2. චතුරනවජ්ජසුත්තවණ්ණනා අට්ඨකථා
2. චතුරනවජ්ජසුත්තවණ්ණනා
2. චතුරනවද්ය සූත්‍ර වර්ණනාව
දුතියෙ අප්පානීති පරිත්තානි. සුලභානීති සුඛෙන ලද්ධබ්බානි, යත්ථ කත්ථචි වා සක්කා හොති ලද්ධුං. අනවජ්ජානීති වජ්ජරහිතානි නිද්දොසානි ආගමනසුද්ධිතො කායමණ්ඩනාදිකිලෙසවත්ථුභාවාභාවතො ච. තත්ථ සුලභතාය පරියෙසනදුක්ඛස්ස අභාවො දස්සිතො, අප්පතාය පරිහරණදුක්ඛස්සපි අභාවො දස්සිතො, අනවජ්ජතාය අගරහිතබ්බතාය භික්ඛුසාරුප්පභාවො දස්සිතො හොති. අප්පතාය වා පරිත්තාසස්ස අවත්ථුතා, සුලභතාය ගෙධාය අවත්ථුතා, අනවජ්ජතාය ආදීනවවසෙන නිස්සරණපඤ්ඤාය වත්ථුතා දස්සිතා හොති. අප්පතාය වා ලාභෙන න සොමනස්සං ජනයන්ති, සුලභතාය අලාභෙන න දොමනස්සං ජනයන්ති, අනවජ්ජතාය විප්පටිසාරනිමිත්තං අඤ්ඤාණුපෙක්ඛං න ජනයන්ති අවිප්පටිසාරවත්ථුභාවතො.
දෙවන සූත්‍රයෙහි අප්පානි යනු ස්වල්ප. සුලභානි යනු පහසුවෙන් ලැබිය යුතු, යම්කිසි තැනකින් හෝ ලබන්නට හැකිවෙයි. අනවජ්ජානි යනු (සිවුපසය සෙවීමට) පැමිණි ආකාරයෙන් පිරිසිදු බැවින් ද කය සැරසීමාදී ක්ලේශවස්තු ඇතිවීමක් නැති බැවින් ද වැරදි නැති, නිදොස්. එහි සුලභ බැවින් සෙවීමේ දුක නැති බව දක්වන ලද්දේ වෙයි. ස්වල්ප බැවින් පරිහරණය කිරීමේ දුක නැති බව දක්වන ලද්දේ වෙයි. නිවැරදි බැවින් නොගැරහිය යුතු බැවින් භික්ෂුවට සුදුසු බව දක්වන ලද්දේ වෙයි. ස්වල්ප බැවින් තැතිගැනීමට කරුණක් නොවන බව ද සුලභ බැවින් ඇලීමට කරුණක් නොවන බව ද නිවැරදි බැවින් ආදීනව (දොස්) වශයෙන් බැහැරවීම (නිස්සරණ) ප්‍රකටවන කරුණක් බව ද දක්වන ලද්දේ වෙයි. ස්වල්ප බැවින් ලැබෙන පරිද්දෙන් (යථාලාභෙන) සොම්නස නූපදී. සුලභ බැවින් අලාභයෙන් (නොලැබීමෙන්) දොසක් නූපදී. නිවැරදි බැවින් විපිළිසර වීමට (පසුතැවිල්ලට) කරුණක් නැති බැවින් පසුතැවීමට හේතුවක් නොදැනීම නිසා ඇතිවන උපේක්ෂාවක් නූපදී.
පංසුකූලන්ති රථිකාසුසානසඞ්කාරකූටාදීසු යත්ථ කත්ථචි පංසූනං උපරි ඨිතත්තා අබ්භුග්ගතට්ඨෙන පංසුකූලං වියාති පංසුකූලං, පංසු විය කුච්ඡිතභාවං උලති ගච්ඡතීති පංසුකූලන්ති එවං ලද්ධනාමං රථිකාදීසු පතිතනන්තකානි උච්චිනිත්වා කතචීවරං. පිණ්ඩියාලොපොති ජඞ්ඝපිණ්ඩියා බලෙන චරිත්වා ඝරෙ ඝරෙ ආලොපමත්තං කත්වා ලද්ධභොජනං. රුක්ඛමූලන්ති විවෙකානුරූපං යංකිඤ්චි රුක්ඛසමීපං. පූතිමුත්තන්ති යංකිඤ්චි ගොමුත්තං. යථා හි සුවණ්ණවණ්ණොපි කායො පූතිකායොව එවං අභිනවම්පි මුත්තං පූතිමුත්තමෙව. තත්ථ කෙචි ගොමුත්තභාවිතං හරිතකීඛණ්ඩං “පූතිමුත්ත”න්ති වදන්ති, පූතිභාවෙන ආපණාදිතො විස්සට්ඨං ඡඩ්ඩිතං අපරිග්ගහිතං යංකිඤ්චි භෙසජ්ජං පූතිමුත්තන්ති අධිප්පෙතන්ති අපරෙ.
පංසුකූලං යනු වීදියක් - සොහොනක් කුණුගොඩක් ආදී යම්කිසි තැනක පස් උඩ සිටි බැවින් ඉහළට නැගුණු අර්ථයෙන් පස්ගොඩක් මෙනි යන අරුතින් පංසුකුල නම් වේ. පස් මෙන් පිළිකුල් බවට යයි යන අරුතින් පංසුකූලයයි මෙසේ ලැබූ නම් ඇති, වීදි ආදියෙහි වැටී ඇති රෙදි කැබලි එක්රැස්කොට සකස් කරන ලද සිවුර. පිණ්ඩියාලොපො යනු කෙණ්ඩා මස්පිඬුවේ බලයෙන් හැසිර ඒ ඒ ගෙයින් පිඬුවක් පිඬුවක් කොට ලබන ලද භෝජනය. රුක්ඛමූලං යනු විවේකයට සුදුසු යම්කිසි ගසක් සමීපය. පූතිමුත්තං යනු ගවයෙකුගෙන් ලබාගන්නා ලද යම් මුත්‍රා. සිරුර රන්වන් පැහැයෙන් යුක්ත වුවද කුණු කයක්මය. මෙසේ අලුත් මුත්‍රා වුවද කුණු මුත්රාමය. එහිදී ඇතැමෙක් ගොමුත්රයෙහි යොදන ලද අරළු කැබැල්ලක් පූතිමුත්ත යයි කියති. තවත් අයෙක් වෙළඳසැල් ආදියෙන් කුණු වූ නිසා ඉවත දමන අයිතියක් නැති යම්කිසි බෙහෙතක් පූතිමුත්ත යනුවෙන් අදහස් කරන ලදැයි කියති.
යතො ඛොති පච්චත්තෙ නිස්සක්කවචනං, යං ඛොති වුත්තං හොති. තෙන “තුට්ඨො හොතී”ති වුත්තකිරියං පරාමසති. තුට්ඨොති සන්තුට්ඨො. ඉදමස්සාහන්ති ය්වායං චතුබ්බිධෙන යථාවුත්තෙන පච්චයෙන අප්පෙන සුලභෙන සන්තොසො, ඉදං ඉමස්ස භික්ඛුනො සීලසංවරාදීසු අඤ්ඤතරං එකං සාමඤ්ඤඞ්ගං සමණභාවකාරණන්ති අහං වදාමි. සන්තුට්ඨස්ස හි චතුපාරිසුද්ධිසීලං සුපරිපුණ්ණං හොති, සමථවිපස්සනා ච භාවනාපාරිපූරිං ගච්ඡන්ති. අථ වා සාමඤ්ඤං නාම අරියමග්ගො. තස්ස සඞ්ඛෙපතො ද්වෙ අඞ්ගානි – බාහිරං, අජ්ඣත්තිකන්ති. තත්ථ බාහිරං සප්පුරිසූපනිස්සයො සද්ධම්මස්සවනඤ්ච, අජ්ඣත්තිකං පන යොනිසො මනසිකාරො ධම්මානුධම්මපටිපත්ති ච. තෙසු යස්මා යථාරහං ධම්මානුධම්මපටිපත්තිභූතා තස්සා මූලභූතා චෙතෙ ධම්මා, යදිදං අප්පිච්ඡතා සන්තුට්ඨිතා පවිවිත්තතා අසංසට්ඨතා ආරද්ධවීරියතාති එවමාදයො, තස්මා වුත්තං “ඉදමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගන්ති වදාමී”ති.
යතො ඛො යනු ප්‍රථමා විභක්තියෙහි අවධි (පංචමී) විභක්ති වචනයකි. යං ඛො යනුවෙන් කියන ලද්දේ වෙයි. එයින් ‘තුට්ඨො හොති’ යනුවෙන් කියන ලද ක්‍රියාව ස්පර්ශ කරයි. (අල්ලා ගනියි). තුට්ඨො යනු සතුටු වූයේ. ඉදමස්සාහං යනු යම් මේ සිවුවැදෑරුම් කියන ලද ආකාර ඇති ස්වල්ප වූ සුලභ වූ ප්‍රත්‍යයෙන් සතුටක් ඇත්ද මෙය මේ භික්ෂුවගේ සීල සංවරාදීන් අතුරෙන් ශ්‍රමණභාවය ඇතිකරන්නා වූ පැවිද්ද පිළිබඳ වූ එක්තරා එක් අංගයක් යයි මම කියමි. සතුටු වූ තැනැත්තාගේ චතුපාරිසුද්ධි සීලය සම්පූර්ණ වෙයි. සමථ විපස්සනා භාවනාවෝ ද සම්පූර්ණව වීමට යති. නැතහොත් ආර්ය මාර්ගය සාමඤ්ඤ නම් වේ. කෙටියෙන් බාහිර - අජ්ඣත්තික යයි ඒ ආර්ය මාර්ගයේ අංග දෙකකි. එහි බාහිර වශයෙන් සත්පුරුෂ ආශ්‍රය ද සද්ධර්ම ශ්‍රවණය ද අජ්ඣත්තික වශයෙන් යෝනිසෝ මනසිකාරය ද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ද වෙයි. ඒ අතරින් යම්හෙයකින් සුදුසු පරිදි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වූ එයට අල්පේච්ඡතාව, සතුට, විවේකයට කැමති බව, පුද්ගලයින් සමග නොඇලුණු පැවතුම් ඇති බව, ඇරඹූ වීර්ය ඇති බව යන මේ ආදී ධර්ම මූලකාරණා වේද එහෙයින් ‘ඉදමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤංගං’ යනුවෙන් කියමියි කියන ලදී.
ගාථාසු සෙනාසනමාරබ්භාති විහාරාදිං මඤ්චපීඨාදිඤ්ච සෙනාසනං නිස්සාය. චීවරං පානභොජනන්ති නිවාසනාදිචීවරං, අම්බපානකාදිපානං, ඛාදනීයභොජනීයාදිභුඤ්ජිතබ්බවත්ථුඤ්ච ආරබ්භාති සම්බන්ධො. විඝාතො විහතභාවො චෙතොදුක්ඛං න හොතීති යොජනා. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – “අසුකස්මිං නාම ආවාසෙ පච්චයා සුලභා”ති ලභිතබ්බට්ඨානගමනෙන වා “මය්හං පාපුණාති න තුය්හ”න්ති විවාදාපජ්ජනෙන වා නවකම්මකරණාදිවසෙන වා සෙනාසනාදීනි පරියෙසන්තානං අසන්තුට්ඨානං ඉච්ඡිතලාභාදිනා යො විඝාතො චිත්තස්ස හොති, සො තත්ථ සන්තුට්ඨස්ස න හොතීති. දිසා නප්පටිහඤ්ඤතීති සන්තුට්ඨියා චාතුද්දිසාභාවෙන දිසා නප්පටිහන්ති. වුත්තඤ්හෙතං –
ගාථාවන්හි සේනාසනමාරම්හ යනු විහාරාදිය, ඇඳපුටු ආදිය යන සේනාසනයක් නිසා (අරබයා). චීවරං පානභෝජනං යනු අඳින සිවුරු ආදියක්, අඹපැන් ආදී පැනයක්, කෑ යුතු අනුභව කළයුතු ආදී වූ අනුභවයට සුදුසු දෙයක් නිසා යයි සම්බන්ධ වෙයි. විඝාතො නැසූ බව, සිතේ දුකක් න හොති නොවෙයි යනුවෙන් යෙදීම වෙයි. මේ එහි කෙටි අර්ථයයි. අසවල් ආවාසයෙහි නම් (සිවුරු ආදී) ප්‍රත්‍ය සුලභයයි ලැබිය යුතු තැනට යාමෙන් හෝ මට ලැබෙයි ඔබට නොලැබෙයි කියා විවාදයට පැමිණීමෙන් හෝ අලුත් කර්මාන්ත කිරිම් වශයෙන් හෝ සෙනසුන් ආදිය සොයන්නා වූ නොසතුටට පත් අයට කැමති දේ නොලැබීම් ආදියෙන් සිතේ යම් නැසුණු බවක් (දුකක්) වෙයි ද ඒ දුක ඒ ප්‍රත්‍යයන්හි සතුටු වූ තැනැත්තාට නොවෙයි. දිසා නප්පටිහඤ්ඤති යනු සතුටුවීමෙන් සිවුදිසා වශයෙන් දිසා නොගැටෙයි. මේ කාරණය -
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙනා”ති. (සු· නි· 42; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 128);
චාතද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන
යස්ස හි “අසුකට්ඨානං නාම ගතො චීවරාදීනි ලභිස්සාමී”ති චිත්තං උප්පජ්ජති, තස්ස දිසා පටිහඤ්ඤති නාම. යස්ස පන එවං න උප්පජ්ජති, තස්ස දිසා න පටිහඤ්ඤති නාම. ධම්මාති පටිපත්තිධම්මා. සාමඤ්ඤස්සානුලොමිකාති සමණධම්මස්ස සමථවිපස්සනාභාවනාය අරියමග්ගස්සෙව වා අනුච්ඡවිකා අප්පිච්ඡතාදයො. අධිග්ගහිතාති සබ්බෙ තෙ තුට්ඨචිත්තස්ස සන්තුට්ඨචිත්තෙන භික්ඛුනා අධිග්ගහිතා පටිපක්ඛධම්මෙ අභිභවිත්වා ගහිතා හොන්ති අබ්භන්තරගතා, න බාහිරගතාති.
ලද දෙයින් සතුටුවන තැනැත්තා සිවුදිශාවෙහි නොගැටුනේ වෙයි’ යනුවෙන් කියන ලදී. යමෙකුට අසවල් තැනට ගියොත් නම් සිවුරු ආදිය ලබන්නෙමියි සිතක් උපදී ද ඔහුට දිසා ගැටෙයි. යමෙකුට එසේ සිතක් නූපදී ද ඔහුට දිසා නොගැටෙයි. (හෙවත් පටහැනි නොවේ) ධම්මා යනු ප්‍රතිපත්ති ධර්මය. සාමඤ්ඤස්සානුලොමිකා යනු ශ්‍රමණ ධර්මයට හෝ සමථ විපස්සනා භාවනාවට හෝ ආර්ය මාර්ගයට හෝ සුදුසු වූ අල්පේච්ඡාතාදිය. අධිග්ගහිතා යනු ඒ සියල්ල තුට්ඨචිත්තස්ස සතුටු සිත් ඇති භික්ෂුව විසින් අයත්කරගන්නා ලද්දේ වෙයි. විරුද්ධ ධර්මයන් මැඩපවත්වා ගන්නා ලද්දේ වෙයි. අභ්‍යන්තරයට ගියේ වෙයි. බාහිරට නොගියේ වෙයි.
දුතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවන සූත්‍රයයි.
3. ආසවක්ඛයසුත්තවණ්ණනා
3. ආස්රවක්ෂය සූත්‍ර වර්ණනාව
තතියෙ ජානතොති ජානන්තස්ස. පස්සතොති පස්සන්තස්ස. යදිපි ඉමානි ද්වෙපි පදානි එකත්ථානි, බ්යඤ්ජනමෙව නානං, එවං සන්තෙපි “ජානතො”ති ඤාණලක්ඛණං උපාදාය පුග්ගලං නිද්දිසති. ජානනලක්ඛණඤ්හි ඤාණං. “පස්සතො”ති ඤාණප්පභාවං උපාදාය. දස්සනප්පභාවඤ්හි උපාදාය ඤාණසමඞ්ගී පුග්ගලො චක්ඛුමා විය පුග්ගලො චක්ඛුනා රූපානි, ඤාණෙන විවටෙ ධම්මෙ පස්සති. අථ වා ජානතොති අනුබොධඤාණෙන ජානතො. පස්සතොති පටිවෙධඤාණෙන පස්සතො. පටිලොමතො වා දස්සනමග්ගෙන පස්සතො, භාවනාමග්ගෙන ජානතො. කෙචි පන “ඤාතතීරණපහානපරිඤ්ඤාහි ජානතො, සිඛාප්පත්තවිපස්සනාය පස්සතො”ති වදන්ති. අථ වා දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන ජානතො, නිරොධං සච්ඡිකිරියාභිසමයෙන පස්සතො. තදුභයෙ ච සති පහානභාවනාභිසමයා සිද්ධා එව හොන්තීති චතුසච්චාභිසමයො වුත්තො හොති. යදා චෙත්ථ විපස්සනාඤාණං අධිප්පෙතං, තදා “ජානතො පස්සතො”ති පදානං හෙතුඅත්ථදීපනතා දට්ඨබ්බා. යදා පන මග්ගඤාණං අධිප්පෙතං, තදා මග්ගකිච්චත්ථදීපනතා.
තෙවන සූත්‍රයෙහි ජානතො යනු දන්නා තැනැත්තාට. පස්සතො යනු දක්නා තැනැත්තාට. එසේ වුවත් මේ පද දෙකම එක අර්ථ ඇත්තේය. අකුරු පමණක් වෙනස්ය. මෙසේ ඇති කල්හි ද ජානතො (දන්නා තැනැත්තාට) යන්නෙන් ඤාණ ලක්ෂණය ගෙන පුද්ගලයා දක්වයි. දැනගන්නා ලක්ෂණය වනාහි ඤාණයයි. පස්සතො (දක්නා තැනැත්තාට) යන්නෙන් ඤාණ බලය ගෙන පුද්ගලයා දක්වයි. දැකීම් බලය ගෙන ඤාණයෙන් යුක්ත පුද්ගලයා, ඇස් ඇති පුද්ගලයා රූප දකින්නාක් මෙන් ඤාණයෙන් විවෘත වූ ධර්මයන් දකියි. නැතහොත් ‘ජානතො’ යන්නෙන් අනුබෝධ ඤාණයෙන් දන්නා තැනැත්තාට යන අර්ථය ද ‘පස්සතො’ යන්නෙන් ප්‍රතිවේධ ඤාණයෙන් දක්නා තැනැත්තාට යන අර්ථය ද ප්‍රතිලෝම වශයෙන් ගත්කල සෝවාන් (දස්සන) මාර්ග ඥානයෙන් දක්නා තැනැත්තාට යන අර්ථය ද භාවනා මාර්ගයෙන් දන්නා තැනැත්තාට යන අර්ථය ද දක්වයි. ඇතැම් කෙනෙක් ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා යන තුන්ආකාර පරිඤ්ඤාවන්ගෙන් දන්නා තැනැත්තාට යන අර්ථය ද මුදුන්පැමිණි විදර්ශනාවෙන් දක්නා තැනැත්තාට යන අර්ථය ද කියති. නැතහොත් දුක, පිරිසිඳ අවබෝධයෙන් දන්නා තැනැත්තාට යයි ද නිරෝධය, ප්රත්යක්ෂ කිරිමෙන් දික්නා තැනැත්තාට යයි ද මේ දෙකම ගත් කල්හි පහාන - භාවනා දෙකෙහි අවබෝධය සිද්ධවූයේම වෙයි යනුවෙන් චතුස්සත්‍යාවබෝධය කියන ලද්දේ වෙයි. යම්කලක මෙහි විදර්ශනා ඥානය අදහස් කරන ලද ද එකල්හි ‘ජානතො - පස්සතො’ යන පදයන්ගේ හේතු-අර්ථ පැහැදිලි කරන බව දතයුතුය. යම්කලක මාර්ගඥානය අදහස් කරන ලද ද එකල්හි මාර්ග කෘත්‍ය අර්ථය පැහැදිලි කරන ලද බව දතයුතුය.
ආසවානං ඛයන්ති “ජානතො, අහං භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමී”ති (ම· නි· 1.15; සං· නි· 3.101; 5.1095) එවමාගතෙ සබ්බාසවසංවරපරියායෙ “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්ති”න්තිආදීසු (ම· නි· 1.438) ච සුත්තපදෙසු ආසවානං පහානං අච්චන්තක්ඛයො අසමුප්පාදො ඛීණාකාරො නත්ථිභාවො “ආසවක්ඛයො”ති වුත්තො. “ආසවානං ඛයා සමණො හොතී”තිආදීසු (ම· නි· 1.438) ඵලං.
ආසවානං ඛයං යනු ජානතො අහං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි’ ‘මහණෙනි, මම දන්නා තැනැත්තාට දක්නා තැනැත්තාට ආශ්‍රවයන්ගේ දුරුකිරීම කියමි’යි මෙසේ ආ තැන්හි, සබ්බාසව සංවර පරියායෙහි ද ‘ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං’ ‘ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුත්තිය’ යනාදී සූත්‍ර පදයන්හි ද ආශ්‍රවයන්ගේ ප්රහාණය වූ අත්‍යන්ත ක්ෂයවීම වූ හටනොගැනීම වූ ක්ෂය ආකාර ඇත්තා වූ නැති බව වූ ආශ්‍රවක්ෂයය කියන ලදී. ‘ආසවානං ඛයා සමණො හොතී’ති ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් ශ්‍රමණයා වෙයි යනාදියෙහි ඵලය ද
“පරවජ්ජානුපස්සිස්ස, නිච්චං උජ්ඣානසඤ්ඤිනො; ආසවා තස්ස වඩ්ඪන්ති, ආරා සො ආසවක්ඛයා”ති. (ධ· ප· 253); –
පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ඣාන සඤ්ඤිනො ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා
‘අනුන්ගේ වැරදි සොයන නිතර දොස් කියන හැඟීම ඇති තැනැත්තාගේ ආශ්‍රවයෝ වැඩෙති. ඔහු ආශ්‍රව ක්‍ෂයයෙන් දුරය’
ආදීසු නිබ්බානං.
යනාදියෙහි නිර්වාණය ද
“සෙඛස්ස සික්ඛමානස්ස, උජුමග්ගානුසාරිනො; ඛයස්මිං පඨමං ඤාණං, තතො අඤ්ඤා අනන්තරා; තතො අඤ්ඤාවිමුත්තස්ස, ඤාණං වෙ හොති තාදිනො”ති. (අ· නි· 3.86; ඉතිවු· 62) –
සෙක්ඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා තතො අඤ්ඤා විමුත්තස්ස ඤාණං වෙ හොති තාදිනො
ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නා වූ සෘජු වූ ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ ශෛක්ෂ පුද්ගලයා හට ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි පළමුවන ඤාණය (සෝවාන් මාර්ග ඤාණය) උපදී. ඉන්පසු රහත් බව වෙයි. ඒ අර්හත් මාර්ග ඥානයට අනතුරුව කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ රහතන් වහන්සේට ඒකාන්තයෙන් ප්රත්යවේක්ෂා ඤාණය වෙයි’.
එවමාගතෙ ඉන්ද්රියසුත්තෙ ඉධ ච මග්ගො “ආසවක්ඛයො”ති වුත්තො. තස්මා යථාවුත්තනයෙන ජානන්තස්ස පස්සන්තස්ස අහං අරියමග්ගාධිගමං වදාමීති වුත්තං හොති. නො අජානතො නො අපස්සතොති යො පන න ජානාති න පස්සති, තස්ස නො වදාමීති අත්ථො. එතෙන යෙ අජානතො අපස්සතොපි සංසාරසුද්ධිං වදන්ති, තෙ පටික්ඛිපති. පුරිමෙන වා පදද්වයෙන උපායො වුත්තො, ඉමිනා අනුපායපටිසෙධො. සඞ්ඛෙපෙන චෙත්ථ ඤාණං ආසවක්ඛයකරං, සෙසං තස්ස පරික්ඛාරොති දස්සෙති.
මෙසේ ආවා වූ ඉන්ද්රිය සූත්‍රයෙහි ද මෙහි ද මාර්ගය ආසවක්ඛය යයි කියන ලදී. එහෙයින් කියන ලද පරිදි දන්නා වූ දක්නා වූ තැනැත්තාට මම ආර්යමාර්ග අවබෝධය කියමි’යි කියන ලද්දේ වෙයි. නො අජානතො නො අපස්සතො යනු යමෙක් නො දනී ද නො දකී ද ඔහුට (ආශ්රවක්ෂය) නො කියමියි යන අර්ථයි. එයින් යම් අය නොදන්නහුට නොදක්නහුට සංසාර ශුද්ධිය කියත් ද (උන්වහන්සේ) ඔවුන් ප්‍රතික්ෂේප කරති. මුල්පද දෙකෙන් උපාය කියන ලද්දේ වෙයි. මෙයින් වැරදි ආකාරය (අනුපාය) ප්රතික්ෂේපය කියන ලද්දේ වෙයි. කෙටියෙන් මෙහි ඤාණය ආශ්‍රවයන් ක්ෂය කිරීම ද සෙස්ස එහි පිරිකර (අංග) යයි ද දක්වයි.
ඉදානි යං ජානතො යං පස්සතො ආසවක්ඛයො හොති, තං දස්සෙතුං “කිඤ්ච, භික්ඛවෙ, ජානතො”ති පුච්ඡං ආරභි. තත්ථ ජානනා බහුවිධා. දබ්බජාතිකො එව හි කොචි භික්ඛු ඡත්තං කාතුං ජානාති, කොචි චීවරාදීනං අඤ්ඤතරං, තස්ස ඊදිසානි කම්මානි වත්තසීසෙ ඨත්වා කරොන්තස්ස සා ජානනා “මග්ගඵලානං පදට්ඨානං න හොතී”ති න වත්තබ්බා. යො පන සාසනෙ පබ්බජිත්වා වෙජ්ජකම්මාදීනි කාතුං ජානාති, තස්සෙවං ජානතො ආසවා වඩ්ඪන්තියෙව. තස්මා යං ජානතො යං පස්සතො ආසවානං ඛයො හොති, තදෙව දස්සෙන්තො ආහ “ඉදං දුක්ඛ”න්තිආදි. තත්ථ යං වත්තබ්බං චතුසච්චකම්මට්ඨානං, තං හෙට්ඨා යොනිසොමනසිකාරසුත්තෙ සඞ්ඛෙපතො වුත්තමෙව.
දැන් යමක් දන්නා තැනැත්තාට යමක් දක්නා තැනැත්තාට ආශ්‍රවයන් ක්ෂය වෙයිද එය දක්වන්නට ‘කිඤ්ච භික්ඛවෙ ජානතො’ යනුවෙන් විමසීම ඇරඹූහ. එහි දැනීම් විවිධය. පණ්ඩිතභාවය ඇත්තා වූ ම කිසියම් භික්ෂුවක් කුඩ සාදන්නට දනියි. කිසියම් භික්ෂුවක් සිවුරු පිළිබඳ කඩ කැපීම් හෝ මැසීම් හෝ යනාදී එකක් කරන්නට දනියි. මේ ආකාර කටයුතු වත් ශීර්ෂයෙහි සිට කරන්නා වූ භික්ෂුවගේ ඒ දැනීම මාර්ග ඵලයන්ට ආසන්න හේතුව නොවේයයි නොකිව යුතුය. යමෙක් සසුනෙහි පැවිදිව වෙදකම් ආදිය කරන්නට දනියි ද මෙසේ දන්නා වූ ඔහුගේ ආශ්‍රවයෝ වැඩෙත්මය. එහෙයින් යමක් දන්නා වූ යමක් දක්වා වූ තැනැත්තාගේ ආශ්‍රවයන් ක්ෂය වෙයි ද එය ම දක්වමින් ‘ඉදං දුක්ඛං’ යනාදිය වදාළහ. එහි යම් චතුස්සත්‍ය කර්මස්ථානයක් කිවයුතු ද එය මුල දී යොනිසො මනසිකාර සූත්‍රයෙහි කෙටියෙන් කියන ලද්දේමය.
තත්ථ පන “යොනිසො, භික්ඛවෙ, භික්ඛු මනසි කරොන්තො අකුසලං පජහති, කුසලං භාවෙතී”ති (ඉතිවු· 16) ආගතත්තා “ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොතී”තිආදිනා අත්ථවිභාවනා කතා. ඉධ “ඉදං දුක්ඛන්ති, භික්ඛවෙ, ජානතො පස්සතො ආසවානං ඛයො හොතී”ති (ම· නි· 1.15; සං· නි· 3.101; 5.1095) ආගතත්තා “ඉදං දුක්ඛන්ති පරිඤ්ඤාපටිවෙධවසෙන පරිඤ්ඤාභිසමයවසෙන මග්ගඤාණෙන ජානතො පස්සතො ආසවානං ඛයො හොතී”තිආදිනා නයෙන යොජෙතබ්බං. ආසවෙසු ච පඨමමග්ගෙන දිට්ඨාසවො ඛීයති, තතියමග්ගෙන කාමාසවො, චතුත්ථමග්ගෙන භවාසවො අවිජ්ජාසවො ච ඛීයතීති වෙදිතබ්බො.
එහි වනාහි ‘යොනිසො භික්ඛවෙ භික්ඛු මනසිකරොන්තො අකුසලං පජහති, කුසලං භාවෙති’ ‘මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා වූ භික්ෂුව අකුසල් දුරුකරයි. කුසල් වඩයි’ යනුවෙන් ආ බැවින් මේ දුකයයි නුවණින් මෙනෙහි කරයි යනාදී වශයෙන් අර්ථ පැහැදිලි කිරීම කරන ලදී. මෙහි ‘ඉදං දුක්ඛන්ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති’ ‘මහණෙනි, මේ දුකයයි දන්නා වූ දක්නා වූ තැනැත්තාගේ ආශ්‍රවයන් ක්ෂය වෙයි’ යනුවෙන් ආ බැවින් පිරිසිඳ ප්‍රතිවේධ කිරීම් වශයෙන් පිරිසිඳ අවබෝධ කිරිම් වශයෙන් මාර්ග ඥානයෙන් දන්නා වූ දක්නා වූ තැනැත්තාට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි යනාදී ක්‍රමයෙන් යෙදිය යුතුය. ආශ්‍රවයන් අතුරෙන් ප්‍රථම (සෝවාන්) මාර්ගයෙන් දිට්ඨි ආසවය ක්ෂය වෙයි. තුන්වන (ආනාගාමි) මාර්ගයෙන් කාම ආසවය ද සතරවන (අර්හත්) මාර්ගයෙන් භව ආසවය ද අවිද්‍යා ආශ්‍රවය ද ක්ෂය වෙයි යනුවෙන් දතයුතුය.
ගාථාසු විමුත්තිඤාණන්ති විමුත්තියං නිබ්බානෙ ඵලෙ ච පච්චවෙක්ඛණඤාණං. උත්තමන්ති උත්තමධම්මාරම්මණත්තා උත්තමං. ඛයෙ ඤාණන්ති ආසවානං සංයොජනානඤ්ච ඛයෙ ඛයකරෙ අරියමග්ගෙ ඤාණං. “ඛීණා සංයොජනා ඉති ඤාණ”න්ති ඉධාපි ආනෙත්වා සම්බන්ධිතබ්බං. තෙන පහීනකිලෙසපච්චවෙක්ඛණං දස්සෙති. එවමෙත්ථ චත්තාරිපි පච්චවෙක්ඛණඤාණානි වුත්තානි හොන්ති. අවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණා හි ඉධ නත්ථි අරහත්තඵලාධිගමස්ස අධිප්පෙතත්තා. යථා චෙත්ථ ජානතො පස්සතොති නිබ්බානාධිගමෙන සම්මාදිට්ඨිකිච්චං අධිකං කත්වා වුත්තං, එවං සම්මප්පධානකිච්චම්පි අධිකමෙව ඉච්ඡිතබ්බන්ති දස්සෙන්තො “න ත්වෙවිදං කුසීතෙනා”ති ඔසානගාථමාහ.
ගාථාවන්හි - විමුත්ති ඤාණං යනු විමුක්තියෙහි නිවනෙහි ද ඵලයෙහි ද ප්රත්යවේක්ෂණ ඤාණයයි. උත්තමං යනු උතුම් වූ ධර්මය අරමුණු වූ බැවින් උතුම් වූ. ඛයෙ ඤාණං යනු ආශ්‍රවයන්ගේ ද සංයෝජනයන්ගේ ද ක්ෂය වීමෙහි ක්ෂය කිරීමෙහි ඇතිවන ආර්යමාර්ග ඥානයයි. ‘ඛීණා සංයොජනා ඉති ඤාණං’ ‘සංයෝජනයෝ ක්ෂය වූවාහුය යන ඥානය’ යන්න ගෙනවුත් මෙහි ද සම්බන්ධ කළ යුතුය. එයින් පහ වූ කෙලෙස් ප්රත්යවේක්ෂණය දක්වයි. මෙසේ මෙහි ප්රත්යවේක්ෂණ ඥාන සතරම කියන ලද්දේ වෙයි. අර්හත්ඵලාවබෝධය අදහස් කළ බැවින් ඉතිරි වූ කෙලෙස් ප්රත්යවේක්ෂණයක් මෙහි නැත. යම්සේ මෙහි ‘ජානතො පස්සතො’ යනුවෙන් නිර්වාණාධිගමයෙන් සම්‍යක් දෘෂ්ටි කෘත්‍යය අධික කොට කියන ලද ද මෙසේ සම්‍යක් ප්‍රධාන කෘත්‍යය ද අධික කොටම කැමතිවිය යුතුයයි දක්වමින් ‘නත්ටෙවිදං කුසීතෙන’ යන අවසාන ගාථාව වදාළහ.
තත්ථ න ත්වෙවිදන්ති න තු එව ඉදං. තුසද්දො නිපාතමත්තං. බාලෙනමවිජානතාති මකාරො පදසන්ධිකරො. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – ඉදං සෙක්ඛමග්ගෙන අසෙක්ඛමග්ගෙන ච පත්තබ්බං අභිජ්ඣාකායගන්ථාදිසබ්බගන්ථානං පමොචනං පමොචනස්ස නිමිත්තභූතං නිබ්බානං “ඉදං දුක්ඛ”න්තිආදිනා චත්තාරි සච්චානි යථාභූතං අවිජානතා තතො එව බාලෙන අවිද්දසුනා යථා අධිගන්තුං න සක්කා, එවං කුසීතෙන නිබ්බීරියෙනාපි, තස්මා තදධිගමාය ආරද්ධවීරියෙන භවිතබ්බන්ති. තෙනාහ භගවා “ආරද්ධවීරියස්සායං ධම්මො, නො කුසීතස්ස” (දී· නි· 3.358).
එහි න ත්වෙවිද යනු න තු එව ඉදං. තු ශබ්දය නිපාත මාත්‍රයකි. බාලෙන මවිජානතා යනු ම කාරය පද සන්ධි කරයි. මේ වනාහි මෙහි කෙටි අරුතයි. ශෛක්ෂ මාර්ගයෙන් ද අශෛක්ෂ මාර්ගයෙන් ද මෙයට පැමිණිය යුතුය. අභිජ්ඣාකාය ග්රන්ථ ආදී සියලු ග්‍රන්ථයන්ගේ පමොචනං මිදීමට නිමිත්ත වූ නිවන ‘ඉදං දුක්ඛං’ යනාදී වශයෙන් චතුස්සත්‍ය තත් වූ පරිදි අවිජානතා නො දන්නා වූ එහෙයින්ම බාලෙන අඥානයා විසින් යම්සේ අවබෝධ කරන්නට නො හැක්කේ ද මෙසේ කුසීතෙන වීර්ය නැති තැනැත්තා විසින් ද (අවබෝධ කරන්නට නොහැක්කේය), එහෙයින් එය අවබෝධ කිරීම පිණිස ඇරඹූ වීර්ය ඇති කෙනෙකු විය යුතුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘ආරද්ධවීරියස්සායං ධම්මො නො කුසීතස්ස’ ධර්මය ඇරඹූ වීර්ය ඇති තැනැත්තාටය කුසීතයාට නොවේ යයි ද
“ආරම්භථ නික්කමථ, යුඤ්ජථ බුද්ධසාසනෙ; ධුනාථ මච්චුනො සෙනං, නළාගාරංව කුඤ්ජරො”ති. (සං· නි· 1.185; නෙත්ති· 29; මි· ප· 5.1.4);
ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසෙන ධුනාථ මච්චුනො සෙනං නළා ගාරං ව කුඤ්ජරො
ආරම්භ කරන්න, කුසීතකමෙන් නික්මෙන්න, බුදු සසුනෙහි යෙදෙන්න. ඇතෙකු බටවලින් කළ ගෙයක් විනාශ කරන්නාක් මෙන් මාර සේනාව විනාශ කරන්නැයි ද වදාළහ.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සුත්‍රයයි.
4. සමණබ්රාහ්මණසුත්තවණ්ණනා
4. සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ යෙ හි කෙචීති යෙ කෙචි. ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්තීති “ඉදං දුක්ඛං, එත්තකං දුක්ඛං, න ඉතො භිය්යො”ති අවිපරීතං සභාවසරසලක්ඛණතො විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය දුක්ඛසච්චං න ජානන්ති න පටිවිජ්ඣන්ති. සෙසෙසුපි එසෙව නයො. න මෙ තෙ, භික්ඛවෙතිආදීසු අයං සඞ්ඛෙපත්ථො – භික්ඛවෙ, චතුසච්චකම්මට්ඨානං අනනුයුත්තා පබ්බජ්ජාමත්තසමණා චෙව ජාතිමත්තබ්රාහ්මණා ච න මයා තෙ සමිතපාපසමණෙසු සමණොති, බාහිතපාපබ්රාහ්මණෙසු බ්රාහ්මණොති ච සම්මතා අනුඤ්ඤාතා. කස්මා? සමණකරණානං බ්රාහ්මණකරණානඤ්ච ධම්මානං අභාවතොති. තෙනෙවාහ “න ච පන තෙ ආයස්මන්තො”තිආදි.
සතරවන සූත්‍රයෙහි යෙ හි කෙචි යනු යම් කෙනෙක්. ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති යනු මේ දුකය, දුක මෙපමණය, මෙයට වඩා නැතැයි නො වෙනස් වූ ස්වභාව ලක්ෂණ, ස්වලක්ෂණ වශයෙන් විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාවෙන් දුක්ඛ සත්‍යය නො දනිත්. අවබෝධ නොකරත්. ඉතිරි ඒවායෙහි ද මේ ක්‍රමයමය. ‘න මෙ තෙ භික්ඛවෙ’ යන ආදියෙහි මේ කෙටි අර්ථයයි. මහණෙනි, චතුස්සත්‍ය කමටහනෙහි නො යෙදෙන්නෝ පැවිදි මාත්‍රයක් ඇති ශ්‍රමණයෝ ද ජාතිය පමණක් ඇති බ්‍රාහ්මණයෝ ද වෙති. මා විසින් ඔවුහු සන්සිඳුවන ලද පාපයක් ඇති ශ්රමණයන් අතර ශ්‍රමණයා යයි ද බහාතබන ලද පව් ඇති බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයා යයි ද අසම්මතයහ නො අනුදන්නා ලදහ. (අනුමත නොකරන ලදහ.) කුමක් හෙයින්ද? ශ්‍රමණ කරණ ධර්මයන්ගෙන් ද බ්‍රාහ්මණ කරණ ධර්මයන්ගෙන් ද තොර හෙයිනි. එහෙයින් ‘න ච පන්තෙ ආයස්මන්තො’ යනාදිය වදාළහ.
තත්ථ සාමඤ්ඤත්ථන්ති සාමඤ්ඤසඞ්ඛාතං අත්ථං, චත්තාරි සාමඤ්ඤඵලානීති අත්ථො. බ්රහ්මඤ්ඤත්ථන්ති තස්සෙව වෙවචනං. අපරෙ පන “සාමඤ්ඤත්ථන්ති චත්තාරො අරියමග්ගා, බ්රහ්මඤ්ඤත්ථන්ති චත්තාරි අරියඵලානී”ති වදන්ති. සෙසං වුත්තනයමෙව. සුක්කපක්ඛො වුත්තවිපරියායෙන වෙදිතබ්බො. ගාථාසු අපුබ්බං නත්ථි.
එහි සාමඤ්ඤත්ථං යනු පැවිදි බව (සාමඤ්ඤ) නමැති අර්ථය, (සෝවාන් ආදී) පැවිදිඵල (සාමඤ්ඤඵල) සතර යන අර්ථයි. බ්රහ්මඤ්ඤත්ථං යනු එයටම සමාන වචනයකි. අන් අය වනාහි ‘සාමඤ්ඤත්ථං’ යනු සතර ආර්ය මාර්ග ද බ්රහ්මඤ්ඤත්ථං යනු සතර ආර්ය ඵලයයි ද කියති. ඉතිරිය කියන ලද පරිදිමය. කුශල පක්ෂය (සුක්ක පක්ඛො) කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය. ගාථාවන්හි පෙර නොවූවක් නැත.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සතරවන සූත්‍රයයි.
5. සීලසම්පන්නසුත්තවණ්ණනා
5. සීලසම්පන්න සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සීලසම්පන්නාති එත්ථ සීලං නාම ඛීණාසවානං ලොකියලොකුත්තරසීලං, තෙන සම්පන්නා සමන්නාගතාති සීලසම්පන්නා. සමාධිපඤ්ඤාසුපි එසෙව නයො. විමුත්ති පන ඵලවිමුත්තියෙව, විමුත්තිඤාණදස්සනං පච්චවෙක්ඛණඤාණං. එවමෙත්ථ සීලාදයො තයො ලොකියලොකුත්තරා, විමුත්ති ලොකුත්තරාව, විමුත්තිඤාණදස්සනං ලොකියමෙව. දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං පරෙ ඔවදන්ති අනුසාසන්තීති ඔවාදකා. විඤ්ඤාපකාති කම්මානි කම්මඵලානි ච, විඤ්ඤාපකා, තත්ථ ච “ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අකුසලා. ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා අනවජ්ජා”තිආදිනා කුසලාදිවිභාගතො ඛන්ධාදිවිභාගතො සලක්ඛණතො සාමඤ්ඤලක්ඛණතොති විවිධෙහි නයෙහි ධම්මානං ඤාපකා අවබොධකා. සන්දස්සකාති තෙයෙව ධම්මෙ හත්ථෙන ගහෙත්වා විය පරස්ස පච්චක්ඛතො දස්සෙතාරො. සමාදපකාති යං සීලාදි යෙහි අසමාදින්නං, තස්ස සමාදාපෙතාරො, තත්ථ තෙ පතිට්ඨාපෙතාරො. සමුත්තෙජකාති එවං කුසලධම්මෙසු පතිට්ඨිතානං උපරි අධිචිත්තානුයොගෙ නියොජනවසෙන චිත්තස්ස සම්මා උත්තෙජකා, යථා විසෙසාධිගමො හොති, එවං නිසාමනවසෙන තෙජකා. සම්පහංසකාති තෙසං යථාලද්ධෙහි උපරිලද්ධබ්බෙහි ච ගුණවිසෙසෙහි චිත්තස්ස සම්මා පහංසකා, ලද්ධස්සාදවසෙන සුට්ඨු තොසකා. අලංසමක්ඛාතාරොති අලං පරියත්තං යථාවුත්තං අපරිහාපෙත්වා සම්මදෙව අනුග්ගහාධිප්පායෙන අක්ඛාතාරො.
පස්වන සූත්‍රයෙහි - සීලසම්පන්නො යන මෙහි සීලය නම් ක්ෂීණාශ්රවයන් (රහතන්) වහන්සේලාගේ ලෞකික ලෝකෝත්තර සීලයයි. එයින් යුක්තවූවාහු සීල සම්පන්න නම් වෙති. සමාධි පඤ්ඤාවන්හිද මේ ක්‍රමයමයි. විමුක්තිය වනාහි ඵල විමුත්තියමයි. විමුත්තිඤාණ දස්සනය ප්රත්යවේක්ෂණ ඤාණයයි. මෙසේ මෙහි සීලාදී තුන ලෞකික ලෝකෝත්තරය. විමුත්තිය ලෝකෝත්තරමය. විමුත්ති ඤාණදස්සනය ලෞකිකමය. මෙලොව පරලොව පරමාර්ථයෙන් (උසස් ප්රයෝජනවලින්) සුදුසු පරිදි අනුන්ට අවවාද කරති, අනුශාසනා කරති යන අරුතින් ඔවදකා නම් වෙති. විඤ්ඤාපකා යනු කර්මයත් කර්ම ඵලයත් අවබෝධ කරවන්නෝය. එහිද මේ ධර්ම කුසල්ය, මේ ධර්ම අකුසල්ය, මේවා වැරදිය. මේවා නිවැරදිය යනාදී වශයෙන් කුශලාදි විභාග වශයෙන් හා ස්කන්ධාදි විභාග වශයෙන් ද ස්වලක්ෂණ වශයෙන් ද සාමාන්‍ය ලක්ෂණ වශයෙන්දැයි ක්‍රම තුනෙන් ධර්මයන් දන්වන්නෝ අවබෝධ කරවන්නෝ. සන්දස්සකා යනු ඒ ධර්මයන්ම අතින් ගෙන දක්වන්නාක් මෙන් අනුන්ට ප්රත්යක්ෂ වශයෙන් දක්වන්නෝ. සමාපදකා යනු සීලාදියෙහි සමාදන් නොවුනු තැනැත්තා එහි සමාදන් කරවන්නෝ. සමුත්තෙජකා යනු මෙසේ කුසල ධර්මයන්හි පිහිටියවුන්ට මතු අධි චිත්තයෙහි (සමථයෙහි) යෙදවීම් වශයෙන් විශේෂ අධිගමයක් ඇතිවන පරිදි මැනවින් සිත උනන්දු කරවන්නෝ, මෙසේ ඇසීම් වශයෙන් පිරිසිදු කරවන්නෝ. සම්පහංසකා යනු ලැබුවා වූ ද මතු ලැබිය යුතු වූ ද ගුණ විශේෂයෙන් දැක්වීමෙන් ඔවුන්ගේ සිත මනාව සතුටු කරන්නෝ, ලබන ලද ආශ්වාද වශයෙන් මනාව සතුටු කරන්නෝ. අලං සමක්ඛාතාරො කී දෙය නොපිරිහෙළා මැනවින් අනුග්‍රහ අදහසින් කීමෙහි දක්ෂ වූවෝ.
අථ වා සන්දස්සකාති ධම්මං දෙසෙන්තා පවත්තිනිවත්තියො සභාවසරසලක්ඛණතො සම්මදෙව දස්සෙතාරො. සමාදපකාති චිත්තෙ පතිට්ඨාපනවසෙන තස්සෙව අත්ථස්ස ගාහාපකා. සමුත්තෙජකාති තදත්ථග්ගහණෙ උස්සාහජනනෙන සම්මදෙව වොදපකා ජොතකා වා. සම්පහංසකාති තදත්ථපටිපත්තියං ආනිසංසදස්සනෙන සම්මදෙව පහංසකා තොසකා. අලංසමක්ඛාතාරොති සමත්ථා හුත්වා වුත්තනයෙන සමක්ඛාතාරො. සද්ධම්මස්සාති පටිවෙධසද්ධම්මස්ස, තිවිධස්සාපි වා සද්ධම්මස්ස දෙසෙතාරො.
නැතහොත් : ‘සන්දස්සකා’ යනු දහම් දෙසමින් පැවැත්ම නැවැත්ම ස්වභාව ලක්ෂණ - ස්වලක්ෂණ වශයෙන් මැනවින් දක්වන්නෝ. ‘සමාදපකා’ යනු සිතෙහි පිහිටුවීම් වශයෙන් ඒ අර්ථයම ගන්වන්නෝ. ‘සමුත්තෙජකා’ යනු ඒ අර්ථය ගැනීමෙහි උත්සාහ ඇතිකිරිමෙන් මැනවින් පිරිසිදු කරවන්නෝ බබළවන්නෝය. ‘සම්පහංසකා’ යනු ඒ අර්ථයෙන් ප්රතිපත්තියෙහි අනුසසුත් දැක්වීමෙන් මනාව සතුටු කරන්නෝ, ‘අලං සමක්ඛාතාරො’ යනු දක්ෂයන් වී කියන ලද ආකාරයෙන් ප්‍රකාශ කරන්නෝ. සද්ධම්මස්ස යනු ප්‍රතිවේධ සද්ධර්මය හෝ ත්‍රිවිධ සද්ධර්මයම හෝ දේශනා කරන්නෝ.
දස්සනම්පහන්ති දස්සනම්පි අහං. තං පනෙතං චක්ඛුදස්සනං ඤාණදස්සනන්ති දුවිධං. තත්ථ පසන්නෙහි චක්ඛූහි අරියානං ඔලොකනං චක්ඛුදස්සනං නාම. අරියභාවකරානං පන ධම්මානං අරියභාවස්ස ච විපස්සනාමග්ගඵලෙහි අධිගමො ඤාණදස්සනං නාම. ඉමස්මිං පනත්ථෙ චක්ඛුදස්සනං අධිප්පෙතං. අරියානඤ්හි පසන්නෙහි චක්ඛූහි ඔලොකනම්පි සත්තානං බහූපකාරමෙව. සවනන්ති “අසුකො නාම ඛීණාසවො අසුකස්මිං නාම රට්ඨෙ වා ජනපදෙ වා ගාමෙ වා නිගමෙ වා විහාරෙ වා ලෙණෙ වා වසතී”ති කථෙන්තානං සොතෙන සවනං, එතම්පි බහූපකාරමෙව. උපසඞ්කමනන්ති “දානං වා දස්සාමි, පඤ්හං වා පුච්ඡිස්සාමි, ධම්මං වා සොස්සාමි, සක්කාරං වා කරිස්සාමී”ති එවරූපෙන චිත්තෙන අරියානං උපසඞ්කමනං. පයිරුපාසනන්ති පඤ්හපයිරුපාසනං, අරියානං ගුණෙ සුත්වා තෙ උපසඞ්කමිත්වා නිමන්තෙත්වා දානං වා දත්වා වත්තං වා කත්වා “කිං, භන්තෙ, කුසල”න්තිආදිනා නයෙන පඤ්හපුච්ඡනන්ති අත්ථො. වෙය්යාවච්චාදිකරණං පයිරුපාසනංයෙව. අනුස්සරණන්ති රත්තිට්ඨානදිවාට්ඨානෙසු නිසින්නස්ස “ඉදානි අරියා ගුම්බලෙණමණ්ඩපාදීසු ඣානවිපස්සනාමග්ගඵලසුඛෙහි වීතිනාමෙන්තී”ති තෙසං දිබ්බවිහාරාදිගුණවිසෙසාරම්මණං අනුස්සරණං. යො වා තෙසං සන්තිකා ඔවාදො ලද්ධො හොති, තං ආවජ්ජිත්වා “ඉමස්මිං ඨානෙ සීලං කථිතං, ඉමස්මිං සමාධි, ඉමස්මිං විපස්සනා, ඉමස්මිං මග්ගො, ඉමස්මිං ඵල”න්ති එවං අනුස්සරණං.
දස්සනම්පහං යනු දස්සනම්පි අහං. ඒ මේ දර්ශනය ඇසින් දැකීම (චක්ඛුදස්සන) නුවණින් දැකීම (ඤාණ දස්සන) යයි දෙපරිදිය. එහි - ප්‍රසන්න ඇස්වලින් ආර්යයන් වහන්සේලාගේ දැකීම ඇසින් දැකීමයි. ආර්යභාවය ඇතිකරන දහම්ද ආර්යභාවය ද විදර්ශනා-මාර්ග ඵලයන්ද අවබෝධ කිරීම නුවණින් දැකීමයි. මේ අර්ථයෙහි (මෙහි) ඇසින් දැකීම අදහස් කරන ලදී. පැහැදුනු ඇස්වලින් ආර්යයන් වහන්සේලාගේ දැකීමද සත්ත්වයන්ට බොහෝ උපකාර වේමයි. සවණං යනු අසවල් රහතන් වහන්සේ අසවල් රටෙහි, හෝ අසවල් ජනපදයෙහි හෝ ගමෙහි හෝ නියමෙහි හෝ විහාරයෙහි හෝ ලෙණෙහි හෝ වාසය කරතියි කියන්නවුන්ගේ හඬ කණින් ඇසීමයි. එය ද බොහෝ උපකාර වේමය. උපසංකමණං යනු දානයක් හෝ දෙන්නෙමි, ප්‍රශ්නයක් හෝ අසන්නෙමි, ධර්මය හෝ අසන්නෙමි, සත්කාරයක් හෝ කරන්නෙමියි යන මේ ආකාර සිතකින් ආර්යයන් වහන්සේලා වෙත එළඹීමයි. පයිරුපාසනං යනු ප්‍රශ්න ඇසීමට ඇසුරු කිරීමයි. ආර්යයන්ගේ ගුණ අසා උන්වහන්සේලා වෙත එළඹ ආරාධනා කොට දන් දී හෝ වත් පිළිවෙත් කොට හෝ ස්වාමීනි කුසලය යනු කුමක් ද? ආදී වශයෙන් ප්‍රශ්න ඇසීම යන අර්ථයි. වතාවත් ආදිය කිරීම පයිරුපාසනයමය. අනුස්සරණං යනු රාත්‍රී ස්ථානයක, දිවා ස්ථානයක හිඳින තැනැත්තා විසින් දැන් ආර්යයන් වහන්සේලා රුක් ගොමු, ලෙන්, මණ්ඩප ආදියෙහි වැඩසිට ධ්‍යාන, විදර්ශනා, මාර්ග-ඵල සුවයෙන් කල්ගෙවතියි උන්වහන්සේලාගේ දිව්‍යවිහාර ආදී ගුණ විශේෂයන් අරමුණු කොට සිහිකිරීමයි. යම් තැනැත්තෙක් උන්වහන්සේලාගේ සමීපයෙන් අවවාද ලබන ලද්දේ වේද ඒ අවවාදය සිහිකොට මෙතැන සීලය කියන ලදී. මෙතැන සමාධිය කියන ලදී, මෙතැන විදර්ශනාව කියන ලදී, මෙතැන මාර්ගය කියන ලදී, මෙතැන ඵලය කියන ලදී යයි මෙසේ සිහිකිරිමයි.
අනුපබ්බජ්ජන්ති අරියෙසු චිත්තං පසාදෙත්වා ඝරා නික්ඛම්ම තෙසං සන්තිකෙ පබ්බජ්ජං. අරියෙසු හි චිත්තං පසාදෙත්වා තෙසංයෙව සන්තිකෙ පබ්බජිත්වා තෙසංයෙව ඔවාදානුසාසනිං පච්චාසීසමානස්ස චරතොපි පබ්බජ්ජා අනුපබ්බජ්ජා නාම, අඤ්ඤෙසං සන්තිකෙ ඔවාදානුසාසනිං පච්චාසීසමානස්ස චරතොපි පබ්බජ්ජා අනුපබ්බජ්ජා නාම, අරියෙසු පසාදෙන අඤ්ඤත්ථ පබ්බජිත්වා අරියානං සන්තිකෙ ඔවාදානුසාසනිං පච්චාසීසමානස්ස චරතොපි පබ්බජ්ජා අනුපබ්බජ්ජාව. අඤ්ඤෙසු පන පසාදෙන අඤ්ඤෙසංයෙව සන්තිකෙ පබ්බජිත්වා අඤ්ඤෙසංයෙව ඔවාදානුසාසනිං පච්චාසීසමානස්ස චරතො පබ්බජ්ජා අනුපබ්බජ්ජා නාම න හොති. වුත්තනයෙන පබ්බජිතෙසු පන මහාකස්සපත්ථෙරස්ස තාව අනුපබ්බජ්ජං පබ්බජිතා සතසහස්සමත්තා අහෙසුං, තථා ථෙරස්සෙව සද්ධිවිහාරිකස්ස චන්දගුත්තත්ථෙරස්ස, තස්සාපි සද්ධිවිහාරිකස්ස සූරියගුත්තත්ථෙරස්ස, තස්සාපි සද්ධිවිහාරිකස්ස අස්සගුත්තත්ථෙරස්ස, තස්සාපි සද්ධිවිහාරිකස්ස යොනකධම්මරක්ඛිතත්ථෙරස්ස. තස්ස පන සද්ධිවිහාරිකො අසොකරඤ්ඤො කනිට්ඨභාතා තිස්සත්ථෙරො නාම අහොසි. තස්ස අනුපබ්බජ්ජං පබ්බජිතා අඩ්ඪතෙය්යකොටිසඞ්ඛා අහෙසුං. දීපප්පසාදකමහාමහින්දත්ථෙරස්ස පන අනුපබ්බජිතානං ගණනපරිච්ඡෙදො නත්ථි. යාවජ්ජදිවසා ලඞ්කාදීපෙ සත්ථරි පසාදෙන පබ්බජන්තා මහාමහින්දත්ථෙරස්සෙව අනුපබ්බජ්ජන්ති නාම.
අනුපබ්බජං යනු ආර්යයන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගිහිගෙයින් නික්ම උන්වහන්සේලා සමීපයෙහි පැවිදිවීමය. ආර්යයන් වහන්සේලා කෙරෙහි සිතපහදවා උන්වහන්සේලා සමීපයෙහිම පැවිදිව උන්වහන්සේලාගේම අවවාද අනුශාසනා බලාපොරොත්තුවෙන් හැසිරෙන තැනැත්තාගේ පැවිද්ද අනුපබ්බජ්ජා (අනුව පැවිදිවීම) නම් වේ. අන්‍යයන් සමීපයෙහි අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමින් හැසිරෙන තැනැත්තාගේ පැවිද්ද ද අනුපබ්බජ්ජා නම් වේ. ආර්යයන් වහන්සේලා කෙරෙහි පැහැදීමෙන් අන්තැනක පැවිදිව ආර්යයන් වහන්සේලා සමීපයෙහි අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමින් හැසිරෙන තැනැත්තාගේ පැවිද්ද අනුපබ්බජ්ජාවමය. අන්‍යයන් කෙරෙහි පැහැදීමෙන් අන්‍යයන් වෙත පැවිදිව අන් අයගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වන තැනැත්තාගේ අන් පැවිද්ද අනුපබ්බජ්ජා නම් නොවේ. කියන ලද ආකාරයෙන් පැවිදි වූවන් අතර මහාකාශ්‍යප තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ලක්ෂයක් පමණ වූහ. එසේම උන්වහන්ගේ සද්ධිවිහාරික (ශිෂ්‍ය) චන්දගුත්ත තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. උන්වහන්සේගේ සද්ධිවිහාරික සුරියගුත්ත තෙරුන් වහන්සේන්ගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. උන්වහන්ගේ සද්ධිවිහාරික අස්සගුත්ත තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. උන්වහන්සේගේ සද්ධිවිහාරික යෝනක ධම්මරක්ඛිත තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. අසෝක රජුගේ මල්ලී වූ තිස්ස තෙරුන් වහන්සේ යෝනක ධම්මරක්ඛිත තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික වූහ. උන්වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ කෝටි දෙකහමාරක් පමණ වූහ. දීප ප්‍රසාදක මහා මහින්ද තෙරුන්වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූ අයගේ ගණන සීමාවක් නැත. අද දවස තෙක් ලක්දිව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පැවිදි වන්නෝ මහා මහින්ද තෙරුන් වහන්සේගේම පැවිද්ද අනුව පැවිදි වෙති.
ඉදානි යෙන කාරණෙන තෙසං අරියානං දස්සනාදි බහූපකාරන්ති වුත්තං, තං දස්සෙතුං “තථාරූපෙ”තිආදිමාහ. තත්ථ තථාරූපෙති තාදිසෙ සීලාදිගුණසම්පන්නෙ අරියෙ. යස්මා දස්සනසවනානුස්සරණානි උපසඞ්කමනපයිරුපාසනට්ඨානානි, තස්මා තානි අනාමසිත්වා උපසඞ්කමනපයිරුපාසනානියෙව දස්සෙතුං “සෙවතො භජතො පයිරුපාසතො”ති වුත්තං. දස්සනසවනානුස්සරණතො හි අරියෙසු උප්පන්නසද්ධො තෙ උපසඞ්කමිත්වා පයිරුපාසිත්වා පඤ්හං පුච්ඡිත්වා ලද්ධසවනානුත්තරියො අපරිපූරෙ සීලාදිගුණෙ පරිපූරෙස්සතීති. තථා හි වුත්තං “සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසතී”තිආදි (ම· නි· 2.183).
දැන් යම් කරුණකින් ඒ ආර්යයන් වහන්සේලාගේ දැකීමාදිය බොහෝ උපකාරයයි කියන ලද ද එය දක්වන්නට ‘තථාරූපෙ’ යනාදිය වදාළහ. එහි තථාරූපෙ යනු එබඳු සීලාදී ගුණසම්පන්න ආර්යයන් වහන්සේලා. යම්හෙයකින් දැකීම්-ඇසීම් -සිහිකිරීම් ද එළඹීම් (උපසංකමණ) ප්‍රශ්න ඇසීම් (පයිරුපාසන) ඇත්ද එහෙයින් ඒවා ගණන් නොගෙන උපසංකමණ, පයිරුපාසනම දක්වන්නට ‘සෙවතො භජතො පයිරුපාසතො’ යනුවෙන් කියන ලදී. දැකීම්-ඇසීම්-සිහිකිරීම් වශයෙන් ආර්යයන් වහන්සේලා කෙරෙහි උපන් සැදැහැ ඇති තැනැත්තා උන්වහන්සේලා වෙත එළඹ පයිරුපාසනය කොට ප්‍රශ්න අසා ලබන ලද සවණානුන්තරිය ඇත්තේ සම්පූර්ණ නොවූ සීලාදී ගුණ සම්පූර්ණ කරන්නේය. එහෙයින් ‘සද්ධාජාතො උපසංකමති, උපසංකමන්තො පයිරුපාසති’ ‘සැදැහැ ඇත්තා එළඹෙයි. එළඹෙන තැනැත්තා ඇසුරු කරයි’ යනාදිය කියන ලදී.
තත්ථ සෙවතොති වත්තපටිවත්තකරණවසෙන කාලෙන කාලං උපසඞ්කමතො. භජතොති සම්පියායනභත්තිවසෙන භජතො. පයිරුපාසතොති පඤ්හපුච්ඡනෙන පටිපත්තිඅනුකරණෙන ච පයිරුපාසතොති තිණ්ණං පදානං අත්ථවිභාගො දීපෙතබ්බො. විමුත්තිඤාණදස්සනස්ස පාරිපූරි එකූනවීසතිමස්ස පච්චවෙක්ඛණඤාණස්ස උප්පත්තියා වෙදිතබ්බා.
එහි සෙවතො යනු වත්පිළිවෙත් කිරීම් වශයෙන් කලින් කල එළඹෙන තැනැත්තාගේ. භජතො යනු ප්රියකිරිමේ භක්තිය වශයෙන් ඇසුරු කරන්නාගේ. පයිරුපාසතො යනු ප්‍රශ්න ඇසීමෙන් ද ප්‍රතිපත්ති අනුකරණය කිරීමෙන් ද ඇසුරු කිරීමෙන්දැයි පද තුනේ අර්ථ විභාගය දතයුතුය. විමුත්තිඤාණ දස්සනයේ සම්පූර්ණවීම දහනවවන ප්රත්යවේක්ෂණ ඥානයේ ඉපදීමෙන් දතයුතුය.
එවරූපා ච තෙ, භික්ඛවෙ, භික්ඛූතිආදීසු යෙ යථාවුත්තගුණසමන්නාගමෙන එවරූපා එදිසා භින්නසබ්බකිලෙසා භික්ඛූ, තෙ දිට්ඨධම්මිකාදිහිතෙසු සත්තානං නියොජනවසෙන අනුසාසනතො සත්ථාරොතිපි වුච්චන්ති. ජාතිකන්තාරාදිනිත්ථරණතො සත්ථවාහාතිපි, රාගාදිරණානං ජහනතො ජහාපනතො ච රණඤ්ජහාතිපි, අවිජ්ජාතමස්ස විනොදනතො විනොදාපනතො ච තමොනුදාතිපි, සපරසන්තානෙසු පඤ්ඤාආලොකපඤ්ඤාඔභාසපඤ්ඤාපජ්ජොතානං කරණෙන නිබ්බත්තනෙන ආලොකාදිකරාතිපි, තථා ඤාණුක්කාඤාණප්පභාධම්මුක්කාධම්මප්පභානං ධාරණෙන කරණෙන ච උක්කාධාරාතිපි, පභඞ්කරාතිපි, ආරකත්තා කිලෙසෙහි, අනයෙ න ඉරියනතො, අයෙ ච ඉරියනතො පරෙසං තථාභාවහෙතුභාවතො, සදෙවකෙන ලොකෙන අරණීයතො අරියාතිපි, පඤ්ඤාචක්ඛුධම්මචක්ඛූනං සාතිසයපටිලාභෙන චක්ඛුමන්තොතිපි වුච්චන්ති.
එවරූපා ච තෙ භික්ඛවෙ භික්ඛූ යනාදියෙහි කියන ලද ආකාර ඇති ගුණයෙන් යුක්තවීමෙන් ඒ ආකාර වූ එබඳු වූ බිඳ දමන ලද සියලු කෙලෙස් ඇති භික්ෂූහු. උන්වහන්සේලා මෙලොව ආදී යහපතෙහි සත්ත්වයන් යෙදවීම් වශයෙන් අනුශාසනා කරන හෙයින් සත්ථාරොතිපි අනුශාසකයෝ යයි ද කියනු ලැබෙත්. ජාති (ඉපදීම) නමැති කාන්තාරාදියෙන් එතෙර කරවන හෙයින් සත්ථවාහාතිපි සාත්තු නායකයෝ යයි ද කියනු ලැබෙත්. රාගාදී රණ දුරුකරන හෙයින් ද දුරුකරවන හෙයින් ද රණඤ්ජහාතිපි කෙලෙස් දුරුකළාහු යයි ද කියනු ලැබෙත්. අවිඳු අඳුර දුරුකරන හෙයින් ද දුරුකරවන හෙයින් ද තමොනුදාතිපි අඳුර දුරුකළාහු යයි ද කියනු ලැබෙත්. තමාගේත් අනුන්ගේත් සිත්වල ප්රඥාලෝකය, ප්‍රඥා ඕභාසය ප්‍රඥා බැබලීම කිරිමෙන් ඉපදවීමෙන් ආලොකාදිකරාතිපි ආලෝක ආදිය ඇතිකරන්නෝ යයි ද කියනු ලැබෙත්. එසේම ඥාන ප්‍රදීපය ඥාන ප්‍රභාව, ධර්ම ප්‍රදීපය, ධර්මප්රභාව දැරීමෙන් ද ඇතිකිරීමෙන් ද උක්කාධරාතිපි, ධර්මප්‍රදීපය දරන්නෝ යයි ද පභංකරාතිපි ආලෝක කරන්නෝ යයි ද කියනු ලැබෙත්. කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් ද පිරිහීමෙහි නො පැවැත්මෙන් ද දියුණුවෙහි පැවැත්මෙන් ද අන්‍යයන්ට ද එසේ වීමට හේතුවන බැවින් දෙවියන් සහිත ලෝකයා විසින් කෙලෙස් දුරුකිරීමට සුදුසු බැවින් ද අරියාතිපි ආර්යයෝ යයි ද නුවණ ඇස දහම් ඇස සාතිශය ප්‍රතිලාභයෙන් (අතිශය වශයෙන් ලැබීමෙන්) චක්ඛුමන්තොතිපි ඇස් ඇත්තෝ යයි ද කියනු ලැබෙත්.
ගාථාසු පාමොජ්ජකරණං ඨානන්ති නිරාමිසස්ස පමොදස්ස නිබ්බත්තකං ඨානං කාරණං. එතන්ති ඉදානි වත්තබ්බනිදස්සනං සන්ධාය වදති. විජානතන්ති සංකිලෙසවොදානෙ යාථාවතො ජානන්තානං. භාවිතත්තානන්ති භාවිතසභාවානං, කායභාවනාදීහි භාවිතසන්තානානන්ති අත්ථො. ධම්මජීවිනන්ති මිච්ඡාජීවං පහාය ධම්මෙන ඤායෙන ජීවිකකප්පනතො, ධම්මෙන වා ඤායෙන අත්තභාවස්ස පවත්තනතො, සමාපත්තිබහුලතාය වා අග්ගඵලධම්මෙන ජීවනතො ධම්මජීවිනං. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – යදිදං භාවිතත්තානං පරිනිට්ඨිතසමාධිපඤ්ඤාභාවනානං තතො එව ධම්මජීවිනං අරියානං දස්සනං. එතං අවිප්පටිසාරනිමිත්තානං සීලාදීනං පාරිපූරිහෙතුභාවතො විජානතං සප්පඤ්ඤජාතිකානං එකන්තෙනෙව පීතිපාමොජ්ජකාරණන්ති.
ගාථාවන්හි පාමොජ්ජකරණට්ඨානං යනු නිරාමිස ප්‍රමෝදය උපදවන තැන, කාරණය. එතං යනු දැන් කිවයුතු නිදසුන සඳහා කියයි. විජානතං යනු කෙලෙස් පිරිසිදු කිරීමෙහි තත් වූ පරිද්දෙන් දන්නවුන්ට. භාවිතත්තානං යනු භාවිත සිත් ඇති (අයට) කාය භාවනා (විදර්ශනා) ආදියෙන් භාවිත (පුරුදුකළ) සිත් ඇති අයට) යන අර්ථයි. ධම්මජීවිනං යනු මිථ්‍යාජීවය දුරුකොට දැහැමි ක්‍රමයෙන් ජීවත්වීම් වශයෙන්, දැහැමි ක්‍රමයෙන් හෝ ආත්මභාවය (ජීවිතය) පවත්වාගැනීම් වශයෙන්, සමාපත්ති බහුල බැවින් හෝ අග්‍රඵල ධර්මයෙන් හෝ ජීවත්වීම් වශයෙන් දැහැමි ජිවිත ඇති (අයට) මේ එහි කෙටි අර්ථයයි. (කාය-චිත්ත භාවනා වශයෙන්) වඩන ලද සිත් ඇති නිමවන ලද සමාධි-ප්‍රඥා-භාවනා ඇති එහෙයින්ම ධර්මයෙන් ජීවත්වන්නා වූ ආර්යයන්ගේ දර්ශනයයි. මෙය විපිළිසර (පසුතැවිලි) නොවීමට නිමිති වූ සීලාදියේ සම්පූර්ණ කිරීමට හේතු වන බැවින් දන්නා වූ ප්‍රඥාව ඇත්තවුන්ට ඒකාන්තයෙන්ම ප්‍රීති ප්රමෝදයට කාරණය වේ.
ඉදානි තං තස්ස කාරණභාවං දස්සෙතුං “තෙ ජොතයන්තී”ති ඔසානගාථාද්වයමාහ. තත්ථ තෙති තෙ භාවිතත්තා ධම්මජීවිනො අරියා. ජොතයන්තීති පකාසයන්ති. භාසයන්තීති සද්ධම්මොභාසෙන ලොකං පභාසයන්ති, ධම්මං දෙසෙන්තීති අත්ථො. යෙසන්ති යෙසං අරියානං. සාසනන්ති ඔවාදං. සම්මදඤ්ඤායාති පුබ්බභාගඤාණෙහි සම්මදෙව ජානිත්වා. සෙසං වුත්තනයමෙව.
දැන් එයට ඒ කරුණක් වීම දැක්වීමට ‘තෙ ජොතයන්ති’ යන අවසාන ගාථා දෙක වදාළහ. එහි තෙ යනු ඒ වඩන ලද සිත් ඇති දැහැමි ජීවිත ඇති ආර්යයෝ. ජොතයන්ති යනු ප්‍රකට කරති. භාසයන්ති යනු සදහම් ආලෝකයෙන් ලෝකය බබුළුවති, ධර්මය දේශනා කරති යන අර්ථයි. යෙසං යනු යම් ආර්යයන්ගේ. සාසනං යනු අවවාදයයි. සම්මදඤ්ඤාය යනු පූර්වභාග ඤාණවලින් මනාව දැන. සෙස්ස කියන ලද අයුරෙන්මය.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍රයයි.
6. තණ්හුප්පාදසුත්තවණ්ණනා
6. තෘෂ්ණොත්පාද සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ තණ්හුප්පාදාති එත්ථ උප්පජ්ජති එතෙසූති උප්පාදා. කා උප්පජ්ජති? තණ්හා. තණ්හාය උප්පාදා තණ්හුප්පාදා, තණ්හාවත්ථූනි තණ්හාකාරණානීති අත්ථො. යත්ථාති යෙසු නිමිත්තභූතෙසු. උප්පජ්ජමානාති උප්පජ්ජනසීලා. චීවරහෙතූති “කත්ථ මනාපං චීවරං ලභිස්සාමී”ති චීවරකාරණා උප්පජ්ජති. සෙසපදෙසුපි එසෙව නයො. ඉතිභවාභවහෙතූති එත්ථ පන ඉතීති නිදස්සනත්ථෙ නිපාතො. යථා චීවරාදිහෙතු, එවං භවාභවහෙතුපීති අත්ථො. භවාභවාති චෙත්ථ පණීතප්පණීතානි සප්පිනවනීතාදීනි අධිප්පෙතානි භවති ආරොග්යං එතෙනාති කත්වා. “සම්පත්තිභවෙසු පණීතප්පණීතතරො භවාභවො”තිපි වදන්ති. භවොති වා සම්පත්ති, අභවොති විපත්ති. භවොති වුඩ්ඪි, අභවොති හානි. තං නිමිත්තඤ්ච තණ්හා උප්පජ්ජතීති වුත්තං “භවාභවහෙතු වා”ති.
හයවන සූත්‍රයෙහි තණ්හුප්පාදා යන මෙහි මේවා කෙරෙහි උපදී යන අරුතින් උප්පාදා නමි. කුමක් උපදී ද? තණ්හාවයි. තණ්හාවේ ඉපදීම තණ්හුප්පාදා නම් වේ. තණ්හාවට වස්තු තණ්හාවට කරුණු යන අර්ථයි. යත්ථ යනු යමක් නිමිතිකොට. උපපජ්ජමානා යනු උපදින ස්වභාවය. චීවරහෙතු යන මෙහි මනාප වූ චීවරයක් ලබන්නෙමියි චීවර කාරණයෙන් (හේතුවෙන්) උපදී. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. ඉති භවාභවහෙතු යන මෙහි වනාහි ‘ඉති’ යනු නිදර්ශන අර්ථයෙහි නිපාතයකි. චීවරාදි හේතු යම්සේ ද එසේ යන අර්ථයි. මෙය කරණකොට නිරෝගී බව වෙයි යන කරුණු ඉදිරිපත් කොට ප්‍රණීත ගිතෙල් වෙඬරු ආදිය අදහස් කරන ලදී. සම්පත්ති භවයන්හි ප්‍රණීත වඩා ප්‍රණීත දෙය භවාභව යයි කියති. නැතහොත් ‘භවො’ යනු සම්පත්තියයි. ‘අභවො’ යනු විපත්තියයි. ‘භවො’ යනු වර්ධනයයි. ‘අභවො’ යනු හානියයි. ඒ නිමිති කොටගෙනත් තණ්හාව උපදියි යන අරුතින් ‘භවාභව හේතු වා’යි කියන ලදී.
ගාථා හෙට්ඨා වුත්තත්ථා එව. අපිච තණ්හාදුතියොති තණ්හාසහායො. අයඤ්හි සත්තො අනමතග්ගෙ සංසාරවට්ටෙ සංසරන්තො න එකකොව සංසරති, තණ්හං පන දුතියිකං සහායිකං ලභිත්වාව සංසරති. තථා හි තං පපාතපාතං අචින්තෙත්වා මධුගණ්හනකලුද්දකං විය අනෙකාදීනවාකුලෙසුපි භවෙසු ආනිසංසමෙව දස්සෙන්තී අනත්ථජාලෙ සා පරිබ්භමාපෙති. එතමාදීනවං ඤත්වාති එතං අතීතානාගතපච්චුප්පන්නෙසු ඛන්ධෙසු ඉත්ථභාවඤ්ඤථාභාවසඤ්ඤිතං ආදීනවං ජානිත්වා. තණ්හං දුක්ඛස්ස සම්භවන්ති “තණ්හා චායං වට්ටදුක්ඛස්ස සම්භවො පභවො කාරණ”න්ති ජානිත්වා. එත්තාවතා ච එකස්ස භික්ඛුනො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තුප්පත්ති දස්සිතා. ඉදානි තං ඛීණාසවං ථොමෙන්තො “වීතතණ්හො”තිආදිමාහ. යං පනෙත්ථ අවුත්තං, තං හෙට්ඨා වුත්තනයමෙව.
ගාථා - මුලින් කියන ලද අර්ථමය. එහෙත් තණ්හාදුතියො යනු තණ්හා සහායකයාය. මේ සත්ත්වයා මුලක් නොපෙනෙන සංසාරයෙහි සැරිසරන්නේ තනිවම සැරිසැරීමක් නොකරයි. තණ්හාව වනාහි දෙවැන්නියකොට සහායිකාව කොට ලැබගෙනම සැරිසරයි. එය එසේමය. බෑවුමකට වැටීම ගැන නොසිතා මීපැණි ගන්නා වූ වැද්දකු මෙන් නොයෙක් දොස් ඇති කුලයන්හි භවයන්හි අනුසස්ම දක්වන්නී ඈ අයහපත නමැති දැලෙහි සැරිසරවයි. එතමාදීනවං ඤත්වා යනු අතීත අනාගත වර්තමාන ස්කන්ධයන්හි මේ ආත්මය හා මතු ලබන ආත්මයදැයි යන නම් ලත් මේ ආදීනවය දැන. තණ්හා දුක්ඛස්ස සම්භවං යනු මේ තණ්හාව සංසාර දුකෙහි හටගැනීම, ප්රභවය, කාරණයයි දැන. මෙපමණකින් එක් භික්ෂුවකගේ විදසුන් වඩා රහත්බවට පත්වීම දක්වන ලදී. දැන් ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේට ස්තුති කරමින් ‘වීතතණ්හො’ යනාදිය වදාළහ. මෙහි යමක් නො කියන ලද ද එය මුලින් කියන ලද අයුරින්මය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සයවන සූත්‍රයයි.