සමණබ්‍රාහ‍්මණසුත‍්තං
4. 1. 4.
4. 1. 4.
[සමණබ්‍රාහ‍්මණසුත‍්තං]
[සමණබ්‍රාහ්මණ සූත්‍රය]
103. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:
103. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. යෙ හි කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානන‍්ති. අයං දුක‍්ඛසමුදයො’ති යථාභූතං නප‍්පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධො’ති යථාභූතං නප‍්පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං නප‍්පජානන‍්ති, න මෙ තෙ භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා, න ච පනෙතෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.
1. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛනිරෝධයැ යි තතු සේ නො දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ යි තතු සේ නො දනිද්ද. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ යැ යි මා විසින් සම්මත නො කරණු ලැබෙත්. බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ යැ යි සම්මත නො කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ මේ අත්බව්හි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වාසය නො කෙරෙත්.
යෙ ච ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානන‍්ති, අයං දුක‍්ඛසමුදයො’ති යථාභූතං පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධො’ති යථාභූතං පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානන‍්ති. තෙ ඛො’මෙ භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා. තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තී”ති.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධ යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ යි තතු සේ දනිද්ද. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙන් ශ්‍රමණ යැ යි ද මා විසින් සම්මත කරණු ලැබෙත්. බ්‍රාහ්මණයන් අතුරෙන් බ්‍රාහ්මණ යැ යි ද සම්මත කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ මේ අත්බව්හි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත්.
එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යෙ දුක‍්ඛං නප‍්පජානන‍්ති අථො දුක‍්ඛස‍්ස සම‍්භවං, යත්‍ථ ච සබ‍්බසො දුක‍්ඛ, අසෙසං උපරුජ‍්ඣති, තඤ‍්ච මග‍්ගං න ජානන‍්ති දුක‍්ඛූපසමගාමිනං.
2. “යම් කෙනෙක් (ස්කන්‍ධප්‍රවෘත්තිය) දුක යැ යි නො දනිද්ද, යලි දුකට හේතුව නො දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (එ නිවණ) නො දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්‍ය්‍ය) මාර්‍ගයත් නො දනිද්ද,
3. චෙතොවිමුත‍්තිහීනා තෙ අථො පඤ‍්ඤාවිමුත‍්තියා, අභබ‍්බා තෙ අන‍්තකිරියාය තෙ වෙ ජාතිජරූපගා.
3. ඔවුහ් අර්‍හත්ත්‍වඵලසමාධියෙන් පිරිහුනාහු යලි අර්‍හත්ත්‍වඵල ප්‍රඥාවෙන් පිරිහුනාහු වෙත්. ඔහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ නො වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට පැමිණියෝ වෙත්.
4. යෙ ච දුක‍්ඛං පජානන‍්ති අථො දුක‍්ඛස‍්ස සම‍්භවං, යත්‍ථ ච සබ‍්බසො දුක‍්ඛං අසෙසං උපරුජ‍්ඣති, තඤ‍්ච මග‍්ගං පජානන‍්ති දුක‍්ඛූපසමගාමිනං.
4. යම් කෙනෙකුත් දුක යැ යි මනා සේ දනිද්ද. යලි දුකට හේතුව දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (ඒ නිවණ) දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්‍ය්‍ය) මාර්‍ගයත් දනිද්ද,
5. චෙතොවිමුත‍්තිසම‍්පන‍්නා අථො පඤ‍්ඤාවිමුත‍්තියා, භබ‍්බා තෙ අන‍්තකිරියාය න තෙ ජාතිජරූපගා”ති.
5. ඔවුහු ඵලසමාධියෙන් යුක්ත වූවාහු, යලි ඵලප්‍රඥාවෙන් යුක්ත වූවාහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට නො පැමිණෙත්.”
අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.