යෙදුමෙන් කියවන්න

ධම‍්මානුධම‍්මපටිපන‍්නසුත‍්තං

3. 4. 7.

3. 4. 7.

[ධම‍්මානුධම‍්මපටිපන‍්නසුත‍්තං]

[ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සූත්‍රය]

86. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

86. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. ධම‍්මානුධම‍්මපටිපන‍්නස‍්ස භික‍්ඛුනො අයමනුධම‍්මො හොති වෙය්‍යාකරණාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො’යන‍්ති. භාසමානො ධම‍්මඤ‍්ඤෙව භාසති නො අධම‍්මං. විතක‍්කයමානො වා ධම‍්මවිතක‍්කඤ‍්ඤෙව විතක‍්කෙති නො අධම‍්මවිතක‍්කං. තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො’ති.

1. ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නව ලොවුතුරා දහම් ලබනු සඳහා පූර්‍වභාග ප්‍රතිපත්තිධර්‍මය පිළිපන්) මහණහට මේ තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයැ යි කියනුවට මේ යෝග්‍ය වූ ස්වභාවයෙක් වෙයි. හෙ තෙම කියනුයේ දශ කථාවස්තුධර්‍මය ම කියයි. (මහිච්ඡතාදිය වඩා ලන) අධර්‍ම කථාවක් නො කියයි. කල්පනා කරණුයේ ද (නෙක්ඛම්මවිතක්කාදි) ධර්‍මවිතර්‍කයක් ම කල්පනා කෙරෙයි. (කාමවිතර්‍කාදි) අධර්‍මවිතර්‍කයක් කල්පනා නො කෙරෙයි. ඒ දෙක ම හැර එහි උපේක්‍ෂක වැ වෙසේ නම්, (කමටහන් වඩනුයේ) සිහි ඇති වැ නුවණ ඇති ව වෙසෙයි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “ධම‍්මාරාමො ධම‍්මරතො ධම‍්මං අනුවිචින‍්තයං, ධම‍්මං අනුස‍්සරං භික‍්ඛු සද‍්ධම‍්මා න පරිහායති.

2. “ධර්‍මය ආරාම කොට ඇති (ශමථවිදර්‍ශනා වැඩීමෙහි ලැගුනු) ධර්‍මයෙහි ඇලුනු, ඒ ධර්‍මය ම පුනපුනා සිතන, එය මතුමත්තෙහිත් වැඩීම් විසින් අනුස්මරණය කරණ මහණ තෙමේ (සත්තිස් බෝපැකිදහම් ද නවලොවුතුරා දහම් ද යන) සදහම් කෙරෙන් නො පිරිහේ.

3. චරං වා යදි වා තිට‍්ඨං නිසින‍්නො උද වා සයං, අජ‍්ඣත‍්තං සමයං චිත‍්තං සන‍්තිමෙවාධිගච‍්ඡතී”ති.

3. ඒ මහණ තෙම යන්නේ හෝ සිටිනුයේ හෝ හුන්නේ හෝ නැතහොත් වැදැ හෝනේ හෝ ආධ්‍යාත්මයෙහි (හෙවත් ආධ්‍යාත්මාලම්බනයෙහි) කෙලෙස් සංසිඳුවීම් විසින් සිත සංසිඳුවනුයේ අත්‍යන්තශාන්තිය ම (නිවණ ම) ලබයි.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.