යෙදුමෙන් කියවන්න

6. දෙවධම‍්මජාතකවණ‍්ණනා 6 අට‍්ඨකථා

6. දෙවධම‍්මජාතකවණ‍්ණනා (6)

6. දේවධර්ම ජාතකය (6)

හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නාති ඉදං භගවා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං බහුභණ‍්ඩිකං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථිවාසී කිරෙකො කුටුම‍්බිකො භරියාය කාලකතාය පබ‍්බජි. සො පබ‍්බජන‍්තො අත‍්තනො පරිවෙණඤ‍්ච අග‍්ගිසාලඤ‍්ච භණ‍්ඩගබ‍්භඤ‍්ච කාරෙත්‍වා භණ‍්ඩගබ‍්භං සප‍්පිතණ‍්ඩුලාදීහි පූරෙත්‍වා පබ‍්බජි. පබ‍්බජිත්‍වා ච පන අත‍්තනො දාසෙ පක‍්කොසාපෙත්‍වා යථාරුචිතං ආහාරං පචාපෙත්‍වා භුඤ‍්ජති, බහුපරික‍්ඛාරො ච අහොසි , රත‍්තිං අඤ‍්ඤං නිවාසනපාරුපනං හොති, දිවා අඤ‍්ඤං. විහාරපච‍්චන‍්තෙ වසති. තස‍්සෙකදිවසං චීවරපච‍්චත්‍ථරණාදීනි නීහරිත්‍වා පරිවෙණෙ පත්‍ථරිත්‍වා සුක‍්ඛාපෙන‍්තස‍්ස සම‍්බහුලා ජානපදා භික‍්ඛූ සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තා පරිවෙණං ගන‍්ත්‍වා චීවරාදීනි දිස‍්වා “කස‍්සිමානී”ති පුච‍්ඡිංසු. සො “මය‍්හං, ආවුසො”ති ආහ. “ආවුසො, ඉදම‍්පි චීවරං, ඉදම‍්පි නිවාසනං, ඉදම‍්පි පච‍්චත්‍ථරණං, සබ‍්බං තුය‍්හමෙවා”ති? “ආම මය‍්හමෙවා”ති. “ආවුසො භගවතා තීණි චීවරානි අනුඤ‍්ඤාතානි, ත්‍වං එවං අප‍්පිච‍්ඡස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා එවං බහුපරික‍්ඛාරො ජාතො, එහි තං දසබලස‍්ස සන‍්තිකං නෙස‍්සාමා”ති තං ආදාය සත්‍ථු සන‍්තිකං අගමංසු.

“හිරිඔත්තප්ප සම්පන්නා” යන මෙම ජාතකය බුදු රජහු දෙවුරම් වෙහෙර වැඩ වසමින් එක්තරා බහුභාණ්ඩික (බොහෝ සිවුරු, පිරිකර ඇති) භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. සැවැත් නුවර වැසි කෙළඹියෙක් බිරිය මළ කල්හි පැවිදි විය. ඔහු පැවිදි වන විට ම තමා සඳහා පන්සලක් ද ගිනිහල් ගෙයක් ද බඩු ගබඩාවක් ද කරවා, එය ගිතෙල්, සහල් ආදියෙන් පුරවා තබා පැවිදි විය. පැවිදි වූ පසුත් තමාගේ දාසයන් කැඳවා කැමැති පරිදි ආහාර පිසවා වළඳයි. බොහෝ සිවුරු පිරිකර ඇත්තෙකු ද විය. රාත්‍රී කාලයෙහි එක් අඳනයක් සහ සිවුරක් ද දවල් කල වෙනත් අඳන සිවුරු පරිභෝග කරයි. විහාර කෙළවර වෙසෙයි. දිනක් සිවුරු ඇතිරිලි ආදිය පිටතට ගෙන මළුවෙහි අතුරා වියලන කල්හි දනව් වැසි බොහෝ භික්‍ෂූහු සේනාසන චාරිකාවෙන් හැසිරෙන්නාහු එතනට පැමිණ, සිවුරු දැක මේවා කාගේදැ යි ඇසූහ. බහු භාණ්ඩික තෙරණුවෝ මගේයැ යි කීහ. ඇවැත්නි, මේ සිවුරත්, මේ සිවුරත්, මේ අඳනයත්, මේ අඳනයත්, මේ ඇතිරිල්ලත්, මේ ඇතිරිල්ලත් ඔබගේ මද? එසේය. මගේමැ යි ඇවැත්නි, බුදුරදුන් විසින් චීවරය (සිවුරු තුනක්) අනුදන්නා ලදි. ඔබ අපිස් බුදු සසුනෙහි පැවිදි ව මෙසේ බොහෝ පිරිකර ඇත්තෙක් වූවෙහි. එනු මැනවි. ඔබ බුදුරදුන් වෙත ගෙනයමුයි ඔහුත් රැගෙන බුදුරදුන් වෙත ගියහ.

සත්‍ථා දිස‍්වාව “කිං නු ඛො, භික‍්ඛවෙ, අනිච‍්ඡමානකංයෙව භික‍්ඛුං ගණ‍්හිත්‍වා ආගතත්‍ථා”ති ආහ. “භන‍්තෙ, අයං භික‍්ඛු බහුභණ‍්ඩො බහුපරික‍්ඛාරො”ති. “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු බහුභණ‍්ඩො”ති? “සච‍්චං, භගවා”ති. “කස‍්මා පන ත්‍වං භික‍්ඛු බහුභණ‍්ඩො ජාතො”? “නනු අහං අප‍්පිච‍්ඡතාය සන‍්තුට‍්ඨිතාය පවිවෙකස‍්ස වීරියාරම‍්භස‍්ස වණ‍්ණං වදාමී”ති. සො සත්‍ථු වචනං සුත්‍වා කුපිතො “ඉමිනා දානි නීහාරෙන චරිස‍්සාමී”ති පාරුපනං ඡඩ‍්ඩෙත්‍වා පරිසමජ‍්ඣෙ එකචීවරො අට‍්ඨාසි.

බුදුරදුන් ඔවුන් දැක මහණෙනි, අකැමැත්තෙන් ම මේ භික්‍ෂුව කැඳවා ගෙන ආවෝද? ස්වාමීනි, මේ භික්‍ෂුව බහු භාණ්ඩිකය. බොහෝ පිරිකර ඇත්තේය. මහණ, ඔබ බහුබාණ්ඩික වූයේ ඇත්තද? ස්වාමීනි, ඇත්තයි. මහණ, ඔබ කුමක් නිසා බහු භාණ්ඩික වූවෙහිද? මම අල්පේච්ඡ බවෙහි, ලද දෙයින් සතුටුවන බවෙහි -පෙ- බවුන් වැඩීමෙහි වීර්යය වැඩීමෙහි ගුණ වනන්නේ නොවෙම්ද? බහු භාණ්ඩික භික්‍ෂුව එබස් අසා කිපුණේ, මම මේ අයුරින් සිටින්නෙමි යි පොරොවා සිටි සිවුරු හැරදමා පිරිස් මැද එක් සිවුරකින් පමණක් සිටියේය.

අථ නං සත්‍ථා උපත්‍ථම‍්භයමානො “නනු ත්‍වං භික‍්ඛු පුබ‍්බෙ හිරොත‍්තප‍්පගවෙසකො දකරක‍්ඛසකාලෙපි හිරොත‍්තප‍්පං ගවෙසමානො ද‍්වාදස සංවච‍්ඡරානි විහාසි, අථ කස‍්මා ඉදානි එවං ගරුකෙ බුද‍්ධසාසනෙ පබ‍්බජිත්‍වා චතුපරිසමජ‍්ඣෙ පාරුපනං ඡඩ‍්ඩෙත්‍වා හිරොත‍්තප‍්පං පහාය ඨිතොසී”ති? සො සත්‍ථු වචනං සුත්‍වා හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨාපෙත්‍වා තං චීවරං පාරුපිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. භික‍්ඛූ තස‍්සත්‍ථස‍්ස ආවිභාවත්‍ථං භගවන‍්තං යාචිංසු, භගවා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නං කාරණං පාකටං අකාසි.

ඉක්බිති, බුදුරදහු භික්‍ෂුවට පිටිවහල් වෙමින් මහණ, ඔබ පෙර ලජ්ජා බය සොයන්නෙකු ව දිය රකුසෙකු ව සිටි කාලයේ පවා හිරිඔතප් සොයමින් දොළොස් අවුරුද්දක් විසුවේ නොවේද? දැන් මෙවැනි උසස් බුදු සසුනෙහි පැවිදි ව සිවු පිරිස් මැද පොරවනා සිවුර ඉවත දමා ලජ්ජා බය හැර මක්නිසා සිටිහිද? භික්‍ෂුව බුදුවදන් අසා, හිරිඔතප් උපදවා සිවුර පොරවාගෙන බුදුරදුන් වැඳ එකත් පසෙක හුන්නේය. භික්‍ෂූහු එපුවත හෙළිදරවු කරනු පිණිස බුදුරදුන් අයදියහ. උන්වහන්සේ භවාන්තරයෙන් වැසුණු කරුණු හෙළිදරවු කළ සේක.

අතීතෙ කාසිරට‍්ඨෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි. තදා බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස නාමග‍්ගහණදිවසෙ “මහිසාසකුමාරො”ති නාමං අකංසු. තස‍්ස ආධාවිත්‍වා පරිධාවිත්‍වා විචරණකාලෙ රඤ‍්ඤො අඤ‍්ඤොපි පුත‍්තො ජාතො, තස‍්ස “චන්‍දකුමාරො”ති නාමං අකංසු. තස‍්ස පන ආධාවිත්‍වා පරිධාවිත්‍වා විචරණකාලෙ බොධිසත‍්තස‍්ස මාතා කාලමකාසි, රාජා අඤ‍්ඤං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. සා රඤ‍්ඤො පියා අහොසි මනාපා, සාපි සංවාසමන්‍වාය එකං පුත‍්තං විජායි, “සූරියකුමාරො”තිස‍්ස නාමං අකංසු. රාජා පුත‍්තං දිස‍්වා තුට‍්ඨචිත‍්තො “භද‍්දෙ, පුත‍්තස‍්ස තෙ වරං දම‍්මී”ති ආහ. දෙවී, වරං ඉච‍්ඡිතකාලෙ ගහෙතබ‍්බං කත්‍වා ඨපෙසි. සා පුත‍්තෙ වයප‍්පත‍්තෙ රාජානං ආහ – “දෙවෙන මය‍්හං පුත‍්තස‍්ස ජාතකාලෙ වරො දින‍්නො, පුත‍්තස‍්ස මෙ රජ‍්ජං දෙහී”ති. රාජා “මය‍්හං ද‍්වෙ පුත‍්තා අග‍්ගික‍්ඛන්‍ධා විය ජලමානා විචරන‍්ති, න සක‍්කා තව පුත‍්තස‍්ස රජ‍්ජං දාතු”න‍්ති පටික‍්ඛිපිත්‍වාපි තං පුනප‍්පුනං යාචමානමෙව දිස‍්වා “අයං මය‍්හං පුත‍්තානං පාපකම‍්පි චින‍්තෙය්‍යා”ති පුත‍්තෙ පක‍්කොසාපෙත්‍වා ආහ – “තාතා, අහං සූරියකුමාරස‍්ස ජාතකාලෙ වරං අදාසිං. ඉදානිස‍්ස මාතා රජ‍්ජං යාචති, අහං තස‍්ස න දාතුකාමො, මාතුගාමො නාම පාපො, තුම‍්හාකං පාපකම‍්පි චින‍්තෙය්‍ය, තුම‍්හෙ අරඤ‍්ඤං පවිසිත්‍වා මම අච‍්චයෙන කුලසන‍්තකෙ නගරෙ රජ‍්ජං කරෙය්‍යාථා”ති රොදිත්‍වා කන්‍දිත්‍වා සීසෙ චුම‍්බිත්‍වා උය්‍යොජෙසි. තෙ පිතරං වන්‍දිත්‍වා පාසාදා ඔතරන‍්තෙ රාජඞ‍්ගණෙ කීළමානො සූරියකුමාරො දිස‍්වා තං කාරණං ඤත්‍වා “අහම‍්පි භාතිකෙහි සද‍්ධිං ගමිස‍්සාමී”ති තෙහි සද‍්ධිංයෙව නික‍්ඛමි. තෙ හිමවන‍්තං පවිසිංසු.

පෙර කසී රට බරණැස් නුවර බඹදත් නම් රජෙකු විය. එකල බෝසතාණෝ රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්හ. නම් තබන දිනයෙහි ඔහුට මහිංසාස කුමාර යි නමක් තැබූහ. ඔහු ඈතමෑත දුවපැන ඇවිදින කල රජුට තවත් පුතෙක් උපන. ඔහුට චන්ද කුමාර යි නමක් තැබූහ. ඔහු ඔබිමොබ දුවපැන ඇවිදින කළ බෝසත් මව කලුරිය කළාය. රජ අන් කතක් අග මෙහෙසි තනතුරෙහි තැබීය. ඇය රජුට ඉතා ප්‍රිය මනාප වූවාය. ඇය හා ප්‍රිය සංවාසය නිසා තවත් පුතකු වැදුවාය. ඔහුට සූරිය කුමාර යි නමක් තැබූහ. රජ පුත්‍රයා දැක සතුටු වූයේ සොඳුර, ඔබගේ පුත්‍රයාට වරයක් දෙමි යි කීය. දේවිය වරය කැමැති කාලයක ගතයුතු දෙයක් කොට තැබුවාය. කුමරා සුදුසු විය පත්වෙත්ම දේවයන් විසින් මපුතු උපන් කල වරයක් දෙන ලද්දේ නොවේද? මගේ පුත්‍රයාට රාජ්‍යය දෙනු මැනවැ යි කීවාය. රජ මගේ පුත්‍රයෝ දෙදෙන ගිනිකඳන් මෙන් බබලමින් සිටිති. ඔබ පුතුට රාජ්‍යය දිය නොහැකියැ යි ප්‍රතික්ෂේප කොට ඇය නැවත නැවතත් ඇවිටිලි කරනු දැක මැය මාගේ පුතුන්ට නපුරක් කැරතැයි සිතා, දරුවනි, මම සූරිය කුමරා උපන් කල වරයක් දුනිමි. දැන් ඔහුගේ මව තම පුතුට රාජ්‍යය ඉල්ලීය. මම සූරිය කුමරාට රාජ්‍යය දෙනු කැමැත්තේ නොවෙමි. මාගම්හු නමි පවිටුය. ඔබලාට නපුරක් විය හැකිය. ඔබලා වනයට ගොස් මා ඇවෑමෙන් කුල සන්තක රාජ්‍යය කරනු මැනවැ යි කියා හඬා වැලප, හිස සිඹ, පිටත් කැර හැරියේය. ඔවුන් දෙදෙනා පියා වැඳ, පහයෙන් බසින කල්හි රජ මිදුලෙහි සෙල්ලම් කරමින් සිටි සූරිය කුමාරයා ද ඔවුන් යන බව දැන මමත් සොහොයුරන් සමග යමි යි ඔවුන් සමග නික්මුණේය. ඔවුහු හිමවතට පිවිසියහ.

බොධිසත‍්තො මග‍්ගා ඔක‍්කම‍්ම රුක‍්ඛමූලෙ නිසීදිත්‍වා සූරියකුමාරං ආමන‍්තෙසි “තාත සූරියකුමාර, එතං සරං ගන‍්ත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච පදුමිනිපණ‍්ණෙහි අම‍්හාකම‍්පි පානීයං ආනෙහී”ති. තං පන සරං වෙස‍්සවණස‍්ස සන‍්තිකා එකෙන දකරක‍්ඛසෙන ලද‍්ධං හොති, වෙස‍්සවණො ච තං ආහ – “ඨපෙත්‍වා දෙවධම‍්මජානනකෙ යෙ අඤ‍්ඤෙ ඉමං සරං ඔතරන‍්ති, තෙ ඛාදිතුං ලභසි. අනොතිණ‍්ණෙ න ලභසී”ති. තතො පට‍්ඨාය සො රක‍්ඛසො යෙ තං සරං ඔතරන‍්ති, තෙ දෙවධම‍්මෙ පුච‍්ඡිත්‍වා යෙ න ජානන‍්ති, තෙ ඛාදති. අථ ඛො සූරියකුමාරො තං සරං ගන‍්ත්‍වා අවීමංසිත්‍වාව ඔතරි. අථ නං සො රක‍්ඛසො ගහෙත්‍වා “දෙවධම‍්මෙ ජානාසී”ති පුච‍්ඡි. සො “දෙවධම‍්මා නාම චන්‍දිමසූරියා”ති ආහ. අථ නං “ත්‍වං දෙවධම‍්මෙ න ජානාසී”ති වත්‍වා උදකං පවෙසෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානෙ ඨපෙසි. බොධිසත‍්තොපි තං අතිචිරායන‍්තං දිස‍්වා චන්‍දකුමාරං පෙසෙසි. රක‍්ඛසො තම‍්පි ගහෙත්‍වා “දෙවධම‍්මෙ ජානාසී”ති පුච‍්ඡි. “ආම ජානාමි, දෙවධම‍්මා නාම චතස‍්සො දිසා”ති. රක‍්ඛසො “න ත්‍වං දෙවධම‍්මෙ ජානාසී”ති තම‍්පි ගහෙත්‍වා තත්‍ථෙව ඨපෙසි.

බෝසතාණෝ මගින් පිත ගසක් මුල හිඳ, සූරිය කුමරුන් අමතා, සූරිය සොහොයුර, තෙල විලට ගොස් නා පැන් බී නෙළුම් පතකින් අපට ද පැන් ගෙනෙන්න. ඒ විල එක්තරා දිය රකුසකු විසින් වෙසමුණි රජුගෙන් ලබන ලද්දේය. වෙසමුණි රජ දේව ධර්මය දන්නවුන් හැර විලට බස්නා සෙස්සන් කෑමටත් විලට නො බටුවන් කෑමට නො ලැබෙන බවටත් වරම් දී ඇතැ යි කීය. එතැන් පටන් ඒ දිය රකුසා යමකු ඒ විලට බසිත් ද ඔවුන්ගෙන් දේව ධර්මය විචාරා, යමෙකු නො දනී නම් ඔවුන් කා දමයි. ඉක්බිති, සූරිය කුමරා ඒ විලට ගොස් නො විමසා ම විලට බැස්සේය. රකුසා ඔහු අල්ලාගෙන දේව ධර්මය දන්නේදැ යි විචාළේය. කුමරා දේව ධර්මය නම් ඉර හඳයැ යි කීය. ඔබ දේව ධර්මය නොදනී යි දිය යට ගෙන ගොස් තමාගේ වාසස්ථානයෙහි තැබීය. බෝසතාණෝ ද කුමරු පමාවනු දැක චන්ද කුමරුන් යැවීය. දිය රකුසා ඔහු ද අල්ලාගෙන දේව ධර්මය දනීදැ යි ඇසීය. එ සේය, දනිමි. දේව ධර්මය නම් සතර දිසාවෝය. රකුසා ඔබ දේව ධර්මය නොදනී යි ඔහු ද ගෙන එහි ම තැබීය.

බොධිසත‍්තො තස‍්මිම‍්පි චිරායන‍්තෙ “එකෙන අන‍්තරායෙන භවිතබ‍්බ”න‍්ති සයං තත්‍ථ ගන‍්ත්‍වා ද‍්වින‍්නම‍්පි ඔතරණපදවළඤ‍්ජං දිස‍්වා “රක‍්ඛසපරිග‍්ගහිතෙන ඉමිනා සරෙන භවිතබ‍්බ”න‍්ති ඛග‍්ගං සන‍්නය‍්හිත්‍වා ධනුං ගහෙත්‍වා අට‍්ඨාසි. දකරක‍්ඛසො බොධිසත‍්තං උදකං අනොතරන‍්තං දිස‍්වා වනකම‍්මිකපුරිසො විය හුත්‍වා බොධිසත‍්තං ආහ – “භො, පුරිස, ත්‍වං මග‍්ගකිලන‍්තො කස‍්මා ඉමං සරං ඔතරිත්‍වා න‍්හත්‍වා පිවිත්‍වා භිසමුළාලං ඛාදිත්‍වා පුප‍්ඵානි පිළන්‍ධිත්‍වා යථාසුඛං න ගච‍්ඡසී”ති? බොධිසත‍්තො තං දිස‍්වා “එසො යක‍්ඛො භවිස‍්සතී”ති ඤත්‍වා “තයා මෙ භාතිකා ගහිතා”ති ආහ. “ආම, ගහිතා”ති. “කිං කාරණා”ති? “අහං ඉමං සරං ඔතිණ‍්ණකෙ ලභාමී”ති. “කිං පන සබ‍්බෙව ලභසී”ති? “යෙ දෙවධම‍්මෙ ජානන‍්ති, තෙ ඨපෙත්‍වා අවසෙසෙ ලභාමී”ති. “අත්‍ථි පන තෙ දෙවධම‍්මෙහි අත්‍ථො”ති? “ආම, අත්‍ථී”ති. “යදි එවං අහං තෙ දෙවධම‍්මෙ කථෙස‍්සාමී”ති. “තෙන හි කථෙහි, අහං දෙවධම‍්මෙ සුණිස‍්සාමී”ති. බොධිසත‍්තො ආහ “අහං දෙවධම‍්මෙ කථෙය්‍යං, කිලිට‍්ඨගත‍්තො පනම‍්හී”ති. යක‍්ඛො බොධිසත‍්තං න‍්හාපෙත්‍වා භොජනං භොජෙත්‍වා පානීයං පායෙත්‍වා පුප‍්ඵානි පිළන්‍ධාපෙත්‍වා ගන්‍ධෙහි විලිම‍්පාපෙත්‍වා අලඞ‍්කතමණ‍්ඩපමජ‍්ඣෙ පල‍්ලඞ‍්කං අත්‍ථරිත්‍වා අදාසි.

බෝසතාණෝ ඔහු පමාවෙත්ම කිසියම් උවදුරක් විය යුතුයැ යි තෙමේ ම එහි ගොස් දෙකුමරුන්ගේ විලට බට පිය සටහන් දැක මේ විල රකුසකු විසින් අරක්ගන්නා විලක් විය යුතුයැ යි කඩුව දරා, දුන්න ගෙන සිටියේය. දිය රකුසා බෝසතුන් විල නොබසින බව දැක වනකැමි මිනිසකු මෙන් පෙනී සිටි බෝසතුන්ට මෙසේ කීය. පින්වත් පුරුෂය, ඔබ ගමන් විඩා ඇත්තේ මේ විලට බැස නා බී, නෙළුම් අල කා මල් පැළද සුව සේ නොයන්නේ ඇයි? බෝසතාණෝ ඔහු දැක මේ ඒ රකුසා විය යුතුයැ යි දැන, ඔබ විසින් මාගේ සොහොයුරෝ ගන්නා ලද්දාහුදැ යි ඇසීය. එ සේය. මක්නිසාද? මේ විලට බටුවන් අල්ලාගනිමි. විලට බස්නා සියල්ලන් අල්ලා ගන්නෙහිද? යමෙකු දේව ධර්මය දනී ද ඔවුන් හැර සෙස්සන් අල්ලාගනිමි. ඔබට දේව ධර්මයෙන් වැඩක් තිබේද? එ සේය. ඇත. ඔබට දේව ධර්මය මම ඔබ කියන්නෙමි. එ සේ නම් කියනු මැනවි. මම අසන්නෙමි. මම ඔබට දේව ධර්මය කියන්නෙමි. මම කිළිටි වූ සිරුරු ඇත්තේ වෙමි යි කීය. රකුසා බෝසතුන් නහවා, බොජුන් වළඳවා, පැන් පොවා, මල් පළඳවා, සුවඳ විලවුන් ගල්වා, විසිතුරු මණ්ඩපයක අසුනක් පනවා දුන්නේය.

බොධිසත‍්තො ආසනෙ නිසීදිත්‍වා යක‍්ඛං පාදමූලෙ නිසීදාපෙත්‍වා “තෙන හි ඔහිතසොතො සක‍්කච‍්චං දෙවධම‍්මෙ සුණාහී”ති ඉමං ගාථමාහ –

බෝසතාණෝ අසුනෙහි හිඳ රකුසා පාමුල හිඳුවා, එ සේ නම් කන් යොමා සකසා දේව ධර්මය අසව යි මේ ගාථාව දෙසූහ.

“හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නා, සුක‍්කධම‍්මසමාහිතා; සන‍්තො සප‍්පුරිසා ලොකෙ, දෙවධම‍්මාති වුච‍්චරෙ”ති.

“හිරිඔත්තප්ප සම්පන්නා සුක්කධම්ම සමාහිතා, සන්තො සප්පුරිසා ලොකෙ දෙවධම්මාති වුච්චරෙ”

“හිරිඔතප් දෙකින් යුත් පිරිසිදු දහමින් සිත දරාගත්, යම් ශාන්ත වූ සත්පුරුෂ කෙනෙක් ලොව වෙත් ද ඒ දේව ධර්මයයි. ඔවුහු දේව ධර්මයෝයැ යි කියනු ලබත්.”

තත්‍ථ හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නාති හිරියා ච ඔත‍්තප‍්පෙන ච සමන‍්නාගතා. තෙසු කායදුච‍්චරිතාදීහි හිරියතීති හිරී, ලජ‍්ජායෙතං අධිවචනං. තෙහියෙව ඔත‍්තප‍්පතීති ඔත‍්තප‍්පං, පාපතො උබ‍්බෙගස‍්සෙතං අධිවචනං. තත්‍ථ අජ‍්ඣත‍්තසමුට‍්ඨානා හිරී, බහිද‍්ධාසමුට‍්ඨානං ඔත‍්තප‍්පං. අත‍්තාධිපතෙය්‍යා හිරී, ලොකාධිපතෙය්‍යං ඔත‍්තප‍්පං. ලජ‍්ජාසභාවසණ‍්ඨිතා හිරී, භයසභාවසණ‍්ඨිතං ඔත‍්තප‍්පං. සප‍්පතිස‍්සවලක‍්ඛණා හිරී, වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පං.

ඒ ගාථාවෙහි “හිරිඔත්තප්ප සම්පන්නා” යනු ලජ්ජාවෙන් ද බියෙන් ද යුක්ත වූවාහුය. කාය දුශ්චරිතාදියෙන් ලජ්ජා වීම, හිරි නමි. ලජ්ජාවට මේ නමකි. එම දුසිරිත් ආදියෙන් බිය වීම, ඔත්තප්ප නමි. පවට ඇති බියට මේ නමකි. එහි ලජ්ජාව ඇතුළතින් උපදී. බැහැරින් උපදින්නේ බියයි. ලජ්ජාව තමා අධිපතිකොට පවතී. බිය සත්ත්ව ලෝකය අධිපතිකොට පවතී. හිරි වනාහි ලජ්ජාව ස්වභාවකොට පවතී. ඔත්තප්ප බය ස්වභාවකොට පවතී. ලජ්ජාව අවනත ස්වභාවය ලක්‍ෂණකොට පවතී. බය වරදෙහි බව දක්නා ස්වභාවය ලක්‍ෂණකොට පවතී.

තත්‍ථ අජ‍්ඣත‍්තසමුට‍්ඨානං හිරිං චතූහි කාරණෙහි සමුට‍්ඨාපෙති – ජාතිං පච‍්චවෙක‍්ඛිත්‍වා වයං පච‍්චවෙක‍්ඛිත්‍වා සූරභාවං පච‍්චවෙක‍්ඛිත්‍වා බාහුසච‍්චං පච‍්චවෙක‍්ඛිත්‍වා . කථං? “පාපකරණං නාමෙතං න ජාතිසම‍්පන‍්නානං කම‍්මං, හීනජච‍්චානං කෙවට‍්ටාදීනං කම‍්මං, මාදිසස‍්ස ජාතිසම‍්පන‍්නස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං තාව ජාතිං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා “පාපකරණං නාමෙතං දහරෙහි කත‍්තබ‍්බං කම‍්මං, මාදිසස‍්ස වයෙ ඨිතස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං වයං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා “පාපකම‍්මං නාමෙතං දුබ‍්බලජාතිකානං කම‍්මං, මාදිසස‍්ස සූරභාවසම‍්පන‍්නස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං සූරභාවං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා “පාපකම‍්මං නාමෙතං අන්‍ධබාලානං කම‍්මං, න පණ‍්ඩිතානං, මාදිසස‍්ස පණ‍්ඩිතස‍්ස බහුස‍්සුතස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං බාහුසච‍්චං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. එවං අජ‍්ඣත‍්තසමුට‍්ඨානං හිරිං චතූහි කාරණෙහි සමුට‍්ඨාපෙති. සමුට‍්ඨාපෙත්‍වා ච පන අත‍්තනො චිත‍්තෙ හිරිං පවෙසෙත්‍වා පාපකම‍්මං න කරොති. එවං හිරී අජ‍්ඣත‍්තසමුට‍්ඨානා නාම හොති.

මෙහි ද ඇතුළතින් හටගන්නා ලජ්ජාව කරුණු සතරකින් උපදී. ජාතිය ගැන සිතා, වයස ගැන සිතා, තම දක්‍ෂතාවය ගැන සිතා, බහුශ්‍රැත බව ගැන සිතා යනුවෙනි. ඒ කෙසේ ද යත්, පව් කිරීම උසස් කුලවතුන්ගේ ක්‍රියාවක් නොවේ. කේවට්ටාදී (මස් මරන්නන්) හීන ජාතිකයන්ගේ ක්‍රියාවකි. මෙවැනි උසස් කුලවතකුට මේ ක්‍රියාව කිරීමට සුදුසු නැතැ යි මෙසේ ජාතිය ගැන සිතා, පාණාතිපාතාදී පව් කම් නොකරන්නේ ලජ්ජාව උපදවා ගනී. එ සේ ම පාපක්‍රියා කිරීම නොදරුවන් විසින් කළයුතු ක්‍රියාවකි. ඔබ වැනි වයසෙහි සිටිනා අය විසින් කළයුතු දෙයක් නොවේ. මෙසේ වයස ගැන සිතා පාණාතිපාතාදී පව් කම් නොකොට ලජ්ජාව උපදවා ගනී. එ සේ ම මේ පව් කම් නම්, දුබලයන්ගේ ක්‍රියාවකි. එවැනි දක්‍ෂයකු හට මේ ක්‍රියාව කිරීම සුදුසු නැත. තම හැකියාව ගැන සිතා පව්කම් නොකොට ලජ්ජාව උපදවා ගනී. එ සේ ම මේ පව් කම් අඳ බාලයන්ගේ ක්‍රියාවකි. නැණවතුන්ගේ ක්‍රියාවක් නොවේ. මා වැනි නුවණැති බහුශ්‍රැතියකුට මේ ක්‍රියාව කිරීමට සුදුසු නො වේයැ යි බහුශ්‍රැත බව සලකා ප්‍රාණඝාතාදී පව් කම් නොකොට ලජ්ජාව උපදවා ගනී. මෙසේ ඇතුළතින් හට ගන්නා ලජ්ජාව කරුණු සතරක් නිසා උපදී. මෙසේ උපදවාගත් ලජ්ජාව තම සිතට පිවිසවා පව්කම් නොකරයි. මෙසේ ලජ්ජාව “අජ්ඣත්ත සමුට්ඨාන” නම් වෙයි.

කථං ඔත‍්තප‍්පං බහිද‍්ධාසමුට‍්ඨානං නාම? “සචෙ ත්‍වං පාපකම‍්මං කරිස‍්සසි, චතූසු පරිසාසු ගරහප‍්පත‍්තො භවිස‍්සසි.

කෙසේ නම් ඔත්තප්ප (බය) බැහැරින් හටගන්නේ නම් වෙයි ද? ඉදින් ඔබ පව් කම් කරන්නේ නම්, සිව් පිරිස් මැද ගැරහිය යුත්තෙකු වන්නෙහිය.

“ගරහිස‍්සන‍්ති තං විඤ‍්ඤූ, අසුචිං නාගරිකො යථා; වජ‍්ජිතො සීලවන‍්තෙහි, කථං භික‍්ඛු කරිස‍්සසී”ති. (ධ· ස· අට‍්ඨ· 1 බලරාසිවණ‍්ණනා) –

“ගරහිස්සන්ති තං විඤ්ඤූ අසුචිං නාගරිකො යථා, විවජ්ජිතො සීලවන්තෙහි කථං භික්‍ඛු කරිස්සසී”

“මහණ, නගර වැසියෙකු අසූචියට පිළිකුල් කරන්නේ යම් සේ ද ඔබ සිල්වතුන් විසින් බැහැර කරන ලද්දේ ශාසනික කටයුතු කෙසේ නම් කරන්නේ ද?”

එවං පච‍්චවෙක‍්ඛන‍්තො හි බහිද‍්ධාසමුට‍්ඨිතෙන ඔත‍්තප‍්පෙන පාපකම‍්මං න කරොති. එවං ඔත‍්තප‍්පං බහිද‍්ධාසමුට‍්ඨානං නාම හොති.

මෙසේ නුවණින් විමසමින් බැහැරින් හටගන්නා බය නිසා පව් කම් නොකරයි. මෙනයින් (ඔත්තප්ප) බය බැහැරින් හට ගන්නේ නම් වෙයි.

කථං හිරී අත‍්තාධිපතෙය්‍යා නාම? ඉධෙකච‍්චො කුලපුත‍්තො අත‍්තානං අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා “මාදිසස‍්ස සද‍්ධාපබ‍්බජිතස‍්ස බහුස‍්සුතස‍්ස ධුතඞ‍්ගධරස‍්ස න යුත‍්තං පාපකම‍්මං කාතු”න‍්ති පාපං න කරොති. එවං හිරී අත‍්තාධිපතෙය්‍යා නාම හොති. තෙනාහ භගවා –

කෙසේ නම් (හිරි) ලජ්ජාව තමා අධිපතිකොට ඇත්තේ වේ ද? මෙලොව කුල දරුවෙක් තමා අධිපතියෙක්, දෙටුවෙක් කොට සිතා ඔබ වැනි සැදැහැයෙන් පැවිදි වූ උගතකුට ධූත ගුණ දරන්නෙකුට පව් කම් කිරීම සුදුසු නොවේයැ යි සිතා, පව් කම් නොකරයි. මේ අයුරින් ලජ්ජාව තමා අධිපති කොට පවත්නේ වෙයි. එහෙයින් වදාළහ බුදුහු -

“සො අත‍්තානංයෙව අධිපතිං කත්‍වා අකුසලං පජහති, කුසලං භාවෙති. සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති. සුද‍්ධමත‍්තානං පරිහරතී”ති (අ· නි· 3.40).

හෙතෙම තමා ම අධිපති කොට අකුසල් අත්හරී. කුසල් වඩයි. වැරදි සහිත දෙය අත්හරී. නිවැරදි දෙය වඩයි. තමා පිරිසිදුව හැසිරෙයි.

කථං ඔත‍්තප‍්පං ලොකාධිපතෙය්‍යං නාම? ඉධෙකච‍්චො කුලපුත‍්තො ලොකං අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා පාපකම‍්මං න කරොති. යථාහ –

කෙසේ නම් (ඔත්තප්ප) බය ලෝකය අධිපති කොට පවතී ද? මේ ලෝකයෙහි දැහැමි කුල පුත්‍රයෙක් ලෝකය අධිපති කොට, දෙටු කො අකුසල් නොකරයි. එ හෙයින් කියන ලදි -

“මහා ඛො පනායං ලොකසන‍්නිවාසො. මහන‍්තස‍්මිං ඛො පන ලොකසන‍්නිවාසෙ සන‍්ති සමණබ්‍රාහ‍්මණා ඉද‍්ධිමන‍්තො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනො, තෙ දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං ජානන‍්ති, තෙපි මං එවං ජානිස‍්සන‍්ති ‘පස‍්සථ භො, ඉමං කුලපුත‍්තං, සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො සමානො වොකිණ‍්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහී’ති.

මේ සමස්ත ලෝකය ඉතා විශාලය. ඒ සමස්ත ලෝකයෙහි සෘද්ධි ඇති, දිවැස් ඇති, මෙරමා සිත් දන්නා මහණ බමුණෝ සිටිත්. එතුමෝ දුර සිටිය ද මෙරමා දකිත්. ඔවුහු ළඟ සිටිය ද මෙරමා හට නොපෙනෙත්. තම සිතින් මෙරමා සිත දකිත්. එතුමෝ මා මෙසේ දනිත්. පින්වත, බලනු මැනවි. මේ කුල පුත්‍රයා සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වූයේ, පවිටු අකුසලවලින් ගහණ ව වෙසෙයි.

“සන‍්ති දෙවතා ඉද‍්ධිමන‍්තියො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනියො, තා දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං ජානන‍්ති, තාපි මං එවං ජානිස‍්සන‍්ති ‘පස‍්සථ භො, ඉමං කුලපුත‍්තං, සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො සමානො වොකිණ‍්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහී’ති. සො ලොකංයෙව අධිපතිං ජෙට‍්ඨකං කරිත්‍වා අකුසලං පජහති, කුසලං භාවෙති. සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති. සුද‍්ධමත‍්තානං පරිහරතී”ති (අ· නි· 3.40).

සමහර සෘද්ධි ඇති, දිවැස් ඇති, මෙරමා සිත් දන්නා දේවතාවෝ සිටිත්. ඔවුහු දුර සිට මෙරමා දකිත්. ළඟ සි වුව ද මෙරමා හට ඔවුහු නොපෙනෙත්. ඔවුහුගේ සිත් මෙරමා සිත දකිත්. ඔවුහු ද මා මෙසේ දනිත්. පින්වත, බලනු මැනවි. මේ කුල පුත්‍රයා සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම පැවිදි වූවත් පවිටු අකුසල ධර්මයන්හි ගහණ ව වෙසෙයි. ඔහු මෙසේ ලෝකය අධිපති කොට අකුසල් දුරලයි. කුසල් වඩයි. වැරදි දෙය දුරලයි. නිවැරදි දෙය වඩයි. පිරිසිදු ව ජීවත් වෙයි.

එවං ඔත‍්තප‍්පං ලොකාධිපතෙය්‍යං නාම හොති.

මෙසේ (ඔත්තප්ප) බය, ලෝකය අධිපති කොට ඇත්තේ නම් වෙයි.

“ලජ‍්ජාසභාවසණ‍්ඨිතා හිරී, භයසභාවසණ‍්ඨිතං ඔත‍්තප‍්ප”න‍්ති එත්‍ථ පන ලජ‍්ජාති ලජ‍්ජනාකාරො, තෙන සභාවෙන සණ‍්ඨිතා හිරී. භයන‍්ති අපායභයං, තෙන සභාවෙන සණ‍්ඨිතං ඔත‍්තප‍්පං. තදුභයම‍්පි පාපපරිවජ‍්ජනෙ පාකටං හොති. එකච‍්චො හි යථා නාමෙකො කුලපුත‍්තො උච‍්චාරපස‍්සාවාදීනි කරොන‍්තො ලජ‍්ජිතබ‍්බයුත‍්තකං එකං දිස‍්වා ලජ‍්ජනාකාරප‍්පත‍්තො භවෙය්‍ය හීළිතො, එවමෙවං අජ‍්ඣත‍්තං ලජ‍්ජිධම‍්මං ඔක‍්කමිත්‍වා පාපකම‍්මං න කරොති. එකච‍්චො අපායභයභීතො හුත්‍වා පාපකම‍්මං න කරොති. තත්‍රිදං ඔපම‍්මං – යථා හි ද‍්වීසු අයොගුළෙසු එකො සීතලො භවෙය්‍ය ගූථමක‍්ඛිතො, එකො උණ‍්හො ආදිත‍්තො. තත්‍ථ පණ‍්ඩිතො සීතලං ගූථමක‍්ඛිතත‍්තා ජිගුච‍්ඡන‍්තො න ගණ‍්හාති, ඉතරං ඩාහභයෙන. තත්‍ථ සීතලස‍්ස ගූථමක‍්ඛිතස‍්ස ජිගුච‍්ඡාය අගණ‍්හනං විය අජ‍්ඣත‍්තං ලජ‍්ජිධම‍්මං ඔක‍්කමිත්‍වා පාපස‍්ස අකරණං, උණ‍්හස‍්ස ඩාහභයෙන අගණ‍්හනං විය අපායභයෙන පාපස‍්ස අකරණං වෙදිතබ‍්බං.

හිරි, ලජ්ජාව ස්වභාව කොට ඇත්තේය. ඔත්තප්පය, බය ස්වභාව කොට ඇත්තේය. යන මෙහි ලජ්ජාව යනු ලජ්ජා වන ස්වභාවයයි. බය නම් අපාය බයයි. ඒ ස්වභාවයෙන් පිහිටියේය. මේ ලක්‍ෂණ දෙක ම අකුසල් දුරු කිරීමෙහි දී ප්‍රකට වේ. ඇතැම් කෙනෙක් මළමුත්‍ර කිරීමෙහි දී පවා ලජ්ජාවිය යුතු අයකු දැක ලජ්ජා වන්නෝය. ඒ අයුරින් සිත තුළ ලජ්ජාව ඇති වී පව්කම් නොකරයි. ඇතැමෙක් අපායට බිය වී පව්කම් නොකරති. ඒ සඳහා මේ උපමාව දැක්විය හැකිය. ලෝ ගුලි දෙකකින් එකක් සීතලය. අසූචි තැවරී ඇත. අනෙක උණුසුම්ය. ගිනියම් වී ඇත. එහි දී නුවණැත්තා අසූචි තැවරුණු බැවින් ලෝගුලිය පිළිකුල් කරන්නේ, නොගනී. අනෙක තාප බයින් නොගනී. එහි සිසිල අසූචි තැවරුණු ලෝ ගුලිය පිළිකුලින් නොගන්නාක් මෙන් සිතෙහි ලජ්ජාව ඇති වී පාප ධර්ම නොකිරීම මෙනි. උණුසුම් ලෝ ගුලිය තාප බයින් නොගන්නාක් මෙන් අපායට බයින් පව්කම් නොකරන්නා මෙයැ යි දත යුතුය.

“සප‍්පතිස‍්සවලක‍්ඛණා හිරී, වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්ප”න‍්ති ඉදම‍්පි ද‍්වයං පාපපරිවජ‍්ජනෙයෙව පාකටං හොති. එකච‍්චො හි ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණා, සත්‍ථුමහත‍්තපච‍්චවෙක‍්ඛණා, දායජ‍්ජමහත‍්තපච‍්චවෙක‍්ඛණා, සබ්‍රහ‍්මචාරිමහත‍්තපච‍්චවෙක‍්ඛණාති චතූහි කාරණෙහි සප‍්පතිස‍්සවලක‍්ඛණං හිරිං සමුට‍්ඨාපෙත්‍වා පාපං න කරොති. එකච‍්චො අත‍්තානුවාදභයං, පරානුවාදභයං, දණ‍්ඩභයං, දුග‍්ගතිභයන‍්ති චතූහි කාරණෙහි වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පං සමුට‍්ඨාපෙත්‍වා පාපං න කරොති. තත්‍ථ ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණාදීනි චෙව අත‍්තානුවාදභයාදීනි ච විත්‍ථාරෙත්‍වා කථෙතබ‍්බානි. තෙසං විත්‍ථාරො අඞ‍්ගුත‍්තරනිකායට‍්ඨකථායං වුත‍්තො.

(හිරි) ලජ්ජාව අධිපති ස්වභාව ලක්ෂණකොට ඇත්තේය. (ඔත්තප්ප) බය වරදෙහි බිය දක්නා සියලු ස්වභාවය ලක්‍ෂණකොට ඇත. මේ ලජ්ජා, බය දෙක ම පාප කර්ම දුරු කිරීමෙහි දී ම ප්‍රකට වෙයි. මෙහි දී (හිරි) ලජ්ජාව, ජාති (කුල) මහත් බව සැලකීම, බුදුරදුන්ගේ උසස් බව සැලකීම, බුදු සසුනෙන් ලැබිය යුතු දායාද (මඟඵල) මහත් බව සැලකීම, සඟ මහත් බව සැලකීම, යන සිව් කරුණෙන් අවනත ගති ඇති ලජ්ජාව උපදින, පව්කම් නොකරයි. එ සේ ම තමා ම තමාට කරන අපවාද බය, මෙරමා කරන අපවාද බය, දඬුවම් බිය, දුගති බිය යන සිව් කරුණෙන් වරදෙහි බිය දක්නා ලක්ෂණ ඇති ඔත්තප්පය උපදවා පව් කම් නොකරයි. මෙහි දී ජාතිමහත් බව සැලකීම, ආදචිය ද තමා ම තමාට කරන අපවාද ආදී බය ද විස්තරකොට කිය යුතුය. එහි විස්තර අංගුත්තර අටුවාවෙහි කියන ලදි.

සුක‍්කධම‍්මසමාහිතාති ඉදමෙව හිරොත‍්තප‍්පං ආදිං කත්‍වා කත‍්තබ‍්බා කුසලා ධම‍්මා සුක‍්කධම‍්මා නාම, තෙ සබ‍්බසඞ‍්ගාහකනයෙන චතුභූමකලොකියලොකුත‍්තරධම‍්මා. තෙහි සමාහිතා සමන‍්නාගතාති අත්‍ථො. සන‍්තො සප‍්පුරිසා ලොකෙති කායකම‍්මාදීනං සන‍්තතාය සන‍්තො, කතඤ‍්ඤුකතවෙදිතාය සොභනා පුරිසාති සප‍්පුරිසා. ලොකො පන සඞ‍්ඛාරලොකො, සත‍්තලොකො, ඔකාසලොකො, ඛන්‍ධලොකො, ආයතනලොකො, ධාතුලොකොති අනෙකවිධො. තත්‍ථ “එකො ලොකො සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා…පෙ… අට‍්ඨාරස ලොකා අට‍්ඨාරස ධාතුයො”ති (පටි· ම· 1.112) එත්‍ථ සඞ‍්ඛාරලොකො වුත‍්තො. ඛන්‍ධලොකාදයො තදන‍්තොගධායෙව. “අයං ලොකො පරලොකො, දෙවලොකො මනුස‍්සලොකො”තිආදීසු (මහානි· 3; චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 2) පන සත‍්තලොකො වුත‍්තො.

“සුක්ක ධම්ම සමාහිතා” යනු මෙහි මෙම හිරි ඔතප් මුල්කොට කළ යුතු කුසල ධර්ම සක්ක ධම්ම (පිරිසිදු) නමි. ඒ සියල්ල එකට කැටිකොට ගත් කල කාමාවචරාදී චතුර්භූමික ලෞකික ලෝකෝත්තර ධර්මයෝය. මෙයින් යුක්ත පුද්ගලයෝ ගැනෙති. මෙයින් යුක්ත වූවෝ යන අර්ථයයි. “සන්තො සප්පුරිසා ලොකෙ” යන්නෙහි කයින් කැරෙන වැරදි ආදියෙන් සන්සිඳුණු හෙයින් සාන්ත නමි. කෙළෙහි ගුණ දන්නා බැවින් සෝබන පුරුෂයෝ, සත්පුරුෂයෝ වෙති. ලෝකය වනාහි සංඛාර ලෝක, සත්ත්ව ලෝක, ඔකාස ලෝක (අවකාශ ලෝක), බන්ධ ලෝක, ආයතන ලෝක, ධාතු ලෝක වශයෙන් විවිධ වේ. එක ම ලෝකය සියලු සත්ත්වයෝ ආහාරය නිසා පවතින්නාහු වෙති. -පෙ- අටළොසක් ලෝකය අටළොසක් ධාතුය යන මෙතැන්හි සංඛාර ලෝකය කියන ලදි. බන්‍ධ ලෝක ආදිය ද මෙහි ම ඇතුළත් වේ. මෙලොව, පරලොව, දෙව්ලොව, මිනිස්ලොව ආදී තැන්හි සත්ත්ව ලෝකය කියන ලදි.

“යාවතා චන්‍දිමසූරියා, පරිහරන‍්ති දිසා භන‍්ති විරොචමානා; තාව සහස‍්සධා ලොකො, එත්‍ථ තෙ වත‍්තතෙ වසො”ති. (ම· නි· 1.503) –

යම්තාක් ප්‍රභාවත් සඳ, හිරු දෙදෙන භ්‍රමණය වෙයි ද දිසාවන් ආලෝක කරයි ද එතෙක් ලෝකය දහස් අයුරකින් ඔබගේ වසඟයෙහි පවතී.

එත්‍ථ ඔකාසලොකො වුත‍්තො. තෙසු ඉධ සත‍්තලොකො අධිප‍්පෙතො. සත‍්තලොකස‍්මිඤ‍්හි යෙ එවරූපා සප‍්පුරිසා, තෙ දෙවධම‍්මාති වුච‍්චන‍්ති.

මෙහි අවකාශ ලෝකය කියන ලදි. මේ ලෝක අතුරින් මෙහි දී සත්ත්ව ලෝකය අදහස් කරන ලදි. සත්ත්ව ලෝකයෙහි ම එබඳු සත්පුරුෂයෝ වෙති. ඔවුහු ම දේව ධර්ම ඇත්තෝයැ යි කියනු ලැබෙත්.

තත්‍ථ දෙවාති සම‍්මුතිදෙවා, උපපත‍්තිදෙවා, විසුද‍්ධිදෙවාති තිවිධා. තෙසු මහාසම‍්මතකාලතො පට‍්ඨාය ලොකෙන “දෙවා”ති සම‍්මතත‍්තා රාජරාජකුමාරාදයො සම‍්මුතිදෙවා නාම. දෙවලොකෙ උප‍්පන‍්නා උපපත‍්තිදෙවා නාම. ඛීණාසවා පන විසුද‍්ධිදෙවා නාම. වුත‍්තම‍්පි චෙතං –

එහි ද දෙවියෝ සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව වශයෙන් ත්‍රිවිධ වෙති. ඔවුනතුරෙන් ද මහා සම්මත කාලයේ පටන් දෙවියෝයැ යි සම්මත කොට ඇති හෙයින් රාජ රාජ කුමාරවරු ම සම්මුති දේව නම් වෙති. දෙව්ලොව උපන්නෝ උප්පත්ති දේව නම් වෙති. රහත්හු විසුද්ධි දේව නම් වෙති. මෙසේ ද කියන ලදි -

“සම‍්මුතිදෙවා නාම රාජානො දෙවියො රාජකුමාරා. උපපත‍්තිදෙවා නාම භුම‍්මදෙවෙ උපාදාය තදුත‍්තරිදෙවා. විසුද‍්ධිදෙවා නාම බුද‍්ධා පච‍්චෙකබුද‍්ධා ඛීණාසවා”ති (චූළනි· ධොතකමාණවපුච‍්ඡානිද‍්දෙස 32; පාරායනානුගීතිගාථානිද‍්දෙස 119).

සම්මුති දෙවියෝ නම් පොළොව ආශ්‍රිත දෙවියන්ගේ පටන් ඉන් මත්තෙහි සිටින දෙවියෝය. විසුද්ධි දෙවියෝ නම් බුදු, පසේබුදු, මහ රහත්හු ය.

ඉමෙසං දෙවානං ධම‍්මාති දෙවධම‍්මා. වුච‍්චරෙති වුච‍්චන‍්ති. හිරොත‍්තප‍්පමූලකා හි කුසලා ධම‍්මා කුලසම‍්පදාය චෙව දෙවලොකෙ නිබ‍්බත‍්තියා ච විසුද‍්ධිභාවස‍්ස ච කාරණත‍්තා කාරණට‍්ඨෙන තිවිධානම‍්පි තෙසං දෙවානං ධම‍්මාති දෙවධම‍්මා, තෙහි දෙවධම‍්මෙහි සමන‍්නාගතා පුග‍්ගලාපි දෙවධම‍්මා. තස‍්මා පුග‍්ගලාධිට‍්ඨානදෙසනාය තෙ ධම‍්මෙ දස‍්සෙන‍්තො “සන‍්තො සප‍්පුරිසා ලොකෙ, දෙවධම‍්මාති වුච‍්චරෙ”ති ආහ.

මෙකී දෙවියන්ගේ ධර්මයන් දේව ධර්මයැ යි කියනු ලැබේ. කුසල ධර්ම වනාහි හිරි ඔත් මුල්කොට පවතී. කුසල් සම්පත්තිය නිසා ම දෙව්ලොව ඉපදීමට ද රහත් බැවින් පිරිසිදු වීමට ද හේතුවන බැවින්, හේතු වන අරුතින් ත්‍රිවිධ දෙවියන්ගේ ධර්මය දේව ධර්ම නමි. ඒ දේව ධර්මයෙන් යුක්ත වූ පුද්ගලයෝ ද දේව ධර්ම වෙති. එම නිසා මේ දේශනාවෙහි පුද්ගල ප්‍රමුඛ කොට මේ ධර්ම දක්වන්නේ ලෝකයෙහි ශාන්ත සත්පුරුෂයෝ දේව ධර්මයැ යි කියනු ලැබෙතැ යි කීහ.

යක‍්ඛො ඉමං ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නචිත‍්තො බොධිසත‍්තං ආහ – “පණ‍්ඩිත, අහං තුම‍්හාකං පසන‍්නො, එකං භාතරං දෙමි, කතරං ආනෙමී”ති? “කනිට‍්ඨං ආනෙහී”ති. “පණ‍්ඩිත, ත්‍වං කෙවලං දෙවධම‍්මෙ ජානාසියෙව, න පන තෙසු වත‍්තසී”ති. “කිං කාරණා”ති? “යංකාරණා ජෙට‍්ඨකං ඨපෙත්‍වා කනිට‍්ඨං ආණාපෙන‍්තො ජෙට‍්ඨාපචායිකකම‍්මං න කරොසී”ති. දෙවධම‍්මෙ චාහං, යක‍්ඛ, ජානාමි, තෙසු ච වත‍්තාමි. මයඤ‍්හි ඉමං අරඤ‍්ඤං එතං නිස‍්සාය පවිට‍්ඨා. එතස‍්ස හි අත්‍ථාය අම‍්හාකං පිතරං එතස‍්ස මාතා රජ‍්ජං යාචි, අම‍්හාකං පන පිතා තං වරං අදත්‍වා අම‍්හාකං අනුරක‍්ඛණත්‍ථාය අරඤ‍්ඤවාසං අනුජානි. සො කුමාරො අනුවත‍්තිත්‍වා අම‍්හෙහි සද‍්ධිං ආගතො. “තං අරඤ‍්ඤෙ එකො යක‍්ඛො ඛාදී”ති වුත‍්තෙපි න කොචි සද‍්දහිස‍්සති, තෙනාහං ගරහභයභීතො තමෙව ආණාපෙමීති. “සාධු සාධු පණ‍්ඩිත, ත්‍වං දෙවධම‍්මෙ ච ජානාසි, තෙසු ච වත‍්තසී”ති පසන‍්නො යක‍්ඛො බොධිසත‍්තස‍්ස සාධුකාරං දත්‍වා ද‍්වෙපි භාතරො ආනෙත්‍වා අදාසි.

රාක්ෂයා මේ දම් දෙසුම අසා පැහැදී බෝසතුන්ට මෙසේ කීය. පණ්ඩිතය, මම ඔබට පැහැදුණෙමි. එම නිසා එක් සොහොයුරෙක් දෙමි. කවරෙකු ගෙන එම් ද? කනිටු සොහොයුරා ගෙන එනු. පණ්ඩිතය, ඔබ හුදෙක් දේව ධර්මය දන්නෙක් වෙයි. ඒ අනුව පිළිපදින්නෙක් නොවේ. දෙටු සොහොයුරා තබා කනිටු සොහොයුරු ගෙන්වා ගන්නේ කුමක් නිසා ද? දෙටුවන්ට ගරු කිරීමේ කුසලය නො කරන්නේය. රාක්‍ෂය, මම දේව ධර්මය දන්නවා පමණක් නොව ඒ පිළිපදින්නෙක් ද වෙමි. අප වනගත වූයේ ද කනිටු සොහොයුරා නිසාය. මොහුගේ මව මොහුට රාජ්‍යය දෙන ලෙස අප පියාට ඇවිටිලි කළාය. අප පියා ඇයට එම වරය නොදී අප ආරක්ෂාව පිණිස වනවාසය අනුමත කළේය. එම කනිටු කුමරා නො නැවතී අප සමග පැමිණියේය. යක්‍ෂයකු විසින් වනයේ දී ඔහු කන ලද්දේයැ යි කීව ද කිසිවෙක් ඒ නො පිළිගන්නෝය. එම නිසා මම නින්දාවට බියෙන් ඔහු ම ඉල්ලා සිටිමි. යහපති, යහපති, පණ්ඩිතයෙනි, ඔබ දේව ධර්මය දන්නේ පමණක් නොව, ඒ අනුව පිළිපදින්නෙහියැ යි පැහැදුනු යක්‍ෂයා බෝසතුන්ට සාධුකාර දී සොහොයුරන් දෙදෙනා ම ගෙනවුත් දුන්නේය.

අථ නං බොධිසත‍්තො ආහ – “සම‍්ම, ත්‍වං පුබ‍්බෙ අත‍්තනා කතෙන පාපකම‍්මෙන පරෙසං මංසලොහිතඛාදකො යක‍්ඛො හුත්‍වා නිබ‍්බත‍්තො, ඉදානිපි පාපමෙව කරොසි, ඉදං තෙ පාපකම‍්මං නිරයාදීහි මුච‍්චිතුං ඔකාසං න දස‍්සති , තස‍්මා ඉතො පට‍්ඨාය පාපං පහාය කුසලං කරොහී”ති. අසක‍්ඛි ච පන තං දමෙතුං. සො තං යක‍්ඛං දමෙත්‍වා තෙන සංවිහිතාරක‍්ඛො තත්‍ථෙව වසන‍්තො එකදිවසං නක‍්ඛත‍්තං ඔලොකෙත්‍වා පිතු කාලකතභාවං ඤත්‍වා යක‍්ඛං ආදාය බාරාණසිං ගන‍්ත්‍වා රජ‍්ජං ගහෙත්‍වා චන්‍දකුමාරස‍්ස ඔපරජ‍්ජං, සූරියකුමාරස‍්ස සෙනාපතිට‍්ඨානං, දත්‍වා යක‍්ඛස‍්ස රමණීයෙ ඨානෙ ආයතනං කාරෙත්‍වා, යථා සො අග‍්ගමාලං අග‍්ගපුප‍්ඵං අග‍්ගභත‍්තඤ‍්ච ලභති, තථා අකාසි. සො ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා යථාකම‍්මං ගතො.

ඉක්බිති, බෝසත්හු ඔහුට මෙසේ කීහ. යහළුව, ඔබ පෙර තමා විසින් කරන ලද පව්කමින් මෙරමා ලේ, මස් බුදින රකුසකු වී ඉපද, දැනුදු පව්කම් ම කරන්නෙහිය. ඔබට මේ පව්කම් නිරය ආදියෙන් මිදෙන්ට නො දෙන්නේය. එම නිසා මෙතැන් පටන් පව්කම් අතහැර පින් කරව. බෝසතුන්ට ඔහු දමනය කරන්න හැකිවිය. බෝසත්හු රාක්‍ෂයා දමනය කොට, ඔහු විසින් යොදන ලද රැකවරණ ඇතිව එහි ම වසමින් දිනක් නැකැත්තරු බලා පියරජු මළ බව දැන, රාක්‍ෂයා ද රැගෙන බරණැසට ගොස් රාජ්‍යය ගෙන චන්ද කුමරුට උපරජ පදවිය ද සූරිය කුමරුට සෙනෙවි පදවිය ද දී රාක්‍ෂයාට සිත්කම් බිම් පෙදෙසක ස්ථානයක් කරවා, උසස් මල් මාලා, මල්, බත් ලැබෙන සේ සැලැස්වූහ. බෝසත්හු දැහැමින් රාජ්‍යය කොට, කම් වූ පරිදි මිය පරලොව ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා දස‍්සෙත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සම‍්මාසම‍්බුද‍්ධොපි ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දකරක‍්ඛසො බහුභණ‍්ඩිකභික‍්ඛු අහොසි, සූරියකුමාරො ආනන්‍දො, චන්‍දකුමාරො සාරිපුත‍්තො, ජෙට‍්ඨකභාතා මහිසාසකුමාරො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරදහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සිව්සස් වදාළහ. දම් දෙසුම කෙළවර ඒ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරදහු ද මේ කථා පුවත් දෙක වදාරා, අනුසන්ධි ගළපා, ජාතක කතාව සමෝධාන කළ සේක. එකල ජල රකුසා නම් මේ බහු භාණ්ඩික භික්‍ෂුවය. සූරිය කුමරා අනඳ තෙරණුවෝය. චන්‍ද කුමරු සැරියුත් තෙරණුවෝය. දෙටු සොහොයුරු මහිංසාස කුමරුවෝ නම් මම ම වූවෙමි.

දෙවධම‍්මජාතකවණ‍්ණනා ඡට‍්ඨා.