යෙදුමෙන් කියවන්න

2. වණ‍්ණුපථජාතකවණ‍්ණනා 2 අට‍්ඨකථා

2. වණ‍්ණුපථජාතකවණ‍්ණනා (2)

2. වණ්ණුපථ ජාතකය (2)

අකිලාසුනොති ඉමං ධම‍්මදෙසනං භගවා සාවත්‍ථියං විහරන‍්තො කථෙසි. කං පන ආරබ‍්භාති? එකං ඔස‍්සට‍්ඨවීරියං භික‍්ඛුං. තථාගතෙ කිර සාවත්‍ථියං විහරන‍්තෙ එකො සාවත්‍ථිවාසී කුලපුත‍්තො ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නචිත‍්තො කාමෙසු ආදීනවං දිස‍්වා පබ‍්බජිත්‍වා උපසම‍්පදාය පඤ‍්චවස‍්සිකො හුත්‍වා ද‍්වෙ මාතිකා උග‍්ගණ‍්හිත්‍වා විපස‍්සනාචාරං සික‍්ඛිත්‍වා සත්‍ථු සන‍්තිකෙ අත‍්තනො චිත‍්තරුචියං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා එකං අරඤ‍්ඤං පවිසිත්‍වා වස‍්සං උපගන‍්ත්‍වා තෙමාසං වායමන‍්තොපි ඔභාසමත‍්තං වා නිමිත‍්තමත‍්තං වා උප‍්පාදෙතුං නාසක‍්ඛි.

“අකිලාසුනො” යන මෙම ධර්ම දේශනාව බුදු රජහු සැවැත් නුවර වෙසෙමින් දෙසූහ. කවරකු අරබයා ද යත්, එක්තරා අත්හළ වීර්යය ඇති භික්‍ෂුවක් අරබයාය. බුදු රජුන් සැවැත් නුවර වෙසෙන කල සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙක් දෙව්රමට ගොස් බුදු රජුන් හමුවෙහි දහම් අසා පහන් සිතින් කාමාදීනව දැක පැවිදි ව උපසම්පදාවෙන් පස් වස් වී උභය මාතෘකාවන් ඉගෙන විදර්ශනා ක්‍රමය ඉගෙන බුදු රජුන් වෙතින් තමාගේ සිතට ගැළපෙන කමටහන් ගෙන එක් ආරණ්‍යයකට පිවිස වස් එළැඹ තෙමසක් උත්සහ කළ ද ආලෝක මාත්‍රයක් හෝ උපදවා ගන්නට නො හැකි විය.

අථස‍්ස එතදහොසි “සත්‍ථාරා චත‍්තාරො පුග‍්ගලා කථිතා, තෙසු මයා පදපරමෙන භවිතබ‍්බං, නත්‍ථි මඤ‍්ඤෙ මය‍්හං ඉමස‍්මිං අත‍්තභාවෙ මග‍්ගො වා ඵලං වා, කිං කරිස‍්සාමි අරඤ‍්ඤවාසෙන, සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා රූපසොභග‍්ගප‍්පත‍්තං බුද‍්ධසරීරං ඔලොකෙන‍්තො මධුරං ධම‍්මදෙසනං සුණන‍්තො විහරිස‍්සාමී”ති පුන ජෙතවනමෙව පච‍්චාගමාසි. අථ නං සන්‍දිට‍්ඨසම‍්භත‍්තා ආහංසු – “ආවුසො, ත්‍වං සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ‘සමණධම‍්මං කරිස‍්සාමී’ති ගතො, ඉදානි පන ආගන‍්ත්‍වා සඞ‍්ගණිකාය අභිරමමානො චරසි, කිං නු ඛො තෙ පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පත‍්තං, අප‍්පටිසන්‍ධිකො ජාතොසී”ති? ආවුසො, අහං මග‍්ගං වා ඵලං වා අලභිත්‍වා “අභබ‍්බපුග‍්ගලෙන මයා භවිතබ‍්බ”න‍්ති වීරියං ඔස‍්සජිත්‍වා ආගතොම‍්හීති. “අකාරණං තෙ, ආවුසො, කතං දළ‍්හවීරියස‍්ස සත්‍ථු සාසනෙ පබ‍්බජිත්‍වා වීරියං ඔස‍්සජන‍්තෙන, අයුත‍්තං තෙ කතං, එහි තථාගතස‍්ස දස‍්සෙමා”ති තං ආදාය සත්‍ථු සන‍්තිකං අගමංසු.

ඉක්බිති, ඔහුට මෙබඳු සිතක් විය. බුදු රජුන් විසින් පුද්ගලයන් සතර දෙනකු ප්‍රකාශ කරන ලද්දේය. ඔවුන් අතුරෙන් මා පද පරමයකු විය යුතුය. මේ අත්බවෙහි මට මඟක් හෝ ඵලයක් නැතැ යි සිතමි. එම නිසා ආරණ්‍යය වාසයෙන් කුමක් කරම් ද? බුදු රජුන් වෙත ගොස් රුවින් අග තැන්පත් බුදු සිරුර බලමින් මිහිරි දම් දෙසුම් අසමින් වසන්නෙමි යි නැවත දෙව්රම් වෙහෙරට ම පැමිණියේය. ඔහුගේ කුළුපග යහළුවෝ ඇවැත්නි, ඔබ බුදුන්ගෙන් කමටහන් ගෙන මහණ දම් පුරමි යි ගොස් දැන් පෙරළා අවුත් ජන සමාජයෙහි ඇලෙමින් හැසිරෙහිය. කිම, ඔබගේ පැවිදි කිස සඵල වූයේ ද? නැවත ඉපදීමක් නැත්තෙක් වූයේ ද? ඇවැත්නි, මා මගඵල ලැබීමට නුසුදුසු පුද්ගලයෙකු විය යුතුයැ යි සලකා වීර්යය අත්හැර ආවෙමි. ඇවැත්නි, දළ වීර්යයෙන් යුත් බුදු රජුන්ගේ සසුනෙහි පැවිදි ව වීර්යය අත් හැරීමෙන් ඔබ විසින් නුසුදුස්සක් කරන ලදි. එන්න. බුදු රජුන්ට පෙන්වමු යි ඔහු රැගෙන බුදු රජුන් වෙත ගියහ.

සත්‍ථා තං දිස‍්වා එවමාහ “භික‍්ඛවෙ, තුම‍්හෙ එතං භික‍්ඛුං අනිච‍්ඡමානං ආදාය ආගතා, කිං කතං ඉමිනා”ති? “භන‍්තෙ, අයං භික‍්ඛු එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො වීරියං ඔස‍්සජිත්‍වා ආගතො”ති ආහංසු. අථ නං සත්‍ථා ආහ “සච‍්චං කිර තයා භික‍්ඛු වීරියං ඔස‍්සට‍්ඨ”න‍්ති? “සච‍්චං, භගවා”ති. “කිං පන ත්‍වං භික‍්ඛු එවරූපෙ මම සාසනෙ පබ‍්බජිත්‍වා ‘අප‍්පිච‍්ඡො’ති වා ‘සන‍්තුට‍්ඨො’ති වා ‘පවිවිත‍්තො’ති වා ‘ආරද‍්ධවීරියො’ති වා එවං අත‍්තානං අජානාපෙත්‍වා ‘ඔස‍්සට‍්ඨවීරියො භික‍්ඛූ’ති ජානාපෙසි. නනු ත්‍වං පුබ‍්බෙ වීරියවා අහොසි, තයා එකෙන කතං වීරියං නිස‍්සාය මරුකන‍්තාරෙ පඤ‍්චසු සකටසතෙසු මනුස‍්සා ච ගොණා ච පානීයං ලභිත්‍වා සුඛිතා ජාතා , ඉදානි කස‍්මා වීරියං ඔස‍්සජසී”ති. සො භික‍්ඛු එත‍්තකෙන වචනෙන උපත්‍ථම‍්භිතො අහොසි.

බුදු රජහු ඔහු දැක මහණෙනි, ඔබ අකමැත්තෙන් මේ භික්‍ෂුව රැගෙන ආවේ මොහු විසින් කුමක් කරන ලද ද? ස්වාමීනි, මේ භික්‍ෂුව මෙබඳු සර්වඥගාමී ශාසනයෙහි පැවිදි ව මහණ දම් පුරමින් සිට වීර්යය අත්හැර ආවේය. එවිට බුදුහු මහණ, ඔබ වීර්යය අත්හැර දැමුවේ ඇත්තදැ යි ඇසූහ. එසේය, ස්වාමීනි. මහණ, ඔබ මෙවැනි සසුන්ගත පැවිදි ව තමා අල්පේච්ඡයැ යි ද තෘප්තිමත් වූවෙකැ යි ද හුදෙකලා වූවෙකැ යි ද වීර්යය තමා නො හඳුන්වා හළ වීර්යය ඇත්තැ යි හැඳින්වූවෙහි. ඔබ පෙර වීර්යයවත් වූයේ නො වේ ද? ඔබ තමා ම කළ විරිය නිසා වැලි කතරක පන්සියයක් ගැල්හි සිටි මිනිස්සු ද ගොන්හු ද පැන් ලැබ සැපවත් වූහ. දැන් කුමක් නිසා හළ වීර්යය ඇත්තෙක් වූවෙහි ද? ඒ භික්‍ෂුව මෙපමණකින් ම උත්සාහ ලැබුවෙක් වූයේය.

තං පන කථං සුත්‍වා භික‍්ඛූ භගවන‍්තං යාචිංසු – “භන‍්තෙ, ඉදානි ඉමිනා භික‍්ඛුනා වීරියස‍්ස ඔස‍්සට‍්ඨභාවො අම‍්හාකං පාකටො, පුබ‍්බෙ පනස‍්ස එකස‍්ස වීරියං නිස‍්සාය මරුකන‍්තාරෙ ගොණමනුස‍්සානං පානීයං ලභිත්‍වා සුඛිතභාවො පටිච‍්ඡන‍්නො, තුම‍්හාකං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්සෙව පාකටො, අම‍්හාකම‍්පෙතං කාරණං කථෙථා”ති. “තෙන හි, භික‍්ඛවෙ, සුණාථා”ති භගවා තෙසං භික‍්ඛූනං සතුප‍්පාදං ජනෙත්‍වා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නකාරණං පාකටමකාසි.

භික්‍ෂූහු මේ කථාව අසා ස්වාමීනි, දැන් මේ භික්‍ෂුව වීර්යය හළ බව අපට පැහැදිලිය. පෙර මොහුගේ තනි වීර්යය නිසා වැලි කතරෙහි ගොනුන්ට හා මිනිසුන්ට පැන් ලැබ සැපවත් වූ අයුරු අප්‍රකටය. ඔබ වහන්සේ සියල්ල දන්නා නුවණට ම ප්‍රකටය. අපට ද මේ කාරණය වදාළ මැනැවැ. මහණෙනි, එසේ නම් අසව. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගේ සිහි උපදවා භවාන්තරයෙන් වැසුණු කරුණු ප්‍රකට කළහ.

අතීතෙ කාසිරට‍්ඨෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සත්‍ථවාහකුලෙ පටිසන්‍ධිං ගහෙත්‍වා වයප‍්පත‍්තො පඤ‍්චහි සකටසතෙහි වණිජ‍්ජං කරොන‍්තො විචරති. සො එකදා සට‍්ඨියොජනිකං මරුකන‍්තාරං පටිපජ‍්ජි. තස‍්මිං කන‍්තාරෙ සුඛුමවාලුකා මුට‍්ඨිනා ගහිතා හත්‍ථෙ න තිට‍්ඨති, සූරියුග‍්ගමනතො පට‍්ඨාය අඞ‍්ගාරරාසි විය උණ‍්හා හොති, න සක‍්කා අක‍්කමිතුං. තස‍්මා තං පටිපජ‍්ජන‍්තා දාරුදකතිලතණ‍්ඩුලාදීනි සකටෙහි ආදාය රත‍්තිමෙව ගන‍්ත්‍වා අරුණුග‍්ගමනෙ සකටානි පරිවට‍්ටං කත්‍වා මත්‍ථකෙ මණ‍්ඩපං කාරෙත්‍වා කාලස‍්සෙව ආහාරකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා ඡායාය නිසින‍්නා දිවසං ඛෙපෙත්‍වා අත්‍ථඞ‍්ගතෙ සූරියෙ සායමාසං භුඤ‍්ජිත්‍වා භූමියා සීතලාය ජාතාය සකටානි යොජෙත්‍වා ගච‍්ඡන‍්ති, සමුද‍්දගමනසදිසමෙව ගමනං හොති. ථලනියාමකො නාම ලද‍්ධුං වට‍්ටති, සො තාරකසඤ‍්ඤා සත්‍ථං තාරෙති.

පෙර කසී රට බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ සාත්තු නායක කුලෙහි පිළිසිඳගෙන වියපත් ව පන්සියයක් ගැලින් වෙළඳාම් කැරෙමින් හැසිරෙයි. ඔහු දිනක් සැට යොදුන් වැලි කතරට පිළිපන්නේය. ඒ කතරෙහි ඉතා සියුම් වැලි මිටින් ගත් කළ අතෙහි නො රඳයි. ඉරු උදාවෙහි පටන් ගිනි අඟුරු රැසක් මෙන් උණුසුම්ය. පා තබා යා නො හැකිය. මේ නිසා එහි යන්නන් දර, දිය, තල, සහල් ආදිය ගැලින් ගෙන රාත්‍රියෙහි ම ගොස් හිරු උදාවෙහි ගැල් වට කොට තබා ඒ මත්තෙහි මණ්ඩපයක් කොට වේලාසනින් ම අහර කිස නිමකොට (ගැල්) සෙවනෙහි දවල් කාලය නතර කොට හිරු බැස ගිය කල්හි රාත්‍රී භෝජනය අනුභව කොට බිම සිසිල් වූ කල්හි ගැල් යොදාගෙන යෙත්. මේ ගමන මුහුදු ගමනක් හා සමානය. මේ සඳහා ගොඩ නියමුවකු සිටිය යුතුය. හේ තරු සලකුණෙන් තවලම එතැර කළේය.

සොපි සත්‍ථවාහො තස‍්මිං කාලෙ ඉමිනාව නියාමෙන තං කන‍්තාරං ගච‍්ඡන‍්තො එකූනසට‍්ඨි යොජනානි ගන‍්ත්‍වා “ඉදානි එකරත‍්තෙනෙව මරුකන‍්තාරා නික‍්ඛමනං භවිස‍්සතී”ති සායමාසං භුඤ‍්ජිත්‍වා සබ‍්බං දාරුදකං ඛෙපෙත්‍වා සකටානි යොජෙත්‍වා පායාසි. නියාමකො පන පුරිමසකටෙ ආසනං පත්‍ථරාපෙත්‍වා ආකාසෙ තාරකං ඔලොකෙන‍්තො “ඉතො පාජෙථ, ඉතො පාජෙථා”ති වදමානො නිපජ‍්ජි. සො දීඝමද‍්ධානං අනිද‍්දායනභාවෙන කිලන‍්තො නිද‍්දං ඔක‍්කමි, ගොණෙ නිවත‍්තිත්‍වා ආගතමග‍්ගමෙව ගණ‍්හන‍්තෙ න අඤ‍්ඤාසි. ගොණා සබ‍්බරත‍්තිං අගමංසු. නියාමකො අරුණුග‍්ගමනවෙලාය පබුද‍්ධො නක‍්ඛත‍්තං ඔලොකෙත්‍වා “සකටානි නිවත‍්තෙථ නිවත‍්තෙථා”ති ආහ. සකටානි නිවත‍්තෙත්‍වා පටිපාටිං කරොන‍්තානඤ‍්ඤෙව අරුණො උග‍්ගතො. මනුස‍්සා “හිය්‍යො අම‍්හාකං නිවිට‍්ඨඛන්‍ධාවාරට‍්ඨානමෙවෙතං, දාරුදකම‍්පි නො ඛීණං, ඉදානි නට‍්ඨම‍්හා”ති සකටානි මොචෙත්‍වා පරිවට‍්ටකෙන ඨපෙත්‍වා මත්‍ථකෙ මණ‍්ඩපං කත්‍වා අත‍්තනො අත‍්තනො සකටස‍්ස හෙට‍්ඨා අනුසොචන‍්තා නිපජ‍්ජිංසු.

ඒ සාත්තු නායක එදවස මේ ආකාරයෙන් ම ඒ වැලි කාන්තාරය යමින් එකතුන් සැට යොදුනක් ගොස් දැන් එක රැයකින් ම මරු කතරින් එතැර වීම වන්නේයැ යි රාත්‍රී භෝජනය ගෙන සියලු දර, දිය අවසන් කො ගැල් යොදා ගියේය. නියමුවා පළමු ගැලෙහි දික් සඟලා පුටුවක් අතුරුවා අහසෙහි තරු බලමින් මෙදෙසින් පදවනු, මෙදෙසින් පදවනු යි කියමින් වැතිර සිටියේය. ඔහු බොහෝ දිනක් නො නිදා සිටි හෙයින් වෙහෙස නිසා නින්දට වැටුණේය. ගොනුන් ආපසු හැරී ආ මඟ ම ගනු (කිසිවෙක්) නො දන්නේය. ගොන්නු මුල රැය ගියහ. නියමුවා හිරු උදාවන කල්හි නැකැත් තරු බලා ගැල් නවතවු යි, ගැල් නවතා පිළිවෙලට තබා මේ අප ඊයේ විසූ කඳවුරු මය. අපගේ දර, දිය ද සිඳීගොස්ය. දැන් අපි නැසුණෝ වෙමු යි ගැල් මුදා වටකොට තබා මුදුනෙහි මණ්ඩපයක් කොට තම තමාගේ ගැල් යට තැවෙමින් නින්දට වන්හ.

බොධිසත‍්තො “මයි වීරියං ඔස‍්සජන‍්තෙ සබ‍්බෙ විනස‍්සිස‍්සන‍්තී”ති පාතො සීතලවෙලායමෙව ආහිණ‍්ඩන‍්තො එකං දබ‍්බතිණගච‍්ඡං දිස‍්වා “ඉමානි තිණානි හෙට‍්ඨා උදකසිනෙහෙන උට‍්ඨිතානි භවිස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා කුද‍්දාලං ගාහාපෙත්‍වා තං පදෙසං ඛණාපෙසි, තෙ සට‍්ඨිහත්‍ථට‍්ඨානං ඛණිංසු. එත‍්තකං ඨානං ඛණිත්‍වා පහරන‍්තානං කුද‍්දාලො හෙට‍්ඨාපාසාණෙ පටිහඤ‍්ඤි, පහටමත‍්තෙ සබ‍්බෙ වීරියං ඔස‍්සජිංසු. බොධිසත‍්තො පන “ඉමස‍්ස පාසාණස‍්ස හෙට‍්ඨා උදකෙන භවිතබ‍්බ”න‍්ති ඔතරිත්‍වා පාසාණෙ ඨිතො ඔණමිත්‍වා සොතං ඔදහිත්‍වා සද‍්දං ආවජ‍්ජෙන‍්තො හෙට‍්ඨා උදකස‍්ස පවත‍්තනසද‍්දං සුත්‍වා උත‍්තරිත්‍වා චූළුපට‍්ඨාකං ආහ – “තාත, තයා වීරියෙ ඔස‍්සට‍්ඨෙ සබ‍්බෙ විනස‍්සිස‍්සාම, ත්‍වං වීරියං අනොස‍්සජන‍්තො ඉමං අයකූටං ගහෙත්‍වා ආවාටං ඔතරිත්‍වා එතස‍්මිං පාසාණෙ පහාරං දෙහී”ති. සො තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා සබ‍්බෙසු වීරියං ඔස‍්සජිත්‍වා ඨිතෙසුපි වීරියං අනොස‍්සජන‍්තො ඔතරිත්‍වා පාසාණෙ පහාරං අදාසි. පාසාණො මජ‍්ඣෙ භිජ‍්ජිත්‍වා හෙට‍්ඨා පතිත්‍වා සොතං සන‍්නිරුම‍්භිත්‍වා අට‍්ඨාසි, තාලක‍්ඛන්‍ධප‍්පමාණා උදකවට‍්ටි උග‍්ගඤ‍්ඡි. සබ‍්බෙ පානීයං පිවිත්‍වා න‍්හායිංසු, අතිරෙකානි අක‍්ඛයුගාදීනි ඵාලෙත්‍වා යාගුභත‍්තං පචිත්‍වා භුඤ‍්ජිත්‍වා ගොණෙ ච භොජෙත්‍වා සූරියෙ අත්‍ථඞ‍්ගතෙ උදකාවාටසමීපෙ ධජං බන්‍ධිත්‍වා ඉච‍්ඡිතට‍්ඨානං අගමංසු. තෙ තත්‍ථ භණ‍්ඩං වික‍්කිණිත්‍වා දිගුණං තිගුණං චතුග‍්ගුණං ලාභං ලභිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව අගමංසු. තෙ තත්‍ථ යාවතායුකං ඨත්‍වා යථාකම‍්මං ගතා, බොධිසත‍්තොපි දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මමෙව ගතො.

බෝසතාණෝ මා වීර්යය අත්හළහොත් සියල්ලෝ ම නැසෙතැයි සිතා අලුයම සිසිල් වේලාවෙහි ම ඇවිදින්නේ හී තණ පඳුරක් දැක මෙය යට දිය සීරාව නිසා නැඟනා විය යුතුයැ යි සිතා උදැල්ලක් ගෙන්වා එපෙදෙස කණින්ට විය. සැට රියනක් කැණූහ. මෙතෙක් දුර කණිත් ම උදැල්ල යට ගලක හැපිණි. හැපුණු කෙණෙහි සියල්ලෝම වීර්යය අත්හළහ. බෝසතාණෝ මේ ගලට යටින් ජලය තිබිය හැක. එහි ම බැස ගල උඩ සිට නැමී කන යොමා සිතන්නේ යට පවතින ශබ්දය අසා ගොඩට අවුත් සුලවටුවා අමතා දරුවා, ඔබ විරිය අත්හළහොත් අප සියල්ලෝම නැසෙන්නෙමු. ඔබ වීර්යය අත්නොහැර මේ යකඩ කුළ ගෙන වළට බැස මේ කලුගලට පහරක් දෙව. ඔහු බෝසතුන්ගේ වචනය පිළිගෙන සියල්ලන් උත්සාහය අත්හැර සිටිද්දීත් තමා වීර්යය අත්නොහැර වළට බැස ගලට පහරක් දුන්නේය. ගල් වළින් බිඳී පතුලට වැටී ජල පහර හිර කොට සිටියේය. එකෙණෙහි ම ජල කඳක් පැනනැඟිණි. සියල්ලෝම පැන් ස්නානය කළහ. වැඩිපුර ඇතිවිය. දඬු, පළා, කැඳබත් පිස අනුභව කොට ගොනුන්ට ද කවා හිරු බැසයත් ම දිය වළ ළඟ කොඩියක් බැඳ කැමති තැනට ගියහ. එහිදී ඔවුහු භාණ්ඩ විකුණා දෙගුණ තෙගුණ ලාභ ලැබ තම වාසස්ථානවලට ගියහ. ඔවුහු දිවි ඇතිතාක් සිට කම් වූ පරිදි ගියහ. බෝසතාණෝ දානාදී පින්කම් කොට කම් වූ පරිදි ම ගියහ.

සම‍්මාසම‍්බුද‍්ධො ඉමං ධම‍්මදෙසනං කථෙත්‍වා අභිසම‍්බුද‍්ධොව ඉමං ගාථං කථෙසි –

බුදු රජහු මේ දම් දෙසුම දෙසා සම්මා සම්බුදු වී මේ ගාථාව වදාළහ.

“අකිලාසුනො වණ‍්ණුපථෙ ඛණන‍්තා, උදඞ‍්ගණෙ තත්‍ථ පපං අවින්‍දුං; එවං මුනී වීරියබලූපපන‍්නො, අකිලාසු වින්‍දෙ හදයස‍්ස සන‍්ති”න‍්ති.

“අකිලාසුනො වණ්ණුපථෙ ඛණන්තා, උදඞ්ගණෙ තත්‍ථ පපං අවින්‍දුං, එවං මුනී විරියබලූපපන්තො, අකිලාසු වින්‍දෙ හදයස්ස සන්තින්ති.”

“නොවලස් ව වැලි කතරෙහි සරන්නාහු එම පොළොවෙහි ම ජලය ලැබූහ. එසේ කායික වීර්යයෙන් හා ඥාන බලයෙන් යුත් වෙහෙස නො දක්නා යෝගී තෙම ධ්‍යානාදී හෘදය ශාන්තිය ලබන්නේය.”

තත්‍ථ අකිලාසුනොති නික‍්කොසජ‍්ජා ආරද‍්ධවීරියා. වණ‍්ණුපථෙති වණ‍්ණු වුච‍්චති වාලුකා, වාලුකාමග‍්ගෙති අත්‍ථො. ඛණන‍්තාති භූමිං ඛණමානා. උදඞ‍්ගණෙති එත්‍ථ උදාති නිපාතො, අඞ‍්ගණෙති මනුස‍්සානං සඤ‍්චරණට‍්ඨානෙ, අනාවාටෙ භූමිභාගෙති අත්‍ථො. තත්‍ථාති තස‍්මිං වණ‍්ණුපථෙ. පපං අවින්‍දුන‍්ති උදකං පටිලභිංසු. උදකඤ‍්හි පපීයනභාවෙන “පපා”ති වුච‍්චති. පවද‍්ධං වා ආපං පපං, මහොදකන‍්ති අත්‍ථො.

එහි “අකිලාසුනොති” යනු කුසීත නො වූවෝ, ඇරඹූ වීර්යය ඇත්තෝය. “වණ්ණුපථෙති” හි “වණ්ණු” යනුවෙන් වැලි කියනු ලැබේ. වැලි මඟෙහි යන අර්ථයි. “ඛණන්තාති” යනු පොළව සාරන්නාහුය. “උදඞ්ගණෙති” යන මෙහි “උද” යනු නිපාතයි. “අඞ්ගණෙති” යනු මිනිසුන් සැරිසරන ප්‍රදේශයක වළවල් නැති බිම් කොටස යන අර්ථයි. “තත්‍ථ” යනු ඒ වැලි මඟෙහි, “පපං අවින්‍දුන්ති” ජලය ලැබුවාහුයි. ජලය වනාහි පානය කරන බැවින් “පාපති” යි කියනු ලැබේ. ගලායන ජලය “පාප” නම් ජලය යන අර්ථයි.

එවන‍්ති ඔපම‍්මපටිපාදනං. මුනීති මොනං වුච‍්චති ඤාණං, කායමොනෙය්‍යාදීසු වා අඤ‍්ඤතරං, තෙන සමන‍්නාගතත‍්තා පුග‍්ගලො “මුනී”ති වුච‍්චති. සො පනෙස අගාරියමුනි, අනගාරියමුනි , සෙක‍්ඛමුනි, අසෙක‍්ඛමුනි, පච‍්චෙකබුද‍්ධමුනි, මුනිමුනීති අනෙකවිධො. තත්‍ථ අගාරියමුනීති ගිහී ආගතඵලො විඤ‍්ඤාතසාසනො. අනගාරියමුනීති තථාරූපොව පබ‍්බජිතො. සෙක‍්ඛමුනීති සත‍්ත සෙක‍්ඛා. අසෙක‍්ඛමුනීති ඛීණාසවො. පච‍්චෙකබුද‍්ධමුනීති පච‍්චෙකසම‍්බුද‍්ධො. මුනිමුනීති සම‍්මාසම‍්බුද‍්ධො. ඉමස‍්මිං පනත්‍ථෙ සබ‍්බසඞ‍්ගාහකවසෙන මොනෙය්‍යසඞ‍්ඛාතාය පඤ‍්ඤාය සමන‍්නාගතො “මුනී”ති වෙදිතබ‍්බො. වීරියබලූපපන‍්නොති වීරියෙන චෙව කායබලඤාණබලෙන ච සමන‍්නාගතො. අකිලාසූති නික‍්කොසජ‍්ජො –

“එවන්ති යනු උපමා සැසඳීමයි. “මුනීති” යනු මාන යන ඤාණයි. කාය සංවරය එකකින් හෝ යුක්ත පුද්ගලයා “මුනී” යැයි කියනු ලැබේ. ඔහු වනාහි අගාරිය මුනි, අනගාරිය මුනි සේඛ මුනි, අසේඛ මුනි, පච්චේක මුනි, මුනි මුනි යි විවිධ වේ. එහි අගාරිය මුනි නම් මඟඵල ලැබූ සසුන දැනගත් ගිහියාය. අනගාරිය මුනි නම් එබඳු ම පැවිද්දාය. සේඛ මුනි නම් මතු හික්මිය යුතු සත් දෙනාය. අසේඛ මුනි නම් රහතන් වහන්සේය. පච්චේක මුනි නම් පසේ බුදුවරයාය. මුනි මුනි නම් සම්මා සම්බුදුය. මෙකරුණෙහි දී සියලු දෙනා ම එකට කැටි කොට මෝනෙස්ස නම් නුවණින් යුක්ත බැවින් “මුනී” යැයි දත යුතුය. “විරියබලූපපන්තොති” යනු වීර්යයෙන් හා කාය බලයෙන් ද ඤාණ බලයෙන් ද යුක්ත වූයේය. “අකිලාසු” යනු කුසීත බව නැත්තේ,

“කාමං තචො ච න‍්හාරු ච, අට‍්ඨි ච අවසිස‍්සතු; උපසුස‍්සතු නිස‍්සෙසං, සරීරෙ මංසලොහිත”න‍්ති. –

සිරුරෙහි ඒකාන්තයෙන් එම නහර, ඇට ඉතිරි වේවායි. මස් ලේ වියලේවායි.

එවං වුත‍්තෙන චතුරඞ‍්ගසමන‍්නාගතෙන වීරියෙන සමන‍්නාගතත‍්තා අනලසො. වින්‍දෙ හදයස‍්ස සන‍්තින‍්ති චිත‍්තස‍්සපි හදයරූපස‍්සපි සීතලභාවකරණෙන “සන‍්ති”න‍්ති සඞ‍්ඛං ගතං ඣානවිපස‍්සනාභිඤ‍්ඤාඅරහත‍්තමග‍්ගඤාණසඞ‍්ඛාතං අරියධම‍්මං වින්‍දති පටිලභතීති අත්‍ථො. භගවතා හි –

මෙසේ කියන ලද සිවු අගින් යුත් වීර්යයෙන් යුක්ත බැවින් අලස බව නැත්තාය. “වින්‍දෙ හදයස්ස සන්තින්ත”, සිතෙහි ද හදවතෙහි ද සිසිල් බව ඇති කරන හෙයින් “සන්තින්ත” නම් ලද ධ්‍යාන විපස්සනා රහත් මඟ නුවණයැ යි කියන ලද උසස් දහම් ලබයි යන අර්ථයි.

“දුක‍්ඛං, භික‍්ඛවෙ, කුසීතො විහරති වොකිණ‍්ණො පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහි, මහන‍්තඤ‍්ච සදත්‍ථං පරිහාපෙති. ආරද‍්ධවීරියො ච ඛො, භික‍්ඛවෙ, සුඛං විහරති පවිවිත‍්තො පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහි, මහන‍්තඤ‍්ච සදත්‍ථං පරිපූරෙති, න, භික‍්ඛවෙ, හීනෙන අග‍්ගස‍්ස පත‍්ති හොතී”ති (සං· නි· 2.22) –

මහණෙනි, කුසීතයා පවිටු අකුසලවලින් යුක්ත වූයේ දුක සේ වාසය කරයි. ලගන්නා වූ තමාගේ යහපත පිරිහෙලා නම් මහණෙනි, පටන්ගත් වීර්යය ඇත්තේ, පවිටු අකුසල්වලින් වෙන්ව සැප සේ වාසය කරයි. මහත් වූ යහපත සම්පූර්ණ කරයි. මහණෙනි, හීන වූ වීර්යයෙන් උතුම් නිවනට පැමිණීමක් නො වේ.

එවං අනෙකෙහි සුත‍්තෙහි කුසීතස‍්ස දුක‍්ඛවිහාරො, ආරද‍්ධවීරියස‍්ස ච සුඛවිහාරො සංවණ‍්ණිතො. ඉධාපි ආරද‍්ධවීරියස‍්ස අකතාභිනිවෙසස‍්ස විපස‍්සකස‍්ස වීරියබලෙන අධිගන‍්තබ‍්බං තමෙව සුඛවිහාරං දස‍්සෙන‍්තො “එවං මුනී වීරියබලූපපන‍්නො, අකිලාසු වින්‍දෙ හදයස‍්ස සන‍්ති”න‍්ති ආහ. ඉදං වුත‍්තං හොති – යථා තෙ වාණිජා අකිලාසුනො වණ‍්ණුපථෙ ඛණන‍්තා උදකං ලභිංසු, එවං ඉමස‍්මිම‍්පි සාසනෙ අකිලාසු හුත්‍වා වායමමානො පණ‍්ඩිතො භික‍්ඛු ඉමං ඣානාදිභෙදං හදයස‍්ස සන‍්තිං ලභති. සො ත්‍වං භික‍්ඛු පුබ‍්බෙ උදකමත‍්තස‍්ස අත්‍ථාය වීරියං කත්‍වා ඉදානි එවරූපෙ මග‍්ගඵලදායකෙ නිය්‍යානිකසාසනෙ කස‍්මා වීරියං ඔස‍්සජසීති එවං ඉමං ධම‍්මදෙසනං දස‍්සෙත්‍වා චත‍්තාරි සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ ඔස‍්සට‍්ඨවීරියො භික‍්ඛු අග‍්ගඵලෙ අරහත‍්තෙ පතිට‍්ඨාසි.

මෙසේ නොයෙක් සූත්‍රවලින් කුසීතයාගේ දුක සේ විසීමත් පටන්ගත් වීර්යය ඇත්තහුගේ සැප විහරණයත් බුදු රජුන් විසින් වර්ණනා කරන ලදි. මෙහි දී ඇරඹූ වීර්යය ඇති ආර්ය ධර්ම නො ලැබූ විදසුන් වඩන්නහුගේ වීර්යය බලයෙන් අවබෝධ කටයුතු එම සැප විහරණය දන්වන්නාහු. “එවං මුනී විරිය බලූපපන්තො අකිලාසු වින්‍දෙ හදයස්ස සන්ති” යි වදාළහ. මෙහිදී ද මෙය කියන ලද්දේ වෙයි. යම් සේ ඒ වෙළෙන්දෝ නො අලසව වැලි තලාව හාරන්නාහු, ජලය ලැබුවාහු ද එසේ මේ සසුනෙහි ද නො අලසව වෑයම් කරන නුවණැති භික්‍ෂුව මේ ධ්‍යානාදී වශයෙන් විභාග කළ හෘදය ශාන්තිය ලබයි. මහණෙනි, ඒ ඔබ පෙර දිය බිඳක් සඳහා වීර්යය කොට දැන් මෙබඳු මාර්ග ඵල පිණිස නෛර්යාණික සසුනෙහි කුමක් නිසා විරිය හරන්නේ ද? මෙසේ මේ දම් දෙසුම දක්වා සිව්සස් දෙසූහ. සිව්සස් දෙසුම් කෙළවර විරිය අත්හළ භික්‍ෂුව අග්‍ර ඵලයෙහි හෙවත් රහත් ඵලයෙහි පිහිටියේය.

සත්‍ථාපි ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙත්‍වා දස‍්සෙසි “තස‍්මිං සමයෙ වීරියං අනොස‍්සජිත්‍වා පාසාණං භින්‍දිත්‍වා මහාජනස‍්ස උදකදායකො චූළුපට‍්ඨාකො අයං ඔස‍්සට‍්ඨවීරියො භික‍්ඛු අහොසි, අවසෙසපරිසා ඉදානි බුද‍්ධපරිසා ජාතා, සත්‍ථවාහජෙට‍්ඨකො පන අහමෙව අහොසි”න‍්ති දෙසනං නිට‍්ඨාපෙසි.

බුදු රජහු ඉකුත් වත වදාරා අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එසමයෙහි වීර්යය අත් නො හැර පොළොව හාරා ගල බිඳ මහජනයාට ජලය ලබාදුන් සුළුවටුවා මේ මෙකල වීර්යය අත්හළ භික්‍ෂුව විය. සෙසු පිරිස මෙකල බුදු පිරිස වූහ. සාත්තු නායක වනාහි මම ම වීමි යි දේශනාව නිමාකළහ.

වණ‍්ණුපථජාතකවණ‍්ණනා දුතියා.