යෙදුමෙන් කියවන්න

8. කල්‍යාණසීල සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

8. කල්‍යාණසීල සුත‍්තවණ‍්ණනා

8. කල්‍යාණශිල සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ කල්‍යාණසීලොති සුන්‍දරසීලො, පසත්‍ථසීලො, පරිපුණ‍්ණසීලො. තත්‍ථ සීලපාරිපූරී ද‍්වීහි කාරණෙහි හොති සම‍්මදෙව සීලවිපත‍්තියා ආදීනවදස‍්සනෙන, සීලසම‍්පත‍්තියා ච ආනිසංසදස‍්සනෙන. ඉධ පන සබ‍්බපරිබන්‍ධවිප‍්පමුත‍්තස‍්ස සබ‍්බාකාරපරිපුණ‍්ණස‍්ස මග‍්ගසීලස‍්ස ඵලසීලස‍්ස ච වසෙන කල්‍යාණතා වෙදිතබ‍්බා. කල්‍යාණධම‍්මොති සබ‍්බෙ බොධිපක‍්ඛියධම‍්මා අධිප‍්පෙතා, තස‍්මා කල්‍යාණා සතිපට‍්ඨානාදිබොධිපක‍්ඛියධම‍්මා එතස‍්සාති කල්‍යාණධම‍්මො.

අටවන සූත්‍රයෙහි - කල්‍යාණ සීලො යනු සුන්දර සිල් ඇත්තා වූ, සමෘද්ධිමත් සිල් ඇත්තා වූ, පිරිපුන් සිල් ඇත්තා වූ. එහි සීලය සම්පූර්ණ වීම, සීල විපත්තියෙහි ආදීනව මැනවින් දැකීමෙන් ද සීල සම්පත්තියෙහි අනුසස් දැකීමෙන්දැයි කරුණු දෙකකින් සිදුවෙයි. මෙහි වනාහි සියලු බන්‍ධන (කෙලෙස්) වලින් මිදුණු සියලු ආකාරයෙන් පරිපූර්ණ මාර්ග ශීලයේ ද ඵල ශීලයේ ද වශයෙන් කල්‍යාණ බව දතයුතුය. කල්‍යාණ ධම්මො යන්නෙන් සියලු බෝධිපාක්‍ෂික ධර්ම අදහස් කරන ලදී. එහෙයින් ඔහුට කල්‍යාණ වූ සතිපට්ඨානාදී බෝධිපාක්‍ෂික ධර්ම ඇත්තේය යන අරුතින් කල්‍යාණ ධම්මො නම් වෙයි.

කල්‍යාණපඤ‍්ඤොති ච මග‍්ගඵලපඤ‍්ඤාවසෙනෙව කල්‍යාණපඤ‍්ඤො. ලොකුත‍්තරා එව හි සීලාදිධම‍්මා එකන‍්තකල්‍යාණා නාම අකුප‍්පසභාවත‍්තා. කෙචි පන “චතුපාරිසුද‍්ධිසීලවසෙන කල්‍යාණසීලො, විපස‍්සනාමග‍්ගධම‍්මවසෙන කල්‍යාණධම‍්මො, මග‍්ගඵලපඤ‍්ඤාවසෙන කල්‍යාණපඤ‍්ඤො”ති වදන‍්ති. අසෙක‍්ඛා එව තෙ සීලධම‍්මපඤ‍්ඤාති එකෙ. අපරෙ පන භණන‍්ති – සොතාපන‍්නසකදාගාමීනං මග‍්ගඵලසීලං කල්‍යාණසීලං නාම, තස‍්මා “කල්‍යාණසීලො”ති ඉමිනා සොතාපන‍්නො සකදාගාමී ච ගහිතා හොන‍්ති. තෙ හි සීලෙසු පරිපූරකාරිනො නාම. අනාගාමිමග‍්ගඵලධම‍්මා අග‍්ගමග‍්ගධම‍්මා ච කල්‍යාණධම‍්මා නාම. තත්‍ථ හි බොධිපක‍්ඛියධම‍්මා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. තස‍්මා “කල්‍යාණධම‍්මො”ති ඉමිනා තතියමග‍්ගට‍්ඨතො පට‍්ඨාය තයො අරියා ගහිතා හොන‍්ති. පඤ‍්ඤාකිච‍්චස‍්ස මත්‍ථකප‍්පත‍්තියා අග‍්ගඵලෙ පඤ‍්ඤා කල්‍යාණපඤ‍්ඤා නාම, තස‍්මා පඤ‍්ඤාවෙපුල‍්ලප‍්පත‍්තො අරහා “කල්‍යාණපඤ‍්ඤො”ති වුත‍්තො. එවමෙව පුග‍්ගලා ගහිතා හොන‍්තීති. කිං ඉමිනා පපඤ‍්චෙන? අග‍්ගමග‍්ගඵලධම‍්මා ඉධ කල්‍යාණසීලාදයො වුත‍්තාති අයමම‍්හාකං ඛන‍්ති. ධම‍්මවිභාගෙන හි අයං පුග‍්ගලවිභාගො, න ධම‍්මවිභාගොති.

කල්‍යාණ පඤ්ඤො යනු ද මාර්ගඵල ප්‍රඥා වශයෙන්ම කල්‍යාණ ප්‍රඥා ඇත්තා වූ. ලෝකෝත්තර ශීලාදී ධර්මම වෙනස්නොවන ස්වභාව ඇති බැවින් ඒකාන්ත කල්‍යාණ නම් වෙයි. කිසියම් කෙනෙක් වනාහි ‘චතුපාරිශුද්ධි ශීල වශයෙන් කල්‍යාණ සීලය, විදර්ශනා මාර්ග ධර්ම කල්‍යාණ ධර්මය, මාර්ගඵල ප්‍රඥා වශයෙන් කල්‍යාණ ප්‍රඥාව’ යයි කියති. ඇතැමෙක් ‘ඒවා අශෛක්‍ෂ වූ ම ශීල-සමාධි-ප්‍රඥා යයි කියති. අන් පිරිසක් ‘සෝවාන්, සකදාගාමි අයගේ මාර්ගඵල ශීලය කල්‍යාණ ශීලය නම් වේ. එහෙයින් ‘කල්‍යාණසීලො’ යන මෙයින් සෝවාන් පුද්ගලයා ද සකදාගාමි පුද්ගලයා ද ගන්නා ලද්දාහුම වෙති. ඔවුහු ශීලයන් සම්පූර්ණ කරන්නේ නම් වෙති. අනාගාමී මාර්ගඵල ධර්ම ද අග්‍රමාර්ග ධර්ම ද කල්‍යාණ ධර්ම නම් වේ. එහි බෝධිපාක්‍ෂික ධර්ම භාවනාවෙන් පරිපූර්ණ බවට යයි. එහෙයින් ‘කල්‍යාණධම්මො’ යන මෙයින් තුන්වන මාර්ගස්ථයාගේ පටන් ආර්යයෝ තිදෙනා ගන්නා ලද්දාහු වෙති. ප්‍රඥාවේ මුදුන් පැමිණීමෙන් අග්‍රඵලයෙහි ප්‍රඥාව කල්‍යාණ ප්‍රඥා නම් වේ. එහෙයින් ප්‍රඥාවෙන් විපුලත්වයට පත් රහතන්වහන්සේ ‘කල්‍යාණපඤ්ඤො’ යයි කියන ලදී. මෙසේම පුද්ගලයෝ ගන්නා ලද්දාහු වෙති’යි කියති. මේ විස්තරයෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? ‘අග්‍ර වූ මාර්ගඵල ධර්ම මෙහි කල්‍යාණ ශීලාදියයි කියන ලදී’ යන මෙය අපගේ රුචියයි. මේ ධර්ම විභාගයෙන් පුද්ගල විභාගයයි. ධර්ම විභාගයක් නොවේ.

කෙවලීති එත්‍ථ කෙවලං වුච‍්චති කෙනචි අවොමිස‍්සකතාය සබ‍්බසඞ‍්ඛතවිවිත‍්තං නිබ‍්බානං, තස‍්ස අධිගතත‍්තා අරහා කෙවලී. අථ වා පහානභාවනාපාරිපූරියා පරියොසානඅනවජ‍්ජධම‍්මපාරිපූරියා ච කල්‍යාණකට‍්ඨෙන අබ්‍යාසෙකසුඛතාය ච කෙවලං අරහත‍්තං, තදධිගමෙන කෙවලී ඛීණාසවො. මග‍්ගබ්‍රහ‍්මචරියවාසං වසිත්‍වා පරියොසාපෙත්‍වා ඨිතොති වුසිතවා. උත‍්තමෙහි අග‍්ගභූතෙහි වා අසෙක‍්ඛධම‍්මෙහි සමන‍්නාගතත‍්තා “උත‍්තමපුරිසො”ති වුච‍්චති.

කෙවලී යන මෙහි - කිසිවක් සමග මිශ්‍ර නොවූ බැවින් සියලු සංඛතවලින් නිදහස් වූ නිවනට ‘කෙවල’ යයි කියනු ලැබේ. එය ලබාගත් බැවින් රහතන් වහන්සේ ‘කෙවලී’ නම් වෙති. නැතහොත්, ප්‍රහාණයේ ද භාවනාවේ ද පරිපූර්ණත්වයෙන් ද අවසන් නිවැරදි ධර්ම පරිපූර්ණත්වයෙන් ද කල්‍යාණ අර්ථයෙන් ද නො ගෙවෙන අශෛක්‍ෂ සැප ඇති බැවින් ද අර්හත්වය කේවලය. ඒ අර්හත්වය ලැබීමෙන් ක්‍ෂිණාශ්‍රවයන් වහන්සේ කේවලීය. මාර්ග බ්‍රහ්මචරිය වාසය වැස නිමකොට සිටියේ යන අරුතින් වුසිතවා නම් වේ. උතුම් වූ අග්‍ර වූ අශෛක්‍ෂ ධර්මවලින් යුක්ත බැවින් උත්තමපුරිසො යයි කියනු ලැබේ.

සීලවාති එත්‍ථ කෙනට‍්ඨෙන සීලං? සීලනට‍්ඨෙන සීලං. කිමිදං සීලනං නාම? සමාධානං, සුසීල්‍යවසෙන කායකම‍්මාදීනං අවිප‍්පකිණ‍්ණතාති අත්‍ථො. අථ වා උපධාරණං, ඣානාදිකුසලධම‍්මානං පතිට‍්ඨානවසෙන ආධාරභාවොති අත්‍ථො. තස‍්මා සීලති, සීලෙතීති වා සීලං. අයං තාව සද‍්දලක‍්ඛණනයෙන සීලට‍්ඨො. අපරෙ පන “සිරට‍්ඨො සීලට‍්ඨො, සීතලට‍්ඨො සීලට‍්ඨො, සිවට‍්ඨො සීලට‍්ඨො”ති නිරුත‍්තිනයෙන අත්‍ථං වණ‍්ණයන‍්ති. තයිදං පාරිපූරිතො අතිසයතො වා සීලං අස‍්ස අත්‍ථීති සීලවා, චතුපාරිසුද‍්ධිසීලවසෙන සීලසම‍්පන‍්නොති අත්‍ථො. තත්‍ථ යං ජෙට‍්ඨකසීලං, තං විත්‍ථාරෙත්‍වා දස‍්සෙතුං “පාතිමොක‍්ඛසංවරසංවුතො”තිආදි වුත‍්තන‍්ති එකච‍්චානං ආචරියානං අධිප‍්පායො.

සීලවා යන මෙහි කුමන අරුතකින් ශීල නම් වේද? ශීලන අර්ථයෙන් ශීලය නම් වේ. මේ ශීලනය නම් කුමක් ද? එක්තැන් කිරීමයි. සුසීල වශයෙන් කාය කර්මාදීන්ගේ නොවිසිරුණු බව යන අර්ථයි. නැතහොත් උපධාරණයයි (දරණුවයි), ධ්‍යනාදී කුශල ධර්මයන්ට පිහිටීම් වශයෙන් ආධාර බව යන අර්ථයි. එහෙයින් හික්මෙයි යන අරුතින් ශීල නම් වේ. (සීලති, සීලෙතීති වා සීලං), පළමුව මේ ශබ්ද ලක්‍ෂණ න්‍යයෙන් ශීලයේ අර්ථය යි. අන් පිරිසක් ශීර්ෂය (ප්‍රධාන) යන අර්ථය ශීල අර්ථ යයි ද (සිරට්ඨො, සීලට්ඨො), ශීතල යන අර්ථය ශීල අර්ථයයි ද (සීතලට්ඨො, සීලට්ඨො), ශාන්ත අර්ථය ශීල අර්ථයයි ද (සිවට්ඨො, සීලට්ඨො) නිරුක්ති න්‍යයෙන් අර්ථ වර්ණනා කරති. ඒ මේ ශීලය, පරිපූර්ණ වශයෙන් හෝ අතිශය වශයෙන් හෝ මොහුට ඇත්තේය යන අරුතින් සීලවා නම් වේ. චතුපාරිශුද්ධි ශීල වශයෙන් ශීලයෙන් යුක්ත තැනැත්තා යන අර්ථයයි. එහි යම් ප්‍රධාන ශීලයක් වේද එය විස්තර කොට දැක්වීමට ‘පාතිමොක්‍ඛ සංවර සංවුතො’ යනාදිය දෙසන ලදැයි ඇතැම් ආචාර්යවරුන්ගේ අදහසයි.

අපරෙන පන භණන‍්ති – උභයත්‍ථාපි පාතිමොක‍්ඛසංවරො භගවතා වුත‍්තො. පාතිමොක‍්ඛසංවරො එව හි සීලං, ඉතරෙසු ඉන්‍ද්‍රියසංවරො ඡද‍්වාරරක‍්ඛණමත‍්තමෙව, ආජීවපාරිසුද‍්ධි ධම‍්මෙන පච‍්චයුප‍්පාදනමත‍්තමෙව, පච‍්චයසන‍්නිස‍්සිතං පටිලද‍්ධපච‍්චයෙ “ඉදමත්‍ථ”න‍්ති පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජනමත‍්තමෙව. නිප‍්පරියායෙන පාතිමොක‍්ඛසංවරොව සීලං. යස‍්ස සො භින‍්නො, සො සීසච‍්ඡින‍්නො පුරිසො විය හත්‍ථපාදෙ “සෙසානි රක‍්ඛිස‍්සතී”ති න වත‍්තබ‍්බො. යස‍්ස පන සො අරොගො, අච‍්ඡින‍්නසීසො විය පුරිසො, තානි පුන පාකතිකානි කත්‍වා රක‍්ඛිතුං සක‍්කොති. තස‍්මා සීලවාති ඉමිනා පාතිමොක‍්ඛසීලමෙව උද‍්දිසිත්‍වා තං විත්‍ථාරෙතුං “පාතිමොක‍්ඛසංවරසංවුතො”තිආදි වුත‍්තන‍්ති.

අන් පිරිසක් - උභයාර්ථය (මෙලොව පරලොව ප්‍රයෝජන පිණිස) ප්‍රාතිමෝක්‍ෂ සංවරය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැයි කියති. ප්‍රාතිමෝක්‍ෂ සංවරයම ශීලයයි. අන්තැන්හි ඉන්‍ද්‍රිය සංවරය, දොරටු සය රැකීම් පමණමය. ආජීව පාරිශුද්ධිය, දැහැමින් ප්‍රත්‍ය ඉපදවීම් මාත්‍රයමය. ප්‍රත්‍ය සන්නිශ්‍රිතය, ලබන ලද ප්‍රත්‍යයන් ප්‍රයෝජනය මේ යයි නුවණින් සලකා පරිභෝග කිරීම් මාත්‍රයමය. නිෂ්පර්යායයෙන් (වෙනස් නොකළ හැකි ආකාරයෙන්) ප්‍රාතිමෝක්‍ෂ සංවරයම ශීලයයි. යමෙකුගේ ඒ ශීලය බිඳුනේ වේද, හෙතෙම හිස කැපූ පුරුෂයෙකු මෙන් අත් පා සෙසු කොටස් රකින්නේ යයි නොකිව යුතුය. යමෙකුගේ ශීලය නිරෝගි ද හෙතෙම නො කපන ලද හිස ඇති පුරුෂයෙකු වැනිය. ඔහු ඒවා නැවත ප්‍රකෘතිමත් කොට රකින්නට හැකිවෙයි. එහෙයින් ‘සීලවා’ යන මෙයින් ප්‍රාතිමෝක්‍ෂ ශීලයම පෙන්වා දී එය විස්තර කරන්නට ‘පාතිමොක්‍ඛ සංවර සංවුතො’ යනාදිය දෙසන ලදී.

තත්‍ථ පාතිමොක‍්ඛන‍්ති සික‍්ඛාපදසීලං. තඤ‍්හි යො නං පාති රක‍්ඛති, තං මොක‍්ඛෙති මොචෙති ආපායිකාදීහි දුක‍්ඛෙහීති පාතිමොක‍්ඛං. සංවරණං සංවරො, කායවාචාහි අවීතික‍්කමො. පාතිමොක‍්ඛමෙව සංවරො පාතිමොක‍්ඛසංවරො, තෙන සංවුතො පිහිතකායවාචොති පාතිමොක‍්ඛසංවරසංවුතො. ඉදමස‍්ස තස‍්මිං සීලෙ පතිට‍්ඨිතභාවපරිදීපනං. විහරතීති තදනුරූපවිහාරසමඞ‍්ගිභාවපරිදීපනං. ආචාරගොචරසම‍්පන‍්නොති හෙට‍්ඨා පාතිමොක‍්ඛසංවරස‍්ස, උපරි විසෙසානුයොගස‍්ස ච උපකාරකධම‍්මපරිදීපනං. අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවීති පාතිමොක‍්ඛසීලතො අචවනධම‍්මතාපරිදීපනං. සමාදායාති සික‍්ඛාපදානං අනවසෙසතො ආදානපරිදීපනං. සික‍්ඛතීති සික‍්ඛාය සමඞ‍්ගිභාවපරිදීපනං. සික‍්ඛාපදෙසූති සික‍්ඛිතබ‍්බධම‍්මපරිදීපනං.

එහි පාතිමොක්‍ඛං යනු ශික්‍ෂාපද ශීලයයි. යමෙක් ඒ ශීලය රකීද ඒ ශීලය තෙමේ සිල් රකින පුද්ගලයා අපායාදී දුක්වලින් නිදහස් කරයි, මුදයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. සංවරණය සංවරයයි. කය වචන දෙකින් නො ඉක්මවීමය. ප්‍රාතිමෝක්‍ෂයම සංවරය යන අරුතින් ප්‍රාතිමෝක්‍ෂ සංවරයයි. ඒ ශීලයෙන් ආවරණය වූයේ වසන ලද කය වචන ඇත්තේ යන අරුතින් පාතිමොක්‍ඛ සංවර සංවුතො නම් වේ. මේ ඒ ශීලයෙහි ඔහුගේ පිහිටි බව දැක්වීමයි. විහරති යනු එයට අනුරූප විහරණයෙන් යුක්ත බව දැක්වීමයි. ආචාරගොචරසම්පන්නො යනු යටින් ප්‍රාතිමෝක්‍ෂ සංවරයටත් ඉහළින් විශේෂයන්ගේ යෙදීමටත් උපකාරක ධර්ම දැක්වීමයි. අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි යනු ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් ඉවත්නොවන ස්වභාවය දැක්වීමයි. සමාදාය යනු ඉතිරි නොකොටම ශික්‍ෂා පදයන්ගේ ගැනීම දැක්වීමයි. සික්‍ඛති යනු ශික්‍ෂාවෙන් යුක්ත බව දැක්වීමයි. සික්‍ඛාපදෙසු යනු හික්මිය යුතු කරුණු දැක්වීමයි.

අපරො නයො – කිලෙසානං බලවභාවතො පාපකිරියාය සුකරභාවතො පුඤ‍්ඤකිරියාය ච දුක‍්කරභාවතො බහුක‍්ඛත‍්තුං අපායෙසු පතනසීලොති පාතී, පුථුජ‍්ජනො. අනිච‍්චතාය වා භවාදීසු කම‍්මවෙගක‍්ඛිත‍්තො ඝටියන‍්තං විය අනවට‍්ඨානෙන පරිබ‍්භමනතො ගමනසීලොති පාතී, මරණවසෙන වා තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ අත‍්තභාවස‍්ස පාතනසීලොති පාතී, සත‍්තසන‍්තානො, චිත‍්තමෙව වා. තං පාතිනං සංසාරදුක‍්ඛතො මොක‍්ඛෙතීති පාතිමොක‍්ඛො. චිත‍්තස‍්ස හි විමොක‍්ඛෙන සත‍්තො විමුත‍්තො. “චිත‍්තවොදානා විසුජ‍්ඣන‍්තී”ති (සං· නි· 3.100) “අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්ත”න‍්ති (ම· නි· 2.206) ච වුත‍්තං. අථ වා අවිජ‍්ජාදිනා හෙතුනා සංසාරෙ පතති ගච‍්ඡති පවත‍්තතීති පාති. “අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරත”න‍්ති (සං· නි· 2.124; 5.520) හි වුත‍්තං. තස‍්ස පාතිනො සත‍්තස‍්ස තණ‍්හාදිසංකිලෙසත‍්තයතො මොක‍්ඛො එතෙනාති පාතිමොක‍්ඛො. “කණ‍්ඨෙකාලො”තිආදීනං වියස‍්ස සමාසසිද‍්ධි වෙදිතබ‍්බා.

වෙනත් ක්‍රමයක් : කෙලෙසුන්ගේ බහුල බැවින් ද පව්කිරිමෙහි පහසු බැවින් ද පින් කිරීමෙහි දුෂ්කර බැවින් ද බොහෝ වාරයක් අපායවල වැටෙන ස්වභාවය ඇති යන අරුතින් පාතී නම් වේ. පෘථග්ජනයාය. අනිත්‍ය බව නිසා හෝ භවාදීන්හි කර්මවේගයෙන් ඇද දමන ලද ජලය උඩට ගන්නා යන්ත්‍රයක් මෙන් චලනය නිසා කැරකෙමින් ගමන්කරන ස්වභාව ඇත්තේ යන අරුතින් පාතී නම් වේ. මරණ වශයෙන් හෝ ඒ ඒ සත්ත්ව නිකායෙහි ආත්මභාවයේ වැටෙන ස්වභාව ඇත්තේ යන අරුතින් පාතී නම් වේ. සත්ත්ව සන්තානයයි, සිතම ය. ඒ පාති නම් වූ සිත සසර දුකින් මුදයි යන අරුතින් පාතිමොක්‍ඛ නම් වේ. සිතේ මිදීමෙන් සත්ත්වයා මිදුනේ වෙයි. ‘චිත්තවොදානා විසුජ්ඣන්ති’ ‘සිත පිරිසිදු වීමෙන් (සත්ත්වයෝ) පිරිසිදු වෙති.’ යනුවෙන් ද අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං ‘අල්ලා නොගැනීමෙන් ආශ්‍රව කෙරෙන් සිත මිදුනේ වෙයි’ යනුවෙන් ද දෙසන ලදී. නැතහොත් අවිද්‍යාදි හේතුවෙන් සසරෙහි වැටෙයි, යයි, පවතියි යන අරුතින් පාති නම් වේ. ‘අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්‍ධාවතං සංසරතං’ ‘අවිද්‍යා නීවරණයෙන් යුක්ත, තෘෂ්ණා සංයෝජනයෙන් යුක්තව දුවන්නා වූ (සසර) සැරිසරන්නා වූ සත්ත්වයන්ගේයි කියන ලදී. මෙය කරණකොට තණ්හාදි සංක්ලේශවලින් ඒ වැටෙන සත්ත්වයාගේ මිදීම වේ යන අරුතින් පාතිමොක්‍ඛ නම් වේ. ‘කණ්ඨෙකාලො’ යනාදීන්ගේ මෙන් මේ පදයේ සමාස සිද්ධිය දතයුතුය.

අථ වා පාතෙති විනිපාතෙති දුක‍්ඛෙති පාති, චිත‍්තං. වුත‍්තඤ‍්හි “චිත‍්තෙන නීයති ලොකො, චිත‍්තෙන පරිකස‍්සතී”ති (සං· නි· 1.62). තස‍්ස පාතිනො මොක‍්ඛො එතෙනාති පාතිමොක‍්ඛො. පතති වා එතෙන අපායදුක‍්ඛෙ සංසාරදුක‍්ඛෙ චාති පාති, තණ‍්හාදිසංකිලෙසො. වුත‍්තඤ‍්හි “තණ‍්හා ජනෙති පුරිසං (සං· නි· 1.56-57), තණ‍්හාදුතියො පුරිසො”ති (ඉතිවු· 15, 105; චූළනි· පාරායනානුගීතිගාථානිද‍්දෙස 107) ච ආදි. තතො පාතිතො මොක‍්ඛොති පාතිමොක‍්ඛො.

නැතහොත් දුකෙහි හෙළයි යොදයි යන අරුතින් පාති නම් වේ. සිතය. ‘චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති’ ‘ලෝවැසියා සිතෙන් ගෙනයනු ලැබේ. සිතෙන් එහාට මෙහාට අදියි’ යනුවෙන් කියන ලදී. මෙය කරණකොට ඒ වැටෙන්නාගේ මිදීම වේ යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. මෙය කරණකොට අපා දුකෙහි ද සසර දුකෙහි ද වැටෙයි යන අරුතින් පාති නම් වේ. තණ්හාදි ක්ලේශයයි. ‘තණ්හා ජනෙති පුරිසං’ ‘තණ්හාව පුරුෂයා උපදවයි’ යනුවෙන් ද ‘තණ්හා දුතියො පුරිසො’ පුරුෂයා තණ්හාව දෙවැන්නියකොට ඇත්තේය’ යනුවෙන් ද කියන ලදී. ඒ සංක්ලේශ නම් වූ පාතියෙන් මිදීම වෙයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ.

අථ වා පතති එත්‍ථාති පාති, ඡ අජ‍්ඣත‍්තිකානි බාහිරානි ච ආයතනානි. වුත‍්තඤ‍්හි “ඡසු ලොකො සමුප‍්පන‍්නො, ඡසු කුබ‍්බති සන්‍ථව”න‍්ති (සං· නි· 1.70). තතො ඡඅජ‍්ඣත‍්තිකබාහිරායතනසඞ‍්ඛාතතො පාතිතො මොක‍්ඛොති පාතිමොක‍්ඛො. අථ වා පාතො විනිපාතො අස‍්ස අත්‍ථීති පාතී, සංසාරො. තතො මොක‍්ඛොති පාතිමොක‍්ඛො. අථ වා සබ‍්බලොකාධිපතිභාවතො ධම‍්මිස‍්සරො භගවා පතීති වුච‍්චති, මුච‍්චති එතෙනාති මොක‍්ඛො, පතිනො මොක‍්ඛො තෙන පඤ‍්ඤත‍්තත‍්තාති පතිමොක‍්ඛො, පතිමොක‍්ඛො එව පාතිමොක‍්ඛො. සබ‍්බගුණානං වා මූලභාවතො උත‍්තමට‍්ඨෙන පති ච සො යථාවුත‍්තට‍්ඨෙන මොක‍්ඛො චාති පතිමොක‍්ඛො, පතිමොක‍්ඛො එව පාතිමොක‍්ඛො. තථා හි වුත‍්තං “පාතිමොක‍්ඛන‍්ති මුඛමෙතං පමුඛමෙත”න‍්ති (මහාව· 135) විත්‍ථාරො.

නැතහොත් මෙහි වැටෙයි යන අරුතින් පාතීනි නම් වේ. ආධ්‍යාත්මික බාහිර ආයතන හයයි. ‘ඡස්සු ලොකො සමුප්පන්නො ඡස්සු කුබ්බති සන්‍ථවං’ (ඇස ආදී) ආයතන හය හටගත් කල්හි ලොව හටගත්තේ වෙයි. ෂඩායතනයෙහි ආශ්‍රය කරයි යනුවෙන් දෙසන ලදී. ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන සය නම් වූ පාතියෙන් මිදීම යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. නැතහොත් මෙයට හෙළීම යෙදීම ඇත්තේය යන අරුතින් පාතී නම් වේ. සසරය. ඒ පාති නම් වූ සසරින් මිදීම යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. නැතහොත් සියලු ලෝකයට අධිපති භාවයෙන් ධර්මයට අධිපති වූ භාග්‍යවතුන් වහන්සේ ‘පති’ යයි කියනු ලැබෙත්. උන්වහන්සේ කරණකොට මිදෙයි යන අරුතින් මොක්ඛ නම් වේ. පති නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ මිදීම - උන්වහන්සේ විසින් පණවන ලදැයි යන අරුතින් පතිමොක්ඛ නමි. පතිමොක්ඛයම පාතිමොක්ඛ නමි. සියලු ගුණයන්ට මූලභාවයෙන් හෝ උත්තම අර්ථයෙන් ‘පති’ වූයේද එයමය කියන ලද අර්ථයෙන් ‘මොක්‍ඛ’ වූයේ ද එයම යයි ‘පතිමොක්‍ඛ’ නම් වේ. ‘පතිමොක්‍ඛ’ යම ‘පාතිමොක්‍ඛ’ නම් වේ. ‘පාතිමොක්‍ඛන්ති මුඛමෙතං පමුඛමෙතං’ යන විස්තරය කළයුතුය.

අථ වා පඉති පකාරෙ, අතීති අච‍්චන‍්තත්‍ථෙ නිපාතො. තස‍්මා පකාරෙහි අච‍්චන‍්තං මොක‍්ඛෙතීති පාතිමොක‍්ඛො. ඉදඤ‍්හි සීලං සයං තදඞ‍්ගවසෙන, සමාධිසහිතං පඤ‍්ඤාසහිතඤ‍්ච වික‍්ඛම‍්භනවසෙන සමුච‍්ඡෙදවසෙන ච අච‍්චන‍්තං මොක‍්ඛෙති මොචෙතීති පාතිමොක‍්ඛං. පති පති මොක‍්ඛොති වා පතිමොක‍්ඛො, තම‍්හා තම‍්හා වීතික‍්කමිතබ‍්බදොසතො පති පච‍්චෙකං මොක‍්ඛොති අත්‍ථො. පතිමොක‍්ඛො එව පාතිමොක‍්ඛො. මොක‍්ඛොති වා නිබ‍්බානං, තස‍්ස මොක‍්ඛස‍්ස පටිබිම‍්බභූතන‍්ති පතිමොක‍්ඛං. පාතිමොක‍්ඛසීලසංවරො හි සූරියස‍්ස අරුණුග‍්ගමනං විය නිබ‍්බානස‍්ස උදයභූතො තප‍්පටිභාගො විය හොති යථාරහං කිලෙසනිබ‍්බාපනතොති පතිමොක‍්ඛං, පතිමොක‍්ඛං එව පාතිමොක‍්ඛං. අථ වා මොක‍්ඛං පති වත‍්තති මොක‍්ඛාභිමුඛන‍්ති පතිමොක‍්ඛං, පතිමොක‍්ඛමෙව පාතිමොක‍්ඛන‍්ති එවං තාවෙත්‍ථ පාතිමොක‍්ඛසද‍්දස‍්ස අත්‍ථො වෙදිතබ‍්බො.

නැතහොත් ප යනු ආකාරයයි. අති යනු අච්චන්ත (අතිශයින් අධික) යන අර්ථයෙහි නිපාතයයි. එහෙයින් ආකාරවලින් අතිශයින් නිදහස් වෙයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. මේ ශීලය වනාහි තමා තදංග වශයෙන් ද සමාධි සහිත වූයේ විෂ්කම්භන වශයෙන් ද ප්‍රඥා සහිත වූයේ සමුච්ඡේද වශයෙන් ද අතිශයින් නිදහස් වෙයි. මිදෙයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. වෙන් වෙන් වූ මෝක්‍ෂය හෝ පතිමොක්ඛ නම් වේ. ඒ ඒ ඉක්මවිය යුතු දෝෂයෙන් වෙන් වූ මෝක්‍ෂය යන අර්ථයයි. පතිමොක්ඛයම පාතිමොක්ඛ වේ. නැතහොත් මොක්ඛ යනු නිවනයි. ඒ මෝක්‍ෂයට ප්‍රමුඛ වූයේ ප්‍රතිබිම්බය වූයේ පතිමොක්ඛයයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය වනාහි හිරුට අරුණ උදාවීම මෙන් නිවනේ උදාව වූයේ ඊට සමාන වූයේ වෙයි. සුදුසු පරිදි කෙලෙස් නිවන හෙයින් පතිමොක්ඛ නම් වේ. පතිමොක්ඛයම පාතිමොක්ඛ වේ. එසේ නැතහොත් මෝක්‍ෂය වෙත පවතී. මෝක්‍ෂයට අභිමුඛ වේ යන අර්ථයෙන් පාතිමොක්ඛ නමි. පාතිමොක්ඛයම ප්‍රාතිමොක්ඛයයි. මෙසේ පළමුව මෙහිදී පාතිමොක්ඛ ශබ්දයේ අර්ථය දතයුතුය.

සංවරති පිදහති එතෙනාති සංවරො, පාතිමොක‍්ඛමෙව සංවරොති පාතිමොක‍්ඛසංවරො. අත්‍ථතො පන තතො තතො වීතික‍්කමිතබ‍්බතො විරතියො චෙතනා වා, තෙන පාතිමොක‍්ඛසංවරෙන උපෙතො සමන‍්නාගතො පාතිමොක‍්ඛසංවරසංවුතොති වුත‍්තො. වුත‍්තඤ‍්හෙතං විභඞ‍්ගෙ –

මෙය කරණකොට හික්මවයි වසාදමයි යන අරුතින් සංවර නම් වේ. ප්‍රාතිමෝක්‍ෂයම සංවරය වූයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයයි. අර්ථ වශයෙන් වනාහි ඉක්මවිය යුතු ඒ ඒ ශික්‍ෂාපදවලින් වැලකී සිටීම ද චේතනා ද වේ. ඒ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූයේ සමන්නාගත වූයේ ‘පාතිමොක්‍ඛ සංවර සංවුතො’යි කියන ලදී. මේ කාරණය විභංගයෙහි දී -

“ඉමිනා පාතිමොක‍්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම‍්පන‍්නො සමන‍්නාගතො. තෙන වුච‍්චති පාතිමොක‍්ඛසංවරසංවුතො”ති (විභ· 511).

‘ඉමිනා පාතිමොක්‍ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්තාගතො, තෙන වුච්චති පාතිමොක්‍ඛ සංවර සංවුතො’යි කියන ලදී.

විහරතීති ඉරියාපථවිහාරෙන විහරති, ඉරියති, වත‍්තති. ආචාරගොචරසම‍්පන‍්නොති වෙළුදානාදිමිච‍්ඡාජීවස‍්ස කායපාගබ‍්භියාදීනඤ‍්ච අකරණෙන, සබ‍්බසො අනාචාරං වජ‍්ජෙත්‍වා “කායිකො අවීතික‍්කමො, වාචසිකො අවීතික‍්කමො”ති එවං වුත‍්තභික‍්ඛුසාරුප‍්පආචාරසම‍්පත‍්තියා වෙසියාදිඅගොචරං වජ‍්ජෙත්‍වා පිණ‍්ඩපාතාදිඅත්‍ථං උපසඞ‍්කමිතුං යුත‍්තට‍්ඨානසඞ‍්ඛාතගොචරෙන ච සම‍්පන‍්නත‍්තා ආචාරගොචරසම‍්පන‍්නො.

විහරති යනු ඉරියව් පැවැත්වීමෙන් වාසය කරයි, ඉරියව් පවත්වයි පවතී. ආචාරගොචර සම්පන්නො යනු උණදඬු දීම ආදී මිථ්‍යාජීවය ද කයේ අසංවර ආදියද නොකිරීමෙන් සියලු ආකාරයෙන් අනාචාරය දුරුකොට කායික නොඉක්මවීම වාචසික නොඉක්මවීම යයි මෙසේ කියන ලද භික්‍ෂුවට ගැලපෙන ආචාර සම්පත්තියෙන් ද වෛශ්‍යාවන් හැසිරෙන තැන් ආදි නුසුදුසු තැන් දුරුකොට පිඩුසිඟා යෑම් ආදී කරුණකට එළඹීමට සුදුසු තැන් නම් වූ ගෝචරයෙන් ද යුක්ත බැවින් ආචාර ගෝචර සම්පන්න වූ.

අපිච යො භික‍්ඛු සත්‍ථරි සගාරවො සප‍්පතිස‍්සො සබ්‍රහ‍්මචාරීසු සගාරවො සප‍්පතිස‍්සො හිරොත‍්තප‍්පසම‍්පන‍්නො සුනිවත්‍ථො සුපාරුතො පාසාදිකෙන අභික‍්කන‍්තෙන පටික‍්කන‍්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ‍්ජිතෙන පසාරිතෙන ඔක‍්ඛිත‍්තචක‍්ඛු ඉරියාපථසම‍්පන‍්නො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භොජනෙ මත‍්තඤ‍්ඤූ ජාගරියානුයුත‍්තො සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො පවිවිත‍්තො අසංසට‍්ඨො ආභිසමාචාරිකෙසු සක‍්කච‍්චකාරී ගරුචිත‍්තීකාරබහුලො විහරති, අයං වුච‍්චති ආචාරසම‍්පන‍්නො.

තවද : යම් භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ සබ්‍රහ්මචාරින් කෙරෙහි (එක්ව බඹසර හැසිරෙන්නවුන් කෙරෙහි) ගෞරව සහිත වූයේ හිරිඔතප් දෙකින් යුක්ත වූයේ හොඳින් අඳනය අඳින ලද්දේ හොඳින් සිවුර පොරවන ලද්දේ පැහැදීම් ඇතිකරන ලෙස ඉදිරියට යාමෙන් ආපසු ඒමෙන් ඉදිරිපස බැලීමෙන් වටපිට බැලීමෙන් අත්පා දිගහැරිමෙන් හැකිලීමෙන් යටහෙළු ඇස් ඇත්තේ මනා ඉරියව් පැවැත්මෙන් යුක්ත වූයේ සිහිනුවණින් යුක්ත වූයේ අල්පේච්ඡ වූයේ, ලද දෙයින් සතුටු වූයේ, අතිශය විවේකයෙන් යුක්ත වූයේ පිරිස් සමග සම්බන්ධ නොවූයේ, ආභිසමාචාරික සිල් සකස්කොට කරන්නේ ගරුකිරීම් බහුලකොට ඇත්තේ වාසය කරයි ද මෙය ආචාර ගෝචර සම්පන්න යයි කියනු ලැබේ.

ගොචරො පන – උපනිස‍්සයගොචරො, ආරක‍්ඛගොචරො, උපනිබන්‍ධගොචරොති තිවිධො. තත්‍ථ දසකථාවත්‍ථුගුණසමන‍්නාගතො වුත‍්තලක‍්ඛණො කල්‍යාණමිත‍්තො යං නිස‍්සාය අසුතං සුණාති, සුතං පරියොදපෙති, කඞ‍්ඛං විතරති, දිට‍්ඨිං උජුකං කරොති, චිත‍්තං පසාදෙති, යස‍්ස ච අනුසික‍්ඛන‍්තො සද‍්ධාය වඩ‍්ඪති, සීලෙන, සුතෙන, චාගෙන, පඤ‍්ඤාය වඩ‍්ඪති, අයං උපනිස‍්සයගොචරො. යො භික‍්ඛු අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො ඔක‍්ඛිත‍්තචක‍්ඛු යුගමත‍්තදස‍්සාවී සංවුතො ගච‍්ඡති, න හත්‍ථිං ඔලොකෙන‍්තො, න අස‍්සං, න රථං, න පත‍්තිං, න ඉත්‍ථිං, න පුරිසං ඔලොකෙන‍්තො, න උද‍්ධං ඔලොකෙන‍්තො, න අධො ඔලොකෙන‍්තො, න දිසාවිදිසා පෙක‍්ඛමානො ගච‍්ඡති, අයං ආරක‍්ඛගොචරො. උපනිබන්‍ධගොචරො පන චත‍්තාරො සතිපට‍්ඨානා, යත්‍ථ භික‍්ඛු අත‍්තනො චිත‍්තං උපනිබන්‍ධති.

ගෝචරය වනාහි උපනිස්සය ගෝචරය, ආරක්ඛ ගෝචරය, උපනිබන්ධ ගෝචරයයි ත්‍රිවිධය. එහිදී යමෙකු නිසා නොඇසූ දේ අසයි ද ඇසූ දේ පිරිසිදු කරගනියිද සැක දුරුකර ගනියි ද තමාගේ අදහස් නිවැරදි කරගනියි ද, සිත පහදවා ගනියි ද, යමෙකුට අනුව හික්මෙන්නේ ශ්‍රද්ධාව වැඩේද ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩේද දසකථා වස්තු ගුණයෙන් යුක්ත වූ කියන ලද ලක්‍ෂණ ඇති මේ කල්‍යාණ මිත්‍රයා උපනිස්සය ගෝචර නම් වෙයි. යම් භික්‍ෂුවක් ගම තුළට පිවිසියේ මාර්ගයට බැසගත්තේ යටහෙළු ඇස් ඇත්තේ වියගසක (බඹයක්) පමණ දුර දක්නේ සංවර වූයේ ගමන් කරයි ද ඇතෙකු දෙස නොබලමින් අශ්වයකු දෙස, රථයක් දෙස, ස්ත්‍රියක දෙස පුරුෂයකු දෙස නොබලමින් දිසා අනුදිසා (වටපිට) නොබලමින් ගමන් කරයි ද මේ ආරක්ඛ ගෝචරයයි. උපනිබන්‍ධ ගෝචරය වනාහි භික්‍ෂුව තමාගේ සිත බැඳ තබන සතර සතිපට්ඨානයයි.

වුත‍්තඤ‍්හෙතං භගවතා – “කො ච, භික‍්ඛවෙ, භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයො? යදිදං – චත‍්තාරො සතිපට‍්ඨානා”ති (සං· නි· 5.372).

‘කො ච භික්‍ඛවෙ භික්‍ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො, යදිදං චත්තාරො සතිපට්ඨානා’ ‘මහණෙනි, භික්‍ෂුවට තමා සතු වූ පියාගෙන් උරුම වූ හැසිරීමට සුදුසු පෙදෙස කුමක්ද? මේ සතර සතිපට්ඨානයයි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිතය.

ඉති යථාවුත‍්තාය ආචාරසම‍්පත‍්තියා ඉමාය ච ගොචරසම‍්පත‍්තියා සමන‍්නාගතත‍්තා ආචාරගොචරසම‍්පන‍්නො.

මෙසේ කියන ලද ආචාර සම්පත්තියෙන් ද ගෝචර සම්පත්තියෙන් ද යුක්ත වූ බැවින් ආචාර ගෝචර සම්පන්න නම් වේ.

අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවීති අප‍්පමත‍්තකෙසු අණුප‍්පමාණෙසු අසඤ‍්චිච‍්ච ආපන‍්නසෙඛියඅකුසලචිත‍්තුප‍්පාදාදිභෙදෙසු වජ‍්ජෙසු භයදස‍්සනසීලො. යො හි භික‍්ඛු පරමාණුමත‍්තං වජ‍්ජං අට‍්ඨසට‍්ඨියොජනසතසහස‍්සුබ‍්බෙධසිනෙරුපබ‍්බතරාජසදිසං කත්‍වා පස‍්සති, යොපි භික‍්ඛු සබ‍්බලහුකං දුබ‍්භාසිතමත‍්තං පාරාජිකසදිසං කත්‍වා පස‍්සති, අයං අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී නාම.

අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී යනු අල්පමාත්‍ර වූද ඉතා කුඩා වූද නොදැන පැමිණි සේඛියා, අකුසල සිත් ඉපදීම ආදී භේද ඇති වරදෙහි භය දකින ස්වභාවය ඇත්තේ. යම් භික්‍ෂුවක් පරමාණුවක් තරම් කුඩා වරදක් යොදුන් හැටඅට ලක්‍ෂයක් උස සිනේරු (මහමෙර) පර්වත රාජයා සමාන කොට දකී ද යමෙක් සියල්ලටම අඩු දුර්භාෂිත (වැරදි වචන කීම්) මාත්‍රයක් පාරාජික සිකපදයක් සමානකොට දකී ද මොහු අනුමාත්‍ර වරදෙහි භය දක්වා වූ තැනැත්තා නමි.

සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූති යං කිඤ‍්චි සික‍්ඛාපදෙසු සික‍්ඛිතබ‍්බං, තං සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අනවසෙසං සමාදියිත්‍වා සික‍්ඛති වත‍්තති, පූරෙතීති අත්‍ථො. ඉති කල්‍යාණසීලොති ඉමිනා පකාරෙන කල්‍යාණසීලො සමානො. පුග‍්ගලාධිට‍්ඨානවසෙන හි නිද‍්දිට‍්ඨං සීලං “එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණසීලො හොතී”ති වුත‍්තපුග‍්ගලාධිට‍්ඨානවසෙනෙව නිගමෙත්‍වා “කල්‍යාණධම‍්මො”ති එත්‍ථ වුත‍්තධම‍්මෙ නිද‍්දිසිතුකාමෙන “තෙසං ධම‍්මානං ඉදං සීලං අධිට‍්ඨාන”න‍්ති දස‍්සෙතුං පුන “ඉති කල්‍යාණසීලො”ති වුත‍්තං. සත‍්තන‍්නං බොධිපක‍්ඛියානන‍්තිආදි සබ‍්බං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. පුන කල්‍යාණසීලොතිආදි නිගමනං.

සමාදාය සික්‍ඛති සික්‍ඛාපදෙසු යනු ශික්‍ෂාපදයන්හි හික්මිය යුතු යමක් ඇත් ද එය සියලු ආකාරයෙන් ඉතිරි නොකොට සමාදන්ව හික්මෙයි, පවතී, පුරයි යන අර්ථයි. ඉති කල්‍යාණ සීලො යනු ආකාරයෙන් යහපත් ස්වභාව ඇත්තෙක්ව. පුද්ගල අධිෂ්ඨාන පුද්ගලයා මතුකොට තැබීම්) වශයෙන් දක්වන ලද ශීලය ‘එවං ඛො භික්‍ඛවෙ භික්‍ඛු කල්‍යාණසීලො හොති’ යනුවෙන් කියන ලද පුද්ගල අධිෂ්ඨාන වශයෙන්ම නිගමනය කොට ‘කල්‍යාණ ධම්මො’ යනුවෙන් මෙහි කියන ලද ධර්ම දක්වනු කැමැත්තෙන් ඒ ධර්මයන්ට මේ ශීලය පිහිටීම (අධිෂ්ඨාන) යයි දක්වන්නට නැවත ‘ඉති කල්‍යාණසීලො’ යනුවෙන් කියන ලදී. ‘සත්තන්නං බොධිපක්‍ඛියානං’ ආදී සියල්ල මුලදී කියන ලද අර්ථ ඇත්තේමය. නැවත ‘කල්‍යාණ සීලො’ යනාදිය නිගමනයයි.

ගාථාසු දුක‍්කටන‍්ති දුට‍්ඨු කතං, දුච‍්චරිතන‍්ති අත්‍ථො. හිරිමනන‍්ති හිරිමන‍්තං හිරිසම‍්පන‍්නං, සබ‍්බසො පාපපවත‍්තියා ජිගුච‍්ඡනසභාවන‍්ති අත්‍ථො. හිරිමනන‍්ති වා හිරිසහිතචිත‍්තං. හිරිග‍්ගහණෙනෙව චෙත්‍ථ ඔත‍්තප‍්පම‍්පි ගහිතන‍්ති වෙදිතබ‍්බං. හිරොත‍්තප‍්පග‍්ගහණෙන ච සබ‍්බසො දුච‍්චරිතාභාවස‍්ස හෙතුං දස‍්සෙන‍්තො කල්‍යාණසීලතං හෙතුතො විභාවෙති. සම‍්බොධීති අරියඤාණං, තං ගච‍්ඡන‍්ති භජන‍්තීති සම‍්බොධිගාමිනො, බොධිපක‍්ඛිකාති අත්‍ථො. අනුස‍්සදන‍්ති රාගුස‍්සදාදිරහිතං. “තථාවිධ”න‍්තිපි පඨන‍්ති. “බොධිපක‍්ඛිකානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තො”ති යථා යථා පුබ‍්බෙ වුත‍්තං, තථාවිධං තාදිසන‍්ති අත්‍ථො. දුක‍්ඛස‍්සාති වට‍්ටදුක‍්ඛස‍්ස, වට‍්ටදුක‍්ඛහෙතුනො වා. ඉධෙව ඛයමත‍්තනොති ආසවක‍්ඛයාධිගමෙන අත‍්තනො වට‍්ටදුක‍්ඛහෙතුනො සමුදයපක‍්ඛියස‍්ස කිලෙසගණස‍්ස ඉධෙව ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ ඛයං අනුප‍්පාදං පජානාති, වට‍්ටදුක‍්ඛස‍්සෙව වා ඉධෙව චරිමකචිත‍්තනිරොධෙන ඛයං ඛීණභාවං පජානාති. තෙහි ධම‍්මෙහි සම‍්පන‍්නන‍්ති තෙහි යථාවුත‍්තසීලාදිධම‍්මෙහි සමන‍්නාගතං. අසිතන‍්ති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයානං පහීනත‍්තා අසිතං, කත්‍ථචි අනිස‍්සිතං. සබ‍්බලොකස‍්සාති සබ‍්බස‍්මිං සත‍්තලොකෙ. සෙසං වුත‍්තනයමෙව.

ගාථාවන්හි දුක්කටං යනු නොමනා ලෙස කරන ලද, දුශ්චරිතය යන අර්ථයි. හිරිමනං යනු ලජ්ජා ඇති ලජ්ජාවෙන් යුක්ත වූ, හැම අයුරින්ම පාපයේ පැවැත්ම. පිළිකුල් කරන ස්වභාවය යන අර්ථයි. ලජ්ජාව සහිත සිත හෝ ‘හිරිමනං’ නමි. හිරිය ගැනීමෙන්ම මෙහි ඔත්තපය ද (පාපයට බය) ගන්නා ලදැයි දතයුතුය. හිරි ඔත්තප්ප ගැනීමෙන් සියලු ආකාරයෙන් දුසිරිත් නැති බවට හේතු දක්වමින් කලණ සිල් ඇති බව හේතු වශයෙන් පැහැදිලි කරයි. සම්බෝධිය නම් වූ ආර්ය මාර්ග ඥානයට යති, එය භජනය කරති යන අරුතින් සම්බෝධි ගාමිනොය, බෝධිපාක්‍ෂික යන අර්ථයි. අනුස්සදං යනු රාගාදි කෙලෙස් නැති ‘තථාවිධං’ යනුවෙන් ද කියති. ‘බොධි පක්‍ඛිකානං ධම්මානං භාවනානුයොග මනුයුත්තො ‘බෝධිපාක්‍ෂික ධර්ම භාවනා කිරීමෙහි යෙදුණේ යනු යම් යම් අයුරකින් පෙර කියන ලද ද එපරිදිය එබඳුය යන අර්ථයි. දුක්‍ඛස්ස සංසාර දුක්ඛයාගේ හෝ සසර දුකට ඇති හේතු වේ. ඉධෙව ඛයමත්තනො ආශ්‍රවයන් ක්‍ෂය කිරිමෙන් තමාගේ සසර දුකට හේතු වූ සමුදය පක්‍ෂයට අයත් කෙලෙස් සමූහයේ ‘ඉධෙව’ මේ ආත්ම භාවයෙහිම ‘ඛයං’ නූපදීම දැනගනී. මේ ආත්ම භාවයෙහිම අවසාන චිත්ත නිරෝධයෙන් සංසාර දුක්ඛයාගේ ක්‍ෂය, ක්‍ෂීණ බව දැනගනියි. තෙහි ධම්මෙහි සම්පන්නං යනු ඒ කියන ලද ශීලාදී ධර්මවලින් යුක්ත වූ අසිතං යනු තණ්හා-දිට්ඨිවල ඇසුර පහ වූ බැවින් අසිතං නමි. ඇතැම් තැනක අනිස්සිතං (යනුවෙන්ද ඇත) සබ්බ ලොකස්ස යනු සියලු සත්ත්ව ලෝකයෙහි සෙස්ස කියන ලද ක්‍රමයමයි.

අට‍්ඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවන සූත්‍රයයි.