අවිදූරෙනිදානකථා අට්ඨකථා
අවිදූරෙනිදානකථා
අවිදූරෙනිදානකථා
තුසිතපුරෙ වසන්තෙයෙව පන බොධිසත්තෙ බුද්ධකොලාහලං නාම උදපාදි. ලොකස්මිඤ්හි තීණි කොලාහලානි උප්පජ්ජන්ති – කප්පකොලාහලං, බුද්ධකොලාහලං, චක්කවත්තිකොලාහලන්ති. තත්ථ “වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පුට්ඨානං භවිස්සතී”ති ලොකබ්යූහා නාම කාමාවචරදෙවා මුත්තසිරා විකිණ්ණකෙසා රුදමුඛා අස්සූනි හත්ථෙහි පුඤ්ඡමානා රත්තවත්ථනිවත්ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්වා මනුස්සපථෙ විචරන්තා එවං ආරොචෙන්ති “මාරිසා ඉතො වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පුට්ඨානං භවිස්සති, අයං ලොකො විනස්සිස්සති, මහාසමුද්දොපි සුස්සිස්සති , අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා උඩ්ඩය්හිස්සන්ති විනස්සිස්සන්ති, යාව බ්රහ්මලොකා ලොකවිනාසො භවිස්සති, මෙත්තං මාරිසා භාවෙථ, කරුණං, මුදිතං, උපෙක්ඛං මාරිසා භාවෙථ, මාතරං උපට්ඨහථ, පිතරං උපට්ඨහථ, කුලෙ ජෙට්ඨාපචායිනො හොථා”ති. ඉදං කප්පකොලාහලං නාම. වස්සසහස්සස්ස අච්චයෙන පන සබ්බඤ්ඤුබුද්ධො ලොකෙ උප්පජ්ජිස්සතීති ලොකපාලදෙවතා “ඉතො මාරිසා වස්සසහස්සස්ස අච්චයෙන බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සතී”ති උග්ඝොසෙන්තා ආහිණ්ඩන්ති. ඉදං බුද්ධකොලාහලං නාම. වස්සසතස්ස අච්චයෙන චක්කවත්තී රාජා උප්පජ්ජිස්සතීති දෙවතා “ඉතො මාරිසා වස්සසතස්ස අච්චයෙන චක්කවත්තී රාජා ලොකෙ උප්පජ්ජිස්සතී”ති උග්ඝොසෙන්තියො ආහිණ්ඩන්ති. ඉදං චක්කවත්තිකොලාහලං නාම. ඉමානි තීණි කොලාහලානි මහන්තානි හොන්ති.
බෝසතුන් තුසිද දෙව්ලොව වසන කල්හි බුදුන් වහන්සේ පහළ වීම පිළිබඳ ආන්දෝලනය ඇති විය. ලෝකයෙහි ආන්දෝලන තුනකි. කල්පය විනාශ වීමේදී ඇතිවන ආන්දෝලනය, බුදුන් වහන්සේ නමක් පහළ වීමේදී ඇතිවන ආන්දෝලනය, සක්විති රජ කෙනකු පහළ වීමේදී ඇතිවන ආන්දෝලනය වශයෙනි. ලෝක විනාශයට වසර ලක්ෂයක් තිබිය දී ලෝකබ්‍යුහ නම් කාමාවචර දෙවියෝ හිස කෙස් විසුරුවා හැඬූ මුහුණින් යුතුව අතින් කඳුළු පිසමින් රතු වස්ත්‍ර හැඳ ඉතා අප්‍රියජනක වෙස් දරමින් මිනිසුන් අතර හැසිරෙමින් මෙසේ දන්වත්. නිදුකාවරුනි, මෙයින් වසර ලක්ෂයක් ඇවෑමෙන් ලෝක විනාශය වන්නේය. මහමුහුද සිඳී යන්නේය. මේ පොළොව හා මහාමේරු පර්වත රාජයා දැවී විනාශ වන්නේය. නිදුකාවරුනි, මෛත්‍රිය වඩව්. පීඩිතයන් කෙරෙහි දයාව දක්වව්. සුඛිතයන් කෙරෙහි සතුටු වව්. ලෝක ධර්මයෙහි මැදහත් වව්. නිදුකාවරුනි. මව්පියන්ට උවටැන් කරව්. කුල දෙටුවන්ට ගරු කරව්. මේ ලෝක විනාශයේ ආන්දෝලනයයි. බුදුන් වහන්සේ ලොව පහළ වීමට වසර ලක්ෂයක් තිබියදී ලෝක පාලක දෙවිවරු, නිදුකාවරුනි, මෙයින් ලක්ෂයක් අවුරුදු ගත වූ පසු බුදුන් වහන්සේ ලොව පහළ වන්නේයැ යි ඝෝෂාන කැරෙමින් ලොව ඇවිදිත්. මේ බුද්ධ ආන්දෝලනයයි. සක්විති රජ ලොව පහළ වීමට සියවසක් තිබියදී දෙවියෝ, ජනයිනි, මෙයින් සියවසක් ගිය පසු සක්විති රජෙක් පහළ වන්නේයැ යි ඝෝෂා කැරෙමින් ඇවිදිත්. මේ සක්විති ඝෝෂණයයි. මේ ත්‍රිවිධ ඝෝෂණ ඉතා මහත් වෙයි.
තෙසු බුද්ධකොලාහලසද්දං සුත්වා සකලදසසහස්සචක්කවාළදෙවතා එකතො සන්නිපතිත්වා “අසුකො නාම සත්තො බුද්ධො භවිස්සතී”ති ඤත්වා තං උපසඞ්කමිත්වා ආයාචන්ති. ආයාචමානා ච පුබ්බනිමිත්තෙසු උප්පන්නෙසු ආයාචන්ති. තදා පන සබ්බාපි දෙවතා එකෙකචක්කවාළෙ චතුමහාරාජසක්කසුයාමසන්තුසිතසුනිම්මිතවසවත්තිමහාබ්රහ්මෙහි සද්ධිං එකචක්කවාළෙ සන්නිපතිත්වා තුසිතභවනෙ බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා “මාරිසා තුම්හෙහි දස පාරමියො පූරෙන්තෙහි න සක්කසම්පත්තිං, න මාරසම්පත්තිං, න බ්රහ්මසම්පත්තිං, න චක්කවත්තිසම්පත්තිං පත්ථෙන්තෙහි පූරිතා, ලොකනිත්ථරණත්ථාය පන සබ්බඤ්ඤුතං පත්ථෙන්තෙහි පූරිතා, සො වො ඉදානි කාලො මාරිසා බුද්ධත්තාය සමයො, මාරිසා බුද්ධත්තාය සමයො”ති යාචිංසු.
මෙයින් බුද්ධ ඝෝෂණය ඇසූ දෙවියෝ එක්රැස් ව අසවල් සත්ත්වයා බුදු වන්නේයැ යි නියම වශයෙන් දැන ඔහු වෙත එළැඹ ආයාචනා කරත්. එසේ කරන්නේ ද පෙර නිමිති පහළ වූ පසුය. එක එක සක්වලට අයත් චතුර්මහාරාජ, සක්ක, සුයාම, සන්තුසිත, පරනිර්මිත වසවර්ති වැසි දෙවියෝ මහා බ්‍රහ්මයන් සමග එක් සක්වලකට රැස්වී තුසිත භවනයෙහි වෙසෙන බෝසතුන් වෙත ගොස් නිදුකාණෙනි, ඔබ විසින් දස පෙරුම් දම් පුරන ලද්දේ, ශක්‍ර සම්පත්, මාර, බ්‍රහ්ම, සක්විති සම්පත් ආදිය සඳහා නො වේ. හුදෙක් ලෝකයා සසරින් එතැර කිරීමට බුද්ධත්වය පතමින් පුරන ලද්දේය. නිදුකාණෙනි, දැන් ඔබට බුදු බව සඳහා කාලය යි අයැද සිටියහ.
අථ මහාසත්තො දෙවතානං පටිඤ්ඤං අදත්වාව කාලදීපදෙසකුලජනෙත්තිආයුපරිච්ඡෙදවසෙන පඤ්චමහාවිලොකනං නාම විලොකෙසි. තත්ථ “කාලො නු ඛො, අකාලො නු ඛො”ති පඨමං කාලං විලොකෙසි. තත්ථ වස්සසතසහස්සතො උද්ධං වඩ්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස්මා? තදා හි සත්තානං ජාතිජරාමරණානි න පඤ්ඤායන්ති. බුද්ධානඤ්ච ධම්මදෙසනා තිලක්ඛණමුත්තා නාම නත්ථි. තෙසං “අනිච්චං, දුක්ඛං, අනත්තා”ති කථෙන්තානං “කිං නාමෙතං කථෙන්තී”ති නෙව සොතබ්බං න සද්ධාතබ්බං මඤ්ඤන්ති, තතො අභිසමයො න හොති, තස්මිං අසති අනිය්යානිකං සාසනං හොති. තස්මා සො අකාලො. වස්සසතතො ඌනආයුකාලොපි කාලො න හොති. කස්මා? තදා සත්තා උස්සන්නකිලෙසා හොන්ති, උස්සන්නකිලෙසානඤ්ච දින්නො ඔවාදො ඔවාදට්ඨානෙ න තිට්ඨති, උදකෙ දණ්ඩරාජි විය ඛිප්පං විගච්ඡති . තස්මා සොපි අකාලො. වස්සසතසහස්සතො පන පට්ඨාය හෙට්ඨා, වස්සසතතො පට්ඨාය උද්ධං ආයුකාලො කාලො නාම. තදා ච වස්සසතකාලො. අථ මහාසත්තො “නිබ්බත්තිතබ්බකාලො”ති කාලං පස්සි.
ඉක්බිති, බෝසතාණෝ දෙවියන්ට ප්‍රතිඥා නො දී කාලය, දීපය, දේශය, කුලය, මව, ආයු කාලය යන පස් මහ බැලුම් බැලූහ. එහි දී පළමු කොට කාලය බැලූහ. මනුෂ්‍යය ආයුෂ ලක්ෂයකට වඩා වැඩි කාලය සුදුසු කාලය නො වේ. එකල්හි මිනිසුන්ට ඉපදීම, මහලු වීම, මරණය පිළිබඳ නො පෙනේ. බුදුවරුන්ගේ ධර්ම දේශනා අනිච්ච ආදී ත්රිලකුණෙන් නො මිදුනේ වෙයි. ඔවුහු ත්‍රිලකුණු නො හඳුනත්. එම නිසා තථාගත ධර්මය සැදැහැවෙන් ඇසිය යුතු දහමක් ලෙස නො සිතත්. එය ධර්මාවබෝධය පිණිස නො වේ. එම නිසා මේ සුදුසු කාලය නො වේ. වසර සියයට අඩු කාලය ද සුදුසු කාලය නො වේ. මක් නිසා ද යත්, එකල මිනිසුන්ට කෙළෙස් උත්සන්න වේ. කෙළෙස් උත්සන්න සත්ත්වයින්ට දෙන අවවාද සුදුසු දේ නො පිහිටයි. දියෙහි දඬුයෙන් ඇඳි ඉරක් මෙන් වහා අමතක වේ. එහෙයින් සිය වසින් අඩු කාලය ද සුදුසු කාලය නො වේ. මේ නිසා වසර ලක්ෂයට අඩු කාලයක් වසර සියයට වැඩි කාලයක් සුදුසු ආයු කාලය වේ. බෝසතුන් මෙලොව පහළ විය යුතු කාලය සියවස් ආයු කාලය බව දැනගත්හ.
තතො දීපං විලොකෙන්තො සපරිවාරෙ චත්තාරො දීපෙ ඔලොකෙත්වා “තීසු දීපෙසු බුද්ධා න නිබ්බත්තන්ති, ජම්බුදීපෙයෙව නිබ්බත්තන්තී”ති දීපං පස්සි.
අනතුරු ව දීපය බලන බෝසතාණෝ පිරිවර දීප සහිත සතර මහාද්වීප බලා මහාද්වීප තුනෙක බුදුවරු නො උපදිති යි දැන ජම්බුද්වීපයෙහි ම උපදිය යුතුයැ යි දීපය දුටහ.
තතො “ජම්බුදීපො නාම මහා දසයොජනසහස්සපරිමාණො, කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තී”ති ඔකාසං විලොකෙන්තො මජ්ඣිමදෙසං පස්සි. මජ්ඣිමදෙසො නාම – “පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො, තස්ස අපරෙන මහාසාලො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පුබ්බදක්ඛිණාය දිසාය සල්ලවතී නාම නදී, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. උත්තරාය දිසාය උසීරද්ධජො නාම පබ්බතො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ”ති එවං විනයෙ (මහාව· 259) වුත්තො පදෙසො. සො ආයාමතො තීණි යොජනසතානි, විත්ථාරතො අඩ්ඪතෙය්යානි, පරික්ඛෙපතො නව යොජනසතානීති එතස්මිං පදෙසෙ බුද්ධා, පච්චෙකබුද්ධා, අග්ගසාවකා, අසීති මහාසාවකා, චක්කවත්තිරාජා අඤ්ඤෙ ච මහෙසක්ඛා ඛත්තියබ්රාහ්මණගහපතිමහාසාලා උප්පජ්ජන්ති. ඉදඤ්චෙත්ථ කපිලවත්ථු නාම නගරං, තත්ථ මයා නිබ්බත්තිතබ්බන්ති නිට්ඨං අගමාසි.
දඹදිව වනාහි යොදුන් දශ දහසක් පමණය. කවර නම් පෙදෙසක සම්බුදුවරු උපදිත්දැ යි ප්‍රදේශය බලන්නාහු. දඹදිව මධ්‍යම ප්‍රදේශය දුටහ. මධ්‍යම ප්‍රදේශය නම් පෙර දිගින් කජංගල නම් නියම් ගම විය. ඉන් ඔබ්බෙහි මහාසාල නම් විය. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපද හෙවත් පිටිසර ප්රදේශයි. එයින් මෑත මධ්‍යම ප්රදේශයයි. පුබ්බදක්ඛි දිශාවෙන් හෙවත් ගිනිකොණින් සළලවතී නම් ගඟ වෙයි. එතැන් සිට ප්රත්යන්තර ජනපදයි. ඉන් මෑත මධ්‍යම ප්රදේශයයි. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම වෙයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයි. ඉන් මෑත මධ්‍යම ප්රදේශයයි. බටහිර දිසාවෙන් ථූන නම් බ්‍රාහ්මණ ගමයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්‍යම ප්රදේශයයි. උතුරු දිශාවෙන් උසීරද්ධජ නම් පර්වතය වේ. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්‍යම ප්රදේශයයි. මේ විනයෙහි කියන ලද මධ්‍යම ප්රදේශයයි. එම ප්‍රදේශය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් දෙසිය පනස් යොදුනකි. වට ප්‍රමාණයෙන් නවසිය යොදුනකි. මේ දේශයෙහි බුදු, පසේබුදු, අගසව්, මහසව්, අසූමහසවු සහ සක්විති රජවරු ද අනෙක් මහේශාක්‍ය රජ, බමුණු, ගැහැවි ආදී ප්‍රභූ ජනයෝ ද උපදිත්. දැන් එහි කපිලවත්ථු නම් නුවරක් ඇත. මා එහි ඉපදිය යුතුයැ යි බෝසතාණෝ තීරණය කළහ.
තතො කුලං විලොකෙන්තො “බුද්ධා නාම වෙස්සකුලෙ වා සුද්දකුලෙ වා න නිබ්බත්තන්ති, ලොකසම්මතෙ පන ඛත්තියකුලෙ වා බ්රාහ්මණකුලෙවාති ද්වීසුයෙව කුලෙසු නිබ්බත්තන්ති. ඉදානි ච ඛත්තියකුලං ලොකසම්මතං , තත්ථ නිබ්බත්තිස්සාමි. සුද්ධොදනො නාම රාජා මෙ පිතා භවිස්සතී”ති කුලං පස්සි.
කුලය විමසන බෝසතාණෝ බුදුවරු වෙළඳ කුලයෙහි හෝ ශුද්‍ර ආදී හීන කුලයක නො උපදිත්. උසස් වශයෙන් සම්මත රජ කුලයෙහි හෝ බමුණු කුලයෙහි උපදිත්. මෙකල රජ කුලය ලෝකය සම්මතය. එම කුලයෙහි උපදිමි යි ද පියා ශුද්ධෝදන නම් රජ වන්නේයැ යි ද, කුලය දුටහ.
තතො මාතරං විලොකෙන්තො “බුද්ධමාතා නාම ලොලා සුරාධුත්තා න හොති, කප්පසතසහස්සං පන පූරිතපාරමී ජාතිතො පට්ඨාය අඛණ්ඩපඤ්චසීලායෙව හොති. අයඤ්ච මහාමායා නාම දෙවී එදිසී, අයං මෙ මාතා භවිස්සති, කිත්තකං පනස්සා ආයූති දසන්නං මාසානං උපරි සත්ත දිවසානී”ති පස්සි.
අනතුරු ව මව බලන්නාහු, බුද්ධ මාතාවෝ කම් සැපතෙහි හෝ සුරාවෙහි ලොල් වූවාහු නො වෙති. කප් සුවහසක් පිරූ පාරමී ඇත්තාහු වෙත්. උපතෙහි පටන් නො කැඩූ පන්සිල් ඇත්තාහු වෙත්. මේ මහාමායා දේවි තොමෝ ද එම අංග සපුරා සිටින්නෝය. එතුමිය මාගේ මව වන්නේයැ යි ද දේවීන්ගේ ආයුෂ ද දස මස් සත් දිනක් බව ද දුටහ.
ඉති ඉමං පඤ්චමහාවිලොකනං විලොකෙත්වා “කාලො මෙ මාරිසා බුද්ධභාවායා”ති දෙවතානං සඞ්ගහං කරොන්තො පටිඤ්ඤං දත්වා “ගච්ඡථ, තුම්හෙ”ති තා දෙවතා උය්යොජෙත්වා තුසිතදෙවතාහි පරිවුතො තුසිතපුරෙ නන්දනවනං පාවිසි. සබ්බදෙවලොකෙසු හි නන්දනවනං අත්ථියෙව. තත්ථ නං දෙවතා “ඉතො චුතො සුගතිං ගච්ඡ, ඉතො චුතො සුගතිං ගච්ඡා”ති පුබ්බෙ කතකුසලකම්මොකාසං සාරයමානා විචරන්ති. සො එවං දෙවතාහි කුසලං සාරයමානාහි පරිවුතො තත්ථ විචරන්තො චවිත්වා මහාමායාය දෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි.
මෙසේ මේ පඤ්ච මහා විලෝකනය කො නිදුකාණෙනි, මේ බුදු බව කාලය යි. රැස්වූ දෙවියන්ට සංග්‍රහ කැරෙමින් ප්‍රතිඥා දී දෙවියන් යවා තුසිත පුර දෙවියන් පිරිවරා ගෙන නන්දන වනයට පිවිසියහ. සියලු දිව්‍ය ලෝකයන්හි ම නන්දන වනයක් තිබේ. දෙවියෝ, එහි දී බෝසතුන්ට පින්වත, මෙයින් චුත ව සුගතියට හෙවත් මිනිස් ලොවට යන්නැ යි, පෙර කළ කුසල කර්ම විපාක අවස්ථාව සිහි කැරෙමින් හැසිරෙත්. මේ අතර බෝසතාණෝ දෙව් ලොවින් චුත ව මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ.
තස්ස ආවිභාවත්ථං අයමනුපුබ්බිකථා – තදා කිර කපිලවත්ථුනගරෙ ආසාළ්හිනක්ඛත්තං සඞ්ඝුට්ඨං අහොසි, මහාජනො නක්ඛත්තං කීළති. මහාමායාපි දෙවී පුරෙ පුණ්ණමාය සත්තමදිවසතො පට්ඨාය විගතසුරාපානං මාලාගන්ධවිභූතිසම්පන්නං නක්ඛත්තකීළං අනුභවමානා සත්තමෙ දිවසෙ පාතොව උට්ඨාය ගන්ධොදකෙන න්හායිත්වා චත්තාරි සතසහස්සානි විස්සජ්ජෙත්වා මහාදානං දත්වා සබ්බාලඞ්කාරවිභූසිතා වරභොජනං භුඤ්ජිත්වා උපොසථඞ්ගානි අධිට්ඨාය අලඞ්කතපටියත්තං සිරිගබ්භං පවිසිත්වා සිරිසයනෙ නිපන්නා නිද්දං ඔක්කමමානා ඉමං සුපිනං අද්දස – ‘චත්තාරො කිර නං මහාරාජානො සයනෙනෙව සද්ධිං උක්ඛිපිත්වා හිමවන්තං නෙත්වා සට්ඨියොජනිකෙ මනොසිලාතලෙ සත්තයොජනිකස්ස මහාසාලරුක්ඛස්ස හෙට්ඨා ඨපෙත්වා එකමන්තං අට්ඨංසු. අථ නෙසං දෙවියො ආගන්ත්වා දෙවිං අනොතත්තදහං නෙත්වා මනුස්සමලහරණත්ථං න්හාපෙත්වා දිබ්බවත්ථං නිවාසාපෙත්වා ගන්ධෙහි විලිම්පාපෙත්වා දිබ්බපුප්ඵානි පිළන්ධාපෙත්වා තතො අවිදූරෙ එකො රජතපබ්බතො අත්ථි, තස්ස අන්තො කනකවිමානං අත්ථි , තත්ථ පාචීනසීසකං දිබ්බසයනං පඤ්ඤාපෙත්වා නිපජ්ජාපෙසුං. අථ බොධිසත්තො සෙතවරවාරණො හුත්වා තතො අවිදූරෙ එකො සුවණ්ණපබ්බතො අත්ථි, තත්ථ විචරිත්වා තතො ඔරුය්හ රජතපබ්බතං අභිරුහිත්වා උත්තරදිසතො ආගම්ම රජතදාමවණ්ණාය සොණ්ඩාය සෙතපදුමං ගහෙත්වා කොඤ්චනාදං නදිත්වා කනකවිමානං පවිසිත්වා මාතුසයනං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා දක්ඛිණපස්සං ඵාලෙත්වා කුච්ඡිං පවිට්ඨසදිසො අහොසී’ති. එවං උත්තරාසාළ්හනක්ඛත්තෙන පටිසන්ධිං ගණ්හි.
මේ සිද්ධිය ප්‍රකට කිරීම සඳහා මේ අනුපිළිවෙල කථාවයි. එදා කපිල වත්ථු පුරයෙහි ඇසළ නැකත් ක්‍රීඩා පැවැත්විණි. මහජනයා නැකැත් කෙළි පවත්වයි. මායා දේවිය පුන් පොහොයට පෙර සත් දිනක පටන් මධු පානයෙන් තොර මල්ගඳ විලවුන් හා සැරසීමෙන් අලංකෘත වූ නැකැත් කෙළි විඳින්නී, සත් වැනි දින අළුයම නැඟිට සුවඳ පැන් නා සාර ලක්ෂයක් වියදම් කොට මහදන් දී සර්වාභරණයෙන් සැරසී රස බොජුන් වළඳා උපෝසථ ශීලය සමාදන්ව අලංකාර සිරියහන් ගැබට පිවිස නිදන්නී, මේ සිහිනය දුටුවාය. සතරවරම් මහරජවරු සැතපී සිටි යහන සමග ම ඔසවා හිමවත් පෙදෙසට ගෙනගොස් සැට යොදුන් පමණ රත් ගල් තලාවක තැබූහ. සත් යොදුන් මහ සල් ගසක් යට තබා ඉවත් ව සිටියහ. ඉක්බිති, ඔවුන්ගේ දේවිවරු අවුත් මායා දේවිය අනෝතප්ත විලට ගෙනගොස් මිනිස් මළ හරනු පිණිස නහවා දිව්‍යමය වස්ත්‍ර හඳවා සුවඳ උළා දිවමල් පළඳවා ඒ ළඟ තිබුණු රිදී පර්වතය තුළ රන් විමනෙහි පෙර දිගට හිස ලා පනවන ලද දිව යහනෙහි සැතපවූහ. එකෙණෙහි ම බෝසතාණෝ සුදු උතුම් ඇත් හිසක් ගෙන ඒ ළඟ තිබුණු රන් පව්වෙහි සැරිසරා එයින් බැස පව්වට නැඟ උතුරු දිශාවෙන් අවුත් රිදී මල් දමක් බඳු හොඬින් සුදු වන් නෙළුම් මලක් ගෙන කුඤ්චනාද කොට රන් විමනට පිවිස මව සිටි යහනය තෙවරක් පැදකුණු කොට මවගේ දකුණු ඇළය ස්පර්ශ කොට කුස තුළට පිවිසියාක් මෙන් විය. මෙසේ බෝසතාණෝ උතුරුසළ නැකතින් පිළිසිඳ ගත්හ.
පුනදිවසෙ පබුද්ධා දෙවී තං සුපිනං රඤ්ඤො ආරොචෙසි. රාජා චතුසට්ඨිමත්තෙ බ්රාහ්මණපාමොක්ඛෙ පක්කොසාපෙත්වා ගොමයහරිතූපලිත්තාය ලාජාදීහි කතමඞ්ගලසක්කාරාය භූමියා මහාරහානි ආසනානි පඤ්ඤාපෙත්වා තත්ථ නිසින්නානං බ්රාහ්මණානං සප්පිමධුසක්ඛරාභිසඞ්ඛතස්ස වරපායාසස්ස සුවණ්ණරජතපාතියො පූරෙත්වා සුවණ්ණරජතපාතීහියෙව පටිකුජ්ජිත්වා අදාසි, අඤ්ඤෙහි ච අහතවත්ථකපිලගාවිදානාදීහි තෙ සන්තප්පෙසි. අථ නෙසං සබ්බකාමෙහි සන්තප්පිතානං සුපිනං ආරොචාපෙත්වා “කිං භවිස්සතී”ති පුච්ඡි. බ්රාහ්මණා ආහංසු “මා චින්තයි, මහාරාජ, දෙවියා තෙ කුච්ඡිම්හි ගබ්භො පතිට්ඨිතො, සො ච ඛො පුරිසගබ්භො, න ඉත්ථිගබ්භො, පුත්තො තෙ භවිස්සති. සො සචෙ අගාරං අජ්ඣාවසිස්සති, රාජා භවිස්සති චක්කවත්තී; සචෙ අගාරා නික්ඛම්ම පබ්බජිස්සති, බුද්ධො භවිස්සති ලොකෙ විවට්ටච්ඡදො”ති.
පසුදින පිබිදුණු දේවිය මේ සිහිනය රජුට සැළකළාය. රජ සූසැටක් බමුණු පඬිවරුන් රජ මැදුරට කැඳවා කොළ පැහැයෙන් පිරිබඩ කළ විළඳ ආදියෙන් මංගලශ්‍රීයෙන් යුත් බිම මහඟු අසුන් පනවා එහි හුන් බමුණන්ට ගිතෙල් මී ආදියෙන් මිශ්‍ර වූ රජසවත් කිරිබත් රන්, රිදී පාත්‍ර පුරවා රන්, රිදී බඳුනින් ම වඩා දුන්හ. තවත් අළුත් වස්ත්‍ර හා කිඹුල් වන් දෙනුන් ද දී ඔවුන් සතුටු කළේය. මෙසේ කැමැති දේ ලැබීමෙන් තෘප්තිමත් වූ බමුණන් හීනය සැළ කොට කුමක් වන්නේදැ යි ඵල විපාක විමසූහ. බමුණෝ මෙසේ කීහ. මහරජ නො සැලෙනු ඔබ දේවියගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඒ පිරිමි දරු ගැබකි. ස්ත්‍රී ගැබක් නො වේ. ඔබට පුතෙක් උපදින්නේය. ඔහු ගිහි ගෙයි වසන්නේ නම් සක්විති රජෙක් වන්නේය. ඉදින් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙළෙස් පියසි දුරු කළ බුදු වන්නේය.
බොධිසත්තස්ස පන මාතුකුච්ඡිම්හි පටිසන්ධිග්ගහණක්ඛණෙ එකප්පහාරෙනෙව සකලදසසහස්සී ලොකධාතු සඞ්කම්පි සම්පකම්පි සම්පවෙධි. බාත්තිංසපුබ්බනිමිත්තානි පාතුරහෙසුං – දසසු චක්කවාළසහස්සෙසු අප්පමාණො ඔභාසො ඵරි. තස්ස තං සිරිං දට්ඨුකාමා විය අන්ධා චක්ඛූනි පටිලභිංසු, බධිරා සද්දං සුණිංසු, මූගා සමාලපිංසු, ඛුජ්ජා උජුගත්තා අහෙසුං, පඞ්ගුලා පදසා ගමනං පටිලභිංසු, බන්ධනගතා සබ්බසත්තා අන්දුබන්ධනාදීහි මුච්චිංසු, සබ්බනරකෙසු අග්ගි නිබ්බායි, පෙත්තිවිසයෙ ඛුප්පිපාසා වූපසමි, තිරච්ඡානානං භයං නාහොසි, සබ්බසත්තානං රොගො වූපසමි, සබ්බසත්තා පියංවදා අහෙසුං, මධුරෙනාකාරෙන අස්සා හසිංසු, වාරණා ගජ්ජිංසු, සබ්බතූරියානි සකසකනින්නාදං මුඤ්චිංසු, අඝට්ටිතානියෙව මනුස්සානං හත්ථූපගාදීනි ආභරණානි විරවිංසු, සබ්බදිසා විප්පසන්නා අහෙසුං , සත්තානං සුඛං උප්පාදයමානො මුදුසීතලවාතො වායි, අකාලමෙඝො වස්සි, පථවිතොපි උදකං උබ්භිජ්ජිත්වා විස්සන්දි, පක්ඛිනො ආකාසගමනං විජහිංසු, නදියො අසන්දමානා අට්ඨංසු, මහාසමුද්දෙ මධුරං උදකං අහොසි, සබ්බත්ථකමෙව පඤ්චවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නතලො අහොසි, ථලජජලජාදීනි සබ්බපුප්ඵානි පුප්ඵිංසු, රුක්ඛානං ඛන්ධෙසු ඛන්ධපදුමානි, සාඛාසු සාඛාපදුමානි, ලතාසු ලතාපදුමානි පුප්ඵිංසු, ථලෙ සිලාතලානි භින්දිත්වා උපරූපරි සත්ත සත්ත හුත්වා දණ්ඩපදුමානි නාම නික්ඛමිංසු, ආකාසෙ ඔලම්බකපදුමානි නාම නිබ්බත්තිංසු, සමන්තතො පුප්ඵවස්සා වස්සිංසු, ආකාසෙ දිබ්බතූරියානි වජ්ජිංසු, සකලදසසහස්සිලොකධාතු වට්ටෙත්වා විස්සට්ඨමාලාගුළො විය, උප්පීළෙත්වා බද්ධමාලාකලාපො විය, අලඞ්කතපටියත්තං මාලාසනං විය ච එකමාලාමාලිනී විප්ඵුරන්තවාළබීජනී පුප්ඵධූමගන්ධපරිවාසිතා පරමසොභග්ගප්පත්තා අහොසි.
බෝසතුන් මව් කුසෙහි පිළිසිඳ ගත් කෙනෙහි ම එකවර දශ දහසක් සක්වල කම්පා විය. සෙලවිණි. වෙවුළිනි. දෙතිස් පෙර නිමිති පහළ විණි. දශ දහසක් සක්වල මහත් ආලෝකයක් පැතිරිණි. ඒ බෝසතුන්ගේ රූසපුව දකින්නට මෙන් අන්ධයෝ ඇස් ලැබූහ. බිහිරෝ ශබ්ද ඇසූහ. ගොළුවෝ කථා කළහ. කුදු අයගේ කුදු ගතිය නැති විය. පිල්හු දෙපයින් ගමන් කළහ. සිරගත අය එයින් මිදුණහ. සියලු අපායන්හි ගිනි නිවිණි. ප්‍රේත යෝනියෙහි සා පිපාසා සංසිඳිණි. තිරිසන් සතුන්ට බයක් නො වීය. සියලු සත්ත්වයන්ගේ ම රෝග සුව විය. සියලු සත්ත්වයෝ ම ප්‍රිය තෙපුල් ඇත්තෝ වූහ. අශ්වයෝ මිහිරි හඬින් සිය නාද මුදා හළහ. මිනිසුන් පැළඳ සිටි ආභරණ එකිනෙක නො ගැටීම නාද විය. සියලු දිශා පැහැපත් විය. හැමදෙනාට ම සුව ගෙන දෙන සේ සිනිඳු සිසිල් වාතය හැමීය. අකල් වැසි නො වට, පොළොවෙන් ජල ධාරා නැඟී ගලා ගියේය. පක්ෂීහු අහස් ගමන අත්හළහ. ඇල දොළ ගංගා නතර විය. මුහුදු ජලය මිහිරි විය. ගොඩ බිම හැමතැන පස්වන් මලින් වැසිණි. එකෙණෙහි ගොඩ බිම සියලු මල් පිපිණි. ගස් කඳෙහි පිපෙන මල් ද අතුවල පිපෙන මල් ද වැල්වල පිපෙන මල් ද ක්ෂණයෙහි පිපිණි. පොළොවෙහි ගල්තලා බිඳ එක එකක් මත්තෙහි සත සත සිටින සේ දණ්ඩපදුම පිපිණි. අහසෙහි එල්බෙන පියුම් ද පිපිණි. හාත්පස මල් වරුෂා වැටිණි. අහසෙහි දිව්‍ය තූර්යය වාදනය විය. දශ දහසක් සක්වල වට කොට තබන ලද මල් ගුලියක් මෙන් ද තද කොට බඳින ලද මල් කළඹක් මෙන් ද අලංකාර කොට සාදන ලද මල් අසුනක් මෙන් ද එක ම මල් මාලාවක් මෙන් ද පොපියන් මල් විදුනාවක් මෙන් ද මල් සුවඳින් හා දුම් සුවඳින් සුවඳවත් ව අතිසය ශෝභාවෙන් අග තැන්පත් විය.
එවං ගහිතපටිසන්ධිකස්ස බොධිසත්තස්ස පටිසන්ධිතො පට්ඨාය බොධිසත්තස්ස චෙව බොධිසත්තමාතුයා ච උපද්දවනිවාරණත්ථං ඛග්ගහත්ථා චත්තාරො දෙවපුත්තා ආරක්ඛං ගණ්හිංසු. බොධිසත්තමාතු පන පුරිසෙසු රාගචිත්තං නුප්පජ්ජි, ලාභග්ගයසග්ගප්පත්තා ච අහොසි සුඛිනී අකිලන්තකායා. බොධිසත්තඤ්ච අන්තොකුච්ඡිගතං විප්පසන්නෙ මණිරතනෙ ආවුතපණ්ඩුසුත්තං විය පස්සති. යස්මා ච බොධිසත්තෙන වසිතකුච්ඡි නාම චෙතියගබ්භසදිසා හොති, න සක්කා අඤ්ඤෙන සත්තෙන ආවසිතුං වා පරිභුඤ්ජිතුං වා, තස්මා බොධිසත්තමාතා සත්තාහජාතෙ බොධිසත්තෙ කාලං කත්වා තුසිතපුරෙ නිබ්බත්තති. යථා ච අඤ්ඤා ඉත්ථියො දස මාසෙ අපත්වාපි අතික්කමිත්වාපි නිසින්නාපි නිපන්නාපි විජායන්ති, න එවං බොධිසත්තමාතා. සා පන බොධිසත්තං දස මාසෙ කුච්ඡිනා පරිහරිත්වා ඨිතාව විජායති. අයං බොධිසත්තමාතුධම්මතා.
මෙසේ පිළිසිඳ ගත් බෝසතුන්ට හා බෝසත් මවට උවදුරු වැළැක්වීම සඳහා කඩුගත් අත් ඇති ව දිව්‍යය පුත්‍රයෝ සතර දෙනෙක් ආරක්ෂාවට සිටියහ. බෝසතුන්ගේ පිළිසිඳ ගැනීමෙන් පසු බෝසත් මවට පුරුෂයන් කෙරෙහි අනුරාග සිතක් නො උපදී. ලාභයෙන් හා යසසින් අග තැන්පත් වූවාය. සැපවත් ව ගිලන් නො වූ සිරුරින් යුක්ත වූවා, කුස හොත් බෝසතුන් මිණි රුවනක ඇමිණූ පඬුවන් නූලක් මෙන් දකින්නීය. බෝසතුන් පිළිසිද ගත් මව් කුස සෑයක ඇතුල් ගැබ මෙන් පවිත්‍රය. වෙනත් සත්ත්වයකුට එම කුස තුළ පිළිසිඳ ගැනීමට හෝ විසීමට නො හැකිය. එම නිසා බෝසතුන් ඉපදී සත් දවසක් ගත වූ කල්හි බෝසත් මව කළුරිය කොට තුසිත පුරයෙහි උපදී. එසේ ම වෙනත් මව්වරු දශ මස නො පැමිණි ද ඉක්මවා ද හුනාහු ද හොන්නාහුද දරුවන් වදත්. බෝසත් මව්වරු එසේ නොවෙත්. බෝසත් මව දශ මසක් කුසෙහි දරා නැඟිට සිටියදී ම බෝසත් පුතු බිහි කරන්නීය. බෝධි සත්ත්ව මාතාවන් පිළිබඳ ධර්මතාවෝ වෙති.
මහාමායාපි දෙවී පත්තෙන තෙලං විය දස මාසෙ කුච්ඡිනා බොධිසත්තං පරිහරිත්වා පරිපුණ්ණගබ්භා ඤාතිඝරං ගන්තුකාමා සුද්ධොදනමහාරාජස්ස ආරොචෙසි – “ඉච්ඡාමහං, දෙව, කුලසන්තකං දෙවදහනගරං ගන්තු”න්ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා කපිලවත්ථුතො යාව දෙවදහනගරා මග්ගං සමං කාරෙත්වා කදලිපුණ්ණඝටධජපටාකාදීහි අලඞ්කාරාපෙත්වා දෙවි සුවණ්ණසිවිකාය නිසීදාපෙත්වා අමච්චසහස්සෙන උක්ඛිපාපෙත්වා මහන්තෙන පරිවාරෙන පෙසෙසි. ද්වින්නං පන නගරානං අන්තරෙ උභයනගරවාසීනම්පි ලුම්බිනීවනං නාම මඞ්ගලසාලවනං අත්ථි, තස්මිං සමයෙ මූලතො පට්ඨාය යාව අග්ගසාඛා සබ්බං එකපාලිඵුල්ලං අහොසි, සාඛන්තරෙහි චෙව පුප්ඵන්තරෙහි ච පඤ්චවණ්ණා භමරගණා නානප්පකාරා ච සකුණසඞ්ඝා මධුරස්සරෙන විකූජන්තා විචරන්ති. සකලං ලුම්බිනීවනං චිත්තලතාවනසදිසං, මහානුභාවස්ස රඤ්ඤො සුසජ්ජිතං ආපානමණ්ඩලං විය අහොසි. දෙවියා තං දිස්වා සාලවනකීළං කීළිතුකාමතාචිත්තං උදපාදි. අමච්චා දෙවිං ගහෙත්වා සාලවනං පවිසිංසු. සා මඞ්ගලසාලමූලං ගන්ත්වා සාලසාඛං ගණ්හිතුකාමා අහොසි, සාලසාඛා සුසෙදිතවෙත්තග්ගං විය ඔනමිත්වා දෙවියා හත්ථපථං උපගඤ්ඡි. සා හත්ථං පසාරෙත්වා සාඛං අග්ගහෙසි. තාවදෙව චස්සා කම්මජවාතා චලිංසු. අථස්සා සාණිං පරික්ඛිපිත්වා මහාජනො පටික්කමි. සාලසාඛං ගහෙත්වා තිට්ඨමානාය එවස්සා ගබ්භවුට්ඨානං අහොසි. තඞ්ඛණංයෙව චත්තාරො විසුද්ධචිත්තා මහාබ්රහ්මානො සුවණ්ණජාලං ආදාය සම්පත්තා තෙන සුවණ්ණජාලෙන බොධිසත්තං සම්පටිච්ඡිත්වා මාතු පුරතො ඨපෙත්වා “අත්තමනා, දෙවි, හොහි, මහෙසක්ඛො තෙ පුත්තො උප්පන්නො”ති ආහංසු.
මහා මායා දේවී තොමෝ පිරුණු තෙල් පාත්‍රයක් ගෙනයන්නාක් මෙන් කුසෙහි බෝසතුන් පරිහරණය කො දශ මසක් ඇවෑමෙන් පිරිපුන් ගැබ ඇත්තී, ස්වකීය ඥාති ගෘහයට යනු කැමැත්තී, දේවයිනි, මම දෙව්දහ නුවර සිය කුල ගෙදරට යනු කැමැත්තෙමි යි සුදොවුන් මහරජාණන්ට සැල කළාය. රජතුමා ද මැනවැයි පිළිගෙන කිඹුල්වත් පුර සිට දෙව්දහ නුවර දක්වා මඟ සම කොට කෙසෙල්, පුන්කලස්, කොඩි ආදියෙන් අලංකාර කැරේවා දේවිය රන් සිවිකාවක හිඳුවා ඇමැතියන් දහසක් ලවා සවි කොට ඔසවා මහත් පිරිවරින් යැවීය. කිඹුල්වත් සහ දෙව්දහ දෙනුවරට ම පොදු වූ ලුම්බිනී වන නම් මඟුල් සල් උයනක් ඇත. එදවස එහි සල් ගස් මුල පටන් අතු අග දක්වා එක පැහැර සුපිපියේ විය. අතු අතරත් මල් අතරත් පස්වන් බමරු සමූහයා ද විවිධ කුරුළු රංචු ද මිහිරි හඬ විහිදුවමින් ඒ මේ අත හැසිරෙත්. සියලු ලුම්බිනී සල් උයන දෙව් ලොව චිත්‍රලතා වනය මෙන් ද මහානුභාව ඇති රජුගේ සුසැදූ අවන්හලක් මෙන් ද විය. දේවිය සල් වනය දැක එහි සිරි නරඹනු රිසි වූවාය. ඇමැතියෝ දේවිය රැගෙන මල් වනයට පිවිසියහ. එහි මංගල සල් ගස ළඟට ගොස් සල් අත්ත ගනු කැමැති වූවාය. සල් අත්ත මනාව නවන ලද වේබඩක් මෙන් නැමී දේවියගේ අතට පත්විය. ඕ තොමෝ අත දිගු කොට අත්ත අතින් අල්ලා ගත්තාය. එකෙණෙහි ම දේවියගේ විළිවාතය සෙළවිණි. පිරිවර ජනයා දේවිය තිරයකින් වට කොට ඉවත්විය. සුද්ධාවාස බ්‍රහ්මයෝ සතර දෙනෙක් රන් දැලකින් බෝසතුන් පිළිගෙන මව් ඉදිරියෙහි තබා දේවියනි, ප්‍රීතිවනු මැනවි. ඔබට මහා පිනැති පුතෙක් උපන්නේයැ යි කීහ.
යථා පන අඤ්ඤෙ සත්තා මාතුකුච්ඡිතො නික්ඛමන්තා පටිකූලෙන අසුචිනා මක්ඛිතා නික්ඛමන්ති, න එවං බොධිසත්තො. සො පන ධම්මාසනතො ඔතරන්තො ධම්මකථිකො විය, නිස්සෙණිතො ඔතරන්තො පුරිසො විය, ච ද්වෙ ච හත්ථෙ ද්වෙ ච පාදෙ පසාරෙත්වා ඨිතකොව මාතුකුච්ඡිසම්භවෙන කෙනචි අසුචිනා අමක්ඛිතො සුද්ධො විසදො කාසිකවත්ථෙ නික්ඛිත්තමණිරතනං විය ජොතයන්තො මාතුකුච්ඡිතො නික්ඛමි. එවං සන්තෙපි බොධිසත්තස්ස ච බොධිසත්තමාතුයා ච සක්කාරත්ථං ආකාසතො ද්වෙ උදකධාරා නික්ඛමිත්වා බොධිසත්තස්ස ච මාතුයා ච සරීරෙ උතුං ගාහාපෙසුං.
වෙනත් සත්ත්වයෝ මව් කුසින් බිහිවන කල පිළිකුල් අපවිත්‍ර දෙයින් තැවරී බිහිවෙත්. බෝසතුවරු එසේ නො වෙත්. බෝසතාණෝ වනාහි ධර්මාසනයෙන් බසින ධර්ම කථිකයෙක් මෙන් ද හිනි මඟකින් බස්නා පුරුෂයෙන් මෙන් ද දෙඅත් දෙපා දිගු කොට නැඟී සිටියේ ම මව් කුසට අයත් කිසි අපවිත්‍ර දෙයකින් නො තැවරී පිරිසිදු ව පැහැදිලි ව කසී වස්ත්‍රයක තබන ලද මැණිකක් මෙන් බබලමින් මව් කුසින් නික්මුණහ. එසේ වුව ද බෝසතුන්ට ද බෝසත් මවට ද උවටැන් පිණිස අවටින් දිය දහර දෙකක් නික්ම බෝසතුන්ගේ ද බෝසත් මවගේ ද සිරුරෙහි සිසිල් බව ඇති කළේය.
අථ නං සුවණ්ණජාලෙන පටිග්ගහෙත්වා ඨිතානං බ්රහ්මානං හත්ථතො චත්තාරො මහාරාජානො මඞ්ගලසම්මතාය සුඛසම්ඵස්සාය අජිනප්පවෙණියා ගණ්හිංසු, තෙසං හත්ථතො මනුස්සා දුකූලචුම්බටකෙන. මනුස්සානං හත්ථතො මුච්චිත්වා පථවියං පතිට්ඨාය පුරත්ථිමදිසං ඔලොකෙසි, අනෙකානි චක්කවාළසහස්සානි එකඞ්ගණානි අහෙසුං. තත්ථ දෙවමනුස්සා ගන්ධමාලාදීහි පූජයමානා “මහාපුරිස, ඉධ තුම්හෙහි සදිසො අඤ්ඤො නත්ථි, කුතෙත්ථ උත්තරිතරො”ති ආහංසු. එවං චතස්සො දිසා, චතස්සො අනුදිසා, හෙට්ඨා, උපරීති දස දිසා අනුවිලොකෙත්වා අත්තනා සදිසං කඤ්චි අදිස්වා “අයං උත්තරාදිසා”ති සත්තපදවීතිහාරෙන අගමාසි, මහාබ්රහ්මුනා සෙතච්ඡත්තං ධාරියමානො, සුයාමෙන වාළබීජනිං, අඤ්ඤාහි ච දෙවතාහි සෙසරාජකකුධභණ්ඩහත්ථාහි අනුගම්මමානො. තතො සත්තමපදෙ ඨිතො “අග්ගොහමස්මිං ලොකස්සා”තිආදිකං ආසභිං වාචං නිච්ඡාරෙන්තො සීහනාදං නදි.
ඉක්බිති, බෝසතුන් රන් දැලින් පිළිගෙන සිටි බ්‍රහ්මයන්ගේ අතින් සතර වරම් රජවරු මංගල සම්මත සුවපහස ඇති දෙතුන්පට කළ අඳුන් දිවි සමින් පිළිගත්හ. ඔවුන්ගේ අතින් මිනිස්සු දුහුල් පිළි සුඹුළුවකින් පිළිගත්හ. මිනිසුන්ගේ අතින් මිදුණු බෝසතාණෝ පොළොවෙහි සිට පෙරදිග බැලූහ. දහස් ගණන් සක්වල එක ම මිදුලක් මෙන් විය. එහි සිටි දෙවි මිනිස්සු මහා පුරුෂයාණෙනි, මෙහි ඔබ හා සමාන කෙනකු ද නැත. ඔබ වඩා උසස් කෙනකු කෙසේ ලැබෙයිදැ යි කීහ. මේ අයුරින් සිවු දිශා ද සිවු අනුදිශා ද යට දිශා ද උඩ දිශා ද යන දශ දිශාව බලා තමා හා සමාන කෙනකු නො දැක උතුර දෙස බලා සත් පියවරක් ගමන් කළහ. මහබඹහු සේසත දරමින් ද සූයාම දෙවි පුත් මල් විදුනාව ද අනෙක් දෙවියෝ උණහිස ආදි සෙසු රාජ කුකුධ භාණ්ඩ ද දරමින් බෝසතුන් සමග ගමන් කළහ. සත් වැනි පියවරෙහි සිටි බෝසතාණෝ “මම ලොවට අග්‍ර වෙමි”, ආදී නයින් සිංහ නාද කළහ.
බොධිසත්තො හි තීසු අත්තභාවෙසු මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තොව වාචං නිච්ඡාරෙසි මහොසධත්තභාවෙ, වෙස්සන්තරත්තභාවෙ, ඉමස්මිං අත්තභාවෙති. මහොසධත්තභාවෙ කිරස්ස මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තස්සෙව සක්කො දෙවරාජා ආගන්ත්වා චන්දනසාරං හත්ථෙ ඨපෙත්වා ගතො, සො තං මුට්ඨියං කත්වාව නික්ඛන්තො. අථ නං මාතා “තාත, කිං ගහෙත්වා ආගතොසී”ති පුච්ඡි. “ඔසධං, අම්මා”ති. ඉති ඔසධං ගහෙත්වා ආගතත්තා “ඔසධදාරකො”ත්වෙවස්ස නාමං අකංසු. තං ඔසධං ගහෙත්වා චාටියං පක්ඛිපිංසු, ආගතාගතානං අන්ධබධිරාදීනං තදෙව සබ්බරොගවූපසමාය භෙසජ්ජං අහොසි. තතො “මහන්තං ඉදං ඔසධං, මහන්තං ඉදං ඔසධ”න්ති උප්පන්නවචනං උපාදාය “මහොසධො”ත්වෙවස්ස නාමං ජාතං. වෙස්සන්තරත්තභාවෙ පන මාතුකුච්ඡිතො නික්ඛන්තො දක්ඛිණහත්ථං පසාරෙත්වා “අත්ථි නු ඛො, අම්ම, කිඤ්චි ගෙහස්මිං, දානං දස්සාමී”ති වදන්තො නික්ඛමි. අථස්ස මාතා “සධනෙ කුලෙ නිබ්බත්තොසි, තාතා”ති පුත්තස්ස හත්ථං අත්තනො හත්ථතලෙ කත්වා සහස්සත්ථවිකං ඨපෙසි. ඉමස්මිං පන අත්තභාවෙ ඉමං සීහනාදං නදීති එවං බොධිසත්තො තීසු අත්තභාවෙසු මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තොව වාචං නිච්ඡාරෙසි. යථා ච පටිසන්ධිග්ගහණක්ඛණෙ, ජාතක්ඛණෙපිස්ස ද්වත්තිංස පුබ්බනිමිත්තානි පාතුරහෙසුං. යස්මිං පන සමයෙ අම්හාකං බොධිසත්තො ලුම්බිනීවනෙ ජාතො, තස්මිංයෙව සමයෙ රාහුලමාතා දෙවී, ආනන්දත්ථෙරො, ඡන්නො අමච්චො, කාළුදායී අමච්චො, කණ්ඩකො අස්සරාජා, මහාබොධිරුක්ඛො, චතස්සො නිධිකුම්භියො ච ජාතා. තත්ථ එකා ගාවුතප්පමාණා, එකා අඩ්ඪයොජනප්පමාණා, එකා තිගාවුතප්පමාණා, එකා යොජනප්පමාණා අහොසීති. ඉමෙ සත්ත සහජාතා නාම.
බෝසතාණෝ ආත්ම භාව තුනක දී මව් කුසින් නික්මුණු ක්ෂණයෙහි ම බස් තෙපලූහ. එනම් මහෞෂධ අත්බැව්හි, වෙස්සන්තර අත්බැව්හි හා මෙම අත්බැව්හි දී ය. මහෞෂධ අත්බැව්හි දී මව් කුසින් බිහිවෙත් ම සක් දෙව් රජ අවුත් හඳුන් හරයක් බෝසතුන් අත තබා ගියේය. ඔහු එය මිටෙහි තබාගෙන ම බිහිවූහ. මව, දරුව, මිටින් කුමක් රැගෙන ආවෙහිදැ යි විචාළාය. මෑණියනි, බෙහෙතක් රැගෙන ආවේයැ යි කීහ. ඖෂධ සැලියක බහා තබා පැමිණි අඳ බිහිරි ආදීන්ගෙේ රෝග සමනය සඳහා දුන්හ. මෙහි ඖෂධීය ගුණ මහත් බැවින් මහෞෂධ නාමය ව්‍යවහාර විණි. වෙසතුරු අත්බැව්හි බෝසත්හු මව් කුසින් බිහිවෙත් ම දකුණු අත දිගහැර මෑණියෙනි, දන් දෙනු කැමැත්තෙමි. දිය යුතු දෙයක් ගෙහි තිබේදැ යි කියමින් ම බිහිවූහ. ඒ ඇසූ මව දරුව, ඔබ පොහොසත් කුලයක උපන්නෙහි යි පුතුන් අත්ල තම අත්ලෙහි තබා දහසින් බැඳි පියල්ලක් පුතු අත තැබුවාය. මෙම අත්බැව්හි මව් කුසින් නික්මෙත් ම අභීත සිංහ නාද පැවැත්වූහ. මෙසේ බෝසත්හු තුන් අත්බැවක මව් කුසින් බිහිවෙත් ම වචන කථා කළහ. බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් කෙණෙහි ම යම් සේ දෙතිස් පෙර නිමිති පහළ වී ද එසේ ම ඔවුන් උපන් කෙණෙහි ද පහළ විය. යම් දවසක අප බෝසතාණෝ ලුම්බිනි උයනේ දී උපන්නාහු ද, එදවස ම යශෝධරා දේවිය, ඡන්න ඇමති, කාළුදායී ඇමැති, අජානීය හස්ති රාජයා, කන්ථක අශ්ව රාජයා උපන්හ. එසේ ම මහබෝ රුක ද සතර මහා නිධාන ද පහළ විය. නිධාන සතර ගව්ව, අඩ ගව්ව, තුන් ගව්ව හා යොදුන යන ප්‍රමාණයෙන් යුක්ත විය. මෙකී සත සහජාත නමින් සැලකේ.
උභයනගරවාසිනො බොධිසත්තං ගහෙත්වා කපිලවත්ථුනගරමෙව අගමංසු. තං දිවසංයෙව ච “කපිලවත්ථුනගරෙ සුද්ධොදනමහාරාජස්ස පුත්තො ජාතො, අයං කුමාරො බොධිතලෙ නිසීදිත්වා බුද්ධො භවිස්සතී”ති තාවතිංසභවනෙ හට්ඨතුට්ඨා දෙවසඞ්ඝා චෙලුක්ඛෙපාදීනි පවත්තෙන්තා කීළිංසු. තස්මිං සමයෙ සුද්ධොදනමහාරාජස්ස කුලූපකො අට්ඨසමාපත්තිලාභී කාළදෙවීලො නාම තාපසො භත්තකිච්චං කත්වා දිවාවිහාරත්ථාය තාවතිංසභවනං ගන්ත්වා තත්ථ දිවාවිහාරං නිසින්නො තා දෙවතා කීළමානා දිස්වා “කිංකාරණා තුම්හෙ එවං තුට්ඨමානසා කීළථ, මය්හම්පෙතං කාරණං කථෙථා”ති පුච්ඡි. දෙවතා ආහංසු “මාරිස, සුද්ධොදනරඤ්ඤො පුත්තො ජාතො, සො බොධිතලෙ නිසීදිත්වා බුද්ධො හුත්වා ධම්මචක්කං පවත්තෙස්සති, තස්ස අනන්තං බුද්ධලීළං දට්ඨුං ධම්මඤ්ච සොතුං ලච්ඡාමාති ඉමිනා කාරණෙන තුට්ඨාම්හා”ති. තාපසො තාසං වචනං සුත්වා ඛිප්පං දෙවලොකතො ඔරුය්හ රාජනිවෙසනං පවිසිත්වා පඤ්ඤත්තාසනෙ නිසින්නො “පුත්තො කිර තෙ, මහාරාජ, ජාතො, පස්සිස්සාමි න”න්ති ආහ. රාජා අලඞ්කතපටියත්තං කුමාරං ආහරාපෙත්වා තාපසං වන්දාපෙතුං අභිහරි, බොධිසත්තස්ස පාදා පරිවත්තිත්වා තාපසස්ස ජටාසු පතිට්ඨහිංසු. බොධිසත්තස්ස හි තෙනත්තභාවෙන වන්දිතබ්බයුත්තකො නාම අඤ්ඤො නත්ථි. සචෙ හි අජානන්තා බොධිසත්තස්ස සීසං තාපසස්ස පාදමූලෙ ඨපෙය්යුං, සත්තධා තස්ස මුද්ධා ඵලෙය්ය. තාපසො “න මෙ අත්තානං නාසෙතුං යුත්ත”න්ති උට්ඨායාසනා බොධිසත්තස්ස අඤ්ජලිං පග්ගහෙසි. රාජා තං අච්ඡරියං දිස්වා අත්තනො පුත්තං වන්දි.
දෙනුවර වැස්සෝ බෝසතුන් රැගෙන කිඹුල්වත් නුවරට ම ගියහ. එදවස ම තවුතිසා වැසි දෙවියෝ කිඹුල්වත් පුර සුදොවුන් මහරජුන්ට උපන් කුමරා බෝ මුල හිඳ බුදු වන්නේයැ යි සතුටු ව හිස වටා සළු සිසාරා ක්‍රීඩා පැවැත්වූහ. ඒ වේලාවෙහි සුදොවුන් මහා රජුන්ගේ කුළුපග වූ අෂ්ට සමාපත්ති ලාභී කාලදේවල නම් තවුසාණෝ බත්කිස කොට තවුතිසා භවනට ගොස් දවල් කාලය ගත කරන්නාහු, සතුටින් ක්‍රීඩා කරන දෙවියන් දැක කුමක් නිසා ඔබ සතුටින් ක්‍රීඩා කරන්නහු ද, ම ඒ කරුණ කියනු මැනවැ යි ඇසූහ. නිදුකාණෙනි, සුදොවුන් මහරජාණන්ට පුතකු උපන. එතුමාණෝ බෝ මුල හිඳ බුද්ධත්වය ලබා දම්සක් පවත්වන්නාහ. එතුමාගේ බුද්ධ ශ්රීය දැකීමත් දහම් ඇසීමත් ලබන්නෙමු. මේ කාරණයෙන් අපි සතුටු වූවෝ වෙමු යි කීහ. දෙවියන්ගේ වදන් ඇසූ තවුසාණෝ වහා ම දෙව් ලොවින් බැස රජ මැදුර පිවිස පැනවූ අසුනෙහි වැඩ හිඳ මහරජ, ඔබට පුතකු උපන්නේ නො වේ ද? ඔහු දකිනු කැමැත්තෙමි. රජ සුසැදූ කුමරුවන් ගෙන්වා තවුසාණන් වැඳවීමට අභිමුඛ කළේය. බෝසතුන්ගේ දෙපාදයෝ පෙරළී තවුසාණන්ගේ ජටා මඬුල්ලෙහි පිහිටියහ. එම අත්බැව්හි බෝසතුන් විසින් වැඳිය යුතු වෙනත් අයකු නැත්තේය. ඉදින් නො දැනීමෙන් බෝසතුන්ගේ හිස තවුසාණන්ගේ පාමුල තැබුවේ නම් ඔවුන්ගේ හිස සත් කඩකඩ පැළී යන්නේය. තවුසාණෝ නමස්කාර කළහ. රජ ද මේ අසිරිය දැක තම පුතුට වැන්දේය.
තාපසො අතීතෙ චත්තාලීස කප්පෙ, අනාගතෙ චත්තාලීසාති අසීති කප්පෙ අනුස්සරති. බොධිසත්තස්ස ලක්ඛණසම්පත්තිං දිස්වා “භවිස්සති නු ඛො බුද්ධො, උදාහු නො”ති ආවජ්ජෙත්වා උපධාරෙන්තො “නිස්සංසයං බුද්ධො භවිස්සතී”ති ඤත්වා “අච්ඡරියපුරිසො අය”න්ති සිතං අකාසි. තතො “අහං ඉමං බුද්ධභූතං දට්ඨුං ලභිස්සාමි නු ඛො, නො”ති උපධාරෙන්තො “න ලභිස්සාමි, අන්තරායෙව කාලං කත්වා බුද්ධසතෙනපි බුද්ධසහස්සෙනපි ගන්ත්වා බොධෙතුං අසක්කුණෙය්යෙ අරූපභවෙ නිබ්බත්තිස්සාමී”ති දිස්වා “එවරූපං නාම අච්ඡරියපුරිසං බුද්ධභූතං දට්ඨුං න ලභිස්සාමි, මහතී වත මෙ ජානි භවිස්සතී”ති පරොදි.
තවුසාණෝ අතීතයෙන් කල්ප සතළිසක් ද අනාගතයෙන් කල්ප සතළිසක් ද වශයෙන් කල්ප අසූවක් සිහි කිරීමට සමත්වූහ. කුමරුන්ගේ අංග ලක්ෂණ දුටු තවුසාණෝ කුමරු බුදු වන්නේ ද නොහොත් නො වන්නේදැ යි දිවසින් බලන්නාහු, නිසැකව ම බුදු වන්නේයැ යි දැන සිනහ පහළ කළහ. අනතුරු ව එතුමෝ බුද්ධත්වයට පත් කළ මට දක්නට ලැබෙන්නේදෝ නො ලැබෙන්නේදෝ යි නැවතත් සිහි කරන්නෝ, නො ලබමි යැයි ද ඊට පෙර කළුරිය කොට බුදුවරුන් සියයක හෝ දහසක පහළ වන කාලයක දී වුව ද ධර්මාවබෝධය නො කළ හැකි අරූපී බඹ ලොව උපදිමි යැයි ද එහෙයින් බුදු සිරිය දකින්ට නො ලබන්නෙමි යි, මට වූයේ මහත් හානියකැ යි සිතා හැඬූහ.
මනුස්සා දිස්වා “අම්හාකං අය්යො ඉදානෙව හසිත්වා පුන පරොදි. කිං නු ඛො, භන්තෙ, අම්හාකං අය්යපුත්තස්ස කොචි අන්තරායො භවිස්සතී”ති පුච්ඡිංසු. “නත්ථෙතස්ස අන්තරායො, නිස්සංසයෙන බුද්ධො භවිස්සතී”ති. අථ “කස්මා පරොදිත්ථා”ති? “එවරූපං පුරිසං බුද්ධභූතං දට්ඨුං න ලභිස්සාමි, ‘මහතී වත මෙ ජානි භවිස්සතී’ති අත්තානං අනුසොචන්තො රොදාමී”ති ආහ. තතො සො “කිං නු ඛො මෙ ඤාතකෙසු කොචි එතං බුද්ධභූතං දට්ඨුං ලභිස්සති, න ලභිස්සතී”ති උපධාරෙන්තො අත්තනො භාගිනෙය්‍යං නාළකදාරකං අද්දස. සො භගිනියා ගෙහං ගන්ත්වා “කහං තෙ පුත්තො නාළකො”ති? “අත්ථි ගෙහෙ, අය්යා”ති. “පක්කොසාහි න”න්ති පක්කොසාපෙත්වා අත්තනො සන්තිකං ආගතං කුමාරං ආහ – “තාත, සුද්ධොදනමහාරාජස්ස කුලෙ පුත්තො ජාතො, බුද්ධඞ්කුරො එස, පඤ්චතිංස වස්සානි අතික්කමිත්වා බුද්ධො භවිස්සති, ත්වං එතං දට්ඨුං ලභිස්සසි, අජ්ජෙව පබ්බජාහී”ති. සත්තාසීතිකොටිධනෙ කුලෙ නිබ්බත්තදාරකොපි “න මං මාතුලො අනත්ථෙ නියොජෙස්සතී”ති චින්තෙත්වා තාවදෙව අන්තරාපණතො කාසායානි චෙව මත්තිකාපත්තඤ්ච ආහරාපෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා “යො ලොකෙ උත්තමපුග්ගලො, තං උද්දිස්ස මය්හං පබ්බජ්ජා”ති බොධිසත්තාභිමුඛං අඤ්ජලිං පග්ගය්හ පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පත්තං ථවිකාය පක්ඛිපිත්වා අංසකූටෙ ලග්ගෙත්වා හිමවන්තං පවිසිත්වා සමණධම්මං අකාසි. සො පරමාභිසම්බොධිං පත්තං තථාගතං උපසඞ්කමිත්වා නාළකපටිපදං කථාපෙත්වා පුන හිමවන්තං පවිසිත්වා අරහත්තං පත්වා උක්කට්ඨපටිපදං පටිපන්නො සත්තෙව මාසෙ ආයුං පාලෙත්වා එකං සුවණ්ණපබ්බතං නිස්සාය ඨිතකොව අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි.
මේ දුටු මිනිස්සු අපගේ තවුස් උතුමාණෝ දැන් ම සිනාසී නැවත හඬන්ට වන්හ. ස්වාමීනි, අපගේ කුමරුවන්ට කිසියම් අනතුරක් වන්නේදැ යි විචාළහ. නැත කුමරුවන්ට කිසි අනතුරක් නො වේ. නිසැකයෙන් ම එතුමෝ බුදු වන්නාහ. එසේ නම් ඔබ හැඬුවේ මන්ද? මේ මහා පුරුෂයා මතු බුදු වනු දකින්ට නො ලබන්නෙමි. එයින් මට මහත් හානියක් වන්නේය. මා පිළිබඳව සිතා හඬමි යි කීහ. ඉක්බිති, තවුසාණෝ මගේ කවර හෝ ඥාතියකු මෙතුමන් බුදු වනු දකින්නේදැ යි විමසන්නාහු, බෑණනුවන් වන නාලක දරුවා දුටහ. එතුමෝ වහා ම නැගනියගේ ගෙට ගොස් තිගේ පුත් නාලක කොහිද? ස්වාමීනි, ගෙහි සිටි එසේ නම් ඔහු කැඳවනු ළඟට පැමිණි නාලක අමතා කීහ. දරුව, සුද්ධෝදන රජ කුලයෙහි පුතෙක් උපණ. එතුමා බුද්ධාංකුරයකි. හෙවත් බෝධි සත්ත්වයෙකි. පන්තිස් වසකින් පසු බුදු වන්නේය. ඔබ ඒ බුදුන් දකින්නෙහිය. අද ම පැවිදි වන්න. අසූහත් කෙළක් ධනය ඇති කුලයක උපන් නාලක කුමරුවෝ මගේ මයිලණුවෝ මා අවැඩක නො යොදවන්නේයැ යි සිතා කඩයෙන් කසාවත් ද මැටි පාත්‍රයක් ද ගෙන්වා ගෙන කෙස් රැවුල් බහා කසාවත් හැඳ මගේ පැවිද්ද ලෝකයෙහි උත්තම පුද්ගලයා උදෙසා යි. බෝසතුන් දෙසට මුහුණලා ඇඳිලි බැඳ පාත්‍රය ථිවිකයෙන් බහා උරයෙහි එල්බගෙන හිමවතට පිවිස මහණ දම් පිරූහ. නාලක තෙරණුවෝ පසුකාලයෙහි සම්බෝධියට පත් තථාගතයන් වහන්සේ වෙත එළැඹ නාලක ප්‍රතිපදාව අසා දැනගෙන නැවත හිමවතට ගොස් රහත් බවට පැමිණ ඉතා දැඩි සසුන් පිළිවෙතෙහි පිළිපන්නාහු, සත් මසක ආයු විඳ රන්වන් පව්වක් ඇසුරු කොට සිටි ඉරියව්වෙන් ම නිරුපදිසේස හෙවත් ස්කන්ධ ශේෂ්යක් නැති නිවනින් පිරිනිවන් පෑ සේක.
බොධිසත්තම්පි ඛො පඤ්චමෙ දිවසෙ සීසං න්හාපෙත්වා “නාමග්ගහණං ගණ්හිස්සාමා”ති රාජභවනං චතුජ්ජාතිකගන්ධෙහි විලිම්පිත්වා ලාජාපඤ්චමකානි පුප්ඵානි විකිරිත්වා අසම්භින්නපායාසං පචාපෙත්වා තිණ්ණං වෙදානං පාරඞ්ගතෙ අට්ඨසතබ්රාහ්මණෙ නිමන්තෙත්වා රාජභවනෙ නිසීදාපෙත්වා සුභොජනං භොජෙත්වා මහාසක්කාරං කත්වා “කිං නු ඛො භවිස්සතී”ති ලක්ඛණානි පරිග්ගහාපෙසුං. තෙසු –
බෝසතුන් උපන් පස් වැනි දිනයෙහි කුමරුන්ගේ හිස නහවා නම් තැබීම සඳහා රජ මැදුර සිව් දෑ ගඳින් පිරිබඩ කොට ලදපස් මල් විසුරුවා දියනු මුසු කිරි බත් පිසවා ත්රිවේදය මනාව දත් අටෝරාශියක් බමුණන් රජ මැදුරට කැඳවා අසුන්හි වඩා හිඳවා මිහිරි බොජුන් වළඳවා මහත් සේ සම්මාන කොට කුමරුන් කුමක් සිදුවන්නේදැ යි ශරීරාංග ලක්ෂණ විමසූහ.
“රාමො ධජො ලක්ඛණො චාපි මන්තී, කොණ්ඩඤ්ඤො ච භොජො සුයාමො සුදත්තො; එතෙ තදා අට්ඨ අහෙසුං බ්රාහ්මණා, ඡළඞ්ගවා මන්තං වියාකරිංසූ”ති. –
ඔවුන් අතුරින් රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදන්ත යන බමුණන් අට දෙනා එදින සිටියහ. ඔවුහු සවැදෑරුම් වේදාංග මන්ත්‍ර අනුව ශරීර ලක්ෂණ විමසූහ.
ඉමෙ අට්ඨෙව බ්රාහ්මණා ලක්ඛණපරිග්ගාහකා අහෙසුං. පටිසන්ධිග්ගහණදිවසෙ සුපිනොපි එතෙහෙව පරිග්ගහිතො. තෙසු සත්ත ජනා ද්වෙ අඞ්ගුලියො උක්ඛිපිත්වා ද්වෙධා බ්යාකරිංසු – “ඉමෙහි ලක්ඛණෙහි සමන්නාගතො අගාරං අජ්ඣාවසමානො රාජා හොති චක්කවත්තී, පබ්බජමානො බුද්ධො”ති, සබ්බං චක්කවත්තිරඤ්ඤො සිරිවිභවං ආචික්ඛිංසු. තෙසං පන සබ්බදහරො ගොත්තතො කොණ්ඩඤ්ඤො නාම මාණවො බොධිසත්තස්ස වරලක්ඛණනිප්ඵත්තිං ඔලොකෙත්වා – “ඉමස්ස අගාරමජ්ඣෙ ඨානකාරණං නත්ථි, එකන්තෙනෙස විවට්ටච්ඡදො බුද්ධො භවිස්සතී”ති එකමෙව අඞ්ගුලිං උක්ඛිපිත්වා එකංසබ්යාකරණං බ්යාකාසි. අයඤ්හි කතාධිකාරො පච්ඡිමභවිකසත්තො පඤ්ඤාය ඉතරෙ සත්ත ජනෙ අභිභවිත්වා “ඉමෙහි ලක්ඛණෙහි සමන්නාගතස්ස අගාරමජ්ඣෙ ඨානං නාම නත්ථි, අසංසයං බුද්ධො භවිස්සතී”ති එකමෙව ගතිං අද්දස, තස්මා එකං අඞ්ගුලිං උක්ඛිපිත්වා එවං බ්යාකාසි. අථස්ස නාමං ගණ්හන්තා සබ්බලොකස්ස අත්ථසිද්ධිකරත්තා “සිද්ධත්ථො”ති නාමමකංසු.
මේ බමුණන් අට දෙනා ම අංග ලක්ෂණ පරීක්ෂා කරන්නෝ වූහ. බෝසතුන් පිළිසිඳ ගත් දිනයෙහි ද බෝසත් මව දුටු සිහිනය පරීක්ෂා කළෝ ද මොහුය. ඔවුනතුරින් සත් දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා දෙවිදියකින් ප්‍රකාශ කළහ. මේ අංග සලකුණුවලින් යුක්ත වූවෝ, ගිහි ගෙයි වසන්නෝ නම් සක්විති රජ වන්නෝය. පැවිදි වන්නෝ නම් බුදු වන්නාහ. මෙසේ ප්‍රකාශ කළ බමුණෝ සක්විති රජුගේ ශ්‍රී විභූතිය වැනූහ. ඔවුනතුරින් හැමට ම ලාබාල ව සිටි කොණ්ඩඤ්ඤ නම් මානවකයා බෝසතුන්ගේ සර්වප්රකාරයෙන් උතුම් වූ ශරීර ලක්ෂණ විමසා බලා මේ උථ්තමයාණන්ට ගෘහ ජීවිතයේ විසීමට හේතු කාරණා නැත. ඒකාන්තයෙන් කෙළෙස් ඉවත් කළ බුදු කෙනෙක් වන්නාහුයැ යි එක ම ඇඟිල්ලක් දිගු කොට එක ම ප්රකාශනයක් කළේය. මේ කොණ්ඩඤ්ඤ බමුණු වනාහි මේ අන්තිම අත්බව ඇත්තෙකි. නුවණින් ද අනෙක් සත් දෙනා අභිබවා සිටී. මේ ලකුණුවලින් යුක්ත මේ උත්තමයාණන් ගිහි ගෙයි විසීමට හේතු නැත. නිසැකව ම බුදු වන්නේයැ යි එක ම පැවැත්මක් දුටුවේය. එම නිසා එක ම ඇඟිල්ලක් දිගු කොට එසේ ප්‍රකාශ කළේය.
අථ තෙ බ්රාහ්මණා අත්තනො ඝරානි ගන්ත්වා පුත්තෙ ආමන්තයිංසු – “තාතා, අම්හෙ මහල්ලකා, සුද්ධොදනමහාරාජස්ස පුත්තං සබ්බඤ්ඤුතං පත්තං මයං සම්භවෙය්යාම වා නො වා, තුම්හෙ තස්මිං කුමාරෙ සබ්බඤ්ඤුතං පත්තෙ තස්ස සාසනෙ පබ්බජෙය්යාථා”ති. තෙ සත්තපි ජනා යාවතායුකං ඨත්වා යථාකම්මං ගතා, කොණ්ඩඤ්ඤමාණවොව අරොගො අහොසි. සො මහාසත්තෙ වුඩ්ඪිමන්වාය මහාභිනික්ඛමනං අභිනික්ඛමිත්වා අනුක්කමෙන උරුවෙලං ගන්ත්වා “රමණීයො, වත අයං භූමිභාගො, අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා”ති චිත්තං උප්පාදෙත්වා තත්ථ වාසං උපගතෙ “මහාපුරිසො පබ්බජිතො”ති සුත්වා තෙසං බ්රාහ්මණානං පුත්තෙ උපසඞ්කමිත්වා එවමාහ “සිද්ධත්ථකුමාරො කිර පබ්බජිතො, සො නිස්සංසයං බුද්ධො භවිස්සති. සචෙ තුම්හාකං පිතරො අරොගා අස්සු, අජ්ජ නික්ඛමිත්වා පබ්බජෙය්යුං. සචෙ තුම්හෙපි ඉච්ඡෙය්‍යාථ, එථ, අහං තං පුරිසං අනුපබ්බජිස්සාමී”ති. තෙ සබ්බෙ එකච්ඡන්දා භවිතුං නාසක්ඛිංසු , තයො ජනා න පබ්බජිංසු. කොණ්ඩඤ්ඤබ්රාහ්මණං ජෙට්ඨකං කත්වා ඉතරෙ චත්තාරො පබ්බජිංසු. තෙ පඤ්චපි ජනා පඤ්චවග්ගියත්ථෙරා නාම ජාතා.
ඉක්බිති, ඒ බමුණෝ තම තමන්ගේ ගෙවලට ගොස් පුත්‍රයන් අමතා මෙසේ කීහ. අපි මහල්ලෝ වෙමු. සියල්ල දත් බුදු බවට පත්වන සුදොවුන් මහරජාණන්ගේ පුත් කුමරා අප මුණගැසීම හෝ නොවීම විය හැකිය. ඔබලා, එතුමා සියල්ල දත් බවට පැමිණි කල්හි එතුමාගේ සසුනෙහි පැවිදි වව්යැ යි පවසා ආයු ඇතිතාක් සිට කම් වූ පරිදි ගියෝය. කොණ්ඩඤ්ඤ මානවකයා නිරෝග විය. බෝසතුන් වැඩිවිය පත්ව මහබිනික්මන් කොට පිළිවෙලින් උරුවේලාව ගොස් මේ භූමි භාගය ඉතා සිත්ගන්නා සුළුය. මහා වීර්යය කැරෙනු කැමති කුල පුත්‍රයකු ව ප්‍රධන් වීර්යය කිරීමට ඉතා සුදුසුයැ යි එහි සිත් අලවා වාසයට පැමිණි කල්හි, කොණ්ඩඤ්ඤ බමුණු තෙම අනෙක් සත් බමුණන්ගේ පුතුන් වෙත ගොස් කීය. සිද්ධාර්ථ කුමරු පැවිදි වීය. එතුමාණෝ නිසැකයෙන් බුදු වන්නෝය. ඉඳින් ඔබලාගේ පියවරු ජීවත් ව සිටියෝ නම් අද ම පැවිදි වන්නාහුය. ඉදින් ඔබලා කැමැත්තහු නම් එනු මැනව. මම ඒ උත්තමයාණන් අනුව පැවිදි වන්නෙමි. ඒ සියලු දෙන එක ම අදහස් ඇත්තන් වීමට නො හැකි වූහ. තිදෙනෙක් පැවිදි නො වූහ. ඉතිරි සතර දෙනා කොණ්ඩඤ්ඤ බමුණු දෙටු කොට පැවිදි වූහ. මොවුන් පස් දෙනා පසු කල පස්වග තෙරවරු වූහ.
තදා පන රාජා “කිං දිස්වා මය්හං පුත්තො පබ්බජිස්සතී”ති පුච්ඡි. “චත්තාරි පුබ්බනිමිත්තානී”ති. “කතරඤ්ච කතරඤ්චා”ති? “ජරාජිණ්ණං, බ්යාධිතං, කාලකතං, පබ්බජිත”න්ති. රාජා “ඉතො පට්ඨාය එවරූපානං මම පුත්තස්ස සන්තිකං උපසඞ්කමිතුං මා අදත්ථ, මය්හං පුත්තස්ස බුද්ධභාවෙන කම්මං නත්ථි, අහං මම පුත්තං ද්විසහස්සදීපපරිවාරානං චතුන්නං මහාදීපානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙන්තං ඡත්තිංසයොජනපරිමණ්ඩලාය පරිසාය පරිවුතං ගගනතලෙ විචරමානං පස්සිතුකාමො”ති. එවඤ්ච පන වත්වා ඉමෙසං චතුප්පකාරානං නිමිත්තානං කුමාරස්ස චක්ඛුපථෙ ආගමනනිවාරණත්ථං චතූසු දිසාසු ගාවුතෙ ගාවුතෙ ආරක්ඛං ඨපෙසි. තං දිවසං පන මඞ්ගලට්ඨානෙ සන්නිපතිතෙසු අසීතියා ඤාතිකුලසහස්සෙසු එකෙකො එකමෙකං පුත්තං පටිජානි – “අයං බුද්ධො වා හොතු රාජා වා, මයං එකමෙකං පුත්තං දස්සාම. සචෙපි බුද්ධො භවිස්සති, ඛත්තියසමණෙහෙව පුරක්ඛතපරිවාරිතො විචරිස්සති. සචෙපි රාජා භවිස්සති, ඛත්තියකුමාරෙහෙව පුරක්ඛතපරිවාරිතො විචරිස්සතී”ති. රාජාපි බොධිසත්තස්ස උත්තමරූපසම්පන්නා විගතසබ්බදොසා ධාතියො පච්චුපට්ඨාපෙසි. බොධිසත්තො අනන්තෙන පරිවාරෙන මහන්තෙන සිරිසොභග්ගෙන වඩ්ඪති.
එදින ම රජතුමා පුත් කුමරු කමක් දැක පැවිදි වන්නේදැ යි විචාරා මහලු, රෝගී, මළ, පැවිදි යන සිව් පෙර නිමිති දැකයැ යි අසා මෙතැන් සිට එවැනි අයට මගේ පුතු ළඟට එන්ට ඉඩ නොදෙව්. මගේ පුතුට බුදු බවෙන් කම් නැත. මම මගේ පුදු දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයන්ට අධිපති ව සතිසක් යොදුන් වට සිටීමට ප්‍රමාණවත් පිරිස පිරිවරා සක්විති රාජ්‍යය කරනු දකිනු රිසියෙමි. මෙසේ කියා එකී සිව් වැදෑරුම් පුරුෂයන්ට කුමරුන්ගේ ඇස් හමුවට පැමිණීම වැළැක්වීම සඳහා සිව් දිශාවෙන් ගව්වක් පමණ තැන ආරක්ෂා සැලසීය. එදින මංගල උත්සවය පැමිණි අසූ දහසක් ඤාති කුල අතුරින් එක එක කුලය කුමරුන් බුදු වූවා හෝ රජ වූවා හෝ අපි එක එක පුත්‍රයා දෙමු. ඉදින් හේ බුදු වී නම් ක්ෂත්රිය ශ්රමණයන් පිරිවරා ගෙන හැසිරෙයි. රජතුමා බෝසතුන්ට උතුම් රූසපුවෙන් යුත් සියලු දෝෂයෙන් මිදුණු කිරි මව්වරුන් ද ලබාදුනි. මෙසේ බෝසතාණෝ පිරිවරින් ද සෞභාග්‍යයෙන් ද වැඩෙයි.
අථෙකදිවසං රඤ්ඤො වප්පමඞ්ගලං නාම අහොසි. තං දිවසං සකලනගරං දෙවවිමානං විය අලඞ්කරොන්ති. සබ්බෙ දාසකම්මකරාදයො අහතවත්ථනිවත්ථා ගන්ධමාලාදිපටිමණ්ඩිතා රාජකුලෙ සන්නිපතන්ති. රඤ්ඤො කම්මන්තෙ නඞ්ගලසහස්සං යොජීයති. තස්මිං පන දිවසෙ එකෙනූනඅට්ඨසතනඞ්ගලානි සද්ධිං බලිබද්දරස්මියොත්තෙහි රජතපරික්ඛතානි හොන්ති, රඤ්ඤො ආලම්බනනඞ්ගලං පන රත්තසුවණ්ණපරික්ඛතං හොති. බලිබද්දානං සිඞ්ගරස්මිපතොදාපි සුවණ්ණපරික්ඛතාව හොන්ති. රාජා මහතා පරිවාරෙන නික්ඛන්තො පුත්තං ගහෙත්වා අගමාසි. කම්මන්තට්ඨානෙ එකො ජම්බුරුක්ඛො බහලපලාසො සන්දච්ඡායො අහොසි. තස්ස හෙට්ඨා කුමාරස්ස සයනං පඤ්ඤපාපෙත්වා උපරි සුවණ්ණතාරකඛචිතං විතානං බන්ධාපෙත්වා සාණිපාකාරෙන පරික්ඛිපාපෙත්වා ආරක්ඛං ඨපාපෙත්වා රාජා සබ්බාලඞ්කාරං අලඞ්කරිත්වා අමච්චගණපරිවුතො නඞ්ගලකරණට්ඨානං අගමාසි. තත්ථ රාජා සුවණ්ණනඞ්ගලං ගණ්හාති, අමච්චා එකෙනූනට්ඨසතරජතනඞ්ගලානි, කස්සකා සෙසනඞ්ගලානි. තෙ තානි ගහෙත්වා ඉතො චිතො ච කසන්ති. රාජා පන ඔරතො වා පාරං ගච්ඡති, පාරතො වා ඔරං ආගච්ඡති. එතස්මිං ඨානෙ මහාසම්පත්ති අහොසි. බොධිසත්තං පරිවාරෙත්වා නිසින්නා ධාතියො “රඤ්ඤො සම්පත්තිං පස්සිස්සාමා”ති අන්තොසාණිතො බහි නික්ඛන්තා. බොධිසත්තො ඉතො චිතො ච ඔලොකෙන්තො කඤ්චි අදිස්වා වෙගෙන උට්ඨාය පල්ලඞ්කං ආභුජිත්වා ආනාපානෙ පරිග්ගහෙත්වා පඨමජ්ඣානං නිබ්බත්තෙසි. ධාතියො ඛජ්ජභොජ්ජන්තරෙ විචරමානා ථොකං චිරායිංසු. සෙසරුක්ඛානං ඡායා නිවත්තා, තස්ස පන රුක්ඛස්ස පරිමණ්ඩලා හුත්වා අට්ඨාසි. ධාතියො “අය්යපුත්තො එකතො”ති වෙගෙන සාණිං උක්ඛිපිත්වා අන්තො පවිසමානා බොධිසත්තං සයනෙ පල්ලඞ්කෙන නිසින්නං තඤ්ච පාටිහාරියං දිස්වා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසුං – “දෙව, කුමාරො එවං නිසින්නො, අඤ්ඤෙසං රුක්ඛානං ඡායා නිවත්තා, ජම්බුරුක්ඛස්ස පන පරිමණ්ඩලා ඨිතා”ති. රාජා වෙගෙනාගන්ත්වා පාටිහාරියං දිස්වා – “ඉදං තෙ, තාත, දුතියං වන්දන”න්ති පුත්තං වන්දි.
එක් දිනක් රජුගේ වප් මඟුල එළැඹ තිබිණි. එදවස සියලු නුවර ම දෙව් විමනක් මෙන් සරසයි. සියලු දැසිදස්, කම්කරු ආදීහු ද නව වස්ත්‍ර හැඳ සුවඳ මල් ආදියෙන් සැරසී රාජ භවනයට රැස් වෙත්. රජතුමාගේ වප් මංගල උත්සවය සඳහා නගුල් දහසක් යොදනු ලැබේ. එදවස වනාහි එකක් අඩු අටසියයක් නගුල් විය. ඒවා ගොනුන් රැහැන් යොත් සමග ම රිදියෙන් ආලේප කරන ලද්දේ විය. රජුන් සී සානා නගුල රන් ආලේපිතය. ගොනුන්ගේ අං සහ යොත් ද කෙවිටි ආදිය ද රනින් විසිතුරු විය. රජතුමා මහත් පිරිවරින් වප් උත්සවය සඳහා නික්මුණේ, පුත් කුමරු ද රැගෙන ගියේය. වප් මඟුල ආසන්නයෙහි ඝන ව වැඩුණු කොළ ඇති එනිසා ම සිසිල් සෙවන ඇති දඹ ගසක් විය. එම ගස මුල අසුනක් පනවා රන්වන් කැටයම් කළ උඩු වියනක් බැඳ වටකැර තිර ඇද රැකවරණ සලසා රජතුමා සර්වාභරණයෙහි සැරසී ඇමැතියන් පිරිවරා වප් මඟුල් ස්ථානයට ගියේය. එහිදී රජතුමා රන් නගුල ගනී. ඇමැතියෝ එකක් අඩු අටසීයක් රිදී නගුල් ගනිති. ගොවියෝ සෙසු නගුල් ගනිති. ඔවුහු ඒවා ගෙන ඒ ඒ තැන සී සාත්. රජතුමා මෙතැන සිට එතැනට හෝ එතැන සිට මෙතැනට හෝ සී සාමින් එයි. එහි මහත් සම්පත් ඇති විය. බෝසතුන් පිරිවරා සිටි කිරි මව්වරු ද රජුගේ සම්පත් බැලීමට වට තිරයෙන් පිටතට ගියහ. බෝසත් කුමරුවෝ වටපිට බලා කිසිවකු නො දැක වහා නැඟිට පළක් බැඳ ආනාපාන සති කමටහන් වඩා පළමු ධ්‍යානය ලබාගත්හ. කිරි මව්වරු ආහාර පාන ගැනීම් සඳහා මදක් කල්ගත කළහ. ඒ අවස්ථාවෙහි සෙසු ගස්හි සෙවනැල්ල හිරු හැරුණු ද නො වෙනස් ව දඹ ගස වට කොට සිටියේය. කිරි මව්වරු බෝසතුන් හුදෙකලා බව දැන අවුත් තිරය ඔසවා බලන්නාහු, සයනයෙහි පළක් බැඳ වැඩහුන් බෝසතුන් දැක රජතුමාට සැල කළහ. දේවයිනි, කුමාරයෝ මෙසේ බද්ධපර්යංකයෙහි සිටිති. සෙසු ගස්වල සෙවන හිරු අනුව නො වෙනස් ව තිබේ. දඹ ගසේ සෙවන මණ්ඩලාකාරව සිටී. රජතුමා වේගයෙන් අවුත් ඒ පෙළහර දැක පුත, මේ මගේ දෙවන වැඳුම යැයි තම පුතුට වැන්දේය.
අථ අනුක්කමෙන බොධිසත්තො සොළසවස්සුද්දෙසිකො ජාතො. රාජා බොධිසත්තස්ස තිණ්ණං උතූනං අනුච්ඡවිකෙ තයො පාසාදෙ කාරෙසි – එකං නවභූමකං, එකං සත්තභූමකං, එකං පඤ්චභූමකං, චත්තාලීසසහස්සා ච නාටකිත්ථියො උපට්ඨාපෙසි. බොධිසත්තො දෙවො විය අච්ඡරාසඞ්ඝපරිවුතො, අලඞ්කතනාටකපරිවුතො, නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරියමානො මහාසම්පත්තිං අනුභවන්තො උතුවාරෙන තෙසු පාසාදෙසු විහරති. රාහුලමාතා පනස්ස දෙවී අග්ගමහෙසී අහොසි.
පිළිවෙලින් බෝසත්හු සොළොස් වියට පැමිණියහ. රජතුමා බෝසතුන් වෙනුවෙන් හේමන්ත, ග්‍රීෂ්ම, වර්ෂා යන ත්‍රිවිධ සෘතූන් සුදුසු පරිදි මාලිගා තුනක් කැරවීය. ඒවා නව මහල්, සත් මහල්, පස් මහල් විය. සතලිස් දහසක් නිළියෝ බෝසතුන් සතුටු කළහ. මෙසේ බෝසත්හු දෙව් ලොව අප්සරාවන් පිරිවරා ගත් දිව්‍යය රාජයෙක් මෙන් අලංකෘත නළඟනන් විසින් පිරිවරන ලදුව පිරිමි පහස නැති වාසයෙන් සතුටු කරනු ලබන්නේ, මහත් සම්පත් අනුභව කරමින් ඒ ඒ සෘතු අනුව ඒ ඒ පහයෙහි වාසය කරති. රාහුල මාතාව හෙවත් යශෝධරා දේවිය බෝසතුන්ගේ අග මෙහෙසිය වූවාය.
තස්සෙවං මහාසම්පත්තිං අනුභවන්තස්ස එකදිවසං ඤාතිසඞ්ඝස්ස අබ්භන්තරෙ අයං කථා උදපාදි – “සිද්ධත්ථො කීළාපසුතොව විචරති, කිඤ්චි සිප්පං න සික්ඛති, සඞ්ගාමෙ පච්චුපට්ඨිතෙ කිං කරිස්සතී”ති. රාජා බොධිසත්තං පක්කොසාපෙත්වා – “තාත, තව ඤාතකා ‘සිද්ධත්ථො කිඤ්චි සිප්පං අසික්ඛිත්වා කීළාපසුතොව විචරතී’ති වදන්ති, එත්ථ කිං පත්තකාලෙ මඤ්ඤසී”ති. දෙව, මම සිප්පං සික්ඛනකිච්චං නත්ථි, නගරෙ මම සිප්පදස්සනත්ථං භෙරිං චරාපෙථ “ඉතො සත්තමෙ දිවසෙ ඤාතකානං සිප්පං දස්සෙස්සාමී”ති. රාජා තථා අකාසි. බොධිසත්තො අක්ඛණවෙධිවාලවෙධිධනුග්ගහෙ සන්නිපාතාපෙත්වා මහාජනස්ස මජ්ඣෙ අඤ්ඤෙහි ධනුග්ගහෙහි අසාධාරණං ඤාතකානං ද්වාදසවිධං සිප්පං දස්සෙසි. තං සරභඞ්ගජාතකෙ ආගතනයෙනෙව වෙදිතබ්බං. තදාස්ස ඤාතිසඞ්ඝො නික්කඞ්ඛො අහොසි.
මෙසේ මහත් සම්පත් විඳිමින් කල්ගත කරන අතර එක් දවසක් ඤාති සමූහයා අතර මෙබඳු කතාවක් ඇතිවිය. සිදුහත් කුමරු ක්‍රීඩාලෝලී ව සිටියි. කිසි ශිල්පයක් නො හදාරයි. යුද්ධයක් එළැඹ සිටි කල්හි කුමක් කරන්නේ ද? රජතුමා බෝසතුන් කැඳවා දරුව, ඔබ ඤාතීහු සිදුහත් කුමරු කිසි ශිල්පයක් නො හදාරා ක්‍රීඩාවෙහි නිරත ව සිටිතැ යි කියති. යුද්ධයක් පැමිණි කල්හි කුමක් කරන්ට සිතා සිටින්නෙහි ද? පියාණෙනි, මට ශිල්ප හැදෑරීමේ අවශ්‍යතාවයක් නැත. මගේ ශිල්ප දැක්වීම සඳහා නුවර බෙර හසුරවනු මැනවි. මෙයින් සත් වැනි දවස ඤාතීන්ට ශිල්ප දක්වමි. රජතුමා එසේ කළේය. බෝසතාණෝ අක්ෂණවේදී හෙවත් විදුලි එළියෙන් ලක්ෂය විදිනා හා වාළවෙයී හෙවත් බටුඵලය එල්ලූ අස්ලොමට විදීමට සමත් ආදී දුනුවායන් රැස් කැරෙවා මහජනයා මැද අනෙක් දුනුවායන්ට සාධාරණ නො වූ දොළොස් ආකාර ශිල්පයක් ඤාතීන්ට පෙන්වීය. ඒ සියල්ල සරභංග ජාතකයෙහි සඳහන් ආකාරයෙන් දත යුතුයි. ඉන්පසු ඤාතීහු සැක නැත්තෝ වූහ.
අථෙකදිවසං බොධිසත්තො උය්යානභූමිං ගන්තුකාමො සාරථිං ආමන්තෙත්වා “රථං යොජෙහී”ති ආහ. සො “සාධූ”ති පටිස්සුණිත්වා මහාරහං උත්තමරථං සබ්බාලඞ්කාරෙන අලඞ්කරිත්වා කුමුදපත්තවණ්ණෙ චත්තාරො මඞ්ගලසින්ධවෙ යොජෙත්වා බොධිසත්තස්ස පටිවෙදෙසි. බොධිසත්තො දෙවවිමානසදිසං රථං අභිරුහිත්වා උය්යානාභිමුඛො අගමාසි. දෙවතා “සිද්ධත්ථකුමාරස්ස අභිසම්බුජ්ඣනකාලො ආසන්නො, පුබ්බනිමිත්තං දස්සෙස්සාමා”ති එකං දෙවපුත්තං ජරාජජ්ජරං ඛණ්ඩදන්තං පලිතකෙසං වඞ්කං ඔභග්ගසරීරං දණ්ඩහත්ථං පවෙධමානං කත්වා දස්සෙසුං. තං බොධිසත්තො චෙව සාරථි ච පස්සන්ති. තතො බොධිසත්තො සාරථිං – “සම්ම, කො නාමෙස පුරිසො, කෙසාපිස්ස න යථා අඤ්ඤෙස”න්ති මහාපදානෙ ආගතනයෙන පුච්ඡිත්වා තස්ස වචනං සුත්වා “ධීරත්ථු වත භො ජාති, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී”ති සංවිග්ගහදයො තතොව පටිනිවත්තිත්වා පාසාදමෙව අභිරුහි. රාජා “කිං කාරණා මම පුත්තො ඛිප්පං පටිනිවත්තී”ති පුච්ඡි. “ජිණ්ණකං පුරිසං දිස්වා දෙවා”ති. “ජිණ්ණකං දිස්වා පබ්බජිස්සතීති ආහංසු, කස්මා මං නාසෙථ, සීඝං පුත්තස්ස නාටකානි සජ්ජෙථ, සම්පත්තිං අනුභවන්තො පබ්බජ්ජාය සතිං න කරිස්සතී”ති වත්වා ආරක්ඛං වඩ්ඪෙත්වා සබ්බදිසාසු අඩ්ඪයොජනෙ අඩ්ඪයොජනෙ ඨපෙසි.
එක් දවසක් බෝසත්හු උයන් බිමට යනු කැමැත්තෝ, රථය සරසන ලෙස රියදුරුට කීහ. හෙතෙම මැනවැ යි පිළිගෙන මාහැඟි උතුම් රථයක් සියලු අලංකාරයෙන් සරසා කුමුදු පත්‍ර වර්ණ ඇති මංගල සෛන්ධව අශ්වයන් සිව් දෙනකු යොදා බෝසතුන්ට දැන්වීය. බෝසත්හු දෙවි විමනක් සමාන රථයට නැඟී උයන දෙසට ගියහ. දෙවියෝ සිතූහ. සිදුහත් කුමරුගේ අහිංසා බෝධියට දැන් සුදුසු කාලයයි. පෙර නිමිති දක්වන්නෙමු යි, එක් දිව්‍ය පුත්‍රයෙක් මහළු දිරාපත් වූ, දත් වැටුණු, කෙස් පැසීගිය, ගෝනුස්සකු මෙන් වක් වූ කඳ, කටී, දණ යන තැන්වලින් නැමුණු, සැරයටියක් අතින් ගත් වෙවුලන ආකාරයෙන් පෙනී සිටියේය. එම රූපය බෝසතුන් සහ රියදුරා පමණක් දකිති. බෝසත්හු රියදුරා අමතා යහළුව, මේ පුරුෂයා කවරෙක් ද? ඔහුගේ කෙස් ද අන් අය හා සමාන නො වෙයි මහාපදාන සූත්‍රයෙහි සඳහන් ක්‍රමයෙන් විචාරා රියදුරුගේ පිළිතුර අසා. මෙළොව ඉපදීමට නින්දා වේවා. උපන්නා හට මහළු බව පෙනෙන්නේ යි සංවේගයට පත් සිතැති ව එතැනින් ම ආපසු හැරී මාලිගයට පිවිසියහ. රජතුමා මගේ පුතු වහා ම ආපසු පැමිණියේ මන්දැ යි විචාරා මහළු රුවක් දැකයැ යි අසා මහල්ලෙක් දැක පැවිදි වන්නේ යි පෙර ඇසූ වදන ම සිහි කළේය. මා නො නැසුව මැනවි. නාට්‍යය සංගීතාදිය පිළිවෙල කරව්. සැප සම්පත් විඳින විට පැවිද්ද සිහි නො වන්නේයැ යි ආරක්ෂා තර කොට සියලු දිශාවන්හි අඩ යොදුනක් තැන් රැකවරණ යෙදීය.
පුනෙකදිවසං බොධිසත්තො තථෙව උය්යානං ගච්ඡන්තො දෙවතාහි නිම්මිතං බ්යාධිතං පුරිසං දිස්වා පුරිමනයෙනෙව පුච්ඡිත්වා සංවිග්ගහදයො නිවත්තිත්වා පාසාදං අභිරුහි. රාජාපි පුච්ඡිත්වා හෙට්ඨා වුත්තනයෙනෙව සංවිදහිත්වා පුන වඩ්ඪෙත්වා සමන්තා තිගාවුතප්පමාණෙ පදෙසෙ ආරක්ඛං ඨපෙසි. අපරං එකදිවසං බොධිසත්තො තථෙව උය්යානං ගච්ඡන්තො දෙවතාහි නිම්මිතං කාලකතං දිස්වා පුරිමනයෙනෙව පුච්ඡිත්වා සංවිග්ගහදයො පුන නිවත්තිත්වා පාසාදං අභිරුහි. රාජාපි පුච්ඡිත්වා හෙට්ඨා වුත්තනයෙනෙව සංවිදහිත්වා පුන වඩ්ඪෙත්වා සමන්තා යොජනප්පමාණෙ පදෙසෙ ආරක්ඛං ඨපෙසි. අපරං පන එකදිවසං උය්යානං ගච්ඡන්තො තථෙව දෙවතාහි නිම්මිතං සුනිවත්ථං සුපාරුතං පබ්බජිතං දිස්වා “කො නාමෙසො සම්මා”ති සාරථිං පුච්ඡි. සාරථි කිඤ්චාපි බුද්ධුප්පාදස්ස අභාවා පබ්බජිතං වා පබ්බජිතගුණෙ වා න ජානාති, දෙවතානුභාවෙන පන “පබ්බජිතො නාමායං දෙවා”ති වත්වා පබ්බජ්ජාය ගුණෙ වණ්ණෙසි. බොධිසත්තො පබ්බජ්ජාය රුචිං උප්පාදෙත්වා තං දිවසං උය්යානං අගමාසි. දීඝභාණකා පනාහු “චත්තාරි නිමිත්තානි එකදිවසෙනෙව දිස්වා අගමාසී”ති.
නැවත එක් දිනක් බෝසත්හු පෙර සේ ම උයනට යන්නාහු, දෙවියන් විසින් මවන ලද රෝගී පුරුෂයකු දැක පෙර සේ ම විචාරා කළකිරීමට පත්ව ආපසු පැමිණ මාලිගයට වන්නාහ. රජතුමා ද පෙර පරිදි ම අසා සංවිධාන තිගව්වක් ප්‍රදේශයෙහි තර කළේය. නැවත එක් දවසක් උයනට යන බෝසත්හු දේව නිර්මිත මළ සිරුරක් දැක සංවේගයට පත්ව ආපසු අවුත් මාලිගයට පිවිසියහ. මෙවර රජතුමා යොදුනක් පමණ ආරක්ෂා තර කෙළේය. වෙනත් දවසක බෝසත්හු උයනට යන අතරතුර දෙවියන් විසින් මවන ලද මනාව සිවුරු හැඳ පෙරවූ පැවිදි රුවක් දැක මේ කවරෙක්දැ යි රියදුරුගෙන් විචාළහ. බුදු සසුන පවත්නා කාලයක් නො වන නිසා පැවිද්දකු හෝ පැවිදි ගුණ නො දන්නා රියදුරා දෙවියන්ගේ අනුහසින් දේවයිනි, මේ පැවිද්දෙක්යැ යි හඳුන්වා පැවිදි ගුණ ද වැනීය. බෝසත්හු පැවිද්දට සිත නැමී එදවස උයනට ගියේය. දීඝභාණක තෙරවරු, සතර පෙර නිමිති එක දවසයෙහි ම දැක අබිනික්මන් කළ බව කියත්.
සො තත්ථ දිවසභාගං කීළිත්වා මඞ්ගලපොක්ඛරණියං න්හායිත්වා අත්ථඞ්ගතෙ සූරියෙ මඞ්ගලසිලාපට්ටෙ නිසීදි අත්තානං අලඞ්කාරාපෙතුකාමො. අථස්ස පරිචාරකපුරිසා නානාවණ්ණානි දුස්සානි නානප්පකාරා ආභරණවිකතියො මාලාගන්ධවිලෙපනානි ච ආදාය සමන්තා පරිවාරෙත්වා අට්ඨංසු. තස්මිං ඛණෙ සක්කස්ස නිසින්නාසනං උණ්හං අහොසි . සො “කො නු ඛො මං ඉමම්හා ඨානා චාවෙතුකාමො”ති උපධාරෙන්තො බොධිසත්තස්ස අලඞ්කාරෙතුකාමතං ඤත්වා විස්සකම්මං ආමන්තෙසි “සම්ම විස්සකම්ම, සිද්ධත්ථකුමාරො අජ්ජ අඩ්ඪරත්තසමයෙ මහාභිනික්ඛමනං නික්ඛමිස්සති, අයමස්ස පච්ඡිමො අලඞ්කාරො, උය්යානං ගන්ත්වා මහාපුරිසං දිබ්බාලඞ්කාරෙහි අලඞ්කරොහී”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා දෙවතානුභාවෙන තඞ්ඛණංයෙව උපසඞ්කමිත්වා තස්සෙව කප්පකසදිසො හුත්වා කප්පකස්ස හත්ථතො වෙඨනදුස්සං ගහෙත්වා බොධිසත්තස්ස සීසං වෙඨෙසි. බොධිසත්තො හත්ථසම්ඵස්සෙනෙව “නායං මනුස්සො, දෙවපුත්තො එසො”ති අඤ්ඤාසි. වෙඨනෙන වෙඨිතමත්තෙ සීසෙ මොළියං මණිරතනාකාරෙන දුස්සසහස්සං අබ්භුග්ගඤ්ඡි. පුන වෙඨෙන්තස්ස දුස්සසහස්සන්ති දසක්ඛත්තුං වෙඨෙන්තස්ස දස දුස්සසහස්සානි අබ්භුග්ගච්ඡිංසු . “සීසං ඛුද්දකං, දුස්සානි බහූනි, කථං අබ්භුග්ගතානී”ති න චින්තෙතබ්බං. තෙසු හි සබ්බමහන්තං ආමලකපුප්ඵප්පමාණං, අවසෙසානි කුසුම්බකපුප්ඵප්පමාණානි අහෙසුං. බොධිසත්තස්ස සීසං කිඤ්ජක්ඛගවච්ඡිතං විය කුය්යකපුප්ඵං අහොසි.
එහි උයන් සිරි විඳිමින් මඟල් පොකුණෙහි නා හිරු බැස යත් ම මඟුල් ගල් පුවරුවෙහි හුන්හ. බෝසතුන්ට එහි දී තමා අලංකාර කැරවා ගනු කැමැති වූහ. බෝසතුන්ගේ පිරිවර පිරිස නානා වර්ණ වස්ත්‍ර ද විවිධ ආභරණ ද මල් ගඳ විලවුන් ද රැගෙන පිරිවරා සිටියහ. එකෙණෙහි සක් දෙවිඳුගේ පඬු ඇඹුල් අස්න උණුසුම් විය. සක් දෙවිඳු කවරකු මා සක් පදවියෙන් ඉවත් කරනු කැමැත්තේ දෝ යි විමසන්නේ, සිදුහත් කුමරුන්ගේ අවසන් සරසන කාලය බව දැන විස්කම් දෙව්පුත් අමතා සගය, අද මධ්‍යම රාත්‍රියෙහි සිදුහත් කුමරා මහාභිනිෂ්ක්‍රමණය කරන්නේය. මේ මොහුගේ අවසන් සැරසීමයි. උයනට ගොස් බෝසතුන් දිව්‍යාභරණයෙන් සරසව යි, නියම කළේය. ඔහු ද මැනවැ යි පිළිගෙන දිව්‍යානුභාවයෙන් එකෙණෙහි ම උයනට ගොස් බෝසතුන්ගේ කපුවාගේ වේශයෙන් ගොස් කපුවාග් අතින් හිස වෙලුම් පිළිගෙන බෝසතුන්ගේ හිස වෙලීය. බෝසත්හු අත ස්පර්ශ වූ කෙණෙහි ම මේ මිනිසකු නොව දිව්‍යය පුත්රයකැ යි දැන ගත්හ. හිස වෙලූ කෙණෙහි ම ඔටුන්නෙහි එබ්බූ මිණි කැට අයුරින් පිළි දහසක් පැන නැංගේය. නැවත හිස වෙළත් ම නැවතත් පිළි දහස බැගින් දශ වරක් වෙලූහ. මෙසේ හිස වෙළත් වෙළත් ම දශ දහසක් පිළි පැන නැංගේය. මෙහි දී හිස කුඩාය. පිළි බොහෝය. කෙසේ පැන නැංගේදැ යි නො සිතිය යුතුයි. ඔවුනතුරින් සියල්ලට ම වඩා මහත් පිලිය පූඩා මලක් පමණ විය. සෙසු පිළි මල් පමණ විය. බෝසතුන්ගේ හිස කෙසුරු ගැවසී ගත් බක්මී මලක් මෙන් විය.
අථස්ස සබ්බාලඞ්කාරපටිමණ්ඩිතස්ස සබ්බතාලාවචරෙසු සකානි සකානි පටිභානානි දස්සයන්තෙසු, බ්රාහ්මණෙසු “ජයනන්දා”තිආදිවචනෙහි, සූතමාගධාදීසු නානප්පකාරෙහි මඞ්ගලවචනත්ථුතිඝොසෙහි සම්භාවෙන්තෙසු සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං රථවරං අභිරුහි. තස්මිං සමයෙ “රාහුලමාතා පුත්තං විජාතා”ති සුත්වා සුද්ධොදනමහාරාජා “පුත්තස්ස මෙ තුට්ඨිං නිවෙදෙථා”ති සාසනං පහිණි. බොධිසත්තො තං සුත්වා “රාහු ජාතො, බන්ධනං ජාත”න්ති ආහ. රාජා “කිං මෙ පුත්තො අවචා”ති පුච්ඡිත්වා තං වචනං සුත්වා “ඉතො පට්ඨාය මෙ නත්තා රාහුලකුමාරොයෙව නාම හොතූ”ති ආහ.
සියලු ආභරණයෙන් සැරසී සිටි බෝසතුන්ට සියලු වාද්‍යය විශේෂයන්හි දක්ෂවූවන් තම තමන්ගේ කුසල භාවයන් දක්වද්දී, බමුණන් ජය වේවා, සතුටු වේවා ආදී වදන් කියද්දී වන්දිභට්ටයෝ නන් යුරින් සුබ වචන කියද්දී, සතුන් නාදයෙන් බුහුමන් දක්වද්දී එතුමෝ සර්වාලංකාරයෙන් යුත් උතුම් රථයට නැංගාහ. මෙම කාලය තුළ යශෝධරා අග බිසව පුතකු බිහිකළ බව ඇසූ සුදොවුන් මහරජාණෝ තම පුතුට සතුට දන්වනු පිණිස හසුනක් යැවූහ. බෝසත්හු ඒ අසා රාහුලයෙක් හෙවත් රඝුරාජ පුත්‍රයෙක් උපන්නේය. එයින් බන්ධනය වීයැ යි කීහ. රජතුමා පුතුන්ගේ වචනය අසා මෙතැන් සිට තම මුනුබුරාණන්ට රාහුල යන නාමය ම වේවා යි කීයේය.
බොධිසත්තොපි ඛො රථවරං ආරුය්හ මහන්තෙන යසෙන අතිමනොරමෙන සිරිසොභග්ගෙන නගරං පාවිසි. තස්මිං සමයෙ කිසාගොතමී නාම ඛත්තියකඤ්ඤා උපරිපාසාදවරතලගතා නගරං පදක්ඛිණං කුරුමානස්ස බොධිසත්තස්ස රූපසිරිං දිස්වා පීතිසොමනස්සජාතා ඉදං උදානං උදානෙසි –
බෝසතාණෝ රථයට නැගී මහත් යසසින් හා සිත්කළු රූසපුවෙන් යුතු ව නුවරට පිවිසියහ. මේ අවස්ථාවෙහි කිසාගෝතමී නම් රජ කුමරිය උඩු මහලෙහි සිටින්නී, නුවර පැදකුණු කරන බෝසතුන්ගේ රූපසුව දැක සතුටින් පිනාගිය සිත් ඇත්තී, මේ ප්‍රීති වාක්‍යය පළ කළාය.
“නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතො නූන සො පිතා; නිබ්බුතා නූන සා නාරී, යස්සායං ඊදිසො පතී”ති.
“මෙබඳු කුමරුකුට යම් කතක් මව් වූවා ද ඕ තොමෝ නිවුනා යි හඟිමි. යම් පුරුෂයෙක් පිය වූයේ ද හේ ද නිවුනේ යි හඟිමි. යම් ස්ත්‍රියකට මෙවැනි හිමියකු සිටී ද ඒ බිරිය ද නිවුනා යි හඟිමි.”
බොධිසත්තො තං සුත්වා චින්තෙසි “අයං එවමාහ ‘එවරූපං අත්තභාවං පස්සන්තියා මාතු හදයං නිබ්බායති, පිතු හදයං නිබ්බායති, පජාපතියා හදයං නිබ්බායතී’ති! කිස්මිං නු ඛො නිබ්බුතෙ හදයං නිබ්බුතං නාම හොතී”ති? අථස්ස කිලෙසෙසු විරත්තමානසස්ස එතදහොසි – “රාගග්ගිම්හි නිබ්බුතෙ නිබ්බුතං නාම හොති, දොසග්ගිම්හි නිබ්බුතෙ නිබ්බුතං නාම හොති, මොහග්ගිම්හි නිබ්බුතෙ නිබ්බුතං නාම හොති, මානදිට්ඨිආදීසු සබ්බකිලෙසදරථෙසු නිබ්බුතෙසු නිබ්බුතං නාම හොති. අයං මෙ සුස්සවනං සාවෙසි, අහඤ්හි නිබ්බානං ගවෙසන්තො චරාමි, අජ්ජෙව මයා ඝරාවාසං ඡඩ්ඩෙත්වා නික්ඛම්ම පබ්බජිත්වා නිබ්බානං ගවෙසිතුං වට්ටති, අයං ඉමිස්සා ආචරියභාගො හොතූ”ති කණ්ඨතො ඔමුඤ්චිත්වා කිසාගොතමියා සතසහස්සග්ඝනකං මුත්තාහාරං පෙසෙසි. සා “සිද්ධත්ථකුමාරො මයි පටිබද්ධචිත්තො හුත්වා පණ්ණාකාරං පෙසෙසී”ති සොමනස්සජාතා අහොසි.
බෝසත්හු මේ උදාන වාක්‍යය අසා මෙසේ සිතූහ. ඇය විසින් කියන ලද්දේ මේ අදහස විය යුතුයි. මෙවැනි රූසපුවක් ඇති ආත්ම භාවයක් දකින මවකගේ හදවත නිවෙයි. පියෙක්ගේ හදවත ද නිවෙයි. බිරියගේ හදවත ද නිවෙයි. එහෙත් කුමක් නිවුණු කල්හි හදවත නිවීමක් වේ ද? බෝසතුන්ට මෙසේ ද සිතිණි. රාග ගින්න නිමුණු කල්හි හදවත නිමුණේ වෙයි. මාන දිට්ඨි ආදී කෙලෙස් ගින්දර නිවුණු කල්හි නියම වශයෙන් හදවත නිවුණේ වෙයි. එම නිසා ඇය මට අස්සවන ලද්දේ මා හැඟි දහමකි. මම ද නිවීම හෙවත් නිබ්බාණය සොයමින් සිටිමි. අද ම මම ගිහි ගෙය අත්හැර නික්මී පැවිදි ව නිවීම හෙවත් නිර්වාණය සොයන්ට වටී. මේ ඇයට පඬුරු වේවා යි, ලක්ෂයක් වටිනා මුතුහර ගෙලෙන් මුදා යැවූහ. එය ලැබූ කිසාගෝතමී සිදුහත් කුමරු මා කෙරෙහි අනුරාගී හැඟීමෙන් එවන ලදැ යි සතුටු වූවාය.
බොධිසත්තොපි මහන්තෙන සිරිසොභග්ගෙන අත්තනො පාසාදං අභිරුහිත්වා සිරිසයනෙ නිපජ්ජි. තාවදෙව ච නං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා නච්චගීතාදීසු සුසික්ඛිතා දෙවකඤ්ඤා විය රූපසොභග්ගප්පත්තා ඉත්ථියො නානාතූරියානි ගහෙත්වා සම්පරිවාරයිත්වා අභිරමාපෙන්තියො නච්චගීතවාදිතානි පයොජයිංසු. බොධිසත්තො කිලෙසෙසු විරත්තචිත්තතාය නච්චාදීසු අනභිරතො මුහුත්තං නිද්දං ඔක්කමි. තාපි ඉත්ථියො “යස්සත්ථාය මයං නච්චාදීනි පයොජෙම, සො නිද්දං උපගතො, ඉදානි කිමත්ථං කිලමාමා”ති ගහිතග්ගහිතානි තූරියානි අජ්ඣොත්ථරිත්වා නිපජ්ජිංසු, ගන්ධතෙලප්පදීපා ඣායන්ති. බොධිසත්තො පබුජ්ඣිත්වා සයනපිට්ඨෙ පල්ලඞ්කෙන නිසින්නො අද්දස තා ඉත්ථියො තූරියභණ්ඩානි අවත්ථරිත්වා නිද්දායන්තියො – එකච්චා පග්ඝරිතඛෙළා, ලාලාකිලින්නගත්තා, එකච්චා දන්තෙ ඛාදන්තියො, එකච්චා කාකච්ඡන්තියො, එකච්චා විප්පලපන්තියො, එකච්චා විවටමුඛා, එකච්චා අපගතවත්ථා, පාකටබීභච්ඡසම්බාධට්ඨානා. සො තාසං තං විප්පකාරං දිස්වා භිය්යොසොමත්තාය කාමෙසු විරත්තචිත්තො අහොසි. තස්ස අලඞ්කතපටියත්තං සක්කභවනසදිසම්පි තං මහාතලං අපවිද්ධනානාකුණපභරිතං ආමකසුසානං විය උපට්ඨාසි, තයො භවා ආදිත්තගෙහසදිසා ඛායිංසු – “උපද්දුතං වත භො, උපස්සට්ඨං වත භො”ති උදානං පවත්තෙසි, අතිවිය පබ්බජ්ජාය චිත්තං නමි.
බෝසතාණෝ මහත් ප්‍රීතියෙන් තම ප්‍රාසාදයට නැඟ සිරි යහනෙහි සැතපුණහ. එකෙණෙහි ම සියලු අලංකාරයෙන් සැරසුණු නැටුම්, ගැයුම් කලාවන්හි මනාව පුහුණු වූ දෙවඟනන් මෙන් රුවින් අග තැන්පත් වනිතාවෝ නොයෙක් තූර්යය භාණ්ඩ ගෙන පිරිවරා කුමරුන් සතු කැරවනු පිණිස නැටුම්, ගැයුම් ඇරඹූහ. බෝසත්හු ක්ලේෂයන්ගෙන් නො ඇළුණු සිත් ඇති බැවින් නෘත්‍යය, ගීතාදියෙන් නො ඇළුණෝ, මද වේලාවක් නිදි සුව වින්දහ. ස්ත්‍රීහු ද අපි යමකු සඳහා නැටීම් ආදිය කරමු ද, ඔහු දැන් නිදිගත ව සිටී. අපි දැන් කුමකට වෙහෙසෙමුදැ යි සිතා අත තිබූ තූර්යය භාණ්ඩාදිය මැඩගෙන ම නින්දට වැටුනාහ. සුවඳ තෙල් පහන් දැල්වේ. බෝසත්හු පිබිදී සිය යහනෙහි ම පළක් බැඳ හුන්නාහු, විප්‍රකාර වූ ඒ ස්ත්‍රීන් දුටහ. සමහර ගැහැණු කුණු කෙළ වගුරුවමින් සිටිති. සමහරු තතනන්නෝ වූහ. සමහරු දොඩවති. සමහරු අයාගත් මුඛ ඇත්තෝ වූහ. බෝසත්හු ඔවුන්ගේ විකාර රූප දැකීමෙන් වඩවඩාත් කාමයෙහි නො ඇළුණු සිත් ඇත්තෝ වූහ. සර්වාලංකාරයෙන් පිළියෙල වූ සක් දෙවිඳු විමන හා සමාන වූ මාහැඟි පහය තැන තැන දමන ලද මළ කුණු ඇති අමු සොහොනක් මෙන් වැටහිණි. කාම, රූප, අරූප භවත්‍රය ම ගිනි ගත් ගෙවල් මෙන් දැනිණි. පින්වතුනි, මේ ලෝකය උවදුරුවලින් පිරී ඇත. පින්වතුනි, මේ ලෝකය පීඩාවලින් පිරී ඇත. හැඟීම්බර වාක්‍යය මුවෙන් පිටවිණි. වඩාත් පැවිද්දට සිත නැමිණි.
සො “අජ්ජෙව මයා මහාභිනික්ඛමනං නික්ඛමිතුං වට්ටතී”ති සයනා උට්ඨාය ද්වාරසමීපං ගන්ත්වා “කො එත්ථා”ති ආහ. උම්මාරෙ සීසං කත්වා නිපන්නො ඡන්නො “අහං අය්යපුත්ත ඡන්නො”ති ආහ. “අහං අජ්ජ මහාභිනික්ඛමනං නික්ඛමිතුකාමො, එකං මෙ අස්සං කප්පෙහී”ති ආහ. සො “සාධු දෙවා”ති අස්සභණ්ඩිකං ගහෙත්වා අස්සසාලං ගන්ත්වා ගන්ධතෙලපදීපෙසු ජලන්තෙසු සුමනපට්ටවිතානස්ස හෙට්ඨා රමණීයෙ භූමිභාගෙ ඨිතං කණ්ඩකං අස්සරාජානං දිස්වා “අජ්ජ මයා ඉමමෙව කප්පෙතුං වට්ටතී”ති කණ්ඩකං කප්පෙසි. සො කප්පියමානොව අඤ්ඤාසි “අයං කප්පනා අතිගාළ්හා , අඤ්ඤෙසු දිවසෙසු උය්යානකීළාදිගමනෙ කප්පනා විය න හොති, මය්හං අය්යපුත්තො අජ්ජ මහාභිනික්ඛමනං නික්ඛමිතුකාමො භවිස්සතී”ති. තතො තුට්ඨමානසො මහාහසිතං හසි. සො සද්දො සකලනගරං පත්ථරිත්වා ගච්ඡෙය්ය, දෙවතා පන තං සද්දං නිරුම්භිත්වා න කස්සචි සොතුං අදංසු.
අද ම මා මහබිනික්මන් කළ යුතු යි සිතිනි. බෝසතුන් සයනයෙන් නැඟි දොර ළඟට ගොස් මෙහි නිදන්නේ කවුදැ යි විමසීය. එහි එළිපත හිස තබා නිදන තමා, ඡන්න බව හැඟවීය. අද තමා මහබිනික්මන් කරන බවත්, ඒ සඳහා අශ්වයකු සූදානම් කරන ලෙසත් අණ කළහ. සතුටින් පිළිගත් ඡන්න අශ්වයා සැදීමට අවශ්‍ය උපකරණ ගෙන අස් හළට ගොස් සුවඳ තෙල් පහන් දල්වෙද්දී සමන් මල් විසුරුණු වියන යට සිත්කළු බිම් පෙදෙසක කන්ථක අශ්ව රාජයා දැක අද මොහු ම සැකසිය යුතුයැ යි සිතූ හෙතෙම ඔහු ම සැකසූයේය. සැකසෙන අයුරින් ම කන්ථක අශ්ව රාජයාට කාරණය දැනිණි. අද සැකසීම ඉතා දැඩිය. අන් දිනවල උයන්කෙළි ආදිය සඳහා යන ගමනට සැකසීම මෙන් නො වේ. මගේ ආර්යය පුත්‍රයා අද මහබිනික්මන් කැමැත්තේ විය යුතුයැ යි සිතූ අශ්ව රාජයා සතුටු සිතින් මහා සිනාවක් පහළ කළේය. ඒ සිනා හඬ මුළු නුවර ම පැතිර ගියේය. එහෙත් දෙවියෝ එම ශබ්දය වළකා කිසිවකුට අසන්ට ඉඩ නො දුන්හ.
බොධිසත්තොපි ඛො ඡන්නං පෙසෙත්වාව “පුත්තං තාව පස්සිස්සාමී”ති චින්තෙත්වා නිසින්නපල්ලඞ්කතො උට්ඨාය රාහුලමාතාය වසනට්ඨානං ගන්ත්වා ගබ්භද්වාරං විවරි. තස්මිං ඛණෙ අන්තොගබ්භෙ ගන්ධතෙලපදීපො ඣායති, රාහුලමාතා සුමනමල්ලිකාදීනං පුප්ඵානං අම්බණමත්තෙන අභිප්පකිණ්ණසයනෙ පුත්තස්ස මත්ථකෙ හත්ථං ඨපෙත්වා නිද්දායති. බොධිසත්තො උම්මාරෙ පාදං ඨපෙත්වා ඨිතකොව ඔලොකෙත්වා “සචාහං දෙවියා හත්ථං අපනෙත්වා මම පුත්තං ගණ්හිස්සාමි, දෙවී පබුජ්ඣිස්සති, එවං මෙ ගමනන්තරායො භවිස්සති, බුද්ධො හුත්වාව ආගන්ත්වා පුත්තං පස්සිස්සාමී”ති පාසාදතලතො ඔතරි. යං පන ජාතකට්ඨකථායං “තදා සත්තාහජාතො රාහුලකුමාරො හොතී”ති වුත්තං, තං සෙසට්ඨකථාසු නත්ථි, තස්මා ඉදමෙව ගහෙතබ්බං.
සිදුහත් බෝසතාණෝ ඡන්න ඇමැති අසු සැකසීමට යවා පළමුවරට තම පුතු දකිමි යි සිතා යශෝධරා දේවිය වෙසෙන ශ්‍රී යහන් ගැබ වෙත ගොස් දොර විවර කළහ. ඒ අවස්ථාවෙහි යහන් ගැබ තුළ සුවඳ තෙල් පහන දැල්වෙයි. රහල් මව දෑ සමන්, සීනිද්ද ආදී මල් අමුණක් පමණ අතුරා සැරසූ යහනෙහි පුතු මත අත තබා නිදන්නීය. බෝසත්හු එළිපතෙහි පය තබා සිටිවන ම සිට බලා ඉඳින්, මම දේවියගේ අත ඉවත් කොට පුතු අතට ගන්නේ නම් දේවිය පිබිදෙන්නීය. එවිට මගේ අබිනික්මනට බාධා වන්නේය. සම්බෝධියට පැමිණ ම පුතු දකින්නෙමි යි, පහයෙන් බටහ. ජාතක අටුවාවෙහි රාහුල කුමරුන් ඉපිද සත් වැනි දවසෙහි අබිනික්මන් කළහ යි කියන ලදි. සෙසු අටුවාවල නැත. එම නිසා මෙය ම ගත යුතුය.
එවං බොධිසත්තො පාසාදතලා ඔතරිත්වා අස්සසමීපං ගන්ත්වා එවමාහ – “තාත කණ්ඩක, ත්වං අජ්ජ එකරත්තිං මං තාරය, අහං තං නිස්සාය බුද්ධො හුත්වා සදෙවකං ලොකං තාරෙස්සාමී”ති. තතො උල්ලඞ්ඝිත්වා කණ්ඩකස්ස පිට්ඨිං අභිරුහි. කණ්ඩකො ගීවතො පට්ඨාය ආයාමෙන අට්ඨාරසහත්ථො හොති තදනුච්ඡවිකෙන උබ්බෙධෙන සමන්නාගතො ථාමජවසම්පන්නො සබ්බසෙතො ධොතසඞ්ඛසදිසො. සො සචෙ හසෙය්ය වා පදසද්දං වා කරෙය්ය, සද්දො සකලනගරං අවත්ථරෙය්ය. තස්මා දෙවතා අත්තනො ආනුභාවෙන තස්ස යථා න කොචි සුණාති, එවං හසිතසද්දං සන්නිරුම්භිත්වා අක්කමනඅක්කමනපදවාරෙ හත්ථතලානි උපනාමෙසුං. බොධිසත්තො අස්සවරස්ස පිට්ඨිවෙමජ්ඣගතො ඡන්නං අස්සස්ස වාලධිං ගාහාපෙත්වා අඩ්ඪරත්තසමයෙ මහාද්වාරසමීපං පත්තො. තදා පන රාජා “එවං බොධිසත්තො යාය කායචි වෙලාය නගරද්වාරං විවරිත්වා නික්ඛමිතුං න සක්ඛිස්සතී”ති ද්වීසු ද්වාරකවාටෙසු එකෙකං පුරිසසහස්සෙන විවරිතබ්බං කාරාපෙසි. බොධිසත්තො ථාමබලසම්පන්නො, හත්ථිගණනාය කොටිසහස්සහත්ථීනං බලං ධාරෙති, පුරිසගණනාය දසකොටිසහස්සපුරිසානං . සො චින්තෙසි “සචෙ ද්වාරං න විවරීයති, අජ්ජ කණ්ඩකස්ස පිට්ඨෙ නිසින්නොව වාලධිං ගහෙත්වා ඨිතෙන ඡන්නෙන සද්ධිංයෙව කණ්ඩකං ඌරූහි නිප්පීළෙත්වා අට්ඨාරසහත්ථුබ්බෙධං පාකාරං උප්පතිත්වා අතික්කමිස්සාමී”ති. ඡන්නොපි චින්තෙසි “සචෙ ද්වාරං න විවරීයති, අහං අය්යපුත්තං ඛන්ධෙ නිසීදාපෙත්වා කණ්ඩකං දක්ඛිණෙන හත්ථෙන කුච්ඡියං පරික්ඛිපන්තො උපකච්ඡන්තරෙ කත්වා පාකාරං උප්පතිත්වා අතික්කමිස්සාමී”ති. කණ්ඩකොපි චින්තෙසි “සචෙ ද්වාරං න විවරීයති, අහං අත්තනො සාමිකං පිට්ඨියං යථානිසින්නමෙව ඡන්නෙන වාලධිං ගහෙත්වා ඨිතෙන සද්ධිංයෙව උක්ඛිපිත්වා පාකාරං උප්පතිත්වා අතික්කමිස්සාමී”ති. සචෙ ද්වාරං න අවාපුරීයිත්ථ, යථාචින්තිතමෙව තෙසු තීසු ජනෙසු අඤ්ඤතරො සම්පාදෙය්ය. ද්වාරෙ අධිවත්ථා දෙවතා පන ද්වාරං විවරි.
මෙසේ බෝසත්හු පහයෙන් බැස අසු ළඟ ගොස් මෙසේ කීහ. කන්ථකය, ඔබ මා මේ රැය එතැර කැරව. ඔබ නිසා මම බුදු වී දෙවියන් සහිත ලෝකයා එතැර කැරවන්නෙමි. අනතුරු ව බෝසත්හු උඩ පැන අසු පිටට නැංගාහ. කන්ථක අශ්ව රාජයා වනාහි දිගින් බෙල්ලෙහි පටන් අටළොස් රියනකි. ඊට අනුරූප වූ උසින් ද යුක්ත වූයේ වෙයි. ශක්තියෙන් හා ජවයෙන් යුක්තය. මුළු සිරුර ම සුදුවන්ය. ඔපකළ හකක් සමානය. ඔහුගේ හේෂාරවය හෝ පිය ගැටෙන ශබ්දය මුළු නගරයෙහි ම පැතිරෙන්නේය. ඒ නිසා දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් කිසිවකුට නො ඇසෙන සේ වළකා අසු තබන තබන පියවරෙහි අත්තල පිරිනැමූහ. බෝසත්හු අසු පිට සිටියදී ඡන්න ඇමැති අසු වලිගය අල්ලා ගත්තේ මැදියම් රැයෙහි නගර දොරටුව ළඟට පැමිණීය. එකල්හි පිය රජතුමා සිදුහත් කුමරුට යම් කිසි වේලාවක නගර දොරටුව හැර නික්මීමට නො හැකි වන පරිදි දොර පුවරු දෙක්හි එක එකක් පුරුෂයන් දහසකින් විවර කළ හැකි සේ තනවා තිබිණි. බෝසත්හු ද ඉතා ශක්තිමත් වූහ. ඇතුන් ගණනින් කෙළ දහසක් ඇතුන්ගේ බල දරයි. පුරුෂ ගණනින් දශ කෙළ දහසක් බල දරයි. එවිට බෝසත්හු සිතූහ. ඉදින්, දොර නො ඇරී නම් තමා අසු පිට සිටියදී ම ඡන්න අස් වලිගය ගෙන සිටියදී ම අසු දෙකලවයෙන් තද කොට ගෙන අටළොස් රියන් උස පවුරු උඩින් පැන යන්නෙමි. මේ අතර ඡන්න ඇමැති සිතීය. ඉදින්, දොර නො ඇරුණේ නම් බෝසතුන් උරහිසෙහි තබාගෙන කන්ථකගේ කුස දකුණු අතින් පෙළාගෙන කිසිලි අතරෙහි තබාගෙන පවුරු පැන යමි. කන්ථක ද සිතීය. දොර නො ඇරුණේ නම් තම ස්වාමියා පිට උඩ සිටියදී ම වලිගය ගෙන සිටින ඡන්න සමග ම උඩට පැන පවුරු ඉක්මවමි. දොර නො ඇරුණේ නම් තුන් ජනයන්ගෙන් එක් අයකු සිතූ පරිදි කාර්යය සිදුවන්නේය. දොරටුවෙහි අධිගෘහිත දෙවියා දොර විවෘත කළේය.
තස්මිංයෙව ඛණෙ මාරො “බොධිසත්තං නිවත්තෙස්සාමී”ති ආගන්ත්වා ආකාසෙ ඨිතො ආහ – “මාරිස, මා නික්ඛම, ඉතො තෙ සත්තමෙ දිවසෙ චක්කරතනං පාතුභවිස්සති, ද්විසහස්සපරිත්තදීපපරිවාරානං චතුන්නං මහාදීපානං රජ්ජං කාරෙස්සසි, නිවත්ත මාරිසා”ති. “කොසි ත්ව”න්ති? “අහං වසවත්තී”ති. “මාර, ජානාමහං මය්හං චක්කරතනස්ස පාතුභාවං, අනත්ථිකොහං රජ්ජෙන, දසසහස්සිලොකධාතුං උන්නාදෙත්වා බුද්ධො භවිස්සාමී”ති ආහ. මාරො “ඉතො දානි තෙ පට්ඨාය කාමවිතක්කං වා බ්යාපාදවිතක්කං වා විහිංසාවිතක්කං වා චින්තිතකාලෙ ජානිස්සාමී”ති ඔතාරාපෙක්ඛො ඡායා විය අනපගච්ඡන්තො අනුබන්ධි.
එකෙණෙහි ම මාර දෙව් පුත් අහසෙහි සිට බෝසතුන්ගේ ගමන වළක්වමි යි සිතා නිදුකාණනි, නො යනු මැනවි. මෙයින් සත් වැනි දවසෙහි ඔබට සක්විති රාජ්‍යය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයන්ට රජ වන්නෙහිය. නවතිනු මැනවි. ඔබ කවුද? මම වසවර්තී මාරයා වෙමි. මාරය, සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දශ දහසක් සක්වළ ඒකනාද කොට බුදුවන්නෙමි. හිංසා සහගත සිතුවිල්ලක් හෝ සිතුවේ නම් කළයුතු දෙය දනිමි යි, සිදුරු සොයමින් සෙවනැල්ල මෙන් ඉවත් නො වී බෝසතුන් ලුහුබැන්දේය.
බොධිසත්තොපි හත්ථගතං චක්කවත්තිරජ්ජං ඛෙළපිණ්ඩං විය අනපෙක්ඛො ඡඩ්ඩෙත්වා මහන්තෙන සක්කාරෙන නගරා නික්ඛමි ආසාළ්හිපුණ්ණමාය උත්තරාසාළ්හනක්ඛත්තෙ වත්තමානෙ. නික්ඛමිත්වා ච පුන නගරං ඔලොකෙතුකාමො ජාතො. එවඤ්ච පනස්ස චිත්තෙ උප්පන්නමත්තෙයෙව “මහාපුරිස, න තයා නිවත්තිත්වා ඔලොකනකම්මං කත”න්ති වදමානා විය මහාපථවී කුලාලචක්කං විය භිජ්ජිත්වා පරිවත්ති. බොධිසත්තො නගරාභිමුඛො ඨත්වා නගරං ඔලොකෙත්වා තස්මිං පථවිප්පදෙසෙ කණ්ඩකනිවත්තනචෙතියට්ඨානං දස්සෙත්වා ගන්තබ්බමග්ගාභිමුඛං කණ්ඩකං කත්වා පායාසි මහන්තෙන සක්කාරෙන උළාරෙන සිරිසොභග්ගෙන. තදා කිරස්ස දෙවතා පුරතො සට්ඨි උක්කාසහස්සානි ධාරයිංසු, පච්ඡතො සට්ඨි, දක්ඛිණපස්සතො සට්ඨි, වාමපස්සතො සට්ඨි, අපරා දෙවතා චක්කවාළමුඛවට්ටියං අපරිමාණා උක්කා ධාරයිංසු, අපරා දෙවතා ච නාගසුපණ්ණාදයො ච දිබ්බෙහි ගන්ධෙහි මාලාහි චුණ්ණෙහි ධූමෙහි පූජයමානා ගච්ඡන්ති. පාරිච්ඡත්තකපුප්ඵෙහි චෙව මන්දාරවපුප්ඵෙහි ච ඝනමෙඝවුට්ඨිකාලෙ ධාරාහි විය නභං නිරන්තරං අහොසි, දිබ්බානි සංගීතානි පවත්තිංසු , සමන්තතො අට්ඨසට්ඨි තූරියසතසහස්සානි පවජ්ජිංසු, සමුද්දකුච්ඡියං මෙඝත්ථනිතකාලො විය යුගන්ධරකුච්ඡියං සාගරනිග්ඝොසකාලො විය වත්තති.
මෙසේ බෝසතාණෝ අතට පත් සක්විති රාජ්‍යය කෙළ පිඬක් මෙන් අනපේක්ෂිත ව හැර දමා උතුරුසළ නැකත පවත්නා කල්හි නගරයෙන් නික්ම නැවත තම නුවර ආපසු හැරී බලනු කැමැත්තෝ වූහ. මේ සිතුවිල්ල උපන් කෙණෙහි ම මහා පුරුෂය, ඔබ පෙරුම් පිරුවේ නැවතී ආපසු හැරී බැලීම සඳහා නො වේයැ යි කියන්නාක් මෙන් මහපොළොව කුඹල් සකක් මෙන් කරකැවී සිටියේය. බෝසත්හු නගරයට මුහුණලා නුවර බලා එම ප්‍රදේශය කන්ථක අශ්වයා නැවතුනු සෑය වශයෙන් දක්වා අසු ගමන් මඟට අභිමුඛ කොට මහත් සිරිසොභාවෙන් ගියහ. එදින දෙවියෝ බෝසතුන්ට පෙරටුව සැට දහසක් ආලෝක වැටි දැරූහ. එසේ ම පිටුපස දකුණුපස වම්පස ද සැට සැට දහස බැගින් ආලෝක වැටි දැරූහ. සමහර දෙවිවරු සක්වල මුවවිට සිට අපමණ ආලෝක වැටි දැරූහ. සමහර දෙවිවරු හා නා, ගුරුළු ආදීහු ද දිව්‍යමය මල් සුවඳ සුණු ආදියෙන් පුදමින් යෙත්, ඝන වලාවකින් වැගිරෙන වැසි ධාරා මෙන් පරසතු, මදාරා මල්වලින් අහස වැසිණි. දිව්‍යමය සංගීත හඬ පැතිරිණි. හාත්පස අටවග බෙර, සැටවග බෙර වශයෙන් අටසැට දහසක් බෙර වාදනය විය. මහමුහුද ඇතුළත මේඝ නාද ඇති විය. යුගඳුරු කුස මුහුද ගිගුම් දෙන කල මෙන් විය.
ඉමිනා සිරිසොභග්ගෙන ගච්ඡන්තො බොධිසත්තො එකරත්තෙනෙව තීණි රජ්ජානි අතික්කම්ම තිංසයොජනමත්ථකෙ අනොමානදීතීරං පාපුණි. “කිං පන අස්සො තතො පරං ගන්තුං න සක්කොතී”ති? “නො, න සක්කො”ති. සො හි එකං චක්කවාළගබ්භං නාභියා ඨිතචක්කස්ස නෙමිවට්ටිං මද්දන්තො විය අන්තන්තෙන චරිත්වා පුරෙපාතරාසමෙව ආගන්ත්වා අත්තනො සම්පාදිතං භත්තං භුඤ්ජිතුං සමත්ථො. තදා පන දෙවනාගසුපණ්ණාදීහි ආකාසෙ ඨත්වා ඔස්සට්ඨෙහි ගන්ධමාලාදීහි යාව ඌරුප්පදෙසා සඤ්ඡන්නං සරීරං ආකඩ්ඪිත්වා ගන්ධමාලාජටං ඡින්දන්තස්ස අතිප්පපඤ්චො අහොසි, තස්මා තිංසයොජනමත්තමෙව අගමාසි. අථ බොධිසත්තො නදීතීරෙ ඨත්වා ඡන්නං පුච්ඡි – “කින්නාමා අයං නදී”ති? “අනොමා නාම, දෙවා”ති. “අම්හාකම්පි පබ්බජ්ජා අනොමා භවිස්සතී”ති පණ්හියා ඝට්ටෙන්තො අස්සස්ස සඤ්ඤං අදාසි. අස්සො උප්පතිත්වා අට්ඨූසභවිත්ථාරාය නදියා පාරිමතීරෙ අට්ඨාසි.
මෙසේ මහත් උපහාරයෙන් බෝසත්හු එක රැයකින් ම තුන් රජයක් ඉක්මවා තිස් යොදුනක් ගමන් කොට අනෝමා ගංතෙරට පැමිණියහ. කිම, අස් රජුට මෙපමණ දුරට වඩා යා නො හැක්කේ ද? නො හැක්කේ නො වෙයි. ඔහු වනාහි එක සක්වල වටයක් මැද අක්ෂයෙන් තබන ලද රිය සකක නිම් වළල්ල වටා යන්නාක් මෙන් කෙළවරට ම ගොස් තමා සඳහා සැපයූ භෝජනය බුදීමට සමත්ය. එදවස වනාහි දෙව්, නා, ගුරුළු ආදීන් විසින් අහසෙහි සිට විසුරුවන ලද සුවඳ මල් ආදියෙහි, කළවා පෙදෙස දක්වා ගිලුණු සිරුර ඔසවා මල්ගැට ආදිය ඉවත් කිරීම ඉතා ප්‍රමාද විය. එම නිසා එක රැයට තිස් යොදුනක් ම ගමන් කළ හැකි විය. ඉක්බිති, බෝසත්හු ගංතෙර සිට ඡන්න අමතා මේ ගඟ කිනම් ද? දේවයිනි, අනෝමා නම් වේ. අපගේ පැවිද්ද? අනෝම වේ. ලාමක නො වේ යි පවසා විළුඹින් අසුට සන් කළේය. අශ්වයා ද උඩට නැඟ අට ඉස්බත් පළල් වූ ගඟෙහි පරතෙර සිටියේය.
බොධිසත්තො අස්සපිට්ඨිතො ඔරුය්හ රජතපට්ටසදිසෙ වාලුකාපුලිනෙ ඨත්වා ඡන්නං ආමන්තෙසි – “සම්ම, ඡන්න, ත්වං මය්හං ආභරණානි චෙව කණ්ඩකඤ්ච ආදාය ගච්ඡ, අහං පබ්බජිස්සාමී”ති. “අහම්පි, දෙව, පබ්බජිස්සාමී”ති. බොධිසත්තො “න ලබ්භා තයා පබ්බජිතුං, ගච්ඡ ත්ව”න්ති තික්ඛත්තුං පටිබාහිත්වා ආභරණානි චෙව කණ්ඩකඤ්ච පටිච්ඡාපෙත්වා චින්තෙසි “ඉමෙ මය්හං කෙසා සමණසාරුප්පා න හොන්තී”ති. අඤ්ඤො බොධිසත්තස්ස කෙසෙ ඡින්දිතුං යුත්තරූපො නත්ථි, තතො “සයමෙව ඛග්ගෙන ඡින්දිස්සාමී”ති දක්ඛිණෙන හත්ථෙන අසිං ගණ්හිත්වා වාමහත්ථෙන මොළියා සද්ධිං චූළං ගහෙත්වා ඡින්දි, කෙසා ද්වඞ්ගුලමත්තා හුත්වා දක්ඛිණතො ආවත්තමානා සීසං අල්ලීයිංසු. තෙසං යාවජීවං තදෙව පමාණං අහොසි, මස්සු ච තදනුරූපං, පුන කෙසමස්සුඔහාරණකිච්චං නාම නාහොසි. බොධිසත්තො සහ මොළියා චුළං ගහෙත්වා “සචාහං බුද්ධො භවිස්සාමි, ආකාසෙ තිට්ඨතු, නො චෙ, භූමියං පතතූ”ති අන්තලික්ඛෙ ඛිපි. තං චූළාමණිවෙඨනං යොජනප්පමාණං ඨානං ගන්ත්වා ආකාසෙ අට්ඨාසි. සක්කො දෙවරාජා දිබ්බචක්ඛුනා ඔලොකෙත්වා යොජනියරතනචඞ්කොටකෙන සම්පටිච්ඡිත්වා තාවතිංසභවනෙ චූළාමණිචෙතියං නාම පතිට්ඨාපෙසි.
බෝසත්හු අසු පිටින් බැස රිදී පටක් සමාන වැලි තලාවෙහි සිට ඡන්න ඇමතූහ. යහළු ඡන්න, ඔබ මගේ ආභරණ ද අසු ද රැගෙන ආපසු යනු. මම පැවිදි වෙමි. දේවයිනි, මම ද පැවිදි වෙමි. ඡන්න කීය. තෙවරක් ම ඔහු වැළකූ බෝසත්හු ආභරණ ද අසු ද ඡන්නට දී ආපසු යන ලෙස අණ කළේය. අනතුරු ව බෝසත්හු සිතන්නාහු, කෙස් කළඹ පැවිද්දන්ට සරුප් නො වේ. බෝසතුන්, කෙස් කැපීමට සුදුසු කෙනකු නැති හෙයින් තමා ම දකුණතින් කඩුව ගෙන වමතින් සිළුමිණ සහිත කෙස් වැටිය ගෙන කපා දැමූහ. දෑඟුල් පමණ වූ කෙස් දකුණට කරකැවී හිස සමග ඇලී සිටියේය. රැවුල ද එපමණ ම විය. බුදු රජුන්ගේ ජීවිත කාලය තුළ කෙස් ද රැවුල ද එපමණ විය. නැවත කෙස් රැවුල් බා දැමීමේ කාර්යයක් නො වීය. අනතුරු ව බෝසතාණෝ සිළුමිණ සහිත කෙස් කළඹ ගෙන ඉඳන්, මම බුදු වන්නේ නම් අහසෙහි සිටීවා, නො එසේ නම් බිම වැටේවා යි, අහසට විසි කළෝය. කෙස් කළඹ යොදුනක් පමණ අහසට ගොස් නැවතිණි. සක් දෙවිඳු දිවසින් දැක අවුත් යොදුනක් පමණ රුවන් කරඬුවකින් පිළිගෙන තව්තිසා දෙව් ලොව සිළුමිණි සෑය පිහිටුවීය.
“ඡෙත්වාන මොළිං වරගන්ධවාසිතං, වෙහායසං උක්ඛිපි අග්ගපුග්ගලො; සහස්සනෙත්තො සිරසා පටිග්ගහි, සුවණ්ණචඞ්කොටවරෙන වාසවො”ති.
“ලෝක නායක බෝසතාණෝ උතුම් සුවඳ ගල්වන කෙස් කළඹ සිඳ අහසට දැමීය. දහසක් නෙත් ඇති සක් දෙවිඳු රන් කරඬුවකින් හිසින් පිළිගත්තේය.”
පුන බොධිසත්තො චින්තෙසි “ඉමානි කාසිකවත්ථානි මය්හං න සමණසාරුප්පානී”ති. අථස්ස කස්සපබුද්ධකාලෙ පුරාණසහායකො ඝටීකාරමහාබ්රහ්මා එකං බුද්ධන්තරං ජරං අපත්තෙන මිත්තභාවෙන චින්තෙසි – “අජ්ජ මෙ සහායකො මහාභිනික්ඛමනං නික්ඛන්තො, සමණපරික්ඛාරමස්ස ගහෙත්වා ගච්ඡිස්සාමී”ති.
නැවත බෝසතාණෝ සිතූහ. මේ කිසිවක් ශ්‍රමණයන්ට සුදුසු නො වේ. ඒ සමග ම කසුප් සම්බුදු කල යහළු වූ ඝටීකාර මහා බඹහු බුද්ධාන්තරයක් ගෙවුන ද දැඩි මිත්‍ර භාවය නිසා මගේ යහළු බෝසත්හු අද මහබිනික්මන් කළහ. එතුමන්ට ශ්‍රමණයන්ට සුදුසු අට පිරිකර ගෙනයමි යි සිතා,
“තිචීවරඤ්ච පත්තො ච, වාසී සූචි ච බන්ධනං; පරිස්සාවනෙන අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති. –
“තුන් සිවුර ද පාත්‍රය ද කඩකැත්ත ද හිඳිකටුව ද හින බඳිනා පටිය ද තුන්පෙරහන ද යන අට පිරිකර පැවිදි භික්ෂුවට සුදුසු වේ.”
ඉමෙ අට්ඨ සමණපරික්ඛාරෙ ආහරිත්වා අදාසි. බොධිසත්තො අරහද්ධජං නිවාසෙත්වා උත්තමපබ්බජ්ජාවෙසං ගණ්හිත්වා “ඡන්න, මම වචනෙන මාතාපිතූනං ආරොග්යං වදෙහී”ති වත්වා උය්යොජෙසි. ඡන්නො බොධිසත්තං වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. කණ්ඩකො පන ඡන්නෙන සද්ධිං මන්තයමානස්ස බොධිසත්තස්ස වචනං සුණන්තො ඨත්වා “නත්ථි දානි මය්හං පුන සාමිනො දස්සන”න්ති චක්ඛුපථං විජහන්තො සොකං අධිවාසෙතුං අසක්කොන්තො හදයෙන ඵලිතෙන කාලං කත්වා තාවතිංසභවනෙ කණ්ඩකො නාම දෙවපුත්තො හුත්වා නිබ්බත්ති. ඡන්නස්ස පඨමං එකොව සොකො අහොසි, කණ්ඩකස්ස පන කාලකිරියාය දුතියෙන සොකෙන පීළිතො රොදන්තො පරිදෙවන්තො නගරං අගමාසි.
මෙකී ශ්‍රමණ අට පිරිකර බෝසතුන්ට පිළිගැන්වීය. රහතුන්ගේ කොඩිය වූ තුන්සිවුරු හැඳ පෙරවා උතුම් පැවිදි වෙස් ගත් බෝසතාණෝ ඡන්නය, මගේ වචනයෙන් මව්පියන්ට සුව බව කියව යි, ඡන්නට ආපසු ගමන සඳහා සමු දුන්හ. ඔහු බෝසතුන් වැඳ පැදකුණු කොට පිටත්විය. කන්ථක අසු බෝසතුන් ඡන්න සමග කළ කථාව අසා මගේ හිමියාගේ දැකීමක් මට නැතැ යි බෝසතුන් දර්ශනයෙන් ඉවත් වෙත් ම හටගත් ශෝකය ඉවසාගත නො හැකි ව ළය පැලී කළුරිය කොට තව්තිසා දෙව්ලොව කන්ථක නමින් දෙව්පුත් ව උපන්නේය. ඡන්නට පළමු පැවැතියේ බෝසතුන් වෙන්වීමේ දුක පමණි. අසුගේ මරණයෙන් දෙවැනි ශෝකයක් ද හටගැනිණි. ඔහු හඬමින් වැළපෙමින් කිඹුල්වත් පුර ගියේය.
බොධිසත්තොපි පබ්බජිත්වා තස්මිංයෙව පදෙසෙ අනුපියං නාම අම්බවනං අත්ථි, තත්ථ සත්තාහං පබ්බජ්ජාසුඛෙන වීතිනාමෙත්වා එකදිවසෙනෙව තිංසයොජනමග්ගං පදසා ගන්ත්වා රාජගහං පාවිසි. පවිසිත්වා සපදානං පිණ්ඩාය චරි. සකලනගරං බොධිසත්තස්ස රූපදස්සනෙන ධනපාලකෙන පවිට්ඨරාජගහං විය අසුරින්දෙන පවිට්ඨදෙවනගරං විය ච සඞ්ඛොභං අගමාසි. රාජපුරිසා ගන්ත්වා “දෙව, එවරූපො නාම සත්තො නගරෙ පිණ්ඩාය චරති, ‘දෙවො වා මනුස්සො වා නාගො වා සුපණ්ණො වා කො නාමෙසො’ති න ජානාමා”ති ආරොචෙසුං. රාජා පාසාදතලෙ ඨත්වා මහාපුරිසං දිස්වා අච්ඡරියබ්භුතජාතො පුරිසෙ ආණාපෙසි – “ගච්ඡථ භණෙ, වීමංසථ, සචෙ අමනුස්සො භවිස්සති, නගරා නික්ඛමිත්වා අන්තරධායිස්සති, සචෙ දෙවතා භවිස්සති, ආකාසෙන ගච්ඡිස්සති, සචෙ නාගො භවිස්සති, පථවියං නිමුජ්ජිත්වා ගමිස්සති, සචෙ මනුස්සො භවිස්සති, යථාලද්ධං භික්ඛං පරිභුඤ්ජිස්සතී”ති.
බෝසතාණෝ පැවිදි ව අනෝමා ගංතෙර අවට ම සත් දිනක් පැවිදි සුවයෙන් කල්ගෙවා එක් දවසින් ම තිස් යොදුන් මඟ ගෙවා රජගහ නුවරට පිවිස ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩියහ. බෝසතුන්ගේ රූප ශෝභාව දැකීමෙන් මුළු නුවර ම ධනපාල හස්තියා පිවිසි රජගහ නුවර මෙන් ද අසුරිඳු පිවිසි දෙවි නුවර මෙන් ද කැළඹීමට පත්විය. රාජ පුරුෂයෝ රජු වෙත ගොස් දේවයිනි, මෙබඳු වූ පුරුෂයෙක් නුවර පිඬු පිණිස හැසිරෙයි. ඔහු දෙවියෙක් ද, මිනිසෙක් ද, නාගයෙක් ද, ගුරුළෙක් ද, හෙතෙම කවරෙක්දැ යි නො දනිමු යි සැළකළහ. රජ පහයෙහි සිට ම මහා පුරුෂයාණන් දැක පුදුමයට පත්වූයේ රාජ පුරුෂයන්ට අණ කළේය. සගයෙනි, යව්. විමසව්. ඉදින් අමනුෂ්‍යයෙක් නම් නුවරින් නික්ම අතුරුදහන් වන්නේය. දෙවියෙක් වන්නේ නම් අහසට නැඟී යන්නේය. නාගයෙක් වන්නේ නම් පොළොව කිමිදී යන්නේය. මනුෂ්‍යයෙක් වන්නේ නම් ලැබුණු ආහාර අනුභව කරන්නේය.
මහාපුරිසොපි ඛො මිස්සකභත්තං සංහරිත්වා “අලං මෙ එත්තකං යාපනායා”ති ඤත්වා පවිට්ඨද්වාරෙනෙව නගරා නික්ඛමිත්වා පණ්ඩවපබ්බතච්ඡායාය පුරත්ථාභිමුඛො නිසීදිත්වා ආහාරං පරිභුඤ්ජිතුං ආරද්ධො. අථස්ස අන්තානි පරිවත්තිත්වා මුඛෙන නික්ඛමනාකාරප්පත්තානි විය අහෙසුං. තතො තෙන අත්තභාවෙන එවරූපස්ස ආහාරස්ස චක්ඛුනාපි අදිට්ඨපුබ්බතාය තෙන පටිකූලාහාරෙන අට්ටියමානො එවං අත්තනාව අත්තානං ඔවදි “සිද්ධත්ථ, ත්වං සුලභන්නපානෙ කුලෙ තිවස්සිකගන්ධසාලිභොජනං නානග්ගරසෙහි භුඤ්ජනට්ඨානෙ නිබ්බත්තිත්වාපි එකං පංසුකූලිකං දිස්වා ‘කදා නු ඛො අහම්පි එවරූපො හුත්වා පිණ්ඩාය චරිත්වා භුඤ්ජිස්සාමි, භවිස්සති නු ඛො මෙ සො කාලො’ති චින්තෙත්වා නික්ඛන්තො, ඉදානි කිං නාමෙතං කරොසී”ති. එවං අත්තනාව අත්තානං ඔවදිත්වා නිබ්බිකාරො හුත්වා ආහාරං පරිභුඤ්ජි.
බෝසතාණෝ ගෙපිළිවෙලින් ලැබුණු ආහාර ප්‍රමාණය දැන නුවරට පිවිසි දොරටුවෙන් ම පිටවී පණ්ඩව පව් සෙවනෙහි පෙරදිග බලා වැඩහිඳ ආහාර වැළඳීමට පටන් ගත්හ. එවිට උන් වහන්සේගේ අතුනුබහන් පෙරළී මුවෙන් නික්මෙන්නාක් මෙන් විය. එතෙක් එවැනි අහරක් ඒ අත්බව තුළ නුදුටු හෙයිනි. ආහාරය පිළිකුල් වුව ද තමා ම තමාට අවවාද කළහ. සිද්ධාර්ථ තවුසාණෙනි, ඔබ තුන් මසකින් පැසෙන සුවඳ ඇල් සහල් බත නොයෙක් රස මසවුලෙන් යුක්ත ව අනුභව කරන සුලබ ආහාරපාන ඇති කුලයක උපත ලබා වැරහැළි සිවුරු පොරවාගත් පැවිදි කෙනෙක් දැක මම මෙබඳු කෙනෙක් වී පිඬු පිණිස හැසිර අහර වළඳමි යි, දෑ සිතා රාජ්‍යය අතහැර පැමිණියෙමි. දැන් ඒ අහර පිළිකුල් කිරීම සුදුසුදැ යි තමාට ම අවවාද දී වෙනසක් නැති ව කෙණෙහි අහර වැළඳූහ.
රාජපුරිසා තං පවත්තිං දිස්වා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසුං. රාජා දූතවචනං සුත්වා වෙගෙන නගරා නික්ඛමිත්වා බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා ඉරියාපථස්මිංයෙව පසීදිත්වා බොධිසත්තස්ස සබ්බං ඉස්සරියං නිය්යාදෙසි . බොධිසත්තො “මය්හං, මහාරාජ, වත්ථුකාමෙහි වා කිලෙසකාමෙහි වා අත්ථො නත්ථි, අහං පරමාභිසම්බොධිං පත්ථයන්තො නික්ඛන්තො”ති ආහ. රාජා අනෙකප්පකාරං යාචන්තොපි තස්ස චිත්තං අලභිත්වා “අද්ධා ත්වං බුද්ධො භවිස්සසි, බුද්ධභූතෙන පන තෙ පඨමං මම විජිතං ආගන්තබ්බ”න්ති පටිඤ්ඤං ගණ්හි. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන “පබ්බජ්ජං කිත්තයිස්සාමි, යථා පබ්බජි චක්ඛුමා”ති ඉමං පබ්බජ්ජාසුත්තං (සු· නි· 407 ආදයො) සද්ධිං අට්ඨකථාය ඔලොකෙත්වා වෙදිතබ්බො.
රාජ දූතයෝ බෝසතුන්ගේ මේ පිළිවෙත දැක රජුට දැන්වූහ. ඔහු වහා ම නුවරින් නික්ම බෝසතුන් වෙත ගොස් ඉරියව්වෙහි පැහැදී බෝසතුන් රාජ්‍යයෙන් පැවරීය. මහරජ, මට වස්තු කාම හෙවත් සම්පතින් හෝ ක්ලේශ කාම හෙවත් කාමුක වින්දනයෙන් වැඩක් නැත. මම සම්බෝධිය ලබනු පිණිස පැමිණියෙමි. රජ තව තවත් ඇවිටිලි කළ ද බෝසතුන්ගේ ප්‍රතිචාරයක් නො ලැබ එසේ නම් ඔබ බුදුවේවා. බුදු බව පත් ඔබ පළමු කොට මගේ රාජ්‍යයට පැමිණිය යුතුයැ යි ප්‍රතිඥා ගත්තේය. මේ පුවත මෙහි දැක්වූයේ සංක්ෂේපයෙනි. විස්තර වශයෙන් වනාහි, “පබ්බජ්ජං කිත්තයිස්සාමි යථා පබ්බජි චක්ඛුමා”, පසැස් ඇති බුදුහු පැවිදි වූ අයුරු ප්‍රකාශ කරමි යි, පබ්බජ්ජ සූත්‍රය හා එහි අටුවාව බලා දත යුතුයි.
බොධිසත්තොපි රඤ්ඤො පටිඤ්ඤං දත්වා අනුපුබ්බෙන චාරිකං චරමානො ආළාරඤ්ච කාලාමං උදකඤ්ච රාමපුත්තං උපසඞ්කමිත්වා සමාපත්තියො නිබ්බත්තෙත්වා “නායං මග්ගො බොධායා”ති තම්පි සමාපත්තිභාවනං අනලඞ්කරිත්වා සදෙවකස්ස ලොකස්ස අත්තනො ථාමවීරියසන්දස්සනත්ථං මහාපධානං පදහිතුකාමො උරුවෙලං ගන්ත්වා “රමණීයො වතායං භූමිභාගො”ති තත්ථෙව වාසං උපගන්ත්වා මහාපධානං පදහි. තෙපි ඛො කොණ්ඩඤ්ඤප්පමුඛා පඤ්ච පබ්බජිතා ගාමනිගමරාජධානීසු භික්ඛාය චරන්තා තත්ථ බොධිසත්තං සම්පාපුණිංසු. අථ නං ඡබ්බස්සානි මහාපධානං පදහන්තං “ඉදානි බුද්ධො භවිස්සති, ඉදානි බුද්ධො භවිස්සතී”ති පරිවෙණසම්මජ්ජනාදිකාය වත්තපටිපත්තියා උපට්ඨහමානා සන්තිකාවචරාවස්ස අහෙසුං. බොධිසත්තොපි ඛො “කොටිප්පත්තං දුක්කරකාරියං කරිස්සාමී”ති එකතිලතණ්ඩුලාදීහිපි වීතිනාමෙසි, සබ්බසොපි ආහාරූපච්ඡෙදං අකාසි, දෙවතාපි ලොමකූපෙහි ඔජං උපසංහරමානා පටික්ඛිපි.
බෝසතාණෝ රජුට පිළිණ දී පිළිවෙලින් චාරිකාවෙහි යන අතර ආළාර කාලාම, උද්දක රාමපුත්ත නම් තවුසන් වෙත එළැඹ ධ්‍යාන සමාපත්ති ලබාගෙන ඒ සත්‍යාවබෝධය මඟ නො වේයැ යි ඒ සමාපත්ති ලාභය ප්‍රමාණ වශයෙන් නො පිළිගෙන දෙවියන් සහිත ලෝකයාට තමන්ගේ කායික හා මානසික ශක්තිය දැක්වීම සඳහා මහා වීර්යය කරනු පිණිස උරුවෙල් දනව්වට ගොස් සිත්කළු භූමි භාගයක් දැක එහි වෙසෙමින් ප්‍රධන් වීර්යය ඇරඹූහ. කොණ්ඩඤ්ඤ තවුසන් ප්‍රධාන පස්වග මහණහු ගම්, නියම් ගම්, රජදහන්වල ඇවිද එහි දී බෝසතුන් හමුවූහ. ඔවුහු මහා ප්‍රධන් වීර්යය වඩනා බෝසතාණන් දැන් දැන් බුදු වෙතැ යි යන සිතින් පන්සල හැමදීම් ආදී වත් පිළිවෙතින් උවටැන් කැරෙමින් බෝසතුන් සමග ම විසූහ. බෝසතාණෝ ද දුෂ්කර ක්‍රියාවෙහි කෙළවරටම යමි යි එක තල ඇටයෙන් එක සහල් ඇටයෙන් කල් ගෙවූහ. සහමුළින් ම ආහාර වර්ජනය ද කළහ. දෙවියන් විසින් ලොම් සිදුරු මගින් ආහාර සාරය ඇතුළු කිරීමට ප්‍රතික්ෂේප කළහ.
අථස්ස තාය නිරාහාරතාය පරමකසිමානප්පත්තකායස්ස සුවණ්ණවණ්ණො කායො කාළවණ්ණො අහොසි. බාත්තිංසමහාපුරිසලක්ඛණානි පටිච්ඡන්නානි අහෙසුං. අප්පෙකදා අප්පාණකං ඣානං ඣායන්තො මහාවෙදනාහි අභිතුන්නො විසඤ්ඤීභූතො චඞ්කමනකොටියං පතති. අථ නං එකච්චා දෙවතා “කාලකතො සමණො ගොතමො”ති වදන්ති, එකච්චා “විහාරොවෙසො අරහත”න්ති ආහංසු. තත්ථ යාසං “කාලකතො”ති අහොසි, තා ගන්ත්වා සුද්ධොදනමහාරාජස්ස ආරොචෙසුං “තුම්හාකං පුත්තො කාලකතො”ති. මම පුත්තො බුද්ධො හුත්වා කාලකතො, අහුත්වාති? බුද්ධො භවිතුං නාසක්ඛි, පධානභූමියංයෙව පතිත්වා කාලකතොති. ඉදං සුත්වා රාජා “නාහං සද්දහාමි, මම පුත්තස්ස බොධිං අප්පත්වා කාලකිරියා නාම නත්ථී”ති පටික්ඛිපි. කස්මා පන රාජා න සද්දහතීති? කාළදෙවීලතාපසස්ස වන්දාපනදිවසෙ ජම්බුරුක්ඛමූලෙ ච පාටිහාරියානං දිට්ඨත්තා.
ඒ නිරාහාර භාවය නිසා ඉතාමත් කෘෂ භාවයට පැමිණි ඔහුගේ රන්වන් සිරුර කළු පැහැ ගත්තේය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සැඟවිණි. සමහර දවසක ආශ්වාස ප්‍රශ්වාස නතර කොට ධ්‍යාන වඩද්දී මහත් වේදනාවෙන් සිහි සුන් ව සක්මන් කෙළවර වැටෙති. ඒ දුටු සමහර දෙවියෝ ගෞතමයන් මළේයැ යි කියති. සමහරු රහතුන්ගේ එක්තරා විහරණයකි යි කීහ. එහි දී යම් දෙවි කෙනෙක් මළේයැ යි සිතා ගොස් සුද්ධෝදන රජුට තම පුතු මළ බව දැන්වූහ. එවිට රජතුමා මගේ පුතු කළුරිය කළේ බුදු බව පත්ව ද නැතිව ද? බුදුවන්ට නො හැකි විය. වීර්යය කරද්දී සක්මන් කෙළවර විසංඥව වැටී මළේය. මේ ඇසූ රජතුමා මම නො අදහමි. මගේ පුතු බුදු බවට නො පත් ව කළුරිය කිරීමක් නො වන්නේ ය. මක්නිසා සුදොවුන් රජ නො ඇදහුවේද යත්, කාලදේවල තවුසන් වැළඳවීමේ දී කළ පෙළහරත් දඹ ගස මුල දී කළ පෙළහරත් දුටු බැවිනි.
පුන බොධිසත්තෙ සඤ්ඤං පටිලභිත්වා උට්ඨිතෙ තා දෙවතා ගන්ත්වා “අරොගො තෙ මහාරාජ පුත්තො”ති ආරොචෙන්ති. රාජා “ජානාමහං පුත්තස්ස අමරණභාව”න්ති වදති. මහාසත්තස්ස ඡබ්බස්සානි දුක්කරකාරියං කරොන්තස්ස ආකාසෙ ගණ්ඨිකරණකාලො විය අහොසි. සො “අයං දුක්කරකාරිකා නාම බොධාය මග්ගො න හොතී”ති ඔළාරිකං ආහාරං ආහාරෙතුං ගාමනිගමෙසු පිණ්ඩාය චරිත්වා ආහාරං ආහරි, අථස්ස බාත්තිංසමහාපුරිසලක්ඛණානි පාකතිකානි අහෙසුං, කායො සුවණ්ණවණ්ණො අහොසි. පඤ්චවග්ගියා භික්ඛූ “අයං ඡබ්බස්සානි දුක්කරකාරිකං කරොන්තොපි සබ්බඤ්ඤුතං පටිවිජ්ඣිතුං නාසක්ඛි, ඉදානි ගාමාදීසු පිණ්ඩාය චරිත්වා ඔළාරිකං ආහාරං ආහරියමානො කිං සක්ඛිස්සති, බාහුලිකො එස පධානවිබ්භන්තො, සීසං න්හායිතුකාමස්ස උස්සාවබින්දුතක්කනං විය අම්හාකං එතස්ස සන්තිකා විසෙසතක්කනං, කිං නො ඉමිනා”ති මහාපුරිසං පහාය අත්තනො අත්තනො පත්තචීවරං ගහෙත්වා අට්ඨාරසයොජනමග්ගං ගන්ත්වා ඉසිපතනං පවිසිංසු.
නැවත බෝසතුන් සිහි ලැබ නැඟී සිටි කල්හි ඒ දෙවියෝ ම මහරජ, ඔබගේ පුත්‍රයා නීරෝගී ව සිටිතැ යි කීහ. රජ ද මගේ පුත්‍රයා නො බුදු ව නො මියන බව දනිමි යි කීය. අනතුරු ව බෝසත්හු මේ සිරුරට දුක් දීම වනාහි නිවනට මඟ නො වේ යි සිතා බත් ආදී ඕලාරික ආහාර වැළඳීම සඳහා ගම්, නියම් ගම්හි පිඬු පිණිස හැසිර මිශ්‍ර ආහාර වැළඳූහ. නැවතත් සිරුරෙහි දෙතිස් පුරුෂ ලක්ෂණ ප්‍රකට ව පෙනිණි. සිරුර ද රන්වන් විය. පස්වග මහණහු මොහු සවසක් ශරීරයට දුක් දෙමින් වත් පිරුව ද සියල්ල දන්නා නුවණ ලැබීමට නො හැකි විය. ගම් දනව්වල පිඬු පිණිස හැසිර ඕලාරික ආහාර වළඳමින් කෙසේ නම් හැකි වන්නේද? මොහු සිව්පස බහුල බවට පැමිණියේය. මොහු වීර්යයෙන් පිරිහුණේය. අප මොහු විශේෂාධිගමයක් ලබතැ යි සිතීම හිස පටන් නහනු කැමැති කෙනෙක් පින් බිඳූයෙන් නහමි යි සිතීම වැනිය. මොහුගෙන් අපට ප්‍රතිඵලයක් නැතැ යි බෝසතුන් අතහැර තමතමන්ගේ පාසිවුරු ගෙන අටළොස් යොදුනක් මඟ ගෙවා ගොස් ඉසිපතනයට පිවිසියහ.
තෙන ඛො පන සමයෙන උරුවෙලායං සෙනානිගමෙ සෙනානිකුටුම්බිකස්ස ගෙහෙ නිබ්බත්තා සුජාතා නාම දාරිකා වයප්පත්තා එකස්මිං නිග්රොධරුක්ඛෙ පත්ථනං අකාසි “සචෙ සමජාතිකං කුලඝරං ගන්ත්වා පඨමගබ්භෙ පුත්තං ලභිස්සාමි, අනුසංවච්ඡරං තෙ සතසහස්සපරිච්චාගෙන බලිකම්මං කරිස්සාමී”ති. තස්සා සා පත්ථනා සමිජ්ඣි. සා මහාසත්තස්ස දුක්කරකාරිකං කරොන්තස්ස ඡට්ඨෙ වස්සෙ පරිපුණ්ණෙ විසාඛපුණ්ණමායං බලිකම්මං කාතුකාමා හුත්වා පුරෙතරං ධෙනුසහස්සං ලට්ඨිමධුකවනෙ චරාපෙත්වා තාසං ඛීරං පඤ්ච ධෙනුසතානි පායෙත්‍වා තාසං ඛීරං අඩ්ඪතියානීති එවං යාව සොළසන්නං ධෙනූනං ඛීරං අට්ඨ ධෙනුයො පිවන්ති, තාව ඛීරස්ස බහලතඤ්ච මධුරතඤ්ච ඔජවන්තතඤ්ච පත්ථයමානා ඛීරපරිවත්තනං නාම අකාසි. සා විසාඛපුණ්ණමදිවසෙ “පාතොව බලිකම්මං කරිස්සාමී”ති රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය තා අට්ඨ ධෙනුයො දුහාපෙසි. වච්ඡකා ධෙනූනං ථනමූලං නාගමිංසු, ථනමූලෙ පන නවභාජනෙ උපනීතමත්තෙ අත්තනො ධම්මතාය ඛීරධාරා පවත්තිංසු. තං අච්ඡරියං දිස්වා සුජාතා සහත්ථෙනෙව ඛීරං ගහෙත්වා නවභාජනෙ පක්ඛිපිත්වා සහත්ථෙනෙව අග්ගිං කත්වා පචිතුං ආරභි.
එසමයෙහි උරුවේලාහි සේනානී නම් නියම් ගම සේනානී කෙළඹියාගේ ගෙහි උපන් සුජාතා දැරිය සුදුසු වියට පත්වූ කල්හි එක් නුගරුකක් වෙත ගොස් ප්‍රාර්ථනාවක් කළාය. ඉදින් මම සමජාතික කුල ගෙයක කුමරකු සමග විවාපත් ව පළමු ව පුතකු ලබයි නම් වසරක් පාසා ලක්ෂයක් පරිත්‍යාග කොට පූජාවක් කරමි යි, ඇගේ ප්‍රාර්ථනාව සඵල විය. බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ සය වස සම්පූර්ණ වූ වෙසක් මස පුණු පොහෝ දින දේව පූජාව කරනු කැමැති සුජාතාවෝ පළමු කොට ම දෙනුන් දහසක් වැල්මී වනයක කවා ඒ දෙනුන්ගේ කිරි පන්සියක් දෙනුන්ට පොවා ඒ දෙනුන්ගේ කිරි ඉන් අඩකට ආදී වශයෙන් දෙනුන් අට දක්වා පොවා කිරෙහි ඝන බව මිහිරි බව ඔදවත් බව ඇති කරමින් කිරෙහි කිරි මාරු කිරීම නම් ක්‍රියාව කළහ. ඉක්බිති ඕතොමෝ වෙසක් පුණුපොහෝ දින ඉතා අළුයම නැගි ඒ දෙනුන් අටදෙන දෙවීය. වසුපැටව් දෙනුන්ගේ තනමුලට නොපැමිණියහ. අළුත් භාජන තන මුලට ළං කළවිටම ස්වාභාවිකව කිරිදහර වැටිණි. මේ අසිරිය දුටු සුජාතාවෝ සියතින්ම කිරිගෙන අළුත් බඳුන්වල බහා සියතින්ම ගිනි අවුළුවා පිසීමට ඇරඹූහ.
තස්මිං පායාසෙ පච්චමානෙ මහන්තමහන්තා බුබ්බුළා උට්ඨහිත්වා දක්ඛිණාවත්තා හුත්වා සඤ්චරන්ති, එකඵුසිතම්පි බහි න පතති, උද්ධනතො අප්පමත්තකොපි ධූමො න උට්ඨහති. තස්මිං සමයෙ චත්තාරො ලොකපාලා ආගන්ත්වා උද්ධනෙ ආරක්ඛං ගණ්හිංසු, මහාබ්රහ්මා ඡත්තං ධාරෙසි, සක්කො අලාතානි සමානෙන්තො අග්ගිං ජාලෙසි. දෙවතා ද්විසහස්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු දෙවානඤ්ච මනුස්සානඤ්ච උපකප්පනඔජං අත්තනො දෙවානුභාවෙන දණ්ඩකබද්ධං මධුපටලං පීළෙත්වා මධුං ගණ්හමානා විය සංහරිත්වා තත්ථ පක්ඛිපිංසු. අඤ්ඤෙසු හි කාලෙසු දෙවතා කබළෙ කබළෙ ඔජං පක්ඛිපන්ති, සම්බොධිදිවසෙ ච පන පරිනිබ්බානදිවසෙ ච උක්ඛලියංයෙව පක්ඛිපන්ති. සුජාතා එකදිවසෙයෙව තත්ථ අත්තනො පාකටානි අනෙකානි අච්ඡරියානි දිස්වා පුණ්ණං දාසිං ආමන්තෙසි “අම්ම පුණ්ණෙ, අජ්ජ අම්හාකං දෙවතා අතිවිය පසන්නා, මයා එත්තකෙ කාලෙ එවරූපං අච්ඡරියං නාම න දිට්ඨපුබ්බං, වෙගෙන ගන්ත්වා දෙවට්ඨානං පටිජග්ගාහී”ති. සා “සාධු, අය්යෙ”ති තස්සා වචනං සම්පටිච්ඡිත්වා තුරිතතුරිතා රුක්ඛමූලං අගමාසි.
මේ කිරිබත පිසෙන කල්හි මහත් මහත් බුබුළු පැනනැගී දකුණට කැරකැවෙමින් ඒ මේ අත හැසිරිණි. එක බිඳුවක් පමණ දූ පිටතට නොවැගිරිණි. ලිපෙන් සුළු වූද දුමක් නො නැංගේය. එකෙණෙහි ලෝකපාලක සතරවරම් දෙවියෝ උදුනට ආරක්ෂා ගත්හ. මහබඹහු සේසත දැරූහ. සක් දෙවිඳු ගිනි පෙහෙලි පෙරලමින් ගිනි දැල්වීය. දෙවියෝ දෙදහසක් දිවසින් පිරිවර වූ සතර මහා ද්වීපයෙහි දෙවි මිනිසුන්ගේ පරිභෝජනයට සුදුසු වූ ඕජාව තම දේවානුභාවයෙන් දඬුවැල් බෑ මීවදයක් මිරිකා මී පැණි ගන්නාක් මෙන් කැටිකොට ගෙන එම කිරිබතට දැමූහ. අන් දිනවල දෙවියෝ පිඬක් පාසා දිව්‍යය ඕජස බහාලත්. සම්බුදු බවට පත්වන දිනයෙහි සහ පිරිනිවන්පානා දිනයෙහි දිව්‍යය ඕජස සැලියේ දී ම බහාලති. සුජාතාවෝ එක දවසක් තුළ තමාට ම ප්‍රකට වූ අසිරිමත් සිදුවීම් දැක සුජාතා, පුණ්ණා දාසිය ඇමතුවාය. දුව පුණ්ණාවෙනි, අද අපගේ දෙවියෝ වඩාත්ම පහන් වූ සේය. මම මෙතෙක් කල් මෙබඳු අසිරියක් නුදුටු විරීමි. වහා ම ගොස් දෙවොල පිළිදැගුම් කරව යි පුණ්ණා දේවියගේ වදන් සතුටින් පිළිගෙන රුක් මුල වෙත වහාම ගියාය.
බොධිසත්තොපි ඛො තස්මිං රත්තිභාගෙ පඤ්ච මහාසුපිනෙ දිස්වා පරිග්ගණ්හන්තො “නිස්සංසයෙනාහං අජ්ජ බුද්ධො භවිස්සාමී”ති කතසන්නිට්ඨානො තස්සා රත්තියා අච්චයෙන කතසරීරපටිජග්ගනො භික්ඛාචාරකාලං ආගමයමානො පාතොව ආගන්ත්වා තස්මිං රුක්ඛමූලෙ නිසීදි අත්තනො පභාය සකලරුක්ඛං ඔභාසයමානො. අථ ඛො සා පුණ්ණා ආගන්ත්වා අද්දස බොධිසත්තං රුක්ඛමූලෙ පාචීනලොකධාතුං ඔලොකයමානං නිසින්නං, සරීරතො චස්ස නික්ඛන්තාහි පභාහි සකලරුක්ඛං සුවණ්ණවණ්ණං. දිස්වා තස්සා එතදහොසි – “අජ්ජ අම්හාකං දෙවතා රුක්ඛතො ඔරුය්හ සහත්ථෙනෙව බලිකම්මං සම්පටිච්ඡිතුං නිසින්නා මඤ්ඤෙ”ති උබ්බෙගප්පත්තා හුත්වා වෙගෙනාගන්ත්වා සුජාතාය එතමත්ථං ආරොචෙසි.
බෝසත්හු ද ඉකුත් රැයෙහි පස් මහා සිහින දැක විමසන්නාහු, අද මම බුදු වෙමි යි අධිෂ්ඨානයෙන් යුතුව අළුයම සිරුර පිළිබඳ කටයුතු අවසන් කොට පිණ්ඩපාත කාලය පැමිණෙන තුරු ඒ නුග රුක මුල වැඩ හුන්හ. එතුමන්ගේ ශරීරාලෝකයෙන් නුග රුක ආලෝකවත් විය. පුණ්ණා අවුත් බලන්නී, පෙරදිග බලා වැඩහුන් සිරුරින් නික්මෙන රැස් දහරින් මුළු ගස ම රන්වන් කරමින් වැඩසිටි බෝසතුන් දැක රුක් දෙවියා ගසින් බැස සියතින් ම පූජාව පිළිගැනීමට සිටිනවා විය යුතුයැ යි ඕ සිතුවාය. බියට පත් පුණ්ණා වෙළෙවිව ගොස් සුජාතාවන්ට මෙපුවත සැලකළාය.
සුජාතා තස්සා වචනං සුත්වා තුට්ඨමානසා හුත්වා “අජ්ජ දානි පට්ඨාය මම ජෙට්ඨධීතුට්ඨානෙ තිට්ඨාහී”ති ධීතු අනුච්ඡවිකං සබ්බාලඞ්කාරං අදාසි. යස්මා පන බුද්ධභාවං පාපුණනදිවසෙ සතසහස්සග්ඝනිකං සුවණ්ණපාතිං ලද්ධුං වට්ටති, තස්මා සා “සුවණ්ණපාතියං පායාසං පක්ඛිපිස්සාමී”ති චිත්තං උප්පාදෙත්වා සතසහස්සග්ඝනිකං සුවණ්ණපාතිං නීහරාපෙත්වා තත්ථ පායාසං පක්ඛිපිතුකාමා පක්කභාජනං ආවජ්ජෙසි. ‘සබ්බො පායාසො පදුමපත්තා උදකං විය විනිවත්තිත්වා පාතියං පතිට්ඨාසි, එකපාතිපූරමත්තොව අහොසි’. සා තං පාතිං අඤ්ඤාය සුවණ්ණපාතියා පටිකුජ්ජිත්වා ඔදාතවත්ථෙන වෙඨෙත්වා සබ්බාලඞ්කාරෙහි අත්තභාවං අලඞ්කරිත්වා තං පාතිං අත්තනො සීසෙ ඨපෙත්වා මහන්තෙන ආනුභාවෙන නිග්රොධරුක්ඛමූලං ගන්ත්වා බොධිසත්තං ඔලොකෙත්වා බලවසොමනස්සජාතා “රුක්ඛදෙවතා”ති සඤ්ඤාය දිට්ඨට්ඨානතො පට්ඨාය ඔනතොනතා ගන්ත්වා සීසතො පාතිං ඔතාරෙත්වා විවරිත්වා සුවණ්ණභිඞ්කාරෙන ගන්ධපුප්ඵවාසිතං උදකං ගහෙත්වා බොධිසත්තං උපගන්ත්වා අට්ඨාසි. ඝටීකාරමහාබ්රහ්මුනා දින්නො මත්තිකාපත්තො එත්තකං අද්ධානං බොධිසත්තං අවිජහිත්වා තස්මිං ඛණෙ අදස්සනං ගතො, බොධිසත්තො පත්තං අපස්සන්තො දක්ඛිණහත්ථං පසාරෙත්වා උදකං සම්පටිච්ඡි. සුජාතා සහෙව පාතියා පායාසං මහාපුරිසස්ස හත්ථෙ ඨපෙසි, මහාපුරිසො සුජාතං ඔලොකෙසි. සා ආකාරං සල්ලක්ඛෙත්වා “අය්ය, මයා තුම්හාකං පරිච්චත්තං, ගණ්හිත්වා යථාරුචිං ගච්ඡථා”ති වන්දිත්වා “යථා මය්හං මනොරථො නිප්ඵන්නො , එවං තුම්හාකම්පි නිප්ඵජ්ජතූ”ති වත්වා සතසහස්සග්ඝනිකාය සුවණ්ණපාතියා පුරාණපණ්ණෙ විය අනපෙක්ඛා හුත්වා පක්කාමි.
සුජාතාවෝ ඇගේ වදන් අසා සතුටුව අද පටන් මගේ දෙටු දියණිය වන්නීයැ යි දියණියකට සුදුසු සියලු ආභරණ දුන්හ. බෝසතාණන් බුදු බවට පත්වන දිනයෙහි ලක්ෂයක් අගනා රන් බඳුනක් ලැබිය යුතු නිසා එබඳු රන් බඳුනක් ගෙන කිරි බත එහි බහාලනු පිණිස පිසූ බඳුන යටිකුරු කළහ. එවිට සියලු කිරිබතින් රන් බඳුන පිරිණි. නැවත වෙනත් රන් බඳුනකින් වසා වස්ත්‍රයක ඔතා තමා ද සර්වාභරණයෙන් සැරසී රන් පාත්‍රය හිස මත තබාගෙන මහත් සිරියාවෙන් නුග රුක මුලට ගොස් බෝසතුන් බලා රුක් දෙවි යන හැඟීමෙන් සතුටු ව දුටුතැන් සිට නැමි නැමී ගොස් හිසින් පාත්‍රය ගෙන පියන විවෘත කොට රන් කෙණ්ඩියෙන් සුවඳ ගැල්වූ දිය ගෙන බෝසතුන් ඉදිරියෙහි සිටියාය. පැවිදි වන දින ඝටීකාර මහා බඹහු විසින් දෙන ලද මැටි පාත්‍රය එතෙක් කලක් අත් නො හැර තිබී ඒ මොහොතෙහි අතුරුදන් විය. බෝසත්හු පාත්‍රය නැති නිසා දකුණු අත දිගු කොට පැන් පිළිගත්හ. සුජාතා දේවිය රන්පත සමග ම කිරි බත බෝසතුන් අත තැබුවාය. උන් වහන්සේ සුජාතා දෙස බැලූ ආකාරයෙන් ම කාරණය වටහාගත් සුජාතා දේවිය උතුමාණෙනි, මා විසින් රන්පාත්‍රය ඔබ වහන්සේට පිරිනැමිණි. කැමැති සේ එය රැගෙන යනු මැනවැ යි වැඳ මගේ මනදොළ සපිරුණාක් මෙන් ඔබ වහන්සේගේ පැතුම් සඵල වේවා යි පවසා ලක්ෂයක් වටිනා රන්පත දිරාපත් පතක් මෙන් අපේක්ෂා රහිත ව ගියාය.
බොධිසත්තොපි ඛො නිසින්නට්ඨානා උට්ඨාය රුක්ඛං පදක්ඛිණං කත්වා පාතිං ආදාය නෙරඤ්ජරාය තීරං ගන්ත්වා අනෙකෙසං බොධිසත්තසහස්සානං අභිසම්බුජ්ඣනදිවසෙ ඔතරිත්වා න්හානට්ඨානං සුප්පතිට්ඨිතතිත්ථං නාම අත්ථි, තස්ස තීරෙ පාතිං ඨපෙත්වා ඔතරිත්වා න්හත්වා අනෙකබුද්ධසතසහස්සානං නිවාසනං අරහද්ධජං නිවාසෙත්වා පුරත්ථාභිමුඛො නිසීදිත්වා එකට්ඨිතාලපක්කප්පමාණෙ එකූනපඤ්ඤාස පිණ්ඩෙ කත්වා සබ්බං අප්පොදකං මධුපායාසං පරිභුඤ්ජි. සො එව හිස්ස බුද්ධභූතස්ස සත්තසත්තාහං බොධිමණ්ඩෙ වසන්තස්ස එකූනපඤ්ඤාස දිවසානි ආහාරො අහොසි. එත්තකං කාලං නෙව අඤ්ඤො ආහාරො අත්ථි, න න්හානං, න මුඛධොවනං, න සරීරවළඤ්ජො, ඣානසුඛෙන මග්ගසුඛෙන ඵලසුඛෙන ච වීතිනාමෙසි. තං පන පායාසං පරිභුඤ්ජිත්වා සුවණ්ණපාතිං ගහෙත්වා “සචාහං, අජ්ජ බුද්ධො භවිතුං සක්ඛිස්සාමි, අයං පාති පටිසොතං ගච්ඡතු, නො චෙ සක්ඛිස්සාමි, අනුසොතං ගච්ඡතූ”ති වත්වා නදීසොතෙ පක්ඛිපි. සා සොතං ඡින්දමානා නදීමජ්ඣං ගන්ත්වා මජ්ඣමජ්ඣට්ඨානෙනෙව ජවසම්පන්නො අස්සො විය අසීතිහත්ථමත්තට්ඨානං පටිසොතං ගන්ත්වා එකස්මිං ආවට්ටෙ නිමුජ්ජිත්වා කාළනාගරාජභවනං ගන්ත්වා තිණ්ණං බුද්ධානං පරිභොගපාතියො “කිලි කිලී”ති රවං කාරයමානා පහරිත්වාව තාසං සබ්බහෙට්ඨිමා හුත්වා අට්ඨාසි. කාළො නාගරාජා තං සද්දං සුත්වා “හිය්යො එකො බුද්ධො නිබ්බත්තො, පුන අජ්ජ එකො නිබ්බත්තො”ති වත්වා අනෙකෙහි පදසතෙහි ථුතියො වදමානො උට්ඨාසි. තස්ස කිර මහාපථවියා එකයොජනතිගාවුතප්පමාණං නභං පූරෙත්වා ආරොහනකාලො “අජ්ජ වා හිය්යො වා”ති සදිසො අහොසි.
බෝසතාණෝ ද වැඩහුන් තැනින් නැඟිට ගස පැදකුණු කොට පාත්‍රය රැගෙන නේරඤ්ජනා ගං තෙරට වැඩ නොයෙක් ලක්ෂ ගණන් බෝසත්වරුන්ට බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොටක් ඇත. එහි ඉවුරෙහි පාත්‍රය තබා බැස නා නොයෙක් ශතසහශ්ර සංඛ්‍යාත බුදුවරුන්ගේ චීවරය වූ අරහත්ධජය පොරවා පෙරදිගට අභිමුඛ ව වැඩහිඳ එක තල් ඇටයක් පමණ වන පරිදි එකුන්පණස් පිඬක් කොට ඒ මධුර පායාසය වැළඳූහ. එම ආහාරය ම උන් වහන්සේට බුද්ධත්වයට පත්වූ පසු සත් සතියක් බෝමැඩ වැඩ විසීමට ආහාරය විය. ඒ කාලය තුළ වෙනත් ආහාරයක් නො වීය. ස්නානය කිරීමක් ද නො වීය. ශරීර මළ බැහැර කිරීමක් ද නො වීය. ධ්‍යාන සුවයෙන් හා මඟ ඵල සුවයෙන් කල්ගත කළහ. ඒ කිරි බත් ආහාරය වැළඳූ බෝසතාණෝ රන් පාත්‍රය ගෙන මම අද බුද්ධත්වයට පත්වන්නේ නම් මේ පාත්‍රය උඩු ගං දහර අනුව යේවා. නො හැකි වන්නේ නම් ගඟ දිය පහර අනුව යේවා යි සිතා ගඟට දැමූහ. පාත්‍රය ද ගඟ සැඩ පහර සිඳිමින් ගඟ මැදට ගොස් ජවසම්පන්න අශ්වයකු මෙන් මැදින් ම අසූ රියනක් පමණ තැන් ගොස් දිය සුළියක ගිලී කාල නා රජුගේ භවනට පෙර තුන් බුදුරදුන්ගේ පරිත්‍යාග කළ පාත්‍රයන් කිටි කිටි ශබ්දය නංවමින් ඒ පත්‍ර තුනට යටින් පිහිටියේය. කාල නාග රාජයා ඒ ශබ්දය අසා ඊයේ එක බුදුවරයෙකි. අද තවත් බුදුවරයෙක් උපන්හ යි නොයෙක් පද සිය ගණනින් තුටු ගී ගයමින් සිටියේය. ඔහුට වනාහි මහ පොළොව එක් යොදුන් තුන් ගව්වක් අහස පුරවා වැඩෙන කාලය අද හෝ ඊයේ හා සමාන වෙයි.
බොධිසත්තොපි නදීතීරම්හි සුපුප්ඵිතසාලවනෙ දිවාවිහාරං කත්වා සායන්හසමයෙ පුප්ඵානං වණ්ටතො මුච්චනකාලෙ දෙවතාහි අලඞ්කතෙන අට්ඨූසභවිත්ථාරෙන මග්ගෙන සීහො විය විජම්භමානො බොධිරුක්ඛාභිමුඛො පායාසි. නාගයක්ඛසුපණ්ණාදයො දිබ්බෙහි ගන්ධපුප්ඵාදීහි පූජයිංසු, දිබ්බසඞ්ගීතාදීනි පවත්තයිංසු, දසසහස්සී ලොකධාතු එකගන්ධා එකමාලා එකසාධුකාරා අහොසි. තස්මිං සමයෙ සොත්ථියො නාම තිණහාරකො තිණං ආදාය පටිපථෙ ආගච්ඡන්තො මහාපුරිසස්ස ආකාරං ඤත්වා අට්ඨ තිණමුට්ඨියො අදාසි. බොධිසත්තො තිණං ගහෙත්වා බොධිමණ්ඩං ආරුය්හ දක්ඛිණදිසාභාගෙ උත්තරාභිමුඛො අට්ඨාසි. තස්මිං ඛණෙ දක්ඛිණචක්කවාළං ඔසීදිත්වා හෙට්ඨා අවීචිසම්පත්තං විය අහොසි, උත්තරචක්කවාළං උල්ලඞ්ඝිත්වා උපරි භවග්ගප්පත්තං විය අහොසි. බොධිසත්තො “ඉදං සම්බොධිං පාපුණනට්ඨානං න භවිස්සති මඤ්ඤෙ”ති පදක්ඛිණං කරොන්තො පච්ඡිමදිසාභාගං ගන්ත්වා පුරත්ථාභිමුඛො අට්ඨාසි, තතො පච්ඡිමචක්කවාළං ඔසීදිත්වා හෙට්ඨා අවීචිසම්පත්තං විය අහොසි, පුරත්ථිමචක්කවාළං උල්ලඞ්ඝිත්වා උපරි භවග්ගප්පත්තං විය අහොසි. ඨිතට්ඨිතට්ඨානෙ කිරස්ස නෙමිවට්ටිපරියන්තෙ අක්කන්තෙ නාභියා පතිට්ඨිතමහාසකටචක්කං විය මහාපථවී ඔනතුන්නතා අහොසි. බොධිසත්තො “ඉදම්පි සම්බොධිං පාපුණනට්ඨානං න භවිස්සති මඤ්ඤෙ”ති පදක්ඛිණං කරොන්තො උත්තරදිසාභාගං ගන්ත්වා දක්ඛිණාභිමුඛො අට්ඨාසි, තතො උත්තරචක්කවාළං ඔසීදිත්වා හෙට්ඨා අවීචිසම්පත්තං විය අහොසි, දක්ඛිණචක්කවාළං උල්ලඞ්ඝිත්වා උපරි භවග්ගප්පත්තං විය අහොසි. බොධිසත්තො “ඉදම්පි සම්බොධිං පාපුණනට්ඨානං න භවිස්සති මඤ්ඤෙ”ති පදක්ඛිණං කරොන්තො පුරත්ථිමදිසාභාගං ගන්ත්වා පච්ඡිමාභිමුඛො අට්ඨාසි. පුරත්ථිමදිසාභාගෙ පන සබ්බබුද්ධානං පල්ලඞ්කට්ඨානං, තං නෙව ඡම්භති, න කම්පති. මහාසත්තො “ඉදං සබ්බබුද්ධානං අවිජහිතං අචලට්ඨානං කිලෙසපඤ්ජරවිද්ධංසනට්ඨාන”න්ති ඤත්වා තානි තිණානි අග්ගෙ ගහෙත්වා චාලෙසි, තාවදෙව චුද්දසහත්ථො පල්ලඞ්කො අහොසි. තානිපි ඛො තිණානි තථාරූපෙන සණ්ඨානෙන සණ්ඨහිංසු, යථාරූපං සුකුසලොපි චිත්තකාරො වා පොත්ථකාරො වා ආලිඛිතුම්පි සමත්ථො නත්ථි. බොධිසත්තො බොධික්ඛන්ධං පිට්ඨිතො කත්වා පුරත්ථාභිමුඛො දළ්හමානසො හුත්වා –
බෝසතාණෝ ගඟ අසබඩ මලින් ගැවසුණු සල්වනයෙහි දහවල් කාලය ගතකොට සවස මල් නැටුවෙන් බිඳෙන කාලයෙහි දෙවියන් විසින් සරසන ලද අට ඉස්බක් පමණ පැතිරී ගිය මගින් සිංහයකුමෙන් අභීතව ඇසතු බෝ රුක වෙත වැඩියහ. නා, යක්, ගුරුළු ආදීහු දිව්‍යමය සුවඳ මල් ආදියෙන් පූජා කළහ. දිව්‍යමය සංගීතාදිය පැවැත්වූහ. දශ දහසක් ලෝක සුවඳ මල් මාලාවක් මෙන් විය. සාධුකාර හඬ ද පැවැත්විණි. ඒ වේලාවෙහි සොත්ථිය නම් තණ වෙළෙන්දා තණ ගෙන ඉදිරියට එන්නේ බෝසතුන්ගේ ආකාරය දැන තණ අට මිටක් දුන්නේය. බෝසත්හු තණ අට මිට ගෙන බෝමැඬට නැඟ දකුණු දිශාවෙහි උතුරට මුහුණලා සිටියහ. එකෙණෙහි සක්වළෙහි දකුණු පැත්ත ගිලී අවීචි නිරය පැමිණියාක් මෙන් විය. උතුරු සක්වල භවාග්‍රයෙහි පිහිටියාක් මෙන් විය. බෝසත්හු මේ දිසාව සංබෝධියට සුදුසු දිසාව නොවේ’යි සලකා පැදකුණු කරමින් බටහිර දෙසට ගොස් පෙරදිගට මුහුණලා සිටියහ. එහිදී ද පෙර මෙන් බටහිර පැත්ත ගිලී අවීචියෙහි පිහිටියාක් මෙන් විය. පෙරදිග උඩට නැගී භාවාත්රයෙහි පිහිටියාක් මෙන් විය. බෝසතුන් සිටි සිටි තැන නැබින් තිබූ චක්‍රයක් නේමියෙන් මඬනා කල මෙන් මහපොළොව උස් පහත් විය. එම දිශාව ද සම්බෝධි ස්ථාන නො වේයැ යි පැදකුණු කරමින් උතුරු දිශාවට ගොස් දකුණු දිශාවට මුහුණලා සිය පෙර පරිදි ම විය. ඒ දිශාව ද සම්බෝධි ස්ථානය නො වේයැ යි සිතූ බෝසතාණෝ පෙරදිගට ගොස් පැදුම් දෙස බලා සිටියහ. පූර්ව දිශාව වනාහි සියලු බුදුවරයන්ගේ සම්බෝධි අසුන පිහිටන තැන වේ. ඒ උස් පහත් නො වේ. නො සැලේ. බෝසතාණෝ මේ ස්ථානය සියලු බුදුවරයන්ගේ අත් නො හරින ලද නො සෙල්වෙන කෙළෙස් මැදිරි විනාශ කරන ස්ථානය යි දැන ඒ තණ අගින් ගෙන සෙලවීය. ඒ සමග ම තුදුස් රියන් වජ්රාසනය පැන නැගිනි. ඒ තණ ඒ ආකාරයෙන් ම පිහිටියේය. ඉතා දක්ෂ සිත්කරුවකු හෝ පෙත්කරුවකු මේ ආසනය සිතුවම් කරන්ට සමත් නො වේ. බෝසතාණෝ ගසෙහි කඳට පිට දී පෙරදිගට අභිමුඛ ව දැඩි සිත් ඇති ව,
“කාමං තචො ච න්හාරු ච, අට්ඨි ච අවසිස්සතු; උපසුස්සතු නිස්සෙසං, සරීරෙ මංසලොහිතං”.
මගේ ශරීරයෙහි සම, නහර, ඇට විසි වේවා. මස්, ලේ වියලේවා. සම්මා සම්බුද්ධත්වය නො පැමිණ මේ බද්ධාශනය නො හරින්නෙමි යි සිය ගණන් හෙන පාත් වුව ද නො බිඳිය හැකි, පරාජය කළ නො හැකි, පරියංකය බැඳ වැඩහුන්හ.
න ත්වෙවාහං සම්මාසම්බොධිං අප්පත්වා ඉමං පල්ලඞ්කං භින්දිස්සාමීති අසනිසතසන්නිපාතෙනපි අභෙජ්ජරූපං අපරාජිතපල්ලඞ්කං ආභුජිත්වා නිසීදි.
තස්මිං සමයෙ මාරො දෙවපුත්තො “සිද්ධත්ථකුමාරො මය්හං වසං අතික්කමිතුකාමො, න දානිස්ස අතික්කමිතුං දස්සාමී”ති මාරබලස්ස සන්තිකං ගන්ත්වා එතමත්ථං ආරොචෙත්වා මාරඝොසනං නාම ඝොසාපෙත්වා මාරබලං ආදාය නික්ඛමි. සා මාරසෙනා මාරස්ස පුරතො ද්වාදසයොජනා හොති, දක්ඛිණතො ච වාමතො ච ද්වාදසයොජනා, පච්ඡතො යාව චක්කවාළපරියන්තං කත්වා ඨිතා, උද්ධං නවයොජනුබ්බෙධා, යස්සා උන්නදන්තියා උන්නාදසද්දො යොජනසහස්සතො පට්ඨාය පථවිඋන්ද්රියනසද්දො විය සුය්යති. අථ මාරො දෙවපුත්තො දියඩ්ඪයොජනසතිකං ගිරිමෙඛලං නාම හත්ථිං අභිරුහිත්වා බාහුසහස්සං මාපෙත්වා නානාවුධානි අග්ගහෙසි. අවසෙසායපි මාරපරිසාය ද්වෙ ජනා එකසදිසං ආවුධං න ගණ්හිංසු, නානප්පකාරවණ්ණා නානප්පකාරමුඛා හුත්වා මහාසත්තං අජ්ඣොත්ථරමානා ආගමිංසු.
එකෙණෙහි මාර දෙවි පුත් සිදුහත් කුමරු මගේ බලය ඉක්මනු කැමැත්තේය. මම දැන් ඔහුට මා ඉක්මවන්නට ඉඩ නො දෙමි යි මර සෙනඟ වෙත ගොස් මෙම කරුණ කියා මර සෙනඟ සමග නික්මුණේය. ඒ මාර සේනාව මරු පෙරටුව දොළොස් යොදුනක් වෙයි. දකුණු හා වම් පසින් ද දොළොස් යොදුනක් ම විය. පිටුපසින් සක්වල කෙළවර කොට සිටියහ. උඩ දිශාවට තව යොදුනක් විය. මේ මාර සේනාවේ ගුගුරණ ශබ්දය පොළොව ගුගුරන කලක් මෙන් යොදුන් දහසක් ඇසේ. ඉක්බිති, මාර දෙවි පුත් අඩ සියයක් උස ගිරිමේඛලා නම් ඇතු පිට නැඟී අත්දහසක් මවා නොයෙක් ආයුධ ගැන්වීය. අන් මර සෙනගට ද දෙදෙනෙකුට එක සමාන නො වන සේ විවිධ ආයුධ ගැන්වූහ. මර සෙනඟ නොයෙක් වර්ණයෙන් හා විවිධාකාර මුහුණුවලින් යුක්ත ව බෝසතුන් මැඩගෙන යන්නාක් මෙන් ඉදිරියට පැමිණියහ.
දසසහස්සචක්කවාළදෙවතා පන මහාසත්තස්ස ථුතියො වදමානා අට්ඨංසු. සක්කො දෙවරාජා විජයුත්තරසඞ්ඛං ධමමානො අට්ඨාසි. සො කිර සඞ්ඛො වීසහත්ථසතිකො හොති. සකිං වාතං ගාහාපෙත්වා ධමන්තො චත්තාරො මාසෙ සද්දං කරිත්වා නිස්සද්දො හොති. මහාකාළනාගරාජා අතිරෙකපදසතෙන වණ්ණං වදන්තො අට්ඨාසි, මහාබ්රහ්මා සෙතච්ඡත්තං ධාරයමානො අට්ඨාසි. මාරබලෙ පන බොධිමණ්ඩං උපසඞ්කමන්තෙ තෙසං එකොපි ඨාතුං නාසක්ඛි, සම්මුඛසම්මුඛට්ඨානෙනෙව පලායිංසු. කාළො නාගරාජා පථවියං නිමුජ්ජිත්වා පඤ්චයොජනසතිකං මඤ්ජෙරිකනාගභවනං ගන්ත්වා උභොහි හත්ථෙහි මුඛං පිදහිත්වා නිපන්නො. සක්කො විජයුත්තරසඞ්ඛං පිට්ඨියං කත්වා චක්කවාළමුඛවට්ටියං අට්ඨාසි. මහාබ්රහ්මා සෙතච්ඡත්තං චක්කවාළකොටියං ඨපෙත්වා බ්රහ්මලොකමෙව අගමාසි. එකා දෙවතාපි ඨාතුං සමත්ථා නාහොසි, මහාපුරිසො එකකොව නිසීදි.
දස දහසක් සක්වල දෙවියෝ බෝසතුන්ට තුති ගායනා කරමින් උන්හ. සක් දෙව් රජ විජයුත්තර නම් සංඛ පිඹිමින් සිටියේය. ඒ සංඛ වනාහි එක්සිය විසි රියන් වෙයි. එක්වරක් පිඹිකළ සිව් මසක් රැව් දී නිහඬ වෙයි. එකල්හි මහා කෙළ නා රජ සියණන් ගීවලින් බෝසතුන් ගුණ වනමින් සිටියේය. මහබඹු සුදු කුඩය දරමින් සිටියේය. මර සෙනඟ බෝමැඩ ළඟට පැමිණෙත් ම ඔවුන්ගෙන් එක් අයකුට හෝ සිටින්ට නො හැකි විය. හිස් ලූ ලූ අත පලාගියහ. නා රජ පොළොව කිමිදී යොදුන් පන්සියයක් වූ මඤ්ජෙරික නාග භවනයට ගොස් දෙඅතින් මුහුණ වසාගෙන හොත්තේය. සක් දෙවිඳු විජයුත්තර සංඛය පිට තබාගෙන සක්වල මුවවිට සිටියේය. මහබඹු සේසත සක්වල කෙළවර තබා බඹ ලොවට ම ගියේය. එක දෙවියකු හෝ සිටින්ට සමත් නො වීය. බෝසතාණෝ තනි ව සිටියහ.
මාරොපි අත්තනො පරිසං ආහ “තාතා සුද්ධොදනපුත්තෙන සිද්ධත්ථෙන සදිසො අඤ්ඤො පුරිසො නාම නත්ථි, මයං සම්මුඛා යුද්ධං දාතුං න සක්ඛිස්සාම, පච්ඡාභාගෙන දස්සාමා”ති. මහාපුරිසොපි තීණි පස්සානි ඔලොකෙත්වා සබ්බදෙවතානං පලාතත්තා සුඤ්ඤානි අද්දස. පුන උත්තරපස්සෙන මාරබලං අජ්ඣොත්ථරමානං දිස්වා “අයං එත්තකො ජනො මං එකකං සන්ධාය මහන්තං වායාමං පරක්කමං කරොති, ඉමස්මිං ඨානෙ මය්හං මාතා වා පිතා වා භාතා වා අඤ්ඤො වා කොචි ඤාතකො නත්ථි, ඉමා පන දස පාරමියොව මය්හං දීඝරත්තං පුට්ඨපරිජනසදිසා, තස්මා පාරමියොව ඵලකං කත්වා පාරමිසත්ථෙනෙව පහරිත්වා අයං බලකායො මයා විද්ධංසෙතුං වට්ටතී”ති දස පාරමියො ආවජ්ජමානො නිසීදි.
මාරයා සිය පිරිස අමතා කීය. දරුවනි, සුද්ධෝදන පුත්‍ර සිද්ධාර්ථ සමාන අන් කෙනකු නැත. මුහුණට මුහුණලා යුද කිරීමට අපි සමත් නො වෙමු. පසු පසින් යුද කරමු. බෝසතාණෝ තුන් පැති බලා සියලු දෙවියන් පලාගිය බැවින් හිස්ව ඇති බව දැන නැවත උතුරු දෙසින් මර සෙන තමා මැඬීම එන බව දැක මේ විශාල සෙනඟ එකලා මා සඳහා උත්සාහ කරති. මෙහි මා සඳහා මව්පිය සොහොයුරෝ හෝ අන් කිසිවකු හෝ නැත. මේ දශ පාරමිතාවෝ මවිසින් දිගුකලක් පෝෂණය කළ සේවකයෝ වැන්නාහ. එහෙයින් පාරමී ධර්ම පළිහක් කොට පාරමී නැමැති ආයුධයෙන් ම මේ මර පිරිස විසුරුවා හැරිය යුතු වන්නේය යි සිතා දශ පාරමිතාවන් සිහි කරමින් වැඩහුන්හ.
අථ ඛො මාරො දෙවපුත්තො “එතෙනෙව සිද්ධත්ථං පලාපෙස්සාමී”ති වාතමණ්ඩලං සමුට්ඨාපෙසි. තඞ්ඛණංයෙව පුරත්ථිමාදිභෙදා වාතා සමුට්ඨහිත්වා අඩ්ඪයොජනඑකයොජනද්වියොජනතියොජනප්පමාණානි පබ්බතකූටානි පදාලෙත්වා වනගච්ඡරුක්ඛාදීනි උම්මූලෙත්වා සමන්තා ගාමනිගමෙ චුණ්ණවිචුණ්ණං කාතුං සමත්ථාපි මහාපුරිසස්ස පුඤ්ඤතෙජෙන විහතානුභාවා බොධිසත්තං පත්වා චීවරකණ්ණමත්තම්පි චාලෙතුං නාසක්ඛිංසු. තතො “උදකෙන න අජ්ඣොත්ථරිත්වා මාරෙස්සාමී”ති මහාවස්සං සමුට්ඨාපෙසි. තස්සානුභාවෙන උපරූපරි සතපටලසහස්සපටලාදිභෙදා වලාහකා උට්ඨහිත්වා වස්සිංසු. වුට්ඨිධාරාවෙගෙන පථවී ඡිද්දා අහොසි. වනරුක්ඛාදීනං උපරිභාගෙන මහාමෙඝො ආගන්ත්වා මහාසත්තස්ස චීවරෙ උස්සාවබින්දුට්ඨානමත්තම්පි තෙමෙතුං නාසක්ඛි. තතො පාසාණවස්සං සමුට්ඨාපෙසි. මහන්තානි මහන්තානි පබ්බතකූටානි ධූමායන්තානි පජ්ජලන්තානි ආකාසෙනාගන්ත්වා බොධිසත්තං පත්වා දිබ්බමාලාගුළභාවං ආපජ්ජිංසු. තතො පහරණවස්සං සමුට්ඨාපෙසි. එකතොධාරාඋභතොධාරාඅසිසත්තිඛුරප්පාදයො ධූමායන්තා පජ්ජලන්තා ආකාසෙනාගන්ත්වා බොධිසත්තං පත්වා දිබ්බපුප්ඵානි අහෙසුං. තතො අඞ්ගාරවස්සං සමුට්ඨාපෙසි. කිංසුකවණ්ණා අඞ්ගාරා ආකාසෙනාගන්ත්වා බොධිසත්තස්ස පාදමූලෙ දිබ්බපුප්ඵානි හුත්වා විකිරිංසු. තතො කුක්කුළවස්සං සමුට්ඨාපෙසි. අච්චුණ්හො අග්ගිවණ්ණො කුක්කුළො ආකාසෙනාගන්ත්වා බොධිසත්තස්ස පාදමූලෙ දිබ්බචන්දනචුණ්ණං හුත්වා නිපති. තතො වාලුකාවස්සං සමුට්ඨාපෙසි. අතිසුඛුමවාලුකා ධූමායන්තා පජ්ජලන්තා ආකාසෙනාගන්ත්වා බොධිසත්තස්ස පාදමූලෙ දිබ්බපුප්ඵානි හුත්වා නිපතිංසු. තතො කලලවස්සං සමුට්ඨාපෙසි. තං කලලං ධූමායන්තං පජ්ජලන්තං ආකාසෙනාගන්ත්වා බොධිසත්තස්ස පාදමූලෙ දිබ්බවිලෙපනං හුත්වා නිපති. තතො “ඉමිනා භිංසෙත්වා සිද්ධත්ථං පලාපෙස්සාමී”ති අන්ධකාරං සමුට්ඨාපෙසි. තං චතුරඞ්ගසමන්නාගතං විය මහාතමං හුත්වා බොධිසත්තං පත්වා සූරියප්පභාවිහතං විය අන්ධකාරං අන්තරධායි.
ඉක්බිති, මාර දෙවිපුත් මෙයින් ම සිදුහතුන් පලා පියමි යි සිතා මහා සුළඟක් මැවීය. එකෙණෙහි ම සියලු දිශාවෙන් වා මඩුලු හටගෙන යොදුන්, අඩ යොදුන්, තුන් යොදුන් පමණ වූ මහා පර්වත බිඳිමින් මහා ගස් මුලිනුපුටා සියලු ගම්, නියම් ගම් සුණුවිසුණු කරමින් පැමිණිය ද බෝසතුන්ගේ සිවුරු කොණක් හෝ සෙලවීමට සමත් නො වීය. නැවත මාරයා ජලයෙන් බෝසතුන් යට කොට මරමි යි ගණන්වළා පටල නැඟී මහා වරුෂා වට වැසි ධාරා වේගයෙන් පොළොව සිදුරු විය. වන රුක් මතුපිටින් ගලා ආ මහා මේඝය බෝසතුන්ගේ සිවුර පිනි බිඳකින් තෙමෙන පමණකුදු තෙමීමට අසමත් විය. අනතුරු ව ගල් වරුෂාවක් වැස්සවීය. මහත් වූ පර්වත මෙන් ගල් ගිනිගෙන දුම් දමමින් අහසින් අවුත් බෝසතුන් වෙත පැමිණ දිව මල් බවට පත්විය. අනතුරු ව ආයුයි වරුෂාවක් වැස්සවීය. එක් පැත්තක මුවහත් ඇති දෙපැත්තෙහි මුවහත් ඇති කඩු, අඩයටි, ඊතල ආදිය ගිනි ගෙන දිළිසෙමින් දුම් දමමින් අහසින් බෝසතුන් වෙත අවුත් දිව කුසුම් බවට පත්විය. අනතුරු ව අඟුරු වර්ෂාවක් වැස්ස වීය. කිණිහිරි මල් වන් ගිනි අඟුරු අහසින් අවුත් බෝසතුන් පාමුල දිව කුසුම් මෙන් විසිරිණි. අනතුරු ව අළු වරුෂාවක් වැස්සවීය. ඉතා උණුසුම් වූ ගිනි ගත් අළු අහසින් අවුත් බෝසතුන්ගේ පාමුල සඳුන් සුණු මෙන් වැටිණි. අනතුරු ව වැලි වරුෂාවක් වැස්ස වීය. ඉතා සියුම් වැලි ගිනි ගෙන දුම් දමමින් අහසින් අවුත් දිව මල් බවට පත්විය. අනතුරු ව මඩ වරුෂාවක් වැස්සවීය. ගිනිගෙන දිළිසෙන මඩ අහසින් අවුත් බෝසතුන් පාමුල දිව විලවුන් බවට පත්විය. අනතුරු ව මෙයින් සිදුහත් බිය ගන්වා පළවා හරිමි යි ගනඳුරක් මැවීය. සිව් අතකින් වුත් මහගනඳුර මෙන් ඝනාන්ධකාරය බෝසතුන් වෙත පැමිණ සූර්යාලෝකයෙන් මෙන් අතුරුදන් විය.
එවං මාරො ඉමාහි නවහි වාතවස්සපාසාණපහරණඅඞ්ගාරකුක්කුළවාලුකාකලලඅන්ධකාරවුට්ඨීහි බොධිසත්තං පලාපෙතුං අසක්කොන්තො “කිං භණෙ, තිට්ඨථ, ඉමං සිද්ධත්ථකුමාරං ගණ්හථ හනථ පලාපෙථා”ති පරිසං ආණාපෙත්වා සයම්පි ගිරිමෙඛලස්ස හත්ථිනො ඛන්ධෙ නිසින්නො චක්කාවුධං ආදාය බොධිසත්තං උපසඞ්කමිත්වා “සිද්ධත්ථ උට්ඨාහි එතස්මා පල්ලඞ්කා, නායං තුය්හං පාපුණාති, මය්හං එව පාපුණාතී”ති ආහ. මහාසත්තො තස්ස වචනං සුත්වා අවොච – “මාර, නෙව තයා දස පාරමියො පූරිතා, න උපපාරමියො, න පරමත්ථපාරමියො, නාපි පඤ්ච මහාපරිච්චාගා පරිච්චත්තා , න ඤාතත්ථචරියා, න ලොකත්ථචරියා, න බුද්ධිචරියා පූරිතා, සබ්බා තා මයායෙව පූරිතා, තස්මා නායං පල්ලඞ්කො තුය්හං පාපුණාති, මය්හෙවෙසො පාපුණාතී”ති.
මෙසේ මාරයා සුළඟ, වැස්ස, ගල්, ආයුධ, අඟුරු, අළු, වැලි, මඩ, අඳුර යන නව වරුෂාවෙන් බෝසතුන් පලවා හරින්ට නො හැකි ව මර සෙනඟ අමතා කොල බලා සිටින්නේ ඇයි? සිදුහතුන් අල්ල ගනු. නසනු. පලවා හරිව් යි අණ කොට තමා ද ගිරිමේඛලා ඇතු පි සිට චක්‍රායුධය ගෙන බෝසතුන් ළඟට අවුත් සිදුහත් කුමරුනි, පළඟන් නැගිටිනු. එය ඔබට අයිති නැත. ඒ පැමිණිය යුත්තේ මා වෙතයැ යි කීය. එවිට බෝසත්හු ඔහුගේ වචනය අසා මෙසේ වදාළහ. මාරය, ඔබ දශ පාරමිතා නො පිරුවෙහි. දශ උප පාරමිතා ද නො පිරුවෙහි. දශ පරමත්ථ පාරමිතා ද නො පිරුවෙහි. එසේ ම ඔබ අංග, ධන, පුත්‍ර ආදී මහා පරිත්‍යාගයන් නො කළෙහිය. එසේ ම ඤාතිචරියා නම් වූ ඤාති වරිගයාගේ හිතසුව පිණිස හැසිරීම, ලොකිර්ථචරියා නම් ලෝකයාට හිතසුව පිණිස හැසිරීම, බුද්ධචරියා ඥානය වර්ධනය කිරීම යන ත්‍රිවිධ චර්යාවෙහි ඔබ නො හැසිරුනෙහිය. එම නිසා මේ පළඟ මා සතුය. ඔබට අයත් නො වේ.
මාරො කුද්ධො කොධවෙගං අසහන්තො මහාපුරිසස්ස චක්කාවුධං විස්සජ්ජෙසි. තං තස්ස දස පාරමියො ආවජ්ජෙන්තස්ස උපරිභාගෙ මාලාවිතානං හුත්වා අට්ඨාසි. තං කිර ඛුරධාරචක්කාවුධං අඤ්ඤදා තෙන කුද්ධෙන විස්සට්ඨං එකඝනපාසාණත්ථම්භෙ වංසකළීරෙ විය ඡින්දන්තං ගච්ඡති, ඉදානි පන තස්මිං මාලාවිතානං හුත්වා ඨිතෙ අවසෙසා මාරපරිසා “ඉදානි පල්ලඞ්කතො වුට්ඨාය පලායිස්සතී”ති මහන්තමහන්තානි සෙලකූටානි විස්සජ්ජෙසුං. තානිපි මහාපුරිසස්ස දස පාරමියො ආවජ්ජෙන්තස්ස මාලාගුළභාවං ආපජ්ජිත්වා භූමියං පතිංසු. දෙවතා චක්කවාළමුඛවට්ටියං ඨිතා ගීවං පසාරෙත්වා සීසං උක්ඛිපිත්වා “නට්ඨො වත සො සිද්ධත්ථකුමාරස්ස රූපග්ගප්පත්තො අත්තභාවො, කිං නු ඛො කරිස්සතී”ති ඔලොකෙන්ති.
අනතුරු ව කිපුණු මාරයා තරහ වේගය දරාගත නො හැකි ව බෝසතුන් වෙත චක්‍රායුධය දමා ගැසීය. එය ද දශ පෙරුම් දම් බලය සිහි කැරෙමින් සිටි බෝසතුන්ගේ හිස මතුයෙහි මල් වියනක් වී සිටියේය. එම සියුම් මුවහත් ඇති චක්‍රායුධය අන් දිනවල කිපුණු මරු විසින් විහිදුවා හලේ නම් කළු ගල් ටැඹක් වුව ද හුණබඩක් මෙන් සිඳීයන්නේය. එදින චක්‍රායුධය බෝසතුන්ගේ හිස මතුයෙහි මල් වියනක් මෙන් සිටි කල්හි මර සෙනඟ දැන් දැන් පළඟන් නැඟිට පලා යෙති යි මහත් ගල් කුළු පෙරළා හැරියහ. ඒවා ද පාරමී බලයෙන් මල් ගුලා බවට පත් ව බිම වැටිණි. දෙවියෝ සක්වල ගැබ මුවවිටියෙහි සිට ගෙල ඔසවා හිස් උස් කොට සිදුහත් කුමරුන්ගේ රුවින් අගතැන් පත් ශරීරය දුටුයේය. දැන් කුමක් සිදුවන්නේදැ යි විමසමින් සිටිති.
තතො මහාපුරිසො “පූරිතපාරමීනං බොධිසත්තානං අභිසම්බුජ්ඣනදිවසෙ පත්තපල්ලඞ්කො මය්හංව පාපුණාතී”ති වත්වා ඨිතං මාරං ආහ – “මාර තුය්හං දානස්ස දින්නභාවෙ කො සක්ඛී”ති. මාරො “ඉමෙ එත්තකා ජනා සක්ඛිනො”ති මාරබලාභිමුඛං හත්ථං පසාරෙසි. තස්මිං ඛණෙ මාරපරිසාය “අහං සක්ඛී, අහං සක්ඛී”ති පවත්තසද්දො පථවිඋන්ද්රියනසද්දසදිසො අහොසි. අථ මාරො මහාපුරිසං ආහ “සිද්ධත්ථ, තුය්හං දානස්ස දින්නභාවෙ කො සක්ඛී”ති. මහාපුරිසො “තුය්හං තාව දානස්ස දින්නභාවෙ සචෙතනා සක්ඛිනො, මය්හං පන ඉමස්මිං ඨානෙ සචෙතනො කොචි සක්ඛී නාම නත්ථි, තිට්ඨතු තාව මෙ අවසෙසත්තභාවෙසු දින්නදානං, වෙස්සන්තරත්තභාවෙ පන ඨත්වා මය්හං සත්තසතකමහාදානස්ස දින්නභාවෙ අයං අචෙතනාපි ඝනමහාපථවී සක්ඛී”ති චීවරගබ්භන්තරතො දක්ඛිණහත්ථං අභිනීහරිත්වා “වෙස්සන්තරත්තභාවෙ ඨත්වා මය්හං සත්තසතකමහාදානස්ස දින්නභාවෙ ත්වං සක්ඛී න සක්ඛී”ති මහාපථවිඅභිමුඛං හත්ථං පසාරෙසි. මහාපථවී “අහං තෙ තදා සක්ඛී”ති විරවසතෙන විරවසහස්සෙන විරවසතසහස්සෙන මාරබලං අවත්ථරමානා විය උන්නදි.
අනතුරු ව බෝසතාණෝ දශ පෙරුම් පිරූ බෝසත්වරුන් බුදුවන දවසෙහි ලැබෙන පළඟ අද මට හිමි වෙයි. මාරය, ඔබ දාන පාරමිතාව පිරූ බව කවරෙක් සාක්ෂිදැයි ඇසූහ. එවිට මාරයා, මෙතෙක් දෙනා මට සාක්ෂියැ යි මර සෙනඟ දෙසට අත දිගු කළේය. මර සෙනඟ ද මම සාක්ෂි වෙමි. මම සාක්ෂි වෙමි යි ඔවුන් වෙන වෙන ම නැගූ හඬ මහ පොළොව ගුගුරණ ශබ්දය මෙන් විය. මාරයා ද බෝසතුන්ට සිදුහත් කුමරුනි, ඔබ දාන පාරමිතාව පිරූ බවට කවරෙක් සාක්ෂි ද? මාරය, ඔබට දාන පාරමිතාව පිරූ බවට සජීවී සාක්ෂි ඇත. මට මෙහි සජීවී සාක්ෂියක් නැත. නොයෙක් ආත්මවල දී පිරූ දාන පාරමිතාව තිබේ. වෙස්සන්තර ආත්මයේ දී සත්තසතක සත් සියය නම් මහා දානය දුන් බවට මේ සිත් පිත් නැති මහපොළොව සාක්ෂි වේයැ යි සිවුරු ගැබ අතරින් දකුණු අත දිගු කොට වෙස්සන්තර කාලයේ දුන් ඒ මහා දානයට ඔබ සාක්ෂි ද, නැද්දැ යි පොළොව දෙසට අත දික් කළහ. මහපොළොව මම ඔබ වහන්සේට සාක්ෂි වෙමි යි කියන්නාක් මෙන් ලක්ෂ සංඛ්‍යාත මහහඬ පතුරුවමින් මාර බලය යට කැරෙමින් රාවය පැතිරිණි.
තතො මහාපුරිසෙ “දින්නං තෙ සිද්ධත්ථ මහාදානං උත්තමදාන”න්ති වෙස්සන්තරදානං සම්මසන්තෙ දියඩ්ඪයොජනසතිකො ගිරිමෙඛලහත්ථී ජණ්ණුකෙහි පථවියං පතිට්ඨාසි, මාරපරිසා දිසාවිදිසා පලායි, ද්වෙ එකමග්ගෙන ගතා නාම නත්ථි, සීසාභරණානි චෙව නිවත්ථවත්ථානි ච පහාය සම්මුඛසම්මුඛදිසාහියෙව පලායිංසු. තතො දෙවසඞ්ඝා පලායමානං මාරබලං දිස්වා “මාරස්ස පරාජයො ජාතො, සිද්ධත්ථකුමාරස්ස ජයො, ජයපූජං කරිස්සාමා”ති නාගා නාගානං, සුපණ්ණා සුපණ්ණානං, දෙවතා දෙවතානං, බ්රහ්මානො බ්රහ්මානං, උග්ඝොසෙත්වා ගන්ධමාලාදිහත්ථා මහාපුරිසස්ස සන්තිකං බොධිපල්ලඞ්කං අගමංසු.
මෙසේ බෝසතුන් ඒ මහා දානය නැවත නැවත සිහි කරන කල්හි ගිරිමේඛල හස්තියා බෝසතුන් ඉදිරියේ දණ ගැසීය. මාර පිරිස ඒ ඒ දිශාවට පලා ගියෝය. දෙදෙනෙක් එක මඟින් නො ගියෝය. හිස් වෙළුම් ද ඇඳි වස්ත්‍ර ද අතහැර ඒ ඒ දිශාවෙන් පැන දිවූහ. දේව සමූහයා පලායන මර සෙනඟ දැක මාරයා පරාජය වූයේය. සිදුහත් කුමරුවන්ට ජය වූයේය. ජය පූජා කරමු යි සුවඳ මල් අතැති ව බෝමැඬ වෙත පැමිණියහ. එසේ ම නාග, ගරුඬ, දේව සහ බ්‍රහ්මයෝ ද බෝසතුන් වෙත පැමිණ පූජා කළහ. ඔවුන් ගිය කල්හි සෙසු දස දහසක් සක්වල දෙවියෝ මල්, ගඳ විලවුන් ආදියෙන් පූජා කැරෙමින් මෙසේ ස්තුති ඝෝෂා කැරෙමින් සිටියහ.
එවං ගතෙසු ච පන තෙසු –
“ජයො හි බුද්ධස්ස සිරීමතො අයං, මාරස්ස ච පාපිමතො පරාජයො; උග්ඝොසයුං බොධිමණ්ඩෙ පමොදිතා, ජයං තදා නාගගණා මහෙසිනො.
“එදා මේ නාග සමූහයා බෝමළුවෙහි සතුටු වූවාහු, මෙසේ ප්‍රීති ඝෝෂා කළහ. මහා සෘෂිවරයාණන් වූ මනා රූසපුවෙන් යුත් බුදු රජුන් වහන්සේට ජය විය. පාපී වූ මරු හට පරාජය අත්විය.”
“ජයො හි බුද්ධස්ස සිරීමතො අයං, මාරස්ස ච පාපිමතො පරාජයො; උග්ඝොසයුං බොධිමණ්ඩෙ පමොදිතා, සුපණ්ණසඞ්ඝාපි ජයං මහෙසිනො.
“එදා මේ ගුරුළු සමූහයා බෝමළුවෙහි සතුටු වූවාහු, මෙසේ ප්‍රීති ඝෝෂා කළහ. මහා සෘෂිවරයාණන් වූ මනා රූ සපුවෙන් යුත් බුදු රජුන් වහන්සේ ජය විය. පාපී වූ මරු හට පරාජය අත්විය.”
“ජයො හි බුද්ධස්ස සිරීමතො අයං, මාරස්ස ච පාපිමතො පරාජයො; උග්ඝොසයුං බොධිමණ්ඩෙ පමොදිතා, ජයං තදා දෙවගණා මහෙසිනො.
“එදා මේ දේව සමූහයා බෝමළුවෙහි සතුටු වූවාහු, මෙසේ ප්‍රීති ඝෝෂා කළහ. මහා සෘෂිවරයාණන් වූ මනා රූසපුවෙන් යුත් බුදු රජුන් වහන්සේට ජය විය. පාපී වූ මරු හට පරාජය අත්විය.”
“ජයො හි බුද්ධස්ස සිරීමතො අයං, මාරස්ස ච පාපිමතො පරාජයො; උග්ඝොසයුං බොධිමණ්ඩෙ පමොදිතා, ජයං තදා බ්රහ්මගණාපි තාදිනො”ති.
“එදා මේ බ්‍රහ්ම සමූහයා බෝමළුවෙහි සතුටු වූවාහු, මෙසේ ප්‍රීතී ඝෝෂා කළහ. මහා සෘෂිවරයාණන් වූ මනා රූසපුවෙන් යුත් බුදු රජුන් වහන්සේට ජය විය. පාපී වූ මරු හට පරාජය අත්විය.”
අවසෙසා දසසු චක්කවාළසහස්සෙසු දෙවතා මාලාගන්ධවිලෙපනෙහි ච පූජයමානා නානප්පකාරා ථුතියො ච වදමානා අට්ඨංසු. එවං අනත්ථඞ්ගතෙයෙව සූරියෙ මහාපුරිසො මාරබලං විධමෙත්වා චීවරූපරි පතමානෙහි බොධිරුක්ඛඞ්කුරෙහි රත්තපවාළපල්ලවෙහි විය පූජියමානො පඨමයාමෙ පුබ්බෙනිවාසඤාණං අනුස්සරිත්වා, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා, පච්ඡිමයාමෙ පටිච්චසමුප්පාදෙ ඤාණං ඔතාරෙසි. අථස්ස ද්වාදසපදිකං පච්චයාකාරං වට්ටවිවට්ටවසෙන අනුලොමපටිලොමතො සම්මසන්තස්ස දසසහස්සී ලොකධාතු උදකපරියන්තං කත්වා ද්වාදසක්ඛත්තුං සම්පකම්පි.
මෙසේ බෝසතාණෝ හිරු බැසයාමට පෙර ම මාර බලය පරාජය කොට රන් පබළු දැලකින් පුදන්නාක් මෙන් සිවුර මත බෝ අංකුර වැටෙද්දී පළමු යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ද දෙවැනි යාමයේ දී දිවැස් ඥානය ද ලබා පැසුළු යාමයෙහි පටිච්චසමුප්පාදය - හේතු ප්‍රත්‍යය ඥානය ද ලබාගත්හ. මෙහි දී උන් වහන්සේ අවිජ්ජා ආදී පද දොළොසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නො පැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කැරෙද්දී ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා විය.
මහාපුරිසෙ පන දසසහස්සිලොකධාතුං උන්නාදෙත්වා අරුණුග්ගමනවෙලාය සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣන්තෙ සකලදසසහස්සී ලොකධාතු අලඞ්කතපටියත්තා අහොසි. පාචීනචක්කවාළමුඛවට්ටියං උස්සාපිතානං ධජානං පටාකානං රංසියො පච්ඡිමචක්කවාළමුඛවට්ටියං පහරන්ති, තථා පච්ඡිමචක්කවාළමුඛවට්ටියං උස්සාපිතානං පාචීනචක්කවාළමුඛවට්ටියං, දක්ඛිණචක්කවාළමුඛවට්ටියං උස්සාපිතානං උත්තරචක්කවාළමුඛවට්ටියං, උත්තරචක්කවාළමුඛවට්ටියං උස්සාපිතානං දක්ඛිණචක්කවාළමුඛවට්ටියං පහරන්ති, පථවිතලෙ උස්සාපිතානං පන ධජානං පටාකානං බ්රහ්මලොකං ආහච්ච අට්ඨංසු, බ්රහ්මලොකෙ බද්ධානං පථවිතලෙ පතිට්ඨහිංසු, දසසහස්සචක්කවාළෙසු පුප්ඵූපගරුක්ඛා පුප්ඵං ගණ්හිංසු, ඵලූපගරුක්ඛා ඵලපිණ්ඩීභාරභරිතා අහෙසුං. ඛන්ධෙසු ඛන්ධපදුමානි පුප්ඵිංසු, සාඛාසු සාඛාපදුමානි, ලතාසු ලතාපදුමානි, ආකාසෙ ඔලම්බකපදුමානි, සිලාතලානි භින්දිත්වා උපරූපරි සත්ත සත්ත හුත්වා දණ්ඩකපදුමානි උට්ඨහිංසු. දසසහස්සී ලොකධාතු වට්ටෙත්වා විස්සට්ඨමාලාගුළා විය සුසන්ථතපුප්ඵසන්ථාරො විය ච අහොසි. චක්කවාළන්තරෙසු අට්ඨයොජනසහස්සලොකන්තරිකා සත්තසූරියප්පභායපි අනොභාසිතපුබ්බා එකොභාසා අහෙසුං, චතුරාසීතියොජනසහස්සගම්භීරො මහාසමුද්දො මධුරොදකො අහොසි, නදියො නප්පවත්තිංසු, ජච්චන්ධා රූපානි පස්සිංසු, ජාතිබධිරා සද්දං සුණිංසු, ජාතිපීඨසප්පිනො පදසා ගච්ඡිංසු, අන්දුබන්ධනාදීනි ඡිජ්ජිත්වා පතිංසු.
බුදුන් වහන්සේ දස දහසක් ලෝක කම්පා කොට අළුයම් වේලෙහි සියල්ල දන්නා නුවණ හෙවත් සබ්බඤ්ඤුත ඥානය අවබෝධ කරන කල්හි දස දහසක් සක්වල සියලු අලංකාරයෙන් සැරසිණි. ඒ ඒ සක්වල පෙරදිග මුවවිටියෙහි එසවූ ධජ කෙළවරින් නිකුත්වන රැස් දහර බහිර මුවවිටියෙහි වැදේ. එසේ ම බටහිර මුවවිටියෙහි එසවූ ධජ කෙළවරින් නිකුත්වන රැස් දහර පෙරදිග මුවවිටියෙහි වැදේ. මේ අයුරින් උතුරු දකුණු දිශාවල එසවූ ධජ කෙළවරින් නිකුත්වන රැස් දහරවල් ද ප්‍රතිවිරුද්ධ දිශා මුවවිටියෙහි වැදේ. පොළොවෙහි ඔසවන ලද ධජ කෙළවර බඹ ලොව හැපේ. බඹ ලොව එසවූ ධජ කෙළවර පොළොවෙහි හැපේ. එසේම දස දහසක් සක්වල මල්, ගෙඩි හටගන්නා ගස්වල මල් ගෙඩි හටගැනිණි. රුක් කඳෙහි ද මල් පිපිණි. අතු, රිකිළි, ලියවැල්වල මල් පිපුනේය. අහසෙහි එල්බෙන පියුම් පිපිණි. ගල්තලා බිඳ මතු මතු සතක් වන සේ දඬු පියුම් පැන නැගිණි. දශ දහසක් සක්වල වට කොට ඇති මල් ගුලියක් මෙන් ද මනාව සකස් කළ මල් ඇතිරියක් මෙන් ද විය. සක්වල අතර ලෝකන්තරික අපාය ද ඉරු සත් දෙනකු උදාවූ කල මෙන් ආලෝකවත් විය. යොදුන් අසූහාර දහසක් ගැඹුරු වූ මහා මුහුද මිහිරි රස ඇති විය. ගංගාවෝ ගලා නො බැස්සෝය. උපතින් අන්ධයෝ රූප දුටහ. උපතින් බිහිරෝ ශබ්ද ඇසූහ. උපතින් කොරු දෙපයින් ගමන් කළහ. සිරගත වූවෝ බන්ධන බිඳී නිදහස් වූහ.
එවං අපරිමාණෙන සිරිවිභවෙන පූජියමානො මහාපුරිසො අනෙකප්පකාරෙසු අච්ඡරියධම්මෙසු පාතුභූතෙසු සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිත්වා සබ්බබුද්ධානං අවිජහිතං උදානං උදානෙසි –
මෙසේ අපමණ සිරිසැපතින් පිදුම් ලබද්දී විවිධ අසිරිමත් දේ පහළ වෙද්දී සම්බඤ්ඤුත ඥානය හෙවත් සියල්ල දන්නා නුවණ අවබෝධ කොට සියලු බුදුවරයන් විසින් අත්නොහරින ලද ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.
“අනෙකජාතිසංසාරං , සන්ධාවිස්සං අනිබ්බිසං; ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
“මම ශරීර නමැති ගෙවල් සදන්නා සොයමින් ඔහු සොයාගත නො හැකි ව නොයෙක් ඉපදීම් ඇති සංසාරයෙහි ඇවිද්දෙමි. මක්නිසා ද යත්, නැවත නැවත ඉපදීම දුකක් බැවිනි.”
“ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං; විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා”ති. (ධ· ප· 153-154);
“ශරීර නමැති ගෙය සාදන වඩුව, මා විසින් ඔබ දක්නා ලද්දෙහිය. මා සඳහා ඔබ නැවත ගෙයක් නො තනන්නෙහිය. ඔබගේ සියලු ඉල ඇට බිඳින ලදි. ගෙයි මුදුන විසුරුවා දමන ලද නිදහස වූ මගේ සිත නිවන පැමිණියේය.”
ඉති තුසිතපුරතො පට්ඨාය යාව අයං බොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතප්පත්ති, එත්තකං ඨානං අවිදූරෙනිදානං නාමාති වෙදිතබ්බං.
මෙසේ තුසිත පුරයෙහි පටන් බෝමැඩ දී සර්වඥතාවයට සියල්ල දන්නා බවට පත්වන තුරු පැවැති කාල පරිච්ඡේදය අවිදුරෙ නිදාන නමැ යි දත යුතුය.
අවිදූරෙනිදානකථා නිට්ඨිතා.
අවිදූරෙ නිදානය නිමි.