7. සබ්රහ්මකසුත්තවණ්ණනා අට්ඨකථා
7. සබ්රහ්මකසුත්තවණ්ණනා
7. සබ්‍රහ්මක සූත්‍ර වර්ණනාව
සත්තමෙ සබ්රහ්මකානීති සසෙට්ඨකානි. යෙසන්ති යෙසං කුලානං. පුත්තානන්ති පුත්තෙහි පූජිතසද්දයොගෙන හි ඉදං කරණත්ථෙ සාමිවචනං. අජ්ඣාගාරෙති සකෙ ඝරෙ. පූජිතා හොන්තීති යං ඝරෙ අත්ථි, තෙන පටිජග්ගිතා මනාපෙන චෙව කායිකවාචසිකෙන ච පච්චුපට්ඨිතා හොන්ති. ඉති මාතාපිතුපූජකානි කුලානි “සබ්රහ්මකානී”ති පසංසිත්වා උපරිපි නෙසං පසංසනීයතං දස්සෙන්තො “සපුබ්බදෙවතානී”තිආදිමාහ.
සත්වන සූත්‍රයෙහි සබ්රහ්මකානි යනු ශ්‍රේෂ්ඨයන් සහිත. යෙසං යනු යම් යම් කුලයන්ට (පවුලට) අයත් වූ පුත්තානං යනු පුතුන් විසින්, පූජිතා යන ක්‍රියා ශබ්ද යෝගය ඇති හෙයින් මෙය කරණ විභක්ති අර්ථයෙහි සාමි වචනයයි හෙවත් ඡට්ඨි විභක්ති වචනයයි. අජ්ඣාගාරෙ යනු තමන්ගේ නිවසෙහි. පූජිතා හොන්ති යනු නිවසෙහි සිටින තැනැත්තා විසින් (මව්පියෝ) පෝෂණය කරන ලද්දාහු මෙන් මනාප වූ කය වචන දෙකින් (මව්පියන් වෙත) එළඹ සිටියේ වෙයි. මෙසේ මව්පියන් පුදන කුල බඹුන් සහිත යයි ප්‍රශංසා කොට මත්තෙහිත් ඒ පවුල්වලට ප්‍රශංසා කළයුතු බව දක්වමින් ‘සපුබ්බදෙවතානි’ යනාදිය වදාළහ.
තත්ථ බ්රහ්මාතිආදීනි තෙසං බ්රහ්මාදිභාවසාධනත්ථං වුත්තානි. තත්රායමත්ථවිභාවනා – බ්‍රහ්මාති සෙට්ඨාධිවචනං. යථා හි බ්රහ්මුනො චතස්සො භාවනා අවිජහිතා හොන්ති මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛාති, එවං මාතාපිතූනං පුත්තෙසු චතස්සො භාවනා අවිජහිතා හොන්ති. තා තස්මිං තස්මිං කාලෙ වෙදිතබ්බා – කුච්ඡිගතස්මිඤ්හි දාරකෙ “කදා න ඛො පුත්තකං අරොගං පරිපුණ්ණඞ්ගපච්චඞ්ගං පස්සිස්සාමා”ති මාතාපිතූනං මෙත්තචිත්තං උප්පජ්ජති. යදා පනෙස මන්දො උත්තානසෙය්යකො ඌකාහි වා මඞ්කුලෙහි වා දට්ඨො දුක්ඛසෙය්යාය වා පීළිතො පරොදති විරවති, තදාස්ස සද්දං සුත්වා මාතාපිතූනං කාරුඤ්ඤං උප්පජ්ජති. ආධාවිත්වා විධාවිත්වා කීළනකාලෙ පන ලොභනීයවයස්මිං වා ඨිතකාලෙ දාරකං ඔලොකෙත්වා මාතාපිතූනං චිත්තං සප්පිමණ්ඩෙ පක්ඛිත්තසතවිහතකප්පාසපිචුපටලං විය මුදුකං ආමොදිතං පමොදිතං, තදා නෙසං මුදිතා ලබ්භති. යදා පන තෙසං පුත්තො දාරභරණං පච්චුපට්ඨපෙත්වා පාටියෙක්කං අගාරං අජ්ඣාවසති, තදා මාතාපිතූනං “සක්කොති දානි නො පුත්තකො අත්තනො ධම්මතාය ජීවිතු”න්ති මජ්ඣත්තභාවො උප්පජ්ජති. එවං තස්මිං කාලෙ උපෙක්ඛා ලබ්භති. එවං මාතාපිතූනං පුත්තෙසු යථාකාලං චතුබ්බිධස්සපි බ්රහ්මවිහාරස්ස ලබ්භනතො බ්රහ්මසදිසවුත්තිතාය වුත්තං “බ්‍රහ්මාති, භික්ඛවෙ, මාතාපිතූනං එතං අධිවචන”න්ති.
එහි ‘බ්රහ්මා’ යනාදිය ඒ පවුල්වල බ්‍රහ්ම ආදී ස්වභාවය සිදුකිරීම පිණිස කියන ලදී. මේ එහි අර්ථ පැහැදිලි කිරිමයි. බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ වචනයකි. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන භාවනාවෝ සතර බ්‍රහ්මයා විසින් යම්සේ දුරු නොකරන ලද්දාහු වේ ද මෙසේ මව්පියන් විසින් පුතුන් කෙරෙහි භාවනාවෝ සතර දුරු නොකරන ලද්දාහු වෙති. ඒවා ඒ ඒ කාලයෙහි දතයුතුය. දරුවා කුසෙහි සිටින කල්හි කවදා නම් නිරෝගී පිරිපුන් අඟපසඟ ඇති පුතෙකු දකින්නෙමුදැයි කියා මව්පියන්ට මෛත්‍රී සිත උපදී. ළදරුවා උඩුකුරුව නිදනවිට උකුණන් විසින් හෝ මකුණන් විසින් හෝ දෂ්ට කරන ලදුව හෝ දුකසේ නිදන නිසා හෝ පීඩාවට පත්වූයේ හඬයි ද කෑගසයිද එවිට දරුවන්ගේ හඬ අසා මව්පියන්ට කරුණාව උපදී. ඒ මේ අත දුවමින් සෙල්ලම් කරන කාලයෙහි ඇලුම් කළයුතු වයසෙහි හෝ සිටින කල්හි දරුවා දැක මව්පියන්ගේ සිත ගිතෙලෙහි දැමූ සියක්වර පිරිසිදු කළ කපු පුළුන් රොදක් මෙන් මොළොක් වේද සතුටු වේද ප්‍රමුදිත වේද එවිට දෙමව්පියන්ට මුදිතාව ලැබේ. යම්කලෙක ඔවුන්ගේ පුත්‍රයා බිරිඳක් කැඳවාගෙන වුත් වෙන් වූ ගෙයක වාසය කරයි ද එකල්හි දැන් අපගේ පුතුට තමාගේ ස්වභාවයෙන් ජීවත්වන්නට හැකියයි මව්පියන්ට (ඔවුන් කෙරෙහි) මැදහත් බව උපදී. මෙසේ එකල උපේක්ෂාව ලැබේ. මෙසේ මව්පියන්ට පුතුන් කෙරෙහි සුදුසු කාලයෙහි සතරාකාර බ්‍රහ්ම විහාරය ලැබීම් වශයෙන් බ්‍රහ්මයාට සමාන පැවතුම් ඇති බැවින් ‘බ්‍රහ්මාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං’ ‘මහණෙනි, බ්‍රහ්ම යන මෙය මව්පියන්ට යෙදෙන නමකි යනුවෙන් කියන ලදී.
පුබ්බදෙවතාති එත්ථ දෙවා නාම තිවිධා – සම්මුතිදෙවා, උපපත්තිදෙවා, විසුද්ධිදෙවාති. තෙසු සම්මුතිදෙවා නාම රාජානො ඛත්තියා. තෙ හි “දෙවො, දෙවී”ති ලොකෙ වොහරීයන්ති, දෙවා විය ලොකස්ස නිග්ගහානුග්ගහසමත්ථා ච හොන්ති. උපපත්තිදෙවා නාම චාතුමහාරාජිකතො පට්ඨාය යාව භවග්ගා උප්පන්නා සත්තා. විසුද්ධිදෙවා නාම ඛීණාසවා සබ්බකිලෙසවිසුද්ධිතො. තත්රායං වචනත්ථො – දිබ්බන්ති, කීළන්ති, ලළන්ති, ජොතන්ති පටිපක්ඛං ජයන්ති වාති දෙවා. තෙසු සබ්බසෙට්ඨා විසුද්ධිදෙවා. යථා තෙ බාලජනෙහි කතං අපරාධං අගණෙත්වා එකන්තෙනෙව තෙසං අනත්ථහානිං අත්ථුප්පත්තිඤ්ච ආකඞ්ඛන්තාව යථාවුත්තබ්රහ්මවිහාරයොගෙන අත්ථාය හිතාය සුඛාය පටිපජ්ජන්ති, දක්ඛිණෙය්යතාය ච තෙසං කාරානං මහප්ඵලතං මහානිසංසතඤ්ච ආවහන්ති; එවමෙව මාතාපිතරොපි පුත්තානං අපරාධං අගණෙත්වා එකන්තෙනෙව තෙසං අනත්ථහානිං අත්ථුප්පත්තිඤ්ච ආකඞ්ඛන්තා වුත්තනයෙනෙව චතුබ්බිධස්සපි බ්රහ්මවිහාරස්ස ලබ්භනතො අත්ථාය හිතාය සුඛාය පටිපජ්ජන්තා පරමදක්ඛිණෙය්යා හුත්වා අත්තනි කතානං කාරානං මහප්ඵලතං මහානිසංසතඤ්ච ආවහන්ති. සබ්බදෙවෙහි ච පඨමං තෙසං උපකාරවන්තතාය තෙ ආදිතොයෙව දෙවා. තෙසඤ්හි වසෙන තෙ පඨමං අඤ්ඤෙ දෙවෙ “දෙවා”ති ජානන්ති ආරාධෙන්ති පයිරුපාසන්ති, ආරාධනවිධිං ඤත්වා තථා පටිපජ්ජන්තා තස්සා පටිපත්තියා ඵලං අධිගච්ඡන්ති, තස්මා තෙ පච්ඡාදෙවා නාම. තෙන වුත්තං “පුබ්බදෙවතාති, භික්ඛවෙ, මාතාපිතූනං එතං අධිවචන”න්ති.
පුබ්බදෙවා යන මෙහි දෙවියෝ නම් සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව යනුවෙන් තුන්ආකාර වෙති. ඔවුන් අතුරින් සම්මුති දේව නම් ක්ෂත්රිය රජවරුය. ඔවුහු දෙවියාය දේවිය යයි ලෝකයෙහි ව්‍යවහාර කරනු ලැබෙත්. දෙවියන් මෙන් ලෝකයාට නිග්‍රහ කිරීමට අනුග්‍රහ කිරීමට සමත් වූවෝම වෙත්. චාතුර්මහා රාජිකයේ පටන් භවාග්‍රය තෙක් උපන් සත්ත්වයෝ උත්පත්ති දේව නම් වෙති. සියලු කෙලෙසුන් කෙරෙන් විශුද්ධ වූ හෙයින් රහතන් වහන්සේලා විශුද්ධි දේව නම් වෙති. මේ එහි වචනාර්ථයයි. ‘දිබ්බන්ති කීළන්ති ලළන්ති ජොතන්ති පටිපක්ඛං ජයන්තිචාති දෙවා.’ ක්‍රීඩා කරත්, බබළත්, විරුද්ධ පක්ෂය පරාජයකොට ජයගනිත් යන අරුතින් දේව නම් වේ. ඔවුන් අතරින් විසුද්ධි දෙවියෝ සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨය. උන්වහන්සේලා අනුවණ ජනතාව විසින් කරන ලද අපරාධය ගණනකට නොගෙන ඒකාන්තයෙන්ම ඔවුන්ගේ අයහපත නැතිවීමත් යහපත ඇතිවීමත් කැමති වූවාහුම කියන ලද පරිදි බ්‍රහ්ම විහාරයෙහි යෙදීමෙන් අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස යම්සේ පිළිපදිත් ද දන්දීමට සුදුසු බැවින් උන්වහන්සේලා වෙත ඒ දන් දෙන්නවුන්ට මහත්ඵල මහානිසංස ගෙන දෙත් ද එසේම මව්පියෝ ද පුතුන්ගේ අපරාධය ගණන් නොගෙන ඒකාන්තයෙන්ම ඔවුන්ගේ අයහපත නැතිවීමත් යහපත ඇතිවීමත් කැමති වූවාහුම කියන ලද ආකාරයෙන්ම සතරාකාර බ්‍රහ්ම විහාරය ලැබීම් වශයෙන් අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස පිළිපදින්නාහු පරම දක්ෂිණාර්භයන් (දන්දීමට වඩාත්ම සුදුස්සන්) වී තමන් වෙත උපකාර කරන ලද හා කරන්නන්ට මහත්ඵල බව ද මහානිසංස බව ද ගෙන එත්. සියලු දෙවියන්ට වඩා පළමුකොට දරුවන්ට උපකාරවත් බැවින් දෙමාපියෝ පළමුකොටම දෙවියෝ වෙත්. පූර්ව දේ වූ දෙමව්පියන් නිසා දරුවෝ පළමුව අනිත් දෙවිවරුන් දෙවිවරුන් ලෙස දැනගනිති. (ඒ දෙවිවරුන්ගේ) සිත් ගනිති. ඇසුරු කරති. සිත්ගන්නා විධිය දැන එසේ පිළිපදින්නාහු ඒ ප්‍රතිපත්තියෙන් ඵලය අවබෝධ කරති. එහෙයින් ඔවුහු පසු දෙවිවරු නම් වෙති. එහෙයින් ‘පුබ්බදෙවාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං’ ‘මහණෙනි, පූර්වදේවතා යන මෙය මව්පියන්ට යෙදෙන නමකියි කියන ලදී.
පුබ්බාචරියාති පඨමආචරියා. මාතාපිතරො හි පුත්තෙ සික්ඛාපෙන්තා අතිතරුණකාලතො පට්ඨාය “එවං නිසීද, එවං ගච්ඡ, එවං තිට්ඨ, එවං සය, එවං ඛාද, එවං භුඤ්ජ, අයං තෙ ‘තාතා’ති වත්තබ්බො, අයං ‘භාතිකා’ති, අයං ‘භගිනී’ති, ඉදං නාම කාතුං වට්ටති, ඉදං න වට්ටති, අසුකං නාම උපසඞ්කමිතුං වට්ටති, අසුකං නාම න වට්ටතී”ති ගාහෙන්ති සික්ඛාපෙන්ති. අපරභාගෙ අඤ්ඤෙ ආචරියාපි සිප්පං මුද්දං ගණනන්ති එවමාදිං සික්ඛාපෙන්ති, අඤ්ඤෙ සරණානි දෙන්ති, සීලෙසු පතිට්ඨාපෙන්ති, පබ්බාජෙන්ති, ධම්මං උග්ගණ්හාපෙන්ති, උපසම්පාදෙන්ති, සොතාපත්තිමග්ගාදීනි පාපෙන්ති. ඉති සබ්බෙපි තෙ පච්ඡාආචරියා නාම. මාතාපිතරො පන සබ්බපඨමං. තෙනාහ “පුබ්බාචරියාති, භික්ඛවෙ, මාතාපිතූනං එතං අධිවචන”න්ති.
පුබ්බාචරියා යනු පළමු ගුරුවරයෝය. මව්පියෝ පුතුන් හික්මවමින් ඉතා තරුණ (කුඩා) කාලයෙහි පටන් මෙසේ වාඩිවෙන්න, මෙසේ යන්න, මෙසේ සිටගන්න, මෙසේ නිදන්න, මෙසේ කන්න, මෙසේ අනුභව කරන්න, මොහුට ඔබ පියා යයි කිවයුතුය, මොහුට සහෝදරයා යයි කිවයුතුය, මැයට සහෝදරිය යයි කිවයුතුය, මෙය කරන්නට සුදුසුය, මෙය නුසුදුසුය, අසවලා වෙතට යාම සුදුසුය, අසවලා වෙත යාම නුසුදුසුයයි උගන්වති, හික්මවති. පසුකලක අනිත් ගුරුවරු ද ශිල්ප, හස්තමුද්රාව, ගණිතය යන මේ ආදිය උගන්වති, අන් අය (තෙරුවන්) සරණ දෙති, සීලයන්හි පිහිටුවති, පැවිදි කරති, දහම් උගන්වති, උපසම්පදා කරති, සෝවාන් ආදී මාර්ගවලට පමුණුවති. මෙසේ ඒ සියල්ලෝම පසු (පශ්චාත්) ගුරුවරු නම් වෙති. මව්පියවරු වනාහි සියල්ලන්ට පළමු ගුරුවරු වෙති. එහෙයින් ‘පුබ්බාචරියාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං’ ‘මහණෙනි, පූර්වාචාර්ය යන මෙය මව්පියන්ට යෙදෙන නමකි’යි කියන ලදී.
ආහුනෙය්යාති ආනෙත්වා හුනිතබ්බන්ති ආහුනං, දූරතොපි ආනෙත්වා ඵලවිසෙසං ආකඞ්ඛන්තෙන ගුණවන්තෙසු දාතබ්බානං අන්නපානවත්ථච්ඡාදනාදීනං එතං නාමං, උපකාරඛෙත්තතාය තං ආහුනං අරහන්තීති ආහුනෙය්යා. තෙන වුත්තං “ආහුනෙය්යාති, භික්ඛවෙ, මාතාපිතූනං එතං අධිවචන”න්ති.
ආහුනෙය්යා යනු ආනෙත්වා හුනිතබ්බං - ගෙනවුත් පිදිය යුතු. දුරසිට වුවද ගෙනවුත් ඵල විශේෂ (විපාක) කැමතිවන තැනැත්තා විසින් ගුණවතුන් කෙරෙහි දිය යුතුය යන අරුතින් ආහුන නම් වේ. ආහාර පාන-වස්ත්‍ර-නිවාස ආදියට එය නමකි. උපකාර කිරීමට සුදුසු ක්ෂේත්රය වන බැවින් ඒ ආහුනයට සුදුසු වෙත් යන අරුතින් ආහුනෙය්යා නම් වෙති. එහෙයින් ‘ආහුනෙය්යාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං’ ‘මහණෙනි, ආහුනෙය්‍ය යන මෙය මව්පියන්ට යෙදෙන වචනයකි.
ඉදානි තෙසං බ්රහ්මාදිභාවෙ කාරණං දස්සෙතුං “තං කිස්ස හෙතු? බහුකාරා”තිආදි වුත්තං. තං කිස්ස හෙතූති තං මාතාපිතූනං බ්රහ්මාදිඅධිවචනං කෙන කාරණෙනාති චෙති අත්ථො. බහුකාරාති බහූපකාරා. ආපාදකාති ජීවිතස්ස ආපාදකා, පාලකා. පුත්තානඤ්හි මාතාපිතූහි ජීවිතං ආපාදිතං පාලිතං ඝටිතං අනුප්පබන්ධෙන පවත්තිතං සම්පාදිතං. පොසකාති හත්ථපාදෙ වඩ්ඪෙත්වා හදයලොහිතං පායෙත්‍වා පොසෙතාරො. ඉමස්ස ලොකස්ස දස්සෙතාරොති පුත්තානං ඉමස්මිං ලොකෙ ඉට්ඨානිට්ඨාරම්මණදස්සනං නාම මාතාපිතරො නිස්සාය ජාතන්ති තෙ නෙසං ඉමස්ස ලොකස්ස දස්සෙතාරො නාම. ඉති තෙසං බහුකාරත්තං බ්රහ්මාදිභාවස්ස කාරණං දස්සිතං, යෙන පුත්තො මාතාපිතූනං ලොකියෙන උපකාරෙන කෙනචි පරියායෙන පරියන්තං පටිකාරං කාතුං න සමත්ථොයෙව. සචෙ හි පුත්තො “මාතාපිතූනං උපකාරස්ස පච්චුපකාරං කරිස්සාමී”ති උට්ඨාය සමුට්ඨාය වායමන්තො දක්ඛිණෙ අංසකූටෙ මාතරං, ඉතරස්මිං පිතරං ඨපෙත්වා වස්සසතායුකො සකලං වස්සසතම්පි පරිහරෙය්ය චතූහි පච්චයෙහි උච්ඡාදනපරිමද්දනන්හාපනසම්බාහනාදීහි ච යථාරුචි උපට්ඨහන්තො තෙසං මුත්තකරීසම්පි අජිගුච්ඡන්තො, න එත්තාවතා පුත්තෙන මාතාපිතූනං පටිකාරො කතො හොති අඤ්ඤත්ර සද්ධාදිගුණවිසෙසෙ පතිට්ඨාපනා. වුත්තඤ්හෙතං භගවතා –
දැන් ඒ මව්පියන්ගේ බ්‍රහ්ම ආදි ස්වභාවයන්ට කරුණු දක්වන්නට ‘තං කිස්ස හෙතු, බහුකාරා’ යනාදිය කියන ලදී. තං කිස්ස හෙතු යනු මව්පියන්ට ඒ බ්රහ්මාදිය නමකි. කුමන කරුණකින් ද යන අර්ථයි. බහුකාරා යනු බොහෝ උපකාර ඇත්තෝ වෙත්. ආපාදකා යනු ජීවිතය පාලනය කරන්නෝ වෙති. මව්පියන් විසින් පුතුන්ගේ ජීවිතය පාලනය කරන ලද්දේ, ගලපන ලද්දේ, නොසිඳී පැවතීම් වශයෙන් පවත්වන ලද්දේ, පිළියෙල කරන ලද්දේය. පෝසකා යනු අත් පා වඩා හදයෙහි ලේ පොවා පෝෂණය කරන්නෝය. ඉමස්ස ලොකස්ස දස්සෙතාරො පුතුන්ට මේ ලෝකයෙහි හොඳ නරක අරමුණු දැක්වීම නම් මව්පියන් නිසා හටගත්තේය යන අරුතින් දෙමව්පියෝ දරුවන්ට මේ ලෝකය දක්වන්නෝ නම් වෙති. මෙසේ දරුවන්ට බොහෝ උපකාර ඇති බවත් බ්‍රහ්ම ආදී ස්වභාවයට කරුණු දක්වන ලදී. පුත්‍රයෙක් කිසියම් ක්‍රමයකින් යම් ලෞකික උපකාරයකින් ප්‍රතිඋපකාර කෙළවර (අවසන්) කරන්නට සමත් නොවේමය. ඉදින් පුතෙක් මව්පියන්ගේ උපකාරයට ප්‍රතිඋපකාර කරන්නෙමියි සිතා නැගිට නැගිට වෑයම් කරමින් දකුණු උරහිසෙහි මව ද අනිත් උරහිසෙහි පියා ද තබාගෙන (ඇඳුම්-ආහාර ආදී) සිවු පසයෙන්, ඇඟ ඉලීමෙන්, පිරිමැදීමෙන්, නැහැවීමෙන්, සම්බාහනය කිරීමෙන් ද දෙමව්පියන්ගේ මලමුත්‍ර පිළිකුල් නොකර කැමති සේ උවටැන් කිරීමෙන් ද වසර සියයක් ආයුෂ ඇති පුතෙක්ව වසර සියය පුරාම රැකබලා ගන්නේද ශ්‍රද්ධාදී ගුණ විශේෂයන්හි පිහිටුවීමෙන් මිස එපමණකින් පුතා විසින් මව්පියන්ට ප්‍රතිඋපකාර කරන ලද්දේ නොවෙයි.
“ද්වින්නාහං, භික්ඛවෙ, න සුප්පටිකාරං වදාමි. කතමෙසං ද්වින්නං? මාතු ච පිතු ච. එකෙන, භික්ඛවෙ, අංසෙන මාතරං පරිහරෙය්ය, එකෙන අංසෙන පිතරං පරිහරෙය්ය වස්සසතායුකො වස්සසතජීවී, සො ච නෙසං උච්ඡාදනපරිමද්දනන්හාපනසම්බාහනෙන, තෙ ච තත්ථෙව මුත්තකරීසං චජෙය්යුං, න ත්වෙව, භික්ඛවෙ, මාතාපිතූනං කතං වා හොති පටිකතං වා .
‘මහණෙනි, මම මවට ද පියාටද යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු යයි නොකියමි. මහණෙනි, අවුරුදු සියයක් ආයුෂ ඇති යමෙක් අවුරුදු සියයක් ජීවත්වන්නේ එක් උරහිසක තබා ගැනීමෙන් මව රැකබලා ගන්නේ ද එක් උරහිසක තබා ගැනීමෙන් පියා රැකබලා ගන්නේද ඔහුම ඔවුන්ගේ සිරුරු සුවඳසුණු ඉළීමෙන් හා අත්පා පිරිමැදීමෙන් හා සිහිල්පැන් උණු පැන් නෑවීමෙන් හා අවයව සම්බාහනය කිරීමෙන් හා උපස්ථාන කරයි ද ඔවුහු (මව්පියෝ) ද ඒ උරහිස්වලම හිඳ මලමුත්‍ර පහ කරන්නාහු නම් මහණෙනි, එසේ වුව ද එය මව්පියන්ට උපකාරයක් හෝ ප්‍රත්‍යපකාරයක් හෝ නොවේමය.
ඉමිස්සා ච, භික්ඛවෙ, මහාපථවියා පහූතරත්තරතනාය මාතාපිතරො ඉස්සරියාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්ය, න ත්වෙව, භික්ඛවෙ, මාතාපිතූනං කතං වා හොති පටිකතං වා. තං කිස්ස හෙතු? බහුකාරා, භික්ඛවෙ, මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො.
මහණෙනි, බොහෝ සත්රුවන් ඇති මේ මහා පෘථිවියෙහි මව්පියන් සක්විති රාජ්‍යයෙහි පිහිටුවන්නේ වුවද මහණෙනි, මව්පියන්ට උපකාර කරන ලද්දේ හෝ ප්‍රත්‍යුපකාර කරන ලද්දේ හෝ නොවේ ය. එයට හේතු කවරේද? මහණෙනි, මව්පියෝ පුතුන්ට බොහෝ උපකාර ඇත්තෝය. පුතුන් වඩන්නෝය. පෝෂණය කරන්නෝය. මේ ලෝකය දක්වන්නෝය.
“යො ච ඛො, භික්ඛවෙ, මාතාපිතරො අස්සද්ධෙ සද්ධාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති. දුස්සීලෙ සීලසම්පදාය, මච්ඡරිනො චාගසම්පදාය, දුප්පඤ්ඤෙ පඤ්ඤාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති. එත්තාවතා ඛො, භික්ඛවෙ, මාතාපිතූනං කතඤ්ච හොති පටිකතඤ්චා”ති (අ· නි· 2.34).
මහණෙනි, යමෙක් ශ්‍රද්ධාව නැති මපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි මව්පියන් ශීල සම්පත්තියෙහි සමාදන් කරවයි ද වාසය කරවයි ද පිහිටුවයි ද මසුරු වූවන් ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවයි ද වාසය කරවයි ද පිහිටුවයි ද දුෂ්ප්‍රාඥයන් (නුවණ නැති දෙමාපියන්) ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි ද වාසය කරවයි ද පිහිටුවයි ද මහණෙනි, මෙපමණකින් මව්පියන්ට උපකාර කරන ලද්දේත් ප්‍රත්‍යුපකාර කරන ලද්දේත් අධික උපකාර කරන ලද්දේත් වෙයි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
තථා –
එසේම -
“මාතාපිතුඋපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො”ති; (ඛු· පා· 5.6); “මාතාපිතුඋපට්ඨානං, භික්ඛවෙ, පණ්ඩිතපඤ්ඤත්ත”න්ති ච –
‘මව්පියන්ට උපස්ථාන කිරීම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීමද ‘මහණෙනි, මව්පියන්ට උපස්ථාන කිරීම පණ්ඩිතයන් විසින් පනවන ලදී’
එවමාදීනි මාතාපිතූනං පුත්තස්ස බහූපකාරභාවසාධකානි සුත්තානි දට්ඨබ්බානි.
යන මේ ආදී වශයෙන් මව්පියන්ගේ බොහෝ උපකාර පුතුන්ට ඇති බව දක්වන සූත්‍ර දතයුතුය.
ගාථාසු වුච්චරෙති වුච්චන්ති කථීයන්ති. පජාය අනුකම්පකාති පරෙසං පාණං ඡින්දිත්වාපි අත්තනො සන්තකං යංකිඤ්චි චජිත්වාපි අත්තනො පජං පටිජග්ගන්ති ගොපයන්ති, තස්මා පජාය අත්තනො පුත්තානං අනුකම්පකා අනුග්ගාහකා.
ගාථාවන්හි වුච්චරෙ යනු කියනු ලැබෙත්. පජාය අනුකම්පකා යනු අනුන්ගේ ප්‍රාණය සිඳ දමා හෝ තමා සතු යම්කිසිවක් දුරුකොට හෝ තමාගේ දරුවන් නමැති ප්‍රජාව පෝෂණය කරත්, ආරක්ෂා කරත්. එහෙයින් (දෙමාපියෝ) තමාගේ ප්‍රජාවට දරුවන්ට අනුකම්පා කරන්නෝය, අනුග්‍රහ කරන්නෝය.
නමස්සෙය්යාති සායං පාතං උපට්ඨානං ගන්ත්වා “ඉදං මය්හං උත්තමං පුඤ්ඤක්ඛෙත්ත”න්ති නමක්කාරං කරෙය්ය. සක්කරෙය්යාති සක්කාරෙන පටිමානෙය්ය. ඉදානි තං සක්කාරං දස්සෙන්තො “අන්නෙනා”තිආදිමාහ. තත්ථ අන්නෙනාති යාගුභත්තඛාදනීයෙන. පානෙනාති අට්ඨවිධපානෙන. වත්ථෙනාති නිවාසනපාරුපනෙන. සයනෙනාති මඤ්චපීඨභිසිබිම්බොහනාදිනා සයනෙන. උච්ඡාදනෙනාති දුග්ගන්ධං පටිවිනොදෙත්වා සුගන්ධකරණුච්ඡාදනෙන. න්හානෙනාති සීතකාලෙ උණ්හොදකෙන, උණ්හකාලෙ සීතොදකෙන ගත්තානි පරිසිඤ්චිත්වා න්හාපනෙන. පාදානං ධොවනෙන චාති උණ්හොදකසීතොදකෙහි පාදධොවනෙන චෙව තෙලමක්ඛනෙන ච.
නමස්සෙය්ය යනු උදේ සවස උපස්ථානයට ගොස් මේ මගේ උතුම් පින්කෙත යයි නමස්කාර කරන්නේය. සක්කරෙය්ය යනු සත්කාර කිරිමෙන් ගරු බුහුමන් කරන්නේ. දැන් ඒ සත්කාරය දක්වමින් ‘අන්නෙන’ යනාදිය වදාළහ. එහි අන්නෙන යනු කැඳවලින්, බත්වලින්, කෑයුතු දෙයින්. පානෙන යනු අටවැදෑරුම් පානයෙන්. වත්ථෙන යනු හඳින පොරවන වස්ත්‍රයෙන්. සයනෙන යනු ඇඳ පුටු කොට්ට මෙට්ට ආදී සෙනසුන් උපකරණවලින්, උච්ඡාදනෙන යනු දුගඳ දුරුකොට සුවඳවත් කරන ඇඟ ඉලීමෙන් නහාපනෙන යනු සීත කාලයෙහි උණුදියෙන් ද උෂ්ණ කාලයෙහි සිසිල් දියෙන් ද (මව්පියන්ගේ) සිරුරු දියවත්කොට නැහැවීමෙන්. පාදානං ධොවනෙන ච යනු උණුදියෙන් හා සිහිල්දියෙන් පා දෙවීමෙන් ද තෙල් ගැල්වීමෙන් ද,
තාය නං පාරිචරියායාති එත්ථ නන්ති නිපාතමත්තං, යථාවුත්තපරිචරණෙන. අථ වා පාරිචරියායාති භරණකිච්චකරණකුලවංසපතිට්ඨාපනාදිනා පඤ්චවිධඋපට්ඨානෙන. වුත්තඤ්හෙතං –
තාය නං පාරිචරියාය යන මෙහි ‘නං’ යනු නිපාත මාත්‍රයකි. කියන ලද ආකාර ඇති වතාවත් හේතුකොටගෙන. නැතහොත් ‘පාරිචරියාය’ යනු භරණ - කිච්චකරණ කුලවංස පතිට්ඨාපනාදී පස්වැදෑරුම් උපස්ථානයෙන්. එය කියන ලද්දේමය -
“පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨාතබ්බා ‘භතො නෙ භරිස්සාමි, කිච්චං නෙසං කරිස්සාමි, කුලවංසං ඨපෙස්සාමි, දායජ්ජං පටිපජ්ජිස්සාමි. අථ වා පන නෙසං පෙතානං කාලකතානං දක්ඛිණමනුප්පදස්සාමී’ති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි පුත්තං අනුකම්පන්ති – පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නිය්යාදෙන්තී”ති (දී· නි· 3.267).
ගෘහපති පුත්‍රය, කරුණු පහකින් නැගෙනහිර දිශාව වූ මව්පියෝ පුතා විසින් පෝෂණය කළ යුත්තාහ. ඔවුන් විසින් පෝෂිත වූ මම මහලුව සිටින ඔවුන් පෝෂණය කරන්නෙමියි ද, මාපියන්ට පැමිණි කටයුතු ඔවුන් වෙනුවට මම කරන්නෙමියි ද, මාපියන් සතු වස්තුව නොනසා රකිමින් කුල පරපුර රැකගන්නෙමියි ද, මාපියන්ගෙන් ලත් දෑවැද්ද ඔවුන්ගේ අවවාද පරිදි භුක්ති විඳින්නෙමියිද තවද කලුරිය කළ මව්පියන්ට (දන් දී) පින්දෙන්නෙමියි දැයි යන මේ කරුණු පසින් පුතා විසින් නැගෙනහිර දිශාව වූ මව්පියෝ උපස්ථාන කරන ලද්දාහු කරුණු පසකින් පුතාට අනුකම්පා කරත්. (මව්පියෝ) පුතු පවින් වළක්වති, පිනෙහි යොදවත්, ශිල්ප හදාරවත්, සුදුසු ස්ත්‍රියක පාවා දෙත්. සුදුසු කල්හි දෑවැද්ද (තමා සතු වස්තුව දරුවන්ට) පවරා දෙත්.
අපිච යො මාතාපිතරො තීසු වත්ථූසු අභිප්පසන්නෙ කත්වා සීලෙසු වා පතිට්ඨාපෙත්වා පබ්බජ්ජාය වා නියොජෙත්වා උපට්ඨහති, අයං මාතාපිතුඋපට්ඨාකානං අග්ගොති වෙදිතබ්බො. සා පනායං පාරිචරියා පුත්තස්ස උභයලොකහිතසුඛාවහාති දස්සෙන්තො “ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී”ති ආහ. තත්ථ ඉධාති ඉමස්මිං ලොකෙ. මාතාපිතුඋපට්ඨාකඤ්හි පුග්ගලං පණ්ඩිතමනුස්සා තත්ථ පාරිචරියාය පසංසන්ති වණ්ණෙන්ති ථොමෙන්ති, තස්ස ච දිට්ඨානුගතිං ආපජ්ජන්තා සයම්පි අත්තනො මාතාපිතූසු තථා පටිපජ්ජිත්වා මහන්තං පුඤ්ඤං පසවන්ති. පෙච්චාති පරලොකං ගන්ත්වා සග්ගෙ ඨිතො මාතාපිතුපට්ඨාකො දිබ්බසම්පත්තීහි මොදති පමොදති අභිනන්දතීති.
තවදුරටත් යම් දරුවෙක් මව්පියන් ත්‍රිවිධ වස්තූන්හි (තෙරුවන්හි) පැහැදුනවුන් කොට සීලයන්හි පිහිටුවා හෝ පැවිද්දෙහි යොදවා හෝ උවටැන් කරයි ද මොහු මව්පියන්ට උපස්ථාන කරන්නවුන් අතරින් අග්‍රයයි දතයුතුය. ඒ මේ පාරිචරියාව පුතුගේ දෙව්ලොව හිතසුව ගෙනදෙන බව දක්වමින් ‘ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදති’ යනුවෙන් වදාළහ. එහි ඉධ යනු මේ ලෝකයෙහි. මව්පිය උවටැන්කරන පුද්ගලයාට පණ්ඩිත මිනිස්සු ඒ පාරිචරියාවෙන් ප්‍රශංසා කරත්, වර්ණනා කරත්, ස්තුති කරත්. (දෙමව්පියන්ට උවටැන් කරන) තැනැත්තාගේ ක්‍රියා දැක ඒ අනුව කටයුතු කරන අය තමන්ගේ ද මව්පියන් කෙරෙහි එසේ පිළිපැද මහත් වූ පින් රැස්කරත්. පෙච්ච යනු පරලොව ගොස් ස්වර්ගයෙහි සිටියා වූ මව්පිය උපස්ථායකයා දිව්‍ය සම්පත්වලින් සතුටු වෙයි, ප්රමෝදයට පත්වෙයි, වඩාත් සතුටු වෙයි.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍රයයි.