10. පුරිසපියරූපසුත්තවණ්ණනා අට්ඨකථා
10. පුරිසපියරූපසුත්තවණ්ණනා
10. පුරුෂප්රියරූප සූත්‍ර වර්ණනාව
දසමෙ සෙය්යථාපීති ඔපම්මදස්සනත්ථෙ නිපාතො, යථා නාමාති අත්ථො. නදියා සොතෙන ඔවුය්හෙය්යාති සීඝසොතාය හාරහාරිනියා නදියා උදකවෙගෙන හෙට්ඨතො වුය්හෙය්ය අධො හරියෙථ. පියරූපසාතරූපෙනාති පියසභාවෙන සාතසභාවෙන ච කාරණභූතෙන, තස්සං නදියං තස්සා වා පරතීරෙ මණිසුවණ්ණාදි අඤ්ඤං වා පියවත්ථු විත්තූපකරණං අත්ථි, තං ගහෙස්සාමීති නදියං පතිත්වා සොතෙන අවකඩ්ඪෙය්ය. කිඤ්චාපීති අනුජානනඅසම්භාවනත්ථෙ නිපාතො. කිං අනුජානාති, කිං න සම්භාවෙති? තෙන පුරිසෙන අධිප්පෙතස්ස පියවත්ථුස්ස තත්ථ අත්ථිභාවං අනුජානාති, තථාගමනං පන ආදීනවවන්තතාය න සම්භාවෙති. ඉදං වුත්තං හොති – අම්භො, පුරිස, යදිපි තයා අධිප්පෙතං පියවත්ථු තත්ථ උපලබ්භති, එවං ගමනෙ පන අයමාදීනවො, යං ත්වං හෙට්ඨා රහදං පත්වා මරණං මරණමත්තං වා දුක්ඛං පාපුණෙය්යාසීති.
දසවන සූත්‍රයෙහි සෙය්යථාපි යනු උපමා දක්වන අර්ථයෙහි නිපාතයකි. යම්සේ යන අර්ථයි. නදියා සොතෙන ඔවුය්හෙය්ය යනු වේගවත් සැඩපහරින් ගෙනයන ගංගා ජලයේ වේගයෙන් යටින් ගෙනයන්නේය, පහළට ගෙනයනු ලැබේ. පියරූප සාතරූපෙන යනු ප්‍රිය ස්වභාවය ද මධුර ස්වභාවය ද හේතුකොටගෙන, ඒ ගඟෙහි හෝ ගඟෙන් එගොඩ හෝ මැණික් රන් ආදී අනිත් ප්‍රිය වස්තුවක් හෝ මිහිරි උපකරණයක් හෝ ඇත. එය ගන්නෙමියි ගඟට වැටී සැඩපහරින් ඇදගෙන යනු ලැබේ. කිඤ්චාපි යනු අනුදැනීමෙහි (අනුමතයෙහි) සම්භාවනා (වර්ණනා) නොකිරිමෙහි නිපාතයකි. කුමක් අනුදනියි ද? කුමක් ගරු නොකරයි ද? ඒ පුරුෂයා විසින් අදහස් කළ ප්‍රිය වස්තුව එහි ඇති බව අනුමත කරයි. (පිළිගනියි) එසේ යාම ආදීනව (දොස්) ඇති බැවින් වර්ණනා නොකරයි. ‘පින්වත් පුරුෂය, ඉදින් ඔබ විසින් අදහස් කළ ප්‍රිය වස්තුව එහි ඇතත් මෙසේ යාමෙහි මේ ආදීනවයයි. ඔබ යට ඇති විලට පැමිණ මරණයට හෝ මරණය හා සමාන යම් දුකකට හෝ පැමිණෙන්නෙහිය’යන මෙය කියන ලද්දේ වෙයි.
අත්ථි චෙත්ථ හෙට්ඨා රහදොති එතිස්සා නදියා හෙට්ඨා අනුසොතභාගෙ අතිවිය ගම්භීරවිත්ථතො එකො මහාසරො අත්ථි. සො ච සමන්තතො වාතාභිඝාතසමුට්ඨිතාහි මණිමයපබ්බතකූටසන්නිභාහි මහතීහි ඌමීහි වීචීහි සඌමි, විසමෙසු භූමිප්පදෙසෙසු සවෙගං අනුපක්ඛන්දන්තෙන ඉමිස්සා තාව නදියා මහොඝෙන තහිං තහිං ආවට්ටමානවිපුලජලතාය බලවාමුඛසදිසෙහි සහ ආවට්ටෙහීති සාවට්ටො. තං රහදං ඔතිණ්ණසත්තෙයෙව අත්තනො නිබද්ධාමිසගොචරෙ කත්වා අජ්ඣාවසන්තෙන අතිවිය භයානකදස්සනෙන ඝොරචෙතසා දකරක්ඛසෙන සගහො සරක්ඛසො, චණ්ඩමච්ඡමකරාදිනා වා සගහො, යථාවුත්තරක්ඛසෙන සරක්ඛසො.
අත්ථි චෙත්ථ හෙට්ඨා රහදො යනු ඒ ගංගාව යට (පහළ) සැඬපහර ඇති කොටසෙහි අතිශයින් ගැඹුරු වූ ද පළල් වූ ද එක් මහාවිලක් ඇත. එය ද හාත්පසින් වාත පහරින් නැගුණු මැණික් පර්වතකුට සමාන වූ මහත් රැළිවලින් සඌමි රැළි සහිත වූ. විසම භූමි ප්‍රදේශවල වේග සහිතව ඇතුළට වදින මේ නදියෙහි මහත් වූ සැඩපහරින් තැන තැන පෙරළෙන මහත් වූ ජලය ඇති බැවින් වඩබාග්නිය සමාන සුළි සහිත වූ යන අරුතින් සාවට්ටො. ඒ විලට බැසගත් සත්ත්වයන්ම තමාගේ නිබඳ ආමිස ලෙස ගොදුරු කොට වසමින් අතිශය භයානක දර්ශන ඇති ඝෝර සිත් ඇති දියරකුසකු විසින් සගහො සරක්ඛසො සගහ, සරක්ඛස වූ. සැඩමසුන් මෝරුන් සහිත වූ හෙයින් හෝ ‘සගහ’ වෙයි. කියන ලද ආකාර ඇති රකුසා සහිත වූ හෙයින් හෝ ‘සරක්ඛස’ වෙයි.
යන්ති එවං සප්පටිභයං යං රහදං. අම්භො පුරිසාති ආලපනං. මරණං වා නිගච්ඡසීති තාහි වා ඌමීහි අජ්ඣොත්ථටො, තෙසු වා ආවට්ටෙසු නිපතිතො සීසං උක්ඛිපිතුං අසක්කොන්තො තෙසං වා චණ්ඩමච්ඡමකරාදීනං මුඛෙ නිපතිතො. තස්ස වා දකරක්ඛසස්ස හත්ථං ගතො මරණං වා ගමිස්සසි, අථ වා පන ආයුසෙසෙ සති තතො මුච්චිත්වා අපගච්ඡන්තො තෙහි ඌමිආදීහි ජනිතඝට්ටිතවසෙන මරණමත්තං මරණප්පමාණං දුක්ඛං නිගච්ඡසි. පටිසොතං වායමෙය්යාති සො පුබ්බෙ අනුසොතං වුය්හමානො තස්ස පුරිසස්ස වචනං සුත්වා “අනත්ථො කිර මෙ උපට්ඨිතො, මච්චුමුඛෙ කිරාහං පරිවත්තාමී”ති උප්පන්නබලවභයො සම්භමන්තො දිගුණං කත්වා උස්සාහං හත්ථෙහි ච පාදෙහි ච වායමෙය්ය තරෙය්ය, න චිරෙනෙව තීරං සම්පාපුණෙය්ය.
යං යනු මෙසේ බියසහිත වූ යම් විලක්. අම්භො පුරිස යනු ආලපනයයි. මරණං වා නිගච්ඡසි යනු ඒ දියරැළිවලින් වසා පැතිර සිටි හෝ ඒ සුළිවලට වැටුණේ හිස ඔසවන්නට නොහැක්කේ ඒ සැඬ මසුන් මකරාදීන්ගේ මුඛයෙහි වැටුණේ ඒ දියරකුසාගේ අතට පත්වූයේ මරණයට හෝ යයි. නැතහොත් ආයුෂ ඉතිරිව ඇති කල්හි එයින් මිදී ඉවතට යන්නේ ඒ රැළි ආදියෙන් උපන් ගැටීම් වශයෙන් මරණමත්තං මරණය පමණ වූ දුකට පැමිණෙයි. පටිසොතං වායමෙය්ය යනු හෙතෙම පෙර සැඬපහරට අනුව පහළට යන්නේ ඒ පුරුෂයාගේ වචනය අසා මට අයහපතක් පැමිණියේලු. මම මරුකටට පෙරළෙම්ලුයි උපන් බලවත් භය ඇත්තේ කැරකෙමින් උත්සාහය දෙගුණකොට හත්ථෙහි චපාදෙහි ච වායමෙය්ය (අත්වලින්ද පාවලින් ද උත්සාහ කරන්නේය) තරණය කරන්නේය. නොබෝ වේලාවකින්ම වෙරළට පැමිණෙන්නේය.
අත්ථස්ස විඤ්ඤාපනායාති චතුසච්චපටිවෙධානුකූලස්ස අත්ථස්ස සම්බොධනාය උපමා කතා. අයඤ්චෙත්ථ අත්ථොති අයමෙව ඉදානි වුච්චමානො ඉධ මයා අධිප්පෙතො උපමෙය්යත්ථො, යස්ස විඤ්ඤාපනාය උපමා ආහටා.
අත්ථස්ස විඤ්ඤාපනාය යනු චතුස්සත්‍ය අවබෝධයට අනුකූල වූ අර්ථයේ අවබෝධය පිණිස උපමාවක් කරන ලදී. අයඤ්චෙත්ථ අත්ථො යනු යම් කරුණක් අවබෝධ කරවනු පිණිස උපමාවක් ගෙනෙන ලද ද මෙහි දැන් කියනු ලබන මා විසින් අදහස් කරන ලද උපමෙය අර්ථය මෙයමය.
තණ්හායෙතං අධිවචනන්ති එත්ථ චතූහි ආකාරෙහි තණ්හාය සොතසදිසතා වෙදිතබ්බා අනුක්කමපරිවුඩ්ඪිතො අනුප්පබන්ධතො ඔසීදාපනතො දුරුත්තරණතො ච.
තණ්හායෙතං අධිවචනං යන මෙහි සතර ආකාරයකින් තණ්හාව, සැඩදිය පහරට සමාන බව දතයුතුයි. අනුපිළිවෙලින් විශාල වීම් වශයෙන් ද නොකැඩී පැවතීම් වශයෙන් ද ගිලාබැස්සීම් වශයෙන් ද එතෙරවීමට අපහසුවීම් වශයෙන් ද යනුවෙනි.
යථා හි උපරි මහාමෙඝෙ අභිප්පවුට්ඨෙ උදකං පබ්බතකන්දරපදරසාඛායො පූරෙත්වා තතො භස්සිත්වා කුසුබ්භෙ පූරෙත්වා තතො භස්සිත්වා කුන්නදියො පූරෙත්වා තතො මහානදියො පක්ඛන්‍දිත්‍වා එකොඝං හුත්වා පවත්තමානං “නදීසොතො”ති වුච්චති, එවමෙව අජ්ඣත්තිකබාහිරාදිවසෙන අනෙකභෙදෙසු රූපාදීසු ආරම්මණෙසු ලොභො උප්පජ්ජිත්වා අනුක්කමෙන පරිවුඩ්ඪිං ගච්ඡන්තො “තණ්හාසොතො”ති වුච්චති,
1. ඉහළ මහවැසි ඇදහැලුණු විට ජලය පර්වත, කඳුරු, පැල්ම ශාඛා පුරවා එයින් බැස කුඩා වලවල් පුරවා එයින් බැස කුඩා නදී පුරවා එයින් මහා නදීන්ට වැටී එක දියපහරක් වී පැවතීම නදීසැඩපහර යයි කියනු ලැබේ. එසේම ආධ්‍යාත්මික බාහිරාදි වශයෙන් නොයෙක් භේද ඇති රූපාදී අරමුණුවල ලෝභය ඉපදී අනුපිළිවෙළින් විශාලවීමට යන්නේ තණ්හා සෝත යයි කියනු ලැබේ.
යථා ච නදීසොතො ආගමනතො යාව සමුද්දප්පත්ති, තාව සති විච්ඡෙදපච්චයාභාවෙ අවිච්ඡිජ්ජමානො අනුප්පබන්ධෙන පවත්තති, එවං තණ්හාසොතොපි ආගමනතො පට්ඨාය අසති විච්ඡෙදපච්චයෙ අවිච්ඡිජ්ජමානො අපායසමුද්දාභිමුඛො අනුප්පබන්ධෙන පවත්තති.
2. යම්සේ ගංගා සැඩපහර පැමිණීමේ (ආරම්භයේ) සිට මුහුදට වැටෙනතුරු කැඩීයාමකට හේතුවක් නැති බැවින් නොසිඳී නොකැඩී පැවතීම් වශයෙන් පවතී ද, මෙසේ තණ්හා සැඬපහර ද ආරම්භයේ පටන් කැඩී යාමකට හේතුවක් නැති කල්හි නොකැඩී අපාය සමුදුරට මුහුණලා නොකැඩී පැවතීමෙන් පවතී.
යථා පන නදීසොතො තදන්තොගධෙ සත්තෙ ඔසීදාපෙති, සීසං උක්ඛිපිතුං න දෙති, මරණං වා මරණමත්තං වා දුක්ඛං පාපෙති, එවං තණ්හාසොතොපි අත්තනො සොතන්තොගතෙ සත්තෙ ඔසීදාපෙති, පඤ්ඤාසීසං උක්ඛිපිතුං න දෙති, කුසලමූලච්ඡෙදනෙන සංකිලෙසධම්මසමාපජ්ජනෙන ච මරණං වා මරණමත්තං වා දුක්ඛං පාපෙති.
3. යම්සේ ගංගා සැඬපහර, සැඬපහර ඇතුළට ගිය සත්ත්වයන් ගිලා බස්සයි ද හිස ඔසවන්නට නො දෙයි ද මරණයට හෝ මරණයට සමාන දුකකට හෝ පමුණුවයි ද මෙසේ තණ්හා සැඬපහර ද තමාගේ සැඬපහර ඇතුළට ගිය සත්ත්වයන්. ගිලාබස්සයි ද ප්‍රඥාව නමැති හිස ඔසවන්නට නොදෙයි ද කුසල් මුල් සිඳිමින් ද කෙලෙස් ධර්මයන්ට පැමිණීමෙන් ද මරණයට හෝ මරණයට සමාන දුකකට හෝ පමුණුවයි.
යථා ච නදියා සොතො මහොඝභාවෙන පවත්තමානො උළුම්පං වා නාවං වා බන්ධිතුං නෙතුඤ්ච ඡෙකං පුරිසං නිස්සාය පරතීරං ගන්තුං අජ්ඣාසයං කත්වා තජ්ජං වායාමං කරොන්තෙන තරිතබ්බො, න යෙන වා තෙන වාති දුරුත්තරො, එවං තණ්හාසොතොපි කාමොඝභවොඝභූතො සීලසංවරං පූරෙතුං සමථවිපස්සනාසු කම්මං කාතුං “නිපකෙන අරහත්තං පාපුණිස්සාමී”ති අජ්ඣාසයං සමුට්ඨාපෙත්වා කල්යාණමිත්තෙ නිස්සාය සමථවිපස්සනානාවං අභිරුහිත්වා සම්මාවායාමං කරොන්තෙන තරිතබ්බො, න යෙන වා තෙන වාති දුරුත්තරො.
4. යම්සේ ගංගා සැඬපහර මහෝඝ භාවයෙන් පවතින්නේ පහුරක් හෝ නැවක් හෝ බඳින්නට ද ගෙනයන්නට ද දක්ෂ පුරුෂයකු ඇසුරුකොට පරතෙරට යන්නට අදහස් කොට එයට ගැලපෙන ලෙස වෑයම් කරන තැනැත්තා විසින් එතෙරවිය යුතුය. අන් අයුරකින් නොවේ යනුවෙන් දුරුත්තරය (එතෙරවීම දුෂ්කරය). මෙසේ කාම ඕඝ, භව ඕඝ වූ මහා සැඬපහර ද සීල සංවරය පුරන්නට සමථ විදර්ශනාවන්හි ක්‍රියා කරන්නට නුවණැත්තා විසින් රහත්බවට පැමිණෙන්නෙමියි අදහසක් ඇතිකොට කල්‍යාණ මිත්‍රයන් ඇසුරුකොට සමථ විදර්ශනා නමැති නැවට නැගී මනාව වෑයම් කරන තැනැත්තා විසින් එතෙරවිය යුතුය. අන් අයුරකින් නොවේ යනුවෙන් දුරුත්තරය.
එවං අනුක්කමපරිවුඩ්ඪිතො අනුප්පබන්ධතො ඔසීදාපනතො දුරුත්තරණතොති චතූහි ආකාරෙහි තණ්හාය නදීසොතසදිසතා වෙදිතබ්බා.
මෙසේ අනුපිළිවෙළින් විශාලවීම් වශයෙන්, නොකැඩී පැවතීම් වශයෙන්, ගිලාබැසීම් වශයෙන්, එතෙරවීමට අපහසුවීම් වශයෙන්දැයි සතර ආකාරයකින් තණ්හාව, සැඬදිය පහරට සමාන බව දතයුතුය.
පියරූපං සාතරූපන්ති පියජාතිකං පියසභාවං පියරූපං, මධුරජාතිකං මධුරසභාවං සාතරූපං, ඉට්ඨසභාවන්ති අත්ථො. ඡන්නෙතන්ති ඡන්නං එතං. අජ්ඣත්තිකානන්ති එත්ථ “එවං මයං අත්තාති ගහණං ගමිස්සාමා”ති ඉමිනා විය අධිප්පායෙන අත්තානං අධිකාරං කත්වා පවත්තානීති අජ්ඣත්තිකානි.
පියරූපං සාතරූපං යනු ප්‍රිය ජාතිකය ප්‍රිය ස්වභාවය ප්රියරූපයයි. මධුර ජාතිකය මධුර ස්වභාවය සාතරූපයයි. ඉෂ්ඨ ස්වභාවය (සිතට ප්‍රිය ගතිය) යන අර්ථයි. ඡන්නෙතං යනු ඡන්නං එතං. අජ්ඣත්තිකානං යන මෙහි මෙසේ අපි ආත්මය යන ගැනීම ගෙනයමු යන මේ අදහසින් මෙන් තමා ප්‍රධානකොට පැවති යන අර්ථයෙන් අජ්ඣත්තික නම් වේ.
තත්ථ ගොචරජ්ඣත්තං, නියකජ්ඣත්තං, විසයජ්ඣත්තං, අජ්ඣත්තජ්ඣත්තන්ති චතුබ්බිධං අජ්ඣත්තං. තෙසු “අජ්ඣත්තරතො සමාහිතො”ති එවමාදීසු (ධ· ප· 362) වුත්තං ඉදං ගොචරජ්ඣත්තං නාම. “අජ්ඣත්තං සම්පසාදන”න්ති (දී· නි· 1.228; ධ· ස· 161) ආගතං ඉදං නියකජ්ඣත්තං නාම. “සබ්බනිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරතී”ති (ම· නි· 3.187) එවමාගතං ඉදං විසයජ්ඣත්තං නාම. “අජ්ඣත්තිකා ධම්මා, බාහිරා ධම්මා”ති (ධ· ස· තිකමාතිකා 20) එත්ථ වුත්තං අජ්ඣත්තං අජ්ඣත්තජ්ඣත්තං නාම. ඉධාපි එතදෙව අධිප්පෙතං, තස්මා අජ්ඣත්තානියෙව අජ්ඣත්තිකානි. අථ වා යථාවුත්තෙනෙව අත්ථෙන “අජ්ඣත්තා ධම්මා, බහිද්ධා ධම්මා”තිආදීසු විය තෙසු අජ්ඣත්තෙසු භවානි අජ්ඣත්තිකානි, චක්ඛාදීනි. තෙසං අජ්ඣත්තිකානං.
ගොචරජ්ඣත්ත, නියකජ්ඣත්ත, විසයජ්ඣත්ත, අජ්ඣත්තජ්ඣත්ත යනුවෙන් අධ්‍යාත්මය සතර වැදෑරුම්ය. ඒවා අතරින් ‘අජ්ඣත්තරතො සමාහිතො’ ‘අධ්‍යාත්මයෙහි ඇලුණේ සන්සුන් වූයේ යන මේ ආදියෙහි කියන ලද මෙය ගොචරජ්ඣත්ත (ගොචර අධ්‍යාත්ම) යයි. ‘අජ්ඣත්තං සම්පසාදනං’ ‘අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති’ යනුවෙන් ආවා වූ මෙය නියකජ්ඣත්ත (නියක අධ්‍යාත්ම) යයි. ‘සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරති’ සියලු නිමිති මෙනෙහි නො කිරීමෙන් ආධ්‍යාත්මික ශුන්යතාවට පැමිණ වාසය කරයි. ‘මෙසේ ආවා වූ මෙය විසයජ්ඣත්ත (විෂය අධ්‍යාත්ම) යයි. ‘අජ්ඣත්තිකා ධම්මා බාහිරා ධම්මා’ ‘අධ්‍යාත්මික ධර්ම බාහිර ධර්ම’ යන මෙහි කියන ලද්ද අජ්ඣත්තජ්ඣත්ත (අධ්‍යාත්ම අධ්‍යාත්ම) නමි. මෙහි ද එයම අදහස් කරන ලදී. එහෙයින් අජ්ඣත්තානි යන්නම අජ්ඣත්තිකානි වෙයි. නොහොත් කියන ලද ආකාර ඇති අර්ථයෙන්ම ‘අජ්ඣත්තා ධම්මා බහිද්ධා ධම්මා’ යනාදියෙහි මෙන් ඒ අධ්‍යාත්මයන්හි වූ දේ අජ්ඣත්තිකානි ඇස ආදිය යි, ඒ අධ්‍යාත්මයට අයත් දේවල.
ආයතනානන්ති එත්ථ ආයතනතො, ආයානං තනනතො, ආයතස්ස ච නයනතො ආයතනානීති. චක්ඛාදීසු හි තංතංද්වාරවත්ථුකා චිත්තචෙතසිකා ධම්මා සකෙන සකෙන අනුභවනාදිනා කිච්චෙන ආයතන්ති උට්ඨහන්ති ඝටන්ති වායමන්ති, තෙ ච ආයභූතෙ ධම්මෙ එතානි තනොන්ති විත්ථාරෙන්ති, යඤ්ච අනමතග්ගෙ සංසාරෙ පවත්තං අතිවිය ආයතං වට්ටදුක්ඛං, තං නයන්ති පවත්තෙන්ති. ඉති සබ්බථාපිමෙ ධම්මා ආයතනතො, ආයානං තනනතො, ආයතස්ස ච නයනතො ආයතනානීති වුච්චන්ති. අපිච නිවාසට්ඨානට්ඨෙන, ආකරට්ඨෙන, සමොසරණට්ඨානට්ඨෙන, සඤ්ජාතිදෙසට්ඨෙන, කාරණට්ඨෙන ච ආයතනං වෙදිතබ්බං. තථා හි ලොකෙ “ඉස්සරායතනං දෙවායතන”න්තිආදීසු නිවාසට්ඨානං ආයතනන්ති වුච්චති. “සුවණ්ණායතනං රජතායතන”න්තිආදීසු ආකරො. සාසනෙ පන “මනොරමෙ ආයතනෙ, සෙවන්ති නං විහඞ්ගමා”තිආදීසු සමොසරණට්ඨානං. “දක්ඛිණාපථො ගුන්නං ආයතන”න්තිආදීසු සඤ්ජාතිදෙසො. “තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ”තිආදීසු (ම· නි· 3.158; අ· නි· 3.102) කාරණං ආයතනන්ති වුච්චති.
ආයතනානං යන මෙහි උත්සාහ කරන හෙයින් ද (ආයතනතො), (චිත්ත-චෛතසික ධර්මයන්) විස්තර කරන හෙයින් ද (ආයානං තනනතො), මතු මත්තෙහි ගෙන යන හෙයින් ද (ආයතස්ස ච නයනතො) ආයතන නම් වේ. ඇස ආදීන්හි ඒ ඒ ද්වාර වස්තුක වූ චිත්ත චෛතසික ධර්මයෝ ස්වකීය ස්වකීය අනුභවන (විඳීම්) ආදී වූ කෘත්‍යයෙන් උත්සාහ කරති, නැගීසිටිති, ගැටෙති, වෑයම් කරති. ඒ ආයභූත වූ (චිත්ත චෛතසික) ධර්මයන්, මේ ඇස ආදී ආයතනයෝ විස්තර කෙරෙත්. අග මුල නොදත හැකි (අනමතග්ග) මේ සසර පැවැත්තා වූ, ඉතාම දික් වූ යම් සසර දුකක් වේද, එය (ආයතනයෝ) ගෙන යති, පවත්වති. මෙසේ සර්වප්රකාරයෙන් මේ ධර්මයෝ උත්සාහ කරන හෙයින් ද, විස්තර කරන හෙයින් ද, මතුමත්තෙහි ගෙනයන හෙයින් ද ආයතන යයි කියනු ලැබෙත්. යළිත් නිවාසස්ථාන අර්ථයෙන් ද ආකරය යන අර්ථයෙන් ද රැස්වන (සමෝසරණ) තැන යන අර්ථයෙන් ද උපන් දේශය යන අර්ථයෙන් ද කාරණය යන අර්ථයෙන් ද ආයතනය දතයුතුය. ඒ එසේය. ලෝකයෙහි ‘ඉස්සරායතනං දෙවායතනං’ යනාදියෙහි නිවාස ස්ථානය ආයතනයයි කියනු ලැබේ ‘සුවණ්ණායතනං රතනායතනං’ යනාදියෙහි ආකරය ආයතන යයි කියනු ලැබේ. ශාසනයෙහි ‘මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විභංගමා’ මනරම් වූ ස්ථානයෙහි ඒ ගස පක්ෂීහු ඇසුරු කරත් යනාදියෙහි රැස්වන තැන ආයතන යයි කියනු ලැබේ. ‘දක්ඛිණාපථො ගුන්නං ආයතනං’ ‘දක්ෂිණාපථය ගවයන් උපන් දේශයයි’ යනාදියෙහි උපන් දේශය ආයතන යයි කියනු ලැබේ. ‘තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ’ ‘කරුණු ඇති කල්හි ඒ ඒ අභිඥාවෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නේය’ යනාදියෙහි කාරණය ආයතන යයි කියනු ලැබේ.
චක්ඛාදීසු ච තෙ තෙ චිත්තචෙතසිකා ධම්මා නිවසන්ති තදායත්තවුත්තිතායාති චක්ඛාදයො තෙසං නිවාසට්ඨානං. තත්ථ ච තෙ ආකිණ්ණා තන්නිස්සිතත්තාති තෙ නෙසං ආකරො, සමොසරණට්ඨානඤ්ච තත්ථ වත්ථුද්වාරභාවෙන සමොසරණතො, සඤ්ජාතිදෙසො ච තන්නිස්සයභාවෙන තෙසං තත්ථෙව උප්පත්තිතො, කාරණඤ්ච තදභාවෙ තෙසං අභාවතොති.
ඇස ආදියෙහි ද ඒ ඒ චිත්ත චෛතසික ධර්ම වාසය කරයි. එයට අයත් පැවැත්ම ඇති හෙයින් මෙසේ ඇස ආදිය චිත්ත චෛතසික ධර්මයන්ගේ නිවාස ස්ථානයයි. ඇස ආදියෙහි ද ඒ චිත්ත චෛතසික ධර්ම ගැවසී ගත් හෙයින් ඇසුරුකොට ඇති හෙයින් දැයි මෙසේ ඇස ආදිය චිත්ත චෛතසික ධර්මයන්ගේ ආකරය වෙයි. එහි (චක්ඛු) වස්තු (චක්ඛු) ද්වාර භාවයෙන් රැස්වන තැන වශයෙන් සමෝසරණ ස්ථානයද වෙයි. එය ඇසුරුකොට ඇති බැවින් ද චිත්ත චෛතසික ධර්මයන් එහිම (ඇස ආදියෙහිම) ඉපදීම් වශයෙන් උපන් දේශයද වෙයි. ඇස ආදිය නැති කල්හි චිත්ත චෛතසිකයන් නැති හෙයින් කාරණය ද වෙයි.
ඉති නිවාසට්ඨානට්ඨෙන, ආකරට්ඨෙන, සමොසරණට්ඨානට්ඨෙන, සඤ්ජාතිදෙසට්ඨෙන, කාරණට්ඨෙනාති ඉමෙහි කාරණෙහි චක්ඛාදීනි ආයතනානීති වුච්චන්ති. තෙන වුත්තං “ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනාන”න්ති.
මෙසේ නිවාසස්ථාන අර්ථයෙන් ද ආකරය යන අර්ථයෙන් ද රැස්වන තැන යන අර්ථයෙන් ද උපන් දේශය යන අර්ථයෙන් ද කාරණය යන අර්ථයෙන් ද යන මේ කරුණුවලින් ඇස ආදිය ආයතනයයි කියනු ලැබේ. එහෙයින් ‘ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං’ ආධ්‍යාත්මික ආයතන හයට යනුවෙන් කියන ලදී.
යදිපි රූපාදයොපි ධම්මා “රූපං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතී”ති තණ්හාවත්ථුභාවතො පියරූපසාතරූපභාවෙන වුත්තා. චක්ඛාදිකෙ පන මුඤ්චිත්වා අත්තභාවපඤ්ඤත්තියා අභාවතො “මම චක්ඛු මම සොත”න්තිආදිනා අධිකසිනෙහවත්ථුභාවෙන චක්ඛාදයො සාතිසයං පියරූපං සාතරූපන්ති නිද්දෙසං අරහන්තීති දස්සෙතුං “පියරූපං සාතරූපන්ති ඛො, භික්ඛවෙ, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචන”න්ති වුත්තං.
ඉදින් ප්රියරූපාදී ධර්ම ද ‘රූපං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති’ ‘රූපය ලෝකයෙහි ප්‍රිය ස්වභාවයයි, මධුර ස්වභාවයයි, ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී යනුවෙන් තණ්හාවට වස්තු වන බැවින් ප්‍රිය ස්වභාව - මධුර ස්වභාවයෙන් කියන ලදී. ඇස ආදිය අතහැර ආත්මභාව පැණවීමක් නැති හෙයින් මගේ ඇස, මගේ කණ ආදී වශයෙන් අධික ස්නේහයට වස්තු වන බැවින් ඇස ආදිය සාතිශය ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවයයි පෙන්වීම සුදුසුයයි දැක්වීමට ‘පියරූප සාතරූපන්ති ඛො භික්ඛවෙ ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං’ ‘මහණෙනි, පියරූප සාතරූප යනුමේ ආධ්‍යාත්මික ආයතන හයට නමකි’යි කියන ලදී.
ඔරම්භාගියානන්ති එත්ථ ඔරං වුච්චති කාමධාතු, තප්පරියාපන්නා ඔරම්භාගා, පච්චයභාවෙන තෙසං හිතාති ඔරම්භාගියා. යස්ස සංවිජ්ජන්ති, තං පුග්ගලං වට්ටස්මිං සංයොජෙන්ති බන්ධන්තීති සංයොජනානි. සක්කායදිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසකාමරාගබ්යාපාදානං එතං අධිවචනං. තෙ හි කාමභවූපගානං සඞ්ඛාරානං පච්චයා හුත්වා රූපාරූපධාතුතො හෙට්ඨාභාවෙන නිහීනභාවෙන ඔරම්භාගභූතෙන කාමභවෙන සත්තෙ සංයොජෙන්ති. එතෙනෙව තෙසං හෙට්ඨාරහදසදිසතා දීපිතාති දට්ඨබ්බා.
ඔරම්භාගියානං යන මෙහි කාමධාතුව ඔරං යි කියනු ලැබේ. එයට (ඔරයට) ඇතුළත් වූයේ = ඔරම්භාග නම් වේ. ප්‍රත්‍ය භාවයෙන් ඒ. ඔරම්භාගයන්ට හිත වූයේ යන අරුතින් ඕරම්භාගිය නම් වේ. (ඒ ඕරම්භාගිය) යමෙකුගේ පෙනෙන්ට ඇද්ද ඒ පුද්ගලයා සසරෙහි යොදවයි බඳියි යන අරුතින් සංයෝජන නම් වේ. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, බ්යාපාදවලට එය වචනයකි. ඒවා කාමභවයට එළඹි සංස්කාරයන්ට ප්‍රත්‍ය වී රූප අරූප ධාතුවෙන් (ලෝකයෙන්) පහළ බැවින් නිහීන බැවින් ඔරම්භාග වූ කාමභවය සමග සත්ත්වයන් යොදවයි. එහෙයින්ම ඒවා පහළ ඇති විලට සමාන බව දක්වන ලදැයි දතයුතුය.
ඌමිභයන්ති ඛො, භික්ඛවෙ, කොධුපායාසස්සෙතං අධිවචනන්ති භායති එතස්මාති භයං, ඌමි එව භයන්ති ඌමිභයං. කුජ්ඣනට්ඨෙන කොධො, ස්වෙව චිත්තස්ස සරීරස්ස ච අභිප්පමද්දනපවෙධනුප්පාදනෙන දළ්හං ආයාසනට්ඨෙන උපායාසො.
ඌමිභයන්ති ඛො භික්ඛවෙ කොධූපායාසස්සෙතං අධිවචනං යනු මෙයින් බියවෙයි යන අරුතින් භය නම් වේ. ඌමියම භයය යන අරුතින් ඌමිභය නම් වේ. කිපෙන අර්ථයෙන් කොධ නම් වේ. ඒ ක්‍රෝධයම සිතේ ද ශරීරයේ ද මැඩීම, වෙවුලීම ඉපදවීමෙන් දැඩිය (බලවත්ය,) වෙහෙස අර්ථයෙන් උපායාස නම් වේ.
එත්ථ ච අනෙකවාරං පවත්තිත්වා අත්තනා සමවෙතං සත්තං අජ්ඣොත්ථරිත්වා සීසං උක්ඛිපිතුං අදත්වා අනයබ්යසනාපාදනෙන කොධුපායාසස්ස ඌමිසදිසතා දට්ඨබ්බා. තථා කාමගුණානං කිලෙසාභිභූතෙ සත්තෙ ඉතො ච එත්තො, එත්තො ච ඉතොති එවං මනාපියරූපාදිවිසයසඞ්ඛාතෙ අත්තනි සංසාරෙත්වා යථා තතො බහිභූතෙ නෙක්ඛම්මෙ චිත්තම්පි න උප්පජ්ජති එවං ආවට්ටෙත්වා බ්යසනාපාදනෙන ආවට්ටසදිසතා දට්ඨබ්බා. යථා පන ගහරක්ඛසොපි ආරක්ඛරහිතං අත්තනො ගොචරභූමිගතං පුරිසං අභිභුය්ය ගහෙත්වා අගොචරෙ ඨිතම්පි රක්ඛසමායාය ගොචරං නෙත්වා භෙරවරූපදස්සනාදිනා අවසං අත්තනො උපකාරං කාතුං අසමත්ථං කත්වා අන්වාවිසිත්වා වණ්ණබලභොගයසසුඛෙහිපි වියොජෙන්තො මහන්තං අනයබ්යසනං ආපාදෙති, එවං මාතුගාමොපි යොනිසොමනසිකාරරහිතං අවීරපුරිසං ඉත්ථිකුත්තභූතෙහි අත්තනො හාවභාවවිලාසෙහි අභිභුය්ය ගහෙත්වා වීරජාතියම්පි අත්තනො රූපාදීහි පලොභනවසෙන ඉත්ථිමායාය අන්වාවිසිත්වා අවසං අත්තනො උපකාරධම්මෙ සීලාදයො සම්පාදෙතුං අසමත්ථං කරොන්තො ගුණවණ්ණාදීහි වියොජෙත්‍වා මහන්තං අනයබ්යසනං ආපාදෙති, එවං මාතුගාමස්ස ගහරක්ඛසසදිසතා දට්ඨබ්බා. තෙන වුත්තං “ආවට්ටන්ති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං, ගහරක්ඛසොති ඛො, භික්ඛවෙ, මාතුගාමස්සෙතං අධිවචන”න්ති.
මෙහි ද නොයෙක් වාරයක් පැවතී තමා සමාන ඒ සත්ත්වයා මැඩගෙන හිස ඔසවන්නට නොදී විනාශයට පැමිණවීමෙන් කොධ උපායාසය රළ හා සමානයයි දතයුතුය. එසේ කාමගුණයන් නිසා කෙලෙස්වලින් මැඩගත් සත්ත්වයන් මෙතැනින් එතැනටත් එතැනින් මෙතැනටත් යනුවෙන් මෙසේ මනාප රූපාදී විෂය සංඛ්‍යාත තමා කෙරෙහි ඇවිදුවා යම්සේ එයින් පිටත වූ නෙක්ඛම්මයෙහි සිතක්වත් නො උපදී ද මෙසේ වසඟකොට දුකට පැමිණවීමෙන් දිය සුළියකට සමාන බව දතයුතුය. යම්සේ වනාහි ගෘහරාක්ෂසයා තමාගේ ගොදුරුබිමට ගිය අනාරක්ෂිත පුරුෂයා මැඩ අල්ලාගෙන ගොදුරුබිමෙහි නොසිටිය පුරුෂයාද රාක්ෂස මායාවෙන් ගොදුරුබිමට පමුණුවා බියකරු රූප දැක්වීමාදියෙන් තමාට උපකාර කරගැනීමට අසමත් බව දුබල බව ඇතිකොට ආවේශ වී වර්ණය - බලය භොග (ධනය) යස (පිරිවර) සැප ආදියෙන් වෙන්කරමින් මහත් වූ දුකට පමුණුවයි. මෙසේ ස්ත්‍රිය ද යෝනිසෝ මනසිකාරය නැති වීරබවක් නැති පුරුෂයා ස්ත්‍රී ලීලාවලින් තමන්ගේ ඉඟිබිඟි ආදී මායම්වලින් මැඩගෙන වීර ජාතියක සිටි පුරුෂයෙකු වුවද තමාගේ රූපාදියෙන් පෙළඹවීම් වශයෙන් ස්ත්‍රී මායාවෙන් ආවේශ වී තමාට උපකාර ධර්ම වූ සීලාදිය සම්පාදනය කරන්නට අසමත් බව දුබල බව ඇතිකරමින් ගුණ වර්ණනාදියෙන් වෙන් කරමින් මහත් වූ දුකට පමුණුවයි. මෙසේ ස්ත්‍රිය ගෘහ රාක්ෂසයකුට සමාන බව දතයුතුය. එහෙයින් ‘ආවට්ටන්ති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං ගහරක්ඛසොති ඛො භික්ඛවෙ මාතුගාමෙස්සතං අධිවචනං’ ‘මහණෙනි, දියසුළිය යන මෙය පංචකාම ගුණයන්ට නමකි. මහණෙනි, ගහරක්ඛස යන මෙය ස්ත්‍රියට නමකි’යි කියන ලදී.
පටිසොතොති ඛො භික්ඛවෙ නෙක්ඛම්මස්සෙතං අධිවචනන්ති එත්ථ පබ්බජ්ජා සහ උපචාරෙන පඨමජ්ඣානං විපස්සනාපඤ්ඤා ච නිබ්බානඤ්ච නෙක්ඛම්මං නාම. සබ්බෙපි කුසලා ධම්මා නෙක්ඛම්මං නාම. වුත්තඤ්හෙතං –
පටිසොතොති ඛො භික්ඛවෙ නෙක්ඛම්මස්සෙතං අධිවචනං මහණෙනි, පටිසොත හෙවත් ඉහළට යන දියපහර යනු නෙක්ඛම්මයට නමකි) යන මෙහි පැවිද්ද ද උපචාරය සමග ප්‍රථම ධ්‍යානය ද විදර්ශනා ප්‍රඥාවද නිවන ද නෙක්ඛම්ම නම් වේ. සියලුම කුසල ධර්ම නෙක්ඛම්ම නම් වේ. එය
“පබ්බජ්ජා පඨමං ඣානං, නිබ්බානඤ්ච විපස්සනා; සබ්බෙපි කුසලා ධම්මා, නෙක්ඛම්මන්ති පවුච්චරෙ”ති.
පබ්බජ්ජා පඨමං ඣානං - නිබ්බාණඤ්ච විපස්සනා සබ්බෙපි කුසලා ධම්මා - නෙක්ඛම්මන්ති පවුච්චරෙ
ඉමෙසං පන පබ්බජ්ජාදීනං තණ්හාසොතස්ස පටිලොමතො පටිසොතසදිසතා වෙදිතබ්බා. අවිසෙසෙන හි ධම්මවිනයො නෙක්ඛම්මං, තස්ස අධිට්ඨානං පබ්බජ්ජා ච, ධම්මවිනයො ච තණ්හාසොතස්ස පටිසොතං වුච්චති. වුත්තඤ්හෙතං –
යනුවෙන් කියන ලදී. තණ්හා සැඬපහරට පටිලෝම (පහළ සිට ඉහළට යාම්) වශයෙන් මේ පැවිද්ද ආදියේ පටිසෝතයට සමාන බව දතයුතුය. අවිශේෂයෙන් ධර්ම විනයම නෙක්ඛම්මයයි. ඒ නෙක්ඛම්මය පිළිබඳ අධිෂ්ඨානයත් පැවිද්දත් ධර්මවිනයත් තෘෂ්ණා සැඩපහරට විරුද්ධ සැඩපහර යයි කියනු ලැබේ. ඒ කාරණය -
“පටිසොතගාමිං නිපුණං, ගම්භීරං දුද්දසං අණුං; රාගරත්තා න දක්ඛන්ති, තමොඛන්ධෙන ආවුතා”ති. (දී· නි· 2.65; ම· නි· 1.281; සං· නි· 1.172);
පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං රාගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධෙන ආවුතා
උඩුගං (චතුරාර්ය සත්‍යය) කරා යන්නා වූ නිපුණ (මෘදු) වූ ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය රාගයෙන් රත් වූ අවිද්‍යා ස්කන්ධයෙන් වැසුනා වූ සත්ත්වයෝ නොදක්නාහුය’යි කියන ලදී.
වීරියාරම්භස්සාති චතුබ්බිධසම්මප්පධානවීරියස්ස. තස්ස කාමොඝාදිභෙදතණ්හාසොතසන්තරණස්ස හත්ථෙහි පාදෙහි චතුරඞ්ගනදීසොතසන්තරණවායාමස්ස සදිසතා පාකටායෙව. තථා නදීසොතස්ස තීරෙ ඨිතස්ස චක්ඛුමතො පුරිසස්ස කාමාදිං චතුබ්බිධම්පි ඔඝං තරිත්වා තස්ස පරතීරභූතෙ නිබ්බානථලෙ ඨිතස්ස පඤ්චහි චක්ඛූහි චක්ඛුමතො භගවතො සදිසභාවො. තෙන වුත්තං “චක්ඛුමා පුරිසො…පෙ… සම්මාසම්බුද්ධස්සා”ති.
විරියාරම්භස්ස යනු සතර වැදෑරුම් සම්‍යක් ප්‍රධාන වීර්යයට, අත්පාවලින් අංග හතරකින් යුත් ගංගා සැඩපහර තරණය කරන වීර්යයට, ඒ කාම ඕඝ ආදී ප්‍රභේද ඇති තණ්හා සැඬපහර තරණය කිරීමේ සමාන බව ප්‍රකටමය. එසේ සැඬපහර ඇති ගංතෙර සිටි ඇස් ඇති පුරුෂයාට කාමාදී සතර වැදෑරුම් ඕඝය (සැඬපහර) තරණය කොට කාම ඕඝාදි නදියේ පරත්තෙර වූ නිවන් ගොඩබිමෙහි සිටි ඇස් පහකින් ඇස් ඇති භාග්‍යවතුන් වහන්සේ සමාන බව ප්‍රකටමය. එහෙයින් ‘චක්ඛුමා පුරිසො -පෙ- සම්බුද්ධස්ස’යි කියන ලදී.
තත්රිදං ඔපම්මසංසන්දනං – නදීසොතො විය අනුප්පබන්ධවසෙන පවත්තමානො තණ්හාසොතො, තෙන වුය්හමානො පුරිසො විය අනමතග්ගෙ සංසාරවට්ටෙ පරිබ්භමනතො තණ්හාසොතෙන වුය්හමානො සත්තො, තස්ස තත්ථ පියරූපසාතරූපවත්ථුස්මිං අභිනිවෙසො විය ඉමස්ස චක්ඛාදීසු අභිනිවෙසො, සඌමිසාවට්ටසගහරක්ඛසො හෙට්ඨාරහදො විය කොධුපායාසපඤ්චකාමගුණමාතුගාමසමාකුලො පඤ්චොරම්භාගියසංයොජනසමූහො, තමත්ථං යථාභූතං විදිත්වා තස්ස නදීසොතස්ස පරතීරෙ ඨිතො චක්ඛුමා පුරිසො විය සකලං සංසාරාදීනවං සබ්බඤ්ච ඤෙය්යධම්මං යථාභූතං විදිත්වා තණ්හාසොතස්ස පරතීරභූතෙ නිබ්බානථලෙ ඨිතො සමන්තචක්ඛු භගවා, තස්ස පුරිසස්ස තස්මිං නදියා සොතෙන වුය්හමානෙ පුරිසෙ අනුකම්පාය රහදස්ස රහදාදීනවස්ස ච ආචික්ඛනං විය තණ්හාසොතෙන වුය්හමානස්ස සත්තස්ස මහාකරුණාය භගවතො තණ්හාදීනං තදාදීනවස්ස ච විභාවනා, තස්ස වචනං අසද්දහිත්වා අනුසොතගාමිනො තස්ස පුරිසස්ස තස්මිං රහදෙ මරණප්පත්තිමරණමත්තදුක්ඛප්පත්තියො විය භගවතො වචනං අසම්පටිච්ඡන්තස්ස අපායුප්පත්ති, සුගතියං දුක්ඛුප්පත්ති ච,
මේ එහි උපමා ගැලපීමයි - නොකැඩී පැවතීම් වශයෙන් (අනුප්පබන්ධවසෙන) පවත්නා වූ තණ්හා සැඬපහර (සෝතය) ගඟ සැඬපහර (නදීසොත) වැනිය. මුලක් නැති සසර සැරිසැරීම් වශයෙන් තණ්හා සැඬපහරින් පහළට ගෙනයන සත්ත්වයා ගඟ සැඬපහරින් පහළට ගෙනයන පුරුෂයා වැනිය. මොවුන්ගේ ඇස ආදියෙහි ඇලීම එහි ප්‍රිය ස්වහාව මධුර ස්වභාව වස්තුවෙහි ඔහුගේ ඇලීම මෙනි. ක්‍රෝධ-උපායාස පස්කම්ගුණ ස්ත්‍රීන්ගෙන් ගැවසුන පංච ඕරම්භාගිය සමූහය, රළ සහිත, සුළි සහිත, ගෘහරාක්ෂසයන් සහිත පහළ ඇති විල වැනිය. සියලු සසර දොස් ද දතයුතු සියලු ධර්ම ද ඇති සැටියෙන් දැන තණ්හා සැඬපහරෙහි පරතෙර වූ නිවන්තලයෙහි සිටි සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්සේ, ඒ අර්ථය (විපත) ඇති සැටියෙන් දැන ඒ සැඬපහර ඇති ගංතෙර සිටි ඇස් ඇති පුරුෂයා වැනිය. තණ්හා සැඬපහරින් පහළට ගසාගෙන යන පුරුෂයා කෙරෙහි මහා කරුණාවෙන් තණ්හා ආදියේ ද එහි දොස් ද භාග්‍යවතුන් වහන්සේගේ දැක්වීම, ඒ ගඟ සැඬපහරින් පහළට ගසාගෙන යන පුරුෂයා කෙරෙහි අනුකම්පාවෙන් විල ගැනත් විලේ දොස් ගැනත් ඒ පුරුෂයාගේ කීම වැනිය. භාග්‍යවතුන් වහන්සේගේ වචනය නොපිළිගන්නා තැනැත්තා (ගේ) අපායෙහි ඉපදීමද සුගතියෙහි දුකට පත්වීම ද, ඔහුගේ වචනය නොපිළිගෙන සැඬපහරට අසුවී යන ඒ පුරුෂයාගේ ඒ විලෙහිදී මරණයට පැමිණීම, මරණය සමාන දුකට පත්වීම වැනිය.
තස්ස පන වචනං සද්දහිත්වා හත්ථෙහි ච පාදෙහි ච වායාමකරණං විය තෙන ච වායාමෙන පරතීරං පත්වා සුඛෙන යථිච්ඡිතට්ඨානගමනං විය භගවතො වචනං සම්පටිච්ඡිත්වා තණ්හාදීසු ආදීනවං පස්සිත්වා තණ්හාසොතස්ස පටිසොතපබ්බජ්ජාදිනෙක්ඛම්මවසෙන වීරියාරම්භො, ආරද්ධවීරියස්ස ච තෙනෙව වීරියාරම්භෙන තණ්හාසොතාතික්කමනං නිබ්බානතීරං පත්වා අරහත්තඵලසමාපත්තිවසෙන යථාරුචි සුඛවිහාරොති.
භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන තණ්හාදියෙහි දොස් දැක තණ්හා සැඬපහරෙහි පටිසෝතය (උඩදිසාව) වන පැවිද්ද ආදී නෙක්ඛම්ම වශයෙන් වීර්ය ආරම්භ කිරීම ද ඇරඹූ වීර්යය ඇති ඔහුගේ ඒ වීර්ය ආරම්භ කිරීමෙන්ම තණ්හා සැඬපහර ඉක්මවීම ද නිවත්තෙරට පැමිණ අර්හත්ඵල සමාපත්ති වශයෙන් කැමති පරිදි සැපසේ විසීම ද ඔහුගේ වචනය පිළිගෙන අත් පාවලින් වෑයම් කිරීම වැනි වූයේ ද ඒ වෑයම් කිරීමෙන් පරතෙරට පත්ව සැපසේ කැමති තැනකට යාම වැනි වූයේ ද වෙයි.
ගාථාසු සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙති ඣානමග්ගාධිගමත්ථං සමථවිපස්සනානුයොගං කරොන්තො භික්ඛු යදිපි තෙසං පුබ්බභාගපටිපදා කිච්ඡෙන කසිරෙන සම්පජ්ජති, න සුඛෙන වීථිං ඔතරති පුබ්බභාගභාවනාය කිලෙසානං බලවභාවතො, ඉන්ද්රියානං වා අතික්ඛභාවතො. තථා සති සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ, පඨමජ්ඣානෙන වික්ඛම්භෙන්තො තතියමග්ගෙන සමුච්ඡින්දන්තො කිලෙසකාමෙ පජහෙය්ය. එතෙන දුක්ඛපටිපදෙ ඣානමග්ගෙ දස්සෙති.
ගාථාවන්හි - සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ යනු ධ්‍යාන මාර්ග අවබෝධය පිණිස සමථ විදර්ශනාවන්හි යෙදෙන භික්ෂුව ඉදින් ඒවායේ පූර්වභාග ප්‍රතිපදාව දුකසේ අපහසුවෙන් සම්පූර්ණ වේද සැපසේ මාර්ගයට නොබසී ද කෙලෙසුන්ගේ බලවත් බැවින් හෝ ඉන්ද්රියයන්ගේ නො තියුණු බැවින් හෝ එසේ ඇති කල්හි පූර්වභාග භාවනාවෙන් දුකින්ම කාමයන් දුරුකරන්නේය. ප්‍රථම ධ්‍යානයෙන් විෂ්කම්භනය කරමින් තෙවන (අනාගාමි) මාර්ගයෙන් සහමුලින් සිඳ දමමින් ක්ලේශ කාමයන් දුරුකරන්නේය. මෙයින් දුක්ඛාපටිපදා ධ්‍යාන-මාර්ග දක්වයි.
යොගක්ඛෙමං ආයතිං පත්ථයානොති අනාගාමිතං අරහත්තං ඉච්ඡන්තො ආකඞ්ඛමානො. අයඤ්හෙත්ථ අධිප්පායො – යදිපි එතරහි කිච්ඡෙන කසිරෙන ඣානපුරිමමග්ගෙ අධිගච්ඡාමි, ඉමෙ පන නිස්සාය උපරි අරහත්තං අධිගන්ත්වා කතකිච්චො පහීනසබ්බදුක්ඛො භවිස්සාමීති සහාපි දුක්ඛෙන ඣානාදීහි කාමෙ පජහෙය්යාති. අථ වා යො කාමවිතක්කබහුලො පුග්ගලො කල්‍යාණමිත්තස්ස වසෙන පබ්බජ්ජං සීලවිසොධනං ඣානාදීනං පුබ්බභාගපටිපත්තිං වා පටිපජ්ජන්තො කිච්ඡෙන කසිරෙන අස්සුමුඛො රොදමානො තං විතක්කං වික්ඛම්භෙති, තං සන්ධාය වුත්තං “සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ”ති. සො හි කිච්ඡෙනපි කාමෙ පජහන්තො ඣානං නිබ්බත්තෙත්වා තං ඣානං පාදකං කත්වා විපස්සන්තො අනුක්කමෙන අරහත්තෙ පතිට්ඨහෙය්ය. තෙන වුත්තං “යොගක්ඛෙමං ආයතිං පත්ථයානො”ති.
යොගක්ඛෙමං ආයති පත්ථයානො යනු අනාගාමි බව, අර්හත් බව කැමතිවන්නා වූ තැනැත්තා. මේ එහි අදහසයි. ඉදින් දැන් දුකසේ අපහසුවෙන් ධ්‍යාන, පූර්ව මාර්ග (සෝවාන්-සකදාගාමි-අනාගාමි) ලබමි. මෙයද මෙය ද නිසා මත්තෙහි අර්හත් බව ද ලැබ, කරන ලද කටයුතු ඇත්තෙක් පහවූ සියලු දුක් ඇත්තෙක් වන්නෙමියි සහාපි දුක්ඛෙන දුක් සහිතවම ධ්යනාදියෙන් කාමයන් දුරුකරන්නේය. නැතහොත් යම් කාමවිතර්ක බහුල පුද්ගලයෙක් කල්යාණමිත්රයකුගේ (ලැබීම්) වශයෙන් පැවිද්ද ද ශීලය පිරිසිදු කිරීමද ධ්යනාදීන්ගේ පූර්වභාව ප්‍රතිපත්තිය ද පිළිපදිමින් දුකසේ අපහසුවෙන් කඳුළු පිරුණු මුහුණ ඇතිව හඬමින් ඒ විතර්කය විෂ්කම්භන වශයෙන් ප්රහාණය කරයි. ‘සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ’ යනුවෙන් ඒ සඳහා කියන ලදී. හෙතෙම වනාහි දුකසේ වුවද කාමයන් දුරුකරමින් ධ්‍යානය නිපදවා ඒ ධ්‍යානය පාදකකොට විදර්ශනා කරන්නේ අනුක්රමයෙන් රහත්බවෙහි පිහිටන්නේය. එහෙයින් ‘යොගක්ඛෙමං ආයති පනත්ථයානො’යි කියන ලදී.
සම්මප්පජානොති විපස්සනාසහිතාය මග්ගපඤ්ඤාය සම්මදෙව පජානන්තො. සුවිමුත්තචිත්තොති තස්ස අරියමග්ගාධිගමස්ස අනන්තරං ඵලවිමුත්තියා සුට්ඨු විමුත්තචිත්තො. විමුත්තියා ඵස්සයෙ තත්ථ තත්ථාති තස්මිං තස්මිං මග්ගඵලාධිගමනකාලෙ විමුත්තිං නිබ්බානං ඵස්සයෙ ඵුසෙය්ය පාපුණෙය්ය අධිගච්ඡෙය්ය සච්ඡිකරෙය්ය. උපයොගත්ථෙ හි “විමුත්තියා”ති ඉදං සාමිවචනං. විමුත්තියා වා ආරම්මණභූතාය තත්ථ තත්ථ තංතංඵලසමාපත්තිකාලෙ අත්තනො ඵලචිත්තං ඵස්සයෙ ඵුසෙය්ය පාපුණෙය්ය, නිබ්බානොගධාය ඵලසමාපත්තියා විහරෙය්යාති අත්ථො. ස වෙදගූති සො වෙදසඞ්ඛාතෙන මග්ගඤාණෙන චතුන්නං සච්චානං ගතත්තා පටිවිද්ධත්තා වෙදගූ. ලොකන්තගූති ඛන්ධලොකස්ස පරියන්තං ගතො. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
සම්මප්පජානො යනු විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවෙන් මනාව දන්නේ. සුවිමුත්තචිත්තො යනු ඒ ආර්ය මාර්ගය ලැබීමට අනතුරුව ඵල විමුක්තියෙන් මනාව මිදුණු සිත් ඇත්තේ. විමුත්තියා ඵස්සයෙ තත්ථ තත්ථ යනු ඒ ඒ මාර්ග-ඵල ලබන කාලයෙහි විමුක්තිය, නිවන, ස්පර්ශ කරන්නේය. පැමිණෙන්නේය. ලබන්නේය. ප්රත්යක්ෂ කරන්නේය. ‘විමුත්තියා’ යන මේ සාමි (ඡට්ඨි විභක්ති) වචනය උපයෝග (කර්ම විභක්ති) අර්ථයෙහි යෙදේ. විමුක්තියට (නිවනට) අරමුණ වූ ‘තත්ථ තත්ථ’ ඒ ඒ ඵල සමාපත්ති කාලයෙහි තමාගේ ඵලසික ස්පර්ශ කරන්නේය, පැමිණෙන්නේය, නිවනට ඇතුළත් වූ ඵලසමාපත්තියෙන් වාසය කරන්නේය යන අර්ථයි. ස වෙදගු යනු ආර්ය ශ්‍රාවක තෙම වේද සංඛ්‍යාත මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍යයට ගිය බැවින් අවබෝධ කළ හෙයින් වෙදගු නම් වේ. ලොකන්තගු යනු ස්කන්ධ ලෝකයේ කෙළවරට ගියා වූ. ඉතිරිය මනාව දතහැකිමය.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍රයයි.