අන්ධකරණසුත්තං
3. 4. 8.
3. 4. 8.
[අන්ධකරණසුත්තං]
[අන්ධකරණ සූත්‍රය]
87. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
87. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. තයො’මෙ භික්ඛවෙ අකුසලවිතක්කා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධිකා විඝාතපක්ඛිකා අනිබ්බානසංවත්තනිකා. කතමෙ තයො?
1. මහණෙනි, (යථාභූත දර්ශනය වැළැක්වීමෙන්) අන්ධයකු කරන්නාවූ නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ අකුශල විතර්කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
කාමවිතක්කො භික්ඛවෙ අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො. ව්යාපාදවිතක්කො භික්ඛවෙ අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො. විහිංසාවිතක්කො භික්ඛවෙ අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො.
මහණෙනි, අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ කාමප්‍රතිසංයුක්ත විතර්කය; මහණෙනි, අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ ව්‍යාපාදප්‍රතිසංයුක්ත විතර්කය; අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ විහිංසාප්‍රතිසංයුක්ත විතර්කය යන මේ තිදෙනා ය.
ඉමෙ ඛො භික්ඛවෙ තයො අකුසලවිතක්කා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධිකා විඝාතපක්ඛිකා අනිබ්බානසංවත්තනිකා.
මහණෙනි, මේ අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නා වූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්කයෝ වෙති.
තයො’මෙ භික්ඛවෙ කුසලවිතක්කා අනන්ධකරණා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාවුද්ධිකා අවිඝාතපක්ඛිකා නිබ්බානසංවත්තනිකා. කතමෙ තයො?
මහණෙනි, මේ අන්ධයකු නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ කුශලවිතර්‍කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
නෙක්ඛම්මවිතක්කො භික්ඛවෙ අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො අබ්යාපාදවිතක්කො, භික්ඛවෙ අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො. අවිහිංසාවිතක්කො භික්ඛවෙ අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො.
මහණෙනි, අන්ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ, නෙක්ඛම්මපටිසංයුක්ත විතර්කය; අන්ධ නොකරන්නා වූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අව්‍යාපාද විතර්කය; අන්ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නා වූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අවිහිංසා විතර්කය යන මේ තිදෙනා ය.
ඉමෙ ඛො භික්ඛවෙ තයො කුසලවිතක්කා අනන්ධකරණා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාවුද්ධිකා අවිඝාතපක්ඛිකා නිබ්බානසංවත්තනිකා”ති.
මහණෙනි, මේ අන්ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්කයෝ වෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තයො විතක්කෙ කුසලෙ විතක්කයෙ තයො පන අකුසලෙ නිරාකරෙ, ස වෙ විතක්කානි විචාරිතානි සමෙති වුට්ඨීව රජං සමූහතං, ස වෙ විතක්කූපසමෙන චෙතසා ඉධෙව සො සන්තිපදං සමජ්ඣගා”ති.
2. “ත්‍රිවිධ කුශල විතර්කයන් මෙනෙහි කරන්නේ ය. ත්‍රිවිධ අකුශල විතර්කයන් බැහැර කරන්නේ ය. වැසි දිය පොළොවෙහි හාත්පසින් නැගුනාවූ දුවිල්ල සංසිඳුවන්නා සේ ඒ යෝගාවචර තෙමේ ඒකාන්තයෙන් මිථ්‍යාවිතර්‍කයන් ද ඒ හා යෙදුනු විචාරයන් ද සංසිඳුවයි. හෙ තෙම විතර්කයන් සංසිඳුවන්නාවූ ආර්ය්යමාර්ග චිත්තයෙන් ඉහාත්මයෙහි ම නිවණට මැනැවින් පැමිණියේ වෙයි.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.