නිස්සරණීය සුත්තං
3. 3. 3.
3. 3. 3.
[නිස්සරණීය සුත්තං]
[නිඃශරණිය සූත්‍රය]
72. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
72. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. තිස්සො ඉමා භික්ඛවෙ නිස්සරණියා ධාතුයො. කතමා තිස්සො? කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං. රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං. යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, නිරොධො තස්ස නිස්සරණං. ඉමා ඛො භික්ඛවෙ තිස්සො නිස්සරණීයා ධාතුයො’ති.
1. මහණෙනි, නිශ්ශරණ (නික්මීම) ප්‍රතිසංයුක්ත වූ ධර්මයෝ තිදෙනෙත් වෙත්. කවර තිදෙනෙක් ද යත්: යම් මේ ප්රථමද්ධ්යානයෙක් වේ ද, මෙය කාමයන්ගේ නිඃශ්ශරණය යි (හෙවත් නික්මීම යි) යම් මේ අරූපාවචර ධ්‍යානයෙක් වේ ද, මෙය රූපයන්ගේ නිශ්ශරණය යි. (හේතු ප්‍රත්‍යයයෙන්) හටගත් එයින් ම රැස් කරණ ලද හේතු ප්‍රත්‍යයයෙන් උපන් යම් කිසිවක්, වේ ද, ඒ ධර්මයාගේ නිශ්ශරණය (පහවීම) නිරෝධය ය (නිවණ ය.) මහණෙනි, මේ නිශ්ශරණීය ස්වභාවයෝ තිදෙන වෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කාමනිස්සරණං ඤත්වා රූපානඤ්ච අතික්කමං සබ්බසඞ්ඛාරසමථං ඵුසං ආතාපි සබ්බදා.
2. “හැම කල්හි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති, කාමනිශ්ශරණය ද, රූපයන්ගේ අතික්‍රමය ද (අතික්රමොපායය ද) දැන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (යැ යි කියන ලද නිර්වාණය) ස්පර්ශ කරන්නාවූ,
3. ස වෙ සම්මද්දසො භික්ඛු යතො තත්ථ විමුච්චති අභිඤ්ඤා වොසිතො සන්තො ස වෙ යොගාතිගො මුනී”ති.
3. ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්යග්දර්ශී නම් වෙයි. යම් හෙයකින් ඒ කාමයන්ගේ නිශ්ශරණයෙහි මිදේ ද (එ හෙයිනි.) විශිෂ්ට ඥානයෙන් දැන නිමවන ලද කෘත්‍ය ඇති ඒ රහත් මහණ තෙමේ කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.