4. චූළසෙට්ඨිජාතකවණ්ණනා 4 අට්ඨකථා
4. චූළසෙට්ඨිජාතකවණ්ණනා (4)
4. චුල්ලසෙට්ඨි ජාතකය (4)
අප්පකෙනපි මෙධාවීති ඉමං ධම්මදෙසනං භගවා රාජගහං උපනිස්සාය ජීවකම්බවනෙ විහරන්තො චූළපන්ථකත්ථෙරං ආරබ්භ කථෙසි.
“අප්පකෙනපි මෙධාවී” යන මේ ධර්ම දේශනය බුදුරදහු රජගහ නුවර ඇසුරුකොට ජීවක අඹ වනයෙහි වැඩ වසන්නාහු චුල්ලපන්ථක තෙරුන් අරබයා වදාළහ.
තත්ථ චූළපන්ථකස්ස තාව නිබ්බත්ති කථෙතබ්බා. රාජගහෙ කිර ධනසෙට්ඨිකුලස්ස ධීතා අත්තනො දාසෙනෙව සද්ධිං සන්ථවං කත්වා “අඤ්ඤෙපි මෙ ඉමං කම්මං ජානෙය්යු”න්ති භීතා එවමාහ “අම්හෙහි ඉමස්මිං ඨානෙ වසිතුං න සක්කා, සචෙ මෙ මාතාපිතරො ඉමං දොසං ජානිස්සන්ති, ඛණ්ඩාඛණ්ඩං කරිස්සන්ති, විදෙසං ගන්ත්වා වසිස්සාමා”ති හත්ථසාරං ගහෙත්වා අග්ගද්වාරෙන නික්ඛමිත්වා “යත්ථ වා තත්ථ වා අඤ්ඤෙහි අජානනට්ඨානං ගන්ත්වා වසිස්සාමා”ති උභොපි අගමංසු.
එහි දී චුල්ලපන්ථක තෙරුන්ගේ උත්පත්ති කථාව කිව යුතුය. රජගහනුවර ධනසිටු කුලයෙහි දියණිය තම සේවකයා සමග මිත්‍ර වී අන්‍යයන් මෙය දැන ගනීතියැ යි බියපත් ව මෙසේ කීවාය. අපට මෙහි විසීමට නො හැකිය. මගේ මව්පියෝ මේ දෝෂය දැනගන්නාහු නම් කැබලි කැබලි කරන්නාහුය. විදේශයකට ගොස් වසන්නෙමු යි අතින් ගෙන යා හැකි ධනය ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම කිසිවකු නො දන්නා තැනට ගොස් වසන්නෙමු යි දෙදෙනා ම ගියාහුය.
තෙසං එකස්මිං ඨානෙ වසන්තානං සංවාසමන්වාය තස්සා කුච්ඡියං ගබ්භො පතිට්ඨාසි. සා ගබ්භපරිපාකං ආගම්ම සාමිකෙන සද්ධිං මන්තෙසි “ගබ්භො මෙ පරිපාකං ගතො, ඤාතිබන්ධුවිරහිතෙ ඨානෙ ගබ්භවුට්ඨානං නාම උභින්නම්පි අම්හාකං දුක්ඛමෙව, කුලගෙහමෙව ගච්ඡාමා”ති. සො “සචාහං ගමිස්සාමි, ජීවිතං මෙ නත්ථී”ති චින්තෙත්වා “අජ්ජ ගච්ඡාම, ස්වෙ ගච්ඡාමා”ති දිවසෙ අතික්කාමෙසි. සා චින්තෙසි “අයං බාලො අත්තනො දොසමහන්තතාය ගන්තුං න උස්සහති, මාතාපිතරො නාම එකන්තහිතා, අයං ගච්ඡතු වා මා වා, මයා ගන්තුං වට්ටතී”ති. සා තස්මිං ගෙහා නික්ඛන්තෙ ගෙහපරික්ඛාරං පටිසාමෙත්වා අත්තනො කුලඝරං ගතභාවං අනන්තරගෙහවාසීනං ආරොචෙත්වා මග්ගං පටිපජ්ජි.
එක්තැනක ඔවුන්ගේ සංවාසය නිසා ඇගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඇය ගැබ මෝරායත් ම හිමියා සමග රහසින් කථා කොට මගේ දරු ගැබ මුහුකුරා ගියේය. නෑසියන් නැති තැන දරු ප්‍රසූතිය අප දෙදෙනාට ම දුකක් මය. එම නිසා කුල ගෙයකට යමු යි කීවේය. ඔහු ද අද හමු යි හෙට යමු යි දවස් ඉක්මවීය. ඈ මෙසේ සිතුවාය. මේ නුවණ මද තැනැත්තේ තම වරද මහත් බැවින් ගමනට උනන්දු නො වේ. මව්පියෝ වනාහි ඒකාන්තයෙන් හිතැත්තෝය. මොහු ගියා හෝ නොගියා හෝ මා යා යුතුය. හිමියා ගෙයින් බැහැර වූ කල්හි ගෘහ භාණ්ඩ සකසා තබා තමා සිය ගෙදරට ගියබව අසල්වැසියන්ට දන්වා මඟට පිළිපන්නාය.
අථ සො පුරිසො ඝරං ආගතො තං අදිස්වා පටිවිස්සකෙ පුච්ඡිත්වා “කුලඝරං ගතා”ති සුත්වා වෙගෙන අනුබන්‍ධිත්‍වා අන්තරාමග්ගෙ සම්පාපුණි. තස්සාපි තත්ථෙව ගබ්භවුට්ඨානං අහොසි. සො “කිං ඉදං භද්දෙ”ති පුච්ඡි. “සාමි, එකො පුත්තො ජාතො”ති. “ඉදානි කිං කරිස්සාමා”ති? “යස්සත්ථාය මයං කුලඝරං ගච්ඡෙය්යාම, තං කම්මං අන්තරාව නිප්ඵන්නං, තත්ථ ගන්ත්වා කිං කරිස්සාම, නිවත්තාමා”ති ද්වෙපි එකචිත්තා හුත්වා නිවත්තිංසු. තස්ස ච දාරකස්ස පන්ථෙ ජාතත්තා “පන්ථකො”ති නාමං අකංසු . තස්සා න චිරස්සෙව අපරොපි ගබ්භො පතිට්ඨහි. සබ්බං පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං. තස්සාපි දාරකස්ස පන්ථෙ ජාතත්තා පඨමජාතස්ස “මහාපන්ථකො”ති නාමං කත්වා ඉතරස්ස “චූළපන්ථකො”ති නාමං අකංසු. තෙ ද්වෙපි දාරකෙ ගහෙත්වා අත්තනො වසනට්ඨානමෙව ආගතා.
ඉක්බිති ඒ පුරුෂයා ගෙට ආකල්හි ඇය නොදැක අසල්වැසියන්ගෙන් විමසා සියගෙට ගියේයැ යි අසා වේගයෙන් ලුහුබැඳ අතරමග දී මුණගැසුණි. එහි දී ම ඇයට දරු ප්‍රසූතිය විය. සොඳුර මේ කුමක්ද? හිමියනි, පුතෙක් උපන. දැන් කුමක් කරන්නෙමු ද? අපි යම් අරමුණකින් සිය ගෙට යන්නමුද? එම කරුණ අතරමග දී ම සිදුවිය. දැන් එහි යාමෙන් කවර ප්‍රයෝජනයක් ද? ආපසු යමු යි දෙදෙනා ම එක්සිත් ව ආපසු ආවාහුය. එම දරුවාට මඟෙහි උපන් බැවින් පන්ථක යි නම් කළහ. ඇයට නොබෝ කලකින් තවත් ගැබක් පිහිටියේය. සියල්ල පෙර මෙන් විස්තර කළ යුතුය. ඒ දරුවාට ද අතරමඟ උපන් බැවින් චුල්ල පන්ථක යි නම් කළහ. ඒ දරුවන් දෙදෙනා ද රැගෙන තම වාසස්ථානයට ම පැමිණියහ.
තෙසං තත්ථ වසන්තානං අයං මහාපන්ථකදාරකො අඤ්ඤෙ දාරකෙ “චූළපිතා මහාපිතා”ති, “අය්යකො අය්යිකා”ති ච වදන්තෙ සුත්වා මාතරං පුච්ඡි “අම්ම, අඤ්ඤෙ දාරකා ‘චූළපිතා මහාපිතා’තිපි වදන්ති, ‘අය්යකො අය්යිකා’තිපි වදන්ති, අම්හාකං ඤාතකා නත්ථී”ති. “ආම, තාත, තුම්හාකං එත්ථ ඤාතකා නත්ථි, රාජගහනගරෙ පන වො ධනසෙට්ඨි නාම අය්යකො, තත්ථ තුම්හාකං බහූ ඤාතකා”ති. “කස්මා තත්ථ න ගච්ඡථ, අම්මා”ති? සා අත්තනො අගමනකාරණං පුත්තස්ස අකථෙත්වා පුත්තෙසු පුනප්පුනං කථෙන්තෙසු සාමිකං ආහ – “ඉමෙ දාරකා මං අතිවිය කිලමෙන්ති, කිං නො මාතාපිතරො දිස්වා මංසං ඛාදිස්සන්ති, එහි දාරකානං අය්යකකුලං දස්සෙස්සාමා”ති. “අහං සම්මුඛා භවිතුං න සක්ඛිස්සාමි, තං පන තත්ථ නයිස්සාමී”ති. “සාධු, අය්ය, යෙන කෙනචි උපායෙන දාරකානං අය්යකකුලමෙව දට්ඨුං වට්ටතී”ති ද්වෙපි ජනා දාරකෙ ආදාය අනුපුබ්බෙන රාජගහං පත්වා නගරද්වාරෙ එකිස්සා සාලාය නිවාසං කත්වා දාරකමාතා ද්වෙ දාරකෙ ගහෙත්වා ආගතභාවං මාතාපිතූනං ආරොචාපෙසි.
මෙසේ ඔවුන් එහි වසන කල්හි අන් දරුවන් සුළු පියා, මුත්තා, මිත්තණිය ආදී කියනු අසා මවගෙන් විමසීය. මෑණියනි, අන් දරුවෝ සුළු පියා, මුත්තා, මිත්තණිය ආදී වශයෙන් තෙපලත්. අපට නෑයෝ නැද්ද? එසේය දරුව, ඔබලාට මෙහි නෑයන් නැත. රජගහනුවර ධන සිටුවරයා නම් ඔබලාගේ මුත්තාය. එහි ඔබලාට බොහෝ නෑයන් ඇත. මෑණියනි, කුමක් නිසා එහි නොයමුද? ඇය තමා නොයන කාරණය පුතණුවන්ට කියා, දරුවන් නැවත නැවතත් ඇවිටිලි කරන්නේ සැමියා අමතා, මේ දරුවෝ බෙහෙවින් වෙහෙසට පත්වෙති. අප මව්පියෝ අප දැක අප මස් කත්ද? එන්න, දරුවන්ට මුත්තාගේ ගෙය පෙන්වන්නෙමු යි කීවාය. එවිට සැමියා, මට ඔවුන් ඉදිරියේ සිටින්න නොහැක්කෙමි. ඔබ එතැනට පමුණුවන්නෙමි. මැනවි හිමියනි, කවර අයුරකින් හෝ මුත්තණුවන්ගේ ගෙය පෙන්වීම සුදුසුය. දෙදෙන දරුවන් රැගෙන පිළිවෙලින් රජගහනුවර පැමිණ නුවරදොර ශාලාවක නවාතැන් ගෙන, දරුවන්ගේ මව දරු දෙදෙනා සමග පැමිණි බව මව්පියන්ට දැන්වූවාය.
තෙ තං සාසනං සුත්වා “සංසාරෙ විචරන්තානං න පුත්තො න ධීතා නාම නත්ථි, තෙ අම්හාකං මහාපරාධිකා, න සක්කා තෙහි අම්හාකං චක්ඛුපථෙ ඨාතුං, එත්තකං පන ධනං ගහෙත්වා ද්වෙපි ජනා ඵාසුකට්ඨානං ගන්ත්වා ජීවන්තු, දාරකෙ පන ඉධ පෙසෙන්තූ”ති. සෙට්ඨිධීතා මාතාපිතූහි පෙසිතං ධනං ගහෙත්වා දාරකෙ ආගතදූතානංයෙව හත්ථෙ දත්වා පෙසෙසි, දාරකා අය්යකකුලෙ වඩ්ඪන්ති. තෙසු චූළපන්ථකො අතිදහරො, මහාපන්ථකො පන අය්යකෙන සද්ධිං දසබලස්ස ධම්මකථං සොතුං ගච්ඡති. තස්ස නිච්චං සත්ථු සම්මුඛා ධම්මං සුණන්තස්ස පබ්බජ්ජාය චිත්තං නමි. සො අය්යකං ආහ “සචෙ තුම්හෙ සම්පටිච්ඡථ, අහං පබ්බජෙය්ය”න්ති. “කිං වදෙසි, තාත, මය්හං සකලලොකස්සපි පබ්බජ්ජාතො තවෙව පබ්බජ්ජා භද්දිකා, සචෙ සක්කොසි, පබ්බජ තාතා”ති සම්පටිච්ඡිත්වා සත්ථු සන්තිකං ගතො. සත්ථා “කිං මහාසෙට්ඨි දාරකො තෙ ලද්ධො”ති. “ආම, භන්තෙ අයං දාරකො මය්හං නත්තා, තුම්හාකං සන්තිකෙ පබ්බජාමීති වදතී”ති ආහ. සත්ථා අඤ්ඤතරං පිණ්ඩචාරිකං භික්ඛුං “ඉමං දාරකං පබ්බාජෙහී”ති ආණාපෙසි. ථෙරො තස්ස තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛිත්වා පබ්බාජෙසි. සො බහුං බුද්ධවචනං උග්ගණ්හිත්වා පරිපුණ්ණවස්සො උපසම්පදං ලභි. උපසම්පන්නො හුත්වා යොනිසො මනසිකාරෙ කම්මං කරොන්තො අරහත්තං පාපුණි.
ඔවුහු ඒ හසුන අසා සසර සැරිසරන්නවුන්ට පුතා, දුව නොවන කෙනෙක් නැත. ඔවුහු අපට මහත් අපරාධයක් කළාහු වෙති. අප ඇස් පෙනෙන මානයේ ඔවුන්ට සිටිය නොහැකිය. මෙපමණ ධනය ගෙන ඒ දෙදෙනා පහසු තැනකට ගොස් ජීවත් වෙත්වා. දරුදෙදෙනා මෙහි එවත්වා. සිටුදුව මවුපියන් විසින් එවන ලද ධනය ගෙන දරු දෙදෙනා පැමිණි දූතයන් අතට දී යැව්වාය. දරුවෝ ඔවුන්ගේ ගෙහි වැඩෙති. දරු දෙදෙනාගෙන් චුල්ලපන්ථක ඉතා ළදරුය. මහාපන්ථක මුත්තණුවන් සමග බුදුරදුන්ගෙන් දහම් ඇසීම සඳහා යයි. බුදුරදුන් හමුවෙහි නිතර බණ අසන ඔහුගේ සිත පැවිද්දට නැමුණි. මුත්තණුවන් අමතා ඔහු මුත්තණුවනි, ඔබ අනුමත කරන්නේ නම් මම පැවිදි වන්නෙමි. දරුව, කුමක් කියහිද? සියලු ලෝවැස්සන්ගේ ම පැවිද්දට වඩා මට ඔබගේ පැවිද්ද අගනේය. දරුව, හැකිනම් පැවිදි වන්නැ යි පැවිද්ද අනුමතකොට බුදුරදුන් වෙත ගියේය. මහසිට, ඔබට දරුවෙක් ලැබුණේද? එසේය ස්වාමීනි, මේ දරුවා මගේ මුනුපුරෙකි. ඔහු ඔබවහන්සේ ළඟ පැවිදි වෙමිය කියයි. බුදුරදහු එක්තරා පිණ්ඩපාතික භික්ෂුවකට දරුවා පැවිදි කරන්නැ යි අණ කළහ. ඒ භික්ෂුව ඔහුට තචපඤ්චක කමටහන කියා දී පැවිදි කළේය. ඒ මහාපන්ථක තෙරණුවෝ බුද්ධ වචනය බොහෝ සේ උගෙන පිරිපුන් වයස් ඇත්තේ උපසම්පදාව ලැබ නුවණින් මෙනෙහි කිරීමෙන් කටයුතු කරන්නාහු රහත් බවට පත්වූහ.
සො ඣානසුඛෙන, මග්ගසුඛෙන, ඵලසුඛෙන වීතිනාමෙන්තො චින්තෙසි “සක්කා නු ඛො ඉමං සුඛං චූළපන්ථකස්ස දාතු”න්ති. තතො අය්යකසෙට්ඨිස්ස සන්තිකං ගන්ත්වා “මහාසෙට්ඨි සචෙ තුම්හෙ සම්පටිච්ඡථ, අහං චූළපන්ථකං පබ්බාජෙය්ය”න්ති ආහ. “පබ්බාජෙථ, භන්තෙ”ති. ථෙරො චූළපන්ථකදාරකං පබ්බාජෙත්වා දසසු සීලෙසු පතිට්ඨාපෙසි. චූළපන්ථකසාමණෙරො පබ්බජිත්වාව දන්ධො අහොසි.
අනතුරුව සමාධි සුවයෙන් හා මගපළ සුවෙන් කල්ගත කරන්නෝ මෙසේ සිතීය. චුල්ලපන්ථකට ද මේ සැපය දිය හැක්කේද? මුත්තණුවන් වෙත ගොස් මහසිටුතුමනි, ඔබ අනුදන්නේ නම් මම චුල්ලපන්ථක පැවිදි කරන්නෙමි. ස්වාමීනි, පැවිදි කරනු මැනවි. තෙරණුවෝ චුල්ලපන්ථක කුමරුවන් පැවිදි කරවා දස සිල්හි පිහිටවූහ. චුල්ලපන්ථක සාමණේරයෝ පැවිදි වුව ද නුවණ නැත්තෙක් වූහ.
“පදුමං යථා කොකනදං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං; අඞ්ගීරසං පස්ස විරොචමානං, තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”ති. (සං· නි· 1.123; අ· නි· 5.195) –
“පදුමං යථා කොකනදං සුගන්ධං පාතො සියා ඵුල්ලමවීතගන්ධං, අඞ්ගීරසං පස්ස විරොචමානං තපන්තමා දිච්චමිවන්තළික්ඛෙ”
“අළුයම පිපුණු සුවඳවත් වූ සුවඳ වහනය වන්නා වූ කෝකන ද නම් රත් පියුම යම් සේ ද එසේ ම අහසෙහි සූර්යයා මෙන් තේජසින් බබළන අඞ්ගීරස නම් බුදු රජුන් බලව.”
ඉමං එකගාථං චතූහි මාසෙහි ගණ්හිතුං නාසක්ඛි. සො කිර කස්සපසම්මාසම්බුද්ධකාලෙ පබ්බජිත්වා පඤ්ඤවා හුත්වා අඤ්ඤතරස්ස දන්ධභික්ඛුනො උද්දෙසග්ගහණකාලෙ පරිහාසකෙළිං අකාසි. සො භික්ඛු තෙන පරිහාසෙන ලජ්ජිතො නෙව උද්දෙසං ගණ්හි, න සජ්ඣායමකාසි. තෙන කම්මෙන අයං පබ්බජිත්වාව දන්ධො ජාතො, ගහිතගහිතං පදං උපරූපරි පදං ගණ්හන්තස්ස නස්සති. තස්ස ඉමමෙව ගාථං ගහෙතුං වායමන්තස්ස චත්තාරො මාසා අතික්කන්තා.
මේ එකම ගාථාව සිවුමසක් තුළ ද වනපොත් කිරීමට නො හැකි වූයේය. හෙතෙම වනාහි කසුප් සම්බුදු කළ පැවිදි ව නැණවත් ව සිට එක්තරා මඳ නුවණැති භික්ෂුවක් පෙළ උගන්නා කළ අවඥාවෙන් සිනාසුණේය. එම භික්ෂුව අවඥාව නිසා ලජ්ජාවට පත්ව වනපොත් ද නොකළේය. ඒ පාප කර්මයෙන් මෙකල පැවිදිව ද නුවණ මඳ විය. පළමු වනපොත් කළ පදය ඊළඟ පදය වනපොත් කරත් ම අමතක වෙයි. ඔහු මේ එකම ගාථාව වනපොත් කිරීමට වෙහෙසෙන්නේ සිව් මසක් ගතවිය.
අථ නං මහාපන්ථකො ආහ “චූළපන්ථක, ත්වං ඉමස්මිං සාසනෙ අභබ්බො, චතූහි මාසෙහි එකම්පි ගාථං ගහෙතුං න සක්කොසි, පබ්බජිතකිච්චං පන ත්වං කථං මත්ථකං පාපෙස්සසි, නික්ඛම ඉතො”ති විහාරා නික්කඩ්ඪි. චූළපන්ථකො බුද්ධසාසනෙ සිනෙහෙන ගිහිභාවං න පත්ථෙති. තස්මිඤ්ච කාලෙ මහාපන්ථකො භත්තුද්දෙසකො හොති. ජීවකො කොමාරභච්චො බහුං ගන්ධමාලං ආදාය අත්තනො අම්බවනං ගන්ත්වා සත්ථාරං පූජෙත්වා ධම්මං සුත්වා උට්ඨායාසනා දසබලං වන්දිත්වා මහාපන්ථකං උපසඞ්කමිත්වා “කිත්තකා , භන්තෙ, සත්ථු සන්තිකෙ භික්ඛූ”ති පුච්ඡි. “පඤ්චමත්තානි භික්ඛුසතානී”ති. “ස්වෙ, භන්තෙ, බුද්ධප්පමුඛානි පඤ්ච භික්ඛුසතානි ආදාය අම්හාකං නිවෙසනෙ භික්ඛං ගණ්හථා”ති. “උපාසක, චූළපන්ථකො නාම භික්ඛු දන්ධො අවිරුළ්හිධම්මො, තං ඨපෙත්වා සෙසානං නිමන්තනං සම්පටිච්ඡාමී”ති ථෙරො ආහ. තං සුත්වා චූළපන්ථකො චින්තෙසි “ථෙරො එත්තකානං භික්ඛූනං නිමන්තනං සම්පටිච්ඡන්තො මං බාහිරං කත්වා සම්පටිච්ඡති, නිස්සංසයං මය්හං භාතිකස්ස මයි චිත්තං භින්නං භවිස්සති, කිං ඉදානි මය්හං ඉමිනා සාසනෙන, ගිහී හුත්වා දානාදීනි පුඤ්ඤානි කරොන්තො ජීවිස්සාමී”ති.
එවිට මහාපන්ථක තෙරහු ඔහු අමතා පන්ථක, ඔබ මේ සසුනට නුසුදුසුය. සිව් මසකින් එක ගාථාවක් ඉගෙනීමට නො හැකි වූ ඔබ කෙසේ නම් පැවිදි කිස සඵල කරගන්නෙහිද? මෙතැනින් ඉවත්වන්නැ යි වෙහෙරින් බැහැර කළහ. චුල්ලපන්ථක බුදුසසුනෙහි ඇල්මෙන් ගිහිබව නොපතයි. එකල මහාපන්ථක තෙරණුවෝ භත්තුද්දෙසක (සඟබත් නියමකරන්නේ) වෙති. රජකුමරකු ලෙසින් පෝෂණය ලද ජීවකයෝ බොහෝ ගඳමල් ආදිය රැගෙන තමාගේ අඹවනයට ගොස් බුදුරදුන් පුදා බණ අසා හුනස්නෙන් නැගිට බුදුරදුන් වැඳ මහාපන්ථක තෙරණුවන් වෙත එළඹ, ස්වාමීනි, බුදුරදුන් හමුවෙහි වෙසෙන සඟ පිරිස කොතෙක් දැ යි විචාළහ. පන්සියයක් පමණ වෙති. ස්වාමීනි, හෙට දවස බුදුරදුන් ප්‍රධාන පන්සියයක් භික්ෂූන් වහන්සේ රැගෙන අප නිවෙස්නෙහි දානය පිළිගනු මැනව. උපාසකය. නුවණ මද චුල්ලපන්ථක මෙසසුනෙහි නොවඩන ගුණදම් ඇත්තෙකි. ඔහු හැර සෙස්සන්ට ආරාධනය පිළිගනිමි යි කීහ. චුල්ලපන්ථක මේ කථාව අසා මෙසේ සිතීය. තෙරණුවෝ මෙපමණ භික්ෂූන් උදෙසා ආරාධනය පිළිගන්නා වි මා බැහැර කොට පිළිගත්හ. නිසැකවම මගේ සොහොයුරුතුමන්ගේ සිත මා කෙරෙහි බිඳුනා විය යුතුයි. දැන් ඉතින් මට මේ සසුනේ කවර වැඩක්ද? ගිහි වී දානාදී පින් කරමින් ජීවත් වන්නෙමි.
සො පුනදිවසෙ පාතොව “ගිහී භවිස්සාමී”ති පායාසි. සත්ථා පච්චූසකාලෙයෙව ලොකං ඔලොකෙන්තො ඉමං කාරණං දිස්වා පඨමතරං ගන්ත්වා චූළපන්ථකස්ස ගමනමග්ගෙ ද්වාරකොට්ඨකෙ චඞ්කමන්තො අට්ඨාසි. චූළපන්ථකො ඝරං ගච්ඡන්තො සත්ථාරං දිස්වා උපසඞ්කමිත්වා වන්දි. අථ නං සත්ථා “කහං පන, ත්වං චූළපන්ථක, ඉමාය වෙලාය ගච්ඡසී”ති ආහ. භාතා මං, භන්තෙ, නික්කඩ්ඪති , තෙනාහං විබ්භමිතුං ගච්ඡාමීති. චූළපන්ථක, තව පබ්බජ්ජා නාම මම සන්තකා, භාතරා නික්කඩ්ඪිතො කස්මා මම සන්තිකං නාගඤ්ඡි? එහි කිං තෙ ගිහිභාවෙන, මම සන්තිකෙ භවිස්සසී”ති භගවා චූළපන්ථකං ආදාය ගන්ත්වා ගන්ධකුටිප්පමුඛෙ නිසීදාපෙත්වා “චූළපන්ථක, ත්වං පුරත්ථාභිමුඛො හුත්වා ඉමං පිලොතිකං ‘රජොහරණං රජොහරණ’න්ති පරිමජ්ජන්තො ඉධෙව හොහී”ති ඉද්ධියා අභිසඞ්ඛතං පරිසුද්ධං පිලොතිකාඛණ්ඩං දත්වා කාලෙ ආරොචිතෙ භික්ඛුසඞ්ඝපරිවුතො ජීවකස්ස ගෙහං ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි.
ඔහු පසුදා අළුයම ගිහි වන්නෙමි යි පිටත්විය. බුදුරදහු එදින ඉතා අලුයම් කාලයෙහි ලොව බලන්නාහු මේ කාරණය දැක පළමුකොට වැඩ චුල්ලපන්ථකගේ ගමන් මඟෙහි සක්මන් කරමින් දොරටුකඩ වැඩ සිටියහ. චුල්ලපන්ථක පන්සලෙන් නික්මෙන්නේ බුදුරදුන් දැක එළඹ වැඳ සිටියේය. බුදු රජහු ඔහු අමතා චුල්ලපන්ථකය, මේ වේලාවෙහි කොහි යන්නේදැ යි විමසූහ. ස්වාමීනි, මගේ සොහොයුරු තෙරණුවෝ මා බැහැර කළහ. එම නිසා මම සිවුරු හැරීම සඳහා යමි. චුල්ලපන්ථකය, ඔබගේ පැවිද්ද මා සතුවූවකි. සොහොයුරා විසින් බැහැර කරන ලද ඔබ මා වෙත නොපැමිණියේ මන්ද? එන්න, ඔබට ගිහිබවෙන් සෙතක් නැත. චුල්ලපන්ථක රැගෙන වැඩම කළ බුදුරදහු ගඳකිළිය ඉදිරියෙහි ඔහු හිඳුවා චුල්ලපන්ථක, පෙරදිගට මුහුණ ලා හිඳ මේ රෙදි කැබැල්ල “රජොහරණං රජොහරණං” යනුවෙන් පිරිමදිමින් මෙහිම සිටින්නැ යි ඉදු බලයෙන් මැවූ පිරිසිදු රෙදි කැබැල්ලක් දී කාලය දැන්වූ කල්හි භික්ෂු සංඝයා පිරිවරා ජීවකගේ නිවසට වැඩමවා පනවන ලද අසුනෙහි වැඩහුන්හ.
චූළපන්ථකොපි සූරියං ඔලොකෙන්තො තං පිලොතිකාඛණ්ඩං “රජොහරණං රජොහරණ”න්ති පරිමජ්ජන්තො නිසීදි, තස්ස තං පිලොතිකාඛණ්ඩං පරිමජ්ජන්තස්ස පරිමජ්ජන්තස්ස කිලිට්ඨං අහොසි. තතො චින්තෙසි “ඉදං පිලොතිකාඛණ්ඩං අතිවිය පරිසුද්ධං, ඉමං පන අත්තභාවං නිස්සාය පුරිමපකතිං විජහිත්වා එවං කිලිට්ඨං ජාතං, අනිච්චා වත සඞ්ඛාරා”ති ඛයවයං පට්ඨපෙන්තො විපස්සනං වඩ්ඪෙසි. සත්ථා “චූළපන්ථකස්ස චිත්තං විපස්සනං ආරුළ්හ”න්ති ඤත්වා “චූළපන්ථක, ත්වං එතං පිලොතිකාඛණ්ඩමෙව සංකිලිට්ඨං රජොරඤ්ජිතං ජාතන්ති මා සඤ්ඤං කරි, අබ්භන්තරෙ පන තෙ රාගරජාදයො අත්ථි, තෙ හරාහී”ති වත්වා ඔභාසං විස්සජ්ජෙත්වා පුරතො නිසින්නො විය පඤ්ඤායමානරූපො හුත්වා ඉමා ගාථා අභාසි –
චුල්ලපන්ථක ද ඉර දෙස බලමින් ඒ රෙදි කැබැල්ල “රජොහරණං රජොහරණං” යි පිරිමදිමින් හුන්නේය. ඔහු එය පිරිමදින්නේ, කිළිටි විය. ඔහු මෙසේ සිතී. මේ රෙදි කඩ ඉතාම පිරිසිදුය. මේ සිරුරේ පහස නිසා පෙර තත්ත්වය හැර මෙසේ කිළිටි විය. සසරදම අනිත්‍යයැ යි විදසුන් වැඩීය. බුදු රජහු ද චුල්ලපන්ථකගේ සිත විදසුනට නැඟුණු බව දැන චුල්ලපන්ථකය, මේ රෙදි කැබැල්ල පමණක් කිළිටි විය. දූවිලි තැවරුණේයැ යි හැඟීමක් ඇතිකර නො ගනුව. ඔබගේ ඇතුළත රාගාදී දූවිලි ඇත. ඒවා ද බැහැර කැරව යි ආලෝකයක් විහිදුවා ඉදිරියෙහි වැඩ සිටින්නාක් මෙන් පෙනෙන්නේ මේ ගාථාවන් වදාළහ.
“රාගො රජො න ච පන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
“රාගො රජො න ච පන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව භික්ඛවො විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
“දොසො රජො න ච පන රෙණු වුච්චති, දොසස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
දොසො රජො න ච පන රෙණු වුච්චති දොසස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව භික්ඛවො විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
“මොහො රජො න ච පන රෙණු වුච්චති, මොහස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ”ති. (මහානි· 209; චූළනි· උදයමාණවපුච්ඡානිද්දෙස 74);
මොහො රජො න ච පන රෙණු වුච්චති මොහස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව භික්ඛවො විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.”
“රජස (දූලි) නම් රාගයයි. (සාමාන්‍ය) දූලි නො වේ. දූලි යනු රාගයට නමකි. මේ (කෙලෙස්) දූලි අත්හැර ඒ බුද්ධ ශ්‍රාවකයෝ කෙලෙස් රහිත බුදු රජුන්ගේ සසුනෙහි වාසය කරත්.”
“රජස් (දූලි) නම් ද්වෙශයයි. සාමාන්‍ය දූලි නොවේ. දූලි යනු ද්වේශය නමකි. මේ දූලි අතහැර ඒ බුද්ධ ශ්‍රාවකයෝ කෙලෙස් රහිත බුදුරදුන්ගේ සසුනෙහි වාසය කරත්.”
“රජස් (දූලි) නම් මෝහයයි (මුළා). සාමාන්‍ය දූලි නොවේ. දූලි යනු මෝහයට නමකි. මේ දූලි අතහැර ඒ බුද්ධ ශ්‍රාවකයෝ කෙලෙස් රහිත බුදුරදුන්ගේ සසුනෙහි වාසය කරත්.”
ගාථාපරියොසානෙ චූළපන්ථකො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි, පටිසම්භිදාහියෙවස්ස තීණි පිටකානි ආගමංසු. සො කිර පුබ්බෙ රාජා හුත්වා නගරං පදක්ඛිණං කරොන්තො නලාටතො සෙදෙ මුච්චන්තෙ පරිසුද්ධෙන සාටකෙන නලාටන්තං පුඤ්ඡි, සාටකො කිලිට්ඨො අහොසි. සො “ඉමං සරීරං නිස්සාය එවරූපො පරිසුද්ධො සාටකො පකතිං ජහිත්වා කිලිට්ඨො ජාතො, අනිච්චා වත සඞ්ඛාරා”ති අනිච්චසඤ්ඤං පටිලභි. තෙන කාරණෙනස්ස රජොහරණමෙව පච්චයො ජාතො.
ගාථා කෙළවර චුල්ලපන්ථක තෙරණුවෝ සිව් පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියහ. පිළිසිඹියා සමග ම මුළු තුන් පිටකය ම අවබෝධ විය. එතුමෝ වනාහි පෙර භවයක රජෙක් වී නුවර සැරිසරන්නේ නළලින් දහඩිය වැගිරෙද්දී පිරිසිදු සළුවකින් නළල පිසින්නේ, සළුව කිළිටි විය. ඔහු මේ ශරීරය නිසා මෙබඳු පිරිසිදු සළුව ප්‍රකෘතිය හැර කිළිටි වූයේය. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙය අනිත්‍යයයි. අනිච්ච සඤ්ඤාව ලැබීය. මෙකරුණින් ඔහුට දූවිලි හරනා රෙදිකඩ ම ඉවහල් විය.
ජීවකොපි ඛො කොමාරභච්චො දසබලස්ස දක්ඛිණොදකං උපනාමෙසි. සත්ථා “නනු, ජීවක, විහාරෙ භික්ඛූ අත්ථී”ති හත්ථෙන පත්තං පිදහි. මහාපන්ථකො “භන්තෙ, විහාරෙ නත්ථි භික්ඛූ”ති ආහ. සත්ථා “අත්ථි ජීවකා”ති ආහ. ජීවකො “තෙන හි, භණෙ, ගච්ඡ, විහාරෙ භික්ඛූනං අත්ථිභාවං වා නත්ථිභාවං වා ජානාහී”ති පුරිසං පෙසෙසි. තස්මිං ඛණෙ චූළපන්ථකො “මය්හං භාතිකො ‘විහාරෙ භික්ඛූ නත්ථී’ති භණති, විහාරෙ භික්ඛූනං අත්ථිභාවමස්ස පකාසෙස්සාමී”ති සකලං අම්බවනං භික්ඛූනංයෙව පූරෙසි. එකච්චෙ භික්ඛූ චීවරකම්මං කරොන්ති, එකච්චෙ රජනකම්මං, එකච්චෙ සජ්ඣායං කරොන්තීති එවං අඤ්ඤමඤ්ඤං අසදිසං භික්ඛුසහස්සං මාපෙසි. සො පුරිසො විහාරෙ බහූ භික්ඛූ දිස්වා නිවත්තිත්වා “අය්ය , සකලං අම්බවනං භික්ඛූහි පරිපුණ්ණ”න්ති ජීවකස්ස ආරොචෙසි. ථෙරොපි ඛො තත්ථෙව –
කොමාරභච්ච නම් (කුමරකු මෙන් වැඩුණු) ජීවක ද දක්ෂිණෝදකය (බතට පෙර පිරිනමන ජලය) පිරිනැමීය. බුදුරදහු ජීවකය, වෙහෙරෙහි ඉතිරිව භික්ෂූන් ඇත්තේ නොවේදැ යි අතින් පාත්‍රය වැසූහ. එවිට මහාපන්ථක තෙරණුවෝ ස්වාමීනි, වෙහෙරෙහි භික්ෂූන් නැතැ යි කීහ. බුදුරදහු ඇත ජීවකය යැයි වදාළහ. ජීවක පුරුෂයකු අමතා එසේ නම් කොල වෙහෙරෙහි භික්ෂූන් ඇති නැති බව දැනගෙන එව යි යැවීය. එකෙණෙහි චුල්ලපන්ථක තෙරණුවෝ මගේ සොහොයුරාණෝ වෙහෙරෙහි භික්ෂූන් නැතැ යි කියති. විහාරයෙහි භික්ෂූන් ඇතිබව එතුමන්ට පෙන්වන්නෙමි යි මුළු අඹ වනය ම භික්ෂූන්ගෙන් පිරවීය. සමහර භික්ෂූහු සිවුරු කඩ කරත්. සමහරු පඬු පෙවීම් කරත්. සමහරු පාඩම් කරත්. මෙසේ ඔවුනොවුන් අසමාන ක්‍රියා කරන භික්ෂූන් දහසක් මැවීය. ඒ පුරුෂයා ද වෙහෙරෙහි බොහෝ භික්ෂූන් දැක ආපසු ඇවිත් ආර්යයනි, මුළු අඹ වනය ම භික්ෂූන්ගෙන් පිරී ඇතැ යි ජීවකට සැලකළේය. චුල්ලපන්ථක තෙරණුවෝ ද එහි ම සිට,
“සහස්සක්ඛත්තුමත්තානං, නිම්මිනිත්වාන පන්ථකො; නිසීදම්බවනෙ රම්මෙ, යාව කාලප්පවෙදනා”ති. (ථෙරගා· 563);
“සහස්සක්ඛත්තුං අත්තානං නිම්මිණිත්වාන පන්ථකො, නිසීදම්වවනෙ රම්මෙ යාච කාලප්පවෙදනා”
චුල්ලපන්ථක තමා දහස් වරක් කොට මවා (දක්ෂිණාවට) කල් දන්වන තුරු මනරම් අඹවනයෙහි හුන්නේය.
අථ සත්ථා තං පුරිසං ආහ – “විහාරං ගන්ත්වා ‘සත්ථා චූළපන්ථකං නාම පක්කොසතී’ති වදෙහී”ති. තෙන ගන්ත්වා තථාවුත්තෙ “අහං චූළපන්ථකො, අහං චූළපන්ථකො”ති මුඛසහස්සං උට්ඨහි. පුරිසො ගන්ත්වා “සබ්බෙපි කිර තෙ, භන්තෙ, චූළපන්ථකායෙව නාමා”ති ආහ. තෙන හි ත්වං ගන්ත්වා යො පඨමං “අහං චූළපන්ථකො”ති වදති, තං හත්ථෙ ගණ්හ, අවසෙසා අන්තරධායිස්සන්තීති. සො තථා අකාසි, තාවදෙව සහස්සමත්තා භික්ඛූ අන්තරධායිංසු. ථෙරො තෙන පුරිසෙන සද්ධිං අගමාසි. සත්ථා භත්තකිච්චපරියොසානෙ ජීවකං ආමන්තෙසි “ජීවක, චූළපන්ථකස්ස පත්තං ගණ්හ, අයං තෙ අනුමොදනං කරිස්සතී”ති. ජීවකො තථා අකාසි. ථෙරො සීහනාදං නදන්තො තරුණසීහො විය තීණි පිටකානි සංඛොභෙත්වා අනුමොදනං අකාසි.
බුදු රජහු ඒ පුරුෂයාට මෙසේ කීහ. වෙහෙරට ගොස් චුල්ලපන්ථකයන් කැඳවන බව කියවයි වදාළහ. පුරුෂයා ද ගොස් එසේ කී කල්හි, මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි යි මුවදහසකින් නික්මිණි. පුරුෂයා ද ආපසු ගොස් ස්වාමීනි, සියල්ලෝ ම චුල්ලපන්ථක නම් ඇත්තෝ වෙති. එසේ නම් ඔබ ගොස් යමෙක් මම චුල්ලපන්ථක වෙමි යි පළමුකොට කියත් ද ඔහු අතින් අල්ලාගන්න. එවිට සෙස්සෝ අතුරුදහන් වෙති. පුරුෂයා ද එසේ කළේය. එවිට ම දහසක් පමණ භික්ෂූහු අතුරුදන් වූහ. තෙරණුවෝ ද ගිය පුරුෂයා සමග වැඩියහ. බුදුරදහු බත් කිස කෙළවර ජීවකයන් අමතා ජීවකය, චුල්ලපන්ථකගේ පාත්‍රය ගන්න. ඔහු ඔබ අනුමෙවිනිදම් දෙසන්නේය. ජීවක ද එසේ කළේය. තෙරණුවෝ ද හඬදෙන යොවුන් සිංහයකු ලෙස තුන්පිටකය ම කලත්වා අනුමෙවන්දම් දෙසූහ.
සත්ථා උට්ඨායාසනා භික්ඛුසඞ්ඝපරිවාරො විහාරං ගන්ත්වා භික්ඛූහි වත්තෙ දස්සිතෙ උට්ඨායාසනා ගන්ධකුටිප්පමුඛෙ ඨත්වා භික්ඛුසඞ්ඝස්ස සුගතොවාදං දත්වා කම්මට්ඨානං කථෙත්වා භික්ඛුසඞ්ඝං උය්යොජෙත්වා සුරභිගන්ධවාසිතං ගන්ධකුටිං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං උපගතො. අථ සායන්හසමයෙ ධම්මසභායං භික්ඛූ ඉතො චිතො ච සමොසරිත්වා රත්තකම්බලසාණිං පරික්ඛිපන්තා විය නිසීදිත්වා සත්ථු ගුණකථං ආරභිංසු “ආවුසො, මහාපන්ථකො චූළපන්ථකස්ස අජ්ඣාසයං අජානන්තො ‘චතූහි මාසෙහි එකගාථං ගණ්හිතුං න සක්කොති, දන්ධො අය’න්ති විහාරා නික්කඩ්ඪි, සම්මාසම්බුද්ධො පන අත්තනො අනුත්තරධම්මරාජතාය එකස්මිංයෙවස්ස අන්තරභත්තෙ සහ පටිසම්භිදාහි අරහත්තං අදාසි, තීණි පිටකානි පටිසම්භිදාහියෙව ආගතානි, අහො බුද්ධානං බලං නාම මහන්ත”න්ති.
බුදු රජහු හුනස්නෙන් නැගිට බික්සඟන පිරිවරා විහාරයට වැඩ භික්ෂූන් වත් දැක්වූ කල්හි ගඳකිළිය ඉදිරියෙහි වැඩසිට බික්සඟනට බුද්ධාවවාදය දී කමටහන් කියා දී බික්සඟන යවා මිහිරි සුවඳින් සුවඳවත් වූ ගඳ කිළියට පිවිස දකුණුපසින් සිංහ සෙය්යාවට පිවිසි සේක. ඉක්බිති, සවස් කාලයෙහි දම්සභාවෙහි භික්ෂූහු එහෙන් මෙහෙන් එක් රැස්ව රත්පැහැ කඩතුරාවකින් වටකරන්නාක් මෙන් වැඩහිඳ බුදුරදුන්ගේ ගුණ කියන්ට පටන් ගත්හ. ඇවැත්නි, මහාපන්ථක තෙරණුවෝ චුල්ලපන්ථකගේ අදහස් නොදැන සාරමසකින් එක් ගාථාවක් පාඩම් කිරීමට නොහැකි බාලයකු සේ සලකා විහාරයෙන් බැහැර කළහ. බුදු රජහු තමන් වහන්සේගේ අද්විතීය ධර්මාධිපත්යය නිසා එක් බතක් අතරතුර පිළිසිඹියා සහිත රහත් බව ලබාදුන්හ. පිළිසිඹියා සමග ම තුන්පිටකය ම අවබෝධ විය. අනේ, බුදුරදුන්ගේ බලයක මහත.
අථ භගවා ධම්මසභායං ඉමං කථාපවත්තිං ඤත්වා “අජ්ජ මයා ගන්තුං වට්ටතී”ති බුද්ධසෙය්යාය උට්ඨාය සුරත්තදුපට්ටං නිවාසෙත්වා විජ්ජුලතං විය කායබන්ධනං බන්ධිත්වා රත්තකම්බලසදිසං සුගතමහාචීවරං පාරුපිත්වා සුරභිගන්ධකුටිතො නික්ඛම්ම මත්තවාරණො විය සීහවික්කන්තවිලාසෙන විජම්භමානො සීහො විය අනන්තාය බුද්ධලීලාය ධම්මසභං ගන්ත්වා අලඞ්කතමණ්ඩපමජ්ඣෙ සුපඤ්ඤත්තවරබුද්ධාසනං අභිරුය්හ ඡබ්බණ්ණබුද්ධරස්මියො විස්සජ්ජෙන්තො අණ්ණවකුච්ඡිං ඔභාසයමානො යුගන්ධරමත්ථකෙ බාලසූරියො විය ආසනමජ්ඣෙ නිසීදි. සම්මාසම්බුද්ධෙ පන ආගතමත්තෙ භික්ඛුසඞ්ඝො කථං පච්ඡින්දිත්වා තුණ්හී අහොසි.
ඉක්බිති, බුදු රජහු දම් සභාවෙහි පැවැති මේ කථා පුවත දැන අද මා යා යුතුමැ යි සිතා බුද්ධ සෙය්යාවෙන් නැගිට මනාකොට පඬු පෙවූ දෙපට සිවුර හැඳ විදුලියක්වන් පටිය බැඳ රත් කම්බිලියක් බඳු සුගත් මහාසිවුර පොරවා ගඳකිළියෙන් නික්ම මත්වූ රාජකීය හස්තියකු මැඬීම සඳහා සිංහයකු නික්මෙන්නාක් මෙන් අනුපමය බුදුසිරියෙන් දම් සභාවට වැඩ සරසන ලද වේදිකා පනවන ලද බුදු අසුන මත සවණක් බුදුරැස් විහිදුවමින් අහස් කුස ආලෝකවත් කරමින් යුගඳුරු පව්ව මත ළහිරු මෙන් අසුන් මැද වැඩසිටියහ. බුදු රජුන් වැඩි කෙණෙහි බික්සඟ කථාව නවතා නිහඬ වූහ.
සත්ථා මුදුකෙන මෙත්තචිත්තෙන පරිසං ඔලොකෙත්වා “අයං පරිසා අතිවිය සොභති, එකස්සපි හත්ථකුක්කුච්චං වා පාදකුක්කුච්චං වා උක්කාසිතසද්දො වා ඛිපිතසද්දො වා නත්ථි, සබ්බෙපිමෙ බුද්ධගාරවෙන සගාරවා බුද්ධතෙජෙන තජ්ජිතා මයි ආයුකප්පම්පි අකථෙත්වා නිසින්නෙ පඨමං කථං සමුට්ඨාපෙත්වා න කථෙස්සන්ති, කථාසමුට්ඨාපනවත්තං නාම මයාව ජානිතබ්බං, අහමෙව පඨමං කථෙස්සාමී”ති මධුරෙන බ්රහ්මස්සරෙන භික්ඛූ ආමන්තෙත්වා “කාය නුත්ථ, භික්ඛවෙ , එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරාකථා විප්පකතා”ති ආහ. භන්තෙ, න මයං ඉමස්මිං ඨානෙ නිසින්නා අඤ්ඤං තිරච්ඡානකථං කථෙම, තුම්හාකංයෙව පන ගුණෙ වණ්ණයමානා නිසින්නාම්හ “ආවුසො මහාපන්ථකො චූළපන්ථකස්ස අජ්ඣාසයං අජානන්තො ‘චතූහි මාසෙහි එකං ගාථං ගණ්හිතුං න සක්කොති, දන්ධො අය’න්ති විහාරා නික්කඩ්ඪි, සම්මාසම්බුද්ධො පන අනුත්තරධම්මරාජතාය එකස්මිංයෙවස්ස අන්තරභත්තෙ සහ පටිසම්භිදාහි අරහත්තං අදාසි, අහො බුද්ධානං බලං නාම මහන්ත”න්ති. සත්ථා භික්ඛූනං කථං සුත්වා “භික්ඛවෙ, චූළපන්ථකො මං නිස්සාය ඉදානි තාව ධම්මෙසු ධම්මමහන්තතං පත්තො, පුබ්බෙ පන මං නිස්සාය භොගෙසුපි භොගමහන්තතං පාපුණී”ති ආහ. භික්ඛූ තස්සත්ථස්ස ආවිභාවත්ථං භගවන්තං යාචිංසු. භගවා භවන්තරෙන පටිච්ඡන්නං කාරණං පාකටං අකාසි.
බුදු රජහු මුදු මෙත් සිතින් පිරිස බලා වදාරා මේ පිරිස ඉතා හොබනේය. එක් අයකුගේ හෝ අත් පා විපිළිසරක් හෝ සෙම්බහන හඬක් හෝ කිවිස්නා හඬක් හෝ නැත. සියල්ලෝ ම බුද්ධ ගෞරවයෙන් යුතුව බුද්ධ තේජසින් දපණය වී මා ජීවිත කාලය තුළ ම නිශ්ශබ්දව සිටියත් පළමු ව කථා නො කරන්නෝය. කථා ඇරඹීමේ වග මා විසින් ම දත යුතුය. පළමුවෙන් මම ම කථා කරමි යි මිහිරි බඹසරින් මහසඟන අමතා මහණෙනි, මෙහි දැන් කවර නම් කථාවක් කරමින් හුන්නහුද? කවර නම් අතුරු කථාවක් තොප විසින් අඩාළ කරන ලද්දේද? ස්වාමීනි, අපි මෙහි දී හිඳ නොසරුප් (තිරච්ඡාන) කථාවක් නොකළෙමු. ඔබවහන්සේගේ ම ගුණ වනමින් සිටියෙමු. ඇවැත්නි, මහාපන්ථක චුල්ලපන්ථකගේ අදහස නොදන්නේ අහෝ, බුදුවරුන්ගේ බලය නම් මහත්ය. බුදු රජහු භික්ෂූන්ගේ කථාව අසා මහණෙනි, මේ චුල්ලපන්ථක මා නිසා ධර්මයෙහි ධර්ම මහත්වයට පැමිණියෙහිය. පෙර මා නිසා ධනයෙහි ධන මහත්වයට පැමිණියේයැ යි වදාළහ. මහසඟන ඒ අර්ථය හෙළිකරන ලෙස අයදියහ. බුදු රජහු භවාන්තරයෙන් වැසුණු කරුණ ප්‍රකට කළහ.
අතීතෙ කාසිරට්ඨෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො සෙට්ඨිට්ඨානං ලභිත්වා චූළසෙට්ඨි නාම අහොසි, සො පණ්ඩිතො බ්යත්තො සබ්බනිමිත්තානි ජානාති. සො එකදිවසං රාජුපට්ඨානං ගච්ඡන්තො අන්තරවීථියං මතමූසිකං දිස්වා තඞ්ඛණඤ්ඤෙව නක්ඛත්තං සමානෙත්වා ඉදමාහ “සක්කා චක්ඛුමතා කුලපුත්තෙන ඉමං උන්දූරං ගහෙත්වා පුත්තදාරභරණඤ්ච කාතුං කම්මන්තෙ ච පයොජෙතු”න්ති? අඤ්ඤතරො දුග්ගතකුලපුත්තො තං සෙට්ඨිස්ස වචනං සුත්වා “නායං අජානිත්වා කථෙස්සතී”ති තං මූසිකං ගහෙත්වා එකස්මිං ආපණෙ බිළාලස්සත්ථාය වික්කිණිත්වා කාකණිකං ලභිත්වා තාය කාකණිකාය ඵාණිතං ගහෙත්වා එකෙන ඝටෙන පානීයං ගණ්හි. සො අරඤ්ඤතො ආගච්ඡන්තෙ මාලාකාරෙ දිස්වා ථොකං ථොකං ඵාණිතඛණ්ඩං දත්වා උළුඞ්කෙන පානීයං අදාසි, තෙ චස්ස එකෙකං පුප්ඵමුට්ඨිං අදංසු. සො තෙන පුප්ඵමූලෙන පුනදිවසෙපි ඵාණිතඤ්ච පානීයඝටඤ්ච ගහෙත්වා පුප්ඵාරාමමෙව ගතො. තස්ස තං දිවසං මාලාකාරා අඩ්ඪොචිතකෙ පුප්ඵගච්ඡෙ දත්වා අගමංසු. සො න චිරස්සෙව ඉමිනා උපායෙන අට්ඨ කහාපණෙ ලභි.
පෙර කසීරට බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණෝ සිටු කුලයක ඉපිද සුදුසු වියට පත්ව සිටු තනතුර ලැබ චුල්ලසෙට්ඨි නම් වූහ. එතුමාණන් නැණවත්ය. ව්‍යක්තය. සියලු නිමිති දන්නේ විය. ඔහු දිනක් රාජ්‍යය සේවය සඳහා යන්නේ මහා වීථියෙහි මළ මීයකු දැක එකෙණෙහි නැකැත් ගළපා මෙසේ කීය. නුවණැති කුල පුත්‍රයකුට මේ මළ මීයා ගෙන ගොස් අඹු දරුවන් පෝෂණය කිරීමට හෝ යම්කිසි කර්මාන්තයක යෙදවීමට හෝ හැක්කේය. දුගී කුල පුත්‍රයෙක් සිටුවරයාගේ ඒ කථාව අසා මේ සිටුවරයා නොදැන කියන්නෙක් නොවේයැ යි සිතා මළ මීයා ගෙන ගොස් එක් කඩයක බළලකු සඳහා විකුණන්නේ කාකණිකයක් (ඉතා කුඩා මිලක්/තුට්ටුවක්) ලැබීය. ඒ සුළු මිලෙන් හකුරු ද පැන් කළයක් ද ගත්තේය. අනතුරු ව වනයෙන් එන මල්කරුවන් දැක කුඩා කුඩා හකුරු කැබලි දී හැන්දෙන් පැන් ද දුන්නේය. මල්කරුවෝ ද ඔහුට එක එක මල්මිටිය බැගින් දුන්හ. ඒ මලින් ලැබුණු මුදලින් දෙවන දවසෙහි හකුරු ද පැන් කළය ද ගෙන මල් උයනට ම ගියේය. එදින මල්කරුවෝ ඔහුට අඩක් නෙළු මල් පඳුරු දී ගියහ. මෙයාකාරයෙන් මොහු නොබෝ කලකින් ම කහවණු අටක් ලැබීය.
පුන එකස්මිං වාතවුට්ඨිදිවසෙ රාජුය්යානෙ බහූ සුක්ඛදණ්ඩකා ච සාඛා ච පලාසඤ්ච වාතෙන පාතිතං හොති, උය්යානපාලො ඡඩ්ඩෙතුං උපායං න පස්සති . සො තත්ථ ගන්ත්වා “සචෙ ඉමානි දාරුපණ්ණානි මය්හං දස්සසි, අහං තෙ ඉමානි සබ්බානි නීහරිස්සාමී”ති උය්යානපාලං ආහ, සො “ගණ්හ අය්යා”ති සම්පටිච්ඡි. චූළන්තෙවාසිකො දාරකානං කීළනමණ්ඩලං ගන්ත්වා ඵාණිතං දත්වා මුහුත්තෙන සබ්බානි දාරුපණ්ණානි නීහරාපෙත්වා උය්යානද්වාරෙ රාසිං කාරෙසි. තදා රාජකුම්භකාරො රාජකුලෙ භාජනානං පචනත්ථාය දාරූනි පරියෙසමානො උය්යානද්වාරෙ තානි දිස්වා තස්ස හත්ථතො කිණිත්වා ගණ්හි. තං දිවසං චූළන්තෙවාසිකො දාරුවික්කයෙන සොළස කහාපණෙ චාටිආදීනි ච පඤ්ච භාජනානි ලභි.
නැවත සුළං සහිත වැසි දිනයක රජ උයනෙහි බොහෝ වියළි දර හා කොළ අතුරිකිළි වැටී තිබිණි. උයන්පල්ලා මේවා ඉවත් කිරීමට උපායක් නොදකී. ඔහු එතනට අවුත් මේ දර කොළ මට දෙන්නේ නම් මම ඒවා සියල්ල බැහැර කරන්නෙමි යි උයන්පල්ලාට කීය. ඔහු ගනු මැනවැ යි සියල්ල පිළිගත්තේය. චුල්ලන්තෙවාසිකයා දරුවන්ගේ කෙළිමඬලට ගොස් හකුරු දී සුළු මොහොතකින් ඒ දර කොළ බැහැර කරවා උයන් දොරටුවෙහි ගොඩ ගැස්සීය. එදවස රජමැදුරට මැටි බඳුන් සඳහා කුඹල්කරු දර සොයමින් යන්නේ උයන්දොර ඇති ඒ දර දැක ඒවා ඔහුගෙන් මිල ගත්තේය. එදවස චුල්ලන්තේවාසිකයා දර විකිණීමෙන් කහවණු සොළසක් ද සැළී ආදී බඳුන් පසක් ද ලැබුවේය.
සො චතුවීසතියා කහාපණෙසු ජාතෙසු “අත්ථි අයං උපායො මය්හ”න්ති නගරද්වාරතො අවිදූරෙ ඨානෙ එකං පානීයචාටිං ඨපෙත්වා පඤ්චසතෙ තිණහාරකෙ පානීයෙන උපට්ඨහි. තෙ ආහංසු “සම්ම, ත්වං අම්හාකං බහූපකාරො, කිං තෙ කරොමා”ති? සො “මය්හං කිච්චෙ උප්පන්නෙ කරිස්සථා”ති වත්වා ඉතො චිතො ච විචරන්තො ථලපථකම්මිකෙන ච ජලපථකම්මිකෙන ච සද්ධිං මිත්තසන්ථවං අකාසි. තස්ස ථලපථකම්මිකො “ස්වෙ ඉමං නගරං අස්සවාණිජකො පඤ්ච අස්සසතානි ගහෙත්වා ආගමිස්සතී”ති ආචික්ඛි. සො තස්ස වචනං සුත්වා තිණහාරකෙ ආහ “අජ්ජ මය්හං එකෙකං තිණකලාපං දෙථ, මයා ච තිණෙ අවික්කිණිතෙ අත්තනො තිණං මා වික්කිණථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා පඤ්ච තිණකලාපසතානි ආහරිත්වා තස්ස ඝරෙ පාපයිංසු. අස්සවාණිජො සකලනගරෙ අස්සානං ගොචරං අලභිත්වා තස්ස සහස්සං දත්වා තං තිණං ගණ්හි.
මෙසේ කහවණු සූවිස්සක් ලැබුණු පසු මට උපායක් ඇතැ යි ඔහු නගර දොරටුව අබියස පැන්සැළියක් තබා පන්සියයක් පමණ තණ කපන්නවුන්ට පැනින් සංග්‍රහ කළේය. ඔවුහු යහළුව, ඔබ අපට මහත් උපකාරීය, අපි ඔබට කිනම් උදව්වක් කරමුද? මට යම්කිසි අවශ්‍යතාවයක් ඇති වූ විට කරනු මැනවැ යි කියා ඔබමොබ හැසිරෙමින් ගොඩ යාත්‍රිකයකු හා ජල යාත්‍රිකයකු සමග මිතුරුදම් පැවැත්වීය. ගොඩ යාත්‍රිකයා දිනක්, හෙට පන්සියයක් අසුන් ගෙන අස් වෙළෙන්දෙක් මේ නගරයට පැමිණෙන බව ඔහුට සැළ කළේය. මෙබස් ඇසූ ඔහු තණ ගෙනෙන්නන් වෙත ගොස් මෙසේ කීවේය. අද මට එක් එක් තණ මිටිය බැගින් දෙන්න. මා තණ විකුණන තුරු තණ නොවිකුණන මැනැවැ යි ඔවුන් ගිවිස්සා ගත්තේය. ඔවුහු තණ මිටි පන්සියයක් ගෙනවුත් මොහුගේ ගෙදරට දැමූහ. අස් වෙළෙන්දා මුළු නුවර ම සොයා අසුන්ට ගොදුරු නොලැබ චුල්ලන්තේවාසිකට දහසක් දී ඒ තණ ගත්තේය.
තතො කතිපාහච්චයෙනස්ස ජලපථකම්මිකො සහායකො ආරොචෙසි “පට්ටනම්හි මහානාවා ආගතා”ති. සො “අත්ථි අයං උපායො”ති අට්ඨහි කහාපණෙහි සබ්බපරිවාරසම්පන්නං තාවකාලිකං රථං ගහෙත්වා මහන්තෙන යසෙන නාවාපට්ටනං ගන්ත්වා එකං අඞ්ගුලිමුද්දිකං නාවිකස්ස සච්චකාරං දත්වා අවිදූරෙ ඨානෙ සාණියා පරික්ඛිපාපෙත්වා නිසින්නො පුරිසෙ ආණාපෙසි “බාහිරතො වාණිජෙසු ආගතෙසු තතියෙන පටිහාරෙන මං ආරොචෙථා”ති . “නාවා ආගතා”ති සුත්වා බාරාණසිතො සතමත්තා වාණිජා “භණ්ඩං ගණ්හාමා”ති ආගමිංසු. භණ්ඩං තුම්හෙ න ලභිස්සථ, අසුකට්ඨානෙ නාම මහාවාණිජෙන සච්චකාරො දින්නොති. තෙ තං සුත්වා තස්ස සන්තිකං ආගතා. පාදමූලිකපුරිසා පුරිමසඤ්ඤාවසෙන තතියෙන පටිහාරෙන තෙසං ආගතභාවං ආරොචෙසුං. තෙ සතමත්තා වාණිජා එකෙකං සහස්සං දත්වා තෙන සද්ධිං නාවාය පත්තිකා හුත්වා පුන එකෙකං සහස්සං දත්වා පත්තිං විස්සජ්ජාපෙත්වා භණ්ඩං අත්තනො සන්තකමකංසු.
දින කීපයක් ඇවෑමෙන් මුහුදු වෙළෙන්දා යහළුව, විශාල වෙළෙඳ නැවැක් නැව් තොටට පැමිණියැ යි කීවේය. උපායක් ඇතැ යි සිතාගත් ඔහු කහවණු අටක් වියදම්කොට පිරිවර ජනයා සමග තාවකාලික යානයක් ලබාගෙන මහත් හරසරින් නැව් තොටට ගොස් ඇඟිලි මුදුවක් නැවට අත්තිකාරම් දී නුදුරු තැනක තිරයකින් වටකරවා හිඳ බැහැරින් වෙළඳුන් ආ විට වට රවුමෙහි සිටින්නවුන් ලවා තමාට දන්වන්නැයැ යි සේවකයන්ට අණ කළේය. මේ අතර නැවක් පැමිණි බව අසා බරණැස් නුවරින් සියයක් පමණ වෙළෙන්දෝ භාණ්ඩ ගනුම්හ යි පැමිණියහ. ඔබලා භාණ්ඩ නොලබන්නාහුය. අසවල් තැන සිටිනා මහ වෙළෙන්දා විසින් අත්තිකාරම් දෙන ලද්දේයැ යි අසා ඔහු වෙත යන්නේ නිල ඇඳුමෙන් සිටි තුන්වැනි වට රවුමේ සේවකයෝ ඔවුන් ආ බව දැන්වූහ. ඒ සියයක් වෙළෙන්දෝ ද එක එක දහස බැගින් දී මහවෙළෙන්දා සමග නැවෙහි කොටස් කරුවන්ට නැවත තවත් දහස බැගින් දී කොටස් වෙන්කොට සියලු භාණ්ඩ තම තමන් අත්පත් කැර ගත්හ.
චූළන්තෙවාසිකො ද්වෙ සතසහස්සානි ගණ්හිත්වා බාරාණසිං ආගන්ත්වා “කතඤ්ඤුනා මෙ භවිතුං වට්ටතී”ති එකං සතසහස්සං ගාහාපෙත්වා චූළසෙට්ඨිස්ස සමීපං ගතො. අථ නං සෙට්ඨි “කිං තෙ, තාත, කත්වා ඉදං ධනං ලද්ධ”න්ති පුච්ඡි. සො “තුම්හෙහි කථිතඋපායෙ ඨත්වා චතුමාසම්භන්තරෙයෙව ලද්ධ”න්ති මතමූසිකං ආදිං කත්වා සබ්බං වත්ථුං කථෙසි. චූළසෙට්ඨි තස්ස වචනං සුත්වා “ඉදානි එවරූපං දාරකං මම සන්තකං කාතුං වට්ටතී”ති වයප්පත්තං අත්තනො ධීතරං දත්වා සකලකුටුම්බස්ස සාමිකං අකාසි. සො සෙට්ඨිනො අච්චයෙන තස්මිං නගරෙ සෙට්ඨිට්ඨානං ලභි. බොධිසත්තොපි යථාකම්මං අගමාසි.
චුල්ලන්තේවාසික දෙලක්ෂයක් ගෙන බරණැසට අවුත් මා විසින් කෘතවේදී විය යුතුයැ යි ලක්ෂයක් ගෙන චුල්ල සිටාණන් වෙත ගියේය. සිටුවරයා දරුව, ඔබ කුමක්කොට මේ ධනය ලබන ලදදැ යි ඇසීය. ඔබතුමා විසින් කියන ලද උපායෙහි පිහිටා සිව් මසක් ඇතුළත ලබන ලද්දේය. මළ මීයාගේ පටන් සියලු කථා පුවත කීය. චුල්ලක සිටුවරයා ඔහුගේ වදන් අසා, මෙවැනි දරුවකු අන්සතු කිරීම නොවටීයැ යි සිතා සුදුසු වියට පත්ව සිටි තම දියණිය ආවාහ කොට දී ඔහුගේ සියලු වස්තුවට හිමිකරු කළේය. චුල්ලන්තේවාසිකයා සිටුවරයාගේ ඇවෑමෙන් එනගරයෙහි සිටු තනතුර ලැබීය.
සම්මාසම්බුද්ධොපි ඉමං ධම්මදෙසනං කථෙත්වා අභිසම්බුද්ධොව ඉමං ගාථං කථෙසි –
සම්බුද්ධ වූ බුදු රජහු මේ ධර්ම දේශනාව වදාරා මේ ගාථාව වදාළහ.
“අප්පකෙනපි මෙධාවී, පාභතෙන විචක්ඛණො; සමුට්ඨාපෙති අත්තානං, අණුං අග්ගිංව සන්ධම”න්ති.
“අප්පකෙනපි මෙධාවී පාභතෙන විචක්ඛණො, සමුට්ඨාපෙති අත්තානං අණුං අග්ගිංව සන්ධමන්ති”
“වෙළඳාමෙහි දක්ෂ නුවණැත්තේ සුළු වූ මිලකින් තමන් උසස් තැනට නංවාලයි. කෙසේ ද යත් මද ගින්නකට පිඹ මහා ගින්නක් කරන්නාක් මෙනි.”
තත්ථ අප්පකෙනපීති ථොකෙනපි පරිත්තකෙනපි. මෙධාවීති පඤ්ඤවා. පාභතෙනාති භණ්ඩමූලෙන. විචක්ඛණොති වොහාරකුසලො. සමුට්ඨාපෙති අත්තානන්ති මහන්තං ධනඤ්ච යසඤ්ච උප්පාදෙත්වා තත්ථ අත්තානං සණ්ඨාපෙති පතිට්ඨාපෙති. යථා කිං? අණුං අග්ගිංව සන්ධමං, යථා පණ්ඩිතපුරිසො පරිත්තං අග්ගිං අනුක්කමෙන ගොමයචුණ්ණාදීනි පක්ඛිපිත්වා මුඛවාතෙන ධමන්තො සමුට්ඨාපෙති වඩ්ඪෙති මහන්තං අග්ගික්ඛන්ධං කරොති, එවමෙව පණ්ඩිතො ථොකම්පි පාභතං ලභිත්වා නානාඋපායෙහි පයොජෙත්වා ධනඤ්ච යසඤ්ච වඩ්ඪෙති , වඩ්ඪෙත්වා ච පන තත්ථ අත්තානං පතිට්ඨාපෙති, තාය එව වා පන ධනයසමහන්තතාය අත්තානං සමුට්ඨාපෙති, අභිඤ්ඤාතං පාකටං කරොතීති අත්ථො.
එහි “අප්පකෙනපි” ස්වල්පයකින්, මදකින් යන්නයි. “මෙධාවී” යනු නුවණැත්තාය. “පාභතෙන” යි යනු බජු මිල යන්නයි. “විචක්ඛණො” යනු වෙළඳාමෙහි දක්ෂයාය. “සමුට්ඨාපෙති අත්තානං” යනු මහ ධනය ද යසස ද උපදවා එහි තමා තබයි. පිහිටුවයි, යන්නය. “අණුං අග්ගිංව සන්ධමන්ති” යනු යම් සේ නුවණැති පුරුෂයා මද ගින්නක ක්‍රමයෙන් ගොම, සුණු ආදිය දමා, කටින් පිඹීමෙන් දියුණු කැර, මහත් ගිනි කඳක් බව පත් කරයි. එසේම නුවණැත්තා ද සුළු බඩු මිලක් ලැබ, නොයෙක් උපායන්හි යොදමින් ධනය ද කීර්තිය ද වඩවයි. එසේ වඩවා ඒ ඒ තැන තමා පිහිටුවයි. ධනය හා යසස මහත් බව හේතුකොට නගා සිටුවයි. කවුරුත් දන්නා කෙනෙකු, ප්‍රකට වූවෙකු, කරයි යන අර්ථයි.
ඉති භගවා “භික්ඛවෙ, චූළපන්ථකො මං නිස්සාය ඉදානි ධම්මෙසු ධම්මමහන්තතං පත්තො, පුබ්බෙ පන භොගෙසුපි භොගමහන්තතං පාපුණී”ති එවං ඉමං ධම්මදෙසනං දස්සෙත්වා ද්වෙ වත්ථූනි කථෙත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි “තදා චූළන්තෙවාසිකො චූළපන්ථකො අහොසි, චූළකසෙට්ඨි පන අහමෙව අහොසි”න්ති දෙසනං නිට්ඨාපෙසි.
මෙසේ බුදුරදහු මහණෙනි, චුල්ලපන්ථක මා නිසා දැන් ධර්මයන්හි ධර්ම මහත්වයට පැමිණියේය. පෙර ධනයෙහි ධන මහත්වයට හා කීර්ති මහත්වයට පැමිණියේයැ යි මෙසේ මේ දහම් දෙසුම ගෙනහැර දක්වා, අතීත වර්තමාන දෙපුවත කියා, අනුසන්ධි ගළපා, එකල චුල්ලන්තේවාසික චුල්ලපන්ථක වීයැ යි ද චුල්ලක සිටුතුමා මම ම වීමියැ යි දේශනාව අවසන් කළහ.
චූළසෙට්ඨිජාතකවණ්ණනා චතුත්ථා.