යෙදුමෙන් කියවන්න

දූරෙනිදාන කථා අට‍්ඨකථා

දූරෙනිදාන කථා

දූරෙනිදාන කථා

තත්‍රිදං දූරෙනිදානං නාම – ඉතො කිර කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ අමරවතී නාම නගරං අහොසි. තත්‍ථ සුමෙධො නාම බ්‍රාහ‍්මණො පටිවසති උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා කුලපරිවට‍්ටා අක‍්ඛිත‍්තො අනුපකුට‍්ඨො ජාතිවාදෙන අභිරූපො දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො. සො අඤ‍්ඤං කම‍්මං අකත්‍වා බ්‍රාහ‍්මණසිප‍්පමෙව උග‍්ගණ‍්හි. තස‍්ස දහරකාලෙයෙව මාතාපිතරො කාලමකංසු. අථස‍්ස රාසිවඩ‍්ඪකො අමච‍්චො ආයපොත්‍ථකං ආහරිත්‍වා සුවණ‍්ණරජතමණිමුත‍්තාදිභරිතෙ ගබ‍්භෙ විවරිත්‍වා “එත‍්තකං තෙ, කුමාර, මාතු සන‍්තකං, එත‍්තකං පිතු සන‍්තකං, එත‍්තකං අය්‍යකපය්‍යකාන”න‍්ති යාව සත‍්තමා කුලපරිවට‍්ටා ධනං ආචික‍්ඛිත්‍වා “එතං පටිපජ‍්ජාහී”ති ආහ. සුමෙධපණ‍්ඩිතො චින‍්තෙසි – “ඉමං ධනං සංහරිත්‍වා මය‍්හං පිතුපිතාමහාදයො පරලොකං ගච‍්ඡන‍්තා එකං කහාපණම‍්පි ගහෙත්‍වා න ගතා, මයා පන ගහෙත්‍වා ගමනකාරණං කාතුං වට‍්ටතී”ති. සො රඤ‍්ඤො ආරොචෙත්‍වා නගරෙ භෙරිං චරාපෙත්‍වා මහාජනස‍්ස දානං දත්‍වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජි. ඉමස‍්ස පනත්‍ථස‍්ස ආවිභාවත්‍ථං ඉමස‍්මිං ඨානෙ සුමෙධකථා කථෙතබ‍්බා . සා පනෙසා කිඤ‍්චාපි බුද‍්ධවංසෙ නිරන‍්තරං ආගතායෙව, ගාථාසම‍්බන්‍ධෙන පන ආගතත‍්තා න සුට‍්ඨු පාකටා. තස‍්මා තං අන‍්තරන‍්තරා ගාථාය සම‍්බන්‍ධදීපකෙහි වචනෙහි සද‍්ධිං කථෙස‍්සාම.

එහි දූරේ නිදාන - ඈ හේතුව නම් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මතුයෙහි අමරවතී නම් නගරයක් විය. එහි සුමේධ නම් බමුණෙක් වාසය කළේය. ඔහු මව්පිය දෙපසින් ම කුලවන්ය. පිරිසිදු මව් කුස ඇත්තේය. සත් කුල පරපුර දක්වා ම කුලය නිසා නින්දා නො ලද්දේය. පැහැපත්ය. දැකුම්කළුය. රූපත්ය. පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය. ඔහු අන් ශිල්පාදියක් නො ඉගෙන බමුණු දහම ම උගත්තේය. සුමේධ ළදරු වියේ සිටියදී ම මව්පියෝ මිය ගියහ. ඔහුගේ භාණ්ඩාගාරික ඇමැති, ලේකම් පොත ගෙනවුත් කුමරුනි, මෙපමණ මව්ට අයත් ධනය ය. මෙපමණ පියා සතු ධනය ය. මෙපමණ මුතුන් මීමුතුන් සතු ධනය ය. මේ මහත් ධනය පරිභෝග කරනු මැනවි යි කීය. සුමේධ පණ්ඩිතයෝ මෙසේ සිතී. මේ සා මහත් ධනය රැස් කළ මගේ මව්පිය මීමුත්තෝ පරලොව යන්නාහු, කහවණුත් පමණකුදු රැගෙන නො ගියාහුය. මා ඒ ධනය ගෙනයා හැකි ක්‍රමයක් කළ යුතුය යි රජුන් දැනුවත් කොට නුවර බෙර හසුරුවා මහජනයාට ධනය දන් දී තවුස් පැවිද්දෙන් පැවිදි විය. මේ සිද්ධිය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙහි දී සුමේධ කථා පුවත කිව යුතුය. මේ කථා පුවත බුද්ධ වංසයෙහි සවිස්තර ව කීව ද ගාථාවලින් පමණක් කී නිසා මනාව ප්‍රකට නො වේ. එම නිසා අපි එපුවත අතරතුර ගාථා දක්වමින් කියමු.

සුමෙධ කථා

සුමෙධ කථා

කප‍්පසතසහස‍්සාධිකානඤ‍්හි චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ දසහි සද‍්දෙහි අවිවිත‍්තං “අමරවතී”ති ච “අමර”න‍්ති ච ලද‍්ධනාමං නගරං අහොසි, යං සන්‍ධාය බුද‍්ධවංසෙ වුත‍්තං –

සාරාසංඛ්‍යය කල්ප ලක්‍ෂයක් මතුයෙහි දශාකාර ශබ්දයෙන් තොර නො වූ අමරවතී නමින් ද අමර නමින් ද වූ නගරයක් විය. ඒ සඳහා බුද්ධ වංසයෙහි කියන ලදි.

“කප‍්පෙ ච සතසහස‍්සෙ, චතුරො ච අසඞ‍්ඛියෙ; අමරං නාම නගරං, දස‍්සනෙය්‍යං මනොරමං; දසහි සද‍්දෙහි අවිවිත‍්තං, අන‍්නපානසමායුත”න‍්ති.

“සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මතුයෙහි සිත්කළු, දැකුම්කළු, දශවිධ ශබ්දයෙන් තොර නො වූ, ආහාර පාන සුලභ වූ අමර නම් නගරයක් විය.”

තත්‍ථ දසහි සද‍්දෙහි අවිවිත‍්තන‍්ති හත්‍ථිසද‍්දෙන, අස‍්සසද‍්දෙන, රථසද‍්දෙන, භෙරිසද‍්දෙන, මුදිඞ‍්ගසද‍්දෙන, වීණාසද‍්දෙන, සම‍්මසද‍්දෙන, තාළසද‍්දෙන, සඞ‍්ඛසද‍්දෙන “අස‍්නාථ, පිවථ, ඛාදථා”ති දසමෙන සද‍්දෙනාති ඉමෙහි දසහි සද‍්දෙහි අවිවිත‍්තං අහොසි. තෙසං පන සද‍්දානං එකදෙසමෙව ගහෙත්‍වා –

එහි දශවිධ ශබ්දයෙන් තොර නො වූ යනු ඇත්, අස්, රිය, බෙර, මිහිඟු බෙර, වීණා ශබ්දය, ගීත ශබ්ද, හක් නාදය, තාලම් ශබ්දය හා කනු, බොනු, අනුභව කරනු යන මේ දශවිධ ශබ්දයෙන් තොර නො වීය. මේ ශබ්දයන්ගෙන් එක් කොටසක් පමණක් ගෙන බුද්ධ වංසයෙහි,

“හත්‍ථිසද‍්දං අස‍්සසද‍්දං, භෙරිසඞ‍්ඛරථානි ච; ඛාදථ පිවථ චෙව, අන‍්නපානෙන ඝොසිත”න‍්ති. –

“ඇත් හඬ, අස් හඬ, බෙර හඬ, සක් හඬ, රථ හඬ හා කනු බොනු යි ආහාරපානයෙන් ඝෝෂිත වූයේය.”

බුද‍්ධවංසෙ ඉමං ගාථං වත්‍වා –

බුද්ධ වංසයෙහි මේ ගාථා කියා,

“නගරං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං, සබ‍්බකම‍්මමුපාගතං; සත‍්තරතනසම‍්පන‍්නං, නානාජනසමාකුලං; සමිද‍්ධං දෙවනගරංව, ආවාසං පුඤ‍්ඤකම‍්මිනං.

ඒ නගරය සියලු නගරාංගයෙන් යුක්තය. සියලු කැමැති දෙයින් පිරුනේය. සත් රුවනින් යුක්ත විය. නොයෙක් දෙයින් ගැවසුණි. දෙව් නුවරක් මෙන් පොහොසත් විය. පින් කළවුන්ට වාස භවනයක් විය.

“නගරෙ අමරවතියා, සුමෙධො නාම බ්‍රාහ‍්මණො; අනෙකකොටිසන‍්නිචයො, පහූතධනධඤ‍්ඤවා.

ඒ අමරවතී නගරයෙහි නොයෙක් කෙළ ගණන් තැන්පත් ධනය ඇති, බොහෝ ධනය හා ධාන්‍යය ඇති සුමේධ නම් බමුණෙක් විය.

එහෙයින් බුද්ධ වංසයෙහි කියන ලදි.

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; ලක‍්ඛණෙ ඉතිහාසෙ ච, සධම‍්මෙ පාරමිං ගතො”ති. – වුත‍්තං;

“ධ්‍යාන වඩන්නකු විය. හේ වේද මන්ත්‍ර ධරන්නෙකි. ත්‍රිවේදයෙහි පරතෙරට ගියේය. ග්‍රන්‍ථ දසදහසකින් යුත් ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද පුරාවෘත පිළිබඳ ඉතිහාසයෙහි ද සියලු බමුණු දහමෙහි ද පරතෙරට ගියේය.”

අථෙකදිවසං සො සුමෙධපණ‍්ඩිතො උපරිපාසාදවරතලෙ රහොගතො හුත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නො චින‍්තෙසි – “පුනබ‍්භවෙ, පණ‍්ඩිත, පටිසන්‍ධිග‍්ගහණං නාම දුක‍්ඛං, තථා නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සරීරභෙදනං, අහඤ‍්ච ජාතිධම‍්මො ජරාධම‍්මො බ්‍යාධිධම‍්මො මරණධම‍්මො, එවංභූතෙන මයා අජාතිං අජරං අබ්‍යාධිං අදුක‍්ඛං සුඛං සීතලං අමතමහානිබ‍්බානං පරියෙසිතුං වට‍්ටති, අවස‍්සං භවතො මුච‍්චිත්‍වා නිබ‍්බානගාමිනා එකෙන මග‍්ගෙන භවිතබ‍්බ”න‍්ති. තෙන වුත‍්තං –

එක් දිනක් ඒ සුමේධ පණ්ඩිත තෙම උතුම් මතුමහළෙහි රහසිගත ව පලක් බැඳ හිඳ මෙසේ සිතීය. නැවත භවයක පිළිසිඳ ගැනීම නම් දුකකි. ඉපදුණු භවයන්හි මරණය ද දුකකි. මම ද ඉපදීම ස්වභාව කොට ඇත්තෙමි. මහළු වීම ස්වභාව කොට ඇත්තේ වෙමි. රෝග ස්වභාව කොට ඇත්තේ වෙමි. මරණය ස්වභාව කොට ඇත්තේ වෙමි. එබඳු වූ මවිසින් ඉපදීමක් නැති, මහළු වීමක් නැති, ලෙඩ වීමක් නැති, සැපදුක දෙකින් තොර වූ, සිසිල් වූ අමාමහ නිවන සෙවිය යුතුය. ඒකාන්තයෙන් සසරින් මිදී නිවනට පමුණුවන ඒකායන මාර්ගයක් විය යුතුය. එහෙයින් බුද්ධ වංසයෙහි කියන ලදි.

“රහොගතො නිසීදිත්‍වා, එවං චින‍්තෙසහං තදා; දුක‍්ඛො පුනබ‍්භවො නාම, සරීරස‍්ස ච භෙදනං.

“එදා මම විවේකීව මෙසේ සිතීමි. පුනර්භවය දුකකි. එසේ ම මරණය ද දුකකි.

“ජාතිධම‍්මො ජරාධම‍්මො, බ්‍යාධිධම‍්මො සහං තදා; අජරං අමතං ඛෙමං, පරියෙසිස‍්සාමි නිබ‍්බුතිං.

මම ද නැවත ඉපදීම, මහළු වීම, ලෙඩ වීම ස්වභාව කොට ඇත්තෙමි. එම නිසා නො දිරන, නො මැරෙන, බිය නැති නිවන සොයන්නෙමි.

“යංනූනිමං පූතිකායං, නානාකුණපපූරිතං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡෙය්‍යං, අනපෙක‍්ඛො අනත්‍ථිකො.

නොයෙක් කුණු කසලින් පිරුණු මේ අසුබ ශරීරය පිළිබඳ ආසා බලාපොරොත්තු අත්හැර යන්නෙහි නම් මැනවි.

“අත්‍ථි හෙහිති සො මග‍්ගො, න සො සක‍්කා න හෙතුයෙ; පරියෙසිස‍්සාමි තං මග‍්ගං, භවතො පරිමුත‍්තියා”ති.

ඒ ඒකායන නිවන් මඟ ඇත. ඒ නිවන් මඟ මම සොයමි.”

තතො උත‍්තරිපි එවං චින‍්තෙසි – යථා හි ලොකෙ දුක‍්ඛස‍්ස පටිපක‍්ඛභූතං සුඛං නාම අත්‍ථි, එවං භවෙ සති තප‍්පටිපක‍්ඛෙන විභවෙනාපි භවිතබ‍්බං. යථා ච උණ‍්හෙ සති තස‍්ස වූපසමභූතං සීතම‍්පි අත්‍ථි, එවං රාගාදීනං අග‍්ගීනං වූපසමෙන නිබ‍්බානෙනාපි භවිතබ‍්බං. යථා ච පාපස‍්ස ලාමකස‍්ස ධම‍්මස‍්ස පටිපක‍්ඛභූතො කල්‍යාණො අනවජ‍්ජධම‍්මොපි අත්‍ථියෙව, එවමෙව පාපිකාය ජාතියා සති සබ‍්බජාතික‍්ඛෙපනතො අජාතිසඞ‍්ඛාතෙන නිබ‍්බානෙනාපි භවිතබ‍්බමෙවාති. තෙන වුත‍්තං –

සුමේධ පණ්ඩිතයෝ වඩ වඩාත් ගැඹුරින් මෙසේ සිතූහ. ලොවෙහි දුකට ප්‍රතිපක්‍ෂ වූ සැප නම් සංකල්පයක් ඇත. එසේ ම භවය ඇති කල්හි විභවයක් - නිවනක් තිබිය යුතුය. උණුසුම ඇති කල්හි ප්‍රතිපක්‍ෂ සීතල ද පවතී. එසේම රාගාදී ගිනි ඇති කල්හි සංසිඳවන නිවන ද විය යුතුය. ලෝකයෙහි පවිටු ලාමක ධර්මයන්ට විරුද්ධ වූ යහපත හා නිවරද ඇත්තේය. එමෙන් පවිටු පුනර්භවය ඇති කල්හි ඊට ප්‍රතිපක්‍ෂ වූ උපතක් නැති නිර්වාණය විය යුතුය.

එහෙයින් බුද්ධ වංසයෙහි කියන ලදි.

“යථාපි දුක‍්ඛෙ විජ‍්ජන‍්තෙ, සුඛං නාමපි විජ‍්ජති; එවං භවෙ විජ‍්ජමානෙ, විභවොපි ඉච‍්ඡිතබ‍්බකො.

“යම් සේ දුක ඇති කල්හි ඊට ප්‍රතිපක්‍ෂ සැපය ද වේ. සසර ඇති කල්හි නිවන ද කැමැති විය යුතුය.

“යථාපි උණ‍්හෙ විජ‍්ජන‍්තෙ, අපරං විජ‍්ජති සීතලං; එවං තිවිධග‍්ගි විජ‍්ජන‍්තෙ, නිබ‍්බානං ඉච‍්ඡිතබ‍්බකං.

යම් සේ උණුසුම ඇති කල්හි ඊට විරුද්ධ වූ සීතල ද පවතී. එමෙන් ත්‍රිවිධ අග්නි ඇති කල්හි නිවන ද කැමැති විය යුතුය.

“යථාපි පාපෙ විජ‍්ජන‍්තෙ, කල්‍යාණමපි විජ‍්ජති; එවමෙව ජාති විජ‍්ජන‍්තෙ, අජාතිපිච‍්ඡිතබ‍්බක”න‍්ති.

යම් සේ පාපය ඇති කල්හි කුසලය ද ඇත. එමෙන් ඉපදීම ඇත්තේ නම්, එහි පැවැත්ම ද නිවන ද කැමැති විය යුතුයි.”

අපරම‍්පි චින‍්තෙසි – යථා නාම ගූථරාසිම‍්හි නිමුග‍්ගෙන පුරිසෙන දූරතො පඤ‍්චවණ‍්ණපදුමසඤ‍්ඡන‍්නං මහාතළාකං දිස‍්වා “කතරෙන නු ඛො මග‍්ගෙන එත්‍ථ ගන‍්තබ‍්බ”න‍්ති තං තළාකං ගවෙසිතුං යුත‍්තං. යං තස‍්ස අගවෙසනං, න සො තළාකස‍්ස දොසො. එවමෙව කිලෙසමලධොවනෙ අමතමහානිබ‍්බානතළාකෙ විජ‍්ජන‍්තෙ තස‍්ස අගවෙසනං න අමතනිබ‍්බානමහාතළාකස‍්ස දොසො. යථා ච චොරෙහි සම‍්පරිවාරිතො පුරිසො පලායනමග‍්ගෙ විජ‍්ජමානෙපි සචෙ න පලායති, න සො මග‍්ගස‍්ස දොසො, පුරිසස‍්සෙව දොසො. එවමෙව කිලෙසෙහි පරිවාරෙත්‍වා ගහිතස‍්ස පුරිසස‍්ස විජ‍්ජමානෙයෙව නිබ‍්බානගාමිම‍්හි සිවෙ මග‍්ගෙ මග‍්ගස‍්ස අගවෙසනං නාම න මග‍්ගස‍්ස දොසො, පුග‍්ගලස‍්සෙව දොසො. යථා ච බ්‍යාධිපීළිතො පුරිසො විජ‍්ජමානෙ බ්‍යාධිතිකිච‍්ඡකෙ වෙජ‍්ජෙ සචෙ තං වෙජ‍්ජං ගවෙසිත්‍වා බ්‍යාධිං න තිකිච‍්ඡාපෙති, න සො වෙජ‍්ජස‍්ස දොසො, පුරිසස‍්සෙව දොසො. එවමෙව යො කිලෙසබ්‍යාධිපීළිතො පුරිසො කිලෙසවූපසමමග‍්ගකොවිදං විජ‍්ජමානමෙව ආචරියං න ගවෙසති, තස‍්සෙව දොසො, න කිලෙසවිනාසකස‍්ස ආචරියස‍්සාති. තෙන වුත‍්තං –

සුමේධ පණ්ඩිතයෝ තව තවත් සිතූහ. යම් සේ අසූචියෙහි ගොඩක ගිලුණු මිනිසා පස්වන් පියුමෙන් ගැවැසුණු මහා විලක් දුර තිබෙනු දැක කවර මඟකින් එහි යා යුතුදැ යි, ඒ මහා විල සෙවිය යුතුය. ඔහු නො සොයන්නේ නම් මහා විලෙහි දොසක් නො වේ. ඔහුගේ ම දෝෂය යි. එමෙන් කෙළෙස් මළ සෝදා හරින අමා මහ නිවන නම් මහා විල පවතිද්දීත් ඒ මඟ නො සොයා නම්, ඒ අමා මහනිවන් විලේ දෝෂයක් නොව, මිනිසාගේ ම දෝෂයයි. තව ද සොරුන් විසින් වට කැරගත් මිනිසකුට පැන යා හැකි මඟක් තිබියදීත් පැන නො යන්නේ නම්, ඒ මඟෙහි දොසක් නොව, මිනිසාගේ ම දෝෂයකි. එමෙන් කෙළෙසින් පිරිවැරුණු මිනිසා ශාන්ත නිවන් මඟ ඇති කල්හිත් එය නො සෙවීම මඟෙහි දෝෂයක් නොව, මිනිසාගේ ම දෝෂයකි. යම් සේ රෝගයකින් පෙළෙන මිනිසා රෝගයට පිළියම් කළ හැකි වෙදකු සිටියදී ඔහු ළඟට ගොස් රෝගයට ප්‍රතිකාර කැරවා නො ගැනීම, වෛද්‍යවරයාගේ වරද නොවේ. එමෙන් කෙළෙස්වලින් පෙළෙන මිනිසා කෙලෙස් සංසිඳවීමේ මඟ දන්නා අයකු සිටින කල්හි ඒ ගුරුවරයා නො සෙවීම, ඔහුගේ ම දෝෂයයි. එහෙයින් කියන ලදි.

“යථා ගූථගතො පුරිසො, තළාකං දිස‍්වාන පූරිතං; න ගවෙසති තං තළාකං, න දොසො තළාකස‍්ස සො.

“යම් සේ අසූචි ගිලුණු මිනිසකු පිරුණු ජලාශයක් දැක ඊට ළඟාවන මඟ නො සොයා ද, ඒ ජලාශයේ දෝෂය නො වේ.

“එවං කිලෙසමලධොවෙ, විජ‍්ජන‍්තෙ අමතන‍්තළෙ; න ගවෙසති තං තළාකං, න දොසො අමතන‍්තළෙ.

එසේ ම කෙළෙස් මළ සෝදා හරින නිවන් ජලාශය නො සොයයි ද, ඒ ජලාශයේ වරද නො වේ.

“යථා අරීහි පරිරුද‍්ධො, විජ‍්ජන‍්තෙ ගමනම‍්පථෙ; න පලායති සො පුරිසො, න දොසො අඤ‍්ජසස‍්ස සො.

යම් සේ සතුරන් විසින් වට කරන ලද පුරුෂයා මාර්ගයක් ඇති කල්හි පලා නොයේ නම්, ඒ මාර්ගයේ වරද නො වේ.

“එවං කිලෙසපරිරුද‍්ධො, විජ‍්ජමානෙ සිවෙ පථෙ; න ගවෙසති තං මග‍්ගං, න දොසො සිවමඤ‍්ජසෙ.

[missing trans]

“යථාපි බ්‍යාධිතො පුරිසො, විජ‍්ජමානෙ තිකිච‍්ඡකෙ; න තිකිච‍්ඡාපෙති තං බ්‍යාධිං, න දොසො සො තිකිච‍්ඡකෙ.

යම් සේ රෝගී වූ පුරුෂයා ඒ රෝගය සුව කළ හැකි වෛද්‍යවරයකු සිටියදී ඒ රෝගයට පිළියම් කැරවා නො ගනී ද, ඒ වරද වෛද්‍යවරයාගේ නො වේ.

“එවං කිලෙසබ්‍යාධීහි, දුක‍්ඛිතො පරිපීළිතො; න ගවෙසති තං ආචරියං, න දොසො සො විනායකෙ”ති.

එමෙන් කෙළෙස් රෝග දුකින් පෙළෙන පුරුෂයා ඒ නිවන් මග දක්වන ගුරුවරයා නො සොයයි ද, ඒ වරද ගුරුවරයාගේ නො වේ.”

අපරම‍්පි චින‍්තෙසි – යථා මණ‍්ඩනජාතිකො පුරිසො කණ‍්ඨෙ ආසත‍්තං කුණපං ඡඩ‍්ඩෙත්‍වා සුඛී ගච‍්ඡති, එවං මයාපි ඉමං පූතිකායං ඡඩ‍්ඩෙත්‍වා අනපෙක‍්ඛෙන නිබ‍්බානනගරං පවිසිතබ‍්බං. යථා ච නරනාරියො උක‍්කාරභූමියං උච‍්චාරපස‍්සාවං කත්‍වා න තං උච‍්ඡඞ‍්ගෙන වා ආදාය දසන‍්තෙන වා වෙඨෙත්‍වා ගච‍්ඡන‍්ති, ජිගුච‍්ඡමානා පන අනපෙක‍්ඛාව ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති, එවං මයාපි ඉමං පූතිකායං අනපෙක‍්ඛෙන ඡඩ‍්ඩෙත්‍වා අමතං නිබ‍්බානනගරං පවිසිතුං වට‍්ටති. යථා ච නාවිකා නාම ජජ‍්ජරං නාවං අනපෙක‍්ඛා ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති, එවං අහම‍්පි ඉමං නවහි වණමුඛෙහි පග‍්ඝරන‍්තං කායං ඡඩ‍්ඩෙත්‍වා අනපෙක‍්ඛො නිබ‍්බානපුරං පවිසිස‍්සාමි. යථා ච පුරිසො නානාරතනානි ආදාය චොරෙහි සද‍්ධිං මග‍්ගං ගච‍්ඡන‍්තො අත‍්තනො රතනනාසභයෙන තෙ ඡඩ‍්ඩෙත්‍වා ඛෙමං මග‍්ගං ගණ‍්හාති, එවං අයම‍්පි කරජකායො රතනවිලොපකචොරසදිසො. සචාහං එත්‍ථ තණ‍්හං කරිස‍්සාමි, අරියමග‍්ගකුසලධම‍්මරතනං මෙ නස‍්සිස‍්සති. තස‍්මා මයා ඉමං චොරසදිසං කායං ඡඩ‍්ඩෙත්‍වා නිබ‍්බානනගරං පවිසිතුං වට‍්ටතීති. තෙන වුත‍්තං –

සුමේධ පණ්ඩිතයන් තවදුරටත් මෙසේ සිතීය. යම් සේ සිය සිරුර සරසනු කැමැති පුරුෂයකු ගෙල බැඳුණු මස් කැබැල්ල ඉවත දමා සුව සේ යයි ද, එසේ මවිසිනුදු මේ අපිරිසිදු ශරීරය අපේක්‍ෂා රහිත ව අතහැර නිවන් පුරට පිවිසිය යුතුය. යම් සේ ගැහැණු සහ මිනිස්සු මළපහ කැර ඒ මළ මුත්‍රා උතුරු සළුවෙන් දවටා හෝ ඇඳි රෙදි වතෙහි ගැට ගසාගෙන හෝ නො යති. පිළිකුළින් අනපේක්‍ෂිත ව හැරදමා යෙත්. එසේ මා විසිනුදු මේ අපිරිසිදු සිරුර ඇලුම් නැතිව අතහැර දමා මහනිවන් පුරට පිවිසිය යුතුය. යම් සේ නැවියන් දිරාගිය නැව අපේක්‍ෂා නැති ව හැරදමා යා ද, එසේ මම ද වණ මුඛ නවයකින් වැගිරෙන මේ කය හැර දමා නිවන් පුරට පිවිසෙමි. යම් සේ පුරුෂයකු නොයෙක් රන්රුවන් රැගෙන සොරුන් සමග යන්නේ, සොරුන් මඟහැර නිර්භය මාර්ගය ගනී ද එසේ ශක්‍ර ශ්‍රෝණිත දෙකින් සැදුණු මේ කය ද රන්රුවන් පැහැර ගන්නා සොරකු සමාන ය. ඉදින් මේ කය පිළිබඳ ව ආශා කරම් නම් නිවන් මඟට අදාළ කුසල ධර්ම නැමැති රුවන් විනාශ වන්නේය. එම නිසා මා මේ සොරකු සමාන කය හැරදමා නිවන් පුරට පිවිසීම වටිනේය. එසේ හෙයින් කීය.

“යථාපි කුණපං පුරිසො, කණ‍්ඨෙ බද‍්ධං ජිගුච‍්ඡිය; මොචයිත්‍වාන ගච‍්ඡෙය්‍ය, සුඛී සෙරී සයංවසී.

“යම් සේ පුරුෂයකු ගෙල බැඳි කුණපය පිළිකුලින් බැහැර කොට තම අභිමතය පරිදි සුව සේ යන්නේ ද,

“තථෙවිමං පූතිකායං, නානාකුණපසඤ‍්චයං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡෙය්‍යං, අනපෙක‍්ඛො අනත්‍ථිකො.

එසේ ම මේ අපිරිසිදු කය නොයෙක් කුණපාදිය අපේක්‍ෂා රහිත ව ප්‍රයෝජන නැත්තකු කොට බැහැර යන්නේය.

“යථා උච‍්චාරට‍්ඨානම‍්හි, කරීසං නරනාරියො; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡන‍්ති, අනපෙක‍්ඛා අනත්‍ථිකා.

යම් සේ මළමුත්‍ර බැහැර කරන ස්ථානයෙහි සත් පුරුෂයෝ මළ පහ කොට නැවත අපේක්‍ෂා ප්‍රයෝජන නැත්තෝ ව යෙත් ද

“එවමෙවාහං ඉමං කායං, නානාකුණපපූරිතං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡිස‍්සං, වච‍්චං කත්‍වා යථා කුටිං.

එමෙන් ම මම ද නොයෙක් කුණපයෙන් පිරුණු මේ කය වැසිකිළියක වර්චස් කොට බැහැරවන්නාක් මෙන් හැර දමා යන්නෙමි.

“යථාපි ජජ‍්ජරං නාවං, පලුග‍්ගං උදගාහිනිං; සාමී ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති, අනපෙක‍්ඛා අනත්‍ථිකා.

යම් සේ දිරාපත් ව පලුදු වූ දිය කාන්දු වන නැවක් නැව හිමියෝ බලාපොරොත්තු හා ආශා නැති ව අතහැර යත් ද

“එවමෙවාහං ඉමං කායං, නවච‍්ඡිද‍්දං ධුවස‍්සවං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡිස‍්සං, ජිණ‍්ණනාවංව සාමිකා.

එමෙන් මළ වැහෙන නව සිදුරක් ඇති මේ කය දිරුණු නැව අතහැර යන නැව හිමියන් සේ අතහැර යන්නෙමි.

“යථාපි පුරිසො චොරෙහි, ගච‍්ඡන‍්තො භණ‍්ඩමාදිය; භණ‍්ඩච‍්ඡෙදභයං දිස‍්වා, ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡති.

යම් සේ පුරුෂයකු වටිනා බඩු රැගෙන සොරුන් සමග යන්නේ, බඩු රැක ගනු පිණිස සොරුන් අතහැර යයි ද,

“එවමෙව අයං කායො, මහාචොරසමො විය; පහායිමං ගමිස‍්සාමි, කුසලච‍්ඡෙදනාභයා”ති.

එමෙන් මහා සොරකු සමාන මේ කය කුසල සිඳී යතැ යි යන බියෙන් අතහැර යමි.”

එවං සුමෙධපණ‍්ඩිතො නානාවිධාහි උපමාහි ඉමං නෙක‍්ඛම‍්මූපසංහිතං අත්‍ථං චින‍්තෙත්‍වා සකනිවෙසනෙ අපරිමිතං භොගක‍්ඛන්‍ධං හෙට‍්ඨා වුත‍්තනයෙන කපණද‍්ධිකාදීනං විස‍්සජ‍්ජෙත්‍වා මහාදානං දත්‍වා වත්‍ථුකාමෙ ච කිලෙසකාමෙ ච පහාය අමරනගරතො නික‍්ඛමිත්‍වා එකකොව හිමවන‍්තෙ ධම‍්මිකං නාම පබ‍්බතං නිස‍්සාය අස‍්සමං කත්‍වා තත්‍ථ පණ‍්ණසාලඤ‍්ච චඞ‍්කමඤ‍්ච මාපෙත්‍වා පඤ‍්චහි නීවරණදොසෙහි විවජ‍්ජිතං “එවං සමාහිතෙ චිත‍්තෙ”තිආදිනා නයෙන වුත‍්තෙහි අට‍්ඨහි කාරණගුණෙහි සමුපෙතං අභිඤ‍්ඤාසඞ‍්ඛාතං බලං ආහරිතුං තස‍්මිං අස‍්සමපදෙ නවදොසසමන‍්නාගතං සාටකං පජහිත්‍වා ද‍්වාදසගුණසමන‍්නාගතං වාකචීරං නිවාසෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජි. එවං පබ‍්බජිතො අට‍්ඨදොසසමාකිණ‍්ණං තං පණ‍්ණසාලං පහාය දසගුණසමන‍්නාගතං රුක‍්ඛමූලං උපගන‍්ත්‍වා සබ‍්බං ධඤ‍්ඤවිකතිං පහාය පවත‍්තඵලභොජනො හුත්‍වා නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමනවසෙනෙව පධානං පදහන‍්තො සත‍්තාහබ‍්භන‍්තරෙයෙව අට‍්ඨන‍්නං සමාපත‍්තීනං පඤ‍්චන‍්නඤ‍්ච අභිඤ‍්ඤානං ලාභී අහොසි. එවං තං යථාපත්‍ථිතං අභිඤ‍්ඤාබලං පාපුණි. තෙන වුත‍්තං –

මෙසේ සුමේධ පණ්ඩිතයෝ නොයෙක් උපමානයින් නෙක්ඛම්ම - නික්ම යාමට සිතා තමා සතු ප්‍රමාණ කළ නො හැකි මහා සම්පත් යට කියන ලද පරිදි දුගී මගී ආදීන්ට විසුරුවා හැර මහා දන් දී ධන ධාන්‍යාදී වස්තු කාමයන් ද රාගාදී ක්ලේශ කාමයන් ද අතහැර අමර නුවරින් නික්මී හුදකලාව ධම්මික නම් පර්වතය ඇසුරු කොට පන්සලක් කොට සක්මන් මළුවක් ද මවා කාමච්ඡන්ද ආදී පස් නීවරණ දෝෂයෙන් වෙන් වූ “එවං සමාහිතෙ චිත්තෙ”, (මෙසේ සිත එකඟ වූ කල්හි) ආදී ක්‍රමයෙන් කියන ලද අභිඤ්ඤා ගුණයන්ට කාරණ වූ අට වැදෑරුම් අභිඤ්ඤා බලය ලබා ගැනීමට එම අසපුවෙහි බාධක නවයකින් යුත් වස්ත්‍රය හැරපියා දොළොස් ගුණාංගයන්ගෙන් යුත් වැහැරි සිවුරු හැඳ තවුස් පැවිද්දෙන් පැවිදි වූහ. මෙසේ පැවිදි වූ සුමේධ තවුසාණෝ අට දෝෂයකින් යුත් ඒ පන්සල හැර ආනිශංස දශයකින් යුත් රුක් මුල වෙත එළැඹ සියලු ධාන්‍යය වර්ග හැර ස්වයං පතිත ඵල අනුභව කරන්නේ, හිඳීම, සිටීම, සක්මන වසයෙන් ඉරියව් පවත්වමින් මහා වීර්යය කරන්නේ, සත් දවසක් ඇතුළත අට සමවත් හා පංච අභිඤ්ඤා බල ලාභී වූහ. මෙසේ පතන ලද අභිඤ්ඤා බල ලබා ගත්හ. එහෙයින් කියන ලදි.

“එවාහං චින‍්තයිත්‍වාන, නෙකකොටිසතං ධනං; නාථානාථානං දත්‍වාන, හිමවන‍්තමුපාගමිං.

“මම මෙසේ සිතා නොයෙක් කෙළ ගණන් ධනය, ඇති නැති අයට දන් දී හිමවතට පැමිණියෙමි.

“හිමවන‍්තස‍්සාවිදූරෙ , ධම‍්මිකො නාම පබ‍්බතො; අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා.

හිමවතට නුදුරින් ධම්මික නම් පර්වතයක් විය. එහි මා සඳහා අසපුවක් කරන ලද්දේය. පන්සලක් ද මවන ලද්දේය.

“චඞ‍්කමං තත්‍ථ මාපෙසිං, පඤ‍්චදොසවිවජ‍්ජිතං; අට‍්ඨගුණසමුපෙතං, අභිඤ‍්ඤාබලමාහරිං.

එහි පස් දෝෂයකින් තොර වූ සක්මන් මළුවක් ද මා සඳහා මවන ලද්දේය. අට ගුණයකින් යුත් දිබ්බචක්ඛු ආදී අභිඤ්ඤාවන් ලබාගතිමි.

“සාටකං පජහිං තත්‍ථ, නවදොසමුපාගතං; වාකචීරං නිවාසෙසිං, ද‍්වාදසගුණමුපාගතං.

දොස් නවයකින් යුත් සළුව අත්හළෙමි. දොළොස් ගුණයෙන් යුත් වැහැරි සිවුර පෙරවීමි.

“අට‍්ඨදොසසමාකිණ‍්ණං, පජහිං පණ‍්ණසාලකං; උපාගමිං රුක‍්ඛමූලං, ගුණෙ දසහුපාගතං.

දෝෂ අටකින් යුත් පන්සල දුරලීමි. දශ ගුණයකින් යුත් රුක් මුල වෙත ගියෙමි.

“වාපිතං රොපිතං ධඤ‍්ඤං, පජහිං නිරවසෙසතො; අනෙකගුණසම‍්පන‍්නං, පවත‍්තඵලමාදියිං.

වපුළ හා පැල සිට වූ ධාන්‍යය කෑම අත්හළෙමි. නොයෙක් ගුණයෙන් යුත් ස්වයං පතිත ඵල වැළඳුයෙමි.

“තත්‍ථප‍්පධානං පදහිං, නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ; අබ‍්භන‍්තරම‍්හි සත‍්තාහෙ, අභිඤ‍්ඤාබලපාපුණි”න‍්ති.

ඒ රුක් මුල සිට හිඳීම, සිටීම, සක්මන යන ඉරියව්වලින් ප්‍රධන් වීර්යය කළෙමි. සත් දවසක් ඇතුළත පඤ්ච අභිඤ්ඤාවන්ට පැමිණියෙමි.”

තත්‍ථ “අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා”ති ඉමාය පාළියා සුමෙධපණ‍්ඩිතෙන අස‍්සමපණ‍්ණසාලාචඞ‍්කමා සහත්‍ථා මාපිතා විය වුත‍්තා. අයං පනෙත්‍ථ අත්‍ථො – මහාසත‍්තං “හිමවන‍්තං අජ‍්ඣොගාහෙත්‍වා අජ‍්ජ ධම‍්මිකං පබ‍්බතං පවිසිස‍්සාමී”ති නික‍්ඛන‍්තං දිස‍්වා සක‍්කො දෙවානමින්‍දො විස‍්සකම‍්මදෙවපුත‍්තං ආමන‍්තෙසි – “තාත, අයං සුමෙධපණ‍්ඩිතො පබ‍්බජිස‍්සාමීති නික‍්ඛන‍්තො, එතස‍්ස වසනට‍්ඨානං මාපෙහී”ති. සො තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා රමණීයං අස‍්සමං, සුගුත‍්තං පණ‍්ණසාලං, මනොරමං චඞ‍්කමඤ‍්ච මාපෙසි. භගවා පන තදා අත‍්තනො පුඤ‍්ඤානුභාවෙන නිප‍්ඵන‍්නං තං අස‍්සමපදං සන්‍ධාය සාරිපුත‍්ත, තස‍්මිං ධම‍්මිකපබ‍්බතෙ –

මේ බුද්ධ වංස පාළියෙහි අසපුව, පන්සල, සක්මන තමා විසින්ම නිර්මාණය කළාක් මෙන් කියන ලදි. එහි අදහස මෙසේ දතයුතුය. බෝසතාණෝ හිමවතට වැද ධම්මික පර්වතයට පිවිසෙනු දැන සක් දෙවිඳු විස්කම් දෙවි පුත් අමතා දරුව, සුමේධ පණ්ඩිතයෝ පැවිදි වෙමි යි නික්මුණහ. ඔහුට වසන ස්ථානයක් මවන්නයැයි කීවේය. විස්කම් දෙවි පුත් සක් දෙවිඳුගේ වචනය පිළිගෙන සිත්කළු අසපුවක් ද ආරක්‍ෂා සහිත පන්සලක් ද මනරම් සක්මන් මළුවක් ද මැවීය. බුදු රජහු එදා තම පින් බෙලෙන් නිපයුණු ඒ අසපුව සඳහා සාරිපුත්‍රය, ඒ ධම්මික පර්වතයෙහි,

“අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා; චඞ‍්කමං තත්‍ථ මාපෙසිං, පඤ‍්චදොසවිවජ‍්ජිත”න‍්ති. –

“මවිසින් අසපුව මනාව කරන ලද්දෙමි. පන්සල මවන ලදි. දෝෂ පසකින් මිදුණු සක්මන් මළුව ද මවන ලදි.”

ආහ . තත්‍ථ සුකතො මය‍්හන‍්ති සුකතො මයා. පණ‍්ණසාලා සුමාපිතාති පණ‍්ණච‍්ඡදනසාලාපි මෙ සුමාපිතා අහොසි.

එහි “සුකතො මය්හං” මවිසින් මනාව කරන ලදි. “පණ්ණසාලා සුමාපිතා” කොළ සෙවිලි කළ ශාලාව ද මා විසින් මවන ලද්දේය.

පඤ‍්චදොසවිවජ‍්ජිතන‍්ති පඤ‍්චිමෙ චඞ‍්කමදොසා නාම – ථද‍්ධවිසමතා, අන‍්තොරුක‍්ඛතා, ගහනච‍්ඡන‍්නතා, අතිසම‍්බාධතා, අතිවිසාලතාති. ථද‍්ධවිසමභූමිභාගස‍්මිඤ‍්හි චඞ‍්කමෙ චඞ‍්කමන‍්තස‍්ස පාදා රුජ‍්ජන‍්ති, ඵොටා උට‍්ඨහන‍්ති, චිත‍්තං එකග‍්ගං න ලභති, කම‍්මට‍්ඨානං විපජ‍්ජති. මුදුසමතලෙ පන ඵාසුවිහාරං ආගම‍්ම කම‍්මට‍්ඨානං සම‍්පජ‍්ජති. තස‍්මා ථද‍්ධවිසමභූමිභාගතා එකො දොසොති වෙදිතබ‍්බො. චඞ‍්කමස‍්ස අන‍්තො වා මජ‍්ඣෙ වා කොටියං වා රුක‍්ඛෙ සති පමාදමාගම‍්ම චඞ‍්කමන‍්තස‍්ස නලාටං වා සීසං වා පටිහඤ‍්ඤතීති අන‍්තොරුක‍්ඛතා දුතියො දොසො. තිණලතාදිගහනච‍්ඡන‍්නෙ චඞ‍්කමෙ චඞ‍්කමන‍්තො අන්‍ධකාරවෙලායං උරගාදිකෙ පාණෙ අක‍්කමිත්‍වා වා මාරෙති, තෙහි වා දට‍්ඨො දුක‍්ඛං ආපජ‍්ජතීති ගහනච‍්ඡන‍්නතා තතියො දොසො. අතිසම‍්බාධෙ චඞ‍්කමෙ විත්‍ථාරතො රතනිකෙ වා අඩ‍්ඪරතනිකෙ වා චඞ‍්කමන‍්තස‍්ස පරිච‍්ඡෙදෙ පක‍්ඛලිත්‍වා නඛාපි අඞ‍්ගුලියොපි භිජ‍්ජන‍්තීති අතිසම‍්බාධතා චතුත්‍ථො දොසො. අතිවිසාලෙ චඞ‍්කමෙ චඞ‍්කමන‍්තස‍්ස චිත‍්තං විධාවති, එකග‍්ගතං න ලභතීති අතිවිසාලතා පඤ‍්චමො දොසො. පුථුලතො පන දියඩ‍්ඪරතනං ද‍්වීසු පස‍්සෙසු රතනමත‍්තඅනුචඞ‍්කමං දීඝතො සට‍්ඨිහත්‍ථං මුදුතලං සමවිප‍්පකිණ‍්ණවාලුකං චඞ‍්කමං වට‍්ටති චෙතියගිරිම‍්හි දීපප‍්පසාදකමහින්‍දත්‍ථෙරස‍්ස චඞ‍්කමනං විය, තාදිසං තං අහොසි. තෙනාහ “චඞ‍්කමං තත්‍ථ මාපෙසිං, පඤ‍්චදොසවිවජ‍්ජිත”න‍්ති.

“පඤ්චදොස විවජ්ජිතං” සක්මන් මළුවෙහි දොස් පසක් ඇත. එනම්, තද බව හා විසම බවය. ඇතුළත ගස් ඇති බවය. කැලෑවෙන් වැසුණු බවය. ඉතා ලුහුඬු බවය. ඉතා විශාල බවය යනුයි. තද විසම සක්මනෙහි සක්මන් කරන්නාගේ පා රිදෙයි. පොළ නැඟෙයි. සිතෙහි එකඟ බවක් නො ලබයි. කමටහන් සඵල නො වේ. මෘදු සමතලා සක්මනෙහි පහසු විහරණය නිසා කමටහන සඵල වෙයි. එම නිසා තද විසම භූමිය එක් දෝෂයක් වෙයි. සක්මනෙහි ඇතුළත හෝ මැද හෝ කෙළවර හෝ ගසක් ඇති කල්හි අමතක වීමෙන් නළල හෝ හිස ගසෙහි හැපීමෙන් කමටහනට බාධා ඇතිවිය හැකිය. මේ දෙවන දෝෂයයි. තණ ගස්වැල් ආදියෙන් ගැවසුණු සක්මනෙහි සක්මන් කිරීම නිසා උරග ආදී සත්තු පෑගීමෙන් මැරෙති. නැතහොත් ඒ සතුන් විසින් දෂ්ට කරන ලදුව දුකට පැමිණෙයි. මේ නිසා තෘණලතාවලින් වැසුණු බව තෙවැනි දෝෂයයි. රියනක් හෝ රියන් භාගයක් පමණ පළලින් යුත් සක්මනෙහි සක්මන් කරනහුගේ පය පැකිළීමෙන් නිය හෝ ඇඟිලි බිඳිය හැකි හෙයින් ඉතා ලුහුඬු බව සිව් වැනි දෝෂය වේ. ඉතා විශාල සක්මනෙහි සක්මන් කරන්නා ඔබමොබ දුවයි. එකඟ බවක් නො ලබයි. ඉතා විශාල බව පස් වැනි දෝෂයයි. පළලින් දෙරියන් හමාරක් හා දෙපස රියනක් පමණ වන උපචාර සක්මන ද දිගින් සැට රියනක් වූ සම පොළොව ඇති සම සේ විසුරුවන ලද වැලි ඇති සක්මන් මළුව ද සුදුසු ය. සෑගිරියෙහි ලක්බිම පැහැද වූ මහා මිහිඳු තෙරණුවන්ගේ සක්මන එබඳු විය. එම නිසා පස් දොසින් මිදුණු සක්මනක් මැවීමයැ යි කීහ.

අට‍්ඨගුණසමුපෙතන‍්ති අට‍්ඨහි සමණසුඛෙහි උපෙතං. අට‍්ඨිමානි සමණසුඛානි නාම – ධනධඤ‍්ඤපරිග‍්ගහාභාවො, අනවජ‍්ජපිණ‍්ඩපාතපරියෙසනභාවො, නිබ‍්බුතපිණ‍්ඩපාතභුඤ‍්ජනභාවො, රට‍්ඨං පීළෙත්‍වා ධනසාරං වා සීසකහාපණාදීනි වා ගණ‍්හන‍්තෙසු රාජකුලෙසු රට‍්ඨපීළනකිලෙසාභාවො, උපකරණෙසු නිච‍්ඡන්‍දරාගභාවො, චොරවිලොපෙ නිබ‍්භයභාවො, රාජරාජමහාමත‍්තෙහි අසංසට‍්ඨභාවො, චතූසු දිසාසු අප‍්පටිහතභාවොති. ඉදං වුත‍්තං හොති – යථා තස‍්මිං අස‍්සමෙ වසන‍්තෙන සක‍්කා හොන‍්ති ඉමානි අට‍්ඨ සමණසුඛානි වින්‍දිතුං, එවං අට‍්ඨගුණසමුපෙතං තං අස‍්සමං මාපෙසින‍්ති.

“අට්ඨගුණ සමූපෙත” යනු අට වැදෑරුම් පැවිදි සැපයෙන් යුතු යන අර්ථය යි. අට වැදෑරුම් පැවිදි සැප නම් ධන ධාන්‍ය අයිතිය නැති බව, නිවැරදි පිඬු සිඟීමෙන් අහර සෙවීම, නිවුණු අහර වැළැඳීම, රජවරු රට වැසියන් පෙළා කහවනු ලබා ගනිද්දී එවැනි රට වාසීන් පෙළීමේ ආශාවන් නැති බව, පරිභෝග වස්තුවල කැමැත්තක් නැති බව, සොරුන් පැහැර ගනිතැ යි බියක් නැති බව, රජ ඇමැති ආදීන් හා සබඳතාවය නැති බව, සිව් දිගින් ම නිර්භය බව යනු යි. මෙසේ බෝසතාණෝ මේ අට වැදෑරුම් පැවිදි සැප මේ අසපුවේ සිට ලැබීමට හැකියැ යි මේ අසපුව මැවීයැ යි කීහ.

අභිඤ‍්ඤාබලමාහරින‍්ති පච‍්ඡා තස‍්මිං අස‍්සමෙ වසන‍්තො කසිණපරිකම‍්මං කත්‍වා අභිඤ‍්ඤානං සමාපත‍්තීනඤ‍්ච උප‍්පාදනත්‍ථාය අනිච‍්චතො දුක‍්ඛතො විපස‍්සනං ආරභිත්‍වා ථාමප‍්පත‍්තං විපස‍්සනාබලං ආහරිං. යථා තස‍්මිං වසන‍්තො තං බලං ආහරිතුං සක‍්කොමි, එවං තං අස‍්සමං තස‍්ස අභිඤ‍්ඤත්‍ථාය විපස‍්සනාබලස‍්ස අනුච‍්ඡවිකං කත්‍වා මාපෙසින‍්ති අත්‍ථො.

“අභිඤ්ඤා බලමාහරි” යනු පංච අභිඤ්ඤා ලාභී වීමයි. පසු ව මේ අසපුවේ වසන්නේ, කසිණය පිරියම් කොට පංච අභිඤ්ඤාවන් හා ධ්‍යාන සමාපත්තීන් ඉපදවීම පිණිස අනිත්‍යය, දුක්ඛ වශයෙන් විදසුන් අරඹා ස්ථාවර භාවයට පත් ව විදසුන් බලය ලබාගතිමි. මෙම අසපුවෙහි වෙසෙමින් එකී බලය ලබාගැනීමට හැක්කෙමි යි සිතා අභිඤ්ඤා බලයට හා විපස්සනා බලයට සුදුසු වන ලෙස මැවීයැ යි, යන අර්ථයයි.

සාටකං පජහිං තත්‍ථ, නවදොසමුපාගතන‍්ති එත්‍ථායං අනුපුබ‍්බිකථා – තදා කිර කුටිලෙණචඞ‍්කමාදිපටිමණ‍්ඩිතං පුප‍්ඵූපගඵලූපගරුක‍්ඛසඤ‍්ඡන‍්නං රමණීයං මධුරසලිලාසයං අපගතවාළමිගභිංසනකසකුණං පවිවෙකක‍්ඛමං අස‍්සමං මාපෙත්‍වා අලඞ‍්කතචඞ‍්කමස‍්ස උභොසු අන‍්තෙසු ආලම‍්බනඵලකං සංවිධාය නිසීදනත්‍ථාය චඞ‍්කමවෙමජ‍්ඣෙ සමතලං මුග‍්ගවණ‍්ණසිලං මාපෙත්‍වා අන‍්තොපණ‍්ණසාලායං ජටාමණ‍්ඩලවාකචීරතිදණ‍්ඩකුණ‍්ඩිකාදිකෙ තාපසපරික‍්ඛාරෙ, මණ‍්ඩපෙ පානීයඝටපානීයසඞ‍්ඛපානීයසරාවානි, අග‍්ගිසාලායං අඞ‍්ගාරකපල‍්ලදාරුආදීනීති එවං යං යං පබ‍්බජිතානං උපකාරාය සංවත‍්තති, තං තං සබ‍්බං මාපෙත්‍වා පණ‍්ණසාලාය භිත‍්තියං “යෙ කෙචි පබ‍්බජිතුකාමා ඉමෙ පරික‍්ඛාරෙ ගහෙත්‍වා පබ‍්බජන‍්තූ”ති අක‍්ඛරානි ඡින්‍දිත්‍වා දෙවලොකමෙව ගතෙ විස‍්සකම‍්මදෙවපුත‍්තෙ සුමෙධපණ‍්ඩිතො හිමවන‍්තපබ‍්බතපාදෙ ගිරිකන්‍දරානුසාරෙන අත‍්තනො නිවාසානුරූපං ඵාසුකට‍්ඨානං ඔලොකෙන‍්තො නදීනිවත‍්තනෙ විස‍්සකම‍්මනිම‍්මිතං සක‍්කදත‍්තියං රමණීයං අස‍්සමං දිස‍්වා චඞ‍්කමනකොටිං ගන‍්ත්‍වා පදවලඤ‍්ජං අපස‍්සන‍්තො “ධුවං පබ‍්බජිතා ධුරගාමෙ භික‍්ඛං පරියෙසිත්‍වා කිලන‍්තරූපා ආගන‍්ත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා නිසින‍්නා භවිස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා ථොකං ආගමෙත්‍වා “අතිවිය චිරායන‍්ති, ජානිස‍්සාමී”ති පණ‍්ණාසාලාකුටිද‍්වාරං විවරිත්‍වා අන‍්තො පවිසිත්‍වා ඉතො චිතො ච ඔලොකෙන‍්තො මහාභිත‍්තියං අක‍්ඛරානි වාචෙත්‍වා “මය‍්හං කප‍්පියපරික‍්ඛාරා එතෙ, ඉමෙ ගහෙත්‍වා පබ‍්බජිස‍්සාමී”ති අත‍්තනො නිවත්‍ථපාරුතං සාටකයුගං පජහි. තෙනාහ “සාටකං පජහිං තත්‍ථා”ති. එවං පවිට‍්ඨො අහං, සාරිපුත‍්ත, තස‍්සං පණ‍්ණසාලායං සාටකං පජහිං.

දෝෂ නවයකින් යුත් සළුව අත් හළෙමි. ඒ පිළිබඳ අනුපිළිවෙල කථාව නමි. එකල්හි තෘණ කුටි කටාරමින් යුත් ලෙන්, සක්මන ආදියට මලින් හා ඵලින් පිරුණු ගස් පෙළින් සැදුම්ලත් සිත්කළු මිහිරි ජලාශයෙන් යුත් දරුණු සිව්පා, බියජනක පක්ෂි ආදීන්ගෙන් තොර වූ කාය විවේකාදියට යෝග්‍යය විසිතුරු සක්මන් මළුවේ දෙකෙළවර එල්බ සිටින පුවරු, සකසා හිඳීම සඳහා සක්මන මැද සමතලා ශිලා පුවරුවක් ද මවා පන්සල ඇතුළෙහි දළ වැහැරි සිවුරු, ත්‍රිදණ්ඩය, කෙණ්ඩිය ආදී තවුස් පිරිකර මණ්ඩපයෙහි ද පැන් කල, පැන් සක්, පැන් මාලාව ආදිය ද ගිනි හලෙහි අඟුරු, කබල්, දර, ආදිය ද මවා, මෙසේ පැවිද්දන්ට උදව් වූ සියලු දෙය මවා පන්සල් බිත්තියෙහි යම් කිසි කෙනෙක් පැවිදි වනු කැමැත්තෝ නම් මේ තවුස් පිරිකර ගෙන පැවිදි වෙත්වා යි අකුරු සටහන් කොට විස්කම් දෙවි පුත් දෙව්ලොවට ගිය කල්හි, සුමේධ පණ්ඩිතයෝ හිමවත් පෙදෙසෙහි දිය වැල් අනුව සෙමින් තම නිවාසයට සුදුසු වූ පහසු තැනක් සොයමින් යන්නෝ, නදී නිවර්තනයෙහි සක් දෙවිඳු අණින් විස්කම් දෙවි පුත් විසින් මවන ලද රමණීය අසපුව දැක සක්මනේ කෙළවරට ගොස් පිය සටහනක් නො දැක ඒකාන්තයෙන් පැවිද්දෝ ළඟ ගමෙහි පිඬුසිඟා ගොස් විඩාව නිසා පන්සල ඇතුලෙහි සිටිතැ යි සිතා ටික වේලාවක් අපේක්‍ෂාවෙන් සිට බොහෝ වේලා ගත වෙතැ යි දැන කුටි දොර හැර ඇතුළට පිවිස ඔබමොබ බලන්නාහු, ප්‍රධාන බිත්තියෙහි අකුරු කියවා මේ මට කැප පිරිකරය, මේවා ගෙන පැවිදි වන්නෙමි යි තමා ඇඳ පොරවා සිටි වස්ත්‍ර යුගලය අත්හළේය. එහෙයින් කීහ. “එහි දී සාටකය හළෙමි. සාරිපුත්‍රය, පන්සලට පිවිසි මම නව දෝෂයක් ඇති සළුව අත්හළෙමි යි දක්වන්නේ,

නවදොසමුපාගතන‍්ති සාටකං පජහන‍්තො නව දොසෙ දිස‍්වා පජහින‍්ති දීපෙති. තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිතානඤ‍්හි සාටකස‍්මිං නව දොසා උපට‍්ඨහන‍්ති. තෙසු තස‍්ස මහග‍්ඝභාවො එකො දොසො, පරපටිබද‍්ධතාය උප‍්පජ‍්ජනභාවො එකො, පරිභොගෙන ලහුං කිලිස‍්සනභාවො එකො. කිලිට‍්ඨො හි ධොවිතබ‍්බො ච රජිතබ‍්බො ච හොති. පරිභොගෙන ජීරණභාවො එකො. ජිණ‍්ණස‍්ස හි තුන‍්නං වා අග‍්ගළදානං වා කාතබ‍්බං හොති . පුන පරියෙසනාය දුරභිසම‍්භවභාවො එකො, තාපසපබ‍්බජ‍්ජාය අසාරුප‍්පභාවො එකො, පච‍්චත්‍ථිකානං සාධාරණභාවො එකො. යථා හි නං පච‍්චත්‍ථිකා න ගණ‍්හන‍්ති, එවං ගොපෙතබ‍්බො හොති. පරිභුඤ‍්ජන‍්තස‍්ස විභූසනට‍්ඨානභාවො එකො, ගහෙත්‍වා විචරන‍්තස‍්ස ඛන්‍ධභාරමහිච‍්ඡභාවො එකොති.

තවුස් පැවිද්දෙන් පැවිදි වූවන්ට සළුවෙහි දෝෂ නවයක් පෙනේ. වටිනා බව එක් දෝෂයකි. මෙරමා සම්බන්ධ ව ලැබෙන බව එකකි. පරිභෝගයෙන් ඉක්මනින් කිලිටි වන බව එකකි. කිළිටි වූ පසු සේදිය යුතු, පඬු පෙවිය යුතු වෙයි. පරිභෝගයෙන් දිරාපත් වන බව එකකි. දිරා ඉරුණු පසු මැසීම හෝ අණ්ඩ දැමීම කළ යුතු බව එකකි. නැවත සොයා ගැනීම අපහසු බව එකකි. තවුස් පැවිද්දාට නො සරුප් බව එකකි. සතුරන්ට සාධාරණ බව එකකි. සතුරන්ට නො ගත හැකි සේ ආරක්ෂා කළ යුතු වෙයි. සිරුරට ආභරණයක් වීම එකකි. උරහිසින් ගෙනයන කළ අධික බව බව එකකි.

වාකචීරං නිවාසෙසින‍්ති තදාහං, සාරිපුත‍්ත, ඉමෙ නව දොසෙ දිස‍්වා සාටකං පහාය වාකචීරං නිවාසෙසිං, මුඤ‍්ජතිණං හීරං හීරං කත්‍වා ගන්‍ථෙත්‍වා කතවාකචීරං නිවාසනපාරුපනත්‍ථාය ආදියින‍්ති අත්‍ථො.

සාරිපුත්‍රය, එදා මම මේ නව දොස් දැක සළුව හැර වැහැරි සිවුර ඇන්දෙමි. මෘදු තණඉරු ඉරු කොට ගොතා කරන ලද වැහැරි සිවුර ඇඳීම හා පෙරවීම සඳහා ගත්තේය.”

ද‍්වාදසගුණමුපාගතන‍්ති ද‍්වාදසහි ආනිසංසෙහි සමන‍්නාගතං. වාකචීරස‍්මිඤ‍්හි ද‍්වාදස ආනිසංසා – අප‍්පග‍්ඝං සුන්‍දරං කප‍්පියන‍්ති අයං තාව එකො ආනිසංසො, සහත්‍ථා කාතුං සක‍්කාති අයං දුතියො, පරිභොගෙන සණිකං කිලිස‍්සති, ධොවියමානෙපි පපඤ‍්චො නත්‍ථීති අයං තතියො, පරිභොගෙන ජිණ‍්ණෙපි සිබ‍්බිතබ‍්බාභාවො චතුත්‍ථො, පුන පරියෙසන‍්තස‍්ස සුඛෙන කරණභාවො පඤ‍්චමො, තාපසපබ‍්බජ‍්ජාය සාරුප‍්පභාවො ඡට‍්ඨො, පච‍්චත්‍ථිකානං නිරුපභොගභාවො සත‍්තමො, පරිභුඤ‍්ජන‍්තස‍්ස විභූසනට‍්ඨානාභාවො අට‍්ඨමො, ධාරණෙ සල‍්ලහුකභාවො නවමො, චීවරපච‍්චයෙ අප‍්පිච‍්ඡභාවො දසමො, වාකුප‍්පත‍්තියා ධම‍්මිකඅනවජ‍්ජභාවො එකාදසමො, වාකචීරෙ නට‍්ඨෙපි අනපෙක‍්ඛභාවො ද‍්වාදසමොති.

වාක චීවරය දොළොස් ගුණයකින් යුක්තයැ යි, වාක චීවරයෙහි ආනිශංස දොළසක් වේ. මිල අඩු බව, සුන්දර බව, කැප බව එක් ආනිසංසයකි. සිය අතින් කළ හැකි බව එකකි. පරිභෝගයේ දී සෙමින් කිළිටි වෙයි. සෝදන කල්හි ද ප්‍රමාදයක් නැත. මේ තෙවැන්නයි. පරිභෝගයේ දී දිරාගිය ද නො මැසිය යුතු බව සිව් වැන්න වේ. නැවත සෙවීමේ දී පහසුවෙන් කළ හැකි බව පස් වැන්නයි. තවුස් පැවිද්දාට සාරුප්‍යය බව සවැනි වේ. සතුරන්ට සුදුසු නො වන බව සත් වැන්නයි. පරිභෝගයේ දී ආභරණයක් නො වීම අට වැනි වේ. දැරීමේ දී සැහැල්ලු බව නව වැනි වේ. සිවුරු පසෙහි අපිස් බව දස වැනි වේ. වැහැරි ලබා ගැනීමේදී දැහැමි බව නිවැරදි බව එකොළොස් වැනි වේ. වැහැරි සිවුර නැසී ගිය ද ආශාවක් නැති බව දොළොස් වැන්නයි.

අට‍්ඨදොසසමාකිණ‍්ණං, පජහිං පණ‍්ණසාලකන‍්ති. කථං පජහි? සො කිර වරසාටකයුගං ඔමුඤ‍්චිත්‍වා චීවරවංසෙ ලග‍්ගිතං අනොජපුප‍්ඵදාමසදිසං රත‍්තං වාකචීරං ගහෙත්‍වා නිවාසෙත්‍වා, තස‍්සූපරි අපරං සුවණ‍්ණවණ‍්ණං වාකචීරං පරිදහිත්‍වා, පුන‍්නාගපුප‍්ඵසන්‍ථරසදිසං සඛුරං අජිනචම‍්මං එකංසං කත්‍වා ජටාමණ‍්ඩලං පටිමුඤ‍්චිත්‍වා චූළාය සද‍්ධිං නිච‍්චලභාවකරණත්‍ථං සාරසූචිං පවෙසෙත්‍වා මුත‍්තජාලසදිසාය සික‍්කාය පවාළවණ‍්ණං කුණ‍්ඩිකං ඔදහිත්‍වා තීසු ඨානෙසු වඞ‍්කකාජං ආදාය එකිස‍්සා කාජකොටියා කුණ‍්ඩිකං, එකිස‍්සා අඞ‍්කුසපච‍්ඡිතිදණ‍්ඩකාදීනි ඔලග‍්ගෙත්‍වා ඛාරිභාරං අංසෙ කත්‍වා, දක‍්ඛිණෙන හත්‍ථෙන කත‍්තරදණ‍්ඩං ගහෙත්‍වා පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා සට‍්ඨිහත්‍ථෙ මහාචඞ‍්කමෙ අපරාපරං චඞ‍්කමන‍්තො අත‍්තනො වෙසං ඔලොකෙත්‍වා – “මය‍්හං මනොරථො මත්‍ථකං පත‍්තො, සොභති වත මෙ පබ‍්බජ‍්ජා, බුද‍්ධපච‍්චෙකබුද‍්ධාදීහි සබ‍්බෙහි ධීරපුරිසෙහි වණ‍්ණිතා ථොමිතා අයං පබ‍්බජ‍්ජා නාම, පහීනං මෙ ගිහිබන්‍ධනං, නික‍්ඛන‍්තොස‍්මි නෙක‍්ඛම‍්මං, ලද‍්ධා මෙ උත‍්තමපබ‍්බජ‍්ජා, කරිස‍්සාමි සමණධම‍්මං, ලභිස‍්සාමි මග‍්ගඵලසුඛ”න‍්ති උස‍්සාහජාතො ඛාරිකාජං ඔතාරෙත්‍වා චඞ‍්කමවෙමජ‍්ඣෙ මුග‍්ගවණ‍්ණසිලාපට‍්ටෙ සුවණ‍්ණපටිමා විය නිසින‍්නො දිවසභාගං වීතිනාමෙත්‍වා සායන‍්හසමයං පණ‍්ණසාලං පවිසිත්‍වා, බිදලමඤ‍්චකපස‍්සෙ කට‍්ඨත්‍ථරිකාය නිපන‍්නො සරීරං උතුං ගාහාපෙත්‍වා, බලවපච‍්චූසෙ පබුජ‍්ඣිත්‍වා අත‍්තනො ආගමනං ආවජ‍්ජෙසි “අහං ඝරාවාසෙ ආදීනවං දිස‍්වා අමිතභොගං අනන‍්තයසං පහාය අරඤ‍්ඤං පවිසිත්‍වා නෙක‍්ඛම‍්මගවෙසකො හුත්‍වා පබ‍්බජිතො, ඉතො දානි පට‍්ඨාය පමාදචාරං චරිතුං න වට‍්ටති.

දෝෂ අටකින් යුත් පන්සල හළෙමි. සුමේධ පණ්ඩිතයෝ කෙසේ නම් එය අත්හළේ ද? ඔහු වනාහි වටිනා සළු යුවල මුණි වැලෙහි එල්බෙමින් තිබුණු කොටකරඬු මල් දමක් මෙන් රතු වූ වැහැරි සිවුර ගෙන හැඳ ඊමත්තෙහි රන්වන් වැහැරි සිවුරක් පොරවා දොඹ මල් ඇතිරියක් වැනි කර සහිත අඳුන් මුව සම ඒකාංශ කොට ඡටා මඩුල්ල මුදා කෙස් වැටිය සමග නිසල බව සඳහා හරහිද්ද ගසා මුතුලැල් සමග සාල්ලෙහි පබලුවන් කෙණ්ඩිය බහා තෙතැනකින් නැමුණු කද ගෙන කදෙහි එක් කොණක කෙණ්ඩිය ද අංකුශ පැස හා ත්‍රිදණ්ඩාදිය ද එල්ලා කද් බර දෙසරුවෙහි තබා දකුණු අතින් සැරයටිය ගෙන පන්සලින් නික්ම සැටරියන් මහා සක්මනෙහි ඔබමොබ සක්මන් කරමින් තමාගේ පැවිදි වේශය බලා මගේ මනදොළ සඵලය. මගේ පැවිද්ද ඉතාමත් පැහැපත්ය. මේ පැවිද්ද වනාහි බුද්ධාදී සියලු උතුමන් විසින් පසස්නා ලදය. මගේ ගිහි බන්ධන සිඳිණි. අභිනික්මන කළෙමි. මවිසින් උතුම් පැවිද්ද ලබන ලදි. මහණ දම් පුරමි. මඟ ඵල ලබමි. මෙසේ උත්සාහවත් ම කද් බර බහාතබා සක්මන මැද ගල්තලාවෙහි රන් පිළිමයක් මෙන් හිඳ දවස් භාගය ගතකොට සවස් කාලයෙහි පන්සලට පිවිස වේවැල් ඇඳෙහි දැව අතිරියෙහි වැතිරී ශරීර විඩා හැර ඉතා අළුයම් වේලෙහි පිබිද තමාගේ ගමන සිහි කළහ. මම ගිහි ගෙහි ආදීනව දැක ප්‍රමාණ කළ නො හැකි ධනය හා යසස අත්හැර වනයට පිවිස නිවන් මග සොයන්නෙක් වී පැවිදි වූවෙමි. මෙතැන් පටන් ප්‍රමාද විහාරීව හැසිරෙන්ට සුදුසු නො වේ.

පවිවෙකඤ‍්හි පහාය විචරන‍්තං මිච‍්ඡාවිතක‍්කමක‍්ඛිකා ඛාදන‍්ති, ඉදානි මයා විවෙකමනුබ්‍රූහෙතුං වට‍්ටති. අහඤ‍්හි ඝරාවාසං පලිබොධතො දිස‍්වා නික‍්ඛන‍්තො, අයඤ‍්ච මනාපා පණ‍්ණසාලා, බෙලුවපක‍්කවණ‍්ණපරිභණ‍්ඩකතා භූමි, රජතවණ‍්ණා සෙතභිත‍්තියො, කපොතපාදවණ‍්ණං පණ‍්ණච‍්ඡදනං , විචිත‍්තත්‍ථරණවණ‍්ණො බිදලමඤ‍්චකො, නිවාසඵාසුකං වසනට‍්ඨානං, න එත‍්තො අතිරෙකතරා විය මෙ ගෙහසම‍්පදා පඤ‍්ඤායතී”ති පණ‍්ණසාලාය දොසෙ විචිනන‍්තො අට‍්ඨ දොසෙ පස‍්සි.

කාය චිත්ත විවේකය හැර වසන්නහුගේ කාමාදී සිතුවිලි මැස්සෝ කා දමත්. දැන් මා ත්‍රිවිධ විවේකයන් වර්ධනය කරන්නට සුදුසුය. මම වනාහි ගිහි ගෙය බාධක වශයෙන් දැන එයින් නික්මුනෙමි. මේ පන්සල ද බෙලි ඵල වණින් පිරියම් කරන ලද්දේ ය. රිදී මෙන් බිත්ති සුදුය. කොළ සෙවිළි කළ පියැස්ස පරෙවි පිය වර්ණ ඇත්තේය. වේවැල් ඇතිරුම විසිතුරු ඇතිරියක පැහැය ගනී. නිවාස ස්ථාන සැප පහසු ඇත්තේ ය. මගේ ගිහි සැපතටත් වඩා මේ වැඩියැ යි හැඟේ.

පණ‍්ණසාලාපරිභොගස‍්මිඤ‍්හි අට‍්ඨ ආදීනවා – මහාසමාරම‍්භෙන දබ‍්බසම‍්භාරෙ සමොධානෙත්‍වා කරණපරියෙසනභාවො එකො ආදීනවො, තිණපණ‍්ණමත‍්තිකාසු පතිතාසු තාසං පුනප‍්පුනං ඨපෙතබ‍්බතාය නිබන්‍ධජග‍්ගනභාවො දුතියො, සෙනාසනං නාම මහල‍්ලකස‍්ස පාපුණාති, අවෙලාය වුට‍්ඨාපියමානස‍්ස චිත‍්තෙකග‍්ගතා න හොතීති උට‍්ඨාපනියභාවො තතියො, සීතුණ‍්හපටිඝාතෙන කායස‍්ස සුඛුමාලකරණභාවො චතුත්‍ථො, ගෙහං පවිට‍්ඨෙන යංකිඤ‍්චි පාපං සක‍්කා කාතුන‍්ති ගරහාපටිච‍්ඡාදනභාවො පඤ‍්චමො, “මය‍්හ”න‍්ති පරිග‍්ගහකරණභාවො ඡට‍්ඨො, ගෙහස‍්ස අත්‍ථිභාවො නාම සදුතියකවාසොති සත‍්තමො, ඌකාමඞ‍්ගුලඝරගොළිකාදීනං සාධාරණතාය බහුසාධාරණභාවො අට‍්ඨමො. ඉති ඉමෙ අට‍්ඨ ආදීනවෙ දිස‍්වා මහාසත‍්තො පණ‍්ණසාලං පජති. තෙනාහ “අට‍්ඨදොසසමාකිණ‍්ණං, පජහිං පණ‍්ණසාලක”න‍්ති.

මෙසේ පන්සලෙහි දොස් දකින්නාහු, දෝෂ අටක් දුටහ. මහත් උත්සාහයෙන් දැව ආදී ද්‍රව්‍ය රාශියක් සෙිවය යුතු බව එකකි. තණ කොළ, මැටි ආදිය වැටුණු පසු නැවත නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු බව එකකි. සෙනසුන් වනාහි වැඩිමහල්ලන්ට ලැබිය යුතුය. අවේලාවන්හි නැඟිටු වන කල්හි සිතේ එකඟ බවක් නැති වෙයි. මෙසේ නො කල්හි නැගිටිය යුතු බව එකකි. ශීතෝෂ්ණ වැළකීම නිසා සිරුරෙහි ඇති වන සුකුමාල බව එකකි. ගෙය තුළ සිටින්නාට දොස් සහිත දෙය කිරීමට පහසුය. මෙසේ වරද සැඟවිය හැකි බව පස් වැනි දෝෂයයි. මමත්වයෙන් අල්ලා ගැනීම සවැනි වරදයි. ගෙයක හිමි බව දෙවැන්නකු සමග විසීමකි. මේ සත් වැනි දෝෂයයි. උකුණ, මකුණ, හිකනළු ආදීන්ව දැක මහසත් පන්සල අත්හැර දැමීය. එම නිසා කීහ. “දෝෂ අටකින් යුත් පන්සල හළෙමි,

උපාගමිං රුක‍්ඛමූලං, ගුණෙ දසහුපාගතන‍්ති ඡන‍්නං පටික‍්ඛිපිත්‍වා දසහි ගුණෙහි උපෙතං රුක‍්ඛමූලං උපගතොස‍්මීති වදති. තත්‍රිමෙ දස ගුණා – අප‍්පසමාරම‍්භතා එකො ගුණො, උපගමනමත‍්තකමෙව හි තත්‍ථ හොති; අපටිජග‍්ගනතා දුතියො, තඤ‍්හි සම‍්මට‍්ඨම‍්පි අසම‍්මට‍්ඨම‍්පි පරිභොගඵාසුකං හොතියෙව. අනුට‍්ඨාපරියභාවො තතියො, ගරහං නප‍්පටිච‍්ඡාදෙති; තත්‍ථ හි පාපං කරොන‍්තො ලජ‍්ජතීති ගරහාය අප‍්පටිච‍්ඡන‍්නභාවො චතුත්‍ථො; අබ‍්භොකාසවාසො විය කායං න සන්‍ථම‍්භෙතීති කායස‍්ස අසන්‍ථම‍්භනභාවො පඤ‍්චමො; පරිග‍්ගහකරණාභාවො ඡට‍්ඨො; ගෙහාලයපටික‍්ඛෙපො සත‍්තමො; බහුසාධාරණගෙහෙ විය “පටිජග‍්ගිස‍්සාමි නං, නික‍්ඛමථා”ති නීහරණකාභාවො අට‍්ඨමො; වසන‍්තස‍්ස සප‍්පීතිකභාවො නවමො; රුක‍්ඛමූලසෙනාසනස‍්ස ගතගතට‍්ඨානෙ සුලභතාය අනපෙක‍්ඛභාවො දසමොති ඉමෙ දස ගුණෙ දිස‍්වා රුක‍්ඛමූලං උපාගතොස‍්මීති වදති.

ආනිශංස දශයකින් යුත් රුක් මුල වෙත ගියෙමි.” දශ ගුණයෙහි, සුළු ඇරඹුමක් පමණක් ඇති බව එකකි. (රුක් මුල වෙත පැමිණීම පමණකි.) සම වුව ද නො සම වුව ද පරිභෝගයට නුසුදුසුය. මේ නිසා පිලිදැගුම් අඩුය. මේ දෙවැනි ආනිශංසයයි. අනුන් විසින් නැඟිට විය නො හැකි බව තෙවැන්නයි. තම වරද නො සැඟවිය හැකි බව සිව් වැන්නයි. රුක් මුල දී එලිමහනේ දී මෙන් කය රූක්‍ෂ නො වෙයි. මේ පස් වැනි ගුණයයි. මමත්වයෙන් අල්ලා නො ගන්නා බව සවැනි ගුණයයි. ගෙවල් පිළිබඳ ආලය අත්හැරීම සත් වැනි ගුණයයි. බොහෝ දෙනෙකුට සාධාරණ වූ ගෘහයෙහි මෙන් ප්‍රතිසංස්කරණ සඳහා නික්මෙව යි, බැහැර කිරීමට නැති බව අට වැනි ආනිශංසයයි. රුක් මුල වඩන්නාට ප්‍රීති සහිත ව විසිය හැකි බව නව වැනියි. රුක් මුල් සෙනසුන් ගිය ගිය තැන සුළඟ බැවින් එක රුක් මුලක් ගැන අපේක්‍ෂාවක් නැති බව දශ වැනි ආනිශංසයයි. මේ දශ ආනිශංස දැක රුක් මුලට ගියේය.

ඉමානි එත‍්තකානි කාරණානි සල‍්ලක‍්ඛෙත්‍වා මහාසත‍්තො පුනදිවසෙ භික‍්ඛාය ගාමං පාවිසි. අථස‍්ස සම‍්පත‍්තගාමෙ මනුස‍්සා මහන‍්තෙන උස‍්සාහෙන භික‍්ඛං අදංසු. සො භත‍්තකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා අස‍්සමං ආගම‍්ම නිසීදිත්‍වා චින‍්තෙසි “නාහං ආහාරං න ලභාමීති පබ‍්බජිතො, සිනිද‍්ධාහාරො නාමෙස මානමදපුරිසමදෙ වඩ‍්ඪෙති, ආහාරමූලකස‍්ස ච දුක‍්ඛස‍්ස අන‍්තො නත්‍ථි. යංනූනාහං වාපිතරොපිතධඤ‍්ඤනිබ‍්බත‍්තං ආහාරං පජහිත්‍වා පවත‍්තඵලභොජනො භවෙය්‍ය”න‍්ති. සො තතො ට‍්ඨාය තථා කත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො සත‍්තාහබ‍්භන‍්තරෙයෙව අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්ච අභිඤ‍්ඤායො ච නිබ‍්බත‍්තෙසි. තෙන වුත‍්තං –

බෝසත්හු මේ සියලු කරුණු සලකා බලා දෙවැනි දවස්හි පිඬු සිඟනු පිණිස පිවිසියහ. ගම් වැසියෝ මහත් ගෞරවයෙන් භික්‍ෂාව දුන්හ. එතුමෝ භක්තිය සම කොට අසපුවට පැමිණ විවේකීව හිඳ මෙසේ සිතූහ. මම ආහාර ලැබීම සඳහා පැවිදි නොවීමි. මේ ප්‍රණීත ආහාර මානය හා පුරුෂ මද වඩවයි. ආහාරය මුල් කොට ඇති වන දුක්වල ද කෙළවරක් නැත. මම සියලු ම වපුල ධාන්‍යය හා පැල සිට වූ ධාන්‍යයෙන් නිපයූ ආහාර අත්හැර ස්වයං පතිත ඵල අනුභවයෙන් ජීවත්වන්නේ නම් මැනවි යි, එතුමෝ එතැන් පටන් එසේ ජීවත් වෙමින් ප්‍රධන් වීර්යය කරන්නාහු, සත් දවසක් ඇතුළත ධ්‍යාන අට සමාපත්ති හා පඤ්ච අභිඤ්ඤා ඉපදවූහ. එහෙයින් කීහ.

“වාපිතං රොපිතං ධඤ‍්ඤං, පජහිං නිරවසෙසතො; අනෙකගුණසම‍්පන‍්නං, පවත‍්තඵලමාදියිං.

“වපුල හෝ සිට වූ සියලු ධාන්‍යය සම්පූර්ණයෙන් අත්හළෙමි. විවිධ ආනිශංසයෙන් යුත් ස්වයං පතිත ඵල ආහාර පිණිස ගතිමි.

“තත්‍ථප‍්පධානං පදහිං, නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ; අබ‍්භන‍්තරම‍්හි සත‍්තාහෙ, අභිඤ‍්ඤාබලපාපුණි”න‍්ති.

එහි දී ඉඳීම, සිටීම, සක්මන් කිරීම යන ඉරියව්වලින් ප්‍රධන් වීර්යය කෙළෙමි. සත් දවසක් ඇතුළත ම ධ්‍යාන හා අභිඤ්ඤා බලය ලබා ගතිමි.”

එවං අභිඤ‍්ඤාබලං පත්‍වා සුමෙධතාපසෙ සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තෙ දීපඞ‍්කරො නාම සත්‍ථා ලොකෙ උදපාදි. තස‍්ස පටිසන්‍ධිජාතිසම‍්බොධිධම‍්මචක‍්කප‍්පවත‍්තනෙසු සකලාපි දසසහස‍්සී ලොකධාතු සංකම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි, මහාවිරවං විරවි, ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි පාතුරහෙසුං. සුමෙධතාපසො සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තො නෙව තං සද‍්දමස‍්සොසි, න තානි නිමිත‍්තානි අද‍්දස. තෙන වුත‍්තං –

සුමේධ තාපසයෝ මෙසේ ධ්‍යාන, අභිඤ්ඤා බල ලබාගෙන සමවත් සුවෙන් කල්ගත කරන කල්හි දීපංකර බුදු රජාණෝ ලොව පහළ වූහ. ඒ බුදු රජුන්ගේ පිළිසිඳ ගැනීම, ඉපදීම, බුදු බවට පත්වීම, දම්සක් පැවැත්වීම යන අවස්ථාවල දී සියලු දසදහසක් සක්වල කම්පා විය. වෙවුලීය. මහ හඬින් ශබ්ද නැඟීය. එසේ ම දෙතිස් පෙර නිමිති පහළ විය. එහෙත් සුමේධ තවුසාණන් සමවත් සුවෙන් සිටි හෙයින් ඒ ශබ්ද නො ඇසුහ. ඒ පෙර නිමිති ද නුදුටූහ. එහෙයින් කීහ,

“එවං මෙ සිද‍්ධිප‍්පත‍්තස‍්ස, වසීභූතස‍්ස සාසනෙ; දීපඞ‍්කරො නාම ජිනො, උප‍්පජ‍්ජි ලොකනායකො.

“තවුස් සස්නෙහි මා ධ්‍යාන බලයෙන් හා පඤ්චභිඤ්ඤා බලයෙන් යුක්ත ව සිටින කල්හි තුන් ලොව නායක වූ දීපංකර බුදු රජාණෝ පහළ වූහ.

“උප‍්පජ‍්ජන‍්තෙ ච ජායන‍්තෙ, බුජ‍්ඣන‍්තෙ ධම‍්මදෙසනෙ; චතුරො නිමිත‍්තෙ නාද‍්දසං, ඣානරතිසමප‍්පිතො”ති.

උන් වහන්සේ පිළිසිඳ ගන්නා කල්හි ද උපදින කල්හි ද බුදු බවට පත්වන කල්හි ද දම්සක් පවත්වන කල්හි ද යන සිවු නිමිතියෙහි දී ධ්‍යානයෙහි ඇලී සිටි මම නුදුටු වෙමි.”

තස‍්මිං කාලෙ දීපඞ‍්කරදසබලො චතූහි ඛීණාසවසතසහස‍්සෙහි පරිවුතො අනුපුබ‍්බෙන චාරිකං චරමානො රම‍්මං නාම නගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසති. රම‍්මනගරවාසිනො “දීපඞ‍්කරො කිර සමණිස‍්සරො පරමාතිසම‍්බොධිං පත්‍වා පවත‍්තවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන චාරිකං චරමානො රම‍්මනගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසතී”ති සුත්‍වා සප‍්පිනවනීතාදීනි චෙව භෙසජ‍්ජානි වත්‍ථච‍්ඡාදනානි ච ගාහාපෙත්‍වා ගන්‍ධමාලාදිහත්‍ථා යෙන බුද‍්ධො, යෙන ධම‍්මො, යෙන සඞ‍්ඝො, තන‍්නින‍්නා තප‍්පොණා තප‍්පබ‍්භාරා හුත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා එකමන‍්තං නිසින‍්නා ධම‍්මදෙසනං සුත්‍වා ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු.

ඒ කාලයෙහි දශ බලධාරී දීපංකර බුදුහු සාරලක්‍ෂයක් රහතුන් පිරිවරන ලදුව පිළිවෙලින් චාරිකාවෙහි වඩින්නාහු, රම්මක නම් නුවරට වැඩ සුදස්සන මහා වෙහෙරෙහි වැඩවසන්නාහ. මෙම නගර වාසීහු ශ්‍රමණ නායක දීපංකර බුදු රජහු උතුම් බුදු බවට පත්ව දම්සක් පවත්වා පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නාහු, මෙම නගරයට වැඩමවා සුදස්සන මහා වෙහෙරෙහි වැඩ වෙසෙති යි අසා ගිතෙල්, වෙඬරු ආදිය ද බෙහෙත් ද හඳනා, පොරෝනා වස්ත්‍රාදිය ද රැගෙන සුවඳ මල් ආදිය අතැතිව බුදුන්, දහම්, සඟුන් වැඩසිටි දිශාවට නැඹුරුව ළං ළං වෙත් ම වඩවඩාත් ගෞරව නමස්කාර කරමින් බුදු රජුන් වෙත එළැඹ වැඳ සුවඳ මල් ආදියෙන් පුදා එකත්පසෙව හිඳ දම් දෙසුම් අසා සෙට දවසට භික්‍ෂාව පිණිස ආරාධනා කොට හුනස්නෙන් නැඟී ගියාහුය.

තෙ පුනදිවසෙ මහාදානං සජ‍්ජෙත්‍වා නගරං අලඞ‍්කරිත්‍වා දසබලස‍්ස ආගමනමග‍්ගං අලඞ‍්කරොන‍්තා උදකභින‍්නට‍්ඨානෙසු පංසුං පක‍්ඛිපිත්‍වා සමං භූමිතලං කත්‍වා රජතපට‍්ටවණ‍්ණං වාලුකං ආකිරන‍්ති, ලාජානි චෙව පුප‍්ඵානි ච විකිරන‍්ති, නානාවිරාගෙහි වත්‍ථෙහි ධජපටාකෙ උස‍්සාපෙන‍්ති, කදලියො චෙව පුණ‍්ණඝටපන‍්තියො ච පතිට‍්ඨාපෙන‍්ති. තස‍්මිං කාලෙ සුමෙධතාපසො අත‍්තනො අස‍්සමපදා උග‍්ගන‍්ත්‍වා තෙසං මනුස‍්සානං උපරිභාගෙන ආකාසෙන ගච‍්ඡන‍්තො තෙ හට‍්ඨතුට‍්ඨෙ මනුස‍්සෙ දිස‍්වා “කිං නු ඛො කාරණ”න‍්ති ආකාසතො ඔරුය‍්හ එකමන‍්තං ඨිතො මනුස‍්සෙ පුච‍්ඡි – “අම‍්භො කස‍්ස තුම‍්හෙ ඉමං මග‍්ගං අලඞ‍්කරොථා”ති? තෙන වුත‍්තං –

ඒ ගම් වැසියෝ දෙවැනි දවස්හි මහා දානයක් පිළියෙල කොට නගරය අලංකාර කොට බුදු රදුන් වඩිනා මඟ සරසමින් දිය දහරින් බිඳී ගිය තැන් පස් ගෙනවුත් පුරවමින් බිම සමතලා කොට රිදී පට වැනි වැලි විසුරුවමින් විළඳ හා මල් දමත්. නන් විසිතුරු වර්ණයෙන් කළ කොඩි ඔසවත්. කෙසෙල් පුන් කලස් පෙළ තබත්. එවේලෙහි සුමේධ තාපසයෝ සිය අසපුවෙන් අහසට නැඟී ඒ මිනිසුන්ගේ උඩින් යන්නාහු, ඉතා ප්‍රීතියෙන් සිටි ඔවුන් දැක හේතුව කුමක්දැ යි දැනගනු පිණිස අහසින් බැස පසෙක සිට මෙසෙ විචාළහ. පින්වතුනි, කවරකු සඳහා ඔබ මේ මඟ සරසන්නහු ද? එහෙයින් කීහ.

“පච‍්චන‍්තදෙසවිසයෙ, නිමන‍්තෙත්‍වා තථාගතං; තස‍්ස ආගමනං මග‍්ගං, සොධෙන‍්ති තුට‍්ඨමානසා.

“පිටිසර ගම් වැසියෝ දීපංකර බුදු රජුන්ට ආරාධනා කොට සතුටු සිතින් එතුමාණන් වඩනා මඟ පිරි පිවිතුරු කරත්.

“අහං තෙන සමයෙන, නික‍්ඛමිත්‍වා සකස‍්සමා; ධුනන‍්තො වාකචීරානි, ගච‍්ඡාමි අම‍්බරෙ තදා.

මම එවේලෙහි සිය අසපුවෙන් නික්ම, වැහැරි සිවුරු සුළඟින් ලෙල දෙද්දී අහසින් යමින් සිටියෙමි.

“වෙදජාතං ජනං දිස‍්වා, තුට‍්ඨහට‍්ඨං පමොදිතං; ඔරොහිත්‍වාන ගගනා, මනුස‍්සෙ පුච‍්ඡි තාවදෙ.

එකෙණෙහි සැදැහැයෙන් තුටුපහටු ව ප්‍රීති ඝෝෂා කරමින් සිටි ජනයා දැක අහසින් බැස මම මිනිසුන්ගෙන් විචාළෙමි.

“‘තුට‍්ඨහට‍්ඨො පමුදිතො, වෙදජාතො මහාජනො; කස‍්ස සොධීයති මග‍්ගො, අඤ‍්ජසං වටුමායන’”න‍්ති.

තුටුපහටු ප්‍රීතිමත් බැති බර මහජනයා විසින් කවරකු හට මාර්‍ග පරියාය නම් වූ අඤ්ජස වටුමායන මාර්ගය පිරිසිදු කරනු ලැබේ ද?”

මනුස‍්සා ආහංසු “භන‍්තෙ සුමෙධ, න ත්‍වං ජානාසි, දීපඞ‍්කරදසබලො සම‍්මාසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො චාරිකං චරමානො අම‍්හාකං නගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසති. මයං තං භගවන‍්තං නිමන‍්තයිම‍්හා, තස‍්සෙතං බුද‍්ධස‍්ස භගවතො ආගමනමග‍්ගං අලඞ‍්කරොමා”ති. සුමෙධතාපසො චින‍්තෙසි – “බුද‍්ධොති ඛො ඝොසමත‍්තකම‍්පි ලොකෙ දුල‍්ලභං, පගෙව බුද‍්ධුප‍්පාදො, මයාපි ඉමෙහි මනුස‍්සෙහි සද‍්ධිං දසබලස‍්ස මග‍්ගං අලඞ‍්කරිතුං වට‍්ටතී”ති. සො තෙ මනුස‍්සෙ ආහ – “සචෙ භො තුම‍්හෙ එතං මග‍්ගං බුද‍්ධස‍්ස අලඞ‍්කරොථ, මය‍්හම‍්පි එකං ඔකාසං දෙථ, අහම‍්පි තුම‍්හෙහි සද‍්ධිං මග‍්ගං අලඞ‍්කරිස‍්සාමී”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා “සුමෙධතාපසො ඉද‍්ධිමා”ති ජානන‍්තා උදකභින‍්නොකාසං සල‍්ලක‍්ඛෙත්‍වා “ත්‍වං ඉමං ඨානං අලඞ‍්කරොහී”ති අදංසු. සුමෙධො බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා චින‍්තෙසි “අහං ඉමං ඔකාසං ඉද‍්ධියා අලඞ‍්කරිතුං සක‍්කොමි, එවං අලඞ‍්කතො පන මම මනං න පරිතොසෙස‍්සති, අජ‍්ජ මයා කායවෙය්‍යාවච‍්චං කාතුං වට‍්ටතී”ති පංසුං ආහරිත්‍වා තස‍්මිං පදෙසෙ පක‍්ඛිපි.

මිනිස්සු මෙසේ පිළිතුරු දුන්හ. සුමේධ හිමිපාණෙනි, දීපංකර බුදු රජාණෝ බුද්ධත්වයට පැමිණ උතුම් දම්සක් පවත්වා චාරිකාවෙහි හැසිරෙන්නාහු, අපගේ නුවරට පැමිණ වැඩමවා සුදස්සන මහා වෙහෙරෙහි වැඩ වෙසෙන බව ඔබ නො දන්නහු ද? අපි ඒ බුදු රජුන්ට දානය සඳහා ආරාධනා කෙළෙමු. දැන් අපි ඒ බුදු රජුන්ට මඟ සරසමු. සුමේධ තවුසාණෝ සිතූහ. බුද්ධ යන වචනය පවා ලොව ඉතා දුලභය. එතුමාණන්ගේ පහළ වීම ගැන කියනු කිමෙක් ද? මා ද මේ මිනිසුන් සමග වඩිනා මඟ සරසන්න වටිනේය. පින්වතුනි, ඉදින් ඔබ මේ මඟ බුදු රජාණන්ට සරසන්නාහු නම්, මට ද එක් මාර්ග කොටසක් දෙනු මැනව. මම ද ඔබ හා එක්ව මඟ සරසමි යි කීහ. ජනයා ද සතුටින් පිළිගෙන, සුමේධ තවුසා මහා සෘද්ධිමතකු බව දත් ජනයා ජලයෙන් කැඩී බිඳී ගිය මඩ වගුරක් තවුසාණන්ට දුන්හ. එතුමා බුද්ධාලම්භන ප්‍රීතියෙන් මෙසේ සිතී. මම මේ මඟ කොටස ඉඳු බලයෙන් බිම කැපීමට පොහොසත් වෙමි. එසේ කිරීමෙන් සතුටු විය නො හැකිය. අද මම කය වෙහෙසා වතාවතක් කිරීම සුදුසුයැ යි පස් ගෙනවුත් එපෙදෙස පුරවමින් සිටියහ.

තස‍්ස තස‍්මිං පදෙසෙ අනලඞ‍්කතෙයෙව දීපඞ‍්කරො දසබලො මහානුභාවානං ඡළභිඤ‍්ඤානං ඛීණාසවානං චතූහි සතසහස‍්සෙහි පරිවුතො දෙවතාසු දිබ‍්බගන්‍ධමාලාදීහි පූජයන‍්තීසු දිබ‍්බසඞ‍්ගීතෙසු පවත‍්තන‍්තෙසු මනුස‍්සෙසු මානුසකගන්‍ධෙහි චෙව මාලාදීහි ච පූජයන‍්තෙසු අනන‍්තාය බුද‍්ධලීළාය මනොසිලාතලෙ විජම‍්භමානො සීහො විය තං අලඞ‍්කතපටියත‍්තං මග‍්ගං පටිපජ‍්ජි. සුමෙධතාපසො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා අලඞ‍්කතමග‍්ගෙන ආගච‍්ඡන‍්තස‍්ස දසබලස‍්ස ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං අසීතියා අනුබ්‍යඤ‍්ජනෙහි අනුරඤ‍්ජිතං බ්‍යාමප‍්පභාය සම‍්පරිවාරිතං මණිවණ‍්ණගගනතලෙ නානප‍්පකාරා විජ‍්ජුලතා විය ආවෙළාවෙළභූතා චෙව යුගලයුගලභූතා ච ඡබ‍්බණ‍්ණඝනබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තං රූපග‍්ගප‍්පත‍්තං අත‍්තභාවං ඔලොකෙත්‍වා “අජ‍්ජ මයා දසබලස‍්ස ජීවිතපරිච‍්චාගං කාතුං වට‍්ටති, මා භගවා කලලං අක‍්කමි, මණිඵලකසෙතුං පන අක‍්කමන‍්තො විය සද‍්ධිං චතූහි ඛීණාසවසතසහස‍්සෙහි මම පිට‍්ඨිං මද‍්දමානො ගච‍්ඡතු, තං මෙ භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායා”ති කෙසෙ මොචෙත්‍වා අජිනචම‍්මජටාමණ‍්ඩලවාකචීරානි කාළවණ‍්ණෙ කලලෙ පත්‍ථරිත්‍වා මණිඵලකසෙතු විය කලලපිට‍්ඨෙ නිපජ‍්ජි. තෙන වුත‍්තං –

එහෙත් අවසන් වීමට පෙර දශ බලධාරී දීපංකර බුදු රජාණෝ මහානුභාවසම්පන්න අභිඤ්ඤා ලාභී සාරලක්‍ෂයක් මහා රහතුන් වහන්සේ පිරිවරන ලදුව, දෙවියන් දෙව් මල් සුවඳින් පුදද්දී නිම්නැති බුදු සිරියෙන්, රත්ගල් තලාවක සීහනාද දෙන සිංහයකු මෙන් ඒ සැදුම් ලද මඟට පිළිපන්හ. සුමේධ තව්සාණෝ ඇස් ඇර විසිතුරු කළ මඟින් වඩින්නා වූ දීපංකර බුදු රජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අලංකෘත වූ අසූ අනුව්‍යඤ්ජනයෙන් සැදුම් ලත් බඹයක් පමණ වූ ද ඇස් දහරින් වට වූ නිල්වන් අහසෙහි විදුලිය මෙන් ද අක්බඹමරු වූ ද යුගල වී නික්මෙන්නා වූ ද සවණක් බුදු රැස් විහිදුවමින් රූසපුවෙන් අගතැන්පත් බුදු සිරුර බලා මවිසින් අද බුදු රජුන්ට දිවි පිදිය යුතුයැ යි සිතා බුදු රජාණෝ බඩ නො පාගා, මිනී හෙයක් බඳු මගේ පිට මඩිමින් වඩිත්වා. ඒ මට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේයැ යි කෙස් කළඹ මුදා අඳුන් දිවි සම හා ජටා වැහැරි සිවුරු ආදිය කලුවන් කළලයෙහි අතුරා මිනී හෙයක් මෙන් කළල මත වැද හොත්හ. එහෙයින් කීහ -

“තෙ මෙ පුට‍්ඨා වියාකංසු, ‘බුද‍්ධො ලොකෙ අනුත‍්තරො; දීපඞ‍්කරො නාම ජිනො, උප‍්පජ‍්ජි ලොකනායකො; තස‍්ස සොධීයති මග‍්ගො, අඤ‍්ජසං වටුමායනං’.

“මවිසින් විචාරන ලද ඒ ජනයෝ මෙසේ ප්‍රකාශ කළහ. ලෝකයෙහි අති උතුම් ලොවට නායක දීපංකර බුදු රජාණෝ උපන්හ. උන් වහන්සේට අඤ්ජස වටුමායන යන පරියාය නම් ඇති මාර්ගය සරසමු.

“බුද‍්ධොති මම සුත්‍වාන, පීති උප‍්පජ‍්ජි තාවදෙ; බුද‍්ධො බුද‍්ධොති කථයන‍්තො, සොමනස‍්සං පවෙදයිං.

බුද්ධ යන වචනය අසත් ම මට මහත් ප්‍රීතියක් උපන. බුද්ධ යන වචනය නැවත නැවතත් කියමින් මගේ සතුට පළ කෙළෙමි.

“තත්‍ථ ඨත්‍වා විචින‍්තෙසිං, තුට‍්ඨො සංවිග‍්ගමානසො; ‘ඉධ බීජානි රොපිස‍්සං, ඛණො එව මා උපච‍්චගා’.

මම එහි සිට සතුටින් පිනාගිය සිත් ඇති ව මෙසේ සිතීමි. මම මේ මේ සසුන් කෙතෙහි සැදැහැ බිජුවට රෝපණය කරමි. මේ ක්‍ෂණය ඉක්මවා නො යාවා.

“යදි බුද‍්ධස‍්ස සොධෙථ, එකොකාසං දදාථ මෙ; අහම‍්පි සොධයිස‍්සාමි, අඤ‍්ජසං වටුමායනං.

ඉදින් ඔබ බුදු රජුන් සඳහා මඟ සරසන්නහු නම්, මට එක් මඟ කොටසක් දෙත්වා. මම ද මඟ සරසන්නෙමි යි කීය.

“අදංසු තෙ මමොකාසං, සොධෙතුං අඤ‍්ජසං තදා; බුද‍්ධො බුද‍්ධොති චින‍්තෙන‍්තො, මග‍්ගං සොධෙමහං තදා.

ඔහු ද මට කොටසක් සැරසීම සඳහා දුන්නේය. බුද්ධ යනුවෙන් සිතමින් මම එදා මඟ සරසමින් සිටියෙමි.

“අනිට‍්ඨිතෙ මමොකාසෙ, දීපඞ‍්කරො මහාමුනි; චතූහි සතසහස‍්සෙහි, ඡළභිඤ‍්ඤෙහි තාදිහි; ඛීණාසවෙහි විමලෙහි, පටිපජ‍්ජි අඤ‍්ජසං ජිනො.

දීපංකර මහා මුනීහු සවැදෑරුම් අභිඤ්ඤා ගණ ලාභී තෙදවන් නිර්මල සාරලක්‍ෂයක් මහා රහතුන් සමග මඟට පිළිපන්හ.

“පච‍්චුග‍්ගමනා වත‍්තන‍්ති, වජ‍්ජන‍්ති භෙරියො බහූ; ආමොදිතා නරමරූ, සාධුකාරං පවත‍්තයුං.

පෙරගමන් පවතිත්. බොහෝ බෙර වාදනය කරත්. සතුටු වූ දෙවි මිනිස්සු. සාධු හඬ පැවැත්වූහ.

“දෙවා මනුස‍්සෙ පස‍්සන‍්ති, මනුස‍්සාපි ච දෙවතා; උභොපි තෙ පඤ‍්ජලිකා, අනුයන‍්ති තථාගතං.

දෙවියෝ මිනිසුන් දකිත්. මිනිස්සු ද දෙවියන් දකිත්. දෙපිරිස ම බඳැදිලි ව බුදු රජුන් අනුව යෙත්.

“දෙවා දිබ‍්බෙහි තුරියෙහි, මනුස‍්සා මානුසෙහි ච; උභොපි තෙ වජ‍්ජයන‍්තා, අනුයන‍්ති තථාගතං.

[missing trans]

“දිබ‍්බං මන්‍දාරවං පුප‍්ඵං, පදුමං පාරිඡත‍්තකං; දිසොදිසං ඔකිරන‍්ති, ආකාසනභගතා මරූ.

අහසෙහි සිටි දෙවියෝ දිව, මදාරා මල්, පියුම් හා පරසතු මල් ඒ මේ අත විසුරුවත්.

“චම‍්පකං සලලං නීපං, නාගපුන‍්නාගකෙතකං; දිසොදිසං උක‍්ඛිපන‍්ති, භූමිතලගතා නරා.

බිම සිටි මිනිස්සු සපු, සල්ල, බක්මී, නා, දොඹ, මල් ඒ ඒ දිසාවෙහි සිට උඩට දමත්.

“කෙසෙ මුඤ‍්චිත්‍වාහං තත්‍ථ, වාකචීරඤ‍්ච චම‍්මකං; කලලෙ පත්‍ථරිත්‍වාන, අවකුජ‍්ජො නිපජ‍්ජහං.

මම කෙස් වැටිය මුදා වැහැරි සිවුර සහ සම් කඩ කලල මතුයෙහි අතුරා එහි යටිකුරු ව හෙවීමි.

“අක‍්කමිත්‍වාන මං බුද‍්ධො, සහ සිස‍්සෙහි ගච‍්ඡතු; මා නං කලලෙ අක‍්කමිත්‍ථො, හිතාය මෙ භවිස‍්සතී”ති.

බුදු රජාණෝ සිසුන් සමග මා මැඩගෙන වඩිත්වා. කලල නො මඩිත්වා. ඒ බොහෝ කලක් හිත පිණිස වන්නේය.”

සො කලලපිට‍්ඨෙ නිපන‍්නකොව පුන අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා දීපඞ‍්කරදසබලස‍්ස බුද‍්ධසිරිං සම‍්පස‍්සමානො එවං චින‍්තෙසි – “සචාහං ඉච‍්ඡෙය්‍යං, සබ‍්බකිලෙසෙ ඣාපෙත්‍වා සඞ‍්ඝනවකො හුත්‍වා රම‍්මනගරං පවිසෙය්‍යං. අඤ‍්ඤාතකවෙසෙන පන මෙ කිලෙසෙ ඣාපෙත්‍වා නිබ‍්බානප‍්පත‍්තියා කිච‍්චං නත්‍ථි. යංනූනාහං දීපඞ‍්කරදසබලො විය පරමාභිසම‍්බොධිං පත්‍වා ධම‍්මනාවං ආරොපෙත්‍වා මහාජනං සංසාරසාගරා උත‍්තාරෙත්‍වා පච‍්ඡා පරිනිබ‍්බායෙය්‍යං, ඉදං මය‍්හං පතිරූප”න‍්ති. තතො අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා බුද‍්ධභාවාය අභිනීහාරං කත්‍වා නිපජ‍්ජි. තෙන වුත‍්තං –

සුමේධ තවුසාණෝ කලල මත වැතිර සිටිමින් ම ඇස් හැර දීපංකර බුදු රජුන්ගේ සම්බුදු සිරිය බලමින් මෙසේ සිතූහ. ඉදින් මම කැමැති වන්නේ නම් සියලු කෙලෙස් නසා රහත් බවට පත් ව සඟ පිටියේ නවකයකු වී රම්ම නගරයට පිවිසෙන්නෙමි. එසේ අප්‍රසිද්ධ වෙසින් කෙළෙසුන් නසා නිවනට පැමිණීම ප්‍රමාණවත් නො වේ. දීපංකර බුදු රජුන් මෙන් උතුම් සම්මා සම්බුදු බවට පැමිණ මහා ජනයා දහම් නැවට නංවා සංසාර සාගරයෙන් එතැර කොට පසු ව පිරිනිවෙන්නේ නම් මට සුදුසු වන්නේය. ඉක්බිති, අෂ්ට ධර්මයන් සම්පූර්ණ කොට බුදු බව පිණිස ප්‍රාර්ථනා කොට වැඳහොත්හ. එහෙයින් කියන ලදි.

“පථවියං නිපන‍්නස‍්ස, එවං මෙ ආසි චෙතසො; ‘ඉච‍්ඡමානො අහං අජ‍්ජ, කිලෙසෙ ඣාපයෙ මම.

“පොළොවෙහි සැතපී සිටි මහිතට මෙබඳු අදහසක් විය. මම කැමැති වන්නේ නම් අද සියලු කෙළෙස් නසා රහත් වන්නෙමි.

‘කිං මෙ අඤ‍්ඤාතවෙසෙන, ධම‍්මං සච‍්ඡිකතෙනිධ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, බුද‍්ධො හෙස‍්සං සදෙවකෙ.

එසේ අප්‍රසිද්ධ වේශයෙන් නිවන අවබෝධ කිරීමෙන් ප්‍රයෝජනය කුමක් ද? දෙවියන් සහිත ලෝතලයෙහි සියල්ල දන්නා නුවණට පැමිණ බුදු වන්නෙමි.

‘කිං මෙ එකෙන තිණ‍්ණෙන, පුරිසෙන ථාමදස‍්සිනා; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, සන‍්තාරෙස‍්සං සදෙවකෙ.

තම ශක්තිය දන්නා පුරුෂයකු වශයෙන් එකලාව සසර එතැර කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද? සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයා එතැර කරන්නෙමි.

‘ඉමිනා මෙ අධිකාරෙන, කතෙන පුරිසුත‍්තමෙ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, තාරෙමි ජනතං බහුං.

පුරුෂ ශ්‍රේෂ්ඨ බුදු රජුන් විෂයයෙහි කරන ලද මේ විශේෂ කාර්යය හෙවත් ජීවිත පරිත්‍යාගයෙන් සියල්ල දත්බවට පැමිණෙමි. බොහෝ ජනයා සසරින් එතැර කරමි.

‘සංසාරසොතං ඡින්‍දිත්‍වා, විද‍්ධංසෙත්‍වා තයො භවෙ; ධම‍්මනාවං සමාරුය‍්හ, සන‍්තාරෙස‍්සං සදෙවකෙ’”ති. (බු· වං· 2.54-58);

සසර නැමැති සැඩ පහර සිඳ දමා කාම, රූප, අරූප තුන් භවය වනසා දමා දහම් නැවට නැඟ දෙවියන් සහිත ලෝකයා එතැර කරමි.”

යස‍්මා පන බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තස‍්ස –

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣතී”ති. (බු· වං· 2.59);

බුදු බව පතන්නාහු, අෂ්ට ධර්මයකින් යුක්ත විය යුතුය. එනම් මිනිසත් බව, ලිඞ්ග සම්පත්තිය හේතු සම්පන්න වීම, බුදු කෙනකු හමුවීම, පැවිදි වීම, අධිමානසික ගුණයෙන් යුක්ත වීම, ජීවිත පරිහරණය, කැමැත්ත හා සම්බන්ධ වීර්යය යන මේ අටඟින් යුක්ත වූවහුගේ ප්‍රාර්ථනය සඵල වේ.

මනුස‍්සත‍්තභාවස‍්මිංයෙව හි ඨත්‍වා බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තස‍්ස පත්‍ථනා සමිජ‍්ඣති, න නාගස‍්ස වා සුපණ‍්ණස‍්ස වා දෙවතාය වා පත්‍ථනා සමිජ‍්ඣති. මනුස‍්සත‍්තභාවෙපි පුරිසලිඞ‍්ගෙ ඨිතස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, න ඉත්‍ථියා වා පණ‍්ඩකනපුංසකඋභතොබ්‍යඤ‍්ජනකානං වා පත්‍ථනා සමිජ‍්ඣති. පුරිසස‍්සාපි තස‍්මිං අත‍්තභාවෙ අරහත‍්තප‍්පත‍්තියා හෙතුසම‍්පන‍්නස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, නො ඉතරස‍්ස. හෙතුසම‍්පන‍්නස‍්සාපි ජීවමානකබුද‍්ධස‍්සෙව සන‍්තිකෙ පත්‍ථෙන‍්තස‍්ස පත්‍ථනා සමිජ‍්ඣති, පරිනිබ‍්බුතෙ බුද‍්ධෙ චෙතියසන‍්තිකෙ වා බොධිමූලෙ වා පත්‍ථෙන‍්තස‍්ස න සමිජ‍්ඣති. බුද‍්ධානං සන‍්තිකෙ පත්‍ථෙන‍්තස‍්සාපි පබ‍්බජ‍්ජාලිඞ‍්ගෙ ඨිතස‍්සෙව සමිජ‍්ඣති, නො ගිහිලිඞ‍්ගෙ ඨිතස‍්ස. පබ‍්බජිතස‍්සාපි පඤ‍්චාභිඤ‍්ඤස‍්ස අට‍්ඨසමාපත‍්තිලාභිනොයෙව සමිජ‍්ඣති, න ඉමාය ගුණසම‍්පත‍්තියා විරහිතස‍්ස. ගුණසම‍්පන‍්නෙනාපි යෙන අත‍්තනො ජීවිතං බුද‍්ධානං පරිච‍්චත‍්තං හොති, තස‍්ස ඉමිනා අධිකාරෙන අධිකාරසම‍්පන‍්නස‍්සෙව සමිජ‍්ඣති, න ඉතරස‍්ස. අධිකාරසම‍්පන‍්නස‍්සාපි යස‍්ස බුද‍්ධකාරකධම‍්මානං අත්‍ථාය මහන‍්තො ඡන්‍දො ච උස‍්සාහො ච වායාමො ච පරියෙට‍්ඨි ච, තස‍්සෙව සමිජ‍්ඣති, න ඉතරස‍්ස.

මිනිසත් භවයෙහි සිට බුදු බව පතන්නහුගේ ම ප්‍රාර්ථනාව සඵල වේ. නාගයකු, ගුරුළකු, දෙවියකු විසින් කරනු ලබන බුදු බව ප්‍රාර්ථනාව සඵල නො වේ. මිනිසත් භවෙහි ද පුරුෂයකු කරන ප්‍රාර්ථනාව සඵල නො වේ. මිනිසත් භවෙහි ද පුරුෂයකු කරන ප්‍රාර්ථනාව ම සඵල වේ. ස්ත්‍රිය, පණ්ඩක, නපුංසක, උභතෝ ව්‍යාඤ්ජනකයන් කරන බුදු බව ප්‍රාර්ථනා සඵල නො වේ. පුරුෂයා වුව ද එම අත් බැව්හි රහත් බවට හේතු සම්පත් ඇත්තහුගේ ප්‍රාර්ථනාව ම සඵල වේ. එයින් අන් අයකුගේ ප්‍රාර්ථනාව සඵල නො වේ. රහත් වීමට හේතු සම්පත් ඇත්තා වූ ද ජීවමාන බුදු රජාණන් වහන්සේගේ සමීපයෙහි ප්‍රාර්ථනා කරන්නහු හට සඵල වේ. බුදු රජුන් පිරිනිවි කල්හි චෛත්‍යය, බෝධි මූල ළඟ ප්‍රාර්ථනා කරන්නා හට සඵල නො වේ. බුදු රජුන් සමීපයෙහි බුදු බව පැතුව ද පැවිදි වේශයෙන් සිටියහුට ම සඵල වේ. ගිහි වේශයෙන් සිටියහුගේ ප්‍රාර්ථනා සඵල නො වේ. පැවිද්දකු වුව ද පඤ්ච අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති ලාභියකු ම විය යුතුය. ධ්‍යාන ගුණයෙන් වියුක්ත වූවහුගේ ප්‍රාර්ථනා සඵල නො වේ. ධ්‍යාන ගුණයෙන් යුක්ත වුව ද සිය ජීවිතය බුදු රජුන්ට පරිත්‍යාග කළ කෙනකු හෙවත් අධිකාරය විශේෂ පරිත්‍යාග කළ අයකු විය යුතුය. මේ අධිකාරය කළහුගේ ම ප්‍රාර්ථනා සඵල වේ. ජීවිත පරිත්‍යාගය කළ ද බුද්ධ කාරක ධර්ම හෙවත් පෙරුම් දම් පිරීම සඳහා මහත් කැමැත්තක්, මහත් උත්සාහයක්, මහත් පරිශ්‍රමක්, මහත් ගවේෂණයක් ඇත්තා හට ම ප්‍රාර්ථනා සමෘද්ධිය වේ.

තත්‍රිදං ඡන්‍දමහන‍්තතාය ඔපම‍්මං – සචෙ හි එවමස‍්ස “යො සකලචක‍්කවාළගබ‍්භං එකොදකීභූතං අත‍්තනො බාහුබලෙන උත‍්තරිත්‍වා පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාති. යො වා පන සකලචක‍්කවාළගබ‍්භං වෙළුගුම‍්බසඤ‍්ඡන‍්නං බ්‍යූහිත්‍වා මද‍්දිත්‍වා පදසා ගච‍්ඡන‍්තො පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාති. යො වා පන සකලචක‍්කවාළගබ‍්භං සත‍්තියො ආකොටෙත්‍වා නිරන‍්තරං සත‍්තිඵලසමාකිණ‍්ණං පදසා අක‍්කමමානො පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාති. යො වා පන සකලචක‍්කවාළගබ‍්භං වීතච‍්චිතඞ‍්ගාරභරිතං පාදෙහි මද‍්දමානො පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාතී”ති. යො එතෙසු එකම‍්පි අත‍්තනො දුක‍්කරං න මඤ‍්ඤති, “අහං එතම‍්පි තරිත්‍වා වා ගන‍්ත්‍වා වා පාරං ගහෙස‍්සාමී”ති එවං මහන‍්තෙන ඡන්‍දෙන ච උස‍්සාහෙන ච වායාමෙන ච පරියෙට‍්ඨියා ච සමන‍්නාගතො හොති, තස‍්ස පත්‍ථනා සමිජ‍්ඣති, න ඉතරස‍්ස. සුමෙධතාපසො පන ඉමෙ අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා බුද‍්ධභාවාය අභිනීහාරං කත්‍වා නිපජ‍්ජි.

මේ කරුණෙහිලා ඡන්ද අභිලාෂ මහත් බවට උපමාවකි. බුදු බව පතන්නා හට මෙබඳු සිතක් තිබිය යුතුය. සම්පූර්ණ සක්වල ගැබ එක ම ජලාශයක් වුවත් තම බාහු බලයෙන් පිහිනා එතැරට යන්නට යමකු සමත් වේ ද, ඔහු බුදු බවට පත් වේ. මුළු සක්වල ගැබ එක ම උණ පඳුරක් වූයේ නම් යමකු උණ ගස් මැඩගෙන දෙපසට කොට පාගමනින් එතැරට පැමිණේ ද, ඔහු ම බුදු බවට පත්වේ. සියලු සක්වල ගැබ තුළ අඩයටි හෙවත් උල් ආයුධ අතරත් නැති සේ සිටුවා තිබේ ද, යමකු ඒ අඩයටි තල දෙපසින් මඩිමින් එතැරට යන්නට සමත් වේ ද, ඔහු බුදු වීමට සමත්ය. එසේ ම මුළු සක්වල ගිනිදැල් රහිත ගිනි අඟුරු පිරුණේ වේ ද, යමකු එම ගිනි අඟුරු දෙපසින් මඩිමින් එතැරට යන්නට සමත් වේ ද, ඔහු ම බුදු බව ලැබීමට සමත්ය. යමෙක් මේ උපමාවලින් දැක්වූ එකක්වත් දුෂ්කර වශයෙන් නො සිතයි ද, මම මේවා තරණය කොට පරතෙරට යමි යි මහත් කැමැත්තක් උත්සාහය කරත්. මහත් පරිශ්‍රමයකින් යුක්ත වෙත්. ඔහුගේ ප්‍රාර්ථනාව ම සඵල වේ. සුමේධ තවුසාණෝ මේ අෂ්ට ධර්මයන් සම්පූර්ණ කොට බුදු බව පිණිස ප්‍රාර්ථනා පිහිටුවා කලල මත හොත්හ.

දීපඞ‍්කරොපි භගවා ආගන‍්ත්‍වා සුමෙධතාපසස‍්ස සීසභාගෙ ඨත්‍වා මණිසීහපඤ‍්ජරං උග‍්ඝාටෙන‍්තො විය පඤ‍්චවණ‍්ණප‍්පසාදසම‍්පන‍්නානි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා කලලපිට‍්ඨෙ නිපන‍්නං සුමෙධතාපසං දිස‍්වා “අයං තාපසො බුද‍්ධත‍්තාය අභිනීහාරං කත්‍වා නිපන‍්නො, ඉජ‍්ඣිස‍්සති නු ඛො ඉමස‍්ස පත්‍ථනා, උදාහු නො”ති අනාගතංසඤාණං පෙසෙත්‍වා උපධාරෙන‍්තො “ඉතො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි අතික‍්කමිත්‍වා ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති ඤත්‍වා ඨිතකොව පරිසමජ‍්ඣෙ බ්‍යාකාසි – “පස‍්සථ නො තුම‍්හෙ ඉමං උග‍්ගතපං තාපසං කලලපිට‍්ඨෙ නිපන‍්න”න‍්ති? “එවං, භන‍්තෙ”ති. “අයං බුද‍්ධත‍්තාය අභිනීහාරං කත්‍වා නිපන‍්නො, සමිජ‍්ඣිස‍්සති ඉමස‍්ස පත්‍ථනා, ඉතො කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සති. තස‍්මිං පනස‍්ස අත‍්තභාවෙ කපිලවත්‍ථු නාම නගරං නිවාසො භවිස‍්සති, මායා නාම දෙවී මාතා, සුද‍්ධොදනො නාම රාජා පිතා, අග‍්ගසාවකො උපතිස‍්සො නාම ථෙරො, දුතියසාවකො කොලිතො නාම, බුද‍්ධුපට‍්ඨාකො ආනන්‍දො නාම, අග‍්ගසාවිකා ඛෙමා නාම ථෙරී, දුතියසාවිකා උප‍්පලවණ‍්ණා නාම ථෙරී භවිස‍්සති, පරිපක‍්කඤාණො මහාභිනික‍්ඛමනං කත්‍වා මහාපධානං පදහිත්‍වා නිග්‍රොධමූලෙ පායාසං පටිග‍්ගහෙත්‍වා නෙරඤ‍්ජරාය තීරෙ පරිභුඤ‍්ජිත්‍වා බොධිමණ‍්ඩං ආරුය‍්හ අස‍්සත්‍ථරුක‍්ඛමූලෙ අභිසම‍්බුජ‍්ඣිස‍්සතී”ති. තෙන වුත‍්තං –

දීපංකර බුදු රජාණෝ ද එහි වැඩ තවුසාණන්ගේ හිස ළඟ වැඩසිට මැණික්මය සිහිමැදුරක් විවෘත කරන්නාක් මෙන් පස් පැහැයෙන් පැහැවන් ඇස් යුවල හැර කලල මතුයෙහි වැදහොත් තාපසයන් දැක මේ තවුසා බුදු බව ප්‍රාර්ථනා කොට හොවී. මොහුගේ ප්‍රාර්ථනාව සඵල වේදෝ නො වේදෝ යි අනාගතය දැනගන්නා නුවණින් බලන සේක්, මෙයින් සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය පසු ගෞතම නමින් බුදු වන්නේයැ යි දැන වැඩසිටි පියවරෙහි ම පිරිස් මැද වදාළ සේක. උතුම් තපෝ ගුණයෙන් යුත් කලලයෙහි වැතිරී සිටින මේ තවුසා ඔබ දකින්නහු ද? ස්වාමීනි, එසේ ය. මොහු බුදු බව පතා සිටියි. මොහුගේ ප්‍රාර්ථනාව සඵල වන්නේය. සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මතුයෙහි ගෝතම නමින් බුදු වන්නේය. එම අත්බැව්හි කපිලවත්ථු නම් නගරය නිවාස වන්නේය. මායා දේවිය මව වන්නීය. සුද්ධෝදන මහා රජතුමා පියාය. අගසව් වනුයේ උපතිස්සය. දෙවැනි සව් කෝලිතය. බුද්ධ උපස්ථායක ආනන්දය. අග්‍ර ශ්‍රාවිකාව ඛේමා වන්නීය. දෙවැනි ශ්‍රාවිකාව උප්පලවණ්ණාය. මේ තාපස තෙම නුවණ මුහුකුරා යත් ම මහබිනික්මන කොට ප්‍රධන් වීර්යය කොට නුග රුක් මුල කිරි බත් පිළිගෙන නේරඤ්ජනා ගං තෙරදී වළඳා ඇසතු රුක් මුල බෝමළුවට වැඩ බුද්ධත්වය අවබෝධ කරන්නේය. එහෙයින් කීහ.

“දීපඞ‍්කරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; උස‍්සීසකෙ මං ඨත්‍වාන, ඉදං වචනමබ්‍රවි.

“සියලු ලෝකයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කළ දක්‍ෂිණා පිළිගැනීමට සුදුසු දීපංකර බුදු රජාණෝ මගේ හිස්දොර සිට මේ වචන වදාළහ.

‘පස‍්සථ ඉමං තාපසං, ජටිලං උග‍්ගතාපනං; අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ, බුද‍්ධො ලොකෙ භවිස‍්සති.

ජටා මඬුළු දරණ තපෝ ගුණයෙන් තෙදවත් වූ මේ තවුසා බලව්. ප්‍රමාණ කළ නො හැකි කල්ප ඉක්ම ගිය කල්හි ලෝකයෙහි බුදු බවට පත් වන්නේය.

‘අහු කපිලව‍්හයා රම‍්මා, නික‍්ඛමිත්‍වා තථාගතො; පධානං පදහිත්‍වාන, කත්‍වා දුක‍්කරකාරිකං.

කපිල නම් නුවර මොහුට නිවාස වන්නේය. එයින් නික්මුණු ගෞතම බුදු රජහු ප්‍රධන් වීර්යය කොට දුෂ්කර ක්‍රියා කොට,

‘අජපාලරුක‍්ඛමූලෙ, නිසීදිත්‍වා තථාගතො; තත්‍ථ පායාසං පග‍්ගය‍්හ, නෙරඤ‍්ජරමුපෙහිති.

ඒ බුදු රජහු අජපාල රුක් මුල්හි වැඩහිඳ පිළියෙල කළ උතුම් මඟින් බෝමැඩ වෙත පැමිණෙත්.

‘නෙරඤ‍්ජරාය තීරම‍්හි, පායාසං අද සො ජිනො; පටියත‍්තවරමග‍්ගෙන, බොධිමූලමූපෙහිති.

‘තතො පදක‍්ඛිණං කත්‍වා, බොධිමණ‍්ඩං අනුත‍්තරො; අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි, බුජ‍්ඣිස‍්සති මහායසො.

මහා යසස් ඇති ගෞතම බුදු රජහු ඇසතු ගස මුල පැදකුණු කොට බෝ මැඩ දී බුදු වන්නේය.

‘ඉමස‍්ස ජනිකා මාතා, මායා නාම භවිස‍්සති; පිතා සුද‍්ධොදනො නාම, අයං හෙස‍්සති ගොතමො.

මොහුගේ ජනිත (වැදූ) මව මායා නම් වන්නීය. පියා සුද්ධෝදන නමි. මේ තෙම ගෝතම නම් වන්නේය.

‘අනාසවා වීතරාගා, සන‍්තචිත‍්තා සමාහිතා; කොලිතො උපතිස‍්සො ච, අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා; ආනන්‍දො නාමුපට‍්ඨාකො, උපට‍්ඨිස‍්සති තං ජිනං.

ආශ්‍රව ධර්ම දුරු කළ, රාගය දුරු කළ, එකඟ සන්සුන් සිත ඇති උපතිස්ස, කෝලිත දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයා බුදු රජුන්ට උවටැන් කරන්නේය.

‘ඛෙමා උප‍්පලවණ‍්ණා ච, අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා; අනාසවා වීතරාගා, සන‍්තචිත‍්තා සමාහිතා; බොධි තස‍්ස භගවතො, අස‍්සත්‍ථොති පවුච‍්චතී’”ති.

ඛේමා, උප්පලවණ්ණා දෙදෙනා අග්‍ර ශ්‍රාවිකාවෝ වන්නාහ. ඒ බුදු රජුන්ගේ බෝධි වෘක්‍ෂය ඇසතුයැ යි කියනු ලැබේ.”

සුමෙධතාපසො “මය‍්හං කිර පත්‍ථනා සමිජ‍්ඣිස‍්සතී”ති සොමනස‍්සප‍්පත‍්තො අහොසි. මහාජනො දීපඞ‍්කරදසබලස‍්ස වචනං සුත්‍වා “සුමෙධතාපසො කිර බුද‍්ධබීජං බුද‍්ධඞ‍්කුරො”ති හට‍්ඨතුට‍්ඨො අහොසි. එවඤ‍්චස‍්ස අහොසි “යථා නාම පුරිසො නදිං තරන‍්තො උජුකෙන තිත්‍ථෙන උත‍්තරිතුං අසක‍්කොන‍්තො හෙට‍්ඨාතිත්‍ථෙන උත‍්තරති, එවමෙව මයම‍්පි දීපඞ‍්කරදසබලස‍්ස සාසනෙ මග‍්ගඵලං අලභමානා අනාගතෙ යදා ත්‍වං බුද‍්ධො භවිස‍්සසි, තදා තව සම‍්මුඛා මග‍්ගඵලං සච‍්ඡිකාතුං සමත්‍ථා භවෙය්‍යාමා”ති පත්‍ථනං ඨපයිංසු. දීපඞ‍්කරදසබලොපි බොධිසත‍්තං පසංසිත්‍වා අට‍්ඨහි පුප‍්ඵමුට‍්ඨීහි පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි, තෙපි චතුසතසහස‍්සසඞ‍්ඛා ඛීණාසවා බොධිසත‍්තං ගන්‍ධෙහි ච මාලෙහි ච පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු. දෙවමනුස‍්සා පන තථෙව පූජෙත්‍වා වන්‍දිත්‍වා පක‍්කන‍්තා.

සුමේධ තවුස් තෙම, උසස් ප්‍රාර්ථනාව සමෘද්ධි වන්නේයැ යි මහත් සොම්නසට පැමිණියේය. මහා ජනයා දීපංකර බුදු රජුන්ගේ විවරණය අසා සුමේධ තවුසාත් බුදු බිජුවටක් - බුදු පැළයක් වෙතැ යි සතුටු විය. ඔවුන්ට මෙසේ ද සිතිනි. යම් සේ පුරුෂයකු ගඟක් තරණය කරන විට ළඟ ම පිහිටි තොටින් එතැරවන්නට නො හැකි වූ විට පහළ පිහිටි තොටින් එතර වේ ද, එමෙන් අපි ද දීපංකර බුදු රජුන්ගේ සසුනෙහි මඟඵල නො ලබන්නෝ නම් අනාගතයෙහි යම් දවසක ඔබ බුදු වන්නහු ද, එදවස ඔබගේ හමුවෙහි මඟඵල ලබන්න සමත් වෙමු යි ප්‍රාර්ථනා කළහ. දීපංකර බුදු රජහු ද බෝසතුන්ට ප්‍රශංසා කොට මල් අට මිටකින් පූජා කොට පැදකුණු කොට වැඩියහ. ඒ සිව් සුවහසක් රහත්හු ද ගඳ මල් ආදියෙන් පූජා කොට පැදකුණු කොට වැඩියහ. දෙව් මිනිස්සු ද පූජා කොට වැඳ ගියහ.

බොධිසත‍්තො සබ‍්බෙසං පටික‍්කන‍්තකාලෙ සයනා වුට‍්ඨාය “පාරමියො විචිනිස‍්සාමී”ති පුප‍්ඵරාසිමත්‍ථකෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. එවං නිසින‍්නෙ බොධිසත‍්තෙ සකලදසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිත්‍වා සාධුකාරං දත්‍වා “අය්‍ය සුමෙධතාපස, පොරාණකබොධිසත‍්තානං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා ‘පාරමියො විචිනිස‍්සාමා’ති නිසින‍්නකාලෙ යානි පුබ‍්බනිමිත‍්තානි නාම පඤ‍්ඤායන‍්ති, තානි සබ‍්බානිපි අජ‍්ජ පාතුභූතානි, නිස‍්සංසයෙන ත්‍වං බුද‍්ධො භවිස‍්සසි , මයම‍්පෙතං ජානාම ‘යස‍්සෙතානි නිමිත‍්තානි පඤ‍්ඤායන‍්ති, එකන‍්තෙන සො බුද‍්ධො හොති’, ත්‍වං අත‍්තනො වීරියං දළ‍්හං කත්‍වා පග‍්ගණ‍්හා”ති බොධිසත‍්තං නානප‍්පකාරාහි ථුතීහි අභිත්‍ථුනිංසු. තෙන වුත‍්තං –

බෝධි සත්ත්වයෝ සියල්ලෝ ම නික්ම ගිය කල්හි සයනයෙන් නැඟිට පාරමී ධර්ම සම්මර්ශනය සඳහා මල්රැස මතුයෙහි පර්යංකයෙන් වැඩසිටියහ. එකල්හි දසදහසක් සක්වල දෙවියෝ සාධු නාද පවත්වමින් උතුමාණන් - සුමේධ තාපසතුමන් පෙර බෝසත්වරු පාරමී ධර්ම විමර්ශනය සඳහා පර්යංකයෙන් වැඩසිටි කල්හි යම් පූර්ව නිමිති පහළ වී ද අදත් ඒ සියල්ල පහළ විය. නිසැකයෙන් ම ඔබ බුදු වන්නාහ. යමකු සඳහා මේ පෙර නිමිති පහළ වී ද එතුමාණන් ඒකාන්තයෙන් බුදු වන බව අපි දනිමු. ඔබ වීර්යය දැඩි කරනු මැනවි යි, බෝසතුන්ට නන් අයුරින් ස්තුති කෘතඥතා කළහ. එහෙයින් කියන ලදි.

“ඉදං සුත්‍වාන වචනං, අසමස‍්ස මහෙසිනො; ආමොදිතා නරමරූ, බුද‍්ධබීජං කිර අයං.

“දසදහසක් සක්වල දෙව්මිනිස්සු අසම වූ දීපංකර බුදු රජුන්ගේ මේ විවරණය අසා මේ බුද්ධාංකුරයකැ යි සතුටු වූවාහු,

‘උක‍්කුට‍්ඨිසද‍්දා වත‍්තන‍්ති, අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච; කතඤ‍්ජලී නමස‍්සන‍්ති, දසසහස‍්සී සදෙවකා.

මහා ශබ්ද පවත්වත්. අත්පොළසන් නාද පවත්වත්. ප්‍රීති නාද පවත්වත්. බඳැදිළි ව නමස්කාර කරත්.

‘යදිමස‍්ස ලොකනාථස‍්ස, විරජ‍්ඣිස‍්සාම සාසනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

මේ දීපංකර බුදු රජුන්ගේ ශාසනය වැරදුනේ නම් අනාගත කාලයෙහි මේ උතුමාණන් හමුවෙමු.

‘යථා මනුස‍්සා නදිං තරන‍්තා, පටිභිත්‍ථං විරජ‍්ඣිය; හෙට‍්ඨාතිත්‍ථෙ ගහෙත්‍වාන, උත‍්තරන‍්ති මහානදිං.

යම් සේ මිනිස්සු ගඟින් එතැර වන්නාහු, ඉදිරි තොට වැරදුනේ නම් යට තොටින් ගඟ එතැර වෙත්.

‘එවමෙව මයං සබ‍්බෙ, යදි මුඤ‍්චාමිමං ජිනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉමං’.

එමෙන් අපි සියල්ලෝ ම මේ බුදු රජුන් මිදුණේ නම් අනාගත කාලයෙහි මෙතුමාණන් හමුවෙමු.

‘දීපඞ‍්කරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මම කම‍්මං පකිත‍්තෙත්‍වා, දක‍්ඛිණං පාදමුද‍්ධරි.

ලෝකය දත්, දක්‍ෂිණ පිළිගැනීමට සුදුසු දීපංකර බුදු රජාණෝ මගේ ප්‍රනිධිය විවරණය කොට දකුණු පාදය එසවූහ (වැඩියහ).

‘යෙ තත්‍ථාසුං ජිනපුත‍්තා, සබ‍්බෙ පදක‍්ඛිණමකංසු මං; නරා නාගා ච ගන්‍ධබ‍්බා, අභිවාදෙත්‍වාන පක‍්කමුං.

එහි සිටි බුදු පුත් මහා රහත්හු ද මා පැදකුණු කොට වැඩියහ. මිනිස්සු, නාග, ගන්ධර්වයෝ ද මට වැඳ ගියහ.

‘දස‍්සනං මෙ අතික‍්කන‍්තෙ, සසඞ‍්ඝෙ ලොකනායකෙ; හට‍්ඨතුට‍්ඨෙන චිත‍්තෙන, ආසනා වුට‍්ඨහිං තදා.

සඟුන් සමග බුදු රජහු ද මගේ දර්ශනයෙන් ඉක්ම ගිය කල්හි සතුටු සිත් ඇති ව අසුනෙන් නැඟී සිටියෙමි.

‘සුඛෙන සුඛිතො හොමි, පාමොජ‍්ජෙන පමොදිතො; පීතියා ච අභිස‍්සන‍්නො, පල‍්ලඞ‍්කං ආභුජිං තදා.

මම සැපෙන් සැප ඇත්තෙක් වීමි. ප්‍රීතියෙන් ප්‍රීති වූවෙක් වීමි. එවේලෙහි ප්‍රීතියෙන් පිනාගියේ, පළඟ බැන්දේ, මෙසේ ද සිතීමි. මම ධ්‍යාන සමාපත්ති විෂයයෙහි ප්‍රගුණයෙක් වෙමි. ෂඩ් අභිඥා ඥාන විෂයයෙහි පරතෙරට ගියේ වෙමි.

‘පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා, එවං චින‍්තෙසහං තදා; ‘වසීභූතො අහං ඣානෙ, අභිඤ‍්ඤාසු පාරමිං ගතො.

‘සහස‍්සියම‍්හි ලොකම‍්හි, ඉසයො නත්‍ථි මෙ සමා; අසමො ඉද‍්ධිධම‍්මෙසු, අලභිං ඊදිසං සුඛං’.

දසදහසක් ලෝක ධාතුවෙහි මා සමාන බුදු සසුනෙන් බැහර තවුසකු නැත. සෘද්ධි බලයෙන් අසම වෙමි. මේ නිසා මෙවැනි සැපයක් ලැබීමි.

‘පල‍්ලඞ‍්කාභුජනෙ මය‍්හං, දසසහස‍්සාධිවාසිනො; මහානාදං පවත‍්තෙසුං, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

බද්ධ පර්යංකයෙන් හිඳිත් ම දසදහසක් සක්වල වාසීහු ඒකාන්තයෙන් බුදු වන්නේ යි, ප්‍රීති නාද පැවැත්වූහ.

‘යා පුබ‍්බෙ බොධිසත‍්තානං, පල‍්ලඞ‍්කවරමාභුජෙ; නිමිත‍්තානි පදිස‍්සන‍්ති, තානි අජ‍්ජ පදිස‍්සරෙ.

පෙර බෝසත්වරුන් පරියංකයෙන් වැඩ සිටිත් ම යම් පෙර නිමිති පහළ වී ද, අද ද ඒ නිමිති දක්නා ලැබේ.

‘සීතං බ්‍යපගතං හොති, උණ‍්හඤ‍්ච උපසම‍්මති; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

අධි ශීත, අධි උෂ්ණ සම වේ. පෙර බෝසතුන් පළක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ දෑ අද ද දක්නට ලැබේ. එම නිසා මම ඒකාන්තයෙන් බුදු බවට පත් වන්නහුය.

‘දසසහස‍්සී ලොකධාතූ, නිස‍්සද‍්දා හොන‍්ති නිරාකුලා; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

දසදහසක් සක්වල නිශ්ශබ්ද හා ප්‍රභාමත් වේ. -පෙ-

‘මහාවාතා න වායන‍්ති, න සන්‍දන‍්ති සවන‍්තියො; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සුළං කුණාටු ඇති නො වේ. සංගාවෝ ගලා නො යත්. -පෙ-

‘ථලජා දකජා පුප‍්ඵා, සබ‍්බෙ පුප‍්ඵන‍්ති තාවදෙ; තෙපජ‍්ජ පුප‍්ඵිතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එකෙණෙහි සියලු ගොඩ දිය පිපෙන මල් පිපේ. -පෙ-

‘ලතා වා යදි වා රුක‍්ඛා, ඵලභාරා හොන‍්ති තාවදෙ; තෙපජ‍්ජ ඵලිතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

තුරු ලිය ඵලබර වේ. -පෙ-

‘ආකාසට‍්ඨා ච භූමට‍්ඨා, රතනා ජොතන‍්ති තාවදෙ; තෙපජ‍්ජ රතනා ජොතන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ආකාශගත වූ ද පොළොවෙහි වූ ද සියලු රුවන් දිලිසේ. -පෙ-

‘මානුසකා ච දිබ‍්බා ච, තුරියා වජ‍්ජන‍්ති තාවදෙ; තෙපජ‍්ජුභො අභිරවන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මිනිස් හා දිව්‍යය තූර්ය භාණ්ඩ වාදනය වේ. -පෙ-

‘විචිත‍්තපුප‍්ඵා ගගනා, අභිවස‍්සන‍්ති තාවදෙ; තෙපි අජ‍්ජ පවස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

නා නා වර්ණ මල් වරුසා අහසින් වසී. -පෙ-

‘මහාසමුද‍්දො ආභුජති, දසසහස‍්සී පකම‍්පති; තෙපජ‍්ජුභො අභිරවන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මහා මුහුදු රළ සංසිඳේ. දසදහසක් සක්වල කම්පා වේ. -පෙ-

‘නිරයෙපි දසසහස‍්සෙ, අග‍්ගී නිබ‍්බන‍්ති තාවදෙ; තෙපජ‍්ජ නිබ‍්බුතා අග‍්ගී, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එහි නිරයවල ගිනි නිවේ. -පෙ-

‘විමලො හොති සූරියො, සබ‍්බා දිස‍්සන‍්ති තාරකා; තෙපි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

හිරු වඩාත් බබලයි. සියලු තාරකාවෝ පෙනෙත්. -පෙ-

‘අනොවට‍්ඨෙන උදකං, මහියා උබ‍්භිජ‍්ජි තාවදෙ; තම‍්පජ‍්ජුබ‍්භිජ‍්ජතෙ මහියා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

වැසි නො වැස ම පොළොවෙන් ජල දහර උඩට නඟී. -පෙ-

‘තාරාගණා විරොචන‍්ති, නක‍්ඛත‍්තා ගගනමණ‍්ඩලෙ; විසාඛා චන්‍දිමායුත‍්තා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

තරු සමූහය සහ නැකැත් තරු අහසෙහි බබලයි. සඳ විසාවේ නැකැත් හා යෙදේ. -පෙ-

‘බිලාසයා දරීසයා, නික‍්ඛමන‍්ති සකාසයා; තෙපජ‍්ජ ආසයා ඡුද‍්ධා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

බිමේ සිදුරුවල හා ගුහාවල වාසය කරන සත්ත්වයෝ එකපැහැර නික්මෙති. -පෙ-

‘න හොති අරති සත‍්තානං, සන‍්තුට‍්ඨා හොන‍්ති තාවදෙ; තෙපජ‍්ජ සබ‍්බෙ සන‍්තුට‍්ඨා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සියලු සත්ත්වයන්ගේ උකටලි බව නැති වී සතුටු වූවන් වේ. -පෙ-

‘රොගා තදූපසම‍්මන‍්ති, ජිඝච‍්ඡා ච විනස‍්සති; තානිපජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සත්ත්වයන්ගේ රෝග හා සාගිනි දුරු වේ. -පෙ-

‘රාගො තදා තනු හොති, දොසො මොහො විනස‍්සති; තෙපජ‍්ජ විගතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

[missing trans]

‘භයං තදා න භවති, අජ‍්ජපෙතං පදිස‍්සති; තෙන ලිඞ‍්ගෙන ජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

බය නැති වේ. -පෙ-

‘රජො නුද‍්ධංසති උද‍්ධං, අජ‍්ජපෙතං පදිස‍්සති; තෙන ලිඞ‍්ගෙන ජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

දුහුවිලි ඉහළට නො නැඟේ. -පෙ-

‘අනිට‍්ඨගන්‍ධො පක‍්කමති, දිට‍්ඨගන්‍ධො පවායති; සොපජ‍්ජ වායති ගන්‍ධො, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

අමිහිරි දුගඳ නැති වී සුවඳ හමා එයි. -පෙ-

‘සබ‍්බෙ දෙවා පදිස‍්සන‍්ති, ඨපයිත්‍වා අරූපිනො; තෙපජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එකෙණෙහි අරූපි බඹුන් හැර සියලු දෙවියෝ පෙනෙත්. -පෙ-

‘යාවතා නිරයා නාම, සබ‍්බෙ දිස‍්සන‍්ති තාවදෙ; තෙපජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සියලු නිරය, මිනිසුන්ට පෙනේ. -පෙ-

‘කුට‍්ටා කවාටා සෙලා ච, න හොන‍්තාවරණා තදා; ආකාසභූතා තෙපජ‍්ජ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

බිත්ති, ජනෙල්, පර්වත අනාවර්ණ වී අහස මෙන් විය .-පෙ-

‘චුතී ච උපපත‍්ති ච, ඛණෙ තස‍්මිං න විජ‍්ජති; තානිපජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එක්‍ෂණයෙහි සත්ත්වයන්ගේ චූති, ප්‍රතිසන්ධි නො වේ. පෙර බෝසතුන් පළක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ මෙකී සියලු දෑ අද ද දක්නට ලැබේ. එම නිසා මම ඒකාන්තයෙන් බුදු බවට පත් වන්නහුය.

‘දළ‍්හං පග‍්ගණ‍්හ වීරියං, මා නිවත‍්ත අභික‍්කම; මයම‍්පෙතං විජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසී’”ති.

වීර්යය දැඩි කරන්න. නො නැවතී ඉදිරියට ම යන්න. අපි මේ සරණ දකිමු. ඔබ ඒකාන්තයෙන් බුදු වන්නහුය.”

බොධිසත‍්තො දීපඞ‍්කරදසබලස‍්ස ච දසසහස‍්සචක‍්කවාළදෙවතානඤ‍්ච වචනං සුත්‍වා භිය්‍යොසො මත‍්තාය සඤ‍්ජාතුස‍්සාහො හුත්‍වා චින‍්තෙසි “බුද‍්ධා නාම අමොඝවචනා, නත්‍ථි බුද‍්ධානං කථාය අඤ‍්ඤථත‍්තං. යථා හි ආකාසෙ ඛිත‍්තලෙඩ‍්ඩුස‍්ස පතනං ධුවං, ජාතස‍්ස මරණං ධුවං, අරුණෙ උග‍්ගතෙ සූරියස‍්සුට‍්ඨානං, ආසයා නික‍්ඛන‍්තසීහස‍්ස සීහනාදනදනං, ගරුගබ‍්භාය ඉත්‍ථියා භාරමොරොපනං අවස‍්සංභාවී, එවමෙව බුද‍්ධානං වචනං නාම ධුවං අමොඝං, අද‍්ධා අහං බුද‍්ධො භවිස‍්සාමී”ති. තෙන වුත‍්තං –

බෝසත්හු දීපංකර බුදු රජුන්ගේ සහ දස දහසක් සක්වල දෙවියන්ගේ ද වචන අසා වඩාත් උත්සාහවත් වූවාහු, මෙසේ සිතූහ. බුදුවරයා නම් නො සිස් කථා ඇත්තාහුය. වෙනස් නො වන්නේය. යම් සේ අහසට විදි ගලක් බිම වැටීම වේ ද, උපන්නාගේ මරණය යම් සේ නියත වේ ද, අරුණාලෝකයට අනතුරු ව සූර්යෝදාව මෙන් ද ගුහාවෙන් නික්මුණු සිංහයා නාද කිරීම මෙන් ද ගැබ්බර ස්ත්‍රිය එම බරින් නිදහස් වීම මෙන් ද බුදුවරුන්ගේ වචනය නො සිස්ය. ඒකාන්තය. මම ද නියතයෙන් බුදු වන්නෙමි. එහෙයින් කියන ලදි.

“බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, දසසහස‍්සීන චූභයං; තුට‍්ඨහට‍්ඨො පමොදිතො, එවං චින‍්තෙසහං තදා.

“බුදු රජුන්ගේ ද දසදහස් සක්වල දෙවියන්ගේ ද යන දෙපාර්ශ්වයේ ම වචන ඇසූ මම ප්‍රීතියෙන් පිනා ගියේ, මෙසේ සිතීමි.

“අද‍්වෙජ‍්ඣවචනා බුද‍්ධා, අමොඝවචනා ජිනා; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

බුදුවරයෝ සත්‍යය අසත්‍යය වශයෙන් දෙයාකාර වදන් ඇත්තාහු නො වෙති. මුනිවරයෝ හිස් වචන ඇත්තාහු නො වෙති. බුදුවරයන්ගේ බොරුවක් නැත. නිසැකයෙන් මම බුදු වන්නෙමි.

“යථා ඛිත‍්තං නභෙ ලෙඩ‍්ඩු, ධුවං පතති භූමියං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං.

යම් සේ අහසට විසි කළ ගල් කැටය නිසැක ව බිම වැටේ ද, එමෙන් බුදුවරුන්ගේ වචනය ඒකාන්ත සත්‍යයයි.

“යථාපි සබ‍්බසත‍්තානං, මරණං ධුවසස‍්සතං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං.

එසේ ම සියලු සත්ත්වයන්ට මරණය නියතය. එමෙන් බුදුවරුන්ගේ වචනය ඒකාන්ත සත්‍යයයි.

“යථා රත‍්තික‍්ඛයෙ පත‍්තෙ, සූරියුග‍්ගමනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං.

රාත්‍රිය පහව ගිය කල ඉරු උදාවීම නියතමැ යි. එමෙන් බුදුවරුන්ගේ වචනය ඒකාන්ත සත්‍යයයි.

“යථා නික‍්ඛන‍්තසයනස‍්ස, සීහස‍්ස නදනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං.

ගුහාවෙන් නික්මුණු සිංහයා නාද කිරීම අනිවාර්යය. එමෙන් බුදුවරුන්ගේ වචනය ඒකාන්ත සත්‍යයයි.

“යථා ආපන‍්නසත‍්තානං, භාරමොරොපනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සත”න‍්ති.

ගර්භනීන් දරු බර බහා තැබීම සිදුවිය යුතු මය. එමෙන් බුදුවරුන්ගේ වචනය ඒකාන්ත සත්‍යයයි.”

සො “ධුවාහං බුද‍්ධො භවිස‍්සාමී”ති එවං කතසන‍්නිට‍්ඨානො බුද‍්ධකාරකෙ ධම‍්මෙ උපධාරෙතුං “කහං නු ඛො බුද‍්ධකාරකධම‍්මා, කිං උද‍්ධං, උදාහු අධො, දිසාසු, විදිසාසූ”ති අනුක‍්කමෙන සකලං ධම‍්මධාතුං විචිනන‍්තො පොරාණකබොධිසත‍්තෙහි ආසෙවිතනිසෙවිතං පඨමං දානපාරමිං දිස‍්වා එවං අත‍්තානං ඔවදි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය පඨමං දානපාරමිං පූරෙය්‍යාසි. යථා හි නික‍්කුජ‍්ජිතො උදකකුම‍්භො නිස‍්සෙසං කත්‍වා උදකං වමතියෙව, න පච‍්චාහරති, එවමෙව ධනං වා යසං වා පුත‍්තං වා දාරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං වා අනොලොකෙත්‍වා සම‍්පත‍්තයාචකානං සබ‍්බං ඉච‍්ඡිතිච‍්ඡිතං නිස‍්සෙසං කත්‍වා දදමානො බොධිරුක‍්ඛමූලෙ නිසීදිත්‍වා බුද‍්ධො භවිස‍්සසී”ති පඨමං දානපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

සුමේධ තවුසාණන් මෙසේ නන් අයුරින් විමසා බලා මම ඒකාන්තයෙන් බුදු වෙමි යි ස්ථිර අධිෂ්ඨානයක් කොට බුද්ධ කාරක ධර්ම - පාරමී ධර්ම විමසීමට උඩ යට දශ දිසාවන් සහ භවත්‍රයට අයත් සියලු ධර්මයන් විමසන්නේ, පෙර බෝසත්වරුන් විසින් පුරුදු පුහුණු කළ පළමු වැනි දාන පාරමිතාව දැක මෙසේ තමාට ම අවවාද දුනි. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් පටන් පළමු වැනි දාන පාරමිතාව පිරිය යුතුයි. යම් සේ යටිකුරු කළ දිය පිරවූ කළයක් ඉතිරි නො කොට පිටකරයි. පිටකළ ජලය නැවත ඇතුළට නො ගනී. එමෙන් ධනය, කීර්තිය, අඹුදරුවන්, අඟපසඟ ආශා නැති ව පැමිණි යාචකයන්ට කැමැති කැමැති දේ ඉතිරි නො කොට දෙන්නේ, බෝරුක් මුල හිඳ බුද්ධත්වය ලබන්නෙහිය. පළමු වැනි දාන පාරමිතාව දැඩි කොට ඉටාගත්හ. එහෙයින් කියන ලදි.

“හන්‍ද බුද‍්ධකරෙ ධම‍්මෙ, විචිනාමි ඉතො චිතො; උද‍්ධං අධො දස දිසා, යාවතා ධම‍්මධාතුයා.

“බුද්ධකාරක ධර්මයන්හි කොහි ඇත්දැ යි ඔබිමොබ උඩයට දශ දිසා පමණක් නොව කාමරූප, අරූප, භවාත්‍රයට අයත් සියලු ධර්මයන් ඒකාන්තයෙන් විමසා බලමි.

“විචිනන‍්තො තදාදක‍්ඛිං, පඨමං දානපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, අනුචිණ‍්ණං මහාපථං.

එදා එසේ සොයන විට පෙර බුදුවරුන් විසින් පුරුදු කරන ලද බෝධියට මහා මඟක් වූ පළමු වැනි දාන පාරමිතාව දුටිමි.

“ඉමං ත්‍වං පඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; දානපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

සුමේධ පණ්ඩිතය, ඔබ සතර බෝධියට පැමිණෙන්න කැමැත්තෙහි නම් මේ පළමු වැනි දාන පාරමිතාව දැඩි කොට සමාදන් ව ඒ පුරුදු කරව.

“යථාපි කුම‍්භො සම‍්පුණ‍්ණො, යස‍්ස කස‍්සචි අධොකතො; වමතෙවුදකං නිස‍්සෙසං, න තත්‍ථ පරිරක‍්ඛති.

යම් සේ යම් කිසිවකු විසින් යටිකුරු කරන ලද පිරුණු දිය කළයක් ඉතිරි නො කොට ජලය බැහැර කරයි. කිසිවක් ඉතිරි කැර නො ගනී.

“තථෙව යාචකෙ දිස‍්වා, හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ; දදාහි දානං නිස‍්සෙසං, කුම‍්භො විය අධොකතො”ති.

එසේ ම හීන, මැදුම්, උසස් යන යාචකයන් හමු වූ විට යටිකුරු කළ දිය කළයක් මෙන් ඉතිරි නො කොට දන් දෙව.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො දුතියං සීලපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය සීලපාරමිම‍්පි පූරෙය්‍යාසි. යථා හි චමරීමිගො නාම ජීවිතම‍්පි අනොලොකෙත්‍වා අත‍්තනො වාලමෙව රක‍්ඛති, එවං ත්‍වම‍්පි ඉතො පට‍්ඨාය ජීවිතම‍්පි අනොලොකෙත්‍වා සීලමෙව රක‍්ඛන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති දුතියං සීලපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

නැවතත් සුමේධ තවුසාණෝ සිතන්නාහු බුද්ධකාරක ධර්ම පමණක් නො විය යුතුය. තවත් මතුවට සිතන්නාහු, දෙවැනි ශීල පාරමිතාව දැක සිතූහ. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් සිට ශීල පාරමිතාව ද පිරිය යුතුය. යම් සේ චමරි මුවා ජීවිතය ද නො බලා තමාගේ වලිගය ම රකී. එ සේ ඔබ ද ජීවිතය නො බලා ශීලය රකින්නේ නම් බුදු වන්නෙහියැ යි ශීල පාරමිතාව රැකීමට දැඩි කොට ඉටා ගත්හ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම මෙපමණක් ම නො වේ. බෝධි ඥානය මුහුකුරා වන තවත් ධර්ම ඇත්දැ යි විමසීමි.

“විචිනන‍්තො තදාදක‍්ඛිං, දුතියං සීලපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

මෙසේ විමසන විට පෙර බුදුවරුන් විසින් පුරණ ලද දෙවැනි ශීල පාරමිතාව දුටුවෙමි.

“ඉමං ත්‍වං දුතියං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; සීලපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

සුමේධ පණ්ඩිතය, ඔබ සම්බෝධිය අවබෝධ කරනු කැමැති නම් මේ ශීල පාරමිතාව දැඩි ව සමාදන් ව එම ශීල පාරමිතාව අනුගමනය කරව.

“යථාපි චමරී වාලං, කිස‍්මිඤ‍්චි පටිලග‍්ගිතං; උපෙති මරණං තත්‍ථ, න විකොපෙති වාලධිං.

මෙසේ සෙමර මුව දෙන සිය වාලධිය යම් කිසිවක පැටලුණු විට එතැන ම මැරෙන්නේය. වලිගයට හානි කැර නො ගන්නීය.

“තථෙව චතූසු , භූමීසු, සීලානි පරිපූරය; පරිරක‍්ඛ සබ‍්බදා සීලං, චමරී විය වාලධි”න‍්ති.

ඒ අයුරින් සිව් භූමිය හෙවත් ප්‍රාතිමෝක්‍ෂ සංවර ආදී සිව් සිල් සෙමර මුව දෙන වලිගය රකින්නාක් මෙන් ආරක්‍ෂා කරන්න.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො තතියං නෙක‍්ඛම‍්මපාරමිං දිස‍්වා එතදහොසි “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය නෙක‍්ඛම‍්මපාරමිම‍්පි පූරෙය්‍යාසි. යථා හි චිරං බන්‍ධනාගාරෙ වසමානො පුරිසො න තත්‍ථ සිනෙහං කරොති, අථ ඛො උක‍්කණ‍්ඨිතොයෙව අවසිතුකාමො හොති, එවමෙව ත්‍වම‍්පි සබ‍්බභවෙ බන්‍ධනාගාරසදිසෙ කත්‍වා සබ‍්බභවෙහි උක‍්කණ‍්ඨිතො මුච‍්චිතුකාමො හුත්‍වා නෙක‍්ඛම‍්මාභිමුඛොව හොහි, එවං බුද‍්ධො භවිස‍්සසී”ති තතියං නෙක‍්ඛම‍්මපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති, සුමේධ තවුසාණෝ බුද්ධකාරක ධර්ම මෙපමණක් ම නො විය යුතුයැ යි තවත් සොයනුයේ, තෙවැනි නෙක්ඛම්ම පාරමිතාව ද සම්පූර්ණ කරව. යම් සේ බොහෝ කලක් සිට ගෙයක වසන පුරුෂයා එහි ඇලීමක් නො කරයි. උකටලී බව හා නො වසනු කැමැත්ත ම වෙයි. එමෙන් ඔබ ද සියලු කාමලෝකාදී භව හිර ගෙදරක් කොට සලකා සියලු භවයන්ට කලකිරී එයින් මිදෙනු කැමැත්තේ වී නෙක්ඛම්මාභිමුඛ වනු. එවිට ඔබ බුදුවන්නෙහියැ යි තෙවැනි නෙක්ඛම්මාභිමුඛ දැඩි කොට ඉඩ ගත්හ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“සංබෝධි චින්තය වර්ධනය කැරවන තවත් බුද්ධකාරක ධර්ම විමසූ මම,

“විචිනන‍්තො තදාදක‍්ඛිං, තතියං නෙක‍්ඛම‍්මපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

තෙවැනි නෙක්ඛම්ම පාරමිතාව හෙවත් භාවනාව අත්හැරීම දුටුවෙමි.

“ඉමං ත්‍වං තතියං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; නෙක‍්ඛම‍්මපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

[missing trans]

“යථා අන්‍දුඝරෙ පුරිසො, චිරවුත්‍ථො දුඛට‍්ටිතො; න තත්‍ථ රාගං ජනෙති, මුත‍්තිමෙව ගවෙසති.

යම් සේ හිර ගෙයක දුකින් විසූ පුරුෂයකු එයට ආශා නො කරයි ද එයින් මිදී යාමට මඟක් සොයයි ද,

“තථෙව ත්‍වං සබ‍්බභවෙ, පස‍්ස අන්‍දුඝරෙ විය; නෙක‍්ඛම‍්මාභිමුඛො හොහි, භවතො පරිමුත‍්තියා”ති.

එසේ ම සියලු භවයන් සිර ගෙවල් මෙන් සලකා භවයෙන් එතැර වීමට නෙක්ඛම්ම පාරමිය සම්පූර්ණය කරව.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය පඤ‍්ඤාපාරමිම‍්පි පූරෙය්‍යාසි. හීනමජ‍්ඣිමුක‍්කට‍්ඨෙසු කඤ‍්චි අවජ‍්ජෙත්‍වා සබ‍්බෙපි පණ‍්ඩිතෙ උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡෙය්‍යාසි. යථා හි පිණ‍්ඩචාරිකො භික‍්ඛු හීනාදිකෙසු කුලෙසු කිඤ‍්චි අවජ‍්ජෙත්‍වා පටිපාටියා පිණ‍්ඩාය චරන‍්තො ඛිප‍්පං යාපනං ලභති, එවං ත්‍වම‍්පි සබ‍්බපණ‍්ඩිතෙ උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

බුද්ධකාරක ධර්ම තවත් තිබිය යුතුයැ යි සිතූ සුමේධ තවුසාණෝ සිව් වැනි පඤ්ඤා පාරමිතාව දැක සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් සිට පඤ්ඤා පාරමිතාව ද පිරිය යුතුය. අවම, මැදුම්, උතුම් යන සියලු නුවණැත්තන් වෙත ගොස් ප්‍රශ්න කිරීමෙන් දැනීම ලබාගත යුතුය. යම් සේ පිණ්ඩධාරී භික්‍ෂුවක් අවම, මධ්‍යම ආදී වශයෙන් බෙදුණු කිසි කුලයක් අත් නො හැර පිඬු පිණිස හැසිරෙන්නේ, තම යැපීම සඳහා ආහාර ලබා ගනී. එමෙන් ඔබට ද සියලු නැණවතුන් කරා එළැඹ ප්‍රශ්න විචාරීමෙන් බුද්ධත්වය ලබාගත හැකි වේ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“තවදුරටත් බුද්ධකාරක ධර්මයන් විමසන සුමේධ තවුසාණෝ පෙර බුදුවරුන් විසින් පුරුදු පුහුණු කළ සිවු වැනි පඤ්ඤා පාරමිතාව දුටහ.

“විචිනන‍්තො තදාදක‍්ඛිං, චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“ඉමං ත්‍වං චතුත්‍ථං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; පඤ‍්ඤාපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

“යථාපි භික‍්ඛු භික‍්ඛන‍්තො, හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ; කුලානි න විවජ‍්ජෙන‍්තො, එවං ලභති යාපනං.

යම් සේ පිඬු පිණිස වඩන භික්‍ෂුව හීන, මධ්‍යම, උත්තමයැ යි සම්මත හැම කුලයක් ම අත් නො හැර තම ආහාරය ලබා ගන්නාක් මෙන්,

“තථෙව ත්‍වං සබ‍්බකාලං, පරිපුච‍්ඡන‍්තො බුධං ජනං; පඤ‍්ඤාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

සුමේධ පණ්ඩිතය, ඔබ ද හැමකල්හි ම නැණවතුන් ඇසුරු කරමින් පඤ්ඤා පාරමිතාව පුරන්නේ නම් සම්බෝධිය ලබන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො පඤ‍්චමං වීරියපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය වීරියපාරමිම‍්පි පූරෙය්‍යාසි. යථා හි සීහො මිගරාජා සබ‍්බඉරියාපථෙසු දළ‍්හවීරියො හොති, එවං ත්‍වම‍්පි සබ‍්බභවෙසු සබ‍්බඉරියාපථෙසු දළ‍්හවීරියො අනොලීනවීරියො සමානො බුද‍්ධො භවිස‍්සසී”ති පඤ‍්චමං වීරියපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

බුද්ධකාරක ධර්ම මෙතෙක් පමණක් නො වේ. තවදුරටත් විමසන සුමේධ තාපසයෝ පස් වැනි විරිය පාරමිතාව දුටහ. පණ්ඩිතය, ඔබ මෙතැන් සිට විරිය පාරමිතාව ද පිරිය යුතුය. යම් සේ සිවුපා සතුන්ගේ රජ වූ සිංහයා සියලු ඉරියව්වල දී දැඩි වීර්යය ඇත්තකු වේ ද එසේ ඔබ ද නො පසුබස්නා වීර්යය ඇත්තෙක් වන්නේ නම් බුදු බව ලබන්නාහ යි, පස් වැනි වීර්යය පාරමිතාව ස්ථිර වශයෙන් අධිෂ්ඨාන කළහ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“එදා සුමේධ බෝසතාණෝ පෙර බුදුවරයන් විසින් ද පුරන ලද විරිය පාරමිතාව දැඩි ව අධිෂ්ඨාන කොට,

“විචිනන‍්තො තදාදක‍්ඛිං, පඤ‍්චමං වීරියපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“ඉමං ත්‍වං පඤ‍්චමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; වීරියපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

“යථාපි සීහො මිගරාජා, නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ; අලීනවීරියො හොති, පග‍්ගහිතමනො සදා.

යම් සේ සිව්පා සතුන්ගේ රජ වූ සිංහයා හිඳීම, සිටීම, ගමන යන අවස්ථාවන්හි නො පසුබස්නා වීර්යයෙන් එඩිතර සිත් ඇත්තේ වේ ද,

“තථෙව ත්‍වං සබ‍්බභවෙ, පග‍්ගණ‍්හ වීරියං දළ‍්හං; වීරියපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

එසේ ම ඔබ ද සියලු භවවල දී විරිය පාරමිතාව පුරන්නේ නම් සම්බෝධියට පැමිණෙන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො ඡට‍්ඨං ඛන‍්තිපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය ඛන‍්තිපාරමිම‍්පි පූරෙය්‍යාසි. සම‍්මානනෙපි අවමානනෙපි ඛමොව භවෙය්‍යාසි. යථා හි පථවියං නාම සුචිම‍්පි පක‍්ඛිපන‍්ති අසුචිම‍්පි, න තෙන පථවී සිනෙහං, න පටිඝං කරොති, ඛමති සහති අධිවාසෙතියෙව, එවං ත්‍වම‍්පි සම‍්මානනාවමානනක‍්ඛමොව සමානො බුද‍්ධො භවිස‍්සසී”ති ඡට‍්ඨං ඛන‍්තිපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

අනතුරුව බෝසතාණෝ තවත් බුද්ධකාරක විමසන්නාහු, සවැනි ඛන්ති පාරමිතාව දැක පණ්ඩිතය, ඔබ මෙතැන් පටන් ඛන්ති පාරමිතාව ද පිරිය යුතුය. සම්මාන, අවමාන යන දෙකෙහි ඉවසීම ඇත්තකු විය යුතුය. යම් සේ මහා පොළොවට පිරිසිදු දෙයක් දැමුව ද අපිරිසිදු දෙයක් දැමුව ද එයට කැමැත්තක් හෝ අකැමැත්තක් නො දක්වයි. කම්පාවට පත් නො වේ. එමෙන් ඔබ ද සම්මාන, අවමාන දෙකෙහි ම ඉවසන්නකු වන්නේ නම් බුදු වන්නෙහියැ යි, සවැන් ඛන්ති පාරමිතාව දැඩි කොට ඉටාගත්හ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම විමසන බෝසතාණෝ පෙර බුදුවරුන් විසින් සෙවුනා ලද සවැනි ඛන්ති පාරමිතාව සමාදන්ව,

“විචිනන‍්තො තදාදක‍්ඛිං, ඡට‍්ඨමං ඛන‍්තිපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“ඉමං ත්‍වං ඡට‍්ඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ අද‍්වෙජ‍්ඣමානසො, සම‍්බොධිං පාපුණිස‍්සසි.

“යථාපි පථවී නාම, සුචිම‍්පි අසුචිම‍්පි ච; සබ‍්බං සහති නික‍්ඛෙපං, න කරොති පටිඝං තයා.

පණ්ඩිතය, යම් සේ පොළොව පිරිසිදු අපිරිසිදු දෙක ම ඉවසයි. ප්‍රතික්‍ෂේප නො කරයි. ආදරය හෝ ක්‍රෝධ නො කරයි.

“තථෙව ත්‍වම‍්පි සබ‍්බෙසං, සම‍්මානාවමානක‍්ඛමො; ඛන‍්තිපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

එමෙන් ඔබ ද හැමදෙනාගේ ම සම්මාන, අවමාන දෙක්හි දී ම දෙයාකාරයක් නොමැති මනසින් හෙවත් දයා ක්‍රෝධ දෙකට නො පැමිණ සියල්ල ඉවසන්නේ නම් බුදු වන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො සත‍්තමං සච‍්චපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය සච‍්චපාරමිම‍්පි පූරෙය්‍යාසි. අසනියා මත්‍ථකෙ පතමානායපි ධනාදීනං අත්‍ථාය ඡන්‍දාදිවසෙන සම‍්පජානමුසාවාදං නාම මාකාසි. යථා හි ඔසධිතාරකා නාම සබ‍්බඋතූසු අත‍්තනො ගමනවීථිං ජහිත්‍වා අඤ‍්ඤාය වීථියා න ගච‍්ඡති, සකවීථියාව ගච‍්ඡති, එවමෙව ත්‍වම‍්පි සච‍්චං පහාය මුසාවාදං නාම අකරොන‍්තොයෙව බුද‍්ධො භවිස‍්සසී”ති සත‍්තමං සච‍්චපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

නැවතත් බෝසතාණෝ බුද්ධකාරක ධර්ම සොයන්නාහු, සත් වැනි සච්ච පාරමිය දැක පණ්ඩිතය, ඔබ මෙතැන් සිට සච්ච - ඇත්ත කථා කිරීමේ පාරමිය පිරිය යුතුය. තම හිස මත හෙන පාත්වුව ද එන අධි ලාභ සඳහා ද නැත්නම් ඡන්‍ද ආදී සතර අගතියෙන් හෝ දැන දැන බොරු නො කියව. ඔෂධී තරුව සියලු ම සතුන්ගේ ගමන් මඟ හැර වෙනත් ගමන් මඟක නො යයි. තමාට අයත් වීථියෙහි ම යයි. එමෙන් ඔබ ද සත්‍යය අත්හැර බොරු නො කියන්නේ, බුදු වන්නෙහියැ යි සත් වැනි සච්ච පාරමිය දැඩි කොට ඉටාගත්හ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“තවදුරටත් බුද්ධකාරක ධර්ම විමසන බෝසතාණෝ සත් වැනි සච්ච පාරමිය සමාදන් ව වෙනස් නො වන වචන ඇත්තේ, සංබෝධියට පැමිණෙන්නෙහිය.

“විචිනන‍්තො තදාදක‍්ඛිං, සත‍්තමං සච‍්චපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“ඉමං ත්‍වං සත‍්තමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ අද‍්වෙජ‍්ඣවචනො, සම‍්බොධිං පාපුණිස‍්සසි.

“යථාපි ඔසධී නාම, තුලාභූතා සදෙවකෙ; සමයෙ උතුවස‍්සෙ වා, න වොක‍්කමති වීථිතො.

යම් සේ ඔෂධී තාරකාව දෙවියන් සහිත ලෝකයෙහි තුලාවක් මෙන් විය. ග්‍රීෂ්ම, වර්ෂා, හේමන්ත යන සෑම සෘතුවක ම තම වීථියෙන් හෙවත් මාර්ගයෙන් බැහැර නො වෙයි.

“තථෙව ත්‍වම‍්පි සච‍්චෙසු, මා වොක‍්කමසි වීථිතො; සච‍්චපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

එසේ ම ඔබ ද සත්‍යය මඟින් බැහැර නො වූයේ සම්බෝධියට පැමිණෙන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය අධිට‍්ඨානපාරමිම‍්පි පූරෙය්‍යාසි. යං අධිට‍්ඨාසි, තස‍්මිං අධිට‍්ඨානෙ නිච‍්චලො භවෙය්‍යාසි. යථා හි පබ‍්බතො නාම සබ‍්බදිසාසු වාතෙහි පහටොපි න කම‍්පති න චලති, අත‍්තනො ඨානෙයෙව තිට‍්ඨති, එවමෙව ත්‍වම‍්පි අත‍්තනො අධිට‍්ඨානෙ නිච‍්චලො හොන‍්තොව බුද‍්ධො භවිස‍්සසී”ති අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

බුද්ධකාරක ධර්ම සෙවීමේ නිරත වූ බෝසතාණෝ අට වැනි අධිෂ්ඨාන පාරමිය ද සොයා ගත්හ. ඔබ විසින් සිත්හි පිහිටුවා ගත්තේ නම් එහි නිශ්චල ව සිටුව. යම් සේ පර්වතයක් සතර දිගින් මහා වාතය හමද්දීත් කම්පා නො වේ ද, නො සෙලවේ ද, පිහිටි තැන ම සිටී ද, එමෙන් ඔබ ද තමා කළ අධිෂ්ඨානයෙහි නිශ්චල ව සිටින්නේ, බුදු වන්නෙහිය. මෙසේ අට වැනි අධිෂ්ඨාන පාරමියද දැඩි කොට ඉටා ගත්හ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“මතු මත්තෙහි බුදකුරු දම් සොයන සුමේධ තවුසාණෝ අට වැනි අධිෂ්ඨාන පාරමිය ද දුටහ.

“විචිනන‍්තො තදාදක‍්ඛිං, අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“ඉමං ත්‍වං අට‍්ඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ ත්‍වං අචලො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසි.

පණ්ඩිතය, මේ අටවැනි අධිෂ්ඨාන පාරමිය ද සම්බෝධිය සඳහා පිරිය යුතුය.

“යථාපි පබ‍්බතො සෙලො, අචලො සුප‍්පතිට‍්ඨිතො; න කම‍්පති භුසවාතෙහි, සකට‍්ඨානෙව තිට‍්ඨති.

යම් සේ මනාව පිහිටි ගල් පර්වතයක් සිවු දිගින් හමන මහා වාතයෙන් කම්පා නො වී හිමි තැන ම සිටී ද,

“තථෙව ත්‍වම‍්පි අධිට‍්ඨානෙ, සබ‍්බදා අචලො භව; අධිට‍්ඨානපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

එමෙන් ඔබ ද සිය අදහසෙහි නො සෙල්වී සිටින්නේ, සම්බෝධියට පැමිණෙන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො නවමං මෙත‍්තාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය නවමං මෙත‍්තාපාරමිම‍්පි පූරෙය්‍යාසි. අහිතෙසුපි හිතෙසුපි එකචිත‍්තො භවෙය්‍යාසි. යථා හි උදකං නාම පාපජනස‍්සාපි කල්‍යාණජනස‍්සාපි සීතිභාවං එකසදිසං කත්‍වා ඵරති, එවමෙව ත්‍වම‍්පි සබ‍්බසත‍්තෙසු මෙත‍්තචිත‍්තෙන එකචිත‍්තොව හොන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති නවමං මෙත‍්තාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

බුද්ධකාරක ධර්ම සිතන සුමේධ තවුසාණෝ නව වැනි මෙත්තා පාරමිය දැක සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් සිට හිත අහිත රූපය කෙරෙහි ම එක සිතකින් පැවැතිය යුතුය. ජලය දුදනාට ද සුදනාට ද එක ම සීතලක් දෙයි. එමෙන් ඔබ ද සියලු සත්ත්වයන් කෙරෙහි එකට මෙත් සිත් ඇත්තෙක් ව වසන්නේ නම් බුදු වන්නෙහියැ යි, මෙත්තා පාරමිය ද අදිටන් කළහ. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම තවත් තිබේදැ යි සොයන තවුසාණන්ට නව වැනි මෙත්තා පාරමිය පෙනිණ.

“විචිනන‍්තො තදාදක‍්ඛිං, නවමං මෙත‍්තාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“ඉමං ත්‍වං නවමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; මෙත‍්තාය අසමො හොහි, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

පණ්ඩිතය, බුදු වනු කැමැත්තේ නම් පෙර බුදුවරුන් විසින් අනුගමනය කළ මෙත්තා පාරමිය පුරනු මැනව.

“යථාපි උදකං නාම, කල්‍යාණෙ පාපකෙ ජනෙ; සමං ඵරති සීතෙන, පවාහෙති රජොමලං.

යම් සේ ජලය පවිටු ජන හා හුදී ජනයා හට සිසිල් ගුණ සම ව විහිදුවයි. එසේ දූවිලි ආදී අපවිත්‍ර දේ සම ව සෝදා හරී.

“තථෙව ත්‍වම‍්පි අහිතහිතෙ, සමං මෙත‍්තාය භාවය; මෙත‍්තාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

එසේ ම ඔබ ද හිත අහිත හැමදෙනා කෙරෙහි මෙත් සිත සම ව පතුරුවන්නේ, බුදු බව ලබන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිපි උපධාරයතො දසමං උපෙක‍්ඛාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය උපෙක‍්ඛාපාරමිම‍්පි පූරෙය්‍යාසි. සුඛෙපි දුක‍්ඛෙපි මජ‍්ඣත‍්තොව භවෙය්‍යාසි. යථා හි පථවී නාම සුචිම‍්පි අසුචිම‍්පි පක‍්ඛිප‍්පමානා මජ‍්ඣත‍්තාව හොති, එවමෙව ත්‍වම‍්පි සුඛදුක‍්ඛෙසු මජ‍්ඣත‍්තොව හොන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති දසමං උපෙක‍්ඛාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

දශ වැනි පාරමිය වශයෙන් බෝසතාණන් දුටුවේ උපේක්ඛා පාරමියයි. සුමේධ පණ්ඩිතයෝ තමාට ම, ඔබ මෙතැන් සිට සැප දුක් දෙකෙහි මැදහත් විය යුතුයි. පිරිසිදු සුචි අසුචි දෙකෙහි ම පොළොව කම්පාවක් නැත. එසේ ඔබ ද සැප දුක් දෙකෙහි ම මැදහත් බව වඩන්නේ නම් සම්බෝධිය ලබන්නෙහිය.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“ඔබ මේ දශ වැනි උපේක්ඛා හෙවත් මැදහත් බව දැඩි කොට සමාදන් ව සියල්ලෙහි තුලාවක් මෙන් අටලෝ දහමෙහි හා හිතාහිතයන් කෙරෙහි කෝපානුවර්ත ව සමබර ව සිටී නම් උපේක්ඛා පාරමිතාව අනුගමනය කිරීමෙන් සම්බෝධියට පැමිණිය හැකිය.”

“විචිනන‍්තො තදාදක‍්ඛිං, දසමං උපෙක‍්ඛාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“ඉමං ත්‍වං දසමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තුලාභූතො දළ‍්හො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසි.

“යථාපි පථවී නාම, නික‍්ඛිත‍්තං අසුචිං සුචිං; උපෙක‍්ඛති උභොපෙතෙ, කොපානුනයවජ‍්ජිතා.

“තථෙව ත්‍වම‍්පි සුඛදුක‍්ඛෙ, තුලාභූතො සදා භව; උපෙක‍්ඛාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තතො චින‍්තෙසි – “ඉමස‍්මිං ලොකෙ බොධිසත‍්තෙහි පූරෙතබ‍්බා බොධිපරිපාචනා බුද‍්ධකාරකධම‍්මා එත‍්තකායෙව, දස පාරමියො ඨපෙත්‍වා අඤ‍්ඤෙ නත්‍ථි, ඉමාපි දස පාරමියො උද‍්ධං ආකාසෙපි නත්‍ථි, හෙට‍්ඨා පථවියම‍්පි, පුරත්‍ථිමාදීසු දිසාසුපි නත්‍ථි, මය‍්හමෙව පන හදයමංසබ‍්භන‍්තරෙ පතිට‍්ඨිතා”ති. එවං තාසං හදයෙ පතිට‍්ඨිතභාවං දිස‍්වා සබ‍්බාපි තා දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය පුනප‍්පුනං සම‍්මසන‍්තො අනුලොමපටිලොමං සම‍්මසති, පරියන‍්තෙ ගහෙත්‍වා ආදිං පාපෙති, ආදිම‍්හි ගහෙත්‍වා පරියන‍්තෙ ඨපෙති, මජ‍්ඣෙ ගහෙත්‍වා උභතො ඔසාපෙති, උභතො කොටීසු හෙත්‍වා මජ‍්ඣෙ ඔසාපෙති. බාහිරකභණ‍්ඩපරිච‍්චාගො දානපාරමී නාම, අඞ‍්ගපරිච‍්චාගො දානඋපපාරමී නාම, ජීවිතපරිච‍්චාගො දානපරමත්‍ථපාරමී නාමාති දස පාරමියො දස උපපාරමියො දස පරමත්‍ථපාරමියො යන‍්තතෙලං විනිවට‍්ටෙන‍්තො විය මහාමෙරුං මත්‍ථං කත්‍වා චක‍්කවාළමහාසමුද‍්දං ආලුළෙන‍්තො විය ච සම‍්මසි. තස‍්සෙවං දස පාරමියො සම‍්මසන‍්තස‍්ස ධම‍්මතෙජෙන චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලා අයං මහාපථවී හත්‍ථිනා අක‍්කන‍්තනළකලාපො විය, පීළියමානං උච‍්ඡුයන‍්තං විය ච මහාවිරවං විරවමානා සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි, කුලාලචක‍්කං විය තෙලයන‍්තචක‍්කං විය ච පරිබ‍්භමි. තෙන වුත‍්තං –

බෝසතාණෝ නැවතත් සිතන්නහු, මේ ලෝකයෙහි බෝසත්වරුන් විසින් පිරිය යුතු සම්බෝධිය මුහුකුරා යන බුද්ධකාරක ධර්මයන් මෙපමණක් මය. දශ පාරමී හැර අනිකක් නැත. මේ දශ පාරමිතාවන් උඩ අහසෙහි නැත. යට පොළොවෙහි ද නැත. සිව් දිසාවෙහි ද නැත. පාරමී පිහිටා ඇත්තේ මගේ හෘදය තුළය. මෙසේ දශ පාරමී ධර්ම තම හදවතෙහි පිහිටි බව දැක ඒ දැඩි කොට සිතින් අධිෂ්ඨාන කොට නැවත නැවත මෙනෙහි කරන්නාහු, අනුලෝම පටිලෝම වශයෙන් විමසූහ. තව ද අග සිට මුලට ද මුල සිට අගට ද විමසූහ. පාරමිතාවන් මැද සිට දෙකෙළවරට ද ගෙන නිමවූහ. දෙකෙළවරින් ගෙන මැදින් නිමවූහ. පාරමී වනාහි: අංග පරිත්‍යාගය පාරමිතා නමි. බාහිර භාණ්ඩ පරිත්‍යාගය උපපාරමිතා නමි. ජීවිත පරිත්‍යාගය පරමත්ථ පාරමිතා නමි යි, පාරමී ධර්ම, දශ පාරමී, දශ උපපාරමී, දශ පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල් ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් මහා මේරු පර්වතය මහා සමුද්‍රය කලඹන්නාක් මෙන් ද විමර්ශනය කළේය. මෙසේ නන් අයුරින් දශ පාරමී ධර්ම විමර්ශනය කරන කල්හි දහම් තෙදින් සිව් නහුතයක් අධික කොට ඇති යොදුන් දෙලක්‍ෂයක් ගණ වූ මේ මහා පොළොව ඇතකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් ද උක් දඬු යන්ත්‍රයක් මෙන් ද මහා ශබ්ද නංවමින් කම්පා විය. කුඹල් සකක් මෙන් ද තෙල් යන්ත්‍රයක් මෙන් ද භ්‍රමණය විය. එහෙයින් කියන ලදි -

“එත‍්තකායෙව තෙ ලොකෙ, යෙ ධම‍්මා බොධිපාචනා; තතුද‍්ධං නත්‍ථි අඤ‍්ඤත්‍ර, දළ‍්හං තත්‍ථ පතිට‍්ඨහ.

“සම්බෝධිය මුහුකුරු වන යම් ධර්මයෝ වෙත් ද ඒවා මෙපමණය. අන් තැනක හෝ මෙයට අධික ව නැත. දැඩි ව එහි පිහිටන්න.

“ඉමෙ ධම‍්මෙ සම‍්මසතො, සභාවසරසලක‍්ඛණෙ; ධම‍්මතෙජෙන වසුධා, දසසහස‍්සී පකම‍්පථ.

මේ පාරමී ධර්මයන් තත්ත්වාකාරයෙන් කෘත්‍යය හා ආකාර වශයෙන් සලකන කල්හි පාරමී දහම් තෙදින් දශ දහසක් සක්වල කම්පා විය.

“චලතී රවතී පථවී, උච‍්ඡුයන‍්තංව පීළිතං; තෙලයන‍්තෙ යථා චක‍්කං, එවං කම‍්පති මෙදනී”ති.

ඇඹරෙන උක් යන්ත්‍රයක් මෙන් පොළොව සෙලවිණි. රැව්දිණි. තෙල් යන්ත්‍රයෙහි සක මෙන් කැරකිණි.”

මහාපථවියා කම‍්පමානාය රම‍්මනගරවාසිනො සණ‍්ඨාතුං අසක‍්කොන‍්තා යුගන‍්තවාතබ‍්භාහතා මහාසාලා විය මුච‍්ඡිතමුච‍්ඡිතාව පපතිංසු, ඝටාදීනි කුලාලභාජනානි පවට‍්ටන‍්තානි අඤ‍්ඤමඤ‍්ඤං පහරන‍්තානි චුණ‍්ණවිචුණ‍්ණානි අහෙසුං. මහාජනො භීතතසිතො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “කිං නු ඛො භගවා නාගාවට‍්ටො අයං භූතයක‍්ඛදෙවතාසු අඤ‍්ඤතරාවට‍්ටොති න හි මයං එතං ජානාම, අපිච ඛො සබ‍්බොපි අයං මහාජනො උපද‍්දුතො, කිං නු ඛො ඉමස‍්ස ලොකස‍්ස පාපකං භවිස‍්සති, උදාහු කල්‍යාණං, කථෙථ නො එතං කාරණ”න‍්ති ආහ. අථ සත්‍ථා තෙසං කථං සුත්‍වා “තුම‍්හෙ මා භායථ මා චින‍්තයිත්‍ථ, නත්‍ථි වො ඉතොනිදානං භයං. යො සො මයා අජ‍්ජ සුමෙධපණ‍්ඩිතො ‘අනාගතෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී’ති බ්‍යාකතො, සො දස පාරමියො සම‍්මසති, තස‍්ස දස පාරමියො සම‍්මසන‍්තස‍්ස විලොළෙන‍්තස‍්ස ධම‍්මතෙජෙන සකලදසසහස‍්සිලොකධාතු එකප‍්පහාරෙන කම‍්පති, චෙව, රවති චා”ති ආහ. තෙන වුත‍්තං –

මහ පොළොව කම්පාවන කල්හි රම්ම නගර වාසී ජනයෝ පොළොවෙහි සිටින්නට නො හැකි ව ප්‍රලය වාතයෙන් පහර ලැබූ මහා වෘක්‍ෂයන් මෙන් ඒ ඒ තැන මුසපත්ව වැටුනහ. කළ ආදී කුඹල් මැටි භාණ්ඩ බිම වැටී එකිනෙක හැපී සුණු විසුණු වූහ. බියපත් වූ මහා ජනයා දීපංකර බුදු රජුන් වෙත එළැඹ කිමෙක් ද භාග්‍යවතුන් වහන්ස, භූත, යක්‍ෂ, දේවතාදීන්ගේ අවේෂයක්දැ යි අපි නො දනිමු. සියලු ජනයෝ බියපත් ව සිටිති. ස්වාමීනි, මෙයින් ලෝකයට අයහපතක් වේද? නැතිනම් යහපතක් වේද? අපට මෙම කාරණය පැහැදිලි කොට දෙනු මැනවි. බුදු රජහු ඔවුන්ගේ කථාව අසා තොපි බය නො වව්. ඒ ගැන නො සිතව්. තොපට මෙය අයහපතක් නො වේ. අද මවිසින් යම් ඒ සුමේධ පණ්ඩිත කෙනකු අනාගතයෙහි ගෞතම නමින් බුදු වන්නාහ යි ප්‍රකාශ කරන ලද ද ඔහු දැන් පාරමී ධර්ම විමසයි. ඒ දම් තෙදින් දස දහසක් සක්වල එකවරට කම්පා වෙයි. රැව්දෙයි. එහෙයින් කියන ලදි -

“යාවතා පරිසා ආසි, බුද‍්ධස‍්ස පරිවෙසනෙ; පවෙධමානා සා තත්‍ථ, මුච‍්ඡිතා සෙසි භූමියං.

“දීපංකර බුදු රජුන්ගේ දාන ශාලායෙහි යම් පමණ පිරිසක් වූවාහු ද ඒ සියල්ලෝම වෙවුලමින් මුසපත් ව බිම වැතුරුනාහ.

“ඝටානෙකසහස‍්සානි, කුම‍්භීනඤ‍්ච සතා බහූ; සඤ‍්චුණ‍්ණමථිතා තත්‍ථ, අඤ‍්ඤමඤ‍්ඤං පඝට‍්ටිතා.

එසේ ම දහසක් ගණන් කුඹල් කළ ද සැළි ද එකිනෙක හැපී සුණු වී කැළඹී ගියේය.

“උබ‍්බිග‍්ගා තසිතා භීතා, භන‍්තා බ්‍යධිතමානසා; මහාජනා සමාගම‍්ම, දීපඞ‍්කරමුපාගමුං.

බියෙන් තැති ගත් භ්‍රාන්තියෙන් ආකුල සිත් ඇති ජනතාව දීපංකර බුදු රජුන් වෙත එළැඹියහ.

‘කිං භවිස‍්සති ලොකස‍්ස, කල්‍යාණමථ පාපකං; සබ‍්බො උපද‍්දුතො ලොකො, තං විනොදෙහි චක‍්ඛුම’.

පසැස් ඇති බුදු රජාණන් වහන්ස ලෝකයට කුමක් වන්නේ ද? හැමදෙනා ම බියෙන් ඇළලී සිටිති. ලෝකයට යහපතක් වේද? අයහපතක් වේද? මේ උපද්‍රවය දුරු කරන මැනවි.

“තෙසං තදා සඤ‍්ඤාපෙසි, දීපඞ‍්කරො මහාමුනි; විස‍්සත්‍ථා හොථ මා භාථ, ඉමස‍්මිං පථවිකම‍්පනෙ.

දීපංකර බුදු රජාණෝ එදා ඔවුන් සනසාලූහ. මේ පෘථිවි කම්පාවෙන් බය නො වව්. උවදුරු රහිත වව්.

“යමහං අජ‍්ජ බ්‍යාකාසිං, බුද‍්ධො ලොකෙ භවිස‍්සති; එසො සම‍්මසති ධම‍්මං, පුබ‍්බකං ජිනසෙවිතං.

අද මම යම් කෙනකු ලොව බුදු වන්නේ යි ප්‍රකාශ කළෙමි ද හෙතෙම පෙර බුදුවරුන් සිත් සෙවුනා ලද පෙරුම් දම් විමසයි.

“තස‍්ස සම‍්මසතො ධම‍්මං, බුද‍්ධභූමිං අසෙසතො; තෙනායං කම‍්පිතා පථවී, දසසහස‍්සී සදෙවකෙ”ති.

බුද්ධත්වයට පාදක වන්නා වූ සියලු ධර්ම විමසන කල්හි දස දහසක් සක්වල කම්පා වෙයි.”

මහාජනො තථාගතස‍්ස වචනං සුත්‍වා හට‍්ඨතුට‍්ඨො මාලාගන්‍ධවිලෙපනං ආදාය රම‍්මනගරා නික‍්ඛමිත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා මාලාදීහි පූජෙත්‍වා වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා රම‍්මනගරමෙව පාවිසි. බොධිසත‍්තොපි දස පාරමියො සම‍්මසිත්‍වා වීරියං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය නිසින‍්නාසනා වුට‍්ඨාසි. තෙන වුත‍්තං –

මහා ජනයා බුදුරදුන්ගේ කථාව අසා තුටුපහටු වූවාහු ගඳමල් ආදිය රැගෙන රම්ම නගරයෙන් නික්ම බෝසතුන් වෙත එළඹ මල් ආදියෙන් පුදා වැඳ පැදකුණුකොට රම්ම නගරයට ම පිවිසියහ. බෝසත්හු ද දශ පාරමී ධර්ම විමර්ශනයකොට වීර්යය දැඩිකොට අධිෂ්ඨානකොට වැඩසිටි ආසනයෙන් නැඟී සිටියහ. එහෙයින් කියන ලදි.

“බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, මනො නිබ‍්බායි තාවදෙ; සබ‍්බෙ මං උපසඞ‍්කම‍්ම, පුනාපි අභිවන්‍දිසුං.

“එකෙණෙහි බුදු රජුන්ගේ වචනය ඇසූ ජනතාවගේ සිත් සංසිඳිණි. ඒ සියල්ලෝම මා වෙත පැමිණ නමස්කාර කළහ.

“සමාදියිත්‍වා බුද‍්ධගුණං, දළ‍්හං කත්‍වාන මානසං; දීපඞ‍්කරං නමස‍්සිත්‍වා, ආසනා වුට‍්ඨහිං තදා”ති.

මම ද බුදු ගුණ මෙනෙහි කොට සිත දැඩි කොට ආසනයෙන් නැඟී සිටියෙමි.”

අථ බොධිසත‍්තං ආසනා වුට‍්ඨහන‍්තං සකලදසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිත්‍වා දිබ‍්බෙහි මාලාගන්‍ධෙහි පූජෙත්‍වා වන්‍දිත්‍වා “අය්‍ය සුමෙධතාපස, තයා අජ‍්ජ දීපඞ‍්කරදසබලස‍්ස පාදමූලෙ මහතී පත්‍ථනා පත්‍ථිතා, සා තෙ අනන‍්තරායෙන සමිජ‍්ඣතු, මා තෙ භයං වා ඡම‍්භිතත‍්තං වා අහොසි, සරීරෙ අප‍්පමත‍්තකොපි රොගො මා උප‍්පජ‍්ජි, ඛිප‍්පං පාරමියො පූරෙත්‍වා සම‍්මාසම‍්බොධිං පටිවිජ‍්ඣ. යථා පුප‍්ඵූපගඵලූපගා රුක‍්ඛා සමයෙ පුප‍්ඵන‍්ති චෙව ඵලන‍්ති ච, තථෙව ත්‍වම‍්පි සමයං අනතික‍්කමිත්‍වා ඛිප‍්පං සම‍්බොධිමුත‍්තමං ඵුසස‍්සූ”තිආදීනි ථුතිමඞ‍්ගලානි පයිරුදාහංසු, එවං පයිරුදාහිත්‍වා අත‍්තනො අත‍්තනො දෙවට‍්ඨානමෙව අගමංසු. බොධිසත‍්තොපි දෙවතාහි අභිත්‍ථුතො “අහං දස පාරමියො පූරෙත්‍වා කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ බුද‍්ධො භවිස‍්සාමී”ති වීරියං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය නභං අබ‍්භුග‍්ගන‍්ත්‍වා හිමවන‍්තමෙව අගමාසි. තෙන වුත‍්තං –

බෝසතාණෝ ආසනයෙන් නැඟී සිටිත් ම දස දහසක් සක්වල දෙවියෝ රැස්වී දිව්‍යමය ගඳ මල් ආදියෙන් පුදා සුමේධ තාපස උතුමාණෙනි, ඔබ අද දීපංකර බුදු රජුන්ගේ පාමුල උතුම් ප්‍රාර්ථනයක් කළහ. ඒ ප්‍රාර්ථනය නිරුපද්‍රිත ව සඵල වෙත්වා. ඔබට බියක් හෝ තැති ගැන්මක් නො වෙත්වා. ඔබ සිරුරෙහි ස්වල්ප වූ හෝ රෝගයක් නො වැළඳෙත්වා. වහා ම පෙරුම් සපුරා බුද්ධත්වය අවබෝධ කරත්වා. මල් හා ගෙඩි හටගන්නා ගස් නියමිත කාලය පැමිණි කල්හි මල් පිපේ. ගෙඩි හටගනී. එමෙන් ඔබ ද කාලය නො ඉක්මවා බුද්ධත්වයට පත්වෙත්වා යි මංගල ස්තුති ගී පවත්වා තම තමන්ගේ දේව ස්ථාන කරා ගියහ. සුමේධ තවුසාණෝ ද මම දශ පාරමී දම් පුරා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මතුයෙහි බුදු වන්නෙමි යි වීර්යය දැඩි කොට අහසට නැඟී හිමවතට ම වැඩියහ. එහෙයින් කියන ලදි.

“දිබ‍්බං මානුසකං පුප‍්ඵං, දෙවා මානුසකා උභො; සමොකිරන‍්ති පුප‍්ඵෙහි, වුට‍්ඨහන‍්තස‍්ස ආසනා.

“මා ආසනයෙන් නැඟිටින විට ම දෙවියෝ සහ මනුෂ්‍යයෝ දෙව්ලොව හා මිනිස් ලොව මල් විසුරුවත්.

“වෙදයන‍්ති ච තෙ සොත්‍ථිං, දෙවා මානුසකා උභො; මහන‍්තං පත්‍ථිතං තුය‍්හං, තං ලභස‍්සු යථිච‍්ඡිතං.

ඒ දෙපිරිස ම ඔබ විසින් පතන ලද ඔබගේ ප්‍රාර්ථනය සිතූ පරිදි ම ලබත්වා යි තුති ඝෝෂා පවත්වති.

“සබ‍්බීතියො විවජ‍්ජන‍්තු, සොකො රොගො විනස‍්සතු; මා තෙ භවන‍්ත්‍වන‍්තරායා, ඵුස ඛිප‍්පං බොධිමුත‍්තමං.

සියලු උවදුරු දුරු වෙත්වා. කණගාටු හා රෝග පීඩා නැති වෙත්වා. ඔබට කිසි අනතුරක් නො වෙත්වා. උතුම් සම්බෝධිය ලබත්වා.

“යථාපි සමයෙ පත‍්තෙ, පුප‍්ඵන‍්ති පුප‍්ඵිනො දුමා; තථෙව ත්‍වං මහාවීර, බුද‍්ධඤාණෙන පුප‍්ඵස‍්සු.

මල් පිපෙන ගස් සුදුසු කාලය පැමිණි කල්හි මල් පිපේ. එසේ ම වීරයාණෙනි, ඔබ ද බුද්ධ ඤාණ නැමැති මලෙහි පිපෙන්නෙහිය.

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, පූරයුං දස පාරමී; තථෙව ත්‍වං මහාවීර, පූරය දස පාරමී.

පෙර බුදුවරු දශ පාරමී ධර්ම පිරූහ. එසේම ඔබ ද දශ පාරමී ධර්ම පුරනු මැනවි.

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, බොධිමණ‍්ඩම‍්හි බුජ‍්ඣරෙ; තථෙව ත්‍වං මහාවීර, බුජ‍්ඣස‍්සු ජිනබොධියං.

පෙර බුදුවරු බෝමැඩෙහි බුද්ධත්වය අවබෝධ කළහ. වීරයාණෙනි, ඔබ ද බුදුවරුන්ට පොදු බෝමැඩහි දී බුද්ධත්වය අවබෝධ කරනු මැනවි.

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, ධම‍්මචක‍්කං පවත‍්තයුං; තථෙව ත්‍වං මහාවීර, ධම‍්මචක‍්කං පවත‍්තය.

පෙර බුදුවරු යම් සේ දම්සක් පැවැත්වූවාහු ද එසේ ම ඔබ ද දම්සක් පවත්වනු මැනවි.

“පුණ‍්ණමායෙ යථා චන්‍දො, පරිසුද‍්ධො විරොචති; තථෙව ත්‍වං පුණ‍්ණමනො, විරොච දසසහස‍්සියං.

පසළොස්වක පොහෝ දින යම් සේ චන්ද්‍රයා ඉතා පිරිසිදු ව බබලයි ද එමෙන් ඔබ ද පිරුණු මනදොල ඇති ව දශ දහසක් සක්වල බබලනු මැනවි.

“රාහුමුත‍්තො යථා සූරියො, තාපෙන අතිරොචති; තථෙව ලොකා මුච‍්චිත්‍වා, විරොච සිරියා තුවං.

රාහුගෙන් මිදුණු සූර්යයා ආලෝකයෙන් වඩාත් බබලා ද එමෙන් ඔබ ද ලෝකයා සසරින් මුදවා මහා වීරයකු සේ ශ්‍රීයෙන් බබලනු මැනවි.

“යථා යා කාචි නදියො, ඔසරන‍්ති මහොදධිං; එවං සදෙවකා ලොකා, ඔසරන‍්තු තවන‍්තිකෙ.

සියලු ගංගාවෝ මහා මුහුදට ගලන්නා සේ දෙවියන් සහිත ලෝකයා ඔබ වෙතට මුළු දෙත්වා.

“තෙහි ථුතප‍්පසත්‍ථො සො, දස ධම‍්මෙ සමාදිය; තෙ ධම‍්මෙ පරිපූරෙන‍්තො, පවනං පාවිසී තදා”ති.

ඒ දෙවි මිනිසුන් විසින් ස්තුති ප්‍රශංසා ලද ඒ සුමේධ පණ්ඩිත තවුසාණෝ දශ පාරමී ධර්ම සමාදන් ව ඒ ධුරයන් සම්පූර්ණ කරමින් මහා වනයට පිවිසියහ.”

සුමෙධකථා නිට‍්ඨිතා.

සුමේධ කථාව නිමි.

රම‍්මනගරවාසිනොපි ඛො නගරං පවිසිත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදංසු. සත්‍ථා තෙසං ධම‍්මං දෙසෙත්‍වා මහාජනං සරණාදීසු පතිට‍්ඨාපෙත්‍වා රම‍්මනගරම‍්හා නික‍්ඛමිත්‍වා තතො උද‍්ධම‍්පි යාවතායුකං තිට‍්ඨන‍්තො සබ‍්බං බුද‍්ධකිච‍්චං කත්‍වා අනුක‍්කමෙන අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. තත්‍ථ යං වත‍්තබ‍්බං, තං සබ‍්බං බුද‍්ධවංසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හි තත්‍ථ –

රම්ම නගර වැසි ජනයෝ ද ආපසු නගරයට පැමිණ බුදු රජුන් ප්‍රමුඛ මහසඟනට මහා දන් දුන්හ. දීපංකර බුදු රජාණෝ ද ඔවුන්ට දම් දෙසා මහා ජනයා සරණ සීලාදී ගුණ ධර්මයන්හි පිහිටුවා රම්ම නගරයෙන් නික්ම වැඩියහ. උන් වහන්සේ මෙසේ ආයු ඇති තෙක් ම වැඩ සිට සියලු බුදු කුස නිම කොට පිරිනිවීමෙන් පිරිනිවන්පා වදාළහ. මෙහි දී මේ පිළිබඳ විස්තර කථාව බුද්ධ වංසයෙහි කී අයුරින් දත යුතුයි. එහෙයින් කියන ලදි.

“තදා තෙ භොජයිත්‍වාන, සසඞ‍්ඝං ලොකනායකං; උපගච‍්ඡුං සරණං තස‍්ස, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

“එදින ඒ රටවැසියෝ සඟුන් සහිත ලෝකනාථයන් වහන්සේට දන් පිළිගන්වා තෙරුවන් සරණ ගියහ. එසේ ම සමහරු පන්සිල්හි ද දස සිල්හි ද පිහිටවූහ.

“සරණාගමනෙ කඤ‍්චි, නිවෙසෙති තථාගතො; කඤ‍්චි පඤ‍්චසු සීලෙසු, සීලෙ දසවිධෙ පරං.

“කස‍්සචි දෙති සාමඤ‍්ඤං, චතුරො ඵලමුත‍්තමෙ; කස‍්සචි අසමෙ ධම‍්මෙ, දෙති සො පටිසම‍්භිදා.

සමහරු ශ්‍රමණ භාවය ද ආර්ය ඵල ද ලබාගත්හ. සමහරු හට උසස් ධර්ම වූ සිව් පිළිසිඹියා දුන්හ.

“කස‍්සචි වරසමාපත‍්තියො, අට‍්ඨ දෙති නරාසභො; තිස‍්සො කස‍්සචි විජ‍්ජායො, ඡළභිඤ‍්ඤා පවෙච‍්ඡති.

නර ශ්‍රේෂ්ඨ බුදු රජාණෝ උතුම් අෂ්ට සමාපත්ති ද ත්‍රිවිද්‍යා හා අභිඥා ගුණයන්හි ද සමහරු පිහිටවූහ.

“තෙන යොගෙන ජනකායං, ඔවදති මහාමුනි; තෙන විත්‍ථාරිකං ආසි, ලොකනාථස‍්ස සාසනං.

මෙයාකාරයෙන් මහා ජනයාට අවවාද කළහ. මේ අයුරින් උන් වහන්සේගේ සසුන පැතිරී ගියේය.

“මහාහනුසභක‍්ඛන්‍ධො, දීපඞ‍්කරසනාමකො; බහූ ජනෙ තාරයති, පරිමොචෙති දුග‍්ගතිං.

පරිපූර්ණ කපොල (කම්මුල්) ඇති වෘෂභ රාජයකුට බඳු කඳ ඇති දීපංකර නම් බුදු රජාණෝ බොහෝ දෙනා සසරින් එතැර කරති. දුගතියෙන් මුදවති.

“බොධනෙය්‍යං ජනං දිස‍්වා, සතසහස‍්සෙපි යොජනෙ; ඛණෙන උපගන‍්ත්‍වාන, බොධෙති තං මහාමුනි.

ඒ මුනි උතුමාණෝ සත්‍යාවබෝධ කළයුතු අයකු දැක යොදුන් සුවහසක් ඈත සිටිය ද ඇසිල්ලකින් වැඩ ඔහුට ධර්මාවබෝධ දෙති.

“පඨමාභිසමයෙ බුද‍්ධො, කොටිසතමබොධයි; දුතියාභිසමයෙ නාථො, නවුතිකොටිමබොධයි.

උන් වහන්සේගේ පළමු ධර්මාවබෝධ අවස්ථාවෙහි කෙළ සියයක් සත්ත්වයන් ධර්මාවබෝධ කැරවූහ. දෙවැනි ධර්මාවබෝධ අවස්ථාවෙහි සුවහසක් සත්ත්වයන් ධර්මාවබෝධ කැරවූහ.

“යදා ච දෙවභවනම‍්හි, බුද‍්ධො ධම‍්මමදෙසයි; නවුතිකොටිසහස‍්සානං, තතියාභිසමයො අහු.

යම් දවසක උන් වහන්සේ දෙව්ලොව දහම් දෙසූ සේක් ද, ඒ ධර්මාවබෝධ අවස්ථාවෙහි අනූ කෙළ දහසක් සත්ත්වයෝ ධර්මාවබෝධය කළහ.

“සන‍්නිපාතා තයො ආසුං, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො; කොටිසතසහස‍්සානං, පඨමො ආසි සමාගමො.

තිලෝ අනුශාසක වූ දීපංකර බුදු රජුන්ට ශ්‍රාවක සන්නිපාත හෙවත් රැස්වීම් තුනක් විය. ප්‍රථම සමාගමෙහි කෙළ ලක්‍ෂයක් ශ්‍රාවකයෝ වූහ.

“පුන නාරදකූටම‍්හි, පවිවෙකගතෙ ජිනෙ; ඛීණාසවා වීතමලා, සමිංසු සතකොටියො.

බුදු රජහු නාරද පර්වතයෙහි විවේකීව වැඩ වසන කාලයෙහි කෙළසියයක් මහරහත්හු දෙවැනි සංඝ සමාගමට රැස්වූහ.

“යම‍්හි කාලෙ මහාවීරො, සුදස‍්සනසිලුච‍්චයෙ; නවුතිකොටිසහස‍්සෙහි, පවාරෙසි මහාමුනි.

වශී ප්‍රාප්ත දීපංකර මහා මුනිහු සුදර්ශන පර්වතයෙහි විසූහු ද, එදින නව කෙළක් රහතුන් සමග පවාරණය කළහ.

“අහං තෙන සමයෙන, ජටිලො උග‍්ගතාපනො; අන‍්තලික‍්ඛම‍්හි චරණො, පඤ‍්චාභිඤ‍්ඤාසු පාරගූ.

මම එසමයෙහි තපෝ ගුණයෙන් උග්‍ර වූ අභිඥා බලයෙන් පරතෙරට ගිය අහසෙහි ගමන් කරන ජටා දරන තවුසෙක් වීමි.

“දසවීසසහස‍්සානං , ධම‍්මාභිසමයො අහු; එකද‍්වින‍්නං අභිසමයා, ගණනාතො අසඞ‍්ඛියා.

දස දහසක්, විසි දහසක් වශයෙන් සමූහ වශයෙන් ධර්මාවබෝධ කළහ. කනෙකු දෙදෙනකු වශයෙන් ධර්මාවබෝධ කළ වාර ගණන සංඛ්‍යා රහිතය.

“විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං, ඉද‍්ධං ඵීතං අහු තදා; දීපඞ‍්කරස‍්ස භගවතො, සාසනං සුවිසොධිතං.

අතිපාරිශුද්ධ වූ දීපංකර බුදු රජුන්ගේ ශාසනය පැතිරිණි. බොහෝ ජනයා විසින් පිළිගන්නා ලද්දේ විය. එසේ ම සමෘද්ධිමත් විය.

“චත‍්තාරි සතසහස‍්සානි, ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා; දීපඞ‍්කරං ලොකවිදුං, පරිවාරෙන‍්ති සබ‍්බදා.

මහත් සෘද්ධි බල ඇති අභිඥා ලාභී සාරලක්‍ෂයක් රහත්හු ලෝකය මනා ව දත් දීපංකර බුදු රජුන් පිරිවරා සිටිති.

“යෙ කෙචි තෙන සමයෙන, ජහන‍්ති මානුසං භවං; අපත‍්තමානසා සෙක‍්ඛා, ගරහිතා භවන‍්ති තෙ.

ඒ කාලයෙහි යම් කෙනෙක් රහත් බවට නො පැමිණ සෝවාන් ආදී මාර්ග ඵල ලාභී වූවාහු ද, ඔවුහු ගරු කටයුත්තෝ නො වෙත්.

“සුපුප‍්ඵිතං පාවචනං, අරහන‍්තෙහි තාදිහි; ඛීණාසවෙහි විමලෙහි, උපසොභති සදෙවකෙ.

කෙළෙස් මළ රහිත, නැති කළ ආශ්‍රව ධර්ම ඇති, ස්ථිර ගති පැවතුම් ඇති හෙරණුන් විසින් මනාව පුබුදු කළ බුදු සසුන දෙවියන් සහිත ලෝකයෙහි මනාව බබළයි.

“නගරං රම‍්මවතී නාම, සුදෙවො නාම ඛත‍්තියො; සුමෙධා නාම ජනිකා, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

දීපංකර බුදු රජුන් උපන් නගරය රම්මවතී නම් විය. සුමේධා නම් දේවිය සහ සුදේව නම් රජ, මව්පියෝ වූහ.

“සුමඞ‍්ගලො ච තිස‍්සො ච, අහෙසුං අග‍්ගසාවකා; සාගතො නාමුපට‍්ඨාකො, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

සුමංගල හා තිස්ස තෙරණුවෝ අග්‍ර ශ්‍රාවක වූහ. [missing trans]

“නන්‍දා චෙව සුනන්‍දා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, පිප‍්ඵලීති පවුච‍්චති.

නන්දා සුනන්දා යන තෙරණියේ අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. ඒ බුදු රජුන්ගේ බෝධි වෘක්‍ෂය පුලිල වෘක්‍ෂයැ යි කියයි.

“අසීතිහත්‍ථමුබ‍්බෙධො, දීපඞ‍්කරො මහාමුනි; සොභති දීපරුක‍්ඛොව, සාලරාජාව ඵුල‍්ලිතො.

දීපංකර මහා මුනීහු උසින් අසූ රියනකි. මල් පිපුණු තල් ගසක් මෙන් ද පහන් ගසක් මෙන් ද සෝබමාන වූහ.

“සතසහස‍්සවස‍්සානි, ආයු තස‍්ස මහෙසිනො; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

උන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු ශත සහස්‍රයකි. මෙපමණ කලක් වැඩ සිටිමින් ජනයා සසරින් එතැර කළ සේක.

“ජොතයිත්‍වාන සද‍්ධම‍්මං, සන‍්තාරෙත්‍වා මහාජනං; ජලිත්‍වා අග‍්ගිඛන්‍ධොව, නිබ‍්බුතො සො සසාවකො.

ශ්‍රාවකයන් සමග උන් වහන්සේ සදහම් බබුළුවා මහ ජනයා සසරින් එතැර කොට ගිනි කඳක් මෙන් බැබලෙමින් සිට පිරිනිවි සේක.”

“සා ච ඉද‍්ධි සො ච යසො, තානි ච පාදෙසු චක‍්කරතනානි; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා”ති.

ඒ උන් වහන්සේගේ අනුපමේය සෘද්ධි බලය ද කීර්තිය ද ශ්‍රී පාදයන්හි සක් රුවන් සලකුණු ද යන සියල්ලම අතුරුදහන් විය. සියලු ම හේතු ප්‍රත්‍යය සමුත්පතිත ධර්ම හිස් නො වේ ද?

දීපඞ‍්කරස‍්ස පන භගවතො අපරභාගෙ එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා කොණ‍්ඩඤ‍්ඤො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සං, දුතියෙ කොටිසහස‍්සං, තතියෙ නවුතිකොටියො. තදා බොධිසත‍්තො විජිතාවී නාම චක‍්කවත‍්තී හුත්‍වා කොටිසතසහස‍්සසඞ‍්ඛස‍්ස බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදාසි. සත්‍ථා බොධිසත‍්තං “බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා ධම‍්මං දෙසෙසි. සො සත්‍ථු ධම‍්මකථං සුත්‍වා රජ‍්ජං නිය්‍යාදෙත්‍වා පබ‍්බජි. සො තීණි පිටකානි උග‍්ගහෙත්‍වා අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්ච අභිඤ‍්ඤායො ච උප‍්පාදෙත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති. කොණ‍්ඩඤ‍්ඤස‍්ස බුද‍්ධස‍්ස පන රම‍්මවතී නාම නගරං, සුනන්‍දො නාම ඛත‍්තියො පිතා, සුජාතා නාම දෙවී මාතා, භද‍්දො ච සුභද‍්දො ච ද‍්වෙ අග‍්ගසාවකා, අනුරුද‍්ධො නාමුපට‍්ඨාකො, තිස‍්සා ච උපතිස‍්සා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සාලකල්‍යාණී බොධි, අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං සරීරං, වස‍්සසතසහස‍්සං ආයුප‍්පමාණං අහොසි.

භාග්‍යවත් දීපංකර බුදු රජුන්ට පසු කාලයෙහි එක් අසංඛ්‍යයක් ඉක්මවා කොණ්ඩඤ්ඤ නම් බුදු රජාණෝ ලොව පහළ වූහ. උන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනක් විය. පළමු සමාගමෙහි කෙළ ලක්‍ෂයකි. දෙවැනි සමාගමෙහි කෙළ දහසකි. තුන් වැන්නෙහි අනූ කෝටියකි. එදවස බෝසතාණෝ විජිතාවී නම් සක්විති රජ ව ඉපිද බුදු රජුන් ප්‍රමුඛ කොට කෙළ ලක්‍ෂයක් මහා සංඝයාට මහදන් පැවැත්වීය. කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ ද අනාගතයේ බුදු වන්නේයැ යි විවරණ දී දම් දෙසූහ. බෝසත්හු බුදු රජුන්ගේ වචනය අසා රාජ්‍යය අතහැර පැවිදි විය. එතුමෝ තුන් පිටක ධර්මය උගෙන ධ්‍යාන උපදවා එයින් නො පිරිහී බඹලොව උපන්හ. කොණ්ඩඤ්ඤ බුදු රජුන් වනාහි රම්මවතී නම් නුවර විය. සුජාතා දේවිය හා සුනන්ද රජ මව්පියෝ වූහ. භද්ද, සුභද්ද දෙතරුණුවෝ අගසව් වූහ. උපස්ථායක අනුරුද්ධ තෙරණුවෝය. තිස්සා, උපතිස්සා දෙතෙරණියෝ අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය, සල් ගස විය. ශරීර දස ප්‍රමාණය අටඅසූ රියන් විය. ආයු ප්‍රමාණය ලක්‍ෂයකි. එහෙයින් කියන ලදි.

“දීපඞ‍්කරස‍්ස අපරෙන, කොණ‍්ඩඤ‍්ඤො නාම නායකො; අනන‍්තතෙජො අමිතයසො, අප‍්පමෙය්‍යො දුරාසදො”ති.

“දීපංකර බුදු රජුන්ට අපර භාගයෙහි අනන්ත තෙද ඇති පමණ කළ නො හැකි කීර්ති ඇති නො මිනිය හැකි ගුණ ඇති ළංවිය නො හැකි ලොවට නායක කොණ්ඩඤ්ඤ නම් බුදු රජහු පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා එකස‍්මිංයෙව කප‍්පෙ චතුරො බුද‍්ධා නිබ‍්බත‍්තිංසු මඞ‍්ගලො, සුමනො, රෙවතො, සොභිතොති. මඞ‍්ගලස‍්ස භගවතො තයො සන‍්නිපාතා අහෙසුං. තෙසු පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සං භික‍්ඛූ අහෙසුං, දුතියෙ කොටිසහස‍්සං, තතියෙ නවුතිකොටියො. වෙමාතිකභාතා කිරස‍්ස ආනන්‍දකුමාරො නාම නවුතිකොටිසඞ‍්ඛාය පරිසාය සද‍්ධිං ධම‍්මස‍්සවනත්‍ථාය සත්‍ථු සන‍්තිකං අගමාසි. සත්‍ථා තස‍්ස අනුපුබ‍්බිං කථං කථෙසි, සො සද‍්ධිං පරිසාය සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. සත්‍ථා තෙසං කුලපුත‍්තානං පුබ‍්බචරිතං ඔලොකෙන‍්තො ඉද‍්ධිමයපත‍්තචීවරස‍්ස උපනිස‍්සයං දිස‍්වා දක‍්ඛිණහත්‍ථං පසාරෙත්‍වා “එථ, භික‍්ඛවො”ති ආහ. සබ‍්බෙ තඞ‍්ඛණඤ‍්ඤෙව ඉද‍්ධිමයපත‍්තචීවරධරා සට‍්ඨිවස‍්සමහාථෙරා විය ආකප‍්පසම‍්පන‍්නා හුත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පරිවාරයිංසු. අයමස‍්ස තතියො සාවකසන‍්නිපාතො අහොසි.

කොණ්ඩඤ්ඤ බුදු රජුන්ට මෑත භාගයෙහි එක් අසංඛ්‍යයක් ඉක්මවා එක ම කපෙක බුදුවරු සතර නමක් පහළ වූහ. එනම් මංගල, සුමන, රේවත, ශෝභිත නමිනි. එයින් මංගල බුදු රජුන්ට සාවක සන්නිපාත තුනකි. පළමු සමාගමෙහි කෙළ සියයක් ශ්‍රාවකයෝ වූහ. දෙවැනි සමාගමෙහි කෙළ දහසකි. තුන් වැන්නෙහි අනූ කෙළකි. ඒ බුදු රජුන්ගේ සුළු මවුන්ගේ පුත්, සොහොයුරු ආනන්ද කුමාරයා නව කෙළක් පමණ පිරිස සමග දහම් ඇසීම සඳහා බුදු රජුන් වෙත එළැඹියේය. උන් වහන්සේ ඔවුන්ට අනුපිළිවෙල කථාව දෙසූහ. ආනන්ද කුමරු පිරිස මඟ පිළිසිඹියා සමග රහත් බවට පැමිණියේය. බුදු රජහු ඒ කුල පුතුන්ගේ පෙර අත්බැව් බලා සෘද්ධිමය පාසිවුරු ලැබීමේ පින දැක දකුණු අත දිගු කොට මහණෙනි, එව යි වදාළහ. ඒ සියල්ලන් ම එකෙණෙහි ම ඉඳුමය පාසිවුරු දරා සැට වස් පිරුණු මහා තෙරවරුන් මෙන් විය. ඔවුහු ශ්‍රමණ ආකල්පයෙන් යුතු ව බුදු රජුන් වැඳ පිරිවරා සිටියහ. මේ උන් වහන්සේගේ තෙවැනි ශාවක සන්නිපාතය විය.

යථා පන අඤ‍්ඤෙසං බුද‍්ධානං සමන‍්තා අසීතිහත්‍ථප‍්පමාණායෙව සරීරප‍්පභා අහොසි, න එවං තස‍්ස තස‍්ස පන භගවතො සරීරප‍්පභා නිච‍්චකාලං දසසහස‍්සිලොකධාතුං ඵරිත්‍වා අට‍්ඨාසි. රුක‍්ඛපථවිපබ‍්බතසමුද‍්දාදයො අන‍්තමසො උක‍්ඛලිකාදීනි උපාදාය සුවණ‍්ණපට‍්ටපරියොනද‍්ධා විය අහෙසුං. ආයුප‍්පමාණං පනස‍්ස නවුතිවස‍්සසහස‍්සානි අහොසි. එත‍්තකං කාලං චන්‍දිමසූරියාදයො අත‍්තනො පභාය විරොචිතුං නාසක‍්ඛිංසු, රත‍්තින්‍දිවපරිච‍්ඡෙදො න පඤ‍්ඤායිත්‍ථ. දිවා සූරියාලොකෙන විය සත‍්තා නිච‍්චං බුද‍්ධාලොකෙනෙව විචරිංසු, සායං පුප‍්ඵිතකුසුමානං, පාතො රවනකසකුණාදීනඤ‍්ච වසෙන ලොකො රත‍්තින්‍දිවපරිච‍්ඡෙදං සල‍්ලක‍්ඛෙසි.

මේ බුදු රජුන්ගේ විශේෂයක් නම්, අනෙක් බුදුවරුන්ගේ ශරීරාලෝකය අසූ රියනක් පමණ පැතිරුණ ද, මේ බුදු රජුන්ගේ ශරීරාලෝකය වනාහි දස දහසක් සක්වල පැතිර සිටියේය. ගස්, පොළොව, මුහුද ආදිය පමණක් නොව හැලි, වළං ආදිය පවා රන් පටකින් වැසුවාක් මෙන් විය. බුදු රජුන්ගේ ආයු ප්‍රමාණය අනූ දහසකි. මේ කාලය තුළ ම සඳ, හිරු ආදියට තම ආලෝකයෙන් බැබලෙන්නට නො හැකි විය. රෑ දවල් පිරිසිඳීමක් නො වීය. ජනයා බුද්ධාලෝකයෙන් ම දවල් කාර්යය කළේය. සවස පුබුදින මලින් ද අළුයම කුරුළු නාදයෙන් ද ජනයා රෑ දවල් පිරිසිඳ දත්තේය.

කිං පන අඤ‍්ඤෙසං බුද‍්ධානං අයමානුභාවො නත්‍ථීති? නො නත්‍ථි. තෙපි හි ආකඞ‍්ඛමානා දසසහස‍්සිං වා ලොකධාතුං තතො වා භිය්‍යො ආභාය ඵරෙය්‍යුං. මඞ‍්ගලස‍්ස පන භගවතො පුබ‍්බපත්‍ථනාවසෙන අඤ‍්ඤෙසං බ්‍යාමප‍්පභා විය සරීරප‍්පභා නිච‍්චකාලමෙව දසසහස‍්සිලොකධාතුං ඵරිත්‍වා අට‍්ඨාසි. සො කිර බොධිසත‍්තචරියකාලෙ වෙස‍්සන‍්තරසදිසෙ අත‍්තභාවෙ ඨිතො සපුත‍්තදාරො වඞ‍්කපබ‍්බතසදිසෙ පබ‍්බතෙ වසි. අථෙකො ඛරදාඨිකො නාම යක‍්ඛො මහාපුරිසස‍්ස දානජ‍්ඣාසයතං සුත්‍වා බ්‍රාහ‍්මණවණ‍්ණෙන උපසඞ‍්කමිත්‍වා මහාසත‍්තං ද‍්වෙ දාරකෙ යාචි. මහාසත‍්තො “දදාමි බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තකෙ”ති හට‍්ඨපහට‍්ඨො උදකපරියන‍්තං පථවිං කම‍්පෙන‍්තො ද‍්වෙපි දාරකෙ අදාසි. යක‍්ඛො චඞ‍්කමනකොටියං ආලම‍්බනඵලකං නිස‍්සාය ඨත්‍වා පස‍්සන‍්තස‍්සෙව මහාසත‍්තස‍්ස මූලකලාපෙ විය ද‍්වෙ දාරකෙ ඛාදි. මහාපුරිසස‍්ස යක‍්ඛං ඔලොකෙත්‍වා මුඛෙ විවටමත‍්තෙ අග‍්ගිජාලං විය ලොහිතධාරං උග‍්ගිරමානං තස‍්ස මුඛං දිස‍්වාපි කෙසග‍්ගමත‍්තම‍්පි දොමනස‍්සං න උප‍්පජ‍්ජි. “සුදින‍්නං වත මෙ දාන”න‍්ති චින‍්තයතො පනස‍්ස සරීරෙ මහන‍්තං පීතිසොමනස‍්ස උදපාදි. සො “ඉමස‍්ස මෙ නිස‍්සන්‍දෙන අනාගතෙ ඉමිනාව නීහාරෙන රස‍්මියො නික‍්ඛමන‍්තූ”ති පත්‍ථනං අකාසි. තස‍්ස තං පත්‍ථනං නිස‍්සාය බුද‍්ධභූතස‍්ස සරීරතො රස‍්මියො නික‍්ඛමිත්‍වා එත‍්තකං ඨානං ඵරිංසු.

අනෙක් බුදුවරුන්ට මෙවැනි ආනුභාවයක් නැත්තේ ද? නැත්තේ නො වෙයි. උන් වහන්සේලා කැමති වන්නාහු නම් දශ දහසක් සක්වල හෝ ඊට වඩා හෝ ආලෝකය පතුරුවන්ට සමත් විය. මංගල බුදු රජුන්ට වනාහි පෙර කළ ප්‍රාර්ථනා වශයෙන් අනෙක් බුදුවරුන්ගේ බඹයක් පමණ පැතිරී යන ශරීර ප්‍රභාව වෙනුවට මේ ශරීර ප්‍රභාව දස දහසක් සක්වල පැතිරිණි. ඒ මංගල බුදු රජාණෝ බෝසත් කල වෙස්සන්තර සමාන අත් බැව්හි වංකගිරිය සමාන පර්වතයක අඹුදරුවන් සමග වාසය කළහ. එකල එක් ඛරදාඨික නම් යක්‍ෂයකු බෝසතුන්ගේ දන් දීමේ ආශාව දැන බමුණු වෙසින් පැමිණ දරු දෙදෙනා ඉල්ලීය. බෝසත්හු බමුණාට දරුවන් දන් දෙමි යි තුටුපහටු ව ජලය කෙළවර කොට මහා පොළොව කම්පා කොට දරු දෙදෙනා දන් දිනි. යක්‍ෂයා සක්මන් කෙළවර පුවරුව ළඟ සිට බෝසතුන් බලා සිටියදී ම නෙළුම් අල මිටියක් මෙන් දරු දෙදෙනා කෑවේය. යක්‍ෂයා මුව විවර කරත් මගිනි ජාලයක් මෙන් වැගිරෙන ලේ ධාරාව දැක බෝසතුන්ට කෙසඟක් පමණ වූ හෝ දොම්නසක් නො වීය. මවිසින් දෙන ලද දානය ඉතා යහපතැ යි සිතත් ම ප්‍රීතියෙන් පිනා ගියේය. බෝසත්හු මේ පිනින් මේ ආකාරයෙන් ම ශරීරයෙන් මේ ආලෝක ධාරා නික්මෙවා යි පැතීය. බෝසතුන්ගේ මේ ප්‍රාර්ථනය නිසා බුද්ධත්වයට පත් කල්හි රශ්මිය නිකුත්ව මෙපමණ දුරක් පැතිරිණි.

අපරම‍්පිස‍්ස පුබ‍්බචරිතං අත්‍ථි. සො කිර බොධිසත‍්තකාලෙ එකස‍්ස බුද‍්ධස‍්ස චෙතියං දිස‍්වා “ඉමස‍්ස බුද‍්ධස‍්ස මයා ජීවිතං පරිච‍්චජිතුං වට‍්ටතී”ති දණ‍්ඩදීපිකාවෙඨනනියාමෙන සකලසරීරං වෙඨාපෙත්‍වා රතනමත‍්තමකුළං සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණපාතිං සප‍්පිස‍්ස පූරාපෙත්‍වා තත්‍ථ සහස‍්සවට‍්ටියො ජාලාපෙත්‍වා තං සීසෙනාදාය සකලසරීරං ජාලාපෙත්‍වා චෙතියං පදක‍්ඛිණං කරොන‍්තො සකලරත‍්තිං වීතිනාමෙසි. එවං යාව අරුණුග‍්ගමනා වායමන‍්තස‍්සාපිස‍්ස ලොමකූපමත‍්තම‍්පි උසුමං න ගණ‍්හි. පදුමගබ‍්භං පවිට‍්ඨකාලො විය අහොසි. ධම‍්මො හි නාමෙස අත‍්තානං රක‍්ඛන‍්තං රක‍්ඛති. තෙනාහ භගවා –

ඒ බෝසතුන් පිළිබඳ ව තවත් පූර්ව චරිතයක් ඇත. හෙතෙම බෝසත් කල එක් බුදුන් වහන්සේ නමකගේ සෑයක් දවා මේ බුදු රජුන්ට මවිසින් ජීවිතය පරිත්‍යාග කළ යුතුයැ යි සිතා මුළු සිරුර දඬුවැට පහනක් මෙන් වෙළා රියනක් පමණ ඇති ලක්‍ෂයක් අගනා පාත්‍රයක් ගිතෙලින් පුරවා එහි දහසක් පහන් වැටි දල්වා එම පාත්‍රය හිසින් ගෙන සිරුරට ගිනි දල්වා සෑය පැදකුණු කරමින් මුළු රාත්‍රිය ම ගත කළේය. මෙසේ අරුණෝදය දක්වා උත්සාහ කළ ද රෝම කූපයක් පමණදු උණුසුමක් නො දැනුණේය. පියුම් ගැබකට පිවිසි මලක් මෙන් විය. ධර්මය වනාහි තමා රකින්නකි. එහෙයින් බුදු රජහු වදාළහ -

“ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං, ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති; එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී”ති. (ථෙරගා· 303; ජා· 1.10.102; 1.15.385);

ධර්මය වනාහි ධර්මයෙහි හැසිරෙන්නා රකී. ධර්මය පුරුදු පුහුණු කළේ, සැප ගෙන දෙයි. ධර්මයෙහි හැසිරීමෙහි ආනිශංසයයි.

ඉමස‍්සාපි කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන තස‍්ස භගවතො සරීරොභාසො දසසහස‍්සිලොකධාතුං ඵරිත්‍වා අට‍්ඨාසි.

මෙම කර්ම විපාක බලයෙන් ද ඒ මංගල බුදු රජුන්ගේ ශරීරාලෝකය දශ දහසක් ලෝක ධාතුවෙහි පැතිර සිටියේය.

තදා අම‍්හාකං බොධිසත‍්තො සුරුචි නාම බ්‍රාහ‍්මණො හුත්‍වා “සත්‍ථාරං නිමන‍්තෙස‍්සාමී”ති උපසඞ‍්කමිත්‍වා මධුරධම‍්මකථං සුත්‍වා “ස‍්වෙ මය‍්හං භික‍්ඛං ගණ‍්හථ, භන‍්තෙ”ති ආහ. බ්‍රාහ‍්මණ, කිත‍්තකෙහි තෙ භික‍්ඛූහි අත්‍ථොති? “කිත‍්තකා පන වො, භන‍්තෙ, පරිවාරභික‍්ඛූ”ති ආහ. තදා පන සත්‍ථු පඨමසන‍්නිපාතොයෙව හොති, තස‍්මා “කොටිසතසහස‍්ස”න‍්ති ආහ. භන‍්තෙ, සබ‍්බෙහිපි සද‍්ධිං මය‍්හං ගෙහෙ භික‍්ඛං ගණ‍්හථාති. සත්‍ථා අධිවාසෙසි. බ්‍රාහ‍්මණො ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා ගෙහං ගච‍්ඡන‍්තො චින‍්තෙසි – “අහං එත‍්තකානං භික‍්ඛූනං යාගුභත‍්තවත්‍ථාදීනි දාතුං සක‍්කොමි, නිසීදනට‍්ඨානං පන කථං භවිස‍්සතී”ති.

එදවස අප බෝසතාණෝ සුරුචි නම් බමුණකු ව ඉපිද බුදු රජුන්ට ආරාධනා කරමි යි ගොස් මිහිරි කථා අසා ස්වාමීනි, හෙට දවසට මගේ දානය පිළිගනු මැනවැ යි කීය. බුදු රජහු බමුණ, ඔබට කොතෙක් භික්‍ෂූන් ප්‍රමාණවත් ද? ස්වාමීනි, ඔබ වහන්සේගේ පිරිවර සංඝයා කොතෙක් ද? එදින ඒ බුදු රජුන්ගේ ප්‍රථම සංඝ සන්නිපාත දිනය විය. බමුණ, භික්‍ෂු ගණන කෙළ ලක්‍ෂයකි. ස්වාමීනි, ඒ සියලු භික්‍ෂූන් සමග හෙට දවසෙහි භික්‍ෂාව පිළිගනු මැනව. බුදු රජහු බමුණු ආරාධනය පිළිගත්හ. බමුණා ආරාධනා කොට ගෙට යමින් සිතන්නට විය. මම මෙපමණ භික්‍ෂු සංඝයාට කැඳ, බත්, වස්ත්‍ර ආදිය දීමට නො හැක්කේ නො වෙමි. එහෙත් වැඩ සිටින ස්ථානයක් කෙසේ නම් දෙන්නේදැ යි සිතන්නේ,

තස‍්ස සා චින‍්තා චතුරාසීතියොජනසහස‍්සමත්‍ථකෙ ඨිතස‍්ස දෙවරඤ‍්ඤො පණ‍්ඩුකම‍්බලසිලාසනස‍්ස උණ‍්හභාවං ජනෙසි. සක‍්කො “කො නු ඛො මං ඉමම‍්හා ඨානා චාවෙතුකාමො”ති දිබ‍්බචක‍්ඛුනා ඔලොකෙන‍්තො මහාපුරිසං දිස‍්වා “සුරුචි නාම බ්‍රාහ‍්මණො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා නිසීදනට‍්ඨානත්‍ථාය චින‍්තෙසි, මයාපි තත්‍ථ ගන‍්ත්‍වා පුඤ‍්ඤකොට‍්ඨාසං ගහෙතුං වට‍්ටතී”ති වඩ‍්ඪකිවණ‍්ණං නිම‍්මිනිත්‍වා වාසිඵරසුහත්‍ථො මහාපුරිසස‍්ස පුරතො පාතුරහොසි. සො “අත්‍ථි නු ඛො කස‍්සචි භතියා කත‍්තබ‍්බ”න‍්ති ආහ. මහාපුරිසො තං දිස‍්වා “කිං කම‍්මං කරිස‍්සසී”ති ආහ. “මම අජානනසිප‍්පං නාම නත්‍ථි, ගෙහං වා මණ‍්ඩපං වා යො යං කාරෙති, තස‍්ස තං කාතුං ජානාමී”ති. “තෙන හි මය‍්හං කම‍්මං අත්‍ථී”ති. “කිං අය්‍යා”ති? “ස‍්වාතනාය මෙ කොටිසතසහස‍්සභික‍්ඛූ නිමන‍්තිතා, තෙසං නිසීදනමණ‍්ඩපං කරිස‍්සසී”ති. “අහං නාම කරෙය්‍යං, සචෙ මම භතිං දාතුං සක‍්ඛිස‍්සථා”ති. “සක‍්ඛිස‍්සාමි තාතා”ති. “සාධු කරිස‍්සාමී”ති ගන‍්ත්‍වා එකං පදෙසං ඔලොකෙසි, ද‍්වාදසතෙරසයොජනප‍්පමාණො පදෙසො කසිණමණ‍්ඩලං විය සමතලො අහොසි. සො “එත‍්තකෙ ඨානෙ සත‍්තරතනමයො මණ‍්ඩපො උට‍්ඨහතූ”ති චින‍්තෙත්‍වා ඔලොකෙසි. තාවදෙව පථවිං භින්‍දිත්‍වා මණ‍්ඩපො උට‍්ඨහි. තස‍්ස සොවණ‍්ණමයෙසු ථම‍්භෙසු රජතමයා ඝටකා අහෙසුං, රජතමයෙසු සොවණ‍්ණමයා, මණිත්‍ථම‍්භෙසු පවාළමයා, පවාළත්‍ථම‍්භෙසු මණිමයා, සත‍්තරතනමයෙසු සත‍්තරතනමයාව ඝටකා අහෙසුං . තතො “මණ‍්ඩපස‍්ස අන‍්තරන‍්තරෙන කිඞ‍්කිණිකජාලං ඔලම‍්බතූ”ති ඔලොකෙසි, සහ ඔලොකනෙනෙව කිඞ‍්කිණිකජාලං ඔලම‍්බි, යස‍්ස මන්‍දවාතෙරිතස‍්ස පඤ‍්චඞ‍්ගිකස‍්සෙව තූරියස‍්ස මධුරසද‍්දො නිග‍්ගච‍්ඡති, දිබ‍්බසඞ‍්ගීතිවත‍්තනකාලො විය හොති. “අන‍්තරන‍්තරා ගන්‍ධදාමමාලාදාමානි ඔලම‍්බන‍්තූ”ති චින‍්තෙසි, දාමානි ඔලම‍්බිංසු. “කොටිසතසහස‍්සසඞ‍්ඛානං භික‍්ඛූනං ආසනානි ච ආධාරකානි ච පථවිං භින්‍දිත්‍වා උට‍්ඨහන‍්තූ”ති චින‍්තෙසි, තාවදෙව උට‍්ඨහිංසු. “කොණෙ කොණෙ එකෙකා උදකචාටියො උට‍්ඨහන‍්තූ”ති චින‍්තෙසි, උදකචාටියො උට‍්ඨහිංසු.

බමුණාගේ මේ සිතිවිල්ල යොදුන් අසූහාර දහසක් උස මෙර මුදුනෙහි තව්තිසාවෙහි සිටි සක් දෙවිඳුගේ පඬු ඇඹුල් අස්නට උණුසුමක් දැනවීය. සක් දෙවිඳු කවරකු මා මේ දිව්‍යය රාජ්‍යයෙන් පහ කරනු කැමැත්තෝ දෝයි දිවසින් බලන්නේ, බෝසතුන් දැක සුරුචි බ්‍රාහ්මණයා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ආරාධනා කොට වැඩ සිටිනා තැනක් පිළිබඳ ව සිතයි. මා ද එහි ගොස් පුණ්‍ය කර්මයට සහභාගී වීම වටීයැ යි වඩුවකුගේ වේෂය ගෙන වෑපොරෝ ගත් අත් ඇති ව මහසත්හුගේ ඉදිරියෙහි පෙනී සිටියේය. කිසිවකු හට බැලයකුගෙන් ප්‍රයෝජන ඇත්දැ යි ඇසීය. බෝසත්හු ඔහු දැක ඔබ කවර නම් වැඩ දන්නෙහි ද? මා නො දන්නා ශිල්පයක් නැත. ගෙයක් හෝ මණ්ඩපයක් හෝ යමක් අවශ්‍ය නම් ඒ කිරීමට මම දනිමි. එසේ නම් මට අවශ්‍ය එක කාර්යයක් ඇත. උතුමාණෙනි, ඒ කුමක් ද? හෙට දිනයේ දානය සඳහා මවිසින් කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු ආරාධනා කරන ලදහ. උන් වහන්සේලාට වැඩ සිටීමට මණ්ඩපයක් කරන්නෙහිදැ යි ඇසීය. ඉදින් මට වේතනය දියහැකි නම් කරන්නෙමි. දරුව, වේතන දීමට හැකිවෙමි යි වඩු වේශධාරී සක් දෙවිඳු, එසේ නම් කරන්නෙමි යි ගොස් එක් ප්‍රදේශයක් දෙස බැලීය. එකෙණෙහි දොළොස් කෙළක් යොදුනක් ප්‍රමාණ භූමිය කසින මණ්ඩපයක් මෙන් සමතලා විය. අනතුරු ව සක් දෙවිඳු මෙතෙක් භූමි ප්‍රදේශයක සත් රුවනින් සෑදුණු මණ්ඩපයක් පැන නඟීවා යි සිතා එදෙස බැලීය. එකෙනෙහි ම පොළොව දෙබෑ කොට මණ්ඩපයක් පැන නැංගේය. එහි රන් ටැඹවල රිදීමය කළ වැට විය. රිදී ටැඹවල රන් කළ විය. මැණික් ටැඹවල මැණික කළ ද නන්රුවන් ටැඹවල සත් රුවන්මය කළ ද විය. ඉන්පසු මණ්ඩපයෙහි අතරතුර කිකිණි දැල් එල්වේවා යි එදෙස බැලීය. මාරුතයෙන් සෙලවෙන කිකිණි දැල්වලින් පඤ්ච තූර්ය නාදය නිකුත් විය. දිව්‍යමය සංගීතයක් පවතින කාලයක් මෙන් මෙනි. අතරතුර සුවඳ මල් දම් එල්වේවා යි සිතීය. ඒ සමග ම මල් දම් එල්විණි. අනතුරු ව කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේට අසුන් හා පාත්‍රාධාර පොළොව බිඳගෙන පැන නඟීවා යි සිතී. කොන් කොන්වල දිය සුළි පැන නැඟුණි.

එත‍්තකං මාපෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “එහි අය්‍ය, තව මණ‍්ඩපං ඔලොකෙත්‍වා මය‍්හං භතිං දෙහී”ති ආහ. මහාපුරිසො ගන‍්ත්‍වා මණ‍්ඩපං ඔලොකෙසි, ඔලොකෙන‍්තස‍්සෙවස‍්ස සකලසරීරං පඤ‍්චවණ‍්ණාය පීතියා නිරන‍්තරං ඵුටං අහොසි. අථස‍්ස මණ‍්ඩපං ඔලොකයතො එතදහොසි – “නායං මණ‍්ඩපො මනුස‍්සභූතෙන කතො, මය‍්හං පන අජ‍්ඣාසයං මය‍්හං ගුණං ආගම‍්ම අද‍්ධා සක‍්කභවනං උණ‍්හං අහොසි, තතො සක‍්කෙන දෙවරඤ‍්ඤා අයං මණ‍්ඩපො කාරිතො භවිස‍්සතී”ති. “න ඛො පන මෙ යුත‍්තං එවරූපෙ මණ‍්ඩපෙ එකදිවසංයෙව දානං දාතුං, සත‍්තාහං දස‍්සාමී”ති චින‍්තෙසි. බාහිරකදානඤ‍්හි කිත‍්තකම‍්පි සමානං බොධිසත‍්තානං තුට‍්ඨිං කාතුං න සක‍්කොති, අලඞ‍්කතසීසං පන ඡින්‍දිත්‍වා අඤ‍්ජිතඅක‍්ඛීනි උප‍්පාටෙත්‍වා හදයමංසං වා උබ‍්බට‍්ටෙත්‍වා දින‍්නකාලෙ බොධිසත‍්තානං චාගං නිස‍්සාය තුට‍්ඨි නාම හොති. අම‍්හාකම‍්පි හි බොධිසත‍්තස‍්ස සිවිජාතකෙ දෙවසිකං පඤ‍්ච කහාපණසතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා චතූසු ද‍්වාරෙසු නගරමජ‍්ඣෙ ච දානං දෙන‍්තස‍්ස තං දානං චාගතුට‍්ඨිං උප‍්පාදෙතුං නාසක‍්ඛි. යදා පනස‍්ස බ්‍රාහ‍්මණවණ‍්ණෙන ආගන‍්ත්‍වා සක‍්කො දෙවරාජා අක‍්ඛීනි යාචි, තදා තානි උප‍්පාටෙත්‍වා දදමානස‍්සෙව හාසො උප‍්පජ‍්ජි, කෙසග‍්ගමත‍්තම‍්පි චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං නාහොසි. එවං දානං නිස‍්සාය බොධිසත‍්තානං තිත‍්ති නාම නත්‍ථි. තස‍්මා සොපි මහාපුරිසො “සත‍්තාහං මයා කොටිසතසහස‍්සසඞ‍්ඛානං භික‍්ඛූනං දානං දාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා තස‍්මිං මණ‍්ඩපෙ බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිසීදාපෙත්‍වා සත‍්තාහං ගවපානං නාම දානං අදාසි. ගවපානන‍්ති මහන‍්තෙ මහන‍්තෙ කොලම‍්බෙ ඛීරස‍්ස පූරෙත්‍වා උද‍්ධනෙසු ආරොපෙත්‍වා ඝනපාකපක‍්කෙ ඛීරෙ ථොකෙ තණ‍්ඩුලෙ පක‍්ඛිපිත්‍වා පක‍්කමධුසක‍්කරාචුණ‍්ණසප‍්පීහි අභිසඞ‍්ඛතං භොජනං වුච‍්චති. මනුස‍්සායෙව පන පරිවිසිතුං නාසක‍්ඛිංසු, දෙවාපි එකන‍්තරිකා හුත්‍වා පරිවිසිංසු. ද‍්වාදසතෙරසයොජනප‍්පමාණං ඨානම‍්පි භික‍්ඛූ ගණ‍්හිතුං නප‍්පහොසියෙව. තෙ පන භික‍්ඛූ අත‍්තනො අත‍්තනො ආනුභාවෙන නිසීදිංසු. පරියොසානදිවසෙ සබ‍්බභික‍්ඛූනං පත‍්තානි ධොවාපෙත්‍වා භෙසජ‍්ජත්‍ථාය සප‍්පිනවනීතමධුඵාණිතාදීනි පූරෙත්‍වා තිචීවරෙහි සද‍්ධිං අදාසි, සඞ‍්ඝනවකභික‍්ඛුනා ලද‍්ධචීවරසාටකා සතසහස‍්සග‍්ඝනකා අහෙසුං.

සක් දෙවිඳු මෙතෙක් දේ මවා බමුණු වෙත ගොස් උතුමාණනි, ඔබගේ මණ්ඩපය බලා මගේ වේතනය දෙනු මැනවැ යි කීය. බෝසත්හු මණ්ඩපය දකිත් ම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියහ. මෙසේ ද සිතූහ. මේ මණ්ඩපය මනුෂ්‍යයකු විසින් කරන ලද්දක් නො වේ. ඒකාන්තයෙන් මගේ දාන චේතනාව නිසා සක් දෙවිඳුගේ භවනය උණුසුම් වූවා විය යුතුයි. ඒ නිසා ඔහු විසින් කළ මණ්ඩපයක් විය යුතුය. මෙවැනි මණ්ඩපයක එක් දවසක් දන් දීම තරම් නො වේ. සත් දවසක් ම දන් දෙමි යි සිතීය. බෝසත්වරුන්ට කෙත් වතු ආදි බාහිර දාන කොතෙක් වුව ද තෘප්තියක් ඇති නො වේ. අලංකාර කළ හිස සිඳ හෝ අඳුන් ගෑමෙන් සැරසූ ඇස් උගුලා හෝ හෘදය මාංශ ගලවා හෝ දන් දුන් කල සතුට ඇති වේ. සිව් ජාතකයෙහි අප බෝසතුන් දිනපතා කහවණු පස් අමුණක් වියදම් කොට නගරයෙන් සතර දොරටුවේ සහ මැද දන් දෙද්දීත් පරිත්‍යාගය පිළිබඳ සතුටක් උපදවීමට නො හැකි විය. යම් දවසක බමුණු වෙසින් ආ සක් දෙවිඳු ඇස් ඉල්ලී ද එදින ඇස් උගුලා දන් දෙන බෝසතුන්ට සතුට ඇති විය. කෙසඟක් පමණ වුව ද සිතෙහි වෙනස් බවක් ඇති නො වීය. මේ අනුව පරිත්‍යාගයෙන් බෝසතුන්ට තෘප්තියක් ඇති නො වේ. මේ අනුව බෝසතාණෝ මවිසින් කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේට දන් දිය යුතුයැ යි සිතා ඒ මණ්ඩපයෙහි වඩා හිඳුවා ගවපාන නම් දානය දුන්හ. ගවපාන නම් මහත් හැළිවල කිරි පුරවා ලිප තබා ඝන ව පිසුණු කල්හි පිසින ලද මී සකුරුසුණු ගිතෙලින් අනන ලද භෝජනය වෙයි. මිනිස්සු පමණක් භික්‍ෂූන් වහන්සේ වැළඳවීමට නො හැකි වූහ. දෙවියෝ ද අතරට පිවිස වැළඳූහ. දොළොස් කෙළක් භූමිය ද භික්‍ෂූන් වහන්සේට ප්‍රමාණවත් නො වීය. උන් වහන්සේලා තමන්ගේ සෘද්ධි බලයෙන් වැඩ සිටියහ. අවසන් දිනයෙහි සියලු භික්‍ෂූන්ගේ පාත්‍ර සෝදා බෙහෙත් පිණිස ගිතෙල්, වෙඬරු, මීපැණි ආදිය පුරවා තුන් සිවුරු සමග පූජා කළහ. සංඝ නවක භික්‍ෂුව විසින් ලද චීවර වස්ත්‍රය ලක්‍ෂයක් වටිනේ විය.

සත්‍ථා අනුමොදනං කරොන‍්තො “අයං පුරිසො එවරූපං මහාදානං අදාසි, කො නු ඛො භවිස‍්සතී”ති උපධාරෙන‍්තො “අනාගතෙ කප‍්පසතසහස‍්සාධිකානං ද‍්වින‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති දිස‍්වා මහාපුරිසං ආමන‍්තෙත්‍වා “ත්‍වං එත‍්තකං නාම කාලං අතික‍්කමිත්‍වා ගොතමො නාම බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. මහාපුරිසො බ්‍යාකරණං සුත්‍වා “අහං කිර බුද‍්ධො භවිස‍්සාමි, කො මෙ ඝරාවාසෙන අත්‍ථො, පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තථාරූපං සම‍්පත‍්තිං ඛෙළපිණ‍්ඩං විය පහාය සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ආයුපරියොසානෙ බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති.

බුදුරජාණෝ අනුමෝදනා කරන්නහු, මේ මහා පුරුෂයා මෙබඳු මහා දානයක් දෙන්නේ, කවරකු වන්නේදැ යි බලන්නාහු, දෙඅසංඛ්‍යය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ගෞතම නමින් බුදුවන බව දැක මහා පුරුෂයන් අමතා ඔබ මෙතෙක් කාලයක් ඉක්ම ගිය පසු ගෞතම නමින් බුදු වන්නෙහි යි විවරණය කළහ. බෝසතාණෝ විවරණය අසා මම අනාගතයෙහි බුදු වන්නෙමි. එසේ නම් මට ගිහි ගෙයින් ඇති ප්‍රයෝජනය කුමක් ද? පැවිදි වන්නෙමි යි සිතා ඒ තරම් මහත් වූ සැපත කෙළ පිඬක් මෙන් හැර බුදු රජුන් වෙත පැවිදි ව බුද්ධ වචනය උගෙන අභිඥා සහ සමාපත්තීන් උපදවා ආයු කෙළවර බඹලොව උපන්හ.

මඞ‍්ගලස‍්ස පන භගවතො නගරං උත‍්තරං නාම අහොසි, පිතාපි උත‍්තරො නාම ඛත‍්තියො, මාතාපි උත‍්තරා නාම දෙවී, සුදෙවො ච ධම‍්මසෙනො ච ද‍්වෙ අග‍්ගසාවකා, පාලිතො නාමුපට‍්ඨාකො, සීවලී ච අසොකා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි, අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි. නවුතිවස‍්සසහස‍්සානි ඨත්‍වා පරිනිබ‍්බුතෙ පන තස‍්මිං භගවති එකප‍්පහාරෙනෙව දස චක‍්කවාළසහස‍්සානි එකන්‍ධකාරානි අහෙසුං. සබ‍්බචක‍්කවාළෙසු මනුස‍්සානං මහන‍්තං ආරොදනපරිදෙවනං අහොසි.

මංගල බුදු රජුන්ගේ නගරය උත්තම නම් විය. උත්තරා උත්තරා දෙදෙන මව්පියෝ වූහ. සුදෙව් ධම්මසේන යන තෙරවරු දෙඅග සව්වෝ වූහ. පාලිත තෙරහු උපස්ථායක වූහ. සීළුලී අශෝකා දෙතෙරණියෝ අග්‍ර ශ්‍රාවිකා වූහ. නා රුක බෝධිය විය. ශරීරයේ උස ප්‍රමාණය අටඅසූ රියනක් විය. අනූ දහසක් වැඩ සිට පිරිනිවි කල්හි දස දහසක් සක්වල එකවර ම ඝනාන්ධකාරය විය. සියලු සක්වල මිනිස්සු එක පැහැර හැඬූහ.

“කොණ‍්ඩඤ‍්ඤස‍්ස අපරෙන, මඞ‍්ගලො නාම නායකො; තමං ලොකෙ නිහන‍්ත්‍වාන, ධම‍්මොක‍්කමභිධාරයී”ති.

“කොණ්ඩඤ්ඤ බුදු රජුන්ට මෑත භාගයෙහි මංගල නම් බුදු රජුන් ලෝකයෙහි මෝහාන්ධකාරය නසා දහම් නැමැති ප්‍රදීපය දැරූහ.”

එවං දසසහස‍්සිලොකධාතුං අන්‍ධකාරං කත්‍වා පරිනිබ‍්බුතස‍්ස තස‍්ස භගවතො අපරභාගෙ සුමනො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සභික‍්ඛූ අහෙසුං, දුතියෙ කඤ‍්චනපබ‍්බතම‍්හි නවුතිකොටිසහස‍්සානි, තතියෙ අසීතිකොටිසහස‍්සානි. තදා මහාසත‍්තො අතුලො නාම නාගරාජා අහොසි මහිද‍්ධිකො මහානුභාවො. සො “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා ඤාතිසඞ‍්ඝපරිවුතො නාගභවනා නික‍්ඛමිත්‍වා කොටිසතසහස‍්සභික‍්ඛුපරිවාරස‍්ස තස‍්ස භගවතො දිබ‍්බතූරියෙහි උපහාරං කාරෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා පච‍්චෙකං දුස‍්සයුගානි දත්‍වා සරණෙසු පතිට‍්ඨාසි. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො නගරං ඛෙමං නාම අහොසි, සුදත‍්තො නාම රාජා පිතා, සිරිමා නාම මාතා, සරණො ච භාවිතත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, උදෙනො නාමුපට‍්ඨාකො, සොණා ච උපසොණා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි, නවුතිහත්‍ථුබ‍්බෙධං සරීරං, නවුතියෙව වස‍්සසහස‍්සානි ආයුප‍්පමාණං අහොසි.

දස දහසක් ලෝක ධාතු අඳුරු කොට පිරිනිවි මංගල බුදු රජුන්ට මෑත භාගයෙහි සුමන බුදු රජාණෝ ලොව පහළ වූහ. උන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. ප්‍රථම සමාගමෙහි කෙළ ලක්‍ෂයකි. කඤ්චන පර්වතයෙහි දෙවැනි සමාගමෙහි අනූ කෙළ දහසකි. තෙවැන්නෙහි අසූ කෙළ දහසකි. එදවස බෝසතාණෝ මහත් සෘද්ධි ආනුභාව ඇති අතුල නම් නාග රාජ ව උපන්හ. ඔහු බුදු රජුන් ලොව උපන්නැ යි අසා ඤාති සමූහයා පිරිවරා නාග භවනයෙන් නික්ම කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවරන ලද බුදු රජුන්ට දිව්‍යමය තූර්ය නාදයෙන් උපහාර දක්වා මහදන් දී වෙන වෙන ම පිළි සඟල දී සරණයෙහි පිහිටියේය. ඒ බුදු රජාණෝ ද මොහු අනාගතයෙහි බුද්ධත්වය ලබන බව ප්‍රකාශ කළහ. ඒ බුදු රජුන්ගේ නගරය ඛේම නම් විය. සුදන්ත රජ පිය වූයේය. සිරිමා දේවිය මව් වූවාය. සරණ සහ භාවිතත්ත තෙරවරු අගසව් වූවෝය. උදේන තෙරණුවෝ උපස්ථායක වූහ. සෝණා සහ උපසෝණා යන තෙරණියෝ අග්‍ර ශ්‍රාවිකා වූහ. නා ගස බෝධිය විය. ශ්‍රී ශරීරයේ උස අනූ රියනකි. ආයු කාලය වසර අනූ දහසකි.

“මඞ‍්ගලස‍්ස අපරෙන, සුමනො නාම නායකො; සබ‍්බධම‍්මෙහි අසමො, සබ‍්බසත‍්තානමුත‍්තමො”ති.

“මංගල බුදු රජුන්ට මෑත භාගයෙහි සියලු ධර්මයන්හි අසම වූ සියලු සත්ත්වයන්ට උතුම් වූ සුමන බුදු රජහු ලොව පහළ විය.”

තස‍්ස අපරභාගෙ රෙවතො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ ගණනා නත්‍ථි, දුතියෙ කොටිසතසහස‍්සභික‍්ඛූ අහෙසුං, තථා තතියෙ. තදා බොධිසත‍්තො අතිදෙවො නාම බ්‍රාහ‍්මණො හුත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය සිරස‍්මිං අඤ‍්ජලිං ඨපෙත්‍වා තස‍්ස සත්‍ථුනො කිලෙසප‍්පහානෙ වණ‍්ණං වත්‍වා උත‍්තරාසඞ‍්ගෙන පූජං අකාසි. සොපි නං “බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො නගරං ධඤ‍්ඤවතී නාම අහොසි, පිතා විපුලො නාම ඛත‍්තියො, මාතාපි විපුලා නාම දෙවී, වරුණො ච බ්‍රහ‍්මදෙවො ච ද‍්වෙ අග‍්ගසාවකා, සම‍්භවො නාමුපට‍්ඨාකො, භද‍්දා ච සුභද‍්දා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛොව බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, ආයු සට‍්ඨි වස‍්සසහස‍්සානීති.

ඒ බුදු රජුන්ට මෑත භාගයෙහි රේවත නම් බුදු රජාණෝ පහළ වූහ. උන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථමයෙහි ගණනෙහි ප්‍රමාණයක් නැත. දෙවැන්නෙහි කෙළ ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. තෙවැන්නෙහි ද එපමණ මය. බෝසතාණෝ අතිදේව නම් බ්‍රාහ්මණයකුව ඉපිද බුදු රජුන්ගෙන් දහම් අසා සරණ ශීලයෙහි පිහිටා හිසෙහි ඇඳිලි බැඳ ඒ බුදු රජුන්ගේ කෙළෙස් ප්‍රහාණය පිළිබඳ ගුණ වනමින් උතුරු සළුවෙන් පූජා කොට සිටියේය. ඒ බුදු රජහු ද මොහු මතු බුදු වන බව වදාළහ. ඒ බුදු රජුන්ගේ නගරය ධඤ්ඤවතී නම් විය. විපුල නම් රජු පියා විය. විපුලා නම් දේවිය මව වූවාය. වරණ, බ්‍රහ්මදේව තෙරවරු අග සව් වූහ. සම්භව තෙරණුවෝ උපස්ථායක විය. භද්‍රා සහ සුභද්‍රා තෙරණියෝ අග්‍ර ශ්‍රාවිකා වූහ. නාග වෘක්‍ෂය බෝධිය විය. ශ්‍රී ශරීරය අසූ රියනක් උස් විය. ආයු ප්‍රමාණය හැට දහසකි.

“සුමනස‍්ස අපරෙන, රෙවතො නාම නායකො; අනූපමො අසදිසො, අතුලො උත‍්තමො ජිනො”ති.

“සුමන බුදු රජුන්ට මෑත භාගයෙහි ලොවට නායක උපමා කළ නො හැකි සම කෙනකු නො දැක්විය හැකි මැනීමෙන් දැක්විය නො හැකි ගුණ ඇති රේවත බුදු රජාණෝ ලොව පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ සොභිතො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ කොටිසතභික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො අජිතො නාම බ්‍රාහ‍්මණො හුත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදාසි. සොපි නං “බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො සුධම‍්මං නාම නගරං අහොසි, පිතාපි සුධම‍්මො නාම රාජා, මාතාපි සුධම‍්මා නාම දෙවී, අසමො ච සුනෙත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, අනොමො නාමුපට‍්ඨාකො, නකුලා ච සුජාතා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛොව බොධි, අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, නවුති වස‍්සසහස‍්සානි ආයුප‍්පමාණන‍්ති.

ඒ බුදු රජුන්ට මෑත භාගයෙහි ශෝභිත නම් බුදු රජාණෝ පහළ වූහ. උන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනක් විය. පළමු සමාගමෙහි කෙළ සියයක් ශ්‍රාවකයෝ වූහ. එදවස බෝසතාණෝ අජිත බ්‍රාහ්මණ නමින් ඉපිද බුදු රජුන්ගෙන් බණ අසා බුදු රජුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දුන්නේය. ඒ බුදු රජහු ද මතු බුදු වන්නේයැ යි විවරණ දුන්හ. ඒ බුදු රජුන්ගේ නගරය සුධම්ම නම් විය. පියා සුධම්ම නම් රජු වයේය. මව සුධම්මා නම් වූවාය. අසම සහ සුනෙත්ත තෙරවරු අග සව් වූහ. අනෝම තෙරණුවෝ උපස්ථායක වූහ. නකුලා හා සුජාතා තෙරණියෝ අග සැවියෝ වූහ. නාග වෘක්‍ෂය බෝධිය විය. ශ්‍රී ශරීරය අටපනස් රියනක් විය. අනූ දහසක් ආයු ප්‍රමාණය විය.

“රෙවතස‍්ස අපරෙන, සොභිතො නාම නායකො; සමාහිතො සන‍්තචිත‍්තො, අසමො අප‍්පටිපුග‍්ගලො”ති.

“තෙවන බුදු රජාණන්ට මෑත භාගයෙහි ලෝක නායක, සමාධියෙන් යුත්, සන්සුන් සිත් ඇති, සමාන වෙනත් අයකු නැති ශෝභිත බුදු රජාණෝ ලොව පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා එකස‍්මිංයෙව කප‍්පෙ තයො බුද‍්ධා නිබ‍්බත‍්තිංසු අනොමදස‍්සී පදුමො නාරදොති. අනොමදස‍්සිස‍්ස භගවතො තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ භික‍්ඛූ අට‍්ඨසතසහස‍්සානි අහෙසුං, දුතියෙ සත‍්ත, තතියෙ ඡ. තදා බොධිසත‍්තො එකො යක‍්ඛසෙනාපති අහොසි මහිද‍්ධිකො මහානුභාවො අනෙකකොටිසතසහස‍්සානං යක‍්ඛානං අධිපති. සො “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා ආගන‍්ත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදාසි. සත්‍ථාපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. අනොමදස‍්සිස‍්ස පන භගවතො චන්‍දවතී නාම නගරං අහොසි, යසවා නාම රාජා පිතා, යසොධරා නාම මාතා, නිසභො ච අනොමො ච ද‍්වෙ අග‍්ගසාවකා, වරුණො නාමුපට‍්ඨාකො, සුන්‍දරී ච සුමනා ච ද‍්වෙ අග‍්ගසාවිකා, අජ‍්ජුනරුක‍්ඛො බොධි, අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, වස‍්සසතසහස‍්සං ආයූති.

උන් වහන්සේට අපර භාගයෙහි කල්ප අසංඛ්‍යයක් ඉක්ම ගිය පසු එක් පසෙක අනෝමදස්සී, පදුම, නාරද නමින් බුදුන් වහන්සේ තෙනමක් පහළ වූහ. අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේට සංඝ සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයෙහි ශ්‍රාවකයන් අට ලක්‍ෂයකි. දෙවැන්නෙහි සත් ලක්‍ෂයකි. තෙවැන්නෙහි සය ලක්‍ෂයකි. එකල බෝසතාණෝ මහත් සෘද්ධි මහත් ආනුභාව ඇති කෙළ ලක්‍ෂයක් යක්‍ෂයින්ට අධිපති යක්‍ෂ සේනාධිපතියකු ව ඉපිද බුදු රජුන් උපන්නේයැ යි අසා බුදු රජුන් වෙත පැමිණ මහදන් පැවැත්වීය. ඒ බුදු රජාණෝ ද මොහු අනාගතයෙහි බුදු වන්නේයැ යි විවරණ දුන්හ. අනෝමදස්සී බුදු රජුන්ගේ නගරය චන්දවතී නම් විය. යසවා නම් රජ පිය විය. යසෝධරා දේවිය මව වූවාය. නිසභ සහ අනෝම තෙරවරු අග සව්වෝය. වරුණ තෙරණුවෝ උපස්ථායක වූහ. සුන්දරී, සුමනා තෙරණියෝ අග සැවියෝ වූහ. කුඹුක් ගස බෝධි විය. බුදු සිරුරෙහි උස අටසතස් රියනකි. ආයු ප්‍රමාණය වසර ලක්‍ෂයකි.

“සොභිතස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; අනොමදස‍්සී අමිතයසො, තෙජස‍්සී දුරතික‍්කමො”ති.

“ශෝභිත බුදු රජුන්ට මෑත භාගයෙහි දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, පමණ කළ නො හැකි, කීර්ති හා තෙද ඇති, නො මැඩිය හැකි අනෝමදස්සී බුදු රජාණන් ලොව පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ පදුමො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො භාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සභික‍්ඛූ අහෙසුං, දුතියෙ තීණි සතසහස‍්සානි, තතියෙ අගාමකෙ අරඤ‍්ඤෙ මහාවනසණ‍්ඩවාසීනං භික‍්ඛූනං ද‍්වෙ සතසහස‍්සානි. තදා තථාගතෙ තස‍්මිං වනසණ‍්ඩෙ වසන‍්තෙ බොධිසත‍්තො සීහො හුත්‍වා සත්‍ථාරං නිරොධසමාපත‍්තිං සමාපන‍්නං දිස‍්වා පසන‍්නචිත‍්තො වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා පීතිසොමනස‍්සජාතො තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා සත‍්තාහං බුද‍්ධාරම‍්මණපීතිං අවිජහිත්‍වා පීතිසුඛෙනෙව ගොචරාය අපක‍්කමිත්‍වා ජීවිතපරිච‍්චාගං කත්‍වා පයිරුපාසමානො අට‍්ඨාසි. සත්‍ථා සත‍්තාහච‍්චයෙන නිරොධා වුට‍්ඨිතො සීහං ඔලොකෙත්‍වා “භික‍්ඛුසඞ‍්ඝෙපි චිත‍්තං පසාදෙත්‍වා සඞ‍්ඝං වන්‍දිස‍්සතීති භික‍්ඛුසඞ‍්ඝො ආගච‍්ඡතූ”ති චින‍්තෙසි. භික‍්ඛූ තාවදෙව ආගමිංසු. සීහො සඞ‍්ඝෙ චිත‍්තං පසාදෙසි. සත්‍ථා තස‍්ස මනං ඔලොකෙත්‍වා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. පදුමස‍්ස පන භගවතො චම‍්පකං නාම නගරං අහොසි, අසමො නාම රාජා පිතා, අසමා නාම දෙවී මාතා, සාලො ච උපසාලො ච ද‍්වෙ අග‍්ගසාවකා, වරුණො නාමුපට‍්ඨාකො, රාමා ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සොණරුක‍්ඛො නාම බොධි, අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, ආයු වස‍්සසතසහස‍්සන‍්ති.

උන් වහන්සේට මෑත භාගයෙහි පදුම බුදු රජාණෝ ලොව පහළ වූහ. පදුම බුදු රජාණන්ට ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථමයෙහි කෙළ ලක්‍ෂයකි. දෙවැන්නෙහි තුන් ලක්‍ෂයකි. තුන් වැන්නෙහි ගමෙන් ඈත් වූ ආරණ්‍ය වාසී ශ්‍රාවකයෝ දෙලක්‍ෂයක් වූහ. පදුම බුදු රජාණෝ ඒ ඝන වනයෙහි වැඩ වසන කල්හි බෝසතාණෝ සිංහ යෝනියෙහි ඉපිද, නිරෝධ සමාපත්තියට සමවන් බුදු රජුන් දැක පැහැදුණු සිතින් වැඳ පැදකුණු කොට මහත් ප්‍රීතියෙන් තෙවරක් සිංහ නාද පවත්වා සත් දිනක් බුද්ධාලම්භන ප්‍රීතිය අත් නො හැර ප්‍රීති සැපයෙන් ම ගොදුරු පිණිස ද නො ගොස් විසුවෝය. බුදු රජුන්ට පූජා කොට ළඟ ම සිටියහ. බුදු රජාණන් වහන්සේ සත් දිනක් ඇවෑමෙන් සමාධියෙන් නැඟී සිටි සේක්, සිංහයා දැක සංඝයා කෙරෙහි ද සිත පහදවා වඳිතැ යි සංඝයා පැමිණීමට ඉටූහ. එකෙණෙහි ම සංඝයා ද වැඩියහ. සිංහයා සංඝයා කෙරෙහි ද සිත පහදවා ගත්තේය. බුදු රජාණෝ ඔහුගේ චිත්ත සත්කාරය බලා අනාගතයෙහි බුද්ධත්වය ලබන්නේ යි විවරණ දුන්හ. පදුම බුදු රජුන්ගේ නගරය චම්පක නම් විය. අසම හා අසමා රජ සහ දේවිය මව්පියෝ වූහ. සාල, උපසාල තෙරවරු අගසව් වූහ. වරුණ තෙරණුවෝ උපස්ථායක වූහ. රාමා, සුරාමා තෙරණිායෝ අග සැවියෝ වූහ. මූණමල් ගස බෝධිය විාාය. බුදු සිරුර අටපනස් උස විය. ආයු කාලය වසර ලක්‍ෂයකි.

“අනොමදස‍්සිස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; පදුමො නාම නාමෙන, අසමො අප‍්පටිපුග‍්ගලො”ති.

“අනෝමදස්සි බුදු රජුන්ට මෑත භාගයෙහි දෙපා ලාභීන්ගෙන් උත්තම වූ, ප්‍රති පුද්ගලයෙක් නැති, එහෙයින් ම අසම වූ පදුම බුදු රජාණෝ පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ නාරදො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සභික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටිසහස‍්සානි, තතියෙ අසීතිකොටිසහස‍්සානි . තදා බොධිසත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පඤ‍්චසු අභිඤ‍්ඤාසු අට‍්ඨසු ච සමාපත‍්තීසු චිණ‍්ණවසී හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා ලොහිතචන්‍දනෙන පූජං අකාසි. සොපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො ධඤ‍්ඤවතී නාම නගරං අහොසි, සුදෙවො නාම ඛත‍්තියො පිතා, අනොමා නාම මාතා, සද‍්දසාලො ච ජිතමිත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, වාසෙට‍්ඨො නාමුපට‍්ඨාකො , උත‍්තරා ච ඵග‍්ගුනී ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහාසොණරුක‍්ඛො නාම බොධි, සරීරං අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, නවුතිවස‍්සසහස‍්සානි ආයූති.

ඒ භාග්‍යවතුන් වහන්සේට මෑත භාගයෙහි නාරද බුදු රජාණන් වහන්සේට ශ්‍රාවක සමාගම් තුනක් විය. ප්‍රථමයෙහි කෙළ ලක්‍ෂයකි. දෙවන සමාගමෙහි නව කෝටියකි. තෙවැන්නෙහි අසූ කෝටියකි. එදවස බෝසතාණෝ තාපස පැවිද්දෙන් පැවිදි ව පංච අභිඥා, අෂ්ට සමාපත්ති ලාභී ව සිට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දී හඳුන් පූජා කළහ. ඒ බුදු රජාණන් වහන්සේ බෝසතුන් අනාගතයෙහි බුදු වන බවට විවරණ දුන්හ. ඒ බුදු රජුන්ගේ නගරය ධඤ්ඤවතී නම් විය. සුදේව පිය රජ විය. මව අනෝමා නම් වූවාය. භද්දසාල ජිතමිත්ත තෙරවරු අග සව් වූහ. වාසෙට්ඨ තෙරණුවෝ උපස්ථායක වූහ. උත්තරා සහ එග්ගුණී තෙරණියෝ අග සැවියෝ වූහ. මුහුණමල් ගස බෝධි විය. බුදු සිරුර අටඅසූ රියනක් විය. ආයු කාලය අසූ දහසක් විය.

“පදුමස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; නාරදො නාම නාමෙන, අසමො අප‍්පටිපුග‍්ගලො”ති.

“පදුම බුදු රජුන්ට පසු කාලයෙහි තමන් වහන්සේට සමාන කෙනෙක් නැති හෙයින් අසම හා අප්පටිපුද්ගල වූ, දෙපා ලාභීන්ට උත්තම වූ, නාරක නම් බුදුන් වහන්සේ පහල වූ සේක.”

නාරදබුද‍්ධස‍්ස අපරභාගෙ එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා ඉතො සතසහස‍්සකප‍්පමත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ එකොව පදුමුත‍්තරබුද‍්ධො නාම උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමෙ කොටිසතසහස‍්සභික‍්ඛූ අහෙසුං, දුතියෙ වෙභාරපබ‍්බතෙ නවුතිකොටිසහස‍්සානි, තතියෙ අසීතිකොටිසහස‍්සානි. තදා බොධිසත‍්තො ජටිලො නාම මහාරට‍්ඨියො හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සචීවරං දානං අදාසි. සොපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. පදුමුත‍්තරස‍්ස පන භගවතො කාලෙ තිත්‍ථියා නාම නාහෙසුං. සබ‍්බෙ දෙවමනුස‍්සා බුද‍්ධමෙව සරණං අගමංසු. තස‍්ස නගරං හංසවතී නාම අහොසි, පිතා ආනන්‍දො නාම ඛත‍්තියො, මාතා සුජාතා නාම දෙවී, දෙවලො ච සුජාතො ච ද‍්වෙ අග‍්ගසාවකා, සුමනො නාමුපට‍්ඨාකො, අමිතා ච අසමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සලලරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා සමන‍්තතො ද‍්වාදස යොජනානි ගණ‍්හි, වස‍්සසතසහස‍්සං ආයූති.

නාරද බුදු රජුන්ට අපර භාගයෙහි මෙහි කල්ප ලක්‍ෂයකට පෙර කපෙක එක ම පදුමුත්තර බුදු රජුන් වහන්සේ පහළ විය. උන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනක් විය. පළමු වැන්නෙහි කෙළ ලක්‍ෂයකි. දෙවැන්න වෙභාර පර්වතයෙහි විය. ඒ අසූ කෙළ දහසකි. තුන්වැනි සමාගමෙහි අසූ කෝටියකි. එකල්හි බෝසත්හු ජටිල නම් ප්‍රදේශාධිපතියෙක් වී බුදුපාමොක් මහ සඟනට නිචීවර තුන් සිවුරු පරිත්‍යාග කළෝය. උන් වහන්සේ අනාගතයෙහි බුදු වන බව ප්‍රකාශ කළ සේක. පදුමුත්තර බුදු රජුන් කල තීර්ථකයෝ නො වූහ. සියලු දෙවි මිනිස්සු, බුදුන් වහන්සේ ම සරණ ගියහ. උන් වහන්සේගේ නගරය හංසවතී නම් විය. ආනන්ද රජ පියා වූයේය. මව සුජාතා නම් වූවාය. මංගල හා සුජාත තෙරවරු අග සව් වූහ. සුමන තෙරණුවෝ උපස්ථායක වූහ. අස්බා සහ අමිතා තෙරණියෝ අග සැවියෝ වූහ. සල් ගස බෝධි වෘක්‍ෂය විය. බුද්ධ ශරීරය අසූ අට රියන් විය. ශරීරාලෝකය දොළොස් යොදුනක් විාය. ආයු ප්‍රමාණය ලක්‍ෂයක් විය.

“නාරදස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; පදුමුත‍්තරො නාම ජිනො, අක‍්ඛොභො සාගරූපමො”ති.

“නාරද බුදුන් වහන්සේට අපර භාගයෙහි දෙපා ලාභීන්ගෙන් උතුම් වූ නො මැඩිය හැකි සාගරයට උපමා ගුණ ඇති පදුමුත්තර බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.”

තස‍්ස අපරභාගෙ සත‍්තති කප‍්පසහස‍්සානි අතික‍්කමිත්‍වා සුමෙධො සුජාතො චාති එකස‍්මිං කප‍්පෙ ද‍්වෙ බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. සුමෙධස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං, පඨමසන‍්නිපාතෙ සුදස‍්සනනගරෙ කොටිසතඛීණාසවා අහෙසුං, දුතියෙ පන නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො උත‍්තරො නාම මාණවො හුත්‍වා නිදහිත්‍වා ඨපිතංයෙව අසීතිකොටිධනං විස‍්සජ‍්ජෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා ධම‍්මං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය නික‍්ඛමිත්‍වා පබ‍්බජි. සොපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. සුමෙධස‍්ස භගවතො සුදස‍්සනං නාම නගරං අහොසි, සුදත‍්තො නාම රාජා පිතා, මාතාපි සුදත‍්තා නාම, සරණො ච සබ‍්බකාමො ච ද‍්වෙ අග‍්ගසාවකා, සාගරො නාමුපට‍්ඨාකො, රාමා ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහානීපරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, ආයු නවුති වස‍්සසහස‍්සානීති.

පදුමුත්තර බුදුන් වහන්සේගෙන් පසු කල්ප තිස් ලක්‍ෂයක් ඉක්ම ගිය පසු සුමේධ, සුජාත නමින් බුදුන් වහන්සේලා දෙනමක් එක ම කපෙක උපන්හ. සුමේධ බුදු රජුන්ට සමාගම් තුනකි. ප්‍රථමයෙහි සුදස්සන නගරයෙහි කෙළ සියයක් රහතන් වහන්සේ සිටියහ. දෙවැන්නෙහි අනූ කෝටියකි. තුන් වැන්නෙහි අසූ කෝටියකි. එදවස බෝසත්හු උත්තර නම් මානවකයෙක් වී නිධාන කොට තිබූ අසූ කෙළක් ධනය වියදම් කොට බුදුපාමොක් මහා සඟනට දන් දී දහම් ඇති සරණෙහි පිහිටා ගිහිගෙන් නික්ම පැවිදි විය. උන් වහන්සේ ද බුදු වන්නේ යි විවරණ දුන්හ. සුමේධ බුදුන් වහන්සේට සුදස්සන නම් නගරයක් විය. සුදත්ත නම් රජ පියා විය. මව සුත්තා දේවිය වූවාය. සරණ, සබ්බකාම දෙදෙනා වහන්සේ අග සව් වූහ. සාගර තෙරණුවෝ උපස්ථායක වූහ. රාමා, සුරාමා තෙරණියෝ අග සැවියෝ වූහ. බක්මී ගස බෝධිය විය. ශ්‍රී ශරීරය අටඅසූ රියනක් උස විය. ආයු ප්‍රමාණය වසර අනූ දහසක් විය.

“පදුමුත‍්තරස‍්ස අපරෙන, සුමෙධො නාම නායකො; දුරාසදො උග‍්ගතෙජො, සබ‍්බලොකුත‍්තමො මුනී”ති.

“පදුමුත්තර බුදුන් වහන්සේට අපර භාගයෙහි ළංවිය නො හැකි මහත් තෙද ඇති, සකල ලෝකයට ම උතුම්, ලොවට නායක සුමේධ නම් මුනීන්ද්‍රයන් වහන්සේ උපන්හ.”

තස‍්ස අපරභාගෙ සුජාතො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ සට‍්ඨි භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං, දුතියෙ පඤ‍්ඤාසං, තතියෙ චත‍්තාලීසං. තදා බොධිසත‍්තො චක‍්කවත‍්තිරාජා හුත්‍වා “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සද‍්ධිං සත‍්තහි රතනෙහි චතුමහාදීපරජ‍්ජං දත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජි. සකලරට‍්ඨවාසිනො රට‍්ඨුප‍්පාදං ගහෙත්‍වා ආරාමිකකිච‍්චං සාධෙන‍්තා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිච‍්චං මහාදානං අදංසු. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො නගරං සුමඞ‍්ගලං නාම අහොසි, උග‍්ගතො නාම රාජා පිතා, පභාවතී නාම මාතා, සුදස‍්සනො ච සුදෙවො ච ද‍්වෙ අග‍්ගසාවකා, නාරදො නාමුපට‍්ඨාකො, නාගා ච නාගසමාලා ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහාවෙළුරුක‍්ඛො බොධි. සො කිර මන්‍දච‍්ඡිද‍්දො ඝනක‍්ඛන්‍ධො උපරි නිග‍්ගතාහි මහාසාඛාහි මොරපිඤ‍්ඡකලාපො විය විරොචිත්‍ථ. තස‍්ස භගවතො සරීරං පණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, ආයු නවුති වස‍්සසහස‍්සානීති.

සුමේධ බුදුන් වහන්සේට පසු කාලයේ සුජාත නම් බුදුන් වහන්සේ ලොව උපන්හ. උන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. ප්‍රථමයෙහි භික්‍ෂූන් සැට දහසකි. දෙවැන්නෙහි පනස් දහසකි. තුන් වැන්නෙහි සතලිස් දහසකි. එදවස බෝසතාණෝ සක්විති රජ ව බුදු රජුන් උපන් බව අසා එළැඹ දහම් අසා සත් රුවන් සමග සතර මහා දිවයිනට ම අධිපති රාජ්‍යය ද බුදුපාමොක් මහා සඟනට දන් දී බුදු රජුන් සමීපයෙහි පැවිදි වූහ. සියලු රට වැසියෝ අය බදු ගෙන ආරාමයෙහි වතාවත් කරමින් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දුන්හ. ඒ සුජාත බුදුන් වහන්සේ ද අනාගතයෙහි බුදු වන බව ප්‍රකාශ කළහ. ඒ බුදු රජුන්ගේ නගරය සුමංගල නම් විය. උග්ග නම් රජ පියා විය. පභාවතී දේවිය මව වූවාය. සුදස්සන හා දේව දෙදෙනා වහන්සේ අගසව් වූහ. නාරද තෙරණුවෝ උපස්ථායක වූහ. නාගා සහ නාගසමාලා තෙරණිවරු අග සැවියෝ වූශ. මහා උණ ගස බෝධිය විය. මේ වෘක්‍ෂය කුඩා සිදුරකින් යුත් මහත කඳකින් යුත් මොණර පිල් කලඹක් මෙන් අතු විහිදී ගිය ගසකි. ඒ බුදු රජුන්ගේ ශ්‍රී ශරීරය පනස් රියනක් උස විය. ආයු කාලය වසර අනූ දහසකි.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, සුජාතො නාම නායකො; සීහහනුසභක‍්ඛන්‍ධො, අප‍්පමෙය්‍යො දුරාසදො”ති.

“බුදුවරුන් දෙදෙනකු උපදිනා එම මණ්ඩ කල්පයෙහි ම සිංහයෙක් බඳු හණු (හකු) ඇති, වෘෂභයෙක් බඳු කඳ ඇති, ප්‍රමාණ කළ නො හැකි ගුණ ඇති, ළං විය නො හැකි තෙද ඇති සුජාත නම් බුදුන් වහන්සේ ලොව උපන්හ.”

තස‍්ස අපරභාගෙ ඉතො අට‍්ඨාරසකප‍්පසතමත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ පියදස‍්සී, අත්‍ථදස‍්සී, ධම‍්මදස‍්සීති තයො බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. පියදස‍්සිස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමෙ කොටිසතසහස‍්සා භික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො කස‍්සපො නාම මාණවො තිණ‍්ණං වෙදානං පාරං ගතො හුත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා කොටිසතසහස‍්සධනපරිච‍්චාගෙන සඞ‍්ඝාරාමං කාරෙත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාසි. අථ නං සත්‍ථා “අට‍්ඨාරසකප‍්පසතච‍්චයෙන බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො අනොමං නාම නගරං අහොසි, පිතා සුදින‍්නො නාම රාජා, මාතා චන්‍දා නාම දෙවී, පාලිතො ච සබ‍්බදස‍්සී ච ද‍්වෙ අග‍්ගසාවකා, සොභිතො නාමුපට‍්ඨාකො, සුජාතා ච ධම‍්මදින‍්නා ච ද‍්වෙ අග‍්ගසාවිකා, කකුධරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, නවුති වස‍්සසහස‍්සානි ආයූති.

එයින් මෑත භාගයෙන් කල්ප අටළොස් සියයක් මතුයෙහි එක ම කපෙක පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී නමින් බුදුන් වහන්සේ තෙනමක් පහළ වූහ. පියදස්සී බුදුන් වහන්සේට ශ්‍රාවක සමාගම් තුනක් විය. ප්‍රථමයෙහි කෙළ ලක්‍ෂයකි. දෙවැනි සමාගමෙහි අනූ කෙළක් ශ්‍රාවකයෝ සිටියහ. තෙවැන්නෙහි ශ්‍රාවකයෝ අසූ දහසක් වූහ. එදවස බෝසතාණෝ කස්සප නමින් ඉපිද ත්‍රිවේදයේ පරතෙරට ගියෝ, බුදුන් වහන්සේගෙන් දහම් අසා කෙළ ලක්‍ෂයක් ධන පරිත්‍යාගයෙන් සංඝාරාමයක් කරවා සරණ සිල්හි පිහිටියෝය. ඉක්බිති, බුදුන් වහන්සේ කප් අටළොස් සියයක් ඇවෑමෙන් බුදු වන්නාහුයැ යි විවරණය කළහ. ඒ බුදුන් වහන්සේට අනෝම නම් නගරය විය. සුදින්න නම් රජ පියා විය. චන්‍ද්‍රා දේවිය මව වූවාය. පාලිත සහ සබ්බදස්සී තෙරවරු අගසව් වූහ. ශෝභිත තෙරණුවෝ උපස්ථායක වූහ. සුජාතා සහ ධම්මදින්නා තෙරණියෝ අග සැවියෝ වූහ. පුවඟු රුක බෝධි විය. ශ්‍රී ශරීරය අසූ රියනක් උස් විය. අනූ දහසක් ආයු කාලය විය.

“සුජාතස‍්ස අපරෙන, සයම‍්භූ ලොකනායකො; දුරාසදො අසමසමො, පියදස‍්සී මහායසො”ති.

“සුජාත බුදුන් වහන්සේට අපර භාගයෙහි තමා විසින් ම මුළු ලොව දත්, ළං විය නො හැකි තෙද ඇති, අසම වූ බුදුවරුන්ට සම වූ, මහත් කීර්ති ඇති පියදස්සී නම් බුදුන් වහන්සේ ලොව පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ අත්‍ථදස‍්සී නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමෙ අට‍්ඨනවුති භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං, දුතියෙ අට‍්ඨාසීතිසතසහස‍්සානි, තථා තතියෙ. තදා බොධිසත‍්තො සුසීමො නාම මහිද‍්ධිකො තාපසො හුත්‍වා දෙවලොකතො මන්‍දාරවපුප‍්ඵච‍්ඡත‍්තං ආහරිත්‍වා සත්‍ථාරං පූජෙසි, සොපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො සොභිතං නාම නගරං අහොසි, සාගරො නාම රාජා පිතා, සුදස‍්සනා නාම මාතා, සන‍්තො ච උපසන‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, අභයො නාමුපට‍්ඨාකො, ධම‍්මා ච සුධම‍්මා ච ද‍්වෙ අග‍්ගසාවිකා, චම‍්පකරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා සමන‍්තතො සබ‍්බකාලං යොජනමත‍්තං ඵරිත්‍වා අට‍්ඨාසි, ආයු වස‍්සසතසහස‍්සන‍්ති.

“පියදස්සි බුදු රජුන්ට අපර භාගයෙහි අත්ථදස්සි නම් බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. ප්‍රථමයෙහි අටඅනූ ලක්‍ෂයක් ශ්‍රාවකයෝ වූහ. දෙවැන්නෙහි අටඅසූ ලක්‍ෂයකි. තෙවැන්නෙහි ද එපමණය. එදවස බෝසතාණෝ සුසීම නම් මහත් සෘද්ධි ඇති තවුසෙක් වී දෙව්ලොවින් මදාරා මල් සතක් බුදුන් වහන්සේට පූජා කළහ. ඒ බුදුන් වහන්සේ ද බෝසතාණන් මතු බුදු වන බව ප්‍රකාශ කළහ. උන් වහන්සේගේ නගරය ශෝභිත නම් විය. සාගර නම් රජ පියා විය. මව සුදස්සනා නම් වූවාය. සන්ත සහ උපසන්ත තෙරවරු අග සව් වූහ. අභය තෙරණුවෝ උපස්ථායක වූහ. ධම්මා සහ සුධම්මා තෙරණියෝ අග සැවියෝ වූහ. සපු වෘක්‍ෂය බෝධිය විය. ශ්‍රී ශරීරය අසූ රියනක් උස විය. උන් වහන්සේගේ ශරීරාලෝකය හැම කල්හි යොදුනක් පමණ පැතිරිණි. ආයු කාලය වසර ලක්‍ෂයකි.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අත්‍ථදස‍්සී නරාසභො; මහාතමං නිහන‍්ත්‍වාන, පත‍්තො සම‍්බොධිමුත‍්තම”න‍්ති.

“එම මණ්ඩ කල්පයෙහි ම මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ අත්ථදස්සී බුදුන් වහන්සේ මෝහාන්ධකාරය නසා උතුම් බුද්ධත්වයට පැමිණියහ.”

තස‍්ස අපරභාගෙ ධම‍්මදස‍්සී නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමෙ කොටිසතං භික‍්ඛූ අහෙසුං, දුතියෙ සත‍්තතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො සක‍්කො දෙවරාජා හුත්‍වා දිබ‍්බගන්‍ධපුප‍්ඵෙහි ච දිබ‍්බතූරියෙහි ච පූජං අකාසි, සොපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො සරණං නාම නගරං අහොසි, පිතා සරණො නාම රාජා, මාතා සුනන්‍දා නාම, පදුමො ච ඵුස‍්සදෙවො ච ද‍්වෙ අග‍්ගසාවකා, සුනෙත‍්තො නාමුපට‍්ඨාකො , ඛෙමා ච සබ‍්බනාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, රත‍්තඞ‍්කුරරුක‍්ඛො බොධි, “බිම‍්බිජාලො”තිපි වුච‍්චති, සරීරං පනස‍්ස අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයූති.

අත්ථදස්සි බුදුන් වහන්සේට මෑත භාගයෙහි ධම්මදස්සී බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. කෙළ සියයක්, සත්තෑ කෙළක්, අසූ කෙළක් පිළිවෙලින් සමාගම් රැස්වූහ. එදවස බෝසතාණෝ සක් දෙව් රජ ව ඉපිද දිව මල් සුවඳින් හා සංගීතයෙන් පූජා කළෝය. උන් වහන්සේ ද බෝසතුන්ට විවරණ දුන්හ. උන් වහන්සේට සරණ නම් නගරය විය. සරණ රජ හා සුනන්දා දේවිය මව්පියෝ වූහ. අගසව් වූවෝ පදුම සහ ඵුස්සදේව තෙරවරුය. අග සැවියෝ ඛේමා සහ සබ්බසාමා තෙරණියෝය. රත්කරව් ගස බෝධිය විය. එය බිම්බිජාල ගස්යැ යි ද කියති. ශ්‍රී ශරීරය අසූ රියනක් උස් විය. ලක්‍ෂයක් වසර ආයු විය.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, ධම‍්මදස‍්සී මහායසො; තමන්‍ධකාරං විධමිත්‍වා, අතිරොචති සදෙවකෙ”ති.

“එම මණ්ඩ කල්පයෙහි ම මහත් කීර්ති ඇති ධම්මදස්සි බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ මෝහාන්ධකාරය නසා දෙවියන් සහිත ලෝකයෙහි බැබලුණහ.”

තස‍්ස අපරභාගෙ ඉතො චතුනවුතිකප‍්පමත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ එකොව සිද‍්ධත්‍ථො නාම බුද‍්ධො උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සං භික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො උග‍්ගතෙජො අභිඤ‍්ඤාබලසම‍්පන‍්නො මඞ‍්ගලො නාම තාපසො හුත්‍වා මහාජම‍්බුඵලං ආහරිත්‍වා තථාගතස‍්ස අදාසි. සත්‍ථා තං ඵලං පරිභුඤ‍්ජිත්‍වා “චතුනවුතිකප‍්පමත්‍ථකෙ බුද‍්ධො භවිස‍්සසී”ති බොධිසත‍්තං බ්‍යාකාසි. තස‍්ස භගවතො නගරං වෙභාරං නාම අහොසි, පිතා ජයසෙනො නාම රාජා, මාතා සුඵස‍්සා නාම, සම‍්බලො ච සුමිත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, රෙවතො නාමුපට‍්ඨාකො, සීවලී ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, කණිකාරරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයූති.

ධම්මදස්සි බුදුන් වහන්සේට මෑත භාගයෙහි එක් කපෙක එක ම සිද්ධාර්ථ බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන් වහන්සේගේ ශ්‍රාවක සමාගම් තුනෙකි. කෙළ ලක්‍ෂයක්, අනූ ලක්‍ෂයක්, අසූ ලක්‍ෂයක් ශ්‍රාවකයෝ වූහ. එදවස බෝසතාණෝ මහත් තෙද බල ඇති අභිඥා බලයෙන් යුත් මංගල නම් තාපසයෙක් ව මහත් අඹ ඵලයක් ගෙනවුත් බුදුන් වහන්සේට පූජා කළහ. අඹ ඵලය වැළඳූ බුදුන් වහන්සේ බුද්ධත්වය පිණිස විවරණ දුන්හ. උන් වහන්සේගේ නගරය වේහාර නම් විය. ජයසේන රජ හා සුඵස්සා දේවිය මව්පියෝ වූහ. අගසව් වූවෝ සම්බහුල සහ සුමිත්ත තෙරවරුය. රේවත තෙරණුවෝ උපස්ථායක වූහ. සීවලී සහ සුරාමා තෙරණියෝ අග සැවියෝය. කිණිහිරි ගස බෝධිය විය. ශ්‍රී ශරීරය හැට රියනක් උස විය. ආයු කාලය ලක්‍ෂයකි.

“ධම‍්මදස‍්සිස‍්ස අපරෙන, සිද‍්ධත්‍ථො නාම නායකො; නිහනිත්‍වා තමං සබ‍්බං, සූරියො අබ‍්භුග‍්ගතො යථා”ති.

“ධම්මදස්සී බුදුන් වහන්සේට අපර භාගයෙහි අහස් මැදට පත් හිරු ගණඳුර නසන්නාක් මෙන් මොහඳුර නසා සිද්ධාර්ථ බුදුන් වහන්සේ ලොව පහළ වූසේක.”

තස‍්ස අපරභාගෙ ඉතො ද‍්වානවුතිකප‍්පමත්‍ථකෙ තිස‍්සො ඵුස‍්සොති එකස‍්මිං කප‍්පෙ ද‍්වෙ බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. තිස‍්සස‍්ස භගවතො තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ භික‍්ඛූනං කොටිසතං අහොසි, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො මහාභොගො මහායසො සුජාතො නාම ඛත‍්තියො හුත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා මහිද‍්ධිකභාවං පත්‍වා “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා දිබ‍්බමන්‍දාරවපදුමපාරිච‍්ඡත‍්තකපුප‍්ඵානි ආදාය චතුපරිසමජ‍්ඣෙ ගච‍්ඡන‍්තං තථාගතං පූජෙසි, ආකාසෙ පුප‍්ඵවිතානං අකාසි. සොපි නං සත්‍ථා “ඉතො ද‍්වානවුතිකප‍්පෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො ඛෙමං නාම නගරං අහොසි, පිතා ජනසන්‍ධො නාම ඛත‍්තියො, මාතා පදුමා නාම , බ්‍රහ‍්මදෙවො ච උදයො ච ද‍්වෙ අග‍්ගසාවකා, සමඞ‍්ගො නාමුපට‍්ඨාකො, ඵුස‍්සා ච සුදත‍්තා ච ද‍්වෙ අග‍්ගසාවිකා, අසනරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයූති.

සිද්ධාර්ථ බුදුන් වහන්සේට මෑත භාගයෙහි මෙයින් දෙඅනූ කපකට පසු එක ම කපෙක තිස්ස හා ඵුස්ස නමින් බුදුවරු දෙනමක් පහළ වූහ. තිස්ස බුදු රජුන්ගේ ශ්‍රාවක සමාගම් තුනකි. පිළිවෙලින් කෙළ සියයක්, අනූ කෙළක්, අසූ කෙළක්, ශ්‍රාවකයෝ රැස්වූහ. එදවස බෝසතාණෝ මහත් ධනය ඇති, මහත් කීර්ති ඇති සුජාත නම් ක්‍ෂත්‍රියෙක් ව ඉපිද තාපස පැවිද්දෙන් පැවිදි ව මහත් ආනුභාව ඇත්තෙක් බවට පත් ව බුදු රජුන් උපන් බව අසා දිව මදාරා පියුමක් ද පරසතු මල් ද සිව් පිරිස් මැද වඩින බුදු රජුන්ට පූජා කළහ. එම මල් අහසෙහි මල් වියනක් මෙන් පිහිටියේය. ඒ බුදුන් වහන්සේ ද එයින් අනූ කපකට පසු බුදු වන බවට විවරණ දුන්හ. ඒ බුදුන්ගේ නගරය ඛේම නම් විය. ජනසන්ධ රජ හා පදුමා දේවිය මව්පියෝ වූහ. අගසව් වූවෝ බ්‍රහ්මදේව සහ උදය යන තෙරවරුය. සම්භව තෙරණුවෝ උපස්ථායක වූහ. ඵුස්සා හා සුදත්තා තෙරණියෝ අග සැවියෝ වූහ. පියා ගස බෝධි විය. බුදු සිරුර සැට රියනක් විය. ආයු කාලය ලක්‍ෂයක් විය.

“සිද‍්ධත්‍ථස‍්ස අපරෙන, අසමො අප‍්පටිපුග‍්ගලො; අනන‍්තසීලො අමිතයසො, තිස‍්සො ලොකග‍්ගනායකො”ති.

“සිද්ධාර්ථ බුදු රජුන්ට මෑත කාලයෙහි තමා හට සමාන පුද්ගලයෙක් නැති, ශීලයෙන් හා යසසින් අනන්ත වූ තිස්ස නම් බුදුන් වහන්සේ පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ ඵුස‍්සො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ සට‍්ඨි භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං, දුතියෙ පණ‍්ණාස, තතියෙ ද‍්වත‍්තිංස. තදා බොධිසත‍්තො විජිතාවී නාම ඛත‍්තියො හුත්‍වා මහාරජ‍්ජං පහාය සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තීණි පිටකානි උග‍්ගහෙත්‍වා මහාජනස‍්ස ධම‍්මකථං කථෙසි, සීලපාරමිඤ‍්ච පූරෙසි. සොපි නං “බුද‍්ධො භවිස‍්සසී”ති තථෙව බ්‍යාකාසි. තස‍්ස භගවතො කාසී නාම නගරං අහොසි, ජයසෙනො නාම රාජා පිතා, සිරිමා නාම මාතා, සුරක‍්ඛිතො ච ධම‍්මසෙනො ච ද‍්වෙ අග‍්ගසාවකා, සභියො නාමුපට‍්ඨාකො, චාලා ච උපචාලා ච ද‍්වෙ අග‍්ගසාවිකා, ආමලකරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, නවුති වස‍්සසහස‍්සානි ආයූති.

තිස්ස බුදුන් වහන්සේට අපර භාගයෙහි ඵුස්ස බුදුන් වහන්සේ පහළ වූහ. උන් වහන්සේගේ ශ්‍රාවක සමාගම් ත්‍රයට පිළිවෙලින් සැට දහස, පනස් දහස, දෙතිස් දහස වශයෙන් ශ්‍රාවකයෝ සිටියහ. එකල බෝසතාණෝ විජිතාවි නම් ක්‍ෂත්‍රියව ඉපිද මහා රාජ්‍යය හැර පැවිදි ව තුන් පිටකය ඉගෙන මහජනයාට දහම් දෙසූහ. ශීල පාරමිතාව ද පිරූහ. ඒ බුදුන් වහන්සේ ද බෝසතුන්ට විවරණ දුන්හ. උන් වහන්සේට කාසි නම් නගරය විය. ජයසේන රජ හා සිරිමා දේවිය මව්පියෝ වූහ. සුක්ඛිත සහ ධම්මසේන තෙරවරු අගසව් වූහ. සගිය තෙරණුවෝ උපස්ථායක වූහ. චාලා සහ උපචාලා තෙරණියෝ අග සැවියෝ වූහ. නෙල්ලි ගස බෝධිය විය. බුදු සිරුර අටපනස් රියන් විය. ආයු කාලය වසර අනූ දහසකි.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අහු සත්‍ථා අනුත‍්තරො; අනූපමො අසමසමො, ඵුස‍්සො ලොකග‍්ගනායකො”ති.

“එම මණ්ඩ කල්පයෙහි ම ලොවට නායක, බුදුවරුන්ට සම වූ, උපමා කළ නො හැකි ගුණ ඇති, දෙවි මිනිසුන්ට අනුශාසක වූ, තමාට වඩා උසස් පුද්ගලයෙක් නැති ඵුස්ස බුදුන් වහන්සේ ලොව පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සී නාම භගවා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ අට‍්ඨසට‍්ඨි භික‍්ඛුසතසහස‍්සං අහොසි, දුතියෙ එකසතසහස‍්සං, තතියෙ අසීතිසහස‍්සානි. තදා බොධිසත‍්තො මහිද‍්ධිකො මහානුභාවො අතුලො නාම නාගරාජා හුත්‍වා සත‍්තරතනඛචිතං සොවණ‍්ණමයං මහාපීඨං භගවතො අදාසි. සොපි නං “ඉතො එකනවුතිකප‍්පෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො බන්‍ධුමතී නාම නගරං අහොසි, බන්‍ධුමා නාම රාජා පිතා, බන්‍ධුමතී නාම මාතා, ඛණ‍්ඩො ච තිස‍්සො ච ද‍්වෙ අග‍්ගසාවකා, අසොකො නාමුපට‍්ඨාකො, චන්‍දා ච චන්‍දමිත‍්තා ච ද‍්වෙ අග‍්ගසාවිකා, පාටලිරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා සදා සත‍්ත යොජනානි ඵරිත්‍වා අට‍්ඨාසි, අසීති වස‍්සසහස‍්සානි ආයූති.

ඵුස්ස බුදුන් වහන්සේට අපර භාගයෙහි මෙයින් එක් අනූ කපෙහි විපස්සී බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන් වහන්සේගේ ශ්‍රාවක සමාගම් තුනකි. පිළිවෙලින් අටසැට ලක්‍ෂයක්, ලක්‍ෂයක්, අසූ දහසක් ශ්‍රාවකයෝ වූහ. එදවස බෝසතාණෝ මහත් සෘද්ධි හා ආනුභාව ඇති අතුල නම් නා රජ ව කැටයම් කළ රන්මුවා පුටුවක් පූජා කළහ. ඒ බුදු රජාණෝ ද මෙයින් එක් අනූ කපෙහි බුදු වන්නේයැ යි විවරණ දුන්හ. ඒ බුදු රජුන්ට බන්ධුමතී නම් නුවර විය. බන්ධුමා රජ හා බන්ධුමතී දේවිය මව්පියෝ වූහ. ඛණ්ඩ හා තිස්ස තෙරවරු අගසව් වූහ. අශෝක තෙරණුවෝ උපස්ථායක වූහ. චන්ද්‍රා, චන්දමිත්තා තෙරණියෝ අග සැවියෝ වූහ. පළොල් රුක බෝධිය විය. බුදු සිරුර අසූ රියනක් විය. ශරීර ප්‍රභාව හැම කල්හි සත් යොදුන් පැතිර සිටියේය. ආයු ප්‍රමාණය අසූ දහසක් විය.

“ඵුස‍්සස‍්ස ච අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; විපස‍්සී නාම නාමෙන, ලොකෙ උප‍්පජ‍්ජි චක‍්ඛුමා”ති.

“ඵුස්ස බුදුන් වහන්සේට මෑත භාගයෙහි සම්බෝධියට පැමිණි, දෙපා ලාභීන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ, සියල්ල දත් විපස්සී නම් බුදුන් වහන්සේ ලොව උපන්හ.”

තස‍්ස අපරභාගෙ ඉතො එකතිංසකප‍්පෙ සිඛී ච වෙස‍්සභූ චාති ද‍්වෙ බුද‍්ධා අහෙසුං. සිඛිස‍්සාපි භගවතො තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ භික‍්ඛුසතසහස‍්සං අහොසි, දුතියෙ අසීතිසහස‍්සානි, තතියෙ සත‍්තත‍්තිසහස‍්සානි. තදා බොධිසත‍්තො අරින්‍දමො නාම රාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සචීවරං මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තරතනපටිමණ‍්ඩිතං හත්‍ථිරතනං දත්‍වා හත්‍ථිප‍්පමාණං කත්‍වා කප‍්පියභණ‍්ඩං අදාසි. සොපි නං “ඉතො කතිංසකප‍්පෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො අරුණවතී නාම නගරං අහොසි, අරුණො නාම ඛත‍්තියො පිතා, පභාවතී නාම මාතා, අභිභූ ච සම‍්භවො ච ද‍්වෙ අග‍්ගසාවකා, ඛෙමඞ‍්කරො නාමුපට‍්ඨාකො, සඛිලා ච පදුමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, පුණ‍්ඩරීකරුක‍්ඛො බොධි, සරීරං සත‍්තතිහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා යොජනත‍්තයං ඵරිත්‍වා අට‍්ඨාසි, සත‍්තති වස‍්සසහස‍්සානි ආයූති.

විපස්සී බුදුන් වහන්සේට අපර භාගයෙහි එක ම කපෙක සිඛී සහ වෙස්සභූ යන බුදුන් වහන්සේලා දෙනමක් උපන්හ. සිඛී බුදුන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. පිළිවෙලින් ලක්‍ෂය, අසූ දහස, සැත්තෑ දහසක් වූ ශ්‍රාවකයෝ රැස්වූහ. එදවස බෝසතාණෝ අරින්‍ද නම් රජෙක් ව බුදුපාමොක් මහ සඟනට සිවුරු සහිත මහදන් පවත්වා සත් රුවනින් සැරසූ හස්තියා ද රත්නය ද ඇතෙක් පමණට ම කැප භාණ්ඩ ද පූජා කළහ. උන් වහන්සේ ද බෝසතුන් එයින් එක් තිස් වැනි කල්පයෙහි බුදු වන බව ප්‍රකාශ කළහ. ඒ බුදු රජුන්ට අරුණවතී නම් නුවර විය. අරුණ රජ හා පභාවතී දේවිය මව්පියෝ වූහ. අභිභූ සම්භව තෙරවරු අගසව් වූහ. ඛේමංකර තෙරණුවෝ උපස්ථායක වූහ. මඛිලා සහ පදුමා තෙරණියෝ අග්‍ර ශ්‍රාවිකා වූහ. ඇටඹ ගස බෝධි විය. බුදු සිරුර තිස්හත් රියනක් විය. ශරීර ප්‍රභාව තුන් යොදුනක් පැතිරී පැවැතිණි. ආයු ප්‍රමාණය වසර සත්තිස් දහසකි.

“විපස‍්සිස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; සිඛිව‍්හයො නාම ජිනො, අසමො අප‍්පටිපුග‍්ගලො”ති.

“විපස්සී බුදුන් වහන්සේට අනතුරු ව තමාට වඩා උසස් පුද්ගලයෙක් නැති, දෙපා ලාභීන්ට අග්‍ර වූ සිඛී නම් බුදුන් වහන්සේ ලොව පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ වෙස‍්සභූ නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ අසීති භික‍්ඛුසහස‍්සානි අහෙසුං, දුතියෙ සත‍්තති, තතියෙ සට‍්ඨි. තදා බොධිසත‍්තො සුදස‍්සනො නාම රාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සචීවරං මහාදානං දත්‍වා තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ආචාරගුණසම‍්පන‍්නො බුද‍්ධරතනෙ චිත‍්තීකාරපීතිබහුලො අහොසි. සොපි නං භගවා “ඉතො එකතිංසකප‍්පෙ බුද‍්ධො භවිස‍්සසී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො අනොමං නාම නගරං අහොසි, සුප‍්පතීතො නාම රාජා පිතා, යසවතී නාම මාතා , සොණො ච උත‍්තරො ච ද‍්වෙ අග‍්ගසාවකා, උපසන‍්තො නාමුපට‍්ඨාකො, දාමා ච සමාලා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සාලරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි, සට‍්ඨි වස‍්සසහස‍්සානි ආයූති.

සිඛී බුදුන් වහන්සේට අනතුරු ව වෙස්සභූ බුදුන් වහන්සේ ලොව පහළ වූහ. අසූ ලක්‍ෂය, සැත්තෑ ලක්‍ෂය, සැට ලක්‍ෂය වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවක සමාගම් තුන පැවැතිණි. මේ සමයෙහි බෝසතාණෝ සුදස්සන නම් රජ ව බුදුපාමොක් මහසඟනට සිවුරු සහිත මහදන් දී බුදුන් වෙත පැවිදි ව සිරිත් විරිත් ගුණයෙන් යුත් බුද්ධ රත්නය විෂයයෙහි අතිශය ගෞරවාදරයෙන් යුක්ත වූවෝ, ප්‍රීති බහුල ව විසූහ. ඒ බුදුන් වහන්සේ ද එක් තිස් වැනි කපෙහි දී බුදු වන බවට විවරණ දුන්හ. ඒ බුදු රජුන්ට අනූපම නම් නුවර විය. සුප්පතීත රජ සහ යසවතී බිසව මව්පියෝ වූහ. සෝණ සහ උත්තර තෙරවරු අගසව් වූහ. උපසන්ත තෙරණුවෝ උපස්ථායක වූහ. දාමා සහ සමාලා තෙරණියෝ අග සැවියෝ වූහ. සල් ගස බෝධි විය. බුදු සිරුර සැට රියන් විය. ආයු කාලය සැට දහසකි.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අසමො අප‍්පටිපුග‍්ගලො; වෙස‍්සභූ නාම නාමෙන, ලොකෙ උප‍්පජ‍්ජි සො ජිනො”ති.

“එම මණ්ඩ කල්පයෙහි ම අසම වූ, සමාන කෙනකු නැති, වෙස්සභූ නම් බුදුන් වහන්සේ ලොව උපන්හ.”

තස‍්ස අපරභාගෙ ඉමස‍්මිං කප‍්පෙ චත‍්තාරො බුද‍්ධා නිබ‍්බත‍්තා කකුසන්‍ධො, කොණාගමනො, කස‍්සපො, අම‍්හාකං භගවාති. කකුසන්‍ධස‍්ස භගවතො එකොව සාවකසන‍්නිපාතො, තත්‍ථ චත‍්තාලීස භික‍්ඛුසහස‍්සානි අහෙසුං. තදා බොධිසත‍්තො ඛෙමො නාම රාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සපත‍්තචීවරං මහාදානඤ‍්චෙව අඤ‍්ජනාදිභෙසජ‍්ජානි ච දත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පබ‍්බජි. සොපි නං සත්‍ථා බ්‍යාකාසි. කකුසන්‍ධස‍්ස පන භගවතො ඛෙමං නාම නගරං අහොසි, අග‍්ගිදත‍්තො නාම බ්‍රාහ‍්මණො පිතා, විසාඛා නාම බ්‍රාහ‍්මණී මාතා, විධුරො ච සඤ‍්ජීවො ච ද‍්වෙ අග‍්ගසාවකා, බුද‍්ධිජො නාමුපට‍්ඨාකො, සාමා ච චම‍්පකා ච ද‍්වෙ අග‍්ගසාවිකා , මහාසිරීසරුක‍්ඛො බොධි, සරීරං චත‍්තාලීසහත්‍ථුබ‍්බෙධං අහොසි, චත‍්තාලීස වස‍්සසහස‍්සානි ආයූති.

වෙස්සභූ බුදු රජුන්ට අපර භාගයෙහි මේ භද්‍ර කල්පයෙහි බුදුවරු සතර නමක් පහළ වූහ. කකුසඳ, කෝණාගම, කස්සප යන බුදුවරු සහ අප ගෞතම බුදුන් වහන්සේය. කකුසඳ බුදුන් වහන්සේට එක ම ශ්‍රාවක සමාගමක් විය. එහි සතලිස් දහසක් ශ්‍රාවකයෝ වූහ. එදවස බෝසතාණෝ ඛේම නම් රජ ව ඉපිද බුදුපාමොක් මහසඟනට පාසිවුරු සහිත මහා දානයක් දී අඳුන් ආදී බෙහෙත් ද දී බුදු දහම අසා පැවිදි වූහ. උන් වහන්සේ ද බුදු වන බව ප්‍රකාශ කළහ. ඒ බුදු රජුන්ට ඛේම නම් නුවර විය. අග්ගිදත්ත නම් බමුණා ද විශාඛා නම් බැමිණිය ද මව්පියෝ වූහ. විධුර සහ සංජීව තෙරවරු අගසව් වූහ. බුද්ධිජ තෙරණුවෝ උපස්ථායක වූහ. සාමා සහ චම්පකා තෙරණියෝ අග සැවියෝ වූහ. මහරි ගස බෝධි විය. බුදු සිරුර සතළිස් රියනකි. ආයු කාලය සතළිස් දහසකි.

“වෙස‍්සභුස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; කකුසන්‍ධො නාම නාමෙන, අප‍්පමෙය්‍යො දුරාසදො”ති.

“වෙස්සභූ බුදු රජුන්ට අපර භාගයෙහි දිපදුත්තම වූ, පමණ කළ නො හැකි ගුණ ඇති, ළංවිය නො හැකි තෙද ඇති කකුසඳ නම් බුදුන් වහන්සේ ලොව පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ කොණාගමනො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි එකො සාවකසන‍්නිපාතො, තත්‍ථ තිංස භික‍්ඛුසහස‍්සානි අහෙසුං. තදා බොධිසත‍්තො පබ‍්බතො නාම රාජා හුත්‍වා අමච‍්චගණපරිවුතො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මදෙසනං සුත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා පට‍්ටුණ‍්ණචීනපට‍්ටකොසෙය්‍යකම‍්බලදුකූලානි චෙව සුවණ‍්ණපාදුකඤ‍්ච දත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජි. සොපි නං බ්‍යාකාසි. තස‍්ස භගවතො සොභවතී නාම නගරං අහොසි, යඤ‍්ඤදත‍්තො නාම බ්‍රාහ‍්මණො පිතා, උත‍්තරා නාම බ්‍රාහ‍්මණී මාතා, භිය්‍යසො ච උත‍්තරො ච ද‍්වෙ අග‍්ගසාවකා, සොත්‍ථිජො නාමුපට‍්ඨාකො, සමුද‍්දා ච උත‍්තරා ච ද‍්වෙ අග‍්ගසාවිකා, උදුම‍්බරරුක‍්ඛො බොධි, සරීරං තිංසහත්‍ථුබ‍්බෙධං අහොසි, තිංස වස‍්සසහස‍්සානි ආයූති.

කකුසඳ බුදුන් වහන්සේට අනතුරුව කෝණාගමන බුදුන් වහන්සේ පහළ වූහ. උන් වහන්සේට එක ම ශ්‍රාවක රැස්වීමකි. එහි තිස් දහසක් ශ්‍රාවකයෝ වූහ. එකල බෝසතාණෝ පබ්බත නම් රජ ව ඇමැති ජනයා පිරිවරා බුදු රජුන් වෙත එළැඹ මහදන් පවත්වා පත්තුණ්ණ දේශයේ පිළි, චීන දේශයේ පිළී, තිහීර් පිළි, එම ලොම් ආදියෙන් කළ කම්බල, දුහුල් වස්ත්‍ර, රන් කම් කළ ආස්තරණ ද පූජා කොට බුදු රජුන් සමීපයෙහි පැවිදි විය. උන් වහන්සේ ද බෝසතුන්ට විවරණ දුන්හ. ඒ බුදු රජුන්ගේ නුවර සෝභවතී නම් විය. යඤ්ඤදත්ත බමුණා සහ උත්තරා බැමිණිය මව්පියෝ වූහ. භීයස සහ උත්තර තෙරණුවෝ අගසව් වූහ. සොත්‍ථිජ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. සමුද්දා සහ උත්තරා තෙරණියෝ අග සැවියෝ වූහ. දිඹුල් රුක බෝධිය විය. සිරුර තිස් රියනක් උස් විය. ආයු ප්‍රමාණය තිස් දහසකි.

“කකුසන්‍ධස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; කොණාගමනො නාම ජිනො, ලොකජෙට‍්ඨො නරාසභො”ති.

“කකුසඳ බුදු රජුන්ට අපර භාගයෙහි සියල්ල දත්, ලොවට දෙටු වූ, මිනිසුන් අතරෙහි උතුම් ව, දෙපා ලාභීන්ට ශ්‍රේෂ්ඨ වූ කෝණාගමන බුදුන් වහන්සේ පහළ වූහ.”

තස‍්ස අපරභාගෙ කස‍්සපො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි එකො සාවකසන‍්නිපාතො, තත්‍ථ වීසති භික‍්ඛුසහස‍්සානි අහෙසුං. තදා බොධිසත‍්තො ජොතිපාලො නාම මාණවො හුත්‍වා තිණ‍්ණං වෙදානං පාරගූ භූමියඤ‍්ච අන‍්තලික‍්ඛෙ ච පාකටො ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස මිත‍්තො අහොසි. සො තෙන සද‍්ධිං සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ධම‍්මකථං සුත්‍වා පබ‍්බජිත්‍වා ආරද‍්ධවීරියො තීණි පිටකානි උග‍්ගහෙත්‍වා වත‍්තාවත‍්තසම‍්පත‍්තියා බුද‍්ධස‍්ස සාසනං සොභෙසි. සොපි නං බ්‍යාකාසි. තස‍්ස භගවතො ජාතනගරං බාරාණසී නාම අහොසි, බ්‍රහ‍්මදත‍්තො නාම බ්‍රාහ‍්මණො පිතා, ධනවතී නාම බ්‍රාහ‍්මණී මාතා, තිස‍්සො ච භාරද‍්වාජො ච ද‍්වෙ අග‍්ගසාවකා, සබ‍්බමිත‍්තො නාමුපට‍්ඨාකො, අනුළා ච උරුවෙළා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නිග්‍රොධරුක‍්ඛො බොධි, සරීරං වීසතිහත්‍ථුබ‍්බෙධං අහොසි, වීසති වස‍්සසහස‍්සානි ආයූති.

කෝණාගමන බුදු රජුන්ට අපර භාගයෙහි කස්සප බුදුන් වහන්සේ පහළ වූහ. උන් වහන්සේගේ එක ම ශ්‍රාවක සමාගමයෙහි විසි දහසක් ශ්‍රාවකයෝ වූහ. එදවස බෝසතාණෝ ජෝතිපාල මානවක වූ ත්‍රිවේදයේ පරතෙරට ගොස් මිනිස් ලොව පමණක් නොව දෙව් ලොව ද පහළ වූ කුඹල් කරු සමග මිත්‍ර විය. හේ තම යහළුවා සමග බුදුන් වෙත ගොස් දහම් අසා පැවිදි ව උත්සාහවත් ව තුන් පිටකය උගෙන සිරිත් විරිත්වලින් යුක්ත වූවෝ, සසුන බැබළවූයේය. ඒ බුදු රජුන්ගේ ජාත නගරය බරණැස විය. බ්‍රහ්මදත්ත නම් බමුණු තෙමේ පියා විය. ධනවතී නම් බැමිණිය මව වූවාය. තිස්ස සහ භාරද්වාජ තෙරවරු අගසව් වූහ. සබ්බමිත්ත තෙරණුවෝ උපස්ථායක වූහ. අනුලා සහ උරුවෙලා තෙරණියෝ අග සැවියෝ වූහ. නුග රුක බෝධිය විය. බුදු සිරුර විසි රියනි. ආයු කාලය වසර විසි දහසකි.

“කොණාගමනස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; කස‍්සපො නාම ගොත‍්තෙන, ධම‍්මරාජා පභඞ‍්කරො”ති.

“කෝණාගමන බුදුන් වහන්සේට මෑත භාගයෙහි දෙපා ලාභීන්ගෙන් අති ශ්‍රේෂ්ඨ වූ, අඳුර දුරු කැරෙන්නා වූ, ධර්ම රාජ වූ කස්සප බුදුන් වහන්සේ ලොව පහළ වූහ.”

යස‍්මිං පන කප‍්පෙ දීපඞ‍්කරො දසබලො උදපාදි, තස‍්මිං අඤ‍්ඤෙපි තයො බුද‍්ධා අහෙසුං. තෙසං සන‍්තිකා බොධිසත‍්තස‍්ස බ්‍යාකරණං නත්‍ථි, තස‍්මා තෙ ඉධ න දස‍්සිතා. අට‍්ඨකථායං පන තම‍්හා කප‍්පා පට‍්ඨාය සබ‍්බෙපි බුද‍්ධෙ දස‍්සෙතුං ඉදං වුත‍්තං –

යම් කල්පයක දීපංකර බුදුන් වහන්සේ ලොව පහළ වූ සේක් ද, එම කල්පයෙහි ම තවත් බුදුවරු තෙනමක් වූහ. උන් වහන්සේලාගෙන් අප බෝසතුන්ට විවරණ නො ලැබිණි. මෙහි දී උන් වහන්සේලා නො දක්වන ලද්දේ එහෙයිනි. අටුවාවෙහි එම කපෙහි පහළ වූ සියලු බුදුවරයන් වහන්සේලා දැක්වූහ. උන් වහන්සේලා නම්,

“තණ‍්හඞ‍්කරො මෙධඞ‍්කරො, අථොපි සරණඞ‍්කරො; දීපඞ‍්කරො ච සම‍්බුද‍්ධො, කොණ‍්ඩඤ‍්ඤො ද‍්විපදුත‍්තමො.

“තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, ශෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, සිද්ධාර්ථ, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කස්සප යන බුදුවරයන් වහන්සේලා ලොව පහළ වූහ.

“මඞ‍්ගලො ච සුමනො ච, රෙවතො සොභිතො මුනි; අනොමදස‍්සී පදුමො, නාරදො පදුමුත‍්තරො.

“සුමෙධො ච සුජාතො ච, පියදස‍්සී මහායසො; අත්‍ථදස‍්සී ධම‍්මදස‍්සී, සිද‍්ධත්‍ථො ලොකනායකො.

“තිස‍්සො ඵුස‍්සො ච සම‍්බුද‍්ධො, විපස‍්සී සිඛි වෙස‍්සභූ; කකුසන්‍ධො කොණාගමනො, කස‍්සපො චාති නායකො.

“එතෙ අහෙසුං සම‍්බුද‍්ධා, වීතරාගා සමාහිතා; සතරංසීව උප‍්පන‍්නා, මහාතමවිනොදනා; ජලිත්‍වා අග‍්ගිඛන්‍ධාව, නිබ‍්බුතා තෙ සසාවකා”ති.

සූර්යයා මෙන් ගණ අඳුර නසා ගිනි කඳක් මෙන් බැබළුනාහු, ශ්‍රාවකයන් සහිත උන් වහන්සේලා පිරිනිවියහ.”

තත්‍ථ අම‍්හාකං බොධිසත‍්තො දීපඞ‍්කරාදීනං චතුවීසතියා බුද‍්ධානං සන‍්තිකෙ අධිකාරං කරොන‍්තො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි ආගතො. කස‍්සපස‍්ස පන භගවතො ඔරභාගෙ ඨපෙත්‍වා ඉමං සම‍්මාසම‍්බුද‍්ධං අඤ‍්ඤො බුද‍්ධො නාම නත්‍ථි. ඉති දීපඞ‍්කරාදීනං චතුවීසතියා බුද‍්ධානං සන‍්තිකෙ ලද‍්ධබ්‍යාකරණො පන බොධිසත‍්තො යෙනෙන –

අප බෝසතාණෝ දීපංකර බුදු රජුන් ආදී සූවිසි බුදුවරුන් හමුවෙහි පෙරුම් පුරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පැමිණියහ. කස්සප බුදු රජුන්ගෙන් මෑත භාගයෙහි ගෞතම බුදු රජුන් හැර තවත් බුදුවරයෙක් නැත. මෙසේ දීපංකර ආදී සූවිසි බුදුවරයන්ගෙන් විවරණ ලැබූ බෝධි සත්ත්වයෝ බුද්ධත්වයක් සඳහා ද,

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣතී”ති. (බු· වං· 2.59) –

“මිනිසත් බව, පුරුෂයකු වීම, රහත් වීමට පෙර පින් ඇති බව, බුදුන් වහන්සේ නමක් හමුවීම, පැවිද්දකු වීම, ධ්‍යාන ලබා තිබීම, ප්‍රාර්ථනාව, අධික කැමැත්ත යන අෂ්ට ධර්මයන් එක්වීම ඇති කල්හි ප්‍රාර්ථනා ඉටුවේය.”

ඉමෙ අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා දීපඞ‍්කරපාදමූලෙ කතාභිනීහාරෙන “හන්‍ද බුද‍්ධකරෙ ධම‍්මෙ, විචිනාමි ඉතො චිතො”ති උස‍්සාහං කත්‍වා “විචිනන‍්තො තදාදක‍්ඛිං, පඨමං දානපාරමි”න‍්ති දානපාරමිතාදයො බුද‍්ධකාරකධම‍්මා දිට‍්ඨා, තෙ පූරෙන‍්තොයෙව යාව වෙස‍්සන‍්තරත‍්තභාවා ආගමි. ආගච‍්ඡන‍්තො ච යෙ තෙ කතාභිනීහාරානං බොධිසත‍්තානං ආනිසංසා සංවණ‍්ණිතා –

මෙකී අෂ්ට ධර්මයන් සම්පූර්ණ කොට දීපංකර බුදු රජුන්ගේ පාමුල කරන ලද ප්‍රාර්ථනා ඇති බෝසතාණෝ, ඒකාන්තයෙන් මම බුද්ධ කාරක ධර්ම සොයමි යි, උත්සාහවත් ව එසේ බුද්ධ කාරක ධර්ම සොයන්නේ මම ප්‍රථමයෙන් දාන පාරමිතාව දුටුවෙමි යි දානාදී බුද්ධ කාරක ධර්ම දුටුවේ ද, එතැන් සිට ඒ පාරමීන් පුරමින් වෙස්සන්තර අත්බව දක්වා පැමිණියේය. මේ ගමන් මඟෙහි, බුදු බව ප්‍රාර්ථනා කැරෙමින් පෙරුම් දම් පුරණ බෝසත්වරුන්ට අත්විඳින්ට ලැබෙන ආනිසංස මෙසේ වර්ණනා කොට තිබේ.

“එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නා, බොධියා නියතා නරා; සංසරං දීඝමද‍්ධානං, කප‍්පකොටිසතෙහිපි.

“මෙසේ අෂ්ට ධර්ම ආදී සියලු අංග සම්පූර්ණ කොට බුද්ධත්වයට නියත විවරණ ලත් බෝසත්වරු කල්ප කෝටි සියගණන් සංඛ්‍යා දීර්ඝ මාර්ගයෙහි සැරිසරන අතර,

“අවීචිම‍්හි නුප‍්පජ‍්ජන‍්ති, තථා ලොකන‍්තරෙසු ච; නිජ‍්ඣාමතණ‍්හා ඛුප‍්පිපාසා, න හොන‍්ති කාලකඤ‍්ජකා.

අවීචි මහා නිරයෙහි නො උපදිත්. එසේ ම සක්වල තුනක් අතරෙහි ඇති වන ලෝකාන්තර නිරයෙහි ද සාපිපාසා දෙකින් පීඩිත වූ නිජ්ඣාම තණ්හා නම් ප්‍රේත යෝනියෙහි ද කාලකඤ්ජන නම් අසුර යෝනියෙහි ද නො උපදිත්.

“න හොන‍්ති ඛුද‍්දකා පාණා, උප‍්පජ‍්ජන‍්තාපි දුග‍්ගතිං; ජායමානා මනුස‍්සෙසු, ජච‍්චන්‍ධා න භවන‍්ති තෙ.

තිරිසන් දුගතියෙහි ඉපදුන ද වටුවකුට කුඩා සතෙකු ව නො උපදිත්. ඒ බෝසත්වරු මිනිසත් භවයෙහි උපදනා කල්හි උපතින් අන්ධයෝ නො වෙති.

“සොතවෙකල‍්ලතා නත්‍ථි, න භවන‍්ති මූගපක‍්ඛිකා; ඉත්‍ථිභාවං න ගච‍්ඡන‍්ති, උභතොබ්‍යඤ‍්ජනපණ‍්ඩකා.

එසේ ම බිහිරි ව හා ගොළු ව නො උපදිත්. එසේ ම ස්ත්‍රී භාවයට නො යත්. පුම ඉතිරි දෙලකුණු ඇති උභතො බ්‍යඤ්ජන ව ද නපුංසකව ද එම වර්ගවලට ඇතුළත්ව ද නො වෙත්.

“න භවන‍්ති පරියාපන‍්නා, බොධියා නියතා නරා; මුත‍්තා ආනන‍්තරිකෙහි, සබ‍්බත්‍ථ සුද‍්ධගොචරා.

සම්බෝධියට නියත වූ බෝසත්වරු ආනන්තරීය පාප කර්මයෙන් මිදුනාහු වෙත්.

“මිච‍්ඡාදිට‍්ඨිං න සෙවන‍්ති, කම‍්මකිරියදස‍්සනා; වසමානාපි සග‍්ගෙසු, අසඤ‍්ඤං නූපපජ‍්ජරෙ.

කර්මවාදී, ක්‍රියාවාදී, සමිදුටු දැකුම් ඇති බෝසත්වරු, මිසදිටුවෝ නො වෙත්. සුගති ලොව උපන්න ද අසඤ්ඤ නම් බඹලොව නො උපදිත්.

“සුද‍්ධාවාසෙසු දෙවෙසු, හෙතු නාම න විජ‍්ජති; නෙක‍්ඛම‍්මනින‍්නා සප‍්පුරිසා, විසංයුත‍්තා භවාභවෙ; චරන‍්ති ලොකත්‍ථචරියායො, පූරෙන‍්ති සබ‍්බපාරමී”ති.

සුද්ධාවාස බඹලොව ඉපදීමට හේතු නොමැත්තේ අනගැමි නො වන බැවිනි. ඥානයට නැඹුරු වූ කුදුමහත් භවයන්හි නො ඇළුණු බෝසත්වරු පෙරුම් දම් පුරමින් ලෝකර්ථ චරියාවෙහි හැසිරෙත්.”

තෙ ආනිසංසෙ අධිගන‍්ත්‍වාව ආගතො. පාරමියො පූරෙන‍්තස‍්ස චස‍්ස අකිත‍්තිබ්‍රාහ‍්මණකාලෙ සඞ‍්ඛබ්‍රාහ‍්මණකාලෙ ධනඤ‍්චයරාජකාලෙ මහාසුදස‍්සනකාලෙ මහාගොවින්‍දකාලෙ නිමිමහාරාජකාලෙ චන්‍දකුමාරකාලෙ විසය‍්හසෙට‍්ඨිකාලෙ සිවිරාජකාලෙ වෙස‍්සන‍්තරකාලෙති දානපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස සසපණ‍්ඩිතජාතකෙ –

අප බෝසතාණෝ මේ ආනිසංස ලබමින් ම සසර සැරිසැරූහ. එසේ ම අකිත්ති බ්‍රාහ්මණ කල, සංඛ බ්‍රාහ්මණ කල, ධනංජය රජ කල, මහා සුදස්සන කල, මහා ගෝවින්ද කල, නිමි මහා රජ කල, චන්ද කුමාර කල, විසය්හ සිටු කල, සිවි රජ කල, වෙස්සන්තර කල ආදී දාන පාරමිතාව පිරූ අත්බැව් ප්‍රමාණයක් නැත. බෝසතාණන් සසපණ්ඩිත ජාතකයෙහි සස හෙවත් හා යෝනියෙහි ඉපිද දාන පාරමිය පිරූ අයුරු,

“භික‍්ඛාය උපගතං දිස‍්වා, සකත‍්තානං පරිච‍්චජිං; දානෙන මෙ සමො නත්‍ථි, එසා මෙ දානපාරමී”ති. (චරියා· 1.තස‍්සුදානං) –

“ආහාර සොයා තමා වෙත බමුණු වෙසින් පැමිණි සක් දෙවිඳුට සිය සිරුර පිරිනැමීය. දානයෙන් මා හා සමාන කෙනකු නැත. මේ මගේ දාන පාරමිතාවයි.”

එවං අත‍්තපරිච‍්චාගං කරොන‍්තස‍්ස දානපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා සීලවරාජකාලෙ චම‍්පෙය්‍යනාගරාජකාලෙ භූරිදත‍්තනාගරාජකාලෙ ඡද‍්දන‍්තනාගරාජකාලෙ ජයද‍්දිසරාජපුත‍්තකාලෙ අලීනසත‍්තුකුමාරකාලෙති සීලපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස සඞ‍්ඛපාලජාතකෙ –

සිය ජීවිතය පරිත්‍යාග කැරෙන බෝසතුන්ගේ මේ දාන පාරමිතාව දාන පරමත්ථ පාරමිතා නම් විය. එසේ ම සීලව නා රජ කල, චම්පෙය්‍ය නා රජ කළ, භූරිදත්ත නා රජ කල, ඡද්දන්ත නා රජ කල, ජයද්දිස රජ කල, අලීනසත්තු කුමාර කල ආදී ශීල පාරමිතාව පිරූ අත්බැව් ප්‍රමාණ නැත. ඒකාන්තයෙන් ම සංඛපාල ජාතකයෙහි ශීල පාරමිතාව පිරූ අයුරු,

“සූලෙහි විජ‍්ඣියන‍්තොපි, කොට‍්ටියන‍්තොපි සත‍්තිහි; භොජපුත‍්තෙ න කුප‍්පාමි, එසා මෙ සීලපාරමී”ති. (චරියා· 2.91) –

“හුල්වලින් සිරුර විදින කල්හි ද අඩයටිවලින් කොටන කල්හි ද වැදි පුත්‍රයන් කෙරෙහි මම නො කිපීමි. මේ මගේ ශීල පාරමිතාවයි.”

එවං අත‍්තපරිච‍්චාගං කරොන‍්තස‍්ස සීලපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා සොමනස‍්සකුමාරකාලෙ, හත්‍ථිපාලකුමාරකාලෙ, අයොඝරපණ‍්ඩිතකාලෙති මහාරජ‍්ජං පහාය නෙක‍්ඛම‍්මපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස චූළසුතසොමජාතකෙ –

මෙසේ ජීවිතය පරිත්‍යාග කිරීම ශීල පරමත්‍ථ පාරමිතා නම් විය. එසේ ම සෝමනස්ස කුමාර කල, හත්‍ථිපාල කුමාර කල, අයෝඝර පණ්ඩිත කල මහා රාජ්‍යයන් අත්හැර නෙක්ඛම්ම පාරමිතාව පිරූ අත්බැව් ගණන් නැත. විශේෂයෙන් චූලසුතසෝම ජාතකයෙහි නෙක්ඛම්ම පරමත්‍ථ පාරමිතාව පිරූ අයුරු,

“මහාරජ‍්ජං හත්‍ථගතං, ඛෙළපිණ‍්ඩංව ඡඩ‍්ඩයිං; චජතො න හොති ලග‍්ගං, එසා මෙ නෙක‍්ඛම‍්මපාරමී”ති. –

“අතට පත් මහා රාජ්‍යයන් මම කෙළ පිඬක් මෙන් ඉවත දැමීමි. එසේ ඉවත දමන මට ඒ පිළිබඳ ඇලීමක් ඇති නො වීය. මේ මගේ නෙක්ඛම්ම පාරමිතාවයි.”

එවං නිස‍්සඞ‍්ගතාය රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා නික‍්ඛමන‍්තස‍්ස නෙක‍්ඛම‍්මපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා විධුරපණ‍්ඩිතකාලෙ, මහාගොවින්‍දපණ‍්ඩිතකාලෙ, කුද‍්දාලපණ‍්ඩිතකාලෙ, අරකපණ‍්ඩිතකාලෙ, බොධිපරිබ‍්බාජකකාලෙ, මහොසධපණ‍්ඩිතකාලෙති, පඤ‍්ඤාපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස සත‍්තුභස‍්තජාතකෙ සෙනකපණ‍්ඩිතකාලෙ –

ඇලීමක් නැති බැවින් රාජ්‍යයන් අත්හැර නික්මෙන බෝසතුන්ගේ නෙක්ඛම්ම පරමත්ථ පාරමිතා නම් විය. එසේ ම, විධුර පණ්ඩිත කල, මහා ගෝවින්ද පණ්ඩිත කල, කුද්දාල පණ්ඩිත කල, අරක පණ්ඩිත කල, බෝධි පරිබ්බාජක කල, මහෞෂධ පණ්ඩිත කල ආදී පඤ්ඤා පාරමිතාව පිරූ ආත්ම භාව ප්‍රමාණ නැත. විශේෂයෙන් සත්තුභස්ත ජාතකයෙහි පඤ්ඤා පාරමිතාව පිරූ අයුරු,

“පඤ‍්ඤාය විචිනන‍්තොහං, බ්‍රාහ‍්මණං මොචයිං දුඛා; පඤ‍්ඤාය මෙ සමො නත්‍ථි, එසා මෙ පඤ‍්ඤාපාරමී”ති. –

“මම මගේ නුවණින් විමසා දුකට පත් බමුණා එම දුකින් මිදවීමි. නුවණින් මා හා සමාන කෙනකු නැත. මේ මාගේ පඤ්ඤා පාරමිතාවයි.”

අන‍්තොභස‍්තගතං සප‍්පං දස‍්සෙන‍්තස‍්ස පඤ‍්ඤාපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා වීරියපාරමිතාදීනම‍්පි පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස මහාජනකජාතකෙ –

පසුම්බිය ඇතුළත සිටි නාගයා ගෙන හැර දැක්වූ පාරමිතාව, පඤ්ඤා පරමත්ථ පාරමිතා නම් විය. එසේ ම විරිය පාරමිතා ආදී අනෙක් පාරමිතාවන් පිරූ ආත්ම භාව ප්‍රමාණ කළ නො හැක. විශේෂයෙන් මහා ජනක ජාතකයෙහි විරිය පරමත්ථ පාරමිතාව පිරූ අයුරු,

“අතීරදස‍්සී ජලමජ‍්ඣෙ, හතා සබ‍්බෙව මානුසා; චිත‍්තස‍්ස අඤ‍්ඤථා නත්‍ථි, එසා මෙ වීරියපාරමී”ති. –

“පරතෙර නො පෙනෙන මහමුහුද මැද මා සමග සිටි සියලු මිනිස්සු මළහ. පරතෙරට යා නො හැකියැ යි දෙගිඩියාවක් මා සිත නො වීය. මේ මගේ විරිය පාරමිතාවයි.”

එවං මහාසමුද‍්දං තරන‍්තස‍්ස පවත‍්තා වීරියපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. ඛන‍්තිවාදිජාතකෙ –

මෙසේ මහමුහුද තරණය කිරීමේ විරිය පාරමිතාව, විරිය පරමත්ථ පාරමිතාවයි. ඛන්තිවාද ජාතකයෙහි,

“අචෙතනංව කොට‍්ටෙන‍්තෙ, තිණ‍්හෙන ඵරසුනා මමං; කාසිරාජෙ න කුප‍්පාමි, එසා මෙ ඛන‍්තිපාරමී”ති. –

“කාසි රජ, මා සිත් නැති මළ සිරුරක් මෙන් තියුණු මුවහත් පොරොවෙන් කොටන කල්හි ඔහු කෙරෙහි නො කිපියෙමි. මේ මගේ ඛන්ති පාරමිතාවයි.”

එවං අචෙතනභාවෙන විය මහාදුක‍්ඛං අධිවාසෙන‍්තස‍්ස ඛන‍්තිපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. මහාසුතසොමජාතකෙ –

මෙසේ අචේතනිකයකු මෙන් මහා දුකක් විඳි බෝසතුන්ගේ පාරමිතාව, ඛන්ති පරමත්‍ථ පාරමිතාවයි. මහා සුතසෝම ජාතකයෙහි,

“සච‍්චවාචං අනුරක‍්ඛන‍්තො, චජිත්‍වා මම ජීවිතං; මොචෙසිං එකසතං ඛත‍්තියෙ, එසා මෙ සච‍්චපාරමී”ති. –

“මගේ ජීවිතය පරිත්‍යාග කොට සත්‍යය වචනය ආරක්‍ෂා කැරෙමින් එකසිය එකක් රජුන් මරණයෙන් මුදාලීය. මේ මගේ පරමත්ථ සත්‍යය පාරමිතාවයි.”

එවං ජීවිතං චජිත්‍වා සච‍්චමනුරක‍්ඛන‍්තස‍්ස සච‍්චපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. මූගපක‍්ඛජාතකෙ –

මෙසේ ජීවිතය අත්හැර සත්‍යය වචනය ආරක්‍ෂා කිරීම සච්ච පරමත්ථ පාරමිතා විාය. මුගපක්ඛ ජාතකයෙහි,

“මාතා පිතා න මෙ දෙස‍්සා, නපි මෙ දෙස‍්සං මහායසං; සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං, තස‍්මා වතමධිට‍්ඨහි”න‍්ති. (චරියා· 3.6 ථොකං විසදිසං) –

“මව්පියෝ මට අප්‍රිය වූවෝ නො වෙති. මහා සම්පත් ද මට අප්‍රිය නො වේ. බුද්ධත්වය මට ප්‍රියයි. එම නිසා දැඩි ව්‍රත අධිෂ්ඨාන කැර ගනිමි.”

එවං ජීවිතම‍්පි චජිත්‍වා වතං අධිට‍්ඨහන‍්තස‍්ස අධිට‍්ඨානපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. එකරාජජාතකෙ –

මෙසේ ජීවිතය ද අත්හැර බලවත් අධිෂ්ඨානයෙන් ව්‍රත ශීල ආරක්‍ෂා කිරීම අධිෂ්ඨාන පරමත්ථ පාරමී නම් විය. ඒකරාජ ජාතකයෙහි,

“න මං කොචි උත‍්තසති, නපිහං භායාමි කස‍්සචි; මෙත‍්තාබලෙනුපත්‍ථද‍්ධො, රමාමි පවනෙ තදා”ති. (චරියා· 3.113) –

“මා දැක කිසිවෙක් බය නො වන්නෝය. මම ද කිසිවකු දැක බය නො වෙමි. මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි මහා වනයෙහි සතුටින් වෙසෙමි.”

එවං ජීවිතම‍්පි අනොලොකෙත්‍වා මෙත‍්තායන‍්තස‍්ස මෙත‍්තාපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. ලොමහංසජාතකෙ –

මෙසේ ජීවිතය ද නො බලා මෛත්‍රී වඩන බෝසතුන්ගේ පාරමිතාව මෙත්තා පරමත්ථ පාරමී නම් විය. ලෝමහංස ජාතකයෙහි,

“සුසානෙ සෙය්‍යං කප‍්පෙමි, ඡවට‍්ඨිකං උපධායහං; ගාමණ‍්ඩලා උපාගන‍්ත්‍වා, රූපං දස‍්සෙන‍්තිනප‍්පක”න‍්ති. (චරියා· 3.119) –

“මම මිණි ඇට පොදියක් හිස කොට්ටය කොට තබාගෙන සොහොනෙහි සැතපෙමි. ගොපළු දරුවෝ අවුත් විවිධ කෙළ ගැසීම්, උසුළු විසුළු ආදී විරූප දර්ශන කරත්.”

එවං ගාමදාරකෙසු නිට‍්ඨුභනාදීහි චෙව මාලාගන්‍ධූපහාරාදීහි ච සුඛදුක‍්ඛං උප‍්පාදෙන‍්තෙසුපි උපෙක‍්ඛං අනතිවත‍්තන‍්තස‍්ස උපෙක‍්ඛාපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙස අත්‍ථො චරියාපිටකතො ගහෙතබ‍්බො. එවං පාරමියො පූරෙත්‍වා වෙස‍්සන‍්තරත‍්තභාවෙ ඨිතො –

මෙසේ ගම්දරුවෝ සමහරු කෙළ ගැසීම් ආදිය කරද්දීත් සමහරු සුවඳ මල් ආදියෙන් උපහාර කරද්දීත් ඔවුන් කෙරෙහි මැදහත් බව නො ඉක්මවීම, බෝසතුන්ගේ උපේක්‍ෂා පරමත්ථ පාරමිතාව විය. මේ දැක්වූයේ සංක්‍ෂේපයෙනි. මෙහි විස්තර චරියා පිටකයෙන් ගත යුතුයි. මෙසේ පෙරුම් පුරා වෙස්සන්තර භවයෙහි සිටි බෝසතාණෝ,

“අචෙතනායං පථවී, අවිඤ‍්ඤාය සුඛං දුඛං; සාපි දානබලා මය‍්හං, සත‍්තක‍්ඛත‍්තුං පකම‍්පථා”ති. (චරියා· 1.124) –

“සිත්පිත් නැති, සැපදුක් දැනීම් නැති, මහපොළොව පවා මාගේ දාන පාරමිතා බලයෙන් සත් වරක් කම්පා විය.”

එවං මහාපථවිකම‍්පනාදීනි මහාපුඤ‍්ඤානි කත්‍වා ආයුපරියොසානෙ තතො චුතො තුසිතභවනෙ නිබ‍්බත‍්ති. ඉති දීපඞ‍්කරපාදමූලතො පට‍්ඨාය යාව අයං තුසිතපුරෙ නිබ‍්බත‍්ති, එත‍්තකං ඨානං දූරෙනිදානං නාමාති වෙදිතබ‍්බං.

මෙසේ පොළොව කම්පා කරන මහා පින් කොට බෝසතාණෝ ආයු කෙළවර වෙසතුරු අත් බැවින් චුත ව තුසිත පුරයෙහි උපන්හ. මෙතෙක් දීපංකර පාද මූලයෙහි සිට තුසිත පුර ඉපදීම දක්වා පැවැති කථා පුවත දූරේ නිදාන නැමැයි දත යුතුයි.

දූරෙනිදානකථා නිට‍්ඨිතා.

දූරේ නිදානය නිමි.