සබ්‍රහ‍්මකසුත‍්තං
4. 1. 7.
4. 1. 7.
[සබ්‍රහ‍්මකසුත‍්තං]
[සබ්‍රහ්මක සූත්‍රය]
106. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.
106. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. සබ්‍රහ‍්මකානි භික‍්ඛවෙ’තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. සපුබ‍්බදෙවකානි භික‍්ඛවෙ, තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති, සපුබ‍්බාචරියකානි භික‍්ඛවෙ, තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. සාහුනෙය්‍යකානි භික‍්ඛවෙ, තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති.
1. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්‍රහ්මයා සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වදේවතාවන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ සාහුනෙය්‍ය (වෙත පමුණුවා දන් දිය යුත්තන් සහිත) වෙත්.
බ්‍රහ‍්මා’ති භික‍්ඛවෙ, මාතාපිතුන‍්නං එතං අධිවචනං. පුබ‍්බදෙවතා’ති භික‍්ඛවෙ, මාතාපිතුන‍්නං එතං අධිවචනං. පුබ‍්බාචරියා’ති භික‍්ඛවෙ, මාතාපිතුන‍්නං එතං අධිවචනං. ආහුනෙය්‍යා’ති භික‍්ඛවෙ, මාතාපිතුන‍්නං එතං අධිවචනං. තං කිස‍්ස හෙතු?
මහණෙනි, බ්‍රහ්ම යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වදේව යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වාචාර්‍ය්‍ය යන මේ මවුපියන්ට නමෙකි. මහණෙනි, ආහුනෙය්‍ය යන මෙය මවුපියන්ට නමෙකි. ඒ කවර හෙයින යත්:
බහුකාරා භික‍්ඛවෙ මාතාපිතරො පුත‍්තානං ආපාදකා පොසකා ඉමස‍්ස ලොකස‍්ස දස‍්සෙතාරො’ති.
මහණෙනි, මවුපිය දෙදෙන පුත්‍රයනට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙත්. ජීවිතාරක්‍ෂකයෝ වෙත්. (අත් පා වඩා) පෝෂණය කරන්නෝ වෙත්. මේ ලොව (ඉටු අනිටු අරමුණු) දක්වන්නෝ වෙත්.
එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “බ්‍රහ‍්මා’ති මාතාපිතරො පුබ‍්බාචරියාති වුච‍්චරෙ, ආහුනෙය්‍යා ච පුත‍්තානං පජාය අනුකම‍්පකා.
2. “පුත්‍රප්‍රජාවට අනුකම්පා කරණ මවුපිය දෙදෙන පුත්‍රයනට බ්‍රහ්මයෝ යැ යි පූර්‍ව ආචාර්‍ය්‍යවරයෝ යැ යි ද (දුරින් ගෙණවුත් දිය යුත් ආහාරාදියට සුදුසු) ආහුනෙය්‍යයෝ යැ යි ද කියනු ලැබෙත්.
3. තස‍්මා හි නෙ නමස‍්සෙය්‍ය සක‍්කරෙය්‍යා ච පණ‍්ඩිතො, අන‍්නෙන අථ පානෙන වත්‍ථෙන සයනෙන ච, උච‍්ඡාදනෙන නහාපනෙන පාදානං ධොවනෙන ච.
3. එහෙයින් නුවණැති පුද්ගල තෙමේ ඒ මවුපියනට නමස්කාර කරන්නේ ය. යලි ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, සයනයෙන් ද, ඇඟ ඉළීමෙන් ද, නැහැවීමෙන් ද, පාදෙවීමෙන් ද, සත්කාර කරන්නේ ය.
4. තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ‍්ඩිතා, ඉධෙව නං පසංසන‍්ති, පෙච‍්ච සග‍්ගෙ ච මොදතී”ති.
4. පණ්ඩිතයෝ මවුපියන් කෙරෙහි ඒ (අත්පා මෙහෙකිරීමාදි) උවටැන් කිරීම නිසා මෙ ලොව දී ඔහු පසසත්. මරණින් මතු ස්වර්‍ගයෙහි ඉපිද අතිශයින් සතුටු වේ.”
අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.