12. සම්පන්නසීලසුත්තවණ්ණනා අට්ඨකථා
12. සම්පන්නසීලසුත්තවණ්ණනා
12. සම්පන්නසීල සූත්‍ර වර්ණනාව
ද්වාදසමෙ සම්පන්නසීලාති එත්ථ තිවිධං සම්පන්නං පරිපුණ්ණසමඞ්ගීමධුරවසෙන. තෙසු –
දොළොස්වන සූත්‍රයෙහි සම්පන්න සීලා යන්න මෙහි ‘සම්පන්න’ යන්න පරිපුණ්ණ, සමංගී, මධුර වශයෙන් තුන් ආකාරය. ඒවායින්
“සම්පන්නං සාලිකෙදාරං, සුවා භුඤ්ජන්ති කොසිය; පටිවෙදෙමි තෙ බ්රහ්මෙ, න නෙ වාරෙතුමුස්සහෙ”ති. (ජා· 1.14.1) –
සම්පන්නං සාලිකේදාරං සුවා භුඤ්ජන්ති කොසිය පටිවෙදෙමි තෙ බ්රහ්මෙ න නෙ වාරෙතු මුස්සහෙ
කෝසිය, සරුවට වැඩුණු ඇල්වී කෙත ගිරව් අනුභව කරති. එය වළක්වන්නට නොහැක්කෙමි. බමුණ, එය ඔබට දන්වමි.
එත්ථ පරිපුණ්ණත්ථො සම්පන්නසද්දො. “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්නාගතො”ති (විභ· 511) එත්ථ සමඞ්ගිභාවත්ථො සම්පන්නසද්දො. “ඉමිස්සා, භන්තෙ, මහාපථවියා හෙට්ඨිමතලං සම්පන්නං – සෙය්යථාපි ඛුද්දමධුං අනීලකං, එවමස්සාද”න්ති (පාරා· 17) එත්ථ මධුරත්ථො සම්පන්නසද්දො. ඉධ පන පරිපුණ්ණත්ථෙපි සමඞ්ගිභාවෙපි වට්ටති, තස්මා සම්පන්නසීලාති පරිපුණ්ණසීලා හුත්වාතිපි, සීලසමඞ්ගිනො හුත්වාතිපි එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
මෙහි ‘සම්පන්න’ ශබ්දය පරිපූර්ණ වූ අර්ථ ඇත්තෝය. ‘ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්නාගතො’ මේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ වෙයි. (උපෙත -පෙ- සමන්නාගත යන වචන හය සමාන අරුත් ඇත) මෙහි සම්පන්න ශබ්දය යුක්ත වූයේ (සමංගීභාව) යන අර්ථ ඇත්තේය. ‘ඉමිස්සො භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං සෙය්යථාපි ඛුද්දමධුං අනීලකං එවමස්සාදං’ ස්වාමීනි, මේ මහපොළොවෙහි යට පෙදෙස මිහිරි රසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් මෙන් රසවත් වෙයි.’ මෙහි සම්පන්න ශබ්දය මිහිරි (රසවත්) යන අර්ථ ඇත්තේය. මෙහි (මේ සූත්‍රයෙහි) පරිපූර්ණ අර්ථයෙහිත් යුක්ත බවෙහිත් සුදුසුය. එහෙයින් ‘සම්පන්න සීලා’ යනු පරිපූර්ණ සිල් ඇත්තන් වී සීලයෙන් යුක්ත වූවන් වී යනුවෙන් ද මෙසේ මෙහි අර්ථය දතයුතුය.
තත්ථ “පරිපුණ්ණසීලා”ති ඉමිනා අත්ථෙන ඛෙත්තදොසවිගමෙන ඛෙත්තපාරිපූරි විය පරිපුණ්ණං නාම හොති. තෙන වුත්තං “ඛෙත්තදොසවිගමෙන ඛෙත්තපාරිපූරි විය සීලදොසවිගමෙන සීලපාරිපූරි වුත්තා”ති. “සීලසමඞ්ගිනො”ති ඉමිනා පන අත්ථෙන සීලෙන සමඞ්ගීභූතා සමොධානගතා සමන්නාගතා හුත්වා විහරථාති වුත්තං හොති. තත්ථ ද්වීහි කාරණෙහි සම්පන්නසීලතා හොති සීලවිපත්තියා ආදීනවදස්සනෙන, සීලසම්පත්තියා ආනිසංසදස්සනෙන ච. තදුභයම්පි විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.20-21) වුත්තනයෙන වෙදිතබ්බං. තත්ථ “සම්පන්නසීලා”ති එත්තාවතා කිර භගවා චතුපාරිසුද්ධිසීලං උද්දිසිත්වා “පාතිමොක්ඛසංවරසංවුතා”ති ඉමිනා ජෙට්ඨකසීලං දස්සෙතීතිආදිනා එත්ථ යං වත්තබ්බං, තං හෙට්ඨා වුත්තමෙව. කිමස්ස උත්තරි කරණීයන්ති එවං සම්පන්නසීලානං විහරතං තුම්හාකං කින්ති සියා උත්තරි කාතබ්බං, පටිපජ්ජිතබ්බන්ති චෙති අත්ථො.
එහි ‘පරිපුණ්ණසීලා’ යන මේ අර්ථයෙන් කෙතෙහි දොස් පහවීමෙන් කෙත සම්පූර්ණ වූවාක් මෙන් සම්පූර්ණ වූයේ නම් වෙයි. එහෙයින් කෙතෙහි දොස් පහවීමෙන් කෙත සම්පූර්ණ වූවාක් මෙන් සීලයෙහි දොස් පහවීමෙන් ශීලය සම්පූර්ණ වූයේ යයි කියන ලදී යනුවෙන් කියන ලදී. සීලසමංගිනො යන මේ අර්ථයෙන් සීලයෙන් යුක්ත වූවන් වී එක්වූවන් වී වාසයකරව් යනුවෙන් කියන ලද්දේ වෙයි. එහි ශීල විපත්තියෙහි දොස් දැකීමෙන් ද ශීල සම්පත්තියෙහි අනුසස් දැකීමෙන් ද යන කරුණු දෙකින් ශීලයෙන් යුක්ත බව වෙයි. ඒ දෙකම විසුද්ධිමග්ගයෙහි කියන ලද අයුරින් දතයුතුය. එහි ‘සම්පන්නසීලා’ යන මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ චතුපාරිශුද්ධි ශීලය වදාරා ‘පාතිමොක්ඛ සංවර සංවුතා’ යන මෙයින් වැඩිහිටි ශීලය (ජෙට්ඨක සීල) දැක්වූහ යනාදියෙන් මෙහි කිවයුතු දෙය මුලින් කියන ලද්දේමය. කිමස්ස උත්තරිං කරණීයං යනු මෙසේ සීලයෙන් යුක්තව වාසය කරන ඔබ විසින් මත්තෙහි කුමක් කළ යුතුද? පිළිපැදිය යුතුද? යන අර්ථයි.
එවං “සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථා”තිආදිනා සම්පාදනූපායෙන සද්ධිං සීලසම්පදාය භික්ඛූ නියොජෙන්තො අනෙකපුග්ගලාධිට්ඨානං කත්වා දෙසනං ආරභිත්වා ඉදානි යස්මා එකපුග්ගලාධිට්ඨානවසෙන පවත්තිතාපි භගවතො දෙසනා අනෙකපුග්ගලාධිට්ඨානාව හොති සබ්බසාධාරණත්තා, තස්මා තං එකපුග්ගලාධිට්ඨානවසෙන දස්සෙන්තො “චරතො චෙපි, භික්ඛවෙ, භික්ඛුනො”තිආදිමාහ.
මෙසේ ‘සම්පන්නසීලා භික්ඛවෙ විහරථ’ යනාදියෙන් සම්පාදන (සපයන) උපාය සමග සීල සම්පදාවෙහි භික්ෂූන් යොදවමින් නොයෙක් පුද්ගලයන් මුල්කොට දේශනාව අරඹා දැන් යම්හෙයකින් එක් පුද්ගලයකු මුල්කර ගැනීම් වශයෙන් පැවතුන ද භාග්‍යවතුන් වහන්සේ දේශනාව සියල්ලන්ට සාධාරණ බැවින් නොයෙක් පුද්ගලයන් මුල්කොටම වෙයි. එහෙයින් එය එක් පුද්ගලයකු මුල්කර ගැනීම් වශයෙන් දක්වමින් ‘චරතො චෙපි භික්ඛවෙ භික්ඛුනො’ (මහණෙනි, හැසිරෙන්නා වූ ද භික්ෂුවගේ) යනාදිය වදාළහ.
තත්ථ අභිජ්ඣායති එතායාති අභිජ්ඣා, පරභණ්ඩාභිජ්ඣායනලක්ඛණස්ස ලොභස්සෙතං අධිවචනං. බ්යාපජ්ජති පූතිභවති චිත්තං එතෙනාති බ්යාපාදො, “අනත්ථං මෙ අචරී”තිආදිනයප්පවත්තස්ස එකූනවීසතිආඝාතවත්ථුවිසයස්ස දොසස්සෙතං අධිවචනං.
එහි මෙය කරණකොට දැඩිසේ ආශා කරයි යන අරුතින් අභිජ්ඣා නම් වෙයි. අනුන්ගේ භාණ්ඩවලට දැඩිසේ ආශා කරන ලක්ෂණය ඇති ලෝභයට මෙය වචනයකි. මෙය කරණකොට සිත කෝපයට පත්වෙයි. කුණුවෙයි යන අරුතින් ඛ්යාපාද නම් වෙයි. ‘මට අනර්ථය පිණිස හැසිරුණේය’ ආදී ක්‍රමයෙන් පැවති දහනවයක් වූ ආඝාත වස්තුවලට විෂය වූ ද්වේෂයට මෙය වචනයකි.
උභින්නම්පි “තත්ථ කතමො කාමච්ඡන්දො? යො කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමපිපාසා කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසාන”න්ති (ධ· ස· 1159), තථා “ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං සාරාගො සාරජ්ජනා සාරජ්ජිතත්තං අභිජ්ඣා ලොභො අකුසලමූල”න්තිආදිනා (ධ· ස· 391), “දොසො දුස්සනා දුස්සිතත්තං බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්සා”තිආදිනා (ධ· ස· 418, 1237) ච විත්ථාරො වෙදිතබ්බො. විගතො හොතීති අයඤ්ච අභිජ්ඣා, අයඤ්ච බ්යාපාදො විගතො හොති අපගතො, පහීනො හොතීති අත්ථො. එත්තාවතා කාමච්ඡන්දනීවරණස්ස ච බ්යාපාදනීවරණස්ස ච පහානං දස්සිතං හොති.
එහි කාමච්ඡන්දය යනු කුමක්ද? කාමයන් පිළිබඳ කාමයට යම් කැමැත්තක් වේද (කාමච්ඡන්ද) කාමයට සෙනෙහසක් වේද (කාමසිනෙහො) කාමයට පිපාසයක් වේද (කාම පිපාසා) කාමයන් ගැන දැවිල්ලක් වේද (කාම පරිළාහො) කාමයෙන් සිහි නැති වේද (කාමමුච්ඡා) කාමය ගිලගැන්මක් වේද (කාමජ්ඣොසාන) යනුවෙන් ද එසේම ලෝභයක් ලෝභ ආකාරයක්, ලෝභ බවක්, ඇලීමක්, ඇලෙන ආකාරයක්, ඇලුණු බවක්, අභිධ්‍යාවක්, ලෝභ නම් වූ අකුසල මූලයක් යනාදී වශයෙන් ද, ‘ද්වේෂයක්, ද්වේෂ ආකාරයත්, ද්වේෂ බවක්, ප්‍රකෘතිය (සාමාන්‍ය ස්වභාවය) හැරදැමීමක්, ප්‍රකෘතිය හැරදමන ආකාරයක්, ප්‍රකෘතිය හැරදමන බවක්, විරෝධයක්, ප්රතිවිරෝධයක්, චණ්ඩ බවක්, අසම්පූර්ණ වචන ඇති බවක් සිතේ නොසතුටු බවක්’ ආදී වශයෙන් ද මේ දෙක ගැන ම විස්තර දතයුතුය. විගතො හොති යනු මේ අභිධ්‍යාව ද මේ ව්‍යාපාදය ද ඉවත් වූයේ වෙයි. පහවූයේය යන අර්ථයයි. මෙපමණකින් කාමච්ඡන්ද නීවරණයේ ද ව්‍යාපාද නීවරණයේද පහවීම දක්වන ලද්දේ වෙයි.
ථිනමිද්ධන්ති ථිනඤ්චෙව මිද්ධඤ්ච. තෙසු චිත්තස්ස අකම්මඤ්ඤතා ථිනං, ආලසියස්සෙතං අධිවචනං, වෙදනාදීනං තිණ්ණං ඛන්ධානං අකම්මඤ්ඤතා මිද්ධං, පචලායිකභාවස්සෙතං අධිවචනං. උභින්නම්පි “තත්ථ කතමං ථිනං? යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා. තත්ථ කතමං මිද්ධං? යා කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔනාහො පරියොනාහො”තිආදිනා (ධ· ස· 1162-1163) නයෙන විත්ථාරො වෙදිතබ්බො.
ථිනමිද්ධං යනු ථිනය ද මිද්ධය ද වෙයි. ඒ අතරින් සිතේ වැඩට නුසුදුසු බව ථීන යයි අලසබවට මෙය වචනයකි. වේදනාදී ස්කන්ධ තුනේ (වේදනා-සංඥා-සංඛාර) වැඩට නුසුදුසු බව මිද්ධය යි. නිදාවැටෙන බවට මේ වචනයකි. එහි ථීනය යනු කුමක්ද? සිතේ යම් අදක්ෂ බවක්, වැඩට නුසුදුසු බවක්, පසුබැසීමක්, සැඟවුණු බවක් වේද, ‘එහි මිද්ධය යනු කුමක් ද? (චෛතසික නම් වූ) කයේ යම් අදක්ෂ බවක් වැඩට නුසුදුසු බවක්, වෙළීමක්, හාත්පසින් වසා තැබීමක් වේද ආදී ක්‍රමයෙන් මේ දෙක ගැනම විස්තර දතයුතුය.
උද්ධච්චකුක්කුච්චන්ති උද්ධච්චඤ්චෙව කුක්කුච්චඤ්ච. තත්ථ උද්ධච්චං නාම චිත්තස්ස උද්ධතාකාරො, කුක්කුච්චං නාම අකතකල්යාණස්ස කතපාපස්ස තප්පච්චයා විප්පටිසාරො. උභින්නම්පි “තත්ථ කතමං උද්ධච්චං? යං චිත්තස්ස උද්ධච්චං අවූපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්සා”තිආදිනා (ධ· ස· 1165) විත්ථාරො. “අකතං වත මෙ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත්තානං; කතං පාපං, කතං ලුද්දං, කතං කිබ්බිස”න්තිආදිනා (ම· නි· 3.248; නෙත්ති· 120) පවත්තිආකාරො වෙදිතබ්බො.
උද්ධච්ච කුක්කුච්චං යනු උද්ධච්චය ද කුක්කුචය ද වෙයි. එහි උද්ධච්චය නම් සිතේ නොසන්සුන් ආකාරයයි. කුක්කුච්චය නම් නොකළ යහපත ගැන කළ පාපය ගැන ඒ හේතුවෙන් විපිළිසර වීම. එහි උද්ධච්චය යනු කුමක්ද? සිතේ යම් උඩඟු බවක්, නොසන්සිඳුණු බවක් සිතේ විසිරුණු බවක් සිතේ භ්‍රාන්ත (කම්පා වූ) බවක් යනාදී වශයෙන් විස්තරය ද ‘ඒකාන්තයෙන් මා විසින් යහපතක් නොකරන ලදී. කුසලයක් නොකරන ලදී. බිය දුරුකිරීමක් නොකරන ලදී. පාපයක් කරන ලදී. නපුරක් කරන ලදී. දරුණු ක්‍රියාවක් කරන ලදී’ ආදී වශයෙන් මේ දෙක ගැනම පැවති ආකාරය දතයුතුය.
විචිකිච්ඡාති බුද්ධාදීසු සංසයො. තස්සා “සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, නාධිමුච්චති න සම්පසීදතී”තිආදිනා (විභ· 915), “තත්ථ කතමා විචිකිච්ඡා? යා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසග්ගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ඡම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො”තිආදිනා (ධ· ස· 1008) ච නයෙන විත්ථාරො වෙදිතබ්බො.
විචිකිච්ඡා යනු බුද්ධාදීන් කෙරෙහි සැකයයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි, ස්ථිර ලෙස සිතා නොගනී, නො පැහැදේ යනාදී වශයෙන් ද ‘එහි විචිකිච්ඡාව යනු කුමක්ද? යම් සැකයක්, සැකයට පැමිණීමක්, සැකයට පැමිණි බවක්, විමතියක්, විචිකිච්ඡාවක්, ද්වේළ්හකයක් (සැකයක්) ද්වේධාපථයක් (සැකයක්) සංශයක්, එක් අංශයක් නොගැනීමක්, පසුබැසීමක්, හාත්පසින් පසුබැසීමක්, බැස නොගැනීමක්, සිතේ තැති ගැන්මක්, මනෝ විලේඛයක් (හිතේ සීරීමක් සැකයක්) යනාදී ක්‍රමයෙන් ද ඒ ගැන විස්තර දතයුතුය.
එත්ථ ච අභිජ්ඣාබ්යාපාදාදීනං විගමවසෙන ච පහානවසෙන ච තෙසං වික්ඛම්භනමෙව වෙදිතබ්බං. යං සන්ධාය වුත්තං –
මෙහිද අභිජ්ඣා, ව්‍යාපාද ආදිය ඉවත්වීම් වශයෙන් ද පහවීම් වශයෙන් ද ඒවායේ විෂ්කම්භනයම (යටපත් කිරීම) අදහස් කරන ලදී.
“සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං උපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙතී”ති (විභ· 508).
‘හෙතෙම (පංච උපාදානස්කන්ධ නමැති) ලෝකයෙහි අභිජ්ඣාන පහකොට ඉවත් වූ අභිධ්‍යාව ඇති සිතින් වාසය කරයි. අභිධ්‍යාවෙන් සිත මුදවයි. ව්‍යාපාද නම් වූ ක්‍රෝධය පහකොට ව්‍යාපාදය නැති සිතින් වාසය කරයි. ව්‍යාපාද නම් වූ ක්‍රෝධයෙන් සිත මුදවයි. ථිනමිද්ධය පහකොට ඉවත්වූ ථීනමිද්ධය ඇතිව ආලෝක සංඥා ඇතිව, සිහි ඇතිව නුවණැතිව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත මුදවයි. උද්ධච්ච කුක්කුච්චය පහකොට උද්ධත නොවී (අනුද්ධතව) තම චිත්ත සන්තානය සන්සුන් සිත් ඇතිව වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත මුදවයි. විචිකිච්ඡාව පහකොට ඉවත් වූ විචිකිච්ඡාව ඇතිව කුශල ධර්මයන්හි සැක නැත්තෙක්ව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත මුදවයි’ යන මෙය ඒ සඳහා කියන ලදී.
තත්ථ යථා නීවරණානං පහානං හොති, තං වෙදිතබ්බං. කථඤ්ච නෙසං පහානං හොති? කාමච්ඡන්දස්ස තාව අසුභනිමිත්තෙ යොනිසොමනසිකාරෙන පහානං හොති, සුභනිමිත්තෙ අයොනිසොමනසිකාරෙනස්ස උප්පත්ති. තෙනාහ භගවා –
එහි නීවරණයන්ගේ පහවීම සිදුවන අයුරු දතයුතුය. ඒවායේ පහවීම කෙසේ වේද? අශුභ නිමිත්ත ගැන නුවණින් මෙනෙහි කිරිමෙන් කාමච්ඡන්දයේ පහවීම වෙයි. ශුභ නිමිත්ත ගැන අනුවණින් මෙනෙහි කිරීමෙන් එහි ඉපදීම වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“අත්ථි, භික්ඛවෙ, සුභනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, ශුභ නිමිත්තක් ඇත. එහි නූපන්නා වූ කාමච්ඡන්දය ඉපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දය වැඩිවීම පිණිස විපුලබවට පත්වීම පිණිසත් මේ අයෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීම හේතුවය’යි වදාළහ.
එවං සුභනිමිත්තෙ අයොනිසොමනසිකාරෙන උප්පජ්ජන්තස්ස කාමච්ඡන්දස්ස තප්පටිපක්ඛතො අසුභනිමිත්තෙ යොනිසොමනසිකාරෙන පහානං හොති. තත්ථ අසුභනිමිත්තං නාම අසුභම්පි අසුභාරම්මණම්පි, යොනිසොමනසිකාරො නාම උපායමනසිකාරො, පථමනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති වා, දුක්ඛෙ දුක්ඛන්ති වා, අනත්තනි අනත්තාති වා, අසුභෙ අසුභන්ති වා මනසිකාරො. තං තත්ථ බහුලං පවත්තයතො කාමච්ඡන්දො පහීයති. තෙනාහ භගවා –
මෙසේ ශුභ නිමිත්ත පිළිබඳ අනුවණින් මෙනෙහි කිරිමෙන් උපදින කාමච්ඡන්දයට ප්‍රතිවිරුද්ධ වශයෙන් අශුභ නිමිත්ත පිළිබඳ නුවණින් මෙනෙහි කිරිමෙන් කාමච්ඡන්දයේ පහවීම වෙයි. එහි ‘අශුභ නිමිත්ත’ නම් අශුභයත් අශුභ අරමුණත්ය. ‘යෝනිසෝ මනසිකාරය’ නම් උපායට අනුව මෙනෙහි කිරීමත් (උපාය මනසිකාරය) නියම මාර්ගයට අනුව මෙනෙහි කිරීමත් (පථ මනසිකාරය) ය, අනිත්‍යයෙහි අනිත්‍යයයි ද දුකෙහි දුකයයි ද අනාත්මයෙහි අනාත්මයයි ද අශුභයෙහි අශුභ යයි ද මෙනෙහි කිරීම. එහි එය බහුල ලෙස පැවැත්වීම් වශයෙන් කාමච්ඡන්දය පහවෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“අත්ථි, භික්ඛවෙ, අසුභනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහානායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, අශුභ නිමිත්තක් ඇත. නූපන් කාමච්ඡන්දය නූපදීම පිණිසත් උපන් කාමච්ඡන්දය පහවීම පිණිසත් යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරිම හේතුවය’යි වදාළහ.
අපිච ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහානාය සංවත්තන්ති – අසුභනිමිත්තස්ස උග්ගහො, අසුභභාවනානුයොගො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, කල්යාණමිත්තතා, සප්පායකථාති. දසවිධඤ්හි අසුභනිමිත්තං උග්ගණ්හන්තස්සපි කාමච්ඡන්දො පහීයති, භාවෙන්තස්සපි, ඉන්ද්රියෙසු පිහිතද්වාරස්සපි චතුන්නං පඤ්චන්නං ආලොපානං ඔකාසෙ සති උදකං පිවිත්වා යාපනසීලතාය භොජනෙ මත්තඤ්ඤුනොපි. තෙන වුත්තං –
තවදුරටත් : ධර්ම හයක් කාමච්ඡන්දය පහවීම පිණිස පවතී. 1. අශුභ නිමිත්ත ඉගෙනීම. 2. අශුභ භාවනාවෙහි යෙදීම. 3. ඉඳුරන්හි රකින ලද දොරටු ඇති බව. 4. භෝජනයෙහි පමණ දන්නා බව. 5. කල්‍යාණ මිතුරන් ඇති බව. 6. සුදුසු කථා ය. (උද්ධුමාතක ආදී වශයෙන්) දශවිධ අශුභ නිමිත්ත ඉගෙන ගන්නා තැනැත්තාගේ ද කාමච්ඡන්දය පහවෙයි. (එය) වඩන තැනැත්තාගේ කාමච්ඡන්දය ද පහවෙයි. ඉඳුරන්හි වසන ලද දොරටු ඇති තැනැත්තාගේද බත්පිඬු හතරක් පහක් වැළඳීමට ඉඩ ඇති කල්හි පැන් බී යැපෙන ගතිය ඇති භෝජනයෙහි පමණ දන්නා තැනැත්තාගේ ද කාමච්ඡන්දය පහවෙයි. එහෙයින් -
“චත්තාරො පඤ්ච ආලොපෙ, අභුත්වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”ති. (ථෙරගා· 983);
චත්තාරො පඤ්ච ආලොපෙ අභූත්වා උදකං පිවෙ අලං ඵාසු විහාරාය පහිතතස්ස භික්ඛුනො’ යි කියන ලදී.
බත් පිඬු හතරක් පහක් නො වළඳා පැන් බොන්නේය. කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත භික්ෂුවට එය පහසුවෙන් වාසය කිරීම පිණිස ප්‍රමාණවත් වෙයි.
අසුභකම්මිකතිස්සත්ථෙරසදිසෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සපි කාමච්ඡන්දො පහීයති, ඨානනිසජ්ජාදීසු දසඅසුභනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහානාය සංවත්තන්තී”ති.
අසුභකම්මික තිස්ස තෙරුන් සමාන කලණ මිතුරන් ඇසුරු කරන්නාගේ ද කාමච්ඡන්දය පහවෙයි. සිටීම-හිඳීම ආදියෙහිදී දස අශුභය ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද කාමච්ඡන්දය පහවෙයි. එහෙයින් ධර්ම (කරුණු) හයක් කාමච්ඡන්දය පහවීම පිණිස පවතී යයි කියන ලදී.
පටිඝනිමිත්තෙ ආයොනිසොමනසිකාරෙන බ්යාපාදස්ස උප්පාදො හොති. තත්ථ පටිඝම්පි පටිඝනිමිත්තං, පටිඝාරම්මණම්පි පටිඝනිමිත්තං. අයොනිසොමනසිකාරො සබ්බත්ථ එකලක්ඛණො එව. තං තස්මිං නිමිත්තෙ බහුලං පවත්තයතො බ්යාපාදො උප්පජ්ජති. තෙනාහ භගවා –
පටිඝ නිමිත්ත පිළිබඳව අනුවණින් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදයේ ඉපදීම වෙයි. එහි පටිඝය (තරහ) ද පටිඝ නිමිත්තකි. පටිඝ අරමුණ ද පටිඝ නිමිත්තකි. අයෝනිසෝ මනසිකාරය හැමතැනම එකම ලක්ෂණයෙන් යුක්තය. එය (අයෝනිසෝ මනසිකාරය) ඒ (පටිඝ) නිමිත්ත පිළිබඳව බහුලව පැවතීම් වශයෙන් ව්‍යාපාදය උපදියි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“අත්ථි, භික්ඛවෙ, පටිඝනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, පටිඝ නිමිත්තක් ඇත. නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිස උපන් ව්‍යාපාදය වැඩිවීම පිණිස විපුල බවට පත්වීම පිණිස මේ අයෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීම හේතුවය’යි වදාළහ.
මෙත්තාය පන චෙතොවිමුත්තියා යොනිසොමනසිකාරෙනස්ස පහානං හොති. තත්ථ “මෙත්තා”ති වුත්තෙ අප්පනාපි උපචාරොපි වට්ටති, “චෙතොවිමුත්තී”ති පන අප්පනාව. යොනිසොමනසිකාරො වුත්තලක්ඛණොව. තං තත්ථ බහුලං පවත්තයතො බ්යාපාදො පහීයති. තෙනාහ භගවා –
මෛත්‍රී චේතෝ විමුත්තිය පිළිබඳ නුවණින් මෙනෙහි කිරිමෙන් පටිඝයේ පහවීම වෙයි. එහි ‘මෙත්තා’ යනුවෙන් කී කල්හි අර්පණාව ද උපචාරය ද (ගැනීම) සුදුසුය. චේතෝ විමුත්තිය වනාහි අර්පණාවමය. යෝනිසෝ මනසිකාරය කියන ලක්ෂණයම ඇත්තේය. එහි එය (යෝනිසෝ මනසිකාරය) බහුල ලෙස පැවැත්වීම් වශයෙන් ව්‍යාපාදය පහවෙයි. එහෙයින් -
“අත්ථි, භික්ඛවෙ, මෙත්තාචෙතොවිමුත්ති. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා බ්යාපාදස්ස පහානායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, චේතෝ විමුක්තියක් ඇත. නූපන් ව්‍යාපාදය නූපදීම පිණිසත් උපන් ව්‍යාපාදය පහවීම පිණිසත් මේ යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීම හේතුවය’යි වදාළහ.
අපිච ඡ ධම්මා බ්යාපාදස්ස පහානාය සංවත්තන්ති – මෙත්තානිමිත්තස්ස උග්ගහො, මෙත්තාභාවනා, කම්මස්සකතාපච්චවෙක්ඛණා, පටිසඞ්ඛානබහුලතා, කල්යාණමිත්තතා, සප්පායකථාති.
තවදුරටත් : ධර්ම (කරුණු) හයක් ව්‍යාපාදය පහවීම පිණිස පවතී - 1. මෛත්‍රී නිමිත්ත ඉගෙනීම. 2. මෛත්‍රී භාවනාව. 3. කර්මය තමා අයත් දෙයක් කොට ඇති බව සිහිකිරිම. 4. නුවණින් සලකා බැලීම බහුල බව. 5. කල්‍යාණ මිත්‍රයන් ඇති බව. 6. සුදුසු කථායි.
ඔධිසකානොධිසකදිසාඵරණානඤ්හි අඤ්ඤතරවසෙන මෙත්තං උග්ගණ්හන්තස්සපි බ්යාපාදො පහීයති, ඔධිසො අනොධිසො දිසාඵරණවසෙන මෙත්තං භාවෙන්තස්සපි බ්යාපාදො පහීයති, “ත්වං එතස්ස කුද්ධො කිං කරිස්සසි, කිමස්ස සීලාදීනි විනාසෙතුං සක්ඛිස්සසි නනු ත්වං අත්තනො කම්මෙන ආගන්ත්වා අත්තනො කම්මෙනෙව ගමිස්සසි, පරස්ස කුජ්ඣනං නාම වීතච්චිකඞ්ගාරතත්තඅයසලාකගූථාදීනි ගහෙත්වා පරං පහරිතුකාමතා විය හොති. එසොපි තව කුද්ධො කිං කරිස්සති, කිං තෙ සීලාදීනි විනාසෙතුං සක්ඛිස්සති එස අත්තනො කම්මෙන ආගන්ත්වා අත්තනො කම්මෙනෙව ගමිස්සති, අප්පටිච්ඡිතපහෙණකං විය, පටිවාතං ඛිත්තරජොමුට්ඨි විය ච එතස්සෙව එස කොධො මත්ථකෙ පතිස්සතී”ති එවං අත්තනො ච පරස්ස චාති උභයෙසං කම්මස්සකතං පච්චවෙක්ඛතොපි, පච්චවෙක්ඛිත්වා පටිසඞ්ඛානෙ ඨිතස්සපි, අස්සගුත්තත්ථෙරසදිසෙ මෙත්තාභාවනාරතෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සාපි බ්යාපාදො පහීයති, ඨානනිසජ්ජාදීසු මෙත්තානිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා බ්යාපාදස්ස පහානාය සංවත්තන්තී”ති.
ඔදිස්සක (සියලු ස්ත්‍රීහු ආදී වශයෙන් සීමාවක් ඇතිව) අනෝදිස්සක (සියලු සත්ත්වයෝ ආදී වශයෙන් සීමාවක් නැතිව) දිසාඵරණ (නැගෙනහිර ආදී දිසාවන්ට මෙත් පැතිරවීම) යන මේ ක්‍රම අතුරින් එක්තරා එකකින් මෛත්‍රිය ඉගෙන ගන්නා තැනැත්තාගේ ද ව්‍යාපාදය පහවෙයි. ඔටිසෝ අනෝධිසෝ - දිසාඵරණ වශයෙන් මෛත්‍රිය වඩන්නාගේ ද ව්‍යාපාදය පහවෙයි. ‘ඔබ ඔහුට කිපී කුමක් කරන්නෙහිද? ඔබ ඔහුගේ ශීලාදිය විනාශ කරන්නට හැකිවෙහිද? ඔබ තමාගේ කර්මයෙන් අවුත් තමාගේ කර්මයෙන්ම යන කෙනෙක් නොවෙහිද? අනුන්ට කිපීම නම් ගිනිදැල් නැති අඟුරු, රත්වූ යකඩ කූරු, අශූචි ආදිය ගෙන අනුන්ට පහර ගැසීමට ඇති කැමැත්ත මෙන් වෙයි. ඔහු ද ඔබට කිපී කුමක් කරන්නේ ද? ඔහු ඔබගේ සීලාදිය විනාශ කරන්නට හැකිවන්නේද? ඔහු තමාගේ කර්මයෙන් අවුත් තමාගේ කර්මයෙන්ම යන්නේය. නොපිළිගත් ත්‍යාගයක් මෙන් පටිවාතයට (තමා දෙසට හමන වාතයට) දමාගසන ලද දූවිලි මිටක් මෙන් ඒ ක්‍රෝධය ඔහුගේම හිසමත වැටෙන්නේය’යි මෙසේ තමාගේ ද අනුන්ගේ ද යන දෙදෙනාගේ කර්මය තමා අයත්කොට ඇති බව නුවණින් සිහිකරන තැනැත්තාගේ ද නුවණින් සිහිකොට නුවණින් සිහිකිරීමෙහි නැවතී සිටිය තැනැත්තාගේ ද අස්සගුත්ත තෙරුන් වහන්සේ වැනි මෛත්‍රී භාවනාවෙහි ඇලුණු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාගේ ද ව්‍යාපාදය පහවෙයි. සිටීම, හිඳීම ආදී ඉරියව්වලදී මෛත්‍රිය ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද (ව්‍යාපාදය) දුරුවෙයි. එහෙයින් ‘කරුණු හයක් ව්‍යාපාදය දුරුවීම පිණිස පවතී’ යනුවෙන් කියන ලදී.
අරතිආදීසු අයොනිසොමනසිකාරෙන ථිනමිද්ධස්ස උප්පාදො හොති. අරති නාම උක්කණ්ඨිතතා, තන්දී නාම කායාලසියං, විජම්භිතා නාම කායවිනමනා, භත්තසම්මදො නාම භත්තමුච්ඡා භත්තපරිළාහො, චෙතසො ලීනත්තං නාම චිත්තස්ස ලීනාකාරො. ඉමෙසු අරතිආදීසු අයොනිසොමනසිකාරං බහුලං පවත්තයතො ථිනමිද්ධං උප්පජ්ජති. තෙනාහ භගවා –
අරති ආදියෙහි අයෝනිසෝ මනසිකාරයෙන් ථිනමිද්ධයේ ඉපදීම වෙයි. ‘අරති’ නම් කලකිරුණු බවයි. ‘තන්දි’ නම් කයේ අලස බවයි. ‘විජම්භිකා’ නම් ඈනුම් ඇරීම ඇඟ මැලි කැඩීමයි. ‘භත්තසම්මදො නම් බත් මතයයි, ආහාර ගැනීම නිසා ඇතිවන දාහයයි. ‘චෙතසො ලීනත්තං’ නම් සිතේ හැකිලුණු ආකාරයයි. මේවා කෙරෙහි අයෝනිසෝ මනසිකාරය බහුල ලෙස පැවැත්වීම් වශයෙන් ථිනමිද්ධය උපදී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“අත්ථි, භික්ඛවෙ, අරති තන්දී විජම්භිතා භත්තසම්මදො චෙතසො ලීනත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, අරතියක්, නන්දියක්, විජම්භිකාවක්, භත්ත සම්මදයක්, චේතසෝ ලීනත්තයක් ඇත. නූපන් ථිනමිද්ධයේ ඉපදීම පිණිසත් උපන් ථීනමිද්ධයේ වැඩිවීම පිණිසත් විපුලබවට පත්වීම පිණිසත් මේ අයෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරිම හේතුව’යි වදාළහ.
ආරම්භධාතුආදීසු පන යොනිසොමනසිකාරෙන ථිනමිද්ධස්ස පහානං හොති. ආරම්භධාතු නාම පඨමාරම්භවීරියං, නික්කමධාතු නාම කොසජ්ජතො නික්ඛන්තතාය තතො බලවතරං, පරක්කමධාතු නාම පරං පරං ඨානං අක්කමනතො තතොපි බලවතරං. ඉමස්මිං තිප්පභෙදෙ වීරියෙ යොනිසොමනසිකාරං බහුලං පවත්තයතො ථිනමිද්ධං පහීයති. තෙනාහ –
ආරම්භධාතු ආදියෙහි යෝනිසෝ මනසිකාරයෙන් ථිනමිද්ධයේ පහවීම වෙයි. ‘ආරම්භ ධාතු’ නම් පළමුව පටන්ගන්නා ලද වීර්යයයි. ‘නික්කමධාතු’ නම් කුසීත බවෙන් නික්මීම් වශයෙන් ආරම්භ ධාතුවට වඩා බලවත් වූ වීර්යය යි. ‘පරක්කම ධාතු’ නම් මතු මතු තැනක (ඇතිවන ථීනමිද්ධය) මැඩ පැවැත්වීම් වශයෙන් නික්කම ධාතුවටත් වඩා බලවත් වූ වීර්යයයි. මේ තුන් ආකාර වීර්යයෙහි යෝනිසෝ මනසිකාරය බහුල ලෙස පැවැත්වීම් වශයෙන් ථිනමිද්ධය පහවෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු, නික්කමධාතු, පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස පහානායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, ආරම්භ ධාතුවක්, නික්කම ධාතුවක්, පරක්කම ධාතුවක් ඇත. නූපන් ථිනමිද්ධය නූපදීම පිණිසත්, උපන් ථිනමිද්ධය පහවීම පිණිසත් යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීම හේතුවය’යි වදාළහ.
අපිච ඡ ධම්මා ථිනමිද්ධස්ස පහානාය සංවත්තන්ති, අතිභොජනෙ නිමිත්තග්ගාහො – ඉරියාපථසම්පරිවත්තනතා, ආලොකසඤ්ඤාමනසිකාරො, අබ්භොකාසවාසො, කල්යාණමිත්තතා, සප්පායකථාති .
තවදුරටත් කරුණු හයක් ථිනමිද්ධය පහවීම පිණිස පවතී. 1. වැඩිපුර අනුභව කිරීමෙහි නිමිති ගැනීම, 2. ඉරියව් මාරුකරන බව. 3. ආලෝක සංඥාව මෙනෙහි කිරීම. 4. එළිමහනෙහි වාසය කිරීම. 5. කල්‍යාණ මිත්‍රයන් ඇති බව. 6. සුදුසු කථායි.
ආහරහත්ථකභුත්තවමිතකතත්ථවට්ටකඅලංසාටකකාකමාසකභොජනං භුඤ්ජිත්වා රත්තිට්ඨානදිවාට්ඨානෙ නිසින්නස්ස හි සමණධම්මං කරොතො ථිනමිද්ධං මහාහත්ථී විය ඔත්ථරන්තං ආගච්ඡති, චතුපඤ්චආලොපඔකාසං පන ඨපෙත්වා පානීයං පිවිත්වා යාපනසීලස්ස භික්ඛුනො තං න හොති. එවං අතිභොජනෙ නිමිත්තං ගණ්හන්තස්සපි ථිනමිද්ධං පහීයති. යස්මිං ඉරියාපථෙ ථිනමිද්ධං ඔක්කමති, තතො අඤ්ඤං පරිවත්තෙන්තස්සපි, රත්තිං චන්දාලොකං දීපාලොකං උක්කාලොකං දිවා සූරියාලොකං මනසිකරොන්තස්සපි, අබ්භොකාසෙ වසන්තස්සපි මහාකස්සපත්ථෙරසදිසෙ විගතථිනමිද්ධෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සපි ථිනමිද්ධං පහීයති, ඨානනිසජ්ජාදීසු ධුතඞ්ගනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා ථිනමිද්ධස්ස පහානාය සංවත්තන්තී”ති.
ආහාර හත්ථක, අලංසාටක, තත්ථවට්ටක, කාකමාසක, භූත්තවමිතක යන (ආකාරයෙන් බමුණන් මෙන්) භෝජනය අනුභව කොට රාත්‍රී ස්ථානයක, දිවා ස්ථානයක වාඩි වී පැවිදි දහම ක්‍රියාත්මක කරන තැනැත්තාට මහ ඇතෙක් හාත්පසින් මැඩගෙන එන්නාක් මෙන් ථිනමිද්ධය පැමිණෙයි. බත්පිඬු හතරකට පහකට ඉඩ තබා පැන් බී යැපෙන භික්ෂුවට එය සිදු නොවේ. මෙසේ : 1. අතිභෝජනයෙහි (වැඩිපුර අනුභව කිරීමෙහි) නිමිති ගන්නා තැනැත්තාගේ ද ථිනමිද්ධය පහවෙයි. 2. යම් ඉරියව්වකදී ටීනමිද්ධය ඇතුල් වේනම් ඒ ඉරියවෙන් වෙනත් ඉරියව්වකට මාරුවෙන තැනැත්තාගේ ද 3. රාත්‍රියට සඳඑළිය, පහන්ඵළිය, පන්දම් එළිය දවාලට හිරුඑළිය මෙනෙහි කරන්නාගේ ද, 4. එළිමහනෙහි වාසය කරන තැනැත්තාගේ ද, 5. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සමාන ථිනමිද්ධය පහවූ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නන්ගේ ද ථිනමිද්ධය පහවෙයි. 6. සිටීම, හිඳීම ආදී ඉරියව්වලදී ධුතංග ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද පහවෙයි. එහෙයින් ‘කරුණු හයක් ථිනමිද්ධය පහවීම පිණිස පවතී’ යයි කියන ලදී.
චෙතසො අවූපසමෙ අයොනිසොමනසිකාරෙන උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති. අවූපසමො නාම අවූපසන්තාකාරො, අත්ථතො තං උද්ධච්චකුක්කුච්චමෙව. තත්ථ අයොනිසොමනසිකාරං බහුලං පවත්තයතො උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති. තෙනාහ –
සිත නො සන්සිඳීමෙහි අයෝනිසෝ මනසිකාරයෙන් උද්ධච්ච කුක්කුච්චයේ ඉපදීම වෙයි. ‘අවුපසම’ නම් නො සන්සිඳුණු ආකාරයයි. අර්ථ වශයෙන් ඒ උද්ධච්ච කුක්කුච්චයමය. එහි අයෝනිසෝ මනසිකාරය බහුල ලෙස පැවැත්වීම් වශයෙන් උද්ධච්ච කුක්කුචය උපදී. එහෙයින් -
“අත්ථි, භික්ඛවෙ, චෙතසො අවූපසමො. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, සිත නොසන්සිඳීමක් ඇත. නූපන් උද්ධච්ච කුක්කුච්චයේ ඉපදීම පිණිසත් උපන් උද්ධච්ච කුක්කුචයේ වැඩිවීම පිණිසත් විපුලබවට පත්වීම පිණිසත් මේ අයෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීම හේතුව යයි වදාළහ.
සමාධිසඞ්ඛාතෙ පන චෙතසො වූපසමෙ යොනිසොමනසිකාරෙනස්ස පහානං හොති. තෙනාහ –
සමාධිය නම් වූ සිත සන්සිඳීමෙහි යෝනිසෝ මනසිකාරයෙන් උද්ධච්ච කුක්කුච්චයේ පහවීම වෙයි. එහෙයින් -
“අත්ථි, භික්ඛවෙ, චෙතසො වූපසමො. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස පහානායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, සිත සන්සිඳීමක් ඇත. නූපන් උද්ධච්ච කුක්කුචයේ නූපදීම පිණිසත් උපන් උද්ධච්ච කුක්කුචයේ පහවීම පිණිසත් එහි මේ යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරිම හේතුවය’යි වදාළහ.
අපිච ඡ ධම්මා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය සංවත්තන්ති – බහුස්සුතතා, පරිපුච්ඡකතා, විනයෙ පකතඤ්ඤුතා, වුඩ්ඪසෙවිතා, කල්යාණමිත්තතා, සප්පායකථාති.
තවදුරටත් : කරුණු හයක් උද්ධච්ච කුක්කුච්චය පහවීම පිණිස පවතී. 1. බහුශ්‍රැත බව. 2. විමසන බව. 3. විනයෙහි ස්වභාවය දන්නා බව. 4. වැඩිහිටියන් ඇසුරු කරන බව. 5. කල්‍යාණ මිත්‍රයන් ඇති බව. 6. සුදුසු කථාය.
බාහුසච්චෙනපි හි එකං වා ද්වෙ වා තයො වා චත්තාරො වා පඤ්ච වා නිකායෙ පාළිවසෙන ච අත්ථවසෙන ච උග්ගණ්හන්තස්සපි උද්ධච්චකුක්කුච්චං පහීයති, කප්පියාකප්පියපරිපුච්ඡාබහුලස්සපි, විනයපඤ්ඤත්තියං චිණ්ණවසීභාවතාය පකතඤ්ඤුනොපි, වුඩ්ඪෙ මහල්ලකත්ථෙරෙ උපසඞ්කමන්තස්සපි, උපාලිත්ථෙරසදිසෙ විනයධරෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සපි උද්ධච්චකුක්කුච්චං පහීයති, ඨානනිසජ්ජාදීසු කප්පියාකප්පියනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය සංවත්තන්තී”ති.
1. නිකාය එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ පහම හෝ පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ඉගෙන ගන්නා තැනැත්තාගේ බහුශ්‍රැත භාවයෙන් උද්ධච්ච කුක්කුච්චය පහවෙයි. 2. කැප අකැප මොනවාදැයි බොහෝ සෙයින් විමසා බලන තැනැත්තාගේ ද 3. විනය ප්රඥප්ති පුරුදු කිරීමෙන් අතිදක්ෂ වූ විනයෙහි ස්වභාවය දන්නා තැනැත්තාගේ ද 4. වැඩිහිටි මහලු තෙරුන් වෙත එළඹෙන තැනැත්තාගේ ද 5. උපාලි තෙරුන් වහන්සේ සමාන විනයධර කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාගේ ද උද්ධච්ච කුක්කුච්චය පහවෙයි. 6. සිටීම් - හිඳීම් ආදියෙහි කැප අකැප දේ ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද පහවෙයි. එහෙයින් ‘කරුණු’ හයක් උද්ධච්ච කුක්කුච්චය පහවීම පිණිස පවතී යයි කියන ලදී.
විචිකිච්ඡාට්ඨානියෙසු ධම්මෙසු අයොනිසොමනසිකාරෙන විචිකිච්ඡාය උප්පාදො හොති. විචිකිච්ඡාට්ඨානියා ධම්මා නාම පුනප්පුනං විචිකිච්ඡාය කාරණත්තා විචිකිච්ඡාව. තත්ථ අයොනිසොමනසිකාරං බහුලං පවත්තයතො විචිකිච්ඡා උප්පජ්ජති. තෙනාහ –
විචිකිච්ඡාවට ස්ථාන වූ කරුණුවල අයෝනිසෝ මනසිකාරයෙන් විචිකිච්ඡාවේ ඉපදීම වෙයි. විචිකිච්ඡාවට ස්ථාන වූ කරුණු නම් නැවත නැවත විචිකිච්ඡාවට කරුණු වූ බැවින් විචිකිචඡාවමය. එහි අයෝනිසෝ මනසිකාරය බහුල ලෙස පැවැත්වීම් වශයෙන් විචිකිච්ඡාව උපදී. එහෙයින් -
“අත්ථි, භික්ඛවෙ, විචිකිච්ඡාට්ඨානියා ධම්මා. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, විචිකිච්ඡාවට ස්ථාන වූ කරුණු ඇත. නූපන් විචිකිච්ඡාව ඉපදීම පිණිසත් උපන් විචිකිච්ඡාව වැඩිවීම පිණිසත් විපුල බවට පත්වීම පිණිසත් මේ අයෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීම හේතුව’යයි වදාළහ.
කුසලාදිධම්මෙසු පන යොනිසොමනසිකාරෙන විචිකිච්ඡාය පහානං හොති. තෙනාහ –
කුසලාදි ධර්මවල යෝනිසෝ මනසිකාරයෙන් විචිකිච්ඡාවේ පහවීම වෙයි. එහෙයින් -
“අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, සෙවිතබ්බාසෙවිතබ්බා ධම්මා, හීනපණීතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය අනුප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය පහානායා”ති (සං· නි· 5.232).
‘මහණෙනි, කුසල අකුසල ධර්මයන් ඇත, වැරදි නිවැරදි ධර්ම ඇත. ඇසුරු කළයුතු නොකළයුතු ධර්ම ඇත, හීන ප්‍රණීත ධර්ම ඇත, කලු (අකුසල) ධර්මවලට ප්‍රතිවිරුද්ධ සුදු (කුසල) ධර්ම ද සුදු (කුසල) ධර්මවලට ප්‍රතිවිරුද්ධ කලු (අකුසල) ධර්ම ද (කණ්හ සුක්ක සප්පටිභාගා ධම්මා) ඇත. නූපන් විචිකිච්ඡාව නූපදීම පිණිසත් උපන් විචිකිච්ඡාව පහවීම පිණිසත් මේ යෝනිසෝ මනසිකාරය හේතුව යයි වදාළහ.
අපිච ඡ ධම්මා විචිකිච්ඡාය පහානාය සංවත්තන්ති බහුස්සුතතා, පරිපුච්ඡකතා, විනයෙ පකතඤ්ඤුතා, අධිමොක්ඛබහුලතා, කල්යාණමිත්තතා, සප්පායකථාති .
තවදුරටත් - විචිකිච්ඡාව පහවීම පිණිස කරුණු හයක් පවතී. 1. බහුශ්‍රැත බව. 2. විමසන බව. 3. විනයෙහි ස්වභාවය දන්නා බව. 4. ශ්‍රද්ධාව (අධිමොක්ඛ) බහුල බව. 5. කල්‍යාණ මිත්‍රයන් ඇති බව. 6. සුදුසු කථාය.
බාහුසච්චවසෙනපි හි එකං වා…පෙ… පඤ්ච වා නිකායෙ පාළිවසෙන ච අත්ථවසෙන ච උග්ගණ්හන්තස්සපි විචිකිච්ඡා පහීයති, තීණි රතනානි ආරබ්භ කුසලාදිභෙදෙසු ධම්මෙසු පරිපුච්ඡාබහුලස්සපි, විනයෙ චිණ්ණවසීභාවස්සපි, තීසු රතනෙසු ඔකප්පනීය, සද්ධාසඞ්ඛාත, අධිමොක්ඛබහුලස්සපි, සද්ධාධිමුත්තෙ වක්කලිත්ථෙරසදිසෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සපි විචිකිච්ඡා පහීයති, ඨානනිසජ්ජාදීසු තිණ්ණං රතනානං ගුණනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා විචිකිච්ඡාය පහානාය සංවත්තන්තී”ති.
1. නිකාය එකක් හෝ (දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ) පහම හෝ ඉගෙන ගන්නා තැනැත්තාගේ බහුශ්‍රැත භාවයෙන් විචිකිච්ඡාව පහවෙයි. 2. තුණුරුවන් නිමිතිකොට කුසලාදී භේද ඇති ධර්ම පිළිබඳව විමසීම බහුල තැනැත්තාගේ ද, 3. විනය ප්රඥප්ති පුරුදු කිරීමෙන් අතිදක්ෂ වූ තැනැත්තාගේ ද 4. තුණුරුවන් කෙරෙහි ඔකප්පනීය සද්ධාව නම් වූ ඇදහීම බහුල තැනැත්තාගේ ද 5. ශ්‍රද්ධාවෙහි ඇලුණු (සද්ධාධිමුත්ත) වක්කලි තෙරුන් වහන්සේ සමාන කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන තැනැත්තාගේ ද විචිකිච්ඡාව පහවෙයි. 6. සිටීම-හිඳීම ආදී ඉරියව්වල තෙරුවන් ගුණ ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද පහවෙයි. එහෙයින් ‘කරුණු හයක් විචිකිච්ඡාවේ පහවීම පිණිස පවතී’ යයි කියන ලදී.
එත්ථ ච යථාවුත්තෙහි තෙහි තෙහි ධම්මෙහි වික්ඛම්භනවසෙන පහීනානං ඉමෙසං නීවරණානං කාමච්ඡන්දනීවරණස්ස තාව අරහත්තමග්ගෙන අච්චන්තප්පහානං හොති, තථා ථිනමිද්ධනීවරණස්ස උද්ධච්චනීවරණස්ස ච. බ්යාපාදනීවරණස්ස පන කුක්කුච්චනීවරණස්ස ච අනාගාමිමග්ගෙන, විචිකිච්ඡානීවරණස්ස සොතාපත්තිමග්ගෙන අච්චන්තප්පහානං හොති. තස්මා තෙසං තථා පහානාය උපකාරධම්මෙ දස්සෙතුං “ආරද්ධං හොති වීරිය”න්තිආදි ආරද්ධං. ඉදමෙව වා යථාවුත්තං අභිජ්ඣාදීනං නීවරණානං පහානං, යස්මා හීනවීරියතාය කුසීතෙන, අනුපට්ඨිතස්සතිතාය මුට්ඨස්සතිනා, අපටිප්පස්සද්ධදරථතාය සාරද්ධකායෙන, අසමාහිතතාය වික්ඛිත්තචිත්තෙන න කදාචිපි තෙ සක්කා නිබ්බත්තෙතුං, පගෙව ඉතරං, තස්මා යථා පටිපන්නස්ස සො අභිජ්ඣාදීනං විගමො පහානං සම්භවති, තං දස්සෙතුං “ආරද්ධං හොති වීරිය”න්තිආදි ආරද්ධං. තස්සත්ථො – තෙසං නීවරණානං පහානාය සබ්බෙසම්පි වා සංකිලෙසධම්මානං සමුච්ඡින්දනත්ථාය වීරියං ආරද්ධං හොති, පග්ගහිතං අසිථිලප්පවත්තන්ති වුත්තං හොති. ආරද්ධත්තා එව ච අන්තරා සඞ්කොචස්ස අනාපජ්ජනතො අසල්ලීනං.
මෙහි ද කියන ලද ආකාර ඇති ඒ ඒ කරුණු (ධර්ම) වලින් විෂ්කම්භන වශයෙන් ප්‍රහීණ වූ මේ නීවරණ අතුරින් පළමුකොට කාමච්ඡන්ද නීවරණය අර්හත් මාර්ගයෙන් අත්‍යන්තයෙන් (මුළුමනින්) ප්‍රහීණ වෙයි. එසේ ථීනමිද්ධ නීවරණය ද උද්ධච්ච නීවරණය ද අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. ව්‍යාපාද නීවරණය ද කුක්කුච්ච නීවරණය ද අනාගාමි මාර්ගයෙන් ද විචිකිච්ඡා නීවරණය සෝතාපත්ති මාර්ගයෙන් ද අත්‍යන්තයෙන් ප්‍රහීණ වෙයි. එහෙයින් ඒ නීවරණයන් එසේ පහවීම පිණිස උපකාර ධර්මයන් දැක්වීමට ‘ආරද්ධං හොති විරියං’ යනාදිය අරඹන ලදී. කියන ලද පරිදි අභිජ්ඣාදී නීවරණයන්ගේ පහවීම මෙයම හෝ වෙයි. යම් හෙයකින් හීන වීර්යය ඇති බැවින් කුසීත බැවින් ද නොඑළඹි සිහිය ඇති බැවින් මුළාවු සිහි ද නොසන්සිඳුණු කෙලෙස් දාහය ඇති බැවින් දාහයෙන් යුතු නාම කයින් ද රූපකයින් ද සමාධිගත නො වූ බැවින් විසිරුණු සිතෙන් ද ඒවා (මාර්ග) කිසිකලෙකත් උපදවන්නට නොහැකිය. අනිත්වා ගැන කවර කථාද? එහෙයින් නිසි ලෙස පිළිපන් තැනැත්තාගේ අභිජ්ඣාදීන්ගේ ඒ ඉවත්වයාම පහවීම සිදුවෙයි. එය දක්වක්නට ‘ආරද්ධං හොති විරියං’ යනාදිය අරඹන ලදී. එහි අර්ථය ඒ නීවරණයන්ගේ ප්රහාණය පිණිස ද සියලුම ක්ලේශ ධර්මයන්ගේ සහමුලින් සිඳීම පිණිස ද විරියං ආරද්ධං හොති වීර්යය අරඹන ලද්දේ මවයි. ඔසවාගත් දැඩි පැවැත්ම යයි කියන ලද්දේ වෙයි. අරඹන ලද විර්යය ඇති බැවින්ම අතරත හැකිලීමකට නො පැමිණීමෙන් අසල්ලීන නම් වේ.
උපට්ඨිතා සති අසම්මුට්ඨාති න කෙවලඤ්ච වීරියමෙව, සතිපි ආරම්මණාභිමුඛභාවෙන උපට්ඨිතා හොති, තථා උපට්ඨිතත්තා එව ච චිරකතචිරභාසිතානං සරණසමත්ථතාය අසම්මුට්ඨා. පස්සද්ධොති කායචිත්තදරථප්පස්සම්භනෙන කායොපිස්ස පස්සද්ධො හොති. තත්ථ යස්මා නාමකායෙ පස්සද්ධෙ රූපකායොපිස්ස පස්සද්ධො එව හොති, තස්මා “නාමකායො රූපකායො”ති අවිසෙසෙත්වා “පස්සද්ධො කායො”ති වුත්තං. අසාරද්ධොති සො ච පස්සද්ධත්තා එව අසාරද්ධො, විගතදරථොති වුත්තං හොති. සමාහිතං චිත්තං එකග්ගන්ති චිත්තම්පිස්ස සම්මා ආහිතං සුට්ඨු ඨපිතං අප්පිතං විය හොති, සමාහිතත්තා එව ච එකග්ගං අචලං නිප්ඵන්දනං නිරිඤ්ජනන්ති.
උපට්ඨිතා සති අප්පමුට්ඨා යනු තනිකර වීර්යයම නොවේ. සිහියද අරමුණට ඉදිරිපත් (අභිමුඛ) වීම් වශයෙන් එළඹියේ වෙයි. එසේ එළඹි බැවින්ම ද බොහෝ කලකට පෙර කරන ලද බොහෝ කලකට පෙර කියන ලද දේවල් පිළිබඳ සිහිකිරීමට සමත් බැවින් මුළා නොවූ. පස්සද්ධො යනු කයෙහි ද සිතෙහි ද දාහයන් (දරථ) සන්සිදුවීමෙන් ඔහුගේ කය ද සන්සිඳුනේ වෙයි. එහි යම්හෙයකින් නාම කය සන්සිඳුණු විට රූප කය ද සන්සිඳුනේම වෙයි ද එහෙයින් නාම කය රූප කය යයි විශේෂයක් නොකොට ‘පස්සද්ධො කායො’ යනුවෙන් කියන ලදි. අසාරද්ධො යනු ඒ නාම-රූප කාය සන්සිඳුණු බැවින්ම අසාරද්ධ වූයේ, පහ වූ කෙලෙස් දරථ ඇත්තේ යයි කියන ලදී. සමාහිතං චිත්තං එකග්ගං යනු ඔහුගේ සිත ද මනාකොට සන්සුන් වූයේ මනාව තබන ලද්දේ ඇතුළට වැදුනාක් මෙන් වෙයි. මනාව සන්සුන් වූ (සමාහිත) බැවින්ම එකඟ වන්නේ නොසෙල්වෙන්නේ නොසැලෙන්නේ කම්පා නොවන්නේ වෙයි.
එත්තාවතා ඣානමග්ගානං පුබ්බභාගපටිපදා කථිතා. තෙනෙවාහ –
මෙපමණකින්ම ධ්‍යාන මාර්ගයගේ පූර්වභාග ප්‍රතිපදාව කියන ලද්දේ වෙයි. එහෙයින්ම -
“චරම්පි, භික්ඛවෙ, භික්ඛු එවංභූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවීරියො පහිතත්තොති වුච්චතී”ති (ඉතිවු· 110).
‘චරම්පි චෙ භික්ඛවෙ භික්ඛු එවං භූතො ආතාපී ඔත්තප්පී සත්තං සමිතං ආරද්ධවිරියො පහිතත්තොති වුච්චති’ (මහණෙනි, හැසිරෙන්නා වූ ද මෙබඳු භික්ෂුව කෙලෙස් තවන වීර්යය ඇති පවට බිය ඇති නිතර සම්පූර්ණ කරන ලද වීර්යය ඇති නිවන් කරා මෙහෙයූ සිත් ඇති තැනැත්තෙකැයි කියනු ලැබේ.) යනුවෙන් දෙසන ලදී.
තස්සත්ථො හෙට්ඨා වුත්තො එව.
එහි අර්ථය මුලදි කියන ලද්දේමය.
ගාථාසු යතං චරෙති යතමානො චරෙය්ය, චඞ්කමනාදිවසෙන ගමනං කප්පෙන්තොපි “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමතී”තිආදිනා (සං· නි· 5.651-662; විභ· 390) නයෙන වුත්තසම්මප්පධානවීරියවසෙන යතන්තො ඝටෙන්තො වායමන්තො යථා අකුසලා ධම්මා පහීයන්ති, කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, එවං ගමනං කප්පෙය්යාති අත්ථො. එස නයො සෙසෙසුපි. කෙචි පන “යත”න්ති එතස්ස සංයතොති අත්ථං වදන්ති. තිට්ඨෙති තිට්ඨෙය්ය ඨානං කප්පෙය්ය. අච්ඡෙති නිසීදෙය්ය. සයෙති නිපජ්ජෙය්ය. යතමෙනං පසාරයෙති එතං පසාරෙතබ්බං හත්ථපාදාදිං යතං යතමානො යථාවුත්තවීරියසමඞ්ගීයෙව හුත්වා පසාරෙය්ය, සබ්බත්ථ පමාදං විජහෙය්යාති අධිප්පායො.
ගාථාවල යතං චරෙ යනු වීර්යය වඩමින් හැසිරෙන්නේය. සක්මන් කිරිමාදී වශයෙන් ගමන් කරමින් ද ‘අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙනි වායමති’ (නූපන් අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කරයි) ආදී ක්‍රමයෙන් කියන ලද සම්‍යක්ප්‍රධාන වීර්යය වශයෙන් වීර්යය වඩමින් ගැටෙමින් වෑයම් කරමින් අකුශල ධර්ම පහවන ආකාරයට කුශල ධර්ම වැඩීමට පරිපූර්ණ බවට පත්වන ආකාරයට මෙසේ ගමන් කරන්නේය යන අර්ථයි. ඉතිරි ඒවාහිද මේ ක්‍රමයයි. ඇතැමෙක් ‘යතං’ යනු මොහුගේ සංවරය යනුවෙන් අරුත් කියති. තිට්ඨෙ යනු සිටින්නේය. සිටීම කරන්නේය. යනු හිඳින්නේය. සයෙ යනු නිදන්නේය. යතමෙනං පසාරයෙ යනු දිගුකළයුතු ඒ අත් පා ආදිය වීර්යය වඩමින් කියන ලද ආකාර ඇති වීර්යයෙන් යුක්ත වූවෙක්ම වී දිගහරින්නේය. හැමතැනම ප්‍රමාදය දුරුකරන්නේය යන අදහසයි.
ඉදානි යථා පටිපජ්ජන්තො යතං යතමානො නාම හොති, තං පටිපදං දස්සෙතුං “උද්ධ”න්තිආදි වුත්තං. තත්ථ උද්ධන්ති උපරි. තිරියන්ති තිරියතො, පුරත්ථිමදිසාදිවසෙන සමන්තතො දිසාභාගෙසූති අත්ථො. අපාචීනන්ති හෙට්ඨා. යාවතා ජගතො ගතීති යත්තකා සත්තසඞ්ඛාරභෙදස්ස ලොකස්ස පවත්ති, තත්ථ සබ්බත්ථාති අත්ථො. එත්තාවතා අනවසෙසතො සම්මසනඤාණස්ස විසයං සඞ්ගහෙත්වා දස්සෙති. සමවෙක්ඛිතාති සම්මා හෙතුනා ඤායෙන අවෙක්ඛිතා, අනිච්චාදිවසෙන විපස්සකොති වුත්තං හොති. ධම්මානන්ති සත්තසුඤ්ඤානං. ඛන්ධානන්ති රූපාදීනං පඤ්චන්නං ඛන්ධානං. උදයබ්බයන්ති උදයඤ්ච වයඤ්ච. ඉදං වුත්තං හොති – උපරි තිරියං අධොති තිසඞ්ගහෙ සබ්බස්මිං ලොකෙ අතීතාදිභෙදභින්නානං පඤ්චුපාදානක්ඛන්ධසඞ්ඛාතානං සබ්බෙසං රූපාරූපධම්මානං අනිච්චතාදිසම්මසනාධිගතෙන උදයබ්බයඤාණෙන පඤ්චවීසතියා ආකාරෙහි උදයං, පඤ්චවීසතියා ආකාරෙහි වයඤ්ච සමවෙක්ඛිතා සමනුපස්සිතා භවෙය්‍යාති.
දැන් යම් සේ නිසිලෙස පිළිපදින තැනැත්තා වීර්යය වඩන්නේ නම් වේ ඒ ප්‍රතිපදාව දක්වන්නට ‘උද්ධං’ ආදිය කියන ලදී. එහි උද්ධං යනු මත්තෙහි. තිරියං හරස් වශයෙන්, නැගෙනහිර දිශාව ආදි වශයෙන් හාත්පසින් ඇති දිශාභාගයන්හි යන අර්ථයි. අපාචිනං යනු යට. යාවතා ජගතො ගති යනු යම්තාක් සත්ත්ව සංස්කාර භේද ඇති ලෝකයේ පැවැත්මක් වේද ඒ හැමතන්හි යන අර්ථයි. මෙපමණකින් ඉතිරි නොවීම් වශයෙන් විමසා බලන ඤාණයේ විෂය ඇතුළත් කොට දක්වයි. සමවෙක්ඛිතා යනු මනාකොට හේතුවෙන් ක්‍රමයෙන් බලන්නෙක් අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බලන්නෙක් යයි කියන ලද්දේ වෙයි. ධම්මානං යනු සත්ත්ව ශූන්‍යතා ස්වභාවයන්ගේ ඛන්ධානං යනු රූපාදී පංචස්කන්ධයන්ගේ උදයබ්බයං යනු ඇතිවීම හා නැතිවීම. මෙය කියන ලද්දේ වෙයි. ඉහළ - හරහ - යට යන තුන් එකතුවෙහි මුලු ලෝකයෙහි අතීතාදී භේදභින්න වූ පංච උපාදාන සංඛ්‍යාත සියලු රූප අරූප ධර්මයන්ගේ අනිත්‍යාදිය විමසා බැලීමෙන් ලබන ලද උදයබ්බය ඤාණයෙන් ඇතිවීම විසිපස් ආකාරයකින් ද නැතිවීම විසිපස් ආකාරයකින් ද මනාව බලන්නෙක් වන්නේය.
චෙතොසමථසාමීචින්ති චිත්තසංකිලෙසානං අච්චන්තවූපසමනතො චෙතොසමථසඞ්ඛාතස්ස අරියමග්ගස්ස අනුච්ඡවිකපටිපදං ඤාණදස්සනවිසුද්ධිං. සික්ඛමානන්ති පටිපජ්ජමානං භාවෙන්තං ඤාණපරම්පරං නිබ්බත්තෙන්තං. සදාති සබ්බකාලං, රත්තිඤ්චෙව දිවා ච. සතන්ති චතුසම්පජඤ්ඤෙන සමන්නාගතාය සතියා සතොකාරිං. සතතං පහිතත්තොති සබ්බකාලං පහිතත්තො නිබ්බානං පටිපෙසිතත්තොති තථාවිධං භික්ඛුං බුද්ධාදයො අරියා ආහු ආචික්ඛන්ති කථෙන්ති. සෙසං වුත්තනයමෙව.
චෙතො සමථසාමීචිං යනු සිතේ කෙලෙසුන් මුළුමනින් සන්සිඳුවීම් වශයෙන් චෙතෝ සමථ නම් වූ ආර්ය මාර්ගයට සුදුසු වූ ප්‍රතිපදාව වූ ඥාන දර්ශන විශුද්ධියයි. සික්ඛමානං යනු පිළිපදින්නා වූ වඩන්නා වූ ඤාණ පරම්පරාව නිපදවන්නා වූ. සදා යනු සියලු කාලයෙහි, රාත්‍රියෙහි ද දවාලෙහි ද. සතං චතුසම්පජඤ්ඤයෙන් යුක්ත වූ සිහියෙන් සිහිඇතිව ක්‍රියාකරන, සතතං පහිතත්තො යනු හැමකල්හි සිහි ඇත්තේ නිවන කරා යවන ලද සිත් ඇත්තා වූ. තථාවිධං භික්ඛුං මෙබඳු විහරණ ඇති භික්ෂුව බුද්ධාදී ආර්යයෝ ආහු කියති. සෙස්ස කියන ලද ආකාරයෙන්මය.
ද්වාදසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දොළොස්වන සුත්‍රයයි.