යෙදුමෙන් කියවන්න

1. අපණ‍්ණකවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

1. අපණ්ණක වර්‍ගය

1. අපණ‍්ණකං ඨානමෙකෙ දුතියං ආහු තක‍්කිකා. එතදඤ‍්ඤාය මෙධාවී තං ගණ‍්හෙ යදපණ‍්ණකන‍්ති.

1. බෝධිසත්ත්‍වාදි නුවණැති සමහර කෙනෙක් අවිරුද්ධ වූ කාරණය (අපණ්ණක ප්‍රතිපදාව=නිසි මඟ) ගත්හ. (තම තමන්ගේ උත්ප්‍රේක්‍ෂායෙන් කල්පනා කරන) තාර්කිකයෝ සපරාධ වූ දෙවැනි කාරණය (නො මග) ගත්හ. ප්‍රශස්ත බුද්ධි ඇත්තේ මේ මඟ නො මඟ දැනැගෙනැ නිසි මඟ මැ ගන්නේ යැ.

1. අපණ‍්ණකජාතකං.

1. අපණ්ණක ජාතකය.

2. අකිලාසුනො වණ‍්ණුපථෙ ඛණන‍්තා උදඞ‍්ගණෙ තත්‍ථ පපං අවින්‍දුං, එවං මුනී විරියබලූපපන‍්නො අකිලාසු වින්‍දෙ හදයස‍්ස සන‍්තින‍්ති.

2. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති උත්තමයෝ අඞ්ගණ සඞ්ඛ්‍යාත අනාවර්‍තක භූමිප්‍රදේශ ඇති වැලිමඟෙහි බිම සරන්නාහු ඒ වලුකාමාර්‍ගයෙහි ජලය ලදහ. එපරිද්දෙන් වීර්‍ය්‍යයෙනුදු කායබල ඥානබලයෙනුදු යුක්ත වූ වීර්‍ය්‍යවත් තපස්වී තෙමේ සිතට හා හෘදයට ද ශීතභාව කරණයෙන් ශාන්ති නම් වූ (ධ්‍යානවිදර්‍ශනාඅභිඥා අර්‍හන්මාර්‍ගය සඞ්කඛ්‍යාත) ආර්‍ය්‍යධර්‍මය ලබන්නේ යැ.

2. වණ‍්ණුපථජාතකං.

2. වණ්ණුපථ ජාතකය.

3. ඉධ චෙ හි නං විරාධෙසි සද‍්ධම‍්මස‍්ස නියාමතං, චිරං ත්‍වං අනුතපෙස‍්සසි සෙරිවායංව වාණිජොති.

3. මේ ශාසනයෙහි සද්ධර්‍මයට ප්‍රතිනියත වූ ඒ ශ්‍රෝත ආපත්ති මාර්‍ගය යම් හෙයකින් (වීර්‍ය්‍ය නොවැඩීම නිසා) වැරැදවූයෙහි නම් තෝ බොහෝ කාලයක් තැවෙන්නේහි ය. සේරිවා නම් වෙළෙන්දා (ලක්‍ෂයක් අගනා) ස්වර්‍ණ පාත්‍රය නො ලැබීමෙන් යම්සේ තැවුණේ ද එලෙසිනි.

3. සෙරිවාවාණිජජාතකං.

3. සේරිවාවාණිජ ජාතකය.

4. අප‍්පකෙනපි මෙධාවී පාභතෙන විචක‍්ඛණො, සමුට‍්ඨාපෙති අත‍්තානං අණුං අග‍්ගිංව සන්‍ධමන‍්ති.

4. වෙළෙඳාමෙහි දක්‍ෂ වූ නුවණැත්තේ ස්වල්ප වූ බඩු මිලයෙන් (මහත් ධනය ද යශස ද උපදවා) තමන් (උසස් තැනැ) පිහිටුවයි. ඒ කෙසේ ද යත්: මුඛ වාතයෙන් පිඹ දල්වා ගන්නා වූ මඳවූ ගින්නක් මෙනි.

4. චුල‍්ලසෙට‍්ඨිජාතකං

4. චුල්ලසෙට්ඨි ජාතකය.

5. කිමග‍්ඝති තණ‍්ඩුලනාළිකාය අස‍්සාන මූලාය වදෙහි රාජ, බාරාණසිං සන‍්තරබාහිරන‍්තං අයමග‍්ඝති තණ‍්ඩුලනාළිකාති.

5. රජතුමනි, (පන්සියයක්) අසුන්ගේ මිල සඳහා වූ සහල් නැළිය කුමක් අගනේ දැ යි කිව මැනැවැ යි. අස් වෙළෙඳ තෙමේ රජහට කීයේ ය. නැවත රජු විසින් විමසනු ලැබූ බඩු මිල කරන්නා මේ සහල් නැළිය අගනුවරත් ගම නියම් ගමුත් සහිත බරණැස් රාජ්‍යය ම අගනේයැ යි කී ය.

5. තණ‍්ඩුලනාළිජාතකං.

5. තණ්ඩුලනාළි ජාතකය.

6. හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නා සුක‍්කධම‍්මසමාහිතා, සන‍්තො සප‍්පුරිසා ලොකෙ දෙවධම‍්මාති වුච‍්චරෙති.

6. (දුසිරිතෙහි පිළිකුල ඇති කරන) හිරියෙන් ද (දුසිරිතෙහි) බියෙන් ද සම්පූර්‍ණ වූ, කුශල ධර්‍මයන්ගෙන් සමන්‍විත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ සත්ත්‍ව ලෝකයෙහි දේවධර්‍ම ඇත්තෝ ය යි කියනු ලැබෙත්.

6. දෙවධම‍්මජාතකං.

6. දේවධර්‍ම ජාතකය.

7. පුත‍්තො ත්‍යාහං මහාරාජ ත්‍වං මං පොස ජනාධිප, අඤ‍්ඤෙපි දෙවො පොසෙති කිඤ‍්ච දෙවො සකං පජන‍්ති.

7. මහරජ, මම ඔබගේ (අත්‍රජ) පුත්‍රයෙමි. ජනප්‍රධානය මා පෝෂණය කර. රජතෙමේ සේවක මිනිසුන් හා තිරිසනුන්ද යන අන්‍යයන් පෝෂණය කෙරෙයි. ස්වකීය ප්‍රජාව වූ මා කුමක් නිසා පෝෂණය නො කරන්නේ ද?

7. කට‍්ඨහාරිජාතකං.

7. කට්ඨහාරි ජාතකය.

8. අපි අතරමානානං ඵලාසාව සමිජ‍්ඣති, විපක‍්කබ්‍රහ‍්මචරියොස‍්මි එවං ජානාහි ගාමණීති.

8. නුවණැත්තන්ගේ අවවාදයෙහි පිහිටා, ඉක්මන් නොවී උපාය ක්‍රමයෙන් කර්‍මාන්තයෙහි යෙදෙනවුන්හට ප්‍රාර්‍ත්‍ථනා කළ ප්‍රයෝජනයෙහි ආශාව නොහොත් බලාපොරොත්තු වූ ඵලය සමෘද්ධ වේ ම ය. (සතර සඞ්ග්‍රහ වස්තු මූලක යශඃ සම්පත්තීන් මුහුකරවා සිටි බැවින්) පරිපක්ව බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙම් වෙමි. ගාමණිය, (ඔබ උසස් බවට පැමිණි සැටි) මෙසේ දනුව.

8. ගාමණීජාතකං.

8. ගාමණීචණ්ඩ ජාතකය.

9. උත‍්තමඞ‍්ගරුහා මය‍්හං ඉමෙ ජාතා වයොහරා, පාතුභූතා දෙවදූතා පබ‍්බජ‍්ජාසමයො මමාති.

9. මාගේ උත්තමාඞ්ගයෙහි (හිසෙහි) හටගත්තා වූ වයස හැර ගන්නා වූ මේ නර (පැසුණු) කෙස්හු උපන්හ. මරණයට ළඟ බව කියන නරකෙස් නම් වූ දේවදූතයෝ පහළ වූහ. දැන් මාගේ පැවිද්දට කාල යැ යි.

9. මඛාදෙවජාතකං.

9. මඛාදේව ජාතකය.

10. යඤ‍්ච අඤ‍්ඤෙනුරක‍්ඛන‍්ති යො ච අඤ‍්ඤෙ න රක‍්ඛති, ස චෙ රාජ සුඛං සෙති කාමෙසු අනපෙඛවාති.

10. සෙසු බොහෝ පුද්ගලයෝ යමකු රක්‍ෂා නො කෙරෙත් ද මහරජ ඒ පුද්ගල තෙමේ (වස්තුකාම ක්ලේශකාමයන්හි) අපේක්‍ෂා නැත්තේ ඒකාන්තයෙන් ම කායවිවේක චිත්තවිවේක සැපයෙන් වාස කෙරෙයි.

10. සුඛවිහාරිජාතකං.

10. සුඛවිහාරි ජාතකය.

අපණ‍්ණකවග‍්ගො පඨමො.

පළමු වන අපණ්ණක වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දාන:

වරාපණ‍්ණකවණ‍්ණුපථසෙරිවරො සුචිචක‍්ඛණතණ‍්ඩුලනාළිකස‍්සං, හිරීපුත‍්තවරුත‍්තගාමණිනා යො ච න රක‍්ඛති තෙන දස.

උතුම් අපණ්ණක-වණ්ණුපථ-උතුම් සේරිවා (වාණිජ) සුවිචක්ඛණ (චුල්ලසෙට්ඨි) තණ්ඩුලනාළි-හිරි (දේවධර්‍ම) පුත්ත (කට්ඨහාරි) වරුත්ත (මඛාදේව) ගාමණී යොච නරක්ඛති (සුඛවිහාරී) යන්න හා දස ජතකයෝ ය.