8. බහුකාරසුත්තවණ්ණනා අට්ඨකථා
8. බහුකාරසුත්තවණ්ණනා
8. බහුකාර සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ බ්රාහ්මණගහපතිකාති බ්රාහ්මණා චෙව ගහපතිකා ච. ඨපෙත්වා බ්රාහ්මණෙ යෙ කෙචි අගාරං අජ්ඣාවසන්තා ඉධ ගහපතිකාති වෙදිතබ්බා. යෙති අනියමතො නිද්දිට්ඨපරාමසනං. වොති උපයොගබහුවචනං. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – භික්ඛවෙ, තුම්හාකං බහූපකාරා බ්රාහ්මණගහපතිකා, යෙ බ්රාහ්මණා චෙව සෙසඅගාරිකා ච “තුම්හෙ එව අම්හාකං පුඤ්ඤක්ඛෙත්තං, යත්ථ මයං උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙම සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනික”න්ති චීවරාදීහි පච්චයෙහි පතිඋපට්ඨිතාති.
අටවන සූත්‍රයෙහි බ්‍රාහ්මණ ගහපතිකා යනු බ්‍රාහ්මණයෝ ද ගෘහපතියෝ ද. බමුණන් හැර ගිහිගෙයි වාසය කරන යම්කෙනෙක් වෙත් ද ඔවුහු මෙහි ගෘහපතියෝ යයි දතයුතුය. යෙ යනු අනියමයෙන් නිර්දේශය (විස්තර කිරීම) ස්පර්ශ කිරීමයි. තෙ යනු උපයෝග (දුතියා=කර්ම) බහුවචනයයි. මේ වනාහි මෙහි කෙටි අර්ථයයි. මහණෙනි, ඔබලාට යම් බ්‍රාහ්මණ පිරිසක් වෙත් ද ගිහිගෙයි වසන පිරිසක් වෙත් ද ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ ඔබලාට බොහෝ උපකාර ඇත්තාහුය. යම්තැනක අපි විපාකදීම් වශයෙන් ඉහළට (සැපයට) යන්නා වූ උත්පත්ති වශයෙන් ස්වර්ගයට හිත වූ, සැපවිපාක ඇත්තා වූ අග්‍ර වූ දිව්‍ය වර්ණ ආදිය උදාකර දෙන්නා වූ දක්ෂිණාව පිහිටවමුයි චීවරාදී ප්‍රත්‍යයෙන් නැවත නැවත උපස්ථාන කරත්.
එවං “ආමිසදානෙන ආමිසසංවිභාගෙන ආමිසානුග්ගහෙන ගහට්ඨා භික්ඛූනං උපකාරවන්තො”ති දස්සෙත්වා ඉදානි ධම්මදානෙන ධම්මසංවිභාගෙන ධම්මානුග්ගහෙන භික්ඛූනම්පි තෙසං උපකාරවන්තතං දස්සෙතුං “තුම්හෙපි, භික්ඛවෙ,”තිආදි වුත්තං, තං වුත්තනයමෙව.
මෙසේ ආමිසදාන වශයෙන්, ආමිස සංවිභාග වශයෙන්, ආමිස අනුග්‍රහ වශයෙන් ගිහියෝ භික්ෂූන්ට උපකාර ඇත්තේ යයි දක්වා දැන් ධර්ම දානයෙන්, ධර්ම සංවිභාගයෙන්, ධර්ම අනුග්‍රහයෙන් භික්ෂූන් ද ඔවුන්ට උපකාර ඇති බව දක්වන්නට ‘තුම්හෙපි භික්ඛවෙ’ යනාදිය කියන ලදී. එය කියන ලද අයුරින්මය.
ඉමිනා කිං කථිතං? පිණ්ඩාපචායනං නාම කථිතං. අයඤ්හෙත්ථ අධිප්පායො – භික්ඛවෙ, යස්මා ඉමෙ බ්රාහ්මණගහපතිකා නෙව තුම්හාකං ඤාතකා, න මිත්තා, න ඉණං වා ධාරෙන්ති, අථ ඛො “ඉමෙ සමණා සම්මග්ගතා සම්මා පටිපන්නා, එත්ථ නො කාරා මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා”ති ඵලවිසෙසං ආකඞ්ඛන්තා තුම්හෙ චීවරාදීහි උපට්ඨහන්ති. තස්මා තං තෙසං අධිප්පායං පරිපූරෙන්තා අප්පමාදෙන සම්පාදෙථ, ධම්මදෙසනාපි වො කාරකානංයෙව සොභති, ආදෙය්යා ච හොති, න ඉතරෙසන්ති එවං සම්මාපටිපත්තියං අප්පමාදො කරණීයොති.
මෙයින් කුමක් කියන ලද ද? පිණ්ඩාපචායනය (පිණ්ඩපාතයට ගරුකිරිම) කියන ලදී. මේ මෙහි අදහසය. මහණෙනි, යම්හෙයකින් මේ බ්‍රාහ්මණ ගෘහපතියෝ ඔබලාගේ ඤාතීහු නො වෙත්ද, මිත්‍රයෝ නොවෙත් ද, ණයකරුවෝ නොවෙත් ද එසේම මේ ශ්‍රමණයෝ මනා වූ මාර්ගයෙහි යන්නෝ වෙති. මනාව පිළිපදින්නාහු වෙති. උන්වහන්සේලා කෙරෙහි කරනු ලබන අපගේ පූජාවෝ මහත්ඵල වන්නාහ, මහානිසංස වන්නාහ යනුවෙන් ඵල විශේෂය කැමැත්තාහු ඔබලාට චීවරාදියෙන් උපස්ථාන කරති. එහෙයින් ඔවුන්ගේ ඒ අදහස සම්පූර්ණ කරමින් අප්‍රමාදීව කටයුතු කරව්. (මෙසේ මනා වූ පිළිවෙත් ඇතිව කරනු ලබන) ඔබලාගේ ධර්ම දේශනාව ද ඔවුන්ට ප්රයෝජනවත්ය. ඔවුන් (දායකයන්) විසින් භාරගත යුත්තක් ද වෙයි. (භික්ෂූන් නොවන) අන් අයගේ ධර්ම දේශනාව එසේ නොවේයයි මෙසේ මනා වූ ප්රතිපත්තියෙහි අප්‍රමාදව කටයුතු කළ යුතුය.
එවමිදං, භික්ඛවෙතිආදීසු අයං සඞ්ඛෙපත්ථො – භික්ඛවෙ, එවං ඉමිනා වුත්තප්පකාරෙන ගහට්ඨපබ්බජිතෙහි ආමිසදානධම්මදානවසෙන අඤ්ඤමඤ්ඤං සන්නිස්සාය කාමාදිවසෙන චතුබ්බිධස්සපි ඔඝස්ස නිත්ථරණත්ථාය සකලස්සපි වට්ටදුක්ඛස්ස සම්මදෙව පරියොසානකරණාය උපොසථසීලනියමාදිවසෙන චතුපාරිසුද්ධිසීලාදිවසෙන වා ඉදං සාසනබ්රහ්මචරියං මග්ගබ්රහ්මචරියඤ්ච වුස්සති චරීයතීති.
‘එවමිදං භික්ඛවෙ’ යනාදියෙහි මේ කෙටි අර්ථයයි: මහණෙනි, මෙසේ මේ කියන ලද ආකාරයෙන් ගිහියන් විසින් පැවිද්දන් විසින් ආමිසදාන ධර්මදාන වශයෙන් ඔවුනොවුන් ඇසුරුකොට ඔඝස්ස නිත්ථරණත්ථාය කාමාදී වශයෙන් සතරාකාර ඔඝය දුරුකරනු පිණිස සියලු සසර දුක් කෙළවර කිරීම පිණිස උපෝසථ සීල, චතුපාරිසුද්ධි සීලාදී වශයෙන් ද බ්රහ්මචරියං මේ සාසන බ්‍රහ්මචරියාවෙහි ද මාර්ග බ්‍රහ්මචරියාවෙහි ද වුස්සති වසනු ලැබේ.
ගාථාසු සාගාරාති ගහට්ඨා. අනගාරාති පරිච්චත්තඅගාරා පබ්බජිතා. උභො අඤ්ඤොඤ්ඤනිස්සිතාති තෙ උභොපි අඤ්ඤමඤ්ඤසන්නිස්සිතා. සාගාරා හි අනගාරානං ධම්මදානසන්නිස්සිතා, අනගාරා ච සාගාරානං පච්චයදානසන්නිස්සිතා. ආරාධයන්තීති සාධෙන්ති සම්පාදෙන්ති. සද්ධම්මන්ති පටිපත්තිසද්ධම්මං පටිවෙධසද්ධම්මඤ්ච. තත්ථ යං උත්තමං, තං දස්සෙන්තො ආහ “යොගක්ඛෙමං අනුත්තර”න්ති අරහත්තං නිබ්බානඤ්ච. සාගාරෙසූති සාගාරෙහි, නිස්සක්කෙ ඉදං භුම්මවචනං, සාගාරානං වා සන්තිකෙ. පච්චයන්ති වුත්තාවසෙසං දුවිධං පච්චයං පිණ්ඩපාතං භෙසජ්ජඤ්ච. පරිස්සයවිනොදනන්ති උතුපරිස්සයාදිපරිස්සයහරණං විහාරාදිආවසථං. සුගතන්ති සම්මා පටිපන්නං කල්යාණපුථුජ්ජනෙන සද්ධිං අට්ඨවිධං අරියපුග්ගලං. සාවකො හි ඉධ සුගතොති අධිප්පෙතො. ඝරමෙසිනොති ඝරං එසිනො, ගෙහෙ ඨත්වා ඝරාවාසං වසන්තා භොගූපකරණානි චෙව ගහට්ඨසීලාදීනි ච එසනසීලාති අත්ථො. සද්දහානො අරහතන්ති අරහන්තානං අරියානං වචනං, තෙසං වා සම්මාපටිපත්තිං සද්දහන්තා. “අද්ධා ඉමෙ සම්මා පටිපන්නා, යථා ඉමෙ කථෙන්ති, තථා පටිපජ්ජන්තානං සා පටිපත්ති සග්ගමොක්ඛසම්පත්තියා සංවත්තතී”ති අභිසද්දහන්තාති අත්ථො. “සද්දහන්තා”තිපි පාඨො. අරියපඤ්ඤායාති සුවිසුද්ධපඤ්ඤාය. ඣායිනොති ආරම්මණලක්ඛණූපනිජ්ඣානවසෙන දුවිධෙනපි ඣානෙන ඣායිනො.
ගාථාවන්හි - සාගාරා යනු ගිහියෝය. අනගාරා යනු ගිහිගෙය අත්හළ පැවිද්දෝය. උභො අඤ්ඤොඤ්ඤනිස්සිතා යනු ඒ දෙපිරිසම ඔවුනොවුන් ඇසුරුකොට, ගිහියෝ පැවිද්දන්ගේ ධර්මදානය ඇසුරු කිරීමෙන් ද පැවිද්දෝ ගිහියන්ගේ (චීවරාදි) ප්‍රත්‍ය දානය ඇසුරු කිරීමෙන්ද ආරාධයන්ති සිදුකරත්, සම්පාදනය කරත්. සද්ධම්මං යනු ප්‍රතිපත්ති සද්ධර්මය ද ප්‍රතිවේධ සද්ධර්මය ද. එහි යමක් උතුම් ද එය දක්වන්නාහු යොගක්ඛෙමං අනුත්තරං යනුවෙන් රහත් බව ද නිවන ද වදාළහ. සාගාරෙසු යනු ගිහියන්ගෙන්, මෙය අවධි අර්ථයෙහි සත්තමී විභක්ති වචනයයි. (නිස්සක්කේ භුම්මවචනං) ගිහියන් සමීපයෙහි හෝ. පච්චයං යනු කියා ඉතිරි වූ පිණ්ඩපාතය හා බෙහෙත් යන ප්‍රත්‍ය දෙකයි. පරිස්සය විනොදනං යනු ඍතුවලින් ඇතිවන හිරිහැර ආදී හිරිහැර දුරුකරන විහාරාදී ආවාස. සුගතං මනාව පිළිපන්නා වූ කල්‍යාණ පෘථග්ජනයා සමග අටවැදෑරුම් ආර්ය පුද්ගලයා, මෙහි ශ්රාවකයා ‘සුගත’ යනුවෙන් අදහස් කරන ලදී. ඝරමෙසිනො යනු ඝරං එසිනො, ගෙයි සිට ගෙයි වාසය කරමින් භෝග උපකරණ ද ගිහි සීලාදිය ද සොයන ස්වභාවය ඇත්තෝ යන අර්ථයි. සද්දහානො අරහතං යනු අර්හත් වූ ආර්යයන්ගේ වචනය හෝ උන්වහන්සේලාගේ මනා වූ පිළිවෙත හෝ අදහන්නා වූ, ඒකාන්තයෙන් මුන්වහන්සේලා මනාව පිළිපන්නාහුය, මුන්වහන්සේලා කියන ආකාරයට පිළිපදින අයට ඒ ප්‍රතිපත්තිය ස්වර්ග මෝක්ෂ සම්පත් පිණිස පවතී යනුවෙන් අදහන්නා වූ යන අර්ථයි. ‘සද්ධාතා’ යනු ද පාඨයකි. අරියපඤ්ඤාය යනු සුවිසුද්ධි ප්‍රඥාවෙන්. ඣායිනො යනු අරමුණ සිහිකිරීම් වශයෙන් ලක්ෂණ සිහිකිරීම් වශයෙන් යන දෙයාකාර ධ්‍යානයෙන් ධ්‍යාන කරන්නා වූ.
ඉධ ධම්මං චරිත්වානාති ඉමස්මිං අත්තභාවෙ, ඉමස්මිං වා සාසනෙ ලොකියලොකුත්තරසුඛස්ස මග්ගභූතං සීලාදිධම්මං පටිපජ්ජිත්වා යාව පරිනිබ්බානං න පාපුණන්ති, තාවදෙව සුගතිගාමිනො. නන්දිනොති පීතිසොමනස්සයොගෙන නන්දනසීලා. කෙචි පන “ධම්මං චරිත්වාන මග්ගන්ති සොතාපත්තිමග්ගං පාපුණිත්වා”ති වදන්ති. දෙවලොකස්මින්ති ඡබ්බිධෙපි කාමාවචරදෙවලොකෙ. මොදන්ති කාමකාමිනොති යථිච්ඡිතවත්ථුනිප්ඵත්තිතො කාමකාමිනො කාමවන්තො හුත්වා පමොදන්තීති.
ඉධ ධම්මං චරිත්වාන යනු මේ ආත්මභාවයෙහි හෝ මේ ශාසනයෙහි හෝ ලෞකික ලෝකෝත්තර සැපයට මාර්ගය වූ සීලාදී ධර්ම පිළිපැද පිරිනිවීමට නො පැමිණෙන තාක් සුගතිගාමී වූ. නන්දිනො යනු ප්‍රීතිය හා සොම්නස යෙදීමෙන් සතුටුවන ස්වභාවය ඇත්තා වූ. ඇතැමෙක් වනාහි - ධම්මං චරිත්වාන මග්ගං’ යනුවෙන් සෝවාන් මාර්ගයට පැමිණ යන අර්ථය බව කියති. දෙවලොකස්මිං යනු සයවැදෑරුම් කාම දිව්‍යලෝකයෙහි. මොදන්ති කාමකාමිනො කැමති කැමති කාම වස්තු පහළවීමෙන් කාම සැප කැමැත්තාහු කාමවන්තයෝ වී සතුටු වෙති.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍රයයි.
9. කුහසුත්තවණ්ණනා
9. කුහ සූත්‍ර වර්ණනාව
නවමෙ කුහාති සාමන්තජප්පනාදිනා කුහනවත්ථුනා කුහකා, අසන්තගුණසම්භාවනිච්ඡාය කොහඤ්ඤං කත්වා පරෙසං විම්හාපකාති අත්ථො. ථද්ධාති කොධෙන ච මානෙන ච ථද්ධමානසා. “කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයතී”ති (අ· නි· 3.25; පු· ප· 101) එවං වුත්තෙන කොධෙන ච, “දුබ්බචො හොති දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනි”න්ති (ම· නි· 1.181) එවං වුත්තෙන දොවචස්සෙන ච, “ජාතිමදො, ගොත්තමදො, සිප්පමදො, ආරොග්‍යමදො, යොබ්බනමදො, ජීවිතමදො”ති (විභ· 832) එවං වුත්තෙන ජාතිමදාදිභෙදෙන මදෙන ච ගරුකාතබ්බෙසු ගරූසු පරමනිපච්චකාරං අකත්වා අයොසලාකං ගිලිත්වා ඨිතා විය අනොනතා හුත්වා විචරණකා. ලපාති උපලාපකා මිච්ඡාජීවවසෙන කුලසඞ්ගාහකා පච්චයත්ථං පයුත්තවාචාවසෙන නිප්පෙසිකතාවසෙන ච ලපකාති වා අත්ථො.
නවවන සූත්‍රයෙහි කුහා යනු (අදාළ කාරණයට) සමීපව කතා කිරීම් ආදී වශයෙන් කුහන වස්තුවෙන් නැති ගුණ පෙන්වීම, නැති ගුණයට ගරුකරවා ගැනීමේ ආසාවෙන් කුහකකම් කොට අනුන් පුදුමයට පත්කරන්නා වූ (පුද්ගලයෝ) යන අර්ථයි. ථද්ධා යනු ක්‍රෝධයෙන් ද මානයෙන් ද තද වූ සිත් ඇත්තා වූ (පුද්ගලයෝ) ‘කොධනො හොති - උපායාස බහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති, කුප්පති බ්යාපජ්ඣති, පතිත්ථියති’ ‘ක්‍රෝධ කරන්නෙක් වෙයි. සිත්තැවුල් බහුලකොට ඇත්තේ වෙයි, ස්වල්පයක් කියන ලද්දේ වුව ද කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි යනුවෙන් මෙසේ කියන ලද ක්‍රෝධයෙන් ද ‘දුබ්බචො හොති -දොවචස්ස කරණෙහි ධම්මෙහි සමන්නාගතො අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං’ දුර්වච වූවෙක් වෙයි. දුර්වචභාවය ඇතිකරන කරුණුවලින් යුක්ත වූයේ වෙයි, නො ඉවසන්නේ වෙයි, අනුසාසනාව ගරුකොට නොපිළිගන්නේ වෙයි’ යනුවෙන් මෙසේ කියන ලද දුර්වච භාවයෙන් ද ජාතියෙන් මත්වූයේ, ගෝත්‍රයෙන් මත්වූයේ, ශිල්පයෙන් මත්වූයේ, නිරෝබවෙන් මත්වූයේ, තරුණ බවෙන් මත්වූයේ, ජීවිතයෙන් මත්වූයේ යනුවෙන් මෙසේ කියන ලද ජාතිමදාදී භේද ඇති මදයෙන් ද ගරුකටයුතු ගුරුවරුන් කෙරෙහි උසස්ම අයුරින් ගරුනොකොට යකඩ කූරක් ගිලගෙන සිටියාක් මෙන් නොනැමෙන බවින් යුතුව හැසිරෙන්නා වූ. ලපා යනු චාටුබස් කියන්නා වූ, මිථ්‍යාජීව වශයෙන් පවුල්වලට (කුලවලට) සංග්‍රහ කරන්නා වූ, (චීවරාදී) ප්‍රත්‍යය පිණිස යෙදුණු වචන වශයෙන් ද ලාභසත්කාරාදිය පිණිස අනුන්ට දොස්කීම් වශයෙන් ද චාටුබස් කියන්නා වූ (පුද්ගලයෝ) යන අර්ථයි.
සිඞ්ගීති “තත්ථ කතමං සිඞ්ගං? යං සිඞ්ගං සිඞ්ගාරතා චාතුරතා චාතුරියං පරික්ඛත්තතා පාරික්ඛත්තිය”න්ති (විභ· 852) එවං වුත්තෙහි සිඞ්ගසදිසෙහි පාකටකිලෙසෙහි සමන්නාගතා. උන්නළාති උග්ගතනළා, නළසදිසං තුච්ඡමානං උක්ඛිපිත්වා විචරණකා. අසමාහිතාති චිත්තෙකග්ගතාමත්තස්සාපි අලාභිනො. න මෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ මාමකාති තෙ මය්හං භික්ඛූ මම සන්තකා න හොන්ති. මෙති ඉදං පදං අත්තානං උද්දිස්ස පබ්බජිතත්තා භගවතා වුත්තං. යස්මා පන තෙ කුහනාදියොගතො න සම්මා පටිපන්නා, තස්මා “න මාමකා”ති වුත්තා. අපගතාති යදිපි තෙ මම සාසනෙ පබ්බජිතා, යථානුසිට්ඨං පන අප්පටිපජ්ජනතො අපගතා එව ඉමස්මා ධම්මවිනයා, ඉතො තෙ සුවිදූරවිදූරෙ ඨිතාති දස්සෙති. වුත්තඤ්හෙතං –
සිංගී යනු ‘තත්ථ කතමං සිංගං? යං සිංගං සිංගාරතා චාතුරතා චාතුරියං පරික්ඛත්තතා පාරික්ඛත්තියං’ ‘එහි සිංග’ යනු කුමක්ද? යම් කෙලෙස් අඟක්, ශෘංගාර (නාගරික) බවක්, චතුර (දක්ෂ) බවක්, චාතුර්යයක්, දැඩි ශෘංගාර බවක්, බලවත් ශෘංගාර බවක් වේද, යනුවෙන් මෙසේ කියන ලද අං සමාන ප්‍රකට කෙලෙස්වලින් යුක්ත වූ (පුද්ගලයෝ). උන්නළා යනු උඩට ගිය බට ගස් බට සමාන හිස් මානය ඔසවා හැසිරෙන්නා වූ (පුද්ගලයෝ) අසමාහිතා යනු හිතේ එකඟකමක් පමණවත් නොලබන්නා වූ (පුද්ගලයෝ). න මෙ තෙ භික්ඛවෙ භික්ඛූ මාමකා යනු ඒ භික්ෂූහු මගේ නොවෙති, මා සමීපයෙහි නොවෙති. ‘මය්හං’ ‘මගේ’ යන මෙය තමන් වහන්සේ උදෙසා පැවිදි වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. යම්හෙයකින් ඔවුහු කුහනාදිය යෙදීමෙන් මනාකොට නොපිළිපන්නාහුද එහෙයින් ‘න මාමකා’ යනුවෙන් කියන ලදී. අපගතා යනු ඉදින් ඔවුහු මගේ සසුනෙහි පැවිදි වූවාහු වුව ද අවවාදයට අනුව නොපිළිපැදීමෙන් මේ ධර්ම-විනයෙන් ඉවත් වූවාහුමය. ඔවුහු මේ සාසනයෙන් ඉතාමත් දුර සිටියාහුයයි දක්වයි. එය කියන ලද්දේමය -
“නභඤ්ච දූරෙ පථවී ච දූරෙ, පාරං සමුද්දස්ස තදාහු දූරෙ; තතො හවෙ දූරතරං වදන්ති, සතඤ්ච ධම්මං අසතඤ්ච රාජා”ති. (අ· නි· 4.47; ජා· 2.21.414);
නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද්දස්ස තථාහු දූරෙ තතො හවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මං අසතඤ්ච රාජා’ති
මහරජ, අහස ද දුරය. පොළොව ද දුරයයි (අහසට පොළොව දුරයයි) කීහ. සමුදුරට එගොඩ දුරයයි (මෙගොඩට එගොඩ දුරයයි) කීහ. සත්පුරුෂ ධර්මයට අසත්පුරුෂ ධර්මය ඊටත් වඩා දුරයයි කියති යනුවෙනි.
වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්තීති සීලාදිගුණෙහි වඩ්ඪනවසෙන වුද්ධිං, තත්ථ නිච්චලභාවෙන විරූළ්හිං, සබ්බත්ථ පත්ථටභාවෙන සීලාදිධම්මක්ඛන්ධපාරිපූරියා වෙපුල්ලං. න ච තෙ කුහාදිසභාවා භික්ඛූ ආපජ්ජන්ති, න ච පාපුණන්තීති අත්ථො.
වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති යනු සීලාදී ගුණවලින් වර්ධනය වීම් වශයෙන් වෘද්ධියට, එහි නිශ්චල භාවයෙන් විරූළ්හියට හැමතැනම පැතිරුණු බැවින් සීලාදී ධර්මස්කන්ධ පරිපූර්ණ වීමෙන් වෙපුල්ලයට න ච තෙ ඒ කුහක ආදී ස්වභාව ඇති භික්ඛූ භික්ෂූහු නො පත් වෙති. නොපැමිණෙත් යන අර්ථයි.
තෙ ඛො මෙ, භික්ඛවෙ, භික්ඛූ මාමකාති ඉධාපි මෙති අත්තානං උද්දිස්ස පබ්බජිතත්තා වදති, සම්මා පටිපන්නත්තා පන “මාමකා”ති ආහ. වුත්තවිපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො. තත්ථ යාව අරහත්තමග්ගා විරූහන්ති නාම, අරහත්තඵලෙ පන සම්පත්තෙ විරූළ්හිං වෙපුල්ලං ආපන්නා නාම. ගාථා සුවිඤ්ඤෙය්යා එව.
තෙ ඛො මෙ භික්ඛවෙ භික්ඛූ මාමකා යන මෙහි ද ‘මෙ’ යනු තමන් වහන්සේ උදෙසා පැවිදි වූ බැවින් කියති. මනාව පිළිපන් හෙයින් ‘මාමකා’ යනුවෙන් කීහ. කියන ලද ආකාරයට වෙනස් ලෙසින් කුසල පක්ෂය දතයුතුය. එහි අර්හත් මාර්ගය තෙක් ‘විරූහන්ති’ නම් වේ. අර්හත්ඵලයට පත්කල්හි විරූළ්හියට වෙපුල්ලයට පැමිණියාහු නම් වෙත්. ගාථා මනාව දතහැකිමය.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍රයයි.