4. පුබ්බනිමිත්තසුත්තවණ්ණනා අට්ඨකථා
4. පුබ්බනිමිත්තසුත්තවණ්ණනා
4. පූර්වනිමිත්ත සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ යදාති යස්මිං කාලෙ. දෙවොති උපපත්තිදෙවො. තයො හි දෙවා – සම්මුතිදෙවා, උපපත්තිදෙවා, විසුද්ධිදෙවාති. තෙසු සම්මුතිදෙවා නාම රාජානො ඛත්තියා. උපපත්තිදෙවා නාම චාතුමහාරාජිකතො පට්ඨාය තදුපරිදෙවා. විසුද්ධිදෙවා නාම ඛීණාසවා. ඉධ පන කාමාවචරදෙවො අධිප්පෙතො. තෙන වුත්තං “දෙවොති උපපත්තිදෙවො”ති. දෙවකායාති දෙවසමූහතො, දෙවට්ඨානතො වා, දෙවලොකතොති අත්ථො. සමූහනිවාසවාචකො හි අයං කායසද්දො. චවනධම්මොති මරණධම්මො, ආයුක්ඛයෙන වා පුඤ්ඤක්ඛයෙන වා උපට්ඨිතමරණොති අත්ථො.
සතරවන සූත්‍රයෙහි යදා යනු යම්කලෙක. දෙවො යනු උත්පත්ති දෙවියෙක් සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධිදේව යනුවෙන් දෙවිවරු තිදෙනෙකි. ඔවුන් අතුරෙන් සම්මුති දෙවිවරු නම් ක්ෂත්රිය රජවරුය. උප්පත්ති දෙවිවරු නම් චාතුම්මහාරාජිකයේ පටන් ඊට ඉහළ දෙවිවරුය. විසුද්ධි දෙවිවරු නම් ක්ෂීණාශ්රවයෝය. මෙහි වනාහි කාමාවචර දෙවියෙක් අදහස් කරන ලදී. එහෙයින් ‘දෙවො ති උප්පත්ති දෙවො’ යි කියන ලදී. දෙවකායා යනු දිව්‍ය සමූහයෙන් හෝ දිව්‍ය ස්ථානයෙන් හෝ දිව්‍ය ලෝකයෙන් හෝ යන අර්ථයි. මේ කාය ශබ්දය සමූහ-නිවාස වාචකය. චවන ධම්මො යනු මරණ ධර්මය, ආයු ගෙවීමෙන් හෝ පින නොවීමෙන් හෝ පැමිණි මරණය යන අර්ථයි.
පඤ්චස්ස පුබ්බනිමිත්තානි පාතුභවන්තීති අස්ස උපට්ඨිතමරණස්ස දෙවපුත්තස්ස පඤ්ච මරණස්ස පුබ්බනිමිත්තානි උප්පජ්ජන්ති, පකාසානි වා හොන්ති. මාලා මිලායන්තීති තෙන පිළන්ධිතමාලා මජ්ඣන්හිකසමයෙ ආතපෙ ඛිත්තා විය මිලාතා විහතසොභා හොන්ති.
පඤ්චස්ස පුබ්බනිමිත්තානි පාතුභවන්ති යනු පැමිණි මරණය ඇති මේ දිව්‍ය පුත්‍රයාට මරණය පිළිබඳ පෙරනිමිති පහක් උපදී හෝ ප්‍රකාශ වේ. මාලාමිලායන්ති යනු ඒ පැළඳි මල්මාලා මද්දහනෙහි අව්වට දමන ලද්දක් මෙන් මැලවූයේ පහවූ ශෝභාව ඇත්තේ වෙයි.
වත්ථානි කිලිස්සන්තීති සරදසමයෙ විගතවලාහකෙ ආකාසෙ අබ්භුස්සක්කමානබාලසූරියසදිසප්පභානි නානාවිරාගවණ්ණානි තෙන නිවත්ථපාරුතවත්ථානි තං ඛණංයෙව කද්දමෙ ඛිපිත්වා මද්දිතානි විය විහතප්පභානි මලිනානි හොන්ති.
වත්ථානි කිලිස්සන්ති සරත් සමයෙහි පහවූ වළාකුළු ඇති අහසෙහි උදාවෙන බාල සූර්යයාට සමාන ප්‍රභා (ආලෝකය) ඇති නොයෙක් නොයෙක් වර්ණ ඇති ඔහු විසින් හැඳ පෙර වූ වස්ත්‍ර එකෙණෙහිම මඩෙහි දමා පාගන ලද ඒවා මෙන් පහවූ ප්‍රභා ඇතිව මැලවුණේ වෙයි.
කච්ඡෙහි සෙදා මුච්චන්තීති සුපරිසුද්ධජාතිමණි විය සුසික්ඛිතසිප්පාචරියරචිතසුවණ්ණපටිමා විය ච පුබ්බෙ සෙදමලජල්ලිකාරහිතසරීරස්ස තස්මිං ඛණෙ උභොහි කච්ඡෙහි සෙදධාරා සන්දන්ති පග්ඝරන්ති. න කෙවලඤ්ච කච්ඡෙහියෙව, සකලසරීරතොපි පනස්ස සෙදජලකණ්ණිකා මුච්චතියෙව, යෙන ආමුත්තමුත්තාජාලගවච්ඡිතො විය තස්ස කායො හොති.
කච්ඡෙහි සෙදා මුච්චන්ති යනු ඉතා පිරිසිදු ජාති මාණික්‍යයක් මෙන් ද ඉතා හොඳින් පුහුණු වූ ශිල්පියෙකු විසින් කරන ලද රන් පිළිමයක් මෙන් ද දහඩිය කුණු නැති සිරුරේ කිසිලි දෙකින් එකෙණෙහි දහඩිය දහරා ගලයි, වැගිරෙයි. හුදෙක් කිසිලිවලින් පමණක්ම නොවේ. ඔහුගේ මුලු සිරුරම දහඩිය කුණු මුදාහරියි. ඔවුන්ගේ කය පළඳනා ලද මුතුදැල් නමැති කේසරවලින් ගැවසී ගත්තාක් මෙන් වෙයි.
කායෙ දුබ්බණ්ණියං ඔක්කමතීති පුබ්බෙ පටිසන්ධිතො පට්ඨාය යථානුභාවං එකයොජනං ද්වියොජනං යාව ද්වාදසයොජනමත්තම්පි පදෙසං ආභාය ඵරිත්වා විජ්ජොතමානො කායො හොති ඛණ්ඩිච්චපාලිච්චාදිවිරහිතො, න සීතං න උණ්හං උපඝාතකං, දෙවධීතා සොළසවස්සුද්දෙසිකා විය හොති, දෙවපුත්තො වීසතිවස්සුද්දෙසිකො විය, තං ඛණංයෙව නිප්පභෙ නිත්තෙජෙ කායෙ විරූපභාවො අනුපවිසති සණ්ඨාති.
කායෙ දුබ්බණ්ණියං ඔක්කමති යනු පෙර ප්‍රතිසන්ධියේ (ඉපදීමේ) පටන් ඇති වූ ආනුභාවයට අනුව එක් යොදුනක් දෙයොදුනක් දොළොස් යොදුනක් තෙක් ප්‍රදේශයක ආලෝකය පතුරුවා බබලන, කැඩීම් පැලීම් ආදිය නැති කයක් වෙයි. සීත නැත. පීඩාකාරී උණුසුමක් නැත. දෙව්දුව සොළොස් හැවිරිදි තැනැත්තියක මෙන් වෙයි. දෙව්පුත් විසිහැවිරිදි කෙනෙකු මෙන් වෙයි. එකෙණෙහි ප්‍රභාව නැති තේජස් නැති කයෙහි විරූප බව ඇතිවෙයි. පිහිටයි.
සකෙ දෙවො දෙවාසනෙ නාභිරමතීති අත්තනො අච්ඡරාගණෙහි සද්ධිං කීළනපරිචරණකදිබ්බාසනෙ න රමති, න චිත්තස්සාදං ලභති. තස්ස කිර මනුස්සගණනාය සත්තහි දිවසෙහි මරණං භවිස්සතීති ඉමානි පුබ්බනිමිත්තානි පාතුභවන්ති. සො තෙසං උප්පත්තියා “එවරූපාය නාම සම්පත්තියා විනා භවිස්සාමී”ති බලවසොකාභිභූතො හොති. තෙනස්ස කායෙ මහාපරිළාහො උප්පජ්ජති, තෙන සබ්බතො ගත්තෙහි සෙදා මුච්චන්ති. චිරතරං කාලං අපරිචිතදුක්ඛො තං අධිවාසෙතුං අසක්කොන්තො එකච්චො “දය්හාමි දය්හාමී”ති කන්දන්තො පරිදෙවන්තො කත්ථචි අස්සාදං අලභන්තො විජප්පන්තො විලපන්තො තහිං තහිං ආහිණ්ඩති. එකච්චො සතිං උපට්ඨපෙත්වා කායවාචාහි විකාරං අකරොන්තොපි පියවිප්පයොගදුක්ඛං අසහන්තො විහඤ්ඤමානො විචරති.
සකෙ දෙවො දෙවාසනෙ නාභිරමති යනු තමාගේ දෙවඟනන් සමූහය සමග ක්‍රීඩාකරන හැසිරෙන දිව්‍යාසනයෙහි නො ඇලෙයි. සිතේ තෘප්තියක් නැත. ඔහුට මනුෂ්‍ය ගණනින් සත්දිනකින් මරණය වන්නේ යන මේ පෙරනිමිති පහළ වෙයි. හෙතෙම ඒ පෙරනිමිති ඉපදීමෙන්ම රූප සම්පත්තියෙන් තොර වන්නෙමියි බලවත් ශෝකයෙන් මැඩගත්තේ වෙයි. එහෙයින් ඔහුගේ කයෙහි මහත් දාහයක් උපදී. එහෙයින් මුළු සිරුරෙන් දහඩිය වැගිරෙයි. වඩා වැඩිකලක් නුපුරුදු දුක් ඇත්තේ එය ඉවසන්නට නොහැකිව ඇතැමෙක් දැවෙමි දැවෙමියි කියමින් හඬමින් වැලපෙමින් කිසිතැනක ආශ්වාදයක් (තෘප්තියක්) නොලබමින් කිළිපොලමින් සුසුම්ලමින් ඒ ඒ තැන ඇවිදියි. ඇතැමෙක් සිහිය පිහිටුවා කය වචන දෙකින් විකාර නොකළ ද ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නොඉවසමින් පීඩාවිඳිමින් හැසිරෙයි.
ඉමානි පන පුබ්බනිමිත්තානි යථා ලොකෙ මහාපුඤ්ඤානං රාජරාජමහාමත්තාදීනංයෙව උක්කාපාතභූමිචාලචන්දග්ගාහාදීනි නිමිත්තානි පඤ්ඤායන්ති, න සබ්බෙසං; එවමෙව මහෙසක්ඛදෙවානංයෙව පඤ්ඤායති. උප්පන්නානි ච තානි “ඉමානි මරණස්ස පුබ්බනිමිත්තානි නාමා”ති කෙචි දෙවා ජානන්ති, න සබ්බෙ. තත්ථ යො මන්දෙන කුසලකම්මෙන නිබ්බත්තො, සො “ඉදානි කො ජානාති, ‘කුහිං නිබ්බත්තිස්සාමී’”ති භායති. යො පන මහාපුඤ්ඤො, සො “බහුං මයා දානං දින්නං, සීලං රක්ඛිතං, පුඤ්ඤං උපචිතං, ඉතො චුතස්ස මෙ සුගතියෙව පාටිකඞ්ඛා”ති න භායති න විකම්පති. එවං උපට්ඨිතපුබ්බනිමිත්තං පන තං ගහෙත්වා දෙවතා නන්දනවනං පවෙසෙන්ති සබ්බදෙවලොකෙසු නන්දනවනං අත්ථියෙව.
මේ පෙරනිමිති වනාහි යම්සේ සියල්ලන්ට නොව ලෝකයෙහි මහා පින් ඇති රාජ රාජ මහාමාත්යවරුන්ටම උල්කාපාත - භූමිචලන චන්ද්‍රග්‍රහණ ආදී නිමිති පහළවෙයිද එසේම මහේශාක්‍ය දෙවියන්ටම පහළවෙයි. මරණය පිළිබඳ උපන් මේ පෙරනිමිති ඇතැම් දෙවිවරු දැනගනිති. සියලු දෙවිවරු නොදැන ගනිති. එහි යමෙක් මද කුශලයකින් උපන්නේ ද හෙතෙම දැන් චුත වූයේ කොහි උපදින්නෙම්දැයි නොදනිමි කියා බිය වෙයි. මහා පින් ඇති යමෙක් වේද හෙතෙම මා විසින් බොහෝ දන් දෙන ලදී, සිල් රකින ලදී, පින් රැස්කරන ලදී. මෙයින් චුත වූ මට සුගතියම කැමති යයි කියා බිය නොවෙයි. කම්පා නොවේ. මෙසේ එළඹි පෙරනිමිති ඇති දේවතාවා රැගෙන දෙවිවරු නන්දන වනයට පිවිසෙති. සියලු දිව්‍යලෝකවල නන්දන වනයක් ඇත්තේමය.
තීහි වාචාහි අනුමොදෙන්තීති ඉදානි වුච්චමානෙහි තීහි වචනෙහි අනුමොදෙන්ති, මොදං පමොදං උප්පාදෙන්ති, අස්සාසෙන්ති, අභිවදනවසෙන වා තංඛණානුරූපං පමොදං කරොන්ති. කෙචි පන “අනුමොදෙන්තී”ති පදස්ස “ඔවදන්තී”ති වදන්ති. ඉතොති දෙවලොකතො. භොති ආලපනං. සුගතින්ති සුන්දරගතිං, මනුස්සලොකං සන්ධාය වදන්ති. ගච්ඡාති පටිසන්ධිග්ගහණවසෙන උපෙහි.
තීහි වාචාහි අනුමොදෙන්ති යනු දැන් කියනු ලබන වචන තුනෙන් සතුටු කරත්. ප්‍රමෝදය උපදවත්, අස්වසත්. ආශීර්වාද වශයෙන් හෝ ඒ මොහොතට අනුරූප පරිදි සතුටු කරති. ඇතැමෙක් වනාහි අනුමොදෙන්ති යන පදයෙන් අවවාද කරතියි කියති. ඉතො යනු දෙව්ලොවින්. භො යනු ආලපනයයි. සුගතිං යනු සුන්දර ගතියයි. මිනිස්ලොව සඳහා කියති. ගච්ඡ යනු පිළිසිඳ ගැනීම් වශයෙන් එළඹෙන්න.
එවං වුත්තෙති එවං තදා තෙහි දෙවෙහි තස්ස “ඉතො භො සුගතිං ගච්ඡා”තිආදිනා වත්තබ්බවචනෙ භගවතා වුත්තෙ අඤ්ඤතරො නාමගොත්තෙන අපාකටො තස්සං පරිසායං නිසින්නො අනුසන්ධිකුසලො එකො භික්ඛු “එතෙ සුගතිආදයො භගවතා අවිසෙසතො වුත්තා අවිභූතා, හන්ද තෙ විභූතතරෙ කාරාපෙස්සාමී”ති එතං “කිංනු ඛො, භන්තෙ”තිආදිවචනං අවොච. සද්ධාදිගුණවිසෙසපටිලාභකාරණතො දෙවූපපත්තිහෙතුතො ච මනුස්සත්තං දෙවානං අභිසම්මතන්ති ආහ “මනුස්සත්තං ඛො භික්ඛු දෙවානං සුගතිගමනසඞ්ඛාත”න්ති.
එවං වුත්තෙ යනු මෙසේ එකල ඒ දෙවිවරුන් විසින් ඔහුට ‘ඉතො භො සුගතිං ගච්ඡ’ යනාදියෙන් කිවයුතු වචන භාග්‍යවතුන් වහන්සේ කී කල්හි. අඤ්ඤතරො නමින්, ගෝත්‍රයෙන් අප්‍රකට වූ ඒ පිරිසෙහි සිටි අනුසන්ධි කුසල (දේශනාව කරන අතර ප්‍රශ්න කිරීමට සුදුසු අවස්ථාව දැනගැනීමෙහි දක්ෂ) එක් භික්ඛු භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ විසින් අවිශේෂයෙන් කියන ලද මේ සුගති ආදිය අපැහැදිලිය. එසේ නම් මම ඒවා වඩා පැහැදිලි කරවන්නෙමි’යි ‘කින්නුඛො භන්තෙ’ යනාදී මේ වචනය කීවේය. ශ්‍රද්ධාදී ගුණ විශේෂ ලැබීමේ කාරණයෙන් ද දේව උත්පත්තියට හේතුවන බැවින් ද මිනිසත් බව දෙවියන්ට රුචියයි ‘මනුස්සතං ඛො භික්ඛු දෙවානං සුගතිගමන සංඛාතං’යි වදාළහ.
සුගතිගමනසඞ්ඛාතන්ති “සුගතිගමන”න්ති සම්මා කථිතං, වණ්ණිතං ථොමිතන්ති අත්ථො. යං මනුස්සභූතොති එත්ථ යන්ති කිරියාපරාමසනං, තෙන පටිලභතීති එත්ථ පටිලභනකිරියා ආමසීයති, යො සද්ධාපටිලාභොති අත්ථො. මනුස්සභූතොති මනුස්සෙසු උප්පන්නො, මනුස්සභාවං වා පත්තො. යස්මා දෙවලොකෙ උප්පන්නානං තථාගතස්ස ධම්මදෙසනා යෙභුය්යෙන දුල්ලභා සවනාය, න තථා මනුස්සානං, තස්මා වුත්තං “මනුස්සභූතො”ති.
සුගතිගමනං යනු මනාව කියන ලද. වර්ණනා කරන ලද, ස්තුති කරන ලද යන අර්ථයි. යං මනුස්සභූතො යන මෙහි ‘යං’ යනු ක්‍රියා පරාමර්ශනයයි. එහෙයින් ‘පටිලභති’ යන මෙහි ප්රතිලභන ක්‍රියාව පරාමර්ශනය කරනු ලැබේ. යම් ශ්‍රද්ධා ප්‍රතිලාභයක් යන අර්ථයි. මනුස්සභූතො යනු මිනිසුන් අතර උපන්නේ හෝ මිනිසත්බවට පත්වූයේ. යම්හෙයකින් දෙව්ලොව උපන්නවුන්ට තථාගත ධර්ම දේශනා ශ්‍රවණයට බොහෝසෙයින් දුර්ලභය. මිනිසුන්ට එසේ නොවේ. එහෙයින් ‘මනුස්සභූතො’ යි කියන ලදී.
තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙති තථාගතෙන භගවතා දෙසිතෙ සික්ඛත්තයසඞ්ගහෙ සාසනෙ. තඤ්හි ධම්මතො අනපෙතත්තා ධම්මො ච, ආසයානුරූපං විනෙය්යානං විනයනතො විනයො චාති ධම්මවිනයො, උපනිස්සයසම්පත්තියා වා ධම්මතො අනපෙතත්තා ධම්මං අප්පරජක්ඛජාතිකං විනෙතීති ධම්මවිනයො. ධම්මෙනෙව වා විනයො, න දණ්ඩසත්ථෙහීති ධම්මවිනයො, ධම්මයුත්තො වා විනයොති ධම්මවිනයො, ධම්මාය වා සහ මග්ගඵලනිබ්බානාය විනයොති ධම්මවිනයො, මහාකරුණාසබ්බඤ්ඤුතඤ්ඤාණාදිධම්මතො වා පවත්තො විනයොති ධම්මවිනයො. ධම්මො වා භගවා ධම්මභූතො ධම්මකායො ධම්මස්සාමී, තස්ස ධම්මස්ස විනයො, න තක්කියානන්ති ධම්මවිනයො, ධම්මෙ වා මග්ගඵලෙ නිප්ඵාදෙතබ්බවිසයභූතෙ වා පවත්තො විනයොති ධම්මවිනයොති වුච්චති. තස්මිං ධම්මවිනයෙ.
තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ යනු තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශික්ෂා තුන ඇතුළත් වූ ශාසනයෙහි. එය වනාහි ධර්මයෙන් ඉවත් නොවූ බැවින් ධර්ම ද සිතට අනුරූපව හික්මීමට සුදුසු අයගේ හික්මවීම ඇතිකරන හෙයින් විනය ද = ධර්ම විනය යි. උපනිශ්‍රය සම්පත්තියෙන් හෝ ධර්මයෙන් හෝ ඉවත්නොවූ බැවින් කෙලෙස් අඩු තැනැත්තා හික්මවයි යන අරුතින් ධර්මවිනය වෙයි. ධර්මයෙන් හෝ විනයෙන් මිස දඬුවලින් ආයුධවලින් හික්මවීම නොවේ යන අරුතින් = ධර්ම විනයයි. ධර්මයෙන් යුක්ත වූ විනය හෝ = ධර්ම විනයයි. නැතහොත් මාර්ගඵල සමග නිවන පිණිස ධර්මයෙන් ඇතිවන හික්මීම = ධර්මවිනයයි. මහාකරුණා සර්වඥතා ඥානය ආදී ධර්මයෙන් සිදුවන විනය = ධර්මවිනයයි. භාග්‍යවතුන් වහන්සේ නිසැකවම ධර්මය වෙති. ධර්මයෙන්ම වූයේ වෙති. ධර්මකාය වෙති. ධර්මස්වාමී වෙති. ඒ ධර්මයේ විනය තාර්කික නොවේ යන අර්ථයෙන් හෝ ධම්මවිනය යැයි කියනු ලැබේ. ධර්මයෙහි හෝ නිපදවිය යුතු විෂය වූ මාර්ගඵලයෙහි හෝ පැවැති විනය ධර්මවිනය නමි. ඒ ධර්ම දවිනයයෙහිය.
සද්ධං පටිලභතීති “ස්වාක්ඛාතො භගවතා ධම්මො”තිආදිනා සද්ධං උප්පාදෙති. සද්ධො හි ඉමස්මිං ධම්මවිනයෙ යථානුසිට්ඨං පටිපජ්ජමානො දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙ ආරාධෙස්සති. සුලද්ධලාභසඞ්ඛාතන්ති එත්ථ යථා හිරඤ්ඤසුවණ්ණඛෙත්තවත්ථාදිලාභො සත්තානං උපභොගසුඛං ආවහති, ඛුප්පිපාසාදිදුක්ඛං පටිබාහති, ධනදාලිද්දියං වූපසමෙති, මුත්තාදිරතනපටිලාභහෙතු හොති, ලොකසන්තතිඤ්ච ආවහති; එවං ලොකියලොකුත්තරා සද්ධාපි යථාසම්භවං ලොකියලොකුත්තරං විපාකසුඛමාවහති, සද්ධාධුරෙන පටිපන්නානං ජාතිජරාදිදුක්ඛං පටිබාහති, ගුණදාලිද්දියං වූපසමෙති, සතිසම්බොජ්ඣඞ්ගාදිරතනපටිලාභහෙතු හොති, ලොකසන්තතිඤ්ච ආවහති. වුත්තඤ්හෙතං –
සද්ධං පටිලභති යනු ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යනාදියෙන් ශ්‍රද්ධාව උපදවයි. ශ්‍රද්ධාවන්තයා වනාහි මේ ධර්ම විනයෙහි අනුශාසනා කළ පරිදි පිළිපැදීමෙන් මෙලොව පරලොව පරමාර්ථ ලබන්නෙහිය. සුලද්ධලාභ සංඛාතං යන මෙහි යම්සේ රන්-රුවන්-කෙත්-වතු ආදී ලාභය සත්ත්වයන්ට උපභෝග සැපය ගෙනදෙයි ද සා පිපාසා ආදී දුක් මැඩපවත්වයි ද ධනයෙන් දිළිඳු බව සන්සිඳුවයි ද මුතු ආදි රත්න ලැබීමට හේතුවෙයි ද ලෝක සන්තතිය (දරු මුණුබුරු පරම්පරාව) ගෙන දෙයි ද මෙසේ ලෞකික ලෝකෝත්තර ශ්‍රද්ධාව ද හටගත් ආකාරයට ලෞකික ලෝකෝත්තර විපාක සැප ගෙනදෙයි. ශ්‍රද්ධාව මුල්කොට ගෙන පිළිපදින අයගේ ජාති-ජරා ආදි දුක් මැඩපවත්වයි. ගුණයෙන් දිළිඳු බව සන්සිඳුවයි. සති සම්බොජ්ඣංග ආදී රත්න ලැබීමට හේතු වෙයි. ලෝක සන්තතියද ගෙන දෙයි. මේ කාරණය -
“සද්ධො සීලෙන සම්පන්නො, යසො භොගසමප්පිතො; යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙව පූජිතො”ති. (ධ· ප· 303);
සද්ධො සීලෙන සම්පන්නො යසො භොග සමප්පිතො යං යං පදෙසං භජති තත්ථ තත්ථෙව පූජිතො
‘ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් යුක්ත වූ යසසින් (පිරිවරින්) හා භෝග සම්පත්තියෙන් යුක්ත වූ තැනැත්තා යන යන තැන පුදන්නේ වෙයි’ යනුවෙන් කියන ලදී.
එවං සද්ධාපටිලාභස්ස සුලද්ධලාභතා වෙදිතබ්බා. යස්මා පනායං සද්ධාපටිලාභො අනුගාමිකො අනඤ්ඤසාධාරණො සබ්බසම්පත්තිහෙතු, ලොකියස්ස ච හිරඤ්ඤසුවණ්ණාදිධනලාභස්ස කාරණං. සද්ධොයෙව හි දානාදීනි පුඤ්ඤානි කත්වා උළාරුළාරවිත්තූපකරණානි අධිගච්ඡති, තෙහි ච අත්තනො පරෙසඤ්ච අත්ථමෙව සම්පාදෙති. අස්සද්ධස්ස පන තානි අනත්ථාවහානි හොන්ති, ඉධ චෙව සම්පරායෙ චාති, එවම්පි සද්ධාය සුලද්ධලාභතා වෙදිතබ්බා. තථා හි –
මෙසේ ශ්‍රද්ධාව ලැබීමේ යහපත් ලැබීම් ඇති බව දතයුතුය. යම්හෙයකින් මේ අනුගාමික වූ අන්‍යයන්ට පොදු නොවූ සියලු සම්පත්වලට හේතු වූ ශ්‍රද්ධාව ලැබීම ලෞකික වූ රන්-රුවන්- ආදී ධනය ලැබීමට කාරණයක් වේද, (එහෙයින්) ශ්රද්ධාවන්තයාම දානාදී පින්කම් කොට උසස් උසස් සම්පත් උපකරණ ලබයි. ඒවායින් ද තමන්ගේ හා අනුන්ගේ යහපතම සිදුකරයි. ශ්‍රද්ධාව නැති තැනැත්තාට ඒවා මෙලොව ද පරලොව ද අයහපතම ගෙන දෙයි. මෙසේ ද ශ්‍රද්ධාවේ යහපත් ලැබීම් ඇතිබව දතයුතුය. එය එසේමය.
“සද්ධා බන්ධති පාථෙය්‍යං”. (සං· නි· 1.79).
‘සද්ධා බන්ධති පාථෙය්‍යං’ ‘ශ්‍රද්ධාව (සසර ගමනට) මගවියදම් රැස්කරයි’.
“සද්ධා දුතියා පුරිසස්ස හොතී”ති ච. (සං· නි· 1.36, 59).
‘සද්ධා දුතියා පුරිසස්ස හොති’ ‘ශ්‍රද්ධාව පුරුෂයාගේ දෙවැන්නිය වෙයි’ යනුවෙන් ද
“සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨ”න්ති ච. (සං· නි· 1.73; සු· නි· 184).
‘සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං’ ‘මෙලොව පුරුෂයාට ශ්‍රද්ධාව උතුම් ධනයකි’ යනුවෙන්ද
“සද්ධාහත්ථො මහානාගො”ති ච. (අ· නි· 6.43; ථෙරගා· 694).
‘සද්ධා හත්ථො මානවො’ ‘ශ්‍රද්ධාව අතක් කොට ඇති මිනිසා’ යනුවෙන් ද
“සද්ධා බීජං තපො වුට්ඨී”ති ච. (සං· නි· 1.197; සු· නි· 77).
‘සද්ධා බීජං තපො වුට්ඨි’ ‘ශ්‍රද්ධාව බීජයකි, තපස වැස්සකි’ යනුවෙන් ද
“සද්ධෙසිකො, භික්ඛවෙ, අරියසාවකො”ති (අ· නි· 7.67) ච.
‘සද්ධෙසිකො භික්ඛවෙ අරියසාවකො’ ‘මහණෙනි, ආර්ය ශ්රාවකයා ශ්‍රද්ධාව සොයන්නෙකි’ යනුවෙන් ද
“සද්ධාය තරති ඔඝ”න්ති ච. (සං· නි· 1.246) –
‘සද්ධාය තරතී ඔඝං’ ‘ශ්‍රද්ධාවෙන් ඔඝය තරණය කරයි’ යනුවෙන් ද
අනෙකෙසු ඨානෙසු අනෙකෙහි කාරණෙහි සද්ධා සංවණ්ණිතා.
නොයෙක් තැන්වල නොයෙක් කරුණුවලින් ශ්‍රද්ධාව වර්ණනා කරන ලදී.
ඉදානි යාය සද්ධාය සාසනෙ කුසලධම්මෙසු සුප්පතිට්ඨිතො නාම හොති නියාමොක්කන්තියා, තං සද්ධං දස්සෙතුං “සා ඛො පනස්සා”තිආදි වුත්තං. තත්ථ අස්සාති ඉමස්ස භවෙය්‍යාති අත්ථො. නිවිට්ඨාති අභිනිවිට්ඨා චිත්තසන්තානං අනුපවිට්ඨා. මූලජාතාති ජාතමූලා. කිං පන සද්ධාය මූලං නාම? සද්ධෙය්යවත්ථුස්මිං ඔකප්පනහෙතුභූතො උපායමනසිකාරො. අපිච සප්පුරිසසෙවනා සද්ධම්මස්සවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මප්පටිපත්තීති චත්තාරි සොතාපත්තියඞ්ගානි මූලානි වෙදිතබ්බානි. පතිට්ඨිතාති අරියමග්ගාධිගමෙන කෙනචි අකම්පනීයභාවෙන අවට්ඨිතා. තෙනෙවාහ “දළ්හා අසංහාරියා”ති. දළ්හාති ථිරා. අසංහාරියාති කෙනචි සංහරිතුං වා හාපෙතුං වා අපනෙතුං වා අසක්කුණෙය්යා. ඉති තෙ දෙවා තස්ස සොතාපත්තිමග්ගසමධිගමං ආසීසන්තා එවං වදන්ති. අත්තනො දෙවලොකෙ කාමසුඛූපභොගාරහමෙව හි අරියපුග්ගලං තෙ ඉච්ඡන්ති. තෙනාහ “එහි, දෙව, පුනප්පුන”න්ති.
දැන් සෝවාන් ආර්ය මාර්ගයට බැසගන්නා වූ (නියාම ඔක්කන්තියා) යම් ශ්‍රද්ධාවකින් ශාසනයෙහි කුශල ධර්මයන්හි මනාව පිහිටියේ නම් වේද ඒ ශ්‍රද්ධාව දක්වන්නට ‘සා ඛො පනස්ස’ යනාදිය කියන ලදී. එහි අස්ස යනු මොහුගේ වන්නේය යන අර්ථයි. නිවිට්ඨා යනු ඇතුළට බැස සිටි. චිත්ත සන්තානයට ඇතුළු වූ. මූලජාතා යනු හටගත් මුල් ඇති. ශ්‍රද්ධාවේ මුල නම් කුමක් ද? ඇදහිය යුතු වස්තුව කෙරෙහි නොසෙල්වෙන ආකාරයට හේතු වූ උපාය මනසිකාරයයි. තවද සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යනුවෙන් සෝවාන් වීමට අවශ්‍ය අංග සතර (සෝතාපත්ති අංග) මුල් යයි දතයුතුය. පතිට්ඨිතා යනු ආර්ය මාර්ගය ලැබීමෙන් කිසිවකින් නොසෙල්වෙන ස්වභාවයෙන් පිහිටි. එහෙයින්ම ‘දළ්හා අසංහාරියා’යි කීහ. දළ්හා යනු ස්ථිර. අසංහාරියා යනු කිසිවකු විසින් විනාශ කරන්නට හෝ පිරිහෙළන්නට හෝ ඉවත දමන්නට නොහැකි. මෙසේ ඒ දෙවිවරු ඔහුගේ සෝවාන් මාර්ගය ලැබීමට, ආශිර්වාද කරමින් මෙසේ කියති. තමාගේ දෙව්ලොව කම්සුව විඳීමට සුදුසුම ආර්ය පුද්ගලයාට ඔවුහු කැමති වෙති. එහෙයින් ‘එහි දෙව පුනප්පුනං’ දෙවිය නැවත නැවත එන්නැයි කීහ.
ගාථාසු පුඤ්ඤක්ඛයමරණම්පි ජීවිතින්ද්රියුපච්ඡෙදෙනෙව හොතීති ආහ “චවති ආයුසඞ්ඛයා”ති. අනුමොදතන්ති අනුමොදන්තානං. මනුස්සානං සහබ්යතන්ති මනුස්සෙහි සහභාවං. සහ බ්යෙතීති සහබ්යො, සහපවත්තනකො, තස්ස භාවො සහබ්යතා. නිවිට්ඨස්සාති නිවිට්ඨා භවෙය්ය. යාවජීවන්ති යාව ජීවිතප්පවත්තියා, යාව පරිනිබ්බානාති අත්ථො.
ගාථාවන්හි - පින ගෙවීමෙන් සිදුවන මරණයද ජීවිත ඉන්ද්රිය සිඳීමෙන්ම වේයයි චවන්ති ආයුසංඛයා යනුවෙන් කීහ. අනුමොදතං යනු (මියයන දෙවියාව) සතුටු කරන්නා වූ (දෙවියන්ගේ). මනුස්සානං සහබ්යතං මිනිසුන් සමග එක්වීමට, එක්වෙයි යන අරුතින් සහබ්යො ය. සමග පැවැත්මට, ඒ පැවැත්මේ වීම සහබ්යතා ය. නිවිට්ඨස්ස යනු සිතට ඇතුළු වූයේ වන්නේය. යාවජීවං යනු ජීවිත පැවැත්ම තෙක්, පිරිනිවීම තෙක් යන අර්ථයි.
අප්පමාණන්ති සක්කච්චං බහුං උළාරං බහුක්ඛත්තුඤ්ච කරණවසෙන පමාණරහිතං. නිරූපධින්ති කිලෙසූපධිරහිතං, සුවිසුද්ධං නිම්මලන්ති අත්ථො. යස්මා පන තෙ දෙවා මහග්ගතකුසලං න ඉච්ඡන්ති කාමලොකසමතික්කමනතො, කාමාවචරපුඤ්ඤමෙව ඉච්ඡන්ති, තස්මා එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො – “ඉතො දෙවලොකතො චුතො මනුස්සෙසු උප්පජ්ජිත්වා විඤ්ඤුතං පත්තො කායදුච්චරිතාදිං සබ්බං දුච්චරිතං පහාය කායසුචරිතාදිං සබ්බං සුචරිතං උළාරං විපුලං උපචිනිත්වා අරියමග්ගෙන ආගතසද්ධො භවාහී”ති. යස්මා පන ලොකුත්තරෙසු පඨමමග්ගං දුතියමග්ගම්පි වා ඉච්ඡන්ති අත්තනො දෙවලොකූපපත්තියා අනතිවත්තනතො, තස්මා තෙසම්පි වසෙන “අප්පමාණං නිරූපධි”න්තිපදානං අත්ථො වෙදිතබ්බො – පමාණකරානං දිට්ඨෙකට්ඨඔළාරිකකාමරාගාදිකිලෙසානං උපච්ඡෙදෙන අප්පමාණං, සත්තමභවතො වා උප්පජ්ජනාරහස්ස ඛන්ධූපධිස්ස තංනිබ්බත්තකඅභිසඞ්ඛාරූපධිස්ස තංතංමග්ගවජ්ඣකිලෙසූපධිස්ස ච පහානෙන තෙසං අනිබ්බත්තනතො නිරුපධිසඞ්ඛාතනිබ්බානසන්නිස්සිතත්තා ච නිරුපධීති.
අප්පමාණං යනු සකස්කොට කිරීම් වශයෙන් ද බොහෝකොට කිරීම් වශයෙන් ද උසස්කොට කිරීම් වශයෙන් ද බොහෝ වාරයක් කිරීම් වශයෙන් ද ප්‍රමාණයක් නැති. නිරුපධිං යනු කෙලෙස් - කෙලෙස් උපධි නැති - සුපිරිසිදු, නිර්මල යන අර්ථයි. යම්හෙයකින් ඒ දෙවිවරු කාමලෝකය ඉක්මවන හෙයින් (රූපාවචර අරූපාවචර නම් වූ) මහග්ගත කුශලයක් නො කැමති වෙත් ද, එහෙයින් මෙසේ මෙහි අර්ථය දතයුතුය. මේ දෙව්ලොවින් චුත වූයේ මිනිසුන් අතර ඉපදී නුවණැති බවට පත්වූයේ කාය දුශ්චරිතාදී සියලු දුශ්චරිත දුරුකොට කාය සුචරිතාදී උදාර විපුල හැම සුවරිතයම රැස්කොට ආර්ය මාර්ගයෙන් පැමිණි ශ්‍රද්ධාව ඇත්තෙක් වන්න. තමාගේ දේවලෝක උත්පත්තිය නො ඉක්මවන හෙයින් ලෝකෝත්තර මාර්ග අතරින් පළමු මාර්ගයට හෝ දෙවන මාර්ගයට කැමති වෙත් ද එහෙයින් (ඒ පළමු දෙවන) මාර්ගයන්ගේ වශයෙන් ‘අප්පමාණං නිරුපධිං’ යන පදවල අර්ථය දතයුතුය. දිට්ඨියත් ඒ හා සමග ඇති ඕළාරික කාමරාගාදී පමණින් යුතු කෙලෙසුන් සිඳ දැමීමෙන් ‘අප්පමාණං’ අපමණ වූ සත්වන භාවයේ පටන් ඉපදීමට සුදුසු වූ ස්කන්ධ උපධියේ ද එය උපදවන අභිසංඛාර උපධියේ ද ඒ ඒ මාර්ගයෙන් දුරුකරන ක්ලේශ උපධියේද ප්‍රහාණයෙන් ඒ උපධීන් නූපදින හෙයින් නිරුපධි නම් වූ නිවන ඇසුරුකොට ඇති බැවින් ද ‘නිරුපධි’ යනුවෙන්
එවං අච්චන්තමෙව අපායද්වාරපිධායකං කම්මං දස්සෙත්වා ඉදානි සග්ගසම්පත්තිනිබ්බත්තකකම්මං දස්සෙතුං “තතො ඔපධික”න්තිආදි වුත්තං. තත්ථ ඔපධිකන්ති උපධිවෙපක්කං අත්තභාවසම්පත්තියා චෙව භොගසම්පත්තියා ච නිබ්බත්තකන්ති අත්ථො. උපධීති හි අත්තභාවො වුච්චති. යථාහ “සන්තෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිසම්පත්තිපටිබාහිතානි න විපච්චන්තී”ති (විභ· 810). කාමගුණාපි. යථාහ “උපධීහි නරස්ස සොචනා”ති (සං· නි· 1.12; සු· නි· 34). තත්රායං වචනත්ථො – උපධීයති එත්ථ සුඛදුක්ඛන්ති උපධි, අත්තභාවො කාමගුණා ච. උපධිකරණං සීලං එතස්ස, උපධිං වා අරහතීති ඔපධිකං, පුඤ්ඤං, තං බහුං උළාරං කත්වා. කථං? දානෙන. දානඤ්හි ඉතරෙහි සුකරන්ති එවං වුත්තං. දානෙනාති වා පදෙන අභයදානම්පි වුත්තං, න ආමිසදානමෙවාති සීලස්සාපි සඞ්ගහො දට්ඨබ්බො. යස්මා පන තෙ දෙවා අසුරකායහානිං එකන්තෙනෙව දෙවකායපාරිපූරිඤ්ච ඉච්ඡන්ති, තස්මා තස්ස උපායං දස්සෙන්තා “අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ, බ්රහ්මචරියෙ නිවෙසයා”ති ධම්මදානෙ නියොජෙන්ති. යදා විදූති යස්මිං කාලෙ දෙවා දෙවං චවන්තං විදූ විජානෙය්යුං, තදා ඉමාය යථාවුත්තාය අනුකම්පාය දුක්ඛාපනයනකම්යතාය “දෙව, ඉමෙ දෙවකායෙ පුනප්පුනං උප්පජ්ජනවසෙන එහි ආගච්ඡාහී”ති ච අනුමොදෙන්තීති.
මෙසේ අතිශයින්ම අපායේ දොර වසන සමය දක්වා දැන් සියලු සම්පත් උපදවන කර්මය දක්වන්නට ‘තතො ඔපධිකං’ යනාදිය කියන ලදී. ඔපධිකං යනු උපධිය පැසවන (උපදවන), ආත්මභාව සම්පත්තියද භෝග සම්පත්තිය ද උපදවන යන අර්ථයි. ‘උපධි’ යන්නෙන් වනාහි ආත්මභාවය කියනු ලැබේ. ඒ බව ‘සන්තෙකච්චානි පාපකානි කම්ම සමාදානානි උපධි සම්පත්ති පටිබාහිතානි න විපච්චන්ති’ ‘උපධි සම්පත්තියෙන් වලක්වන ලදුව විපාක නොදෙන ඇතැම් පාපකර්ම සමාදානයන් ඇත’ යනුවෙන් කියන ලදී. කාමගුණයෝ ද (උපධි යයි) කියනු ලැබේ. ඒ බව ‘උපධීහි නරස්ස සොචනං’ ‘උපධි කරණකොට මිනිසාගේ ශෝක කිරිම’ යනුවෙන් මෙසේ ද වදාළහ. මේ එහි වචනාර්ථයයි. මෙහි සැපදුක් රැස්කරයි යන අරුතින් උපධි නම් වේ. ආත්මභාවය ද කාමගුණ ද වේ. මෙහි ස්වභාවය උපධි ඇතිකිරිමයි. උපධියට සුදුසුයි යන අරුතින් ඔපධිකං, පුඤ්ඤං පිනයි. තං බාහුං එය බොහෝකොට උදාර ලෙස කත්වා සිදුකොට. කෙසේද? දානෙන දානයෙන්, දානය වනාහි අනිත්වාට වඩා සිදුකිරිම පහසුයයි මෙසේ කියන ලදී. ‘දානෙන’ යන පදයෙන් අභය දානය ද කියන ලදී. ආමිස දානය පමණක්ම නොවේ. ශීලයේ සංග්රහවීමද දතයුතුය. යම්හෙයකින් වනාහි ඒ දෙවිවරු අසුර පිරිස් පිරිහීම ද ඒකාන්තයෙන්ම දේව පිරිසේ පිරීම ද කැමතිවෙත් ද එහෙයින් එයට උපායක් දක්වමින් අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ බ්රහ්මචරියෙ නිවෙසයෙ. ‘අන්‍ය වූද මිනිසුන් ධර්මයෙහි ද බඹසරෙහි ද පිහිටුවවයි යනුවෙන් ධර්ම දානයෙහි යොදවත්. යදා විදූ යනු යම්කලෙක දෙවා දෙවං වවන්තං චුතවන දෙවියා ගැන දෙවිවරු දැනගන්නාහු ද, එකල ඉමාය කියන ලද පරිදි අනුකම්පාය දුක් ඉවත්කරන කැමැත්තෙන් දෙව දෙවිය, මේ දිව්‍ය පිරිසෙහි පුනප්පුනං නැවත නැවත ඉපදීම් වශයෙන් එහි එන්නයි සතුටු කරත්.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සතරවන සූත්‍රයයි.