බ්රාහ්මණසුත්තං
4. 1. 1.
4. 1. 1.
[බ්රාහ්මණසුත්තං]
[බ්‍රාහ්මණ සූත්‍රය]
100. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
100. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. අහමස්මි භික්ඛවෙ බ්රාහ්මණො යාචයොගො සදා පයතපාණි අන්තිමදෙහධරො අනුත්තරො භිසක්කො සල්ලකත්තො. තස්ස මෙ තුම්හෙ පුත්තා ඔරසා මුඛතො ජාතා ධම්මජා ධම්මනිම්මිතා ධම්මදායාදා නො ආමිසදායාදා.
1. මහණෙනි, (කැමැති සේ ධර්මදානය කරන හෙයින්) ඉල්ලීමට සුදුසු වූ හැම කල්හි (ධර්මදානය සඳහා) පිරිසිදු කළ අත් ඇති, අන්තිම සිරුරක් දරණ (සංසාරදුංඛරෝගයන්ට පිළියම් කරණ හෙයින්) උසස් වෛද්‍යවරයෙක් වූ, (රාගාදි හුල් උපුටා ලන හෙයින්) ශල්යකර්තෘවෛද්යවරයෙක් වූ මම් වනාහි (බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්‍ත්‍ථ) බ්‍රාහ්මණයෙක්මි. තෙපි වනාහි ඒ මාගේ (මුඛයෙන් දේශිත ධර්මයෙන් උපන් හෙයින්) මුඛයෙන් උපන් (ශාසනධර්මයෙහි උපන් හෙයින්) ධර්මජ වූ, ධර්මයෙන් ම නිර්‍මමිත වූ, ධර්මය දායාද කොට ඇති, ආමිසය දායාද කොට නැති ඖරස පුත්‍රයෝ වහු.
ද්වෙ’මානි භික්ඛවෙ දානානි ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානං.
මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්‍මදානයෙක් වේ නම් එය අග්‍ර ය.
ද්වෙ’මෙ භික්ඛවෙ සංවිභාගා ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං ධම්මසංවිභාගො.
මහණෙනි, ආමිසසංවිභාගය ධර්මසංවිභාගයයැ යි මේ සංවිභාග දෙකෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය.
ද්වෙ’මෙ භික්ඛවෙ අනුග්ගහා ආමිසානුග්ගහො ච ධම්මානුග්ගහො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං අනුග්ගහානං යදිදං ධම්මානුග්ගහො.
මහණෙනි, ආමිසානුග්රහය ය ධර්මානුග්රහය යැ යි මේ අනුග්‍රහය දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් යම් ධර්මානුග්‍රහයෙක් වේ නම් මෙය අග්‍ර ය.
ද්වෙ’මෙ භික්ඛවෙ යාගා ආමිසයාගො ච ධම්මයාගො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං යාගානං යදිදං ධම්මයාගො”ති.
මහණෙනි, ආමිසයාගය ධර්මයාගය යැ යි මේ යාග දෙකෙකි. මහණෙනි, මේ යාග දෙක අතුරෙන් යම් ධර්මයාගයෙක් වේ නම් මෙය අග්‍ර ය.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යො ධම්මයාගං අයජී අමච්ඡරී තථාගතො සබ්බභූතානුකම්පී, තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං සත්තා නමස්සන්ති භවස්ස පාරගු”න්ති.
2. “මසුරුමල රහිත වූ සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති යම් තථාගතයන් වහන්සේ කෙනෙක් ධර්මදානය දුන් සේක් ද, දෙව් මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වූ භවයාගේ පරතෙරට පැමිණි එබඳු වූ තථාගතයන් වහන්සේට සත්ත්වයෝ නමස්කාර කෙරෙත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.