යෙදුමෙන් කියවන්න

9. දානසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

9. දානසුත‍්තවණ‍්ණනා

9. දාන සූත්‍ර වර්ණනාව

නවමෙ දානන‍්ති දාතබ‍්බං, සවත්‍ථුකා වා චෙතනා දානං, සම‍්පත‍්තිපරිච‍්චාගස‍්සෙතං අධිවචනං. ආමිසදානන‍්ති චත‍්තාරො පච‍්චයා දෙය්‍යභාවවසෙන ආමිසදානං නාම. තෙ හි තණ‍්හාදීහි ආමසිතබ‍්බතො ආමිසන‍්ති වුච‍්චන‍්ති. තෙසං වා පරිච‍්චාගචෙතනා ආමිසදානං. ධම‍්මදානන‍්ති ඉධෙකච‍්චො “ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ ධම‍්මා අකුසලා, ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා, ඉමෙ විඤ‍්ඤුගරහිතා, ඉමෙ විඤ‍්ඤුප‍්පසත්‍ථා; ඉමෙ සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති, ඉමෙ හිතාය සුඛාය සංවත‍්තන‍්තී”ති කුසලාකුසලකම‍්මපථෙ විභජන‍්තො කම‍්මකම‍්මවිපාකෙ ඉධලොකපරලොකෙ පච‍්චක‍්ඛතො දස‍්සෙන‍්තො විය පාකටං කරොන‍්තො අකුසලෙහි ධම‍්මෙහි නිවත‍්තාපෙන‍්තො, කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාපෙන‍්තො, ධම‍්මං දෙසෙති, ඉදං ධම‍්මදානං. යො පන “ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤෙය්‍යා, ඉමෙ පරිඤ‍්ඤෙය්‍යා, ඉමෙ පහාතබ‍්බා, ඉමෙ සච‍්ඡිකාතබ‍්බා, ඉමෙ භාවෙතබ‍්බා”ති සච‍්චානි විභාවෙන‍්තො අමතාධිගමාය පටිපත‍්තිධම‍්මං දෙසෙති, ඉදං සිඛාප‍්පත‍්තං ධම‍්මදානං නාම. එතදග‍්ගන‍්ති එතං අග‍්ගං. යදිදන‍්ති යං ඉදං ධම‍්මදානං වුත‍්තං, එතං ඉමෙසු ද‍්වීසු දානෙසු අග‍්ගං සෙට‍්ඨං උත‍්තමං. විවට‍්ටගාමිධම‍්මදානඤ‍්හි නිස‍්සාය සබ‍්බානත්‍ථතො පරිමුච‍්චති, සකලං වට‍්ටදුක‍්ඛං අතික‍්කමති. ලොකියං පන ධම‍්මදානං සබ‍්බෙසං දානානං නිදානං සබ‍්බසම‍්පත‍්තීනං මූලං. තෙනාහ –

නවවන සූත්‍රයෙහි දානං යනු දියයුත්තය. වස්තු සහිත චේතනාව හෝ දානයයි. සම්පත් පරිත්‍යගයට මේ වචනයකි. ආමිසදානං යනු දිය යුතු බව වශයෙන් සිවුපසය ආමිසදාන නමි. ඒවා තණ්හාදියෙන් ආමනය (අතගෑම) කළයුතු බැවින් ආමිසයයි කියනු ලැබේ. ඒ ආමිස පරිත්‍යාග චේතනාව හෝ ආමිස දානයයි. ධම්මදානං යනු මෙලොව ඇතැමෙක් ‘මේ කුශල ධර්මය, මේ අකුසල ධර්මය, මේ සාවද්‍ය ධර්මය, මේ නිරවද්‍ය (නිවැරදි) ධර්මය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, සම්පූර්ණයෙන් ගන්නා ලද මේ ධර්ම අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්ම හිතසුව පිණිස පවතින්නේ යයි කුශල, අකුශල කර්මපථ බෙදමින් කර්ම, කර්මවිපාක, මෙලොව, පරලොව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්‍රකට කරමින් අකුසල ධර්මවලින් වලක්වමින් කුශල ධර්මයන්හි පිහිටුවමින් දහම් දෙසයි. මේ ධර්ම දානයයි. යමෙක් වනාහි මේ ධර්ම අභිඤ්ඤය්‍ය වශයෙන් දතයුතුය. පරිඤ්ඤෙය්‍ය වශයෙන් දතයුතුය. මේවා පහකළ යුතුය. මේවා ප්‍රත්‍යක්‍ෂ කළ යුතුය. මේවා වැඩිය යුතුයයි (චතුරාර්ය) සත්‍යය ප්‍රකට කරමින් නිවන් ලැබීම පිණිස ප්‍රතිපත්ති ධර්මය දේශනා කරයි ද මේ කෙළ පැමිණි ධර්මදානය නමි. එතදග්ගං යනු (එතං අග්ග) මෙය අග්‍රය. යදිදං යනු (යං ඉදං) යම් මේ ධර්මදානයක් කියන ලද ද මෙය මේ දාන දෙක අතරින් අග්‍රය. ශ්‍රේෂ්ඨය. උත්තමය. නිවන් පිණිස පවතින ධර්මදානය නිසා සියලු අනර්ථයෙන් මිදෙයි. සියලු සසර දුක ඉක්මවයි. ලෞකික ධර්ම දානය වනාහි සියලු දානයන්ගේ නිදානයයි. සියලු සම්පත්තීන්ගේ මුලය. එහෙයින් -

“සබ‍්බදානං ධම‍්මදානං ජිනාති, සබ‍්බරසං ධම‍්මරසො ජිනාති; සබ‍්බරතිං ධම‍්මරතී ජිනාති, තණ‍්හක‍්ඛයො සබ‍්බදුක‍්ඛං ජිනාතී”ති. (ධ· ප· 354) –

සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්‍ඛයො සබ්බදුක්‍ඛං ජිනාති

‘සියලු දන් පරදවා ධර්මදානය ජය ගනී. සියලු රස පරදවා ධර්ම රසය ජයගනී. සියලු ඇල්ම පරදවා ධර්මරතිය ජයගනී. සියලු දුක් පරදවා තණ්හාව ක්‍ෂයකිරීම ජයගනී’ යනුවෙන් වදාළහ.

අභයදානමෙත්‍ථ ධම‍්මදානෙනෙව සඞ‍්ගහිතන‍්ති දට‍්ඨබ‍්බං.

අභය දානය ද මෙහි ධර්මදානයෙහිම සංග්‍රහ (ඇතුළත්) කරන ලදැයි දතයුතුය.

සාධාරණභොගිතාධිප‍්පායෙන අත‍්තනා පරිභුඤ‍්ජිතබ‍්බතො චතුපච‍්චයතො සයමෙව අභුඤ‍්ජිත්‍වා පරෙසං සංවිභජනං ආමිසසංවිභාගො. සාධාරණභොගිතාධිප‍්පායෙනෙව අත‍්තනා විදිතස‍්ස අධිගතස‍්ස ධම‍්මස‍්ස අප‍්පොස‍්සුක‍්කො අහුත්‍වා පරෙසං උපදෙසො ධම‍්මසංවිභාගො. චතූහි පච‍්චයෙහි චතූහි ච සඞ‍්ගහවත්‍ථූහි පරෙසං අනුග‍්ගණ‍්හනං අනුකම‍්පනං ආමිසානුග‍්ගහො. වුත‍්තනයෙනෙව ධම‍්මෙන පරෙසං අනුග‍්ගණ‍්හනං අනුකම‍්පනං ධම‍්මානුග‍්ගහො. සෙසං වුත‍්තනයමෙව.

සාධාරණ (පොදු) පරිහරණ අදහසින් තමා විසින් අනුභව කළයුතු සිවුපසයෙන් තමාම අනුභව නොකොට අනුන්ට බෙදා දීම ආමිස සංවිභාග නමි. සාධාරණ පරිහරණ අදහසින්ම තමා විසින් දැනගන්නා ලද අවබෝධ කරන ලද ධර්මය පිළිබඳ මන්දෝත්සාහී නොවී අනුන්ට උපදෙස් දීම ධම්ම සංවිභාගය යි. සිවුපසයෙන් ද සතර සංග්‍රහ වස්තුවෙන් ද අනුන්ට අනුග්‍රහය අනුකම්පනය ආමිසානුග්ගහො ආමිස අනුග්‍රහයයි. කියන ලද අයුරින්ම ධර්මයෙන් අනුන්ට අනුග්‍රහනය අනුකම්පනය ධම්මානුග්ගහො ධර්ම අනුග්‍රහයයි. සෙස්ස කියන ලද අයුරින්මය.

ගාථාසු යමාහු දානං පරමන‍්ති යං දානං චිත‍්තඛෙත‍්තදෙය්‍යධම‍්මානං උළාරභාවෙන පරමං උත‍්තමං, භොගසම‍්පත‍්තිආදීනං වා පූරණතො ඵලනතො, පරස‍්ස වා ලොභමච‍්ඡරියාදිකස‍්ස පටිපක‍්ඛස‍්ස මද‍්දනතො හිංසනතො “පරම”න‍්ති බුද‍්ධා භගවන‍්තො ආහු.

ගාථාවල යමාහුදානං පරමං යනු යම් දානයක් චිත්ත (සිත) ඛෙත්ත (ප්‍රතිග්‍රාහක) දෙය්‍ය ධර්ම (දාන වස්තුව) යන්ගේ උදාරත්වයෙන් පරමය උත්තම යනුයි. යෝග සම්පත් ආදිය පිරීම් වශයෙන් ඵලදැරීම් වශයෙන් හෝ අන්‍ය වූ ලෝභය මසුරුකම ආදී වූ ප්‍රතිපක්‍ෂ ධර්මවල මර්දනයෙන් ඒවාට හිංසා කිරීමෙන් උතුම් යයි භාග්‍යවත් බුදුවරු කීවාහුය.

අනුත‍්තරන‍්ති යං දානං චෙතනාදිසම‍්පත‍්තියා සාතිසයපවත‍්තියා අග‍්ගභාවෙන අග‍්ගවිපාකත‍්තා ච උත‍්තරරහිතං අනුත‍්තරභාවසාධනං චාති ආහු. යං සංවිභාගන‍්ති එත්‍ථාපි “පරමං අනුත‍්තර”න‍්ති පදද‍්වයං ආනෙත්‍වා යොජෙතබ‍්බං. අවණ‍්ණයීති කිත‍්තයි, “භොජනං, භික‍්ඛවෙ, දදමානො දායකො පටිග‍්ගාහකානං පඤ‍්ච ඨානානි දෙතී”තිආදිනා (අ· නි· 5.37), “එවං චෙ, භික‍්ඛවෙ, සත‍්තා ජානෙය්‍යුං දානසංවිභාගස‍්ස විපාක”න‍්තිආදිනා (ඉතිවු· 26) ච පසංසයි. යථා පන දානං සංවිභාගො ච පරමං අනුත‍්තරඤ‍්ච හොති, තං දස‍්සෙතුං “අග‍්ගම‍්හී”තිආදි වුත‍්තං. තත්‍ථ අග‍්ගම‍්හීති සීලාදිගුණවිසෙසයොගෙන සෙට‍්ඨෙ අනුත‍්තරෙ පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ සම‍්මාසම‍්බුද‍්ධෙ අරියසඞ‍්ඝෙ ච. පසන‍්නචිත‍්තොති කම‍්මඵලසද‍්ධාය රතනත‍්තයසද‍්ධාය ච චිත‍්තං පසාදෙන‍්තො ඔකප‍්පෙන‍්තො. චිත‍්තසම‍්පත‍්තියා හි ඛෙත‍්තසම‍්පත‍්තියා ච පරිත‍්තෙපි දෙය්‍යධම‍්මෙ දානං මහානුභාවං හොති මහාජුතිකං මහාවිප‍්ඵාරං. වුත‍්තඤ‍්හෙතං –

අනුත්තරං යනු යම් දානයක් චේතනාදී සම්පත්තියෙන් ද සාතිශය පැවැත්මෙන් ද අග්‍රභාවයෙන් ද අග්‍රවිපාක ඇති බැවින් ද ඊට වඩා උසස් වූවක් නැති ද අනුත්තරභාවය සිදුකිරීම ද ආහු වදාළහ. යං සංවිභාගං යන මෙහි ද පරම අනුත්තර පද දෙක ගෙන යෙදිය යුතුය. අවණ්ණයී යනු වර්ණනා කළහ. ‘භොජනං භික්‍ඛවෙ දදමානො දායකො පටිග්ගාහකානං පඤ්චඨානානි දෙති’ ‘මහණෙනි, භෝජනය දෙන්නා වූ දායකයා ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගන්නා අයට) කරුණු පහක් දෙයි’ යනාදියෙන්ද ‘සචෙ භික්‍ඛවෙ ජානෙය්‍යුං දානස්ස සංවිභාගස්ස විපාකං’ ‘මහණෙනි, ඉදින් සත්ත්වයෝ දානයේ ද බෙදාගැනීමේ ද විපාක දනිත් නම්’ යනාදියෙන් ද ප්‍රශංසා කළහ. යම්සේ වනාහි දානය ද බෙදාගැනීමද පරම ද අනුත්තර ද වේද එය දක්වන්නට ‘අග්ගම්හි’ යනාදිය දෙසන ලදී. එහි අග්ගම්හි යනු ශීලාදී ගුණ විශේෂ යෙදීමෙන් ශ්‍රේෂ්ඨ වූ අනුත්තර වූ පුණ්‍ය ක්‍ෂේත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද ආර්ය සංඝයා කෙරෙහි පසන්න චිත්තො යනු කර්මඵලය ඇදහීමෙන් ද රත්නත්‍රය පිළිබඳ ඇදහීමෙන් (ශ්‍රද්ධාවෙන්) ද සිත පහදවමින් විශ්වාස කරමින්. දිය යුතු දෙය ස්වල්පයක් ඇති කල්හි ද චිත්ත සම්පත්තියෙන් ද ක්‍ෂේත්‍ර සම්පත්තියෙන් ද දානය මහානුභාව වෙයි මහත් බැබලීම් වෙයි, මහා පැතිරීම වෙයි. ඒ කාරණය -

“නත්‍ථි චිත‍්තෙ පසන‍්නම‍්හි, අප‍්පකා නාම දක‍්ඛිණා; තථාගතෙ වා සම‍්බුද‍්ධෙ, අථ වා තස‍්ස සාවකෙ”ති. (වි· ව· 804; නෙත‍්ති· 95);

නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්‍ඛිණා තථාගතෙ වා සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ

‘සිත පැහැදුන කල්හි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයකු වෙත හෝ දෙන දානය අල්ප නොවේ’ යනුවෙන් කියන ලදී.

විඤ‍්ඤූති සප‍්පඤ‍්ඤො. පජානන‍්ති සම‍්මදෙව දානඵලං දානානිසංසං පජානන‍්තො. කො න යජෙථ කාලෙති යුත‍්තප‍්පත‍්තකාලෙ කො නාම දානං න දදෙය්‍ය? සද‍්ධා, දෙය්‍යධම‍්මො, පටිග‍්ගාහකාති ඉමෙසං තිණ‍්ණං සම‍්මුඛිභූතකාලෙයෙව හි දානං සම‍්භවති, න අඤ‍්ඤථා, පටිග‍්ගාහකානං වා දාතුං යුත‍්තකාලෙ.

විඤ්ඤූ යනු ප්‍රඥාව ඇත්තාවූ පජානං යනු මැනවින් දාන ඵලය දාන ආනිසංස දන්නා වූ. කො න යජෙථ කාලෙ දීමට සුදුසු කාලය පැමිණි කල්හි කවරෙක් නම් දානය නොදෙන්නේද? ශ්‍රද්ධාව, දිය යුතු දෙය, ප්‍රතිග්‍රාහකයන් යන මේ කරුණු තුන සම්මුඛ වූ කල්හිම දානය හටගනී. අන් අයුරකින් නොවේ. නැතහොත් දීමට සුදුසු කාලයෙහි ප්‍රතිග්‍රාහකයන්ට (කවරෙක් නම් දානය නොදෙන්නේ ද?)

එවං පඨමගාථාය ආමිසදානසංවිභාගානුග‍්ගහෙ දස‍්සෙත්‍වා ඉදානි ධම‍්මදානසංවිභාගානුග‍්ගහෙ දස‍්සෙතුං “යෙ චෙව භාසන‍්තී”ති දුතියගාථමාහ. තත්‍ථ උභයන‍්ති “භාසන‍්ති සුණන‍්තී”ති වුත‍්තා දෙසකා පටිග‍්ගාහකාති උභයං. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යෙ සුගතස‍්ස භගවතො සාසනෙ සද‍්ධම‍්මෙ පසන‍්නචිත‍්තා විමුත‍්තායතනසීසෙ ඨත්‍වා දෙසෙන‍්ති පටිග‍්ගණ‍්හන‍්ති ච, තෙසං දෙසකපටිග‍්ගාහකානං සො ධම‍්මදානධම‍්මසංවිභාගධම‍්මානුග‍්ගහසඞ‍්ඛාතො අත්‍ථො. පරමත්‍ථසාධනතො පරමො. තණ‍්හාසංකිලෙසාදිසබ‍්බසංකිලෙසමලවිසොධනෙන විසුජ‍්ඣති. කීදිසානං? යෙ අප‍්පමත‍්තා සුගතස‍්ස සාසනෙ. යෙ ච –

මෙසේ පළමු ගාථාවෙන් ආමිස දාන බෙදීමට අනුග්‍රහ දක්වා දැන් ධර්මදානය බෙදීමට අනුග්‍රහ දැක්වීමට ‘යෙ ච භාසන්ති’ යන දෙවන ගාථාව වදාළහ. එහි උභයං යනු ‘භාසන්ති සුණ්ණති’ යනුවෙන් කියන ලද දේශක ප්‍රතිග්‍රාහක යන දෙදෙනාය. මේ වනාහි මෙහි කෙටි අර්ථයයි. යමෙක් සුගතස්ස භාග්‍යවතුන් වහන්සේගේ සාසනෙ සද්ධර්මයෙහි පසන්නචිත්තා ප්‍රසන්න සිත් ඇත්තාහු, විමුක්ති ආයතන ශීර්ෂයෙහි සිට (නිවන මුල්කොට ගෙන) දේශනා කරත් ද එසේම පිළිගනිත් ද ඒ දේශක ප්‍රතිග්‍රාහකයන්ගේ සො ඒ, ධර්මදාන - ධර්ම සංවිභාග - ධර්ම අනුග්‍රහ නම් වූ අත්‍ථො අර්ථය, පරම වූ අර්ථය සිදුකිරීම් වශයෙන් පරමො පරම වූ තෘෂ්ණා සංක්ලේශ ආදී සියලු කෙලෙස් මල පිරිසිදු කිරීමෙන් විසුජ්ඣති (සත්ත්වයා) පිරිසිදු වෙයි. කෙබඳු අයගේ ද? යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි යමෙක් අප්‍රමාද වූවාහුද ඔවුන්ගේ.

“සබ‍්බපාපස‍්ස අකරණං, කුසලස‍්ස උපසම‍්පදා; සචිත‍්තපරියොදපනං, එතං බුද‍්ධාන සාසන”න‍්ති. (දී· නි· 2.90; ධ· ප· 183) –

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං

සඞ‍්ඛෙපතො එවං පකාසිතෙ සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ ඔවාදෙ අනුසිට‍්ඨියං අප‍්පමත‍්තා අධිසීලසික‍්ඛාදයො සක‍්කච‍්චං සම‍්පාදෙන‍්ති. තෙසං විසුජ‍්ඣති, අරහත‍්තඵලවිසුද‍්ධියා අතිවිය වොදායතීති.

යනුවෙන් කෙටියෙන් මෙසේ ප්‍රකාශ කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනෙ අවවාදයෙහි අනුසාසනයෙහි නොපමා වූවාහු අධිශීල ශික්‍ෂාදිය සකස්කොට පිළිපදිති. (සම්පදනය කරති). තෙසං විසුජ්ඣති අර්හත්ඵල විශුද්ධියෙන් අතිශයින් ඔවුන්ගේ (පරමාර්ථය) පිරිසිදු වෙයි.

නවමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන සුත්‍රයයි.