සම්මාදිට්ඨිකම්මසමාදාන සුත්තං
3. 2. 2.
3. 2. 2.
[සම්මාදිට්ඨිකම්මසමාදාන සුත්තං]
[සම්‍යග්දෘෂ්ටි කර්මසමාදාන සූත්‍රය]
71. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
71. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා.
1. මහණෙනි, කායසුචරිතයෙන් යුක්ත වූ වාක්සුචරිතයෙන් යුක්ත වූ මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්යග්දෘෂ්ටිකවූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්ම ඇති සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණියෝ වෙති.
තං ඛො පනාහං භික්ඛවෙ නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා.
මහණෙනි, කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්ම ඇති සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණියාහු වෙති.
අපි ච භික්ඛවෙ යදෙව සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි.
යලිදු මහණෙනි, යමක් තමා ම (නුවණින්) අවබෝධ කරණ ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද එය ම මම කියමි.
දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති.
මහණෙනි, කාය වාග් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට බොරුවෙන් චෝදනා නොකරණ සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්ම ඇති සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහු යැ යි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සම්මා මනං පණිධාය සම්මාවාචං ච භාසිය, සම්මා කම්මානි කත්වාන කායෙන ඉධ පුග්ගලො
2. “මෙ ලොව පුඟුල් තෙම සිත මනා ලෙස පිහිටුවා යහපත් වචන කථා කොට කයින් හොඳ වැඩ කොට,
3. බහුස්සුතො පුඤ්ඤකරො අප්පස්මිං ඉධ ජීවිතෙ, කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජතී”ති.
3. මේ මිනිස් ලොව ජීවත් වන සුළු කාලය තුළ ඇසූ පිරූ තැන් ඇති කුසල් කරණ, නුවණැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) පැමිණේ.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.