යෙදුමෙන් කියවන්න

චරසුත‍්තං

4. 1. 11.

4. 1. 11.

[චරසුත‍්තං]

[චර සූත්‍රය]

110. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

110. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. චරතො චෙපි භික‍්ඛවෙ භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු අධිවාසෙති නප‍්පජහති න විනොදෙති න බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. චරම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු එවංභූතො අනාතාපී අනොත‍්තප‍්පී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච‍්චති.

1. මහණෙනි, හැසිරෙන්නාවූ ද භික්‍ෂුහට ඉදින් කාමවිතර්‍කයක් හෝ ව්‍යාපාදවිතර්‍කයක් හෝ විහිංසාවිතර්‍කයක් හෝ උපදී ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ ඒ විතර්‍කය ඉවසා ද (තදඞ්ගාදි වශයෙන්) පහ නො කෙරේ ද, (සිතින්) බැහැර නොකෙරේ ද, කෙළවර නොකෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ වීර්‍ය්‍ය නැත්තෙකැ යි කියනු ලැබේ.

ඨිතස‍්ස චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු අධිවාසෙති නප‍්පජහති න විනොදෙති න බ්‍යන‍්තීකරොති න අනභාවං ගමෙති. ඨිතො’පි, භික‍්ඛවෙ භික‍්ඛු එවංභූතො අනාතාපී අනොත‍්තප‍්පී සතතං සමිතං කුසීතො හීනවිරියො’ති වුච‍්චති.

මහණෙනි, ඉදින් සිටියාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් එම විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, සිටියාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.

නිසින‍්නස‍්ස චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු අධිවාසෙති නප‍්පජහති න විනොදෙති න බ්‍යන‍්තීකරොති න අනභාවං ගමෙති. නිසින‍්නො’පි ඛො භික‍්ඛවෙ භික‍්ඛු එවම‍්භූතො අනාතාපී අනොත‍්තප‍්පී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච‍්චති.

මහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නොපමුණවා ද, මහණෙනි, හුන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.

සයානස‍්ස චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛුනො ජාගරස‍්ස උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු අධිවාසෙති නප‍්පජහති න විනොදෙති න බ්‍යන‍්තීකරොති න අනභාවං ගමෙති, සයානො’පි භික‍්ඛවෙ භික‍්ඛු ජාගරො එවංභූතො අනාතාපී අනොත‍්තප‍්පී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච‍්චති.

මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නො පමුණුවා ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.

චරතො චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති, චරම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තප‍්පී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, හැසිරෙන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.

ඨිතස‍්ස චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති, ඨිතො’පි භික‍්ඛවෙ භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තප‍්පී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, සිටියාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.

නිසින‍්නස‍්ස චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති, නිසින‍්නො’පි භික‍්ඛවෙ භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තප‍්පී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපැදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.

සයානස‍්ස චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛුනො ජාගරස‍්ස උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති සයානො’පි භික‍්ඛවෙ භික‍්ඛු ජාගරො එවම‍්භූතො ආතාපී ඔත‍්තප‍්පී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චතී”ති.

මහණෙනි, නිදන්නා වූ ද නොනිදන්නා වූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මේ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “චරං වා යදි වා තිට‍්ඨං නිසින‍්නො උද වා සයං, යො විතක‍්කං විතක‍්කෙති පාපකං ගෙහනිස‍්සිතං.

2. “හැසිරෙන්නාවූ හෝ ඉදින් සිටින්නාවූ හෝ හුන්නාවූ හෝ නිදන්නා වූ හෝ යම් මහණෙක් තෙමේ ලාමක වූ පඤ්චකාමගුණ ඇසුරු කළ යම් විතර්‍කයක් කල්පනා කෙරේ ද,

3. කුම‍්මග‍්ගං පටිපන‍්නො සො මොහනෙය්‍යෙසු මුච‍්ඡිතො, අභබ‍්බො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තමං.

3. නින්‍දිත මාර්‍ගයට බැසගත්තාවූ, මෝහය උපදවන (රූපාදි අරමුණවල) මුළා වූ, එබඳු මහණ තෙමේ උතුම් සම්බෝධය (අරහත්ත්‍වමාර්‍ගඥානය) ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් නොවේ.

4. යො චරං වා’ථ තිට‍්ඨං වා නිසින‍්නො උද වා සයං, විතක‍්කං සමයිත්‍වාන විතක‍්කූපසමෙ රතො.

4. හැසිරෙන්නාවූ හෝ සිටින්නාවූ හෝ හුන්නාවූ හෝ යලි නිදන්නාවූ හෝ මහණෙක් කාමාදි ත්‍රිවිධ) විතර්‍කයන් සංසිඳුවා විතර්‍ක සංසිඳුවාලීමෙහි ඇලුනේ වේ නම් එබඳු මහණ තෙමේ උතුම් අර්‍හත්ත්‍වමාර්‍ගඥානය ස්පර්‍ශකරන්නට සුදුස්සෙක් වේ.”

භබ‍්බො සො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තමන‍්ති”.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.