යෙදුමෙන් කියවන්න

5. තණ‍්ඩුලනාළිජාතකවණ‍්ණනා 5 අට‍්ඨකථා

5. තණ‍්ඩුලනාළිජාතකවණ‍්ණනා (5)

5. තණ්ඩුලනාළි ජාතකය (5)

කිමග‍්ඝති තණ‍්ඩුලනාළිකාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලාලුදායිත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. තස‍්මිං සමයෙ ආයස‍්මා දබ‍්බො මල‍්ලපුත‍්තො සඞ‍්ඝස‍්ස භත‍්තුද‍්දෙසකො හොති. තස‍්මිං පාතොව සලාකභත‍්තානි උද‍්දිසමානෙ ලාලුදායිත්‍ථෙරස‍්ස කදාචි වරභත‍්තං පාපුණාති, කදාචි ලාමකභත‍්තං. සො ලාමකභත‍්තස‍්ස පත‍්තදිවසෙ සලාකග‍්ගං ආකුලං කරොති, “කිං දබ‍්බොව සලාකං දාතුං ජානාති, අම‍්හෙ න ජානාමා”ති වදති. තස‍්මිං සලාකග‍්ගං ආකුලං කරොන‍්තෙ “හන්‍ද දානි ත්‍වමෙව සලාකං දෙහී”ති සලාකපච‍්ඡිං අදංසු. තතො පට‍්ඨාය සො සඞ‍්ඝස‍්ස සලාකං අදාසි. දෙන‍්තො ච පන “ඉදං වරභත‍්ත”න‍්ති වා “ලාමකභත‍්ත”න‍්ති වා “අසුකවස‍්සග‍්ගෙ වරභත‍්ත”න‍්ති වා “අසුකවස‍්සග‍්ගෙ ලාමකභත‍්ත”න‍්ති වා න ජානාති, ඨිතිකං කරොන‍්තොපි “අසුකවස‍්සග‍්ගෙ ඨිතිකා”ති න සල‍්ලක‍්ඛෙති. භික‍්ඛූනං ඨිතවෙලාය “ඉමස‍්මිං ඨානෙ අයං ඨිතිකා ඨිතා, ඉමස‍්මිං ඨානෙ අය”න‍්ති භූමියං වා භිත‍්තියං වා ලෙඛං කඩ‍්ඪති. පුනදිවසෙ සලාකග‍්ගෙ භික‍්ඛූ මන්‍දතරා වා හොන‍්ති බහුතරා වා, තෙසු මන්‍දතරෙසු ලෙඛා හෙට‍්ඨා හොති, බහුතරෙසු උපරි. සො ඨිතිකං අජානන‍්තො ලෙඛාසඤ‍්ඤාය සලාකං දෙති.

“කිමග්ඝති තණ්ඩුලනාළිකා” මෙය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නේ ලාලුදායි නම් තෙරණුවන් අරබයා දේශනා කළහ. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ල පුත්ත තෙරණුවෝ සංඝයාගේ භත්තුද්දේසක (සඟබත් නියම කරන) වූහ. උන්වහන්සේ උදය කාලයෙහි සලාකබත් නියම කරන කල්හි ලාලුදායි තෙරණුවන් දිනක උසස් බතක් ද දිනක පහත් බතක් ද ලැබෙයි. පහත් බතක් ලැබූ දිනයෙහි උන්වහන්සේ සලාක බෙදන ගෙය තුළ අවුල් ඇති කරයි. කිම, සලාක බෙදිය හැක්කෝ දබ්බමල්ල තෙරණුවෝද? අපි නොහැකි වන්තයෝ වෙමුද? උන්වහන්සේ සලාක බෙදන ගෙය ආකූල කරත් ද දබ්බමල්ල තෙරණුවෝ එසේ නම් ඔබ ම සලාක බෙදවයි සලාක පැන් දුන්හ. එතැන් පටන් ලාලුදායි තෙරණුවෝ සංඝයාට සලාක බෙදති.[missing trans]

අථ නං භික‍්ඛූ “ආවුසො, උදායි, ලෙඛා නාම හෙට‍්ඨා වා හොති උපරි වා, වරභත‍්තං පන අසුකවස‍්සග‍්ගෙ ඨිතං, ලාමකභත‍්තං අසුකවස‍්සග‍්ගෙ”ති ආහංසු. සො භික‍්ඛූ පටිප‍්ඵරන‍්තො “යදි එවං අයං ලෙඛා කස‍්මා එවං ඨිතා, කිං අහං තුම‍්හාකං සද‍්දහාමි, ඉමිස‍්සා ලෙඛාය සද‍්දහාමී”ති වදති. අථ නං දහරා ච සාමණෙරා ච “ආවුසො ලාලුදායි තයි සලාකං දෙන‍්තෙ භික‍්ඛූ ලාභෙන පරිහායන‍්ති, න ත්‍වං දාතුං අනුච‍්ඡවිකො, ගච‍්ඡ ඉතො”ති සලාකග‍්ගතො නික‍්කඩ‍්ඪිංසු. තස‍්මිං ඛණෙ සලාකග‍්ගෙ මහන‍්තං කොලාහලං අහොසි. තං සුත්‍වා සත්‍ථා ආනන්‍දත්‍ථෙරං පුච‍්ඡි “ආනන්‍ද, සලාකග‍්ගෙ මහන‍්තං කොලාහලං, කිං සද‍්දො නාමෙසො”ති. ථෙරො තථාගතස‍්ස තමත්‍ථං ආරොචෙසි. “ආනන්‍ද, න ඉදානෙව ලාලුදායි අත‍්තනො බාලතාය පරෙසං ලාභහානිං කරොති, පුබ‍්බෙපි අකාසියෙවා”ති ආහ. ථෙරො තස‍්සත්‍ථස‍්ස ආවිභාවත්‍ථං භගවන‍්තං යාචි. භගවා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නං කාරණං පාකටං අකාසි.

[missing trans] ඒ අසා බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් විමසූහ. ආනන්ද, සලාක බෙදන ගෙහි මහත් කෝලාහලයකි. මේ කිනම් ශබ්දයක්ද? තෙරුන්වහන්සේ බුදුන් වහන්සේට ඒ අර්ථය දැන්වූහ. ආනන්ද, ලාලුදායි තමාගේ අඥානබව නිසා අනුන්ගේ ලාභයට හානි කරන්නේ දැන් පමණක් නොවේ. පෙර ද කළේදැ යි වදාළහ. තෙරුන්වහන්සේ ඒ බව හෙළිදරවු කරන ලෙස බුදුන්වහන්සේගෙන් අයැද සිටියහ. බුදුන්වහන්සේ භවාන්තරයෙන් වැසුණු කරුණ පැහැදිලි කළ සේක.

අතීතෙ කාසිරට‍්ඨෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො රාජා අහොසි. තදා අම‍්හාකං බොධිසත‍්තො තස‍්ස අග‍්ඝාපනිකො අහොසි. හත්‍ථිඅස‍්සාදීනි චෙව මණිසුවණ‍්ණාදීනි ච අග‍්ඝාපෙසි, අග‍්ඝාපෙත්‍වා භණ‍්ඩසාමිකානං භණ‍්ඩානුරූපමෙව මූලං දාපෙසි. රාජා පන ලුද‍්ධො හොති, සො ලොභපකතිතාය එවං චින‍්තෙසි “අයං අග‍්ඝාපනිකො එවං අග‍්ඝාපෙන‍්තො න චිරස‍්සෙව මම ගෙහෙ ධනං පරික‍්ඛයං ගමෙස‍්සති, අඤ‍්ඤං අග‍්ඝාපනිකං කරිස‍්සාමී”ති. සො සීහපඤ‍්ජරං උග‍්ඝාටෙත්‍වා රාජඞ‍්ගණං ඔලොකෙන‍්තො එකං ගාමිකමනුස‍්සං ලොලබාලං රාජඞ‍්ගණෙන ගච‍්ඡන‍්තං දිස‍්වා “එස මය‍්හං අග‍්ඝාපනිකකම‍්මං කාතුං සක‍්ඛිස‍්සතී”ති තං පක‍්කොසාපෙත්‍වා “සක‍්ඛිස‍්සසි, භණෙ, අම‍්හාකං අග‍්ඝාපනිකකම‍්මං කාතු”න‍්ති ආහ. සක‍්ඛිස‍්සාමි, දෙවාති. රාජා අත‍්තනො ධනරක‍්ඛණත්‍ථාය තං බාලං අග‍්ඝාපනිකකම‍්මෙ ඨපෙසි. තතො පට‍්ඨාය සො බාලො හත්‍ථිඅස‍්සාදීනි අග‍්ඝාපෙන‍්තො අග‍්ඝං හාපෙත්‍වා යථාරුචියා කථෙති. තස‍්ස ඨානන‍්තරෙ ඨිතත‍්තා යං සො කථෙති, තමෙව මූලං හොති.

පෙර කසී රට බරණැස් නුවර බඹදත් නම් රජෙක් විය. එකල්හි අප මහ බෝසතාණන් ඒ රජුගේ තක්සේරුකරු විය. ඇත්, අස් ආදීන් මෙන් ම මැණික් රන් ආදිය ද අගය කරවීය. අගයකරුවා භාණ්ඩ හිමියන්ට භාණ්ඩානුරූපව ම මිල දෙවීය. රජ ලොහොබියෙකි. ලෝභ ස්වරූපය නිසාම මෙසේ සිතී. මේ තක්සේරුකරු මෙසේ අගය කරවන කල්හි මාගේ රජමැදුරෙහි ධනය නොබෝ කලකින් ම ක්‍ෂය වන්නේය. අනිකකු තක්සේරුකරු කරන්නෙමැ යි සිහමැදුරු කවුළුව හැර රජමිදුල දෙස බලන්නේ එක් අඳබාල ගැමි මිනිසකු රජමිදුලෙන් යනු දැක, මොහු මගෙ තක්සේරු කිරීමේ කාර්යය කිරීම සමතකැ යි ඔහු කැඳවා, එම්බල, අපගේ තක්සේරු කිරීමේ කාර්යය කරන්න හැක්කේදැ යි ඇසීය. දේවයනි, හැකි වෙමි. රජතුමා තම ධනය ඉතිරි කැර ගැනීම පිණිස ඒ මෝඩයා තක්සේරු කිරීමේ කාර්යයෙහි තැබීය. එතැන් පටන් ඒ මෝඩ මිනිසා ඇත්, අස් ආදීන් අගය කරන විට අගය අඩුකොට තමා කැමැති පරිදි කරයි. ඔහු තනතුරෙහි සිටි නිසා ඔහු යමක් කියයි ද ඒ මිලම වෙයි.

තස‍්මිං කාලෙ උත‍්තරාපථතො එකො අස‍්සවාණිජො පඤ‍්ච අස‍්සසතානි ආනෙසි. රාජා තං පුරිසං පක‍්කොසාපෙත්‍වා අස‍්සෙ අග‍්ඝාපෙසි. සො පඤ‍්චන‍්නං අස‍්සසතානං එකං තණ‍්ඩුලනාළිකං අග‍්ඝමකාසි. කත්‍වා ච පන “අස‍්සවාණිජස‍්ස එකං තණ‍්ඩුලනාළිකං දෙථා”ති වත්‍වා අස‍්සෙ අස‍්සසාලායං සණ‍්ඨාපෙසි. අස‍්සවාණිජො පොරාණඅග‍්ඝාපනිකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං පවත‍්තිං ආරොචෙත්‍වා “ඉදානි කිං කත‍්තබ‍්බ”න‍්ති පුච‍්ඡි. සො ආහ “තස‍්ස පුරිසස‍්ස ලඤ‍්ජං දත්‍වා එවං පුච‍්ඡථ ‘අම‍්හාකං තාව අස‍්සා එකං තණ‍්ඩුලනාළිකං අග‍්ඝන‍්තීති ඤාතමෙතං, තුම‍්හෙ පන නිස‍්සාය තණ‍්ඩුලනාළියා අග‍්ඝං ජානිතුකාමම‍්හා, සක‍්ඛිස‍්සථ නො රඤ‍්ඤො සන‍්තිකෙ ඨත්‍වා සා තණ‍්ඩුලනාළිකා ඉදං නාම අග‍්ඝතීති වත‍්තු’න‍්ති, සචෙ සක‍්කොමීති වදති, තං ගහෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගච‍්ඡථ, අහම‍්පි තත්‍ථ ආගමිස‍්සාමී”ති.

එකල උතුරු දෙසින් අස් වෙළෙන්දෙක් අසුන් පන්සියයක් ගෙන ආවේය. රජතුමා ඒ මිනිසා ගෙන්වා අසුන්ට මිල නියම කරවීය. ඔහු අසුන් පන්සියය ම එක් සහල් නැළියකට මිල කරවා, අස් වෙළෙඳාට එක් සහල් නැළියක් දෙන ලෙස අණකොට, අසුන් අස්හල තැබීය. අස් වෙළෙන්දා පැරණි තක්සේරුකරු වෙත ගොස් මෙපුවත සැලකොට දැන් කුමක් කළ යුතුදැ යි විචාළේය. ඔහු මෙසේ කීය. තක්සේරුකරු වෙත ගොස් ඔහුට අල්ලසක් දී මෙසේ අසව. අපගේ අස් මිල සහල් නැළියක් මිල බව දන්නා ලද්දේය. ඒ සහල් නැළියේ අගය ඔබගෙන් දැනගනු කැමැත්තෙමු. එම සහල් නැළිය මෙතෙක් අගීයැ යි රජු ඉදිරියේ සිට ඒ සහල් නැළිය මෙපමණක් ඇගීයැ යි ප්‍රකාශ කිරීමට හැකිදැ යි අසනු. ඔහු හැකියැ යි කිවහොත් ඔහුත් සමග රජු වෙත යන්න. මම ද එහි එන්නෙමි.

අස‍්සවාණිජො “සාධූ”ති බොධිසත‍්තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා අග‍්ඝාපනිකස‍්ස ලඤ‍්ජං දත්‍වා තමත්‍ථං ආරොචෙසි. සො ලඤ‍්ජං ලභිත්‍වාව “සක‍්ඛිස‍්සාමි තණ‍්ඩුලනාළිං අග‍්ඝාපෙතු”න‍්ති. “තෙන හි ගච‍්ඡාම රාජකුල”න‍්ති තං ආදාය රඤ‍්ඤො සන‍්තිකං අගමාසි. බොධිසත‍්තොපි අඤ‍්ඤෙපි බහූ අමච‍්චා අගමිංසු. අස‍්සවාණිජො රාජානං වන්‍දිත්‍වා ආහ – “දෙව, පඤ‍්චන‍්නං අස‍්සසතානං එකං තණ‍්ඩුලනාළිං අග‍්ඝනකභාවං ජානාම, සා පන තණ‍්ඩුලනාළි කිං අග‍්ඝතීති අග‍්ඝාපනිකං පුච‍්ඡථ දෙවා”ති. රාජා තං පවත‍්තිං අජානන‍්තො “අම‍්භො අග‍්ඝාපනික, පඤ‍්ච අස‍්සසතානි කිං අග‍්ඝන‍්තී”ති පුච‍්ඡි. තණ‍්ඩුලනාළිං, දෙවාති. “හොතු, භණෙ, අස‍්සා තාව තණ‍්ඩුලනාළිං අග‍්ඝන‍්තු. සා පන කිං අග‍්ඝති තණ‍්ඩුලනාළිකා”ති පුච‍්ඡි. සො බාලපුරිසො “බාරාණසිං සන‍්තරබාහිරං අග‍්ඝති තණ‍්ඩුලනාළිකා”ති ආහ. සො කිර පුබ‍්බෙ රාජානං අනුවත‍්තන‍්තො එකං තණ‍්ඩුලනාළිං අස‍්සානං අග‍්ඝමකාසි. පුන වාණිජස‍්ස හත්‍ථතො ලඤ‍්ජං ලභිත්‍වා තස‍්සා තණ‍්ඩුලනාළිකාය බාරාණසිං සන‍්තරබාහිරං අග‍්ඝමකාසි. තදා පන බාරාණසියා පාකාරපරික‍්ඛෙපො ද‍්වාදසයොජනිකො හොති. ඉදමස‍්ස අන‍්තරං, බාහිරං පන තියොජනසතිකං රට‍්ඨං. ඉති සො බාලො එවං මහන‍්තං බාරාණසිං සන‍්තරබාහිරං තණ‍්ඩුලනාළිකාය අග‍්ඝමකාසි.

අස් වෙළෙන්දා යහපතැ යි බෝසතුන්ගේ වචනය පිළිගෙන තක්සේරුකරුට අල්ලසක් දී එපවත් දැන්වීය. තක්සේරුකරු අල්ලස ලැබී, සහල් නැළිය මිල කරන්ට හැකිබව කීය. එසේ නම් රජ කුලයට යමු යි ඔහු රැගෙන රජු වෙත ගියේය. බෝසතාණෝ ද තවත් බොහෝ ඇමතියෝ ද ගියහ. අස් වෙළෙන්දා රජුන් වැඳ දේවයනි, පන්සියයක් අසුන් එක් සහල් නැළියක් අගනා බව දන්නෙමි. ඒ සහල් නැළිය කොතෙක් අගීදැ යි තක්සේරුකරුගෙන් අසනු මැනැව. රජතුමා ඒ පුවත නොදන්නේ එම්බල තක්සේරුකරුව, අසුන් පන්සියය කොතෙක් අගී ද? දේවයිනි, සහල් නැළියකි. එම්බා තක්සේරුකරුව, අසුන් පන්සියයකගේ මිල සහල් නැළියක් වේවා, ඒ සහල් නැළියේ මිල කොතෙක්දැ යි කියව. ඒ මෝඩ පුරුෂයා ඇතුළත පිටත සහිත බරණැස් පුරවරය සහල් නැළියක් වටීදැ යි කීවේය. පළමු ඔහු රජුට පක්‍ෂපාතීව පන්සියයක් අසුන් සහල් නැළියට අගය කළේය. නැවත වෙළෙන්දාගෙන් අල්ලස් ලැබ සහල් නැළිය ඇතුළත පිටත සහිත බරණැස් නුවරට අගය කෙළේය.රජතුමනි, අශ්වයන්ගේ මිල වූ සහල් නැළිය කොපමණ අගීදැ යි කියනු මැනව. (අස් වෙළෙන්දා රජුට කීය.) රජු විසින් විමසනු ලැබූ තක්සේරුකරු මේ සහල් නැළිය ඇතුළත පිටත (නුවර ගම් නියංගම් සහිත) බරණැස් නුවරම අගනේයැ යි කීය. එකල බරණැස වටකොට බැඳි පවුර දොළොස් යොදුනක් වේ. මේ එහි ඇතුළතයි. පිටත වනාහි තිස් යොදුන් රටකි. ඒ මෝඩයා මේ සා මහත් ඇතුළත පිටත සහිත බරණැස එකම සහල් නැළියකට මිල කළේය.

තං සුත්‍වා අමච‍්චා පාණිං පහරිත්‍වා හසමානා “මයං පුබ‍්බෙ පථවිඤ‍්ච රජ‍්ජඤ‍්ච අනග‍්ඝන‍්ති සඤ‍්ඤිනො අහුම‍්හ, එවං මහන‍්තං කිර සරාජකං බාරාණසිරජ‍්ජං තණ‍්ඩුලනාළිමත‍්තං අග‍්ඝති, අහො අග‍්ඝාපනිකස‍්ස ඤාණසම‍්පදා. කහං එත‍්තකං කාලං අයං අග‍්ඝාපනිකො විහාසි, අම‍්හාකං රඤ‍්ඤො එව අනුච‍්ඡවිකො”ති පරිහාසං අකංසු –

මේ ඇසූ ඇමැතියෝ අත් පහරා සිනා සෙමින් අපි මෙතෙක් පොළොවත් රාජ්‍යයත් මිල කළ නො හැකියැ යි සිතා සිටියෙමු. මෙතරම් විශාල රජුන් සහිත බරණැස් රාජ්‍යය සහල් නැළියක් වටී. අහෝ, තක්සේරුකරුගේ නුවණක තරම. මෙතෙක් කල් සිටියෝ කොහිද? අපගේ රජතුමාට ම සුදුසුයැ යි අවමන් කළහ.

“කිමග‍්ඝති තණ‍්ඩුලනාළිකායං, අස‍්සාන මූලාය වදෙහි රාජ; බාරාණසිං සන‍්තරබාහිරං, අයමග‍්ඝති තණ‍්ඩුලනාළිකා”ති.

“කිමග්ඝතී තණ්ඩුලනාළිකාය අස්සයානමූලාය වදෙහි රාජ, බාරාණසිං සන්තරබාහිරන්තං අයමග්ඝතී තණ්ඩුලනාළිකාති”

තස‍්මිං කාලෙ රාජා ලජ‍්ජිතො තං බාලං නික‍්කඩ‍්ඪාපෙත්‍වා බොධිසත‍්තස‍්සෙව අග‍්ඝාපනිකට‍්ඨානං අදාසි. බොධිසත‍්තොපි යථාකම‍්මං ගතො.

රජු ලජ්ජාවට පැමිණ මෝඩකම බැහැරකොට බෝසතුන්ට ම අග්ඝාපතික ධුරය පැවරීය. බෝසතාණෝ ද කම් වූ පරිදි ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා ගාමිකබාලඅග‍්ඝාපනිකො ලාලුදායී අහොසි, පණ‍්ඩිතඅග‍්ඝාපනිකො පන අහමෙව අහොසි”න‍්ති දෙසනං නිට‍්ඨාපෙසි.

බුදුරදහු මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා, දෙකථා පුවත් කියා, අනුසන්ධි ගළපා, දේශනාව නිම කළහ. එදා අශිෂ්ට මෝඩ තක්සේරුකරු නම් මෙදවස ලාලුදායි වූයේය. නුවණැති තක්සේරුකරු නම් මම ම වූයෙමි යි දෙසුම නිම කළහ.

තණ‍්ඩුලනාළිජාතකවණ‍්ණනා පඤ‍්චමා.