ගන්ථාරම්භකථා අට්ඨකථා
ග්‍රන්ථාරම්භ කථා
ජාතිකොටිසහස්සෙහි, පමාණරහිතං හිතං; ලොකස්ස ලොකනාථෙන, කතං යෙන මහෙසිනා.
ජාතිකොටි සහස්සෙහි පමාණරහිතං හිතං, ලොකස්ස ලොකනාථෙන කතං යෙන මහෙසිනා.
තස්ස පාදෙ නමස්සිත්වා, කත්වා ධම්මස්ස චඤ්ජලිං; සඞ්ඝඤ්ච පතිමානෙත්වා, සබ්බසම්මානභාජනං.
තස්ස පාදෙ නමස්සිත්වා කත්වා ධම්මස්ස ච ඤ්ජලිං, සඞ්ඝඤ්ච පතිමානෙත්වා සබ්බසම්මාන භාජනං.
නමස්සනාදිනො අස්ස, පුඤ්ඤස්ස රතනත්තයෙ; පවත්තස්සානුභාවෙන, ඡෙත්වා සබ්බෙ උපද්දවෙ.
නමස්සනාදිතො අස්ස පුඤ්ඤස්ස රතනත්තයෙ, පවත්තස්සානුභාවෙන භෙත්වා සබ්බෙ උපද්දවෙ.
තිලෝ සරණ වූ යම් මහා ඉරිසින් වහන්සේ නමක් විසින් (බුදුරජුන්) කෙළ දහසක් අත්බැව්හි ලෝවැසියන්ට ප්‍රමාණ කළ නො හැකි යහපතක් කරන ලද ද,
උන් වහන්සේගේ සිරිපා යුවල නැමැද ධර්මයට ද ඇදිළි බැඳ (නැමඳ) සැමගේ බුහුමනට බඳුන් වූ සඟරුවන ද ගෞරවාදරයෙන් පුදා,
තෙරුවන විෂයයෙහි නැමදීම් ආදී වශයෙන් පවත්වන ලද ඒ පුණ්‍ය මහිමයෙන් සියලු උවදුරු නසා,
තං තං කාරණමාගම්ම, දෙසිතානි ජුතීමතා; අපණ්ණකාදීනි පුරා, ජාතකානි මහෙසිනා.
තං තං කාරණමාගම්ම දෙසිතානි ජුතීමතා, අපණ්ණකාදීනි පුරා ජාතකානි මහෙසිනා.
යානි යෙසු චිරං සත්ථා, ලොකනිත්ථරණත්ථිකො; අනන්තෙ බොධිසම්භාරෙ, පරිපාචෙසි නායකො.
යානි යෙසු චිරං සත්ථා ලොකනිත්ථරණත්ථිකො, අනන්තෙ බොධිසම්භාරෙ පරිපාචෙසි නායකො.
තානි සබ්බානි එකජ්ඣං, ආරොපෙන්තෙහි සඞ්ගහං; ජාතකං නාම සඞ්ගීතං, ධම්මසඞ්ගාහකෙහි යං.
තානි සබ්බානි එකජ්ඣං ආරොපෙන්තෙහි සඞ්ගහං, ජාතකං නාම සඞ්ගීතං ධම්මසඞ්ගාහකෙහි යං.
ශෝභාමත් වූ මහාසෘෂි බුදු රදුන් විසින් පෙර දවස අර්ථෝත්පත්ති වශයෙන් එළැඹ සිටි කාරණය අනුව අපණ්ණකාදී යම් ඒ ජාතකයන් දෙසන ලද ද,
තිලොවට නායක වූ ලෝවැසියන් සසරින් එතැර කිරීම අරමුණු කොට ඇති, දෙව්මිනිසුන්ගේ අනුශාසක වූ බුදු රජහු, යම් ඒ ජාතකයන්හි බුද්ධත්වයට හේතු වූ පාරමී ධර්මයන් පූරණය කළේ වී ද,
ඒ සියලු ජාතකයන් එකට සංග්‍රහ කොට ප්‍රථම ධර්ම සංගායනාවේ දී මහ තෙරවරුන් විසින් ජාතක නමින් ප්‍රකරණයක් සංගායනා කරන ලද ද,
බුද්ධවංසස්ස එතස්ස, ඉච්ඡන්තෙන චිරට්ඨිතිං; යාචිතො අභිගන්ත්වාන, ථෙරෙන අත්ථදස්සිනා.
බුද්ධවංසස්ස එතස්ස ඉච්ඡන්තෙන චිරට්ඨිතිං, යාචිතො අභිගන්ත්වාන ථෙරෙන අත්ථදස්සිනා.
අසංසට්ඨවිහාරෙ , සදා සුද්ධවිහාරිනා; තථෙව බුද්ධමිත්තෙන, සන්තචිත්තෙන විඤ්ඤුනා.
අසංසට්ඨ විහාරෙන සදා සද්ධිවිහාරිනා, තථෙව බුද්ධමිත්තෙන සන්තචිත්තෙන විඤ්ඤුනා.
මහිංසාසකවංසම්හි, සම්භූතෙන නයඤ්ඤුනා; බුද්ධදෙවෙන ච තථා, භික්ඛුනා සුද්ධබුද්ධිනා.
මහිංසාසකවංසම්හි සම්භූතෙන නයඤ්ඤුනා, බුද්ධදෙවෙන ච තථා භික්ඛුනා සුද්ධබුද්ධිනා.
අපණ්ණකාදී ජාතක මගින් දැක්වෙන බුදු රජුන්ගේ පරම්පරා කථා මාර්ගය වූ බුද්ධ වංසයෙහි දිගුකල් පැවැතීම කැමැති වූ අත්ථදස්සි මහතෙරුන් විසින් ගෞරව පූර්වක ව ළඟට අවුත් අයදනා ලද,
එ සේ ම දහර මහණ ආදීන් හා අමිශ්‍ර විහරණ ඇති හැම කල්හි සමග වාසය කරන සන්සුන් සිත් ඇති නුවණැති බුද්ධමිත්ත තෙරණුවන් විසින් ද
මහිංසාසක රාජ වංසයෙහි හෝ එනම් පරපුරෙහි පහළ වූ ඒකන්තනය ආදී චතුර්විධ න්‍යාය ධර්මය ප්‍රගුණ කළ තියුණු ඤාණයෙන් යුත් බුද්ධදේව නම් යතිවරයන් විසින් ද එ සේ ම අයදනා ලද මම,
මහාපුරිසචරියානං, ආනුභාවං අචින්තියං; තස්ස විජ්ජොතයන්තස්ස, ජාතකස්සත්ථවණ්ණනං.
මහාපුරිස චරියානං ආනුභාවං අචින්තියං, තස්ස විජ්ජොතයන්තස්ස ජාතකස්සත්ථවණ්ණනං.
මහාවිහාරවාසීනං, වාචනාමග්ගනිස්සිතං; භාසිස්සං භාසතො තං මෙ, සාධු ගණ්හන්තු සාධවොති.
මහාවිහාරවාසීනං වාචනාමග්ග නිස්සිතං, භාසිස්සං භාසතො තම්මෙ සාධු ගණ්හන්තු සාධවොති.
බෝසත්වරුන්ගේ පෙරුම් දම් චර්යාවන්ගේ මහිමය සිතිය නො හැකිය. ඒ බෝසත් චර්යාවන් ප්‍රකාශ කරන,
මහා විහාරවාසී තෙරවරුන්ගේ වදන් මඟ ඇසුරු කළ ඒ ජාතක කථාවන්ගේ ව්‍යාඛ්‍යානය ප්‍රකාශ කරමි. ඒ මාගේ භාෂිතය සූදීහු එකඟ සිතින් ගනිත්වා.