සීලසම්පන්නසුත්තං
4. 1. 5.
4. 1. 5.
[සීලසම්පන්නසුත්තං]
[සීලසම්පන්න සූත්‍රය]
104. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
104. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. යෙ තෙ භික්ඛවෙ භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නා ඔවාදකා විඤ්ඤාපකා සන්දස්සකා සමාදපකා සමුත්තෙජකා සම්පහංසකා අලංසමක්ඛාතාරො සද්ධම්මස්ස.
1. මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් සිල්වත් වූවාහු, සමාධියෙන් යුක්ත වූවාහු, ප්‍රඥාවෙන් යුක්ත වූවාහු, ඵලවිමුක්තියෙන් යුක්ත වූවාහු, විමුක්තිඥානදර්ශන (ප්රත්යවේක්ෂාඥාන) යෙන් යුක්ත වූවාහු වෙද්ද, අවවාද දෙන්නාහු, කරුණු දන්වන්නාහු, සමාදන් කරවන්නාහු (උත්සාහවත් කැරැවීමෙන්) තෙද ගන්වන්නාහු (අනුසස් දැක්වීමෙන්) සතුටු කරවන්නාහු වෙද්ද, (අනුග්‍රහයෙන්) සද්ධර්මය දේශනා කිරීමෙහි පොහොසත් වූවාහු වෙත්ද
දස්සනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. සවණම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. උපසඞ්කමනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. පයිරුපාසනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. අනුපබ්බජ්ජම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි.
මහණෙනි, ඒ භික්ෂූන්ගේ දැකීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන්ගේ ඇසීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් කරා එළැඹීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් (වතාවත් කිරීමෙන්) පර්ය්යුපාසනය කිරීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් සිහි කිරීම ද බෙහෙවින් උපකාරී යැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් අනුවැ පැවිදිවීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි.
තං කිස්ස හෙතු?
කවරහෙයින යත්:
තථාරූපෙ භික්ඛවෙ භික්ඛූ සෙවතො භජතො පයිරුපාසතො අපරිපූරො’පි සීලක්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි සමාධික්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි පඤ්ඤාක්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි විමුත්තික්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි විමුත්තිඤාණදස්සනක්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති.
මහණෙනි, එබඳු භික්ෂූන් සේවනය භජනය පර්ය්යුපාසනය කරන්නාහට සම්පූර්ණ නොවූ ශීලස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි. සම්පූර්ණ නොවූ සමාධිස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි, සම්පූර්ණ නොවූ ප්රඥාස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි. සම්පූර්ණ නොවූ විමුක්තිස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි, සම්පූර්ණ නොවූ විමුක්තිඥානදර්ශනස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි.
එවරූපා ච තෙ භික්ඛවෙ, භික්ඛූ සත්ථාරොතිපි වුච්චන්ති, සත්ථවාහාති’පි වුච්චන්ති, රණඤ්ජහාති’පි වුච්චන්ති, තමොනුදාති’පි වුච්චන්ති, ආලොකකරාති’පි වුච්චන්ති, ඔභාසකරාති’පි වුච්චන්ති, පජ්ජොතකරාති’පි වුච්චන්ති, උක්කාධාරාති’පි වුච්චන්ති, පභඞ්කරාති’පි වුච්චන්ති, අරියාති’පි වුච්චන්ති, චක්ඛුමන්තොති’පි වුච්චන්තී’ති.
මහණෙනි, මෙබඳු වූ ඒ භික්ෂූහු (අනුශාසන කරණ හෙයින්) ශාස්තෘහු යැ යි ද කියනු ලැබෙත්. (සසර කතරින් එතෙර කරණ හෙයින්) සාර්ත්ථවාහ යැ යි ද කියනු ලැබෙත්. (රාගාදි කෙලෙස් පහකරණ හෙයින්) රණඤ්ජහ යැ යි ද කියනු ලැබෙත්. (මොහඳුරු දුරුකරණ හෙයින්) තමෝනුද යැ යි ද කියනු ලැබෙත්. (ප්‍රඥාවභාසය ඇති කරණ හෙයින්) ඕභාසකර යැයි ද කියනු ලැබෙත්. (ප්රඥාදීපය ඇතිකරණ හෙයින්) පජ්ජෝත්තකර යැයි ද කියනු ලැබෙත්. (දහම් නමැති ගිනිසුල දරණ හෙයින්) උක්කාදර යැ යි ද කියනු ලැබෙත්. (ප්‍රඥාප්‍රභාව ඇතිකරණ හෙයින්) පභඞ්කර යැයි ද කියනු ලැබෙත්. (ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින්) ආර්‍ය්‍ය යැයි ද කියනු ලැබෙත්. (ප්රඥාචක්ෂුසගේ ප්‍රතිලාභයෙන්) චක්ඛුමන්තු (ඇස්ඇත්තෝ) යැ යි ද කියනු ලැබෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙකරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පාමොජ්ජකරණට්ඨානං එවං හොති විජානතං. යදිදං භාවිතත්තානං, අරියානං ධම්මජීවිනං.
2. “වඩන ලද සිත් සතන් ඇති, දැහැමින් ජීවත් වන සුලු වූ ආර්‍ය්‍යයන්ගේ යම් දැකීම් ආදියෙක් වේ නම් එය ප්‍රාඥයන්ගේ සතුටට කරුණු වේ.
3. තෙ ජොතයන්ති සද්ධම්ම, භාසයන්ති පභඞ්කරා, ආලොකකරණා ධීරා චක්ඛුමන්තො රණඤ්ජහා.
3. ඥානප්රභා ඇති කරණ, ප්රඥාලෝකය කරණ, ප්රඥාචක්ෂුස ඇති කෙලෙස් දුරු කරණ ඒ ප්‍රාඥයෝ සද්ධර්මය ප්‍රකට කෙරෙත්. දහම් එළියෙන් ලොව ආලොකවත් කෙරෙත්.
4. යෙසං වෙ සාසනං සුත්වා සම්මදඤ්ඤාය පණ්ඩිතා, ජාතික්ඛයමභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවන්ති.”
4. නුවණැත්තෝ යම් ආර්‍ය්‍ය කෙනකුන්ගේ අවවාදය අසා සම්‍යක් ප්‍රඥාවෙන් දැන ජාතික්ෂය (සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය) අවබෝධ කොට ඒකාන්තයෙන් පුනර්භවයට නො යෙත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.