යෙදුමෙන් කියවන්න

13. ලොකාවබොධසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

13. ලොකාවබොධසුත‍්තවණ‍්ණනා

13. ලෝකාවබෝධ සූත්‍ර වර්ණනාව

තෙරසමෙ ලොකොති ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකො, අත්‍ථතො පුරිමං අරියසච‍්චද‍්වයං ඉධ පන දුක‍්ඛං අරියසච‍්චං වෙදිතබ‍්බං. ස‍්වායං සත‍්තලොකො, සඞ‍්ඛාරලොකො, ඔකාසලොකොති විභාගතො සරූපතො ච හෙට‍්ඨා වුත‍්තොයෙව. අපිච ඛන්‍ධලොකාදිවසෙන ච අනෙකවිධො ලොකො. යථාහ –

දහතුන්වන සූත්‍රයෙහි ලොකො යනු කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝක නම් වේ. අර්ථ වශයෙන් පළමු ආර්ය සත්‍ය (දුක්ඛ-සමුදය) දෙකයි. මෙහි වනාහි දුක්ඛ ආර්ය සත්‍යය දතයුතුය. එය මේ සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යනුවෙන් විභාග වශයෙන් ද ස්වරූප වශයෙන් ද මුලදී කියන ලද්දේය. එහෙත් ස්කන්ධ ලෝකය ආදී වශයෙන් ලෝකය නොයෙක් ආකාරය ඒ මෙසේය -

“ලොකොති ඛන්‍ධලොකො, ධාතුලොකො, ආයතනලොකො, විපත‍්තිභවලොකො, විපත‍්තිසම‍්භවලොකො, සම‍්පත‍්තිභවලොකො, සම‍්පත‍්තිසම‍්භවලොකො, එකො ලොකො සබ‍්බෙ සත‍්තා අහාරට‍්ඨිතිකා, ද‍්වෙ ලොකා නාමඤ‍්ච රූපඤ‍්ච, තයො ලොකා තිස‍්සො වෙදනා, චත‍්තාරො ලොකා චත‍්තාරො ආහාරා, පඤ‍්ච ලොකා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, ඡ ලොකා ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි, සත‍්ත ලොකා සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො, අට‍්ඨ ලොකා අට‍්ඨ ලොකධම‍්මා, නව ලොකා නව සත‍්තාවාසා, දස ලොකා දසායතනානි, ද‍්වාදස ලොකා ද‍්වාදසායතනානි, අට‍්ඨාරස ලොකා අට‍්ඨාරස ධාතුයො”ති (මහානි· 3; චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 2).

ලෝක යනු ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, විපත්තිභව ලෝකය, විපත්ති සම්භව ලෝකය, සම්පත්ති භවලෝකය, සම්පති සම්භව ලෝකයයි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙති යනු එක් ලෝකයකි. නාමය ද රූපය ද ලෝක දෙකකි. තුන් වේදනාව ලෝක තුනකි. ආහාර සතර ලෝක සතරකි. පංචඋපාදානස්කන්ධය ලෝක පහකි. ආධ්‍යාත්මික ආයතන හය ලෝක හයකි. විඤ්ඤාණට්ඨිති හත ලෝක හතකි. අෂ්ට ලෝක ධර්මය ලෝක අටකි. සත්වාවාස නවය ලෝක නවයකි. ආයතන දහය ලෝක දහයකි. ආයතන දොළස ලෝක දොළසකි. ධාතු දහඅටක ලෝක දහඅටකි යනුවෙන්

එවමනෙකධා විභත‍්තොපි ලොකො පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු එව සඞ‍්ගහං සමොසරණං ගච‍්ඡති, උපාදානක‍්ඛන්‍ධා ච දුක‍්ඛං අරියසච‍්චං ජාතිපි දුක‍්ඛා …පෙ… සංඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාපි දුක‍්ඛාති. තෙන වුත‍්තං “අත්‍ථතො පුරිමං අරියසච‍්චද‍්වයං, ඉධ පන දුක‍්ඛං අරියසච‍්චං වෙදිතබ‍්බ”න‍්ති. නනු ච ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨො අවිසෙසෙන පඤ‍්චසු ඛන්‍ධෙසු සම‍්භවතීති? සච‍්චං සම‍්භවති. යං පන න ලුජ‍්ජතීති ගහිතං, තං තථා න හොති, එකංසෙනෙව ලුජ‍්ජති පලුජ‍්ජතීති සො ලොකොති උපාදානක‍්ඛන්‍ධෙස‍්වෙව ලොකසද‍්දො නිරූළ‍්හොති වෙදිතබ‍්බො. තස‍්මා ලොකොති දුක‍්ඛං අරියසච‍්චං එව.

මෙසේ බෙදන ලද ලෝකය පංච උපාදානස්කන්ධයන්හිම සංග්‍රහයට, එක්වීමට යයි. උපාදානස්කන්ධයෝ ද දුක්ඛ ආර්ය සත්‍යය, ජාතිය දුකය -පෙ- කෙටියෙන් පංච උපාදානස්කන්ධය දුකය’ නම් වෙයි. එහෙයින් අර්ථ වශයෙන් පළමු ආර්ය සත්‍ය දෙකයි. මෙහි වනාහි දුක්ඛ ආර්ය සත්‍යය දතයුතුය’යි කියන ලදී. කැඩෙන බිඳෙන අර්ථය විශේෂයක් නැතිව පංචස්කන්ධයන්හි නොලැබේද? ඇත්තයි, ලැබේ. යමක් නොකැඩි යයි ගන්නා ලද ද එය එසේ නොවේ. ඒකාන්තයෙන්ම යමක් කැඩෙයි ද බිඳෙයි ද එය ලෝකයයි. උපාදාන ස්කන්ධයන්හිම ලෝක ශබ්දය ආරෝපණය කරන ලද්දේ යයි දතයුතුය. එහෙයින් ලොකො යනු දුක්ඛ ආර්ය සත්‍යයමය.

යදිපි තථාගත-සද‍්දස‍්ස හෙට‍්ඨා තථාගතසුත‍්තෙ නානානයෙහි විත්‍ථාරතො අත්‍ථො විභත‍්තො, තථාපි පාළියා අත්‍ථසංවණ‍්ණනාමුඛෙන අයමත්‍ථවිභාවනා – අභිසම‍්බුද‍්ධොති “අභිඤ‍්ඤෙය්‍යතො පරිඤ‍්ඤෙය්‍යතො”ති පුබ‍්බෙ වුත‍්තවිභාගෙන වා අවිසෙසතො තාව ආසයානුසයචරියාධිමුත‍්තිආදිභෙදතො කුසලාකුසලාදිවිභාගතො වට‍්ටප‍්පමාණසණ‍්ඨානාදිභෙදතො, විසෙසතො වා පන “අයං සස‍්සතාසයො, අයං උච‍්ඡෙදාසයො”තිආදිනා “කක‍්ඛළලක‍්ඛණා පථවීධාතු, පග‍්ඝරණලක‍්ඛණා ආපොධාතූ”තිආදිනා ච අභිවිසිට‍්ඨෙන සයම‍්භුඤාණෙන සම‍්මා අවිපරීතං යො යො අත්‍ථො යථා යථා බුජ‍්ඣිතබ‍්බො, තථා තථා බුද‍්ධො ඤාතො අත‍්තපච‍්චක‍්ඛො කතොති අභිසම‍්බුද‍්ධො.

ඉදින් මුලින් තථාගත සූත්‍රයෙහි දී තථාගත ශබ්දයට නොයෙක් නොයෙක් ක්‍රමයෙන් විස්තර වශයෙන් අර්ථ බෙදා දක්වනු ලැබුවද මේ පාළියෙහි අර්ථ වර්ණනා ක්‍රමයෙන් අපට පැහැදිලි කිරීමයි. අභිසම්බුද්ධො යනු ‘අභිඤ්ඤෙය්‍යතො පරිඤ්ඤෙය්‍යතො’ යනුවෙන් පෙර කියන ලද බෙදීමෙන් හෝ විශේෂයක් නැතිව ආසය-අනුසය චරියා-අධිමුත්ති ආදී භේද වශයෙන් හෝ කුසල-අකුසල ආදි විභාග වශයෙන් හෝ වට්ට-පමණා-සණ්ඨාන ආදි භේද වශයෙන් හෝ විශේෂ වශයෙන් වනාහි මෙය ශාස්වත ආසයය මෙය උච්ඡේද ආසය යනාදී වශයෙන් ද කර්කශ ලක්‍ෂණයෙන් පඨවි ධාතුවය වැගිරෙන ලක්‍ෂණයෙන් ආපෝ ධාතුවය ආදී වශයෙන් ද අති විශිෂ්ට වූ තමාගේම ඤාණයෙන් මනාව නොවෙන යම් යම් අර්ථයක් යම් යම් ආකාරයකින් අවබෝධ කළ යුතු ද ඒ ඒ ආකාරයෙන් අවබෝධ කරන ලද්දේය, දැනගන්නා ලද්දේය තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය යන අරුතින් අභිසම්බුද්ධ නම් වේ.

ලොකස‍්මාති යථාවුත‍්තලොකතො. විසංයුත‍්තොති විසංසට‍්ඨො, තප‍්පටිබද‍්ධානං සබ‍්බෙසං සංයොජනානං සම‍්මදෙව සමුච‍්ඡින‍්නත‍්තා තතො විප‍්පමුත‍්තොති අත්‍ථො. ලොකසමුදයොති සුත‍්තන‍්තනයෙන තණ‍්හා, අභිධම‍්මනයෙන පන අභිසඞ‍්ඛාරෙහි සද‍්ධිං දියඩ‍්ඪකිලෙසසහස‍්සං. පහීනොති බොධිමණ‍්ඩෙ අරහත‍්තමග‍්ගඤාණෙන සමුච‍්ඡෙදප‍්පහානවසෙන සවාසනං පහීනො. ලොකනිරොධොති නිබ‍්බානං. සච‍්ඡිකතොති අත‍්තපච‍්චක‍්ඛො කතො. ලොකනිරොධගාමිනී පටිපදාති සීලාදික‍්ඛන්‍ධත‍්තයසඞ‍්ගහො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සො හි ලොකනිරොධං නිබ‍්බානං ගච‍්ඡති අධිගච‍්ඡති, තදත්‍ථං අරියෙහි පටිපජ‍්ජීයති චාති ලොකනිරොධගාමිනී පටිපදාති වුච‍්චති.

ලොකස්මා යනු කියන ලද ආකාර ලෝකයෙන්. විසංයුත්තො යනු සම්බන්ධ නොවූ, ඒ හා බැඳුණු සියලු සංයෝජනයන් මනාව කපා දමන ලද බැවින් එයින් තොර වූයේය යන අර්ථයි. ලොක සමුදයො යනු සූත්‍රාන්ත ක්‍රමයෙන් තෘෂ්ණාවය. අභිධර්ම ක්‍රමයෙන් වනාහි අභිසංස්කාරයන් සමග කෙලෙස් එක්දහස් පන්සියයයි. පහීනො යනු ජයශ්‍රී මහා බෝධි මූලයෙහි දී අර්හත් මාර්ග ඥානයෙන් සහමුලින් සිඳ දැමීම් වශයෙන් වාසනා (සංසාර පුරුදු) සහිතව පහ වූයේ. ලොකනිරොධො යනු නිවනය. සච්ඡිකතො යනු තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ. ලොකනිරොධගාමිනී පටිපදා යනු ශීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගය ලෝක නිරෝධය වූ නිවනට යයි නිවන ලබයි. ඒ සඳහා ආර්යයන් වහන්සේලා විසින් පිළිපදිනු ලැබේ යන අරුතින් හෝ ලෝකනිරෝධගාමිනී පටිපදා යයි කියනු ලැබේ.

එත‍්තාවතා තථානි අභිසම‍්බුද‍්ධො යාථාවතො ගතොති තථාගතොති අයමත්‍ථො දස‍්සිතො හොති. චත‍්තාරි හි අරියසච‍්චානි තථානි නාම. යථාහ –

මෙපමණකින් ‘තථානි’ නම් වූ චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කරන ලද්දේ තත්වූ පරිද්දෙන් යන ලද්දේ වෙයි යන අරුතින් තථාගත නම් වේ යන මේ අර්ථය දක්වන ලද්දේ වෙයි. චතුරාර්ය සත්‍යය තථානි නම් වේ. එය මෙසේ වදාළහ -

“චත‍්තාරිමානි, භික‍්ඛවෙ, තථානි අවිතථානි අනඤ‍්ඤථානි. කතමානි චත‍්තාරි? ඉදං දුක‍්ඛන‍්ති, භික‍්ඛවෙ, තථමෙතං අවිතථමෙතං, අනඤ‍්ඤථමෙත”න‍්ති (සං· නි· 5.1090) විත්‍ථාරො.

‘චත්තාරිමානි භික්‍ඛවෙ [missing part] තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං’ මෙසේ විස්තරය දතයුතුය.

අපිච තථාය ගතොති තථාගතො, තථං ගතොති තථාගතො, ගතොති ච අවගතො අතීතො පත‍්තො පටිපන‍්නොති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – යස‍්මා භගවා සකලලොකං තීරණපරිඤ‍්ඤාය තථාය අවිපරීතාය ගතො අවගතො, තස‍්මා ලොකො තථාගතෙන අභිසම‍්බුද‍්ධොති තථාගතො. ලොකසමුදයං පහානපරිඤ‍්ඤාය තථාය ගතො අතීතොති තථාගතො. ලොකනිරොධං සච‍්ඡිකිරියාය තථාය ගතො පත‍්තොති තථාගතො. ලොකනිරොධගාමිනිං පටිපදං තථං අවිපරීතං ගතො පටිපන‍්නොති තථාගතොති. එවං ඉමිස‍්සා පාළියා භගවතො තථාගතභාවදීපනවසෙන අත්‍ථො වෙදිතබ‍්බො.

යළිත් - සත්‍යය පිණිස යන ලද්දේ යන අරුතින් තථාගත නම් වේ. සත්‍යයට යන ලද්දේය යන අරුතින් තථාගත නම් වේ. ‘ගතා’ යනු අවබෝධ කරන ලද්දේ ඉක්මවූයේ, පැමිණියේ, පිළිපන්නේ යන අර්ථයි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මුළු ලෝකය තීරණ පරිඥාවෙන් සත්‍ය ලෙස නොවෙනස් ලෙස අවබෝධ කළාහු ද එහෙයින් තථාගතයන් වහන්සේ විසින් ලෝකය මනාව අවබෝධ කරන ලද්දේය යන අරුතින් තථාගත නම් වෙති. ලෝක සමුදය ප්‍රහාණ පරිඥාවෙන් සත්‍ය ලෙස අවබෝධ කළාහුය ඉක්මවූවාහුය යන අරුතින් තථාගත නම් වෙති. ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සත්‍ය ලෙස අවබෝධ කළාහුය, (ලෝක නිරෝධයට) පැමිණියාහුය යන අරුතින් තථාගත නම් වෙති. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව සත්‍ය ලෙස නොවෙනස් ලෙස අවබෝධ කළාහුය, (එයට) පිළිපන්නාහුය යන අරුතින් තථාගත නම් වෙති යන මෙය කියන ලද්දේ වෙයි. මෙසේ මේ පාළියෙහි භාග්‍යවතුන් වහන්සේගේ තථාගතභාවය පැහැදිලි කිරීම් වශයෙන් අර්ථය දතයුතුය.

ඉති භගවා චතුසච‍්චාභිසම‍්බොධනවසෙන අත‍්තනො තථාගතභාවං පකාසෙත්‍වා ඉදානි තත්‍ථ දිට‍්ඨාදිඅභිසම‍්බොධිවසෙනපි තං දස‍්සෙතුං “යං, භික‍්ඛවෙ”තිආදිමාහ. අඞ‍්ගුත‍්තරට‍්ඨකථායං (අ· නි· අට‍්ඨ· 2.4.23) පන “චතූහි සච‍්චෙහි අත‍්තනො බුද‍්ධභාවං කථෙත්‍වා”තිආදි වුත‍්තං. තං තථාගතසද‍්ද-බුද‍්ධසද‍්දානං අත්‍ථතො නින‍්නානාකරණතං දස‍්සෙතුං වුත‍්තං. තථා චෙව හි පාළි පවත‍්තාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම් වශයෙන් තමන් වහන්සේගේ තථාගතභාවය ප්‍රකාශකොට දැන් දක්නා ලද්දාදිය අවබෝධ කිරීම් වශයෙන් ද එය දැක්වීමට ‘යං භික්‍ඛවෙ’යනාදිය චදාළහ. අංගුත්තර අට්ඨක නිපාත අට්ඨකථාවේ දී වනාහි ‘චතූහි සච්චෙහි අත්තනො බුද්ධභාවං කථෙත්‍වා’ චතුරාර්ය සත්‍යයෙන් තමන්වහන්සේගේ බුදුබව කියා’ යනාදිය කියන ලදී. ඒ තථාගත ශබ්දයේ බුද්ධ ශබ්දයේ අර්ථ වශයෙන් නොයෙක් ආකාර නැතිබව දැක්වීමට කියන ලදී. පාළියෙහි පැවැත්ම එසේය.

තත්‍ථ දිට‍්ඨන‍්ති රූපායතනං. සුතන‍්ති සද‍්දායතනං. මුතන‍්ති පත්‍වා ගහෙතබ‍්බතො ගන්‍ධායතනං, රසායතනං, ඵොට‍්ඨබ‍්බායතනඤ‍්ච. විඤ‍්ඤාතන‍්ති සුඛදුක‍්ඛාදිධම‍්මාරම‍්මණං. පත‍්තන‍්ති පරියෙසිත්‍වා වා අපරියෙසිත්‍වා වා පත‍්තං. පරියෙසිතන‍්ති පත‍්තං වා අප‍්පත‍්තං වා පරියෙසිතං. අනුවිචරිතං මනසාති චිත‍්තෙන අනුසඤ‍්චරිතං. කස‍්ස පන අනුවිචරිතං මනසාති? සදෙවකස‍්ස…පෙ… සදෙවමනුස‍්සායාති සම‍්බන්‍ධනීයං. තත්‍ථ සහ දෙවෙහීති සදෙවකො, තස‍්ස සදෙවකස‍්ස. සෙසපදෙසුපි එසෙව නයො.

එහි දිට්ඨං යනු රූපායතනයයි. සුතං යනු සද්දායතනයයි. මුතං යනු පැමිණ ගතයුතු බැවින් ගන්ධායතනය ද රසායතනය ද ඵොට්ඨබ්බායතනය ද වේ. විඤ්ඤාතං යනු සුඛ දුක්ඛ ආදී ධර්මාරම්මණයයි. පත්තං යනු සොයා හෝ නො සොයා හෝ ලබන ලද. පරියෙසිතං ලැබූවක් හෝ නොලැබූවක් හෝ සොයන ලද. අනුවිචරිතං මනසා යනු සිතෙන් සලකන ලද. කවරකු විසින් සලකන ලද මනසින් ද? ‘සදෙවකස්ස -පෙ- සදෙවමනුස්සාය’ යනුවෙන් සම්බන්ධ විය යුතුය. එහි දෙවියන් සහිත වූයේ යන අරුතින් සදෙවක නම් වේ. ඒ සදෙවකස්ස ලොකස්ස දෙවියන් සහිත වූ ලෝකයා විසින්. සෙසු පදයන්හිද ඒ ක්‍රමයයි.

සදෙවකවචනෙන චෙත්‍ථ පඤ‍්චකාමාවචරදෙවග‍්ගහණං වෙදිතබ‍්බං, සමාරකවචනෙන ඡට‍්ඨකාමාවචරදෙවග‍්ගහණං, සබ්‍රහ‍්මකවචනෙන බ්‍රහ‍්මකායිකාදිබ්‍රහ‍්මග‍්ගහණං, සස‍්සමණබ්‍රාහ‍්මණිවචනෙන සාසනස‍්ස පච‍්චත්‍ථිකසමණබ්‍රාහ‍්මණග‍්ගහණඤ‍්චෙව සමිතපාපබාහිතපාපසමණබ්‍රාහ‍්මණග‍්ගහණඤ‍්ච, පජාවචනෙන සත‍්තලොකග‍්ගහණං, සදෙවමනුස‍්සවචනෙන සම‍්මුතිදෙවඅවසෙසමනුස‍්සග‍්ගහණං. එවමෙත්‍ථ තීහි පදෙහි දෙවමාරබ්‍රහ‍්මෙහි සද‍්ධිං සත‍්තලොකො, ද‍්වීහි පජාවසෙන සත‍්තලොකො ගහිතොති වෙදිතබ‍්බො.

සදෙවක යන වචනයෙන් මෙහි පළමු දෙව්ලෝ පහට අයත් කාමාවචර දෙව් පිරිස ගැනෙයි. සමාරක වචනයෙන් හයවන කාමාවචර දෙව්ලොවට අයත් දෙව්පිරිස ගැනෙයි. සබ්‍රහ්මක වචනයෙන් බ්‍රහ්මකායික ආදී බඹ පිරිස ගැනෙයි. සස්සමණ බ්‍රාහ්මණී වචනයෙන් ශාසනයට ප්‍රතිවිරුද්ධ වූ මහණ බමුණන් ද සංසිඳවූ පව් ඇති (සමිත) බහා තැබූ පව් ඇති (බාහිත) මහණ බමුණන් ද ගැනෙයි. පජා යන වචනයෙන් සත්ත්ව ලෝකය ගැනෙයි. සදෙවමනුස්ස යන වචනයෙන් සම්මුති දෙවියන් හා ඉතිරි මිනිසුන් ද ගැනෙයි. මෙසේ මෙහි පද තුනෙන් දේව-මාර-බ්‍රහ්මයන් සමග සත්ත්ව ලෝකය ද (සස්සමණ බ්‍රාහ්මණියා පජාය, සදෙව මනුස්සාය යන) පද දෙකෙන් ප්‍රජාව වශයෙන් සත්ත්ව ලෝකයම ගන්නා ලද්දේ යයි දතයුතුය.

අපරො නයො – සදෙවකග‍්ගහණෙන අරූපාවචරදෙවලොකො ගහිතො, සමාරකවචනෙන ඡකාමාවචරදෙවලොකො, සබ්‍රහ‍්මකවචනෙන රූපීබ්‍රහ‍්මලොකො, සස‍්සමණබ්‍රාහ‍්මණාදිවචනෙන සම‍්මුතිදෙවෙහි සහ අවසෙසසත‍්තලොකො ගහිතො. අපිචෙත්‍ථ සදෙවකවචනෙන උක‍්කට‍්ඨපරිච‍්ඡෙදතො සබ‍්බලොකවිසයස‍්ස භගවතො අභිසම‍්බුද‍්ධභාවෙ පකාසිතෙ යෙසමෙවං සියා “මාරො නාම මහානුභාවො ඡකාමාවචරිස‍්සරො වසවත‍්තී, බ්‍රහ‍්මා පන තතොපි මහානුභාවතරො දසහි අඞ‍්ගුලීහි දසසු චක‍්කවාළසහස‍්සෙසු ආලොකං ඵරති, උත‍්තමජ‍්ඣානසමාපත‍්තිසුඛං පටිසංවෙදෙති. පුථූ ච සමණබ්‍රාහ‍්මණා ඉද‍්ධිමන‍්තො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනො මහානුභාවා සංවිජ‍්ජන‍්ති. අයඤ‍්ච සත‍්තකායො අනන‍්තො අපරිමාණො, කිමෙතෙසං සබ‍්බෙසංයෙව විසයො අනවසෙසතො භගවතා අභිසම‍්බුද‍්ධො”ති? තෙසං විමතිං විධමෙන‍්තො භගවා “සදෙවකස‍්ස ලොකස‍්සා”තිආදිමාහ.

තවත් ක්‍රමයක් : සදෙවක වචනය ගැනීමෙන් අරූපාවචර දේවලෝකය ගන්නා ලද්දේ වෙයි. සමාරක වචනය ගැනීමෙන් කාමාවචර දෙව්ලෝ හය ගන්නා ලද්දේ වෙයි. සබ්‍රහ්මක වචනය ගැනීමෙන් රූපී බ්‍රහ්මලෝකය ගන්නා ලද්දේ වෙයි. සස්සමණ බ්‍රාහ්මණ ආදි වචනයෙන් සම්මුති දෙවියන් සහිත ඉතිරි සත්ත්ව ලෝකය ගන්නා ලද්දේ වෙයි. තවද මෙහි සදෙවක වචනයෙන් උසස්ම සීමාවෙන් සියලු ලෝකය විෂය කොට ඇති භාග්‍යවතුන් වහන්සේගේ අභිසම්බුද්ධභාවය ප්‍රකාශවන කල්හි ‘මාරයා නම් මහානුභාව ඇත්තේය. සදෙව්ලොවට අධිපතිය. ඒවා තම වසඟයෙහි පවත්වන්නේය. බ්‍රහ්මයා වනාහි ඔහුටත් වඩා මහත් ආනුභාව ඇත්තේය. ඇඟිලි දහයෙන් දසදහසක් සක්වල ආලෝකය පතුරුවයි. උතුම් ධ්‍යාන සමාපත්ති සැපය විඳියි. ඍද්ධිමත් වූ දිවැස් ඇත්තා වූ පරසිත් දන්නා වූ මහානුභාව බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විද්‍යාමාන වෙති. මේ සත්ත්වකාය ද අනන්තය, අප්‍රමාණය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ සියල්ලන්ගේම විෂය ඉතිරි නොකොටම මනාව අවබෝධ කරන ලද්දේ ද, යනුවෙන් යමෙකුට මෙබඳු සිතක් ඇතිවිය හැකිය. ඔවුන්ගේ සැකය දුරුකරමින් භාග්‍යවතුන් වහන්සේ ‘සදෙවකස්ස ලොකස්ස’ යනාදිය වදාළහ.

පොරාණා පනාහු – “සදෙවකස‍්සා”ති දෙවතාහි සද‍්ධිං අවසෙසලොකං පරියාදියති, “සමාරකස‍්සා”ති මාරෙන සද‍්ධිං අවසෙසලොකං, “සබ්‍රහ‍්මකස‍්සා”ති බ්‍රහ‍්මෙහි සද‍්ධිං අවසෙසලොකං. එවං සබ‍්බෙපි තිභවූපගෙ සත‍්තෙ තීසු පදෙසු පක‍්ඛිපිත්‍වා පුන ද‍්වීහි පදෙහි පරියාදියන‍්තො “සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සායා”ති ආහ. එවං පඤ‍්චහිපි පදෙහි ඛන්‍ධත‍්තයපරිච‍්ඡින‍්නෙ සබ‍්බසත‍්තෙ පරියාදියති.

පැරණි ආචාර්යවරු (මෙසේද) කීහ. ‘සදෙවකස්ස’ යන්නෙන් දෙවියන් සහිත අවශේෂ ලෝකය ද ‘සමාරකස්ස’ යන්නෙන් මාරයා සහිත අවශේෂ ලෝකය ද ‘සබ්‍රහ්මකස්ස’ යන්නෙන් බ්‍රහ්මයන් සහිත අවශේෂ ලෝකය ද හාත්පසින් ගනු ලැබේ. මෙසේ භව තුනට අයත් සියලුම සත්ත්වයන් පද තුනෙහි ඇතුළත් කොට නැවත පද දෙකෙන් හාත්පසින් ගනිමින් ‘සස්සමණ බ්‍රාහ්මණියා පජාය, සදෙව මනුස්සාය’ යනුවෙන් කීහ. මෙසේ පද පහෙන් ස්කන්ධ තුන සීමාකොට ඇති සියලු සත්ත්වයන් හාත්පසින් ගනු ලැබේ.

යස‍්මා තං තථාගතෙන අභිසම‍්බුද‍්ධන‍්ති ඉමිනා ඉදං දස‍්සෙති – යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස‍්ස සදෙවකස‍්ස ලොකස‍්ස “නීලං පීතක”න‍්තිආදි රූපාරම‍්මණං චක‍්ඛුද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, තං සබ‍්බං “අයං සත‍්තො ඉමස‍්මිං ඛණෙ ඉමං නාම රූපාරම‍්මණං දිස‍්වා සුමනො වා දුම‍්මනො වා මජ‍්ඣත‍්තො වා ජාතො”ති තථාගතස‍්ස එවං අභිසම‍්බුද‍්ධං. තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස‍්ස සදෙවකස‍්ස ලොකස‍්ස “භෙරිසද‍්දො මුදිඞ‍්ගසද‍්දො”තිආදි සද‍්දාරම‍්මණං සොතද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, “මූලගන්‍ධො තචගන්‍ධො”තිආදි ගන්‍ධාරම‍්මණං ඝානද‍්වාරෙ ආපාථමාගච‍්ඡති, “මූලරසො ඛන්‍ධරසො”තිආදි රසාරම‍්මණං ජිව‍්හාද‍්වාරෙ ආපාථමාගච‍්ඡති, “කක‍්ඛළං මුදුක”න‍්තිආදි පථවීධාතුතෙජොධාතුවායොධාතුභෙදං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං කායද‍්වාරෙ ආපාථමාගච‍්ඡති, “අයං සත‍්තො ඉමස‍්මිං ඛණෙ ඉමං නාම ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා සුමනො වා දුම‍්මනො වා මජ‍්ඣත‍්තො වා ජාතො”ති සබ‍්බං තං තථාගතස‍්ස එවං අභිසම‍්බුද‍්ධං.

යස්මා තං තථාගතෙන අභිසම්බුද්ධං යන මෙයින් මෙය දක්වයි. අප්‍රමාණ ලෝකධාතු අතරින් දෙවියන් සහිත මේ ලෝකයෙහි නිල්, කහ යනාදී යම් රූප අරමුණක් ඇස් දොර හමුවට එයිද ඒ සියල්ල මේ සත්ත්වයා මේ මොහොතෙහි මෙනම් රූප අරමුණක් දැක සොම්නස් වූයේ හෝ දොස් වූයේ හෝ මැදහත් වූයේ යයි මෙසේ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලදී. එසේ අප්‍රමාණ ලෝකධාතු අතරින් දෙවියන් සහිත මේ ලෝකයෙහි බෙරහඬක්, මිහිඟුබෙර හඬක් යනාදී යම් ශබ්ද අරමුණක් කන්දොර හමුවට එයිද මුල්ගඳ පොතුගඳ යනාදී. යම් ගන්ධ අරමුණක් නාස් දොර හමුවට එයිද මුල්රස, කඳෙහි රස යනාදී යම් රස අරමුණක් දිව දොර හමුවට එයිද. කර්කශය, මොළොක්ය යනාදී පඨවි ධාතු තේජෝ ධාතු වායෝ ධාතු යන භේද ඇති ඵොට්ඨබ්බ අරමුණක් කය දොර හමුවට එයිද, මේ සත්ත්වයා මේ මොහොතෙහි මෙනම් පොට්ඨබ්බය ස්පර්ශකොට සොම්නස් වූයේ හෝ දොම්නස් වූයේ හෝ මැදහත් වූයේ යයි ඒ සියල්ල මෙසේ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලදී.

තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස‍්ස සදෙවකස‍්ස ලොකස‍්ස සුඛාදිභෙදං ධම‍්මාරම‍්මණං මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡති, “අයං සත‍්තො ඉමස‍්මිං ඛණෙ ඉමං නාම ධම‍්මාරම‍්මණං ජානිත්‍වා සුමනො වා දුම‍්මනො වා මජ‍්ඣත‍්තො වා ජාතො”ති සබ‍්බං තං තථාගතස‍්ස එවං අභිසම‍්බුද‍්ධං.

එසේ අප්‍රමාණ ලෝකධාතු අතරින් දෙවියන් සහිත මේ ලෝකයෙහි සැප ආදී භේද ඇති දහම් අරමුණක් මනදොර හමුවට එයි ද, මේ සත්ත්වයා මේ මොහොතෙහි මෙනම් දහම් අරමුණ දැන සොම්නස් වූයේ හෝ දොස් වූයේ හෝ මැදහත් වූයේ යයි ඒ සියල්ල මෙසේ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලදී.

එවං යං ඉමස‍්ස සදෙවකස‍්ස ලොකස‍්ස දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං, තං තථාගතෙන අදිට‍්ඨං වා අසුතං වා අමුතං වා අවිඤ‍්ඤාතං වා නත්‍ථි. ඉමස‍්ස පන මහාජනස‍්ස පරියෙසිත්‍වා අප‍්පත‍්තම‍්පි අත්‍ථි, අපරියෙසිත්‍වා අප‍්පත‍්තම‍්පි අත්‍ථි, පරියෙසිත්‍වා පත‍්තම‍්පි අත්‍ථි, අපරියෙසිත්‍වා පත‍්තම‍්පි අත්‍ථි. සබ‍්බම‍්පි තථාගතස‍්ස අප‍්පත‍්තං නාම නත්‍ථි ඤාණෙන අසච‍්ඡිකතං. තතො එව යං අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත‍්තානං චක‍්ඛුද‍්වාරෙ ආපාථමාගච‍්ඡන‍්තං රූපාරම‍්මණං නාම අත්‍ථි, තං භගවා සබ‍්බං සබ‍්බාකාරෙන ජානාති පස‍්සති. එවං ජානතා පස‍්සතා චානෙන තං ඉට‍්ඨානිට‍්ඨාදිවසෙන වා දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතෙසු ලබ‍්භමානපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන‍්නං මහාභූතානං උපාදාය වණ‍්ණනිභා සනිදස‍්සනං සප‍්පටිඝං නීලං පීතක”න‍්තිආදිනා (ධ· ස· 617) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද‍්වෙපඤ‍්ඤාසාය නයෙහි විභජ‍්ජමානං තථෙව හොති, විතථං නත්‍ථි. එස නයො සොතද‍්වාරාදීසුපි ආපාථමාගච‍්ඡන‍්තෙසු සද‍්දාදීසු.

මෙසේ : මේ දෙවියන් සහිත ලෝකයා විසින් දක්නා ලද (දිට්ඨි) අසන ලද (සිත) ආඝ්‍රාණය කළ, රසවිඳින ලද, ස්පර්ශ කරන ලද (මුත) දන්නා ලද (විඤ්ඤාත) යමක් ඇත්ද තථාගතයන් වහන්සේ විසින් එයින් අදිට්ඨ වූ හෝ අසුත වූ හෝ අමුත වූ හෝ අවිඤ්ඤාත වූ හෝ යන යමක් නැත. මේ මහජනයාට සොයා නො ලද අරමුණු ද ඇත. නොසොයා නො ලද අරමුණු ද ඇත. සොයා ලද අරමුණු ද ඇත. නො සොයා ලද අරමුණු ද ඇත. තථාගතයන් වහන්සේ විසින් නො ලැබූ ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද කිසිවක් නැත. (සියල්ල ලැබුවේ ද ප්‍රත්‍යක්‍ෂ කළේ ද වෙයි.) එහෙයින්ම අප්‍රමාණ ලෝකධාතුවල අප්‍රමාණ වූ සත්ත්වයන්ගේ ඇස්දොර හමුවට පැමිණෙන යම් රූපාරම්මණයක් ඇත්ද භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල සියලු ආකාරයෙන් දනිති. දකිති. මෙසේ එය දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉටු අනිටු ආදී වශයෙන් හෝ දිට්ඨ-සුත-මුත-විඤ්ඤාත අතුරින් ලැබෙන පද වශයෙන් හෝ ‘කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතකං ඒ රූපායතන රූපය කුමක් ද? සතර මහා භූතයන් නිසා උපන් (චක්ඛු විඤ්ඤාණයට ප්‍රකට වූ) පැහැ සටහන ඇත්තේ (චක්ඛු විඤ්ඤාණයෙන් දැකිය යුතු නිසා) සන්දර්ශන වූ (ගැටීම් සහිත නිසා) සප්‍රතිඝ වූ නිල්, කහය යනාදී ක්‍රමයෙන් නොයෙක් නම්වලින් වාර දහතුනකින්, ක්‍රම පනස් දෙකකින් බෙදන ලද ද එය එසේම වෙයි, අසත්‍ය නොවේ. කන්දොර ආදියෙහි හමුවට පැමිණෙන ශබ්ද ආදියෙහි ද මේ ක්‍රමයයි.

තස‍්මා තථාගතොති වුච‍්චතීති යං යථා ලොකෙන ගතං, තස‍්ස තථෙව ගතත‍්තා තථාගතොති වුච‍්චති. පාළියං පන “අභිසම‍්බුද‍්ධ”න‍්ති වුත‍්තං, තං තථාගතසද‍්දෙන සමානත්‍ථං. ඉමිනා තථාදස‍්සිභාවතො තථාගතොති අයමත්‍ථො දස‍්සිතො හොති. වුත‍්තඤ‍්හෙතං ධම‍්මසෙනාපතිනා –

තස්මා තථාගතොති වුච්චති යනු යම්සේ ලෝවැසියා විසින් රූපාදී යම් අරමුණක් දක්නා ලද ද උන්වහන්සේ විසින් එසේම දක්නා ලද බැවින් තථාගත යයි කියනු ලැබේ. පාළියෙහි වනාහි ‘අභිසම්බුද්ධ’ යයි කියන ලදී. එය තථාගත ශබ්දය සමග සමාන අර්ථ ඇත. මෙයින් එසේ දැකීම් වශයෙන් තථාගත යයි මේ අර්ථය දක්වන ලද්දේ වෙයි. ධර්ම සේනාපතීන් වහන්සේ විසින්

“න තස‍්ස අද‍්දිට‍්ඨමිධත්‍ථි කිඤ‍්චි, අථො අවිඤ‍්ඤාතමජානිතබ‍්බං; සබ‍්බං අභිඤ‍්ඤාසි යදත්‍ථි නෙය්‍යං, තථාගතො තෙන සමන‍්තචක‍්ඛූ”ති. (මහානි· 156; චූළනි· මොඝරාජමාණවපුච‍්ඡානිද‍්දෙස 85; පටි· ම· 1.121);

න තස්ස අද්දිට්ඨ’මිදත්‍ථි කිඤ්චි අථො අවිඤ්ඤාත මජානිතබ්බං සබ්බං අභිඤ්ඤාසි යදත්‍ථි නෙය්‍යං තථාගතො තෙන සමන්තචක්‍ඛු

සුත‍්තන‍්තෙපි වුත‍්තං භගවතා –

යන මෙය කියන ලද්දේය.

මේ තුලෝකයෙහි උන්වහන්සේ විසින් වර්තමාන කාලයට අයත් නොදක්නා ලද කිසිවක් නැත. නැවත අතීත කාලයට අයත් නොදන්නා ලද කිසිවක් නැත. අනාගත කාලයට අයත් නො දන්නා ලද කිසිවක් නැත. තුන්කාලයට අයත් වූද කාලයට අයත් නැත්තා වූද දැනගත යුතු සියල්ල දැනගත්හ. ඒ කාරණයෙන් තථාගතයන් වහන්සේ සමන්තචක්ඛු (සබ්බඤ්ඤූ) නම් වන සේක.

“යං, භික‍්ඛවෙ, සදෙවකස‍්ස ලොකස‍්ස…පෙ… සදෙවමනුස‍්සාය පජාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි, තමහං අබ‍්භඤ‍්ඤාසිං, තං තථාගතස‍්ස විදිතං, තං තථාගතො න උපට‍්ඨාසී”ති (අ· නි· 4.24).

‘යං භික්‍ඛවෙ සදෙවකස්ස ලොකස්ස -පෙ- සදෙවමනුස්සාය පජාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තමහං පජානාමි තමහං අබ්භඤ්ඤාසිං, තං තථාගතස්ස විදිතං, තං තථාගතස්ස උපට්ඨාසි’

දෙවියන් සහිත වූ ලෝකයා විසින් -පෙ- දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාව විසින් දක්නා ලද රූපය ද, අසන ලද ශබ්දය ද, ගන්ධ රස ඵොට්ඨබ්බද සිතින් දැනගන්නා ලද ධර්මාරම්මණ ද පැමිණි අරමුණු ද සොයන ලද අරමුණු ද සිතින් සලකන ලද යම් අරමුණක් වේද මහණෙනි, මම එය දනිමි. මම එය දැනගතිමි. එය තථාගතයන් වහන්සේ විසින් දන්නා ලදී. එය තථාගතයන් වහන්සේට වැටහුනේය’යි භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍රාන්තයෙහිදී ද වදාරන ලදී.

යඤ‍්ච, භික‍්ඛවෙ, රත‍්තිං තථාගතො අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣතීති යස‍්සඤ‍්ච විසාඛපුණ‍්ණමරත‍්තියං තථා ආගතාදිඅත්‍ථෙන තථාගතො භගවා බොධිමණ‍්ඩෙ අපරාජිතපල‍්ලඞ‍්කෙ නිසින‍්නො තිණ‍්ණං මාරානං මත්‍ථකං මද‍්දිත්‍වා උත‍්තරිතරාභාවතො අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං ආසවක‍්ඛයඤාණෙන සද‍්ධිං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අධිගච‍්ඡති. යඤ‍්ච රත‍්තිං අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායතීති යස‍්සඤ‍්ච විසාඛපුණ‍්ණමරත‍්තියංයෙව කුසිනාරායං උපවත‍්තනෙ මල‍්ලානං සාලවනෙ යමකසාලානමන‍්තරෙ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායති. යං එතස‍්මිං අන‍්තරෙති ඉමාසං ද‍්වින‍්නං සඋපාදිසෙසඅනුපාදිසෙසනිබ‍්බානධාතූනං වෙමජ‍්ඣෙ පඤ‍්චචත‍්තාලීසවස‍්සපරිමාණෙ කාලෙ පඨමබොධියම‍්පි, මජ‍්ඣිමබොධියම‍්පි, පච‍්ඡිමබොධියම‍්පි යං සුත‍්තගෙය්‍යාදිප‍්පභෙදං ධම‍්මං භාසති නිද‍්දිසනවසෙන, ලපති උද‍්ධිසනවසෙන, නිද‍්දිසති පටිනිද‍්දිසනවසෙන. සබ‍්බං තං තථෙව හොතීති තං එත්‍ථන‍්තරෙ දෙසිතං සබ‍්බං සුත‍්තගෙය්‍යාදිනවඞ‍්ගං බුද‍්ධවචනං අත්‍ථතො බ්‍යඤ‍්ජනතො ච අනුපවජ‍්ජං අනූනං අනධිකං සබ‍්බාකාරපරිපුණ‍්ණං රාගමදනිම‍්මදනං…පෙ… මොහමදනිම‍්මදනං, නත්‍ථි තත්‍ථ වාලග‍්ගමත‍්තම‍්පි අවක‍්ඛලිතං, එකමුද‍්දිකාය ලඤ‍්ඡිතං විය එකනාළියා මිතං විය එකතුලාය තුලිතං විය ච තං තථෙව හොති යස‍්සත්‍ථාය භාසිතං, එකන‍්තෙනෙව තස‍්ස සාධනතො, නො අඤ‍්ඤථා. තස‍්මා තථං, අවිතථං, අනඤ‍්ඤථං. එතෙන තථාවාදිතාය තථාගතොති දස‍්සෙති. ගදඅත්‍ථො අයං ගතසද‍්දො දකාරස‍්ස තකාරං කත්‍වා, තස‍්මා තථං ගදතීති තථාගතොති අත්‍ථො. අථ වා ආගදනං ආගදො, වචනන‍්ති අත්‍ථො. තථො අවිපරීතො ආගදො යස‍්සාති දකාරස‍්ස තකාරං කත්‍වා තථාගතොති එවමෙත්‍ථ පදසිද‍්ධි වෙදිතබ‍්බා.

යඤ්ච භික්‍ඛවෙ රත්තිං තථාගතො, අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුජ්ඣති යනු යම් වෙසක් පුණු පෝදා රැයක එසේ ආයේය යනාදි අරුතින් තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ බෝමැඩදී අපරාජිත පර්යංකයෙහි වැඩහිඳිමින් ත්‍රිවිධ මාරයන්ගේ හිස්මුදුන මැඩ වඩා උසස් දෙයක් නොමැති බැවින් අනුත්තර වූ සම්මා සම්බෝධිය ආසවක්ඛය ඤාණය සමග සබ්බඤ්ඤුත ඤාණය අවබෝධ කරගත් ද යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බාණධාතුයා පරිනිබ්බායති යනු යම් වෙසක් පුණු පෝදා රැයකදීම කුසිනාරාවෙහි උපවත්තන නම් වූ මල්ල රජවරුන්ගේ සල්වනයෙහි සල්ගස් දෙකක් අතරදී අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙත් ද යං එතස්මිං අන්තරෙ මේ සඋපාදිශේෂ අනුපාදිශේෂ නිර්වාණ ධාතු දෙක අතර හතළිස් පස්වසරක් පමණ වූ කාලයෙහි ප්‍රථම බෝධියේදී (අවුරුදු 15) මධ්‍යම බෝධියේදී (අවු 15) පශ්චිම බෝධියේදී (අවු 15) සූත්‍ර - ගෙය්‍ය ආදී ප්‍රභේද ඇති ධර්මය භාසති නිර්දේශ වශයෙන් ප්‍රකාශ කරත්ද ලපති උද්දේශ වශයෙන් ප්‍රකාශ කරත් ද, නිද්දිසති පටිනිර්දේශ වශයෙන් ප්‍රකාශ කරත් ද සබ්බං තං තථෙව හොති යනු මේ අතරතුර දේශනා කරන ලද ඒ සියලු සූත්‍ර-ගෙය්‍ය ආදී නවංග බුද්ධ වචනය අර්ථ වශයෙන්ද බ්‍යඤ්ජන (අක්‍ෂර) වශයෙන් ද නිදොස් වූයේ අඩු නැතිව වැඩි නැතිව සියලු ආකාරයෙන් පරිපූර්ණ වූයේ රාගමදය මඩින -පෙ- මෝහ මදය මඩින එහි කෙස්ගසක අග තරම්වත් වෙනසක් නැත. එක් මුද්‍රිකාවකින් මුද්‍රාතබන ලද්දක් මෙන් ද එක් නැලියකින් මනින ලද්දක් මෙන් ද එක් තුලාවකින් (තරාදියකින්) කිරන ලද්දක් මෙන් ද එය එසේම වෙයි. යමක් සඳහා එය දේශනා කරන ලද ද ඒකාන්තයෙන්ම එය සිදුවීම් වශයෙන් නො අඤ්ඤථා එහෙයින් සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. මේ තථාවාදී බැවින් තථාගත යයි දක්වති. ‘ද’ කාරයට ‘ත’ කාරය කොට මේ ගත ශබ්දය ගද (ශබ්ද) අර්ථ ඇත්තේය. එහෙයින් සත්‍යය කියති යන අර්ථයෙන් තථාගත යන අර්ථ ඇත්තේය. නැතහොත් ආගදනං = ආගදො, වචනය යන අර්ථයයි. සත්‍ය වූ නොවෙනස් වූ වචනය මොහුට වන්නේ යයි ද ‘ද’ කාරයට ‘ත’ කාරය කොට තථාගතො යනුවෙන් මෙසේ මෙහි පද සිද්ධිය දතයුතුය.

යථාවාදී තථාකාරීති යෙ ධම‍්මෙ භගවා “ඉමෙ ධම‍්මා අකුසලා සාවජ‍්ජා විඤ‍්ඤුගරහිතා සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්තී”ති පරෙසං ධම‍්මං දෙසෙන‍්තො වදති, තෙ ධම‍්මෙ එකන‍්තෙනෙව සයං පහාසි. යෙ පන ධම‍්මෙ භගවා “ඉමෙ ධම‍්මා කුසලා අනවජ‍්ජා විඤ‍්ඤුප‍්පසත්‍ථා සමත‍්තා සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්තී”ති වදති, තෙ ධම‍්මෙ එකන‍්තෙනෙව සයං උපසම‍්පජ‍්ජ විහාසි. තස‍්මා යථාවාදී භගවා, තථාකාරීති වෙදිතබ‍්බො.

යථාවාදී තථාකාරී යනු භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම අකුසල්ය. වැරදි සහිතය. නුවණැත්තන් විසින් ගරහන ලදී. සමාදන්ව පුරන ලද්දේ අහිත පිණිස දුක් පිණිස පවතී’ යනුවෙන් අනුන්ට දහම් දෙසමින් යම් ධර්මයන් දේශනා කරත් ද ඒ ධර්මයන් ඒකාන්තයෙන්ම තමන්වහන්සේ දුරුකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම කුසල්ය. නිවැරදිය. නුවණැත්තන් විසින් සමාදන්ව පුරන ලද්දේ හිත පිණිස සැප පිණිස පවතී’ යනුවෙන් යම් ධර්මය දේශනා කරත් ද ඒකාන්තයෙන්ම උන්වහන්සේ ඒ ධර්මයන්ට පැමිණ වාසය කරති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී යයි දතයුතුය.

යථාකාරී තථාවාදීති සම‍්මදෙව සීලාදිපරිපූරණවසෙන සම‍්මා පටිපන‍්නො සයං යථාකාරී භගවා, තථෙව ධම‍්මදෙසනාය පරෙසං තත්‍ථ පතිට‍්ඨාපනවසෙන තථාවාදී. භගවතො හි වාචාය කායො අනුලොමෙති, කායස‍්සපි වාචා. තස‍්මා යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ච හොති. එවංභූතස‍්ස චස‍්ස යථා වාචා, කායොපි තථා ගතො පවත‍්තො. යථා ච කායො, වාචාපි තථා ගතා පවත‍්තාති අත්‍ථො.

යථාකාරී = තථාවාදී යනු මනාව ශීලාදිය පරිපූර්ණ වශයෙන් මනාව පිළිපන්නා වූ භාග්‍යවතුන් වහන්සේ තමන් යථාකාරී වෙත් ද එසේම දහම් දෙසීමෙන් අනුන් ද එහි පිහිටුවීම් වශයෙන් තථාවාදී නම් වෙති. භාග්‍යවතුන් වහන්සේගේ වචනයට කය ගැලපෙයි. කයට ද වචනය ගැලපෙයි. එහෙයින් යථාවාදී තථාකාරී, යථාකාරි තථාවාදී ද වෙති. මෙසේ වූ උන්වහන්සේගේ වචනය යම්සේ ද කය ද එසේ ගියේ පැවතියේ වෙයි. කය යම්සේ ද වචනය ද එසේ ගියේ පැවතියේය යන අර්ථයි.

අභිභූ අනභිභූතොති උපරි භවග‍්ගං හෙට‍්ඨා අවීචිනිරයං පරියන‍්තං කත්‍වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු භගවා සබ‍්බසත‍්තෙ අභිභවති සීලෙනපි සමාධිනාපි පඤ‍්ඤායපි විමුත‍්තියාපි විමුත‍්තිඤාණදස‍්සනෙනපි, න තස‍්ස තුලා වා පමාණං වා අත්‍ථි, අසමො අසමසමො අප‍්පටිමො අප‍්පටිභාගො අප‍්පටිපුග‍්ගලො අතුලො අප‍්පමෙය්‍යො අනුත‍්තරො ධම‍්මරාජා දෙවානං අතිදෙවො සක‍්කානං අතිසක‍්කො බ්‍රහ‍්මානං අතිබ්‍රහ‍්මා. තතො එව සයං න කෙනචි අභිභූතොති අනභිභූතො. අඤ‍්ඤදත්‍ථූති එකංසත්‍ථෙ නිපාතො. යඤ‍්හි කිඤ‍්චි නෙය්‍යං නාම, සබ‍්බං තං හත්‍ථතලෙ ආමලකං විය පස‍්සතීති දසො. අවිපරීතං ආසයාදිඅවබොධෙන හිතූපසංහාරාදිනා ච සත‍්තෙ, භාවඤ‍්ඤථත‍්තූපනයවසෙන සඞ‍්ඛාරෙ සබ‍්බාකාරෙන සුචිණ‍්ණවසිතාය සමාපත‍්තියො චිත‍්තඤ‍්ච වසෙ වත‍්තෙතීති වසවත‍්තී. එත‍්තාවතා අභිභවනට‍්ඨෙන භගවා අත‍්තනො තථාගතභාවං දස‍්සෙති.

අභිභූ අනභිභූතො යනු උඩින් භවාග්‍රය ද යටින් අවීචි නිරය ද අවසන් කොට ඇති හරහට අප්‍රමාණ ලෝකධාතුවල සියලු සත්ත්වයන් භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්ති ඥාන දර්ශනයෙන්ද මැඩපවත්වති. උන්වහන්සේට තුලාවක් හෝ ප්‍රමාණයක් හෝ නැත. අසමය, අසමසමය, සමාන පිළිරුවක් නැත (අප්පටිමො), සමානයකු නැත (අප්පටිභාග), අසමාන පුද්ගලයෙකි (අප්පටි පුද්ගල), සමාන නැත (අතුල), ප්‍රමාණයක් නැත (අප්පමෙය්‍ය) වඩා උසස් කෙනෙක් නැත (අනුත්තර), ධර්මරාජය, දෙවියන්ට වඩා උතුම් දෙවියෙකි. ශක්‍රයන්ට වඩා උතුම් ශක්‍රයෙකි. බ්‍රහ්මයින්ට වඩා උතුම් බ්‍රහ්මයෙකි. එහෙයින්ම තමන්වහන්සේ කිසිවකු විසිනුත් මැඩ නොපවත්වන ලද්දේය යන අරුතින් අනභිභූත නම් වෙති. අඤ්ඤදත්‍ථු යනු ඒකාන්ත අර්ථයෙහි නිපාතයකි. යම්කිසි දතයුතු දෙයක් ඇත්නම් ඒ සියල්ල අල්ලෙහි ඇති නෙල්ලි ගෙඩියක් මෙන් දකී යන අරුතින් දසො නම් වේ. ආසය (සිතේ ආකාර) ආදිය අවබෝධයෙන් ද යහපත ගෙනදීම් වශයෙන් ද සත්ත්වයන් භවත්‍රයට ගෙන ඒම් වශයෙන් සංස්කාරයන් සියලු ආකාරයෙන් මනාව පුරුදු කළ වශීතාවයෙහි දක්ෂ බැවින් සමාපත්ති ද නොවෙනස් වූ සිත ද තම වසඟයෙහි පවත්වයි යන අරුතින් වසවත්තී නම් වේ. මෙපමණකින් මැඩපවත්වන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ තථාගත බව දක්වති.

තත්‍රෙවං පදසිද‍්ධි වෙදිතබ‍්බා – අගදො විය අගදො. කො පනෙස? දෙසනාවිලාසො චෙව පුඤ‍්ඤුස‍්සයො ච. තෙනෙව හෙස මහානුභාවො භිසක‍්කො විය දිබ‍්බාගදෙන සප‍්පෙ, සබ‍්බෙ පරප‍්පවාදිනො සදෙවකඤ‍්ච ලොකං අභිභවති. ඉති සබ‍්බලොකාභිභවනෙ තථො අවිපරීතො දෙසනාවිලාසො චෙව පුඤ‍්ඤුස‍්සයො ච අගදො අස‍්සාති දකාරස‍්ස තකාරං කත්‍වා තථාගතොති වෙදිතබ‍්බො. තෙන වුත‍්තං “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… වසවත‍්තී, තස‍්මා තථාගතොති වුච‍්චතී”ති.

එහි පදසිද්ධිය මෙසේ දතයුතුය. බෙහෙතක් මෙන් = බෙහෙත, මේ කුමක් ද? දේශනා විලාසයත් පුණ්‍ය රාශියත්ය. එහෙයින්ම උන්වහන්සේ මහත් ආනුභාව ඇති වෛද්‍යවරයකු දිව්‍ය බෙහෙතින් සර්පයන් මැඩපවත්වන්නාක් මෙන් සියලු පරවාදීන් ද දෙවියන් සහිත ලෝකයා ද මැඩපවත්වති. මෙසේ සියලු ලෝකය මැඩපැවැත්වීමෙහි සත්‍ය වූ නොවෙනස් වූ දේශනා විලාසය ද පුණ්‍ය රාශිය ද බෙහෙත (අගද) වන්නේය. ‘ද’ කාරයට ‘ත’ කාරය කොට (තථාගද) තථාගත වේයයි දතයුතුය. එහෙයින් ‘සදෙවකෙ භික්‍ඛවෙ ලොකෙ -පෙ- වසවත්තී, තස්මා තථාගතො ති වුච්චති’ (මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ වසවර්තිය, එහෙයින් තථාගත යයි කියනු ලැබේ) යයි කියනු ලැබේ.

ගාථාසු සබ‍්බලොකං අභිඤ‍්ඤායාති තෙධාතුකලොකසන‍්නිවාසං ජානිත්‍වා. සබ‍්බලොකෙ යථාතථන‍්ති තස‍්මිං තෙධාතුකලොකසන‍්නිවාසෙ යංකිඤ‍්චි නෙය්‍යං, තං සබ‍්බං යථාතථං අවිපරීතං ජානිත්‍වා. සබ‍්බලොකවිසංයුත‍්තොති චතුන‍්නං යොගානං අනවසෙසප‍්පහානෙන සබ‍්බෙනපි ලොකෙන විසංයුත‍්තො විප‍්පමුත‍්තො. අනූපයොති සබ‍්බස‍්මිම‍්පි ලොකෙ තණ‍්හාදිට‍්ඨිඋපයෙහි අනූපයො තෙහි උපයෙහි විරහිතො.

ගාථාවල : සබ්බලොකං අභිඤ්ඤාය යනු තුන්ලෝකයෙහි සත්ත්වයන්ගේ එක්ව වාසය දැන. සබ්බලොකෙ යථාතථං යනු ඒ තුන්ලෝකයෙහි සත්ත්වයන්ගේ එක්ව වාසය පිළිබඳ දැනගත යුතු යමක් නම් ඒ සියල්ල සත්‍ය ලෙස නොවෙනස් ලෙස දැන. සබ්බලොකවිසංයුත්තො යනු සතර යෝගයන් ඉතිරි නොකොට පහකිරිමෙන් මුළු ලෝකයෙන්ම වෙන්වූ සේක් මිදුණු සේක්. අනූසයො යනු මුළු ලෝකයෙහිම තෘෂ්ණා දෘෂ්ටි දාහයන් කෙරෙන් අනූසය වූ, දාහයන් කෙරෙන් තොර වූ.

සබ‍්බාභිභූති රූපාදීනි සබ‍්බාරම‍්මණානි, සබ‍්බං සඞ‍්ඛාරගතං, සබ‍්බෙපි මාරෙ අභිභවිත්‍වා ඨිතො. ධීරොති ධිතිසම‍්පන‍්නො. සබ‍්බගන්‍ථප‍්පමොචනොති සබ‍්බෙ අභිජ‍්ඣාකායගන්‍ථාදිකෙ මොචෙත්‍වා ඨිතො වෙනෙය්‍යසන‍්තානෙපි අත‍්තනො දෙසනාවිලාසෙන තෙසං පමොචනතො සබ‍්බගන්‍ථප‍්පමොචනො. ඵුට‍්ඨාස‍්සාති ඵුට‍්ඨා අස‍්ස. කරණත්‍ථෙ ඉදං සාමිවචනං, ඵුට‍්ඨා අනෙනාති අත්‍ථො. පරමා සන‍්තීති නිබ‍්බානං. තඤ‍්හි තෙන ඤාණඵුසනෙන ඵුට‍්ඨං. තෙනෙවාහ “නිබ‍්බානං අකුතොභය”න‍්ති. අථ වා පරමා සන‍්තීති උත‍්තමා සන‍්ති. කතරා සාති? නිබ‍්බානං. යස‍්මා පන නිබ‍්බානෙ කුතොචි භයං නත්‍ථි, තස‍්මා තං අකුතොභයන‍්ති වුච‍්චති.

සබ්බාභිභූ යනු රූපාදී සියලු අරමුණු, සංස්කාර වූ සියල්ල, සියලුම මාරයන් මැඩපවත්වා සිටි සේක්. ධීරො ධෛර්ය සම්පන්න වූ සේක්. සබ්බගන්‍ථප්පමොචනො යනු සියලු අභිධ්‍යාකාය ග්‍රන්ථ ආදිය මුදා සිටි සේක්, තමන්වහන්සේගේ දේශනා විලාසයෙන් හික්මවීමට සුදුසු (සත්ත්වයන්ගේ) සිතෙන් (සිත්වලින් අභිධ්‍යාකායග්‍රන්ථාදී වූ) ඒවා මුදාලීමෙන් ද සියලු ක්ලේශ ග්‍රන්ථයන් මුදාසිටි සේක් ඵුට්ඨස්ස ඵුට්ඨා අස්ස, මෙය කරණ අර්ථයෙහි ඡට්ඨි වචනයයි. උන්වහන්සේ විසින් ස්පර්ශ කරන ලද්දී යන අර්ථයි. පරමාසන්ති යනු නිවනයි. එය උන්වහන්සේ විසින් ඥාන ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද්දී එහෙයින්ම ‘නිබ්බාණං අකුතො භයං’ (කිසිතැනකින් බිය නැති නිවන) යයි කීහ. නැතහොත් පරමා සන්ති යනු උතුම් ශාන්තිය, කවර ශාන්තියක් ද? නිවනය. යම් හෙයකින් නිවනෙහි කිසිතැනකින් බියක් නැද්ද එහෙයින් එය අකුතො භයං යයි කියනු ලැබේ.

අනීඝොති නිද‍්දුක‍්ඛො. සබ‍්බකම‍්මක‍්ඛයං පත‍්තොති සබ‍්බෙසං කම‍්මානං ඛයං පරියොසානං අච‍්චන‍්තාභාවං පත‍්තො. විමුත‍්තො උපධිසඞ‍්ඛයෙති උපධිසඞ‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ තදාරම‍්මණාය ඵලවිමුත‍්තියා විමුත‍්තො. එස සොති එසො සො. සීහො අනුත‍්තරොති පරිස‍්සයානං සහනට‍්ඨෙන, කිලෙසානං හනනට‍්ඨෙන ච, තථාගතො අනුත‍්තරො සීහො නාම. බ්‍රහ‍්මන‍්ති සෙට‍්ඨං. චක‍්කන‍්ති ධම‍්මචක‍්කං. පවත‍්තයීති තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං පවත‍්තෙසි.

අනීඝො යනු නිදුක් වූ. සබ්බකම්මක්‍ඛයප්පත්තො යනු සියලු කර්මයන් ක්‍ෂය බවට අවසානයට අතිශයින් අභාවයට පත්වූ. විමුත්තො උපධි සංඛයෙ යනු උපධි ගෙවීම නම් නිවනෙහි එය අරමුණු කොට ඇති අර්හත්ඵල විමුක්තියෙන් මිදුණා වූ. එස සො යනු එසො සො. ඒ මේ (තථාගතයන් වහන්සේ) සීහො අනුත්තරො හිරිහැර කරදර ඉවසන අරුතින් ද කෙලෙස් නසන අර්ථයෙන් ද තථාගතයන් වහන්සේ අනුත්තර (වඩාම උසස්) සිංහයා නම් වෙති. බ්‍රහ්මං යනු ශ්‍රේෂ්ඨ වූ චක්කං යනු ධර්මචක්‍රය. පවත්තයී වට තුනක් ඇති (තිපරිවට්ටං) දොළොස් ආකාර වූ (ද්වාදසාකාරං) (ධර්ම චක්‍රය) පැවැත්වූ සේක.

ඉතීති එවං තථාගතස‍්ස ගුණෙ ජානිත්‍වා. සඞ‍්ගම‍්මාති සමාගන‍්ත්‍වා. තං නමස‍්සන‍්තීති තං තථාගතං තෙ සරණං ගතා දෙවමනුස‍්සා නමස‍්සන‍්ති. මහන‍්තෙහි සීලාදිගුණෙහි සමන‍්නාගතත‍්තා මහන‍්තං, චතුවෙසාරජ‍්ජයොගෙන වීතසාරදං. ඉදානි යං වදන‍්තා තෙ නමස‍්සන‍්ති, තං දස‍්සෙතුං දන‍්තොතිආදි වුත‍්තං. තං උත‍්තානත්‍ථමෙව.

ඉති යනු මෙසේ තථාගතයන් වහන්සේගේ ගුණ දැන සංගම්ම යනු පැමිණ තං නමස්සන්ති යනු උන්වහන්සේ සරණ ගිය දෙවි මිනිස්සු ඒ තථාගතයන් වහන්සේට නමස්කාර කරති. මහත් වූ සීලාදී ගුණයෙන් යුක්ත බැවින් මහන්තං විශාරද ඤාණ හතරෙන් යුක්ත බැවින් වීතසාරදං දැන් යමක් කියන්නා වූ ඔව්හු නමස්කාර කරති. එය දැක්වීමට ‘දන්තො’ යනාදිය කියන ලදී. එය ප්‍රකට අර්ථ ඇත්තේය.

ඉති ඉමස‍්මිං චතුක‍්කනිපාතෙ ඡට‍්ඨෙ සත‍්තමෙ ච සුත‍්තෙ වට‍්ටං කථිතං, පඨමදුතියතතියද‍්වාදසමතෙරසමෙසු විවට‍්ටං කථිතං, සෙසෙසු වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති වෙදිතබ‍්බං.

මෙසේ මේ චතුක්ක නිපාතයෙහි සයවන-සත්වන සූත්‍රවලදී සසර (වට්ටං) කියන ලදී. පළමු-දෙවන-තෙවන-දොළොස්වන-දහතුන්වන සූත්‍රවල නිවන (විවට්ටං) කියන ලදී. ඉතිරි ඒවාහි වට්ට විවට්ට කියන ලදී යයි දතයුතුය.

තෙරසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දහතුන්වන සූත්‍රයයි.

ඉති පරමත්‍ථදීපනියා ඛුද‍්දකනිකාය-අට‍්ඨකථාය ඉතිවුත‍්තකස‍්ස චතුක‍්කනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ පරමත්‍ථදීපනී නම් වූ ඛුද්දක නිකායට්ඨ කථාවට අයත් ඉතිවුත්තකයේ චතුක්ක නිපාත වර්ණනාව නිමියේය.