යෙදුමෙන් කියවන්න

බහුකාරසුත‍්තං

4. 1. 8.

4. 1. 8.

[බහුකාරසුත‍්තං]

[බහුකාර සූත්‍රය]

107. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

107. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. බහුකාරා භික‍්ඛවෙ බ්‍රාහ‍්මණගහපතිකා තුම‍්හාකං යෙ තෙ පච‍්චුපට‍්ඨිතා චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. තුම‍්හෙ’පි භික‍්ඛවෙ බහූපකාරා බ්‍රාහ‍්මණගහපතිකානං යං නෙසං ධම‍්මං දෙසෙථ ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙථ. එවමිදං භික‍්ඛවෙ අඤ‍්ඤමඤ‍්ඤං නිස‍්සාය බ්‍රහ‍්මචරියං වුස‍්සති ඔඝස‍්ස නිත්‍ථරණත්‍ථාය සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායා”ති.

1. මහණෙනි, යම් බමුණු ගැහැවි කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් තොපට උවටැන් කරන්නාහු වෙත් ද, ඔහු (තොපට) බෙහෙවින් උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, තෙපි ද ඒ බමුණු ගැහැවියනට යම් හෙයකින් මුල යහපත් වූ මැද යහපත් වූ අවසන යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියලු ලෙසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරවු ද, පිරිසුදු (ශාසනමාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරවු ද, (එහෙයින්) ඔවුන්ට තෙපි ද බෙහෙවින් උපකාරීහ. මහණෙනි, මෙසේ වනාහි ඔවුනොවුන් ඇසුරු කොට චතුරෝඝය තරණය කරණු පිණිස මනා කොට සියලු සසරදුක් කෙළවර කරණු පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “සාගාරා අනගාරා ච උභො අඤ‍්ඤොඤ‍්ඤනිස‍්සිතා, ආරාධයන‍්ති සද‍්ධම‍්මං යොගක‍්ඛෙමං අනුත‍්තරං.

2. “ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද යන දෙ පක්‍ෂය ඔවුනොවුන් ඇසුරු කරන්නාහු (ප්‍රතිපත්ති ප්‍රතිවේධ) සද්ධර්‍මය ද, අර්‍හත්ත්‍වය හා නිවණ ද සම්පාදනය කෙරෙත්.

3. සාගාරෙසු ච චීවරං පච‍්චයං සයනාසනං, අනාගාරා පටිච‍්ඡන‍්ති පරිස‍්සයවිනොදනං.

3. පැවිද්දෝ ගෘස්ථයන්ගෙන් පීඩා උපද්‍රව දුරු කරණ සිවුරුය සෙනසුන් ය (පිණ්ඩපාත ගිලන්පස යන) ප්‍රත්‍යය ද පිළිගණිත්.

4. සුගතං පන නිස‍්සාය ගහට‍්ඨා ඝරමෙසිනො, සද‍්දහානා අරහතං අරියපඤ‍්ඤාය ඣායිනො.

4. ආර්‍ය්‍ය පුද්ගලයා නිසා ගිහිගෙයි වෙසෙන ගෘහස්ථයෝ රහතුන්ගේ වචන අදහන්නාහු සුවිශුද්ධ ප්‍රඥාවෙන් ධ්‍යාන කරණ සුලු වූවාහු,

5. ඉධ ධම‍්මං චරිත්‍වාන මග‍්ගං සුගතිගාමිනං, නන්‍දිනො දෙවලොකස‍්මිං මොදන‍්ති කාමකාමිනො’ති.”

5. මේ අත්බැව්හිදී (ලොවී ලොවුතුරා) සැපයට මාර්‍ගය වූ (ශීලාදි) ධර්‍මයෙහි හැසිර සතුටු වන සුලු වූවාහු දෙව්ලොවෙහි කාමසැප කැමැත්තාහු සතුටු වෙත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.