සන්තතර සුත්තං
3. 3. 4.
3. 3. 4.
[සන්තතර සුත්තං]
[ශාන්තතර සූත්‍රය]
73. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
73. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. රූපෙහි භික්ඛවෙ අරූපා සන්තතරා. අරූපෙහි නිරොධො සන්තතරො”ති.
1. මහණෙනි, අරූපාවචර ධර්මයෝ රූපාවචර ධර්මයනට වඩා ශාන්ත වෙත්. නිවණ අරූපාවචර ධර්මයනට වඩා ශාන්ත වෙයි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යෙ ච රූපූපගා සත්තා යෙ ච ආරුප්පඨායිනො නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භවං.
2. “රූපභවයට උත්පත්ති වශයෙන් පැමිණි යම් සත්ත්ව කෙනෙක් වෙද්ද, අරූපභවයෙහි උපන් යම්, සත්ත්ව කෙනෙකුන් වෙද්ද, නිවණ නොදන්නාවූ (ඔවුහු) පුනරුත්පත්තියට (නැවත ඉපැත්මට) පැමිණෙන්නෝ වෙත්.
3. යෙ ච රූපෙ පරිඤ්ඤාය අරූපෙසු අසණ්ඨිතා, නිරොධෙ යෙ විමුච්චන්ති තෙ ජනා මච්චුහායිනො.
3. යම් සත්ත්ව කෙනෙක් රූපධර්මයන් පිරිසිඳ දැන අරූපධර්මයෙහි නො පිහිටියාහු, නිරෝධයෙහි (=නිර්වාණය අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, ඒ ක්ෂීණාස්රවයෝ මරණය ඉක්මියෝ වෙත්.
4. කායෙන අමතං ධාතුං ඵුසයිත්වා නිරූපධිං, උපධිප්පටිනිස්සග්ගං සච්ඡිකත්වා අනාසවො, දෙසෙති සම්මාසම්බුද්ධො අසොකං විරජං පදන්ති.”
4. ආස්‍රව රහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධිරහිත වූ නිර්වාණය (නාම) කයින් ස්පර්ශ කොට උපධීන්ගේ බැහැර ලීමේ කාරණය ප්රත්යක්ෂ කොට ශෝක රහිත වූ කෙලෙස් රජස් රහිත වූ නිර්වාණ පදය දෙසන සේක.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.