යෙදුමෙන් කියවන්න

1. අපණ‍්ණකජාතකවණ‍්ණනා 1 අට‍්ඨකථා

1. අපණ‍්ණකජාතකවණ‍්ණනා (1)

1. අපණ්ණක ජාතකය (1)

ඉමං තාව අපණ‍්ණකධම‍්මදෙසනං භගවා සාවත්‍ථිං උපනිස‍්සාය ජෙතවනමහාවිහාරෙ විහරන‍්තො කථෙසි. කං පන ආරබ‍්භ අයං කථා සමුට‍්ඨිතාති? සෙට‍්ඨිස‍්ස සහායකෙ පඤ‍්චසතෙ තිත්‍ථියසාවකෙ. එකස‍්මිඤ‍්හි දිවසෙ අනාථපිණ‍්ඩිකො සෙට‍්ඨි අත‍්තනො සහායකෙ පඤ‍්චසතෙ අඤ‍්ඤතිත්‍ථියසාවකෙ ආදාය බහුං මාලාගන්‍ධවිලෙපනඤ‍්චෙව සප‍්පිතෙලමධුඵාණිතවත්‍ථච‍්ඡාදනානි ච ගාහාපෙත්‍වා ජෙතවනං ගන‍්ත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා භෙසජ‍්ජානි චෙව වත්‍ථානි ච භික‍්ඛුසඞ‍්ඝස‍්ස විස‍්සජ‍්ජෙත්‍වා ඡ නිසජ‍්ජාදොසෙ වජ‍්ජෙත්‍වා එකමන‍්තං නිසීදි. තෙපි අඤ‍්ඤතිත්‍ථියසාවකා තථාගතං වන්‍දිත්‍වා සත්‍ථු පුණ‍්ණචන්‍දසස‍්සිරිකං මුඛං, ලක‍්ඛණානුබ්‍යඤ‍්ජනපටිමණ‍්ඩිතං බ්‍යාමප‍්පභාපරික‍්ඛිත‍්තං බ්‍රහ‍්මකායං, ආවෙළාවෙළා යමකයමකා හුත්‍වා නිච‍්ඡරන‍්තියො ඝනබුද‍්ධරස‍්මියො ච ඔලොකයමානා අනාථපිණ‍්ඩිකස‍්ස සමීපෙයෙව නිසීදිංසු.

පළමු කොට මෙම අපණ්ණක ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩවසන කල්හි දේශනා කළ සේක. කවරකු අරබයා මෙම කථාව පැන නැඟුනේ ද යත්, අනේ පිඬු මහා සිටුහුගේ යහළු පන්සියයක් තීර්ථක සව්වන් අරබයාය. එක් දවසක් අනේ පිඬු සිටු තෙමේ තමාගේ යහළු පන්සියයක් අන්තොටු සව්වන් රැගෙන මල්, ගඳ විලවුන්, තෙල්, මී පැණි, හකුරු, හඳිනා වස්ත්‍ර ගෙන්වා ගෙන දෙව්රමට ගොස් බුදු රජුන් වැඳ මල්දම් ආදියෙන් පුදා බෙහෙත් හා වස්ත්‍ර භික්‍ෂු සංඝයාට පිළිගන්වා හිඳීමේ සදෝෂයන් හැර එක්පසෙක හුන්නේය. අන්තොටු සව්වෝ ද තථාගතයන් මැද උන් වහන්සේගේ පුන් සඳ මඬල වැනි මුහුණ ද මහා ලකුණු, කුඩා ලකුණුවලින් සැදුම් ලත් බඹයක් පමණ පැහැයෙන් වට වූ උතුම් රූප කාය ද යුගල ව නික්මෙන බුදු රැස් මාලාව ද බලමින් අනේ පිඬු සිටුහුගේ ළඟින් ම හිඳගත්හ.

අථ නෙසං සත්‍ථා මනොසිලාතලෙ සීහනාදං නදන‍්තො තරුණසීහො විය ගජ‍්ජන‍්තො පාවුස‍්සකමෙඝො විය ච ආකාසගඞ‍්ගං ඔතාරෙන‍්තො විය ච රතනදාමං ගන්‍ථෙන‍්තො විය ච අට‍්ඨඞ‍්ගසමන‍්නාගතෙන සවනීයෙන කමනීයෙන බ්‍රහ‍්මස‍්සරෙන නානානයවිචිත‍්තං මධුරධම‍්මකථං කථෙසි. තෙ සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නචිත‍්තා උට‍්ඨාය දසබලං වන්‍දිත්‍වා අඤ‍්ඤතිත්‍ථියසරණං භින්‍දිත්‍වා බුද‍්ධං සරණං අගමංසු. තෙ තතො පට‍්ඨාය නිච‍්චකාලං අනාථපිණ‍්ඩිකෙන සද‍්ධිං ගන්‍ධමාලාදිහත්‍ථා විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්ති, දානං දෙන‍්ති, සීලං රක‍්ඛන‍්ති, උපොසථකම‍්මං කරොන‍්ති.

ඉක්බිති, ඔවුන් රන් ගල් තලාවක සිට සිංහනාද කරන තරුණ සිංහයෙක් මෙන් ද ගෙරවුම් සහිත වැසි වලාකුළක් මෙන් ද අහස් ගඟ පහළට ගලා බස්නාක් මෙන් ද රුවන් දමක් ගොතන්නාක් මෙන් ද අටහින් යුත් අවර්ණීය වූ කමනීය වූ බ්‍රහ්මස්වරයෙන් නොයෙක් ක්‍රමයෙන් විසිතුරු මිහිරි දම් දෙසුමක් කළහ. ඔවුහු බුදු රජුන්ගේ දම් දෙසුම අසා පහන් සිතින් නැඟි බුදු රජුන් වැඳ අන්‍ය තීර්ථක සරණ අත්හැර බුදු රජුන් සරණ ගියහ. ඔවුහු එතැන් සිට නිතර අනේපිඬු සිටු සමග සුවඳ මල් ආදිය ගෙන වෙහෙරට ගොස් බණ අසත්. දන් දෙත්. සිල් රකිත්. පෙහෙවස් සමාදන් වෙත්.

අථ භගවා සාවත්‍ථිතො පුනදෙව රාජගහං අගමාසි. තෙ තථාගතස‍්ස ගතකාලෙ තං සරණං භින්‍දිත්‍වා පුන අඤ‍්ඤතිත්‍ථියසරණං ගන‍්ත්‍වා අත‍්තනො මූලට‍්ඨානෙයෙව පතිට‍්ඨිතා. භගවාපි සත‍්තට‍්ඨ මාසෙ වීතිනාමෙත්‍වා පුන ජෙතවනමෙව අගමාසි. අනාථපිණ‍්ඩිකො පුනපි තෙ ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරං ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. තෙපි භගවන‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. අථ නෙසං තථාගතෙ චාරිකං පක‍්කන‍්තෙ ගහිතසරණං භින්‍දිත්‍වා පුන අඤ‍්ඤතිත්‍ථියසරණමෙව ගහෙත්‍වා මූලෙ පතිට‍්ඨිතභාවං භගවතො ආරොචෙසි.

පසු කලෙක බුදුන් වහන්සේ සැවැත් නුවර සිට නැවත රජගහ නුවරට වැඩි සේක. ඔවුහු බුදු රජුන් වැඩි තැන් පටන් බුදු සරණ අත්හැර නැවත තීර්ථකයන් සරණ ගොස් තමන්ගේ මුල් තැන ම පිහිටියහ. බුදුන් වහන්සේ ද සත් අට මසක් රජගහ නුවර ගත කොට නැවතත් දෙව්රමට වැඩි සේක. අනේපිඬු සිටුහු නැවත ඔවුන් රැගෙන බුදු රජුන් වෙත එළැඹ සුවඳ ආදියෙන් බුදුන් වැඳ එකත්පසෙක හුන්හ. ඔවුහු ද වැඳ එකත්පසෙක හුන්හ. බුදු රජුන් චාරිකාවෙහි වැඩි කල්හි ඔවුන් ගත් බුදුසරණ හැර නැවත අනික් තීර්ථක සරණ ගෙන මුල්තන්හි පිහිටි බව බුදු රජුන්ට දැන්වූහ.

භගවා අපරිමිතකප‍්පකොටියො නිරන‍්තරං පවත‍්තිතවචීසුචරිතානුභාවෙන දිබ‍්බගන්‍ධගන්‍ධිතං නානාගන්‍ධපූරිතං රතනකරණ‍්ඩකං විවරන‍්තො විය මුඛපදුමං විවරිත්‍වා මධුරස‍්සරං නිච‍්ඡාරෙන‍්තො “සච‍්චං කිර තුම‍්හෙ උපාසකා තීණි සරණානි භින්‍දිත්‍වා අඤ‍්ඤතිත්‍ථියසරණං ගතා”ති පුච‍්ඡි. අථ තෙහි පටිච‍්ඡාදෙතුං අසක‍්කොන‍්තෙහි “සච‍්චං භගවා”ති වුත‍්තෙ සත්‍ථා “උපාසකා හෙට‍්ඨා අවීචිං උපරි භවග‍්ගං පරිච‍්ඡෙදං කත්‍වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සීලාදීහි ගුණෙහි බුද‍්ධෙන සදිසො නාම නත්‍ථි, කුතො අධිකතරො”ති. “යාවතා, භික‍්ඛවෙ, සත‍්තා අපදා වා ද‍්විපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා, තථාගතො තෙසං අග‍්ගමක‍්ඛායති (සං· නි· 5.139; අ· නි· 4.34), යං කිඤ‍්චි විත‍්තං ඉධ වා හුරං වා…පෙ… (ඛු· පා· 6.3; සු· නි· 226) අග‍්ගතො වෙ පසන‍්නාන”න‍්තිආදීහි (අ· නි· 4.34; ඉතිවු· 90) සුත‍්තෙහි පකාසිතෙ රතනත‍්තයගුණෙ පකාසෙත්‍වා “එවං උත‍්තමගුණෙහි සමන‍්නාගතං රතනත‍්තයං සරණං ගතා උපාසකා වා උපාසිකා වා නිරයාදීසු නිබ‍්බත‍්තකා නාම නත්‍ථි, අපායනිබ‍්බත‍්තිතො පන මුච‍්චිත්‍වා දෙවලොකෙ උප‍්පජ‍්ජිත්‍වා මහාසම‍්පත‍්තිං අනුභොන‍්ති, තස‍්මා තුම‍්හෙහි එවරූපං සරණං භින්‍දිත්‍වා අඤ‍්ඤතිත්‍ථියසරණං ගච‍්ඡන‍්තෙහි අයුත‍්තං කත”න‍්ති ආහ.

බුදුන් වහන්සේ අප්‍රමාණ කෙළ ගණන් කල්පවල නිරතුරු ව පුරුදු කළ වාක් සුචරිතයෙහි බලයෙන් දිව සුවඳින් සුවඳවත් වූ නොයෙක් සුවඳින් පිරුණු රන් කරඬුවක් විවර කරන්නාක් මෙන් මුව පියුම විවර කොට මිහිරි හඬ නිකුත් කරමින් උපාසකවරුනි, ඔබ තුන් සරණ හැර තීර්ථකයන් සරණ ගියාහුදැ යි විචාළහ. ඔවුන් සැඟවීමට නො හැකි ව එසේය, භාග්‍යවතුන් වහන්ස යැයි කී කල්හි, උපාසකවරුනි, යටින් අවීචි නිරයත් උඩින් භවාග්‍රයත් පිරිසිඳ කොට සිරසට අපරිමාණ ලෝකධාතූන්හි ශීලාදී ගුණයෙන් බුදු රජුන් සමාන කෙනකු නැත. ඊට වඩා වැඩි කෙනකු කොයි ද? “යාවතා භික්ඛවෙ සත්තා අපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති යං කිඤ්චි චිත්තං ඉධවා හුරං වා -පෙ- අග්ගතො වෙ පසන්නානන්ති.” මේ ආදී සූත්‍රවලින් ප්‍රකාශිත පරිදි, මෙසේ උතුම් ගුණයන්ගෙන් යුත් රත්නත්‍රය සරණ ගිය උවැසි උවැසියෝ අපායෙහි උපදින්නෝ නම් නො වෙත්. ඔවුහු අපාය උපතින් මිදී දෙව්ලොව ඉපිද මහත් සැප විඳිත්. එම නිසා මෙබඳු සරණ හැර අන්‍ය තීර්ථකයන් සරණ යන ඔබ විසින් අයුත්තක් කරන ලද්දේයැ යි වදාළහ.

එත්‍ථ ච තීණි රතනානි මොක‍්ඛවසෙන උත‍්තමවසෙන සරණගතානං අපායෙසු නිබ‍්බත‍්තියා අභාවදීපනත්‍ථං ඉමානි සුත‍්තානි දස‍්සෙතබ‍්බානි –

මෙහි තෙරුවන් ප්‍රධාන වශයෙන් හා උසස් වශයෙන් සලකා සරණ යන්නවුන්ගේ අපායන්හි ඉපදීමක් නැති බව ප්‍රකට කිරීමට මෙම සූත්‍ර දැක්විය යුතුය.

“යෙ කෙචි බුද‍්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

“යෙ කෙචි බුද්ධං සරණං ගතා සෙ න තෙ ගමිස්සන්ති අපායං පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති”

“යෙ කෙචි ධම‍්මං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්ති.

“යෙ කෙචි ධම්මං සරණං ගතා සෙ න තෙ ගමිස්සන්ති අපායං පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති”

“යෙ කෙචි සඞ‍්ඝං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්ති.

“යෙ කෙචි සඞ්ඝං සරණං ගතා සෙ න තෙ ගමිස්සන්ති අපායං පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති”

“යම්කිසි කෙනෙක් බුදු රජුන් සරණ ගියාහු නම් ඔහු අපායෙහි නො උපදිත්. මිනිසත් බව හැර දෙව් ලොවට යෙත්.”

“යම්කිසි කෙනෙක් දහම් සරණ ගියාහු නම් ඔහු අපායෙහි නො උපදිත්. මිනිසත් බව හැර දෙව් ලොවට යෙත්.”

“යම්කිසි කෙනෙක් සඟ සරණ ගියාහු නම් ඔහු අපායෙහි නො උපදිත්. මිනිස් බව හැර දෙව් ලොවට යෙත්.”

“බහුං වෙ සරණං යන‍්ති, පබ‍්බතානි වනානි ච; ආරාමරුක‍්ඛචෙත්‍යානි, මනුස‍්සා භයතජ‍්ජිතා.

“බහු වෙ සරණං යන්ති පබ්බතානි වනාති ච, ආරාමරුක්ඛචෙත්‍යානි මනුස්සා භයතජ්ජිතා”

“නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත‍්තමං; නෙතං සරණමාගම‍්ම, සබ‍්බදුක‍්ඛා පමුච‍්චති.

“නෙතං ඛො සරණං ඛෙමං නෙතං සරණමුත්තමං, නෙතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති”

“යො ච බුද‍්ධඤ‍්ච ධම‍්මඤ‍්ච, සඞ‍්ඝඤ‍්ච සරණං ගතො; චත‍්තාරි අරියසච‍්චානි, සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති.

“යොච බුද්ධං ච ධම්මං ච සඞ්ඝං ච සරණං ගතො, චත්තාරි අරිය සච්චානි සම්මප්පඤ්ඤාය පස්සති”

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියඤ‍්චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං.

“දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං, අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛුපසමගාමිනං”

“එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත‍්තමං; එතං සරණමාගම‍්ම, සබ‍්බදුක‍්ඛා පමුච‍්චතී”ති. (ධ· ප· 188-192);

“එතං ඛො සරණං ඛෙමං එතං සරණමුත්තමං, එතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චතීති”

“බියෙන් තැතිගත් මිනිස්සු විවිධ පර්වත, වනාන්තර, ආරාම, රුක්, දෙවොල් පිහිට පතත්.”

“මේ සරණය නිරුපද්‍රව නො වේ. මේ සරණය උසස් ද නොවේ. මේ සරණයට පැමිණ සියලු දුකින් නො මිදෙත්.”

“යම් කෙනෙක් බුදුන්, දහම්, සඟුන් සරණ ගියෝ ද චතුරාර්ය සත්‍යය ප්‍රඥාවෙන් දකී ද දුක, දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙත්.”

“මේ සරණය බය රහිතය. මේ සරණය උතුම්ය. මේ සරණට පැමිණ සියලු දුකින් මිදෙත්.”

න කෙවලඤ‍්ච නෙසං සත්‍ථා එත‍්තකංයෙව ධම‍්මං දෙසෙසි, අපිච ඛො “උපාසකා බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානං නාම, ධම‍්මානුස‍්සතිකම‍්මට‍්ඨානං නාම, සඞ‍්ඝානුස‍්සතිකම‍්මට‍්ඨානං නාම සොතාපත‍්තිමග‍්ගං දෙති, සොතාපත‍්තිඵලං දෙති, සකදාගාමිමග‍්ගං දෙති, සකදාගාමිඵලං දෙති, අනාගාමිමග‍්ගං දෙති, අනාගාමිඵලං දෙති, අරහත‍්තමග‍්ගං දෙති, අරහත‍්තඵලං දෙතී”තිඑවමාදීහිපි නයෙහි ධම‍්මං දෙසෙත්‍වා “එවරූපං නාම සරණං භින්‍දන‍්තෙහි අයුත‍්තං තුම‍්හෙහි කත”න‍්ති ආහ. එත්‍ථ ච බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානාදීනං සොතාපත‍්තිමග‍්ගාදිප‍්පදානං “එකධම‍්මො, භික‍්ඛවෙ, භාවිතො බහුලීකතො එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමො එකධම‍්මො? බුද‍්ධානුස‍්සතී”තිඑවමාදීහි (අ· නි· 1.296) සුත‍්තෙහි දීපෙතබ‍්බං.

බුදුන් වහන්සේ ඔවුන්ට දේශනා කළ ධර්මය මෙපමණක් ම නො වේ. තවද, උපාසකවරුනි, බුද්ධානුස්සති කමටහන, (බුදු රජුන් පිළිබඳ නැවත නැවත සිතීම) දහම අරමුණු කැර ගත් කමටහන, සඟ අරමුණු කැර ගත් කමටහන සෝවාන් මඟ ලබාදෙයි. සෝවාන් ඵලය ලබාදෙයි. සකදාගාමී මඟ ලබාදෙයි. සකදාගාමී ඵලය ලබාදෙයි. අනාගාමී මඟ ලබාදෙයි. අනාගාමී ඵලය ලබාදෙයි. රහත් මඟ ලබාදෙයි. රහත් ඵලය ලබාදෙයි. මේ ආදී නයින් දහම් දෙසා මෙබඳු වූ පිහිටක් අත්හළ ඔබ විසින් නුසුදුසු දෙයක් කරන ලදැ යි වදාළහ. මෙහි බුදුන් සිහි කිරීමේ කමටහන ආදිය සෝවාන් මඟ ආදිය ලබාදනෙ බව මහණෙනි, එක ධර්මයක් වඩන ලද්දේ, වඩ වඩා වඩන ලද්දේ, ඒකාන්තයෙන් කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස මානසික සහනය පිණිස, දැනගැනීම පිණිස, අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කවර නම් එක ධර්මයක් ද? බුදුන් සිහි කිරීමය යන මේ ආදී සූත්‍රවලින් පැහැදිලි කළ යුතුයි.

එවං භගවා නානප‍්පකාරෙහි උපාසකෙ ඔවදිත්‍වා “උපාසකා පුබ‍්බෙපි මනුස‍්සා අසරණං ‘සරණ’න‍්ති තක‍්කග‍්ගාහෙන විරද‍්ධග‍්ගාහෙන ගහෙත්‍වා අමනුස‍්සපරිග‍්ගහිතෙ කන‍්තාරෙ යක‍්ඛභක‍්ඛා හුත්‍වා මහාවිනාසං පත‍්තා, අපණ‍්ණකග‍්ගාහං පන එකංසිකග‍්ගාහං අවිරද‍්ධග‍්ගාහං ගහිතමනුස‍්සා තස‍්මිංයෙව කන‍්තාරෙ සොත්‍ථිභාවං පත‍්තා”ති වත්‍වා තුණ‍්හී අහොසි. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති උට‍්ඨායාසනා භගවන‍්තං වන්‍දිත්‍වා අභිත්‍ථවිත්‍වා සිරස‍්මිං අඤ‍්ජලිං පතිට‍්ඨාපෙත්‍වා එවමාහ “භන‍්තෙ, ඉදානි තාව ඉමෙසං උපාසකානං උත‍්තමසරණං භින්‍දිත්‍වා තක‍්කග‍්ගහණං අම‍්හාකං පාකටං, පුබ‍්බෙ පන අමනුස‍්සපරිග‍්ගහිතෙ කන‍්තාරෙ තක‍්කිකානං විනාසො, අපණ‍්ණකග‍්ගාහං ගහිතමනුස‍්සානඤ‍්ච සොත්‍ථිභාවො අම‍්හාකං පටිච‍්ඡන‍්නො, තුම‍්හාකමෙව පාකටො, සාධු වත නො භගවා ආකාසෙ පුණ‍්ණචන්‍දං උට‍්ඨාපෙන‍්තො විය ඉමං කාරණං පාකටං කරොතූ”ති. අථ භගවා “මයා ඛො, ගහපති, අපරිමිතකාලං දස පාරමියො පූරෙත්‍වා ලොකස‍්ස කඞ‍්ඛච‍්ඡෙදනත්‍ථමෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිද‍්ධං, සීහවසාය සුවණ‍්ණනාළිං පූරෙන‍්තො විය සක‍්කච‍්චං සොතං ඔදහිත්‍වා සුණොහී”ති සෙට‍්ඨිනො සතුප‍්පාදං ජනෙත්‍වා හිමගබ‍්භං පදාලෙත්‍වා පුණ‍්ණචන්‍දං නීහරන‍්තො විය භවන‍්තරෙන පටිච‍්ඡන‍්නකාරණං පාකටං අකාසි.

මෙසේ බුදු රජුන් නොයෙක් අයුරින් උපාසකවරුන්ට අනුශාසනා කොට උපාසකවරුනි, සමහර මිනිස්සු පිහිට නැති දෙය පිහිටයැ යි තර්ක ඥානීව වරදවා ගෙන අමනුෂ්‍යයන් අරක්ගත් කතරෙහි යක්‍ෂයින්ට බිලිවී මහත් විනාශයකට පැමිණියහ. ප්‍රශ්න නො තකා ගැනීම පමණක් නිසැක ගැනීමයි. අවිරුද්ධ ගැනීමයි. එය ගත් මිනිස්සු එම කතරෙහි ම සුවපත් බවට පැමිණියාහැ යි වදාරා නිශ්ශබ්ද වූ සේක. ඉක්බිති, අනේ පිඬු මහා ගෘහපතියා අසුනෙන් නැගිට බුදු රජුන් නැමද ප්‍රශංසා කොට දොහොත් මුදුනේ තබා මෙසේ පැවසීය. ස්වාමීනි, දැන් මේ උවසුවන් උතුම් බුදු සරණ අත්හැර තර්ක ග්‍රහණය කිරීම අපට පැහැදිලිය. පෙර යක්‍ෂාධිපතිගේ කාන්තාර සහ කාර්මිකයන්ට විනාශයක් අප්‍රසන්න ග්‍රාහකයන්ට යහපතක් පැමිණි සැටි අපෙන් සැඟවී ඇත. ඔබ වහන්සේට පැහැදිලිය. එම නිසා භාග්‍යවතුන් වහන්ස, අහසෙහි පුන් සඳ මඬල මතු කොට පෙන්වන්නාක් මෙන් මේ කරුණු ප්‍රකට කරන සේක් නම් මැනවි. ඉක්බිති, බුදු රජහු ගෘහපතිය, මවිසින් අපිරිමිත කාලයක් දශ පාරමිතාවන් සම්පූර්ණ කොට ලෝකයාගේ දුක දුරුකිරීම පිණිස ම සියල්ල දන්නා නුවණ ලබන ලද්දේය. සිංහ තෙලින් රන් බඳුනක් පුරවන්නාක් මෙන් මැනවින් කන් යොමා අසවයි. සිටුහුගේ සහය උපදවා වලා ගැබෙන් පුන් සඳ පෙන්වන්නාක් මෙන් භවයෙන් වැසුණු කරුණු හෙලිකළහ.

අතීතෙ කාසිරට‍්ඨෙ බාරාණසිනගරෙ බ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි. තදා බොධිසත‍්තො සත්‍ථවාහකුලෙ පටිසන්‍ධිං ගහෙත්‍වා දසමාසච‍්චයෙන මාතුකුච‍්ඡිතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන වයප‍්පත‍්තො පඤ‍්චහි සකටසතෙහි වණිජ‍්ජං කරොන‍්තො විචරති. සො කදාචි පුබ‍්බන‍්තතො අපරන‍්තං ගච‍්ඡති, කදාචි අපරන‍්තතො පුබ‍්බන‍්තං. බාරාණසියංයෙව අඤ‍්ඤොපි සත්‍ථවාහපුත‍්තො අත්‍ථි බාලො අබ්‍යත‍්තො අනුපායකුසලො. තදා බොධිසත‍්තො බාරාණසිතො මහග‍්ඝං භණ‍්ඩං ගහෙත්‍වා පඤ‍්ච සකටසතානි පූරෙත්‍වා ගමනසජ‍්ජානි කත්‍වා ඨපෙසි. සොපි බාලසත්‍ථවාහපුත‍්තො තථෙව පඤ‍්ච සකටසතානි පූරෙත්‍වා ගමනසජ‍්ජානි කත්‍වා ඨපෙසි.

පෙර කසීරට බරණැස් නුවර බඹදත් නම් රජකු විය. එකල අප බෝසත්හු වෙළෙඳ කුලයෙහි පිළිසිඳ ගෙන ක්‍රමයෙන් වියපත් ව ගැල් පන්සියයකින් වෙළඳාම් කැරෙමින් හැසිරෙයි. ඔහු සමහර විටෙක නැගෙනහිර දෙස සිට බටහිර දෙසට ද සමහර විටෙක බටහිර දෙස සිට නැගෙනහිර දෙසට ද වෙළඳාම් පිණිස යයි. එම නුවර ම නුවණ අඩු වෙළඳ උපායෙහි අදක්ෂ තවත් වෙළෙඳ පුත්‍රයෙක් සිටියි. එකල බෝසත් වෙළඳා බරණැස් නුවරින් මහත් අගනා වෙළඳ බඩු ගෙන ගැල් පන්සියයක් පුරවා ගමනට සූදානම් කොට තැබීය. ඒ මෝඩ වෙළඳ පුත්‍රයා ද ගැල් පන්සියයක බඩු පුරවා ගමනට සූදානම් කොට තැබීය.

තදා බොධිසත‍්තො චින‍්තෙසි “සචෙ අයං බාලසත්‍ථවාහපුත‍්තො මයා සද‍්ධිංයෙව ගමිස‍්සති, සකටසහස‍්සෙ එකතො මග‍්ගං ගච‍්ඡන‍්තෙ මග‍්ගොපි නප‍්පහොස‍්සති, මනුස‍්සානං දාරුදකාදීනිපි, බලිබද‍්දානං තිණානිපි දුල‍්ලභානි භවිස‍්සන‍්ති, එතෙන වා මයා වා පුරතො ගන‍්තුං වට‍්ටතී”ති. සො තං පක‍්කොසාපෙත්‍වා එතමත්‍ථං ආරොචෙත්‍වා “ද‍්වීහිපි අම‍්හෙහි එකතො ගන‍්තුං න සක‍්කා, කිං ත්‍වං පුරතො ගමිස‍්සසි, උදාහු පච‍්ඡතො”ති ආහ. සො චින‍්තෙසි “මයි පුරතො ගච‍්ඡන‍්තෙ බහූ ආනිසංසා, මග‍්ගෙන අභින‍්නෙනෙව ගමිස‍්සාමි, ගොණා අනාමට‍්ඨතිණං ඛාදිස‍්සන‍්ති, මනුස‍්සානං අනාමට‍්ඨං සූපෙය්‍යපණ‍්ණං භවිස‍්සති, පසන‍්නං උදකං භවිස‍්සති, යථාරුචිං අග‍්ඝං ඨපෙත්‍වා භණ‍්ඩං වික‍්කිණිස‍්සාමී”ති. සො “අහං, සම‍්ම, පුරතො ගමිස‍්සාමී”ති ආහ. බොධිසත‍්තොපි පච‍්ඡතො ගමනෙ බහූ ආනිසංසෙ අද‍්දස. එවං හිස‍්ස අහොසි – “පුරතො ගච‍්ඡන‍්තා මග‍්ගෙ විසමට‍්ඨානං සමං කරිස‍්සන‍්ති, අහං තෙහි ගතමග‍්ගෙන ගමිස‍්සාමි, පුරතො ගතෙහි බලිබද‍්දෙහි පරිණතථද‍්ධතිණෙ ඛාදිතෙ මම ගොණා පුන උට‍්ඨිතානි මධුරතිණානි ඛාදිස‍්සන‍්ති, ගහිතපණ‍්ණට‍්ඨානතො උට‍්ඨිතං මනුස‍්සානං සූපෙය්‍යපණ‍්ණං මධුරං භවිස‍්සති, අනුදකෙ ඨානෙ ආවාටං ඛනිත්‍වා එතෙ උදකං උප‍්පාදෙස‍්සන‍්ති, තෙහි කතෙසු ආවාටෙසු මයං උදකං පිවිස‍්සාම, අග‍්ඝට‍්ඨපනං නාම මනුස‍්සානං ජීවිතා වොරොපනසදිසං, අහං පච‍්ඡතො ගන‍්ත්‍වා එතෙහි ඨපිතග‍්ඝෙන භණ‍්ඩං වික‍්කිණිස‍්සාමී”ති. අථ සො එත‍්තකෙ ආනිසංසෙ දිස‍්වා “සම‍්ම, ත්‍වං පුරතො ගච‍්ඡාහී”ති ආහ. “සාධු, සම‍්මා”ති බාලසත්‍ථවාහො සකටානි යොජෙත්‍වා නික‍්ඛන‍්තො අනුපුබ‍්බෙන මනුස‍්සාවාසං අතික‍්කමිත්‍වා කන‍්තාරමුඛං පාපුණි.

බෝසත් වෙළඳා මෙසේ සිතීය. මේ මෝඩ වෙළඳ පුත්‍රයා මා සමග යන්නේ නම් ගැල් දහසකට මඟ ප්‍රමාණවත් නො වේ. මිනිසුන්ට දර දිය ද ගොනුන් හට තණ ද සුලබ නො ව්නනේය. ඔහු හෝ මා පළමුවෙන් යාම වටී. මෙසේ සිතා ඒ වෙළඳ පුත්‍රයා කැඳවා පැහැදිලි කොට ඔබ පළමු කොට යන්නේ ද, නැතිනම් පසුව යන්නේදැ යි විමසීය. ඔහු පළමුවෙන් ගමනෙහි අනුසස් මෙසේ වන්නේය. අබලන් නො වූ මඟින් ම යන්නෙමි. ගොනුන්ට නො ඉඳුල් තණ කොළ වන්නේය. මිනිසුන්ට නො ඉඳුල් පළා කොළ ලැබෙන්නේය. නො කැළඹුණු ජලය වන්නේය. කැමැති පරිදි වෙළෙඳ බඩු මිල කළ හැකි වන්නේය. මෙසේ සිතූ ඔහු යහළුව, මම පෙරටුවට යන්නෙමි යි කීය. බෝසත් වෙළඳා පසු පසින් ගමනෙහි බොහෝ ආනිශංස දිටී. පෙරටුව යන්නෝ මඟෙහි නො සම තැන් සම කරන්නෝය. මම ඔවුන් ගිය මඟෙහි යන්නෙමි. පෙරටුව ගිය ගොනුන් මෝරා ගිය තණ කෑ කල්හි මගේ ගොන්නු නැවත හටගත ලා තණ කන්නෝය. මිනිස්සුන්ට ද මිහිරි පලා කොළ ලැබෙන්නේය. ජලය නැති තැන්හි පෙරටුව යන්නෝ කැනීම් කොට ජලය ලබා ගත්තෝය. අපි ඔවුන් කළ වළවල්වලින් පැන් බොන්නෙමු. මේ හැර භාණ්ඩ මිල කිරීම දිවි තොර කිරීමක් වැනිය. මම පසු ව ගොස් ඔවුන් නියම කළ මිලට ම අපගේ බඩු විකුණන්නෙමි. බෝසත් වෙළෙඳා මේ ආනිශංස දැක යහළුව, ඉතා මැනවි. ඔබ පෙරටුව යන්නැ යි කීය. මෝඩ වෙළඳා එය සතුටින් පිළිගෙන ගැල් යොදා ගෙන ක්‍රමයෙන් අමනුෂ්‍යය වාස කාන්තාරය ළඟට පැමිණියේය.

කන‍්තාරං නාම – චොරකන‍්තාරං, වාළකන‍්තාරං, නිරුදකකන‍්තාරං, අමනුස‍්සකන‍්තාරං, අප‍්පභක‍්ඛකන‍්තාරන‍්ති පඤ‍්චවිධං. තත්‍ථ චොරෙහි අධිට‍්ඨිතමග‍්ගො චොරකන‍්තාරං නාම. සීහාදීහි අධිට‍්ඨිතමග‍්ගො වාළකන‍්තාරං නාම. යත්‍ථ න‍්හායිතුං වා පාතුං වා උදකං නත්‍ථි, ඉදං නිරුදකකන‍්තාරං නාම. අමනුස‍්සාධිට‍්ඨිතං අමනුස‍්සකන‍්තාරං නාම. මූලඛාදනීයාදිවිරහිතං අප‍්පභක‍්ඛකන‍්තාරං නාම. ඉමස‍්මිං පඤ‍්චවිධෙ කන‍්තාරෙ තං කන‍්තාරං නිරුදකකන‍්තාරඤ‍්චෙව අමනුස‍්සකන‍්තාරඤ‍්ච. තස‍්මා සො බාලසත්‍ථවාහපුත‍්තො සකටෙසු මහන‍්තමහන‍්තා චාටියො ඨපෙත්‍වා උදකස‍්ස පූරාපෙත්‍වා සට‍්ඨියොජනිකං කන‍්තාරං පටිපජ‍්ජි.

කාන්තාරය වනාහි චෝර කාන්තාර (සොරුන් ගැවසි) වාළ කාන්තාර (වන සතුන් ගැවසි) නිරුදක කාන්තාර (ජලය නැති) අමනුෂ්‍යය කාන්තාර (අමනුෂ්‍යයන් අරක්ගත්) අප්පභක්ඛ කාන්තාර (ආහාර අඩු) වශයෙන් පස් ආකාරය. එහි සොරුන් විසින් මඟ අවුරන ලද්දේ, චෝර කාන්තාර ද සිංහාදීන් විසින් අවුරන ලද මඟ ඇත්තේ, වැලි කාන්තාර ද යම් තැනක නෑමට හෝ බීමට ජලය නැත්තේ ද, නිරුදක කාන්තාර ද අමනුෂ්‍යයින් විසින් අරක්ගන්නා ලද්දේ, අමනුෂ්‍ය කාන්තාර ද මුල් ආදී ආහාරයට සුදුසු දේ නැත්තේ, අප්පභක්ඛ කාන්තාර ද නමි. මේ පස් ආකාර කාන්තාර අතුරින් මේ කාන්තාරය නිරුදක හා අමනුෂ්‍යය කාන්තාරයක් විය. එම නිසා ඒ වෙළඳ පුත්‍රයා ගැල්වල මහත් සැළි තබා ජලය පුරවා සැට යොදුනක් පමණ කතර මඟට පිවිසියේය.

අථස‍්ස කන‍්තාරමජ‍්ඣං ගතකාලෙ කන‍්තාරෙ අධිවත්‍ථයක‍්ඛො “ඉමෙහි මනුස‍්සෙහි ගහිතං උදකං ඡඩ‍්ඩාපෙත්‍වා දුබ‍්බලෙ කත්‍වා සබ‍්බෙව නෙ ඛාදිස‍්සාමී”ති සබ‍්බසෙතතරුණබලිබද‍්දයුත‍්තං මනොරමං යානකං මාපෙත්‍වා ධනුකලාපඵලකාවුධහත්‍ථෙහි දසහි ද‍්වාදසහි අමනුස‍්සෙහි පරිවුතො උප‍්පලකුමුදානි පිළන්‍ධිත්‍වා අල‍්ලකොසො අල‍්ලවත්‍ථො ඉස‍්සරපුරිසො විය තස‍්මිං යානකෙ නිසීදිත්‍වා කද‍්දමමක‍්ඛිතෙහි චක‍්කෙහි පටිපථං අගමාසි. පරිවාරඅමනුස‍්සාපිස‍්ස පුරතො ච පච‍්ඡතො ච ගච‍්ඡන‍්තා අල‍්ලකෙසා අල‍්ලවත්‍ථා උප‍්පලකුමුදමාලා පිළන්‍ධිත්‍වා පදුමපුණ‍්ඩරීකකලාපෙ ගහෙත්‍වා භිසමුළාලානි ඛාදන‍්තා උදකබින්‍දූහි චෙව කලලෙහි ච පග‍්ඝරන‍්තෙහි අගමංසු. සත්‍ථවාහා ච නාම යදා ධුරවාතො වායති, තදා යානකෙ නිසීදිත්‍වා උපට‍්ඨාකපරිවුතා රජං පරිහරන‍්තා පුරතො ගච‍්ඡන‍්ති. යදා පච‍්ඡතො වාතො වායති, තදා තෙනෙව නයෙන පච‍්ඡතො ගච‍්ඡන‍්ති. තදා පන ධුරවාතො අහොසි, තස‍්මා සො සත්‍ථවාහපුත‍්තො පුරතො අගමාසි.

ඔහු කතර මැදට පිවිසි කල කතරෙහි අරක්ගත් යක්‍ෂයා මොවුන් විසින් ගෙනෙන ලද ජලය ඉවත දම්මවා ඔවුන් දුබල කොට ඔවුන් සියල්ල ම කන්නෙමි යි සිතා සම්පූර්ණයෙන් සුදු වූ යොවුන් ගොනුන් යොදා සිත්කළු ස්ථානයක් මවා දුනු, ඊතල, පලිස් ආදි ආයුධ අතැති ව දහයක් දොළහක් පමණ අමනුෂ්‍යයන් පිරිවරා ගෙන උපුල්, කුමුදු මල් පැළඳ ගෙන තෙත් හිසින් හා වතින් යුක්ත ව අධිපතියකු මෙන් ඒ යානාවෙහි හිඳ මඩ තැවරුණු ගැල් සකින් යුතු ව ඉදිරියට ගියේය. ඔහුගේ පිරිවර මිනිස්සු ද පෙරටුව හා පසුපසින් තෙත් කෙස් හා වස්ත්‍ර ඇති ව උපුල්, කුමුදු මල් දම් පැළඳ සුදු නෙළුම් මිටි අතැති ව නෙළුම් අල කමින් දිය බිඳු හා මඩ වගුරුවමින් ගියහ. වෙළඳ සාත්තු නායකයෙක් නම් යම් දවසක ඉදිරිපසින් සුළඟ හමායේ ද එදින යහනාවක හිඳ සේවකයින් පිරිවරා ගෙන දූවිලි මග හරවමින් ඉදිරියෙන් යත්. යම් දවසක පසුපසින් සුළඟ හමයි ද ඒ අයුරින් ම පසුපසින් යත්. එදින ඉදිරියෙන් සුළඟ හැමීය. එම නිසා ඒ වෙළඳ පුත්‍රයා පෙරටුව ගමන් කළේය.

යක‍්ඛො තං ආගච‍්ඡන‍්තං දිස‍්වා අත‍්තනො යානකං මග‍්ගා ඔක‍්කමාපෙත්‍වා “කහං ගච‍්ඡථා”ති තෙන සද‍්ධිං පටිසන්‍ථාරං අකාසි. සත්‍ථවාහොපි අත‍්තනො යානකං මග‍්ගා ඔක‍්කමාපෙත්‍වා සකටානං ගමනොකාසං දත්‍වා එකමන‍්තෙ ඨිතො තං යක‍්ඛං අවොච “භො, අම‍්හෙ තාව බාරාණසිතො ආගච‍්ඡාම. තුම‍්හෙ පන උප‍්පලකුමුදානි පිළන්‍ධිත්‍වා පදුමපුණ‍්ඩරීකහත්‍ථා භිසමුළාලානි ඛාදන‍්තා කද‍්දමමක‍්ඛිතා උදකබින්‍දූහි පග‍්ඝරන‍්තෙහි ආගච‍්ඡථ. කිං නු ඛො තුම‍්හෙහි ආගතමග‍්ගෙ දෙවො වස‍්සති, උප‍්පලාදිසඤ‍්ඡන‍්නානි වා සරානි අත්‍ථී”ති පුච‍්ඡි. යක‍්ඛො තස‍්ස කථං සුත්‍වා “සම‍්ම, කිං නාමෙතං කථෙසි. එසා නීලවනරාජි පඤ‍්ඤායති. තතො පට‍්ඨාය සකලං අරඤ‍්ඤං එකොදකං, නිබද‍්ධං දෙවො වස‍්සති, කන්‍දරා පූරා, තස‍්මිං තස‍්මිං ඨානෙ පදුමාදිසඤ‍්ඡන‍්නානි සරානි අත්‍ථී”ති වත්‍වා පටිපාටියා ගච‍්ඡන‍්තෙසු සකටෙසු “ඉමානි සකටානි ආදාය කහං ගච‍්ඡථා”ති පුච‍්ඡි. “අසුකජනපදං නාමා”ති. “ඉමස‍්මිං චිමස‍්මිඤ‍්ච සකටෙ කිං නාම භණ‍්ඩ”න‍්ති? “අසුකඤ‍්ච අසුකඤ‍්චා”ති. “පච‍්ඡතො ආගච‍්ඡන‍්තං සකටං අතිවිය ගරුකං හුත්‍වා ආගච‍්ඡති, එතස‍්මිං කිං භණ‍්ඩ”න‍්ති? “උදකං එත්‍ථා”ති. “පරතො තාව උදකං ආනෙන‍්තෙහි වො මනාපං කතං, ඉතො පට‍්ඨාය පන උදකෙන කිච‍්චං නත්‍ථි, පුරතො බහු උදකං, චාටියො භින්‍දිත්‍වා උදකං ඡඩ‍්ඩෙත්‍වා සුඛෙන ගච‍්ඡථා”ති ආහ. එවඤ‍්ච පන වත්‍වා “තුම‍්හෙ ගච‍්ඡථ, අම‍්හාකං පපඤ‍්චො හොතී”ති ථොකං ගන‍්ත්‍වා තෙසං අදස‍්සනං පත්‍වා අත‍්තනො යක‍්ඛනගරමෙව අගමාසි.

යක්‍ෂයා ඔහු එනු දැක තම යානය මගින් බැහැර කොට කොහි යන්නේදැ යි ඔහු සමග පිළිසඳර කථා කළේය. වෙළඳ පුත්‍රයා ද තම යානය මගින් බැහැර කැර අනෙක් ගැල්වලට යන්නට ඉඩ දී පැත්තක සිටි යක්‍ෂයාට මෙසේ කීය. පින්වත, අපි මේ බරණැස් නුවර සිට එන්නෙමු. ඔබලා වනාහි උපුල්, කුමුදු පැළඳ රත්, සුදු නෙළුම් අතැති ව නෙළුම් අල කමින් මඩ තැවරුණු සිරුරු ඇති ව දිය බිඳු හෙළමින් එන්නාහුය. කිම, ඔබලා ආ මඟෙහි වර්ෂාව වසී ද? උපුල් ආදියෙන් සැදුම් ලත් විල් ඇත්තේදැ යි විචාළේය. යක්‍ෂයා ඔහුගේ බස් අසා යහළුව, ඔබ කුමක් කියන්නෙහි ද? නිල් වනරොද පෙනේ. එතැන් සිට මුළු වනය ම එක සේ බැඳගෙන වසී. දිය කඳුරු පිරී පවතී. තැනින් තැන නෙළුම් ආදිය පිපුණු විල් ද ඇත. මෙසේ කියා යක්‍ෂයා පිළිවෙලින් ගැල් යන කල්හි කොහි යන්නේදැ යි මෙහි මේ මේ බඩුය. අසවල් දනව්ව යමු. මේ ගැලෙහි කුමන බඩු ද? මේ ගැලෙහි කුමන බඩු ද? අසුවල් බඩුය. පසු පසින් ම එන ගැල ඉතා බර ව එයි. එහි කුමන බඩු ද? එහි ජලයයි. ඈත සිට එන ඔබලා ජලය රැගෙන ඒම ඉතා හොඳයි. එහෙත් මෙතැන් සිට ජලය රැගෙන යාම අවශ්‍ය නො වේ. ඉදිරියෙහි ජලය සුලභය. සැළි බිඳ දමා ජලය ඉවත් කොට සැහැල්ලුවෙන් යනු මැනවැ යි කියා, ඔබලා යන්න. අපට පමා ඇතැ යි මඳක් ගොස්, ඔවුන්ට නො පෙනෙන දුරට ගොස් යක්‍ෂ නගරයට ම ගියේය.

සොපි බාලසත්‍ථවාහො අත‍්තනො බාලතාය යක‍්ඛස‍්ස වචනං ගහෙත්‍වා චාටියො භින්‍දාපෙත්‍වා පසතමත‍්තම‍්පි උදකං අනවසෙසෙත්‍වා සබ‍්බං ඡඩ‍්ඩාපෙත්‍වා සකටානි පාජාපෙසි, පුරතො අප‍්පමත‍්තකම‍්පි උදකං නාහොසි, මනුස‍්සා පානීයං අලභන‍්තා කිලමිංසු. තෙ යාව සූරියත්‍ථඞ‍්ගමනා ගන‍්ත්‍වා සකටානි මොචෙත්‍වා පරිවට‍්ටකෙන ඨපෙත්‍වා ගොණෙ චක‍්කෙසු බන්‍ධිංසු. නෙව ගොණානං උදකං අහොසි, න මනුස‍්සානං යාගුභත‍්තං වා. දුබ‍්බලමනුස‍්සා තත්‍ථ තත්‍ථ නිපජ‍්ජිත්‍වා සයිංසු. රත‍්තිභාගසමනන‍්තරෙ යක‍්ඛා යක‍්ඛනගරතො ආගන‍්ත්‍වා සබ‍්බෙපි ගොණෙ ච මනුස‍්සෙ ච ජීවිතක‍්ඛයං පාපෙත්‍වා මංසං ඛාදිත්‍වා අට‍්ඨීනි අවසෙසෙත්‍වා අගමංසු. එවමෙකං බාලසත්‍ථවාහපුත‍්තං නිස‍්සාය සබ‍්බෙපි තෙ විනාසං පාපුණිංසු, හත්‍ථට‍්ඨිකාදීනි දිසාවිදිසාසු විප‍්පකිණ‍්ණානි අහෙසුං. පඤ‍්ච සකටසතානි යථාපූරිතානෙව අට‍්ඨංසු.

ඒ නුවණ මද සාත්තු නායකයා ද තමාගේ මෝඩ බව නිසා යක්‍ෂයාගේ වචනය පිළිගෙන දිය පිරි සැළි බිඳුවා පතක් පමණක්වත් ජලය ඉතිරි නො කොට සියලු ජලය බැහැර කොට ගැල් යෙදවීය. ඉදිරියෙහි ජලය බිඳක්වත් නො වීය. ජලය නො ලබන මිනිස්සු ක්ලාන්ත වූහ. හිරු උදාවන තුරු ගමන් කළ ගැල්කරුවෝ ගැල් මුදු වටකොට තබා ගොනුන් රිය සක්වල බැන්දහ. ගොනුන්ට ද ජලය නො වීය. මිනිසුන් කැඳවත් නො වීය. දුබල වූ මිනිස්සු ඒ ඒ තැන වැටී නිදා ගත්හ. රාත්‍රී කාලයෙහි යක්‍ෂයෝ යක්‍ෂ නගරයෙන් අවුත් සියලු ගොනුන් ද මිනිස්සුන් ද මරා මස් අනුභව කොට ඇට ඉතිරි කොට ගියහ. මෙසේ නුවණ මද වෙළඳ නායකයකු නිසා ඒ සියල්ලෝ ම විනාශ වූහ. ඇට කැබැලි ඒ ඒ තැන විසිරී තිබුණි. ගැල් පන්සියය භාණ්ඩ පිරවූ වන ම තිබිණ.

බොධිසත‍්තොපි ඛො බාලසත්‍ථවාහපුත‍්තස‍්ස නික‍්ඛන‍්තදිවසතො මාසඩ‍්ඪමාසං වීතිනාමෙත්‍වා පඤ‍්චහි සකටසතෙහි නගරා නික‍්ඛම‍්ම අනුපුබ‍්බෙන කන‍්තාරමුඛං පාපුණි. සො තත්‍ථ උදකචාටියො පූරෙත්‍වා බහුං උදකං ආදාය ඛන්‍ධාවාරෙ භෙරිං චරාපෙත්‍වා මනුස‍්සෙ සන‍්නිපාතෙත්‍වා එවමාහ “තුම‍්හෙ මං අනාපුච‍්ඡිත්‍වා පසතමත‍්තම‍්පි උදකං මා වළඤ‍්ජයිත්‍ථ, කන‍්තාරෙ විසරුක‍්ඛා නාම හොන‍්ති, පත‍්තං වා පුප‍්ඵං වා ඵලං වා තුම‍්හෙහි පුරෙ අඛාදිතපුබ‍්බං මං අනාපුච‍්ඡිත්‍වා මා ඛාදිත්‍ථා”ති. එවං මනුස‍්සානං ඔවාදං දත්‍වා පඤ‍්චහි සකටසතෙහි කන‍්තාරං පටිපජ‍්ජි. තස‍්මිං කන‍්තාරමජ‍්ඣං සම‍්පත‍්තෙ සො යක‍්ඛො පුරිමනයෙනෙව බොධිසත‍්තස‍්ස පටිපථෙ අත‍්තානං දස‍්සෙසි. බොධිසත‍්තො තං දිස‍්වාව අඤ‍්ඤාසි “ඉමස‍්මිං කන‍්තාරෙ උදකං නත්‍ථි, නිරුදකකන‍්තාරො නාමෙස, අයඤ‍්ච නිබ‍්භයො රත‍්තනෙත‍්තො, ඡායාපිස‍්ස න පඤ‍්ඤායති, නිස‍්සංසයං ඉමිනා පුරතො ගතො බාලසත්‍ථවාහපුත‍්තො සබ‍්බං උදකං ඡඩ‍්ඩාපෙත්‍වා කිලමෙත්‍වා සපරිසො ඛාදිතො භවිස‍්සති, මය‍්හං පන පණ‍්ඩිතභාවං උපායකොසල‍්ලං න ජානාති මඤ‍්ඤෙ”ති. තතො නං ආහ “ගච‍්ඡථ තුම‍්හෙ, මයං වාණිජා නාම අඤ‍්ඤං උදකං අදිස‍්වා ගහිතඋදකං න ඡඩ‍්ඩෙම, දිට‍්ඨට‍්ඨානෙ පන ඡඩ‍්ඩෙත්‍වා සකටානි සල‍්ලහුකානි කත්‍වා ගමිස‍්සාමා”ති යක‍්ඛො ථොකං ගන‍්ත්‍වා අදස‍්සනං උපගම‍්ම අත‍්තනො යක‍්ඛනගරමෙව ගතො.

බෝසත් වෙළඳ නායකයාණෝ ද නුවණ මද වෙළඳ පුත්‍රයා නික්මුණු දින සි මසක් හා අඩ මසක් ඉක්මවා ගැල් පන්සියයක් සමග සිය නුවරින් නික්ම පිළිවෙලින් කාන්තාරය අසලට පැමිණියේය. එහි දී දිය සැළි ජලයෙන් පුරවා බොහෝ ජලය ගෙන කඳවුර බෙර හසුරුවා මිනිසුන් රැස්කැරවා මෙසේ කීහ. මාගෙන් නො විමසා පතක් පමණවත් දිය පරිභෝජනය නො කළ යුතුයි. කාන්තාරයේ විෂ ගත් ඇත. මින් පෙර ඔබලා නො කෑ කොළ, මල්, ගෙඩි ආදි කිසිවක් මගෙන් නො විමසා පරිභෝජනය නො කළ යුතුය. මෙසේ පිරිවර ජනයාට වදන් දී කාන්තාරයට පිළිපන්නෝය. බෝසත් තෙම කතර මැදට පිවිසි කල්හි ඒ යක්‍ෂයා පෙර පරිදි ම බෝසතාණෝ ඉදිරියෙහි පෙනී සිටියේය. බෝසත්හු දුටු වනම යක්‍ෂයකු බව දැනගත්හ. මේ කාන්තාරයෙකි. ජලය නැත. මේ නිරුදක කාන්තාරයකි. ඔහු ද බිය රහිතය. රතු නෙත් ඇත්තේය. මොහුගේ සෙවණැල්ල ද නො පෙනේ. නිසැකව ම මොහු විසින් පෙරටුව ගිය නුවණ මද වෙළඳ පුත්‍රයා සියලු ජලය ඉවත්කැරවා ක්ලාන්ත කොට පිරිවර සහිත ව අනුභව කරන ලද්දේ විය හැකිය. මාගේ නැණවත් බව හා උපාය දක්‍ෂ භාවය නො දන්නේ වනැ යි සිතා තොපි යව්. අපි වෙළෙන්දෝ වෙමු. වෙනත් දියක් නො දැක ගෙන ආ දිය නො හරිමු. දුටු තැනක දී දිය බැහැර කොට ගැල් සැහැල්ලු කොට ගෙන යන්නෙමු යි කීහ. යක්‍ෂයා මද දුරක් ගොස් නො පෙනී යක්‍ෂ පුරයට ම ගියේය.

යක‍්ඛෙ පන ගතෙ මනුස‍්සා බොධිසත‍්තං ආහංසු “අය්‍ය, එතෙ මනුස‍්සා ‘එසා නීලවනරාජි පඤ‍්ඤායති, තතො පට‍්ඨාය නිබද‍්ධං දෙවො වස‍්සතී’ති වත්‍වා උප‍්පලකුමුදමාලාධාරිනො පදුමපුණ‍්ඩරීකකලාපෙ ආදාය භිසමුළාලානි ඛාදන‍්තා අල‍්ලවත්‍ථා අල‍්ලකෙසා උදකබින්‍දූහි පග‍්ඝරන‍්තෙහි ආගතා, උදකං ඡඩ‍්ඩෙත්‍වා සල‍්ලහුකෙහි සකටෙහි ඛිප‍්පං ගච‍්ඡාමා”ති. බොධිසත‍්තො තෙසං කථං සුත්‍වා සකටානි ඨපාපෙත්‍වා සබ‍්බෙ මනුස‍්සෙ සන‍්නිපාතාපෙත්‍වා “තුම‍්හෙහි ‘ඉමස‍්මිං කන‍්තාරෙ සරො වා පොක‍්ඛරණී වා අත්‍ථී’ති කස‍්සචි සුතපුබ‍්බ”න‍්ති පුච‍්ඡි. “න, අය්‍ය, සුතපුබ‍්බ”න‍්ති. නිරුදකකන‍්තාරො නාම එසො, ඉදානි එකච‍්චෙ මනුස‍්සා “එතාය නීලවනරාජියා පුරතො දෙවො වස‍්සතී”ති වදන‍්ති, “වුට‍්ඨිවාතො නාම කිත‍්තකං ඨානං වායතී”ති? “යොජනමත‍්තං, අය්‍යා”ති. “කච‍්චි පන වො එකස‍්සාපි සරීරං වුට‍්ඨිවාතො පහරතී”ති? “නත්‍ථි අය්‍යා”ති. “මෙඝසීසං නාම කිත‍්තකෙ ඨානෙ පඤ‍්ඤායතී”ති? “තියොජනමත‍්තෙ අය්‍යා”ති. “අත්‍ථි පන වො කෙනචි එකම‍්පි මෙඝසීසං දිට‍්ඨ”න‍්ති? “නත්‍ථි, අය්‍යා”ති. “විජ‍්ජුලතා නාම කිත‍්තකෙ ඨානෙ පඤ‍්ඤායතී”ති? “චතුප‍්පඤ‍්චයොජනමත‍්තෙ, අය්‍යා”ති. “අත්‍ථි පන වො කෙනචි විජ‍්ජුලතොභාසො දිට‍්ඨො”ති? “නත්‍ථි, අය්‍යා”ති. “මෙඝසද‍්දො නාම කිත‍්තකෙ ඨානෙ සුය්‍යතී”ති? “එකද‍්වියොජනමත‍්තෙ, අය්‍යා”ති. “අත්‍ථි පන වො කෙනචි මෙඝසද‍්දො සුතො”ති? “නත්‍ථි, අය්‍යා”ති. “න එතෙ මනුස‍්සා, යක‍්ඛා එතෙ, අම‍්හෙ උදකං ඡඩ‍්ඩාපෙත්‍වා දුබ‍්බලෙ කත්‍වා ඛාදිතුකාමා ආගතා භවිස‍්සන‍්ති. පුරතො ගතො බාලසත්‍ථවාහපුත‍්තො න උපායකුසලො. අද‍්ධා සො එතෙහි උදකං ඡඩ‍්ඩාපෙත්‍වා කිලමෙත්‍වා ඛාදිතො භවිස‍්සති, පඤ‍්ච සකටසතානි යථාපූරිතානෙව ඨිතානි භවිස‍්සන‍්ති. අජ‍්ජ මයං තානි පස‍්සිස‍්සාම, පසතමත‍්තම‍්පි උදකං අඡඩ‍්ඩෙත්‍වා සීඝසීඝං පාජෙථා”ති පාජාපෙසි.

යක්‍ෂයා ගිය කල්හි පිරිවර මිනිස්සු බෝසතුන් මෙසේ කීහ. ආර්යයෙනි, මේ මිනිස්සු මේ පෙනෙන නිල් වන රොදින් මතු නිබඳ ව වැසි වසින බව කියා උපුල්, කුමුදු මල් මාලා පැළඳ නෙළුම් මල් මිටි ගෙන නෙළුම් අල කමින් දිය බිඳ වැගිරෙන සේ තෙත් වස්ත්‍ර, තෙත් හිස් ඇති ව පැමිණියහ. ජලය බැහැර කොට සැහැල්ලු සහිත ව ඉක්මණින් යමු. බෝසතාණෝ ඔවුන්ගේ වචනය අසා ගැල් නවත්වා සියලු ම මිනිසුන් රැස්කැරවා ඔබලා මෙම කතරෙහි විලක්, පොකුණක් හෝ ඇති බවක් කවදා හෝ අසා තිබේදැ යි විචාළහ. නැත. මේ නිරුදක කාන්තාරයෙකි. දැන් මෙහි සරු නිල් වන රොදින් එහා වැසි වසිතැ යි කියයි. වැසි සුළං කොතක් දුර හමායේ ද? ආර්යයෙනි, යොදුනක් පමණ හමයි. කිම, ඔබලාගේ සිරුරට වැසි සුළගක් දැනේ ද? නැත. වැසි වලාකුළක් කොපමණ දුර පෙනේ ද? යොදුනක් පමණ පෙනේ. ඔබ කිසිවකු විසින් වැසි වලාකුළක් දකින ලද්දේ ද? නැත ආර්යාවෙනි. විදුලිය කොතෙක් තැන පෙනේ ද? ආර්යයෙනි, සතර පස් යොදුනක් පෙනේ. ඔබ කිසිවකු විසින් විදුලිය එළියක් දක්නා ලද්දේ ද? නැත ආර්යයෙනි. අකුණු හඬ කොතෙක් දුර ඇසේ ද? යොදුනක් දෙකක් පමණ ඇසේ. ඔබ කිසිවකු අකුණු හඬක් අසන ලද්දේ ද? නැත ආර්යයෙනි. මොවුහු මිනිස්සු නො වෙති. යක්‍ෂයෝය. අපගේ ජලය බැහැර කොට දුබල කැරවා අනුභව කිරීම සඳහා පැමිණියෝ වන්නාහුය. අපට පෙරටුව ගිය නුවණ මද වෙළඳ පුත්‍රයා උපායෙහි දක්‍ෂයෙක් නො වේ. නිසැකව ම මොවුන් විසින් ජලය බැහැර කොට ක්ලාන්ත කොට අනුභව කරන ලද්දේ වන්නේය. බඩු පුරවන ලද ගැල් පන්සිය තුබූ පරිදි ම අද අපි දකින්නෙමු. දිය පතක්වත් අපතේ නො යවා වහ වහා ගැල් පදවමුයැ යි පැදවීය.

සො ගච‍්ඡන‍්තො යථාපූරිතානෙව පඤ‍්ච සකටසතානි ගොණමනුස‍්සානඤ‍්ච හත්‍ථට‍්ඨිකාදීනි දිසාවිදිසාසු විප‍්පකිණ‍්ණානි දිස‍්වා සකටානි මොචාපෙත්‍වා සකටපරිවට‍්ටකෙන ඛන්‍ධාවාරං බන්‍ධාපෙත්‍වා කාලස‍්සෙව මනුස‍්සෙ ච ගොණෙ ච සායමාසභත‍්තං භොජාපෙත්‍වා මනුස‍්සානං මජ‍්ඣෙ ගොණෙ නිපජ‍්ජාපෙත්‍වා සයං බලනායකො හුත්‍වා ඛග‍්ගහත්‍ථො තියාමරත‍්තිං ආරක‍්ඛං ගහෙත්‍වා ඨිතකොව අරුණං උට‍්ඨාපෙසි. පුනදිවසෙ පන පාතොව සබ‍්බකිච‍්චානි නිට‍්ඨාපෙත්‍වා ගොණෙ භොජෙත්‍වා දුබ‍්බලසකටානි ඡඩ‍්ඩාපෙත්‍වා ථිරානි ගාහාපෙත්‍වා අප‍්පග‍්ඝං භණ‍්ඩං ඡඩ‍්ඩාපෙත්‍වා මහග‍්ඝං භණ‍්ඩං ආරොපාපෙත්‍වා යථාධිප‍්පෙතං ඨානං ගන‍්ත්‍වා දිගුණතිගුණෙන මූලෙන භණ‍්ඩං වික‍්කිණිත්‍වා සබ‍්බං පරිසං ආදාය පුන අත‍්තනො නගරමෙව අගමාසි.

හේ ඉදිරියට යන්නේ බඩු පුරවන ලද ගැල් පන්සියය ද ඒ ඒ තැන විසිරුණු ගොනුන්ගේ හා මිනිසුන්ගේ ඇට කැබලි ආදිය ද දැක සියලු ම ගැල් මුදවා වක්‍රාකාරව තබවා කඳවුරු බන්දවා මිනිසුන්ට ද ගොනුන්ට ද රාත්‍රී භෝජනය අනුභව කැරවා මිනිසුන්ට මැදි වන සේ ගොනුන් හොබවා තම බල නායකයන් ගෙන කඩුගත් අත් ඇති ව තුන් යම රැස්ව ආරක්ෂාව ගෙන සිටියදී ම පහන් කළේය. පසු දින අලුයම සියලු කටයුතු නිමවා ගොනුන් කවා දුබල වූ ගැල් අත්හැර ශක්තිමත් ගැල් යොදවාගෙන ලාභ තැනට ගොස් සියලු භාණ්ඩ දෙගුණ තෙගුණ මිලට විකුණා සියලු පිරිස ගෙන ආපසු තම නගරයට ම පැමිණියේය.

සත්‍ථා ඉමං ධම‍්මකථං කථෙත්‍වා “එවං, ගහපති, පුබ‍්බෙ තක‍්කග‍්ගාහගාහිනො මහාවිනාසං පත‍්තා, අපණ‍්ණකග‍්ගාහගාහිනො පන අමනුස‍්සානං හත්‍ථතො මුච‍්චිත්‍වා සොත්‍ථිනා ඉච‍්ඡිතට‍්ඨානං ගන‍්ත්‍වා පුන සකට‍්ඨානමෙව පච‍්චාගමිංසූ”ති වත්‍වා ද‍්වෙපි වත්‍ථූනි ඝටෙත්‍වා ඉමිස‍්සා අපණ‍්ණකධම‍්මදෙසනාය අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු මේ කථාව වදාරා තර්ක ඥානය ගත්තාහු පෙර ද මහා විනාශයකට පැමිණියහ. අපණ්ණක ඥානය ගත්තාහු අමනුෂ්‍යයන්ගෙන් මිදී යහතින් කැමැති තැනට ගොස් තම තැනට ම ආපසු පැමිණියේයැ යි අතීත වර්තමාන කථා දෙක ගළපා මේ අපණ්ණක ධර්ම දේශනාවෙහි මෙම ගාථාව සම්බුදු බවට පැමිණ වදාළහ.

“අපණ‍්ණකං ඨානමෙකෙ, දුතියං ආහු තක‍්කිකා; එතදඤ‍්ඤාය මෙධාවී, තං ගණ‍්හෙ යදපණ‍්ණක”න‍්ති.

“අපණ්ණකං ඨානමෙකෙ දුතියං ආහු තක්කිකා, එතදඤ්ඤාය මෙධාවී තං ගණ්හෙ යදපණ්ණකන්ති.”

“ඇතැම් තාර්කිකයෝ අපණ්ණක ඥානය දෙවැනි තැන තබති යි කියූහ. නුවණැත්තෝ මේ කරුණ දැන යමක් අපණ්ණක ද එය ගත්තේය.”

තත්‍ථ අපණ‍්ණකන‍්ති එකංසිකං අවිරද‍්ධං නිය්‍යානිකං. ඨානන‍්ති කාරණං. කාරණඤ‍්හි යස‍්මා තදායත‍්තවුත‍්තිතාය ඵලං තිට‍්ඨති නාම, තස‍්මා “ඨාන”න‍්ති වුච‍්චති, “ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො”තිආදීසු (විභ· 809) චස‍්ස පයොගො වෙදිතබ‍්බො. ඉති “අපණ‍්ණකං ඨාන”න‍්ති පදද‍්වයෙනාපි “යං එකන‍්තහිතසුඛාවහත‍්තා පණ‍්ඩිතෙහි පටිපන‍්නං එකංසිකකාරණං අවිරද‍්ධකාරණං නිය්‍යානිකකාරණං, තං ඉද”න‍්ති දීපෙති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, පභෙදතො පන තීණි සරණගමනානි, පඤ‍්ච සීලානි, දස සීලානි, පාතිමොක‍්ඛසංවරො, ඉන්‍ද්‍රියසංවරො, ආජීවපාරිසුද‍්ධි, පච‍්චයපටිසෙවනං, සබ‍්බම‍්පි චතුපාරිසුද‍්ධිසීලං; ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, ජාගරියානුයොගො, ඣානං, විපස‍්සනා, අභිඤ‍්ඤා, සමාපත‍්ති, අරියමග‍්ගො, අරියඵලං, සබ‍්බම‍්පෙතං අපණ‍්ණකට‍්ඨානං අපණ‍්ණකපටිපදා, නිය්‍යානිකපටිපදාති අත්‍ථො.

එහි “අපණ්ණකං” යනු ඒකාන්ත, නිවැරදි, නිවනට යොමු ස්ථානය යන කාරණයයි. කාරණය වනාහි යම් හෙයකින් ඊට ම අයත් පැවැත්ම අනුව සපයයි. එම නිසා “ඨාන” යැයි කියනු ලැබේ. “ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො” (හේතුව හේතුව වශයෙන් ද අහේතුව අහේතුව වශයෙන් ද) ආදියෙහි ද මෙම ප්‍රභේදය දත යුතුයි. මෙසේ “අපණ්ණකං ඨානං” යන පද දෙකෙන් ම ඒකාන්තයෙන් ම හිත සුව එළවන බැවින් නුවණැත්තන් විසින් අනුගමනය කරන ලද ඒකාන්ත, නො වරදින, නිවන පිණිස පවතින හේතුව මේයැ යි ද දක්වයි. මේ මෙහි කෙටි තේරුමයි. විස්තර වශයෙන් තුන් සරණාගමනය, පන්සිල්, දශ සිල්, ප්‍රාතිමෝක්ෂ සංවරය, ඉන්ද්‍රිය සංවරය, යහපත් දිවි පෙවෙත, නිවැරදි සිවුපස පරිභෝජනය, සිවු පිරිසිදු සිල්, ආහාරයෙහි පමණ දැනීම, නිදි මැරීම, ධ්‍යාන වැඩීම, විදසුන් වැඩීම, විශේෂ ඤාණවල (අභිඤ්ඤාවල) සමවැදීම, මාර්ග හා ඵල යන මේ සියල්ලම නිවැරදි “අපණ්ණකං ඨානං” නම් නිවන් මඟ පිළිවෙතයැ යි ද යන අර්ථයි.

යස‍්මා ච පන නිය්‍යානිකපටිපදාය එතං නාමං, තස‍්මායෙව භගවා අපණ‍්ණකපටිපදං දස‍්සෙන‍්තො ඉමං සුත‍්තමාහ –

යම් හෙයකින් නෛර්යානික ප්‍රතිපදාව මෙනම් වේ ද එම නිසා ම බුදු රජහු නිවැරදි පිළිවෙත දෙසන්නාහු, මේ සූත්‍රය දෙසූහ.

“තීහි, භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අපණ‍්ණකපටිපදං පටිපන‍්නො හොති, යොනි චස‍්ස ආරද‍්ධා හොති ආසවානං ඛයාය . කතමෙහි තීහි? ඉධ, භික‍්ඛවෙ , භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති, භොජනෙ මත‍්තඤ‍්ඤූ හොති, ජාගරියං අනුයුත‍්තො හොති. කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති…පෙ… එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති.

මහණෙනි, කරුණු දෙකකින් යුත් භික්‍ෂුව නිවැරදි පිළිවෙතට පිළිපන්නේ වෙයි. ආශ්‍රවයන් නැති කිරීම සඳහා භාවනාව අරඹන ලද්දේ වෙයි. කවර නම් කරුණු දෙකක් ද? මහණෙනි, මෙසසුනෙහි මහණ තෙම ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වෙයි. අහරෙහි පමණ දන්නේ වේ ද නිදි වැරුමෙහි යෙදේ ද මහණෙනි, මෙහි ඇසින් රූපය දැක නිමිති ලකුණු නො ගන්නේ වෙයි ද, -පෙ- මහණෙනි, මහණ තෙම මේ සසුනෙහි මහණ ඉඳුරන්හි වැසුණු දොර ඇත්තේ වෙයි.

“කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු භොජනෙ මත‍්තඤ‍්ඤූ හොති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙති නෙව දවාය න මදාය…පෙ… එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු භොජනෙ මත‍්තඤ‍්ඤූ හොති.

මහණෙනි, කෙසේ නම් භික්‍ෂුව අහරෙහි පමණ දන්නේ වෙයි ද? මෙහි දී භික්‍ෂුව නුවණින් සලකා අහර වළඳයි. මේ ආහාරය ඡන්ද රාගය පිණිස නො වේ. මත් බව පිණිස නො වේ. -පෙ- මෙසේ මහණෙනි, භික්‍ෂුව ආහාරයෙහි පමණ දන්නේ වෙයි.

“කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු ජාගරියං අනුයුත‍්තො හොති. ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය…පෙ… එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු ජාගරියං අනුයුත‍්තො හොතී”ති (අ· නි· 3.16).

මහණෙනි, කෙසේ නම් භික්‍ෂුව නිදි වැරුමෙහි යෙදුණේ වෙයි ද? මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව දහවල් කල සක්මන් හා හිඳීමෙන් ද -පෙ- මහණෙනි, මෙසේ භික්‍ෂුව නිදි මැරීමෙහි යෙදුණේ වෙයි. මේ සූත්‍රයෙහි කරුණු තුනක් ම කියන ලදි.

ඉමස‍්මිඤ‍්චාපි සුත‍්තෙ තයොව ධම‍්මා වුත‍්තා. අයං පන අපණ‍්ණකපටිපදා යාව අරහත‍්තඵලං ලබ‍්භතෙව . තත්‍ථ අරහත‍්තඵලම‍්පි, ඵලසමාපත‍්තිවිහාරස‍්ස චෙව, අනුපාදාපරිනිබ‍්බානස‍්ස ච, පටිපදායෙව නාම හොති.

මේ අපණ්ණක ප්‍රතිපදා රහත් ඵලය දක්වා ලැබේය. රහත් ඵලය ද ඵලසමවත් සහිත විය. ක්ලේශ පරිනිර්වාණයට ද පිළිවෙත් නම් වේ.

එකෙති එකච‍්චෙ පණ‍්ඩිතමනුස‍්සා. තත්‍ථ කිඤ‍්චාපි “අසුකා නාමා”ති නියමො නත්‍ථි, ඉදං පන සපරිසං බොධිසත‍්තංයෙව සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. දුතියං ආහු තක‍්කිකාති දුතියන‍්ති පඨමතො අපණ‍්ණකට‍්ඨානතො නිය්‍යානිකකාරණතො දුතියං තක‍්කග‍්ගාහකාරණං අනිය්‍යානිකකාරණං. ආහු තක‍්කිකාති එත්‍ථ පන සද‍්ධිං පුරිමපදෙන අයං යොජනා – අපණ‍්ණකට‍්ඨානං එකංසිකකාරණං අවිරද‍්ධකාරණං නිය්‍යානිකකාරණං එකෙ බොධිසත‍්තප‍්පමුඛා පණ‍්ඩිතමනුස‍්සා ගණ‍්හිංසු. යෙ පන බාලසත්‍ථවාහපුත‍්තප‍්පමුඛා තක‍්කිකා ආහු, තෙ දුතියං සාපරාධං අනෙකංසිකට‍්ඨානං විරද‍්ධකාරණං අනිය්‍යානිකකාරණං අග‍්ගහෙසුං. තෙසු යෙ අපණ‍්ණකට‍්ඨානං අග‍්ගහෙසුං, තෙ සුක‍්කපටිපදං පටිපන‍්නා. යෙ දුතියං “පුරතො භවිතබ‍්බං උදකෙනා”ති තක‍්කග‍්ගාහසඞ‍්ඛාතං අනිය්‍යානිකකාරණං අග‍්ගහෙසුං. තෙ කණ‍්හපටිපදං පටිපන‍්නා.

“එකෙ” යනු සමහර නුවණැති මනුෂ්‍යයෝය. එහි අසුවලා අසුවලායැ යි නියමයක් නැත. මෙහි දී පිරිවර සහිත බෝසතුන් සඳහා ම කියන ලදැ යි දත යුතුයි. “දුතියං ආහු තක්කිකා”, මෙහි “දුතියං” යනු පළමුවෙන් කියන ලද හා අපණ්ණක ඨානයෙන් නෛර්යාණික කාරණයෙන් දෙවැනි තර්ක ග්‍රාහ කාරණයයි. අනෛර්යාණික කාරණයයි. “ආහු තක්කිකා” මෙහි පළමු පදය සමග යෙදීමයි. අපණ්ණක ප්‍රතිපදාව නුවණැත්තෝ ගත්හ. බාල සාත්තු නායක පුත්‍රයා ප්‍රමුඛ තාර්කිකයන් යමෙක් කීවාහු ද ඔවුහු දෙවැනියව ගතයුතු සාපරාධී, ඒකාන්ත නො වන, අනෛර්යාණික කාරණය ගත්හ. ඔවුනතුරෙන් යමෙක් ඉදිරියෙහි ජලය විය යුතුයැ යි දෙවැනි තර්ක සංඛ්‍යාත අනෛර්යාණික කාරණය ගත්තාහු ද ඔවුහු තෘෂ්ණ ප්‍රතිපදාව ගත්හ.

තත්‍ථ සුක‍්කපටිපදා අපරිහානිපටිපදා, කණ‍්හපටිපදා පරිහානිපටිපදා. තස‍්මා යෙ සුක‍්කපටිපදං පටිපන‍්නා, තෙ අපරිහීනා සොත්‍ථිභාවං පත‍්තා. යෙ පන කණ‍්හපටිපදං පටිපන‍්නා, තෙ පරිහීනා අනයබ්‍යසනං ආපන‍්නාති ඉමමත්‍ථං භගවා අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිනො වත්‍වා උත‍්තරි ඉදමාහ “එතදඤ‍්ඤාය මෙධාවී, තං ගණ‍්හෙ යදපණ‍්ණක”න‍්ති.

මින් ශුක්ල ප්‍රතිපදාව අපරිහානි ප්‍රතිපදාවයි. ඒ නිසා යමෙක් ශුක්ල ප්‍රතිපදාවට පිළිපන්නෝ ද ඔවුහු නො පිරිහී යහපත් බවට පත්වූහ. යමෙක් තෘෂ්ණ ප්‍රතිපදාවට පිළිපන්නාහු ද ඔවුහු පිරිහී මහා ව්‍යසනයකට පත්වූහ යන අර්ථයැ යි, භාග්‍යවතුන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතියාට වදාරා තවදුරටත් මෙසේ වදාළහ. “එතදඤ්ඤාය මෙධාවී තං ගණ්හෙ යදපණ්ණකන්ති” යි වදාළහ.

තත්‍ථ එතදඤ‍්ඤාය මෙධාවීති “මෙධා”ති ලද‍්ධනාමාය විපුලාය විසුද‍්ධාය උත‍්තමාය පඤ‍්ඤාය සමන‍්නාගතො කුලපුත‍්තො එතං අපණ‍්ණකෙ චෙව සපණ‍්ණකෙ චාති ද‍්වීසු අතක‍්කග‍්ගාහතක‍්කග‍්ගාහසඞ‍්ඛාතෙසු ඨානෙසු ගුණදොසං වුද‍්ධිහානිං අත්‍ථානත්‍ථං ඤත්‍වාති අත්‍ථො. තං ගණ‍්හෙ යදපණ‍්ණකන‍්ති යං අපණ‍්ණකං එකංසිකං සුක‍්කපටිපදාඅපරිහානියපටිපදාසඞ‍්ඛාතං නිය්‍යානිකකාරණං, තදෙව ගණ‍්හෙය්‍ය. කස‍්මා? එකංසිකාදිභාවතොයෙව. ඉතරං පන න ගණ‍්හෙය්‍ය. කස‍්මා? අනෙකංසිකාදිභාවතොයෙව. අයඤ‍්හි අපණ‍්ණකපටිපදා නාම සබ‍්බෙසං බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධපුත‍්තානං පටිපදා. සබ‍්බබුද‍්ධා හි අපණ‍්ණකපටිපදායමෙව ඨත්‍වා දළ‍්හෙන වීරියෙන පාරමියො පූරෙත්‍වා බොධිමූලෙ බුද‍්ධා නාම හොන‍්ති, පච‍්චෙකබුද‍්ධා පච‍්චෙකබොධිං උප‍්පාදෙන‍්ති, බුද‍්ධපුත‍්තා සාවකපාරමිඤාණං පටිවිජ‍්ඣන‍්ති.

“එතදඤ්ඤාය මෙධාවී” මෙහි “මෙධා” නමින් හඳුන්වන පිරිසිදු, උසස් ප්‍රඥාවෙන් යුත් කුල පුත්‍රයා තර්කයෙන් නොගැනීම හා තර්කයෙන් ගැනීම යන අපණ්ණක - සපණ්ණක යන දෙකරුණෙහි ගුණ, දොස්, දියුණුව, පරිහානිය, යහපත හා අයහපත දැන යන අර්ථයි. “තං ගණ්හෙ යදපණ්ණකන්ති” යනුවෙන් යමක් නිවැරදි ද ඒකාන්තයෙන් යහපත් පිළිවෙත නො පිරිහෙන පිළිවෙත නම් වූ නිවනට කාරණ වේ ද එය ම ගත්තේය. කුමක් නිසා ද යත් ඒකාන්තයෙන් නිවැරදි බව නිසාය. අනිත් තර්ක පිළිවෙත නො ගත්තේය. මක්නිසාද යත් ඒකාන්ත බවක් නැති හෙයිනි. මේ අපණ්ණක ප්‍රතිපදාව වනාහි සියලු බුදු, පසේ බුදු බුද්ධ පුත්‍රයන්ගේ පිළිවෙතයි. බුදුවරයෝ වනාහි අපණ්ණක පිළිවෙතෙහි ම පිහිටා, දැඩි වීර්යයෙන් පෙරුම් දම් පුරා බෝ මුල දී බුදුවරයෝ වෙති. පසේ බුදුවරු, පච්චේක සම්බෝධිය ම උපදවති. බුද්ධ පුත්‍රයෝ ශ්‍රාවක පාරමී ඤාණය (රහත් බව) අවබෝධ කරත්.

ඉති භගවා තෙසං උපාසකානං තිස‍්සො කුලසම‍්පත‍්තියො ච ඡ කාමසග‍්ගෙ බ්‍රහ‍්මලොකසම‍්පත‍්තියො ච දත්‍වාපි පරියොසානෙ අරහත‍්තමග‍්ගඵලදායිකා අපණ‍්ණකපටිපදා නාම, චතූසු අපායෙසු පඤ‍්චසු ච නීචකුලෙසු නිබ‍්බත‍්තිදායිකා සපණ‍්ණකපටිපදා නාමාති ඉමං අපණ‍්ණකධම‍්මදෙසනං දස‍්සෙත්‍වා උත‍්තරි චත‍්තාරි සච‍්චානි සොළසහි ආකාරෙහි පකාසෙසි. චතුසච‍්චපරියොසානෙ සබ‍්බෙපි තෙ පඤ‍්චසතා උපාසකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු.

මෙසේ බුදු රජහු ඒ උපාසකවරුන්ට ත්‍රිවිධ උසස් කුල සම්පත්තිය ද සැවැදෑරුම් (කාමාවචර) දෙව් ලොව ද බඹ ලොව ද සම්පත් ද ලබා දී අවසන රහත් මඟ ලබා දෙනසුළු අපණ්ණක ප්‍රතිපදාවයි. සතර අපායෙහි ද පස් වැදෑරුම් පහත් කුල උපත ලබාදෙන සපණ්ණක ප්‍රතිපදා නැමැයි. මේ අපණ්ණක ධර්ම දේශනාව දක්වා තවදුරටත් සිව් සස් සොළොස් ආකාරයකින් වදාළහ. සිව් සස් දෙසුම අවසන ඒ පන්සියයක් උපාසකවරු සෝවාන් ඵලයෙහි පිහිටියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා දස‍්සෙත්‍වා ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙත්‍වා දස‍්සෙසි – “තස‍්මිං සමයෙ බාලසත්‍ථවාහපුත‍්තො දෙවදත‍්තො අහොසි, තස‍්ස පරිසා දෙවදත‍්තපරිසාව, පණ‍්ඩිතසත්‍ථවාහපුත‍්තපරිසා බුද‍්ධපරිසා, පණ‍්ඩිතසත්‍ථවාහපුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති දෙසනං නිට‍්ඨාපෙසි.

බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා (අතීත, වර්තමාන) කථා දෙක එකට ගළපා ජාතක කතාව නිමවා පෙන්වූහ. එකල නුවණ මඳ වෙළඳ පුත් දෙව්දත් තෙරණුවෝය. ඔහුගේ පිරිස දෙව්දත් පිරිසය. නැණවත් වෙළඳ පුත්‍රයාගේ පිරිස බුදු පිරිස ම වූහ. නුවණැති වෙළඳ පුත්‍රයා නම් මම වෙමි යි දම් දෙසුම් නිමවූහ.

අපණ‍්ණකජාතකවණ‍්ණනා පඨමා.