5. බහුජනහිතසුත්තවණ්ණනා අට්ඨකථා
5. බහුජනහිතසුත්තවණ්ණනා
5. බහුජනහිත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ලොකෙති එත්ථ තයො ලොකා – සත්තලොකො, සඞ්ඛාරලොකො, ඔකාසලොකොති. තෙසු ඉන්ද්රියබද්ධානං රූපධම්මානං අරූපධම්මානං රූපාරූපධම්මානඤ්ච සන්තානවසෙන වත්තමානානං සමූහො සත්තලොකො, පථවීපබ්බතාදිභෙදො ඔකාසලොකො, උභයෙපි ඛන්ධා සඞ්ඛාරලොකො. තෙසු සත්තලොකො ඉධ අධිප්පෙතො. තස්මා ලොකෙති සත්තලොකෙ. තත්ථාපි න දෙවලොකෙ, න බ්රහ්මලොකෙ, මනුස්සලොකෙ. මනුස‍්සලොකෙපි න අඤ්ඤස්මිං චක්කවාළෙ, ඉමස්මිංයෙව චක්කවාළෙ. තත්රාපි න සබ්බට්ඨානෙසු, “පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො, තස්ස අපරෙන මහාසාලා, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; පුරත්ථිමදක්ඛිණාය දිසාය සල්ලවතී නාම නදී, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; උත්තරාය දිසාය උසිරද්ධජො නාම පබ්බතො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ”ති (මහාව· 259) එවං පරිච්ඡින්නෙ ආයාමතො තියොජනසතෙ විත්ථාරතො අඩ්ඪතෙය්යයොජනසතෙ පරික්ඛෙපතො නවයොජනසතෙ මජ්ඣිමදෙසෙ උප්පජ්ජති තථාගතො. න කෙවලඤ්ච තථාගතොව පච්චෙකබුද්ධා අග්ගසාවකා අසීතිමහාථෙරා බුද්ධමාතා බුද්ධපිතා චක්කවත්තිරාජා අඤ්ඤෙ ච සාරප්පත්තා බ්රාහ්මණගහපතිකා එත්ථෙව උප්පජ්ජන්ති. ඉධ පන තථාගතවාරෙයෙව සබ්බත්ථකවසෙන අයං නයො ලබ්භති, ඉතරෙසු එකදෙසවසෙන.
පස්වන සූත්‍රයෙහි - ලොකෙ යන මෙහි සත්ත්වලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකයයි ලෝක තුනකි. ඒවා අතරින් පරම්පරා වශයෙන් පවත්නා වූ ඉන්ද්රියබද්ධ වූ රූප ධර්මයන්ගේ ද අරූප ධර්මයන්ගේ ද රූප අරූප ධර්මයන්ගේ ද සමූහය සත්ත්වලෝකයයි. පෘථිවිය පර්වත ආදී ප්‍රභේද ඇත්තේ අවකාශ ලෝකයයි. ඒ ලෝක දෙකෙහිම ස්කන්ධයන් සංස්කාර ලෝකයයි. ඒවා අතරින් සත්ත්ව ලෝකය මෙහි අදහස් කරන ලදී. එහෙයින් ‘ලොකෙ’ යනු සත්ත්ව ලෝකයෙහි. එහි ද දෙව්ලොවෙහි නොවේ. බඹලොවෙහි නොවේ. මිනිස්ලොවෙහිය. අනිත් සක්වළක ඇති මිනිස්ලොවක ද නොවේ. මේ සක්වළෙහිමය. එහිද හැමතැනම නොවේ. නැගෙනහිර දිශාවෙහි කජංගල නම් නියම්ගම ඇත. එයට පසු මහාසාලා නියම්ගමය. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. ගිනිකොන දිශාවෙන් සල්ලවතී නම් නදිය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. බටහිර දිශාවෙහි ථූන නම් බමුණුගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. උතුරු දිශාවෙහි උසීරද්ධජ නම් පර්වතය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා මැද යනුවෙන් සීමා කරන ලද දිගින් යොදුන් තුන්සියයක් වූ පළලින් යොදුන් දෙසිය පණහක් වූ වටේට යොදුන් නවසියයක් වූ මධ්‍යම දේශයෙහි තථාගතයන් වහන්සේ උපදිති. හුදෙක් තථාගතයන් වහන්සේ පමණක්ම නොවේ. පසේබුදුවරු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා බුද්ධමාතාව, බුද්ධ පියා, සක්විති රජවරු, අනිකුත් සාරබවට පත් බ්‍රාහ්මණ ගෘහපතීහු ද මෙහිම උපදිති. මෙහි වනාහි තථාගත වාරයෙහිම සියලු තැන් වශයෙන් මේ ක්‍රමය ලැබේ. අන් වාරවල එක් කොටසක් වශයෙන් ලැබේ.
උප්පජ්ජමානා උප්පජ්ජන්තීති ඉදං පන උභයම්පි විප්පකතවචනමෙව, උප්පජ්ජන්තා බහුජනහිතත්ථාය උප්පජ්ජන්ති, න අඤ්ඤෙන කාරණෙනාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. එවරූපඤ්හෙත්ථ සද්දලක්ඛණං න සක්කා අඤ්ඤෙන සද්දලක්ඛණෙන පටිබාහිතුං.
උප්පජ්ජමානා උප්පජ්ජන්ති යන මේ වචන දෙකම නිම නොකළ (අඩාළ) වචනමය. උපදින්නාහු බහුජන හිත පිණිස උපදිති. අනිත් කරුණකින් නොවේ යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. මෙබඳු වූ මෙහි ලක්ෂණය අනිත් ශබ්ද ලක්ෂණයකින් වලක්වන්නට නොහැකිය.
අපිච උප්පජ්ජමානො නාම උප්පජ්ජති නාම උප්පන්නො නාමාති අයං පභෙදො වෙදිතබ්බො. තථාගතො හි මහාභිනීහාරං කරොන්තො, බුද්ධකරෙ ධම්මෙ පරියෙසන්තො, පාරමියො පූරෙන්තො, පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජන්තො, ඤාතත්ථචරියං චරන්තො, ලොකත්ථචරියං, බුද්ධත්ථචරියං කොටිං පාපෙන්තො, පාරමියො පූරෙත්වා තුසිතභවනෙ තිට්ඨන්තො, තතො ඔතරිත්වා චරිමභවෙ පටිසන්ධිං ගණ්හන්තො, අගාරමජ්ඣෙ වසන්තො, අභිනික්ඛමන්තො, මහාපධානං පදහන්තො, පරිපක්කඤාණො බොධිමණ්ඩං ආරුය්හ මාරබලං විධමෙන්තො පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරන්තො, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙන්තො, පච්ඡිමයාමෙ පටිච්චසමුප්පාදෙ ඤාණං ඔතාරෙත්වා අනෙකාකාරං සබ්බසඞ්ඛාරෙ සම්මසිත්වා සොතාපත්තිමග්ගං පටිවිජ්ඣන්තො යාව අනාගාමිඵලං සච්ඡිකරොන්තොපි උප්පජ්ජමානො එව නාම, අරහත්තමග්ගක්ඛණෙ උප්පජ්ජති නාම, අරහත්තඵලක්ඛණෙ පන උප්පන්නො නාම. බුද්ධානඤ්හි සාවකානං විය න පටිපාටියා ඉද්ධිවිධඤාණාදීනං උප්පාදනකිච්චං අත්ථි, සහෙව පන අරහත්තමග්ගෙන සකලොපි බුද්ධගුණරාසි ආගතොව නාම හොති. තස්මා තෙ නිබ්බත්තසබ්බකිච්චත්තා අරහත්තඵලක්ඛණෙ උප්පන්නා නාම හොන්ති. ඉධ අරහත්තඵලක්ඛණං සන්ධාය “උප්පජ්ජතී”ති වුත්තො. උප්පන්නො හොතීති අයඤ්හෙත්ථ අත්ථො.
තවද උපදිමින් (උප්පජ්ජමානා) යනුවෙන් ද උපදිති (උප්පජ්ජන්ති) යනුවෙන් ද උපන් (උප්පන්නා) යනුවෙන්දැයි මේ ප්‍රභේදය දතයුතුය. තථාගතයන් වහන්සේ වනාහි මහාභිනීහාරය (මහා ප්‍රාර්ථනාව) කරමින්, බුදුබව ඇතිකරන ධර්ම සොයමින්, පාරමී පුරමින්, පස්මහ තෑගි පරිත්‍යාග කරමින්, ඤාතත්ථචර්යාව, ලෝකාර්ථ චර්යාව, බුද්ධි චර්යාව මුදුන් පමුණුවමින්, පාරමී පුරා තුසිත භවනයෙහි සිටිමින් එයින් බැස අවසන් භවයෙහි පිළිසිඳ ගනිමින්, ගිහි ජීවිතය ගතකරමින්, අබිනික්මන් කරමින්, මහත් වූ වීර්යය වඩමින්, මෝරාගිය ඤාණය ඇත්තාහු බෝමැඩට නැගී මාර බලය විනාශ කරමින්, ප්‍රථම යාමයෙහි පූර්වේනිවාසය සිහිකරමින්, මධ්‍යම යාමයෙහි දිවැස පිරිසිදු කරමින්, පශ්චිම යාමයෙහි පටිච්ච සමුප්පාදයෙහි නුවණ යොදවා නොයෙක් ආකාරයෙන් සියලු සංස්කාර විමසා බලා සෝවාන් මාර්ගය අවබෝධ කරමින්, අනාගාමි ඵලය ප්රත්යක්ෂ කරනතාක් උපදිමින් (උප්පජ්ජමානො) නම් වෙයි. අර්හත් මාර්ග ක්ෂණයෙහි උපදී (උප්පජ්ජති) නම් වෙයි. අර්හත් ඵලය ලබන ක්ෂණයෙහි වනාහි උපන්නේ (උප්පන්නො) නම් වෙයි. ශ්‍රාවකයන්ට මෙන් පිළිවෙළින් ඍද්ධිවිධ ඥාන ආදිය උපදවන කාර්යයක් බුදුවරුන්ට නැත. අර්හත් මාර්ගයත් සමගම බුදුගුණ රාශි සියල්ල පැමිණියේ වෙයි. එහෙයින් උන්වහන්සේලා උපන් සියලු කටයුතු ඇති බැවින් අර්හත්ඵලය ලබන මොහොතෙහි උපන්නාහු (උපන්න) නම් වෙති. මෙහි අර්හත්ඵලය ලබන මොහොත සඳහා උපදිත් (උප්පජ්ජන්ති) යනුවෙන් කියන ලදී. උපන්නාහු වෙති යන මෙය මෙහි අර්ථයි.
සාවකොපි ඛීණාසවො සාවකබොධියා හෙතුභූතෙ පුඤ්ඤසම්භාරෙ සම්භරන්තො පුබ්බයොගං පුබ්බචරියං ගතපච්චාගතවත්තං පූරෙන්තො චරිමභවෙ නිබ්බත්තන්තො අනුක්කමෙන විඤ්ඤුතං පත්වා සංසාරෙ ආදීනවං දිස්වා පබ්බජ්ජාය චෙතයමානො පබ්බජ්ජං මත්ථකං පාපෙත්වා සීලාදීනි පරිපූරෙන්තො ධුතධම්මෙ සමාදාය වත්තමානො ජාගරියං අනුයුඤ්ජන්තො ඤාණානි නිබ්බත්තෙන්තො විපස්සනං පට්ඨපෙත්වා හෙට්ඨිමමග්ගෙ අධිගච්ඡන්තොපි උප්පජ්ජමානො එව නාම, අරහත්තමග්ගක්ඛණෙ උප්පජ්ජති නාම, අරහත්තඵලක්ඛණෙ පන උප්පන්නො නාම. සෙක්ඛො පන පුබ්බූපනිස්සයතො පට්ඨාය යාව ගොත්රභුඤාණා උප්පජ්ජමානො නාම, පඨමමග්ගක්ඛණෙ උප්පජ්ජති නාම, පඨමඵලක්ඛණතො පට්ඨාය උප්පන්නො නාම. එත්තාවතා “තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්තී”ති පදානං අත්ථො වුත්තො හොති.
ක්ෂීණාශ්රව ශ්රාවකයා ද ශ්‍රාවක බෝධියට හේතු වූ පින් රැස් කරමින් පූර්වයෝග පූර්ව චර්යා ගත පච්චාගත (යාමේදී - ආපසු ඒමේදී පුරන) වත පුරමින් අන්තිම භවයෙහි උපදින්නේ අනුපිළිවෙළින් නුවණැති බවට පැමිණ සසර ආදීනව දැක පැවිදිවීමට සිතමින් පැවිද්ද මුදුන්පමුණුවා ශීලාදිය සම්පූර්ණ කරමින් ධුතංග සමාදන්ව පවතිමින් (සිටිමින්) නිදි වැරීමෙහි යෙදෙමින් ධ්‍යාන උපදවමින් විදර්ශනාව පටන්ගෙන පහළම (සෝවාන්) මාර්ගය ලබන්නේ ද ‘උපදිමින්’ නම් වෙයි. අර්හත් මාර්ග ක්ෂණයෙහි දී උපදී නම් වෙයි. අර්හත් ඵලය ලබන ක්ෂණයෙහි ‘උපන්නේ’ නම් වෙයි. ශෙයා වනාහි පෙර කටයුතු පටනීමේ සිට ගොත්රභූ ඥානය තෙක් උපදිමින් නම් වෙයි. පළමු මාර්ග ක්ෂණයෙහි ‘උපදී’ නම් වෙයි. පළමු ඵලය (සෝවාන් ඵලය) ලැබුණු තැන් පටන් උපන්නේ නම් වෙයි. මෙපමණකින් “තයො මෙ භික්ඛවෙ පුගගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති” යන පදවල අර්ථය කියන ලද්දේ වෙයි.
ඉදානි බහුජනහිතායාතිආදීසු බහුජනහිතායාති මහාජනස්ස හිතත්ථාය. බහුජනසුඛායාති මහාජනස්ස සුඛත්ථාය. ලොකානුකම්පායාති සත්තලොකස්ස අනුකම්පං පටිච්ච. කතරසත්තලොකස්සාති ? යො තථාගතස්ස ධම්මදෙසනං සුත්වා ධම්මං පටිවිජ්ඣති, අමතපානං පිවති, තස්ස. භගවතො හි ධම්මචක්කප්පවත්තනසුත්තන්තදෙසනාය අඤ්ඤාතකොණ්ඩඤ්ඤප්පමුඛා අට්ඨාරස බ්රහ්මකොටියො ධම්මං පටිවිජ්ඣිංසු. එවං යාව සුභද්දපරිබ්බාජකවිනයනා ධම්මං පටිවිද්ධසත්තානං ගණනා නත්ථි, මහාසමයසුත්තන්තදෙසනායං මඞ්ගලසුත්තං, චූළරාහුලොවාදං, සමචිත්තදෙසනායන්ති ඉමෙසු චතූසු ඨානෙසු අභිසමයං පත්තසත්තානං පරිච්ඡෙදො නත්ථි.
දැන් ‘බහුජන හිතාය’ යනාදියෙහි බහුජන හිතාය යනු මහජනයාගේ හිත (යහපත) පිණිස. බහුජනසුඛාය යනු මහජනයාගේ සැප පිණිස. ලොකානුකම්පාය යනු සත්ත්‍වලෝකයට අනුකම්පා පිණිස. කුමන සත්ත්ව ලෝකයාට ද? යමෙක් තථාගතයන් වහන්ගේ ධර්මය අසා ධර්මය අවබෝධ කරයි ද අමාපැන් පානය කරයි ද ඒ සත්ත්ව ලෝකයට (අනුකම්පා පිණිස). භාග්‍යවතුන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ප්රමුඛ දහඅට කෝටියක් බ්‍රහ්මයෝ ධර්මය අවබෝධ කළහ. මෙසේ සුභද්ද පරිබ්‍රාජකයාගේ හික්මීම තෙක් ධර්මය අවබෝධ කළ සත්ත්වයන්ගේ ගණනක් නැත. මහා සමය සූත්‍ර දේශනාව, මහාමංගල සූත්‍ර දේශනාව, චුල්ල රාහුලෝවාද සූත්‍ර දේශනාව, සමචිත්ත සූත්‍ර දේශනාව යන මේ ස්ථාන සතරෙහි දී ධර්මය අවබෝධ කළ සත්ත්වයන්ගේ සීමාවක් නැත.
එවමෙතස්ස අපරිමාණස්ස සත්තලොකස්ස අනුකම්පාය. සාවකස්ස පන අරහතො සෙක්ඛස්ස ච ලොකානුකම්පාය උප්පත්ති ධම්මසෙනාපතිආදීහි ධම්මභණ්ඩාගාරිකාදීහි ච දෙසිතදෙසනාය පටිවෙධප්පත්තසත්තානං වසෙන, අපරභාගෙ ච මහාමහින්දත්ථෙරාදීහි දෙසිතදෙසනාය පටිවිද්ධසච්චානං වසෙන, යාවජ්ජතනා ඉතො පරං අනාගතෙ ච සාසනං නිස්සාය සග්ගමොක්ඛමග්ගෙසු පතිට්ඨහන්තානං වසෙනපි අයමත්ථො විභාවෙතබ්බො.
මෙසේ මේ අප්‍රමාණ වූ සත්ත්‍වලෝකයට අනුකම්පා පිණිස, ශ්‍රාවක රහතන් වහන්සේගේ ද ශෛක්‍ෂයාගේ ද උපත ලෝකානුකම්පාව පිණිසය. ධර්ම සේනාපති ආදී රහතන් වහන්සේලා විසින් ද ධර්ම භාණ්ඩාගාරික ආදී තෙරුන්වහන්සේලා විසින් ද දේශනා කරන ලද දේශනාවලින් ධර්මය අවබෝධයට පත් සත්ත්වයන්ගේ වශයෙන් ද පසුකල මහා මහින්ද ආදී තෙරුන්වහන්සේලා විසින් ද දේශනා කරන ලද දේශනාවලින් අවබෝධ කරන ලද සත්‍යයන්ගේ (සත්ත්වයන්ගේ) වශයෙන් අද තෙක් ද මෙයින් පසු අනාගතයෙහි ද ශාසනය නිසා ස්වර්ග-මෝක්ෂ මාර්ගයන්හි පිහිටන්නගේ වශයෙන් ද මේ අර්ථය දතයුතුය.
අපිච බහුජනහිතායාති බහුජනස්ස හිතත්ථාය, නෙසං පඤ්ඤාසම්පත්තියා දිට්ඨධම්මිකසම්පරායිකහිතූපදෙසකොති. බහුජනසුඛායාති බහුජනස්ස සුඛත්ථාය, චාගසම්පත්තියා උපකරණසුඛසම්පදායකොති. ලොකානුකම්පායාති ලොකස්ස අනුකම්පනත්ථාය, මෙත්තාකරුණාසම්පත්තියා මාතාපිතරො විය ලොකස්ස රක්ඛිතා ගොපිතාති. අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති ඉධ දෙවමනුස්සග්ගහණෙන භබ්බපුග්ගලෙ වෙනෙය්යසත්තෙ එව ගහෙත්වා තෙසං නිබ්බානමග්ගඵලාධිගමාය තථාගතස්ස උප්පත්ති දස්සිතා පඨමවාරෙ, දුතියතතියවාරෙසු පන අරහතො සෙක්ඛස්ස ච වසෙන යොජෙතබ්බං. තත්ථ අත්ථායාති ඉමිනා පරමත්ථාය, නිබ්බානායාති වුත්තං හොති. හිතායාති තංසම්පාපකමග්ගත්ථායාති වුත්තං හොති. නිබ්බානසම්පාපකමග්ගතො හි උත්තරිං හිතං නාම නත්ථි. සුඛායාති ඵලසමාපත්තිසුඛත්ථායාති වුත්තං හොති, තතො උත්තරි සුඛාභාවතො. වුත්තඤ්හෙතං “අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකො”ති (දී· නි· 3.355; අ· නි· 5.27; විභ· 804).
තවද ‘බහුජන හිතාය’ යනු බොහෝ ජනයාට හිත පිණිස උන්වහන්සේලාගේ ප්‍රඥා සම්පත්තිය කරණකොට මෙලොව පරලොව හිත පිණිස උපදේශකයාය. ‘බහුජන සුඛාය’ යනු බොහෝ ජනයාට සැප පිණිස - ත්‍යාග සම්පත්තිය කරණකොට උපකරණ සැප සම්පත් දායකයාය. ‘ලොකානුකම්පාය’ යනු ලෝකයාට අනුකම්පා පිණිස - මෛත්‍රී කරුණා සම්පත්තිය කරණකොට මව්පියන් මෙන් ලෝකයාගේ ආරක්ෂකයෝය. ගෝපිතයෝ ය. අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, යන මෙහි දෙව් මිනිසුන් ගැනීමෙන් සුදුසු (භබ්බ) පුද්ගලයන් හික්මවීමට සුදුසු (වෙනෙය්‍ය) සත්ත්වයන්ම ගෙන පළමු වාරයෙහි දී ඔවුන්ගේ නිවන් - මග - ඵල ලැබීම පිණිස තථාගතයන් වහන්සේගේ උපත දක්වන ලදී. දෙවන තෙවන වාරවලදී වනාහි රහතන් වහන්සේගේ ද ශෛක්‍ෂයාගේ ද වශයෙන් යෙදිය යුතුය. එහි ‘අත්ථාය’ යනු මේ පරම අර්ථය වූ නිවන පිණිසයයි කියන ලද්දේ වෙයි. ‘හිතාය’ යනු එයට පමුණුවන මාර්ගය පිණිස යයි කියන ලද්දේ වෙයි. නිවනට පමුණුවන මාර්ගයට වඩා උතුම් යහපතක් නම් නැත. ‘සුඛාය’ යනු ඵල සමාපත්ති සැප පිණිසයයි ඊට වඩා උසස් සැපයක් නැති බැවින් කියන ලද්දේ වෙයි. මේ කාරණය ‘අයං සමාධි පච්චුප්පන්න සුඛො ඩෙව ආයතිඤ්ච සුඛ විපාකො’ ‘මේ සමාධිය වත්මනෙහි සැප ද මතු සැප විපාක ද (වෙයි).
තථාගතොතිආදීනං පදානං අත්ථො හෙට්ඨා වුත්තො. විජ්ජාචරණසම්පන්නොතිආදීසු තිස්සොපි විජ්ජා භයභෙරවෙ (ම· නි· 1.34 ආදයො) ආගතනයෙන, ඡපි විජ්ජා ඡළභිඤ්ඤාවසෙන, අට්ඨපි විජ්ජා අම්බට්ඨසුත්තෙ ආගතාති විජ්ජාහි, සීලසංවරාදීහි, පන්නරසහි චරණධම්මෙහි ච, අනඤ්ඤසාධාරණෙහි සම්පන්නො සමන්නාගතොති විජ්ජාචරණසම්පන්නො. සොභනගමනත්තා, සුන්දරං ඨානං ගතත්තා, සම්මා ගතත්තා, සම්මා ගදත්තා ච සුගතො. සබ්බථා විදිතලොකත්තා ලොකවිදූ. නත්ථි එතස්ස උත්තරොති අනුත්තරො. පුරිසදම්මෙ පුරිසවෙනෙය්යෙ සාරෙති විනෙතීති පුරිසදම්මසාරථි. දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං අනුසාසතීති සත්ථා. සබ්බස්සාපි නෙය්යස්ස සබ්බප්පකාරෙන සයම්භුඤාණෙන බුද්ධත්තා බුද්ධොති අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන විසුද්ධිමග්ගතො (විසුද්ධි· 1.132-133) ගහෙතබ්බො.
‘තථාගතො’ යනාදී පදයන්ගේ අර්ථය මුලින් කියන ලදී. ‘විජ්ජාචරණ සම්පන්නො’ යනාදියෙහි ත්‍රිවිද්‍යාව භය භෙරව සූත්‍රයෙහි ආවා වූ ක්‍රමයෙන් ද ඡළභිඤ්ඤා වශයෙන් විද්‍යා හය ද, අම්බට්ඨ සූත්‍රයෙහි ආවා වූ ක්‍රමයෙන් විද්‍යා අටදැයි (යනුවෙන්) ආවා වූ අනුන්ට පොදු නොවූ විද්‍යාවලින් ද සීලසංවරාදී පසළොස් චරණ ධර්මවලින්ද යුක්ත බැවින් විජ්ජාචරණ සම්පන්නො විද්‍යාචරණ සම්පන්න නම් වෙති. ශෝභන ගමන් ඇති බැවින් සුන්දර තැනට ගිය බැවින් හෝ මනාව ගිය බැවින් සුගතො සුගත නම් වෙති. හැම ආකාරයෙන්ම දන්නා ලද ලෝකය ඇති බැවින් ලොකවිදූ ලෝකවිදූ නම් වෙති. උන්වහන්සේට ඉහළින් කෙනෙක් නැති හෙයින් අනුත්තරො අනුත්තර වෙති. දමනය කළයුතු පුරුෂයන් හික්මවිය යුතු පුරුෂයන් හික්මවන හෙයින් පුරිසදම්මසාරථි පුරුෂදම්මසාරථී නම් වෙති. මෙලොව පරලොව උතුම් අර්ථයන් පිණිස සුදුසු පරිදි අනුශාසනා කරන හෙයින් සත්ථා සත්ථා නම් වෙති. දැනගත යුතු සියල්ල පිළිබඳව සියලු ආකාරයෙන් තමාගේ නුවණින් අවබෝධ කළ බැවින් බුද්ධො බුද්ධ නම් වෙති යන මෙය මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි විශුද්ධි මාර්ගයෙන් ගතයුතුය.
සො ධම්මං දෙසෙති ආදි…පෙ… පරියොසානකල්යාණන්ති සො භගවා සත්තෙසු කාරුඤ්ඤං පටිච්ච හිත්වාපි අනුත්තරං විවෙකසුඛං ධම්මං දෙසෙති. තඤ්ච ඛො අප්පං වා බහුං වා දෙසෙන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව දෙසෙති. කථං? එකගාථාපි හි සමන්තභද්දකත්තා ධම්මස්ස පඨමපාදෙන ආදිකල්යාණා, දුතියතතියෙහි මජ්ඣෙකල්යාණා, පච්ඡිමෙන පරියොසානකල්යාණා. එකානුසන්ධිකං සුත්තං නිදානෙන ආදිකල්යාණං, නිගමනෙන පරියොසානකල්යාණං, සෙසෙන මජ්ඣෙකල්යාණං. නානානුසන්ධිකං සුත්තං පඨමෙන අනුසන්ධිනා ආදිකල්යාණං, පච්ඡිමෙන පරියොසානකල්යාණං, සෙසෙහි මජ්ඣෙකල්යාණං. සකලොපි වා සාසනධම්මො අත්තනො අත්ථභූතෙන සීලෙන ආදිකල්යාණො, සමථවිපස්සනාමග්ගඵලෙහි මජ්ඣෙකල්යාණො, නිබ්බානෙන පරියොසානකල්යාණො. සීලසමාධීහි වා ආදිකල්යාණො, විපස්සනාමග්ගෙහි මජ්ඣෙකල්යාණො, ඵලනිබ්බානෙහි පරියොසානකල්යාණො. බුද්ධසුබුද්ධතාය වා ආදිකල්යාණො, ධම්මසුධම්මතාය මජ්ඣෙකල්යාණො, සඞ්ඝසුප්පටිපත්තියා පරියොසානකල්යාණො. තං සුත්වා තථත්තාය පටිපන්නෙන අධිගන්තබ්බාය අභිසම්බොධියා වා ආදිකල්යාණො, පච්චෙකබොධියා මජ්ඣෙකල්යාණො, සාවකබොධියා පරියොසානකල්යාණො. සුය්යමානො චෙස නීවරණවික්ඛම්භනතො සවනෙනපි කල්යාණමෙව ආවහතීති ආදිකල්යාණො, පටිපජ්ජියමානො සමථවිපස්සනාසුඛාවහනතො පටිපත්තියාපි සුඛමෙව ආවහතීති මජ්ඣෙකල්යාණො, තථාපටිපන්නො ච පටිපත්තිඵලෙ නිට්ඨිතෙ තාදිභාවාවහනතො පටිපත්තිඵලෙනපි කල්යාණමෙව ආවහතීති පරියොසානකල්යාණො. නාථප්පභවත්තා ච පභවසුද්ධියා ආදිකල්යාණො, අත්ථසුද්ධියා මජ්ඣෙකල්යාණො, කිච්චසුද්ධියා පරියොසානකල්යාණො. තෙන වුත්තං “සො ධම්මං දෙසෙති ආදි…පෙ… පරියොසානකල්‍යාණ”න්ති.
සො ධම්ම දෙසෙති ආදි -පෙ- පරියොසාන කල්‍යාණං ඒ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි කාරුණික බව නිසා අනුත්තර වූ විවේක සැප ඇති ධර්මය දෙසති. එයද ස්වල්පයක් හෝ බොහෝකොට හෝ දේශනා කරමින් ආදි කල්‍යාණ ආදි ආකාරයටම දේශනා කරති. කෙසේද? එක් ගාථාවක් වුව ද හාත්පසින් යහපත් බැවින් ධර්මයේ පළමු පාදයෙන් ආදි කල්‍යාණය, දෙවන තෙවන පාදවලින් මජ්ඣෙ කල්‍යාණය, අවසන් පාදයෙන් පරියොසාන කල්‍යාණය, එක් අනුසන්ධියක් ඇති සූත්‍රයක නිදානයෙන් ආදි කල්‍යාණය. නිගමනයෙන් පරියොසාන කල්‍යාණය ඉතිරියෙන් මජ්ඣෙ කල්‍යාණය. නොයෙක් අනුසන්ධි ඇති සූත්‍රයක පළමු අනුසන්ධියෙන් ආදි කල්‍යාණය අවසන් (පශ්චිම) අනුසන්ධියෙන් පරියොසාන කල්‍යාණය, ඉතිරි ඒවායින් මජ්ඣෙ කල්‍යාණය. සියලුම ශාසන ධර්මය තමාගේ, තමා තුළ වූ ශීලයෙන් ආදිකල්යාණය, සමථ විපස්සනා මාර්ගඵලවලින් මජ්ඣෙ කල්‍යාණය, නිවනින් පරියොසාන කල්‍යාණය. ශීල සමාධිවලින් ආදිකල්යාණය, විදර්ශනා මාර්ගවලින් මජ්ඣෙ කල්‍යාණය, ඵල හා නිවනිත් පරියොසාන කල්‍යාණය. බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කළ බැවින් හෝ ආදිකල්යානය (මුල යහපත්ය) ධර්මයේ යහපත් ස්වභාවයෙන් (ධම්ම සුධම්මතාය) මජ්ඣෙකල්යාණය (මැද යහපත්ය) සංඝයාගේ යහපත් ප්‍රතිපත්තියෙන් පරියොසාන කල්‍යාණය (අග යහපත්ය). එය අසා සත්‍යය පිණිස පිළිපන් තැනැත්තා විසින් අවබෝධ කළයුතු අභිසම්බෝධියෙන් (සම්මා සම්බුද්ධත්වයෙන්) ආදි කල්‍යාණය, පච්චේක බෝධියෙන් මජ්ඣෙ කල්‍යාණය, ශ්‍රාවක බෝධියෙන් පරියොසාන කල්‍යාණය. මේ ධර්මය අසනු ලබන්නේ නීවරණ විෂ්කම්භනයෙන් ඇසීමෙන්ද යහපත ගෙන දෙන හෙයින් ආදි කල්‍යාණය, පිළිපදිනු ලබන්නේ සමථ විදර්ශනා සැප ගෙන දෙන හෙයින් ප්‍රතිපත්තියෙන් ද සැපයම ගෙන දෙන හෙයින් මජ්ඣෙ කල්‍යාණය, එසේ පිළිපැදි ධර්මය ප්‍රතිපත්ති ඵලය නිම වූ කල්හි තාදී බව ගෙනදෙන හෙයින් ප්‍රතිපත්ති ඵලයෙන් ද යහපතම ගෙනදෙයි. (කැඳවයි) යන අරුතින් පරියොසාන කල්‍යාණය. නාථ නම් වූ බුදුරජාණන් වහන්සේගෙන් හටගත් බැවින් ද ප්‍රභව ශුද්ධියෙන් ආදිකල්යාණය, ආත්ම ශුද්ධියෙන් මජ්ඣෙ කල්‍යාණය, කෘත්‍ය ශුද්ධියෙන් පරියොසාන කල්‍යාණය. එහෙයින් ‘සො ධම්මං දෙසෙති ආදි -පෙ- පරියොසාන කල්‍යාණං’ යනුවෙන් කියන ලදී.
යං පන භගවා ධම්මං දෙසෙන්තො සාසනබ්රහ්මචරියං මග්ගබ්රහ්මචරියඤ්ච පකාසෙති, නානානයෙහි දීපෙති, තං යථානුරූපං අත්ථසම්පත්තියා සාත්ථං, බ්යඤ්ජනසම්පත්තියා සබ්යඤ්ජනං. සඞ්කාසන, පකාසන, විවරණ, විභජන, උත්තානීකරණ පඤ්ඤත්තිඅත්ථපදසමායොගතො සාත්ථං, අක්ඛරපදබ්යඤ්ජනාකාරනිරුත්තිනිද්දෙසසම්පත්තියා සබ්යඤ්ජනං, අත්ථගම්භීරතාපටිවෙධගම්භීරතාහි වා සාත්ථං, ධම්මගම්භීරතාදෙසනාගම්භීරතාහි සබ්යඤ්ජනං. අත්ථපටිභානපටිසම්භිදාවිසයතො වා සාත්ථං, ධම්මනිරුත්තිපටිසම්භිදාවිසයතො සබ්යඤ්ජනං. පණ්ඩිතවෙදනීයතො පරික්ඛකජනප්පසාදකන්ති සාත්ථං, සද්ධෙය්යතො ලොකියජනප්පසාදකන්ති සබ්යඤ්ජනං. ගම්භීරාධිප්පායතො සාත්ථං, උත්තානපදතො සබ්යඤ්ජනං. උපනෙතබ්බස්ස අභාවතො සකලපරිපුණ්ණභාවෙන කෙවලපරිපුණ්ණං, අපනෙතබ්බස්ස අභාවතො නිද්දොසභාවෙන පරිසුද්ධං, අපිච පටිපත්තියා අධිගමබ්යත්තිතො සාත්ථං, පරියත්තියා ආගමබ්යත්තිතො සබ්යඤ්ජනං, සීලාදිපඤ්චධම්මක්ඛන්ධපාරිපූරියා පරිපුණ්ණං, නිරුපක්කිලෙසතො නිත්ථරණත්ථාය පවත්තිතො ලොකාමිසනිරපෙක්ඛතො ච පරිසුද්ධං, සික්ඛත්තයපරිග්ගහිතත්තා බ්රහ්මභූතෙහි සෙට්ඨෙහි චරිතබ්බතො තෙසං චරියභාවතො ච බ්රහ්මචරියං. තස්මා “සාත්ථං සබ්යඤ්ජනං…පෙ… පකාසෙතී”ති වුච්චති.
භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරමින් ශාසන බ්‍රහ්ම චරියාව ද මාර්ග බ්‍රහ්මචර්යාව ද ප්‍රකාශ කරත් ද නොයෙක් ක්‍රමවලින් පැහැදිලි කරත් ද එයට අනුරූප වූ අර්ථ සම්පත්තියෙන් සාත්ථං සාර්ථය. අක්ෂර සම්පත්තියෙන් සබ්යඤ්ජනං බ්‍යඤ්ජන සහිතය. සැකෙවින් දැක්වීම (සංකාසන), පළමුකොට දැක්වීම (පකාසන), විස්තර කිරීම (විවරණ), බෙදා දැක්වීම (විභජන) නොගැඹුරු අයුරින් ප්‍රකට කිරීම (උත්තානීකරණ), පැනවීම (පඤ්ඤත්ති) යන අර්ථ යෙදීමෙන් සාර්ථය (අර්ථ සහිතය), අක්ෂර - පද - බ්‍යඤ්ජන - ආකාර - නිරුක්ති - නිර්දේශ සම්පත්තියෙන් බ්‍යඤ්ජන සහිතය. අර්ථ ගැඹුරු බැවින් හෝ අවබෝධය ගැඹුරු බැවින් සාර්ථය. ධර්ම ගම්භීර බැවින් දේශනා ගැඹුරු බැවින් බ්‍යඤ්ජන සහිතය. අර්ථ-පටිභාන පටිසම්භිදා විෂයෙන් හෝ අර්ථ සහිතය. ධර්ම-නිරුක්ති පටිසම්භිදා විෂයෙන් බ්‍යඤ්ජන සහිතය. පණ්ඩිතයන් විසින් දතයුතු බැවින්, පරීක්ෂණය කරන ජනතාව ප්‍රසාදයට පත් කරවන්නකි යන අරුතින් අර්ථ සහිතය. ඇදහිය යුතු බැවින් ලෞකික ජනතාව ප්‍රසාදයට පත්කරවන්නකි. යන අරුතින් සබ්යඤ්ජනය ගැඹුරු අදහස් ඇති බැවින් සාර්ථය. නොගැඹුරු පදවලින් යුතු බැවින් සබ්යඤ්ජනය. පමුණුවාගත යුතු දෙයක් නැති හෙයින් සියල්ල පරිපුර්ණ බැවින් කෙවලපරිපුණ්ණං වෙයි. ඉවත් කළයුතු දෙයක් නැති බැවින් නිර්දෝෂ භාවයෙන් පරිසුද්ධං පිරිසිදුය. තවද ප්‍රතිපත්තියෙන් අධිගමයෙහි සමත් බැවින් සාර්ථය. පර්යාප්තියෙන් ආගමෙහි සමත් බැවින් සබ්යඤ්ජනය. ශීලාදී ධර්ම ස්කන්ධ (සීල-සමාධි-පඤ්ඤා-විමුත්ති-විමුත්තිඤාණ) පහ පරිපූර්ණ වීමෙන් පිරිපුන්ය. උපක්ලේශ නැති බැවින් ද සසරින් එතෙරවීම පිණිස පවතින හෙයින් ද ලෝකාමිසය බලාපොරොත්තු නැති හෙයින් ද පිරිසිදු ය. ශික්ෂා තුන අල්ලාගත් බැවින් උතුම් වූ ශ්‍රේෂ්ඨයන් විසින් හැසිරිය යුතු බැවින් ඔවුන්ගේ හැසිරිම වූ හෙයින් ද බ්රහ්මචරියං උසස් හැසිරීමය. එහෙයින් ‘සාත්ථං සබ්ඤ්ජනං -පෙ- පකාසෙති’ යනුවෙන් කියන ලදී.
පඨමොති ගණනානුපුබ්බතො සබ්බලොකුත්තමභාවතො ච පඨමො පුග්ගලො. තස්සෙව සත්ථු සාවකොති තස්සෙව යථාවුත්තගුණස්ස සත්ථු සම්මාසම්බුද්ධස්ස ධම්මදෙසනාය සවනන්තෙ ජාතො ධම්මසෙනාපතිසදිසො සාවකො, න පූරණාදි විය පටිඤ්ඤාමත්තෙන සත්ථු සාවකො. පාටිපදොති පටිපදාසඞ්ඛාතෙන අරියමග්ගෙන අරියාය ජාතියා ජාතො භවොති පාටිපදො, අනිට්ඨිතපටිපත්තිකිච්චො පටිපජ්ජමානොති අත්ථො. සුත්තගෙය්යාදි පරියත්තිධම්මො බහුං සුතො එතෙනාති බහුස්සුතො. පාතිමොක්ඛසංවරාදිසීලෙන චෙව ආරඤ්ඤිකඞ්ගාදිධුතඞ්ගවතෙහි ච උපපන්නො සම්පන්නො සමන්නාගතොති සීලවතූපපන්නො. ඉති භගවා “ලොකානුකම්පා නාම හිතජ්ඣාසයෙන ධම්මදෙසනා, සා ච ඉමෙසු එව තීසු පුග්ගලෙසු පටිබද්ධා”ති දස්සෙති. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
පඨමො යනු ගණන් කිරීමේ අනුපිළිවෙලින් ද සියලු ලෝකයට උතුම් බැවින් ද පළමුවන පුද්ගලයා. තස්සෙව සත්ථු සාවකා යනු කියන ලද ගුණ ඇති ඒ ශාස්තෲ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව ඇසීම අවසානයේ උපන්නා වූ, ධර්ම සේනාපතීන් වහන්සේ සමාන ශ්රාවකයා, පූරණ ආදී අය මෙන් ප්‍රතිඥා මාත්‍රයෙන් ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නොවේ. පාටිපදො යනු ප්‍රතිපදා සංඛ්‍යාත ආර්ය මාර්ගයෙන් ආර්ය ජාතියෙහි උපන්නේය යන අරුතින් පාටිපද නම් වෙයි. නො නිමි ප්‍රතිපත්ති කෘත්‍යය ඇත්තා වූ, පිළිපදින්නා වූ යන අර්ථයි. සුත්‍ර-ගෙය්ය ආදී පර්යාප්ති ධර්මය මොහු විසින් බොහෝකොට අසන ලද්දේය යන අරුතින් බහුස්සුතො බහුශ්‍රැතය. ප්රාතිමෝක්ෂ සංවරාදී ශීලයෙන් ද ආරඤ්ඤිකාදී ධුතංග වන්වලින් ද යුක්ත වූයේ සමන්නාගත වූයේ සීලවතූප්පන්නො ශීලයෙන් හා ව්‍රතයෙන් යුක්ත වූයේ වෙයි. මෙසේ ලෝකානුකම්පාව නම් යහපත කැමැත්තෙන් කරන ධර්ම දේශනාවය. ඒ ධර්ම දේශනාව ද මේ පුද්ගලයන් තිදෙනා කෙරෙහි බැඳී ඇතැයි භාග්‍යවතුන් වහන්සේ දක්වති. ඉතිරිය පහසුවෙන් දැනගත හැක්කේමය.
ගාථාසු තස්සන්වයොති තස්සෙව සත්ථු පටිපත්තියා ධම්මදෙසනාය ච අනුගමනෙන තස්සන්වයො අනුජාතො. අවිජ්ජන්ධකාරං විධමිත්වා සපරසන්තානෙසු ධම්මාලොකසඞ්ඛාතාය පභාය කරණතො පභඞ්කරා. ධම්මමුදීරයන්තාති චතුසච්චධම්මං කථෙන්තා. අපාපුරන්තීති උග්ඝාටෙන්ති. අමතස්ස නිබ්බානස්ස. ද්වාරං අරියමග්ගං. යොගාති කාමයොගාදිතො. සත්ථවාහෙනාති වෙනෙය්යසත්ථවාහනතො භවකන්තාරනිත්ථරණතො සත්ථවාහො, භගවා, තෙන සත්ථවාහෙන. සුදෙසිතං මග්ගමනුක්කමන්තීති තෙන සම්මා දෙසිතං අරියමග්ගං තස්ස දෙසනානුසාරෙන අනුගච්ඡන්ති පටිපජ්ජන්ති. ඉධෙවාති ඉමස්මිංයෙව අත්තභාවෙ. සෙසං උත්තානමෙව.
ගාථාවන්හි - තස්සන්වයො යනු ඒ ශාස්තෲන් වහන්සේගේම ප්‍රතිපත්තියෙන් ද ධර්ම දේශනාවෙන් ද උන්වහන්සේගේ අනුජාත වූ (ශ්රාවකයා). අවිද්යාන්ධකාරය පළවාහැර තමාගේ, අනුන්ගේ සිත්වල ධර්ම ආලෝකය නමැති ආලෝකය ඇතිකිරීමෙන් පභංකරා. ප්රභංකරයහ. ධම්මමුදීරයන්තා යනු චතුස්සත්‍ය ධර්මය කියන්නාහු. අපාපුරන්ති යනු විවෘත කරත්. අමතස්ස යනු නිවනෙහි. ද්වාරං ආර්ය මාර්ගය. යොගා යනු කාමයෝග ආදියෙන්. සත්ථවාහෙන යනු හික්මවිය යුතු අයට සාර්ථ වාහකයාණ කෙනෙකු හෙයින් භව කාන්තාරයෙන් එතෙර කරවන හෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘සත්ථවාහ’ නම් වෙති. ඒ සාර්ථ වාහකයාණන් විසින්. සුදෙසිතං මග්ග මනුක්කමන්ති යනු උන්වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ආර්ය මාර්ගය උන්වහන්සේගේ දේශනාවට අනුසාරයෙන් යති, පිළිපදිති. ඉධෙව යනු මේ ආත්ම භාවයෙහිම. සෙස්ස පැහැදිලිය.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සුත්‍රයයි.