ධාතුසුත්තං
3. 1. 2.
3. 1. 2.
[ධාතුසුත්තං]
[ධාතු සූත්‍රය]
51. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
51. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. “තිස්සො ඉමා භික්ඛවෙ ධාතුයො. කතමා තිස්සො? රූපධාතු, අරූපධාතු, නිරොධධාතු. ඉමා ඛො භික්ඛවෙ තිස්සො ධාතුයොති.
1. මහණෙනි, මේ ධාතූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: රූපධාතුය, අරූපධාතුය, නිරෝධ ධාතුය. මහණෙනි, මේ ධාතූහු තිදෙන වෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “රූපධාතුං පරිඤ්ඤාය අරූපෙසු අසණ්ඨිතා නිරොධෙ යෙ විමුච්චන්ති තෙ ජනා මච්චුහායිනො.
2. “යම් කෙනෙක් රූපභවය පිරිසිඳ දැන අරූප භවයෙහි නොපිහිටියාහු නිර්වාණය අරමුණු කොට (කෙලෙසුන්ගෙන්) මිදෙත් ද, ඒ ක්ෂීණාස්රවයෝ මරණය ඉක්මවූවෝ වෙත්.
3. කායෙන අමතං ධාතුං ඵස්සයිත්වා නිරූපධිං උපධිප්පටිනිස්සග්ගං සච්ඡිකත්වා අනාසවො දෙසෙති සම්මාසම්බුද්ධො අසොකං විරජං පදන්ති.
3. ආස්‍රවරහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධි රහිත වූ නිර්වාණය (නාම) කයින් ස්පර්ශ කොට, උපධීන්ගේ බැහැරලීමේ කාරණය ප්රත්යක්ෂ කොට ශෝකරහිත වූ. රජස් රහිත වූ නිර්වාණපදය දක්වන සේක.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.