යෙදුමෙන් කියවන්න

3. සෙරිවවාණිජජාතකවණ‍්ණනා 3 අට‍්ඨකථා

3. සෙරිවවාණිජජාතකවණ‍්ණනා (3)

3. සේරිවාණිජ ජාතකය (3)

ඉධ චෙ නං විරාධෙසීති ඉමම‍්පි ධම‍්මදෙසනං භගවා සාවත්‍ථියං විහරන‍්තො එකං ඔස‍්සට‍්ඨවීරියමෙව භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි පුරිමනයෙනෙව භික‍්ඛූහි ආනීතං දිස‍්වා සත්‍ථා ආහ – “ත්‍වං භික‍්ඛු, එවරූපෙ මග‍්ගඵලදායකෙ සාසනෙ පබ‍්බජිත්‍වා වීරියං ඔස‍්සජන‍්තො සතසහස‍්සග‍්ඝනිකාය කඤ‍්චනපාතියා පරිහීනො සෙරිවවාණිජො විය චිරං සොචිස‍්සසී”ති. භික‍්ඛූ තස‍්සත්‍ථස‍්ස ආවිභාවත්‍ථං භගවන‍්තං යාචිංසු, භගවා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නකාරණං පාකටමකාසි.

“ඉධ චෙහි නං විරාධෙසී” යනු මේ දම් දෙසුම බුදුරදහු සැවැත්නුවර වෙසෙමින් එක් හළ වීර්යය ඇති භික්‍ෂුවක් අරබයා වදාළහ. ඔහු ද පෙර මෙන් භික්‍ෂූන් විසින් පමුණුවනු ලද්දහු දැක “මහණ, ඔබ මෙබඳු මඟඵල ගෙනදෙන සසුනෙහි පැවිදි ව වීර්යය අත්හරින්නේ ලක්‍ෂයක් වටිනා රන් තැටියෙන් පිරිහුණු සේරිවාණිජයා මෙන් බොහෝ කලක් ශෝක කරන්නේයැ”යි වදාළහ. භික්‍ෂූහු එකරුණු හෙළිදරවු කිරීම සඳහා බුදු රජුන්ගෙන් ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ භවාන්තරයෙන් වැසීගිය මේ කරුණ ප්‍රකට කළහ.

අතීතෙ ඉතො පඤ‍්චමෙ කප‍්පෙ බොධිසත‍්තො සෙරිවරට‍්ඨෙ කච‍්ඡපුටවාණිජො අහොසි. සො සෙරිවනාමකෙන එකෙන ලොලකච‍්ඡපුටවාණිජෙන සද‍්ධිං වොහාරත්‍ථාය ගච‍්ඡන‍්තො නීලවාහං නාම නදිං උත‍්තරිත්‍වා අරිට‍්ඨපුරං නාම නගරං පවිසන‍්තො නගරවීථියො භාජෙත්‍වා අත‍්තනො පත‍්තවීථියා භණ‍්ඩං වික‍්කිණන‍්තො විචරි. ඉතරොපි අත‍්තනො පත‍්තවීථිං ගණ‍්හි. තස‍්මිඤ‍්ච නගරෙ එකං සෙට‍්ඨිකුලං පරිජිණ‍්ණං අහොසි, සබ‍්බෙ පුත‍්තභාතිකා ච ධනඤ‍්ච පරික‍්ඛයං අගමංසු, එකා දාරිකා අය්‍යිකාය සද‍්ධිං අවසෙසා අහොසි, තා ද‍්වෙපි පරෙසං භතිං කත්‍වා ජීවන‍්ති. ගෙහෙ පන තාසං මහාසෙට‍්ඨිනා පරිභුත‍්තපුබ‍්බා සුවණ‍්ණපාති භාජනන‍්තරෙ නික‍්ඛිත‍්තා දීඝරත‍්තං අවලඤ‍්ජියමානා මලග‍්ගහිතා අහොසි, තා තස‍්සා සුවණ‍්ණපාතිභාවම‍්පි න ජානන‍්ති. සො ලොලවාණිජො තස‍්මිං සමයෙ “මණිකෙ ගණ‍්හථ, මණිකෙ ගණ‍්හථා”ති විචරන‍්තො තං ඝරද‍්වාරං පාපුණි. සා කුමාරිකා තං දිස‍්වා අය්‍යිකං ආහ “අම‍්ම මය‍්හං එකං පිළන්‍ධනං ගණ‍්හා”ති. අම‍්ම මයං දුග‍්ගතා, කිං දත්‍වා ගණ‍්හිස‍්සාමාති. අයං නො පාති අත්‍ථි, නො ච අම‍්හාකං උපකාරා, ඉමං දත්‍වා ගණ‍්හාති. සා වාණිජං පක‍්කොසාපෙත්‍වා ආසනෙ නිසීදාපෙත්‍වා තං පාතිං දත්‍වා “අය්‍ය, ඉමං ගහෙත්‍වා තව භගිනියා කිඤ‍්චිදෙව දෙහී”ති ආහ. වාණිජො පාතිං හත්‍ථෙන ගහෙත්‍වාව “සුවණ‍්ණපාති භවිස‍්සතී”ති පරිවත‍්තෙත්‍වා පාතිපිට‍්ඨියං සූචියා ලෙඛං කඩ‍්ඪිත්‍වා සුවණ‍්ණභාවං ඤත්‍වා “ඉමාසං කිඤ‍්චි අදත්‍වාව ඉමං පාතිං හරිස‍්සාමී”ති “අයං කිං අග‍්ඝති, අඩ‍්ඪමාසකොපිස‍්සා මූලං න හොතී”ති භූමියං ඛිපිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. එකෙන පවිසිත්‍වා නික‍්ඛන‍්තවීථිං ඉතරො පවිසිතුං ලභතීති බොධිසත‍්තො තං වීථිං පවිසිත්‍වා “මණිකෙ ගණ‍්හථ, මණිකෙ ගණ‍්හථා”ති විචරන‍්තො තමෙව ඝරද‍්වාරං පාපුණි.

පෙර මෙයින් පස් වැනි කප බෝසතාණෝ සේරිව නම් රට කච්ඡපුට (උරහිසේ දමා ගෙනයන (කිසිල්ලට යටින්) බඩු පොදිය) වෙළෙන්දෙක් විය. ඔහු සේරිවා නම් ලෝභී කච්ඡපුට වෙළෙන්දෙක් සමග නීලවාහිනි නම් ගඟන් එතරව අන්ධපුර නම් නගරයට පිවිසෙන්නේ නගර වීථිවල හැසිරුණේය. බෙදාගෙන තම තමන්ට ලැබුණු වීථියෙහි බඩු විකුණමින් හැසිරුණේය. අනෙක් වෙළෙන්දා ද තමාට ලැබුණු වීථිය ගත්තේය. එම නගරයෙහි එක් සිටු කුලයක් පිරිහීමට පත්ව සිටියේය. එම කුලයෙහි පුත්‍රයාගේ සොහොයුරන් ද ධනය ද පිරිහී ගියේය. එක් දැරියක් මිත්තණිය සමග ඉතිරිවූවාය. ඒ දෙදෙනාම අනුන්ට බැල මෙහෙවරකොට ජීවත් වෙති. ඔවුන්ගේ ගෙදර මහා සිටුවරයා පරිභෝජනය කරන ලද රන්තැටිය භාජන අතරෙහි දමන ලදුව බොහෝ කලක් පරිභෝග නොකළ බැවින් මළ බැඳුණේ විය. ඔව්හු එය රන්බඳුනක් බව ද නොදනිති. ඒ ලෝභී වෙළෙන්දා එවෙලෙහිම “වළලු ගන්න වළලු ගන්න” යැයි කියමින් එම ගෙදරට පැමිණියේය. ඒ දැරිය ඔහු දැක මිත්තණියනි, මට පළඳනාවක් ගෙන දෙන්නයැ යි කීවාය. දියණිය, අපි දුප්පත් වෙමු. කුමක් දී ගන්නෙමු ද? අපට මේ තැටියක් ඇත්තේය. එයින් අපට ප්‍රයෝජනයක් ද නැත. මෙය දී ගන්නෙමැ යි ඈ වෙළෙන්දා කැඳවා අසුනෙක හිඳුවා ඒ තැටිය දී මහතාණෙනි, මේ තැටිය ගෙන මේ ඔබගේ නැගණියට කිසියම් දෙයක් දෙනු මැනවැ යි කීවාය. වෙළෙන්දා තැටිය අතින් ගෙන රන් බඳුනක් යැයි පෙරළා තැටියේ අඩියෙහි ඉඳිකටුවෙන් ඉරක් ඇඳ රන්බඳුනක් බව දැන මොවුන්ට කිසිවක් නොදීම රන්බඳුන ගෙනයන්නෙමි යි සිතා මෙහි කිසිම වටිනාකමක් නැත. මුදලින් අඩමසක් වත් නොවටී යි කියා බඳුන බිම දමා හුනස්නෙන් නැගී ගියේය. එකකු පිවිස නික්මුණු වීථියට අනිකාට පිවිසීමට ඉඩ ඇතැ යි බෝසත්තු එම වීථියට පිවිස “වළලු ගන්න, වළලු ගන්න” යැයි කියමින් හැසිරෙන්නේ එම ගෙයට ම පැමිණියහ.

පුන සා කුමාරිකා තථෙව අය්‍යිකං ආහ. අථ නං අය්‍යිකා “අම‍්ම, පඨමං ආගතවාණිජො පාතිං භූමියං ඛිපිත්‍වා ගතො, ඉදානි කිං දත්‍වා ගණ‍්හිස‍්සාමා”ති ආහ. අම‍්ම, සො වාණිජො ඵරුසවාචො, අයං පන පියදස‍්සනො මුදුසල‍්ලාපො, අප‍්පෙව නාම නං ගණ‍්හෙය්‍යාති. අම‍්ම, තෙන හි පක‍්කොසාහීති. සා තං පක‍්කොසි. අථස‍්ස ගෙහං පවිසිත්‍වා නිසින‍්නස‍්ස තං පාතිං අදංසු. සො තස‍්සා සුවණ‍්ණපාතිභාවං ඤත්‍වා “අම‍්ම, අයං පාති සතසහස‍්සං අග‍්ඝති, සතසහස‍්සග‍්ඝනකභණ‍්ඩං මය‍්හං හත්‍ථෙ නත්‍ථී”ති ආහ. අය්‍ය, පඨමං ආගතවාණිජො “අයං අඩ‍්ඪමාසකම‍්පි න අග‍්ඝතී”ති වත්‍වා භූමියං ඛිපිත්‍වා ගතො, අයං පන තව පුඤ‍්ඤෙන සුවණ‍්ණපාති ජාතා භවිස‍්සති, මයං ඉමං තුය‍්හං දෙම, කිඤ‍්චිදෙව නො දත්‍වා ඉමං ගහෙත්‍වා යාහීති. බොධිසත‍්තො තස‍්මිං ඛණෙ හත්‍ථගතානි පඤ‍්ච කහාපණසතානි පඤ‍්චසතග‍්ඝනකඤ‍්ච භණ‍්ඩං සබ‍්බං දත්‍වා “මය‍්හං ඉමං තුලඤ‍්ච පසිබ‍්බකඤ‍්ච අට‍්ඨ ච කහාපණෙ දෙථා”ති එත‍්තකං යාචිත්‍වා ආදාය පක‍්කාමි. සො සීඝමෙව නදීතීරං ගන‍්ත්‍වා නාවිකස‍්ස අට‍්ඨ කහාපණෙ දත්‍වා නාවං අභිරුහි.

නැවතත් ඒ දැරිය මිත්තණියට එපරිදි ම කීවාය. දරුව, පළමු පැමිණි වෙළෙන්දා තැටිය බිමදමා ගියේය. දැන් කුමක් දී ගන්නේදැ යි කීවාය. මිත්තණිය, පළමු වෙළෙන්දා රළු බස් ඇත්තේය. මේ වෙළෙන්දා වනාහි දැකුම්කළුය. මිහිරි තෙපුල් ඇත්තේය. ඔහු මෙය ගන්නේ නම් මැනවි. එසේ නම් ඔහු කැඳවන්න. ඈ වෙළෙන්දා කැඳවූවාය. ගේතුළට අවුත් හිඳගත් ඔහුට තැටිය දුන්හ. ඔහු ඒ රන්බඳුනක් බව දැන මෑණියනි, මේ තැටිය ලක්‍ෂයක් අගනේය. මෙයට පොහෝනා බඩු මා ළඟ නැතැ යි කීවේය. මහතාණෙනි, පළමු ආ වෙළෙන්දා මෙය අඩමසක්වත් නොවටනේයැ යි බිම දමා ගියේය. ඔබගේ පිනින් මෙය රන්වූවා වෙයි. මෙය අපි ඔබට දෙමු. අපට කිසියම් දෙයක් දී රැගෙන යනු මැනව. බෝසතාණෝ එවිට තමා අත තිබූ කහවණු පන්සියයක් ද පන්සියයක් වටිනා සියලු භාණ්ඩ ද දී මට මේ තුලාව ද පසුම්බිය ද කහවණු අටක් ද දෙනුමැනවැ යි ඉල්ලාගෙන ගියේය. ඔහු ඉක්මණින් ම ගංතෙරට ගොස් නැවියාට කහවණු අට දී නැවට නැංගේය.

තතො ලොලවාණිජොපි පුන තං ගෙහං ගන‍්ත්‍වා “ආහරථ තං පාතිං, තුම‍්හාකං කිඤ‍්චිදෙව දස‍්සාමී”ති ආහ. සා තං පරිභාසිත්‍වා “ත්‍වං අම‍්හාකං සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණපාතිං අඩ‍්ඪමාසග‍්ඝනිකම‍්පි න අකාසි, තුය‍්හං පන සාමිකසදිසො එකො ධම‍්මිකො වාණිජො අම‍්හාකං සහස‍්සං දත්‍වා තං ආදාය ගතො”ති ආහ. තං සුත්‍වාව “සතසහස‍්සග‍්ඝනිකාය සුවණ‍්ණපාතියා පරිහීනොම‍්හි, මහාජානිකරො වත මෙ අය”න‍්ති සඤ‍්ජාතබලවසොකො සතිං පච‍්චුපට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තො විසඤ‍්ඤී හුත්‍වා අත‍්තනො හත්‍ථගතෙ කහාපණෙ චෙව භණ‍්ඩිකඤ‍්ච ඝරද‍්වාරෙයෙව විකිරිත්‍වා නිවාසනපාරුපනං පහාය තුලාදණ‍්ඩං මුග‍්ගරං කත්‍වා ආදාය බොධිසත‍්තස‍්ස අනුපදං පක‍්කන‍්තො නදීතීරං ගන‍්ත්‍වා බොධිසත‍්තං ගච‍්ඡන‍්තං දිස‍්වා “අම‍්භො, නාවික, නාවං නිවත‍්තෙහී”ති ආහ. බොධිසත‍්තො පන “තාත, මා නිවත‍්තයී”ති පටිසෙධෙසි. ඉතරස‍්සපි බොධිසත‍්තං ගච‍්ඡන‍්තං පස‍්සන‍්තස‍්සෙව බලවසොකො උදපාදි, හදයං උණ‍්හං අහොසි, මුඛතො ලොහිතං උග‍්ගඤ‍්ඡි, වාපිකද‍්දමො විය හදයං ඵලි. සො බොධිසත‍්තෙ ආඝාතං බන්‍ධිත්‍වා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි . ඉදං පඨමං දෙවදත‍්තස‍්ස බොධිසත‍්තෙ ආඝාතබන්‍ධනං. බොධිසත‍්තො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

ඉක්බිති ලෝභී වෙළෙන්දා නැවත ගෙදරට ගොස් තැටිය ගෙන එනු. සුළු දෙයක් දෙමි යි කීවේය. ඇය, ඔහුට බැණ ඔබ අපගේ ලක්‍ෂයක් වටිනා රන් තැටිය අඩමස්සක් වත් අගය නොකළෙහිය. ඔබගේ ස්වාමියා හා සමාන දැහැමි වෙළෙන්දෙක් අපට දහසක් දී එය රැගෙන ගියේයැ යි කීවාය. ඒ අසා සුවහසක් වටිනා රන් පතින් පිරිහුනෙමි. මට මෙය මහත් හානියක්යැ යි හටගත් බලවත් සෝකයෙන් සිහි එළවා ගැනීමට නොහැකිව උමතුව, තමා අත තිබූ කහවණු ද භාණ්ඩ ද ගෙය ඉදිරිපිට විසුරුවා හැඳි පොරෝනා වස්ත්‍ර හැරදමා තුලා දඬුකඩ මුගුරක් කොටගෙන බෝසතුන් ගිය පියසටහන් අනුව පිටත්වූයේ ගංතෙරට ගොස් යන්නාවූ බෝසතුන් දැක එම්බා තොටිය, නැව ආපසු ගෙනෙන්නැ යි කීවේය. බෝසත්හු නොනවත්වනුයැ යි වැළැක්වීය. අනෙක් වෙළෙන්දාට යන්නාවූ බෝසතුන් දකිත් ම බලවත් ශෝකයක් ඇති විය. ළය උණුසුම් විය. මුඛයෙන් රුධිරය නික්මිණි. වැවක මඩමෙන් හදවත පැළී ගියේය. ඔහු බෝසතුන් කෙරෙහි වෛර බැඳ එහිදී ම මරණයට පත්විය. මෙය බෝසතුන් කෙරෙහි දෙව්දත් තෙරුන්ගේ පළමු වැනි වෛර බැඳීමයි. බෝසතාණෝ දානාදී පින්කම් කොට කම්වූ පරිදි පරලොව ගියේය.

සම‍්මාසම‍්බුද‍්ධො ඉමං ධම‍්මදෙසනං කථෙත්‍වා අභිසම‍්බුද‍්ධොව ඉමං ගාථං කථෙසි –

බුදුරදහු මේ දම් දෙසුම වදාරා සම්මා සම්බුදුව ම මේ ගාථාව දෙසූහ.

“ඉධ චෙ නං විරාධෙසි, සද‍්ධම‍්මස‍්ස නියාමතං; චිරං ත්‍වං අනුතප‍්පෙසි, සෙරිවායංව වාණිජො”ති.

“ඉධ චෙ හි නං චිරාධෙසි සද්ධම්මස්ස නියාමතං, චිරං ත්‍වං අනුතපෙස්සසි සෙරිවා යංච වාණිජොති.”

තත්‍ථ ඉධ චෙ නං විරාධෙසි, සද‍්ධම‍්මස‍්ස නියාමතන‍්ති ඉමස‍්මිං සාසනෙ එතං සද‍්ධම‍්මස‍්ස නියාමතාසඞ‍්ඛාතං සොතාපත‍්තිමග‍්ගං විරාධෙසි. යදි විරාධෙසි, වීරියං ඔස‍්සජන‍්තො නාධිගච‍්ඡසි න පටිලභසීති අත්‍ථො. චිරං ත්‍වං අනුතප‍්පෙසීති එවං සන‍්තෙ ත්‍වං දීඝමද‍්ධානං සොචන‍්තො පරිදෙවන‍්තො අනුතපෙස‍්සසි, අථ වා ඔස‍්සට‍්ඨවීරියතාය අරියමග‍්ගස‍්ස විරාධිතත‍්තා දීඝරත‍්තං නිරයාදීසු උප‍්පන‍්නො නානප‍්පකාරානි දුක‍්ඛානි අනුභවන‍්තො අනුතප‍්පිස‍්සසි කිලමිස‍්සසීති අයමෙත්‍ථ අත්‍ථො. කථං? සෙරිවායංව වාණිජොති “සෙරිවා”ති එවංනාමකො අයං වාණිජො යථා. ඉදං වුත‍්තං හොති – යථා පුබ‍්බෙ සෙරිවනාමකො වාණිජො සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණපාතිං ලභිත්‍වා තස‍්සා ගහණත්‍ථාය වීරියං අකත්‍වා තතො පරිහීනො අනුතප‍්පි, එවමෙව ත්‍වම‍්පි ඉමස‍්මිං සාසනෙ පටියත‍්තසුවණ‍්ණපාතිසදිසං අරියමග‍්ගං ඔස‍්සට‍්ඨවීරියතාය අනධිගච‍්ඡන‍්තො තතො පරිහීනො දීඝරත‍්තං අනුතප‍්පිස‍්සසි. සචෙ පන වීරියං න ඔස‍්සජිස‍්සසි, පණ‍්ඩිතවාණිජො සුවණ‍්ණපාතිං විය මම සාසනෙ නවවිධම‍්පි ලොකුත‍්තරධම‍්මං පටිලභිස‍්සසීති.

මේ ශාසනයෙහි සදහම් නියමය (සෝවාන් මඟ) අලස බව නිසා වරදාගත හොත් ඔබ බොහෝ කලක් සේරිව වෙළෙන්දා මෙන්ය. එහි “ඉධ චෙ හි නං චිරාධෙසි සද්ධම්මස්ස” යනු මේ සසුනෙහි සද්ධර්මයෙහි නියමය නම් වූ සෝවාන් මඟ වැරදුවෙහි නම් වීර්යය අත්හැර නො ලැබුවෙහි නම් අවබෝධ නො කරන්නෙහිය” නො ලබන්නෙහිය යන අර්ථය යි. “චිරං ත්‍වං අනුතපෙස්ස” යනු එසේ ඇති කල්හි ඔබ බොහෝ කාලයක් ශෝක කරමින් විලාප දෙමින් තැවෙන්නෙහිය. නැතහොත් අත්හළ වීර්යය ඇති බැවින් ලොවුතුරා මඟ වරදවාගත් බැවින් බොහෝ කලක් නිරය ආදියේ ඉපදී නොයෙක් දුක් විඳිමින් පසු තැවෙන්නෙහිය. වෙහෙස පත්වන්නේය යනු මෙහි අදහසයි. ඒ කෙසේද යත්, “සෙරිවා යං ව වාණිජො” යනු සේරිවා නම් ඇත්තෙකි. “යං වා” යනු යම් සේ මෙය කියන ලද්දේ වෙයි. යම් සේ පෙර සේරිවා නම් වෙළෙන්දා සුවහසක් වටිනා රන්බඳුනක් ලැබ එය තමා සතු කර ගැනීමට උත්සාහ නොකොට එයින් ද පිරිහුණේය. තැවුණේය. එමෙන් ම ඔබ ද මෙසසුනෙහි විසිතුරුව කළ රන් බඳුනක් වැනි ලොව්තුරු මඟ (සෝවාන් මඟ) වීර්යය හළ බැවින් පසක් නො කරන්නේ එයින් බොහෝ කලක් තැවෙන්නෙහිය. ඉදින් වීර්යය අත් නො හරින්නේ නම් නුවණැති වෙළෙන්දා රන් බඳුන ලබාගත්තාක් මෙන් මගේ සාසනයෙහි නව ලොව්තුරා දහම් ලබන්නෙහිය.

එවමස‍්ස සත්‍ථා අරහත‍්තෙන කූටං ගණ‍්හන‍්තො ඉමං ධම‍්මදෙසනං දස‍්සෙත්‍වා චත‍්තාරි සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ ඔස‍්සට‍්ඨවීරියො භික‍්ඛු අග‍්ගඵලෙ අරහත‍්තෙ පතිට‍්ඨාසි.

මෙසේ බුදු රජහු ඒ රහත් බව කුළුගන්වමින් මේ දම් දෙසුම දෙසා වදාරා සිව්සස් වදාළහ. සිව්සස් කෙළවර වීර්යය හළ භික්‍ෂුව අග්‍ර ඵලය වූ රහත් බවෙහි පිහිටියේය.

සත්‍ථාපි ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙත්‍වා දස‍්සෙසි – “තදා බාලවාණිජො දෙවදත‍්තො අහොසි, පණ‍්ඩිතවාණිජො පන අහමෙව අහොසි”න‍්ති දෙසනං නිට‍්ඨාපෙසි.

බුදුරදහු ද දෙවස්තුව වදාරා අනුසන්ධි ගළපා ජාතකය නිමවා දැක්වූහ. එදා නුවණ මද වෙළෙන්දා නම් දෙව්දත් තෙරණුවෝ වූහ. නුවණැති වෙළෙන්දා නම් මම ම වූවෙමි යි දෙසුම නිම වූහ.

සෙරිවවාණිජජාතකවණ‍්ණනා තතියා.