්හි මේ කෙටි අර්ථයයි. යො යමෙක් කියන ලද පරිදි පුබ්බෙනිවාසං පෙර විසීම අවබෝධ කළේ ද කියන ලද අයුරින් ප්‍රකට කොට දනියි ද, ‘යො වෙදි’ යනු ද පාඨයකි. යො අවෙදි දැනගෙන සිටියේ යන අර්ථයි. (දෙව්ලෝ හය, රූපාවචර බඹලෝ පසළොස, අරූපාවචර බඹලෝ සතර යන අසඤ්ඤසත්තය යන) විසිහයක් වූ දිව්‍යලෝක නම් වූ සග්ගං ස්වර්ගය ද සතරවැදෑරුම් අපායඤ්ච අපාය ද කියන ලද ආකාරයෙන් දිවැසින් පස්සති දකියි. අථො යනු ඉන් පසු. ජාතික්‍ඛය ජාතිය ක්‍ෂයවීම නම් වූ රහත් බවට හෝ නිවනට පැමිණියේ, අවබෝධ කරන ලද්දේ. එහෙයින්ම අභිඤ්ඤා අති විශිෂ්ට වූ මාර්ග ප්‍රඥාවෙන් දැනගත යුතු චතුස්සත්‍ය ධර්මය දැන කටයුතු නිමකිරීමෙන් වොසිතො නිමාවට පැමිණියේ, මොනෙය්‍ය ධර්මවලින් යුක්ත බැවින් මුණි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ, යම් හෙයකින් එහි කියන ලද පරිදි ඒ තීහි විජ්ජාහි ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ බැවින් ද එයින් තෙවන විද්‍යාවෙන් හැම ආකාරයෙන් බහා තබන ලද පව් ඇති බැවින් ද තෙවිජ්ජො බ්‍රාහ්මණො ත්‍රිවිද්‍යාව ලැබූ බ්‍රාහ්මණයා නම් වෙයි. එහෙයින් මම ඒ ත්‍රිවිද්‍යාව ලැබූ බමුණාම තෙවිජ්ජ බ්‍රාහ්මණයායි කියමි. කී පමණින් දෙඩූ පමණින් යජූර් ආදී මන්ත්‍රපද ඉගෙනගැනීම් පමණින් තෙවිජ්ජ බ්‍රාහ්මණ යයි නො කියමි. ත්‍රිවිද්‍යාලාභියායි නො කියමි.

ඉති ඉමස‍්මිං වග‍්ගෙ දුතියසුත‍්තෙ වට‍්ටං කථිතං, පඤ‍්චමඅට‍්ඨමදසමසුත‍්තෙසු විවට‍්ටං කථිතං, ඉතරෙසු වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති වෙදිතබ‍්බං.

මෙසේ මේ වර්ගයෙහි දෙවන සූත්‍රයෙහි සසර (වට්ට) කියන ලදී. පස්වන අටවන දසවන සූත්‍රවලදී නිවන (විවට්ට) කියන ලදී. අනිත් සූත්‍රවල වට්ට විවට්ට දෙක කියන ලදැයි දතයුතුය.

දසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවන සූත්‍රයයි.

පඤ‍්චමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන වර්ග වර්ණනාවයි.

පරමත්‍ථදීපනියා ඛුද‍්දකනිකාය-අට‍්ඨකථාය ඉතිවුත‍්තකස‍්ස තිකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පරමත්‍ථදීපනී නම් වූ ඛුද්දක නිකායට්ඨකථාවට අයත් ඉතිවුත්තකයේ තික නිපාත වර්ණනාව නිමියේය.