මිච්ඡාදිට්ඨිකම්මසමාදානසුත්තං
3. 3. 1.
3. 3. 1.
[මිච්ඡාදිට්ඨිකම්මසමාදානසුත්තං.]
[මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන සූත්‍රය]
70. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
70. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
1. මහණෙනි, කායදුශ්චරිතයෙන් යුක්ත වූ වාග්දුශ්චරිතයෙන් යුක්ත වූ මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්ම ඇති සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපදින්නාහු ය.
තං ඛො පනාහං භික්ඛවෙ නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
මහණෙනි, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ, ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ, මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිහේතුවෙන් දැඩි කොට ගත් කර්ම ඇති සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු ය.
අපි ච භික්ඛවෙ යදෙව සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි.
යලි දු මහණෙනි, යමක් තමා විසින් ම නුවණින් අවබෝධ කරණ ලද ද, තමා විසින් ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද, එය ම මම කියමි.
දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා’ති.
මහණෙනි, කායවාග්මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්ම ඇති සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු වෙති.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මිච්ඡා මනං පනිධාය මිච්ඡා වාචං ච භාසිය, මිච්ඡා කම්මානි කත්වාන කායෙන ඉධ පුග්ගලො.
2. “මෙ ලොව පුඟුල් තෙම සිත වැරැදි ලෙස පිහිටුවා, වැරැදි බස් තෙපලා, කයින් වැරැදි ක්‍රියා කොට,
3. අප්පස්සුතො’පුඤ්ඤකරො අප්පස්මිං ඉධ ජීවිතෙ, කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජතී”ති.
3. මේ මිනිස් ලොවැ ජීවත් වන සුළු කාලය තුළ ඇසු පිරූ තැන් නැති අකුසල් කරණ, නුවණ නැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.