චතුරනවජ‍්ජසුත‍්තං
4. 1. 2.
4. 1. 2.
[චතුරනවජ‍්ජසුත‍්තං]
[චතුරනවද්‍ය සූත්‍රය]
101. වුත‍්තං හෙතං භගවතා, වුත‍්තමරහතා’ති මෙ සුතං:
101. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. චත‍්තාරිමානි භික‍්ඛවෙ අප‍්පානි චෙව සුලභානි ච තානි ච අනවජ‍්ජානි. කතමානි චත‍්තාරි?
1. මහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද මේ ප්‍රත්‍යයයෝ සිවු දෙනෙක් වෙත්. ඔහු නිදොස් ද වෙති. කවර සිවු දෙනෙක් ද යත්:
පංසුකූලං භික‍්ඛවෙ චීවරානං අප‍්පං ච සුලභං ච තඤ‍්ච අනවජ‍්ජං. පිණ‍්ඩියාලොපො භික‍්ඛවෙ භොජනානං අප‍්පඤ‍්ච සුලභඤ‍්ච තඤ‍්ච අනවජ‍්ජං. රුක‍්ඛමූලං භික‍්ඛවෙ සෙනාසනානං අප‍්පං ච සුලභං ච තඤ‍්ච අනවජ‍්ජං. පූතිමුත‍්තං භික‍්ඛවෙ භෙසජ‍්ජානං අප‍්පං ච සුලභං ච තඤ‍්ච අනවජ‍්ජං.
මහණෙනි, චීවර අතුරෙන් පංසුකූලචීවරය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, භෝජනයන් අතුරෙන් පිඬු සිඟීමෙන් ලත් භෝජනය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, සෙනසුන් අතුරෙන් රුක්මුල් සෙනසුන ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, බෙහෙත් අතුරෙන් පූතිමූත්‍ර නම් වූ බෙහෙත ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි අප‍්පානි චෙව සුලභානි ච තානි ච අනවජ‍්ජානි.
මහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද මේ ප්‍රත්‍යයයෝ සිවු දෙන වෙත්.
යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛු අප‍්පෙන ච තුට‍්ඨො හොති සුලභෙන ච. ඉමස‍්සාහං අඤ‍්ඤතරං සාමඤ‍්ඤඞ‍්ගන‍්ති වදාමී’ති.
මහණෙනි, යම් හෙයකින් මහණ තෙමේ ස්වල්ප වූ ද සුලභ වූ ද ප්‍රත්‍යයෙන් සතුටු වූයේ වේ ද ඒ (සතුට) මේ මහණහුගේ මහණදම පිළිබඳ එක් අඞ්ගයෙකැයි මම් කියමි.
එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අනවජ‍්ජෙන තුට‍්ඨස‍්ස අප‍්පෙන සුලභෙන ච, න සෙනාසනමාරබ‍්භ චීවරං පානභොජනං, විඝාතො හොති චිත‍්තස‍්ස දිසා නප‍්පටිහඤ‍්ඤති.
2. “ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද ප්‍රත්‍යයයෙන් සතුටු වූවහුගේ සෙනසුන ද, සිවුර ද ගිලන්පස හා පිණ්ඩපාතය ද අරබයා සිතැ දුකෙක් නැත්තේ ය. (ඔහුට) දිසා ද පටහැනි නො වේ.
3. යෙ චස‍්ස ධම‍්මා අක‍්ඛාතා සාමඤ‍්ඤස‍්සානුලොමිකා, අධිග‍්ගහීතා තුට‍්ඨස‍්ස අප‍්පමත‍්තස‍්ස භික‍්ඛුනො”.
3. මහණදමට අනුලොම් වූ යම් ප්‍රතිපත්ති ධර්‍ම කෙනෙක් කියන ලද්දාහු ද (ඒ ධර්‍මයෝ) සතුටු සිත් ඇති අප්‍රමත්ත වූ මේ මහණහු විසින් (විරුද්ධ ධර්‍මයන් මැඩ) අයත් කැරැ ගන්නා ලද්දාහු වෙත්.”
අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.