ලොකාවබොධසුත්තං
4. 1. 13.
4. 1. 13.
[ලොකාවබොධසුත්තං]
[ලෝකාවබෝධ සූත්‍රය]
112. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
112. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. ලොකො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකස්මා තථාගතො විසඤ්ඤුත්තො. ලොකසමුදයො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකසමුදයො තථාගතස්ස පහීණො. ලොකනිරොධො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධා. ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා.
1. මහණෙනි, ලෝකය (දුඃඛසත්‍යය) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත තෙම ලෝකයෙන් වෙන්වූයේ වෙයි. මහණෙනි, ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් (සමුච්ඡේද වශයෙන්) ප්‍රහීණ කරණ ලද්දේ ය. මහණෙනි, තථාගත බුදුහු විසින් ලෝකනිරෝධය (නිවණ) මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත බුදුහු විසින් ලොකනිරොධය ප්රත්යක්ෂ කරණ ලද්දේ ය. මහණෙනි, ලෝකනිරෝධගාමිනීප්රතිපත්තිය (අරිඅටැගිමඟ) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ඒ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය තථාගත බුදුහු විසින් වඩන ලද්දේ ය.
යං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, යස්මා තං තථාගතෙන අභිසම්බුද්ධං, තස්මා තථාගතො’ති වුච්චති.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ද, මහණබමුණන් සහිත දෙවිමින්සුන් සහිත සත්ත්වප්රජාව විසින් ද, යමක් දක්න ලද ද, අසන ලද ද, (නැහැය දිව කන යන මෙයින්) සම්ප්රාප්තග්රාහයෙන් ගන්නා ලද ද, සිතින් දැන ගන්නා ලද ද, (සොයා හෝ නොසොයා) ලබන ලද ද, (ලැබුවක් හෝ නොලැබූවක්) සොයන ලද ද, සිතින් විමසන ලද ද, ඒ සියල්ල යම් හෙයකින් තථාගත බුදුහු විසින් මැනැවින් අවබෝධ කරණ ලද්දේ ද, එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
යඤ්ච භික්ඛවෙ රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති. නො අඤ්ඤථා. තස්මා තථාගතො’ති වුච්චති.
මහණෙනි, තථාගත තෙම යම් රාත්‍රියෙක්හි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරේ ද, යම් රාත්‍රියෙක්හි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවේ ද, මේ අතුරෙහි යමක් වදාරා ද, ප්‍රකාශ කෙරේ ද, දක්වා ද, ඒ සියල්ල එසේ ම වේ. අන් පරිද්දෙකින් නො වේ. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
යථාවාදී භික්ඛවෙ තථාගතො තථාකාරී. යථාකාරී තථාගතො තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, තස්මා තථාගතො’ති වුච්චති. සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො. අඤ්ඤදත්ථුදසො වසවත්තී. තස්මා තථාගතො’ති වුච්චතීති.
මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේ ද, එසේ ම කරන්නේ වේ. තථාගත තෙමේ යම්සේ කරන්නේ ද, එසේ ම කියන්නේ වේ. මෙ පරිද්දෙන් යම්සේ කියන සුලු නම් එසේ කරණ සුලු ය. යම්සේ කරණ සුලු නම් එසේ කියන සුලු ය. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි තථාගත තෙම අනුන් මැඩ පවත්වන්නේ අනුන් විසින් නො මඩනා ලද්දේ ය. ඒකාන්තයෙන් සියල්ල දක්නේ සියල්ල තමා වශයෙහි පවත්වයි. (එහෙයින්) තථාගත යැ යි කියනු ලැබේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සබ්බලොකං අභිඤ්ඤාය සබ්බලොකෙ යථාතථං, සබ්බලොකවිසංයුත්තො සබ්බලොකෙ අනූපයො.
2. “මුළු ලොව (ත්‍රෛධාතුක ලෝකසන්නිවාසය) මැනැවින් දැන, මුළු ලොව්හි (දතයුතු සියල්ල තත් වූ පරිද්දෙන් (දැන) සියලු ලෝකයෙන් වෙන් වූ, සියලු තෘෂ්ණාදෘෂ්ටි ග්‍රහණ රහිත වූ,
3. සබ්බෙ සබ්බාභිභූ ධීරො සබ්බගන්ථප්පමොචනො, ඵුට්ඨාස්ස පරමා සන්ති නිබ්බානං අකුතොභයං.
3. (රූපාදි අරමුණු) සියල්ල මැඩ පවත්වා සිටි ඒ ධීර තෙම ඒකාන්තයෙන් සියලු ක්ලේශග්රන්ථයන් මුදා සිටියේ වේ. (ඔහු විසින්) උතුම් නිවණ ඥානස්පර්‍ශයෙන් ස්පර්ශ කරණ ලදී. ඒ නිර්වාණය කොතැනිනුත් බියක් නැතියෙක.
4. එස ඛීණාසවො බුද්ධො අනීඝො ඡින්නසංසයො, සබ්බකම්මක්ඛයං පත්තො විමුත්තො උපධිසඞ්ඛයෙ.
4. දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, සියලු කර්මයන්ගේ ක්ෂයයට පැමිණියාවූ මේ ක්ෂීණාස්රව බුදුරජ තෙමේ උපධික්ෂය සඞ්ඛ්‍යාත නිර්වාණයෙහි (එය අරමුණු කොටැති) ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි.
5. එස සො භගවා බුද්ධො එස සීහො අනුත්තරො, සදෙවකස්ස ලොකස්ස බ්රහ්මචක්කං පවත්තයී.
5. ඒ මේ භගවත් තෙමේ (චතුස්සත්‍යාවබෝධය කළ හෙයින්) බුද්ධ ය. මේ (භගවත්) තෙමේ (උපද්‍රවයන් ඉවසන හෙයින් හා කෙලෙස් නසන හෙයින්) නිරුත්තර සිංහ ය. හේ දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ (ධර්ම) චක්‍රය පැවැත්වූයේ ය.
6. ඉති දෙවා මනුස්සා ච යෙ බුද්ධං සරණං ගතා, සංගම්ම තං නමස්සන්ති මහන්තං වීතසාරදං.
6. මෙසේ යම් දෙව්මිනිස් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, (ඔවුහු) (ගුණයෙන්) මහත් වූ (චතුර්වෛශාරද්යයෙන්) වීතසාර ද වූ උන් වහන්සේ කරා පැමිණ නමස්කාර කරත්.
7. දන්තො දමයතං සෙට්ඨො සන්තො සමයතං ඉසි, මුත්තො මොචයතං අග්ගො තිණ්ණො තාරයතං වරො.
7. තෙමේ දැමුනේ අනුන් දමනය කරන්නවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය. ශාන්ත වූයේ අනුන් ශාන්ත කරන්නවුන් අතුරෙහි ඍෂි ය. තෙමේ මිදුනේ අනුන් මුදන්නවුන් අතුරෙහි අග්‍රය. තෙමේ එතෙරැ වූයේ එතෙරැ කරන්නවුන් අතුරෙහි උතුම් ය.
8. ඉති හෙතං නමස්සන්ති මහන්තං වීතසාරදං, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි තෙ පටිපුග්ගලො’ති”.
8. මෙසේ ගුණ දැන මහත් වූ වීතසාරද වූ ඔබ වහන්සේට (දෙව්මිනිස් ආදීහු) නමස්කාර කෙරෙත්. දෙවිමිනිසුන් සහිත ලෝකයෙහි ඔබ වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තේ ය.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
චතුක්කනිපාතො නිට්ඨිතො.
චතුෂ්ක නිපාතය නිමි.
තස්සුද්දාන:
උද්දානය:
බ්‍රාහ්මණ චත්තාරි ජානං සමණ සීලා තණ්හා බ්රහ්මා බහූකාරා කුහ පුරිසා චර සම්පන්න ලොකෙන තෙරසා’ති.
බ්‍රාහ්මණ සූත්‍රය, වතුඅනවජ්ජ සූත්‍රය, ජානතොආසවක්ඛය සූත්‍රය, සමණබ්‍රාහ්මණ සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, තණ්හුප්පාද සූත්‍රය, සබ්‍රහ්මක සූත්‍රය, බහුකාර සූත්‍රය, කුහ සූත්‍රය, පුරිසපියරූප සූත්‍රය, චරතොආදිවිතක්ක සූත්‍රය, සම්පන්නසීල සූත්‍රය, ලෝකාවබෝධ සූත්‍රය - මෙතෙකින් මේ වර්ගයෙහි සූත්‍ර තෙළෙසෙකි.
සත්තවිසෙකනිපාතං දුකං බාවීස සුත්තසඞ්ගහිතං සමපඤ්ඤාසමථ තිකං තෙරස චතුක්කඤ්ච ඉති යමිදං, ද්විදසුත්තරසුත්තසතෙ සඞ්ගායිත්වා සමාදහිංසු පුරා අරහන්තො චිරට්ඨිතියා තමාහු නාමෙන ඉතිවුත්තකන්ති.
සත්විසි සුතුරින් යුත් ඒකකනිපාතය ද, දෙවිසි සුතුරින් යුත් දුක නිපාතය ද, නැවැත සමපනස් සුතුරින් යුත් තිකනිපාතය ද, තෙළෙස් සුතුරින් යුත් චතුක්කනිපාතය දැ යි යන මේ යමෙක් වේ ද, එහි මේ එක්සිය දොළොසක් සූත්‍ර පෙරැ රහත්හු ශාසනස්ථිතිය පිණිස සංගායනා කොටැ තුබුවාහු ද, එය නමින් ඉතිවුත්තක යැ යි කීහු.
ඉතිවුත්තකපාළි නිට්ඨිතා.
ඉතිවුත්තක පෙළ නිමි.