සම්පන්නසීලසුත්තං
4. 1. 12.
4. 1. 12.
[සම්පන්නසීලසුත්තං]
[සම්පන්නසීල සූත්‍රය]
111. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
111. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. සම්පන්නසීලා භික්ඛවෙ විහරථ, සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු.
1. මහණෙනි, සිල්වත් ව වාසය කරවු. පාතිමොක්ඛසංවරයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත ව අණුප්‍රමාණ (ඉතා සුලු) වරදෙහි පවා බිය දක්නා සුලු ව වාසය කරවු. ශික්ෂාපදයන් මනා කොට සමාදන් ව ගෙණ හික්මෙවු.
සම්පන්නසීලානං භික්ඛවෙ විහරතං සම්පන්නපාතිමොක්ඛානං පාතිමොක්ඛසංවරසංවුතානං විහරතං ආචාරගොචරසම්පන්නානං අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීනං සමාදාය සික්ඛතං සික්ඛාපදෙසු, කිස්ස භික්ඛවෙ උත්තරිං කරණීයං?
මහණෙනි, සිල්වත් ව පාතිමොක්ඛසීලයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරසීලයෙන් සංවෘත ව ආචාරගෝචර දෙකින් යුක්තව, අණුප්‍රමාණ වරදෙහි පවා භය දක්නා සුලු ව වසන, ශික්ෂාපදයන්හි මොනොවට සමාදන් ව හික්මෙන තොප විසින් මහණෙනි, මත්තෙහි කුමක් කටයුතු වන්නේ ද?
චරතො චෙ’පි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතං හොති, උද්ධච්චකුක්කුච්චං විගතං හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං, චරම්පි භික්ඛවෙ භික්ඛු එවංභූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
මහණෙනි, හැසිරෙන්නාවූ මහණහට කාමච්ඡන්දය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද,ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය (නොසංසුන් බව හා කුකුස් බව) පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය වඩනා ලද්දේ (එ හෙයින්) නො හැකුළුනේ සිහිය එළඹ සිටියේ (එහෙයින්) නො නටුයේ වේ ද, නාමකය හා රූපකය සංසිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති නිතොර සම්පූර්ණ කරණ ලද වීර්‍ය්‍යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැති (කායජීවිතයෙහි අපේක්ෂා රහිත) තැනැත්තෙ කැයි කියනු ලැබේ.
ඨිතස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතො හොති, උද්ධච්චකුක්කුච්චං විගතො හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං, ඨිතො’පි, භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
මහණෙනි, සිටියාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ (එහෙයින්) නොහැකුළුනේ වේ ද, සිහිය එළැඹ සිටියේ (එහෙයින්) නොනටුයේ වේ ද, නාමකය හා රූප කය සන්හිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති නිතොර පිරිපුන් වීර්‍ය්‍යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි කියනු ලැබේ.
නිසින්නස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතං හොති, උද්ධච්චකුක්කුච්චං විගතං හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං, නිසින්නො’පි භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
මහණෙනි, හුන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ ද, නාමකය හා රූපකය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනාව පිහිටියේ (එහෙයින් ම) එකඟවූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
සයානස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො ජාගරස්ස අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතං හොති, උද්ධච්චකුක්කුච්චං විගතං හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. සයානො’පි භික්ඛවෙ භික්ඛු ජාගරො එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චතී’ති.
මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ වේ ද, නාම කය හා රූප කය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් කරණ වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යතං චරෙ යතං තිට්ඨෙ යතං අච්ඡෙ යතං සයෙ, යතං සම්මිඤ්ජයෙ භික්ඛු යතමෙනං පසාරයෙ.
2. “භික්ෂු තෙමේ වීර්‍ය්‍යය වඩනුයේ හැසිරෙන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ සිටින්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ හිඳින්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ නිදන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ අත් පා ඈ හකුළුවන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ (අඟපසඟ) දිගු කරන්නේ ය.
3. උද්ධං තිරියං අපාචීනං, යාවතා ජගතො ගති. සමවෙක්ඛිතා ච ධම්මානං ඛන්ධානං උදයබ්බයං.
3. උඩ දිශාවෙහි ද, වටා දිශාභාගයන්හි ද, යට දිශාවෙහි ද යම් තාක් සත්ත්වසංස්කාරලෝකයාගේ පැවැත්මෙක් වේ ද, (ඒ හැම තන්හි) (නිස්සත්තනිජ්ජීව) ධර්මයන්ගේ ද පඤ්චස්කන්ධයන්ගේ ද උදයව්‍යය (ඇති වීම හා නැති වීම) විදර්ශනා නුවණින් බලන්නෙක් වන්නේ ය.
4. එවං විහාරිමාතාපිං සන්තවුත්තිමනුද්ධතං, චෙතොසමථසාමීචිං සික්ඛමානං සදා සතං, සතතං පහිතත්තොති ආහු භික්ඛුං තථාවිධ”න්ති.
4. මෙබඳු විහරණ ඇති, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, ශාන්ත පැවතුම් ඇති, සන්හුන් සිත් ඇති, චිත්තශමථයට සුදුසු ප්‍රතිපත්ති (ඥානදර්ශනවිශුද්ධිය) වඩන්නාවූ, හැම කල්හි සිහි ඇතියේ වූ භික්ෂු තෙම නිවණ කරා යවන ලද සිත් ඇත්තෙකැ යි (ආර්‍ය්‍යයෝ) කියත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.