යෙදුමෙන් කියවන්න

1. බ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. බ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

1. බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

චතුක‍්කනිපාතස‍්ස පඨමෙ අහන‍්ති අත‍්තනිද‍්දෙසො. යො හි පරො න හොති, සො නියකජ‍්ඣත‍්තසඞ‍්ඛාතො අත‍්තා “අහ”න‍්ති වුච‍්චති. අස‍්මීති පටිජානනා. යො පරමත්‍ථබ්‍රාහ‍්මණභාවො “අහ”න‍්ති වුච‍්චමානො, තස‍්ස අත‍්තනි අත්‍ථිභාවං පටිජානන‍්තො හි සත්‍ථා “අස‍්මී”ති අවොච. “අහමස‍්මී”ති ච යථා “අහමස‍්මි බ්‍රහ‍්මා මහාබ්‍රහ‍්මා, සෙය්‍යොහමස‍්මී”ති ච අප‍්පහීනදිට‍්ඨිමානානුසයා පුථුජ‍්ජනා අත‍්තනො දිට‍්ඨිමානමඤ‍්ඤනාභිනිවෙසවසෙන අභිවදන‍්ති, න එවං වුත‍්තං. සබ‍්බසො පන පහීනදිට‍්ඨිමානානුසයො භගවා සමඤ‍්ඤං අනතිධාවන‍්තො ලොකසමඤ‍්ඤානුරොධෙන වෙනෙය්‍යසන‍්තානෙසු ධම‍්මං පතිට‍්ඨපෙන‍්තො කෙවලං තාදිසස‍්ස ගුණස‍්ස අත‍්තනි විජ‍්ජමානතං පටිජානන‍්තො “අහමස‍්මී”ති ආහ.

චතුක්ක නිපාතයෙහි පළමු සුත්‍රයෙහි අහං යනු තමා දැක්වීමයි හෙවත් ආත්ම නිර්දේශයයි. යම් අනිකෙක් නොවේ ද ඒ නියකජ්ඣත්ත යයි කියන ලද ආත්මය (තමා) මම (අහං) යයි කියනු ලැබේ. අස්මි යනු යම් පරමාර්ථ බ්‍රාහ්මණ බවක් වේද එය එසේයයි පිළිගැනීම, මම යයි කියමින් තමා කෙරෙහි බ්‍රාහ්මණභාවය ඇති බව පිළිගනිමින් ශාස්තෲන් වහන්සේ ‘අස්මි’ (වෙමි) යි වදාළහ. ‘මම බ්‍රහ්ම වෙමි. මහා බ්‍රහ්ම වෙමි’යි ද ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි ද පහනොවූ දිට්ඨි-මාන අනුසය ඇති පෘථග්ජනයෝ තමන්ගේ දිට්ඨි-මාන යන හැඟීම් සිත තුළ පිහිටුවීම් වශයෙන් යම් සේ කියත් ද මෙසේ (භාග්‍යවතුන් වහන්සේ විසින්) නොකියන ලදී. සියලු ආකාරයෙන් පහවූ දිට්ඨි-මාන අනුසය ඇති භාග්‍යවතුන් වහන්සේ ව්‍යවහාරය නො ඉක්මවමින් ලෝක ව්‍යවහාරයට අනුකූලව හික්මවිය යුතු අයගේ චිත්ත සන්තානයන්හි ධර්මය පිහිටුවමින් හුදෙක් එබඳු ගුණය තමා කෙරෙහි ඇති බව පිළිගනිමින් ‘අහමස්මි’ (මම වෙමි) යි කීහ.

බ්‍රාහ‍්මණොති බාහිතපාපත‍්තා බ්‍රහ‍්මස‍්ස ච අණනතො බ්‍රාහ‍්මණො. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – භික‍්ඛවෙ, අහං පරමත්‍ථතො බ්‍රාහ‍්මණොස‍්මීති. භගවා සබ‍්බාකාරපරිපුණ‍්ණස‍්ස දානසංයමාදිවතසමාදානස‍්ස නිරවසෙසාය තපචරියාය පාරං ගතො සම‍්මදෙව වුසිතබ්‍රහ‍්මචරියවාසො සකලවෙදන‍්තගූ සුවිසුද‍්ධවිජ‍්ජාචරණො සබ‍්බථා නින‍්හාතපාපමලො අනුත‍්තරස‍්ස අරියමග‍්ගසඞ‍්ඛාතස‍්ස බ්‍රාහ‍්මණස‍්ස වත‍්තා පවත‍්තා, සුපරිසුද‍්ධස‍්ස ච සාසනබ්‍රහ‍්මචරියස‍්ස පවෙදෙතා, තස‍්මා සබ‍්බසො බාහිතපාපත‍්තා බ්‍රහ‍්මස‍්ස ච අණනතො කථනතො පරමත්‍ථෙන බ්‍රාහ‍්මණොති වුච‍්චති.

බ්‍රාහ්මණො යනු බහාතබන ලද පව් ඇති බැවින්ය. ආර්ය මාර්ගය නම් වූ වේදයට* ණය නැති බැවින් බ්‍රාහ්මණ වෙයි. මේ මෙහි අර්ථයයි: මහණෙනි, මම පරමාර්ථ වශයෙන් බ්‍රාහ්මණයෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ වනාහි සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ දාන-සංයම ආදී වත් සමාදාන වශයෙන් ඉතිරි නොකොට තපස් චර්යාවෙන් පරතෙරට ගිය සේක. මැනවින් වාසය කරන ලද බ්‍රහ්මචරිය වාසය ඇතිසේක්, සියලු වේදයන්ගේ පරතෙරට ගිය සේක. සපිරිසිදු විද්‍යාචරණ ඇති සේක. හැම ආකාරයෙන් සෝදාහරින ලද පව්මල ඇති සේක. අනුත්තර ආර්ය මාර්ගයයි කියන ලද වේදය ගැන දේශනා කරන සේක. සුපිරිසිදු ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳව දේශනා කරන සේක. එහෙයින් සියලු ආකාරයෙන් බහා තබන ලද පව් ඇති බැවින් වේදයට ණය ඇති බැවින් වේදය කියන බැවින් භාග්‍යවතුන් වහන්සේ උසස්ම අර්ථයෙන් බ්‍රාහ්මණ යයි කියනු ලැබේ.

ඉති භගවා සදෙවකෙ ලොකෙ අත‍්තනො අනුත‍්තරං බ්‍රාහ‍්මණභාවං පවෙදෙත්‍වා යානි තානි බ්‍රාහ‍්මණදානාදීනි ඡ කම‍්මානි බ්‍රාහ‍්මණස‍්ස පඤ‍්ඤාපෙන‍්ති, තෙසම‍්පි සුපරිසුද‍්ධානං උක‍්කංසතො අත‍්තනි සංවිජ‍්ජමානතං දස‍්සෙතුං “යාචයොගො”තිආදිමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි තමන් වහන්සේගේ අනුත්තර වූ බ්‍රාහ්මණභාවය ප්‍රකාශකොට බ්‍රාහ්මණයෝ යම් මේ දානාදී කර්ම හයක් බමුණන්ට පණවත් ද ඒ සුපිරිසිදු වූ දානාදී කර්මයන් උසස් අයුරින් තමන්වහන්සේ කෙරෙහි ඇති බව දක්වන්නට ‘යාචයොගො’ ආදිය වදාළහ.

තත්‍ථ යාචයොගොති යාචෙහි යුත‍්තො. යාචන‍්තීති යාචා, යාචකා, තෙ පනෙත්‍ථ වෙනෙය්‍යා වෙදිතබ‍්බා. තෙ හි “දෙසෙතු, භන‍්තෙ භගවා, ධම‍්මං; දෙසෙතු, සුගතො, ධම‍්ම”න‍්ති භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා ධම‍්මදෙසනං යාචන‍්ති. භගවා ච තෙසං ඉච‍්ඡාවිඝාතං අකරොන‍්තො යථාරුචි ධම‍්මං දෙසෙන‍්තො ධම‍්මදානං දෙතීති යාචයොගො, සදා සබ‍්බකාලං තෙහි අවිරහිතො. අථ වා යාචයොගොති යාචනයොග‍්ගො, අධිප‍්පායපූරණතො යාචිතුං යුත‍්තොති අත්‍ථො “යාජයොගො”තිපි පාඨො. තත්‍ථ යාජො වුච‍්චති මහාදානං, යිට‍්ඨන‍්ති අත්‍ථො. ඉධ පන ධම‍්මදානං වෙදිතබ‍්බං, යාජෙ නියුත‍්තොති යාජයොගා. සදාති සබ‍්බදා, අනවරතප‍්පවත‍්තසද‍්ධම‍්මමහාදානොති අත්‍ථො.

එහි යාචයොගො යනු යාචකයන් සමග යුක්ත වූ. ඉල්ලති යන අරුතින් යාචකයෝ නම් වෙති. ඔවුහු වනාහි මෙහිදී හික්මවිය යුත්තෝයයි දතයුතුයි. ඔව්හු වනාහි ‘දෙසෙතු භන්තෙ භගවා ධම්මං දෙසෙතු සුගතො ධම්මං’ ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනු මැනවි. සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරනු මැනවි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ධර්මදේශනාව ඉල්ලති. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන්ගේ බලාපොරොත්තු විනාශ නොකොට කැමති පරිද්දෙන් ධර්මය දේශනා කරමින් ධර්ම දානය දෙති යන අරුතින් ඉල්ලීමට සුදුසු වූ සේක් (යාචයොගො) හැමදා හැමකල්හි ඔවුන්ගෙන් තොර නොවූහ. නැතහොත් : ‘යාචයොගො’ යනු ඉල්ලීමට සුදුසු, අදහස් සම්පූර්ණ කිරීම් වශයෙන් ඉල්ලන්නට සුදුසුය යන අර්ථයි. ‘යාජයොගො’ යනු ද පාඨයකි. එහි මහා දානයට ‘යාජ’ යයි කියනු ලැබේ. යිට්ඨං (මහා දානය) යන අර්ථයි. මෙහි වනාහි ධර්මදානය දතයුතුය. මහා දානයෙහි නියුක්ත වූයේ යන අරුතින් යාජයොග නම් වේ. සදා යනු හැමදා, නිතර පවත්වන සද්ධර්ම මහාදානය යන අර්ථයි.

අථ වා යාජෙන යොජෙතීතිපි යාජයොගො. තිවිධදානසඞ‍්ඛාතෙන යාජෙන සත‍්තෙ යථාරහං යොජෙති, තත්‍ථ දානෙ නියොජෙතීති අත්‍ථො. “යාජයොගො සතත”න‍්තිපි පඨන‍්ති. පයතපාණීති පරිසුද‍්ධහත්‍ථො. යො හි දානාධිමුත‍්තො ආමිසදානං දෙන‍්තො සක‍්කච‍්චං සහත්‍ථෙන දෙය්‍යධම‍්මං දාතුං සදා ධොතහත්‍ථොයෙව හොති, සො “පයතපාණී”ති වුච‍්චති. භගවාපි ධම‍්මදානාධිමුත‍්තො සක‍්කච‍්චං සබ‍්බකාලං ධම‍්මදානෙ යුත‍්තප‍්පයුත‍්තොති කත්‍වා වුත‍්තං “පයතපාණී”ති. “සදා”ති ච පදං ඉමිනාපි සද‍්ධිං යොජෙතබ‍්බං “සදා පයතපාණී”ති. අවිභාගෙන හි සත්‍ථා වෙනෙය්‍යලොකස‍්ස සද‍්ධම‍්මදානං සදා සබ‍්බකාලං පවත‍්තෙන‍්තො තත්‍ථ යුත‍්තප‍්පයුත‍්තො හුත්‍වා විහරති.

නැතහොත්, යාජ නම් වූ දානය සමග යොදවති යන අරුතින් රාජයොග නම් වේ. ත්‍රිවිධ දානයයි කියන ලද යාජයෙන් සත්ත්වයන් සුදුසු පරිදි යොදවති. ඒ දානයෙහි යොදවති යන අර්ථයි. ‘යාජයොගො සත්තං’ යනු ද පාඨයකි. පයත පාණී යනු පිරිසිදු අත් ඇත්තා වූ, යමෙක් දන්දීමෙහි ඇලුනේ ආමිසදානය දෙමින් සකස්කොට සියතින් දන් දීමට හැමදා සෝදන ලද අත් ඇත්තේම වෙයිද හෙතෙම පයතපාණී යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ ද ධර්මදානයෙහි ඇලුනේ සකස්කොට හැමකල්හි ධර්ම දානයෙහි යෙදුනාහු යයි සලකා ‘පයතපාණී’ යනුවෙන් කියන ලදී. ‘සදා පයතපාණී’ යනුවෙන් ‘සදා’ යන පදය ද මේ සමග යෙදිය යුතුය. ශාස්තෲන් වහන්සේ බෙදීමක් නැතිව වෙනෙය්‍ය ලෝකයාට (හික්මවීමට සුදුසු අයට) සද්ධර්ම දානය හැමදා හැමකල්හි පවත්වමින් එහි යෙදුනු තැනැත්තෙක් වී වාසය කරති.

අපරො නයො – යොගො වුච‍්චති භාවනා. යථාහ “යොගා වෙ ජායතෙ භූරී”ති (ධ· ප· 282). තස‍්මා යාජයොගොති යාජභාවනං, පරිච‍්චාගභාවනං අනුයුත‍්තොති අත්‍ථො. භගවා හි අභිසම‍්බොධිතො පුබ‍්බෙ බොධිසත‍්තභූතොපි කරුණාසමුස‍්සාහිතො අනවසෙසතො දානං පරිබ්‍රූහෙන‍්තො තත්‍ථ උක‍්කංසපාරමිප‍්පත‍්තො හුත්‍වා අභිසම‍්බොධිං පාපුණි, බුද‍්ධො හුත්‍වාපි තිවිධං දානං පරිබ්‍රූහෙසි විසෙසතො ධම‍්මදානං, පරෙපි තත්‍ථ නියොජෙසි. තථා හි සො වෙනෙය්‍යයාචකානං කස‍්සචි සරණානි අදාසි, කස‍්සචි පඤ‍්ච සීලානි, කස‍්සචි දස සීලානි, කස‍්සචි චතුපාරිසුද‍්ධිසීලං, කස‍්සචි ධුතධම‍්මෙ, කස‍්සචි චත‍්තාරි ඣානානි, කස‍්සචි අට‍්ඨ සමාපත‍්තියො, කස‍්සචි පඤ‍්චාභිඤ‍්ඤායො, චත‍්තාරො මග‍්ගෙ, චත‍්තාරි සාමඤ‍්ඤඵලානි, තිස‍්සො විජ‍්ජා, චතස‍්සො පටිසම‍්භිදාති එවමාදිලොකියලොකුත‍්තරභෙදං ගුණධනං ධම‍්මදානවසෙන යථාධිප‍්පායං දෙන‍්තො පරෙ ච “දෙථා”ති නියොජෙන‍්තො පරිච‍්චාගභාවනං පරිබ්‍රූහෙසි. තෙන වුත‍්තං “පරිච‍්චාගභාවනං අනුයුත‍්තො”ති.

වෙනත් ක්‍රමයක් : භාවනාව යෝගයයි කියනු ලැබේ. ‘යොගා වෙ ජායතෙ භූරී’ ‘යෝගයෙන් ප්‍රඥාව උපදී’ යයි එහෙයින් කීය. ‘යාජයොගො’ යනු යාජ භාවනාවට පරිත්‍යාග භාවනාවට අනුයුක්ත වූ (යෙදුණු) යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පෙර බෝසත් කාලයේම කරුණාවෙන් උත්සාහ කරන ලද්දේ සියලු ආකාරයෙන් දානය වර්ධනය කරමින් එහි උසස් අයුරින් කෙළවරට පැමිණි තැනැත්තෙක්ව අභිසම්බෝධියට පැමිණියහ. බුදු වී ද ත්‍රිවිධ දානය විශේෂ වශයෙන් ධර්ම දානය වැඩූහ. අන්‍යයන් ද එහි යෙදවූහ. එසේ උන්වහන්සේ වෙනෙය්‍ය යාචකයන් (හික්මවීමට සුදුසු අය) අතුරෙන් කෙනෙකුට සරණ දුන්හ. කෙනෙකුට පන්සිල් ද කෙනෙකුට දසසිල් ද කෙනෙකුට සිවු පිරිසිදු සිල් ද කෙනෙකුට ධුත ධර්ම ද කෙනෙකුට සතර ඥානයන් ද කෙනෙකුට අටසමවත් ද කෙනෙකුට පංච අභිඤ්ඤා ද සතර මාර්ග ද සතර සාමඤ්ඤ ඵල ද ත්‍රිවිද්‍යාව ද සිවුපිළිසිඹියා දැයි මෙබඳු ලෞකික ලෝකොත්තර භේද ඇති ගුණ ධනය ධර්මදාන වශයෙන් අදහස් කළ පරිදි දෙමින් එසේ දෙන්නැයි අනුන් ද යොදවමින් පරිත්‍යාග භාවනාව වැඩූහ. එහෙයින් පරිත්‍යාග භාවනාවට අනුයුක්ත වූ යනුවෙන් කියන ලදී.

පයතපාණීති වා ආයතපාණී, හත්‍ථගතං කිඤ‍්චි දාතුං “එහි ගණ‍්හා”ති පසාරිතහත්‍ථො විය ආචරියමුට‍්ඨිං අකත්‍වා සද‍්ධම‍්මදානෙ යුත‍්තප‍්පයුත‍්තොති අත්‍ථො. පයතපාණීති වා උස‍්සාහිතහත්‍ථො, ආමිසදානං දාතුං උස‍්සාහිතහත්‍ථො විය ධම‍්මදානෙ කතුස‍්සාහොති අත්‍ථො. අන‍්තිමදෙහධරොති බ්‍රහ‍්මචරියවසෙන බ්‍රාහ‍්මණකරණානං ධම‍්මානං පාරිපූරියා පච‍්ඡිමත‍්තභාවධාරී. අවුසිතවතො හි වසලකරණානං ධම‍්මානං අප‍්පහානෙන වසලාදිසමඤ‍්ඤා ගති ආයතිං ගබ‍්භසෙය්‍යා සියා. තෙන භගවා අත‍්තනො අච‍්චන‍්තවුසිතබ්‍රාහ‍්මණභාවං දස‍්සෙති. අනුත‍්තරො භිසක‍්කො සල‍්ලකත‍්තොති දුත‍්තිකිච‍්ඡස‍්ස වට‍්ටදුක‍්ඛරොගස‍්ස තිකිච‍්ඡනතො උත‍්තමො භිසක‍්කො, අඤ‍්ඤෙහි අනුද‍්ධරණීයානං රාගාදිසල‍්ලානං කන‍්තනතො සමුච‍්ඡෙදවසෙන සමුද‍්ධරණතො උත‍්තමො සල‍්ලකන‍්තනවෙජ‍්ජො. ඉමිනා නිප‍්පරියායතො බ්‍රාහ‍්මණකරණානං ධම‍්මානං අත‍්තනි පතිට‍්ඨිතානං පරසන‍්තතියං පතිට‍්ඨාපනෙන පරෙසම‍්පි බ්‍රාහ‍්මණකරණමාහ.

‘පයතපාණී’ යනු ‘ආයතපාණී’ හෝ වෙයි. අතට පත් යමක් දීමට එන්න ගන්නැයි දිගු කළ අත් ඇති කෙනෙකු මෙන් ගුරුමුෂ්ටි නොතබා සද්ධර්ම දානයෙහි යෙදුණේ යන අර්ථයි. නැතහොත් ‘පයතපාණී’ යනු උත්සාහවත් වූ අත් ඇත්තේ, ආමිස දානය දීමට උත්සාහවත් වූ අත් ඇති කෙනෙකු මෙන් ධර්මදානයෙහි කරන ලද උත්සාහ ඇත්තේ යන අර්ථයි. අන්තිම දෙහධරො යනු බ්‍රහ්මචරිය වාසයෙන් බ්‍රාහ්මණ කරණ ධර්ම සම්පූර්ණ කිරීමෙන් අවසන් ආත්මභාවය දරන්න වූ. බ්‍රහ්මචරිය වාසය නැති තැනැත්තාට වනාහි වසල කරණ ධර්මයන් දුරු නොකිරීමෙන් වසල ආදී නම් ඇත්තේ යාම් ඊම් වශයෙන් මව්කුස පිළිසිඳ ගැනීමක් වන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අධික ලෙස බඹසර හැසිරීමෙන් තමන්ගේ බ්‍රාහ්මණ භාවය දක්වති. අනුත්තරො භිසක්කො සල්ලකත්තො යනු පිළියම් කිරීමට අපහසු වූ සංසාර දුක්ඛ රෝගයට පිළියම් කිරිම් වශයෙන් උතුම් වූ වෛද්‍යවරයෙක්, අන් අය විසින් උදුරා දැමීමට නොහැකි රාගාදී උල් කැපීම් වශයෙන් සහමුලින් උදුරාදැමීම් වශයෙන් උතුම් වූ සල්ලකන්තන (උල් කපා දමන) වෛද්‍යවරයෙක්. මෙයින් නිෂ්පර්යාය වශයෙන් (අන් ක්‍රමයක් නොමැති ආකාරයෙන්) තමා තුළ පිහිටි බ්‍රාහ්මණ කරණ ධර්මයන් අන්‍යයන්ගේ සිත් තුළ පිහිටුවමින් අන්‍යයන් ද බමුණන් බවට පත්කිරීම වදාළහ.

තස‍්ස මෙ තුම‍්හෙ පුත‍්තාති තස‍්ස එවරූපස‍්ස මම තුම‍්හෙ, භික‍්ඛවෙ, පුත‍්තා අත්‍රජා හොථ. ඔරසාති උරසි සම‍්බන්‍ධා. යථා හි සත‍්තානං ඔරසපුත‍්තා අත්‍රජා විසෙසෙන පිතුසන‍්තකස‍්ස දායජ‍්ජස‍්ස භාගිනො හොන‍්ති, එවමෙතෙපි අරියපුග‍්ගලා සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ධම‍්මස‍්සවනන‍්තෙ අරියාය ජාතියා ජාතා. තස‍්ස සන‍්තකස‍්ස විමුත‍්තිසුඛස‍්ස අරියධම‍්මරතනස‍්ස ච එකංසභාගියතාය ඔරසා. අථ වා භගවතො ධම‍්මදෙසනානුභාවෙන අරියභූමිං ඔක‍්කමමානා ඔක‍්කන‍්තා ච අරියසාවකා සත්‍ථු උරෙ වායාමජනිතාභිජාතිතාය නිප‍්පරියායෙන “ඔරසපුත‍්තා”ති වත‍්තබ‍්බතං අරහන‍්ති. තථා හි තෙ භගවතා ආසයානුසයචරියාධිමුත‍්තිආදිවොලොකනෙන වජ‍්ජානුචින‍්තනෙන ච හදයෙ කත්‍වා වජ‍්ජතො නිවාරෙත්‍වා අනවජ‍්ජෙ පතිට‍්ඨපෙන‍්තෙන සීලාදිධම‍්මසරීරපොසනෙන සංවඩ‍්ඪිතා.

තස්ස මෙ තුම්හෙ පුත්තා යනු මහණෙනි, ඔබලා එබඳු වූ මගේ පුත්‍රයෝ වන්න. ඔරසා යනු හෘදයට සම්බන්ධ වූ. යම් සේ සත්ත්වයන් (දරුවන්) අතරින් ඖරස පුත්‍රයෝ විශේෂයෙන් පියා සතු වස්තුවට කොටස්කරුවෝ වෙත් ද එසේම ඒ ආර්ය පුද්ගලයෝ ද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසීම අවසානයෙහි ආර්ය ජාතියෙහි උපන්නාහු උන්වහන්සේ සතු විමුක්ති සුඛයට ද ආර්ය ධර්ම රත්නයටද ඒකාන්තයෙන් කොටස්කරුවන් වන බැවින් ඔරස නම් වෙති. නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් ආර්යභූමියට බැසගන්නා වූ ද බැසගත්තා වූ ද ආර්ය ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේගේ ළයෙහි උත්සාහයෙන් උපන් අභිජාති ඇති බැවින් නිෂ්පර්යාය වශයෙන් ඖරස පුත්‍රයෝ යයි කිය යුතු බවට සුදුසුය. එය එසේමය. භාග්‍යවතුන් වහන්සේ විසින් ආසය-අනුසය චරියා-අධිමුත්ති ආදිය බැලීමෙන් වරදට අනුව සිතීමෙන් ද හදවතෙහි තබා වරදින් වළක්වා නිවරදෙහි පිහිටුවීමෙන් ශීලාදී ධර්ම නමැති ශරීර පෝෂණයෙන් සංවර්ධනය කරන ලද අය වෙත් ද (ඔවුහු ඖරස පුත්‍රයයි කීමට සුදුසුය)

මුඛතො ජාතාති මුඛතො ජාතාය ධම‍්මදෙසනාය අරියාය ජාතියා ජාතත‍්තා මුඛතො ජාතා. අථ වා අනඤ‍්ඤසාධාරණතො සබ‍්බස‍්ස කුසලධම‍්මස‍්ස මුඛතො පාතිමොක‍්ඛතො වුට‍්ඨානගාමිනිවිපස‍්සනාසඞ‍්ඛාතතො විමොක‍්ඛමුඛතො වා අරියමග‍්ගජාතියා ජාතාතිපි මුඛතො ජාතා. සික‍්ඛත‍්තයසඞ‍්ගහෙ සාසනධම‍්මෙ අරියමග‍්ගධම‍්මෙ වා ජාතාති ධම‍්මජා. තෙනෙව ධම‍්මෙන නිම‍්මිතා මාපිතාති ධම‍්මනිම‍්මිතා. සතිධම‍්මවිචයාදි ධම‍්මදායාදා, න ලාභසක‍්කාරාදි ආමිසදායාදා, ධම‍්මදායාදා නො ආමිසදායාදා හොථාති අත්‍ථො.

මුඛතො ජාතා යනු මුඛයෙන් උපන් ධර්ම දේශනාවෙන් ආර්ය ජාතියෙහි උපන් බැවින් මුඛයෙන් උපන්නාහු, නැතහොත් අන්‍යයන්ට සාධාරණ (පොදු) නැති බැවින් සියලු කුශල ධර්මයන්ට ප්‍රධාන හෙයින් විශේෂයෙන් ප්‍රමුඛ වීම් (ප්‍රාතිමොක්ඛ) වශයෙන් හෝ වුට්ඨානගාමිනී විපස්සනා සංඛ්‍යාත විමොක්‍ෂ මුඛ වශයෙන් හෝ ආර්යමාර්ග ජාතියෙහි උපන්නාහුය යන අරුතින් මුඛයෙන් උපන්නාහු, ශික්‍ෂාත්‍රයෙහි සංග්‍රහ වූ ශාසන ධර්මයෙහි හෝ ආර්යමාර්ග ධර්මයෙහි හෝ උපන්නාහුය යන අරුතින් ධම්මජා, ඒ ධර්මයෙන්ම නිර්මාණය කරන ලද්දාහු මවන ලද්දාහු යන අරුතින් ධම්මනිම්මිතා සති-ධම්මවිචය ආදි ධර්මයට දායාද වූ අරුතින් ධම්මදායාදා ලාභසත්කාර ආදී ආමිෂයට දායාද නොවූ යන අරුතින් නො ආමිසදායාදා ධර්මයට දායාද වූ ආමිෂයට දායාද නොවූ (මගේ පුත්‍රයෝ) වව් යන අර්ථයි.

තත්‍ථ ධම‍්මො දුවිධො – නිප‍්පරියායධම‍්මො, පරියායධම‍්මොති. ආමිසම‍්පි දුවිධං – නිප‍්පරියායාමිසං, පරියායාමිසන‍්ති. කථං? මග‍්ගඵලනිබ‍්බානප‍්පභෙදො හි නවවිධො ලොකුත‍්තරධම‍්මො නිප‍්පරියායධම‍්මො, නිබ‍්බත‍්තිතධම‍්මොයෙව, න කෙනචි පරියායෙන කාරණෙන වා ලෙසෙන වා ධම‍්මො. යං පනිදං විවට‍්ටූපනිස‍්සිතං කුසලං, සෙය්‍යථිදං – ඉධෙකච‍්චො විවට‍්ටං පත්‍ථෙන‍්තො දානං දෙති, සීලං සමාදියති, උපොසථකම‍්මං කරොති, ගන්‍ධමාලාදීහි වත්‍ථුපූජං කරොති, ධම‍්මං සුණාති, දෙසෙති, ඣානසමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, එවං කරොන‍්තො අනුපුබ‍්බෙන නිප‍්පරියායං අමතං නිබ‍්බානං පටිලභති, අයං පරියායධම‍්මො. තථා චීවරාදයො චත‍්තාරො පච‍්චයා නිප‍්පරියායාමිසමෙව, න අඤ‍්ඤෙන පරියායෙන වා කාරණෙන වා ලෙසෙන වා ආමිසං. යං පනිදං වට‍්ටගාමිකුසලං, සෙය්‍යථිදං – ඉධෙකච‍්චො වට‍්ටං පත්‍ථෙන‍්තො සම‍්පත‍්තිභවං ඉච‍්ඡමානො දානං දෙති…පෙ… සමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, එවං කරොන‍්තො අනුපුබ‍්බෙන දෙවමනුස‍්සසම‍්පත‍්තියො පටිලභති, ඉදං පරියායාමිසං නාම.

එහි ධර්මය නිෂ්පරියාය ධර්මය, පර්යාය ධර්මයයි දෙපරිදිය. ආමිෂය ද නිෂ්පර්යාය ආමිෂය, පරියාය ආමිෂයයි දෙපරිදිය. කෙසේද? මාර්ග-ඵල-නිවන් යන ප්‍රභේද ඇති නවවිධ ලෝකෝත්තර ධර්මය නිෂ්පර්යාය ධර්මයමය. නිබ්බත්තිත ධර්මයමය. කිසියම් ක්‍රමයකින් හෝ කරුණකින් හෝ යන්තමින් හෝ ධර්මයක් නොවේ. යම් මේ නිවනට උපකාර වන කුසල් ඇත්ද එනම් මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිවන් පතමින් දන් දෙයි, සිල් සමාදන් වෙයි, පෙහෙවස් විසීම කරයි, සුවඳ-මල් ආදියෙන් ශාස්තෲන් වහන්සේට පූජා කරයි, බණ අසයි, දෙසයි, ධ්‍යාන සමාපත්ති උපදවයි. මෙසේ කරමින් අනුපිළිවෙළින් නිෂ්පර්යාය අමා නිවන් ලබයි. මේ පරියාය ධර්මයයි. එසේ සිවුරු ආදී සිවුපසය නිෂ්පර්යාය ආමිෂයමය. අනිත් ක්‍රමයකින් හෝ කරුණකින් හෝ යන්තමින් හෝ ආමිෂ නොවේ. යම් මේ සසරට උපකාරවන කුසල් ඇත්ද එනම් මෙලොව ඇතැම් පුද්ගලයෙක් සසර පතමින් සම්පත් භවය කැමැත්තෙන් දන් දෙයි. -පෙ- සමාපත්ති උපදවයි. මෙසේ කරමින් අනුපිළිවෙළින් දෙව්මිනිස් සම්පත් ලබයි. මේ පර්යාය ආමිෂය නම් වේ.

තත්‍ථ නිප‍්පරියායධම‍්මොපි භගවතොයෙව සන‍්තකො. භගවතා හි කථිතත‍්තා භික‍්ඛූ මග‍්ගඵලනිබ‍්බානානි අධිගච‍්ඡන‍්ති. වුත‍්තඤ‍්හෙතං –

එහි නිෂ්පර්යාය ධර්මය ද භාග්‍යවතුන් වහන්සේටම අයත්ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද බැවින් භික්‍ෂූහු මාර්ග-ඵලනිවන් ලබති. එය -

“සො, හි, බ්‍රාහ‍්මණ, භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා, අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා…පෙ… මග‍්ගානුගා ච පනෙතරහි සාවකා විහරන‍්ති පච‍්ඡා සමන‍්නාගතා”ති (ම· නි· 3.79; චූලනි· මොඝරාජමාණවපුච‍්ඡානිද‍්දෙස 85).

‘බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ නූපන් මාලිගය උපදවන තැනැත්තාය. නොහටගත් මාර්ගය හටගන්වන්නාය. -පෙ- දැන් වනාහි ශ්‍රාවකයෝ ද මාර්ගයට අනුව වාසය කරති. පසුව මාර්ගයෙන් යුක්ත වෙති’ යනුවෙන් ද

“සො, හාවුසො, භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති, චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො, වත‍්තා පවත‍්තා, අත්‍ථස‍්ස නින‍්නෙතා, අමතස‍්ස දාතා, ධම‍්මස‍්සාමී තථාගතො”ති (ම· නි· 1.203; 3.281) ච.

‘ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දනිති. දැක්ක යුත්ත දකිති. (දැකීමෙහි අධිපති අරුතින්) චක්ඛු භූතයහ. (දැනීම ඇතිකරන අරුතින්) ඤාණභූතයහ. (පර්යාප්ති ධර්මය පවත්වන හෙයින් හෝ) ධර්මභූතයහ. (ශ්‍රේෂ්ඨ අර්ථයෙන්) බ්‍රහ්මභූතයහ. කියන්නාහුය. පවත්වන්නාහුය. අර්ථය ගෙන දෙන්නාහුය. අමෘතය දෙන්නාහුය. ධර්මයට ස්වාමීහුය. තථාගතයහ’ යනුවෙන් ද කියන ලද්දේය.

පරියායධම‍්මොපි භගවතොයෙව සන‍්තකො. භගවතා හි කථිතත‍්තා එව ජානන‍්ති “විවට‍්ටං පත්‍ථෙත්‍වා දානං දෙන‍්තො…පෙ… සමාපත‍්තියො නිබ‍්බත‍්තෙන‍්තො අනුක‍්කමෙන අමතං නිබ‍්බානං පටිලභතී”ති. නිප‍්පරියායාමිසම‍්පි භගවතොයෙව සන‍්තකං. භගවතා හි අනුඤ‍්ඤාතත‍්තායෙව භික‍්ඛූහි ජීවකවත්‍ථුං ආදිං කත්‍වා පණීතචීවරං ලද‍්ධං. යථාහ –

පර්යාය ධර්මය ද භාග්‍යවතුන් වහන්සේටම අයත්ය. නිවන පතා දන් දෙමින් -පෙ- සමාපති උපදවමින් ක්‍රමානුකූලව අමා නිවන ලබයි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ බැවින්ම දනිති. නිෂ්පර්යාය ආමිසය ද භාග්‍යවතුන් වහන්සේටම අයත් ය. භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද හෙයින්ම භික්‍ෂූන් විසින් ජීවක වස්තුව මුල්කොට ප්‍රණීත චීවර (හොඳ සිවුරු) ලබන ලදී.

“අනුජානාමි, භික‍්ඛවෙ, ගහපතිචීවරං. යො ඉච‍්ඡති, පංසුකූලිකො හොතු. යො ඉච‍්ඡති, ගහපතිචීවරං සාදියතු. ඉතරීතරෙනපාහං, භික‍්ඛවෙ, සන‍්තුට‍්ඨිංයෙව වණ‍්ණෙමී”ති (මහාව· 337).

‘මහණෙනි, ගෘහපතියන් විසින් දෙන සිවුරු පිළිගැනීමට අවසර දෙමි. කැමති කෙනෙක් පංසුකූල සිවුරු පරිහරණය කරන්නෙක් වේවා, කැමති කෙනෙක් ගෘහපතියන් දෙන සිවුරු පිළිගනීවා, ‘මහණෙනි, මම ලැබෙන දෙයින් සතුටුවීමම වර්ණනා කරමි’යි වදාළහ.

එවං ඉතරෙපි පච‍්චයා භගවතා අනුඤ‍්ඤාතත‍්තා එව භික‍්ඛූහි පරිභුඤ‍්ජිතුං ලද‍්ධා. පරියායාමිසම‍්පි භගවතොයෙව සන‍්තකං. භගවතා හි කථිතත‍්තා එව ජානන‍්ති “සම‍්පත‍්තිභවං පත්‍ථෙන‍්තො දානං දත්‍වා සීලං…පෙ… සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා අනුක‍්කමෙන පරියායාමිසං දිබ‍්බසම‍්පත‍්තිං මනුස‍්සසම‍්පත‍්තිඤ‍්ච පටිලභතී”ති. යදෙව යස‍්මා නිප‍්පරියායධම‍්මොපි පරියායධම‍්මොපි නිප‍්පරියායාමිසම‍්පි පරියායාමිසම‍්පි භගවතොයෙව සන‍්තකං, තස‍්මා තත්‍ථ අත‍්තනො සාමිභාවං දස‍්සෙන‍්තො තත්‍ථ ච යං සෙට‍්ඨතරං අච‍්චන‍්තහිතසුඛාවහං තත්‍ථෙව නෙ නියොජෙන‍්තො එවමාහ “තස‍්ස මෙ තුම‍්හෙ පුත‍්තා ඔරසා…පෙ… නො ආමිසදායාදා”ති.

මෙසේ අනිත් ප්‍රත්‍යය ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද හෙයින්ම භික්‍ෂූන් විසින් පරිභෝගයට ලබන ලදී. පර්යාය ආමිෂය ද භාග්‍යවතුන් වහන්සේටම අයත්ය. ‘සම්පත්ති භවය පතමින් දන් දී සීලය -පෙ- සමාපත්ති උපදවා අනුපිළිවෙළින් පර්යාය ආමිෂය ද දිව්‍ය සම්පත්තිය ද මනුෂ්‍ය සම්පත්තිය ද ලබයි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ කියන ලද හෙයින්ම දනිති. යම්හෙයකින් නිෂ්පර්යාය ධර්මය ද පර්යාය ධර්මය ද නිෂ්පර්යාය ආමිෂය ද පර්යාය ආමිෂය ද භාග්‍යවතුන් වහන්සේටම අයත් ද එහෙයින් එහි තමන්වහන්සේගේ ස්වාමිභාවය දක්වමින් එහිද වඩා ශ්‍රේෂ්ඨ වූ අධික වූ හිත-සැප ගෙනදෙන දෙයට ඔවුන් යොදවමින් ‘තස්ස මෙ තුම්හෙ පුත්තා ඔරසා -පෙ- නො ආමිස දායාදා’ යනුවෙන් මෙසේ වදාළහ.

ඉති භගවා පරිපුණ‍්ණවතසමාදානං තපචරියං සම‍්මදෙව වුසිතබ්‍රහ‍්මචරියං සුවිසුද‍්ධවිජ‍්ජාචරණසම‍්පන‍්නං අනවසෙසවෙදන‍්තපාරගුං බාහිතසබ‍්බපාපං සතතං යාචයොගං සදෙවකෙ ලොකෙ අනුත‍්තරදක‍්ඛිණෙය්‍යභාවප‍්පත‍්තං අත‍්තනො පරමත්‍ථබ්‍රාහ‍්මණභාවං අරියසාවකානඤ‍්ච අත‍්තනො ඔරසපුත‍්තාදිභාවං පවෙදෙසි. භගවා හි “සීහොති ඛො, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”ති (අ· නි· 5.99) එත්‍ථ සීහසදිසං, “පුරිසො මග‍්ගකුසලොති ඛො, තිස‍්ස, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (සං· නි· 3.84) එත්‍ථ මග‍්ගදෙසකපුරිසසදිසං, “රාජාහමස‍්මි සෙලා”ති (ම· නි· 2.399; සු· නි· 559) එත්‍ථ රාජසදිසං, “භිසක‍්කො සල‍්ලකත‍්තොති ඛො, සුනක‍්ඛත‍්ත, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (ම· නි· 3.65) එත්‍ථ වෙජ‍්ජසදිසං, “බ්‍රාහ‍්මණොති ඛො, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (අ· නි· 8.85) එත්‍ථ බ්‍රාහ‍්මණසදිසං අත‍්තානං කථෙසි. ඉධාපි බ්‍රාහ‍්මණ සදිසං කත්‍වා කථෙසි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිපුන් වත් සමාදානය ඇති, තපස් චරියාව ඇති, මැනවින් වසන ලද බඹසර ඇති, සුපිරිසිදු විද්‍යාචරණයෙන් යුක්ත වූ සියලු වේදයන්ගේ පරතෙරට පත් වූ බහාතබන ලද සියලු පව් ඇති නිතර ඉල්ලීමට යෝග්‍ය වූ දෙවියන් සහිත ලෝකයෙහි අනුත්තර වූ දක්‍ෂිණාවට (දානයට) සුදුසු බවට පත් වූ උසස්ම අර්ථයෙන් තමාගේ බ්‍රාහ්මණභාවය ද තම ආර්ය ශ්‍රාවකයන්ගේ ඖරස පුත්‍ර භාවය ද දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි ‘සීහොති ඛො සික්‍ඛවෙ තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මා සම්බුද්ධස්ස’ ‘මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වූ තථාගතයන් වහන්සේට සීහ යන මෙය වචනයකි යන මෙහි සිංහයකු සමානය. ‘පුරිසො මග්ග කුසලොති ඛො තිස්ස තථාගතස්සෙතං අධිවචනං’ ‘තිස්ස, මාර්ගය කීමට දක්‍ෂ පුරුෂයා යනු තථාගතයන් වහන්සේට නමකි’ යන මෙහි මාර්ගය කියන පුරුෂයාට සමානය. ‘රාජා හමස්මි සෙල’ ‘සෙල, මම රජ වෙමි’ යන මෙහි රජුට සමානය. ‘භිසක්කො සල්ලකත්තොති ඛො සුනක්‍ඛත්ත තථාගතස්සෙතං අධිවචනං’ ‘සුනක්ඛත්ත වෛද්‍යවරයා, සල්‍ය වෛද්‍යවරයා යනු තථාගතයන් වහන්සේට නමකි’ යන මෙහි වෛද්‍යවරයාට සමානය. ‘බ්‍රහ්මණොති ඛො භික්‍ඛවෙ තථාගතස්සෙතං අධිවචනං’ ‘මහණෙනි, බ්‍රාහ්මණ යනු තථාගතයන් වහන්සේ නමකි’ යන මෙහි බ්‍රාහ්මණයාට සමානව තමා ගැන වදාරති, මෙහි ද බ්‍රාහ්මණයාට සමානකොට වදාළහ.

ඉදානි යෙහි දානාදීහි යුත‍්තස‍්ස ඉතො බාහිරකබ්‍රාහ‍්මණස‍්ස බ්‍රාහ‍්මණකිච‍්චං පරිපුණ‍්ණං මඤ‍්ඤන‍්ති, තෙහි අත‍්තනො දානාදීනං අග‍්ගසෙට‍්ඨභාවං පකාසෙතුං “ද‍්වෙමානි, භික‍්ඛවෙ, දානානී”තිආදි ආරද‍්ධං. තත්‍ථ යාගාති මහායඤ‍්ඤා, මහාදානානීති අත්‍ථො, යානි “යිට‍්ඨානී”තිපි වුච‍්චන‍්ති. තත්‍ථ වෙලාමදානවෙස‍්සන‍්තරදානමහාවිජිතයඤ‍්ඤසදිසා ආමිසයාගා වෙදිතබ‍්බා, මහාසමයසුත‍්තමඞ‍්ගලසුත‍්තචූළරාහුලොවාදසුත‍්තසමචිත‍්තසුත‍්තදෙසනාදයො ධම‍්මයාගා. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

දැන් යම් යම් දානාදී කටයුතුවලින් යුක්ත වූ මේ සසුනෙන් බැහැර බමුණාගේ බ්‍රාහ්මණ කටයුතු සම්පූර්ණයයි හඟිත් ද ඒ දානාදියට වඩා තමන්ගේ දානාදිය අග්‍ර බව ශ්‍රේෂ්ඨ බව ප්‍රකාශ කරන්නට ‘ද්වෙමානි භික්‍ඛවෙ දානානි’ යන ආදිය අරඹන ලද්දේ වෙයි. එහි යාගා යනු මහා යඤ්ඤයෝය, මහාදාන යන අර්ථයි. යිට්ඨ යනුවෙන් කියනු ලබන දෙයයි. එහි වේලාමදාන, වෙස්සන්තර දාන, මහාවිජිතයඤ්ඤ සමාන ආමිස යාග දතයුතුය. මහාසමය සූත්‍රය, මංගල සූත්‍රය, චුල්ල රාහුලෝවාද සූත්‍රය, සමචිත්ත සූත්‍රය යනාදී දේශනා ධර්මයාගය. සෙස්ස මුලින් කියන ලද පරිද්දෙනි.

ගාථායං අයජීති අදාසි. අමච‍්ඡරීති සබ‍්බමච‍්ඡරියානං බොධිමූලෙයෙව සුප‍්පහීනත‍්තා මච‍්ඡෙරරහිතො. සබ‍්බභූතානුකම‍්පීති මහාකරුණාය සබ‍්බසත‍්තෙ පියපුත‍්තං විය අනුග‍්ගණ‍්හනසීලො. වුත‍්තඤ‍්හෙතං –

ගාථාවෙහි : අයජි යනු දුන්නේය. අමචඡරී යනු සියලු මසුරුකම් බෝධි මූලයෙහිදීම මනාව පහ වූ බැවින් මසුරුකම නැති. සබ්බසත්තානුකම්පී යනු මහා කරුණාවෙන් සියලු සත්ත්වයන්ට ප්‍රිය පුතකුට මෙන් අනුග්‍රහ කරන ස්වභාවය. ඒ අදහස කියන ලදී -

“වධකෙ දෙවදත‍්තෙ ච, චොරෙ අඞ‍්ගුලිමාලකෙ; ධනපාලෙ රාහුලෙ චෙව, සමචිත‍්තො මහාමුනී”ති. (මි· ප· 6.6.5) –

වධකෙ දෙවදත්තෙ ච චොරෙ අංගුලි මාලකෙ ධනපාලෙ රාහුලෙ චෙව සමචිත්තො මහා මුනී

දෙව්දත් වධකයා කෙරෙහි ද අංගුලිමාල සොරු කෙරෙහි ද ධනපාල ඇතා කෙරෙහි ද රාහුල කෙරෙහි ද මහාමුනි නම් වූ භාග්‍යවතුන් වහන්සේ සමසිත් ඇත්තෝ වෙතියි

සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

සෙස්ස මනාව දැනගත හැකිය.

පඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු සූත්‍රයයි.