පඨමඑසනාසුත්තං
3. 1. 5.
3. 1. 5.
[පඨමඑසනාසුත්තං.]
[ප්‍රථම ඒෂණා සූත්‍රය]
54. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
54. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. තිස්සො ඉමා භික්ඛවෙ එසනා. කතමා තිස්සො? කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො එසනා’ති.
1. මහණෙනි, මේ සෙවීම් තුණෙකි. කවර තුණෙක්ද යත්: කාමය පිළිබඳ සෙවීමය, භවය පිළිබඳ සෙවීමය, බඹසර පිළිබඳ සෙවීමය (යන මේ යි.) මහණෙනි, මේ සෙවීම් තුණ වේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සමාහිතො සම්පජානො සතො බුද්ධස්ස සාවකො එසනා ච පජානාති එසනානඤ්ච සම්භවං.
2. “එකඟසිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්රාවක තෙමේ සෙවීම් ද සෙවීම් පිළිබඳ සම්භවය (හටගැන්ම) ද මනා කොට දනී.
3. යත්ථ චෙතා නිරුජ්ඣන්ති මග්ගඤ්ච ඛයගාමිනං. එසනානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො”ති.
3. යම් තැනෙක ඒ සෙවීම් නිරුද්ධ වේ නම් ඒ නිවණ ද, නිර්වාණගාමී මාර්ගය ද දනී. ඒ මහණ තෙමේ එම පර්ය්යෙෂණයන් ක්ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ නම් වෙයි.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.