යෙදුමෙන් කියවන්න

තණ‍්හුප‍්පාදසුත‍්තං

4. 1. 6.

4. 1. 6.

[තණ‍්හුප‍්පාදසුත‍්තං]

[තෘෂ්ණෝත්පාද සූත්‍රය]

105. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

105. භාග්‍යවතුන් වහන්සේ විසින්මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:

1. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ තණ‍්හුප‍්පාදා යත්‍ථ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. කතමෙ චත‍්තාරො?

1. මහණෙනි, යමක් නිමිති කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදී නම් තෘෂ්ණෝත්පාද කාරණයෝ මේ සිවු දෙනෙක් වෙත්. කවර සිවු දෙනෙක් ද යත්:

චීවරහෙතු වා භික‍්ඛවෙ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. පිණ‍්ඩපාතහෙතු වා භික‍්ඛවෙ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. සෙනාසනහෙතු වා භික‍්ඛවෙ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. ඉතිභවාභවහෙතු වා භික‍්ඛවෙ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති.

මහණෙනි, චීවරය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, සේනාසනය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, මෙසේ ප්‍රණීත-අප්‍රණීත-අති ප්‍රණීත දෑ හේතු කොට ගෙණ ද තෘෂ්ණාව උපදිනුයේ උපදී.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො තණ‍්හුප‍්පාදා යත්‍ථ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජතීති.

මහණෙනි, යමක් හේතු කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී ද, මේ ඒ තෘෂ්ණෝත්පාද කාරණයෝ සිවු දෙන වෙති.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “තණ‍්හාදුතියො පුරිසො දීඝමද‍්ධාන සංසරං, ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං සංසාරං නාතිවත‍්තති.

2. “තෘෂ්ණා දෙවෙනි කොටැති (තෘෂ්ණාව සහාය කොටැති) පුරුෂ තෙම දීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි හැසිරෙන්නේ මේ ආත්මභාවය ද අනාගත ආත්මභාවය ද ලක්‍ෂණ කොට ඇති සංසාරය නො ඉක්මෙයි.

3. එවමාදීනවං ඤත්‍වා තණ‍්හං දුක‍්ඛස‍්ස සම‍්භවං, වීතතණ‍්හො අනාදානො සතො භික‍්ඛු පරිබ‍්බජෙ”ති.

3. තෘෂ්ණාව සසර දුකට මුල් වන්නේ යැ යි මෙසේ ආදීනව වශයෙන් දැන පහ කරණ ලද තෘෂ්ණාව ඇති (නැවත භවයෙහි පිළිසඳ ගැන්මක් නැති හෙයින්) ආදාන රහිත වූ, ස්මෘතිමත් වූ (ක්‍ෂීණාස්‍රව) භික්‍ෂු තෙමේ සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.