පඨමවෙදනා සුත්තං
3. 1. 3.
3. 1. 3.
[පඨමවෙදනා සුත්තං]
[ප්‍රථම වේදනා සූත්‍රය]
52. වුත්තං හෙතං භගවතා වුත්තමරහතාති මෙ සුතං.
52. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනාති.
1. මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: සැප වේදනාය දුක් වේදනාය නො දුක් නො සැප (මැදහත්) වේදනාය යන මොහු යි. මහණෙනි, මේ වේදනාවෝ තිදෙන වෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සමාහිතො සම්පජානො සතො බුද්ධස්ස සාවකො වෙදනා ච පජානාති වෙදනානඤ්ච සම්භවං.
2. “එකඟ සිත් ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, සිහි ඇති බුද්ධශ්රාවක තෙමේ වේදනාවන් ද ඔවුන්ගේ හටගැන්ම ද දනී.
3. යත්ථ චෙතා නිරුජ්ඣන්ති මග්ගඤ්ච ඛයගාමිනං වෙදනානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො”ති.
3. යම් තැනෙක්හි මේ වේදනාවෝ නිරුද්ධ වෙත් නම් (ඒ නිවණ ද) වේදනාක්ෂයගාමී වූ මාර්ගය ද (දනී). මහණ තෙමේ වේදනාවන් ක්ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ වෙයි.
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.