11. චරසුත්තවණ්ණනා අට්ඨකථා
11. චරසුත්තවණ්ණනා
11. චර සූත්‍ර වර්ණනාව
එකාදසමෙ චරතොති ගච්ඡන්තස්ස, චඞ්කමන්තස්ස වා. උප්පජ්ජති කාමවිතක්කො වාති වත්ථුකාමෙසු අවීතරාගතාය තාදිසෙ පච්චයෙ කාමපටිසංයුත්තො වා විතක්කො උප්පජ්ජති චෙ, යදි උප්පජ්ජති. බ්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වාති ආඝාතනිමිත්තබ්යාපාදපටිසංයුත්තො වා විතක්කො, ලෙඩ්ඩුදණ්ඩාදීහි පරවිහෙඨනවසෙන විහිංසාපටිසංයුත්තො වා විතක්කො උප්පජ්ජති චෙති සම්බන්ධො. අධිවාසෙතීති තං යථාවුත්තං කාමවිතක්කාදිං යථාපච්චයං අත්තනො චිත්තෙ උප්පන්නං “ඉතිපායං විතක්කො පාපකො, ඉතිපි අකුසලො, ඉතිපි සාවජ්ජො, සො ච ඛො අත්තබ්‍යාබාධායපි සංවත්තතී”තිආදිනා නයෙන පච්චවෙක්ඛණාය අභාවතො අධිවාසෙති අත්තනො චිත්තං ආරොපෙත්වා වාසෙති චෙ. අධිවාසෙන්තොයෙව ච නප්පජහති තදඞ්ගාදිප්පහානවසෙන න පටිනිස්සජ්ජති, තතො එව න විනොදෙති අත්තනො චිත්තසන්තානතො න නුදති න නීහරති, තථා අවිනොදනතො න බ්යන්තීකරොති න විගතන්තං කරොති. ආතාපී පහිතත්තො යථා තෙසං අන්තොපි නාවසිස්සති අන්තමසො භඞ්ගමත්තම්පි එවං කරොති, අයං පන තථා න කරොතීති අත්ථො. තථාභූතොව න අනභාවං ගමෙති අනු අනු අභාවං න ගමෙති. න පජහති චෙ, න විනොදෙති චෙතිආදිනා චෙ-සද්දං යොජෙත්වා අත්ථො වෙදිතබ්බො.
එකොළොස්වන සූත්‍රයෙහි චරතො යනු යන්නා වූ හෝ ඇවිදින්නා වූ හෝ භික්ෂුවට. උප්පජ්ජති කාමවිතක්කො වා යනු වස්තුකාමයන්හි පහනොවූ රාගය ඇති බැවින් එබඳු ප්‍රත්‍යය ඇති කල්හි කාමය හා බැඳුණු විතර්කය හෝ උපදියි. චෙ ඉදින් උපදී නම්. ඛ්යාපාද විතක්කො වා විහිංසා විතක්කො වා යනු ආඝාත නිමිත්ත, ව්‍යාපාදය හා බැඳුණු විතර්කය හෝ දඬුමුඟුරු ආදියෙන් අනුන් වෙහෙසීම් වශයෙන් විහිංසාව හා බැඳුණු විතර්කය හෝ උපදියි. ‘චෙ’ යන්න සම්බන්ධ වෙයි. අධිවාසෙති යනු කියන ලද පරිදි ප්‍රත්‍යයට අනුව තම සිත්හි උපන් ඒ කාමවිතර්කාදිය මේ කාරණයෙන් ද මේ විතර්කය ලාමකය, මේ කාරණයෙන් ද අකුසලය, මේ කාරණයෙන් ද සාවද්‍යය, එය තමාට දුක් පිණිස ද පවතී යනාදී ක්‍රමයෙන් නුවණින් සලකා නො බැලීම් වශයෙන් ඉවසයි. තමාගේ සිතට නංවා වාසය කරයි නම්, ඉවසීමෙන්ම නප්පජහති : තදංගාදී ප්‍රහාණ වශයෙන් දුරු නොකරයි. එහෙයින්ම න විනොදෙති : තමාගේ චිත්ත සන්තානයෙන් දුරු නොකරයි. ඉවත් නොකරයි. එසේ දුරු නොකිරීම් වශයෙන් ද බ්යන්තීකරොති : කෙළවර නො කරයි. කෙලෙස් තවන වීර්ය ඇතිව නිවන් කරා මෙහෙයවන ලද සිත් ඇති තැනැත්තා යම්සේ ද ඔවුන්ගේ ඇතුළත ද ඉතිරි නොවෙයි. යටත් පිරිසෙයින් කැඩුණු මාත්‍රයක්ද එසේ කරයි. මොහු වනාහි එසේ නොකරයි යන අර්ථයි. එබඳු වූයේම න අනභාවං ගමෙති නැවත නොඉපදීමට නොපමුණුවයි ද ‘නප්පජහති චෙ න විනොදෙති චෙ’ ‘දුරු නොකරයි නම්, ඉවත් නොකරයි නම්’ යනාදී වශයෙන් චෙ ශබ්දය යොදා අර්ථය දතයුතුය.
චරන්ති චරන්තො. එවංභූතොති එවං කාමවිතක්කාදිපාපවිතක්කෙහි සමඞ්ගීභූතො. අනාතාපී අනොත්තාපීති කිලෙසානං ආතාපනස්ස වීරියස්ස අභාවෙන අනාතාපී, පාපුත්රාසආතාපනපරිතාපනලක්ඛණස්ස ඔත්තප්පස්ස අභාවෙන අනොත්තාපී. සතතං සමිතන්ති සබ්බකාලං නිරන්තරං. කුසීතො හීනවීරියොති කුසලෙහි ධම්මෙහි පරිහායිත්වා අකුසලපක්ඛෙ කුච්ඡිතං සීදනතො කොසජ්ජසමන්නාගමෙන ච කුසීතො, සම්මප්පධානවීරියාභාවෙන හීනවීරියො වීරියවිරහිතොති වුච්චති කථීයති. ඨිතස්සාති ගමනං උපච්ඡින්දිත්වා තිට්ඨතො. සයනඉරියාපථස්ස විසෙසතො කොසජ්ජපක්ඛිකත්තා යථා තංසමඞ්ගිනො විතක්කා සම්භවන්ති, තං දස්සෙතුං “ජාගරස්සා”ති වුත්තං.
චරං යනු හැසිරෙන්නා වූ (භික්ෂුව). එවං භූතො යනු මෙසේ කාමවිතර්ක ආදී පාප විතර්කවලින් යුක්ත වූයේ. අනාතාපී අනොත්තප්පී යනු කෙලෙස් තවන වීර්ය නැති බැවින් අනාතාපී, පාපයට තැති ගැනීම ඇති තැවීම ඇති තැවීම ලක්‍ෂණකොට ඇති ඔත්තප්පය නැති බැවින් අනොත්තප්පී. සතතං සමිතං යනු හැමකල්හි, නිරතුරුව. කුසීතො හීනවීරියො යනු කුසල ධර්මයන්ගෙන් පිරිහී අකුසල පක්ෂයෙහි පිළිකුලට ගිලාබැසීම් වශයෙන් ද කුසීතකමින් යුක්තවීම් වශයෙන් ද කුසීත වූ සම්‍යක් ප්‍රධාන වීර්යය නැති හෙයින් හීන වීර්ය ඇත්තේ වීර්යයෙන් තොර වූයේ යයි වුච්චති කියනු ලැබේ. ඨිතස්ස යනු ගමන නවතා සිටින්නහුට. විශේෂ වශයෙන් නිදන ඉරියව්වෙන් යුක්ත වූවහුට කුසීත පැත්තට බර හෙයින් එයින් යුක්ත වූවහුට යම්සේ ද එසේ විතර්ක උපදියි. එය දක්වන්නට ‘ජාගරස්ස’ යනුවෙන් කියන ලදී.
සුක්කපක්ඛෙ තඤ්චෙ, භික්ඛවෙ, භික්ඛු නාධිවාසෙතීති ආරද්ධවීරියස්සාපි විහරතො අනාදිමති සංසාරෙ චිරකාලභාවිතෙන තථාරූපප්පච්චයසමායොගෙන සතිසම්මොසෙන වා කාමවිතක්කාදි උප්පජ්ජති චෙ, තං භික්ඛු අත්තනො චිත්තං ආරොපෙත්වා න වාසෙති චෙ, අබ්භන්තරෙ න වාසෙති චෙති අත්ථො. අනධිවාසෙන්තො කිං කරොතීති? පජහති ඡඩ්ඩෙති. කිං කචවරං විය පිටකෙන? න හි, අපිච ඛො තං විනොදෙති නුදති නීහරති. කිං බලීබද්දං විය පතොදෙන? න හි, අථ ඛො නං බ්යන්තීකරොති විගතන්තං කරොති. යථා තෙසං අන්තොපි නාවසිස්සති අන්තමසො භඞ්ගමත්තම්පි, තථා තෙ කරොති. කථං පන තෙ තථා කරොති? අනභාවං ගමෙති අනු අනු අභාවං ගමෙති, වික්ඛම්භනප්පහානෙන යථා සුවික්ඛම්භිතා හොන්ති තථා නෙ කරොතීති වුත්තං හොති.
කුසල පක්ෂයෙහි - තඤ්චෙ භික්ඛු නාධිවාසෙති යනු ඇරඹු වීර්යය ඇතිව වසන්නහුට ද මුලක් නැති සසරෙහි බොහෝ කලක් භාවිත කිරීමෙන් එබඳු ප්‍රත්‍ය යෙදීමෙන් හෝ සිහිමුළාවෙන් හෝ ඉදින් කාම විතර්කාදිය උපදී නම්, භික්ෂුව ඒ විතර්කය තමාගේ සිතට නංවා ඉදින් නො ඉවසයි නම්, ඉදින් අභ්‍යන්තරයෙහි (සිතෙහි) වාසය නොකරවයි නම් යන අර්ථයි. නො ඉවසන්නේ කුමක් කරයි ද? පජහති ඉවත දමයි. කුඩයෙන් කුණු ඉවත දමන්නාක් මෙන් ද? නැත. එහෙත් එය විනොදෙති දුරුකරයි. ඉවත් කරයි. කෙවිටෙන් ගොනෙකු ඉවත් කරන්නාක් මෙන් ද? නැත. එහෙත් එය බ්යන්තීකරොති කෙළවර කරයි. යටත් පිරිසෙයින් කැඩුණු මාත්‍රයක්වත් ඇතුළත ඉතිරි නොවන ලෙස කෙළවර කරයි. ඒවා එසේ කරන්නේ කෙසේද? අනභාවං ගමෙති නැවත නො ඉපදීමට පමුණුවයි. විෂ්කම්භන ප්‍රහාණයෙන් යම්සේ සැපසේ විෂ්කම්භනය කරන ලද්දේ වේද එසේ ඒ විතර්ක ඉවත දැමීම කරයි යනුවෙන් කියන ලද්දේ වෙයි.
එවංභූතොතිආදීසු එවං කාමවිතක්කාදීනං අනධිවාසනෙන සුවිසුද්ධාසයො සමානො තාය ච ආසයසම්පත්තියා තන්නිමිත්තාය ච පයොගසම්පත්තියා පරිසුද්ධසීලො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො ජාගරියං අනුයුත්තො තදඞ්ගාදිවසෙන කිලෙසානං ආතාපනලක්ඛණෙන වීරියෙන සමන්නාගතත්තා ආතාපී, සබ්බසො පාපුත්රාසෙන සමන්නාගතත්තා. ඔත්තාපී සතතං රත්තින්දිවං, සමිතං නිරන්තරං සමථවිපස්සනාභාවනානුයොගවසෙන චතුබ්බිධසම්මප්පධානසිද්ධියා, ආරද්ධවීරියො පහිතත්තො නිබ්බානං පටිපෙසිතචිත්තොති වුච්චති කථීයතීති අත්ථො. සෙසං වුත්තනයමෙව.
එවම්භූතො යන ආදියෙහි මෙසේ කාම විතර්කාදීන් නො ඉවසීමෙන් සුවිසුද්ධ ආසය (සිතක්) ඇත්තේ ඒ ආසය සම්පත්තියෙන් ද ඒ නිමිතිකොට ඇති ප්‍රයෝග සම්පත්තියෙන් ද පිරිසිදු සිල් ඇත්තේ ඉඳුරන්හි රක්නා ලද දොරටු ඇත්තේ භෝජනයෙහි පමණ දන්නේ සිහි නුවණින් යුක්ත වූයේ නො නිදා සිටීමෙහි (නිදි වැරීමෙහි) යෙදුනේ තදංගාදි වශයෙන් කෙලෙස් තවන ලක්ෂණයෙන් යුත් වීර්යයෙන් යුක්ත බැවින් ආතාපී, සියලු ආකාරයෙන් පාපයට තැති ගැනීමෙන් යුක්ත බැවින් ඔත්තප්පී, සතතං දිවා රෑ. සමිතං නිරතුරුව සමථ විදර්ශනා භාවනාවෙහි යෙදීම් වශයෙන් සතර වැදෑරුම් සම්‍යක් ප්‍රධාන සිදුවීමෙන් ආරද්ධවිරියො පහිතත්තො නිවන වෙත යවන ලද සිත් ඇත්තේයි කියන ලදැයි යන අර්ථයි. සෙස්ස කියන ලද ක්‍රමයටමය.
ගාථාසු ගෙහනිස්සිතන්ති එත්ථ ගෙහවාසීහි අපරිච්චත්තත්තා ගෙහවාසීනං සභාවත්තා ගෙහධම්මත්තා වා ගෙහං වුච්චති වත්ථුකාමො. අථ වා ගෙහපටිබද්ධභාවතො කිලෙසකාමානං නිවාසට්ඨානභාවතො තංවත්ථුකත්තා වා කාමවිතක්කාදි ගෙහනිස්සිතං නාම. කුම්මග්ගං පටිපන්නොති යස්මා අරියමග්ගස්ස උප්පථභාවතො අභිජ්ඣාදයො තදෙකට්ඨධම්මා ච කුම්මග්ගො, තස්මා කාමවිතක්කාදිබහුලො පුග්ගලො කුම්මග්ගං පටිපන්නො නාම. මොහනෙය්යෙසු මුච්ඡිතොති මොහසංවත්තනියෙසු රූපාදීසු මුච්ඡිතො සම්මත්තො අජ්ඣොපන්නො. සම්බොධින්ති අරියමග්ගඤාණං. ඵුට්ඨුන්ති ඵුසිතුං පත්තුං, සො තාදිසො මිච්ඡාසඞ්කප්පගොචරො අභබ්බො, න කදාචි තං පාපුණාතීති අත්ථො.
ගාථාවන්හි : ගෙහ නිස්සිතං යන මෙහි නිවැසියන් විසින් හැර නොදැමූ බැවින් හෝ ගෘහවාසීන්ගේ ස්වභාවය බැවින් හෝ ගෘහධර්මය බැවින් හෝ වස්තුකාමය ගෙයයි කියනු ලැබේ. (ගෙයට වස්තුකාම යයි කියනු ලැබේ) නොහොත් ගෙට බැඳී ඇති බැවින් හෝ ක්ලේශ කාමයන්ට නිවාසස්ථානයක් වූ බැවින් හෝ එය මූලාධාර කොට ඇති බැවින් හෝ කාම විතර්කාදිය ගෙහනිස්සිත නම් වේ. කුම්මග්ගං පටිපන්නො යනු යම්හෙයකින් ආර්ය මාර්ගයට වැරදි මාර්ගයක් වීම් වශයෙන් අභිජ්ඣාදිය ද ඒ හා බැඳී ඇති ධර්ම ද කුම්මග්ගය (වැරදි මාර්ගය) නම් වෙයි. එහෙයින් කාම විතර්කාදිය බහුල පුද්ගලයා වැරදි මාර්ගයට බැසගත්තේ නම් වෙයි. මොහනෙය්යෙසු මුච්ඡිතො යනු මෝහයට පැමිණවීමට සුදුසු රූපාදියෙහි මුළාවූයේ මත්වූයේ ගිලගෙන සිටියේ. සම්බොධි යනු ආර්යමාර්ග ඥානය. ඵුට්ඨුං යනු ස්පර්ශ කරන්නට, පැමිණීමට. සො තාදිසො මිථ්‍යා සංකල්ප ගොදුරුකොට ඇති තැනැත්තා කිසිකලෙකත් එයට නො පැමිණෙයි යන අර්ථයි.
විතක්කං සමයිත්වානාති යථාවුත්තං මිච්ඡාවිතක්කං පටිසඞ්ඛානභාවනාබලෙහි වූපසමෙත්වා. විතක්කූපසමෙ රතොති නවන්නම්පි මහාවිතක්කානං අච්චන්තවූපසමභූතෙ අරහත්තෙ නිබ්බානෙ එව වා අජ්ඣාසයෙන රතො අභිරතො. භබ්බො සො තාදිසොති සො යථාවුත්තො සම්මා පටිපජ්ජමානො පුග්ගලො පුබ්බභාගෙ සමථවිපස්සනාබලෙන සබ්බවිතක්කෙ යථාරහං තදඞ්ගාදිවසෙන වූපසමෙත්වා ඨිතො, විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා අරහත්තමග්ගඤාණසඞ්ඛාතං නිබ්බානසඞ්ඛාතඤ්ච අනුත්තරං සම්බොධිං ඵුට්ඨුං අධිගන්තුං භබ්බො සමත්ථොති.
විතක්කං සමයිත්වාන යනු කියන ලද ආකාර මිථ්‍යා විතර්ක ප්රත්යවේක්ෂා භාවනා බලයෙන් සංසිඳුවා. විතක්කූපසමෙ රතො යනු නව මහා විතර්කයන් අතිශයින් සන්සිඳුනා වූ අර්හත්වයෙහිම හෝ නිවනෙහිම හෝ අදහස් වශයෙන් ඇලුණේ මනාව ඇලුණේ. භබ්බො සො තාදිසො යනු කියන ලද ආකාර ඇති මනාව පිළිපදින්නා වූ ඒ පුද්ගලයා පූර්ව භාගයෙහි සමථ විදර්ශනා බලයෙන් සුදුසු පරිදි සියලු විතර්කයන් තදංගාදි වශයෙන් සන්සිඳුවා ගෙන සිටියේ විදර්ශනාවට උත්සාහවත් කරවා මාර්ග පිළිවෙළින් අර්හත් මාර්ග ඥාන සංඛ්‍යාත වූද නිර්වාණ සංඛ්‍යාත වූද අනුත්තර වූ සම්බොධිං ථුට්ඨුං සම්බෝධිය ලබන්නට සුදුසු වූවෙක් සමත් වූවෙක් වෙයි.
එකාදසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
එකොළොස්වන සූත්‍රයයි.