යෙදුමෙන් කියවන්න

නිදානකථා අට‍්ඨකථා

නිදානකථා

නිදාන කථා

සා පනායං ජාතකස‍්ස අත්‍ථවණ‍්ණනා දූරෙනිදානං, අවිදූරෙනිදානං, සන‍්තිකෙනිදානන‍්ති ඉමානි තීණි නිදානානි දස‍්සෙත්‍වා වණ‍්ණියමානා යෙ නං සුණන‍්ති, තෙහි සමුදාගමතො පට‍්ඨාය විඤ‍්ඤාතත‍්තා යස‍්මා සුට‍්ඨු විඤ‍්ඤාතා නාම හොති, තස‍්මා තං තානි නිදානානි දස‍්සෙත්‍වා වණ‍්ණයිස‍්සාම.

ඒ මේ ජාතක අර්ථ වර්‍ණනාව දූරේ නිදාන - ඈත හේතුව, අවිදූරේ නිදාන - නුදුරු හේතුව, සන්තිකෙ නිදාන - ළඟ හේතුව යන ත්‍රිවිධ හේතූන් දක්වා විස්තර කැරෙන කල්හි, යම් කෙනෙක් එය අසත් ද, ඔවුහු ආරම්භයේ පටන් දත් බැවින් හොඳින් දත් කෙනෙක් වෙත්. එහෙයින් ඒ ත්‍රිවිධ හේතූන් දක්වා වර්ණනා කරමු.

තත්‍ථ ආදිතො තාව තෙසං නිදානානං පරිච‍්ඡෙදො වෙදිතබ‍්බො. දීපඞ‍්කරපාදමූලස‍්මිඤ‍්හි කතාභිනීහාරස‍්ස මහාසත‍්තස‍්ස යාව වෙස‍්සන‍්තරත‍්තභාවා චවිත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්ති, තාව පවත‍්තො කථාමග‍්ගො දූරෙනිදානං නාම. තුසිතභවනතො පන චවිත්‍වා යාව බොධිමණ‍්ඩෙ සබ‍්බඤ‍්ඤුතප‍්පත‍්ති, තාව පවත‍්තො කථාමග‍්ගො අවිදූරෙනිදානං නාම. සන‍්තිකෙනිදානං පන තෙසු තෙසු ඨානෙසු විහරතො තස‍්මිං තස‍්මිංයෙව ඨානෙ ලබ‍්භතීති.

පළමු කොට ඒ නිදාන හෙවත් හේතූන්ගේ කාල පරිච්ඡේදය දත යුතුයි. දිවකුරු බුදු රජුන්ගේ පාමුල කළ ප්‍රාර්ථනා ඇති බෝසතුන්ගේ වෙසතුරු අත්බව දක්වාත් එයින් චුත ව තුසිත පුරයෙහි ඉපදීම දක්වාත් අතර කථා පුවත දූරේ නිදාන හෙවත් ඈත හේතුව නමි. තුසිත පුරයෙන් චුත ව බෝමැඩ බුද්ධත්වයට පැමිණීම දක්වා පැවැති කථා පුවත අවිදූරේ නිදාන හෙවත් නුදුරු හේතුව නමි. ළඟ හේතුව හෙවත් සන්නිකෙ නිදානය වනාහි යම් යම් තැනක බුදු රජහු වැඩ වෙසෙත් ද ඒ ඒ තැන්වල දී ලැබේ.