පුරිසපියරූපසුත්තං
4. 1. 10.
4. 1. 10.
[පුරිසපියරූපසුත්තං]
[පුරුෂප්රියරූප සූත්‍රය]
109. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
109. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො නදියා සොතෙන ඔවුය්හෙය්ය පියරූපසාතරූපෙන. තමෙනං චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො දිස්වා එවං වදෙය්ය, ‘කිඤ්චාපි ඛො ත්වං අම්භො පුරිස නදියා සොතෙන ඔවුය්හසි පියරූපසාතරූපෙන, අත්ථි චෙත්ථ හෙට්ඨා රහදො සඌමි සාවට්ටො සගහො සරක්ඛසො යං ත්වං අම්භො පුරිස, පාපුණිත්වා මරණං වා නිගච්ඡසි මරණමත්තං වා දුක්ඛන්ති.” අථ ඛො සො භික්ඛවෙ පුරිසො තස්ස පුරිසස්ස සද්දං සුත්වා හත්ථෙහි ච පාදෙහි ච පටිසොතං වායමෙය්ය.
1. මහණෙනි, ප්‍රිය ස්වභාවය හා සුඛස්වභාවය ඇති ස්වර්ණාදි වස්තුව නිසා යම්සේ පුරුෂයෙක් ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් ගංතෙර සිටියේ, (ඔහු) දැක මෙසේ කියන්නේ ය: “එම්බල පුරුෂය, තෝ ප්‍රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව නිසා ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබෙන්නෙහි නමුදු මේ නදියේ පහල රළ සහිත වූ දිය සුළි සහිත වු ග්‍රාහ (චණ්ඩ මත්ස්‍යාදීන්ගේ ගැණීම්) සහිත වූ දිය රකුසන් සහිත වූ මහවිලෙක් ඇත්තේ ය. එම්බල පුරුෂය, තෝ යම් ඒ විලකට පැමිණ මරණයට හෝ මරණය තරම් දුකකට හෝ පැමිණෙන්නෙහි ද, එසේ වූ විලෙක” (කියායි.) මහණෙනි, එ කල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ වචනය අසා අතින් ද පයින් ද දියපහර තරණය කරන්නේ ය.
උපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙත්ථ අත්ථො:
මහණෙනි, අර්ත්ථාවබෝධයට මා විසින් මේ උපමාව කරණ ලදී. මෙහි මේ අර්ත්ථය වේ:
නදියා සොතො’ති ඛො භික්ඛවෙ, තණ්හායෙතං අධිවචනං. පියරූපසාතරූපන්ති ඛො භික්ඛවෙ ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. හෙට්ඨාරහදො’ති ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං අධිවචනං. සඌමීති ඛො භික්ඛවෙ, කොධූපායාසස්සෙතං අධිවචනං. සාවට්ටො’ති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. සගහො සරක්ඛසො’ති ඛො භික්ඛවෙ මාතුගාමස්සෙතං අධිවචනං. පටිසොතො’ති ඛො භික්ඛවෙ, නෙක්ඛම්මස්සෙතං අධිවචනං. හත්ථෙහි ච පාදෙහි ච වායාමො’ති ඛො භික්ඛවෙ, විරියාරම්භස්සෙතං අධිවචනං. චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො’ති ඛො භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
මහණෙනි, ගඟෙහි සැඩ දියපහර යන මෙය තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, ප්‍රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව යන මෙය සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයට නමෙකි. මහණෙනි, පහල (භය සහිත) දියවිල යන මෙය පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයනට නමෙකි. මහණෙනි, රළ යන මෙය ක්‍රෝධයට හා උපායාසයට නමෙකි. මහණෙනි, දියසුළිය යන මෙය පඤ්චකාම ගුණයනට නමෙකි. මහණෙනි, සගහසරක්ඛස යන මෙය මාගමට නමෙකි. මහණෙනි, ප්රතිස්රෝතස යන මෙය නෙක්ඛම්මයට නමෙකි. අත්පාවලින් ව්‍යායාමය යන මෙය සතර සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයට නමෙකි. මහණෙනි, ගංතෙර සිටි ඇස් ඇති පුරුෂයා යන මෙය අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයනට නමෙකි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ යොගක්ඛෙමං ආයතිං පත්ථයානො සම්මප්පජානො සුවිමුත්තචිත්තො විමුත්තියා ඵස්සයෙ තත්ථ තත්ථ ස වෙදගූ වුසිතබ්රහ්මචරියො ලොකන්තගූ පාරගතො’ති වුච්චතී”ති.
2. “මතු (අනාගාමි බව හා අර්‍හත්ත්‍වය) පතන්නාවූ භික්ෂු තෙම දුක් සහිතව ම කාමයන් දුරු කරන්නේ ය. සම්‍යක් ප්‍රඥා ඇති, මොනොවට මිදුනු සිත් ඇති (හෙ තෙම) (මාර්ගඵලාධිගමය කළ) ඒ ඒ අවස්ථාවන්හි විමුක්තිසඞ්ඛ්යාත නිර්වාණය ස්පර්ශ කරන්නේ ය. වේද සඞ්ඛ්‍යාත මාර්ගඥානයෙන් චතුස්සත්‍යාවබෝධය කළා වූ, වැස නිම වූ බඹසර ඇති ඒ භික්ෂුතෙම ස්කන්ධලෝකයෙහි අනත්යට ගියේ යැ යි ද (සසර පරතෙර වූ) නිවණට ගියේ යැ යි ද කියනු ලැබේ.”
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.