යෙදුමෙන් කියවන්න

කුහසුත‍්තං

4. 1. 9.

4. 1. 9.

[කුහසුත‍්තං]

[කුහ සූත්‍රය]

108. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

108. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. යෙ කෙචි භික‍්ඛවෙ භික‍්ඛූ කුහා ථද‍්ධා ලපා සිඞ‍්ගී උන‍්නළා අසමාහිතා, න මෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ මාමකා, අපගතා ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ ඉමස‍්මා ධම‍්මවිනයා. න ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජන‍්ති.

1. මහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක වූවාහු (ජනයන් විස්මය පත් කරන්නාහු) (ක්‍රෝධයෙන් හා මානයෙන්) දැඩි සිත් ඇත්තාහු (ප්‍රත්‍යය සඳහා ජනයන්) පොළොඹවන්නාහු, ශෘඞ්ගදෘස වූවාහු (ප්‍රකට කෙලෙස් ඇත්තාහු) උස් වූ මානනළ ඇත්තාහු, එකඟසිත් නැත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවෝ නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් බැහැර වූවෝ වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි (ශීලාදි ගුණයෙන්) වැඩීමට ද නැගීමට ද මහත් බවට ද නො පැමිණෙත්.

යෙ ච ඛො භික‍්ඛවෙ භික‍්ඛූ නික‍්කුහා නිල‍්ලපා ධීරා අත්‍ථද‍්ධා සුසමාහිතා, තෙ ඛො මෙ භික‍්ඛවෙ භික‍්ඛූ මාමකා, අනපගතා ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ ඉමස‍්මා ධම‍්මවිනයා. තෙ භික‍්ඛවෙ භික‍්ඛූ ඉමස‍්මිං ච ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජන‍්තී’ති.

මහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළඹ වන්නාහු ප්‍රාඥ වූවාහු දැඩි නොවූවාහු එකඟ සිත් ඇත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙන් බැහැර නොවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙහි ශීලාදි ගුණයෙන් වැඩීම ද (අචල ව) නැගීමට ද (පතළ බැවින්) මහත් බවට ද පැමිණෙති.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “කුහා ථද‍්ධා ලපා සිඞ‍්ගී උන‍්නළා අසමාහිතා, න තෙ ධම‍්මෙ විරූහන‍්ති සම‍්මාසම‍්බුද‍්ධදෙසිතෙ.

2. “යම් භික්‍ෂූ කෙනෙක් කුහක වූවාහු, දැඩි වූවාහු (ජනයන්) පොළඹ වන්නාහු, ප්‍රකට කෙලෙස් ඇත්තාහු, උස්වූ මාන නළ ඇත්තාහු, එකඟ සිත් නැත්තාහු වෙද්ද, ඒ භික්‍ෂූහු බුදුරදුන් වදාළ ධර්‍මයෙහි වැඩීමට නො පැමිණෙත්.

3. නික‍්කුහා නිල‍්ලපා ධීරා අත්‍ථද‍්ධා සුසමාහිතා, තෙ වෙ ධම‍්මෙ විරූහන‍්ති සම‍්මාසම‍්බුද‍්ධදෙසිතෙ”ති.

3. (යම් කෙනෙක්) කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළොඹ වන්නාහු, ප්‍රාඥ වූවාහු, දැඩි සිත් නැත්තාහු, මනා කොට එකඟ සිත් ඇත්තාහු වෙද්ද, ඔහු ඒකාන්තයෙන් බුදුරදුන් වදාළ සද්ධර්‍මයෙහි වැඩීමට පැමිණෙත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.