යෙදුමෙන් කියවන්න

ආසවක‍්ඛයසුත‍්තං

4. 1. 3.

4. 1. 3.

[ආසවක‍්ඛයසුත‍්තං]

[ආස්‍රවක්‍ෂය සූත්‍රය]

102. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

102. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. ජානතො’හං භික‍්ඛවෙ පස‍්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස‍්සතො. කිඤ‍්ච භික‍්ඛවෙ ජානතො කිං පස‍්සතො ආසවානං ඛයො හොති?

1. මහණෙනි, මම දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය (ආර්‍ය්‍යමාර්‍ගාධිගමය) කියමි. මහණෙනි, කුමක් දන්නාහට, කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද?

ඉදං දුක‍්ඛන‍්ති භික‍්ඛවෙ ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. අයං දුක‍්ඛසමුදයො’ති භික‍්ඛවෙ ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. අයං දුක‍්ඛනිරොධො’ති භික‍්ඛවෙ ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති භික‍්ඛවෙ ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. එවං ඛො භික‍්ඛවෙ ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොතී’ති.

මහණෙනි, මේ (ස්කන්‍ධප්‍රවෘත්තිය) දුක යැයි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, මේ දුක්ඛසමුදය යැයි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධයැ යි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යැ යි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, මෙපරිද්දෙන් වනාහි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මෙකරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.

2. “සෙඛස‍්ස සික‍්ඛමානස‍්ස උජුමග‍්ගානුසාරිනො, ඛයස‍්මිං පඨමං ඤාණං තතො අඤ‍්ඤා අනුත‍්තරා.

2. “පිළිවෙළින් ආර්‍ය්‍යමාර්‍ගය උපදවන (ඍජුමාර්‍ග සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ග අනුව හැසිරෙන) ත්‍රිවිධ ශික්‍ෂා වඩන සේඛ පුද්ගලයාහට පළමු කොට රහත්මඟ නුවණ උපදී. එයට අනතුරුව අර්‍හත්‍වඵලය උපදී.

3. තතො අඤ‍්ඤා විමුත‍්තස‍්ස විමුත‍්තිඤාණමුත‍්තමං උප‍්පජ‍්ජති ඛයෙ ඤාණං ඛීණා සංයොජනා ඉති.

3. නැවත රහත්ඵල විමුක්තියෙන් මිදුනහුට උතුම් විමුක්තිඥානය ද, සංයෝජනයෝ ක්‍ෂීණ වූහ යි ආස්‍රවක්‍ෂයයෙහි (ප්‍රහීණ ක්ලේශ ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය ද උපදී.

4. න ත්‍වෙවිදං කුසීතෙන බාලෙන අවිජානතා, නිබ‍්බානං අධිගන‍්තබ‍්බං සබ‍්බගන්‍ථප‍්පමොචන”න‍්ති.

4. (අභිධ්‍යාදි) සියලු ක්ලේශග්‍රන්‍ථයන්ගෙන් මිදීමට නිමිත්ත වූ මේ නිර්‍වාණය (චතුස්සත්‍යධර්‍මයන්) නොදන්නාවූ අඥාන වූ කුසීත පුද්ගලයා විසින් ලබන්නට නොහැක්කේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.