සන්තිකෙනිදානකථා අට්ඨකථා
සන්තිකෙනිදානකථා
සන්තිකෙනිදානකථා
“සන්තිකෙනිදානං පන ‘භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලාය’න්ති එවං තෙසු තෙසු ඨානෙසු විහරතො තස්මිං තස්මිං ඨානෙයෙව ලබ්භතී”ති වුත්තං. කිඤ්චාපි එවං වුත්තං, අථ ඛො පන තම්පි ආදිතො පට්ඨාය එවං වෙදිතබ්බං – උදානං උදානෙත්වා ජයපල්ලඞ්කෙ නිසින්නස්ස හි භගවතො එතදහොසි “අහං කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි ඉමස්ස පල්ලඞ්කස්ස කාරණා සන්ධාවිං, එත්තකං මෙ කාලං ඉමස්සෙව පල්ලඞ්කස්ස කාරණා අලඞ්කතසීසං ගීවාය ඡින්දිත්වා දින්නං, සුඅඤ්ජිතානි අක්ඛීනි හදයමංසඤ්ච උබ්බට්ටෙත්වා දින්නං, ජාලීකුමාරසදිසා පුත්තා කණ්හාජිනකුමාරිසදිසා ධීතරො මද්දීදෙවිසදිසා භරියායො ච පරෙසං දාසත්ථාය දින්නා, අයං මෙ පල්ලඞ්කො ජයපල්ලඞ්කො වරපල්ලඞ්කො ච. එත්ථ මෙ නිසින්නස්ස සඞ්කප්පා පරිපුණ්ණා, න තාව ඉතො උට්ඨහිස්සාමී”ති අනෙකකොටිසතසහස්සා සමාපත්තියො සමාපජ්ජන්තො සත්තාහං තත්ථෙව නිසීදි. යං සන්ධාය වුත්තං “අථ ඛො භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී”ති (උදා· 1; මහාව· 1).
සන්තිකෙ නිදාන - ළඟ හේතුව වනාහි, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුගේ වෙහෙරෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ විශාලා මහා නුවර කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. මෙසේ ඒ ඒ තැන්වල බුදුන් වහන්සේ වාසය කරන කල්හි ඒ ඒ තැන් සන්තිකේ නිදානය යි කියන ලදි. එසේ කියන ලද නමුත් එය ද මුල පටන් මෙසේ දත යුතුය. බෝ මැඬ දී උදාන වාක්‍යය පහළ කොට වැඩසිටි බුදුන් වහන්සේට මෙබදු අදහසක් පහළ විය. මම මේ බෝමැඩ පළඟ සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර ගමන් කළෙමි. ඒ කාලය තුළ මම මේ පළඟ සඳහා අලංකාර කළ හිස බොටුවෙන් සිඳ දුනිමි. අඳුනෙන් සැරසූ ඇස් සහ හෘදය මාංශ උපුටා දුනිමි. ජාලිය කුමරු වැනි පුතුන් කණ්හාජිනා කුමරිය වැනි දියණියන් මද්‍රී දේවි වැනි බිරියන් අනුන්ගේ බැල මෙහෙ සඳහා දුනිමි. මේ පළඟ මගේ නො පැරදුනු පළඟයි. බුදු බව ලබාගත් උතුම් පළඟයි. මෙහි වැඩහුන් මගේ සියලු ප්‍රාර්ථනා සඵල විය. තවදුරටත් මෙයින් නො නැගිටිමි යි නොයෙක් කෙළ සිය ගණන් සමවත් සම වදිමින් සත් දිනක් එහි ම වැඩහුන්හ. ඒ සඳහා මෙසේ කියන ලදි. “ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ එම පළඟෙහි ම නිවන් සුව විඳිමින් වැඩහුන් සේක.”
අථ එකච්චානං දෙවතානං “අජ්ජාපි නූන සිද්ධත්ථස්ස කත්තබ්බකිච්චං අත්ථි, පල්ලඞ්කස්මිඤ්හි ආලයං න විජහතී”ති පරිවිතක්කො උදපාදි. සත්ථා දෙවතානං පරිවිතක්කං ඤත්වා තාසං විතක්කවූපසමනත්ථං වෙහාසං අබ්භුග්ගන්ත්වා යමකපාටිහාරියං දස්සෙසි. මහාබොධිමණ්ඩස්මිඤ්හි කතපාටිහාරියඤ්ච, ඤාතිසමාගමෙ කතපාටිහාරියඤ්ච, පාථිකපුත්තසමාගමෙ කතපාටිහාරියඤ්ච, සබ්බං කණ්ඩම්බරුක්ඛමූලෙ යමකපාටිහාරියසදිසං අහොසි.
ඉක්බිති, සමහර දෙවියන්ට බෝසතුන්ට තවමත් බුදු බව සඳහා කළයුතු දේ ඇත. එම නිසා පළඟෙහි ආශාව අත්නොහරිතැ යි සැකයක් ඇති විය. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිතුවිල්ල දැන ඔවුන්ගේ සැකය දුරු කරනු පිණිස අහසට නැඟී යමා මහපෙළහර දැක්වූ සේක. බෝමැඩ දී මේ කළ පෙළහර ද ඤාතීන් හමුවෙහි කළ පෙළහර ද පාටිකපුත්ත සමාගමයෙහි දැක්වූ පෙළහර ද මේ සියල්ල ගණ්ඩම්බ රුක් මුල දී පෑ යමා මහපෙළහර හා සමාන විය.
එවං සත්ථා ඉමිනා පාටිහාරියෙන දෙවතානං විතක්කං වූපසමෙත්වා පල්ලඞ්කතො ඊසකං පාචීනනිස්සිතෙ උත්තරදිසාභාගෙ ඨත්වා “ඉමස්මිං වත මෙ පල්ලඞ්කෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිද්ධ”න්ති චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පූරිතානං පාරමීනං ඵලාධිගමට්ඨානං පල්ලඞ්කං බොධිරුක්ඛඤ්ච අනිමිසෙහි අක්ඛීහි ඔලොකයමානො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං අනිමිසචෙතියං නාම ජාතං. අථ පල්ලඞ්කස්ස ච ඨිතට්ඨානස්ස ච අන්තරා චඞ්කමං මාපෙත්වා පුරත්ථිමපච්ඡිමතො ආයතෙ රතනචඞ්කමෙ චඞ්කමන්තො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනචඞ්කමචෙතියං නාම ජාතං.
බුදුන් වහන්සේ මේ පෙළහරින් දෙවියන්ගේ සැක දුරු කොට බෝමැඩින් මඳක් පෙරදිගට නැඹුරු ව උතුරු දිශාවෙහි සි මේ රුක් මුල අසුනෙහි සිට මම සව්නේ නුවණ ලැබුවෙමි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමී ඵල ලැබීමට ස්ථානය වියැ යි නො පියූ ඇසින් බෝරුක බලමින් සතියක් වැඩ සිටියහ. ඒ ස්ථානය අනිමිස චේතිය නම් විය. අනතුරු ව බෝධි වෘක්ෂයත් බුදුන් වැඩසිටි ස්ථානයටත් අතර පූර්ව දිශාවෙහි සිට පශ්චිම දිශාවට දික්වූ රුවන් සක්මන මවා එහි සක්මන් කැරෙමින් සතියක් ඉක්මවූහ. ඒ ස්ථානය රතනචංකම චේතිය නම් විය.
චතුත්ථෙ පන සත්තාහෙ බොධිතො පච්ඡිමුත්තරදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු, තත්ථ පල්ලඞ්කෙන නිසීදිත්වා අභිධම්මපිටකං විසෙසතො චෙත්ථ අනන්තනයං සමන්තපට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. ආභිධම්මිකා පනාහු “රතනඝරං නාම න සත්තරතනමයං ගෙහං, සත්තන්නං පන පකරණානං සම්මසිතට්ඨානං ‘රතනඝර’න්ති වුච්චතී”ති. යස්මා පනෙත්ථ උභොපෙතෙ පරියායා යුජ්ජන්ති, තස්මා උභයම්පෙතං ගහෙතබ්බමෙව. තතො පට්ඨාය පන තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං. එවං බොධිසමීපෙයෙව චත්තාරි සත්තාහානි වීතිනාමෙත්වා පඤ්චමෙ සත්තාහෙ බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්රොධො තෙනුපසඞ්කමි, තත්රාපි ධම්මං විචිනන්තොයෙව විමුත්තිසුඛං පටිසංවෙදෙන්තො නිසීදි.
සතර වැනි සතියෙහි බෝමැඬින් ඊසාන දිසාවෙහි රුවන් ගෙයක් මැවූහ. එහි පළඟින් වැඩ සිට අභිධර්ම පිටකය විශේෂයෙන් අනනතනය සමන්තපට්ඨානය මෙනෙහි කරමින් සතියක් කල් ගෙවූහ. අභිධම්මිකයෝ මෙසේ කීහ. “රතනඝර නම් රනින් කළ ගෙයක් නො වේ. සත්ත ප්‍රකරණයන් මෙනෙහි කළ ස්ථානය නිසා රතනඝර නම් විය.” මේ දෙයාකාරය ම සුදුසුය. එම නිසා දෙවිදිය ම ගත යුතුයි. මෙම ස්ථානය එතැන් පටන් රතනඝර චේතිය නම් විය. මෙසේ බුදුන් වහන්සේ බෝමළුව සමීපයෙහි ම සති හතරක් කල් යවා පස් වැනි සතියෙහි බෝමැඬ සිට අජපල් නුග රුක වෙත වැඩ එහි දී ද ධර්මය මෙනෙහි කරමින් නිවන් සුව විඳිමින් වැඩ සිටියහ.
තස්මිං සමයෙ මාරො දෙවපුත්තො “එත්තකං කාලං අනුබන්ධන්තො ඔතාරාපෙක්ඛොපි ඉමස්ස න කිඤ්චි ඛලිතං අද්දසං, අතික්කන්තොදානි එස මම වස”න්ති දොමනස්සප්පත්තො මහාමග්ගෙ නිසීදිත්වා සොළස කාරණානි චින්තෙන්තො භූමියං සොළස ලෙඛා කඩ්ඪි – “අහං එසො විය දානපාරමිං න පූරෙසිං, තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති එකං ලෙඛං කඩ්ඪි. තථා “අහං එසො විය සීලපාරමිං, නෙක්ඛම්මපාරමිං, පඤ්ඤාපාරමිං, වීරියපාරමිං, ඛන්තිපාරමිං, සච්චපාරමිං, අධිට්ඨානපාරමිං, මෙත්තාපාරමිං, උපෙක්ඛාපාරමිං න පූරෙසිං , තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති දසමං ලෙඛං කඩ්ඪි. තථා “අහං එසො විය අසාධාරණස්ස ඉන්ද්රියපරොපරියත්තඤාණස්ස පටිවෙධාය උපනිස්සයභූතා දස පාරමියො න පූරෙසිං, තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති එකාදසමං ලෙඛං කඩ්ඪි. තථා “අහං එසො විය අසාධාරණස්ස ආසයානුසයඤාණස්ස, මහාකරුණාසමාපත්තිඤාණස්ස, යමකපාටිහීරඤාණස්ස, අනාවරණඤාණස්ස, සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිවෙධාය උපනිස්සයභූතා දස පාරමියො න පූරෙසිං, තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති සොළසමං ලෙඛං කඩ්ඪි. එවං ඉමෙහි කාරණෙහි මහාමග්ගෙ සොළස ලෙඛා කඩ්ඪමානො නිසීදි.
එසමයෙහි මාර දෙවි පුත් මෙතෙක් කල් මොහුගේ සිදුරු සොයමින් ලුහු බැන්දේ වී නමුත් මොහුගේ කිසි දෝෂයක් නො දුටිමි. මොහු මගේ බලය ඉක්මවූයේයැ යි නො සතුටු ව මහමග හිඳ කරුණු සොළසක් මුල් කොට බිම රේඛා සොළසක් ඇන්දේය. මම මොහු මෙන් දාන පාරමිතාව නො පිරුවෙමි. එම නිසා මම මොහු සමාන කෙනෙක් නො වීමි යි පළමු වැනි රේඛාව ඇන්දේය. මම මොහු මෙන් ශීල පාරමිතාව, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෙත්තා, උපේක්ෂා යන පාරමිතා නො පිරුවෙමි. එම නිසා මම ඔහු සමාන නො වීමි. එසේ ම මම මොහු මෙන් අන්‍යයන්ට පොදු නො වූ ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය, ආසයානුසය ඤාණය, මහා කරුණා සමාපත්ති ඤාණය, යමක ප්රාතිහාර්ය ඤාණය, අනාවරණ ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය ලැබීමට දශ පාරමිතාවන් නො පිරීමි. එම නිසා මම ඔහු හා සමාන නො වීමි යි, පිළිවෙලින් සොළොස් රේඛාව ද අඳිමින් හුන්නේය.
තස්මිං සමයෙ තණ්හා, අරති, රගාති තිස්සො මාරධීතරො “පිතා නො න පඤ්ඤායති, කහං නු ඛො එතරහී”ති ඔලොකයමානා තං දොමනස්සප්පත්තං භූමිං විලෙඛමානං නිසින්නං දිස්වා පිතු සන්තිකං ගන්ත්වා “කස්මා, තාත, දුක්ඛී දුම්මනො”ති පුච්ඡිංසු. අම්මා, අයං මහාසමණො මය්හං වසං අතික්කන්තො, එත්තකං කාලං ඔලොකෙන්තො ඔතාරමස්ස දට්ඨුං නාසක්ඛිං, තෙනාහං දුක්ඛී දුම්මනොති. යදි එවං මා චින්තයිත්ථ, මයමෙතං අත්තනො වසෙ කත්වා ආදාය ආගමිස්සාමාති. න සක්කා, අම්මා, එසො කෙනචි වසෙ කාතුං, අචලාය සද්ධාය පතිට්ඨිතො එසො පුරිසොති. “තාත මයං ඉත්ථියො නාම ඉදානෙව නං රාගපාසාදීහි බන්ධිත්වා ආනෙස්සාම, තුම්හෙ මා චින්තයිත්ථා”ති භගවන්තං උපසඞ්කමිත්වා “පාදෙ තෙ සමණ පරිචාරෙමා”ති ආහංසු. භගවා ව තාසං වචනං මනසි අකාසි, න අක්ඛීනි උම්මීලෙත්වා ඔලොකෙසි, අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තමානසො විවෙකසුඛඤ්ඤෙව අනුභවන්තො නිසීදි.
එවේලෙහි තණ්හා, රති, රගා යන මාර දියණියෝ තිදෙන අපගේ පියා පෙනෙන්ට නැත. ඔහු කොහි ගියේදැ යි බලන්නාහු, දොම්නසට පත් ව බිම ඉරි අඳිමින් සිටිනු දැක පියා ළඟට ගොස් නො සතුටට කාරණය විමසූහ. දියණියනි, මේ ශ්‍රමණ ගෞතමයෝ මගේ අණසක ඉක්මවා සිටිති. මෙතෙක් කල් ඔහු පසුපස ගිය මුත් ඔහුගේ වරදක් නුදුටීමි. එම නිසා දුකට පත්වීමි. එසේ නම් පියාණෙනි, ඒ ගැන නො සිතන්න. අපි ඔහු නතු කොට ගෙන එන්නෙමි. දියණිවරුනි, ඔහු කිසිවකුගේ වසඟයට ගත නො හැකිය. මේ මහා පුරුෂයා නො සෙලවෙන සැදැහැයෙන් යුක්ත වූයේය. පියාණෙනි, අපි ගැහැණු වෙමු. දැන් ම අපි ඔහු කාමාශා පුඬුවෙන් බඳින්නෙමු. ඒ ගැන ඔබ සැක නො සිතන්නැ යි, බුදුන් වහන්සේ වෙත එළැඹ ශ්‍රමණය, ඔබ පා මෙහෙවර කරමු යි කීහ. උන් වහන්සේ ඔවුන්ගේ වචනය සිතට නො ගත්හ. ඇස් ඇර බැලීමකුදු නො කළහ. අතිඋතුම් නිවන අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති ව ලෝකයෙන් වෙන්වීමේ සැපය ම විඳිමින් වැඩසිටි සේක.
පුන මාරධීතරො “උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා, කෙසඤ්චි කුමාරිකාසු පෙමං හොති, කෙසඤ්චි පඨමවයෙ ඨිතාසු, කෙසඤ්චි මජ්ඣිමවයෙ ඨිතාසු, යංනූන මයං නානප්පකාරෙහි රූපෙහි පලොභෙය්යාමා”ති එකමෙකා කුමාරිවණ්ණාදිවසෙන සතං සතං අත්තභාවෙ අභිනිම්මිනිත්වා කුමාරියො, අවිජාතා, සකිංවිජාතා, දුවිජාතා, මජ්ඣිමිත්ථියො, මහිත්ථියො ච හුත්වා ඡක්ඛත්තුං භගවන්තං උපසඞ්කමිත්වා “පාදෙ තෙ සමණ පරිචාරෙමා”ති ආහංසු. තම්පි භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙව විමුත්තො.
මාර දියණියෝ නැවතත් සිතන්නාහු, පුරුෂයන්ගේ රුචි අරුචි විවිධය. සමහර පුරුෂයෝ ලාබාල කුමරියන්ට පෙම් කරත්. සමහරු පළමු වයසෙහි සිටි කුමරියන් ද සමහරු මැදි වයසෙහි සිටි කුමරියන් ද සමහරු පැසුළු වයසෙහි සිටි ස්ත්රීන්ට පෙම් කරත්. අපි විවිධාකාර වෙස් ගෙන මොහු පොළොඹවමු යි එක එකී මාර දුව සිය ගණන් ආත්ම භාවයන් මවා ලාබාල, කුමරි, එකවරක් වැදූ, දෙවරක් වැදූ, මැදි වයස්, පැසුළු වයස් වශයෙන් සයාකාරයකින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඔබ පා මෙහෙවර කරමු යි කීහ. උතුම් නිවනින් මිදීම ලැබූ උතුමෙක් යම් සේ ද උන් වහන්සේ ද එසේ ම ඔවුන් මෙනෙහි නො කළහ.
කෙචි පනාචරියා වදන්ති “තා මහිත්ථිභාවෙන උපගතා දිස්වා භගවා ‘එවමෙවං එතා ඛණ්ඩදන්තා පලිතකෙසා හොන්තූ’ති අධිට්ඨාසී”ති, තං න ගහෙතබ්බං. න හි සත්ථා එවරූපං අධිට්ඨානං කරොති. භගවා පන “අපෙථ තුම්හෙ, කිං දිස්වා එවං වායමථ, එවරූපං නාම අවීතරාගාදීනං පුරතො කාතුං යුත්තං, තථාගතස්ස පන රාගො පහීනො, දොසො පහීනො, මොහො පහීනො”ති අත්තනො කිලෙසප්පහානං ආරබ්භ –
සමහර ආචාර්යවරු මෙසේ කියත්. “පැසුළු ස්ත්‍රීන් මෙන් බුදුන් වහන්සේ වෙත පැමිණියවුන් දැක ඔවුන් සියල්ලෝම දත්හැලී ගිය පැසුණු කෙස් ඇති ස්ත්‍රීහු වෙත්වා යි අධිෂ්ඨාන කළහ.” මේ පිළිගත යුතු නො වේ. උන් වහන්සේ එවැනි අධිෂ්ඨානයක් නො කරති. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳ සිතා, “ඉවත් වව්. තොපි කුමක් දැක මෙසේ වෙර වඩව් ද? රාගාදී කෙළෙස් ප්‍රහීන නො කළවුන් ඉදිරියෙහි මෙවැනි දේ කිරීම සුදුසු වේ. සම්බුදු වූ මාගේ ආශාව ප්රහීනය. තරහ ප්රහීනය. මුළාව ප්රහීනය.” ආදී වශයෙන් කියන ලද බව පිළිගත හැකිය. තමන් වහන්සේගේ කෙළෙස් සංසිඳීම අරබයා,
“යස්ස ජිතං නාවජීයති, ජිතමස්ස නොයාති කොචි ලොකෙ; තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථ.
“යමකු විසින් දිනන ලද දෙය නැවත පරාජයට පත්කළ නො හැකිද ඔහු විසින් පරදවන ලද හැම කිසි කලෙක ඔහු ලුහුබැඳ නො ඒ ද සියලු දේ දත් කෙළෙසුන්හි පිහිටීමක් නැති කල්හි කවර ආකාරයකින් මරු වෙත ගෙන යව් ද?”
“යස්ස ජාලිනී විසත්තිකා, තණ්හා නත්ථි කුහිඤ්චි නෙතවෙ; තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථා”ති. (ධ· ප· 179-180) –
“ජාලිනී (දළක් වැනි වූ) නම් වූ ද විසත්තිකා (ඇලෙන සුළු වූ ද) නම් වූ තෘෂ්ණාව යමකුට නැද්ද සියලු දෙය පිරිසිඳ දත්, කෙළෙස් පිහිටීම් නැති ඒ බුදුහු කවරාකාරයකින් මරු වෙත ගෙන යව්ද?”
ඉමා ධම්මපදෙ බුද්ධවග්ගෙ ද්වෙ ගාථා වදන්තො ධම්මං කථෙසි. තා “සච්චං කිර නො පිතා අවොච, අරහං සුගතො ලොකෙ න රාගෙන සුවානයො”තිආදීනි වත්වා පිතු සන්තිකං අගමංසු.
ධම්ම පදයෙහි බුද්ධ වර්ගයෙහි මේ ගාථා දෙකින් දම් දෙසූහ. මාර දියණියෝ, අපගේ පියාණන් කී සේ ඇත්තක් මය. ලෝකයෙහි ශෝභන ගමන් ඇති රහතන් වහන්සේ රාගයෙන් තම වසඟයට පමුණුවා ගත නො හැකිය. ආදිය කියා පියා සමීපයට ම ගියෝය. බුදුන් වහන්සේ සතියක් එහි වැඩ මුචලින්ද - මිදෙල් රුක් මුලට වැඩියහ.
භගවාපි තත්ථ සත්තාහං වීතිනාමෙත්වා මුචලින්දමූලං අගමාසි. තත්ථ සත්තාහවද්දලිකාය උප්පන්නාය සීතාදිපටිබාහනත්ථං මුචලින්දෙන නාගරාජෙන සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිත්තො අසම්බාධාය ගන්ධකුටියං විහරන්තො විය විමුත්තිසුඛං පටිසංවෙදියමානො සත්තාහං වීතිනාමෙත්වා රාජායතනං උපසඞ්කමි, තත්ථාපි විමුත්තිසුඛං පටිසංවෙදියමානොයෙව නිසීදි. එත්තාවතා සත්ත සත්තාහානි පරිපුණ්ණානි. එත්ථන්තරෙ නෙව මුඛධොවනං, න සරීරපටිජග්ගනං, න ආහාරකිච්චං අහොසි, ඣානසුඛඵලසුඛෙනෙව වීතිනාමෙසි.
එහි සත් දවසක් නොකඩවා වස්නා කල්හි බුදුන් වහන්සේට ශීතාදී උවදුරු වළකනු සඳහා මුචලින්ද නා රජු විසින් සත් වරක් දරණවැලින් වටකොට නෙ නො ඇහිරුණු ගඳකිළියෙහි වසන්නාක් මෙන් වැඩහිඳ නිවන් සුව විඳිමින් සත් දවසක් කල් ගෙවමින් වැඩ සිටියහ. අනතුරු ව උන් වහන්සේ රාජායතනයට වැඩ එහිදී ද විමුත්ති සුව විඳිමින් වැඩ සිටියහ. මෙපමණකින් සත් සතිය හෙවත් නවසාළිස් දින සපිරිණි. මේ කාලය තුළ උන් වහන්සේට මුව දෙවීමක් හෝ සිරුර පිළිදැගුම් කිරීමක් හෝ අහර කිසක් නො වීය. ධ්‍යාන මඟ ඵල සුවයෙන් ම කල්ගත කළහ.
අථස්ස තස්මිං සත්තසත්තාහමත්ථකෙ එකූනපඤ්ඤාසතිමෙ දිවසෙ තත්ථ නිසින්නස්ස “මුඛං ධොවිස්සාමී”ති චිත්තං උදපාදි. සක්කො දෙවානමින්දො අගදහරීටකං ආහරිත්වා අදාසි, සත්ථා තං පරිභුඤ්ජි, තෙනස්ස සරීරවළඤ්ජං අහොසි. අථස්ස සක්කොයෙව නාගලතාදන්තකට්ඨඤ්චෙව මුඛධොවනඋදකඤ්ච අදාසි. සත්ථා තං දන්තකට්ඨං ඛාදිත්වා අනොතත්තදහොදකෙන මුඛං ධොවිත්වා තත්ථෙව රාජායතනමූලෙ නිසීදි.
ඉක්බිති, උන් වහන්සේට මේ සතිය ඉකුත්වෙත් ම නවසාළිස් දිනයෙහි මුව දෙවීමට සිතක් උපන. එවේලෙහි සක් දෙවිඳු බෙහෙත් අරළු ගෙනවුත් පිළිගැන්වීය. ඒ වැළැඳීමෙන් පසු සිරුරු මළ පහවිය. එවිට සක් දෙවිඳු ම නාලිය දැහැටි ද මුවදෝනා පැන් ද පිළිගැන්වීය. බුදුන් වහන්සේ එම දැහැටි වළඳා අනෝතප්ත විලේ දියෙන් මුව දෝවා එම රාජායතන රුක් මුල ම වැඩසිටි සේක.
තස්මිං සමයෙ තපුස්සභල්ලිකා නාම ද්වෙ වාණිජා පඤ්චහි සකටසතෙහි උක්කලාජනපදා මජ්ඣිමදෙසං ගච්ඡන්තා අත්තනො ඤාතිසාලොහිතාය දෙවතාය සකටානි සන්නිරුම්භිත්වා සත්ථු ආහාරසම්පාදනෙ උස්සාහිතා මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච ආදාය “පටිග්ගණ්හාතු නො, භන්තෙ, භගවා ඉමං ආහාරං අනුකම්පං උපාදායා”ති සත්ථාරං උපසඞ්කමිත්වා අට්ඨංසු. භගවා පායාසපටිග්ගහණදිවසෙයෙව පත්තස්ස අන්තරහිතත්තා “න ඛො තථාගතා හත්ථෙසු පටිග්ගණ්හන්ති, කිම්හි නු ඛො අහං පටිග්ගණ්හෙය්ය”න්ති චින්තෙසි. අථස්ස චිත්තං ඤත්වා චතූහි දිසාහි චත්තාරො මහාරාජානො ඉන්දනීලමණිමයෙ පත්තෙ උපනාමෙසුං, භගවා තෙ පටික්ඛිපි. පුන මුග්ගවණ්ණසෙලමයෙ චත්තාරො පත්තෙ උපනාමෙසුං. භගවා චතුන්නම්පි දෙවපුත්තානං අනුකම්පාය චත්තාරොපි පත්තෙ පටිග්ගහෙත්වා උපරූපරි ඨපෙත්වා “එකො හොතූ”ති අධිට්ඨාසි, චත්තාරොපි මුඛවට්ටියං පඤ්ඤායමානලෙඛා හුත්වා මජ්ඣිමෙන පමාණෙන එකත්තං උපගමිංසු. භගවා තස්මිං පච්චග්ඝෙ සෙලමයෙ පත්තෙ ආහාරං පටිග්ගණ්හිත්වා පරිභුඤ්ජිත්වා අනුමොදනං අකාසි. ද්වෙ භාතරො වාණිජා බුද්ධඤ්ච ධම්මඤ්ච සරණං ගන්ත්වා ද්වෙවාචිකා උපාසකා අහෙසුං. අථ නෙසං “එකං නො, භන්තෙ, පරිචරිතබ්බට්ඨානං දෙථා”ති වදන්තානං දක්ඛිණහත්ථෙන අත්තනො සීසං පරාමසිත්වා කෙසධාතුයො අදාසි. තෙ අත්තනො නගරෙ තා ධාතුයො සුවණ්ණසමුග්ගස්ස අන්තො පක්ඛිපිත්වා චෙතියං පතිට්ඨාපෙසුං.
එදවස තපස්සු භල්ලික නම් වෙළෙඳ දෙබෑයෝ පන්සියයක් සමග උක්කලා ජනපදයේ සිට මැදුම් දෙසට එන්නාහු, තමන්ගේ පෙර අත් බවෙක ලේ නෑයකු වූ දෙවියකු විසින් ගැල් හිර කොට ගමන වළක්වා බුදුන් වහන්සේට ආහාර දිනයෙහි උත්සාහවත් කරන ලද්දාහු, අත්සුණු සහ මී පිඬු ගෙන ස්වාමීනි, අනුකම්පා කොට මේ ආහාර පිළිගනු මැනවැ යි උන් වහන්සේ වෙත පැමිණ සිටියහ. එදින කිරිපිඬු පිළිගත් දිනයේ දී ම තමන් වහන්සේගේ පාත්‍රය අතුරුදහන් වූ බැවින් බුදුවරු අතට ආහාර නො පිළිගනිත්. කුමකින් පිළිගනිම්දන යි සිතක් පහළ විය. උන් වහන්සේගේ සිත දැනගත් සතර වරම් දෙවියෝ ඉඳුනිල් මිණෙන් කළ පාත්‍ර සතරක් පිරිනැමූහ. බුදුන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කළහ. ඔහු ම නැවත මුවෙන් ගලින් නිම වූ පාත්‍ර පිරිනැමූහ. උන් වහන්සේ ඒ සතර ම පිළිගෙන එකපිට එක තබා එක පාත්‍රයක් වන සේ ඉටූහ. ඒ සතරෙහි ම මුවවිට රේඛාවන් පෙනෙන සේ මධ්‍යය ප්‍රමාණයේ එක පාත්‍රයක් බවට පත්විය. බුදුන් වහන්සේ එකෙණෙහි ලැබුණු ශෛලමය පාත්‍රයෙන් ආහාර පිළිගෙන වළඳා අනුමෙවනි දම් දෙසූහ. වෙළඳ දෙබෑයෝ බුදුන් දහම් පමණක් සරණ ගනිමින් බුද්ධ, ධම්ම යන වදන් දෙක පමණක් තෙපලීමෙන් දේවාචික උපාසකයෝ වූහ. ඉක්බිති, ඔවුහු ස්වාමීනි, අපට පූජනීය වස්තුවක් දෙනු මැනවැ යි අයදියහ. උන් වහන්සේ දක්ෂිණ හස්තයෙන් සිරස පිරිමැද කෙස් රොදක් දුන්හ. තම නුවරට පෙරලා ගිය වෙළෙඳ දෙබෑයෝ ඒ කේශ ධාතු නිවන් කො සෑයක් පිහිට වූහ.
සම්මාසම්බුද්ධොපි ඛො තතො උට්ඨාය පුන අජපාලනිග්රොධමෙව ගන්ත්වා නිග්රොධමූලෙ නිසීදි. අථස්ස තත්ථ නිසින්නමත්තස්සෙව අත්තනා අධිගතස්ස ධම්මස්ස ගම්භීරතං පච්චවෙක්ඛන්තස්ස සබ්බබුද්ධානං ආචිණ්ණො “අධිගතො ඛො ම්යායං ධම්මො”ති පරෙසං ධම්මං අදෙසෙතුකම්යතාකාරපවත්තො විතක්කො උදපාදි. අථ බ්රහ්මා සහම්පති “නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො”ති දසහි චක්කවාළසහස්සෙහි සක්කසුයාමසන්තුසිතසුනිම්මිතවසවත්තිමහාබ්රහ්මානො ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා “දෙසෙතු, භන්තෙ, භගවා ධම්ම”න්තිආදිනා නයෙන ධම්මදෙසනං ආයාචි.
බුදුන් වහන්සේ ද රාජායතනයෙන් නැගිට අජපල් නුග රුක මුල වැඩ සිටියහ. එහිදී උන් වහන්සේ සෑම බුදුරදුන්ට ම ආවේණික වූ තමන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙහි ගැඹුරු බව විමසන්ට විමසන්ට මෙරමා හට දහම් නො දෙසීමට සිත නැඹුරු විය. මේ අවස්ථාවෙහි සහම්පතී බ්‍රහ්ම රාජයා අහෝ පින්වත්නි, ලෝකය විනාශ වන්නේය. අහෝ පින්වත්නි ලෝකය විනාශ වන්නේයැ යි දශ දහසක් සක්වල සක්ක, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවර්ති මහා බ්‍රහ්ම යන දෙවි බඹුන් රැගෙන බුදු රජුන් වෙත එළැඹ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා. සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා යි ආදී ක්‍රමයෙන් දම් දෙසීම සඳහා යාච්ඤා කළේය.
සත්ථා තස්ස පටිඤ්ඤං දත්වා “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති චින්තෙන්තො “ආළාරො පණ්ඩිතො, සො ඉමං ධම්මං ඛිප්පං ආජානිස්සතී”ති චිත්තං උප්පාදෙත්වා පුන ඔලොකෙන්තො තස්ස සත්තාහකාලකතභාවං ඤත්වා උදකං ආවජ්ජෙසි. තස්සාපි අභිදොසකාලකතභාවං ඤත්වා “බහූපකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ”ති පඤ්චවග්ගියෙ ආරබ්භ මනසිකාරං කත්වා “කහං නු ඛො තෙ එතරහි විහරන්තී”ති ආවජ්ජෙන්තො “බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ”ති ඤත්වා “තත්ථ ගන්ත්වා ධම්මචක්කං පවත්තෙස්සාමී”ති කතිපාහං බොධිමණ්ඩසාමන්තායෙව පිණ්ඩාය චරන්තො විහරිත්වා ආසාළ්හිපුණ්ණමාසියං “බාරාණසිං ගමිස්සාමී”ති චාතුද්දසියං පච්චූසසමයෙ විභාතාය රත්තියා කාලස්සෙව පත්තචීවරමාදාය අට්ඨාරසයොජනමග්ගං පටිපන්නො අන්තරාමග්ගෙ උපකං නාම ආජීවකං දිස්වා තස්ස අත්තනො බුද්ධභාවං ආචික්ඛිත්වා තං දිවසංයෙව සායන්හසමයෙ ඉසිපතනං අගමාසි.
බුදුන් වහන්සේ දම් දෙසන බවට ප්‍රතිඥා දී කවරකු හට මම පළමු කොට දහම් දෙසම්දැ යි සිතන සේක්, ආළාර තවුසා නුවණැති බවත් ඔහු වහා ම ධර්ම අවබෝධ කැර ගන්නා බවත් දැන් ඔහු සතියකට පෙර කළුරිය කළ බවත් දැන උද්දක තවුසා පිළිබඳ සිතූ සේක. ඔහු ද පෙර දින සන්ධ්‍යාවේ දී කළුරිය කළ බව දැන පස්වග තෙරවරුන් කළ උපකාර සිහි කොට මෙකල්හි ඔවුන් කොහි වසන්නාහුදැ යි බලන සේක්, බරණැස මිගදායෙහි වෙසෙන බව දැන එහි ගොස් දම්සක් පවත්වමි යි සිතා දින කීපයක් බෝමැඩ අවට පිඬු පිණිස හැසිරෙමින් වාසය කොට ඇසල පුණු පොහෝ දිනයෙහි බරණැසට යමි යි තුදුස්වක දිනයෙහි රාත්‍රිය ඉක්මවා ඉතා අළුයම් වේලෙහි පාසිවුරු ගෙන අටළොස් යොදුන් මගට බැස අතරමග උපක නම් ආජීවක දැක ඔහුට තමන් වහන්සේ බුදු බව ප්‍රකාශ කොට එදවස ම සවස් කාලයෙහි ඉසිපතනයට වැඩියහ.
පඤ්චවග්ගියා ථෙරා තථාගතං දූරතොව ආගච්ඡන්තං දිස්වා “අයං ආවුසො සමණො ගොතමො පච්චයබාහුල්ලාය ආවත්තිත්වා පරිපුණ්ණකායො පීණින්ද්රියො සුවණ්ණවණ්ණො හුත්වා ආගච්ඡති, ඉමස්ස අභිවාදනාදීනි න කරිස්සාම, මහාකුලපසුතො ඛො පනෙස ආසනාභිහාරං අරහති, තෙනස්ස ආසනමත්තං පඤ්ඤාපෙස්සාමා”ති කතිකං අකංසු. භගවා සදෙවකස්ස ලොකස්ස චිත්තාචාරං ජානනසමත්ථෙන ඤාණෙන “කිං නු ඛො ඉමෙ චින්තයිංසූ”ති ආවජ්ජෙත්වා චිත්තං අඤ්ඤාසි. අථ නෙ සබ්බදෙවමනුස්සෙසු අනොදිස්සකවසෙන ඵරණසමත්ථං මෙත්තචිත්තං සඞ්ඛිපිත්වා ඔදිස්සකවසෙන මෙත්තචිත්තෙන ඵරි. තෙ භගවතා මෙත්තචිත්තෙන ඵුට්ඨා තථාගතෙ උපසඞ්කමන්තෙ සකාය කතිකාය සණ්ඨාතුං අසක්කොන්තා අභිවාදනපච්චුට්ඨානාදීනි සබ්බකිච්චානි අකංසු, සම්මාසම්බුද්ධභාවං පනස්ස අජානමානා කෙවලං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්ති.
පස්වග තෙරහු දුර දී ම බුදු රජුන් දැක ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමයෝ සිව්පසයෙන් ඕලාරික බවට පත් ව පිරිපුන් සිරුරු ඇති ව පැහැපත් ඉඳුරන් ඇති ව රන්වන් පාටින් බබළමින් අප කරා එති. මොහුට අපි වැඳීම් ආදිය නො කරමු. මොහු සම්භාවනීය කුලයක උපන් නිසා අසුනක් පැනවීමෙන් ගරු කිරීමට සුදුසුය. එම නිසා අපි ඔහුට අසුනක් පැනවීම පමණක් කරමු යි තීරණ කළහ. බුදුන් වහන්සේ දෙවියන් සහිත ලෝවැස්සන්ගේ සිත්සතන් දැන ගැනීමට සමත් වූ නුවණින් මොවුන් කුමක් සිතන්නහුදැ යි විමසන විට ඔවුන් සිතූ දේ දැන ගත්හ. ඉක්බිති, බුදුන් වහන්සේ පුද්ගල භේදයෙන් තොර ව දෙවි මිනිස් හැමදෙනා කෙරෙහි එක සේ පැවැත්වීමට සමත් මෙත් සිත හකුළුවා පස්වග තෙරුන් කෙරෙහි පමණක් පැතිර වූහ. උන් වහන්සේගේ මෙත් සිතින් පිබිදුණු ඔවුහු බුදු රජුන් ළඟට වඩිත් ම සිය කතිකාවෙහි සිටීමට නො හැක්කාහු, වැඳීම්, නැඟී සිටීම් ආදී සියලු චාරිත්‍ර විධි කළහ. එහෙත් සම්බුද්ධ වූ බව නො දත් නිසා “ආවුසො” - ඇවැත්නි යන වචන ව්‍යවහාර කළහ.
අථ නෙ භගවා “මා වො, භික්ඛවෙ, තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරථ, අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො”ති අත්තනො බුද්ධභාවං සඤ්ඤාපෙත්වා පඤ්ඤත්තෙ වරබුද්ධාසනෙ නිසින්නො උත්තරාසාළ්හනක්ඛත්තයොගෙ වත්තමානෙ අට්ඨාරසහි බ්රහ්මකොටීහි පරිවුතො පඤ්චවග්ගියෙ ථෙරෙ ආමන්තෙත්වා ධම්මචක්කප්පවත්තනසුත්තන්තං දෙසෙසි. තෙසු අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරො දෙසනානුසාරෙන ඤාණං පෙසෙන්තො සුත්තපරියොසානෙ අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. සත්ථා තත්ථෙව වස්සං උපගන්ත්වා පුනදිවසෙ වප්පත්ථෙරං ඔවදන්තො විහාරෙයෙව නිසීදි, සෙසා චත්තාරො පිණ්ඩාය චරිංසු. වප්පත්ථෙරො පුබ්බණ්හෙයෙව සොතාපත්තිඵලං පාපුණි. එතෙනෙව උපායෙන පුනදිවසෙ භද්දියත්ථෙරං, පුනදිවසෙ මහානාමත්ථෙරං, පුනදිවසෙ අස්සජිත්ථෙරන්ති සබ්බෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා පඤ්චමියං පක්ඛස්ස පඤ්චපි ජනෙ සන්නිපාතෙත්වා අනත්තලක්ඛණසුත්තන්තං (සං· නි· 3.59; මහාව· 20 ආදයො) දෙසෙසි. දෙසනාපරියොසානෙ පඤ්චපි ථෙරා අරහත්තඵලෙ පතිට්ඨහිංසු. අථ සත්ථා යසකුලපුත්තස්ස උපනිස්සයං දිස්වා තං රත්තිභාගෙ නිබ්බිජ්ජිත්වා ගෙහං පහාය නික්ඛන්තං “එහි යසා”ති පක්කොසිත්‍වා තස්මිංයෙව රත්තිභාගෙ සොතාපත්තිඵලෙ, පුනදිවසෙ අරහත්තෙ පතිට්ඨාපෙත්වා, අපරෙපි තස්ස සහායකෙ චතුපණ්ණාස ජනෙ එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙත්වා අරහත්තං පාපෙසි.
බුදුන් වහන්සේ පස්වග තෙරුන් අමතා මහණෙනි, තථාගතයන් වහන්සේට නමින් හෝ ආවුසෝ වාදයෙන් නො අමතනු. මහණෙනි, මම රහත් ව සත්‍යයවාදී සම්බුදු බවට පැමිණියෙමි යි තමන් වහන්සේ සම්බුදු බව හඟවා පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හිඳ උතුරුසළ නැකත පහන්ව ඇති කල්හි අටළොස් කෙළක් පිරිවරා පස්වග තෙරුන් අමතා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. ඔවුනතුරින් කොණ්ඩඤ්ඤ තෙරණුවෝ දම් දෙසුම අනුව සිත මෙහෙයවා බඹුන් සහිත ව සෝවාන් ඵලයෙහි පිහිටියහ. බුදුන් වහන්සේ එහි ම වස් වසා දෙවැනි දවස් වප්ප තෙරණුවන්ට දම් දෙසමින් විහාරයෙහි ම වැඩ සිටියහ. ඉතිරි සතර දෙන පිඬු පිණිස වැඩියහ. වප්ප තෙරණුවෝ පෙරවරුයෙහි සෝවාන් ඵලයෙහි පිහිටියහ. මේ ක්‍රමය අනුව ඊළඟ දිනයෙහි භද්දිය තෙරණුවෝ ද ඊළඟ දිනයෙහි මහානාම තෙරණුවෝ ද ඊළඟ දිනයෙහි අස්සජි තෙරණුවෝ ද යන සියල්ලෝ ම සෝවාන් ඵලයෙහි පිහිටුවා විසේනිය දිනයෙහි තෙරණුවන් පස් නමම එකතු කොට අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළහ. මේ දේශනාව කෙළවර පස් තෙරවරු ම රහත් බවට පැමිණියහ. එම රාත්‍රියෙහි ම නින්දෙන් පිබිදී ගෙය අත්හැර නික්මුණු යස කුල පුතුන්ගේ පුණ්‍ය හේතු සම්පත් දුටු බුදුන් වහන්සේ යස, මෙහි එන්නැ යි ළඟට කැඳවා එම රාත්‍රිය තුළ දී ම සෝවාන් ඵලයෙහි ද දෙවැනි දවසෙහි රහත් ඵලයෙහි පිහිටුවා එම යස කුල පුතුන්ගේ ම යහළුවන් සුපණස් කෙනෙක් ඒහි භික්ඛු පැවිද්දෙන් පැවිදි කොට රහත් බවට පත් කළහ.
එවං ලොකෙ එකසට්ඨියා අරහන්තෙසු ජාතෙසු සත්ථා වුත්ථවස්සො පවාරෙත්වා “චරථ, භික්ඛවෙ, චාරික”න්ති සට්ඨි භික්ඛූ දිසාසු පෙසෙත්වා සයං උරුවෙලං ගච්ඡන්තො අන්තරාමග්ගෙ කප්පාසිකවනසණ්ඩෙ තිංස ජනෙ භද්දවග්ගියකුමාරෙ විනෙසි. තෙසු සබ්බපච්ඡිමකො සොතාපන්නො, සබ්බුත්තමො අනාගාමී අහොසි. තෙපි සබ්බෙ එහිභික්ඛුභාවෙනෙව පබ්බාජෙත්වා දිසාසු පෙසෙත්වා උරුවෙලං ගන්ත්වා අඩ්ඪුඩ්ඪානි පාටිහාරියසහස්සානි දස්සෙත්වා උරුවෙලකස්සපාදයො සහස්සජටිලපරිවාරෙ තෙභාතිකජටිලෙ විනෙත්වා එහිභික්ඛුභාවෙනෙව පබ්බාජෙත්වා ගයාසීසෙ නිසීදාපෙත්වා ආදිත්තපරියායදෙසනාය (මහාව· 54) අරහත්තෙ පතිට්ඨාපෙත්වා තෙන අරහන්තසහස්සෙන පරිවුතො “බිම්බිසාරරඤ්ඤො දින්නං පටිඤ්ඤං මොචෙස්සාමී”ති රාජගහං ගන්ත්වා නගරූපචාරෙ ලට්ඨිවනුය්යානං අගමාසි. රාජා උය්යානපාලස්ස සන්තිකා “සත්ථා ආගතො”ති සුත්වා ද්වාදසනහුතෙහි බ්රාහ්මණගහපතිකෙහි පරිවුතො සත්ථාරං උපසඞ්කමිත්වා චක්කවිචිත්තතලෙසු සුවණ්ණපට්ටවිතානං විය පභාසමුදයං විස්සජ්ජන්තෙසු තථාගතස්ස පාදෙසු සිරසා නිපතිත්වා එකමන්තං නිසීදි සද්ධිං පරිසාය.
මෙසේ ලෝකයෙහි එක් සැට නමක් රහතුන් ඇති වූ කල්හි බුදුන් වහන්සේ වස් පවාරණය කොට මහණෙනි, චාරිකාවෙහි යව් යි සැට නමක් භික්ෂූන් වහන්සේ ඒ ඒ දිශාවන්හි යවා තමන් වහන්සේ උරුවේලාවට වඩින සේක්, අතරමග කපු වනයෙහි දී භද්දවග්ගිය කුමරුන් තිස් දෙනා දැමූ සේක. ඔවුනතුරින් සියල්ලට ම ලාබාල ව සිටි කුමරු සෝවාන් ඵලයෙහි පිහිටි අතර වැඩිහිටි කුමරා අනාගාමී ඵලයෙහි පිහිටියේය. ඒ සියලු දෙන ම ඒහි භික්ඛු භාවයෙන් පැවිදි කොට විවිධ දිශාවන්හි යවා තමන් වහන්සේ උරුවෙලාවට වැඩ තුන්දහස් පන්සියයක් පෙළහර දක්වා දහසක් ජටිල පැවිද්දන් පිරිවර කොට ඇති උරුවෙල කස්සප ආදී සහෝදර වූ තුන්බෑ ජටිල පැවිද්දන් බුදු සසුනෙහි පහදවා ඒහි භික්ඛු පැවිද්දෙන් පැවිදි කොට ගයාසීස නම් ස්ථානයෙහි හිඳුවා ආදිත්තපරියාය සූත්‍ර දේශනාවෙන් රහත් බවෙහි පිහිටුවා ඒ දහසක් රහතුන් විසින් පිරිවරන ලදුව බිම්සර රජුට දුන් පොරොන්දුව ඉටුකිරීම පිණිස රජගහ නුවර ආසන්නයෙහි පිහිටි වැල්මී වනයට වැඩි සේක. උයන්පල්ලාගෙන් බුදුන් වහන්සේ වැඩි බව ඇසූ බිම්සර රජ එක් ලක්ෂ විසි දහසක් බමුණන් හා ගැහැවියන් පිරිවරන ලදුව බුදු රජුන් වෙත එලැඹ සක් ලකුණින් විසිතුරු වූ සිරිපා පතුලෙහි රන් සළු වියනක් මෙන් කාන්ති විහිදෙන උන් වහන්සේගේ පාදයන් හිසින් වැටී නැමැද පිරිස් සමග එකත්පසෙව සිටියේය.
අථ ඛො තෙසං බ්රාහ්මණගහපතිකානං එතදහොසි “කිං නු ඛො මහාසමණො උරුවෙලකස්සපෙ බ්රහ්මචරියං චරති, උදාහු උරුවෙලකස්සපො මහාසමණෙ”ති. භගවා තෙසං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය ථෙරං ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති, එහි සිටි බමුණු ගැහැවියන්ට මෙසේ සිතිණි. කිම, ශ්‍රමණ ගෞතමයෝ උරුවේල කස්සපගේ සසුනෙහි සව්වෙක් ද? නො එසේ නම් උරුවේල කස්සප ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි සව්වෙක් ද? බුදුන් වහන්සේ ඔවුන් සිතූ සිතුවිල්ල දැන තෙරුන්ට මේ ගාථාව වදාළහ.
“කිමෙව දිස්වා උරුවෙලවාසි, පහාසි අග්ගිං කිසකො වදානො; පුච්ඡාමි තං කස්සප එතමත්ථං, කථං පහීනං තව අග්ගිහුත්ත”න්ති. (මහාව· 55);
“තම සව්වන්ට අනුශාසනා කරන කස්සපයෙනි, ඔබ කිනම් ධර්මයක් දැන ගිනි පූජාව අත්හලෙහිද? ඔබගෙන් මේ කරුණ අසමි. ඔබ ගිනි පූජාව අත්හලේ කිනම් ධර්මයක් දැන ද?”
ථෙරොපි භගවතො අධිප්පායං විදිත්වා –
කස්සප තෙරණුවෝ ද බුදු රජුන්ගේ අදහස දැන මේ ගාථාව ප්‍රකාශ කළහ.
“රූපෙ ච සද්දෙ ච අථො රසෙ ච, කාමිත්ථියො චාභිවදන්ති යඤ්ඤා; එතං මලන්ති උපධීසු ඤත්වා, තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජි”න්ති. (මහාව· 55) –
“රූප, ශබ්ද හා රස ද ස්ත්‍රීන් යන ඇලුම් කළයුතු දේ යාගයෙන් ලැබෙතැ යි කියති. මම ඒවා කෙළෙස් මළ වශයෙන් දැන ඒ නිසා ම යාගයෙහි හා ගිනි පූජාවෙහි නො ඇලීමි.”
ඉමං ගාථං වත්වා අත්තනො සාවකභාවපකාසනත්ථං තථාගතස්ස පාදපිට්ඨෙ සීසං ඨපෙත්වා “සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මී”ති වත්වා එකතාලං ද්විතාලං තිතාලන්ති යාව සත්තතාලප්පමාණං සත්තක්ඛත්තුං වෙහාසං අබ්භුග්ගන්ත්වා ඔරුය්හ තථාගතං වන්දිත්වා එකමන්තං නිසීදි. තං පාටිහාරියං දිස්වා මහාජනො “අහො මහානුභාවා බුද්ධා, එවං ථාමගතදිට්ඨිකො නාම ‘අරහා’ති මඤ්ඤමානො උරුවෙලකස්සපොපි දිට්ඨිජාලං භින්දිත්වා තථාගතෙන දමිතො”ති සත්ථු ගුණකථංයෙව කථෙසි. භගවා “නාහං ඉදානියෙව උරුවෙලකස්සපං දමෙමි, අතීතෙපි එස මයා දමිතොයෙවා”ති වත්වා ඉමිස්සා අට්ඨුප්පත්තියා මහානාරදකස්සපජාතකං (ජා· 2.22.545 ආදයො) කථෙත්වා චත්තාරි සච්චානි පකාසෙසි. මගධරාජා එකාදසහි නහුතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි, එකං නහුතං උපාසකත්තං පටිවෙදෙසි. රාජා සත්ථු සන්තිකෙ නිසින්නොයෙව පඤ්ච අස්සාසකෙ පවෙදෙත්වා සරණං ගන්ත්වා ස්වාතනාය නිමන්තෙත්වා ආසනා වුට්ඨාය භගවන්තං පදක්ඛිණං කත්වා පක්කාමි.
මෙසේ තමන් බුදු රජුන්ගේ ශ්‍රාවකයකු බව ප්‍රකාශ කිරීමට උන් වහන්සේගේ පාපුටුවෙහි හිස තබා මම තථාගතයන් වහන්සේගේ සව්වෙක් වෙමි යි ප්‍රකාශ කොට එක් තල් ගසක ප්‍රමාණයේ සිට සත් තල් ගස් ප්‍රමාණය දක්වා සත්වරක් අහසට පැන නැඟී බැස බුදුන් වැඳ එකත්පසෙව සිටියහ. ඒ පෙළහර දුටු මහජනතාව බුදුවරුන්ගේ බලය අසිරිමත්ය. දැඩි මිසදිටුවකු වූ තමා රහත් වූවේයැ යි වරදවා සිතා සිටි උරුවෙල් කස්සපාදී ජටිලයන්ගේ මිසදිටු දළ බිඳ බුදු රජුන් විසින් දමනය කරන ලදැ යි බුදු ගුණ ගැයූහ. බුදුන් වහන්සේ පෙර භවයකදීත් උරුවේල කස්සපයන් දමනය කළ බව වදාරා මහා නාරදකස්සප ජාතකය ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. මගධ රජු එකොළොස් නහුතයක් හෙවත් එක් ලක්ෂ දශ දහසක් පිරිස සමග සෝවාන් ඵලයෙහි පිහිටියහ. දශ දහසක් උපාසක බවට පත්වූහ. රජ බුදු රජුන් සමීපයෙහි සිටියේ ම, තමා ලැබූ අස්වැසිලි පසක් ප්‍රකාශ කොට බුදුන් සරණ ගොස් සෙට දවසට ආරාධනා කොට පැදකුණු කොට ගියේය.
පුනදිවසෙ යෙහි ච භගවා දිට්ඨො, යෙහි ච අදිට්ඨො, සබ්බෙපි රාජගහවාසිනො අට්ඨාරසකොටිසඞ්ඛා මනුස්සා තථාගතං දට්ඨුකාමා පාතොව රාජගහතො ලට්ඨිවනුය්යානං අගමංසු. තිගාවුතො මග්ගො නප්පහොසි, සකලලට්ඨිවනුය්යානං නිරන්තරං ඵුටං අහොසි. මහාජනො දසබලස්ස රූපසොභග්ගප්පත්තං අත්තභාවං පස්සන්තො තිත්තිං කාතුං නාසක්ඛි. වණ්ණභූමි නාමෙසා. එවරූපෙසු හි ඨානෙසු තථාගතස්ස ලක්ඛණානුබ්යඤ්ජනාදිප්පභෙදා සබ්බාපි රූපකායසිරී වණ්ණෙතබ්බා. එවං රූපසොභග්ගප්පත්තං දසබලස්ස සරීරං පස්සමානෙන මහාජනෙන නිරන්තරං ඵුටෙ උය්යානෙ ච මග්ගෙ ච එකභික්ඛුස්සපි නික්ඛමනොකාසො නාහොසි. තං දිවසං කිර භගවා ඡින්නභත්තො භවෙය්ය, තං මා අහොසීති සක්කස්ස නිසින්නාසනං උණ්හාකාරං දස්සෙසි. සො ආවජ්ජමානො තං කාරණං ඤත්වා මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා බුද්ධධම්මසඞ්ඝපටිසංයුත්තා ථුතියො වදමානො දසබලස්ස පුරතො ඔතරිත්වා දෙවතානුභාවෙන ඔකාසං කත්වා –
දෙවැනි දවසෙහි බුදුන් දුටුවා වූ ද නො දුටු වූ ද සියලු රජගහ නුවර වැසියෝ අටලොස් කෝටියක් පමණ මිනිස්සු බුදුන් දකිනු පිණිස වැල්මී වනයට ගියහ. තුන්ගව් මාර්ගය පමණ නොවීය. මුළු වනය ම මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේය. මහජනතාව බුදු රජුන්ගේ අග තැන්පත් රූ සපුවෙන් යුත් ආත්ම භාවය දැකීමෙන් තෘප්තියට පත්වූහ. මේ බුදුරජුන්ගේ රූප සම්පත්තිය ම වර්ණනා කටයුතුය. මෙසේ බුද්ධ ශරීරය බලන්නා වූ මහජනයාගෙන් සියලු ම වැල්මී වනය ද මාර්ගය ද පිරීගිය කල්හි එක භික්ෂුවකට වත් ඇතුලු වීමට ඉඩ නො ලැබුණි. මේ නිසා එදින බුදුන් වහන්සේට සුන්බත්වන්ට තිබිණි. ඒ එසේ නො වේවා යි සක් දෙවිඳුගේ පඬුඇඹුල් අස්න උණුසුම් ආකාරයක් දැක්වීය. ඔහු කාරණය දැන තරුණ වේෂයක් මවාගෙන රත්නත්‍රය පිළිබිඹු වන ස්තුති ගීතිකා ගයමින් බුදුරදුන් පෙරටුව බැස දේවානුභාවයෙන් මාර්ගයේ ඉඩ ලබාදෙමින්,
“දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි, විප්පමුත්තො විප්පමුත්තෙහි; සිඞ්ගීනික්ඛසවණ්ණො, රාජගහං පාවිසි භගවා.
“රන්වන් පාටින් බබළන බුදුන් වහන්සේ තමා දැමුණු සේක්, දැමුණු පුරාණ ජටිල රහතුන් සමග රජගහ නුවරට වැඩි සේක.”
“මුත්තො මුත්තෙහි සහ පුරාණජටිලෙහි, විප්පමුත්තො විප්පමුත්තෙහි; සිඞ්ගීනික්ඛසවණ්ණො, රාජගහං පාවිසි භගවා.
“කෙළෙසුන්ගෙන් මිදුණා වූ බුදුන් වහන්සේ රන්වන් පාටින් බබළමින් රජගහ නුවරට වැඩි සේක.”
“තිණ්ණො තිණ්ණෙහි සහ පුරාණජටිලෙහි, විප්පමුත්තො විප්පමුත්තෙහි; සිඞ්ගීනික්ඛසවණ්ණො, රාජගහං පාවිසි භගවා.
“රන්වන් පාටින් බබළන බුදුන් වහන්සේ සසරින් එතැර වූ සේක් සසරින් එතැර ව පුරාණ ජටිල රහතුන් සමග රජගහ නුවරට වැඩි සේක.”
“දසවාසො දසබලො, දසධම්මවිදූ දසභි චුපෙතො; සො දසසතපරිවාරො, රාජගහං පාවිසි භගවා”ති. (මහාව· 58) –
“දශ විධ ආරිය වාස ඇති, කාය බල ආදී දශ බල ඇති, කුසලාකුසල ආදී දශ ධර්මයන් අවබෝධ කළා වූ, දශ අසේඛ අංගයෙන් යුක්ත වූ, දහසක් සඟුන් පිරිවැරූ බුදුන් වහන්සේ රජගහ නුවරට වැඩි සේක.”
ඉමාහි ගාථාහි සත්ථු වණ්ණං වදමානො පුරතො පායාසි. තදා මහාජනො මාණවකස්ස රූපසිරිං දිස්වා “අතිවිය අභිරූපො අයං මාණවකො, න ඛො පන අම්හෙහි දිට්ඨපුබ්බො”ති චින්තෙත්වා “කුතො අයං මාණවකො, කස්ස වාය”න්ති ආහ. තං සුත්වා මාණවො –
සක් දෙවිඳු මේ ගාථාවලින් බුදු ගුණ වනමින් බුදු රජුන් පෙරටුව ගියේය. මහජනතාව තරුණයාගේ රූසිරිය බලා මේ මානවක පෙර අප නුදුටු විරූයැ යි සිතා මොහු කවරෙක්දැ යි විමසූහ. එවිට මානවකයා මෙසේ කීය.
“යො ධීරො සබ්බධි දන්තො, සුද්ධො අප්පටිපුග්ගලො; අරහං සුගතො ලොකෙ, තස්සාහං පරිචාරකො”ති. (මහාව· 58) – ගාථමාහ;
“යමකු වීර්යයවත් ද සියලු ඉන්ද්‍රියන් විෂයයෙහි දැමුණේ ද බුදු බවට පැමිණියේ ද තමා හට සමාන කෙනකු නොමැත්තේ ද රහත් වූයේ ද මහා වාංමාලාවෙන් යුක්ත ද මම ඒ බුදුන්ගේ සේවකයෙක් වෙමි.”
සත්ථා සක්කෙන කතොකාසං මග්ගං පටිපජ්ජිත්වා භික්ඛුසහස්සපරිවුතො රාජගහං පාවිසි. රාජා බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස මහාදානං දත්වා “අහං, භන්තෙ, තීණි රතනානි විනා වත්තිතුං න සක්ඛිස්සාමි, වෙලාය වා අවෙලාය වා භගවතො සන්තිකං ආගමිස්සාමි, ලට්ඨිවනුය්යානං නාම අතිදූරෙ, ඉදං පන අම්හාකං වෙළුවනං නාම උය්යානං නාතිදූරෙ නාච්චාසන්නෙ ගමනාගමනසම්පන්නං බුද්ධාරහං සෙනාසනං. ඉදං මෙ භගවා පටිග්ගණ්හාතූ”ති සුවණ්ණභිඞ්කාරෙන පුප්ඵගන්ධවාසිතං මණිවණ්ණං උදකං ආදාය වෙළුවනුය්යානං පරිච්චජන්තො දසබලස්ස හත්ථෙ උදකං පාතෙසි. තස්මිං ආරාමපටිග්ගහණෙ “බුද්ධසාසනස්ස මූලානි ඔතිණ්ණානී”ති මහාපථවී කම්පි. ජම්බුදීපස්මිඤ්හි ඨපෙත්වා වෙළුවනං අඤ්ඤං මහාපථවිං කම්පෙත්වා ගහිතසෙනාසනං නාම නත්ථි. තම්බපණ්ණිදීපෙපි ඨපෙත්වා මහාවිහාරං අඤ්ඤං පථවිං කම්පෙත්වා ගහිතසෙනාසනං නාම නත්ථි. සත්ථා වෙළුවනාරාමං පටිග්ගහෙත්වා රඤ්ඤො අනුමොදනං කත්වා උට්ඨායාසනා භික්ඛුසඞ්ඝපරිවුතො වෙළුවනං අගමාසි.
ඉක්බිති, බුදුන් වහන්සේ සක් දෙවිඳු විසින් ඉඩ ලබාදුන් මගින් මහසඟන පිරිවරන ලදුව රජගහ නුවර වැඩියහ. රජු බුදුපාමොක් මහා සඟනට මහදන් දී ස්වාමීනි, මම තෙරුවනින් ඈත්ව විසීමට නො හැක්කෙමි. වේලාවෙහි හෝ අවේලාවෙහි බුදුන් දැක්මට පැමිණෙන්නෙමි. වැල්මී වන උද්‍යානය දුර වැඩිය. මගේ මේ වේළුවන උයන වැඩි දුර නැත. ගමනාගමනයට පහසුය. එසේ ම බුදු රජුන්ට සුදුසු සෙනසුනක් ද වන්නේය. භාග්‍යවතුන් වහන්ස, මේ අරම පිළිගන්නා සේක්වා යි රන් කෙණ්ඩියෙන් මිණිවන් සුවඳ පැන් ගෙන බුදු රජුන් අත පැන් හෙළීමෙන් පිළිගැන්විණි. එකෙණෙහි බුදු සසුන මුල්බැස ගත්තේ යි මහපොළොව කම්පා විය. දඹදිව වේළුවනාරාමය හැර පොළොව කම්පා කොට පිළිගත් වෙනත් සෙනසුනක් නැත. ලක්දිව මහා විහාරය හැර පොළොව කම්පා කොට පිළිගත් වෙනත් සෙනසුනක් නැත. මෙසේ බුදු රජහු වේළුවනාරාමය පිළිගෙන රජුට අනුමෙවනි දම් දෙසා මහසඟන සමග වේළුවනයට වැඩියහ.
තස්මිං ඛො පන සමයෙ සාරිපුත්තො ච මොග්ගල්ලානො චාති ද්වෙ පරිබ්බාජකා රාජගහං උපනිස්සාය විහරන්ති අමතං පරියෙසමානා. තෙසු සාරිපුත්තො අස්සජිත්ථෙරං පිණ්ඩාය පවිට්ඨං දිස්වා පසන්නචිත්තො පයිරුපාසිත්වා “යෙ ධම්මා හෙතුප්පභවා”ති ගාථං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාය අත්තනො සහායකස්ස මොග්ගල්ලානපරිබ්බාජකස්සපි තමෙව ගාථං අභාසි. සොපි සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. තෙ උභොපි ජනා සඤ්චයං ඔලොකෙත්වා අත්තනො පරිසාය සද්ධිං භගවතො සන්තිකෙ පබ්බජිංසු. තෙසු මහාමොග්ගල්ලානො සත්තාහෙන අරහත්තං පාපුණි, සාරිපුත්තත්ථෙරො අඩ්ඪමාසෙන. උභොපි ච නෙ සත්ථා අග්ගසාවකට්ඨානෙ ඨපෙසි. සාරිපුත්තත්ථෙරෙන අරහත්තප්පත්තදිවසෙයෙව සාවකසන්නිපාතං අකාසි.
ඒ කාලයෙහි සාරිපුත්ත, මොග්ගල්ලාන නම් පිරිවැජි දෙදෙන නිවන් මඟ සොයමින් රජගහ නුවර ඇසුරු කොට වෙසෙත්. සාරිපුත්ත පරිබ්බාජක පිඬු පිණිස හැසිරෙන අස්සජි තෙරණුවන් කෙරෙහි පැහැදී “යෙ ධම්මා හේතුප්පභවා” ආදී ගාථාව අසා සෝවාන් ඵලයෙහි පිහිටා යහළු වූ මොග්ගල්ලාන පරිබ්බාජකට ද එම ගාථාව ම කීය. ඔහු ද සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඔවුන් දෙදෙනා ම සඤ්ජය පිරිවැජියා හමුවී තමාගේ පිරිස ද සමග බුදුන් වෙත පැමිණ පැවිදි විය. මුගලන් තෙරණුවෝ සත් දවසකින් රහත් බවට පැමිණියහ. සැරියුත් තෙරණුවෝ අට මසකින් රහත් බවට පැමිණියහ. බුදු රජහු ඒ තෙරුන් දෙදෙනා අගසව් තනතුරෙහි තැබූහ.
තථාගතෙ පන තස්මිංයෙව වෙළුවනුය්යානෙ විහරන්තෙ සුද්ධොදනමහාරාජා “පුත්තො කිර මෙ ඡබ්බස්සානි දුක්කරකාරිකං චරිත්වා පරමාභිසම්බොධිං පත්වා පවත්තවරධම්මචක්කො රාජගහං උපනිස්සාය වෙළුවනෙ විහරතී”ති සුත්වා අඤ්ඤතරං අමච්චං ආමන්තෙසි “එහි, භණෙ, පුරිසසහස්සපරිවාරො රාජගහං ගන්ත්වා මම වචනෙන ‘පිතා වො සුද්ධොදනමහාරාජා දට්ඨුකාමො’ති වත්වා පුත්තං මෙ ගණ්හිත්වා එහී”ති ආහ. සො “එවං, දෙවා”ති රඤ්ඤො වචනං සිරසා සම්පටිච්ඡිත්වා පුරිසසහස්සපරිවාරො ඛිප්පමෙව සට්ඨියොජනමග්ගං ගන්ත්වා දසබලස්ස චතුපරිසමජ්ඣෙ නිසීදිත්වා ධම්මදෙසනාවෙලාය විහාරං පාවිසි. සො “තිට්ඨතු තාව රඤ්ඤො පහිතසාසන”න්ති පරියන්තෙ ඨිතො සත්ථු ධම්මදෙසනං සුත්වා යථාඨිතොව සද්ධිං පුරිසසහස්සෙන අරහත්තං පත්වා පබ්බජ්ජං යාචි. භගවා “එථ භික්ඛවො”ති හත්ථං පසාරෙසි, සබ්බෙ තඞ්ඛණංයෙව ඉද්ධිමයපත්තචීවරධරා සට්ඨිවස්සත්ථෙරා විය අහෙසුං. අරහත්තං පත්තකාලතො පට්ඨාය පන අරියා නාම මජ්ඣත්තාව හොන්තීති සො රඤ්ඤා පහිතසාසනං දසබලස්ස න කථෙසි. රාජා “නෙව ගතො ආගච්ඡති, න සාසනං සුය්යතී”ති “එහි, භණෙ, ත්වං ගච්ඡාහී”ති තෙනෙව නියාමෙන අඤ්ඤං අමච්චං පෙසෙසි. සොපි ගන්ත්වා පුරිමනයෙනෙව සද්ධිං පරිසාය අරහත්තං පත්වා තුණ්හී අහොසි. රාජා එතෙනෙව නියාමෙන පුරිසසහස්සපරිවාරෙ නව අමච්චෙ පෙසෙසි, සබ්බෙ අත්තනො කිච්චං නිට්ඨාපෙත්වා තුණ්හීභූතා තත්ථෙව විහරිංසු.
බුදුන් වහන්සේ එම වේළුවනාරාමයෙහි ම වැඩ වසන කල්හි සුද්ධෝදන මහරජතුමා මගේ පුත්‍රයා සය වසක් දුෂ්කර ක්‍රියා කොට බුද්ධත්වයට පැමිණ දම්සක් පවත්වා රජගහ නුවර ඇසුරු කොට වේළුවනයෙහි වෙසෙතැ යි අසා එක් ඇමැතියෙක් අමතා සගය, මේ අසනු. ඔබ දහසක් පුරුෂයන් පිරිවරා ගොස් මගේ වචනයෙන් පුතණුවන් දකිනු කැමැති බව පවසා වැඩමවා ගෙන එන්නැ යි පවසා යැවීය. ඇමැති ද රජ අණ සිරසින් පිළිගෙන දහසක් පිරිවර සමග වහා ම සැට යොදුන් මඟ ගෙවා බුදු රජුන් සිව් පිරිස් මැද දම් දෙසන වේලෙහි විහාරයට පැමිණියේය. ඔහු රජුගේ දූත මෙහෙවර පසෙක තබා පිරිස් කෙළවර හිඳ දහම් ඇසූහ. සිටි පියවරේදී ම ඔහු හැමදෙන රහත්බවට පත් වූහ. බුදුන් වහන්සේ ඒහි භික්ෂු පැවිද්දෙන් ඔවුන් පැවිදි කළේය. සෘද්ධිමය පාසිවුරු දරා සියවස් පිරුණු තෙරවරු මෙන් වූහ. මඟ ඵල ලැබූ ආර්ය පුද්ගලයෝ මැදහත් වූවෝ වෙති. රහත් බවට පැමිණි මේ තෙරවරු ද රජුගේ හසුන බුදු රජුන්ට නො දැන්වූහ. රජතුමා ගිය ඇමැතියා නො ආයේය. ආරංචියක් ද නැත. එම නිසා වෙනත් ඇමැතියකු පෙර මෙන් ම යැවීය. හේ ද බුදුන්ගෙන් දහම් අසා රහත් ව පැවිදි ව මැදහත් ව සිටියේය. මේ ආකාරයෙන් රජතුමා නව වාරයක් පුරුෂයන් දහස බැගින් පිරිවර දී ඇමැති නම දෙනෙක් යැවූහ. ඒ හැම දෙනම ආත්මාර්ථය ඉටු වූ පසු නිශ්ශබ්දව සිටියහ.
රාජා සාසනමත්තම්පි ආහරිත්වා ආචික්ඛන්තං අලභිත්වා චින්තෙසි “එත්තකා ජනා මයි සිනෙහාභාවෙන සාසනමත්තම්පි න පච්චාහරිංසු, කො නු ඛො මම වචනං කරිස්සතී”ති සබ්බං රාජබලං ඔලොකෙන්තො කාළුදායිං අද්දස. සො කිර රඤ්ඤො සබ්බත්ථසාධකො අමච්චො අබ්භන්තරිකො අතිවිස්සාසිකො බොධිසත්තෙන සද්ධිං එකදිවසෙ ජාතො සහපංසුකීළකො සහායො. අථ නං රාජා ආමන්තෙසි “තාත, කාළුදායි අහං මම පුත්තං පස්සිතුකාමො නව පුරිසසහස්සානි පෙසෙසිං, එකපුරිසොපි ආගන්ත්වා සාසනමත්තං ආරොචෙන්තොපි නත්ථි, දුජ්ජානො ඛො පන ජීවිතන්තරායො, අහං ජීවමානොව පුත්තං දට්ඨුං ඉච්ඡාමි, සක්ඛිස්සසි නු ඛො මෙ පුත්තං දස්සෙතු”න්ති. සක්ඛිස්සාමි, දෙව, සචෙ පබ්බජිතුං ලභිස්සාමීති. තාත, ත්වං පබ්බජිත්වා වා අපබ්බජිත්වා වා මය්හං පුත්තං දස්සෙහීති. සො “සාධු, දෙවා”ති රඤ්ඤො සාසනං ආදාය රාජගහං ගන්ත්වා සත්ථු ධම්මදෙසනාවෙලාය පරිසපරියන්තෙ ඨිතො ධම්මං සුත්වා සපරිවාරො අරහත්තඵලං පත්වා එහිභික්ඛුභාවෙ පතිට්ඨාසි.
හසුන් මාත්‍රයක්වත් නො ලැබූ රජු මේ හැමදෙනා මා කෙරෙහි ඇල්මක් නැත. මගේ වචනය කරන්නේ කවරෙක්දැ යි රාජ්‍යය සේනාව ම විමසන්නේ, කාලුදායී ඇමැති දුටුවේය. ඔහු රජුගේ සියලු කටයුතු ඉටුකරන ඇමැතිය. රජුට ඉතා විශ්වාසය. සිදුහත් කුමරු සමග එක දිනයෙහි ඉපදුණි. වැලි කෙළියෙහි සිට යහළුය. රජ ඔහු අමතා දරුව කාළුදායී, මම මගේ පුතණුවන් දකිනු කැමැති ව නව දහසක් පුරුෂයන් යැවීමි. එක් අයකුවත් හසුනකින්වත් තොරතුරක් නො දැන්වීය. මගේ මරණය කෙදිනකදැ යි විශ්වාස නැත. මා ජීවත්ව සිටිය දී ම පුතු දකිනු කැමැත්තෙමි. ඔබට මපුතු පෙන්වන්ට හැකිදැ යි ඇසීය. දේවයිනි, මට පැවිදි වීම ලැබෙන්නේ නම් හැකි වෙමි. දරුව, පැවිදි වී හෝ නො වී හෝ මගේ පුතු දක්වව්. රජුගේ දූත මෙහෙවර සතුටින් පිළිගත් කාළුදායී ඇමැති රජුගේ හසුන ද රැගෙන රජගහ නුවර ගොස් බුදු රජුන් දම් දෙසන වේලාවෙහි පිරිස් කෙළවර සිට දහම් අසා පිරිවර සහිත ව රහත් ඵලයට පත් ව ඒහි භික්ඛු භාවයෙන් පැවිදි බව ලැබීය.
සත්ථා බුද්ධො හුත්වා පඨමං අන්තොවස්සං ඉසිපතනෙ වසිත්වා වුත්ථවස්සො පවාරෙත්වා උරුවෙලං ගන්ත්වා තත්ථ තයො මාසෙ වසන්තො තෙභාතිකජටිලෙ විනෙත්වා භික්ඛුසහස්සපරිවාරො ඵුස්සමාසපුණ්ණමායං රාජගහං ගන්ත්වා ද්වෙ මාසෙ වසි. එත්තාවතා බාරාණසිතො නික්ඛන්තස්ස පඤ්ච මාසා ජාතා, සකලො හෙමන්තො අතික්කන්තො. කාළුදායිත්ථෙරස්ස ආගතදිවසතො සත්තට්ඨ දිවසා වීතිවත්තා, සො ඵග්ගුණීපුණ්ණමාසියං චින්තෙසි “අතික්කන්තො හෙමන්තො, වසන්තසමයො අනුප්පත්තො, මනුස්සෙහි සස්සාදීනි උද්ධරිත්වා සම්මුඛසම්මුඛට්ඨානෙහි මග්ගා දින්නා, හරිතතිණසඤ්ඡන්නා පථවී, සුපුප්ඵිතා වනසණ්ඩා, පටිපජ්ජනක්ඛමා මග්ගා, කාලො දසබලස්ස ඤාතිසඞ්ගහං කාතු”න්ති. අථ භගවන්තං උපසඞ්කමිත්වා –
මේ වනවිට බුදුන් වහන්සේ සම්බෝධියට පැමිණ ඉසිපතනයේ වස් කාලය ගත කොට උරුවෙලාවට වැඩමවා එහි තෙමසක් ගත කැරෙමින් තුන් බෑ ජටිලයන් පැවිදි කොට දහසක් සඟ පිරිස් පිරිවරා දුරුතු මස පුන් පොහෝ දින රජගහ නුවරට වැඩමවා එහි දෙමසක් විසූහ. මේ වනවිට බරණැසින් නික්මුණු තැන් පටන් පස් මසක් ඉකුත් වී තිබිණි. මේ අනුව හේමන්ත කාලය ඉකුත් විය. කාළුදායී තෙරුන් පැමිණි දින සිට සත් අට දවසකි. ඒ මැදින් මස පුණු පොහෝ දින තෙරණුවෝ සිතන්නාහු, දැන් ශීත කාලය ඉක්මී වසත් කාලය පැමිණ තිබේ. මින් පසු ශස්‍යය නෙළා ඉදිරි මාර්ගය හෙළි පෙහෙළි කොට තිබේ. පොළොව නිල් තණින් වැසී තිබේ. රුක් ලිය මලින් පිරී ඇත. මාර්ගය ගමනට සුදුසුය. බුදුන් වහන්සේට ඤාතීනට අනුග්‍රහ කිරීමට සුදුසු කාලයැ යි සිතා බුදුන් වෙත එළැඹ ගාථා සැටකින් බුදුන් වහන්සේගේ කිඹුල්වත් පුර වැඩීම සඳහා ගමන් මග වැනූහ.
“අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ, ඵලෙසිනො ඡදනං විප්පහාය; තෙ අච්චිමන්තොව පභාසයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං…පෙ….
“ස්වාමීනි, දැන් මේ වසන්ත කාලයෙහි වෘක්ෂයෝ පැරණි පත් හැර ගෙඩි හට ගැනීමට සුදුසු ව ළා දළු පත් නිසා කිහිරි අඟුරු රැසක් මෙනි. ඒ ගස් ගිනි දැල් හටගන්නාක් මෙන් ද බබළයි. මහා වීරයන් වහන්ස, දැන් ශාක්‍යය ඤාතීන් දැකීමට සුදුසු කාලයයි.”
“නාතිසීතං නාතිඋණ්හං, නාතිදුබ්භික්ඛඡාතකං; සද්දලා හරිතා භූමි, එස කාලො මහාමුනී”ති. –
“යන මඟ වඩා ශීත නො වේ. වඩා උණුසුම් ද නො වේ. ආහාර පාන දුලබ නො වේ. භූමිය ඊතණින් නිල්වන් ව ඇත. මුනීන්ද්රයන් වහන්ස, මේ ඤාතීන් දැකීමට සුදුසු කාලයයි.”
සට්ඨිමත්තාහි ගාථාහි දසබලස්ස කුලනගරං ගමනත්ථාය ගමනවණ්ණං වණ්ණෙසි. අථ නං සත්ථා “කිං නු ඛො උදායි මධුරස්සරෙන ගමනවණ්ණං වණ්ණෙසී”ති ආහ. භන්තෙ, තුම්හාකං පිතා සුද්ධොදනමහාරාජා පස්සිතුකාමො, කරොථ ඤාතකානං සඞ්ගහන්ති. සාධු උදායි, කරිස්සාමි ඤාතකානං සඞ්ගහං, භික්ඛුසඞ්ඝස්ස ආරොචෙහි, ගමිකවත්තං පූරෙස්සන්තීති. “සාධු, භන්තෙ”ති ථෙරො තෙසං ආරොචෙසි.
බුදුන් වහන්සේ, උදායි, මිහිරි ස්වරයෙන් ගමන් මඟ වණන්නේ මක්නිසාදැ යි ඇසූහ. ස්වාමීනි, සුද්ධෝදන මහරජතුමා බුදු රජුන් දකිනු කැමැත්තේ වෙයි. ඤාතීන් අනුග්‍රහ කරන්නේ නම් මැනවි. උදායි, මැනවි. ඤාතීන්ට අනුග්‍රහ කරමි. භික්ෂු සංඝයාට ගමික වත් සපුරනු සඳහා දන්වනු. තෙරණුවෝ එසේ කළහ.
භගවා අඞ්ගමගධවාසීනං කුලපුත්තානං දසහි සහස්සෙහි, කපිලවත්ථුවාසීනං දසහි සහස්සෙහීති සබ්බෙහෙව වීසතිසහස්සෙහි ඛීණාසවභික්ඛූහි පරිවුතො රාජගහා නික්ඛමිත්වා දිවසෙ දිවසෙ යොජනං ගච්ඡති. “රාජගහතො සට්ඨියොජනං කපිලවත්ථුං ද්වීහි මාසෙහි පාපුණිස්සාමී”ති අතුරිතචාරිකං පක්කාමි. ථෙරොපි “භගවතො නික්ඛන්තභාවං රඤ්ඤො ආරොචෙස්සාමී”ති වෙහාසං අබ්භුග්ගන්ත්වා රඤ්ඤො නිවෙසනෙ පාතුරහොසි. රාජා ථෙරං දිස්වා තුට්ඨචිත්තො මහාරහෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා අත්තනො පටියාදිතස්ස නානග්ගරසභොජනස්ස පත්තං පූරෙත්වා අදාසි. ථෙරො උට්ඨාය ගමනාකාරං දස්සෙසි. නිසීදිත්වා භුඤ්ජථ, තාතාති. සත්ථු සන්තිකං ගන්ත්වා භුඤ්ජිස්සාමි, මහාරාජාති. කහං පන, තාත, සත්ථාති? වීසතිසහස්සභික්ඛුපරිවාරො තුම්හාකං දස්සනත්ථාය චාරිකං නික්ඛන්තො, මහාරාජාති. රාජා තුට්ඨමානසො ආහ “තුම්හෙ ඉමං පරිභුඤ්ජිත්වා යාව මම පුත්තො ඉමං නගරං පාපුණාති, තාවස්ස ඉතොව පිණ්ඩපාතං හරථා”ති. ථෙරො අධිවාසෙසි. රාජා ථෙරං පරිවිසිත්වා පත්තං ගන්ධචුණ්ණෙන උබ්බට්ටෙත්වා උත්තමභොජනස්ස පූරෙත්වා “තථාගතස්ස දෙථා”ති ථෙරස්ස හත්ථෙ පතිට්ඨාපෙසි. ථෙරො සබ්බෙසං පස්සන්තානංයෙව පත්තං ආකාසෙ ඛිපිත්වා සයම්පි වෙහාසං අබ්භුග්ගන්ත්වා පිණ්ඩපාතං ආහරිත්වා සත්ථු හත්ථෙ ඨපෙසි. සත්ථා තං පරිභුඤ්ජි. එතෙනුපායෙන ථෙරො දිවසෙ දිවසෙ ආහරි, සත්ථාපි අන්තරාමග්ගෙ රඤ්ඤොයෙව පිණ්ඩපාතං පරිභුඤ්ජි. ථෙරොපි භත්තකිච්චාවසානෙ දිවසෙ දිවසෙ “අජ්ජ එත්තකං භගවා ආගතො, අජ්ජ එත්තක”න්ති බුද්ධගුණපටිසංයුත්තාය කථාය සකලං රාජකුලං සත්ථු දස්සනං විනායෙව සත්ථරි සඤ්ජාතප්පසාදං අකාසි. තෙනෙව නං භගවා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං කුලප්පසාදකානං යදිදං කාළුදායී”ති (අ· නි· 1.219, 225) එතදග්ගෙ ඨපෙසි.
ඉක්බිති, බුදුන් වහන්සේ අංග, මගධ දෙජනපදයෙන් ශ්‍රාවක බවට පැමිණි දස දහසක් ද කිඹුල්වත්පුර වාසී ශ්‍රාවක දස දහසක් ද යන සියල්ලම විසි දහසක් වූ රහතන් වහන්සේ පිරිවරන ලදුව රජගහ නුවරින් නික්ම දිනපතා යොදුනක් දුර වඩිති. රජගහ නුවර සිට කපිලවත්ථු නුවරට යොදුන් සැටක් වූ මාර්ගය දෙමසකින් යමි යි නො ඉක්මන් ගමනින් වැඩියහ. කාළුදායි තෙරණුවෝ ද බුදු රජුන් නික්මුණු බව රජුට දැන්වීම සඳහා අහසට පැන නැඟී රජ මැදුර අබියස පෙනී සිටියහ. රජ තෙරුන් දැක සතුටු ව මා හැඟි පළඟක වඩා හිඳුවා තමා උදෙසා පිළියෙල කළ නොයෙක් අග්‍ර රසයෙන් යුත් භෝජනය පාත්‍රය පුරවා පිරිනැමීය. තෙරණුවෝ නැඟිට යා යුතු ආකාරය දැක්වූහ. වැඩහිඳ වළඳන ලෙස රජ ඉල්ලීය. බුදු රජුන් වෙත ගොස් වළඳමි යි තෙරණුවෝ පැවසූහ. එවිට රජ ස්වාමීනි, මපුතණුවෝ කොහි ද? මහරජ විසි දහසක් මහසඟන පිරිවරා ඔබ දැකීම සඳහා ගමනට පිටත්වූහ. ඉතා සතුටු වූ රජතුමා ස්වාමීනි, මේ ආහාර ඔබ වහන්සේ වළඳනු මැනවි. යම්තාක් කලකින් මපුතණුවෝ මෙනුවරට වඩිත් ද ඒතාක් මෙහි සිට පිණ්ඩපාතය ගෙනයනු මැනවැ යි ආරාධනා කළේය. තෙරණුවෝ පිළිගත්හ. රජතුමා තෙරණුවන් වළඳවා පාත්‍රය සුවඳ විලවුන් ගල්වා රසවත් ආහාර පුරවා බුදු රජුන්ට පිළිගැන්වීම සඳහා තෙරුන් අත තැබීය. තෙරණුවෝ සියල්ලන් බලා සිටිත් දී ම පාත්‍රය අහසට දමා තමන් ද අහසට පැන නැඟී බුදු රජුන් වෙත අවුත් පිණ්ඩපාත පාත්‍රය උන් වහන්සේගේ අත තැබීය. බුදුන් වහන්සේ ඒ දානය වැළඳූහ. මේ ක්‍රමයෙන් තෙරණුවෝ දිනපතා පිණ්ඩපාතය ගෙන ආහ. බුදුන් වහන්සේ ද අතරමග කාලයේ දී රජුගේ ම පිණ්ඩපාත දානය වැළඳූහ. තෙරණුවෝ බත් කිස කෙළවර අද බුදු රජුන් මෙපමණ වැඩියහැ යි ගමන් මග සඳහන් කොට බුදු ගුණ සඳහන් කථාවෙන් බුදු රජුන් නො දැක ම රජ කුලය පැහැදවූහ. එම නිසා ම බුදු රජහු මහණෙනි, මගේ ශ්‍රාවකයන් අතුරින් කුල පහදවන්නන් අතුරින් මේ කාළුදායී පෙරමුණේ සිටිති යි අග තනතුරෙහි තැබූහ.
සාකියාපි ඛො “අනුප්පත්තෙ භගවති අම්හාකං ඤාතිසෙට්ඨං පස්සිස්සාමා”ති සන්නිපතිත්වා භගවතො වසනට්ඨානං වීමංසමානා “නිග්රොධසක්කස්ස ආරාමො රමණීයො”ති සල්ලක්ඛෙත්වා තත්ථ සබ්බං පටිජග්ගනවිධිං කාරෙත්වා ගන්ධපුප්ඵහත්ථා පච්චුග්ගමනං කරොන්තා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙ දහරදහරෙ නාගරදාරකෙ ච නාගරදාරිකායො ච පඨමං පහිණිංසු, තතො රාජකුමාරෙ ච රාජකුමාරිකායො ච, තෙසං අනන්තරං සාමං ගන්ධපුප්ඵචුණ්ණාදීහි පූජයමානා භගවන්තං ගහෙත්වා නිග්රොධාරාමමෙව අගමංසු. තත්ර භගවා වීසතිසහස්සඛීණාසවපරිවුතො පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. සාකියා නාම මානජාතිකා මානත්ථද්ධා, තෙ “සිද්ධත්ථකුමාරො අම්හෙහි දහරතරො, අම්හාකං කනිට්ඨො, භාගිනෙය්යො, පුත්තො, නත්තා”ති චින්තෙත්වා දහරදහරෙ රාජකුමාරෙ ආහංසු “තුම්හෙ වන්දථ, මයං තුම්හාකං පිට්ඨිතො නිසීදිස්සාමා”ති.
බුදු රජුන් කිඹුල්වතට පැමිණි කල්හි තම ශ්‍රේෂ්ඨ ඤාතියා දකිනු පිණිස සියලු ශාක්‍යයෝ රැස්ව බුදු රජුන්ට විසීමට තැනක් සොයන්නාහු, නිග්‍රෝධ ශාක්‍යයාගේ උයන සිත්කළු බව දැන එහි සියලු පිළිදැගුම් කටයුතු කැරේවා සුවඳ මල් අතැති ව උන් වහන්සේට පෙර ගමන් කරන්නාහු, සියලු අබරණින් සැරසුණු ලාබාල සාමාන්‍ය කුමර කුමරුවන් පළමු කොට යැවූහ. දෙවනු ව රජ කුමර කුමරියන් ද ඔවුන් අතරත වැඩසිටි ශාක්‍යයෝ මල් සුවඳ සුණු ආදියෙන් බුදුන් පුදමින් නිග්‍රෝධ උයනට ම ගියහ. එහි දී බුදුන් වහන්සේ විසි දහසක් රහතුන් පිරිවරා පනවන ලද බුදු අසුනෙහි වැඩ සිටියහ. ස්වභාවයෙන් ම ශාක්‍යයෝ කුල මානයෙන් උදම් වූවෝය. සිදුහත් කුමරු අපට වඩා වයසින් අඩුය. අපගේ බාල සොහොයුරුය. පුත්‍රයෙකි. මුනුපුරෙකි. ආදී වශයෙන් සිතා දහර රජ කුමර ආදීන් පෙරටු ව සිටුවා ඔවුන් ලවා බුදු රජුන් වැඳීමට සලස්වා තුමූ පිටුපසින් නො වැඳ සිටියහ.
තෙසු එවං අවන්දිත්වා නිසින්නෙසු භගවා තෙසං අජ්ඣාසයං ඔලොකෙත්වා “න මං ඤාතයො වන්දන්ති, හන්ද දානි නෙ වන්දාපෙස්සාමී”ති අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය ආකාසං අබ්භුග්ගන්ත්වා තෙසං සීසෙ පාදපංසුං ඔකිරමානො විය කණ්ඩම්බරුක්ඛමූලෙ යමකපාටිහාරියසදිසං පාටිහාරියං අකාසි. රාජා තං අච්ඡරියං දිස්වා ආහ – “භගවා තුම්හාකං ජාතදිවසෙ කාළදෙවලස්ස වන්දනත්ථං උපනීතානං පාදෙ වො පරිවත්තිත්වා බ්රාහ්මණස්ස මත්ථකෙ පතිට්ඨිතෙ දිස්වාපි අහං තුම්හෙ වන්දිං, අයං මෙ පඨමවන්දනා. වප්පමඞ්ගලදිවසෙ ජම්බුච්ඡායාය සිරිසයනෙ නිසින්නානං වො ජම්බුච්ඡායාය අපරිවත්තනං දිස්වාපි පාදෙ වන්දිං, අයං මෙ දුතියවන්දනා. ඉදානි ඉමං අදිට්ඨපුබ්බං පාටිහාරියං දිස්වාපි අහං තුම්හාකං පාදෙ වන්දාමි, අයං මෙ තතියවන්දනා”ති. රඤ්ඤා පන වන්දිතෙ භගවන්තං අවන්දිත්වා ඨාතුං සමත්ථො නාම එකසාකියොපි නාහොසි, සබ්බෙ වන්දිංසුයෙව.
ඔවුන්ගේ අදහස් දුටු බුදු රජහු මගේ ඤාතීහු මට නො වඳිත්. මම දැන් ඔවුන් ලවා වන්දවමි යි අභිඥානපාදක ධ්‍යානයට සමවැද සෘද්ධි බලයෙන් අහසට නැගී ඒ මානාධික ශාක්‍යයන්ගේ හිසෙන් පස් විසුරුවමින් මෙන් ගණ්ඩ නම් අඹ රුක් මුල යමා මහපෙළහර මෙන් පෙළහරක් දැක්වූහ. මේ අසිරිමත් පෙළහර දුටු පිය රජතුමා භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපන් දිනයෙහි කාලදේවල තවුසන් වැන්දවීම සඳහා ඉදිරියට ගෙන ආ කල්හි ඔබ පා යුවල හැරී තවුසාගේ සිරසෙහි පිහිටනු දැක මා ඔබ වහන්සේට වැන්දෙමි. ඒ මගේ පළමු වැඳුමයි. වප්මඟුල දිනයෙහි ඔබ වහන්සේ දඹ ගස් සෙවනෙහි පළඟින් සිටීම ද රුක් සෙවන නො වෙනස් ව තිබීම ද දැක මම වැන්දෙමි. ඒ මගේ දෙවැනි වැඳුමයි. දැන් නුදුටුවිරූ අසිරිමත් පෙළහර දැක ඔබ පා යුවළ වඳිමි. මේ මගේ තෙවැනි වැඳීමයි. රජතුමා බුදුන් වැඳ සිටි කල්හි, නො වැඳ සිටීමට සමත් එක ද ශාක්‍යයකු එහි නො සිටියේය. සියල්ලෝ ම වැන්දාහ.
ඉති භගවා ඤාතයො වන්දාපෙත්වා ආකාසතො ඔතරිත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. නිසින්නෙ භගවති සිඛාපත්තො ඤාතිසමාගමො අහොසි , සබ්බෙ එකග්ගචිත්තා හුත්වා නිසීදිංසු. තතො මහාමෙඝො පොක්ඛරවස්සං වස්සි. තම්බවණ්ණං උදකං හෙට්ඨා විරවන්තං ගච්ඡති, තෙමිතුකාමොව තෙමෙති, අතෙමිතුකාමස්ස සරීරෙ එකබින්දුමත්තම්පි න පතති. තං දිස්වා සබ්බෙ අච්ඡරියබ්භුතචිත්තජාතා “අහො අච්ඡරියං, අහො අබ්භුත”න්ති කථං සමුට්ඨාපෙසුං. සත්ථා “න ඉදානෙව මය්හං ඤාතිසමාගමෙ පොක්ඛරවස්සං වස්සති, අතීතෙපි වස්සී”ති ඉමිස්සා අට්ඨුප්පත්තියා වෙස්සන්තරජාතකං කථෙසි. ධම්මදෙසනං සුත්වා සබ්බෙ උට්ඨාය වන්දිත්වා පක්කමිංසු. එකොපි රාජා වා රාජමහාමත්තො වා “ස්වෙ අම්හාකං භික්ඛං ගණ්හථා”ති වත්වා ගතො නාම නත්ථි.
මෙසේ බුදුන් වහන්සේ ඤාතීන් වන්දවා අහසින් බැස, පැන වූ අසුනෙහි වැඩ සිටියහ. ඉන්පසු අතිවිශාල ඤාති සමාගමයක් විය. සියල්ලෝ ම එකඟ සිතින් සිටියහ. එවේලෙහි මහවලාවක් නැගී කැමැත්තන් තෙමෙන අකමැත්තන් නො තෙමෙන පොකුරු වර්ෂාවක් වට තඹවන් දියදහර රැව් දෙමින් වැටෙයි. මෙම වැස්සෙන් තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. සිරුරෙහි වැහි බින්දුවකුදු නො වැටේ. මේ මහත් අසිරිමත් පෙර නො වූ සිද්ධිය දැක සියල්ලෝ ම පහන් සිත් ඇත්තෝ වූහ. මේ තත්ත්වය පසුබිම් කොට බුදු රජාණෝ මගේ ඤාති සමාගමයෙහි පොකුරු වැසි වැටුණේ දැන් පමණක් නො වෙයි. පෙරත් පොකුරු වැසි වැටිණැ යි මහා වෙස්සන්තර ජාතකය දෙසූහ. අනතුරුව සියල්ලෝ ම නැඟිට ගියහ. රජ හෝ ඇමැති ආදී කිසිවෙක් හෙට දවසට බුදු රජුන්ට ආරාධනා නො කළහ.
සත්ථා පුනදිවසෙ වීසතිසහස්සභික්ඛුපරිවුතො කපිලවත්ථුං පිණ්ඩාය පාවිසි. තං න කොචි ගන්ත්වා නිමන්තෙසි, පත්තං වා අග්ගහොසි. භගවා ඉන්දඛීලෙ ඨිතොව ආවජ්ජෙසි “කථං නු ඛො පුබ්බබුද්ධා කුලනගරෙ පිණ්ඩාය චරිංසු, කිං උප්පටිපාටියා ඉස්සරජනානං ඝරානි අගමංසු, උදාහු සපදානචාරිකං චරිංසූ”ති. තතො එකබුද්ධස්සපි උප්පටිපාටියා ගමනං අදිස්වා “මයාපි ඉදානි අයමෙව වංසො, අයං පවෙණී පග්ගහෙතබ්බා, ආයතිඤ්ච මෙ සාවකාපි මමඤ්ඤෙව අනුසික්ඛන්තා පිණ්ඩචාරිකවත්තං පරිපූරෙස්සන්තී”ති කොටියං නිවිට්ඨගෙහතො පට්ඨාය සපදානං පිණ්ඩාය චරි. “අය්යො කිර සිද්ධත්ථකුමාරො පිණ්ඩාය චරතී”ති ද්විභූමකතිභූමකාදීසු පාසාදෙසු සීහපඤ්ජරෙ විවරිත්වා මහාජනො දස්සනබ්යාවටො අහොසි.
බුදුන් වහන්සේ දෙවැනි දිනයෙහි විසි දහසක් සඟ පිරිස පිරිවරා කිඹුල්වත් නුවර පිඬු සිඟා වැඩියහ. කිසිවෙක් ආරාධනා කළේ හෝ පාත්‍රය නො ගත්තේය. උන් වහන්සේ නගර දොරටුවෙහි සිට සිතූහ. පෙර බුදුවරු කෙසේ නම් කුල නුවරෙහි පිඬු පිණිස හැසිරුණාහු ද? නුවර ඉසුරුමත් ගෙවලට පමණක් වැඩියාහුද? නො එසේ නම් ගෙපිළිවෙලින් වැඩියාහු ද? එක ද බුදුන් වහන්සේ නමක් හෝ ගෙපිළිවෙලින් පිඬු සිඟා වැඩි බවක් දැක තමන් වහන්සේ ද බුදු පිළිවෙත ගතයුතු බව සිතූහ. ඉදිරියේ ද බුද්ධ ශ්‍රාවකයෝ උන් වහන්සේ අනුගමනය කැරෙමින් පිණ්ඩපාතික වත අනුගමනය කරන්නාහුයැ යි සිතූ බුදුන් වහන්සේ කෙළවරෙහි පිහිටි ගෙයි පටන් පිඬු පිණිස හැසිරුණහ. මහජනයා සිදුහත් කුමරු පිඬු සිඟා වඩිති යි දෙමහල්, තුන්මහල් ප්‍රාසාදවල සිව්මැදුරු කවුළු හැර බැලීමට යුහුසුළු වූහ.
රාහුලමාතාපි දෙවී “අය්යපුත්තො කිර ඉමස්මිංයෙව නගරෙ මහන්තෙන රාජානුභාවෙන සුවණ්ණසිවිකාදීහි විචරිත්වා ඉදානි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායවත්ථවසනො කපාලහත්ථො පිණ්ඩාය චරති, සොභති නු ඛො”ති සීහපඤ්ජරං විවරිත්වා ඔලොකයමානා භගවන්තං නානාවිරාගසමුජ්ජලාය සරීරප්පභාය නගරවීථියො ඔභාසෙත්වා බ්යාමප්පභාපරික්ඛෙපසමඞ්ගීභූතාය අසීතිඅනුබ්යඤ්ජනාවභාසිතාය ද්වත්තිංසමහාපුරිසලක්ඛණපටිමණ්ඩිතාය අනොපමාය බුද්ධසිරියා විරොචමානං දිස්වා උණ්හීසතො පට්ඨාය යාව පාදතලා –
යශෝධරා දේවිය ද සිදුහත් කුමරු මෙනුවර මහත් රාජ ශ්‍රීයෙන් රන් ශිවිකාවෙන් හැසිර දැන් කෙස් රැවුල් බහා කහවත් හැඳ අතින් පාත්‍රය ගෙන පිඬු සිඟා යන ගමන හොබනේදැ යි සිව්මැදුර හැර බලන්නී, සිරුරෙන් නික්මෙන රන්වන් පැහැයෙන් නගර වීථි ආලෝකමත් කැරෙමින් බඹයක් පමණ පැතිරෙන ආලෝකයෙන් මතුවී පෙනෙන අසූවක් පමණ කුඩා ශරීර ලක්ෂණයෙන් යුත් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූ උපමා රහිත බුදු සිරියෙන් බබළන බුදු රජුන් දැක නළල් තලයෙහි සිට සිරිපතුල දක්වා,
“සිනිද්ධනීලමුදුකුඤ්චිතකෙසො, සූරියනිම්මලතලාභිනලාටො; යුත්තතුඞ්ගමුදුකායතනාසො, රංසිජාලවිතතො නරසීහො.
“සිනිඳු කළු අක්බඹරු කෙස් ඇත්තේය. හිරු මඬලට බඳු බබළන යහපත් නළල් තල ඇත්තේය. සුදුසු උස් සින්දු දික් නාසය ඇත්තේය. ඒ මිනිස් උතුමාණෝ රැස් වළල්ලෙන් වටවූහ.”
“චක්කවරඞ්කිතරත්තසුපාදො, ලක්ඛණමණ්ඩිතආයතපණ්හි; චාමරිහත්ථවිභූසිතපණ්හො, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“සක්යකුමාරො වරදො සුඛුමාලො, ලක්ඛණවිචිත්තපසන්නසරීරො; ලොකහිතාය ආගතො නරවීරො, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“ආයතයුත්තසුසණ්ඨිතසොතො, ගොපඛුමො අභිනීලනෙත්තො; ඉන්දධනුඅභිනීලභමුකො, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“පුණ්ණචන්දනිභො මුඛවණ්ණො, දෙවනරානං පියො නරනාගො; මත්තගජින්දවිලාසිතගාමී, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“සිනිද්ධසුගම්භීරමඤ්ජුසඝොසො, හිඞ්ගුලවණ්ණරත්තසුජිව්හො; වීසතිවීසතිසෙතසුදන්තො, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“ඛත්තියසම්භවඅග්ගකුලින්දො, දෙවමනුස්සනමස්සිතපාදො; සීලසමාධිපතිට්ඨිතචිත්තො, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“වට්ටසුවට්ටසුසණ්ඨිතගීවො, සීහහනුමිගරාජසරීරො; කඤ්චනසුච්ඡවිඋත්තමවණ්ණො, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“අඤ්ජනසමවණ්ණසුනීලකෙසො, කඤ්චනපට්ටවිසුද්ධනලාටො; ඔසධිපණ්ඩරසුද්ධසුඋණ්ණො, එස හි තුය්හං පිතා නරසීහො.
[missing trans]
“ගච්ඡන්තොනිලපථෙ විය චන්දො, තාරාගණපරිවඩ්ඪිතරූපො; සාවකමජ්ඣගතො සමණින්දො, එස හි තුය්හං පිතා නරසීහො”ති. –
[missing trans]
එවමිමාහි දසහි නරසීහගාථාහි නාම අභිත්ථවිත්වා “තුම්හාකං පුත්තො කිර ඉදානි පිණ්ඩාය චරතී”ති රඤ්ඤො ආරොචෙසි. රාජා සංවිග්ගහදයො හත්ථෙන සාටකං සණ්ඨපෙන්තො තුරිතතුරිතං නික්ඛමිත්වා වෙගෙන ගන්ත්වා භගවතො පුරතො ඨත්වා ආහ – “කිං, භන්තෙ, අම්හෙ ලජ්ජාපෙථ, කිමත්ථං පිණ්ඩාය චරථ, කිං ‘එත්තකානං භික්ඛූනං න සක්කා භත්තං ලද්ධු’න්ති සඤ්ඤං කරිත්ථා”ති. වංසචාරිත්තමෙතං, මහාරාජ, අම්හාකන්ති. නනු, භන්තෙ, අම්හාකං මහාසම්මතඛත්තියවංසො නාම වංසො, තත්ථ ච එකඛත්තියොපි භික්ඛාචරො නාම නත්ථීති. “අයං, මහාරාජ, රාජවංසො නාම තව වංසො, අම්හාකං පන දීපඞ්කරො කොණ්ඩඤ්ඤො…පෙ… කස්සපොති අයං බුද්ධවංසො නාම. එතෙ ච අඤ්ඤෙ ච අනෙකසහස්සසඞ්ඛා බුද්ධා භික්ඛාචරා, භික්ඛාචාරෙනෙව ජීවිකං කප්පෙසු”න්ති අන්තරවීථියං ඨිතොව –
මේ ආදී නරසීහ ගාථා අටකින් ගුණ වනා ඔබ පුතණුවෝ ආහාර ගනිතැ යි රජුට සැලකළාය. රජතුමා සැලෙන හදවතින් ඇඳිවත අතින් සකස් කැරෙමින් වහවහා නික් ම බුදු රජුන් ඉදිරිපිට සිට, ස්වාමීනි අපට ලැජ්ජා කැරෙමින් කුමකට පිඬු පිණිස හැසිරෙන්නහු ද? මෙපමණ සඟ පිරිසකට ආහාර නො ලැබිය හැකියැ යි සිතුවහු ද? මහරජ, මේ අපගේ පරම්පරා චාරිත්රයකි. ස්වාමීනි, අපගේ වංස පරම්පරාව මහා සම්මත ආදී රාජ පරම්පරාවයි. මේ මහා සම්මත රාජ පරපුරෙහි එක ද රජ කෙනෙක්වත් පිඬු සිඟා නො ගියහ. මහරජ, ඒ ඔබගේ රාජ වංසයයි. අපගේ වංසය එය නො වේ. දීපංකර කස්සප ආදී අපගේ වංසයෙහි - බුද්ධ වංසයෙහි නොයෙක් දහස් ගණන් බුදුවරු පිඬු පිණිස හැසිරුණහ. එයින් ම ජීවත්වූහ යි වීථිය තුළ දී ම බුදු රජාණෝ මේ ගාථා දෙසූහ.
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය, ධම්මං සුචරිතං චරෙ; ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි චා”ති. (ධ· ප· 168) –
“පිඬු සිඟීමෙන් ලැබෙන මිශ්‍ර ආහාරයෙහි පමා නො වන්නේය. සුචරිත දහමෙහි හැසිරෙන්නේය. දහම්හි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහි ම සැප සේ ජීවත් වෙයි.”
ඉමං ගාථමාහ. ගාථාපරියොසානෙ රාජා සොතාපත්තිඵලෙ පතිට්ඨාසි.
ගාථාව අවසානයෙහි රජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේය.
“ධම්මං චරෙ සුචරිතං, න නං දුච්චරිතං චරෙ; ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි චා”ති. (ධ· ප· 169) –
“සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය. ඒ දුසිරිතෙහි නො හැසිරෙන්නේය. දහම්හි හැසිරෙන්නා මෙලොව, පරලොව දෙක්හි ම සැප සේ ජීවත්වෙයි.”
ඉමං පන ගාථං සුත්වා සකදාගාමිඵලෙ පතිට්ඨාසි. මහාධම්මපාලජාතකං (ජා· 1.10.92 ආදයො) සුත්වා අනාගාමිඵලෙ පතිට්ඨාසි, මරණසමයෙ සෙතච්ඡත්තස්ස හෙට්ඨා සිරිසයනෙ නිපන්නොයෙව අරහත්තං පාපුණි. අරඤ්ඤවාසෙන පන පධානානුයොගකිච්චං රඤ්ඤො නාහොසි. සොතාපත්තිඵලං සච්ඡිකත්වායෙව පන භගවතො පත්තං ගහෙත්වා සපරිසං භගවන්තං මහාපාසාදං ආරොපෙත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසි. භත්තකිච්චපරියොසානෙ සබ්බං ඉත්ථාගාරං ආගන්ත්වා භගවන්තං වන්දි ඨපෙත්වා රාහුලමාතරං. සා පන “ගච්ඡ, අය්යපුත්තං වන්දාහී”ති පරිජනෙන වුච්චමානාපි “සචෙ මය්හං ගුණො අත්ථි, සයමෙව මම සන්තිකං අය්යපුත්තො ආගමිස්සති, ආගතමෙව නං වන්දිස්සාමී”ති වත්වා න අගමාසි.
රජතුමා මේ ගාථාව අසා සකදාගාමී ඵලයෙහි පිහිටියේය. මහා ධර්මපාල ජාතකය අසා අනාගාමී විය. මරණාසන්න අවස්ථාවෙහි සේසත යට සිරියහනෙහි සැතපී සිටිය දී රහත් බව පැමිණියේය. වනගත ව භාවනානුයෝගී ව විසීමක් රජුට නො වීය. සෝවාන් ඵලයට පත් ව ම රජතුමා බුදු රජුන්ගේ පාත්‍රය ගෙන සඟ පිරිස සහිත බුදුන් වහන්සේ මහා ප්‍රාසාදයට වැඩමවා ප්‍රණීත ආහාර පානයෙන් වැළඳ වීය. බත් කිස අවසන සියලු ම අන්තඃපුර ස්ත්‍රීහු යශෝධරා දේවිය හැර බුදු රජුන් වැන්දාහ. පිරිවර ජනයා බුදු රජුන් වඳින ලෙස බල කැර සිටිය ද, ඉඳින්, මා ගුණවත් නම් තමන් වහන්සේ ම මෙහි වඩිති. එසේ පැමිණි පසු වඳිමි යි කියා අනෙක් පිරිවර ජනයා සමග නො ගියාය.
භගවා රාජානං පත්තං ගාහාපෙත්වා ද්වීහි අග්ගසාවකෙහි සද්ධිං රාජධීතාය සිරිගබ්භං ගන්ත්වා “රාජධීතා යථාරුචි වන්දමානා න කිඤ්චි වත්තබ්බා”ති වත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. සා වෙගෙනාගන්ත්වා ගොප්ඵකෙසු ගහෙත්වා පාදපිට්ඨියං සීසං පරිවත්තෙත්වා යථාඅජ්ඣාසයං වන්දි. රාජා රාජධීතාය භගවති සිනෙහබහුමානාදිගුණසම්පත්තියො කථෙසි “භන්තෙ, මම ධීතා ‘තුම්හෙහි කාසායානි වත්ථානි නිවාසිතානී’ති සුත්වා තතො පට්ඨාය කාසායවත්ථනිවත්ථා ජාතා, තුම්හාකං එකභත්තිකභාවං සුත්වා එකභත්තිකාව ජාතා, තුම්හෙහි මහාසයනස්ස ඡඩ්ඩිතභාවං සුත්වා පට්ටිකාමඤ්චකෙයෙව නිපන්නා, තුම්හාකං මාලාගන්ධාදීහි විරතභාවං ඤත්වා විරතමාලාගන්ධාව ජාතා, අත්තනො ඤාතකෙහි ‘මයං පටිජග්ගිස්සාමා’ති සාසනෙ පෙසිතෙපි එකඤාතකම්පි න ඔලොකෙසි, එවං ගුණසම්පන්නා මෙ ධීතා භගවා”ති. “අනච්ඡරියං, මහාරාජ, යං ඉදානි තයා රක්ඛියමානා රාජධීතා පරිපක්කෙ ඤාණෙ අත්තානං රක්ඛෙය්ය, එසා පුබ්බෙ අනාරක්ඛා පබ්බතපාදෙ විචරමානා අපරිපක්කෙ ඤාණෙ අත්තානං රක්ඛී”ති වත්වා චන්දකින්නරීජාතකං (ජා· 1.14.18 ආදයො) කථෙත්වා උට්ඨායාසනා පක්කාමි.
බුදුන් වහන්සේ රජු අතට පාත්‍රය දී දෙඅගසව්වන් සමග රජ දියණියගේ සිරියහන් ගැබට වැඩමවා ඇය කැමති වූ පරිදි බුදු රජුන් වඳින කල්හි කිසිවක් නො කිය යුතුයැ යි වදාරා පැන වූ අසුනෙහි වැඩ සිටියහ. එවිට යශෝධරා දේවිය වෙලෙවිව අවුත් පාසාධියෙන් අල්ලාගෙන පාපුටුවෙහි හිස තබා සිත් වූ පරිදි තුමූ ම වැන්දාය. ඉක්බිති රජතුමා රාජ දියණිය තුළ සිදුහත් කුමරුන් කෙරෙහි පැවැති සෙනෙහස හා ගරු බුහුමන ආදී ගුණ සමූහය ප්‍රකාශ කළේය. ස්වාමීනි, මාගේ දියණිය ඔබ වහන්සේ කසාවත් හඳින බව අසා තුමූ ද එතැන් පටන් කසාවත් හැන්දාය. ඔබ වහන්සේ එක වේලක් පමණක් වළඳන බව අසා තුමූ ද ඒක භත්තික වූවාය. උනුන් මහා අසුන් අත්හල බව අසා ඇය ද පටු ඇඳෙක සැතපුනාය. මල්, ගඳවිලවුන් අත්හල බව අසා ඒවා ප්‍රතික්ෂේප කළාය. තමාගේ ඤාතීන් අපි පෝෂණය කරමු යි අසුන්පත් එවූ කල්හි එක ඤාතියෙක් දෙස ද නො බැලුවාය. මෙසේ මගේ දියණිය ගුණවත් වූවාය. මහරජ, දැන් ඔබ විසින් ආරක්ෂා කරනු ලබන්නී, මුහුකුරා ගිය ඤාණය ඇත්තී, තමා ආරක්ෂා වීම පුදුමයක් නො වේ. පෙර අත් බවෙක ඤාණය මුහුකුරා නො ගිය රාජ දියණිය අනාරක්ෂිත පර්වත බෑවුමක කිසිවකුගේ රැකීමක් නැති ව සිටියදීත් තමා රැක ගත්තීයැ යි වදාරා සඳකිඳුරු ජාතකය වදාරා අසුනෙන් නැඟී වැඩියහ.
දුතියදිවසෙ පන නන්දස්ස රාජකුමාරස්ස අභිසෙකගෙහප්පවෙසනවිවාහමඞ්ගලෙසු වත්තමානෙසු තස්ස ගෙහං ගන්ත්වා කුමාරං පත්තං ගාහාපෙත්වා පබ්බාජෙතුකාමො මඞ්ගලං වත්වා උට්ඨායාසනා පක්කාමි. ජනපදකල්යාණී කුමාරං ගච්ඡන්තං දිස්වා “තුවටං ඛො, අය්යපුත්ත, ආගච්ඡෙය්යාසී”ති වත්වා ගීවං පසාරෙත්වා ඔලොකෙසි. සොපි භගවන්තං “පත්තං ගණ්හථා”ති වත්තුං අවිසහමානො විහාරංයෙව අගමාසි, තං අනිච්ඡමානංයෙව භගවා පබ්බාජෙසි. ඉති භගවා කපිලවත්ථුං ගන්ත්වා තතියදිවසෙ නන්දං පබ්බාජෙසි.
දෙවැනි දිනයෙහි නන්ද රජ කුමරුගේ රාජ්යාභිශේකය, ගෘහ ප්‍රවේශය, ආවාහය යන මංගල කරුණු තුනක් නියමිත ව තිබිණි. බුදු රජහු එදින නන්ද කුමරුගේ නිවසට වැඩමවා තම පාත්‍රය නන්ද කුමරුට දී පැවිදි කරනු කැමැත්තේ, සෙත් වඩා වැඩියහ. ජනපද කල්‍යානී කුමරිය එසේ යන්නා වූ කුමරා දැක හිමියනි, වහා ම ආපසු එන්නැ යි කියා ගෙන දිගු කොට බැලුවාය. කුමරු ද පාත්‍රය ගනු මැනවැ යි කීමට අසමත් ව විහාරයට ම ගියේය. එහි දී බුදුන් වහන්සේ කුමරු නො කැමැත්තෙන් සිටිය දී ම පැවිදි කළහ. මෙසේ උන් වහන්සේ කපිර පුර වැඩි තුන් වැනි දිනයේ දී නන්ද කුමරුන් පැවිදි කළහ.
සත්තමෙ දිවසෙ රාහුලමාතා කුමාරං අලඞ්කරිත්වා භගවතො සන්තිකං පෙසෙසි “පස්ස, තාත, එතං වීසතිසහස්සසමණපරිවුතං සුවණ්ණවණ්ණං බ්රහ්මරූපවණ්ණං සමණං, අයං තෙ පිතා, එතස්ස මහන්තා නිධයො අහෙසුං, ත්යාස්ස නික්ඛමනකාලතො පට්ඨාය න පස්සාම, ගච්ඡ, නං දායජ්ජං යාචාහි – ‘අහං තාත කුමාරො අභිසෙකං පත්වා චක්කවත්තී භවිස්සාමි, ධනෙන මෙ අත්ථො, ධනං මෙ දෙහි. සාමිකො හි පුත්තො පිතු සන්තකස්සා’ති”. කුමාරො ච භගවතො සන්තිකං ගන්ත්වා පිතු සිනෙහං පටිලභිත්වා හට්ඨතුට්ඨො “සුඛා තෙ, සමණ, ඡායා”ති වත්වා අඤ්ඤඤ්ච බහුං අත්තනො අනුරූපං වදන්තො අට්ඨාසි. භගවා කතභත්තකිච්චො අනුමොදනං කත්වා උට්ඨායාසනා පක්කාමි. කුමාරොපි “දායජ්ජං මෙ, සමණ, දෙහි, දායජ්ජං මෙ, සමණ, දෙහී”ති භගවන්තං අනුබන්ධි. භගවා කුමාරං න නිවත්තාපෙසි, පරිජනොපි භගවතා සද්ධිං ගච්ඡන්තං නිවත්තෙතුං නාසක්ඛි. ඉති සො භගවතා සද්ධිං ආරාමමෙව අගමාසි.
සත් වැනි දිනයෙහි රහල් මව රහල් කුමරු අලංකාර කොට බුදු රජුන් වෙත යැවීය. දරුව, බලන්න. විසි දහසක් සඟුන් පිරිවර කොට ඇති රන්වන් වූ බඹ රුවක් වැනි වූ ශ්රමණයන් වහන්සේ බලන්න. මේ තෙම ඔබගේ පියාණෝය. මෙතුමන් ධන නිධාන රාශියක් තිබිණි. මෙතුමන් නික්ම ගිය තැන් පටන් ඒවා පෙනෙන්ට නැත. යන්න දරුව, ගොස් තමන් සන්තක ධනය ඉල්ලන්න. පියාණෙනි, මම කුමාරයෙක්මි. අභිෂේක කොට සක්විති රජ වන්නෙමි. මට ධනය අවශ්‍යයි. පියා සතු ධනයට පුතු හිමියාය. කුමරු ද බුදු රජුන් ළඟට ගොස් පිය සෙනෙහස ලබා සතුටු සිතින් පැවිදි පියාණෙනි, ඔබ වහන්සේගේ සෙවනැල්ල ම සැපයකැ යි තවත් තම වයසට සුදුසු වදන් පවසමින් සිටියේය. බුදුන් වහන්සේ බත් කිස නිම කොට අනුමෙවෙනි දම් අසා අසුනෙන් නැඟී වැඩියහ. රාහුල කුමරු ද පිය උරුමය ඉල්ලමින් බුදු රජුන් පසු පස ම ගියේය. බුදු රජහු කුමරුන් නො නැවැත්වූහ. ළඟ සිටි පිරිස ද කුමරුන් නැවැත්වීමට අසමත් වූහ. කුමරු බුදුන් සමග ම විහාරයට ම ගියේය.
තතො භගවා චින්තෙසි “යං අයං පිතු සන්තකං ධනං ඉච්ඡති, තං වට්ටානුගතං සවිඝාතං, හන්දස්ස බොධිමණ්ඩෙ පටිලද්ධං සත්තවිධං අරියධනං දෙමි, ලොකුත්තරදායජ්ජස්ස නං සාමිකං කරොමී”ති ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි “තෙන හි, ත්වං සාරිපුත්ත, රාහුලකුමාරං පබ්බාජෙහී”ති. ථෙරො තං පබ්බාජෙසි. පබ්බජිතෙ පන කුමාරෙ රඤ්ඤො අධිමත්තං දුක්ඛං උප්පජ්ජි. තං අධිවාසෙතුං අසක්කොන්තො භගවතො නිවෙදෙත්වා “සාධු, භන්තෙ, අය්යා මාතාපිතූහි අනනුඤ්ඤාතං පුත්තං න පබ්බාජෙය්යු”න්ති වරං යාචි. භගවා තස්ස තං වරං දත්වා පුනදිවසෙ රාජනිවෙසනෙ කතපාතරාසො එකමන්තං නිසින්නෙන රඤ්ඤා “භන්තෙ, තුම්හාකං දුක්කරකාරිකකාලෙ එකා දෙවතා මං උපසඞ්කමිත්වා ‘පුත්තො තෙ කාලකතො’ති ආහ, තස්සා වචනං අසද්දහන්තො ‘න මය්හං පුත්තො බොධිං අප්පත්වා කාලං කරොතී’ති තං පටික්ඛිපි”න්ති වුත්තෙ “ඉදානි කිං සද්දහිස්සථ, යෙ තුම්හෙ පුබ්බෙපි අට්ඨිකානි දස්සෙත්වා ‘පුත්තො තෙ මතො’ති වුත්තෙ න සද්දහිත්ථා”ති ඉමිස්සා අට්ඨුප්පත්තියා මහාධම්මපාලජාතකං කථෙසි. කථාපරියොසානෙ රාජා අනාගාමිඵලෙ පතිට්ඨාසි.
මේ කුමරු පියා සතු ධනය ඉල්ලයි. ඔහු ඉල්ලන ධනය සසර දික් කරයි. දුකට ම හේතු වේ. එම නිසා මම මොහුට මා බෝමැඬ දී ලබාගත් උතුම් ධනය දෙමි. ලොව්තුරා ධනයට මොහු හිමි වූවෙක් කරමි යි සිතූ බුදුහු සැරියුත් තෙරණුවන් අමතා එසේ නම් සාරිපුත්‍රය, කුමරුන් පැවිදි කරව යි පැවිදි කැරවූහ. රාහුල කුමරුන් පැවිදි කැර වූ පසු පිය රජුට බලවත් ශෝකයක් ඇතිවිය. ඒ ඉවසීමට නො හැකි රජු ස්වාමීනි, මව්පියන් විසින් නො අනුදක්නා ලද්දන් බුදු සසුනෙහි පැවිදි නො කරන්නේ නම් මැනවැ යි බුදු රජුන්ගෙන් වරයක් ඉල්ලීය. රජතුමාට එම වරය ලැබිණි. දෙවැනි දවස්හි රජ මැදුරෙහි හීල් දානය වැළඳූ බුදු රජුන් ළඟ එකත්පසෙව සිටි රජතුමා ස්වාමීනි, දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි දෙවියකු මා වෙත අවුත් ඔබ වහන්සේ කළුරිය කළ බව කීය. එහෙත් මම එය නො පිළිගෙන මගේ පුත්‍රයා බුදු බවට නො පැමිණ මිය නො යන බව පවසා ප්‍රතික්ෂේප කළෙමි යි පැවසූ කල්හි මහරජ, දැන් ඔබ කෙසේ නම් පිළිගනියි ද? පෙර භවයක දී තම මළ පුතුගේ මිනී ඇටයැ යි දැක්වූ කල්හිත් නො පිළිගත්තේ නො වේදැ යි වදාරා මහා ධම්මපාල ජාතකය ගෙනහැර දැක්වූහ. ඒ ඇසූ රජතුමා අනාගාමී ඵලයෙහි පිහිටියේය.
ඉති භගවා පිතරං තීසු ඵලෙසු පතිට්ඨාපෙත්වා භික්ඛුසඞ්ඝපරිවුතො පුනදෙව රාජගහං ගන්ත්වා වෙළුවනෙ විහාසි. තස්මිං සමයෙ අනාථපිණ්ඩිකො ගහපති පඤ්චහි සකටසතෙහි භණ්ඩං ආදාය රාජගහෙ අත්තනො පියසහායකස්ස සෙට්ඨිනො ගෙහං ගන්ත්වා තත්ථ බුද්ධස්ස භගවතො උප්පන්නභාවං සුත්වා බලවපච්චූසසමයෙ දෙවතානුභාවෙන විවටෙන ද්වාරෙන සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාය දුතියදිවසෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා සාවත්ථිං ආගමනත්ථාය සත්ථු පටිඤ්ඤං ගහෙත්වා අන්තරාමග්ගෙ පඤ්චචත්තාලීසයොජනට්ඨානෙ සතසහස්සං සතසහස්සං දත්වා යොජනිකෙ යොජනිකෙ විහාරෙ කාරෙත්වා ජෙතවනං කොටිසන්ථාරෙන අට්ඨාරසහිරඤ්ඤකොටීහි කිණිත්වා නවකම්මං පට්ඨපෙසි. සො මජ්ඣෙ දසබලස්ස ගන්ධකුටිං කාරෙසි, තං පරිවාරෙත්වා අසීතිමහාථෙරානං පාටියෙක්කසන්නිවෙසනෙ ආවාසෙ එකකූටාගාරද්විකූටාගාරහංසවට්ටකදීඝසාලාමණ්ඩපාදිවසෙන සෙසසෙනාසනානි පොක්ඛරණීචඞ්කමනරත්තිට්ඨානදිවාට්ඨානානි චාති අට්ඨාරසකොටිපරිච්චාගෙන රමණීයෙ භූමිභාගෙ මනොරමං විහාරං කාරාපෙත්වා දසබලස්ස ආගමනත්ථාය දූතං පෙසෙසි. සත්ථා දූතස්ස වචනං සුත්වා මහාභික්ඛුසඞ්ඝපරිවුතො රාජගහා නික්ඛමිත්වා අනුපුබ්බෙන සාවත්ථිනගරං පාපුණි.
මෙසේ බුදුන් වහන්සේ පියාණන් සෝවාන් ආදී තුන් ඵලයෙහි පිහිටුවා මහසඟන පිරිවරා නැවත රජජගහ නුවරට වැඩ සීතවන විහාරයෙහි වැඩ විසූහ. එසමයෙහි අනාථ පිණ්ඩික සිටුහු ගැල් පන්සියයකින් භාණ්ඩ ගෙන තමාගේ යහළු සිටුහුගේ නිවසට ගොස් සිටියදී බුදු රජුන් උපන් බව අසා ඉතා අළුයම් වේලෙහි දෙව් අනුහසින් විවර වූ දොරින් බුදු රජුන් වෙත එළැඹ බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා දෙවැනි දවසෙහි බුදුපාමොක් මහා සඟනට මහදන් දී සැවැත් නුවරට වැඩමවීම සඳහා පොරොන්දු ගෙන රජගහ, සැවැත් අතර මඟ පන්සාලිස් යොදුනක් දුර ලක්ෂය බැගින් වැය කොට යොදුනක් පාසා විහාර කැරවා ජේතවන උයන අටළොස් කෙළක් රන් කහවණු අතුරා මිලට ගෙන විහාර කර්මාන්තය පටන් ගත්හ. උයන මැද බුදු රජුන්ගේ ගඳකිළිය විය. ඒ වටා අසූ මහසව්වන් උදෙසා වෙන වෙන ම නිවෙස් ද ආවාස කුටි ද එක බිත්ති, දෙබිත්ති ඇති නිවෙස් ද හස්වළලු නිවෙස් ද දික් ශාලා ද මණ්ඩප ආදී වශයෙන් අනෙක් සෙනසුන් අංග ද විය. පොකුණු, සක්මන් මළු, රාත්‍රියේ වසන ස්ථාන හා දවල් වසන ස්ථාන ද ඇතුළු අටළොස් කෙළක් ධන පරිත්‍යාගයෙන් සිත්කළු භූමි භාගයක මනරම් වෙහෙරක් කැරවා බුදු රජුන්ගේ ආගමනය සඳහා දූතයකු යැවීය. උන්වහන්සේ දූතයාගේ හසුන අසා මහබික් සඟන විසින් පිරිවරන ලදුව පිළිවෙලින් වැඩමවා සැවැත් නුවරට වැඩියහ.
මහාසෙට්ඨිපි ඛො විහාරමහං සජ්ජෙත්වා තථාගතස්ස ජෙතවනප්පවිසනදිවසෙ පුත්තං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං කත්වා අලඞ්කතපටියත්තෙහෙව පඤ්චහි කුමාරසතෙහි සද්ධිං පෙසෙසි. සො සපරිවාරො පඤ්චවණ්ණවත්ථසමුජ්ජලානි පඤ්ච ධජසතානි ගහෙත්වා දසබලස්ස පුරතො අහොසි. තෙසං පච්ඡතො මහාසුභද්දා චූළසුභද්දාති ද්වෙ සෙට්ඨිධීතරො පඤ්චහි කුමාරිකාසතෙහි සද්ධිං පුණ්ණඝටෙ ගහෙත්වා නික්ඛමිංසු. තාසං පච්ඡතො සෙට්ඨිභරියා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා පඤ්චහි මාතුගාමසතෙහි සද්ධිං පුණ්ණපාතියො ගහෙත්වා නික්ඛමි. සබ්බෙසං පච්ඡතො සයං මහාසෙට්ඨි අහතවත්ථනිවත්ථො අහතවත්ථනිවත්ථෙහෙව පඤ්චහි සෙට්ඨිසතෙහි සද්ධිං භගවන්තං අබ්භුග්ගඤ්ඡි. භගවා ඉමං උපාසකපරිසං පුරතො කත්වා මහාභික්ඛුසඞ්ඝපරිවුතො අත්තනො සරීරප්පභාය සුවණ්ණරසසෙකපිඤ්ජරානි විය වනන්තරානි කුරුමානො අනන්තාය බුද්ධලීළාය අපටිසමාය බුද්ධසිරියා ජෙතවනවිහාරං පාවිසි.
මහ සිටුහු ද විහාර පූජාව සූදානම් කොට බුදු රජුන් ජේතවනයට පිවිසෙන දිනයෙහි තම පුතු සිව් බරණින් සරසා එසේ සරසන ලද කුමරුවන් පන්සියයක් සමග පෙරගමන් යැවීය. සිටුහුගේ පිරිවර ද පස්වණින් බබළන කොඩි රැගෙන බුදු රජුන් ඉදිරිය ගමන් කළහ. මහසිටුහුගේ මහා සුභද්දා, චූල සුභද්දා යන දියණියන් දෙදෙන පන්සියයක් කුමරියන් සමග පුන්කලස් ගෙන පසුපසින් ගමන් කළහ. ඔවුන් පසුපසින් සිටු බිරිය සිව් බරණින් සැරසී පන්සියයක් කාන්තාවන් සමග රන් තැටි ගෙන නික්මුණාය. සියල්ලන්ට ම පසුව මහසිටුහු අළුත් වස්ත්‍ර හැඳ එවැනි ම පන්සියයක් සිටුවරුන් සමග බුදුන් වහන්සේට පෙරගමන් ගියහ. උන් වහන්සේ මේ උපාසක පිරිස පෙරටු කොට මහබික් සඟන පිරිවරා තමන් වහන්සේගේ සිරුරින් නික්මෙන රැස් දහරින් අවට වනයන් රන් රසදිය ඉසින ලද පිහාටු මෙන් කැරෙමින් අපමණ වූ අසම වූ ද බුදු සිරියෙන් දෙව්රම් වෙහෙරට පිවිසියහ.
අථ නං අනාථපිණ්ඩිකො පුච්ඡි – “කථාහං, භන්තෙ, ඉමස්මිං විහාරෙ පටිපජ්ජාමී”ති. තෙන හි ගහපති ඉමං විහාරං ආගතානාගතස්ස චාතුද්දිසස්ස භික්ඛුසඞ්ඝස්ස දෙහීති. “සාධු, භන්තෙ”ති මහාසෙට්ඨි සුවණ්ණභිඞ්කාරං ආදාය දසබලස්ස හත්ථෙ උදකං පාතෙත්වා “ඉමං ජෙතවනවිහාරං ආගතානාගතස්ස චාතුද්දිසස්ස භික්ඛුසඞ්ඝස්ස දම්මී”ති අදාසි. සත්ථා විහාරං පටිග්ගහෙත්වා අනුමොදනං කරොන්තො –
ඉක්බිති, මහ සිටුහු ස්වාමීනි, මම මේ ආරාමය පිළිබඳ ව කෙසේ නම් පිළිපදිමිදැ යි විමසූහ. එසේ නම් ගෘහපතිය, මේ විහාරයට පැමිණි නො පැමිණි භික්ෂු සංඝයාට දෙව. මැනවැ යි පිළිගත් මහ සිටුහු රන් කෙණ්ඩිය ගෙන බුදුන් වහන්සේගේ අත මත ජලය වත්කොට, “මේ ජේතවන විහාරය පැමිණියා වූ ද නො පැමිණියා වූ ද බුදු රජුන් ප්රමුඛ කොට ඇති මහා සංඝයාට දෙමි.” විහාරය පිළිගත් බුදුන් වහන්සේ අනුමෝදනා කරන්නාහු,
“සීතං උණ්හං පටිහන්ති, තතො වාළමිගානි ච; සරීසපෙ ච මකසෙ, සිසිරෙ චාපි වුට්ඨියො.
“විහාරය තුළ විසීමෙන් අධිශීත, අධිඋෂ්ණ නැති වෙයි. එසේ ම කුළු සිව්පාවුන්ගෙන් වන පීඩා ද සර්ප ජාති සහ මැසි මදුරුවන්ගෙන් වන පීඩා ද පින්නෙන් හා වැස්සෙන් වන හානි ද දුරුවෙයි.”
“තතො වාතාතපො ඝොරො, සඤ්ජාතො පටිහඤ්ඤති; ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච, ඣායිතුඤ්ච විපස්සිතුං.
“තව ද තද සුළං, අව්ව ඇති වූ කල්හි ඒවා දුරු කරයි. වාසය කිරීම සඳහා ද සළ විහරණය සඳහා ද සිත එකඟ බව ඇති කිරීම සඳහා ද විදසුන් වැඩීම සඳහා ද,
“විහාරදානං සඞ්ඝස්ස, අග්ගං බුද්ධෙන වණ්ණිතං; තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො.
සංඝයාට විහාර දන්දීම බුදු රජුන් විසින් උසස්යැ යි පසස්නා ලදි. එම නිසා තම යහපත කැමැති වන නුවණැත්තෝ,
“විහාරෙ කාරයෙ රම්මෙ, වාසයෙත්ථ බහුස්සුතෙ; තෙසං අන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච.
සිත්කළු විහාර කැරවන්නෝය. එහි දැන උගත් භික්ෂූන් වාසය කැරවන්නෝය. එහි වෙසෙන සත්‍යය ගති පැවතුම් ඇති උන් වහන්සේලාට පැහැදුණු සිතින් ආහාරපාන, වස්ත්‍ර, සෙනසුන් දෙන්නේය. එහි වෙසෙන භික්ෂූහු දහම් දෙසත්. ඒ සියලු දුක් දුරු කිරීමට හේතු වේ. ඔහු එම දහම අවබෝධ කොට සියලු කෙලෙස් නැති කොට පිරිනිවෙත්.”
“දදෙය්ය උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා; තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං; යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො”ති. (චූළව· 295) –
විහාරානිසංසං කථෙසි. අනාථපිණ්ඩිකො දුතියදිවසතො පට්ඨාය විහාරමහං ආරභි. විසාඛාය පාසාදමහො චතූහි මාසෙහි නිට්ඨිතො, අනාථපිණ්ඩිකස්ස පන විහාරමහො නවහි මාසෙහි නිට්ඨාසි. විහාරමහෙපි අට්ඨාරසෙව කොටියො පරිච්චාගං අගමංසු. ඉති එකස්මිංයෙව විහාරෙ චතුපණ්ණාසකොටිසඞ්ඛ්යං ධනං පරිච්චජි.
බුදුන් වහන්සේ මෙසේ විහාර පිදීමේ අනුසස් වදාළහ. අනේපිඬු මහා සිටුහු දෙවැනි දින පටන් විහාර පූජාව ඇරඹූහ. විශාඛා සිටු දේවියගේ (පුබ්බාරාම) ප්‍රාසාද පූජාව සාර මසකින් නිමා විය. අනේපිඬු සිටුහුගේ විහාර පූජාව නව මසකින් නිමියේය. විහාර පූජාවෙහි ද අටළොස් කෙළක් ම ධනය වියදම් විය. මෙසේ මේ ජේතවන විහාරය සඳහා සුපනස් කෙළක් ධනය පරිත්‍යාග කළහ.
අතීතෙ පන විපස්සිස්ස භගවතො කාලෙ පුනබ්බසුමිත්තො නාම සෙට්ඨි සුවණ්ණිට්ඨකාසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ යොජනප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. සිඛිස්ස භගවතො කාලෙ සිරිවඩ්ඪො නාම සෙට්ඨි සුවණ්ණඵාලසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ තිගාවුතප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. වෙස්සභුස්ස භගවතො කාලෙ සොත්ථිජො නාම සෙට්ඨි සුවණ්ණහත්ථිපදසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ අඩ්ඪයොජනප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. කකුසන්ධස්ස භගවතො කාලෙ අච්චුතො නාම සෙට්ඨි සුවණ්ණිට්ඨකාසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ ගාවුතප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. කොණාගමනස්ස භගවතො කාලෙ උග්ගො නාම සෙට්ඨි සුවණ්ණකච්ඡපසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ අඩ්ඪගාවුතප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. කස්සපස්ස භගවතො කාලෙ සුමඞ්ගලො නාම සෙට්ඨි සුවණ්ණකට්ටිසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ සොළසකරීසප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. අම්හාකං පන භගවතො කාලෙ අනාථපිණ්ඩිකො නාම සෙට්ඨි කහාපණකොටිසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ අට්ඨකරීසප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. ඉදං කිර ඨානං සබ්බබුද්ධානං අවිජහිතට්ඨානමෙව.
පෙර විපස්සී බුදු රජුන්ගේ කාලයෙහි පුනබ්බසුමිත්ත නම් සිටු තෙම රන් උළු අතුරා මිලට ගෙන එම ස්ථානයෙහි ම යොදුනක් පමණ විහාරයක් කැරවීය. සිඛී බුදු රජුන්ගේ කාලයෙහි සිරිවඩ්ඪ නම් සිටු රන්පලු අතුරා මිලට ගෙන එම ස්ථානයෙහි ම තුන් ගව්වක් පමණ විහාරයක් කැරවීය. වෙස්සභූ බුදු රජුන්ගේ කාලයෙහි සොත්ථිය නම් සිටු තෙම රනින් කළ ඇත්පිය අතුරා අට යොදුනක් පමණ විහාරයක් කැරවීය. කකුසඳ බුදු රජුන්ගේ කාලයෙහි අච්චුත නම් සිටු රන් උළු අතුරා ගව්වක් පමණ විහාරයක් කැරවීය. කෝණාගමන බුදු රජුන්ගේ කාලයෙහි උග්ග නම් සිටු රනින් කළ ඉදිබුවන් අතුරා මිලට ගෙන අඩ ගව්වක් පමණ විහාරයක් කැරවීය. කස්සප බුදු රජුන්ගේ කාලයෙහි සුමංගල සිටු රන් උළු අතුරා මිලට ගෙන සොළොස් කුටියක් සහිත විහාරයක් එම ස්ථානයෙහි ම කැරවීය. අප බුදු රජුන් දවස අනේපිඬු මහා සිටුහු කෙළක් කහවණු ඇතිරීමෙන් මිලට ගෙන එම ස්ථානයෙහි ම අට කිරියක් පමණ වූ විහාරයක් කැරවීය. මේ විහාර භූමිය සියලු බුදුවරයන්ගේ අත් නො හළ ස්ථානයක් විය.
ඉති මහාබොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතප්පත්තිතො යාව මහාපරිනිබ්බානමඤ්චා යස්මිං යස්මිං ඨානෙ භගවා විහාසි, ඉදං සන්තිකෙනිදානං නාම, තස්ස වසෙන සබ්බජාතකානි වණ්ණයිස්සාම.
මෙසේ බුදුහු බෝමැඩ සව්නේ දත් බවට පත්තැන් සිට පිරිනිවන් කයෙහි සැතපීම දක්වා යම් යම් තැනක වැඩ සිටියාහු ද ඒ සන්තිකේ නිදාන (ආසන්න හේතුව) නමි. ඒ අනුව සියලු ජාතක වර්ණනා කරන්නෙමු.
සන්තිකේ නිදානය නිමි.
නිදානකථා නිට්ඨිතා.
ජාතක අටුවාවෙහි නිදාන කථාව නිමියේය.